Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑකමිදාහං ආනන්ද, සමයං ඉධෙව වෙසාලියං විහරාමි ගොතමකෙ චෙතියෙ -පෙ- ඉධෙව වෙසාලියං විහරාමි සත්තම්බෙ චෙතියෙ -පෙ- ඉධෙව වෙසාලියං විහරාමි බහුපුත්තෙ චෙතියෙ. -පෙ- ඉධෙව වෙසාලියං විහරාමි සාරන්දදෙ චෙතියෙ -පෙ- ඉදානෙව ඛො තාහං ආනන්ද, අජ්ජ චාපාලෙ චෙතියෙ ආමන්තෙසිං: රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං චාපාලං චෙතියං, -පෙ- යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති. එවම්පි ඛො ත්වං ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ, ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි: තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති. සචෙ ත්වං ආනන්ද, තථාගතං යාචෙය්යාසි, ද්වෙව තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.
Sinhala BJTඅනඳයෙනි, මම් එක් සමයෙක මෙහි විසල්පුරැ ගෞතමක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරෙහි ම සප්තාමුචෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම බහුපුත්‍රක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම සාරන්‍දද චෛත්‍යයෙහි වෙසෙමි ... අනඳයෙනි, අද දැන් මේ චාපාල චෛත්‍යයෙහි දී තොප බණවා ‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, චාපාලචෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් සිටියැ හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඍද්ධිපාද භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම් කපක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නාහ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්තය කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, එය දැනගන්නට නො හැකි වූහු. ‘බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුග්‍රහ පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩසිටිත් ව’ යි තථාගතයන් නො යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි යැදූහු නම්, තථාගතයෝ තොප කී බස දෙවරක් ම පිළිකෙව්නාහ. තෙවෙනි වරැ ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේ ම දුෂ්කෘතය වෙයි, තොපගේ ම වරද වෙයි.
Pali BJT78. නන්වතෙං ආනන්ද, මයා පටිගච්චෙව අක්ඛාතං: සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං. තං වත මා පලුජ්ජීති. නෙතං ඨානං විජ්ජති. යං ඛො පනෙතං ආනන්ද, තථාගතෙන චත්තං වන්තං මුත්තං පහීණං පටිනිස්සට්ඨං, ඔස්සට්ඨො ආයුසඞ්ඛාරො, එකංසෙන වාචා තථාගතෙන භාසිතා ‘න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී’ති. තඤ්චෙනං{1} තථාගතො ජීවිතහෙතු පුන පච්චාවමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT78. අනඳයෙනි, ප්‍රිය වූ මන වඩන්නාවූ සියලු දැය කෙරෙන් වෙන් වීම, ඉවත් වීම, අන් සැටියෙකින් වීම යන මෙය මා විසින් කල් තබා ම තොපට කියන ලද්දේ නො වේ ද? අනඳයෙනි, යමක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද, පලුදු වන සුලු ද, ‘එය පලුදු නො වේ වා’ යි යන මෙය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ. අනඳයෙනි, යමක් තථාගතයන් විසින් හරන ලද ද, බැහැර කරන ලද ද, මුදන ලද ද, පහ කරන ලද ද, දුරැ ලන ලද ද, යම් ආයුසංස්කාරයෙක් හරන ලද ද, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ යැ යි. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ’ යි යම් ඒකාන්ත වචනයෙක් තථාගතයන් විසින් කියන ලද ද, ඒ වචනය තථාගතයෝ දිවි යෙහින් නුමුදු වළහන්නාහ යන මෙය නැත්තේ ය. මේ කාරණය අවිද්‍යාමාන ය.
Pali BJT79. ආයාමානන්ද, යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමිස්සාමා’ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ගච්ඡ ත්වං ආනන්ද, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සන්නිපාතිතො භන්තෙ භික්ඛුසඞ්ඝො, යස්ස’දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT79. ‘අනඳයෙනි, යමු, මහාවනය යම් තැනෙක ද, කුළාරහල් වෙහෙර යම් තැනෙක ද, එ තැනට එළැඹෙන්නම්හ’ යි බුරජුහු වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවත්හු ආයුෂ්මත් අනඳ තෙරුන් හා මහ වෙනෙහි කුළාරහල් වෙහෙර කරා වැඩියහ. වැඩ අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, යවු, යම් පමණ මහණහු විසල්පුර නිසා වෙසෙත් ද, ඔවුන් හැම උවටන්හලැ රැස්කරවු’ යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී විසල්පුර වසනා තාක් හැම මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවත් බුදුරජුන් කරා එළැඹ වැඳ පසෙක සිටියාහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, බික්සඟ රැස් කරන ලද්දේ ය. යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ දැන් කල් සිතන සේක් නම් මේ ඒ කලැ’ යි සැළ කළහ.
Pali BJT[බ්රහ්මචරියචිරට්ඨිතික - ධම්මදෙසනා]
Sinhala BJT[බ්‍රහ්මචර්‍ය්‍යාචිරස්ථායි ධර්‍මදේශනා]
Pali BJT80. අථ ඛො භගවා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තස්මාතිහ භික්ඛවෙ, යෙ තෙ{2} මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, තෙ වො සාධුකං උග්ගහෙත්වා ආසෙවිතබ්බා භාවෙතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ ච තෙ භික්ඛවෙ, ධම්මා මයා අභිඤ්ඤා{3} දෙසිතා, යෙ වො{4} සාධුකං උග්ගහෙත්වා ආසෙවිතබ්බා භාවෙතබ්බා බහුලීකාතබ්බා යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. සෙය්යථිදං, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJT80. ඉක්බිති භගවත්හු උවටන්හල කරා එළැඹියහ. එළැඹ, පණවා තුබුණු අස්නැ වැඩහුන්හ. වැඩහිඳ ම මහණුන් බණවා, “මහණෙනි, යම් සේ මේ සසුන්බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එසේ මෙහි මා විසින් යම් ධර්‍ම කෙනෙක් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ද, තොප විසින් ඒ මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, භාවනා විසින් වැඩිය යුතු, බහුල වශයෙන් කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි, යම්සේ මේ සසුන් බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එය බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුව පිණිස වන්නේ ද, එසේ ඒ යම් ධර්‍ම කෙනෙක් තොප විසින් මොනොවට ඉගෙන ආසේවන කළ යුතු ද, වැඩිය යුතු ද, බහුල කළ යුතු ද, මහණෙනි, මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ඒ ධර්‍මයෝ කවුරු ද යත්: ඔහු නම් සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක්ප්‍රධානයෝ ය, සතර ඍද්ධිපාදයෝ ය, පංච ඉන්‍ද්‍රියයෝ ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ය යන මොහු ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, ධම්මා මයා අභිඤ්ඤා දෙසිතා. තෙ වො සාධුකං උග්ගහෙත්වා ආසෙවිතබ්බා __භාවෙතබ්බා__ බහුලීකාතබ්බා යථායිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං, තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.”
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ වනාහි මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලදහ. ඔහු තොප විසින් මේ සසුන්බඹසර බොහෝ කල් පවත්නා පිණිස, චිරස්ථිතික වනු පිණිස, මොනොවට ඉගෙන ආසේවන කළ යුතු, වැඩියැ යුතු, බහුල කල යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේ යැ” යි වදාළහ.
Pali BJT81. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “හන්ද’දානි භික්ඛවෙ, ආමන්තයාමි වො. වයධම්මා සඞ්ඛාරා. අප්පමාදෙන සම්පාදෙථ. නචිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා.{1}
Sinhala BJT81. ඉක්බිති භගවත්හු භික්‍ෂූන් බණවා, “මහණෙනි, දැන් තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. නොපමායෙන් තුන්සික සපයවු. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මස් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළහ. භගවත්හු මෙය වදාළහ. සුගත්හු මෙය වදාරා ඉක්බිති ඒ ශාස්තෘහු ගාථාබන්‍ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළහ:
Pali BJTපරිපක්කො වයො මය්හං පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි කතම්මෙ සරණමත්තනො.
Sinhala BJT“මගේ වයස මුහුකෙළේ ය. මගේ ජීවිතකාලය (තව) ස්වල්පයකි. තොප හැර යන්නෙමි. මා විසින් තමහට පිහිට කරන ලද්දේ ය.
Pali BJTඅප්පමත්තා සතිමන්තො සුසීලා හොථ භික්ඛවො, සුසමාහිතසඞ්කප්පා සචිත්තමනුරක්ඛථ.
Sinhala BJTමහණෙනි, නොපමා වවු, සිහි ඇත්තෝ වවු, සුසිල් වවු, මොනොවට පිහිටුවූ සම්‍යක්කල්පනා ඇත්තෝ තමන් සිත රැකගනිවු.
Pali BJTයො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහස්සති{2} පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී’ති.
Sinhala BJTයමෙක් මේ සස්නෙහි නොපමා ව වෙසෙන්නේ නම්, හෙතෙම ජාතිසංසාරය (ඉපැත්ම ද සසර ද නොහොත් ජාතිසංඛ්‍යාත සසර) හැරැ ලා දුක් කෙළවර කරන්නේ ය.”
Pali BJTතතියභාණවාරො.
Sinhala BJTතෙවෙනි බණවර යි.
Pali BJT[චත්තාරො අරියධම්මා]
Sinhala BJT[ආර්‍ය්‍යධර්‍ම සතර]
Pali BJT82. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නාගාපලොකිතං{1} වෙසාලිං අපලොකෙත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ඉදං පච්ඡිමකං ආනන්ද, තථාගතස්ස වෙසාලියා දස්සනං භවිස්සති. ආයාමානන්ද, යෙන භණ්ඩගාමො{2} තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන භණ්ඩගාමො තදවසරි. තත්ර සුදං භගවා භණ්ඩගාමෙ විහරති.
Sinhala BJT82. ඉක්බිත්තෙන් භගවත්හු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර පිඬු පිණිස පිවිසියහ. විසල්පුරැ පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු, නාගාපලෝකනයෙන් විසල්පුර බලාවදාරා, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, මේ තථාගතයන්ගේ පහ්චිම වෛශාලිදර්‍ශනය වන්නේ ය. යමු, අනඳයෙනි, භාණ්ඩගාමය වෙත එළඹෙන්නෙමු” යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භගවත්හු මහත් බික්සඟන කැටුව භණ්ඩ ගම වෙත වැඩියහ. භගවත්හු එහි භණ්ඩ ගමෙහි වැඩවෙසෙති.
Pali BJTතත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “චතුන්නං භික්ඛවෙ, ධම්මානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං? අරියස්ස භික්ඛවෙ, සීලස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. අරියස්ස භික්ඛවෙ, සමාධිස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. අරියාය භික්ඛවෙ, පඤ්ඤාය -පෙ- අරියාය භික්ඛවෙ, විමුත්තියා -පෙ-
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් බණවා, “මහණෙනි, සතර ධර්‍මයන් අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ සැරුම විය. කවර සතර ධර්‍මයන්ගේ (අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන්) ද යත්: මහණෙනි, ආර්‍ය්‍ය ශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය සමාධිහුගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද සසරැ දිවැ හැවිදීම, සසරැ සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවගේ ... මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තියගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දීර්‍ඝ කාලයක් මගේ ද තොපගේ ද සසරැ දිව හැවිදීම, සසර සැරීම විය.
Pali BJTතයිදං භික්ඛවෙ, අරියං සීලං අනුබුද්ධං. පටිවිද්ධං අරියො සමාධි අනුබුද්ධො පටිවිද්ධො. අරියා පඤ්ඤා අනුබුද්ධා පටිවිද්ධා. උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවො”ති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි වදාළහ. භගවත්හු මෙය, වදාළහ. සුගත්හු මෙය වදාරා, යලිදු ගාථා බන්‍ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළහ:
Pali BJT“සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමෙ ධම්මා ගොතමෙන යසස්සිනා,
Sinhala BJT“ලොවුතුරු ශීලය ද ලොවුතුරු සමාධිය ද ලොවුතුරු ප්‍රඥාව ද ලොවුතුරු විමුක්තිය ද යන මේ දහම්හු කීර්තිමත් ගෞතමයන් විසින් අනුබෝධ කරන ලදුහ.
Pali BJTඉති බුද්ධො අභිඤ්ඤාය ධම්මමක්ඛාසි භික්ඛූනං දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතො”ති.
Sinhala BJTමෙසේ බුදුහු වෙසෙසින් දැන මහණුනට දහම් දෙසූහ. පසැස් ඇති, දුක් නැසූ ඒ ශාස්තෘහු කෙලෙස් පිරිනිවනින් පිරිනිවියාහ.”
Pali BJTතත්රාපි සුදං භගවා භණ්ඩගාමෙ විහරන්තො එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ඒ භණ්ඩගාමයෙහි වසන සේක් “ශීලය මෙ බඳු යැ, සමාධිය මෙ බඳු යැ, ප්‍රඥාව මෙ බඳු යැ. ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් ඵල ඇත්තේය, මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රවය කෙරෙන් ද භවාස්‍රවය කෙරෙන් ද අවිද්‍යාස්‍රවය කෙරෙන් දැ යි මෙසේ මෙ කී ආස්‍රව කෙරෙන් මොනොවට ම මිදේ යැ” යැ යි භික්‍ෂූනට මෙය ම බහුල කොටැති ධර්‍මකථාවක් කරන සේක.
Pali BJT[චත්තාරො මහාපදෙසා]
Sinhala BJT[සතර මහා අපදේශ]
Pali BJT83. අථ ඛො භගවා භණ්ඩගාමෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන හත්ථිගාමො, යෙන අම්බගාමො, යෙන ජම්බුගාමො, යෙන භොගනගරං තෙනුපසඞ්කමිස්සාමා”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන භොගනගරං තදවසරි. තත්ර සුදං භගවා භොගනගරෙ විහරති ආනන්දෙ චෙතියෙ.
Sinhala BJT83. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාමයෙහි කැමැති තාක් රැඳී හිඳ, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු යමු, හස්තිග්‍රාමය යම් තැනෙක ද එතැනට එළැඹෙන්නමු’ යි වදාළ සේක ... අම්බගාමය යම් තැනෙක ද එ තැනට ... ජම්බුගාමය යම් තැනෙක ද එ තැනට … භෝග නගරය යම් තැනෙක ද එහි යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව භෝග නගරය කරා වැඩි සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි ආනන්‍ද චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙන සේක.
Pali BJTතත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “චත්තාරො’ මෙ භික්ඛවෙ, මහාපදෙසෙ දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී”ති. “එවම්භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑහි දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, “මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි කරවු, කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: “සම්මුඛා මෙතං ආවුසො, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනන්ති”. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි{1} විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි{2} විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති{3} න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, ඉමස්ස ච භික්ඛුනො දුග්ගහිතන්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං. ඉමස්ස ච භික්ඛුනො සුග්ගහිත’න්ති. ඉමං භික්ඛවෙ, පඨමං මහාපදෙසං ධාරෙය්යාථ. (1)
Sinhala BJT“මහණෙනි, මෙහි මහණෙක්, ‘ඇවැත්නි, ධර්‍මය මේ යැ, විනය මේ යැ, ශාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සිට මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එ පමණින්) එ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනොවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො බස්නාහු ද, විනයයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, මෙය මේ මහණහු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසැගනිත් ද විනයෙහිත් සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ, යි මේ මහණහු විසින් මෙය මොනොවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි{1} විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි{2} විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති{3} න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, තස්ස ච සඞ්ඝස්ස දුග්ගහිත’න්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං, තස්ස ච සඞ්ඝස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ, දුතියං මහාපදෙසං ධාරෙය්යාථ. (2)
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්‍ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘශාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එ පමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහාලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැස ගන්නාහු නම් විනයෙහි නො ද සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ’ යැයි ද ‘ඒ සඟන විසිනුත් වරදවා ගන්නා ලද්දෙකැ’ යි ද කියා මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය ද බැහැර ලවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙකින් බැස ගනිත් නම්, විනයෙහිත් සැසැඳෙත් නම්, ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ මෙය ඒ සඟන විසිනුත් මොනොවට උගන්නා ලද්දේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහ අපදේශය සිත්හි ලා දරවු. (2)
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි, විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: “අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, තෙසඤ්ච ථෙරානං දුග්ගහිත’න්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං, තෙසඤ්ච ථෙරානං සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ, තතියං මහාපදෙසං ධාරෙය්යාථ. (3)
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත කළ ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්. ‘මේ ධර්‍මයැ’යි ‘මේ විනයැ’ යි ‘මේ ශාස්තෘශාසනයැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො මැ පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු, නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඔහු සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැසැගනිත් ද, විනයෙහි නො සැසැඳෙත් ද, එ විටැ ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නො වේ, ඒ තෙරවරුන් විසින් ද මෙය වරදවා ගන්නා ලදසේ යැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණියැ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහ් බහාලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසැ ගනිත් ද, විනයෙහි සැසැඳෙත් ද, ‘ඒකාන්තයෙන් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යි, ඒ තෙරවරුන් විසිනුත් මොනොවට උගන්නා ලද සේ යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්ය: ‘අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: ‘අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං, තස්ස ච ථෙරස්ස දුග්ගහිත’න්ති. ඉති හෙතං භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථ. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං: ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං, තස්ස ච ථෙරස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ, චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථ. (4) ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො මහාපදෙසෙ ධාරෙය්යාථා”ති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝද්ගත ආගමය ඇති, ධර්‍මධර විනයධර මාතෘකාධාර එක් ස්ථවිර භික්‍ෂු නමෙක් වෙසෙයි. ‘මේ ධර්‍මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි, ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය එ පමණින් නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යඤ්ජන මොනොවට ඉගෙන, සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳියැ යුතු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො ම බැසගනිත් ද, විනයෙහිත් නො ම සැසැඳෙත් ද, එ විටැ ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වේ, ඒ තෙරහු විසින් ද වරදවා ගන්නා ලද්දෙකැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඔහු සූත්‍රයෙහි බහා ලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘මෙය ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන යැ. ඒ තෙරහු විසිනුත් මොනොවට ඉගෙන ඇති නියා යැ’ යි මෙහි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිවුවන මහා අපදේශය සිත්හි ලා දරවු. (4) මහණෙනි, මේ සතර මහා අපදේශයන් සිත්හි දරවු” යනුයි.
Pali BJTතත්රපි සුදං භගවා භොගනගරෙ විහරන්තො ආනන්දෙ චෙතියෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: ‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ඒ භෝග නගරයෙහි අනඳ සෑයෙහි වසන සේක්, “සිල් නම් මෙසේ යැ, සමාධි නම් මෙසේ යැ, ප්‍රඥාව මෙසේ යැ, ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල හා මහත් අනුසස් හා ඇත්තේ වේ, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් පල හා මහත් අනුසස් හා ඇති වේ, ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රවකෙරෙන් මොනොවට මිදේ යැ” යි මහණුනට මේ ධර්‍මකථාව ම බහුල කොට කරන සේක.
Pali BJT[චුන්ද-කම්මාරපුත්තකථා]
Sinhala BJT[චුන්‍ද කර්‍මාරපුත්‍ර කථාව]
Pali BJT84. අථ ඛො භගවා භොගනගරෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ආයාමානන්ද, යෙන පාවා, තෙනුපසඞ්කමිස්සාමා”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාවා තදවසරි. තත්ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ. අස්සොසි ඛො චුන්දො කම්මාරපුත්තො: ‘භගවා කිර පාවං අනුප්පත්තො, පාවායං විහරති මය්හං අම්බවනෙ’ති. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT84. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි කැමැතිතාක් කල් රැඳී සිට, අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, එවු, යමු, පාවා නුවර කරා යන්නම් හ’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව පාවා නුවර කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්‍ද නම් කර්‍මාර පුත්‍රයාගේ අඹ වෙනෙහි වැඩ වෙසෙන සේක. චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම ‘භගවත්හු පාවා නුවරට වැඩියාහු, පාවා නුවරැ මගේ අඹවෙනෙහි වෙසෙත් ලු’ යි ඇසී ය. එ කලැ චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම චුන්‍ද කර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. දැක්වූ වැඩෙහි සිත් ගැන්වූ සේක. එහි සිත තියුණු කළ සේක. එහි සිත සතුටු කළ සේක. එ කල්හි චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලදුයේ, දෙලෝ වැඩෙහි සිත ගැන්වුණේ, එහි සිත තියුණු කරන ලදුයේ, එහි සිත සතුටු කරන ලදුයේ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට බික්සඟන හා මා බත ඉවසන සේක් වා’ යි කීය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. ඉක්බිති චුන‍්‍ද කර්‍මාර පුත්‍ර තෙම භගවත් බුදුරජුන්ගේ ඉවැසීම දැන, හුනස්නෙන් නැගී ඔබ වැඳ, පැදකුණු කොට නික්මියේ ය.
Pali BJTඅථ ඛො චුන්දො කම්මාරපුත්තො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතො කාලං ආරොචාපෙසි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: ‘යන්තෙ චුන්ද, සූකරමද්දවං පටියත්තං, තෙන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසා’ති. ‘එවම්භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටියත්තං, තෙන භගවන්තං පරිවිසි. යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසි.
Sinhala BJTඉක්බිති චුන්‍ද කර්‍මාර පුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්‍දව ද පිළියෙල කරවා, ‘වහන්ස, වඩනට කල් පැමිණියේ ය, බත පිළියෙළ කොට නිමැවිණැ’ යි කියා භගවත් බුදුරජුනට කාලය දන්වා යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ද පෙරවරු සෙමෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙන බික්සඟන කැටුව චුන්‍ද කර්‍මාර පුත්‍රයාගේ ගෙට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත අසුන්හි හිඳගත් සේක. හිඳැගෙන (ඒ සූකරමාර්‍දවය ඒ කිසිදු භික්‍ෂූනමක් විසින් දිරවා ගත නොහෙනු දැක), චුන්‍ද කර්‍මාර පුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, තොප විසින් යම් සූකරමාර්‍දවයෙක් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව, යම් අන් ඛාද්‍යයෙක් භෝජ්‍යයෙක් පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වළඳවව’ යි වදාළ සේක. චුන්‍ද කර්‍මාර පුත්‍ර ද ‘එසේ යැ, වහන්සැ’ යි භගවත් බුදුරජුනට පිළිවදන් දී, පිළියෙල කරන ලද යම් සූකරමාර්‍දවයෙක් වී ද එයින් භගවත් බුදුරජුන් වැළැඳැවී ය. යම් අන් ඛාද්‍ය භෝජනයෙක්, පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වැළැඳවී ය.
Pali BJTඅථ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: යන්තෙ චුන්ද, සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛනාහි. නාහං තං චුන්ද, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ, සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතස්සා’ති. ‘එවම්භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා, යං අහොසි සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛණිත්වා, යෙන භගවා තෙනුපසඞ්කමි: උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කර්‍මාරපුත්‍රයා අමතා, ‘චුන්‍දයෙනි, තොප පිළියෙල කළ යම් සූකරමාර්‍දවයෙක් ඉතිරි වැ ඇද්ද, එය වළෙකැ ලව. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවැ, මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි, තථාගතයන් හැර අන් යමක්හු විසින් ඒ සූකරමාර්‍දවය වළඳන ලද්දේ ජඨරාග්නියෙන් මැනැවින් දිරීමට යන්නේ නම්, එ වැන්නක්හු මම් නො දකිමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ම චුන්‍ද කර්‍මාර පුත්‍ර භගවත් බුදුරජුනට පිළිවදන් දී, යම් ඉතිරි වැ තුබුණු සූකරමාර්‍දවයෙක්වී ද, එය වළෙකැ ලා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙකැ හුන් චුන්‍ද කර්‍මාරපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් දන් අනුහස් දක්වා එහි සිත් ගන්වා, එහි සිත තියුණු කොට, එහි සිත සතුටු කොට, හුනස්නෙන් නැඟී වැඩි සේක.
Pali BJT[ලොහිතපක්ඛන්දිකා ආබාධො]
Sinhala BJT[ලෝහිත පක්ඛන්‍දිකා ආබාධය]
Pali BJT85. අථ ඛො භගවතො චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරො ආබාධො උප්පජ්ජි ලොහිතපක්ඛන්දිකා. පබාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි අවිහඤ්ඤමානො.
Sinhala BJT85. චුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ බොජුන වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර වූ ලෝහිත පක්ඛන්‍දිකා රෝගයෙක් උපන. මරණය කෙළවර කොටැති ඉතා දැඩි දුක් වේදනාවෝ පවත්නාහ. භාග්‍යවතුන් වහන්‍සේ එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්. ඒ රෝගයෙන් නො ම ගැහැටෙන සේක්, ඒ දුක් වේදනාවන් ඉවැසූ සේක.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ආයාමානන්ද, යෙන කුසිනාරා තෙනුපසඞ්කමිස්සාමා”ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමැතූ සේක. අමතා, ‘අනඳයෙනි, එමු, කුසිනාරාව කරා යන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.
Pali BJT“චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා කම්මාරස්සාති මෙ සුතං, ආබාධං සම්ඵුසී ධීරො පබාළ්හං{1} මාරණන්තිකං.
Sinhala BJTචුන්‍ද කර්‍මාරපුත්‍රයාගේ බත වැළැඳීමෙන් ධීර වූ බුදුරජුහු මරණය කෙළවර කොටැති ඉතා දැඩි ආබාධයක් ස්පර්‍ශ කළහ’ යි මා විසින් අසන ලදි.
Pali BJTභුත්තස්ස ච සූකරමද්දවෙන, බ්යාධිප්පබාළ්හෙ උදපාදි සත්ථුනො. විරිඤ්චමානො{2} භගවා අවොච ගච්ඡාමහං කුසිනාරං නගරන්ති.”
Sinhala BJTසූකරමාර්‍දවය හා බොජුන් වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දරුණු වූ ව්‍යාධියෙක් උපන. භගවත්හු එක්වන් පැවැති ලෝහිත විරේචන ඇත්තාහු, මම් කුසිනාරා නුවර යමි’ යි වදාළහ.”
Pali BJT[ආනන්දෙන පානීයාහරණං]
Sinhala BJT[අනඳ තෙරුන් පැන් ගෙනැ ඊම]
Pali BJT86. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙහි. කිලන්තො’ස්මි ආනන්ද, නිසීදිස්සාමී”ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ම්හි ආනන්ද, පිවිස්සාමී’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉදානි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලුළිතං ආවිලං සන්දති. අයං භන්තෙ, කකුත්ථා නදී අවිදූරෙ අච්ඡොදකා{3} සාතොදකා සීතොදකා සෙතකා{4} සුපතිත්ථා{5} රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති, ගත්තානි ච සීතීකරිස්සතීති”. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. දුතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉදානි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලුළිතං ආවිලං සන්දති. අයං භන්තෙ කකුත්ථා නදී අවිදූරෙ අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතකා{4} සුප්පතිත්ථා{5} රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති, ගත්තානි ච සීතීකරිස්සතී”ති.
Sinhala BJT86. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලට වැඩිසේක. වැඩ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, මා සඟළ සිවුර සිවු ගුණ කොට පණවවු, ක්ලාන්තයෙමි, අනඳයෙනි, හිඳගන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී, සඟළ සිවුර සිවුගුණ කොට පැණැවූ හ. එසේ පැණැවුණු අස්නෙහි භගවත්හු වැඩහුන්හ. භගවත්හු වැඩහිඳ ම ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි, අනඳ තෙරණුවෝ බුදුරජුනට “වහන්ස, පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල් සකින් සිඳුණු මඳ වූ ජලය කැලැඹුණේ බොරවැ ගලා යයි. වහන්ස, මේ කකුත්‍ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා තොට ඇත්තේ ය, සිත්කලු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්‍ථා නදියෙහි දී පැන් වැළැඳිය හැකි වන සේක, ඇඟ සිසිල් කැරැගත හැකි වන සේකැ” යි කීහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ බුදුරජුනට, ‘වහන්ස, දැන් පන්සියක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල්සකින් සිදුණු මඳ වූ ජලය කැලැඹුණේ බොර වැ ගලා යෙයි. වහන්ස, මේ කකුත්‍ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා කොට ඇත්තේ ය, සිත්කලු ය, භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්‍ථා නදියෙහි දී පැන් වැළැඳියැ හැකි වන සේක, ඇඟ සිසිල් කැරැ ගත හැකි වන සේකැ’ යි කීහ.
Pali BJTතතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී”ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා පත්තං ගහෙත්වා යෙන සා නදිකා තෙනුපසඞ්කමි.
Sinhala BJTතෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු. පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ කුඩා නදිය වෙතට වැඩියාහ.
Pali BJTඅථ ඛො සා නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා ආයස්මන්තෙ ආනන්දෙ උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දිත්ථ. අථ ඛො ආයස්මතෙ, ආනන්දස්ස එතදහොසි: ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයං හි සා නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දතී’ති. පත්තෙන පානීයං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. ඉදානි සා භන්තෙ නදිකා චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දිත්ථ. පිවතු භගවා පානීයං, පිවතු සුගතො පානීයන්ති”. අථ ඛො භගවා පානීයං අපාසි.
Sinhala BJTඑ කල්හි ගැල් සකින් සිඳුණු ස්වල්ප ජලය ඇති, කැළැඹුණු, බොර වූ ඒ කුඩා නදිය ගලනුයේ, අනඳ තෙරුන් එළැඹෙන විටැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දියැති වැ කැලැඹුම් නැති වැ ගැලීය. එ විටැ අනඳ තෙරුනට භවත්නි, තථාගතයන් වහන්සේගේ මහර්ද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ. ස්වල්ප දිය ඇති, ගැල් සකින් සිඳුණු කැලැඹුණු, බොර වැ ගලන මේ නදිය මා එළැඹෙන විට පහන් විය, වෙසෙසින් පෑදුණු දිය ඇති විය, කැලැඹුම් නැති වැ ගලා යැ” යි මේ සිත විය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයෙන් පැන් ගෙන භගවත් බුදුරජුන් වෙත එළැඹියාහ. එළැඹ ඔබට, “වහන්ස, තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව, මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, අද්භූත යැ! වහන්ස, දැන් ගැල්සකින් සිඳී ගිය ජලය ඇති, ස්වල්ප ජලය ඇති, කැළැඹුණු බොර වැ ගලන ඒ කුඩා නදිය මා එළැඹෙන කලැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දිය ඇති වැ කැළැඹුම් නැති වැ බොර නැති වැ ගැලී ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා” යි කීහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ පැන් වැළැඳූ සේක.
Pali BJT[පුක්කුසමල්ලපුත්තකථා]
Sinhala BJT[පුක්කුස මල්ල පුත්‍ර කථාව]
Pali BJT87. තෙන ඛො පන සමයෙන පුක්කුසො මල්ලපුත්තො ආළාරස්ස කාලාමස්ස සාවකො කුසිනාරාය පාවං අද්ධානමග්ගපටිපන්නො හොති. අද්දසා ඛො පුක්කුසො මල්ලපුත්තො භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං. දිස්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පුක්කුසො මල්ලපුත්තො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, සන්තෙන වත භන්තෙ, පබ්බජිතා විහාරෙන විහරන්ති. භූතපුබ්බං භන්තෙ, ආළාරො කාලාමො අද්ධානමග්ගපටිපන්නො මග්ගා ඔක්කම්ම අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි ආළාරං කාලාමං නිස්සාය නිස්සාය අතික්කමිංසු. අථ ඛො භන්තෙ, අඤ්ඤතරො පුරිසො තස්ස සකටසත්ථස්ස පිට්ඨිතො පිට්ඨිතො ආගච්ඡන්තො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොච: “අපි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කමන්තානි අද්දසා?’ති. ‘න ඛො අහං ආවුසො අද්දසන්ති.’ ‘කිම්පන භන්තෙ, සද්දං අස්සොසී?’ති. ‘න ඛො අහං ආවුසො, සද්දං අස්සොසි’න්ති. ‘කිම්පන භන්තෙ, සුත්තො අහොසී?’ති. න ඛො අහං ආවුසො, සුත්තො අහොසි’න්ති. ‘කිම්පන භන්තෙ, සඤ්ඤී අහොසී?’ති. ‘එවමාවුසො’ති. ‘සො ත්වං භන්තෙ, සඤ්ඤී සමානො ජාගරො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නෙව අද්දස, න පන සද්දං අස්සොසි. අපිස්සු තෙ භන්තෙ, සඞ්ඝාටි රජෙන ඔකිණ්ණා?ති. ‘එවමාවුසො’ති. අථ ඛො භන්තෙ, තස්ස පුරිසස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සන්තෙන වත භො පබ්බජිතා විහාරෙන විහරන්ති. යත්ර හි නාම සඤ්ඤී සමානො ජාගරො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නෙව දක්ඛිති, න පන සද්දං සොස්සතී’ති ආළාරෙ කාලාමෙ උළාරං පසාදං පවෙදිත්වා පක්කාමී”ති.
Sinhala BJT87. එකලැ වනාහි ආළාරකාලාම තවුසාණන්ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ල පුත්‍රයෙක් කුසිනාරායෙන් පාවා නුවරට යන දික් මඟට පිළිපන්නේ වෙයි. පුක්කුස මල්ලපුත්‍ර තෙමෙ එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක ඔබ වෙතට ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම පුක්කුස මල්ල පුත්‍ර තෙමෙ භගවත් බුදුරජුනට මෙසේ කී ය: වහන්ස, ආශ්චර්‍ය්‍යය! වහන්ස, අද්භූත ය!! වහන්ස, පැවිද්දෝ ශාන්ත වූ විහරණයෙන් වෙසෙත්. වහන්ස, පෙරැ වූවක් කියම්. “පෙරැ ආළාර කාලාමයෝ දික් මඟකට පිළිපන්නාහු, මඟින් ඉවත් වැ නොදුරෙහි වූ එක්තරා රුකක් මුලැ දිවාවිහරණය පිණිස හුන්හ. වහන්ස, එ කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ගැල්සාත්තුව පසු පයින් එනුයේ, ආළාර කාලාමයන් කරා එළැඹියේ ය. එළැඹ, ‘වහන්ස, (මෙ පෙදෙස) ගැටි ගැටි ඉක් මැ යන පන්සියයක් පමණ ගැල් දුටු සේක් දෝ?’යි විචාළේ ය. ‘ඇවැත්නි, මම් නො ම දිටිමි’යි ආළාරකාලාමයෝ වදාළහ. ‘වහන්ස, කිම? ගැල්සක් හඬ ඇසූ සේක දෝ?’ යි හේ විචාළේ ය. ‘ඇවැත්නි, ගැල්සක් හඬ ද නො ම ඇසීමි’ යි ආළාරකාලාමයෝ වදාළාහ. ‘වහන්ස කිමෙක් ද? නිද්‍රෝපගත වැ හොත් සේක් දෝ’යි හේ පුළුවුත. ‘ඇවැත්නි මම් නිද්‍රෝපගත ද නො වීමි’ යි ආළාරකාලාමයෝ වදාළහ. ‘කිමෙක් ද? වහන්ස, ඔබ සංඥා ඇති වැ හුන් සේක් දැ?’ යි හේ පුළුවුත. ‘එසේ යැ, ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. ‘වහන්ස, ඔබ සංඥා ඇති වන්නාහු ම, පිබිදැ හුන්නාහු ම ගැටි ගැටී ඉක්මැ යන පන්සියයක් පමණ ගැල් නො දුටුවාහ, ගැල්සක් හඬ නො ම ඇසුවාහ. වහන්ස, එහෙත් ඔබ සඟළ සිවුරු ධූලියෙන් වැකුණේ යැ!’ යි හේ කීය. ‘එසේ යැ ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. වහන්ස, එ විටැ ඒ පුරුෂයාට මේ සිත විය. ‘භවත්නි, ආශ්චර්‍ය්‍ය යැ! භවත්නි, පුදුම යැ!! යමෙක් සංඥාව ම පිබිදැ හුන්නේ ම ගැටි ගැටි ඉක්මෙන පන්සියයක් පමණ ගැල් නො ම දිටී ද, ගැල් හඬක් නො ම ඇසී ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් මේ පැවිද්දෝ වෙසෙති!!!’ යි මේ සිත විය. හේ මෙසේ ආළාරකාලාමයන් කෙරෙහි මහත් ප්‍රසාදය පළ කොට එතැනින් නික්මියේ ය” යනු යැ.
Pali BJTතං කිම්මඤ්ඤසි පුක්කුස, කතමන්නු ඛො දුක්කරතරං වා දුරභිසම්භවතරං වා යො සඤ්ඤී සමානො ජාගරො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කමන්තානි නෙව පස්සෙය්ය, න පන සද්දං සුණෙය්ය, යො වා සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු{1} නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නෙව පස්සෙය්ය න පන සද්දං සුණෙය්යා?ති.
Sinhala BJT“පුක්කුසයෙනි, එය තෙපි කිමැ යි සිත වු ද? යමෙක් සංඥීවන්නේ ම පිබිද ඉන්නේ ම දිව දී යන පන්සියයක් පමණ ගැල් නො ම දක්නේත් නො ම අසන්නේ ත් වේ ද, යමෙක් හෝ සංඥී වැ ම, පිබිදැ ඉන්නේ ම, (වියැළි ගැජුම් කොට අතරින් පතර) වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි, එය නො ම දක්නේ ද, එහි හඬ හෝ නො ම අසන්නේ ද, මේ දෙකින් කිමෙක් නම් වඩා දුෂ්කර ද, වඩා දුර්‍ලභ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“කිඤ්හි භන්තෙ, කරිස්සන්ති පඤ්ච වා සකටසතානි ඡ වා සකටසතානි සත්ත වා සකටසතානි අට්ඨ වා සකටසතානි නව වා සකටසතානි සකටසහස්සං වා සකටසතසහස්සං වා. අථ ඛො එතදෙව දුක්කරතරං චෙව දුරභිසම්භවතරඤ්ච යො සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නෙව පස්සෙය්ය න පන සද්දං සුණෙය්යා”ති.
Sinhala BJT“වහන්ස, පන් සියයෙක් හෝ හය සියයෙක් හෝ හත් සියෙක් හෝ අට සියයෙක් හෝ නව සියයෙක් හෝ දහසෙක් හෝ සිය දහසෙක් හෝ ගැල්හු කුමක් කරන්නාහු ද? වැලි දු යමෙක් සංඥී ව ම, පිබිදැ හිඳ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි එය නො දක්නේ නම්, එහි හඬත් නො අසන්නේ නම්, මෙය ම වඩා දුෂ්කර යැ, වඩා දුර්‍ලභ යැ” යි පුක්කුස කී ය.
Pali BJTඑකමිදාහං පුක්කුස, සමයං ආතුමායං විහරාමි භූසාගාරෙ. තෙන ඛො පන සමයෙන දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා අවිදූරෙ භුසාගාරස්ස ද්වෙ කස්සකා භාතරො හතා චත්තාරො ච බලිවද්දා. අථ ඛො පුක්කුස, ආතුමාය මහාජනකායො නික්ඛමිත්වා යෙන තෙ ද්වෙ කස්සකා භාතරො හතා චත්තාරා ච බලිවද්දා, තෙනුපසඞ්කමි. තෙන ඛො පනාහං පුක්කුස, සමයෙන භුසාගාරා නික්ඛමිත්වා භුසාගාරද්වාරෙ අබ්භොකාසෙ චඞ්කමාමි. අථ ඛො පුක්කුස, අඤ්ඤතරො පුරිසො තම්හා මහාජනකායා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො අහං පුක්කුස තං පුරිසං එතදවොචං ‘කින්නුඛො සො ආවුසො මහාජනකායො සන්නිපතිතො?ති. ඉදානි භන්තෙ, දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා ද්වෙ කස්සකා භාතරො හතා චත්තාරො ච බලිවද්දා. එත්ථෙසො මහාජනකායො සන්නිපතිතො. ත්වම්පන භන්තෙ කුහිං අහොසී?’ති. ‘ඉධෙව ඛො අහං ආවුසො අහොසි’න්ති. ‘කිම්පන භන්තෙ න අද්දසා?ති. ‘න ඛො අහං ආවුසො අද්දසන්ති’. ‘කිම්පන භන්තෙ සද්දං අස්සොසී?’ති. ‘න ඛො අහං ආවුසො සද්දං අස්සොසින්ති’. ‘කිම්පන භන්තෙ සුත්තො අහොසී?ති. ‘න ඛො අහං ආවුසො සුත්තො අහොසින්ති’. ‘කිම්පන භන්තෙ සඤ්ඤී අහොසී?’ති. ‘එවමාවුසො’ති. ‘සො ත්වං භන්තෙ, සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නෙව අද්දස, න පන සද්දං අස්සොසී?’ති. ‘එවමාවුසො’ති.
Sinhala BJTඑවිට, භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, ‘පුක්කුසයෙනි, මම් එක් සමයෙක ආතුමා නම් නුවරැ පිදුරුකිළියෙකැ වෙසෙන්නෙම් වීමි. එ සමයෙහි වැසි වස්නා කලැ, මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ ඒ පිදුරු කිළියට නොදුරෙහි ගොවිදෙබෑ කෙනෙක් ද ගොන්නු සිවු දෙනෙක් ද නැසුණහ. පුක්කුසයෙනි, එ කලැ ආතුමා වුනරින් මහජන මුළුවෙක් නික්මැ අවුත් ඒ මළා වූ ගොවි දෙබෑයන් ද සිවු ගවයන් ද හෝනා තැනට ආය. පුක්කුසයෙනි, එ වෙලෙහි මම්, පිදුරු කිළියෙන් නික්මැ, එහි දොර එළිමහනේ සක්මන් කෙරෙමි. පුක්කුසයෙනි, එ කලැ ඒ මහජන මුළුවෙන් එක්තරා මිනිසෙක් මා කරා ආ ය. අවුත් මා වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටි ඒ මිනිසා බණවා, “ඇවැත්නි, කවර හෙයින් මහජනමුළුවෙක් රැස් විණි දැ?” යි ඇසීමි. “වහන්ස, දැන් වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ වැටෙන කල්හි, දෙ බෑ ගොවි කෙනෙක් ද සිවු දෙනෙක් ගවයෝ ද නටහ. එහි තෙල මහජන මුළුව රැස් විය. වහන්ස, ඔබ කොහි වූ හු ද?” යි ඒ මිනිසා කී ය. “ඇවැත්නි, මම් මෙහි ම වීමි” යි මම් කීමි. “වහන්ස කිම? එය ඔබ නො දුටු සේක් දෝ?” යි හේ පුළුවුත. “මම් නොදිටිමි ඇවැත්නි” යි මම් කීමි. “කිමෙක් ද? වහන්ස, ඔබවහන්සේ ඒ හඬ ඇසූ සේක් දැ?” යි හේ පුළුවුත. “ඇවැත්නි, මම් ඒ හඬ නො ඇසීමි” යි කීමි. “කිමෙක් ද, වහන්ස, ඔබ සංඥී වූහු ද?” යි හේ පුළුවුත. ‘එසේ ය ඇවැත්නි’ යි මම් කීමි. “වහන්ස, ඒ ඔබ වහන්සේ සංඥී වන සේක් ම පිබිදැ හුන් සේක් ම, වැසි වස්නා කලැ මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ එය නොම දුටු සේක් ද? හඬ හෝ නො ම ඇසූ සේක් දැ?” යි හේ විචාළේ ය. “එ සේය, ඇවැත්නි” යි මම් කීමි. පුක්කුසයෙනි, එ විටැ, “භවත්නි, යමෙක් සංඥීව ම, පිබිදැ හුන්නේ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය හැසිරෙන කල්හි, සෙණ පුපුරන කල්හි එය නො ම දුටුයේ ද, එහි හඬත් නො ම ඇසුයේ ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් පැවිද්දෝ වෙසෙත්” යැ යි ඒ පුරුෂයාට මේ සිත විය. ඉක්බිති හෙ තෙම මා කෙරෙහි මහත් ප්‍රසාදය පහළ කොට, මා වැඳ පැදැකුණු කොට නික්මියේ යැ” යි වදාළ සේක.
Pali BJTඅථ ඛො පුක්කුස, තස්ස පුරිසස්ස එතදහොසි. ‘අච්ඡරියං වත භො අබ්භුතං වත භො, සන්තෙන වත භො පබ්බජිතා විහාරෙන විහරන්ති. යත්ර හි නාම සඤ්ඤී සමානො ජාගරො දෙවෙ වස්සන්තෙ දෙවෙ ගලගලායන්තෙ විජ්ජුතාසු නිච්ඡරන්තීසු අසණියා ඵලන්තියා නෙව දක්ඛිති, න පන සද්දං සොස්සතී’ති මයි උළාරං පසාදං පවෙදෙත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමී’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි, පුක්කුස මල්ලපුත්‍ර තෙම “වහන්ස, ආළාර කාලාමයන් කෙරෙහි මගේ යම් පැහැදීමෙක් වී ද, එය මහ සුළඟෙහි පොළා හරිමි. සැඩ දිය පාර ඇති නදියෙක හෝ පා කොට යවමි. වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම් සේ මුහුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, පිළිසන් වූවක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. “වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද බික්සඟන ද සරණයෙමි. අද පටන් කොට, දිවි හිමින් සරණ ගිය උවසුවකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකා වදාරන සේක් වා” යි කී ය.
Pali BJTඑවං වුත්තෙ පුක්කුසො මල්ලපුත්තො භගවන්තං එතදවොච: ‘එසාහං භන්තෙ, යො මෙ ආළාරෙ කාලාමෙ පසාදො, තං මහාවාතෙ වා ඔපුනාමි, සීඝසොතාය වා නදියා පවාහෙමි. අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති. අථ ඛො පුක්කුසො මල්ලපුත්තො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි. ‘ඉඞ්ඝ මෙ ත්වං භණෙ සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං ආහාර’ති. ‘එවං භන්තෙ’ති සො පුරිසො පුක්කුසස්ස මල්ලපුත්තස්ස පටිස්සුත්වා තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං ආහරි. අථ ඛො පුක්කුසො මල්ලපුත්තො තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො උපනාමෙසි ‘ඉදම්භන්තෙ සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං. තම්මෙ භන්තෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා’ති. ‘තෙන හි පුක්කුස, එකෙන මං අච්ඡාදෙහි එකෙන ආනන්දන්ති’. ‘එවම්භන්තෙ’ති ඛො පුක්කුසො මල්ලපුත්තො භගවතො පටිස්සුත්වා එකෙන භගවන්තං අච්ඡාදෙසි එකෙන ආයස්මන්තං ආනන්දං. අථ ඛො භගවා පුක්කුසං මල්ලපුත්තං ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි. අථ ඛො පුක්කුසො මල්ලපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිති පුක්කුස මල්ලපුත්‍ර තෙම එක්තරා පුරුෂයකු බණවා, “සගය යව, රන්වන් වූ මට සිලිටි වූ මඟුල් උළෙල ඈහි මා විසින් දැරියැ යුතු වූ වස්ත්‍ර යුගලය ගෙනෙව” යි කී ය. ‘එසේ යැ ස්වාමීනි’ යි කියා හේ පුරුෂ තෙම ඒ රන්වන් මට සිලිටි වත් යුවල ගෙනායේ ය. ඉක්බිති, පුක්කුස මල්ල පුත්‍ර තෙම රන්වන් මට සිලුටු (උත්සවාදීන්හි) දැරියැ යුතු ඒ වත් යුවල ගෙන, “වහන්ස, මේ රන්වන් වූ මට සිලුටු වූ, (උත්සවාදියෙහි මා විසින්) දැරියැ යුතු වූ වස්ත්‍ර යුග්මයෙක. වහන්ස, මා සතු වස්ත්‍ර යුග්මය මට අනුකම්පා සඳහා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා” යි එය භගවත් බුදුරජුනට එළැවී ය. “එසේ වී නම්, පුක්කුසයෙනි, එයින් එකෙකින් මා පුදව. අනෙකින් අනඳයන් පුදව” යි භගවත්හු වදාළහ. “එසේ යැ වහන්සැ” යි පුක්කුස මල්ල පුත්‍ර තෙම භගවත් බුදුරජුනට පිළිවදන් දී, එකෙකින් භගවත් බුදුරජුන් පිදී ය. (එකක් හඳනා පොරෝනා පිණිස භගවත් බුදුරජුනට දුන), එකෙකින් අනඳ තෙරුන් පිදීයි. (හඳනා පොරෝනා පිණිස එකක් අනඳ තෙරුනටද දුන). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ල පුත්‍රයාට වස්ත්‍රානුමෝදනා ධර්‍මකථායෙන් කරුණු දැක් වූ සේක. එහි සිත් ගැන් වු සේක. එහි සිත් තියුණු කැරැවූ සේක, එහි සිත් සතුටු කැරැවූ සේක. මල්ල පුත්‍ර පුක්කුස තෙමේ ද භගවත් බුදුරජුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලදුයේ, එහි සිත් ගැන්වුණේ, එහි සිත් තියුණු කරවන ලදුයේ, එහි සිත් සතුටු කරවන ලදුයේ, හුනස්නෙන් නැගී භගවත් බුදුරජුන් වැඳැ පැදැකුණු කොට නික්මැ ගියේ ය.
Pali BJT88. අථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තෙ පුක්කුසෙ මල්ලපුත්තෙ තං සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො කායං උපනාමෙසි. තං භගවතො කායං උපනාමිතං වීතච්චිකං විය ඛායති.
Sinhala BJT88. ඉක්බිති අනඳ තෙරණුවෝ පුක්කුස මල්ල පුත්‍රයා නික්මගිය නොබෝ කල්හි, ඒ (ඔහු විසින් උළෙල ඈහි) දැරිය යුතු වැ තුබුණු මට සිලිටි රන්වන් වත් යුවල භගවත් බුදු රජුන්ගේ සිරි සිරුරට එළැවී ය. එය භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට එළවන ලදුයේ, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් මෙන් පැණෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘අච්ඡරියම්භන්තෙ, අබ්භුතම්භන්තෙ, යාවපරිසුද්ධො භන්තෙ, තථාගතස්ස ඡවිවණ්ණො පරියොදාතො. ඉදම්භන්තෙ සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං ධාරණීයං භගවතො උපනාමිතං වීතච්චිකං විය ඛායතී’ති.
Sinhala BJTඑ කලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ ඡවිවර්‍ණය කොතරම් පිරිසිදු ද, කොතරම් ප්‍රභාස්වර ද යනු ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ. වහන්ස, මේ රන්වන් වූ, මට සිලිටි වූ ධාරණීය (උතුම් මංගල) වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේගේ කයට එළවන ලදුයේ, පහවූ සිළු ඇති, ගිනි අඟුරු රැසක් මෙන් පැනේ’ යැ යි කීහ.
Pali BJT“එවමෙතං ආනන්ද, ද්වීසු ඛො ආනන්ද, කාලෙසු අතිවිය තථාගතස්ස කායො පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. කතමෙසු ද්වීසු? යඤ්ච ආනන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති. ඉමෙසු ඛො ආනන්ද, ද්වීසු කාලෙසු අතිවිය තථාගතස්ස කායො පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. අජ්ජ ඛො පනානන්ද, රත්තියා පච්ඡිමෙ යාමෙ කුසිනාරායං උපවත්තනෙ මල්ලානං සාලවනෙ අන්තරෙන යමකසාලානං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ආයාමානන්ද, යෙන කකුත්ථා නදී තෙනුපසඞ්කමිස්සාමා”ති. “එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
Sinhala BJT“අනඳයෙනි, අවස්ථා දෙකෙක්හි ම තථාගතයන්ගේ සිරුර පිරිසිදු වෙයි, ඡවිවර්‍ණය ප්‍රභාස්වර වෙයි. කවර අවස්ථා දෙකෙක් හි ද යත්: අනඳයෙනි, යම් රැයෙක තථාගතයෝ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අධිගම කෙරෙත් ද, යම් රැයෙක තථාගතයෝ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද, අනඳයෙනි, මේ අවස්ථා දෙක්හි ම තථාගතයන්ගේ සිරුර ඉතාම පිරිසිදු වෙයි, ඡවිවර්‍ණය ප්‍රභාස්වර වෙයි. අනඳයෙනි, අද වනාහි රෑ පැසිම් යම්හි කුසිනාරාහි උපවර්‍තන නම් මල්ල රජුන්ගේ සල් වෙනෙහි යමා සල් රුක් අතරැ තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. අනඳයෙනි, එවු, යමු. කකුත්‍ථා නදිය කරා එළැඹෙන්නමු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ, වහන්සැ” යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.
Pali BJT“සිඞ්ගීවණ්ණං යුගං මට්ඨං පුක්කුසො අභිහාරයි, තෙන අච්ඡාදිතො සත්ථා හෙමවණ්ණො අසොභථා”ති.
Sinhala BJTඑහෙයින් සංගීතිකාරකයෝ කීහ: “රන්වන් මට සිලිටි වත් යුවලක් පුක්කුස තෙමේ එළැවී ය. එය හැඳැ පෙරැ වූ ශාස්තෘහු රන් පැහැ වූහු, හෙබියාහ.”
Pali BJT[අම්බවනූපගමනං]
Sinhala BJT[අඹවනයට එළැඹීම]
Pali BJT89. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කකුත්ථා නදී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කකුත්ථං නදිං අජ්ඣොගාහෙත්වා න්හාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා යෙන අම්බවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං චුන්දකං ආමන්තෙසි. ‘ඉඞ්ඝ මෙ චුන්දක, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙහි. කිලන්තො’ස්මි චුන්දක, නිපජ්ජිස්සාමී’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා චුන්දකො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. ආයස්මා පන චුන්දකො තත්ථෙව භගවතො පුරතො නිසීදි.
Sinhala BJT89. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන කැටුව කකුත්‍ථා නදිය වෙතට වැඩි සේක. වැඩ, ඒ නදියට බැස, දිය සනහා, පැන් වළඳා, එයින් ගොඩ නැඟ, අඹ වනය කරා වැඩි සේක. වැඩැ (වෙතැ සිටි) චුන්‍දක තෙරුන් බණවා “චුන්‍දකයෙනි, මට සඟළ සිවුර සතර පට කොට පණවවු. චුන්‍දකයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙන්නෙමි” යි වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ම චුන්‍දක තෙරණුවෝ භගවත්නට පිළිවදන් දී, සඟළ සිවුර සතර ගුණ කොට පැනැවූ හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු සිරිපා හි වම් සිරි පා මඳක් මෑත් කොට පිහිටුවා, එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්, නැඟී සිටුනා සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්‍දක තෙරණුවෝ ද එහි ම භගවත් බුදුරජුන් ඉදිරියෙහි හුන්හ.
Pali BJT“ගන්ත්වාන බුද්ධො නදියං කකුත්ථං අච්ඡොදකං සාතොදකං විප්පසන්නං,{1} ඔගාහි සත්ථා සුකිලන්තරූපො තථාගතො අප්පටිමො’ධ ලොකෙ.
Sinhala BJT[එහෙයින් කීහු සංගීතිකාරකයෝ:] “මෙ ලොවැ අප්‍රතිම ශාස්තෘ වූ තථාගත බුදු රජුහු කකුත්‍ථා නදිය කරා වැඩ, ඉතා ක්ලාන්ත ස්වභාවය ඇත්තාහු, එහි දියට බටහ.
Pali BJTනහාත්වා ච පීත්වා චුදතාරි සත්ථා පුරක්ඛතො භික්ඛුගණස්ස මජ්ඣෙ, සත්ථා පවත්තා භගවා’ධ ධම්මෙ උපාගමී අම්බවනං මහෙසි.
Sinhala BJTශාස්තෘහු දිය සනහා පැන් වළඳා, බික් සඟන මැද පෙරට වැ සිටියෝ, නදියෙන් ගොඩ නැංගාහ. මෙහි ධර්‍මයේ ප්‍රවක්තෘ වූ මහර්ෂි වූ භගවත් ශාස්තෘහු අඹවනයට වැඩියහ.
Pali BJTආමන්තයී චුන්දකං නාම භික්ඛුං චතුග්ගුණං පත්ථර මෙ නිපච්ඡං{2} සො වොදිතො{3} භාවිතත්තෙන චුන්දො චතුග්ගුණං පත්ථරි ඛිප්පමෙව. නිපජ්ජි සත්ථා සුකිලන්තරූපො චුන්දො’පි තත්ථ පමුඛෙ නිසීදී”ති.
Sinhala BJTචුන්‍දක නම් මහණහු බණවා ‘මා සඟළ සිවුර සිවු ගුණ කොට අතුරවා වැදැහෙන්නෙමි’ යි වදාළහ. භාවිතාත්ම වූ ඒ බුදුරජුහු විසින් මෙහෙයන ලද ඒ චුන්‍දක තෙර වහා ම සඟළ සිවුර සිවු ගුණ කොට පැනැවී ය. ඉතා ක්ලාන්ත ස්වභාවය ඇති ශාස්තෘහු එහි සැතැපුණාහ. චුන්‍ද තෙර ද ඔබ ඉදිරියෙහි හුන්නේ ය.”
Pali BJT[ද්වෙ පිණ්ඩපාතා සමඵලා]
Sinhala BJT[සමවිපාක ඇති පිණ්ඩපාත දෙක]
Pali BJT90. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. “සියා ඛො පනානන්ද, චුන්දස්ස කම්මාරපුත්තස්ස කොචි විප්පටිසාරං උපදහෙය්ය” ‘තස්ස තෙ ආවුසො චුන්ද, අලාභා, තස්ස තෙ දුල්ලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො’ති. චුන්දස්සානන්ද, කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො විනෙතබ්බො.
Sinhala BJT90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්‍ද කර්‍මාර පුත්‍ර හට ‘ඇවැත් චුන්‍දයිනි, තථාගතයෝ යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය (භෝජනය) වළඳා පිරිනිවියෝ ද, ඒ ඔබට (එයින්) අලාභයෝ යැ, ඒ තොප විසින් මිනිසත් බව නපුරු කොට ලබන ලද සේ යැ’ යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්‍ද කර්‍මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය:”
Pali BJTතස්ස තෙ ආවුසො ලාභා, තස්ස තෙ සුලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො. සම්මුඛා මෙතං ආවුසො චුන්ද, භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං ‘ද්වෙ’මෙ පිණ්ඩපාතා සමඵලා සමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. කතමෙ ද්වෙ? යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣතී, යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, ඉමෙ ද්වෙ පිණ්ඩපාතා සමඵලා සමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච.
Sinhala BJT“යම් බඳු ඔබගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගතයෝ පිරිනිවියෝ ද, ඒ ඔබට ලාභයෙක, ඒ ඔබ විසින් මිනිසත් බව මොනොවට ලද සේ ය. අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉමහත් ඵල ඇති, වඩා ඉමහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල වූ සමවිපාක වූ මේ පිණ්ඩපාත දෙකෙද. කවර දෙකෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණෙත් ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ නිරුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද, මේ අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉතා ඉමහත් පල ඇති ඉතා මහත් විපාක ඇති හැම ලෙසින් ම සම ඵල ඇති, සම අනුසස් ඇති පිණ්ඩපාත දෙක ය.
Pali BJTආයුසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සුඛසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, වණ්ණසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, යසසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, __සග්ගසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං__, ආධිපතෙය්යසංවත්තනිකං පනායස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිත’න්ති. චුන්දස්ස ආනන්ද කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො පටිවිනෙතබ්බො”ති.
Sinhala BJT‘මෙයින් ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් දීර්‍ඝායුෂ පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් පැහැපත් බව පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් වර්‍ණය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් විසින් සුවය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාර පුත්‍රයන් ස්වර්‍ගය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්‍ද කර්‍මාරපුත්‍රයන් විසින් අධිපති බව පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ යැ, ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙන් ම මා විසින් මෙය අසනලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් ම මා විසින් මෙය පිළිගන්නාලද්දේ යැ යි කියා මෙසේ චුන්‍ද කර්‍මාර පුත්‍රයා විපිළිසර දුරු කටයුතු යැ” යනු යි.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪති සඤ්ඤමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති.
Sinhala BJT“දන් දෙන්නහුට පින් වැඩේ. සිල් රක්නහු සිතැ වෙර නො පවතී. නුවණැත්තේ වෙර (පව්) දුරැ ලයි. හේ මෙසේ (පව්) දුරැ ලා රාග ද්වේෂ මෝහ මුල් ඉදිරීමෙන් කෙලෙස් පිරිනිවනින් ද එයට පසු කඳ පිරිනිවනින් ද පිරිනිවියේ වෙයි” යනු යි.
Pali BJTආළාරවෙදල්ලභාණවාරො චතුත්ථො.
Sinhala BJTසතර වැනි බණවර යි.
Pali BJT[කුසිනාරා ගමනං]
Sinhala BJTයමා සල්රුක්
Pali BJT91. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. ආයාමානන්ද, යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා, යෙන උපවත්තනං මල්ලානං සාලවනං, තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන හිරඤ්ඤවතියා නදියා පාරිමං තීරං, යෙන කුසිනාරා, යෙන උපවත්තනං මල්ලානං සාලවනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤාපෙහි. කිලන්තො’ස්මි ආනන්ද, නිපජ්ජිස්සාමී’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා අන්තරෙන යමකසාලානං උත්තරසීසකං මඤ්චකං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.
Sinhala BJT91. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඇවැත් අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම්හ. හිරණ්‍යවතී නදිය පර තෙරට (නදියෙන් එගොඩට) එහි කුසිනාරා නුවරට, එහි මල්ල රජුන්ගේ උපවර්‍තන නම් සල්උයනට එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන කැටුව හිරණ්‍යවතී නදියෙන් එතෙරැ කුසිනාරා නුවරැ මල්ලයන්ගේ උපවර්‍තන නම් සල්උයන කරා වැඩියාහ. වැඩ අනඳතෙරුන් අමතා “අනඳයෙනි, යමා සල් රුක් අතරැ හිස උතුරු දෙසට සිටුනා යේ කොට මට ඇඳක් පනවවු. අනඳයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙනු කැමැත්තෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, යමා සල්රුක් අතරැ උතුරු දෙසට හිස සිටුනා සේ කොට ඇඳක් පැනවූහ. ඉක්බිති භගවත්හු දකුණු පයින් වම් පය මඳක් ඉක්මැ බිහිටුවා සිහි නුවණින් යුතු වැ දකුණැලයෙන් සිංහ ශය්‍යාව කළාහ. (සිංහශය්‍යායෙන් සැතැපුණුසේක.)
Pali BJT92. තෙන ඛො පන සමයෙන යමකසාලා සබ්බඵාලිඵුල්ලා හොන්ති අකාලපුප්ඵෙහි. තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි මන්දාරවපුප්ඵානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි චන්දනචුණ්ණානි අන්තළික්ඛා පපතන්ති. තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි තුරියානි අන්තළික්ඛෙ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි සඞ්ගීතානි අන්තළික්ඛෙ වත්තන්ති තථාගතස්ස පූජාය. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: සබ්බඵාලිඵුල්ලා ඛො ආනන්ද, යමකසාලා අකාලපුප්ඵෙහි තෙ තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි මන්දාරවපුප්ඵානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානිපි චන්දනචුණ්ණානි අන්තළික්ඛා පපතන්ති, තානි තථාගතස්ස සරීරං ඔකිරන්ති අජ්ඣොකිරන්ති අභිප්පකිරන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි තුරියානි අන්තළික්ඛෙ වජ්ජන්ති තථාගතස්ස පූජාය. දිබ්බානි පි සඞ්ගීතානි අන්තළික්ඛෙ වත්තන්ති තථාගතස්ස පූජාය. න ඛො ආනන්ද, එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා, යො ඛො ආනන්ද, භික්ඛු වා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නො විහරති සාමීචිපටිපන්නො අනුධම්මචාරී, සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති අපචියති පරමාය පූජාය. තස්මාතිහානන්ද, ධම්මානුධම්මපටිපන්නා විහරිස්සාම සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො ති, එවං හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති.
Sinhala BJT92. එ වේලෙහි වනාහි යමා සල් රුක් හු නොකල් මලින් මුළුල්ල ම ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පූජා විසින් ඔබ සිරුර මත්තෙහි වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මත වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව සඳුන් සුණුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔහ සිරුර මත හොත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව තුරුහු ද තථාගතයනට පුද පිණිස අහසැ වැයෙත්. දිව ගැයුම්හු ද තථාගතයනට පුද පිණිස අහසැ පැවැතෙත්. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යමාසල්රුක්හු නොකල් මලින් මුළුල්ල හැසුණාහු ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මතැ හෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි ... දිව සඳුන් සුණු ද අහසින් හෙයි ... දිව තුරු ගොසු දු ... දිව ගැයුමුදු තථාගතයනට පුද පිණිස අහසැ වැටෙයි. අනඳයෙනි, මෙතෙකින් තථාගතයෝ සත්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ පූජිත හෝ අපචිත හෝ නො වෙත්. අනඳයෙනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උවසුවෙක් හෝ උවැසියක් හෝ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්‍මචාරී වැ වෙසෙයි ද, හේ මැ පරම පූජායෙන් තථාගතයනට සත්කාර කෙරෙහි, ගරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. අනඳයෙනි, එ බැවින් මෙහි ලා ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්‍මචාරී ව වසන්නමෝ’ යි, මෙසේ ම තොප විසින් හික්මියැ යුතු” යි වදාළ සේක.
Pali BJTඋපවාණ ථෙරො
Sinhala BJTඋපවාන තෙරණුවෝ
Pali BJT93. තෙන ඛො පන සමයෙන ආයස්මා උපවාණො භගවතො පුරතො ඨිතො හොති භගවන්තං වීජමානො. අථ ඛො භගවා ආයස්මන්තං උපවාණං අපසාදෙසි: ‘අපෙහි භික්ඛු, මා මෙ පුරතො අට්ඨාසී’ති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ‘අයං ඛො ආයස්මා උපවාණො දීඝරත්තං භගවතො උපට්ඨාකො සන්තිකාවචරො සමීපචාරී. අථ ච පන භගවා පච්ඡිමෙ කාලෙ ආයස්මන්තං උපවාණං අපසාදෙසි: අපෙහි භික්ඛු, මා මෙ පුරතො අට්ඨාසීති. කො නු ඛො හෙතු කො පච්චයො යං භගවා ආයස්මන්තං උපවාණං අපසාදෙසි.{1} අපෙහි භික්ඛු මා මෙ පුරතො අට්ඨාසීති. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ, ආයස්මා උපවාණො දීඝරත්තං භගවතො උපට්ඨාකො සන්තිකාවචරො සමීපචාරී, අථ ච පන භගවා පච්ඡිමෙ කාලෙ ආයස්මන්තං උපවාණං අපසාදෙති: අපෙහි භික්ඛු, මා මෙ පුරතෙ අට්ඨාසීති. කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යං භගවා ආයස්මන්තං උපවාණං අපසාදෙති අපෙහි භික්ඛු, මා මෙ පුරතො අට්ඨාසී’ති? යෙභුය්යෙන ආනන්ද, දසසු සහස්සිසු ලොකධාතූසු දෙවතා සන්නිපතිතා තථාගතං දස්සනාය. යාවතා ආනන්ද, කුසිනාරා උපවත්තනං මල්ලානං සාලවනං සමන්තතො ද්වාදසයොජනානි, නත්ථි සො පදෙසො වාළග්ගකොටිනිත්තුදන මත්තොපි මහෙසක්ඛාහි දෙවතාහි අප්ඵුටො. දෙවතා ආනන්ද, උජ්ඣායන්ති දූරා ච වතම්හා ආගතා තථාගතං දස්සනාය. කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අයඤ්ච මහෙසක්ඛො භික්ඛු භගවතො පුරතො ඨිතො ඔවාරෙන්තො, න මයං ලභාම පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා’ති.
Sinhala BJT93. එ සමයෙහි වනාහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලනුවෝ ඔබ ඉදිරියේ සිටියාහු වෙත්. එ කලැ භාග්‍යවතුන් වහන්සේ උපවාණ තෙරුන් බණවා, ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. එ විටැ, ‘මේ උපවාණ තෙරණුවෝ වූ කලි බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ළඟ හැසිරෙන, භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙකි. එහෙත් පැසිම් සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත්වන්න. මැ ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත් වන්න. මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක යන යමෙක් ඇද්ද, එයට හේතුව කවර යැ, එයට කරාණය කවර යැ, යි අනඳ තෙරුනට මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ ‘වහන්ස, මේ උපවාණ තෙරණුවෝ බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ලඟ හැසිරෙන භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙක. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ පැසිම් සමයෙහි ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කරන සේක. වහන්ස, ... එයට හේතුව, එයට කාරණය කවර යැ?’ යි භගවත් බුදුරජුන් පුළුවුත්හ. “අනඳයෙනි, ලෝදා දස දහසෙක දෙවියෝ තථාගතයන් දක්නා පිණිස බොහෝ සෙයින් රැස්වූවාහු වෙත්. අනඳයෙනි, කුසිනාරා නුවර යම් පමණ ද, මල්ලවයන්ගේ උපවර්‍තන ශාලවනය යම් පමණ ද හාත්පස දොළොස් යොදුන් වූ ඒ සියලු පෙදෙස යම් පමණ ද, එහි මහායශස්ක දේවතාවන් වැද නොගත්, හිඳි අගක් එළාලන පමණ වූ ද ඒ තැනෙක් නැත. අපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ දක්නට දුරැ සිට ද ආම්හ. රහත් සම්මා සම්බුදු වූ තථාගතවරු (බොහෝ කල් ඉක්මැ) කිසි කලෙක්හි ම ලොවැ පහළ වෙත්. අද රෑ ම පැසිම්යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය, මේ මහ තෙදැති මහණ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඔබ මුවහ කරනුයේ සිටියේ වෙයි. (එහෙයින්) අපි (මේ) පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලබමෝ’ යි දෙවියෝ (උපවාණ මහණහට) දොස් නඟත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වදාළ සේක.
Pali BJT94. කථං භූතා පන භන්තෙ, භගවා දෙවතා මනසි කරොතී’ති.
Sinhala BJT94. ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ වූ දේවතා කෙනකුන් මෙනෙහි කරන සේක් දැ?’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“සන්තානන්ද, දෙවතා ආකාසෙ පථවීසඤ්ඤිනියො, කෙසෙ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති, විවට්ටන්තිඅතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරධායිස්සතී’ති. සන්තානන්ද, දෙවතා පඨවියං පඨවීසඤ්ඤිනියො කෙසෙපකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති ආවට්ටන්ති විවට්ටන්ති:
Sinhala BJT‘අනඳයෙනි, අහසෙහි පෘථිවි යැ’ යි සංඥා ඇති දේවතා කෙනකුන් ඇත. ඔහු ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක. ඉතා වහා ලොවැ ඇස අතුරු දහන් වන්නේ යැ’ යි හිස කෙස් මුදා හඬත්, දොහොත් නඟා හඬත්, මැදින් සිඳී වැටුණවුන් සේ වැටෙත්, පෙරැළෙන්නාහු වැටුණු තැනට ම එත්, වැටුණු තැනින් ඈතට ද පෙරැළී යෙත්.
Pali BJTඅතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු{1} ලොකෙ අන්තරධායිස්සතීති!
Sinhala BJT[missing trans]
Pali BJTයා පන තා දෙවතා වීතරාගා, තා සතා සම්පජානදා අධිවාසෙන්ති: අනිච්චා සඞ්ඛාරා තං කුතෙත්ථ ලබ්භා?ති.
Sinhala BJTයම් දේවතා කෙනෙක් පහ වූ රාගය ඇත්තාහු ද, ඔහු සිහි ඇත්තාහු නුවණින් දන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යය හ. එහෙයින් මෙහි ස්ථිරතාවෙක් කොයින් ලැබෙන්නේ දැ!’ යි ඉවසත් යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT95. “පුබ්බෙ භන්තෙ, දිසාසු වස්සං වුත්ථා භික්ඛූ ආගච්ඡන්ති තථාගතං දස්සනාය. තෙ මයං ලභාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය ලභාම පයිරුපාසනාය. භගවතො පන මයං භන්තෙ අච්චයෙන න ලභිස්සාම මනොභාවනීයෙ භික්ඛූ දස්සනාය න ලභිස්සාම පයිරුපාසනායා”ති.
Sinhala BJT95. “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්‍ෂුහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්‍ෂූන් දක්නට ලබම්හ, එළැඹැ පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙත් සිත වඩනා භික්‍ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.
Pali BJT“චත්තාරිමානි ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි:
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර දතරෙක් ද? යත්:
Pali BJT‘ඉධ තථාගතො ජාතො’ති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJT‘අනඳයෙනි, ‘තථාගතයන් වහන්සේ මෙහි උපන් සේකැ’ යි (ඒ උපන් තැන) සැදැහැවත් කුල පුත්හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.
Pali BJT‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJT‘තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත්හට දක්නට සුදුසු සංවේගය උපදවන තැනෙකි.
Pali BJT‘ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති’ ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJT‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලදැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුතුහට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.
Pali BJT‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා’ පරිනිබ්බුතොති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
Sinhala BJT‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවන් පෑ සේකැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.
Pali BJTඉමානි ඛො ආනන්ද, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි.
Sinhala BJTඅනඳයෙනි, මොහු සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු සංවේග උපදවන තැන් සතර ය.
Pali BJTආගමිස්සන්ති ඛො ආනන්ද, සද්ධා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො ඉධ තථාගතො ජාතො ති පි, ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො ති පි, ඉධ තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්තිපි, ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො ති පි. යෙ හි කෙචි ආනන්ද, චෙතියචාරිකං ආහිණ්ඩන්තා පසන්නචිත්තා කාලං කරිස්සන්ති, සබ්බෙ තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සන්තීති.
Sinhala BJTඅනඳයෙනි, සැදැහැවත් මහණහු ද මෙහෙණහු ද උවසුහු ද උවැසියෝ ද ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක්සම්බෝධි අවබෝධ කළ සේකැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලදැ’ යි ද, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවි සේකැ’ යි ද සලකා මේ තැන් කරා එන්නාහු ම ය. අනඳයෙනි, යම් කෙනෙක් වනාහි චෛත්‍යචාරිකාව කරන්නාහු (සෑ වඳිමින් පුදමින් ඇවිදුනාහු) පහන් සිතැත්තෝ කලුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙන්නාහ.”
Pali BJTආනන්ද පුච්ඡා කථා
Sinhala BJTආනන්‍ද පාච්ඡා කථාව
Pali BJT96. “කථං මයං භන්තෙ, මාතුගාමෙ පටිපජ්ජාමා?”ති.
Sinhala BJT96. ඉක්බිති, අනඳ තෙරණුවෝ “වහන්ස, අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ දැ” යි විචාළහ.
Pali BJT“අදස්සනං ආනන්දා”ති.
Sinhala BJT“අනඳෙයනි, මාගම නොදැක්ම යැ” යි භගවත්හු වදාළහ.
Pali BJT“දස්සනෙ භගවා, සති කථං පටිපජ්ජිතබ්බන්ති?”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති කල්හි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ විචාළහ.
Pali BJT“අනාලාපො ආනන්දා”ති .
Sinhala BJT“අනඳයෙනි, ඇය හා කතා නො කිරීම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“ආලපන්තෙන පන භන්තෙ, කථං පටිපජ්ජිතබ්බන්ති?”
Sinhala BJT(කතා කළ යුතු ම තැනක් වුව) “වහන්ස, කතා කරන මහණහු විසින් කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“සති ආනන්ද, උපට්ඨාපෙතබ්බා”ති.
Sinhala BJT“අනඳයෙනි, (ඇය ගේ) වයස අනුව මේ මව යැ යි හෝ සොහොයුරි යැ යි හෝ දූ යැ යි හෝ සලකා සිහිය එළැඹැවියැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“කථං මයං භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජාමා?”ති
Sinhala BJT“වහන්ස, අපි කෙසේ නම් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි පිළිපදුමෝ දැ” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“අබ්යාවටා තුම්හෙ ආනන්ද, හොථ තථාගතස්ස සරීරපූජාය. ඉඞ්ඝ තුම්හෙ ආනන්ද සදත්ථෙ, ඝටථ{1} සදත්ථමනුයුජ්ජථ, සදත්ථෙ{2} අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථ, සන්තානන්ද, ඛත්තියපණ්ඩිතා පි බ්රාහ්මණපණ්ඩිතා පි ගහපතිපණ්ඩිතා පි තථාගතෙ අභිප්පසන්නා තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති.
Sinhala BJT“අනඳයෙනි, තෙපි තථාගතයන්ගේ සිරුර පුදනුයෙහි නිරුත්සාහ වවු. අනඳයෙනි, තෙපි වූ කලි තමහට වැඩෙහි (රහත්බව් ලබනුයෙහි) තැත් කරවු, තමහට වැඩෙහි පුනපුනා යෙදෙවු (රහත්බව් පිණිස පිළිවෙත් කරවු, බවුන් බවවු), තමහට වැඩෙහි (රහත්බව් ලැබීමෙහි) නොපමා වූවාහු, කෙලෙස් තවන වැර ඇත්තාහු, නිවන් කරා මෙහෙයූ සිතැත්තාහු වසවු. අනඳයෙනි, තථාගතයන් කෙරෙහි වෙසෙසින් පහන් වූ නුවණැති කැත්හු ද, නුවණැති බමුණෝ ද, නුවණැති ගැහැවියෝ ද ඇත. ඔහු තථාගතයන්ගේ සිරුරට පූජා සත්කාර කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“කථං පන භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බන්ති?”
Sinhala BJT“වහන්ස, (ඔවුන් විසින්) තථාගතයන් වහන්සේගේ සිරුරෙහි කෙසේ පිළිපැද්දැ යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJT“යථා ඛො ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බන්ති.” “කථං පන භන්තෙ, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්තී?”ති. “රඤ්ඤො ආනන්ද, චක්කවත්තිස්ස සරීරං අහතෙන වත්ථෙන වෙඨෙන්තී. අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙන්ති. විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙන්ති.
Sinhala BJT“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුරෙහි එසේ ම පිළිපැද්දැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “වහන්ස, සක්විති රජක්හුගේ සිරුරැ කෙසේ පිළිපදිත් දැ?” අනඳ තෙරණුවෝ පුළුවුත්හ.
Pali BJTඑතෙනුපායෙන පඤ්චහි යුගසතෙහි රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං{1} වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජිත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුම්මහාපථෙ{2} රඤ්ඤො චක්කවත්තිස්ස ථූපං කරොන්ති. එවං ඛො ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. යථා ඛො ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බං චාතුම්මහාපථෙ තථාගතස්ස ථූපො කාතබ්බො. තත්ථ යෙ මාලං වා ගන්ධං වා චුණ්ණකං{3} වා ආරොපෙස්සන්ති වා, අභිවාදෙස්සන්ති වා, චිත්තං වා පසාදෙස්සන්ති, තෙසන්තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT“අනඳයෙනි, සක්විති රජක්හුගේ සිරුර අළුත් පිළියෙන් වෙළත්. අළුත් පිළියෙන් වෙළා පොළාලු (මොනොවට නඟා පාදන ලද) කපු පුළුනෙන් වෙළත්. පොළා ලූ කපුපුළුනෙන් වෙළා අළුත් පිළියෙන් වෙළත්. මෙ නයින් යුගල පන්සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, හැම වර්‍ගයේ සුවඳ දරින් චිතකයක් කොට එ සිරුර දවත්. සක්විති රජහට (සක්විති රජුගේ සිරුර දා ඉතිරි වූ ධාගු තැන්පත් කොට) සතර මං හන්දියෙක තුඹක් (ස්තූපයක්) කරත්. අනඳයෙනි, මෙසේ ම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. අනඳයෙනි, යම්සේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත් ද, එ සේම තථාගතයන්ගේ සිරුරෙහි පිළිපැද්ද යුතු. තථාගතයනට සිවු මං සන්දියෙක තුඹක් කැරැවිය යුතු. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTථූපාරහා පුග්ගලා
Sinhala BJTතුඹට සුදුසු පුඟුලෝ
Pali BJT97. “චත්තාරො’මෙ ආනන්ද, ථූපාරහා. කතමෙ චත්තාරො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො, පච්චෙකසම්බුද්ධො ථූපාරහො, තථාගතස්ස සාවකො ථූපාරහො, රාජා චක්කවත්තී ථූපාරහො’ති.
Sinhala BJT97. “අනඳයෙනි, තුඹ (ස්තූප) කොට පුදනු ලබන්නට සුදුසු වූ මේ පුඟුලෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්: අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් (ස්තූපයෙන්) පුදනු ලබනුවට සුදුසු ය. පසේ බුදුරජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය. තථාගත සම්මා සම්බුදුන්ගේ සවු තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය, සක්විති රජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය.
Pali BJTකිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො? අයං තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ථූපො’ති ආනන්ද, බහූ ජනා චිත්තං පසාදෙන්ති. තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච තථාගතො අරහං සම්මාසම්බුද්ධො ථූපාරහො.
Sinhala BJTඅනඳයෙනි, කවර කරුණක් නිසා අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්, සිත පහදා කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය.
Pali BJTකිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච පච්චෙකසම්බුද්ධො ථූපාරහො? අයං තස්ස භගවතො පච්චෙකසම්බුද්ධස්ස ථූපො’ති ආනන්ද, බහුජනා චිත්තං පසාදෙන්ති. තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච පච්චෙකසම්බුද්ධො ථූපාරහො.
Sinhala BJTඅනඳයෙනි, කවර කරුණක් නිසා පසේ සම්බුදුරජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ද යත්: අනඳයෙනි, මේ ඒ භගවත් පසේ බුදුරජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම පසේබුදු රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය.
Pali BJTකිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච තථාගතස්ස සාවකො ථූපාරහො? අයං තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සාවකස්ස ථූපො’ති ආනන්ද, බහූ ජනා චිත්තං පසාදෙන්ති.{1} තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. ඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච තථාගතස්ස සාවකො ථූපාරහො.{2}
Sinhala BJTඅනඳයෙනි, කවර කරුණක් නිසා තථාගතයන්ගේ සව්වා තුඹින් පුදනු ලබන්නට සුදුසු ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සව්වක්හුගේ ස්තූපයෙකැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම තථාගතයන්ගේ සව්වා තුඹින් පුද ලබනුවට සුදුසු ය.
Pali BJTකිඤ්චානන්ද, අත්ථවසං පටිච්ච රාජා චක්කවත්තී ථූපාරහො? අයං ධම්මිකස්ස ධම්මරඤ්ඤො ථූපො’ති ආනන්ද, බහූ ජනා චිත්තං පසාදෙන්ති. තෙ තත්ථ චිත්තං පසාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTඅනඳයෙනි, කවර කරුණක් නිසා සක්විති රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ දැහැමි වූ දස රජ දහමින් ජනන් රැඳැවූ සක්විති රජුගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහ දා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා සක්විති රජ තුඹින් පුද ලබනුවට සුදුසු ය.
Pali BJTඉදං ඛො ආනන්ද, අත්ථවසං පටිච්ච රාජා චක්කවත්තී ථූපාරහො. ඉමෙ ඛො ආනන්ද චත්තාරො ථූපාරහා”ති.
Sinhala BJTඅනඳයෙනි, මේ ස්තූපාර්‍හ පුද්ගල සතර දෙනා යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTආනන්දත්ථෙරස්ස අච්ඡරියධම්මා.
Sinhala BJTඅනඳ තෙරුන්ගේ අසිරි දහම්
Pali BJT98. අථ ඛො ආයස්මා ආනන්දො විහාරං පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රොදමානො අට්ඨාසි: “අහඤ්ච වතම්හි සෙඛො සකරණීයො, සත්ථු ච මෙ පරිනිබ්බානං භවිස්සති යො මමං{3} අනුකම්පකො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘කහන්නු ඛො භික්ඛවෙ ආනන්දො”ති “එසො භන්තෙ, ආයස්මා ආනන්දො විහාරං පවිසිත්වා කපිසීසං ආලම්බිත්වා රොදමානො ඨිතො: ‘අහඤ්ච වතම්හි සෙඛො සකරණීයො සත්ථු ච මෙ පරිනිබ්බානං භවිස්සති යො මමං ආනුකම්පකො”ති. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු, මම වචනෙන ආනන්දං ආමන්තෙහි: සත්ථා තං ආවුසො ආනන්ද, ආමන්තෙතී”ති. “එවම්භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: සත්ථා තං ආවුසො ආනන්ද, ආමන්තෙතී”ති. ‘එවමාවුසො’ති ඛො ආයස්මා ආනන්දො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJT98. ඉක්බිති අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළුකණුවැ එල්බැ ගෙන “අහෝ! මම් රහත්බව ලබනුවට කළ යුතු දෑ ඇති ශෛක්‍ෂයෙකිම් වෙමි. මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ” යි හඬමින් සිටියේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්‍දයෝ කොහි දැ?” යි භික්‍ෂූන් අමතා වදාළ සේක. “වහන්ස, තෙල අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළු කණුවැ එල්බැගෙන ‘අහෝ! මම් කළ යුතු දෑ ඇති ශෛක්‍ෂයෙකිම් වෙමි, මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේගේ පිරිනිවන ද වන්නේ යැ’ යි හඬමින් සිටියාහු” යැ යි භික්‍ෂූහු සැළ කළාහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු ඔබ කැඳවති’ යි කියා මගේ වචනයෙන් අනඳයන් කැඳවා ගෙනෙව” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි එ මහණ භගවත් බුදුරජුනට පිළිවදන් දී, අනඳ තෙරුන් කරා එළැඹ, ‘ඇවැත්නි, අනඳයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන සේකැ’ යි සැළ කළේ ය. ‘එසේ යැ ඇවැත්නි’ යි අනඳ තෙරණුවෝ එ මහණ හට පිළිවදන් දී, භගවත් බුදුරජුන් වෙත එළැඹියහ. එළැඹ ඔබ ආදර සහිත වැ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ම අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: