Pali BJTඅථ පච්ඡා අම්හාකං ආසනං හොති. යෙ තෙ භන්තෙ, දෙවා භගවති බ්රහ්මචරියං චරිත්වා අධුනූපපන්නා තාවතිංසකායං, තෙ අඤ්ඤෙ දෙවෙ අතිරොචන්ති වණ්ණෙන චෙව යසසා ච. තෙනස්සුදං භන්තෙ, දෙවා තාවතිංසා අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා, “දිබ්බා වත භො කායා පරිපූරන්ති හායන්ති අසුරා කායා”ති. අථ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJTමේ ඔවුන්ගේ අසුන් ගැන්ම වේ. ඉක්බිති අපගේ අසුන් වෙයි. වහන්ස, යම් දෙව් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර හැසිරැ, තව්තිසා දෙව්මුළුවට අළුත පැමිණියාහු වෙත් ද, ඔහු වර්‍ණයෙන් ද යසසින් ද සෙසු දෙවියන් ඉක්මැ බබළත්. වහන්ස, එයින් තව්තිසාවැසි දෙවියෝ, “ප්‍රීතියෙක! දෙව් පිරිස් පිරේ, අසුර පිරිස් පිරිහේ” යැ යි ආරාධිත සිතැත්තෝ සතුටු වූවෝ, උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්. වහන්ස, එ කල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන්ගේ පැහැදීම දැන,
Pali BJTමොදන්ති වත භො දෙවා තාවතිංසා සහින්දකා{1} තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතං.{a}
Sinhala BJT“ප්‍රීතියෙක! භවත්නි, ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද නමදනාහු,
Pali BJTනවෙ දෙවෙ ච පස්සන්තා වණ්ණවන්තෙ යසස්සිනෙ,{2} සුගතස්මිං බ්රහ්මචරියං චරිත්වාන ඉධාගතෙ.
Sinhala BJT‘සුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි පැමිණි, වර්‍ණවත්, යශස් ඇති, අළුත් දෙවියන් දක්නාහු සතුටු වෙත්’ යැ යි ද,
Pali BJTතෙ අඤ්ඤෙ අතිරොචන්ති වණ්ණෙන යසසායුනා සාවකා භූරිපඤ්ඤස්ස විසෙසූපගතා ඉධ.
Sinhala BJT“මහ නුවණැති බුදුරජුන්ගේ සවු වූ, විශේෂාධිගමයට පැමිණි ඔහු මෙහි පැහැයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබළත්” යැ යි ද,
Pali BJTඉදං දිස්වාන නන්දන්ති තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතන්ති.
Sinhala BJT“ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ මෙය දැක, තථාගතයන් වහන්සේ ද, ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද (සංඝයාගේ සුපිළිවෙත ද) නමදනාහු සතුටු වෙති’ යි ද කියා මේ ගාථාවලින් අනුමෝදන් විය (ඔවුන් අනුව සතුටු විය).{*}
Pali BJT11. තෙන සුදං භන්තෙ, දෙවා තාවතිංසා භිය්යොසොමත්තාය අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා ‘දිබ්බා වත භො කායා පරිපූරන්ති හායන්ති අසුරා කායා’ති.
Sinhala BJT11. වහන්ස, ‘ප්‍රීතියෙක! භවත්නි, දෙව්මුළුහු පිරෙත්, අසුරමුළුහු පිරිහෙති’ යි යන එ කරුණින් තව්තිසාවැසි දෙවියෝ බෙහෙවින් ආරාධිත සිතැත්තාහු, සතුටු වූවාහු, උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.
Pali BJTඅථ ඛො භන්තෙ, යෙනත්ථෙන දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා, තං අත්ථං චින්තයිත්වා තං අත්ථං මන්තයිත්වා වුත්තවචනාපි තං{3} චත්තාරො මහාරාජානො තස්මිං අත්ථෙ හොන්ති. පච්චනුසිට්ඨවචනාපි{4} තං චත්තාරො මහාරාජානො තස්මිං අත්ථෙ හොන්ති, සකෙසු සකෙසු ආසනෙසු ඨිතා අවිපක්කන්තා.{5}
Sinhala BJTවහන්ස, ඉක්බිත්තෙන් යම් කරුණෙකින් තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු එක්රැස් වූවාහු වෙත් ද, එ කරුණ සිතා, එ කරුණ සාකච්ඡා කොට, සිවුවරම් මහ රජදරුවෝ සිය සිය අසුන්හි සිටියාහු, එයින් නැඟී නොගියාහු, (තෙතිස් දෙව් පුතුන් විසින්) එ කරුණෙහි කියන ලද වචන ඇත්තාහු ද වෙත්, සිවුවරම් මහ රජ දරුවෝ එ කරුණෙහි යලි යලිත් අනුශාසිත වචන ඇත්තාහු, නැඟී නො ගියාහු සිය සිය අසුන්හි හුන්නාහු වෙත්.
Pali BJT“තෙ වුත්තවාක්යා රාජානො, පටිග්ගය්හානුසාසනිං විප්පසන්නමනා සන්තා අට්ඨංසු සම්හි ආසනෙ”ති.
Sinhala BJT“තෙතිස් දෙව් පුතුන් විසින් කියන ලද වචන ඇති ඒ සිවු වරම් රජුහු ඔවුන්ගේ අනුශාසනිය පිළිගෙන වෙසෙසින් පහන් වූ සිතැත්තෝ ම සිය අසුන්හි රැඳුණහ.”
Pali BJT13. අථ ඛො භන්තෙ, උත්තරාය දිසාය උළාරො ආලොකො සඤ්ජායි, ඔභාසො පාතුරහොසි, අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අථ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි. යථා ඛො මාරිසා නිමිත්තානි දිස්සන්ති උළාරො ආලොකො සඤ්ජායති. ඔභාසො පාතුභවති, බ්රහ්මා පාතුභවිස්සති, බ්රහ්මුනො හෙතං පුබ්බනිමිත්තං පාතුභාවාය යදිදං ආලොකො සඤ්ජායති ඔභාසො පාතුභවතී ති.
Sinhala BJT13. වහන්ස, ඉක්බිත්තෙන් දෙවියන්ගේ දේවානුභාවය ද මැඩ ගෙන උතුරු දිග්හි මහත් එළියෙක් උපන, මහත් දීප්තියෙක් පහළ විය. වහන්ස, එ කල්හි සක්දෙවිඳු තව්තිසාවැසි දෙවියන් බණවා, “නිදුක්වරිනි, යම් හෙයකින් පෙර නිමිති දක්නා ලැබේ ද, එළියෙක් හටගනී ද, දීප්තියෙක් පහළ වෙයි ද, එ හෙයින් බ්‍රහ්ම තෙමේ පහළ වන්නේ ය. ‘මේ එළියෙක් හට ගනි, දීප්තියෙක් පහළ වෙයි’ යන යමෙක් ඇද්ද, මෙය බඹහුගේ පහළ වීමට පෙර නිමිත්ත යැ” යි කී ය.
Pali BJT“යථා නිමිත්තා දිස්සන්ති බ්රහ්මා පාතුභවිස්සති, බ්රහ්මුනො හෙතං නිමිත්තං ඔභාසො විපුලො මහාති.”
Sinhala BJT‘යම් සේ පෙරනිමිතිහු දක්නා ලැබෙත් ද එසේ එයට අනතුරු වැ බ්‍රහ්මයා පහළ වන්නේ ය. විපුල වූ මහත් වූ එළිය යන මෙය බඹහුගේ පහළ වීමට පෙරනිමිත්ත ය.”
Pali BJTසනඞ්කුමාරකථා
Sinhala BJTසනත්කුමාර කථාව
Pali BJT14. අථ ඛො භන්තෙ, දෙවා තාවතිංසා යථාසකෙසු ආසනෙසු නිසීදිංසු ‘ඔභාසමෙතං ඤස්සාම යංවිපාකො භවිස්සති සච්ඡිකත්වා’ව නං ගමිස්සාමා ති. චත්තාරො පි මහාරාජානො යථාසකෙසු ආසනෙසු නිසීදිංසු “ඔභාසමෙතං ඤස්සාම යංවිපාකො භවිස්සති, සච්ඡිකත්වා’ව නං ගමිස්සාමා’ති. ඉදං සුත්වා දෙවා තාවතිංසා එකග්ගා සමාපජ්ජිංසු “ඔභාසමෙතං ඤස්සාම, යංවිපාකො භවිස්සති, සච්ඡිකත්වා’ව නං ගමිස්සාමා”ති.
Sinhala BJT14. වහන්ස, ඉක්බිති තව්තිසාවැසි දෙවියෝ ‘මේ එළිය කිමෙක් දැයි දනගන්නමු, මෙහි යම් ඵලයෙක් වන්නේ නම් එය පසක් කොට ම යන්නමු’ යි කියා තම තමන්ගේ අසුන්හි හුන්හ. සිවුවරම් මහරජුහු ද ‘මේ එළිය කිමෙක් දැ යි දැනගන්නමු. මෙහි යම් ඵලයෙක් වන්නේ නම් එය සියැසින් දැක ම යන්නමු’ යි කියා තම තමන්ගේ අසුන්හි හුන්හ. මෙය අසා තව්තිසා වැසි දෙවියෝ ‘මේ එළිය දැනගන්නමු, මෙහි යම් විපාකයෙක් වන්නේ නම් එය පසක් කොට ම යන්නමු’ යි එකඟ සිතැති වූහ.
Pali BJTයදා භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති ඔළාරිකං අත්තභාවං අභිනිම්මිනිත්වා පාතුභවති. යො ඛො පන භන්තෙ, බ්රහ්මුනො පකතිවණ්ණො, අනභිසම්භවනීයො සො දෙවානං තාවතිංසානං චක්ඛුපථස්මිං. යදා භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. සෙය්යථාපි භන්තෙ, සොවණ්ණො විග්ගහො මානුසං විග්ගහං අතිරොචති, එවමෙව ඛො භන්තෙ යදා බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති, සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. යදා භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති, න තස්සං පරිසායං කොචි දෙවො අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. සබ්බෙව තුණ්හීභූතා පඤ්ජලිකා පල්ලඞ්කෙන නිසීදන්ති ‘යස්සදා’නි දෙවස්ස ඉච්ඡිස්සති බ්රහ්මා සනංකුමාරො තස්ස දෙවස්ස පල්ලඞ්කෙ නිසීදිස්සතී’ති. යස්ස ඛො පන භන්තෙ, දෙවස්ස බ්රහ්මා සනංකුමාරො පල්ලඞ්කෙ නිසීදති, උළාරං සො ලභති දෙවො වෙදපටිලාභං උළාරං සො ලභති දෙවො සොමනස්සපටිලාභං. සෙය්යථාපි භන්තෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො අධුනාභිසිත්තො රජ්ජෙන, උළාරං සො ලභති වෙදපටිලාභං, උළාරං සො ලභති සොමනස්සපටිලාභං, එවමෙව ඛො භන්තෙ, යස්ස දෙවස්ස බ්රහ්මා සනංකුමාරො පල්ලඞ්කෙ නිසීදති උළාරං සො ලභති දෙවො වෙදපටිලාභං. උළාරං සො ලභති දෙවො සොමනස්සපටිලාභං.
Sinhala BJTවහන්ස, යම් කලෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් ඉදිරියෙහි පහළ වන්නේ ද, එ කලැ හේ දළ අත්බවක් මවා ගෙන පහළ වෙයි. වහන්ස, බඹහුගේ යම් පියෙවි පැහැ සටහනෙක් ඇද්ද, එය තව්තිසා වැසි දෙවියන්ගේ චක්‍ෂුස්පථයෙහි නො පැමිණියැ හැකි වෙයි. (ඇසින් දැක්ක නො හෙයි). වහන්ස, යම් කලෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් ඉදිරියේ පහළ වන්නේ ද, එ කලැ හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම්සේ රන්රුවෙක් මිනිස්රුව ඉක්මැ බබළන්නේ ද, වහන්ස, එසේ ම යම් කලෙක සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් හමුයෙහි පහළ වන්නේ ද, එ කල්හි හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් හමුයෙහි පහළ වන්නේ ද, එ කල්හි එ පිරිසෙහි කිසිදු දෙවියෙක් ඔහු නමදනේ හෝ දැක හුනස්නෙන් නැඟී සිටුනේ හෝ අස්නෙන් නිමතන්නේ නො වෙයි. සියල්ලෝ ම ‘දැන් සනත්කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියකුගේ පළඟෙක ඉඳ ගනු කැමැති වන්නේ ද, එහි ඉඳගන්නේ යැ’ යි සිතා නිහඩවැ දොහොත් නමා පළඟින් හිඳිත්. වහන්ස, යම් දෙවියකුගේ පළඟෙහි (පුටුවෙහි) සනත්කුමාර බ්‍රහ්මයා ඉඳගන්නේ ද, ඒ දෙවි තෙම මහත් සතුට විඳියි, මහත් සොම්නස විඳියි. වහන්ස, රාජ්‍යයෙන් අළුත අභිෂේක ලැබූ, මූර්‍ධාවසික්ත වූ කැත් රජෙක් යම්සේ මහත් ප්‍රීතියක් විඳි ද, මහත් සොම්නසක් ලබා ද, වහන්ස, එසේ ම යම් දෙවියකුගේ පළඟෙහි සනත්කුමාර බ්‍රහ්ම තෙම ඉඳගන්නේ ද, හේ දෙවි මහත් ප්‍රීතියක් ලබයි, මහත් සොම්නසක් ලබයි.
Pali BJT15. අථ භන්තෙ, බ්රහ්මා සනංකුමාරො ඔළාරිකං අත්තභාවං අභිනිම්මිනිත්වා කුමාරවණ්ණී හුත්වා පඤ්චසිඛො දෙවානං තාවතිංසානං පාතුරහොසි. සො වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදි. සෙය්යථාපි භන්තෙ, බලවා පුරිසො සුපච්චත්ථතෙ වා පල්ලඞ්කෙ සමෙ වා භූමිභාගෙ පල්ලඞ්කෙන නිසීදෙය්ය, එවමෙව ඛො භන්තෙ, බ්රහ්මා සනංකුමාරො වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා දෙවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT15. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම දළ අත්බවක් මවා ගෙන සීබා පසක් කොට බැඳි හිසකෙහෙ ඇත්තේ පන්සිළු ගඳෙවු පුතු සෙයින් කුමරවෙස් ඇත්තේ තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ විය. හේ අහස් නැඟ ඈත අහසෙහි පළක් බැඳ හුන්නේ ය. වහන්ස, ශක්තිමත් පුරුෂයෙක් මොනොවට පසතුරුණෙන් වසන ලද පළඟෙක හෝ සම වූ බිම් පෙදෙසෙක හෝ යම්සේ පළක් බැඳ හිඳ ගන්නේ ද, වහන්ස, එසේ ම සනත්කුමාර බ්‍රහ්ම තෙම අහස් නැඟ ඈත අහසැ පළඟින් හිඳ තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, මේ ගාථාවලින් අනුමෝදනා කෙළේ ය: “මෝදන්තිවත –පෙ– සුධම්මතන්ති” ගාථාවල අදහස:
Pali BJT“මොදන්ති වත භො දෙවා තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතං.
Sinhala BJT“භවත්නි ප්‍රීතියෙකි! ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, ධර්‍මයාගේ සුධර්‍මත්‍වයට ද නමස්කාර කරමින්,
Pali BJTනවෙ දෙවෙ ච පස්සන්තා වණ්ණවන්තෙ යසස්සිනෙ, සුගතස්මිං බ්රහ්මචරියං චරිත්වාන ඉධාගතෙ.
Sinhala BJTසුගතයන් වහන්සේ වෙත බඹසර හැසිරැ මෙහි ආ වර්‍ණවත් වූ යශස් ඇති අළුත් දෙවියන් ද දකිමින් ප්‍රමුදිත වෙත්.
Pali BJTතෙ අඤ්ඤෙ අතිරොචන්ති වණ්ණෙන යසසායුනා, සාවකා භූරිපඤ්ඤස්ස විසෙසූපගතා ඉධ.
Sinhala BJTමහත් නුවණ ඇති බුදුරජුන්ගේ ශ්‍රාවක වූ විශේෂාධිගමයට පැමිණි ඒ දෙවියෝ වර්‍ණයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මැ බබළත්.
Pali BJTඉදං දිස්වාන නන්දන්ති තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතන්ති.”
Sinhala BJTමෙය දැක, ඉන්‍ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්‍ම සුධර්‍මත්‍වය ද නමඳනාහු සතුටු වෙත්.”
Pali BJT16. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්ථ. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මුනො සනංකුමාරස්ස භාසතො අට්ඨඞ්ගසමන්නාගතො සරො හොති: විස්සට්ඨො ච විඤ්ඤෙය්යො ච මඤ්ජු ච සවනීයො ච බින්දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච. යථාපරිසං ඛො පන භන්තෙ, බ්රහ්මා සනංකුමාරො සරෙන විඤ්ඤාපෙති. න චස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. යස්ස ඛො පන භන්තෙ, එවං අට්ඨඞ්ගසමන්නාගතො සරො හොති, සො වුච්චති ‘බ්රහ්මස්සරො’ති. අථ ඛො භන්තෙ, බ්රහ්මා සනංකුමාරො තෙත්තිංස අත්තභාවෙ අභිනිම්මිනිත්වා දෙවානං තාවතිංසානං පච්චෙකපල්ලඞ්කෙසු පච්චෙකපල්ලඞ්කෙන නිසීදිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි: “තං කිම්මඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා. යාවඤ්ච සො භගවා බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. යෙ හි කෙචි භො බුද්ධං සරණං ගතා ධම්මං සරණං ගතා සඞ්ඝං සරණං ගතා සීලෙසු පරිපූරකාරිනො, තෙ කායස්ස භෙදා පරම්මරණා අප්පෙකච්චෙ පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්යතං උපපජ්ජන්ති අප්පෙකච්චෙ නිම්මානරතීනං දෙවානං සහබ්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ තුසිතානං දෙවානං සහබ්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ යාමානං දෙවානං සහබ්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ තාවතිංසානං දෙවානං සහබ්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ චාතුම්මහාරාජිකානං දෙවානං සහබ්යතං උපපජ්ජන්ති, යෙ සබ්බනිහීනං කායං පරිපූරෙන්ති, තෙ ගන්ධබ්බකායං පරිපූරෙන්තී ති.
Sinhala BJT16. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මේ කාරණය කී ය. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ, සුවසේ නික්මෙන්නාවූ ද අරුත් වහා ම හෙළි කරන්නාවූ ද මිහිරි වූ ද කනට සුව එළවන්නාවූ ද එකට කැටි වූ ද නොවිසිරැ පවත්නා වූ ද ගැඹුරු වූ ද රැව් දෙන්නා වූ දැ යි මෙ කී අංග අටින් සමන්‍විත හඬෙක් වෙයි. වහන්ස, පිරිසේ පමණට ම සනත්කුමාර බ්‍රහ්ම තෙම හඬින් දන්වයි. ඔහුගේ හඬ පිරිසෙන් පිටතට නොද නික්මෙයි. වහන්ස, යමකුට මෙසේ වූ අංග අටින් යුත් හඬෙක් වේද හේ බ්‍රහ්මස්වරය ඇත්තේ යැයි කියනු ලැබේ. වහන්ස, ඉක්බිති සනත්කුමාර බ්‍රහ්ම තෙම අත්බව් තෙතිසක් මවා ගෙන තව්තිසා වැසි දෙවියන්ගේ එකි එකී පළඟෙක වෙන වෙන ම පළක් බැඳ හිඳ, ඒ දෙවියන් බණවා මෙසේ කීය: “පින්වත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන් සේක් ද! භවත්නි, යම් කිසි කෙනෙක් බුදුරජුන් සරණ ගියෝ ද දහම් සරණ ගියෝ ද සඟ සරණ ගියෝ ද, සිල් පිරිපුන් කරන සුල්ලෝ ද, ඔහු ඇතැම් කෙනෙක් කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් නිර්‍මාණරතී දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් තුෂිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් යාම දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් ත්‍රායස්ත්‍රිංශත් දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්, ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. යම් කෙනෙක් හැමට ම පහත් දෙව්මුළුවක් සපුරන්නාහු නම් (දෙව් පිරිසෙක උපදින්නාහු නම්) ඔහු ගඳෙවු මුළුව පිරිපුන් කෙරෙත් (ගන්‍ධර්‍ව නිකායයෙහි උපදිත්) යැ” යි (කී ය.)
Pali BJTඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්ථ. ඉදමත්ථං භන්තෙ බ්රහ්මුනො සනංකුමාරස්ස භාසතො ඝොසො යෙව. දෙවා මඤ්ඤන්ති ය්වායං මම පල්ලඞ්කෙ, ස්වායං එකො’ව භාසතී’ති.
Sinhala BJTවහන්ස, මෙ කරුණ සනත්කුමාර බ්‍රහ්ම තෙමේ පැවැසී ය. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ ඝෝෂය පමණෙකි. යමෙක් මගේ පළඟෙහි වේ ද හේ එකලා ව ම කථා කෙරේ යැ යි දෙවියෝ හඟිත්.
Pali BJT“එකස්මිං භාසමානස්මිං සබ්බෙ භාසන්ති නිම්මිතා,{a} එකස්මිං තුණ්හිමාසීනෙ සබ්බෙ තුණ්හීභවන්ති තෙ.
Sinhala BJT“එකක්හු කථා කරන කල්හි නිර්මිත වූ සියල්ලෝ කථා කෙරෙත්. එකක්හු නිහඬ වැ හුන් කල්හි එ සියල්ලෝ නිහඬ වෙත්.
Pali BJTතදා සු දෙවා මඤ්ඤන්ති තාවතිංසා සහින්දකා, ය්වායං මම පල්ලඞ්කස්මිං ස්වායං එකො’ව භාසතී ති.”
Sinhala BJTඑ දා ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ ‘යමෙක් මගේ පළඟෙහි වේ ද හේ ම හුදෙකලා වැ කථා කෙරේ යැ’ යි සිතත්.”
Pali BJT17. අථ ඛො භන්තෙ, බ්රහ්මා සනංකුමාරො එකත්තෙන අත්තානං උපසංහාසි. එකත්තෙන අත්තානං උපසංහරිත්වා සක්කස්ස දෙවානමින්දස්ස පල්ලඞ්කෙ පල්ලඞ්කෙන නිසීදිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි:
Sinhala BJT17. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම තමා ඒකත්‍වයෙන් එළැවී ය (බොහෝ බව හැර එක් සිරුරෙකින් පෙනී සිටියේ ය). තමා ඒකත්‍වයෙන් එළවා (එකෙක් ව ම පෙනී) සක්දෙවිඳුගේ පළඟෙහි පළක් බැඳ හිඳ තව්තිසාවැසි දෙවියන් අමතා මෙය කී ය:
Pali BJTඉද්ධිපාද භාවනා
Sinhala BJTඍද්ධිපාද භාවනා
Pali BJT18. තං කිම්මඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා යාවසුපඤ්ඤත්තා චිමෙ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ඉද්ධිපාදා පඤ්ඤත්තා ඉද්ධිපහුතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවිකුබ්බනතාය. කතමෙ චත්තාරො? ඉධ භො භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ඉද්ධිපාදා පඤ්ඤත්තා ඉද්ධිපහුතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවිකුබ්බනතාය. යෙ හි කෙචි භො අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසුං, සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ පි හි කෙචි භො අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොස්සන්ති, සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙපි හි කෙචි භො එතරහි සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා.
Sinhala BJT18. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා වූ දක්නා වූ ඒ රහත් සම්මාසම්බුදු රජුන් විසින් ඍද්ධිප්‍රභූතාව පිණිස (ඍද්ධි ඉපැදැවීමෙහි සමත් බව පිණිස), ඍද්ධියෙහි පුහුණු වූ වශීභාවය පිණිස, ඍද්ධිවිකුර්‍වණතාව පිණිස (ඍද්ධියෙන් විවිධ රූප මවනු පිණිස) මේ සතර ඍද්ධිපාදයෝ ඉතා මනා කොට පණවන ලද්දාහු ය. ඒ කවර සතර ඍද්ධිපාදයෝ ද? යත්: භවත්නි, මෙහි මහණ තෙම කර්තුකාමතා ඡන්‍දය අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ලැබූ සමාධියෙන් ද ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. විමංසාව අධිපති කොට ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. භවත්නි, මොහු වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් ඍද්ධිප්‍රභූතාව පිණිස ඍද්ධියෙහි ප්‍රගුණ වශීභාවය පිණිස, ඍද්ධිවිකුර්‍වණතාව පිණිස, පණවන ලද සතර ඍද්ධිපාදයෝ ය. භවත්නි, අතීත කාලයෙහි යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් නොඑක්වැදෑරුම් ඍද්ධිවිධ ලැබූහු ද, ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් ම වැඩූ බැවින් බහුලී කෘත බැවින්, එය ලැබූහ. අනාගත කාලයෙහිත් යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ ලබන්නාහු ද, ඒ සියල්ලෝ ම මේ සතර ඍද්ධිපාදයන් ම වැඩූ බැවින්, බහුලවශයෙන් කළ බැවින් එය ලබන්නාහ. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දැන් නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ ලබත් ද, ඒ සියල්ලෝ ම මේ සතර ඍද්ධිපාද වැඩූ බැවින් බහුල වශයෙන් කළ බැවින් එය ලබත්.
Pali BJTපස්සන්ති නො භොන්තො දෙවා තාවතිංසා මම පි මං එවරූපං ඉද්ධානුභාවන්ති?
Sinhala BJT“භවත් තව්තිසාවැසි දෙවියෝ මගේ ද එ බඳු වූ මේ ඍද්ධ්‍යනුභාවය දකිත් ද?” යි (සනත් කුමාර ඇසී ය.)
Pali BJT‘එවං මහාබ්රහ්මෙ’ති.
Sinhala BJT“එසේ ය, මහාබ්‍රහ්මයෙනි” යි දෙව්හු කීහ.
Pali BJT‘අහම්පි ඛො භො, ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා එවං මහිද්ධිකො එවංමහානුභාවො’ති.
Sinhala BJT“භවත්නි, මම් ද මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින්, බහුල වශයෙන් කළ බැවින් මෙසේ මහර්ද්ධි ඇති යෙම්, මෙසේ මහානුභාව ඇතියෙම් වෙමි” යි (සනත්කුමාර කී ය).
Pali BJTඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්ථ. ඉදමත්ථං භන්තෙ බ්රහ්මා සනංකුමාරො භාසිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි.
Sinhala BJTවහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ කී ය. වහන්ස, සනත්කුමාර බඹ තෙම මෙ කරුණ කියා තව්තිසාවැසි දෙවියන් අමතා මෙය පැවැසී ය:
Pali BJTඔකාසාධිගමා
Sinhala BJTඅවකාශාධිගමයෝ
Pali BJT19. තං කිම්මඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තයො ඔකාසාධිගමා අනුබුද්ධා සුඛස්ස අධිගමාය. කතමෙ තයො? ඉධ භො එකච්චො සංසට්ඨො විහරති කාමෙහි, සංසට්ඨො අකුසලෙහි ධම්මෙහි. සො අපරෙන සමයෙන අරියධම්මං සුණාති, යොනිසො මනසි කරොති, ධම්මානුධම්මං පටිපජ්ජති. සො අරියධම්මසවනං ආගම්ම යොනිසොමනසිකාරං ධම්මානුධම්මපටිපත්තිං අසංසට්ඨො විහරති කාමෙහි, අසංසට්ඨො අකුසලෙහි ධම්මෙහි. තස්ස අසංසට්ඨස්ස කාමෙහි අසංසට්ඨස්ස අකුසලෙහි ධම්මෙහි උප්පජ්ජති සුඛං. සුඛා භිය්යො සොමනස්සං. සෙය්යථාපි භො මුදා පාමොජ්ජං ජායෙථ, එවමෙව ඛො භො අසංසට්ඨස්ස කාමෙහි අසංසට්ඨස්ස අකුසලෙහි ධම්මෙහි උප්පජ්ජති සුඛං. සුඛා භිය්යො සොමනස්සං. අයං ඛො භො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො ඔකාසාධිගමො අනුබුද්ධො සුඛස්ස අධිගමාය.
Sinhala BJT19. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමෙකැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස මේ අවකාශාධිගම (ඉඩ ලැබෙන මාර්‍ග) තුනෙක් ම දැන වදාරන ලදි. කවර තුනෙක් ද? යත්: භවත්නි, මෙහි එක්තරා පුරුෂයෙක් කාමයන් හා යෙදුණු සිතැත්තේ අකුසල් දහමුන් හා යෙදුණු සිතැත්තේ වෙසෙයි. හේ පසු කලෙක ආර්‍ය ධර්‍මය (බුදුරජුන් වදාළ බණ) අසයි, එය (ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියට) උපාය (මාර්‍ගය) වශයෙන් මෙනෙහි කෙරෙයි, නවලොවුතුරා දහමට අනුලොම් දහම් වූ පූර්‍වභාග ප්‍රතිපත්තිය පිළිපදී. හේ ආර්‍ය්‍ය ධර්‍මය ඇසීම ද යෝනිසෝමනස්කාරය ද ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ද නිසා කාමයන් හා නොයෙදුණු සිතැති ව අකුශලධර්‍මයන් හා නොයෙදුණු සිතැති වැ වෙසෙයි. කාමයන් හා නොයෙදුණු සිතැති, අකුශල ධර්‍මයන් හා නො යෙදුණු සිතැති ඔහුට පළමු දහන් සුව පහළ වෙයි. පළමු දහන්සුව හේතුයෙන් (දහන් සමවත්හි යෙදී ඉඳීමෙන්) වඩාත් සොම්නස උපදී. භවත්නි, යම් සේ සතුටින් බලවත් සොම්නස උපදනේ ද, එසේ ම කාමයන් හා නොයෙදුණු, අකුසල් දහමුන් හා නොයෙදුණු තැනැත්ත හු ට සුවයෙක් උපදී, සුවයෙන් වඩාත් සොම්නස උපදී. භවත්නි, දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස මේ පළමු වන අවකාශාධිගමය දැන වදාරන ලද්දේය.
Pali BJTපුන චපරං භො, ඉධෙකච්චස්ස ඔළාරිකා කායසඞ්ඛාරා අප්පටිප්පස්සද්ධා හොන්ති, ඔළාරිකා වචීසඞ්ඛාරා අප්පටිප්පස්සද්ධා හොන්ති, ඔළාරිකා චිත්තසඞ්ඛාරා අප්පටිප්පස්සද්ධා හොන්ති, සො අපරෙන සමයෙන අරියධම්මං සුණාති යොනිසො මනසි කරොති ධම්මානුධම්මං පටිපජ්ජති. තස්ස අරියධම්මසවනං ආගම්ම යොනිසො මනසිකාරං ධම්මානුධම්මප්පටිපත්තිං ඔළාරිකා කායසඞ්ඛාරා පටිප්පස්සම්භන්ති, ඔළාරිකා වචීසඞ්ඛාරා පටිප්පස්සම්භන්ති, ඔළාරිකා චිත්තසඞ්ඛාරා පටිප්පස්සම්භන්ති. තස්ස ඔළාරිකානං කායසඞ්ඛාරානං පටිප්පස්සද්ධියා ඔළාරිකානං වචීසඞ්ඛාරානං පටිප්පස්සද්ධියා ඔළාරිකානං චිත්තසඞ්ඛාරානං පටිප්පස්සද්ධියා උප්පජ්ජති සුඛං. සුඛා භිය්යො සොමනස්සං. සෙය්යථාපි භො, මුදා පාමොජ්ජං ජායෙථ. එවමෙව ඛො භො ඔළාරිකානං කායසඞ්ඛාරානං පටිප්පස්සද්ධියා ඔළාරිකානං වචීසඞ්ඛාරානං පටිප්පස්සද්ධියා ඔළාරිකානං චිත්තසඞ්ඛාරානං පටිප්පස්සද්ධියා උප්පජ්ජති සුඛං. සුඛා භිය්යො සොමනස්සං. අයං ඛො භො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො ඔකාසාධිගමො අනුබුද්ධො සුඛස්ස අධිගමාය.
Sinhala BJTභවත්නි, තව ද මෙහි එක්තරා කෙනකුගේ ඖදාරික වූ කායසංස්කාරයෝ නොසංසිඳුණාහු වෙත් ද, ඖදාරික වූ වාක්සංස්කාරයෝ නොසංසිඳුණාහු වෙත් ද, ඖදාරික චිත්ත සංස්කාරයෝ නො සංසිඳුණාහු වෙත් ද හේ පසු කාලයෙහි ආර්‍ය්‍යධර්‍මය අසයි, එය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියට උපාය වශයෙන් මෙනෙහි කරයි. ධර්‍මානුධර්‍මය (නව ලොවුතුරා දහමට අනුලොම් දහම්වූ පූර්‍වභාගප්‍රතිපත්තිය) පිළිපදී. ආර්‍ය්‍යධර්‍මශ්‍රවණයද යෝනිසෝමනස්කාරය ද ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ද නිසා ඔහුගේ ඖදාරික වූ කායසංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික වූ වාක්සංස්කාරයෝ සංසිඳෙත්, ඖදාරික වූ චිත්තසංස්කාරයෝ සංසිඳෙත්. ඖදාරික කායසංස්කාරයන් සංසිඳීමෙන් ඖදාරික වාක්සංස්කාරයන් සංසිඳීමෙන්, ඖදාරික චිත්තසංස්කාරයන් සංසිඳීමෙන් (නිරෝධ සමාපත්තියෙන් නැඟීසිටුනා) ඔහුට (චතුර්‍ත්‍ථධ්‍යානික ඵලසමාපත්ති) සැපය උපදී. (එයින් නැඟී සිටි ඔහුට) මතු මත්තෙහි, සොම්නස උපදී. භවත්නි, දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද මේ දෙවෙනි අවකාශාධිගමය යි.
Pali BJTපුන චපරං භො, ඉධෙකච්චො ඉදං කුසලන්ති යථාභූතං නප්පජානාති. ඉදං අකුසලන්ති යථාභූතං නප්පජානාති. ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං සෙවිතබ්බං ඉදං න සෙවිතබ්බං ඉදං හීනං ඉදං පණීතං ඉදං කණ්හසුක්කසප්පටිභාගන්ති යථාභූතං නප්පජානාති. සො අපරෙන සමයෙන අරියධම්මං සුණාති යොනිසො මනසි කරොති ධම්මානුධම්මං පටිපජ්ජති. සො අරියධම්මසවනං ආගම්ම යොනිසොමනසිකාරං ධම්මානුධම්මප්පටිපත්තිං ඉදං කුසලන්ති යථාභූතං පජානාති, ඉදං අකුසලන්ති යථාභූතං පජානාති, ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං සෙවිතබ්බං ඉදං න සෙවිතබ්බං ඉදං හීනං ඉදං පණීතං ඉදං කණ්හසුක්කසප්පටිභාගන්ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. තස්ස අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා උප්පජ්ජති සුඛං, සුඛා භිය්යො සොමනස්සං. සෙය්යථාපි භො, මුදා පාමොජ්ජං{1} ජායෙථ, එවමෙව ඛො භො, අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා උප්පජ්ජති සුඛං සුඛා භිය්යො සොමනස්සං. අයං ඛො භො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියො ඔකාසාධිගමො අනුබුද්ධො සුඛස්ස අධිගමාය.
Sinhala BJTභවත්නි, තව ද මෙහි එක්තරා පුඟුලෙක් ‘මේ කුසල යැ’ යි තත් වූ පරිදි නො දනී. ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි නොදනී. මේ නිවැරදිය, මේ වැරැදි ය, මේ සෙවියැ යුතු ය, මේ නොසෙවිය යුතු ය, මේ පහත් ය, මේ උතුම් ය, මේ කුශලාකුශල සප්‍රතිභාගධර්‍ම යැ යි තත්ත්‍වාකාරයෙන් නො දනී. හේ පසුකාලයෙහි ආර්‍ය්‍යධර්‍මය අසයි, එය ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියට උපාය වශයෙන් මෙනෙහි කරයි. නවලොවුතුරා ද මට අනුලොම් වූ ධර්‍මය පිළිපදී. හෙ තෙම ආර්‍ය්‍ය ධර්‍මය ඇසීම ද, යෝනිසෝමනස්කාරය ද, ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ද නිසා ‘මේ කුසලැ’යි තත් වූ පරිදි දැන ගනී. ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි දැනගනී. ‘මේ වරද සහිත යැ’ යි ‘මේ වරද රහිත යැ’ යි ‘මේ සෙවිය යුතු යැ’ යි ... ‘මේ නො සෙවිය යුතු යැ’ යි ... ‘මේ හීන යැ’ යි ... ‘මේ ප්‍රණීත යැ’ යි ‘මේ කුශලාකුශල සප්‍රතිභාග ධර්‍ම යැ’ යි තත් වූ පරිදි දැන ගනී. මෙසේ දන්නා, මෙසේ දක්නා ඔහුගේ අවිද්‍යාව ප්‍රහීණ වේ, විද්‍යාව උපදී. අවිද්‍යාව පහ වීමෙන් විද්‍යාව ඉපැදීමෙන් සුවය පහළ වේ. සුවය පහළ වීමෙන් වඩාත් (මතු මත්තෙහි) සොම්නස උපදී. භවත්නි, යම් සේ සතුටින් බලවත් සොම්නස උපදී ද, එසේ ම අවිද්‍යාව පහ වීමෙන් විද්‍යාව (රහත්මඟනුවණ පහළ වීමෙන් රහත්මඟ පල සුව) පහළ වේ. ඒ සුවය පහළ වීමෙන් (සමවතින් නැඟී සිටියාහට) මතු මත්තෙහි සොම්නස උපදී. භවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද තෙවෙනි අවකාශාධිගමය යි.
Pali BJTඉමෙ ඛො භො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තයො ඔකාසාධිගමා අනුබුද්ධා සුඛස්ස අධිගමායාති. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්ථ. ඉදමත්ථං භන්තෙ බ්රහ්මා සනංකුමාරො භාසිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි:
Sinhala BJTභවත්නි, මේ වනාහි දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සුව ලබනු පිණිස දැන වදාරන ලද අවකාශාධිගම තුන යැ. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ පැවැසී ය. හේ මෙ කරුණ පවසා, තව්තිසා වැසි දෙවියන් බණවා මෙසේ කී ය:
Pali BJTසතිපට්ඨානා
Sinhala BJTසිහිවටන්
Pali BJT20. තං කිම්මඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා යාව සුපඤ්ඤත්තාචිමෙ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන, චත්තාරො සතිපට්ඨානා කුසලස්සාධිගමාය. කතමෙ චත්තාරො? ඉධ භො, භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරන්තො තත්ථ සම්මා සමාධියති සම්මා විප්පසීදති. සො තත්ථ සම්මාසමාහිතො සම්මාවිප්පසන්නො බහිද්ධා පරකායෙ ඤාණදස්සනං අභිනිබ්බත්තෙති.
Sinhala BJT20. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (මාර්‍ගඵල) කුශල ප්‍රතිලාභය පිණිස මේ සතර සීවටන්හු කොතරම් මැනැවින් පණවා වදාරන ලදහු ද! ඒ කවර සතර දෙනෙක් ද? යත්: භවත්නි, මෙහි මහණ තෙම තමාගේ කයෙහි කායානුපස්සනාව කරන සුලු වූයේ කෙලෙස් තවන වැර ඇතියේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ, (කාය සංඛ්‍යාත) ලෝකය කෙරෙහි අභිධ්‍යාව ද දොම්නස ද මැඩ වෙසෙයි. ආධ්‍යාත්මික කයෙහි කායානුපස්සී ව වසනුයේ එහි මොනොවට සිත පිහිටුවයි (සිත එකඟ කෙරෙයි). (එසේ වූ ඔහු) සිත මොනොවට පහදී. හේ එහි මොනොවට සමාධිගත වූයේ මොනොවට පහන් වූයේ බැහැරැ අනුන්ගේ කයෙහි (අනුන්ගේ කය අරමුණු කොට) දර්‍ශනඥානය උපදවයි.
Pali BJTඅජ්ඣත්තං වෙදනාසු වෙදනානුපස්සී විහරති, -පෙ- බහිද්ධා පරවෙදනාසු ඤාණදස්සනං අභිනිබ්බත්තෙති.
Sinhala BJTතමා කෙරෙහි වූ වේදනාවන්හි වේදනානුපස්සී ව ... වෙසෙයි පිටත්හි අනුන්ගේ වේදනාවන්හි දර්‍ශනඥානය උපදවයි.
Pali BJTඅජ්ඣත්තං චිත්තෙ චිත්තානුපස්සී විහරති -පෙ- බහිද්ධා පරචිත්තෙ ඤාණදස්සනං අභිනිබ්බත්තෙති.
Sinhala BJTතමාගේ සිතෙහි චිත්තානුපස්සී වැ වෙසෙයි. පිටත්හි අනුන්ගේ සිත්හි දර්‍ශනඥානය උපදවයි.
Pali BJTඅජ්ඣත්තං ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, අජ්ඣත්තං ධම්මෙසු ධම්මානුපස්සී විහරන්තො තත්ථ සම්මා සමාධියති සම්මා විප්පසීදති. සො තත්ථ සම්මා සමාහිතො සම්මා විප්පසන්නො බහිද්ධා පරධම්මෙසු ඤාණදස්සනං අභිනිබ්බත්තෙති. ඉමෙ ඛො භො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො සතිපට්ඨානා පඤ්ඤත්තා කුසලස්ස අධිගමායාති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි (නාමසන්තානගත) ධර්‍මයන්හි ධර්‍මානුපස්සී ව කෙලෙස් තවන වැර ඇත්තේ සම්‍යක්ප්‍රඥායෙන් දන්නේ, සිහි ඇත්තේ, ධර්‍ම සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා ද දොම්නස් ද බැහැර කොට වෙසෙයි. අධ්‍යාත්මයෙහි ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නේ එහි මොනොවට සිත පිහිටුවයි. (එයින්) එහි මොනොවට සිත පහදී. හේ එහි මොනොවට සමාහිත (එකඟ සිතැති) වූයේ මොනොවට පහන් වූයේ පිටත් හි අනුන්ගේ (නාමසන්තානගත) ධර්‍මයන් කෙරෙහි දර්‍ශනඥානය උපදවයි. භවත්නි, මොහු වනාහි දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කුසල් දහම් පිළිලබනු පිණිස පණවන ලද සතර සීවටන්හු ය.
Pali BJTඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්ථ. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි.
Sinhala BJTවහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම මෙ කරුණ සැළ කෙළේ ය. වහන්ස, සනත් කුමාර බ්‍රහ්ම මෙ කරුණ සැළ කොට, තව්තිසාවැසි දෙවියන් බණවා මෙය කී ය.
Pali BJTසමාධිපරික්ඛාරා
Sinhala BJTසමාධිපරිෂ්කාරධර්‍ම
Pali BJT21. තං කිම්මඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා යාවසුපඤ්ඤත්තාචිමෙ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්ත සම්මාසමාධිපරික්ඛාරා සම්මාසමාධිස්ස භාවනාය සම්මාසමාධිස්ස පාරිපූරියා. කතමෙ සත්ත? සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති.
Sinhala BJT21. භවත් තව්තිසාවැසි දෙවියෝ එය කිමැ යි සිතත් ද? දන්නා දක්නා ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සම්‍යක් සමාධිය වඩනු පිණිස සම්‍යක්සමාධිය පිරිපුන් කරනු පිණිස, මේ සම්‍යක්සමාධිපරිෂ්කාර ධර්‍මයෝ (පරිවාර ධර්‍මයෝ) සත් දෙනෙක් කොතරම් මනා කොට පණවන ලද්දා හු ද! ඒ කවර සත් දෙනෙක් ද? යත්: සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘතිය යන මොහු ය.
Pali BJTයා ඛො භො, ඉමෙහි සත්තහි අඞ්ගෙහි චිත්තස්ස එකග්ගතා පරික්ඛතා, අයං වුච්චති භො, අරියො සම්මාසමාධි සඋපනිසො ඉතිපි සපරික්ඛාරො ඉතිපි. සම්මාදිට්ඨිස්ස භො සම්මාසඞ්කප්පො පහොති, සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති, සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති, සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති, සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති, සම්මාවායාමස්ස සම්මාසති පහොති, සම්මාසතිස්ස සම්මාසමාධි පහොති, සම්මාසමාධිස්ස සම්මාඤාණං පහොති, සම්මාඤාණස්ස සම්මාවිමුත්ති පහොති. යං හි තං භො සම්මා වදමානො වදෙය්ය, ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි අපාරුතා අමතස්ස ද්වාරා ති, ඉද මෙතං සම්මා වදමානො වදෙය්ය. ස්වාක්ඛාතො හි භො, භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි. අපාරුතා අමතස්ස ද්වාරා ති.
Sinhala BJTභවත්නි, මේ සත් අංගයන් විසින් යම් සිත එකඟ බවෙක් පිරිවරන ලද ද, භවත්නි, ඒ මේ ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය උපනිඃශ්‍රය සහිත යැ යි ද පරිවාර සහිත යැ යි ද කියනු ලැබේ. භවත්නි, සම්‍යක්දෘෂ්ටියෙහි පිහිටියාහට සම්‍යක්සංකල්පය පවතී, සම්‍යක් සංකල්පය ඇත්තාහට සම්‍යග්වචනය පවතී, සම්‍යග්වචනය ඇත්තහුට සම්‍යක්කර්‍මාන්තය පවතී, සම්‍යක්කර්‍මාන්තය ඇත්තහුට සම්‍යගාජීවය පවතී, සම්‍යගාජීවය ඇත්තහුට සම්‍යග්ව්‍යායාමය පවතී, සම්‍යග්ව්‍යායාමය ඇත්තහුට සම්‍යක්ස්මෘතිය පවතී, සම්‍යක්ස්මෘතිය ඇත්තහුට සම්‍යක් සමාධිය පවතී, සම්‍යක් සමාධිය ඇත්තහු ට සම්‍යග් ඥානය පවතී, සම්‍යග් ඥානය ඇත්තහු ට සම්‍යග්විමුක්තිය පවතී, භවත්නි, යමක් පිළිබඳ වැ මනා කොට කියන තැනැත්තේ, “මේ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද්දේ ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ‘එව බලව’ යි දැක්විය යුත්තේ ය, සිය සතන්හි එළැවියයුත්තේ ය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙ හි ලා දත යුත්තේ ය, අමා දොරවල් අරනා ලදුහ” යි කියන්නේ නම්, හේ මේ දහම පිළිබඳ වැ ම ය. ‘භවත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ ය, එය සාන්දෘෂ්ටික ය, අකාලිකය, එව බලව යි දැක්විය යුත්තේ ය, සිය සතන් හි එළැවිය යුත්තේ ය, නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේ ය, අමා දොරවල් අරනා ලදුහ” යි මනා කොට කියන තැනැත්තේ මෙය කියන්නේ ය.
Pali BJTයෙ හි කෙචි භො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා. යෙ චිමෙ ඔපපාතිකා ධම්මවිනීතා සාතිරෙකානි චතුවීසතිසතසහස්සානි මාගධකා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. අත්ථි චෙවෙ ත්ථ සකදාගාමිනො.
Sinhala BJTභවත්නි, යම් කෙනෙක් බුදුරජුන් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, දහම් කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, සඟන කෙරෙහි දැන පැහැදීමෙන් යුක්ත ද, ආර්‍ය්‍යකාන්ත (ආර්‍ය්‍යයන් විසින් මැනැවැ යි සම්මත වූ) ශීලයන්ගෙන් සමන්‍විත ද, තව ද යම් කෙනෙක් ආර්‍ය්‍ය මාර්‍ගධර්‍මයෙහි හික්මුණාහු ඕපපාතික උත්පත්තිය ලැබූ, මගධ රටැ වුසූ, තුන් සංයෝජනයන් නසා ලීමෙන් සෝවාන් වූ, අපායකට නොවැටෙන සුලු, රහත් බවට නියත වූ, රහත්ඵලය පිහිට කොටැති, සමීප අතීතයෙහි කලුරිය කළ උවසුවෝ අතිරේකයක් සහිත සූවිසි ලක්‍ෂයෙක් වෙත්. මෙහි සෙදැගැමිහු ද, ඇත.
Pali BJTඅත්ථායං{1} ඉතරා පජා පුඤ්ඤභාගාති මෙ මනො, සඞ්ඛාතුං නො පි සක්කොමි මුසාවාදස්ස ඔත්තපන්ති.{2}
Sinhala BJT“ශුද්ධාවාසයෙහි උපදනට හේතු වූ පුණ්‍ය භාග (පින් කොටස්) ඇති බැවින් එහි උපන් අනාගාමී හු දැ යි යන මේ තවත් සත්ත්‍ව කෙනෙක් ද ඇත යනු මගේ හැඟීම යි. මුසවා කෙරෙන් බිය වන්නෙම් ඔවුන් ගණනින් නියම කොට කියන්නට නොහැක්කෙමි.”
Pali BJT22. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො භාසිත්ථ. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මුනො සනංකුමාරස්ස භාසතො වෙස්සවණස්ස මහාරාජස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. ‘අච්ඡරියං වත භො. අබ්භුතං වත භො, එවරූපොපි නාම උළාරො සත්ථා භවිස්සති, එවරූපං උළාරං ධම්මක්ඛානං, එවරූපා උළාරා විසෙසාධිගමා පඤ්ඤායිස්සන්තී’ති. අථ භන්තෙ, බ්රහ්මා සනංකුමාරො වෙස්සවණස්ස මහාරාජස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය වෙස්සවණං මහාරාජානං එතදවොච: “තං කිම්මඤ්ඤති භවං වෙස්සවණො මහාරාජා. අතීතම්පි අද්ධානං එවරූපො උළාරො සත්ථා අහොසි, එවරූපං උළාරං ධම්මක්ඛානං, එවරූපා උළාරා විසෙසාධිගමා පඤ්ඤායිංසු. අනාගතම්පි අද්ධානං එවරූපො උළාරො සත්ථා භවිස්සති. එවරූපං උළාරං ධම්මක්ඛානං, එවරූපා උළාරා විසෙසාධිගමා පඤ්ඤායිස්සන්තී”ති.
Sinhala BJT22. වහන්ස, මෙ කරුණ සනත්කුමාර බ්‍රහ්ම පැවැසී. වහන්ස, මෙ කරුණ පවසන සනත්කුමාර බඹහුගේ වචනය අසා වෙසමුණු මහරජුට “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක! භවත්නි, පුදුමයෙක! මෙ බඳු වූත් උදාර ශාස්තෘවරයෙක් වේ ද! මෙබඳු වූත් උදාර ධර්‍මකථාවෙක් වේ ද! මෙබඳු මහත් විශේෂාධිගම කෙනෙක් පැණෙත් දැ!” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම සිය සිතින් වෙසමුණු මහරජුගේ චිත්තපරිවිතර්‍කය දැන ඔහුට “පින්වත් වෙසවුණු මහරජාණෝ එය කිමැ යි සිතත් ද? ඉකුත් කල්හිත් මෙ බඳු උදාර ශාස්තෘවරයෙක්, මෙ බඳු උදාර ධර්‍මකථාවෙක් වී ය. මෙබඳු උදාර විශේෂාධිගම කෙනෙක් පැනුණාහු ය, මතු කල්හිත් මෙබඳු උදාර ශාස්තෘවරයෙක්, මෙබඳු උදාර ධර්‍මකථාවෙක් වන්නේ ය. මෙබඳු උදාර විශේෂාධිගම කෙනෙක් පැනෙන්නාහු යැ” යි මෙ බස් පැවැසී ය.
Pali BJT23. ඉදමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං අභාසි. ඉදමත්ථං වෙස්සවණො මහාරාජා බ්රහ්මුනො සනංකුමාරස්ස දෙවානං තාවතිංසානං භාසතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං සයං පරිසායං ආරොචෙසි. ඉදමත්ථං ජනවසභො යක්ඛො වෙස්සවණස්ස මහාරාජස්ස සයං පරිසායං භාසතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං භගවතො ආරොචෙසි. ඉදමත්ථං භගවා ජනවසභස්ස යක්ඛස්ස සම්මුඛා සුත්වා සම්මුඛා පටිග්ගහෙත්වා සාමඤ්ච අභිඤ්ඤාය ආයස්මතො ආනන්දස්ස ආරොචෙසි. ඉදමත්ථං ආයස්මා ආනන්දො භගවතො සම්මුඛා සුත්වා සම්මුඛා පටිග්ගහෙත්වා ආරොචෙසි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ‘තයිදං බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිතං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති.
Sinhala BJT23. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියනට මෙ කරුණ පැවැසී ය. වෙසවුණු මහරජ තව්තිසා වැසි දෙවියනට මෙ කරුණ කියන සනත්කුමාර බඹුහුගේ වචනය අසා, ඔහු හමුයෙහි අසන ලද්ද, ඔහු හමුයෙන් අසා පිළිගන්නා ලද්ද තෙමේ සිය පිරිසෙහි දැන්වී ය. තම පිරිසෙහි මෙ කරුණ කියන වෙසවුණු මහරජුගේ වචනය ඔහු හමුයෙහි අසන ලද්ද, ඔහු හමුයෙන් පිළිගන්නා ලද්ද ජනවසභ යක් තෙමේ භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ කියන ජනවසභ යක්‍ෂයාගේ වචනය අසා, ඔහු වචනය පිළිගෙන, තමන් වහන්සේ ද (සිය නුවණින් බලා) වෙසෙසින් දැන, අනඳ තෙරුනට දැන්වූ සේක. අනඳ තෙරණුවෝ මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් අසා, හමුයෙහි දී පිළිගෙන, “ඒ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය යම්තාක් කල් දෙව් මිනිසුන් විසින් මොනොවට ප්‍රකාශිත වන්නේ ද, ඒ තාක් ම වැඩුණේ ද සමෘද්ධ ද පතළේ ද බොහෝ දෙනා අතරැ ප්‍රසිද්ධ ද ස්ථිර ද වේ යැ මහණුනට මෙහෙණිනට උවසුවනට උවැසියනට සැළ කළහ.
Pali BJTජනවසභසුත්තං පඤ්චමං.
Sinhala BJTපස්වන ජනවසභ සූත්‍රය නිමියේ ය.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTමහාගොවින්දසුත්තං
Sinhala BJTමහාගෝවින්‍ද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො භගවන්තං එතදවොච: යං ඛො මෙ භන්තෙ, දෙවානං තාවතිංසානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං, ආරොචෙමෙතං භගවතො’ති. ‘ආරොචෙහි මෙ ත්වං පඤ්චසිඛා’ති භගවා අවොච.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට නොදුරු තන්හි වූ ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එ කලා පන්සිළු නම් ගඳැවු පුත් රෑ බොහෝ වේලා ඉක්මි කල, (මැදුම් රැයෙහි) ඉතා දැකුම් කලු පැහැ සපුව ඇත්තේ, ගිජුකුළු පව්ව මුළුල්ල බබුළුවා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹැ, ආදරයෙන් ඔබ වැඳ එක් පසෙක සිටියේ ය. පන්සිළු ගඳැවුපුත් (එසේ) එක් පසෙක සිටියේ ම, “වහන්ස, තව්තිසා වැසි දෙවියන් හමුයෙන් යම් කරුණෙක් මා විසින් අසන ලද ද, (ඔවුන් හමුයෙන්) අසා පිළිගන්නා ලද ද, එය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙරෙමි” යි කී ය. “පන්සිළුවෙනි, තෙපි එය මට දන්වවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTදෙවසභා
Sinhala BJTදෙව් සබය
Pali BJT2. “පුරිමානි භන්තෙ, දිවසානි පුරිමතරානි තදහුපොසථෙ පණ්ණරසෙ පවාරණාය පුණ්ණාය පුණ්ණමාය රත්තියා කෙවලකප්පා ච දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා මහතී ච දිබ්බපරිසා සමන්තතො සන්නිසින්නා හොන්ති සන්නිපතිතා. චත්තාරො ච මහාරාජානො චතුද්දිසා සන්නිසින්නා හොන්ති. පුරත්ථිමාය දිසාය ධතරට්ඨො මහාරාජා පච්ඡිමාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. දක්ඛිණාය දිසාය විරූළ්හකො මහාරාජා උත්තරාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. පච්ඡිමාය දිසාය විරූපක්ඛො මහාරාජා පුරත්ථාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. උත්තරාය දිසාය වෙස්සවණො මහාරාජා දක්ඛිණාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. යදා භන්තෙ කෙවලකප්පා ච දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා මහතී ච දිබ්බපරිසා සමන්තතො සන්නිසින්නා හොන්ති සන්නිපතිතා චත්තාරො ච මහාරාජානො චතුද්දිසා නිසින්නා හොන්ති ඉදං තෙසං හොති ආසනස්මිං අථ පච්ඡා අම්හාකං ආසනං හොති. යෙ තෙ භන්තෙ, දෙවා භගවති බ්රහ්මචරියං චරිත්වා අධුනූපපන්නා තාවතිංසකායං, තෙ අඤ්ඤෙ දෙවෙ අතිරොචන්ති වණ්ණෙන චෙව යසසා ච. තෙනසුදං භන්තෙ, දෙවා තාවතිංසා අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා ‘දිබ්බා වත භො කායා පරිපූරෙන්ති හායන්ති අසුරා කායා’ති.
Sinhala BJT2. “වහන්ස, පෙර දවසැ, බොහෝ පෙර දවසැ, ඒ පසොළොස් වක් පොහෝ දිනැ, වස් පවාරණය ඇති, පිරුණු පුණුපොහෝ දා රැයෙහි තව්තිසාවැසි සියලු දෙවියෝ සුදම් දෙව් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද හාත්පසැ එක් වැ හුන්නාහු එක් රැස්වූවාහු වෙත්. සතර වරම් දෙව් මහ රජු ද සතර දිගැ හුන්නාහු වෙත්. ධෘතරාෂ්ට්‍ර මහරජ දෙවියන් පෙරටු කොට පෑළ දිගට මුහුණ ලා පෙරදිග්හි හුන්නේ වෙයි. විරූඪක මහ රජ දෙවියන් පෙරටු කොට උතුරු දිගට මුහුණ ලා දකුණු දිග්හි හුන්නේ වෙයි. විරූපාක්‍ෂ මහරජ දෙවියන් පෙරටු කොට පෙර දිගට මුහුණ ලා පෑළ දිගැ හුන්නේ වෙයි. වෙසවුණු මහරජ දකුණු දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට උතුරු දිග්හි හුන්නේ වෙයි. වහන්ස, යම් කලෙක තව්තිසා වැසි සියලු දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, මහත් දෙව් පිරිස්හු හාත්පසැ එක් වැ හුන්නාහු, එක්රැස් වූවාහු වෙත් ද, සතර වරම් මහරජහුත් සතර දිගැ හුන්නාහු වෙත් ද, මේ ඔවුන්ගේ අසුන් වේ. එක්බිති ඔවුනට පසු භාගයෙහි අපගේ අසුන් වෙයි. වහන්ස යම් දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙතැ බඹසර කොට තව්තිසා දෙව් මුළුවට (උත්පත්ති විසින්) අළුත පැමිණියාහු වෙත් ද, ඔහු පැහැ සපුයෙනුත් යසසිනුත් සෙසු දෙවියන් ඉක්මා බබලත්. වහන්ස, එයින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’යි සතුටු සිතැත්තාහු ප්‍රමුදිත වූවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු වෙත්.
Pali BJT3. අථ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT3. වහන්ස, එ කල්හි සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පහන් බව දැන, මේ ගාථාවලින් ඔවුන්ගේ සතුට මෙසේ අනුමොවන් විය:
Pali BJT“මොදන්ති වත භො දෙවා තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතං.
Sinhala BJT“භවත්නි, ප්‍රීතියෙක! ඉන්‍ද්‍රයා සහිත වූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයනට ද ධර්‍මයාගේ සුධර්‍මත්‍වයට ද නමස්කාර කරනුවෝ,
Pali BJTනවෙ දෙවෙ ච පස්සන්තා වණ්ණවන්තෙ යසස්සිනෙ, සුගතස්මිං බ්රහ්මචරියං චරිත්වාන ඉධාගතෙ.
Sinhala BJT‘සුගතයන් වහන්සේ වෙතැ බඹසර හැසිරැ මෙහි ආ පැහැපත් යසස් ඇති අළුත් දෙවියන් ද දක්නාහු සතුටු වෙත්.
Pali BJTතෙ අඤ්ඤෙ අතිරොචන්ති වණ්ණෙන යසසායුනා, සාවකා භූරිපඤ්ඤස්ස විසෙසූපගතා ඉධ,
Sinhala BJTමෙහි ගුණවිශේෂයට පැමිණි මහ පැණැති බුදුරජුන්ගේ සවු වූ ඔහුතුමූ පැහැයෙන් ද යසසින් ද ආයුෂයෙන් ද අන් දෙවියන් ඉක්මා බබලත්.
Pali BJTඉධං දිස්වාන නන්දන්ති තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතන්ති”.
Sinhala BJTඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසියෝ මෙය දක, තථාගතයන් වහන්සේ ද ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද නමදනාහු සතුටු වෙත්’ යැ යි කීය.
Pali BJTතෙන සුදං භන්තෙ, දෙවා තාවතිංසා භිය්යොසොමත්තාය අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා ‘දිබ්බා වත භො කායා පරිපූරන්ති හායන්ති අසුරා කායා{1}’ති.
Sinhala BJTවහන්ස, එ කරුණින් තව්තිසා වැසි දෙවියෝ ‘භවත්නි, ප්‍රීතියෙක! දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්!’ යැ යි බෙහෙවින් සතුටු වෙත්, ප්‍රමුදිත වෙත්, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වෙත්.
Pali BJTඅට්ඨ යථාභුච්චවණ්ණා
Sinhala BJTඇති ගුණ වැනුම් අට
Pali BJT4. අථ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි ‘ඉච්ඡෙය්යාථ නො තුම්හෙ මාරිසා තස්ස භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ සොතුන්ති’.
Sinhala BJT4. වහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, ඔවුන් බණවා, ‘භවත් නිදුකාණනි, තෙපි භගවත් බුදුරජුන්ගේ විද්‍යමාන වූ ම ගුණ අට අසන්නට කැමැති වන්නහු ද?’ යි විචාළේ ය.
Pali BJT‘ඉච්ඡාම{2} මයං මාරිසා තස්ස භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ සොතුන්ති’.
Sinhala BJT“නිදුකාණෙනි, අපි ඒ භගවත් බුදුරජුන්ගේ විද්‍යමාන වූ ගුණ අට අසනු රිස්සම්හ’ යි දෙවියෝ කීහු.
Pali BJTඅථ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවානං තාවතිංසානං භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ පයිරුදාහාසි:
Sinhala BJTවහන්ස, ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්‍යවතුන් වහන්සේගේ විද්‍යමාන වූ ම ගුණ අට මෙසේ පැවැසී ය:
Pali BJTතං කිම්පඤ්ඤන්ති භොන්තො දෙවා තාවතිංසා යාවඤ්ච{3} සො භගවා බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, එවං බහුජනහිතාය පටිපන්නං බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා. (1)
Sinhala BJT“භවත් තව්තිසාවැසි දෙවියනි, එය කිමැ යි සිත වූ ද? ඒ භගවත්හු කොතරම් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් සේක් ද යත හොත්: මෙසේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස පිළිපන් මෙ කී අංගයෙන් ද සමන්‍විත අන් ශාස්තෘවරයෙකු ඒ භගවත් බුදුරජුන් හැර අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු. (1)
Pali BJTස්වාක්ඛාතො ඛො පන තෙන භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි. එවං ඔපනයිකස්ස{1} ධම්මස්ස දෙසෙතාරං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා. (2)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ ය, එය තමන් විසින් ම දැක්ක යුත්තේ ය, කල් නො යාදී ම දෙන ඵල ඇත්තේ ය, ‘එව බලව’යි (තමා දකිනුවට) අනුන් කැඳවනුයෙහි සුදුසු යැ, තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු යැ, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු යැ. මෙසේ තම තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු දහමක් දෙසන, මෙ මැ අංගයෙන් ද සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒභාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිද නොදකිමු, දැනුදු නො දකිමු. (2)
Pali BJTඉදං කුසලන්ති ඛො පන තෙන භගවතා සුප්පඤ්ඤත්තං. ඉදං අකුසලන්ති සුප්පඤ්ඤත්තං. ඉදං සාවජ්ජං -පෙ- ඉදං අනවජ්ජං -පෙ- ඉදං සෙවිතබ්බං -පෙ- ඉදං න සෙවිතබ්බං -පෙ- ඉදං හීනං -පෙ- ඉදං පණීතං -පෙ- ඉදං කණ්හසුක්කසප්පටිභාගන්ති සුප්පඤ්ඤත්තං. එවං කුසලාකුසලසාවජ්ජානවජ්ජසෙවිතබ්බාසෙවිතබ්බහීනප්පණීතකණ්හසුක්ක සප්පටිභාගානං ධම්මානං පඤ්ඤපෙතාරං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා. (3)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුසල් යැ’ යි ම මොනොවට පනවන ලදි, මේ අකුසසල් යැ’ යි ම මොනොවට පනවන ලදි, මේ වරද සහිත යැ ... මේ වරද රහිත යැ ... මේ සෙවිය යුතු යැ ... මේ නො සෙවියැ යුතු යැ ... මේ ලාමක යැ ... මේ උතුම් යැ ... මේ කෘෂ්ණ ගුක්ල (කුශලාකුශල) ධර්‍මයනට සමාන ධර්‍ම යැ යි මොනොවට පනවන ලදි. මෙසේ කුශලාකුශල සාවද්‍යා නවද්‍ය සේවිතව්‍යාසේවිතව්‍ය හීනප්‍රණීත කෘෂ්ණ ගුක්ල සප්‍රතිභාග ධර්‍මයන් පණවන, මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමි, දැනුදු නො දකිමි. (3)
Pali BJTසුප්පඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා. සංසන්දති නිබ්බානඤ්ච පටිපදා ච සෙය්යථාපි නාම ගඞ්ගොදකං යමුනොදකෙන සංසන්දති සමෙති එවමෙව සුපඤ්ඤත්තා තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනීපටිපදා සංසන්දති නිබ්බානඤ්ච පටිපදා ච. එවං නිබ්බානගාමිනියා පටිපදාය පඤ්ඤපෙතාරං ඉමිනා පඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න ච පනෙතරහි, අඤ්ඤත්ර තෙන භගවතා. (4)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පනවන ලදී. යම් සේ ගඟැ දිය යමුනාහි දිය හා සැසැඳේ ද, එසේ ම නිවන ද පිළිවෙත ද සැසැඳෙයි. මෙසේ ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පනවන ලද්දේ යැ, ඒ නිවන ද පිළිවෙත ද සැසැඳෙයි. මෙසේ නිවන් යන පිළිවෙත පනවන, මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු දැනුදු නො දකිමු. (4)
Pali BJTඅභිනිප්ඵන්නො ඛො පන තස්ස භගවතො ලාභො අභිනිප්ඵන්නො සිලොකො යාව මඤ්ඤෙ ඛත්තියා සම්පියායමානරූපා විහරන්ති. විගතමදො ඛො පන සො භගවා ආහාරං ආහාරෙති. එවං විගතමදං ආහාරං ආහරයමානං{2} ඉමිනා පඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා. (5)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යයලාභ වෙසෙසින් උපන, කීර්තිය වෙසෙසින් උපන, ක්‍ෂත්‍රියයන් පටන් කොට සියලු දිව්‍යමනුෂ්‍යයෝ ඔබ ප්‍රිය කරන සුලු වැ වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වූ මද ප්‍රමාද ඇති සේක් අහර ගන්නා සේක. මෙසේ පහ වූ මද ප්‍රමාද ඇති වැ අහර ගන්නා, මෙ කී අංගයෙන් ද සමන්‍විත වූ ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො ම දකිමු, දැනුදු නො ම දකිමු. (5)
Pali BJTලද්ධසහායො ඛො පන සො භගවා සෙඛානඤ්චෙව පටිපන්නානං ඛීණාසවානඤ්ච වුසිතවතං. තෙ භගවා අපනුජ්ජ එකාරාමතං අනුයුත්තො පි විහරති. එවං එකාරාමතං අනුයුත්තං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා. (6)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත්හි සිටි ශෛක්‍ෂයන්ගේ ද වැස නිමැවූ බඹසර ඇති රහතුන්ගේ ද (ඒ ඒ ශාස්තෘකෘත්‍යයෙහි) සහායත්‍වය ලද සේක. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන් මැද දී ද, පලසමවතින් වසන සේක්) සිතින් ඔවුන් බැහැර කොට ඒකාරාමතායෙහි යෙදීත් වසන සේක. මෙසේ ඒකාරාමතායෙහි යෙදුණු මෙ කී අංගයෙනුත් සමන්‍විත, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අන් ශාස්තෘවරයක්හු අතීතයෙහිත් නො දකිමු, දැනුත් නො දකිමු. (6)
Pali BJTයථාවාදී ඛො පන සො භගවා තථාකාරී, යථාකාරී තථාවාදී, ඉති යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී. එවං ධම්මානුධම්මප්පටිපන්නං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි, අඤ්ඤත්ර තෙන භගවතා. (7)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් සේ වදාරන සේක් ද එසේ ම කරන කෙනෙක, යම් සේ කරන සේක් ද, එසේ ම වදාරන සේක. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදීද වන සේක. මෙසේ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වූ මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක් හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු. (7)
Pali BJTතිණ්ණවිචිකිච්ඡො ඛො පන සො භගවා විගතකථංකථො පරියොසිතසංකප්පො අජ්ඣාසයං ආදිබ්රහ්මචරියං එවං තිණ්ණවිචිකිච්ඡං විගතකථංකථං පරියොසිතසංකප්පං අජ්ඣාසයං ආදිබ්රහ්මචරියං. ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි, අඤ්ඤත්ර තෙන භගවතා ති. (8)
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ උතුමනට නිඃශ්‍රය වූ ආර්‍ය්‍ය මාර්‍ගයෙන් තිණු විචිකිච්ඡා ඇති (සැක දුරැලූ) සේක්, පහ වූ කථංකථා ඇති (කෙසේ ද කෙසේ දැ යි යන විමතිය දුරැලූ) සේක්, අවසන් කළ මනෝරථය ඇති සේක් වෙති. මෙසේ උත්තම නිඃශ්‍රිත ආර්‍ය්‍ය මාර්‍ගයෙන් තිණු සැක ඇති, පහ වූ කථංකථා ඇති, පරිපූර්‍ණ මනෝරථ ඇති, මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු. (8)
Pali BJT5. ඉමෙ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවානං තාවතිංසානං භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ පයිරුදාහාසි. තෙන සුදං භන්තෙ දෙවා තාවතිංසා භිය්යොසොමත්තාය අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ සුත්වා. තත්ර භන්තෙ එකච්චෙ දෙවා එවමාහංසු:
Sinhala BJT5. වහන්ස, සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියනට භාග්‍යවතුන් වහන්සේගේ මේ යථාභූත ගුණ අට පැවැසී ය. වහන්ස, තව්තිසා වැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගේ යථාභූත ගුණ අට අසා, එයින් බොහෝ සෙයින් සතුටු වෙත්, ප්‍රමුදිත වෙත්, උපන් ප්‍රීති සොම්නස් ඇත්තාහු වෙත්.
Pali BJTඅහො වත මාරිසා චත්තාරො සම්මාසම්බුද්ධා ලොකෙ උප්පජ්ජෙය්යුං ධම්මඤ්ච දෙසෙය්යුං යථරිවභගවා, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTවහන්ස, එහි ඇතැම් දෙවි කෙනෙක් “නිදුකාණනි, සතර නමක් බුදුවරු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් දෙසන්නාහු නම් ඉතා යෙහෙක. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස වන්නේ යැ” යි මෙසේ කීහ.
Pali BJTඑකච්චෙ දෙවා එවමාහංසු: තිට්ඨන්තු මාරිසා චත්තාරො සම්මාසම්බුද්ධා, අහො වත මාරිසා තයො සම්මාසම්බුද්ධා ලොකෙ උප්පජ්ජෙය්යුං ධම්මඤ්ච දෙසෙය්යුං යථරිව භගවා, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTඇතැම් දෙවි කෙනෙක් “නිදුක් වරිනි, සතර නමෙක් සම්මාසම්බුදුහු සිටිත් වා. තුන් නමෙක් සම්මාසම්බුදුවරු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් දෙසන්නාහු නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස භිත පිණිස සුව පිණිස වන්නේ යැ” යි මෙසේ කීහ.
Pali BJTඑකච්චෙ දෙවා එවමාහංසු: තිට්ඨන්තු මාරිසා තයො සම්මාසම්බුද්ධා, අහො වත මාරිසා ද්වෙ සම්මාසම්බුද්ධා ලොකෙ උප්පජ්ජෙය්යුං ධම්මඤ්ච දෙසෙය්යුං යථරිව භගවා. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTඇතැම් දෙවි කෙනෙක්, “නිදුක්වරිනි, තුන් නමෙක් සම්මාසම්බුදුහු සිටිත් වා. නිදුක්වරිනි, දෙනමෙක් සම්මාසම්බුදුහු ලොවැ උපදනාහු නම්, අප භාග්‍යවතුන් වහන්සේ මෙන් දහම් ද දෙසන්නාහු නම්, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ” යි මෙසේ කීහ.
Pali BJT6. එවං වුත්තෙ භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ එතදවොච: අට්ඨානං ඛො එතං මාරිසා අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං. නෙතං ඨානං විජ්ජති. අහො වත මාරිසා සො භගවා අප්පාබාධො අප්පාතඞ්කො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJT6. වහන්ස, මෙසේ කී කල්හි සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් බණවා, “නිදුක්වරිනි, එක් ලෝකධාතුවෙක රහත් සම්මාසම්බුදුහු දෙනමෙක් ඉදිරි පසු නොවැ (එක් විට ම) පහළ වන්නාහු ය යන මෙය නො කරුණෙකි, අවකාශ නැත්තෙකි (නො වියැ හැක්කෙකි). මේ කරුණ විද්‍යමාන නො වේ. නිදුක්වරිනි, ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් දික් කලක් ලෙඩ නැති වැ නිරෝග වැ වැඩ සිටුනා සේක් වී නම් ඉතා යෙහෙක. එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වන්නේ යැ” යි මෙ බස් පැවැසී ය.
Pali BJTඅථ ඛො භන්තෙ, යෙනත්ථෙන දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා, තං අත්ථං චින්තයිත්වා තං අත්ථං මන්තයිත්වා වුත්තවචනා නාමිදං චත්තාරො මහාරාජානො තස්මිං අත්ථෙ හොන්ති. පච්චානුසිට්ඨවචනා නාමිදං චත්තාරො මහාරාජානො තස්මිං අත්ථෙ හොන්ති. සකෙසු සකෙසු ආසනෙසු ඨිතා අවිපක්කන්තා.
Sinhala BJTවහන්ස, එයට පසු, යම් කරුණෙකින් (යම් පවාරණ සංග්‍රහයක් පිණිස) තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, එ කරුණ සිතා, එ කරුණ සාකච්ඡා කොට, එ කරුණෙහි සිවුවරම් දෙව්රජුහු සිය සිය අසුන්හි සිටියාහු, (ඒ දෙවියන් විසින්) කියන ලද වචන ඇත්තාහු (ඒ දෙවියන් කී බස් පිළිගත්තාහු ම අනුසස්නා ලද වචන ඇත්තාහු (දෙවියන්ගේ අනුශාසනය පිළිගත්තාහු) ම එ තැනින් නික්මැ නොගියාහු සිය සිය අසුන්හි ම හුන්නාහු වෙත්.
Pali BJT“තෙ වුත්තවාක්යා රාජානො පටිග්ගය්හානුසාසනිං විප්පසන්නමනා සන්තා අට්ඨංසු සම්හි ආසනෙ”ති.
Sinhala BJT“කියන ලද වචන ඇති ඒ මහරජුහු අනුශාසනය පිළිගෙන, වෙසෙසින් පහන් සිතැත්තාහු සිය අසුන්හි රැඳුණාහ.”
Pali BJT7. අථ ඛො භන්තෙ, උත්තරාය දිසාය උළාරො ආලොකො සඤ්ජායි ඔභාසො පාතුරහොසි අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අථ ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි:
Sinhala BJT7. වහන්ස, ඉක්බිත්තෙන් උතුරු දෙසැ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම මහත් එළියෙක් උපන, මහත් අවහාසයෙක් පහළ විය.
Pali BJTයථා ඛො මාරිසා නිමිත්තානි දිස්සන්ති උළාරො ආලොකො සඤ්ජායති ඔභාසො පාතුභවති බ්රහ්මා පාතුභවිස්සති බ්රහ්මුනො හෙතං පුබ්බනිමිත්තං පාතුභාවාය යදිදං ආලොකො සඤ්ජායති ඔභාසො පාතුභවතී ති.
Sinhala BJTඑ කල්හි, වහන්ස, සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් බණවා, “නිදුක්වරිනි, යම් සේ පෙර නිමිතිනු දක්නා ලැබෙත් ද, මහත් එළියෙක් උපදීද, මහත් අවභාසයෙක් පහළ වේ ද, එ නිමිත්තෙන් බ්‍රහ්ම තෙම පහළ වන්නේ ය. මේ එළියෙක් උපදී, අවභාසයෙක් පහළ වෙයි යන යමෙක් ඇද්ද, මෙය බ්‍රහ්මයාගේ පහළ වීමට පෙර නිමිති වේ”යැ යි කී ය.
Pali BJT“යථා නිමිත්තා දිස්සන්ති බ්රහ්මා පාතුභවිස්සති, බ්රහ්මුනො හෙතං නිමිත්තං ඔභාසො විපුලො මහා”ති.
Sinhala BJT“යම් සේ පෙර නිමිතීහු දක්නා ලැබෙත් ද එසේ බ්‍රහ්ම තෙම පහළ වන්නේ ය. පැතුරුණු මහත් අවභාසය (එළිය) යන මෙය බඹහුගේ පහළ වීමට පෙර නිමිත්ත ය.”
Pali BJTසනඞ්කුමාරකථා
Sinhala BJTසනත්කුමාර කථාව
Pali BJT8. අථ ඛො භන්තෙ, දෙවා තාවතිංසා යථාසකෙසු ආසනෙසු නිසීදිංසු: “ඔභාසමෙතං ඤස්සාම, යංවිපාකො භවිස්සති සච්ඡි කත්වා’ව නං ගමිස්සාමා”ති. චත්තාරො’පි මහාරාජානො යථාසකෙසු ආසනෙසු නිසීදිංසු, “ඔභාසමෙතං ඤස්සාම, යංවිපාකො භවිස්සති සච්ඡි කත්වා’ව නං ගමිස්සාමා”ති. ඉදං සුත්වා දෙවා තාවතිංසා එකග්ගා සමාපජ්ජිංසු ඔභාසමෙතං ඤස්සාම, යංවිපාකො භවිස්සති සච්ඡිකත්වා’ව නං ගමිස්සාමා’ති.
Sinhala BJT8. වහන්ස, ඉක්බිත්තෙන් තව්තිසා වැසි දෙවියෝ “මේ ආලෝකය දැන ගන්නමු, මේ ආලෝකය යම් ඵලයක් ඇතියෙක් වන්නේ ද, එය දැන ගෙන ම යන්නමෝ” යි තම තමනට පැමිණි අසුන්හි හුන්හ. සතර වරම් මහ රජුහු ද මේ ආලෝකය දෑනගන්නමු. මෙය යම් ඵල ඇතියෙක් වන්නේ ද, එය සියැසින් දැක ම යන්නමු” යි තම තමනට පැමිණි අසුන්හි හුන්නාහ. මෙය අසා තව්තිසා වැසි දෙවියෝ ‘මේ ආලෝකය දැනගන්නමු, මෙය කිසි යම් ඵලයක් පහළ කරනුයේ වන්නේ නම් එය ද දැන ගෙන ම යන්නමෝ’ වේ ද යි එකඟ සිතැත්තෝ වූහ.
Pali BJTයදා භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති ඔළාරිකං අත්තභාවං අභිනිම්මිනිත්වා පාතුභවති. යො ඛො පන භන්තෙ, බ්රහ්මුනො පකතිවණ්ණො අනභිසම්භවනීයො සො දෙවානං තාවතිංසානං චක්ඛුපථස්මිං. යදා භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. සෙය්යථාපි භන්තෙ, සොවණ්ණො විග්ගහො මානුසං විග්ගහං අතිරොචති, එවමෙව ඛො භන්තෙ, යදා බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති, සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. යදා භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං පාතුභවති, න තස්සං පරිසායං කොචි දෙවො අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. සබ්බෙව තුණ්හීභූතා පඤ්ජලිකා පල්ලඞ්කෙන නිසීදන්ති ‘යස්ස’දානි දෙවස්ස පල්ලඞ්කං ඉච්ඡිස්සති බ්රහ්මා සනංකුමාරො තස්ස දෙවස්ස පල්ලඞ්කෙ නිසීදිස්සතී’ති. යස්ස ඛො පන භන්තෙ, දෙවස්ස බ්රහ්මා සනංකුමාරො පල්ලඞ්කෙ නිසීදති උළාරං සො ලභති දෙවො වෙදපටිලාභං. උළාරං සො ලභති දෙවො සොමනස්සපටිලාභං. සෙය්යථාපි භන්තෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො අධුනාභිසිත්තො රජ්ජෙන, උළාරං සො ලභති වෙදපටිලාභං උළාරං සො ලභති සොමනස්සපටිලාභං, එවමෙව ඛො භන්තෙ, යස්ස දෙවස්ස බ්රහ්මා සනංකුමාරො පල්ලඞ්කෙ නිසීදති උළාරං සො ලභති දෙවො වෙදපටිලාභං. උළාරං සො ලභති දෙවො සොමනස්සපටිලාභං.
Sinhala BJTවහන්ස, යම් විටෙක සනත්කුමාර බඹ තෙම තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වන්නේ ද, එ විට හෝ දළ අත් බවක් ම (දැඩි සිරුරක් ම) මවා ගෙන පහළ වෙයි. වහන්ස, බඹහුගේ යම් පියෙවි පැහැසටහනෙක් ඇද්ද එය තව්තිසා වැසි දෙවියන්ගේ ද චක්‍ෂුස්පථයෙහි නො පැමිණියැ හැකි වෙයි (ඇසින් දැක්ක නො හැකි වෙයි). වහන්ස, යම් විටෙක සනත් කුමාර බ්‍රහ්ම තෙම තව්තිසාවැසි දෙවියන් අතර පහළ වේ ද, එ කලැ හේ පැහැයෙන් ද යසසින් ද අන් දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස රන්රුව මිනිස් සිරුර ඉක්මැ බබළා ද, එසේ ම, වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් අතරැ පහළ වෙයි ද, එ විටැ හේ පැහැයෙන් ද යසසින් ද සෙසු දෙවියන් ඉක්මැ බබළයි. වහන්ස, යම් විටෙක සනත්කුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන් අතර පහළ වෙයි ද, එ විටැ එ පිරිසෙහි කිසිදු දෙවියෙක් ඔබට අභිවාදනා කරනුයේ හෝ දැක හුනස්නෙන් නැඟී සිටිනුයේ හෝ අස්නෙන් නිමතනුයේ හෝ නො වෙයි. සියල්ලෝ ම ‘දැන් සනත්කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියකුගේ පළඟ රිසියෙන්නේ නම්, ඒ දෙවියාගේ පලඟෙහි ඉඳගන්නේ යැ’ යි නිහඬ වැ දොහොත් නමා පළඟින් හිඳිත්. වහන්ස, සනත්කුමාර බ්‍රහ්ම යම් දෙවියකුගේ පලඟෙහි ඉඳගනී ද, හේ දෙවි මහත් සතුට ලබයි, හේ දෙවි මහත් සොම්නස ලබයි. වහන්ස, මුදුනැ අබිසෙස් ලත්, අළුතැ රජ බැවින් අභිෂේක ලැබූ කැත් රජෙක් වේ ද, හේ මහත් සතුටක් ලබා ද, මහත් සොම්නසක් ලබා ද, එ පරිද්දෙන් ම, වහන්ස, හේ දෙවි තෙම මහත් සතුට ලබයි, මහත් සොම්නස ලබයි.
Pali BJT9. අථ භන්තෙ, බ්රහ්මා සනංකුමාරො දෙවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා අන්තරහිතො ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT9. වහන්ස, ඉක්බිති සනත්තුමාර බ්‍රහ්ම තෙම තව්තිසා වැසි දෙවියන්ගේ පැහැදීම දැන, අතුරුදහන් ව (නො පෙනී හිඳ) මේ ගාථාවලින් අනුමෝදනා කෙළේ ය: “මෝදන්ති වත -පෙ– සුධම්මතන්ති” ගාථාවල අදහස:
Pali BJT“මොදන්ති වත භො දෙවා තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතං.
Sinhala BJT“භවත්නි, ප්‍රීතියෙකි! ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද ධර්‍මයේ සුධර්‍මත්‍වයට ද නමස්කාර කෙරෙමින්,
Pali BJTනවෙ දෙවෙ ච පස්සන්තා වණ්ණවන්තෙ යසස්සිනෙ, සුගතස්මිං බ්රහ්මචරියං චරිත්වාන ඉධාගතෙ.
Sinhala BJTසුගතයන් වහන්සේ වෙත බඹසර හැසිර මෙහි ආ පැහැපත් වූ, යශස් ඇති, අළුත් දෙවියන් ද දකිමින් ප්‍රමුදිත වෙත්”.
Pali BJTතෙ අඤ්ඤෙ අතිරොචන්ති වණ්ණෙන යසසායුනා, සාවකා භූරිපඤ්ඤස්ස විසෙසූපගතා ඉධ.
Sinhala BJT“මහ නුවණඇති බුදුරජුන්ගේ ශ්‍රාවක වූ විශේෂාධිගමයට පැමිණි ඒ දෙවියෝ වර්‍ණයෙන් ද යශසින් ද ආයුෂයෙන් ද සෙසු දෙවියන් ඉක්මා බබළත්”.
Pali BJTඉදං දිස්වාන නන්දන්ති තාවතිංසා සහින්දකා, තථාගතං නමස්සන්තා ධම්මස්ස ච සුධම්මතන්ති.
Sinhala BJT“මෙය දැක ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේ ද ධර්‍මසුධර්‍මත්‍වය ද නමදනාහු සතුටු වෙත්.”
Pali BJT10. ඉමමත්ථං භන්තෙ, බ්රහ්මා සනංකුමාරො අභාසිත්ථ. ඉමමත්ථං භන්තෙ, බ්රහ්මුනො සනංකුමාරස්ස භාසතො අට්ඨඞ්ගසමන්නාගතො සරො හොති විස්සට්ඨො ච විඤ්ඤෙය්යො ච මඤ්ජු ච සවනීයො ච බින්දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච. යථාපරිසං ඛො පන භන්තෙ, බ්රහ්මා සනංකුමාරො සරෙන විඤ්ඤාපෙති, න චස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. යස්ස ඛො පන භන්තෙ, එවං අට්ඨඞ්ගසමන්නාගතො සරො හොති සො වුච්චති බ්රහ්මස්සරොති.
Sinhala BJT10. වහන්ස, සනත් කුමාර බ්‍රහ්ම තෙම මේ ගාථා කී ය. වහන්ස, මෙ කරුණ කියන සනත්කුමාර බ්‍රහ්මයාගේ අටඟින් යුත් සුව සේ නික්මෙන, වහා අරුත් හෙළි කරන, මිහිරි වූ, කනට සුව එළවන, එකට කැටි වූ, නො විසිරැ පවත්නා, ගැඹුරු වූ රැව් දෙන, මෙසේ මෙ කී අංග අටින් සමන්‍විත හඬෙක් වෙයි. වහන්ස, පිරිසේ පමණට ම සනත්කුමාර බ්‍රහ්ම තෙම හඬින් දන්වයි. ඔහුගේ හඬ පිරිසෙන් පිටතට නො දනික්මෙයි. වහන්ස, යමකුට මෙසේ වූ අටඟින් යුත් කට හඬෙක් වේ ද, හේ බ්‍රහ්ම ස්වරය ඇත්තේ යැ යි කියනු ලැබේ.
Pali BJT11. අථ ඛො භන්තෙ, දෙවා තාවතිංසා බ්රහ්මානං සනංකුමාරං එතදවොචුං: “සාධු මහාබ්රහ්මෙ එතදෙව මයං සඞ්ඛාය මොදාම. අත්ථි ච සක්කෙන දෙවානමින්දෙන තස්ස භගවතො අට්ඨ යථාභුච්චා වණ්ණා භාසිතා, තෙ ච මයං සඞ්ඛාය මොදාමා”ති. අථ ඛො භන්තෙ, බ්රහ්මා සනංකුමාරො සක්කං දෙවානමින්දං එතදවොච: “සාධු දෙවානමින්ද, මයම්පි තස්ස භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ සුණෙය්යාමා”ති.
Sinhala BJT11. “වහන්ස, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සනත්කුමාර බඹහු බණවා, “මහ බඹුනි, මැනැවි. අපි මෙය ම දැන සතුටු වමු. සක් දෙවිඳු විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වැ කියන ලද ඔබ කෙරෙහි ඇති සේ වූ ම ගුණ අටෙක් විද්‍යමාන ය. අපි ඔවුන් ද දැන සතුටු වමු” යි මෙය කීහ. වහන්ස, ඉක්බිත්තෙන් සනත්කුමාර බ්‍රහ්ම තෙම සක් දෙවිඳු බණවා, “මැනැව! දෙවිඳ, අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ඒ යථාභූත ගුණ අට අසන්නමෝ වේ ද” යි කී ය.
Pali BJT‘එවං මහාබ්රහ්මෙ’ති ඛො භන්තෙ, සක්කො දෙවානමින්දො බ්රහ්මුනො සනංකුමාරස්ස භගවතො අට්ඨ යථාභුච්චෙ වණ්ණෙ පයිරුදාහාසි.
Sinhala BJTවහන්ස, සක් දෙවිඳු ‘එසේ යැ මහ බඹුනි’ යි කියා ම සනත්කුමාර බඹහට භගවත් බුදුරජුන්ගේ යථාභූත ගුණ අට විස්තරයෙන් පැවැසී ය:
Pali BJTතං කිම්මඤ්ඤති භවං මහාබ්රහ්මා යාවඤ්ච සො භගවා බහුජනහිතාය පටිපන්නො බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, එවං බහුජනහිතාය පටිපන්නං බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTභවත් මහ බඹ තෙම එය කිමැ යි සිත යි ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් මහත් ලෙස බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන් සේක් දැ” යි යත හොත්, මෙසේ බොහෝ දෙනාට භිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස පිළිපන්, මෙකී අංගයෙන් සමන්‍විත ශාස්තෘවරයෙක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීත කාල පරිච්ඡේදයෙහි ද දැනුදු නො ම දකිමු.
Pali BJTස්වාක්ඛාතො ඛො පන තෙන භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි. එවං ඔපනයිකස්ස ධම්මස්ස දෙසෙතාරං ඉමිනා පඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරන ලද්දේ ය. එය තමන් විසින් ම දැක්ක යුත්තේ ය, කල් නො යා දී ම දෙන ඵල ඇත්තේ ය. ‘එව බලව’ යි (තමා දකිනුවට) අනුන් කැඳවනුයෙහි සුදුසු ය, තමන් සිත් සතන්හි එළවා දැක්ක යුතු ය, නුවණැතියන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු යැ. මෙසේ තමන් තමන් සිත් සතන් හි එළවා දැක්ක යුතු දහමක් දෙසන, මෙ මැ අංගයෙන් ද සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි ද නො දකිමු, දැනුදු නො දකිමු.
Pali BJTඉදං කුසලන්ති ඛො පන තෙන භගවතා සුප්පඤ්ඤත්තං ඉදං අකුසලන්ති සුපඤ්ඤත්තං, ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං සෙවිතබ්බං ඉදං න සෙවිතබ්බං ඉදං හීනං ඉදං පණීතං ඉදං කණ්හසුක්කසප්පටිභාගන්ති සුපඤ්ඤත්තං, එවං කුසලාකුසලසාවජ්ජානවජ්ජසෙවිතබ්බාසෙවිතබ්බහීනපණීතකණ්හසුක්කසප්පටිභාගානං ධම්මානං පඤ්ඤාපෙතාරං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘මේ කුසල්’ යි කියා ම මොනොවට පනවන ලදි. ‘මේ අකුසල්’ යි කියා ම මොනොවට පනවන ලදි. මේ වරද සහිත යැ ... මේ වරද රහිත යැ ... මේ සෙවිය යුතු යැ ... මේ නො සෙවියැ යුතු යැ ... මේ ලාමක ය ... මේ උතුම් යැ ... මේ කුශලාකුශල ධර්‍මයනට සමාන ධර්‍ම යැ යි මොනොවට පනවන ලදී. මෙසේ කුශලාකුශල සාවද්‍යානවද්‍යා සේවිතව්‍යාසේවිතව්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ල සප්‍රතිභාගධර්‍මයන් පනවන, මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමු, දැනුදු නො දකිමු.
Pali BJTසුප්පඤ්ඤත්තා ඛො පන තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානඤ්ච පටිපදා ච. සෙය්යථාපි නාම ගඞ්ගොදකං යමුනොදකෙන සංසන්දති සමෙති. එවමෙව සුප්පඤ්ඤත්තා තෙන භගවතා සාවකානං නිබ්බානගාමිනී පටිපදා සංසන්දති නිබ්බානඤ්ච පටිපදා ච. එවං නිබ්බානගාමිනියා පටිපදාය පඤ්ඤාපෙතාරං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පැනැවිණ. යම් සේ ගඟැ දිය යමුනාහි දිය හා සැසැඳේද, එසේ ම නිවන ද පිළිවෙත ද සැසඳෙයි. මෙසේ ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සව්වනට නිවන් යන පිළිවෙත මොනොවට පැනැවිණ. ඒ නිවන ද පිළිවෙත ද සැසඳෙයි. මෙසේ නිවන් යන පිළිවෙත පනවන, මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහි දු නො දකිමු, දැනුදු නො දකිමු.
Pali BJTඅභිනිප්ඵන්නො ඛො පන තස්ස භගවතො ලාභො, අභිනිප්ඵන්නො සිලොකො යාව ඛත්තියා සම්පියායමානරූපා විහරන්ති. විගතමදො ඛො පන මඤ්ඤෙ සො භගවා ආහාරං ආහාරෙති, එවං විගතමදං ආහාරං ආහරයමානං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ පිළිවෙත්හි සිටි ශෛක්‍ෂයන්ගේ ද, වැස නිමැවූ බඹසර ඇති රහතුන්ගේ ද (ඒ ඒ ශාස්තෘ කෘත්‍යයෙහි) සහායත්‍වය ලද සේක. භාග්‍යවතුන් වහන්සේ (ඔවුන් මැදැ දී ද පල සමවතින් වසන සේක්) සිතින් ඔවුන් බැහැර කොට ඒකාරාමතායෙහි යෙදීත් වසන සේක. මෙසේ ඒකාරාමතායෙහි යෙදුණු මෙ කී අංගයෙනුත් සමන්‍විත, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අන් ශාස්තෘවරයක්හු අතීතයෙහිත් නො දකිමු, දැනුත් නො දකිමු.
Pali BJTලද්ධසහායො ඛො පන සො භගවා සෙඛානඤ්චෙව පටිපන්නානං ඛීණාසවානඤ්ච වුසිතවතං, සො භගවා අපනුජ්ජ එකාරාමතං අනුයුත්තො විහරති, එවං එකාරාමතං අනුයුත්තං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යය ලාභ වෙසෙසින් උපන, කීර්තිය වෙසෙසින් උපන, ක්‍ෂත්‍රියයන් පටන් කොට සියලු දිව්‍යමනුෂ්‍යයෝ ඔබ ප්‍රිය කරන සුලු වැ වෙසෙත්. ඒ භාග්‍යවතුන් වහන්සේ පහ වූ මද ප්‍රමාද ඇති සේක් අහර ගන්නා සේක. මෙසේ පහ වූ මද ප්‍රමාද ඇති වැ අහර ගන්නා, මෙකී අංගයෙන් ද සමන්‍විත වූ සාස්තෘවරයකු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො ම දකිමු, දැනුදු නො ම දකිමු.
Pali BJTයථාවාදී ඛො පන සො භගවා තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. එවං ධම්මානුධම්මපටිප්පන්නං ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්සේ වදාරන සේක් ද, එසේ ම කරන කෙනෙක. යම්සේ කරන සේක් ද, එසේ ම වදාරන කෙනෙක මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වන සේක. මෙසේ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වූ මේ අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක් හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො ම දකිමු.
Pali BJTතිණ්ණවිචිකිච්ඡො ඛො පන සො භගවා විගතකථංකථො පරියොසිතසංකප්පො අජ්ඣාසයං ආදිබ්රහ්මචරියං, එවං තිණ්ණවිචිකිච්ඡං විගතකථංකථං පරියොසිතසඞ්කප්පං අජ්ඣාසයං ආදිබ්රහ්මචරියං. ඉමිනාපඞ්ගෙන සමන්නාගතං සත්ථාරං නෙව අතීතංසෙ සමනුපස්සාම, න පනෙතරහි අඤ්ඤත්ර තෙන භගවතා ති.
Sinhala BJTඒ භාග්‍යවතුන් වහන්සේ උතුමනට නිඃශ්‍රය වූ ආර්‍ය්‍යමාර්‍ගයෙන් තිණු විචිකිච්ඡා ඇති සේක, පහ වූ කථංකථා ඇති සේක, නිම කළ මනෝරථය ඇති සේක. මෙ කී අංගයෙනුදු සමන්‍විත ශාස්තෘවරයක්හු, ඒ භාග්‍යවතුන් වහන්සේ හැර, අතීතයෙහිත් නො දකිමු, දැනුදු නො දකිමු.”