Pali BJTචක්කරතනං
Sinhala BJTසත්රුවන
Pali BJT4. රාජා ආනන්ද, මහාසුදස්සනො සත්තහි රතනෙහි සමන්නාගතො අහොසි චතූහි ච ඉද්ධීහි. කතමෙහි සත්තහි? ඉධානන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුරහොසි සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, දිස්වා රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: “සුතං ඛො පනෙතං: යස්ස රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතු භවති සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, සො හොති රාජා චක්කවත්තීති. අස්සං නු ඛො අහං රාජා චක්කවත්තී”ති.
Sinhala BJT4. අනඳයෙනි, මහසුදසුන් රජ සත් රුවනින් ද සතර ඉදුහයෙන් ද යුත් විය. කවර සත් රුවනෙකින් ද? යත්: අනඳයෙනි, ඒ පසොළොස් වක් පොහෝ ද (සුවඳදියෙන්) හිස් සෝදා නා සමාදන් වූ පෙහෙවස් ඇති ව මහඟු පහයැ මතු මහල්තලයට පැමිණි මහසුදසුන් රජුට දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ මඬුලු සහිත, මෙසේ සියලු අයුරින් පිරිපුන් දෙව් සක් රුවන පහළ විය. එය දැක්මෙන් මහසුදසුන් රජහට මේ සිත විය, “පුණු පසළොස්වක් පොහෝ දිනැ ඉස් සෝ දා නා පෙහෙවස් සමාදන් කොට ගෙන පහයැ මතු මහල් තලයට පැමිණැ උන් මුදුනැ අබිසෙස් ලත් යම් කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත නැබ මඬුලු සහිත මෙසේ සියලු අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ වන්නේ නම් ඔහු සක්විති රජු වෙති යි මෙය මා විසින් අසන ලද්දේ ම ය. මම් සක්විති වන්නෙම් දෝ?” යනු යි.
Pali BJT5. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො උට්ඨායාසනා, එකංසං උත්තරාසඞ්ගං කරිත්වා, වාමෙන හත්ථෙන සුවණ්ණභිඞ්කාරං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන චක්කරතනං අබ්භුක්කිරි: පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතනන්ති. අථ ඛො තං ආනන්ද, චක්කරතනං පුරත්ථිමං දිසං පවත්ති’?{1} අන්වදෙව{2} රාජා මහාසුදස්සනො සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පනානන්ද, පදෙසෙ චක්කරතනං පතිට්ඨාසි තත්ථ රාජා මහාසුදස්සනො වාසං උපගඤ්ඡි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පනානන්ද, පුරත්ථිමාය දිසාය පටිරාජානො තෙ රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහංසු: එහි ඛො මහාරාජ, ස්වාගතං{3}, තෙ මහාරාජ, සකන්තෙ මහාරාජ, අනුසාස මහාරාජාති. රාජා මහාසුදස්සනො එවමාහ පාණො න හන්තබ්බො අදින්නං නාදාතබ්බං කාමෙසු මිච්ඡා න චරිතබ්බා. මුසා න භාසිතබ්බා. මජ්ජං න පාතබ්බං. යථා භුත්තඤ්ච භුඤ්ජථාති. යෙ ඛො පනානන්ද, පුරත්ථිමාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො මහාසුදස්සනස්ස අනුයන්තා අහෙසුං. අථ ඛො තං ආනන්ද, චක්කරතනං පුරත්ථිමං සමුද්දං අජ්ඣොගාහෙත්වා{4} පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්ති, දක්ඛිණං සමුද්දං අජ්ඣොගාහෙත්වා පච්චුත්තරිත්වා පච්ඡිමං දිසං පවත්ති, පච්ඡිමං සමුද්දං අජ්ඣොගාහෙත්වා පච්චුත්තරිත්වා උත්තරං දිසං පවත්ති, අන්වදෙව රාජා මහාසුදස්සනො සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පනානන්ද, පදෙසෙ චක්කරතනං පතිට්ඨාසි, තත්ථ රාජා මහාසුදස්සනො වාසං උපගඤ්ඡි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පනානන්ද, උත්තරාය දිසාය පටිරාජානො, තෙ රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහංසු: එහි ඛො මහාරාජ, ස්වාගතං තෙ මහාරාජ, සකං තෙ මහාරාජ, අනුසාස මහාරාජාති. රාජා මහාසුදස්සනො එවමාහ: පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථා භුත්තඤ්ච භුඤ්ජථාති. යෙ ඛො පනානන්ද, උත්තරාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො මහාසුදස්සනස්ස අනුයන්තා{5} අහෙසුං.
Sinhala BJT5. අනඳයෙනි, ඉක්බිත්තෙන් මහ සුදසුන් රජ හුනස්නෙන් නැඟීසිට උතුරුසඟ එකස් කොට වමතින් කෙංඩිය ගෙන, ‘භවත් සක්රුවන, පෙරැළේ වා, භවත් සක් රුවන, සතර මහ දිවයින දිනා දේ වා’යි කියා දකුණතින් සක් රුවනට දිය ඉස්සේ ය. අනඳයෙනි, එ කල්හි එ සත්රුවන පෙර දිගට පෙරැළිණ. මහ සුදසුන් රජ සිවුරඟ සෙන් හා එය අනුව ම නික්මුණේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඹ “මහරජාණනි, වඩින්නැ! මහරජාණනි, ඔබ වැඩි සේ යහපත! මෙය ඔබගේ ය. අපට අනුශාසන කළ මැනැවැ” යි කී හ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරි යැ යුතු, මුසවා නො බිණි යැ යුතු, මත් පැන් නො පියැ යුතු. තොප වැලැඳු පරිදි ම මත්තෙහි ද රට වැලැ දියැ යුතු යැ”යි මෙසේ කී ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහ සුදසුන් රජු අනුව යන්නෝ වූහ. අනඳයෙනි, ඉක්බිති සක්රුවන පෙරදිග මුහුදට බැස යළි ගොඩ නැඟ දකුණු දිගට පෙරැළිණ ... දකුණු දිග මුහුදට බැස පෙරළා ගොඩ නැඟ පැසිම් දිගට පෙරැළිණ ... පැසිම් මුහුදට බැස ගොඩ නැඟ උතුරු දිගට පෙරැළිණ. මහසුදසුන් රජ ද සිවුරඟ සෙන් හා එය අනුව ම ගියේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේ ද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඹ “මහ රජාණනි, වඩින්නැ. මහරජාණනි, ඔබ වැඩි සේ යහපත මෙය ඔබ සතු ය. අපට අනුශාසනා කළ මැනවැ” යි කීහ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරියැ යුතු, මුසවා නො බිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු. තොප වැළැඳූ පරිදි ම මත්තෙහි ද රට වැළැඳියැ යුතු යැ” යි මෙසේ කී ය. අනඳයෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු අනුවැ යන්නෝ වූහ.
Pali BJT6. අථ ඛො තං ආනන්ද, චක්කරතනං සමුද්දපරියන්තං පඨවිං අභිවිජිනිත්වා කුසාවතිං රාජධානිං පච්චාගන්ත්වා රඤ්ඤො මහාසුදස්සනස්ස අන්තෙපුරද්වාරෙ අත්ථකරණප්පමුඛෙ අක්ඛාහතං මඤ්ඤො අට්ඨාසි. රඤ්ඤො මහාසුදස්සනස්ස අන්තෙපුරං උපසොභයමානං. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං චක්කරතනං පාතුරහොසි.
Sinhala BJT6. අනඳයෙනි, ඉක්බිති ඒ සක්රුවන මුහුද හිම් කොට පොළොව දිනා, කුශාවතී රාජධානියට පෙරළා අවුත් මහසුදසුන් රජුගේ ඇතොවුර දොරැ විනිසමඬල ඉදිරියෙහි ඇතොවුර හොබවනුයේ අකුරැ ගැසූ කලෙක සෙයින් සිටියේ ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු සක්රුවනෙක් පහළ විය.
Pali BJTහත්ථිරතනං
Sinhala BJTඇත්රුවන
Pali BJT7. පුන චපරං ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස හත්ථිරතනං පාතුරහොසි, සබ්බසෙතො සත්තප්පතිට්ඨො ඉද්ධිමා වෙහාසඞ්ගමො උපොසථො නාම නාගරාජා. තං දිස්වා රඤ්ඤො මහාසුදස්සනස්ස චිත්තං පසීදි: භද්දකං වත භො හත්ථියානං සචෙ දමථං උපෙය්යාති. අථ ඛො තං ආනන්ද, හත්ථිරතනං සෙය්යථාපි නාම භද්දො හත්ථාජානීයො දීඝරත්තං සුපරිදන්තො, එවමෙව දමථං උපගඤ්ඡ. භූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො තමෙව හත්ථිරතනං වීමංසමානො පුබ්බණ්හසමයං අභිරූහිත්වා සමුද්දපරියන්තං පඨවිං අනුයායිත්වා කුසාවතිං රාජධානිං පච්චාගන්ත්වා පාතරාසමකාසි. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං හත්ථිරතනං පාතුරහොසි.
Sinhala BJT7. තවද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට සිරුර මුළුල්ල සුදු වූ, කය සත් තැනෙකින් පොළොව පහස්නා, ඉදුමත්, අහසින් යන, උපෝසථ කුලයට අයත් ඇත් රජෙක් වූ ඇත්රුවනෙක් පහළ විය. එය දැක්මෙන්, ‘ඉදින් හීලෑ බවට පැමිණියේ වී නම් ඒකාන්තයෙන් යහපත් වූ ඇත් යානයෙකැ’යි මහසුදසුන් රජුගේ සිත පැහැදිණ. අනඳයෙනි, ඉක්බිත්තෙන් ඒ ඇත්රුවන බොහෝ කලක් මොනොවට හික්මුණු සොඳුරු අජානී ඇතෙක් යම් සේ ද එසේ ම හික්මුණු බවට පැමිණියේය. අනඳයෙනි, පෙරැ වූ දැයක් කියම්. මහසුදසුන් රජ එ ම ඇත් රුවන විමසනුයේ පෙරවරු වේලෙහි උහු අරා ගොස් මුහුද හිම් කොට ඇති මුළු පොළොව වටා හැවිද කුශාවතී රාජධානියට පෙරළා අවුත් උදේ බොජුන් වැළැඳීම කෙළේ ය. අනඳයෙනි, මහසුදසුන් රජහට මෙබඳු ඇත්රුවනෙක් පහළ විය.
Pali BJTඅස්සරතනං
Sinhala BJTඅස්රුවන
Pali BJT8. පුන චපරං ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස අස්සරතනං පාතුරහොසි, සබ්බසෙතො කාළසීසො මුඤ්ජකෙසො ඉද්ධිමා වෙහාසඞ්ගමො වලාහකො නාම අස්සරාජා. තං දිස්වා රඤ්ඤො මහාසුදස්සනස්ස චිත්තං පසීදි: භද්දකං වත භො අස්සයානං සචෙ දමථං උපෙය්යාති. අථ ඛො තං ආනන්ද, අස්සරතනං සෙය්යථාපි නාම භද්දො අස්සාජානීයො දීඝරත්තං සුපරිදන්තො, එවමෙව දමථං උපගඤ්ඡි. භූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො තමෙව අස්සරතනං වීමංසමානො පුබ්බණ්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පඨවිං අනුයායිත්වා කුසාවතිං රාජධානිං පච්චාගන්ත්වා පාතරාසමකාසි. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං අස්සරතනං පාතුරහොසි.
Sinhala BJT8. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට අස් රුවනෙක් පහළ විය. ඒ කය මුළුල්ල සුදු වූ, කළු හිසක් ඇති, මුදු තෘණ බඳු කෙහෙ ඇති, ඉදුමත්, අහසින් යන, වලාහක නම් අස් රජ ය. උහු දැක්මෙන් ‘ඉදින් හික්මුණු බවට පැමිණියේ වී නම්, සොඳුරු අස් යානයෙකැ’ යි මහසුදසුන් රජුගේ සිත පැහැදුණේ ය. අනඳයෙනි, එ කල්හි ඒ අස් රුවන බොහෝ කලක් මනා ව දැමුණු සොඳුරු අජානී අසක්හු මෙන් ම දැමුණු බවට පැමිණියේ ය. ඒ පෙරැ වූ දැයක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජ එ ම අස්රුවන විමසනුයේ පෙරවරු සෙමෙහි උහු අරා මුහුද හිම් කොටැති පොළොව වටා ගොස් කුශාවතී රාජධානියට පෙරළා අවුත් උදේ බොජුන් වැළැඳී ය. අනඳයෙනි, මහ සුදසුන් රජුට මෙබඳු අස්රුවනෙක් පහළ විය.
Pali BJTමණිරතනං
Sinhala BJTමිණිරුවන
Pali BJT9. පුන චපරං ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස මණිරතනං පාතුරහොසි. සො අහොසි මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො. තස්ස ඛො පනානන්ද, මණිරතනස්ස ආභා සමන්තා යොජනං ඵුටා අහොසි. භූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො තමෙව මණිරතනං වීමංසමානො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මණිං ධජග්ගං ආරොපෙත්වා රත්තන්ධකාරතිමිසායං පායාසි. යෙ ඛො පනානන්ද, සමන්තා ගාමා අහෙසුං, තෙ තෙනොභාසෙන කම්මන්තෙ පයොජෙසුං දිවාති මඤ්ඤමානා. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං මණිරතනං පාතුරහොසි.
Sinhala BJT9. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට මිණි රුවනෙක් පහළ විය. එය සොඳුරු වූ පිරිසිදු ආකරයෙහි උපන, අටැස්, මොනොවට පිරියම් කරන ලද, පැහැදිලි වූ, වෙසෙසින් පහන් වූ, සියලු අයුරින් සම්පූර්‍ණ වූ වෙරළුමිණෙක. අනඳයෙනි, ඒ මිණිරුවනේ එළිය හාත්පස යොත්නක් තැන් පැතිරැ පැවැත්තේ විය. අනඳයෙනි, ඒ පෙරැ දැයක් කියම්. මහසුදසුන් රජ එ ම මිණිරුවන විමසනුයේ, සිවුරඟ සෙන් සන්නාහ සන්නද්ධ කොට, මිණි රුවන දද මුදුනට නංවා, රෑ ගනඳුරෙහි නික්මුණේ ය. අනඳයෙනි, හාත්පසැ යම් ගම් කෙනෙක් වූහු ද, ඔහු ‘දහවලැ’ යි හඟනාහු, ඒ එළියෙන් වැඩ ඇරැඹුහු. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු වූ මිණිරුවනෙක් පහළ විය.
Pali BJTඉත්ථිරතනං
Sinhala BJTඉතිරි රුවන
Pali BJT10. පුන චපරං ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස ඉත්ථිරතනං පාතුරහොසි, අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා, නාතිදීඝා නාතිරස්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී නාච්චොදාතා අතික්කන්තා මානුසං වණ්ණං{1} අප්පත්තා දිබ්බං වණ්ණං. තස්ස ඛො පනානන්ද, ඉත්ථිරතනස්ස එවරූපො කායසම්ඵස්සො හොති, සෙය්යථාපි නාම තූලපිචුනො වා කප්පාසපිචුනො වා. තස්ස ඛො පනානන්ද, ඉත්ථිරතනස්ස සීතෙ උණ්හානි ගත්තානි හොන්ති, උණ්හෙ සීතානි. තස්ස ඛො පනානන්ද, ඉත්ථිරතනස්ස කායතො චන්දනගන්ධො වායති. මුඛතො උප්පලගන්ධො. තං ඛො පනානන්ද, ඉත්ථිරතනං රඤ්ඤො මහාසුදස්සනස්ස පුබ්බුට්ඨායිනී අහොසි පච්ඡානිපාතිනී කිංකාරපටිසාවිනී මනාපචාරිනී පියවාදිනී. තං ඛො පනානන්ද, ඉත්ථිරතනං රාජානං මහාසුදස්සනං මනසාපි නො අතිචාරී{2}. කුතො පන කායෙන. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං ඉත්ථිරතනං පාතුරහොසි.
Sinhala BJT10. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට වෙසෙසි රූ ඇති, දැකුම්කලු, සිත පහදවන, උතුම් පැහැසපුයෙන් යුත්, ඉතා නො උස්, ඉතා නොමිටි, ඉතා කෙට්ටු නොවූ, ඉතා නො තර, ඉතා නො කලු, ඉතා නොසුදු, මිනිස් පැහැසපුව ඉක්මැවූ, දෙව් පැහැසපුවට නො පැමිණි ස්ත්‍රියක් වූ ඉතිරි රුවන පහළ විය. අනඳයෙනි, ඉඹුල් පුලුනෙහි හෝ කපු පුලුනෙහි සෙයින් ඒ ඉතිරිරුවනගේ මොළොක් පහස වෙයි. අනඳයෙනි, ශීත සමයෙහි ඒ ඉතිරි රුවනගේ ගාත්‍රයෝ උණුසුම් වෙත්, උෂ්ණ සමයෙහි සිසිල් වෙත්. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවින් මහනෙල් මල් සුවඳ හමයි. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නය මහසුදසුන් රජුට කලින් ම නැඟී සිටිනුයේ ද, වතාවත් නිමවා පසු වැ හිඳුනෙ ද, කුමක් කරම් දැ’ යි විමසා ම කරනුයේ ද, රජුට මන වඩනා දෑ ම කරනුයේද, පිය බස් ම තෙප්ලනුයේද වෙයි. අනඳයෙනි, ඒ ඉතිරි රුවන සිතිනුදු මහ සුදසුන් රජු ඉක්මැ නො හැසිරෙන්නේ විය (සිතිනුදු අනෙකකු නො පැතීය). කයින් එසේ හැසිරීමෙක් කොයින් ලැබේ ද? අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු ඉතිරි රුවනෙක් පහළ විය.
Pali BJTගහපතිරතනං
Sinhala BJTගැහැවිරුවන
Pali BJT11. පුන චපරං ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස ගහපතිරතනං පාතුරහොසි. තස්ස කම්මවිපාකජං දිබ්බචක්ඛු පාතුරහොසි, යෙන නිධිං පස්සති සස්සාමිකම්පි අස්සාමිකම්පි. සො රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහ: අප්පොස්සුක්කො ත්වං දෙව හොහි, අහං තෙ ධනෙන ධනකරණීයං කරිස්සාමීති. භූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො තමෙව ගහපතිරතනං වීමංසමානො නාවං අභිරුහිත්වා මජ්ඣෙ ගඞ්ගාය නදියා සොතං ඔගාහිත්වා ගහපතිරතනං එතදවොච: අත්ථො මෙ ගහපති හිරඤ්ඤසුවණ්ණෙනාති. තෙන හි මහාරාජ, එකං තීරං නාවා උපෙතූති ඉධෙව මෙ ගහපති අත්ථො හිරඤ්ඤසුවණ්ණෙනාති. අථ ඛො තං ආනන්ද, ගහපතිරතනං උභොහි හත්ථෙහි උදකං ඔමසිත්වා පූරං හිරඤ්ඤ වණ්ණස්ස කුම්භිං උද්ධරිත්වා රාජානං මහාසුදස්සනං එතදවොච: අලමෙත්තාවතා මහාරාජ, කතමෙත්තාවතා මහාරාජ, පූජිතමෙත්තාවතා මහාරාජාති. රාජා මහාසුදස්සනො එවමාහ: අලමෙත්තාවතා ගහපති, කතමෙත්තාවතා ගහපති, පූජිතමෙත්තාවතා ගහපතීති. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං ගහපතිරතනං පාතුරහොසි.
Sinhala BJT11. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, ඒ මහසුදසුන් රජුට ගැහැවි රුවනෙක් පහළ විය. යමෙකින් හිමියන් ඇත්තාවූ ද හිමියන් නැත්තා වූ ද නිධාන දක්නේ ද එසේ වූ කර්‍මවිපාකජ දිවැසෙක් ඒ ගැහැවි රුවනට පහළ විය. හේ මහසුදසුන් රජු කරා එළැඹ ‘දෙවියනි, ඔබ මන්‍දෝත්සාහ වන්න, ඔබට ධනයෙන් කටයුතු දෑ මම් ධනයෙන් කැරැදෙන්නෙමි’ යි මෙසේ සැළ කෙළේ ය. ඒ පෙරැ වූවක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජ එ ම ගැහැවි රුවන විමසනුයේ, නැවක නැඟ ගංගා නදිය මැදැ දිය පහරට බැස, ගැහැවිරුවන බණවා, ‘ගැහැවිය, මට අමු රනින් හා ශුද්ධ කළ රනින් ප්‍රයෝජන ඇතැ’ යි කී ය. ‘මහරජුනි, එසේ වී නම් එක් තෙරකට නැව එළැඹේව’ යි හේ කී ය. ‘ගැහැවිය , මෙහි දී ම මට හිරණ්‍ය ස්වර්‍ණයෙන් වැඩෙක් ඇතැ’ යි රජ කීය. අනඳයෙනි, එ කල්හි ඒ ගැහැවිරුවන දෝතින් දිය ස්පර්‍ශ කොට හිරණ්‍ය ස්වර්‍ණයෙන් පිරුණු සැළියක් ඔසොවා ගෙන මහසුදසුන් රජුට “මහරජුනි, මෙතෙකින් සෑහේ ද? මෙ තෙකින් කටයුත්ත කරන ලද්දේ වේ ද? මහරජුනි, මෙතෙකින් ඔබ වචනය පිදුණේ දැ?” යි කී ය. මහසුදසුන් රජ “ගැහැවිය මෙ තෙකින් සෑහෙයි, ගැහැවිය මෙතෙකින් කටයුත්ත කරන ලද ය, ගැහැවිය, මෙතෙකින් මා වචන පිදිණැ” යි කීය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු වූ ගැහැවිරුවනෙක් පහළ විය.
Pali BJTපරිනායකරතනං
Sinhala BJTපිරිනා රුවන
Pali BJT12. පුන චපරං ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස පරිනායකරතනං පාතුරහොසි පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො රාජානං මහාසුදස්සනං උපයාපෙතබ්බං උපයාපෙතුං අපයාපෙතබ්බං අපයාපෙතුං. සො රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහ: අප්පොස්සුක්කො ත්වං දෙව හොහි, අහමනුසාසිස්සාමීති. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස එවරූපං පරිනායකරතනං පාතුරහොසි: රාජා ආනන්ද, මහාසුදස්සනො ඉමෙහි සත්තහි රතනෙහි සමන්නාගතො අහොසි.
Sinhala BJT12. තව ද අනඳයෙනි, පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, ප්‍රකෘති ප්‍රඥා ඇති, මහසුදසුන් රජුහු කරා එළැඹැවියැ යුත්තහු එළඹවනනට ද, බැහැර කළ යුත්තහු බැහැර කරවන්නට සමර්‍ත්‍ථ වූ පරිනායක රත්නය ද (පුත්‍ර රත්නය ද) පහළ විය. හෙ තෙම මහ සුදසුන් රජු කරා එළැඹ ‘දේවයිනි, ඔබ මන්‍දෝත්සාහ වන්න, මම රට අනුසස්නෙමි’ යි මෙසේ කී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු පරිනායක රත්නයෙක් පහළ විය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ සත් රුවනින් සමන්‍විත විය.
Pali BJTඉද්ධිසමන්නාගමො
Sinhala BJTඍද්ධිසමන්‍වාගමය
Pali BJT13. පුන චපරං ආනන්ද, රාජා මහාසුදස්සනො චතූහි ඉද්ධීහි සමන්නාගතො අහොසි. කතමාහි චතූහි ඉද්ධීහි? ඉධ ආනන්ද, රාජා මහාසුදස්සනො අභිරූපො අහොසි දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා ආනන්ද, මහාසුදස්සනො ඉමාය පඨමාය ඉද්ධියා සමන්නාගතො අහොසි.
Sinhala BJT13. තව ද,අනඳයෙනි, මහසුදසුන් රජ සතර ඍද්ධීන්ගෙන් සමන්‍විත විය. කවර සතර ඍද්ධීන්ගෙන් ද? යත්: අනඳයෙනි, මෙහි මහ සුදසුන් රජ වෙසෙස් රූ ඇත්තේ, (අතෘප්තිකර දසුන් ඇතියෙන්) දක්නට සුදුසු වූයේ, දුටුවන් පහදවනුයේ, සෙසු මිනිස්නට වඩා අතිසයින් උතුම් පැහැ සටහනින් සමන්‍විත වූයේ වී ය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ පළමු වන ඍද්ධියෙන් සමන්‍විත වී ය.
Pali BJTපුන චපරං ආනන්ද, රාජා මහාසුදස්සනො දීඝායුකො අහොසි චිරට්ඨිතිකො අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා ආනන්ද, මහාසුදස්සනො ඉමාය දුතියාය ඉද්ධියා සමන්නාගතො අහොසි.
Sinhala BJTතව ද අනඳයෙනි, මහසුදසුන් රජ සෙසු මිනිස්නට වඩා දීර්‍ඝ ආයුෂ ඇත්තේ බොහෝ කල් සිටුනේ වී ය. අනඳයෙනි, මහ සුදසුන් රජ මේ දෙවෙනි ඍද්ධියෙන් සමන්‍විත වී ය.
Pali BJTපුන චපරං ආනන්ද, රාජා මහාසුදස්සනො අප්පාබාධො අහොසි අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණිසා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා ආනන්ද, මහාසුදස්සනො ඉමාය තතියාය ඉද්ධියා සමන්නාගතො අහොසි.
Sinhala BJTතව ද අනඳයෙනි, මහ සුදසුන් රජ ආබාධ නැත්තේ, රෝග නැත්තේ, ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, සෙසු මිනිස්නට වැඩි තරම් වූ සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් සමන්‍විත වී ය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ තෙවෙනි ඍද්ධියෙන් සමන්‍විත වී ය.
Pali BJTපුන චපරං ආනන්ද, රාජා මහාසුදස්සනො බ්රාහ්මණගහපතිකානං පියො අහොසි මනාපො. සෙය්යථාපි ආනන්ද, පිතා පුත්තානං පියො හොති මනාපො, එවමෙව ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො බ්රාහ්මණගහපතිකානං පියො අහොසි මනාපො රඤ්ඤො පි ආනන්ද, මහාසුදස්සනස්ස බ්රාහ්මණගහපතිකා පියා අහෙසුං මනාපා. සෙය්යථාපි ආනන්ද, පිතු පුත්තා පියා හොන්ති මනාපා, එවමෙව ඛො ආනන්ද, රඤ්ඤොපි මහාසුදස්සනස්ස බ්රාහ්මණගහපතිකා පියා අහෙසුං මනාපා. සෙය්යථාපි ආනන්ද, පිතු පුත්ත පියා හොන්ති මනාපා, එවමෙව ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස බ්රාහ්මණගහපතිකා පියා අහෙසුං මනාපා.
Sinhala BJTතව ද අනඳයෙනි, මහ සුදසුන් රජ බමුණනට ද ගැහැවියනට ද ප්‍රිය ද මනාප ද වී ය. අනඳයෙනි, පියා පුතුනට යම්සේ ප්‍රියත් මනාපත් වේ ද, එසේ ම මහසුදසුන් රජ බමුණනටත් ගැහැවියනටත් ප්‍රිය ද මනාප ද වී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට ද බමුණෝත් ගැහැවියෝත් පිය ද මනාප ද වූහ. අනඳයෙනි, යම්සේ පියාට පුත්‍රයෝ ප්‍රියත් මනාපත් වෙත් ද, එසේ ම මහ සුදසුන් රජුට ද බමුණෝත් ගැහැවියෝත් පිය ද මනාප ද වූහ.
Pali BJTභූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො චතුරඞ්ගිනියා සෙනාය උය්යානභූමිං නිය්යාසි. අථ ඛො ආනන්ද, බ්රාහ්මණගහපතිකා රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහංසු ‘අතරමානො දෙව යාහි යථා තං මයං චිරතරං පස්සෙය්යාමා’ති. රාජා පි ආනන්ද, මහාසුදස්සනො සාරථිං ආමන්තෙසි අතරමානො සාරථි රථං පෙසෙහි යථාහං බ්රාහ්මණගහපතිකෙහි චිරතරං පස්සීයෙය්යන්ති. රාජා ආනන්ද, මහාසුදස්සනො ඉමාය චතුත්ථියා{1} ඉද්ධියා සමන්නාගතො අහොසි.
Sinhala BJTඅනඳයෙනි, පෙරැ දවසැ මහ සුදසුන් රජ සිවුරඟ සෙනඟින් උපලක්‍ෂිත වැ උයන් බිම බලා නික්මුණේ ය. අනඳයෙනි, එ කල්හි බමුණෝත් ගැහැවියෝත් මහසුදසුන් රජු කරා එළැඹ, දේවයිනි, යම්සේ අපි බොහෝ වේලාවක් ඔබ දැක්කැ හැකි වන නමෝ ද, එසේ නො යුහු වැ වඩින්නැ’ යි මෙසේ කීහ. අනඳයෙනි, මහසුදසුන් රජ ද රියැදුරා අමතා, ‘සැරිය, යම් සේ මම් බමුණු ගැහැවියන් විසින් බොහෝ වේලා දක්නා ලබනු හැකි වන්නෙම් ද, එසේ සෙමෙන් රිය යවව’ යි මෙසේ කී ය. අනඳයෙනි, මහ සුදසුන් රජ මේ සතර වන ඍද්ධියෙන් සමන්‍විත වී ය.
Pali BJTරාජා ආනන්ද, මහාසුදස්සනො ඉමාහි චතූහි ඉද්ධීහි සමන්නාගතො අහොසි.
Sinhala BJTඅනඳයෙනි, මහසුදසුන් රජ මේ සතර ඍද්ධීන් ගෙන් සමන්‍විත වී ය.
Pali BJTපොක්ඛරණීමාපනං
Sinhala BJTපොකුණු මැවීම
Pali BJT14. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: යන්නූනාහං ඉමාසු තාලන්තරිකාසු ධනුසතෙ ධනුසතෙ පොක්ඛරණියො මාපෙය්යන්ති. මාපෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො තාසු තාලන්තරිකාසු ධනුසතෙ ධනුසතෙ පොක්ඛරණියො. තා ඛො පනානන්ද, පොක්ඛරණියො චතුන්නං වණ්ණානං ඉට්ඨකාහි චිතා අහෙසුං, එකා ඉට්ඨකා සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵළිකමයා. තාසු ඛො පනානන්ද, පොක්ඛරණීසු චත්තාරි චත්තාරි ච සොපාණානි අහෙසු චතුන්නං වණ්ණානං. එකං සොපාණං සොවණ්ණමයං, එකං රූපියමයං, එකං වෙළුරියමයං, එකං ඵළිකමයං. සොවණ්ණමයස්ස සොපාණස්ස සොවණ්ණමයා ථම්භා අහෙසුං, රූපියමයා සූචියො ච උණ්හීසඤ්ච. රූපියමයස්ස සොපාණස්ස රූපියමයා ථම්භා අහෙසුං, සොවණ්ණමයා සූචියො ච උණ්හීසඤ්ච. වෙළුරියමයස්ස සොපාණස්ස වෙළුරියමයා ථම්භා අහෙසුං, ඵළිකමයා සූචියො ච උණ්හීසඤ්ච. ඵළිකමයස්ස සොපාණස්ස ඵළිකමයා ථම්භා අහෙසුං, වෙළුරියමයා සූචියො ච උණ්හීසඤ්ච.
Sinhala BJT14. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජහට, ‘මේ තල්රුක් අතරැ, දුනු සියක් දුනු සියක් තන්හි පොකුණු කැරැවීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ තෙම ඒ තල්රුක් අතරැ දුනු සියයක් දුනුසියයක් තැනැ පොකුණු කැරැවී ය. අනඳයෙනි, ඒ පොකුණු සිවුවණක් ගඩොළුයෙන් බඳනා ලද්දාහු වූහ. එක් ගඩොළු කෙනෙක් රන්මුවා වූහ. එක් ගඩොළු කෙනෙක් රිදීමුවා වූහ, එක් ගඩොළු කෙනෙක් වෙරළුමිණි මුවා වූහ. එක් ගඩොළු කෙනෙක් පළිඟුමුවා වූහ. අනඳයෙනි, ඒ පොකුණුවලැ සිවු පැහැයෙන් නිමි සිවු සිවු හිණිමං කෙනෙක් වූහ. (එහි) එක් හිණෙක් රන්මුවා විය. එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිණිහිස ද වූහ. රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැටද හිණිහිස ද වූහ. වෙරළුමිණිමුවා හිණෙහි වෙරළුමිණිමුවා ටැම්හු ද පළිඟුමුවා පියගැට ද හිණිහිස ද වූහ. පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරළුමිණිමුවා පියගැට ද හිණිහිස ද වූහ.
Pali BJTතා ඛො පනානන්ද, පොක්ඛරණියො ද්වීහි වෙදිකාහි පරික්ඛිත්තා අහෙසුං, එකා වෙදිකා සොවණ්ණමයා, එකා රූපියමයා. සොවණ්ණමයාය වෙදිකාය සොවණ්ණමයා ථම්භා අහෙසුං, රූපියමයා සූචියො ච උණ්හීසඤ්ච. රූපියමයාය වෙදිකාය රූපියමයා ථම්භා අහෙසුං, සොවණ්ණමයා සූචියො ච උණ්හීසඤ්ච. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි “යන්නූනාහං ඉමාසු පොක්ඛරණීසු එවරූපං මාලං රොපාපෙය්යං: උප්පලං පදුමං කුමුදං පුණ්ඩරීකං සබ්බොතුකං සබ්බජනස්ස අනාවටන්ති. රොපාපෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො තාසු පොක්ඛරණීසු එවරූපං මාලං උප්පලං පදුමං කුමුදං පුණ්ඩරීකං සබ්බොතුකං සබ්බජනස්ස අනාවටං.
Sinhala BJTඅනඳයෙනි, ඒ පොකුණුහු වූ කලි පිල්කඩ දෙකෙකින් පිරිකෙවුණේ වූහ. එක් පිල්කඩෙක් රන්මුවා ද එක් පිල්කඩෙක් රිදීමුවා ද විය. රන්මුවා පිල්කඩෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද මුදුන ද වූහ. රිදීමුවා පිල් කඩෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට ද මුදුන ද වූහ. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජහට ‘මේ පොකුණුවලැ හැම ඍතුයෙහි ම පිපෙන සේ වූ උපුල් පියුම් කුමුදු පඬෙර (හෙළ පියුම්) යන මෙ බඳු මල් ගස් හැම දෙනාට ඇවුරුම් නැතිසේ සාධාරණ කොට රෝපණ කැරැවීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ ඒ පොකුණුවලැ ඇවුරුම් නැතිසේ හැම දෙනාට සාධාරණ කොට හැම ඍතුයෙහි ම පිපෙන සේ වූ උපුල් පියුම් කුමුදු පඬෙර යන මෙ බඳු මල්ගස් රෝපණ කැරැවී ය.
Pali BJT15. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: “යන්නූනාහං ඉමාසං පොක්ඛරණීනං තීරෙ නහාපකෙ පුරිසෙ ඨපෙය්යං යෙ ආගතාගතං ජනං නහාපෙස්සන්තී”ති. ඨපෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො තාසං පොක්ඛරණීනං තීරෙ නහාපකෙ පුරිසෙ යෙ ආගතාගතං ජනං නහාපෙසුං.
Sinhala BJT15. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජුට මේ පොකුණුතෙරැ ආ ආ ජනයා නාවන ස්නාපයකයන් තැබීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ පොකුණු තෙරැ ආ ආ ජනයා නාවන ස්නාපකයන් තැබී ය.
Pali BJTඅථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: යන්නූනාහං ඉමාසං පොක්ඛරණීනං තීරෙ එවරූපං දානං පට්ඨපෙය්යං අන්නං අන්නත්ථිකස්ස{1} පානං පානත්ථිකස්ස වත්ථං වත්ථත්ථිකස්ස යානං යානත්ථිකස්ස සයනං සයනත්ථිකස්ස ඉත්ථිං ඉත්ථත්ථිකස්ස හිරඤ්ඤං හිරඤ්ඤත්ථිකස්ස සුවණ්ණං සුවණ්ණත්ථිකස්සාති. පට්ඨපෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො තාසං පොක්ඛරණීනං තීරෙ එවරූපං දානං: අන්නං අන්නත්ථිකස්ස පානං පානත්ථිකස්ස වත්ථං වත්ථත්ථිකස්ස යානං යානත්ථිකස්ස සයනං සයනත්ථිකස්ස ඉත්ථිං ඉත්ථත්ථිකස්ස හිරඤ්ඤං හිරඤ්ඤත්ථිකස්ස සුවණ්ණං සුවණ්ණත්ථිකස්සාති.
Sinhala BJTඉක්බිති ‘මේ පොකුණු තෙරැ අහර කැමැත්තනුට අහරද, පැන් කැමැත්තහුට පැන් ද, වස්ත්‍ර කැමැත්තහුට වස්ත්‍ර ද, යාන කැමැත්තහුට යාන ද, යහන් කැමැත්නුට යහන් ද, ස්ත්‍රියක කැමැත්තහුට ස්ත්‍රිය ද, අමුරන් කැමැත්තහුට අමුරන් ද, රත්රන් කැමැත්තනුට රත්රන් දැ යි මෙසේ වූ දානයක් පිහිටුවීම් නම් යෙහෙකැ’ යි මහසුදසුන් රජුට මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ ඒ පොකුණුතෙරැ අහර කැමැත්තහුට අහර ද, පැන් කැමැත්තහුට පැන් ද, වස්ත්‍ර කැමැත්තහුට වස්ත්‍ර ද, යාන කැමැත්තනුට යාන ද, යහන් කැමැත්තහුට යහන් ද, ස්ත්‍රියක කැමැත්තහුට ස්ත්‍රිය ද, අමුරන් කැමැත්තහුට අමුරන් ද, රත්රන් කැමැත්තනුට රත්රන් දැ යි මෙසේ වූ දානයක් පිහිටුවී ය.
Pali BJT16. අථ ඛො ආනන්ද, බ්රාහ්මණගහපතිකා පහූතං සාපතෙය්යං ආදාය රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහංසු: ඉදං දෙව පහූතං සාපතෙය්යං දෙවඤ්ඤෙව උද්දිස්ස ආභතං, තං දෙවො පටිගණ්හාතූති. “අලං ගො, මමපීදං පහූතං සාපතෙය්යං ධම්මිකෙන බලිනා අභිසඞ්ඛතං තං වො හොතු, ඉතො ච භීයො හරථා”ති. තෙ රඤ්ඤා පටික්ඛිත්තා එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං: ‘න ඛො එතං අම්හාකං පතිරූපං, යං මයං ඉමානි සාපතෙය්යානි පුනදෙව සකානි ඝරානි පටිහරෙය්යාමාති, යන්නූන මයං රඤ්ඤො මහාසුදස්සනස්ස නිවෙසනං මාපෙය්යාමා”ති. තෙ රාජානං මහාසුදස්සනං උපසඞ්කමිත්වා එවමාහංසු ‘නිවෙසනන්තෙ දෙව මාපෙස්සාමා’ති. අධිවාසෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො තුණ්හීභාවෙන. අථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො රඤ්ඤො මහාසුදස්සනස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය විස්සකම්මං{1} දෙවපුත්තං ආමන්තෙසි, එහි ත්වං සම්ම විස්සකම්ම රඤ්ඤො මහාසුදස්සනස්ස නිවෙසනං මාපෙහි ධම්මං නාම පාසාදන්ති.
Sinhala BJT16. අනඳයෙනි, එ කල්හි බමුණෝ ද ගැහැවියෝ ද බොහෝ වස්තුව ගෙන මහ සුදසුන් රජු කරා එළැඹ, ‘දේවයිනි, මේ බොහෝ වස්තුව දේවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේ ය. එය දේවයන් වහන්සේ පිළිගන්නා සේක් ව’ යි මෙසේ කීහ. ‘භවත්නි, කම් නැත. මගේ ද මේ බොහෝ වස්තුව දැහැමි අය බද්දෙන් පිළියෙල කැරුණේ ය, එය තොපට වේ වා, මෙයින් වැඩි පුර ද ගෙන යවු’ යැ යි රජ ඔවුන් දුන් වස්තුව පිළිකෙවී ය. රජු විසින් පිළිකෙවුණු ඔහු එක් පසකට ගොස්, ‘මේ වස්තූන් අපි නැවැත සිය ගෙවලට පෙරළා ගෙන යන්නමු යන යමෙක් ඇද්ද, මෙය අපට නො සුදුසු ම ය, අපි (මෙයින්) මහසුදසුන් රජුට ගෙයක් කරන්නමෝ නම් යෙහෙකැ’ යි මෙසේ සිතූහ. ඔහු මහසුදසුන් රජු වෙත එළැඹ ‘දේවයිනි, ඔබට ගෙයක් කරන්නමු’ යි මෙසේ සැළ කළාහ. අනඳයෙනි, මහසුදසුන් රජ නිහඬ බැවින් එය ඉවැසී ය.
Pali BJT‘එවං භදන්තෙ’ති ඛො ආනන්ද, විස්සකම්මා දෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා, සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො, රඤ්ඤො මහාසුදස්සනස්ස පුරතො පාතුරහොසි. අථ ඛො ආනන්ද, විස්සකම්මා දෙවපුත්තො රාජානං මහාසුදස්සනං එතදවොච, නිවෙසනන්තෙ දෙව මාපෙස්සාමි ධම්මං නාම පාසාදන්ති. අධිවාසෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො තුණ්හීභාවෙන. මාපෙසි ඛො ආනන්ද, විස්සකම්මා දෙවපුත්තො රඤ්ඤො මහාසුදස්සනස්ස නිවෙසනං ධම්මං නාම පාසාදං.
Sinhala BJTඅනඳයෙනි, එ කලැ සක්දෙවිඳු සිය සිතින් මහසුදසුන් රජුගේ සිතැ කල්පනාව දැන, විස්සම් දෙව්පුතු බණවා, ‘යහලු විස්සම්, තෝ මෙහි එව, මහසුදසුන් රජුට දහම් පා නම් ගෙයක් මවව’ යි කී ය. අනඳයෙනි, ‘එසේ ය, වහන්සැ’ යි කියා ම විස්සම් දෙව්පුත් සක් දෙවිඳුට පිළිවදන් දී ශක්තිමත් පුරුෂයකු වක් කළ අතක් දික් කරනු හෝ දික් කළ අතක් වක් කරනු සේ යුහු ව තව්තිසා දෙව්ලොවැ අතුරු දහන් වැ, මහසුදසුන් රජු ඉදිරියේ පහළ විය. අනඳයෙනි, ඉක්බිත්තෙන් විස්සම් දෙව්පුත් මහ සුදසුන් රජුට, ‘දේවයිනි, ඔබට නිවහනක්, දහම් නම් පහයක් මවන්නෙමි’ යි මෙ වචන කී ය, අනඳයෙනි, මහසුදසුන් රජ නිහඬ බැවින් (එය) ඉවැසී ය.
Pali BJT17. ධම්මො ආනන්ද, පාසාදො පුරත්ථිමෙන ච පච්ඡිමෙන ච යොජනං ආයාමෙන අහොසි, උත්තරෙන ච දක්ඛිණෙන ච අද්ධයොජනං විත්ථාරෙන, ධම්මස්ස ආනන්ද, පාසාදස්ස තිපොරිසං උච්චත්තෙන වත්ථු චිතං අහොසි චතුන්නං වණ්ණානං ඉට්ඨකාහි, එකා ඉට්ඨකා සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵළිකමයා.
Sinhala BJT17. අනඳයෙනි, විස්සම් දෙව්පුත් මහසුදසුන් රජුට නිවහනක්, දහම් නම් පහයක් මැවී ය. අනඳයෙනි, දහම් පහය පෙර දෙසින් ද පැසිම් දෙසින් ද දිගින් යොදුනෙක් විය, උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පුලුලින් අඩ යොදුන් විය. අනඳයෙනි, දහම් පහයේ ගෙබිම එක්තරා ගඩොළුයෙක් රන්මුවා ද, එක්තරා ගඩොළුයෙක් රිදීමුවා ද එක්තරා ගඩොළුයෙක් වෙරළුමිණිමුවා ද, එක්තරා ගඩොළුයෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් ගඩොළුයෙන් උසින් තුන් බඹයක් නංවන ලද්දේ විය.
Pali BJTධම්මස්ස ආනන්ද, පාසාදස්ස චතුරාසීති ථම්භසහස්සානි අහෙසුං චතුන්නං වණ්ණානං, එකො ථම්භො සොවණ්ණමයො, එකො රූපියමයො, එකො වෙළුරියමයො, එකො ඵළිකමයො. ධම්මො ආනන්ද, පාසාදො චතුන්නං වණ්ණානං ඵලකෙහි සන්ථතො අහොසි’
Sinhala BJTඅනඳයෙනි, දහම් පහයේ සිවුවන් ගඩොළුයෙන් නැංවුණු අසුසාර දහසෙක් ටැම්හු වූහ. එක් ටැඹෙක් රන්මුවා විය, එක් ටැඹෙක් රිදීමුවා ද එක් ටැඹෙක් වෙරළුමිණි මුවා ද එක් ටැඹෙක් පළිඟුමුවා ද විය. අනඳයෙනි, දහම් පහය, එක්තරා පෝරු කෙනෙක් රන්මුවා ද, එක්තරා පෝරු කෙනෙක් රිදීමුවා ද, එක්තරා පෝරු කෙනෙක් වෙරළුමිණිමුවා ද, එක්තරා පෝරු කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් පෝරුයෙන් අතුරන ලද්දේ විය.
Pali BJTඑකං ඵලකං සොවණ්ණමයං, එකං රූපියමයං, එකං වෙළුරියමයං, එකං ඵළිකමයං. ධම්මස්ස ආනන්ද, පාසාදස්ස චතුවීසති සොපාණානි අහෙසුං චතුන්නං වණ්ණානං, එකං සොපාණං සොවණ්ණමයං, එකං රූපියමයං, එකං වෙළුරියමයං, එකං ඵළිකමයං -පෙ- ඵළිකමයස්ස සොපාණස්ස ඵළිකමයා ථම්භා අහෙසුං වෙළුරියමයා සූචියො ච උණ්හීසඤ්ච.
Sinhala BJTඅනඳයෙනි, දහම් පහයේ එක්තරා හිණෙක් රන්මුවා ද එක්තරා හිණෙක් රිදීමුවා ද එක්තරා හිණෙක් වෙරළුමිණිමුවා ද එක්තරා හිණෙක් පළිඟුමුවා දැ යි සතර වගයෙකින් නිමි සූවිසි හිණිමං කෙනෙක් වූහ. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද ... පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරළු මිණි මුවා පියගැට ද හිණිහිස් ද වූහ.
Pali BJTධම්මෙ ආනන්ද, පාසාදෙ චතුරාසීතිකූටාගාරසහස්සානි අහෙසුං චතුන්නං වණ්ණානං: එකං කූටාගාරං සොවණ්ණමයං, එකං රූපියමයං, එකං වෙළුරියමයං, එකං ඵළිකමයං. සොවණ්ණමයෙ කූටාගාරෙ රූපියමයො පල්ලඞ්කො පඤ්ඤත්තො අහොසි, රූපියමයෙ කූටාගාරෙ සොවණ්ණමයො පල්ලඞ්කො පඤ්ඤත්තො අහොසි, වෙළුරියමයෙ කූටාගාරෙ දන්තමයො පල්ලඞ්කො පඤ්ඤත්තො අහොසි, ඵළිකමයෙ කූටාගාරෙ මසාරගල්ලමයො පල්ලඞ්කො පඤ්ඤත්තො අහොසි. සොවණ්ණමයස්ස කූටාගාරස්ස ද්වාරෙ රූපියමයො තාලො ඨිතො අහොසි, තස්ස රූපියමයො ඛන්ධො, සොවණ්ණමයානි පත්තානි ච ඵලානි ච. රූපියමයස්ස කූටාගාරස්ස ද්වාරෙ සොවණ්ණමයො තාලො ඨිතො අහොසි, තස්ස සොවණ්ණමයො ඛන්ධො, රූපියමයානි පත්තානි ච ඵලානි ච. වෙළුරියමයස්ස කූටාගාරස්ස ද්වාරෙ ඵළිකමයො තාලො ඨිතො අහොසි, තස්ස ඵළිකමයො ඛන්ධො, වෙළුරියමයානි පත්තානි ච ඵලානි ච. ඵළිකමයස්ස කූටාගාරස්ස ද්වාරෙ වෙළුරියමයො තාලො ඨිතො අහොසි, තස්ස වෙළුරියමයො ඛන්ධො, ඵළිකමයානි පත්තානි ච ඵලානි ච.
Sinhala BJTඅනඳයෙනි, දහම්පහයෙහි එක් කුළුගෙයෙක් රන්මුවා ද, එකෙක් රිදීමුවා ද එකෙක් වෙරළුමිණිමුවා ද එකෙක් පළිඟුමුවා දැ යි සිවුවගයෙක සුවාසූ දහසෙක් කුළුගෙවල් වූහ. රන්මුවා කුළුගෙහි රිදීමුවා පළඟෙක් පැනැවුණේ විය. රිදීමුවා කුළුගෙහි රන්මුවා පළඟෙක් පැනැවුණේ විය. වෙරළුමිණිමුවා කුළුගෙහි ඇත්දළමුවා පළඟෙක් පැනැවුණේ විය. පළිඟුමුවා කුළුගෙහි මැසිරිගල්මුවා පළඟෙක් පැනැවුණේ විය. රන්මුවා කුළු ගෙහි දොරැ රිදීමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ රිදීමුවා ද පත්‍ර හා ඵල හා රන්මුවා ද වූහ. රිදීමුවා කුළුගෙයැ දෙරැ රන්මුවා තල් රුකෙක් සිටියේ විය. එහි කඳ රන්මුවා ද පත්‍ර හා ඵල හා රිදීමුවා ද වූහ. වෙරළුමිණිමුවා කුළුගෙයැ දොරැ පළිඟුමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ පළිඟුමුවා ද පත්‍ර හා ඵල හා වෙරළුමිණිමුවා ද වූහ. පළිඟුමුවා කුළුගෙයැ දොරැ වෙරළුමිණිමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ වෙරළුමිණිමුවා ද පත්‍ර හා ඵල හා පළිඟුමුවා ද වූහ.
Pali BJT18. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: යන්නූනාහං මහාවියූහස්ස කූටාගාරස්ස ද්වාරෙ සබ්බසොවණ්ණමයං තාලවනං මාපෙය්යං යත්ථ දිවාවිහාරං නිසීදිස්සාමීති. මාපෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො මහාවියූහස්ස කූටාගාරස්ස ද්වාරෙ සබ්බසොවණ්ණමයං තාලවනං යත්ථ දිවාවිහාරං නිසීදි. ධම්මො ආනන්ද, පාසාදො ද්වීහි වෙදිකාහි පරික්ඛිත්තො අහොසි, එකා වෙදිකා සොවණ්ණමයා, එකා රූපියමයා. සොවණ්ණමයාය වෙදිකාය සොවණ්ණමයා ථම්භා අහෙසුං, රූපියමයා සූචියො ච උණ්හීසඤ්ච. රූපියමයාය වෙදිකාය රූපියමයා ථම්භා අහෙසුං, සොවණ්ණමයා සූචියො ච උණ්හීසඤ්ච.
Sinhala BJT18. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජුට “යම් තැනෙක මම් දිවාවිහරණ පිණිස හිඳිනෙම් ද, එහි සියල්ල රන්මුවා තල් වනයක් කැරැවීම් නම් යෙහෙකැ” යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති, යම් තැනෙක මහසුදසුන් රජ දිවා විහරණය පිණිස හිඳුනේ ද, එහි මහාව්‍යුහ කුළුගෙයැ දොරැ තල්වනයක් කැරැවී ය. අනඳයෙනි, දහම් පහය වේදිකා (පිල්) දෙකෙකින් පිරිකෙවුණේ විය. එක් වේදිකායේක් රන්මුවා විය. අනෙක රිදීමුවා විය. රන්මුවා වේදිකායෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට හා කණු හිස් හා වූහ. රිදීමුවා වේදිකායෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට හා කණු හිස් හා වූහ.
Pali BJT19. ධම්මො ආනන්ද, පාසාදො ද්වීහි කිංකිණිකජාලෙහි{1} පරික්ඛිත්තො අහොසි, එකං ජාලං සොවණ්ණමයං, එකං රූපියමයං. සොවණ්ණමයස්ස ජාලස්ස රූපියමයා කිංකිණියො අහෙසුං, රූපියමයස්ස ජාලස්ස සොවණ්ණමයා කිංකිණියො අහෙසුං.
Sinhala BJT19. අනඳයෙනි, දහම්පාය කිකිණි දැල් දෙකෙකින් පිරිකෙවුණේ විය. එක් දැලෙක් රන්මුවා ද එක් දැලෙක් රිදීමුවා ද විය. රන්මුවා දැලෙහි රිදීමුවා කිකිණි (රහුගෙඩි) විය. රිදීමුවා දැලෙහි රන්මුවා කිකිණි (රහුගෙඩි) විය.
Pali BJTතෙසං ඛො පනානන්ද, කිංකිණිකජාලානං වාතෙරිතානං සද්දො අහොසි වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච. සෙය්යථාපි ආනන්ද, පඤ්චඞ්ගිකස්ස තුරියස්ස සුවිනීතස්ස සුප්පටිතාළිතස්ස සුකුසලෙහි{1} සමන්නාහතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච, එවමෙව ඛො ආනන්ද, තෙසං කිංකිණිකජාලානං වාතෙරිතානං සද්දො අහොසි වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච. යෙ ඛො පනානන්ද, තෙන සමයෙන කුසාවතියා රාජධානියා ධුත්තා අහෙසුං සොණ්ඩා පිපාසා. තෙ තෙසං කිංකිණිකජාලානං වාතෙරිතානං සද්දෙන පරිචාරෙසුං.
Sinhala BJTඅනඳයෙනි, සුළඟින් සැලුණු ඒ කිකිණි දැල්හි මියුරු සිත්කලු මන වඩනා, (ප්‍රීතියෙන්) කුල්මත් කරන හඬෙක් විය. අනඳයෙනි, දක්‍ෂ වාදකයකු විසින් මොනොවට වැයූ මොනොවට ගැයූ පසැඟි තුරුවන් හඬ යම්සේ මියුරුත් සිත් අලවනුත් කන්කලුත් සිත කුල්මත් කරනුත් වේ ද, අනඳයෙනි, එසේ ම සුළඟින් සැලුණු ඒ කිකිණි දැලුන් හඬ මියුරු ද සිත් අලවනු ද මන වඩනු ද සිත් කුල්මත් කරනු ද විය. අනඳයෙනි, එ සමයෙහි කුසාවතී රජදහනැ සුරාසොඬ වූ මත් පැනෙහි ගිජු වූ ධූර්‍තයෝ වූහ. ඔහු ඒ සුළඟින් සැලුණු කිකිණි දැලුන් හඬින් ඉඳුරන් හැසිරැවූහ (ඊ වටා කිකිණිදැලුන් හඬ අනුව නැටීම් ආදිය කළාහ.)
Pali BJTනිට්ඨිතො ඛො පනානන්ද, ධම්මො පාසාදො දුද්දික්ඛො අහොසි මුසති චක්ඛූනි. සෙය්යථාපි ආනන්ද, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නාහං අබ්භුග්ගමමානො{2} දුද්දික්ඛො{3} හොති, මුසති චක්ඛූනි, එවමෙව ඛො ආනන්ද, ධම්මො පාසාදො දුද්දික්ඛො අහොසි මුසති චක්ඛූනි.
Sinhala BJTඅනඳයෙනි, නිමියා වූ දහම් පහය බැලිය නො හැකි විය. එය (අධික දීප්තියෙන්) ඇස් අඳුරු කෙරෙයි. අනඳයෙනි, වැසි සාරමසින් පැසිම් මසෙහි සරත් සමයෙහි බැබලුණු, පහ වූ වලා ඇති අහසැ නැගෙන හිරු යම්සේ බැලිය නො හැකි ද, ඇස් අඳුරු කෙරෙයි ද, එසේ ම අනඳයෙනි, දහම් පහය බැලිය නොහැකි විය, ඇස් අඳුරු කරන්නේ විය.
Pali BJT20. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: යන්නූනාහං ධම්මස්ස පාසාදස්ස පුරතො ධම්මං නාම පොක්ඛරණිං මාපෙය්යන්ති. මාපෙසි ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො ධම්මස්ස පාසාදස්ස පුරතො ධම්මං නාම පොක්ඛරණිං. ධම්මා ආනන්ද, පොක්ඛරණී පුරත්ථිමෙන ච පච්ඡිමෙන ච යොජනං ආයාමෙන අහොසි, උත්තරෙන දක්ඛිණෙන ච අද්ධයොජනං විත්ථාරෙන. ධම්මා ආනන්ද, පොක්ඛරණී චතුන්නං වණ්ණානං ඉට්ඨකාහි චිතා අහොසි, එකා ඉට්ඨකා සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵළිකමයා.
Sinhala BJT20. අනඳයෙනි, ඉක්බිති මහ සුදසුන් රජුට, ‘දහම් පහය ඉදිරියෙහි දහම් නම් පොකුණක් කරවන්නෙම් වීම් නම් යෙහෙකැ’ යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ දහම් පාය ඉදිරියෙහි දහම් නම් පොකුණක් කැරැවීය. අනඳයෙනි, පෙර දෙසින්ද පැසිම් දෙසින් ද අයමින් යොදුනෙක් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද පුලුලින් අඩයොදුන් විය. අනඳයෙනි, දහම් පොකුණ ඇතැම් උළු කෙනෙක් රන්මුවා ද ඇතැම් කෙනෙක් රිදීමුවා ද ඇතැම් කෙනෙක් වෙරළුමිණි මුවා ද ඇතැම් කෙනෙක් පළිඟුමුවා ද යි සිවුවණක් ගඩොළුයෙන් නංවන ලද්දේ විය.
Pali BJTධම්මාය ආනන්ද, පොක්ඛරණියා චතුවීසතිසොපාණානි අහෙසුං චතුන්නං වණ්ණානං, එකං සොපාණං සොවණ්ණමයං, එකං රූපියමයං, එකං වෙළුරියමයං, එකං ඵළිකමයං. සොවණ්ණමයස්ස සොපාණස්ස සොවණ්ණමයා ථම්භා අහෙසුං රූපියමයා සූචියො ච උණ්හීසඤ්ච, රූපියමයස්ස සොපාණස්ස රූපියමයා ථම්භා අහෙසුං සොවණ්ණමයා සූචියො ච උණ්හීසඤ්ච, වෙළුරියමයස්ස සොපාණස්ස වෙළුරියමයා ථම්භා අහෙසුං ඵළිකමයා සූචියො ච උණ්හීසඤ්ච, ඵළිකමයස්ස සොපාණස්ස ඵළිකමයා ථම්භා අහෙසුං වෙළුරියමයා සූචියො ච උණ්හීසඤ්ච.
Sinhala BJTඅනඳයෙනි, දහම් පොකුණෙහි, ඇතැම් කෙනෙක් රන්මුවා ද ඇතැම් කෙනෙක් රිදීමුවා ද ඇතැම් කෙනෙක් වෙරෙළුමිණි මුවා ද ඇතැම් කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් රුවනින් නිමියා වූ සූවිසි හිණි කෙනෙක් වූහ. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිස් ද වූහ. රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට ද හිස් ද වූහ. වෙරළු මිණිමුවා හිණෙහි වෙරෙළුමිණිමුවා ටැම්හු ද පළිඟුමුවා පියගැට ද හිස් ද වූහ. පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරෙළුමිණිමුවා පියගැට ද හිස් ද වූහ.
Pali BJTධම්මා ආනන්ද, පොක්ඛරණී ද්වීහි වෙදිකාහි පරික්ඛිත්තා අහොසි, එකා වෙදිකා සොවණ්ණමයා, එකා රූපියමයා. සොවණ්ණමයාය වෙදිකාය සොවණ්ණමයා ථම්භා අහෙසුං රූපියමයා සූචියො ච උණ්හීසඤ්ච, රූපියමයාය වෙදිකාය රූපියමයා ථම්භා අහෙසුං සොවණ්ණමයා සූචියො ච උණ්හීසඤ්ච.
Sinhala BJTඅනඳයෙනි, දහම් පොකුණ එකක් රුවන්මුවා ද එකක් රිදීමුවා දැ යි පිල් දෙකෙකින් පිරිකෙවුණේ විය. රන්මුවා පිලෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිස් ද වූහ. රිදීමුවා පිලෙහි රිදී මුවා ටැම්හු ද රන්මුවා පිය ගැට ද හිස් ද වූහ.
Pali BJTධම්මා ආනන්ද, පොක්ඛරණී සත්තහි තාලපන්තීහි පාරික්ඛිත්තා අහොසි, එකා තාලපන්තී සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵළිකමයා, එකා ලොහිතඞ්කමයා, එකා මසාරගල්ලමයා, එකා සබ්බරතනමයා. සොවණ්ණමයස්ස තාලස්ස සොවණ්ණමයො ඛන්ධො අහොසි රූපියමයානි පත්තානි ච ඵලානි ච. රූපියමයස්ස තාලස්ස රූපියමයො ඛන්ධො අහොසි සොවණ්ණමයානි පත්තානි ච ඵලානි ච. වෙළුරියමයස්ස තාලස්ස වෙළුරියමයො ඛන්ධො අහොසි ඵළිකමයානි පත්තානි ච ඵලානි ච. ඵළිකමයස්ස තාලස්ස ඵළිකමයො ඛන්ධො අහොසි වෙළුරියමයානි පත්තානි ච ඵලානි ච. ලොහිතඞ්කමයස්ස තාලස්ස ලොහිතඞ්කමයො ඛන්ධො අහොසි මසාරගල්ලමයානි පත්තානි ච ඵලානි ච. මසාරගල්ලමයස්ස තාලස්ස මසාරගල්ලමයො ඛන්ධො අහොසි ලොහිතඞ්කමයානි පත්තානි ච ඵලානි ච. සබ්බරතනමයස්ස තාලස්ස සබ්බරතනමයො ඛන්ධො අහොසි සබ්බරතනමයානි පත්තානි ච ඵලානි ච. තාසං ඛො පන ආනන්ද, තාලපන්තීනං වාතෙරිතානං සද්දො අහොසි වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච. සෙය්යථාපි ආනන්ද, පඤ්චඞ්ගිකස්ස තුරියස්ස සුවිනීතස්ස සුප්පටිතාළිතස්ස කුසලෙහි සමන්නාහතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච, එවමෙව ඛො ආනන්ද, තාසං තාලපන්තීනං වාතෙරිතානං සද්දො අහොසි වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච. යෙ ඛො පනානන්ද, තෙන සමයෙන කුසාවතියා රාජධානියා ධුත්තා අහෙසුං සොණ්ඩා පිපාසා, තෙ තාසං තාලපන්තීනං වාතෙරිතානං සද්දෙසු පරිචාරෙසුං.
Sinhala BJTඅනඳයෙනි, දහම් පොකුණ එක් තල්පෙලක් රන්මුවා ද එක් තල්පෙලක් රිදීමුවා ද එක් තල්පෙලක් වෙරළුමිණිමුවා ද එක් තල්පෙලක් පළිඟුමුවා ද එක් තල්පෙලක් රතුමිණිමුවා ද එක් තල් පෙලක් මැසිරිගල් මුවා ද එක් තල්පෙලක් සියලු රුවන්මුවා දැ යි සත් තල්පෙලෙකින් පිරිකෙවුණේ විය. රන්මුවා තල්රුකැ රන්මුවා කඳ ද රිදීමුවා පත්‍ර ද ඵල ද වූහ. රිදීමුවා තල් රුකෙහි රිදීමුවා කඳ ද රන්මුවා පත්‍ර ද ඵල ද වූහ. වෙරෙළුමිණිමුවා තල්රුකැ වෙරළුමිණිමුවා කඳ ද පළිඟුමුවා පත්‍ර ද ඵල ද වූහ. පළිඟුමුවා තල්රුකැ පළිඟුමුවා කඳ ද වෙරෙළුමිණිමුවා පත්‍ර ද ඵල ද වූහ. රත්මිණිමුවා තල්රුකැ රත්මිණිමුවා කඳ ද මැසිරිගල්මුවා පත්‍ර ද ඵල ද වූහ. මැසිරිගල්මුවා තල්රුකැ මැසිරිගල්මුවා කඳ ද රත්මිණිමුවා පත්‍ර ද ඵල ද වූහ. සියලු රුවන් මුවා තල් රුකැ සව්රුවන්මුවා කඳ ද සව්රුවන්මුවා පත් ද පල ද වූහ. අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලේ මිහිරි වූ සිත් අලවන, කන්කලු වූ, සිත් මත් කරන හඬෙක් විය. අනඳයෙනි, සමත් තුරුවායකු විසින් මොනොවට වැයූ මොනොවට ගැයූ පසඟතුරුවන් ගොස යම්සේ මියුරුත් සිත් අලවනුත් කන්කලුත් සිත කුල්මත් කරනුත් වේ ද, අනඳයෙනි, එසේ ම සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලේ හඬ මියුරු ද සිත් අලවනු ද කන්කලු ද සිත් කුල්මත් කරනු ද විය. අනඳයෙනි, එසමයෙහි කුසාවතී රජදහනැ සුරාසොඬ වූ මත් පැනෙහි ගිජු වූ යම් ධූර්‍ත කෙනෙක් වූහු ද, ඔහු ඒ තල්රුක් පෙලැ හඬින් එහි රැස් වැ ඉඳුරන් හැසිරැවූහ (නැටුම් ඈ කළාහ.)
Pali BJTනිට්ඨිතෙ ඛො පනානන්ද, ධම්මෙ ච පාසාදෙ ධම්මාය ච පොක්ඛරණියා රාජා මහාසුදස්සනො. යෙ{1} තෙන සමයෙන සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා තෙ සබ්බකාමෙහි සන්තප්පෙත්වා ධම්මං පාසාදං අභිරුහි.
Sinhala BJTඅනඳයෙනි, දහම් පහය ද දහම් පොකුණ ද කරවා නිමැවූ කලැ මහ සුදසුන් රජ, එ සමයෙහි මහණුන් අතුරැ මහණ යැ යි සම්මත වූ ද බමුණන් අතුරැ බමුණු යැ යි සම්මත වූ ද යම් කෙනෙක් වූහු නම්, ඔවුන් රිසි රිසි හැම දැයින් සතපා, දහම් පහයට නැංගේ ය.
Pali BJTපඨමභාණවාරො.
Sinhala BJTපළමු බණවර යැ.
Pali BJTඣානසමාපත්තිපටිලාභො
Sinhala BJTදහන් සමවත් ලැබීම
Pali BJT21. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: කිස්ස නු ඛො මෙ ඉදං කම්මස්ස ඵලං, කිස්ස කම්මස්ස විපාකො, යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො ති. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං තිණ්ණං කම්මානං විපාකො, යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො, සෙය්යථිදං: දානස්ස දමස්ස සංයමස්සාති. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො යෙන මහාවියූහං කූටාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මහාවියූහස්ස කූටාගාරස්ස ද්වාරෙ ඨිතො උදානං උදානෙසි. ‘තිට්ඨ කාමවිතක්ක, තිට්ඨ බ්යාපාදවිතක්ක, තිට්ඨ විහිංසාවිතක්ක, එත්තාවතා කාමවිතක්ක, එත්තාවතා බ්යාපාදවිතක්ක, එත්තාවතා විහිංසාවිතක්කා’ති.
Sinhala BJT21. අනඳයෙනි, ඉක්බිති “යම් හෙයෙකින් මම් දැන් මෙසේ මහර්ධි ඇතියෙම් ද මහත් ආනුභාව ඇතියෙම් ද, මෙය මගේ කවර කර්‍මයෙක ඵලයෙක් ද? කවර කර්‍මයෙක විපාකයෙක් ද?” යි මහ සුදසුන් රජුට මේ සිත විය. ඉක්බිති අනඳයෙනි, මහසුදසුන් රජුට යම් හෙයෙකින් මම් දන් මෙසේ මහත් ඍද්ධි ඇතියෙම්, මෙසේ මහත් ආනුභාව ඇතියෙම් වෙම් ද, මෙය දාන දම සංයම යන තුන් පින් කම්වල ඵල ය, මේ තුන්පින්කම් වල විපාකය යැ’ යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ මහාව්‍යුහ කුළුගෙය කරා එළැඹියේ ය. එළැඹ, මහාව්‍යුහ කුළුගෙයැ දොරැ සිටියේ, “කාමවිතර්‍කය, සිටු. ව්‍යාපාද විතර්‍කය, සිටු. විහිංසාවිතර්‍කය, සිටු. කාමවිතර්‍කය, මෙතෙකින් නවතුව, ව්‍යාපාදවිතර්‍කය, මෙතෙකින් නවතුව, විහිංසාවිතර්‍කය, මෙ තෙකින් නවතුව” යි උදන් ඇනී ය.
Pali BJT22. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො මහාවියූහං කූටාගාරං පවිසිත්වා සොවණ්ණමයෙ පල්ලඞ්කෙ නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසි. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසි. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසි. සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසි. යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතීමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහාසි, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසි.
Sinhala BJT22. අනඳයෙනි, එයට පසු මහසුදසුන් රජ මහාව්‍යුහ කුළුගෙයට වැද, රන්මුවා පළඟැ හුන්නේ, කාමයන් ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන් ගෙන් වෙන් වැ ම, විතර්‍ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් චිත්ත සුඛයත් ඇති, පළමු වන දහන ලැබ විසීය. විතර්‍ක විචාරයන් සංසිඳීමෙන්, තමා තුළැ පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති විතර්‍ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුඛයත් ඇති, දෙවෙනි දහන ලැබ විසී ය. ප්‍රීතිය ද පහ වීමෙන් උපේක්‍ෂා ඇත්තේ ද විසී ය. සිහි ඇත්තේ නුවණින් දන්නේ සුවය නාම කයින් වින්දේ ය. ‘උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුව වුසුම් ඇත්තේ යැ’ යි යමක්හු ඇරැබැ ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෙවෙනි දහන ලැබ විසී ය. සුඛවේදනා ද පහ කිරීමෙන්, දුඃඛවේදනා ද පහ කිරීමෙන් කල් තබා ම සොම්නස් දොම්නසුන් බැහැරැ ලීමෙන් දුඃඛ වේදනා ද නැති සුඛ වේදනා ද නැති, උපේක්‍ෂා ව ද සිහිය ද යන දෙදෙනාගේ පිරිසිදු බව් ඇති සතර වැනි දහන ලැබ විසී ය.
Pali BJT23. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො මහාවියූහා කූටාගාරා නික්ඛමිත්වා සොවණ්ණමයං කූටාගාරං පවිසිත්වා රූපියමයෙ පල්ලඞ්කෙ නිසින්නො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහාසි, කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධධොම තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහාසි.
Sinhala BJT23. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ මහාව්‍යුහ කූටාගාරයෙන් නික්මැ රන්මුවා කුළුගෙට වැද රිදීමුවා පළඟෙහි හුන්නේ, මෙත් සහගිය සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද තෙවෙනි දෙස ද සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසැ හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි වෙනසක් නොසිතා තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති, මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත්සහගිය සිතින් පැතිර විසී ය. එසේ ම කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද එසේ තෙවෙනි දෙස ද එසේ සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසෙහි ම හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි විභාග නො කොට තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිර විසී ය.
Pali BJTනගරාදීනි
Sinhala BJTනගරාදීහු
Pali BJT24. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස චතුරාසීතිනගරසහස්සානි අහෙසුං කුසාවතීරාජධානිපමුඛානි, චතුරාසීතිපාසාදසහස්සානි අහෙසුං ධම්මපාසාදපමුඛානි, චතුරාසීතිකූටාගාරසහස්සානි අහෙසුං මහාවියූහකූටාගාරපමුඛානි.
Sinhala BJT24. අනඳයෙනි, මහසුදසුන් රජුට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොටැති අසූසාර දහසෙක් නුවරවල් වූහ. දහම් පාය පාමොක් කොටැති සුවාසූ දහසෙක් ප්‍රාසාදයෝ වූහ. මහාව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ කොටැති සුවාසූ දහසෙක් කුළුගෙවල් වූහ.
Pali BJTචතුරාසීතිපල්ලඞ්කසහස්සානි අහෙසුං සොවණ්ණමයානි රූපියමයානි දන්තමයානි සාරමයානි ගොණකත්ථිතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි උභතොලොහිතකූපධානානි. චතුරාසීතිනාගසහස්සානි අහෙසුං සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි උපොසථනාගරාජපමුඛානි, චතුරාසීතිඅස්සසහස්සානි අහෙසුං සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වලාහකඅස්සරාජපමුඛානි, චතුරාසීතිරථසහස්සානි අහෙසුං සීහචම්මපරිවාරානි බ්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වෙජයන්තරථපමුඛානි, චතුරාසීතිමණිසහස්සානි අහෙසුං මණිරතනපමුඛානි, චතුරාසීතිඉත්ථිසහස්සානි අහෙසුං සුභද්දාදෙවිපමුඛානි, චතුරාසීතිගහපතිසහස්සානි අහෙසුං ගහපතිරතනපමුඛානි, චතුරාසීතිඛත්තියසහස්සානි අහෙසුං අනුයන්තානි පරිනායකරතනපමුඛානි, චතුරාසීතිධෙනුසහස්සානි අහෙසුං ධුවසන්දනානි{1} කංසූපධාරණානි, චතුරාසීතිවත්ථකොටිසහස්සානි අහෙසුං ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස චතුරාසීතිථාලිපාකසහස්සානි සායං පාතං භත්තාභිහාරො අභිහරීයිත්ථ.
Sinhala BJTරන්මුවා වූ ද රිදීමුවා වූ ද ඇත්දත්මුවා වූ ද දැවමුවා වූ ද කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ගන පුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල් මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත, හිස් දොර පාමුල යන දෙපසැ රතු කන්වයින් ඇති සුවාසූදහසෙක් පළඟහු වූහ. රන් අබරණින් සැදුණු රන් දද සහිත, රන්දැලින් වසන ලද, උපෝසථ ඇත් රජු පාමොක් කොටැති සුවාසූ දහසෙක් ඇත්තු වූහ. රන් අබරණින් සරසන ලද, රන් දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජු පාමොක් කොටැති සුවාසූ දහසෙක් අස්සු වූහ. සිංහ සමින් වසන ලද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද, දිවි සමින් වසන ලද, පඬු පැහැ කම්බලයෙන් වසන ලද, රන් අබරණ ඇති, රන් දද ඇති, රන් දැලින් වසන ලද, විජයොත් රිය පාමොක් කොටැති රිය සුවාසූ දහසෙක් වූහ. මිණිරුවන පාමෙක් කොටැති සුවාසූදහසෙක් මිණිහු වූහ. සුභද්‍රා දේවිය පාමොක් කොටැති සුවාසූ දහසෙක් ස්ත්‍රීහු වූහ. ගැහැවිරුවන පාමෙක් කොටැති සූවාසු දහසෙක් ගැහැවියෝ වූහ. පරිනායක රත්නය පාමොක් කොටැති අනුව යන සුවාසූ දහසෙක් කැත්හු වූහ. හැම කල්හි කිරි දොවා ගත හැකි රන් සැට්ටයෙන් සරසන ලද සුවාසූ දහසෙක් දෙන්නු වූහ. සියුම් කොමු පිළී ද සියුම් කපු පිළි ද සියුම් පට පිළී ද සියුම් කම්බල දැ යි පිළී සුවාසූ කෙළ දහසෙක් විය. අනඳයෙනි, මහසුදසුන් රජුට උදේ සවස එළැවෙන බත්තලි සුවාසූ දහසෙක් විය.
Pali BJT25. තෙන ඛො පනානන්ද, සමයෙන රඤ්ඤො මහාසුදස්සනස්ස චතුරාසීති නාගසහස්සානි සායං පාතං උපට්ඨානං ගච්ඡන්ති. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස එතදහොසි: ඉමානි ඛො මෙ චතුරාසීති නාගසහස්සානි සායං පාතං උපට්ඨානං ආගච්ඡන්ති. යන්නූන වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන ද්වෙචත්තාරීසං නාගසහස්සානි ද්වෙචත්තාරීසං නාගසහස්සානි සකිං සකිං උපට්ඨානං ආගච්ඡෙය්යුන්ති. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො පරිනායකරතනං ආමන්තෙසි, ‘ඉමානි ඛො මෙ සම්ම පරිණායකරතන චතුරාසීතිනාගසහස්සානි සායං පාතං උපට්ඨානං ආගච්ඡන්ති, තෙන හි සම්ම පරිණායකරතන වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන ද්වෙචත්තාරීසං නාගසහස්සානි ද්වෙචත්තාරීසං නාගසහස්සානි සකිං සකිං උපට්ඨානං ආගච්ඡන්තූ’ති. ‘එවං දෙවා’ති ඛො ආනන්ද, පරිනායකරතනං රඤ්ඤො මහාසුදස්සනස්ස පච්චස්සොසි. අථ ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස අපරෙන සමයෙන වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන ද්වෙචත්තාරීසං නාගසහස්සානි ද්වෙචත්තාරීසං නාගසහස්සානි සකිං සකිං උපට්ඨානං ආගමංසු.
Sinhala BJT25. එ සමයෙහි මහ සුදසුන් රජුට සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස උවටනට යෙත්. එ කලැ මහසුදසුන් රජුට “මේ සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස මට උවටනට එත්. හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් සතළිස් දෙදහසෙක් සතළිස් දෙදහසෙක් ඇත්තු එක් වරක් එක් වරක් මට උවටනට එන්නාහු නම් මැනැවැ” යි මේ සිත විය. ඉක්බිති අනඳයෙනි, මහසුදසුන් රජ පරිනායක රුවන බණවා, “සගය, පරිනායක රත්නය, මේ සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස උවටනට එත්. සගය, පරිනායක රත්නය, එ බැවින් හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් දෙසාළිස් දහසෙක් දෙසාළිස් දහසෙක් ඇත්තු එක් වරක් එක් වරක් උවටනට එත් වා” යි කී ය. අනඳයෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා පරිනායක රත්නය මහසුදසුන් රජුට පිළිවදන් ඇස්විය. අනඳයෙනි, එයට පසු කලැ හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් ඇත්තු දෙසාළිස් දහසෙක් දෙසාළිස් දහසෙක් එක් වරක් එක් වරක් උවටනට ආහ.
Pali BJTසුභද්දා යූපසඞ්කමනං
Sinhala BJTසුභද්‍රාව එළැඹීම
Pali BJT26. අථ ඛො ආනන්ද, සුභද්දාය දෙවියා බහුන්නං වස්සානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන එතදහොසි: චිරදිට්ඨො ඛො මෙ රාජා මහාසුදස්සනො. යන්නූනාහං රාජානං මහාසුදස්සනං දස්සනාය උපසඞ්කමෙය්යන්ති. අථ ඛො ආනන්ද, සුභද්දා දෙවී ඉත්ථාගාරං ආමන්තෙසි, “එථ තුම්හෙ සීසානි නහායථ, පීතානි වත්ථානි පාරුපථ, චිරදිට්ඨො නො රාජා මහාසුදස්සනො. රාජානං මහාසුදස්සනං දස්සනාය උපසඞ්කමිස්සාමා’ති. එවං අය්යෙ’ති ඛො ආනන්ද, ඉත්ථාගාරං සුභද්දාය දෙවියා පටිස්සුත්වා සීසානි නහායිත්වා පීතානි වත්ථානි පාරුපිත්වා යෙන සුභද්දා දෙවී තෙනුපසඞ්කමි. අථ ඛො ආනන්ද, සුභද්දා දෙවී පරිනායකරතනං ආමන්තෙසි: “කප්පෙහි සම්ම පරිණායකරතන චතුරඞ්ගිනිං සෙනං, චිරදිට්ඨො නො රාජා මහාසුදස්සනො, රාජානං මහාසුදස්සනං දස්සනාය උපසඞ්කමිස්සාමා”ති. ‘එවං දෙවී’ති ඛො ආනන්ද, පරිනායකරතනං සුභද්දාය දෙවියා පටිස්සුත්වා චතුරඞ්ගිනිං සෙනං කප්පාපෙත්වා, සුභද්දාය දෙවියා පටිවෙදෙසි. ‘කප්පිතා ඛො දෙවි චතුරඞ්ගිනී සෙනා, යස්ස’දානි කාලං මඤ්ඤසී’ති. අථ ඛො ආනන්ද, සුභද්දා දෙවී චතුරඞ්ගිනියා සෙනාය සද්ධිං ඉත්ථාගාරෙන යෙන ධම්මො පාසාදො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ධම්මං පාසාදං අභිරුහිත්වා යෙන මහාවියූහං කූටාගාරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මහාවියූහස්ස කූටාගාරස්ස ද්වාරබාහං ආලම්බිත්වා අට්ඨාසි.
Sinhala BJT26. අනඳයෙනි, එ කලැ බොහෝ හවුරුදු ගණනෙක බොහෝ හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් සුභද්‍රා දේවියට, “මහ සුදසුන් රජ මා විසින් දුටු බොහෝ කල් ඇත්තේ ය. මම මහසුදසුන් රජු දක්නට ගියෙම් වීම් නම් යෙහෙකැ” යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති සුභදා දේවී ඇතොවුර බණවා, “තෙපි එවු. හිස් සෝදා නාවු. රන්වන් පිළි හැඳ පොරොවවු. මහසුදසුන් රජ අප විසින් දක්නා ලද බොහෝ කල් ඇත්තේ ය. මහ සුදසුන් රජු දක්නට එළැඹෙන්නම්හ” යි කිවු ය. ‘එසේ යැ ආර්‍ය්‍යාවෙනි’ යි ම ඇතොවුර සුභද්‍රා දේවියට පිළිවදන් දී, හිස් සෝදා නා, රන්වන් පිළි හැඳ පෙරෙවැ සුභද්‍රා දේවිය කරා එළැඹියාහ. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී පරිනායක රත්නය බණවා “සගය, පරිනායක රත්නය, සිවුරඟ සෙන් සදව. අප විසින් මහසුදසුන් රජ දක්නා ලද බොහෝ කල් ඇත්තේ ය. මහසුදසුන් රජු දක්නට එළඹෙන්නම්හ” යි කිවු ය. ‘එසේ යැ, දේවීනි’ යි කියා ම පරිනායක රත්නය සුභද්‍රා දේවියට පිළිවදන් දී, සිවුරඟ සෙන් සදවා, ‘දේවියනි, සිවුරඟ සෙන් සරසන ලදි. යම් ගමනකට සිතවු ද, එයට කල් වේ’ යැ යි සැළ කෙළේ ය. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී සිවුරඟ සෙන් ද ඇතොවුර ද කැටුව දහම්පාය කරා එළැඹුණා ය. එළැඹ, දහම්පහය නැඟ, මහාව්‍යුහ කුළුගෙය කරා එළැඹ, එහි දොරබාවැ එල්බැ සිටියා ය.
Pali BJTඅථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො සද්දං සුත්වා කින්නු ඛො මහතො විය ජනකායස්ස සද්දොති, මහාවියූහකූටාගාරා නික්ඛමන්තො අද්දස සුභද්දං දෙවිං ද්වාරබාහං ආලම්බිත්වා ඨිතං, දිස්වාන සුභද්දං දෙවිං එතදවොච: ‘එත්ථෙව දෙවී තිට්ඨ මා පාවිසී’ති. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: ‘එහි ත්වං අම්භො පුරිස, මහාවියූහා කූටාගාරා සොවණ්ණමයං පල්ලඞ්කං නීහරිත්වා සබ්බසොවණ්ණමයෙ තාලවනෙ පඤ්ඤපෙහී’ති. ‘එවං දෙවා’ති ඛො ආනන්ද, සො පුරිසො රඤ්ඤො මහාසුදස්සනස්ස පටිස්සුත්වා මහාවියූහා කූටාගාරා සොවණ්ණමයං පල්ලඞ්කං නීහරිත්වා සබ්බසොවණ්ණමයෙ තාලවනෙ පඤ්ඤපෙසි. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.
Sinhala BJTඅනඳයෙනි, එ කල්හි මහ සුදසුන් රජ ඔවුන් එන හඬ අසා, “කිමෙක් ද? මහ ජන මුළුවෙක හඬ නියා!” යි සිතා, මහාව්‍යුහ කුළුගෙයින් නික්මෙන්නේ, දොර බා වැ එල්බැ සිටි සුභද්‍රා දේවිය දුටුයේය. දැක, “දේවිය, ඔහි ම සිටු, ඇතුළට නො වදුව” යි කී ය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ එක්තරා මිනිසකු බණවා, ‘හෙම්බා මිනිස, තෝ මෙහි එව. මහාව්‍යුහ කුළුගෙන් රන්මුවා පළඟක් ගෙනවුත් සියල්ල රන්මුවා වූ තල් වෙනෙහි පණවව’ යි කී ය. ‘දේවයිනි, එසේ යැ’ යි කියා ම එ මිනිසා මහ සුදසුන් රජුට පිළිවදන් දී, මහාව්‍යුහ කුළුගෙයින් රන්මුවා පළඟක් ගෙනවුත් සියල්ල රන්මුවා තල්වෙනෙහි පැණැවී ය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ දකුණු පයෙහි වම් පය මඳක් හයා තබා සිහි නුවණ ඇති වැ දකුණැලයෙන් සිංහශය්‍යායෙන් ශයනය කෙළේ ය.
Pali BJTඅථ ඛො ආනන්ද, සුභද්දාය දෙවියා එතදහොසි: විප්පසන්නානි ඛො රඤ්ඤො මහාසුදස්සනස්ස ඉන්ද්රියානි පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො, මා හෙව ඛො රාජා මහාසුදස්සනො කාලමකාසීති. රාජානං මහාසුදස්සනං එතදවොච: ඉමානි ඛො තෙ දෙව චතුරාසීතිනගරසහස්සානි කුසාවතීරාජධානිපමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිපාසාදසහස්සානි ධම්මපාසාදපමුඛානි, එත්ථ __දෙව__ ඡන්දං ජනෙහි
Sinhala BJTඅනඳයෙනි, එ කලැ සුභද්‍රා දේවියට “මහසුදසුන් රජුගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. සිවිපැහැය පිරිසිදු ය, පබසර ය. මහ සුදසුන් රජ කලුරිය නො කෙරේ වා” යි මේ සිත විය. ඕ මහසුදසුන් රජුට මෙසේ කිවු ය: “දේවයිනි, කුශාවතී රජදහන පාමොක් කොටැති මේ ඔබ සතු නුවර සුවාසූ දහසෙකි. දේවයිනි, මෙහි ඇල්ම උපදවන්න, දිවියෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, දහම් පාය පාමොක් කොටැති ඔබ සතු මේ ප්‍රාසාද සුවාසූ දහයෙකි. දේවයිනි, මෙහි ඇල්ම උපදවන්න,
Pali BJTජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිකූටාගාරසහස්සානි මහාවියූහකූටාගාරප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිපල්ලඞ්කසහස්සානි සොවණ්ණමයානි රූපියමයානි දන්තමයානි සාරමයානි ගොණකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි උභතොලොහිතකූපධානානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිනාගසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි උපොසථනාගරාජප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිඅස්සසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වලාහකඅස්සරාජපමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිරථසහස්සානි සීහචම්මපරිවාරානි බ්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වෙජයන්තරථප්පමුඛානි,{1} එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිමණිසහස්සානි මණිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිඉත්ථිසහස්සානි ඉත්ථිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිගහපතිසහස්සානි ගහපතිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව, චතුරාසීතිඛත්තියසහස්සානි අනුයන්තානි පරිනායකරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිධෙනුසහස්සානි ධුවසන්දනානි කංසූපධාරණානි, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිවත්ථකොටිසහස්සානි ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහි. ඉමානි තෙ දෙව චතුරාසීතිථාලිපාකසහස්සානි සායං පාතං භත්තාභිහාරො අභිහරියති, එත්ථ දෙව ඡන්දං ජනෙහි ජීවිතෙ අපෙක්ඛං කරොහී’ති.
Sinhala BJTජීවිතය කෙරෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, මහාව්‍යුහ කුළුගෙය පාමොක් කොටැති ඔබ සතු මේ කුළුගේ සුවාසූ දහසෙක් වෙයි. මෙහි ඇල්ම උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, රන්මුවා ද රිදීමුවා ද ඇත්දත්මුවා ද දැවමුවා ද වූ කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත, හිස්දොර පාමුල යන දෙ පසැ රතු කන්වයින් ඇති, සුවාසූ දහසෙක් ඔබ සතු පළඟහු ඇත. දේවයිනි, මෙහි ඡන්‍දය උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, රන් අබරණ ඇති, රන් දද ඇති, රන් දැලින් පිළිසන් උපෝසථ ඇත්රජු පාමොක් කොටැති මේ ඔබගේ සුවාසූ දහසෙක් ඇත්තු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, රන් අබරණ පලන්, රන් දද ඇති, රන් දැලින් පිළිසන්, වලාහක අස්රජු පාමොක් කොටැති, ඔබගේ මේ සුවාසූ දහසෙක් අස්සු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම දනවන්න, ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, සිංහ සමින් වසන ලද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද, දිවි සමින් වසන ලද, පඬු පැහැ කම්බලයෙන් වසන ලද, රන් අබරණ සහිත, රන් දද සහිත, රන් දැලිනි පිළිසන්, විජයොත් රිය පාමොක් කොටැති, ඔබ සතු මේ රිය සුවාසූ දහස් කෙනෙක් වෙති. දේවයිනි, මෙහි ඡන්‍දය උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, මිණිරුවන පාමෙක් කොටැති මේ ඔබ සතු සුවාසූ දහසෙක් මිණිහු වෙති. දේවයිනි, මෙහි ඇල්ම දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, ස්ත්‍රීරත්න ප්‍රමුඛ මේ ඔබගේ සුවාසූ දහසෙක් ස්ත්‍රීහු වෙති. දේවයිනි, මෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, ගැහැවිරුවන පාමොක් කොටැති මේ ඔබගේ ගැහැවියෝ සුවාසූ දහසෙක් වෙත්. දේවයිනි, මොවුන් කෙරෙහි ඡන්‍දය උපදවන්න., ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, පිරිනාරුවන් පාමොක් මේ ඔබගේ අනුගාමි වූ සුවාසූ දහසෙක් කැත්හු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, හැම කල්හි කිරි දොවාගත හැකි, රන් සැට්ටයෙන් සරසන ලද, ඔබ සතු මේ සුවාසූ දහසෙක් දෙන්නු වෙති. දේවයිනි, මෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, සියුම් කොමු පිළී ද සියුම් කපුපිළී ද සියුම් පටපිළී ද සියුම් කම්බල දැ යි සුවාසූ කෙළ දහසෙක් මේ ඔබ සතු පිළී ඇත. දේවයිනි, මෙහි ඡන්‍දය උපදවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්න. දේවයිනි, මේ බත්සැළි සුවාසූ දහසක් වූ බතෙක් උදේ සවස දෙක්හි ම ඔබට එළැවෙයි. දේවයිනි, මෙහි ඡන්‍දය දනවන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව කරන්නැ” යි (සුභද්‍රා දේවී කිවු ය).
Pali BJT27. එවං වුත්තෙ ආනන්ද, රාජා මහාසුදස්සනො සුභද්දං දෙවිං එතදවොච: දීඝරත්තං ඛො මං ත්වං දෙවි ඉට්ඨෙහි කන්තෙහි පියෙහි මනාපෙහි සමුදාචරිත්ථ, අථ ච පන මං ත්වං පච්ඡිමෙ කාලෙ අනිට්ඨෙහි අකන්තෙහි අප්පියෙහි අමනාපෙහි සමුදාචරසී”ති. “කථඤ්චරහි තං දෙව සමුදාචරාමී”ති. “එවං ඛො මං ත්වං දෙවි, සමුදාචර: සබ්බෙහෙව දෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. මා ඛො ත්වං දෙව සාපෙක්ඛො කාලමකාසි, දුක්ඛා සාපෙක්ඛස්ස කාලකිරියා, ගරහිතා ච සාපෙක්ඛස්ස කාලකිරියා. ඉමානි තෙ දෙව චතුරාසීතිනගරසහස්සානි කුසාවතීරාජධානිප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිපාසාදසහස්සානි ධම්මපාසාදප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිකූටාගාරසහස්සානි මහාවියූහකූටාගාරප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිපල්ලඞ්කසහස්සානි සොවණ්ණමයානි රූපියමයානි දන්තමයානි සාරමයානි ගොණකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි උභතොලොහිතකූපධානානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිනාගසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි උපොසථනාගරාජප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව, චතුරාසීතිඅස්සසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වලාහකඅස්සරාජප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිරථසහස්සානි සීහචම්මපරිවාරානි බ්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි, වෙජයන්තරථප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිමණිසහස්සානි මණිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිඉත්ථිසහස්සානි සුභද්දාදෙවිපමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිගහපතිසහස්සානි ගහපතිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිඛත්තියසහස්සානි අනුයන්තානි පරිනායකරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිධෙනුසහස්සානි ධුවසන්දනානි කංසූපධාරණානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිවත්ථකොටිසහස්සානි ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං, එත්ථ දෙව ඡන්දං පජහ ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිථාලිපාකසහස්සානි සායං පාතං භත්තාභිහාරො අභිහරියති, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසී’ති.
Sinhala BJT27. අනඳයෙනි, ඇය මෙසේ කී කල්හි මහසුදසුන් රජ සුභද්‍රා දේවියට මෙ බස් පැවැසී ය: “දේවීනි, තෙපි මට දික් කලක් ම ඉෂ්ට ප්‍රිය මනාප වචනයෙන් කතා කළහු ය. එහෙත් තෙපි මට මෙ පැසිම් සමයෙහි අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වචනයෙන් කතා කරනු. “දේවයිනි, කෙසේ ඔබට කතා කරම් ද?” යි සුභද්‍රා දේවී විචාළා ය. “දේවීනි, මෙසේ මට කතා කරන්න: ‘දේවයිනි, ප්‍රිය මනාප සියලු දැයෙන් වෙන් වීම, බැහැරැ වීම, අන් පරිද්දෙකින් වීම ස්වභාවයෙක. දේවයිනි, ඔබ අපේක්‍ෂා ඇතිව නහමක් කලුරිය කෙරේ වා. අපේක්‍ෂා ඇත්තනුගේ කාල ක්‍රියාව දුක් ගෙන දෙයි, සාපේක්‍ෂ වූවහුගේ කාලක්‍රියාව ගර්හිත ය. දේවයිනි, කුශාවතී නගරය ප්‍රමුඛ කොටැති මේ ඔබගේ නුවර සුවාසූදහසෙක් ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, දහම් පහා පාමොක් මේ පහා සුවාසූදහසෙක් ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, මහාව්‍යුහ කූටාගාර ප්‍රමුඛ මේ ඔබ සතු කූටාගාර සුවාසූ දහසෙක. මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන්මුවා ද රිදීමුවා ද ඇත්දත්මුවා ද දැවමුවා ද, කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ගනපුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල්මුව සම්මුවා උතුම් පසතුරුණු අතුළ, උඩුවියන් සහිත, හිස්දෙර පාමුල යන දෙපසැ රතු කොට්ට ඇති සුවාසූදහසෙක් පළඟහු ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන් අබරණින් සැදුණු රන් දද ඇති රන් දැලින් පිළිසන් උපෝසථ ඇත්රජු පාමොක් කොටැති ඔබගේ මේ සුවාසූදහසෙක් ඇත්තු ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන් අබරණ පලන්, රන් දද සහිත, රන් දැලින් පිළිසන්, වලාහක අස්රජු පාමොක් කොටැති ඔබගේ මේ සුවාසූදහසෙක් අස්සු වෙති. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, සිංහසමින් වසන ලද, ව්‍යාඝ්‍රසමින් වසන ලද, දිවිසමින් වසන ලද, පාණ්ඩුකම්බලයෙන් වසන ලද, රන්අබරණින් සදන ලද, රන්දද සහිත රන් දැලින් පිළිසන් විජයොත්රිය පාමොක් සුවාසූදහසෙක් රිය ඔබට ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂා නො කරන්න. දේවයිනි, මිණිරුවන් පාමොක් මේ සුවාසූදසහසෙක් මිණිහූ ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, සුභද්‍රා දේවිය ප්‍රමුඛ සුවාසූදහසෙක් ස්ත්‍රීහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ගැහැවිරුවන් පාමොක් සුවාසූ දහසෙක් ගැහැවිහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, පිරිනාරුවන් පාමොක් මේ අනුගාමී කැත්හු සුවාසූදහසෙක් ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, හැම කල්හි දෙවියා හැකි කිරි ඇති රන්සැට්ට ඇඟැ ලැවුණු මේ සුවාසූදහසෙක් දෙන්නු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, සියුම් කොමුපිළි ද සියුම් කපුපිළි ද සියුම් පටපිළි ද සම්බන්‍ධ මේ සුවහස් කෙළක් පිළි ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්නැ යි කියන්නා” යි මහසුදසුන් රජ කී ය.
Pali BJT28. එවං වුත්තෙ ආනන්ද, සුභද්දා දෙවී පරොදි අස්සූනි පවත්තෙසි. අථ ඛො ආනන්ද, සුභද්දාදෙවී අස්සූනි පමජ්ජිත්වා{1} රාජානං මහාසුදස්සනං එතදවොච:
Sinhala BJT28. අනඳයෙනි, රජු මෙසේ කී කල්හි සුභද්‍රා දේවි හැඬුවා ය, කඳුළු හෙළුවා ය. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවි කඳුළු පිසැදමා මහසුදසුන් රජුට මෙසේ කිවු ය:
Pali BJTසබ්බෙහෙව දෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො, මා ඛො ත්වං දෙව සාපෙක්ඛො කාලමකාසි, දුක්ඛා සාපෙක්ඛස්ස කාලකිරියා, ගරහිතා ච සාපෙක්ඛස්ස කාලකිරියා. ඉමානි තෙ දෙව චතුරාසීතිනගරසහස්සානි කුසාවතීරාජධානිප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිපාසාදසහස්සානි ධම්මපාසාදප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිකූටාගාරසහස්සානි මහාවියූහකූටාගාරප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිපල්ලඞ්කසහස්සානි සොවණ්ණමයානි රූපියමයානි දන්තමයානි සාරමයානි ගොණකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි උභතොලොහිතකූපධානානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිනාගසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි උපොසථනාගරාජප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිඅස්සසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වලාහකඅස්සරාජප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිරථසහස්සානි සීහචම්මපරිවාරානි බ්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වෙජයන්තරථපමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිමණිසහස්සානි මණිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිඉත්ථිසහස්සානි ඉත්ථිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිගහපතිසහස්සානි ගහපතිරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිඛත්තියසහස්සානි අනුයන්තානි පරිනායකරතනප්පමුඛානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිධෙනුසහස්සානි ධුවසන්දනානි කංසූපධාරණානි, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිවත්ථකොටිසහස්සානි ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසි. ඉමානි තෙ දෙව චතුරාසීතිථාලිපාකසහස්සානි සායං පාතං භත්තාභිහාරො අභිහරීයති, එත්ථ දෙව ඡන්දං පජහ, ජීවිතෙ අපෙක්ඛං මාකාසීති.
Sinhala BJT“දේවයිනි, ප්‍රිය මනාප හැම දෑ කෙරෙන් නානාභාවය විනාභාවය අන්‍යථාභාවය වේ. දේවයිනි, ඔබ අපේක්‍ෂා ඇති ව නහමක් කලුරිය කරන්න. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව දුක් එළවයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගර්හිත ද වේ. දේවයිනි, කුශාවතී රාජධානිප්‍රමුඛ මේ ඔබේ නුවර සුවාසූදහසෙක් ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ධර්‍මප්‍රාසාදප්‍රමුඛ ඔබ සතු මේ ප්‍රාසාද සුවාසූදහසෙක. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, මහාව්‍යුහ කූටාගාර ප්‍රමුඛ ඔබේ මේ කූටාගාර සුවාසූදහසෙක. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, ස්වර්‍ණමය ද රජතමය ද දන්තමය ද සාරමය ද වූ, කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළා කෙහෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත, හිස්දොර පාමුල යන දෙපසැ රතු කන්වයින් තබන ලද ඔබගේ මේ පළඟ සුවසූදාහසෙකි. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, පලන් රන් අබරණ ඇති රන් දද සහිත රන්දැලින් පිළිසන්, උපෝසථ ඇත් රජ ප්‍රමුඛ ඔබ සතු මේ සුවාසූදහසෙක් ඇත්තු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, රන්අබරණ පලන් රන්දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජ පාමොක් කොටැති, මේ ඔබ සතු සුවාසූ දහසෙක් අස්සු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නහමක් කරන්න. දේවයිනි, සිහසමින් වැසූ, වගසමින් වැසූ, දිවිසමින් වැසූ, පාණ්ඩුකම්බලයෙන් වැසූ, රන්අබරණින් සැදුණු, රන්දද සහිත, රන්දැලින් පිළිසන් විජයොත්රිය පාමොක් ඔබ සතු මේ රිය සුවායූදහසෙක. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, මිණිරුවන් පාමොක් ඔබ සතු මේ සුවාසූදහසෙක් මිණිරුවන්හු ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ස්ත්‍රීරත්නප්‍රමුඛ ඔබ සතු මේ සුවාසූ දහසෙක් ස්ත්‍රීහු ය. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, ගැහැවිරුවන් පාමොක් ඔබ සතු මේ ගැහැවිහු සුවාසූදහසෙක. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න, දේවයිනි, පිරිනාරුවන් පාමොක් ඔබගේ මේ අනුගාමි සුවාසූදහසෙක් කැත්හු ය. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, හැම දා ම දෙවියැ හැකි කිරි ඇති, රන් සැට්ට ඇඟැ ලැවුණු, මේ ඔබගේ සුවාසූදහසෙක් දෙන්නු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව නො කරන්න. දේවයිනි, සියුම් කොමුපිළි ද සියුම් කපු පිළි ද සියුම් පටපිළි ද සියුම් කම්බල ද සම්බන්‍ධ ඔබ සතු සුවාසූ කෙළ දහසෙක් පිළී ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතය කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නැ” යනු යැ.
Pali BJTබ්රහ්මලොකූපගමනං
Sinhala BJTබඹලොව් යෑම
Pali BJT29. අථ ඛො ආනන්ද, රාජා මහාසුදස්සනො න චිරස්සෙව කාලමකාසි. සෙය්යථාපි ආනන්ද, ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා මනුඤ්ඤං භොජනං භුත්තාවිස්ස භත්තසම්මදො හොති, එවමෙව ඛො ආනන්ද, රඤ්ඤො මහාසුදස්සනස්ස මාරණන්තිකා වෙදනා අහොසි. කාලකතො චානන්ද, රාජා මහාසුදස්සනො සුගතිං බ්රහ්මලොකං උපපජ්ජි. රාජා ආනන්ද, මහාසුදස්සනො චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං{1} කීළි. චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජං කාරෙසි. චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙසි. චතුරාසීතිවස්සසහස්සානි ගිහීභූතො{2} ධම්මෙ පාසාදෙ බ්රහ්මචරියං චරි.{3} සො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මලොකූපගො අහොසි.
Sinhala BJT29. අනඳයෙනි, ඉක්බිති නොබෝ කලෙකින් මහ සුදසුන් රජ කලුරිය කෙළේ ය. අනඳයෙනි, මනහර බොජුනක් වැළැඳූ ගැහැවියකුට හෝ ගැහැවි පුතක්හට යම්සේ බත්මතය වේ ද මහසුදසුන් රජුට ද එබඳු ම වූ මරණය අවසන් කොට ඇති වේදනාවෙක් විය. අනඳයෙනි, කලුරිය කළාවූ ද මහසුදසුන් රජ බඹලොවැ උපනි. අනඳයෙනි, මහසුදසුන් රජ සුවාසූදහසක් හවුරුදු කුමරකෙළි කෙළීය. සුවාසූදහසක් හවුරුදු යුවරජය කැරැවිය. සුවාසූදහසක් හවුරුදු රජය කැරැවිය. ගිහි ව මැ සුවාසූ දහසක් හවුරුදු දහම් පායෙහි බඹසර හසළේ ය. හේ සතර බඹවෙහෙර බවා කාබුන් මරණින් මතු බඹලෝ ගියේ විය.
Pali BJT30. සියා ඛො පනානන්ද, එවමස්ස අඤ්ඤො නූන තෙන සමයෙන රාජා මහාසුදස්සනො අහොසීති. න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබ්බං. අහං තෙන සමයෙන රාජා මහාසුදස්සනො අහොසිං. මම තානි චතුරාසීතිනගරසහස්සානි කුසාවතීරාජධානිපමුඛානි, මම තානි චතුරාසීතිපාසාදසහස්සානි ධම්මපාසාදප්පමුඛානි, මම තානි චතුරාසීතිකූටාගාරසහස්සානි මහාවියූහකූටාගාරප්පමුඛානි, මම තානි චතුරාසීතිපල්ලඞ්කසහස්සානි සොවණ්ණමයානි රූපියමයානි දන්තමයානි සාරමයානි ගොණකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි උභතොලොහිතකූපධානානි, මම තානි චතුරාසීතිනාගසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි උපොසථනාගරාජපමුඛානි, මම තානි චතුරාසීතිඅස්සසහස්සානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වලාහකඅස්සරාජපමුඛානි, මම තානි චතුරාසීතිරථසහස්සානි සීහචම්මපරිවාරානි බ්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලපටිච්ඡන්නානි වෙජයන්තරථපමුඛානි, මම තානි චතුරාසීතිමණිසහස්සානි මණිරතනප්පමුඛානි, මම තානි චතුරාසීතිඉත්ථිසහස්සානි සුභද්දාදෙවිප්පමුඛානි, මම තානි චතුරාසීතිගහපතිසහස්සානි ගහපතිරතනප්පමුඛානි, මම තානි චතුරාසීතිඛත්තියසහස්සානි අනුයන්තානි පරිනායකරතනපමුඛානි, මම තානි චතුරාසීතිධෙනුසහස්සානි ධුවසන්දනානි කංසූපධාරණානි, මම තානි චතුරාසීතිවත්ථකොටිසහස්සානි ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං, මම තානි චතුරාසීතිථාලිපාකසහස්සානි සායං පාතං භත්තාභිහාරො අභිහරීයිත්ථ.
Sinhala BJT30. අනඳයෙනි, ‘එ සමයෙහි අනෙකෙක් මහසුදසුන් රජ වී’ යැ යි (තොපට මෙ බඳු සිතක්) වියැ හැක්ක. අනඳයෙනි, එය එසේ නො දත යුතු. එ සමයෙහි මම මහසුදසුන් රජ වීමි. කුශාවතී රාජධානිප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් නගරයෝ මගේ ය. ධර්‍මප්‍රාසාදප්‍රමුඛ සුවාසූදහසෙක් ප්‍රාසාදයෝ මගේ ය. මහාව්‍යුහකූටාගාරප්‍රමුඛ සුවාසූදහසෙක් කුළුගෙවල් මගේ ය. ස්වර්‍ණමය ද රජතමය ද දන්තමය ද සාරමය ද වූ කොඳුපලස් අතුළ සුදුඑළුලොමින් කළ ඇතිරි අතුළ, ගනපුප් එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සමින් කළ පසතුරුණු ඇති, උඩුවියන් සහිත, ඉස්දොර පාමුල යන දෙපසැ රතුකොට්ට තැබූ ඒ සුවාසූදහසෙක් පළඟහු මගේ ය. රන් අබරණින් සැදි, රන්දද සහිත, රන්දැලින් පිළිසන් උපෝසථ ඇත් රජ ප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් ඇත්තු මගේ ය. රන් අබරණින් සැදි, රන්දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජ ප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් අස්සු මගේ ය. සීසමින් සන්, වගසමින් සන්, දිවිසමින් සන්, පඬුඇඹුලින් සන්, රනබරණින් සැදි රන්දදැති, හෙම්දැලින් පිළිසන් විජයොත්රියපාමොක් ඒ සුවාසූදහසෙක් රියහු මගේ ය. මිණිරුවන්පාමොක් ඒ සුවාසූදහසෙක් මිණිහු මගේ ය. සුභද්‍රාදේවීප්‍රමුඛ සුවාසූදහසෙක් ඒ ස්ත්‍රීහු මා අයත් වූහ. ගැහැවිරුවන් පාමෙක් ඒ සුවාසූ දහසෙක් ගැහැවියෝ මා සතු වූහ. පරිණායකරත්න ප්‍රමුඛ අනුයන්තෘ වූ ඒ සුවාසූදහසෙක් කැත්හු මගේ ය. හැම දා දෙවියැකි කිරි ඇති රන්සැට්ට ඇඟ ලැවුණු ඒ සුවාසූ දහසෙක් දෙන්නු මා සතු වූහ. සියුම් කොමුපිළි ද සියුම් කපුපිළි ද සියුම් පටපිළි ද සියුම් කම්බල ද වූ සුවාසූ පිළි කෙළ දහස මා සතු විය. මට උදේ සවස ඒ තලි සුවාසූ දහසක් වූ බතෙක් එළැවිණ.
Pali BJT31. තෙසං ඛො පනානන්ද, චතුරාසීතිනගරසහස්සානං එකඤ්ඤෙව තං නගරං හොති යං තෙන සමයෙන අජ්ඣාවසාමි යදිදං කුසාවතී රාජධානී.
Sinhala BJT31. අනඳයෙනි, එ සමයෙහි කුශාවතී රාජධානිය වූ යම් නගරයෙක විසීම් ද, ඒ නුවර සුවාසූ දහසින් මේ එක් නගරයේ ම මම් විසීමි. (සෙසුනුවර වලැ දූපුත් ආදිහු වූසූහ.)
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිපාසාදසහස්සානං එකොයෙව සො පාසාදො හොති යන්තෙන සමයෙන අජ්ඣාවසාමි යදිදං ධම්මො පාසාදො.
Sinhala BJTඅනඳයෙනි, ඒ සුවාසූදහසක් ප්‍රාසාද අතුරෙන් යම් ධර්‍මනම් ප්‍රාසාදයෙක් වී ද මම් එහි ම විසීමි (සෙසු පහයන්හි අඹුදරු ආදිහු වුසූහ).
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිකූටාගාරසහස්සානං එකඤ්ඤෙව තං කූටාගාරං හොති යන්තෙන සමයෙන අජ්ඣාවසාමි යදිදං මහාවියූහං කූටාගාරං.
Sinhala BJTඅනඳයෙනි, ඒ සුවාසූදහසක් කුළුගෙවලින් යම් මහාව්‍යුහ නම් කුළුගෙයෙක් වී ද, මම් එහි විසීමි.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිපල්ලඞ්කසහස්සානං එකො යෙව සො පල්ලඞ්කො හොති යන්තෙන සමයෙන පරිභුඤ්ජාමි යදිදං සොවණ්ණමයො වා රූපියමයො වා දන්තමයො වා සාරමයො වා.
Sinhala BJTඅනඳයෙනි, ඒ පළඟ සුවාසූදහසින්, රන්මුවා හෝ රිදීමුවා හෝ ඇත්දත්මුවා හෝ දැවමුවා හෝ යම් පළඟෙක් වී ද, ඒ එකක් මම් පරිභෝග කෙළෙමි.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිනාගසහස්සානං එකො යෙව සො නාගො හොති යන්තෙන සමයෙන අභිරුහාමි යදිදං උපොසථො නාගරාජා.
Sinhala BJTඅනඳයෙනි, ඒ ඇතුන් සුවාසූදහසින්, උපෝසථ නම් යම් ඇත් රජෙක් වී ද, උහු ම මම් නැංගෙමි.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිඅස්සසහස්සානං එකො යෙව සො අස්සො හොති යන්තෙන සමයෙන අභිරුහාමි යදිදං වලාහකො අස්සරාජා.
Sinhala BJTඅනඳයෙනි, ඒ අසුන් සුවාසූදහසින්, යම් වලාහක නම් අස්රජෙක් වී ද, උහු ම මම් නැංගෙමි.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිරථසහස්සානං එකො යෙව සො රථො හොති යන්තෙන සමයෙන අභිරුහාමි යදිදං වෙජයන්තරථො.
Sinhala BJTඅනඳයෙනි, ඒ රිය සුවාසූදහසින් යම් විජයොත් නම් රියෙක් වී ද, එය ම මම නැංගෙමි.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිඉත්ථිසහස්සානං එකා යෙව සා ඉත්ථී හොති යා තෙන සමයෙන පච්චුපට්ඨාති ඛත්තියිනී{1} වා වෙස්සිනී{2} වා.
Sinhala BJTඅනඳයෙනි, ඒ සුවාසූදහසක් ස්ත්‍රීන් අතුරෙන්, කැත්කුලැ වූ හෝ වෙළෙඳ කුලැ වූ හෝ යම් එකියක් මට උවටන් කළා ද, ඒ එක් ස්ත්‍රියක් ම විය.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිවත්ථකොටිසහස්සානං එකං යෙව තං දුස්සයුගං හොති, යන්තෙන සමයෙන පරිදහාමි ඛොමසුඛුමං වා කප්පාසිකසුඛුමං වා කොසෙය්යසුඛුමං වා කම්බලසුඛුමං වා.
Sinhala BJTඅනඳයෙනි, ඒ සුවාසූ පිළි කෙළ දහසින් සියුම් කොමුපිළියක් හෝ සියුම් කපුපිළියක් හෝ සියුම් පටපිළියක් හෝ සියුම් කම්බලයක් හෝ ඒ එක් පිළියුවලක් ම මම් හැන්දෙමි, පෙරැවීමි.
Pali BJTතෙසං ඛො පනානන්ද, චතුරාසීතිථාලිපාකසහස්සානං එකො යෙව සො ථාලිපාකො හොති, යතො නාලිකොදනපරමං භුඤ්ජාමි තදුපියඤ්ච සූපෙය්යං.
Sinhala BJTඅනඳයෙනි, ඒ සුවාසූ බත්සැළි දහසින් යමෙකින් නැලියක් පරම කොටැති (නැලියකට නොවැඩි) බතකුත් එයට පමණ වූ සූපත් වැළැඳීම් නම් ඒ එක් බත් තලියෙක් ම විය.
Pali BJT32. පස්සානන්ද, සබ්බෙතෙ සඞ්ඛාරා අතීතා නිරුද්ධා විපරිණතා. එවං අනිච්චා ඛො ආනන්ද සඞ්ඛාරා, එවං අද්ධුවා ඛො ආනන්ද සඞ්ඛාරා. එවං අනස්සාසිකා ඛො ආනන්ද සඞ්ඛාරා. යාවඤ්චිදං ආනන්ද, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුං. ඡක්ඛත්තුං ඛො පනාහං ආනන්ද, අභිජානාමි ඉමස්මිං පදෙසෙ සරීරං නික්ඛිපිතා, තඤ්ච ඛො රාජා’ව සමානො චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. අයං සත්තමො සරීරනික්ඛෙපො. න ඛො පනාහං ආනන්ද, තං පදෙසං සමනුපස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යත්ථ තථාගතො අට්ඨමං සරීරං නික්ඛිපෙය්යාති.
Sinhala BJT32. බලවු අනඳයෙනි, ඒ සියලු සඛරහු ඉකුත් වූහ, නිරුද්ධ වූහ, පෙරැළුණහ. අනඳයෙනි, මෙසේ සඛරහු අනිත්‍ය ම ය, අනඳයෙනි, සඛරහු මෙසේ අධ්‍රැව ම ය. අනඳයෙනි, මෙසේ සඛරහු ආශ්වාස විරහිත ම ය. අනඳයෙනි, සියලු සඛර දහමුන් කෙරෙහි කලකිරෙන්නට ඉතා ම සුදුසු ය, නො ඇලෙන්නට ඉතා ම සුදුසු ය, එයින් මිදෙන්නට ඉතා ම සුදුසු ය, අනඳයෙනි, සවරක් ම මෙ පෙදෙසෙහි සිරුර බහා ලූයෙමි යි දනිමි. ඒ ද ධාර්මික වූ ධර්‍මරාජ වූ සයුරුහිම් සිවුමහදිවයිනට අධිපති වූ, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත සක්විති රජෙක් වැ ම කෙළෙමි. මේ සත්වැනි ශරීරනිඃක්‍ෂේපය යැ. අනඳයෙනි, තථාගතයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්‍වප්‍රජායෙහි යම් තැනෙක අටවැනිවරෙක සිරුර බහාලන්නෝ ද, එසේ වූ තැනක් මම් නො ම දකිමි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා, සුගතයන් වහන්සේ නැවැත ගාථාබන්‍ධන විසින් අනෙකක් වූ මෙය වදාළ සේක:
Pali BJTඅනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො’ති.
Sinhala BJT“ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ. ඉපැත්ම වැනැස්ම සබා කොටැත්තාහ. ඉපිදැ නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංහිඳීම සුව එළවන්නේ යි.”
Pali BJTමහාසුදස්සනසුත්තං නිට්ඨිතං චතුත්ථං.
Sinhala BJTසතර වැනි මහසුදසුන් සුතුර නිමියේ ය.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTජනවසභසුත්තං
Sinhala BJTජනවසභ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා නාතිකෙ{1} විහරති ගිඤ්ජකාවසථෙ. තෙන ඛො පන සමයෙන භගවා පරිතො පරිතො ජනපදෙසු පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති, කාසිකොසලෙසු වජ්ජිමල්ලෙසු චෙතිවංසෙසු{2} කුරුපඤ්චාලෙසු මච්ඡසූරසෙනෙසු අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නො ති. පරොපඤ්ඤාසං නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකා නවුති නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව{3} ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. සාතිරෙකානි පඤ්චසතානි නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා, තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමැ ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල වජ්ජිමල්ල චේති වංස කුරු පඤ්චාල මච්ඡ සූරසේන යන වටා වටා දනවුහි ඉකුත් කලැ වුසූ කලුරිය කළ උවසුවන් ඇරැබැ ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි ඔවුන්ගේ උපපත්ති විෂයයෙහි කරුණු හෙළි කැරැ වදාරන සේක. ඥාතිකාවාසි වූ ද පනසකට වැඩි තරම් වූ, ඉකුත් කලැ වූ, කලුරිය කළ උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ඒ ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි ම පිරිනිවෙනසුලු වූවාහු, එ ලොවින් වටාලා නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාග්‍රාමවාසී අධිකයක් සහිත අනූවක් (අනූවකට වැඩි) උවසුවෝ, තුන් සංයෝජනයන් නැසූ හෙයින් රාග ද්වේෂ මෝහ තුනී වූ හෙයින්, සෙදැගැමි වූවාහු, එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. අතිරේකයක් සහිත පන්සියක් ඥාතිකාවාසී උපාසකයෝ ඉකුත් කලැ සිට කලුරිය කළාහු, තුන් සංයෝජනයන් නැසූ හෙයින් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, රහත් බව පිහිට කොටැත්තාහු වෙත්” යි ද වදාළ සේක.
Pali BJT2. අස්සොසුං ඛො නාතිකියා පරිචාරකා: භගවා කිර පරිතො පරිතො ජනපදෙසු පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති කාසිකොසලෙසු වජ්ජිමල්ලෙසු චෙතිවංසෙසු කුරුපඤ්චාලෙසු මච්ඡසූරසෙනෙසු අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නො’ති. පරොපඤ්ඤාසං නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකා නවුති නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. සාතිරෙකානි පඤ්චසතානි නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. තෙන ච නාතිකියා පරිචාරකා අත්තමනා අහෙසුං පමුදිතා පීතිසොමනස්සජාතා භගවතො පඤ්හවෙය්යාකරණං{4} සුත්වා.
Sinhala BJT2. “භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි උපපත්ති නිමිත්තෙන් ඔවුන් (මරණින් පසු තතු) හෙළි කරන සේක. ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ ඥාතිකාවාසී පනසකට වැඩි ගණනක් උවසුවෝ, අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, ඥාතිකාවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසූයෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූයෙන්, සෙද ගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ, සිටි, කලුරිය කළ පන්සියකට වැඩි ගණනක් ඥාතිකාවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත් බවට නියත වූවාහු, රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටැත්තාහු වෙත් යැ යි වදාරන සේකැ” යි ඥාතිකාග්‍රාමවාසී උපාසකයෝ භගවත් බුදුරජුන්ගේ ප්‍රශ්නව්‍යාකරණය අසා එයින් ද ගන්නා ලද සිතැත්තාහු, සතුටු වූවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වූහ.
Pali BJT3. අස්සොසි ඛො ආයස්මා ආනන්දො: භගවා කිර පරිතො පරිතො ජනපදෙසු පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති. කාසිකොසලෙසු වජ්ජිමල්ලෙසු චෙතිවංසෙසු කුරුපඤ්චාලෙසු මච්ඡසූරසෙනෙසු අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නො ති. පරොපඤ්ඤාසනාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකා නවුති නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති, සාතිරෙකානි පඤ්චසතානි නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා ති. තෙන ච නාතිකියා පරිචාරකා අත්තමනා අහෙසුං පමුදිතා පීතිසොමනස්සජාතා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වා”ති.
Sinhala BJT3. “භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි ද චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහිද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැන උපනැ’ යි ද උපපත්ති නිමිත්තෙන් (ඔවුන්ගේ මරණින් පසු ගතිය) හෙළි කරන සේක. ඉකුත් කලැ සිටි, කලුරිය කළ ඥාතිකාවාසි වූ පනසකට වැඩි ගණනක් උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූ හෙයින් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නොඑන සුලු වෙතැ යි ද, ඉකුත් කලැ සිටි කලුරිය කළ ඥාතිකවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ තුන් සංයෝජන නැසූ හෙයින්, රාග ද්වේෂ මෝහ තුනී වූ හෙයින් සෙදැගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ’ යි ද, ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ පන්සියයකට වැඩි ගණනක් ඥාතිකාවාසී උවසුවෝ තුන් සංයෝජන නැසූ හෙයින් සෝවාන් වූවාහු, අපායට නොවැටෙන සුලු වූවාහු, රහත් බවට නියත වූවාහු, රහත්ඵලය ප්‍රතිෂ්ඨා කොටැති යාහු වෙතැයි ද වදාරන සේක් ල, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නව්‍යාකරණය අසා එයින් ඥාතිකාවාසී උවසුවෝ ආරාධිත සිතැත්තාහු, සතුටු වූවාහු, හටගත් ප්‍රීති හා සොම්නස් හා ඇත්තාහු ද වෙත් ලැ” යි අනඳ තෙරණුවෝ ඇසූහ.
Pali BJTආනන්ද පරිකථා
Sinhala BJTආනන්‍ද පරිකථාව
Pali BJT4. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ඉමෙ ඛො පනාපි{1} අහෙසුං මාගධකා පරිචාරකා බහූ චෙව රත්තඤ්ඤූ ච අබ්භතීතා කාලකතා. සුඤ්ඤා මඤ්ඤෙ අඞ්ගමගධා අඞ්ගමාගධකෙහි{2} පරිචාරකෙහි අබ්භතීතෙහි කාලකතෙහි. තෙ ඛො පනාපි අහෙසුං බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා සීලෙසු පරිපූරකාරිනො තෙ අබ්භතීතා කාලකතා භගවතා අබ්යාකතා. තෙසම්පස්ස{3} සාධු වෙය්යාකරණං. බහුජනො පසීදෙය්ය තතො ගච්ඡෙය්ය සුගතිං. අයං ඛො පනාපි අහොසි රාජා මාගධො සෙනියො බිම්බිසාරො ධම්මිකො ධම්මරාජා හිතො බ්රාහ්මණගහපතිකානං නෙගමානඤ්චෙව ජානපදානඤ්ච. අපිස්සුදං මනුස්සා කිත්තයමානරූපා විහරන්ති ‘එවං නො සො ධම්මිකො ධම්මරාජා සුඛාපෙත්වා කාලකතො, එවං මයං තස්ස ධම්මිකස්ස ධම්මරඤ්ඤො විජිතෙ ඵාසු{4} විහරිම්හා’ති. සො ඛො පනාපි අහොසි බුද්ධෙ පසන්නො ධම්මෙ පසන්නො සඞ්ඝෙ පසන්නො සීලෙසු පරිපූරකාරී. අපිස්සුදං මනුස්සා එවමාහංසු ‘යාව මරණකාලාපි රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවන්තං කිත්තයමානරූපො කාලකතො’ති.
Sinhala BJT4. එ කල්හි වනාහි අනඳ තෙරුනට මේ සිත විය: “ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ, මගද රටැ වැසි චිරරාත්‍රඥ බොහෝ උවසුවෝ ද වූහ. ළඟ ඉකුත් කලැ සිට කලුරිය කළ අඟු මගද දෙරටැ වුසූ (අරීසවු) උවසුවන්ගෙන් මෙ දෙ රට හිස් වූ නියා යැ (හිස් වූවාක් මෙන් අන්‍යයනට පෙනෙයි). ඒ අඟු මගද දෙර ටැ වැසියෝ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලුද වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො ම හෙළි කරන ලදුහ. ඔවුන්ගේ ද උපපත්තිය හෙළි කරනු මනා යැ. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. මේ මගධාධිපති ශ්‍රේණික බිම්බිසාර රජ ධාර්මික ද ධර්‍මරාජ ද බමුණු ගැහැවියනටත් නිගමවාසී ජනපදවාසී ජනයාටත් හිතකාමීද විය. මිනිස්සුද දැහැමි වූ, දැහැමින් රැජැයූ අපේ රජ රට සුවපත් කොට මෙසේ කලුරිය කෙළේ යැ’ යි ද, ‘මෙසේ අපි දැහැමි වූ දැහැමෙන් රජ වූ ඔබේ රටැ සුව සේ වුසූම්හ’ යි ද, එ රජුහු ගුණ වණන්නාහු ද වෙසෙත්. ඒ රජ ද බුදුරජුන් කෙරෙහි පහන් ද දහම්හි පහන් ද සඟුන් කෙරෙහි පහන් ද සිල් පුරන සුලු ද විය. කලුරිය කරන තෙක් දු මගධාධිපති ශ්‍රේණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වණන සුලු වැ වැස කලුරිය කෙළේ යැ’ යි මිනිස්සු ද මෙසේ කියත්.
Pali BJTසො අබ්භතීතො කාලකතො භගවතා අබ්යාකතො. තස්ස පස්ස සාධු වෙය්යාකරණං. බහුජනො පසීදෙය්ය, තතො ගච්ඡෙය්ය සුගතිං. භගවතො ඛො පන සම්බොධි මගධෙසු. යත්ථ ඛො භගවතො සම්බොධි මගධෙසු, කථං තත්ථ භගවා මාගධකෙ පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු න බ්යාකරෙය්ය? භගවා චෙව ඛො පන මාගධකෙ පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු න බ්යාකරෙය්ය දීනමනා තෙනස්සු මාගධකා පරිචාරකා. යෙන ඛො පනස්සු දීනමනා මාගධකා පරිචාරකා කථං තෙ භගවා න බ්යාකරෙය්යාති.
Sinhala BJTහේ ළඟ ඉකුත් කල්හි කලුරිය කෙළේ, භාග්‍යවතුන් වහන්සේ විසින් (මොහුගේ උපපත්තිය මෙසේ යැයි) නො ම හෙළිකරන ලද්දේය. ඔහුගේ උපපත්තිය ද හෙළි කරනු මනා යැ. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය මගද රටෙහි විය. යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී ද, එහි සමීපාතීත වූ කලුරිය කළ උවසුවන් කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උපපත්තීන් නිමිත්තෙන් නො ම හෙළි කළ යුතු වන සේක් ද? භාග්‍යවතුන් වහන්සේ වනාහි සමීපාතීතයෙහි කලුරිය කළ මගද රට වැසි උවසුවන් ඔවුන්ගේ උපපත්ති නිමිත්තෙන් නො හෙළි කරන සේක් වූ නම්, එයින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැති වන්නාහ. මගද රටැ වැසි උවසුවෝ යම් කරුණෙකින් බැගෑපත් සිතැති වන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ඒ (උපපත්ති නිමිත්තෙන්) උවසුවන් හෙළි නො කරන සේක් ද? යනු යැ.
Pali BJT5. ඉදමායස්මා ආනන්දො මාගධකෙ පරිචාරකෙ ආරබ්භ එකො රහො අනුවිචින්තෙත්වා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJT5. අනඳ තෙරණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ හුදෙකලා වැ රහසිගත වැ මෙසේ පුනපුනා සිතා, රෑ අලුය මැ නැඟී සිට, භගවත් බුදුරජුන් කරා එළැඹියාහ. එළැඹ ඔබ වැඳ, පසෙකැ හිඳගත්හ. පසෙකැ හිඳ ම භගවත් බුදුරජුනට මෙ බස් පැවැසූහ:
Pali BJTසුතම්මෙතං භන්තෙ භගවා කිර පරිතො පරිතො ජනපදෙසු පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු බ්යාකරොති කාසිකොසලෙසු වජ්ජිමල්ලෙසු චෙතිවංසෙසු කුරුපඤ්චාලෙසු මච්ඡසූරසෙනෙසු. අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නො ති. පරොපඤ්ඤාසං නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකා නවුති නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. සාතිරෙකානි පඤ්චසතානි නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති. තෙන ච නාතිකියා පරිචාරකා අත්තමනා අහෙසුං පමුදිතා පීතිසොමනස්සජාතා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වාති. ඉමෙ ඛො පනාපි භන්තෙ අහෙසුං මාගධකා පරිචාරකා බහූ චෙව රත්තඤ්ඤූ ච අබ්භතීතා කාලකතා සුඤ්ඤා මඤ්ඤෙ අඞ්ගමගධා අඞ්ගමාගධකෙහි පරිචාරකෙහි අබ්භතීතෙහි කාලකතෙහි. තෙ ඛො පනාපි භන්තෙ අහෙසුං බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා සීලෙසු පරිපූරකාරිනො. තෙ අබ්භතීතා කාලකතා භගවතා අබ්යාකතා.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කාසි කෝසල දෙ රටෙහි ද වජ්ජි මල්ල දෙ රටෙහි ද චේතී වංස දෙ රටෙහි ද කුරු පංචාල දෙ රටෙහි ද මච්ඡ සූරසේන දෙ රටෙහි ද යන වටා වටා දනවුහි ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ උවසුවන් ‘අසෝ තැනැත්තේ අසෝ තැනැ උපන, අසෝ තැනැත්තේ අසෝ තැනැ උපනැ’ යි උපපත්ති නිමිත්තෙන් (ඔවුන් මරණින් පසු තතු) හෙළි කරන සේක. ළඟ ඉකුත් කලැ සිටී, කලුරිය කළ ඥාතිකාවාසී පනසකට වැඩි ගණනෙක් උවසුවෝ අවරභාගික සංයෝජන පස නැසූයෙන් ශුද්ධාවාසයෙහි උපන්නාහු, එහි දී පිරිනිවෙන සුලු වූවාහු, වටාලා එයින් මෙහි නො එන සුලු වෙත්. ඉකුත් කලැ සිටී, කලුරිය කළ, ඥාතිකාවාසී අනූවකට වැඩි ගණනක් උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූයෙන්, සෙදගැමි වූවාහු, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ඉකුත් කලැ සිටි, කලුරිය කළ, පන්සියයට වැඩි ගණනක් ඥාතිකවාසී උවසුවෝ, තුන් සංයෝජන නැසූයෙන්, සෝවාන් වූවාහු, රහත් ඵලය ප්‍රතිෂ්ඨා කොටැත්තාහු වෙත්” යැ යි වදාරන සේක. එයින් ඥාතිකාවාසී උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න ව්‍යාකරණය අසා ආරාධිත සිතැත්තෝ ප්‍රමුදිතයෝ උපන් ප්‍රීති හා සොම්නස් හා ඇත්තෝ වූහ. වහන්ස, ළඟ ඉකුත් කලැ කලුරිය කළ මගද රටැ වැසි චිරරාත්‍රඥ වූ මේ බොහෝ උවසුවෝ වූහ. අඟු මගද දෙරට ළඟ ඉකුත් කලැ කලුරිය කළ අඟුමගද වැසි උවසුවන් ගෙන් හිස් වූ සේ ය. වහන්ස, ඔහු ද බුදු රජු කෙරෙහි පැහැදුණා වූ, දහම්හි පැහැදුණාහු, සඟන කෙරෙහි පැහැදුණාහු, සිල් පුරන්නාහු වූහ. ළඟ ඉකුත් කලැ කලුරිය කළ ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් නො හෙළි කරන ලදහ.
Pali BJTතෙසම්පස්ස සාධු වෙය්යාකරණං බහුජනො පසීදෙය්ය තතො ගච්ඡෙය්ය සුගතිං. අයං ඛො පනාපි භන්තෙ, අහොසි රාජා මාගධො සෙනියො බිම්බිසාරො ධම්මිකො ධම්මරාජා හිතො බ්රාහ්මණගහපතිකානං නෙගමානඤ්චෙව ජානපදානඤ්ච. අපිස්සුදං මනුස්සා කිත්තයමානරූපා විහරන්ති. ‘එවං නො සො ධම්මිකො ධම්මරාජා සුඛාපෙත්වා කාලකතො, එවං මයං තස්ස ධම්මිකස්ස ධම්මරඤ්ඤො විජිතෙ ඵාසු විහරිම්හා’ති. සො ඛො පනාපි භන්තෙ, අහොසි බුද්ධෙ පසන්නො ධම්මෙ පසන්නො සඞ්ඝෙ පසන්නො සීලෙසු පරිපූරකාරී. අපිස්සුදං මනුස්සා එවමාහංසු ‘යාව මරණකාලා පි රාජා මාගධො සෙනියො බිම්බිසාරො භගවන්තං කිත්තයමානරූපො කාලකතො’ති. සො අබ්භතීතො කාලකතො භගවතා අබ්යාකතො, තස්ස පස්ස සාධු වෙය්යාකරණං බහුජනො පසීදෙය්ය තතො ගච්ඡෙය්ය සුගතිං, භගවතො ඛො පන භන්තෙ, සම්බොධි මගධෙසු. යත්ථ ඛො පන භන්තෙ, භගවතො සම්බොධි මගධෙසු කථං තත්ථ භගවා මාගධකෙ පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු න බ්යාකරෙය්ය. භගවා චෙ ඛො පන භන්තෙ, මාගධකෙ පරිචාරකෙ අබ්භතීතෙ කාලකතෙ උපපත්තීසු න බ්යාකරෙය්ය, දීනමනා{1} තෙනස්සු මාගධකා පරිචාරකා. යෙන ඛො පනස්සු භන්තෙ, දීනමනා මාගධකා පරිචාරකා, කථං තෙ භගවා න බ්යාකරෙය්යා”ති.
Sinhala BJTඔවුන්ගේ ද (උප්පත්තිය) හෙළි කිරීම වේ වා යි යදිම්. එයින් බොහෝ දෙනා පහදිනු ඇත. සුගතියට යනු ඇත. වහන්ස, මගධාධිපති වූ මේ ශ්‍රේණික බිම්බිසාර රජ දැහැමි විය, දැහැමෙන් රජයන්නේ විය. බමුණනට ද ගැහැවියනට ද නියම්ගම්වැසියනට ද දනවු වැසියනට ද වැඩ කැමැති විය. තව ද මිනිස්සු ‘මෙසේ ඒ දැහැමි වූ, දැහැමෙන් රැජැයූ බිම්සර රජ අප සුව පත් කොට කලුරිය කෙළේ ය. මෙසේ අපි දැහැමෙන් රැජැයූ ඒ දැහැමි රජුගේ රටෙහි පහසුවෙන් වුසුම්හ’ යි ඔහු ගුණ වණන සුලු ව වෙසෙත්. වහන්ස, තව ද එ රජ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණෙක, දහමෙහි පැහැදුණෙක, සඟන කෙරෙහි පැහැදුණෙක, සිල් පිරූයෙක. තව ද මිනිස්සු ‘මියැ යන තාක් ම මගධාධිපති වූ ශ්‍රේණික බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේ වර්‍ණනා කරන සුලු වැ වැස කලුරිය කෙළේ යැ’ යි මෙසේ කියත්. ළඟ ඉකුත් කලැ සිටි, කලුරිය කළ හෙ තෙමෙ භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළි නො කරන ලදී. ඔහුගේ ද උපපත්තිය හෙළි කිරීම වේව යි යදිම්. බොහෝ දෙනා පහදිනු ඇත. එයින් සුගතියට යනු ඇත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය (බුදු බව ලැබීම) වූයේ මගද රටෙහි ය. වහන්ස, යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී නම්, එ මගද රටැ වුසූ, ළඟ ඉකුත් කල්හි වූ, කලුරිය කළ උවසුවන් කෙසේ නම් උපපත්තිය නිමිත්තෙන් හෙළි නො කරන සේක් ද? වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉකුත් කල්හි වූ, කලුරිය කළ මගද රටැ වුසූ උවසුවන් උපපත්ති නිමිත්තෙන් හෙළි නො කරන සේක් වී නම්, මගද රටැ වැසි උවසුවෝ එයින් බැගෑපත් සිතැත්තෝ වන්නාහ. වහන්ස, යම් හෙයකින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැත්තෝ වන්නාහු නම්, කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ ඔවුන් (උපපත්ති නිමිත්තෙන්) හෙළි නො කරන සේක් ද?”
Pali BJTඉදමායස්මා ආනන්දො මාගධකෙ පරිචාරකෙ ආරබ්භ භගවතො සම්මුඛා පරිකථං කත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඅනඳ තෙරණුවෝ මගද රටැ වැසි උවසුවන් ඇරැබැ භගවත් බුදුරජුන් හමුයෙහි මේ විස්තර කථාව කොට, හුනස්නෙන් නැඟී, ඔබ වැඳ පැදැකුණු කොට නික්මියාහ.
Pali BJT6. අථ ඛො භගවා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය නාතිකං පිණ්ඩාය පාවිසි. නාතිකෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා ගිඤ්ජකාවසථං පවිසිත්වා මාගධකෙ පරිචාරකෙ ආරබ්භ අට්ඨිකත්වා මනසි කත්වා සබ්බං චෙතෙසා සමන්නාහරිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි “ගතිං තෙසං ජානිස්සාමි අභිසම්පරායං යංගතිකා තෙ භවන්තො යංඅභිසම්පරායා”ති. අද්දසා ඛො භගවා මාගධකෙ පරිචාරකෙ යංගතිකා තෙ භවන්තො යංඅභිසම්පරායාති. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො ගිඤ්ජකාවසථා නික්ඛමිත්වා විහාරපච්ඡායායං පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT6. එ කලැ, භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් නික්මැ ගිය නොබෝ කල්හි, පෙර වරු සමයෙහි හැඳ පෙරෙ වැ පා සිවුරු ගෙන, ඥාතික ගමට පිඬු පිණිස පිවිසි සේක. ඥාතික ගමෙහි පිඬු පිණිස හැසිර, පසුබත්හි පිඬු පා ගමනින් පෙරළා ඇක්මුණු සේක්, පා සෝදා ගිඤ්ජකාවසථයට (ගඩොළු ගෙට) වැඩ, මගද රට වැසි උවසුන් ඇරැබ, කරුණු සලකා මෙනෙහි කොට, සියල්ල සිතින් එක් කොට ගෙන, ‘ඒ භවත්හු යම්බඳු ඥානගතියක් ඇත්තාහු ද, යම්බඳු පරලොව් ගතියක් ඇත්තාහු ද, ඔවුන්ගේ ඒ ඥානගතිය, ඒ පරලොව ගතිය දැනගන්නෙමි’ යි සිතා පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඒ භවත්හු යම් ඥානගතියක් ඇත්තාහු ද, යම් පරලෝ ගතියක් ඇත්තාහු ද, එසේ වූ මගද රටැ වුසූ ඒ උවසුවන් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. එයින් පසු සවස් වේලේ සමවතින් නැඟී සිටි සේක්, ගඩොළු ගෙයින් නික් මැ වෙහෙරැ ඉදිරි පසැ සෙවණෙහි පන වන ලද අස්නෙහි වැඩ හුන් සේක.
Pali BJT7. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච. “උපසන්තපදිස්සො{1} භන්තෙ භගවා, භාතිරිව භගවතො මුඛවණ්ණො විප්පසන්නත්තා ඉන්ද්රියානං. සන්තෙන නූනජ්ජ භන්තෙ භගවා විහාරෙන විහාසී”ති. “යදෙව ඛො මෙ ත්වං ආනන්ද, මාගධකෙ පරිචාරකෙ ආරබ්භ සම්මුඛා පරිකථං කත්වා උට්ඨායාසනා පක්කන්තො, තදෙවාහං නාතිකෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා ගිඤ්ජකාවසථං පවිසිත්වා මාගධකෙ පරිචාරකෙ ආරබ්භ අට්ඨිකත්වා{2} මනසි කත්වා සබ්බං චෙතෙසා සමන්නාහරිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං ‘ගතිං තෙසං ජානිස්සාමි අභිසම්පරායං, යංගතිකා තෙ භවන්තො යංඅභිසම්පරායා’ති. අද්දසං ඛො අහං ආනන්ද, මාගධකෙ පරිචාරකෙ යංගතිකා තෙ භවන්තො යංඅභිසම්පරායාති.
Sinhala BJT7. එ කලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුන් කරා එළඹියාහ. එළැඹ ඔබ වැඳ එක් පසෙක හුන්හ. අනඳ තෙරණුවෝ එක් පසෙක හුන්නාහු ම භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපශාන්ත වූ දැකුම් ඇති සේක. ඉඳුරන් වෙසෙසින් පහන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ මුඛවර්‍ණය බබළන සේ ය. වහන්ස, අද භාග්‍යවතුන් වහන්සේ ශාන්ත විහරණයෙකින් වුසූ සේකැ යි හඟිම්” යැ යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, “අනඳයෙනි, යම් විටෙක තෙපි මගද රටැ වුසූ උවසුවන් ඇරැබැ මා හමුයෙහි වර්‍ණනා කථාව කොට හුනස්නෙන් නැඟී නික්මුණහු ද, එ විට ම මම් ඥාතික ගමැ පිඬු පිණිස හැසිර පසු බතැ පිණ්ඩපාතයෙන් පෙරළා ඇක්මුණෙම්, පා දෙවැ ගඩොළු ගෙට වැද මගද රටැ වුසූ උවසුවන් ඇරැබැ, කරුණු සලකා බලා මෙනෙහි කොට, සියල්ල සිතින් එක් කොට ගෙන, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇත්තෝ වූහු ද, යම්බඳු පරලොව් ඇත්තෝ වූහු ද, ඔවුන්ගේ ඒ ඥානගතිය, ඒ පරලොව් ගතිය දන ගන්නෙමි’ යි සිතා, පනවන ලද අස්නැ හිඳ ගතිමි. අනඳයෙනි, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇත්තෝ වූහු ද, යම්බඳු පරලොව් ගති ඇත්තෝ වූහු ද, එසේ වූ ගති ඇති මගද රටැ වූ ඒ උවසුවන් මම් දුටුයෙම් ම ය.
Pali BJTජනවසභාගමනං
Sinhala BJTජනවසභයා පැමිණීම
Pali BJT8. අථ ඛො ආනන්ද, අන්තරහිතො යක්ඛො සද්දමනුස්සාවෙසි: ‘ජනවසභො අහං භගවා, ජනවසභො අහං සුගතා”ති. “අභිජානාසි නො ත්වං ආනන්ද, ඉතො පුබ්බෙ එවරූපං නාමධෙය්යං සුතං යදිදං ජනවසභො”ති. “න ඛො අහං භන්තෙ, අභිජානාමි ඉතො පුබ්බෙ එවරූපං නාමධෙය්යං සුතං යදිදං ජනවසභො”ති. අපි ච මෙ භන්තෙ, ලොමානි හට්ඨානි ජනවසභො ති නාමධෙය්යං සුත්වා. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: න හි නූන සො ඔරකො යක්ඛො භවිස්සති යස්සිදං{3} එවරූපං නාමධෙය්යං සුපඤ්ඤත්තං යදිදං ජනවසභො’ති.
Sinhala BJT8. අනඳයෙනි, එ කලා අතුරුදහන් වූ යක්‍ෂයෙක් ‘භාග්‍යවතුන් වහන්ස මම් ජනවසභයෙමි, සුගතයන් වහන්ස, මම් ජනවසභයෙමි’ යි හඬ ඇස්වී ය (ශබ්දයක් පැවැත් වී ය). අනඳයෙනි, ජනවසභ යන මේ නම තොප මෙයින් පෙරැ ඇසුවා දනිවු ද?” යි අසා වදාළ සේක. “වහන්ස, ජනවසභ යන මේ නම මෙයින් පෙරැ ඇසුවා නො ම දනිමි. එහෙත් වහන්ස, ජනවසභ යන නම ඇසීමෙන් මා ලොමුදහ ගත. වහන්ස, ඒ මට ‘ජනවසභ යන මෙබඳු නමෙක් යමකුහට පනවන ලද්දේ නම් හේ එසේ මෙසේ යකෙක් නො වන්නේ යැ” යි අනඳ තෙරුණුවෝ කිවු ය.
Pali BJT“අනන්තරා ඛො ආනන්ද, සද්දපාතුභාවා උළාරවණ්ණො මෙ යක්ඛො සම්මුඛෙ පාතුරහොසි. දුතියම්පි සද්දමනුස්සාවෙසි: ‘බිම්බිසාරො අහං භගවා බිම්බිසාරො අහං සුගතා’ති. ඉදං සත්තමං ඛො අහං භන්තෙ, වෙස්සවණස්ස මහාරාජස්ස සහබ්යතං උපපජ්ජාමි. සො තතො චුතො මනුස්සරාජා භවිතුං පහොමි.{4}
Sinhala BJT“අනඳයෙනි, හඬ නැඟෙන්නා හා ම උදාර වු සිරුරු පැහැ ඇති යක්‍ෂයෙක් මා ඉදිරියෙහි පහළ විය. දෙවනු වරැ ද හෙ තෙම ‘භාග්‍යවතුන් වහන්ස, මම් බිම්බිසාර වෙමි, සුගතයන් වහන්ස, මම් බිම්බිසාර වෙමි’ යි හඬ ඇස්වී ය. “වහන්ස, මේ සත්වන වර වෙසවුණු මහරජුගේ සහභාවයට පැමිණියෙමි. ඒ මම් මෙයින් සැව මිනිස් රජක්හු වන්නට හැක්කෙමි.
Pali BJTඉතො සත්ත තතො සත්ත සංසාරානි චතුද්දස, නිවාසමභිජානාමි යත්ථ මෙ වුසිතං පුරෙ.
Sinhala BJTමේ දෙව්ලොවින් සැවැ සත් වරක් ද, ඒ මිනිස් ලොවින් සැවැ සත් වරක් ද’ යි මෙසේ යම් දෙව් මිනිස් දෙලොව්හි පෙරැ මා වුසූයේ ද, ඒ දෙ තන්හි ම හැම ලෙසින් කඳ පිළිවෙළ තුදුසක් විසීම දනිමි.
Pali BJTදීඝරත්තං ඛො අහං භන්තෙ, අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමි. ආසා ච පන මෙ සන්තිට්ඨති සකදාගාමිතායා ති.
Sinhala BJTවහන්ස, දික් කලක් ම අපායකට නො වැටුණෙම්, අපායට මගේ නොවැටීම දනිමි. සෙදගැමි බව පිණිස ද මගේ අපේක්‍ෂාව පවතී” යැයි ද හේ කී ය. තව ද ජනවසභ තෙම මතු දැක්වෙන කථාවත් කීය:
Pali BJT9. “අච්ඡරියමිදං ආයස්මතො ජනවසභස්ස යක්ඛස්ස, අබ්භුතමිදං ආයස්මතො ජනවසභස්ස යක්ඛස්ස. ‘දීඝරත්තං ඛො අහං භන්තෙ, අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමීති ච වදෙසි, ආසා ච පන මෙ සන්තිට්ඨති සකදාගාමිතායාති ච වදෙසි. කුතො නිදානං පනායස්මා ජනවසභො යක්ඛො එවරූපං උළාරං විසෙසාධිගමං සඤ්ජානාතී?”ති.
Sinhala BJT9. “වහන්ස, මම් දික් කලක් ම අපායට වැටීමක් නැත්තෙම්, අපායෙන් මිදුණු බව හඳුනමි’ යි ද තෙපි කියහු, සෙදැගැමි බව පිණිස මගේ අපේක්‍ෂාව ද පවත්නේ යැ යි ද කියනු. ආයුෂ්මත් ජනවසභ යක්‍ෂයාණන්ගේ මේ වචනය ආශ්චර්‍ය්‍ය ය, ආයුෂ්මත් ජනවසභ යක්‍ෂයාණන්ගේ මේ වචනය අද්භූත ය. ආයුෂ්මත් ජන වසභයෝ කවර හේතුවකින් මෙ බඳු මහත් අධිගම විශේෂයක් වූ නියා හඳුනත් ද?” යි මම් ඇසීමි. එ විට ජනවසභ තෙම මෙය කී ය:
Pali BJT“න අඤ්ඤත්ථ භගවා තව සාසනා, න අඤ්ඤත්ථ සුගත තව සාසනා. යදග්ගෙ අහං භන්තෙ, භගවති එකන්තිකතො{1} අභිප්පසන්නො, තදග්ගෙ අහං භන්තෙ, දීඝරත්තං අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමි. ආසා ච පන මෙ සන්තිට්ඨති සකදාගාමිතාය. ඉධාහං භන්තෙ, වෙස්සවණෙන මහාරාජෙන පෙසිතො විරූළ්හකස්ස මහාරාජස්ස සන්තිකෙ කෙනචිදෙවකරණීයෙන. අද්දසං භගවන්තං අන්තරාමග්ගෙ ගිඤ්ජකාවසථං පවිසිත්වා මාගධකෙ පරිචාරකෙ ආරබ්භ අට්ඨිකත්වා මනසිකත්වා සබ්බං චෙතෙසා සමන්නාහරිත්වා නිසින්නං ‘ගතිං තෙසං ජානිස්සාමි අභිසම්පරායං යංගතිකා තෙ භවන්තො යංඅභිසම්පරායාති. අනච්ඡරියං ඛො පනෙතං භන්තෙ, යං වෙස්සවණස්ස මහාරාජස්ස තස්සං පරිසායං භාසතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං යංගතිකා තෙ භවන්තො යංඅභිසම්පරායාති. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: භගවන්තඤ්ච දක්ඛාමි. ඉදඤ්ච භගවතො ආරොචෙස්සාමීති. ඉමෙ ඛො මෙ භන්තෙ, ද්වෙ පච්චයා භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සස්නෙන් බැහැරෙහි නො වේ, සුගතයන් වහන්ස, ඔබ වහන්සේගේ සස්නෙන් බැහැරෙහි නො වේ. වහන්ස, යම් දවසෙක (යෂ්ටිවනෝද්‍යානයෙහි දී පළමුවෙන් ම බණ අසා සෝවාන් වැ) භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්ත වශයෙන් පැහැදිණිම් ද, වහන්ස, එතැන් පටන් කොට මම් දික් කලක් අපායයෙන් මිදුණෙම් වීමි. අපායට නොවැටීම හඳුනමි. සකෘදාගාමී බව පිණිස මගේ අපේක්‍ෂාව ද ඇත. වහන්ස, මෙහි මම් වෙසවුණු මහරජුහු විසින් කිසි කටයුත්තක් සඳහා විරූඪක මහරජු වෙත එවන ලදුයෙමි, මඟ අතුරෙහි දී භාග්‍යවතුන් වහන්සේ ගිඤ්ජකාවසථයට වැද මගද රටැ වුසූ උවසුවන් ඇරැබැ, වැඩ ඇතියක් කොට සලකා, මෙනෙහි කොට, සියල්ල සිතින් එක් තැන් කොට ගෙන, ඒ භවත්හු යම්බඳු ඥානගති ඇතියෝ ද යම්බඳු පරලොව් ගති ඇතියෝ ද, ඔවුන්ගේ ඒ ඥානගති හා පරලොව් ගති දැනගනිමි’ යි වැඩ හුන්නවුන් දිටිමි. වහන්ස, ඒ භවත්හු යම් ඥානගති ඇතියෝ යම් අභිසම්පරාය ගති ඇතියෝ වූහු ද එපවත් ඒ පිරිසෙහිදී පවසන වෙසවුණු මහරජුගේ වචනය ඔහු හමුහි මා ඇසුවා, ඔහු හමුයෙහි මා පිළිගත්තා පුදුම නො වේ. වහන්ස, ඒ මට ‘භාග්‍යවතුන් වහන්සේ ද දකින්නෙමි, මෙය ද භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙමි’ යි මේ සිත විය. වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මා එළඹෙනුවට කරුණු දෙක ය.
Pali BJTදෙවසභා
Sinhala BJTදෙව් සබය
Pali BJT10. පුරිමානි භන්තෙ, දිවසානි පුරිමතරානි තදහුපොසථෙ පණ්ණරසෙ වස්සූපනායිකාය පුණ්ණාය පුණ්ණමාය රත්තියා කෙවලකප්පා ච දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා, මහතී ච දිබ්බපරිසා{2} සමන්තතො සන්නිසින්නා හොන්ති{3} සන්නිපතිතා. චත්තාරො ච මහාරාජානො චතුද්දිසා නිසින්නා හොන්ති. පුරත්ථිමාය දිසාය ධතරට්ඨො මහාරාජා පච්ඡිමාභිමුඛො{4} නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. දක්ඛිණාය දිසාය විරූළ්හකො මහාරාජා උත්තරාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. පච්ඡිමාය දිසාය විරූපක්ඛො මහාරාජා පුරත්ථාභිමුඛො{5} නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. උත්තරාය දිසාය වෙස්සවණො මහාරාජා දක්ඛිණාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. යදා භන්තෙ, කෙවලකප්පා ච දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා මහතී ච දිබ්බපරිසා සමන්තතො සන්නිසින්නා හොන්ති සන්නිපතිතා, චත්තාරො ච මහාරාජානො චතුද්දිසා නිසින්නා හොන්ති. ඉදං තෙසං හොති ආසනස්මිං.
Sinhala BJT10. වහන්ස, පෙර දවසැ, බොහෝ දවසකට පෙරැ, ඒ පසොළොස්වක් පොහෝ දා, වැසි ඍතුව එළැඹි, පුරා සඳ ඇති රැයෙහි, සියලු තව්තිසා වැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත්. මහත් දෙව් පිරිස්හු ද එක් වැ හුන්නාහු, එක්රැස් වූවාහු ද වෙත්. සිවුවරම් මහ රජදරුවෝ ද සිවු දිගැ හුන්නාහු වෙත්. පෙර දිගැ ධෘතරාෂ්ට්‍ර මහරජ පැසිම් දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. දකුණු දිගැ විරූඪක මහරජ උතුරු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. පැසිම්දිගැ විරූපාක්‍ෂ මහරජ පෙර දිගට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. උතුරු දිගැ වෙසවුණු මහරජ දකුණු දෙසට මුහුණ ලා දෙවියන් පෙරටු කොට හුන්නේ වෙයි. වහන්ස, යම් විටෙක සියලු තව්තිසාවැසි දෙවියෝ සුදම් සෙබෙහි එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, මහත් දෙව්පිරිස්හු වටා එක් වැ හුන්නාහු, එක් රැස් වූවාහු වෙත් ද, එකල් හි සතර වරම් මහ රජ දරුවෝ සතර දිගැ හුන්නාහු වෙත්.