Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT40. අථ ඛො භගවා නාදිකෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන වෙසාලී තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT40. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, විසල්පුර කරා එළැඹෙන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟුන් හා විසල්පුරට වැඩි සේක. එහි විසල් පුරැ අම්බපාලි වනයෙහි වැඩ වසන සේක. එහි දී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.
Pali BJT“සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී.
Sinhala BJT“මහණෙනි, මහණහු සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ විසිය යුතු. මේ තොපට අප ගෙ අනුශාසනය වේ.”
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සතො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සතො හොති.
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ (මේ කයෙහි) කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා, කයෙහි විදසුන් නුවණින් කය අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, වේදනා ලොවැ කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා, වේදනාවන්හි විදසුන් නුවණින් වේදනාව අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා සිත්හි විදසුන් නුවණින් සිත අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා, නීවරණාදී ධර්‍මයන්හි විදසුන් නුවණින් නීවරණාදිය අනුව බලනුයේ වාස කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිහි ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති.
Sinhala BJTමහණෙනි, මහණතෙම කෙසේ නම් සම්‍යක්ප්‍රඥා ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම ඉදිරි ගමනෙහි පෙරළා ඊමෙහි (කය නම් ලත් ඇටසැකිල්ලෙක් යෑම් ආදිය කරන්නේ යැයි) නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. ඉදිරි බැලීමෙහි දෙපස බැලීමෙහි නුවණින් සලකා දැන ම එය කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහි දිගු කිරීමෙහි නුවණින් දැන ම එය කරන්නේ වෙයි. සංඝාටිය ද පාත්‍රය ද සිවුරු ද දැරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද විකා කෑ යුතු දැය කෑමෙහි ද මී සකුරු ආදීන් රසවිඳීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද නිදිවැරීමෙහි ද කීමෙහි ද නිහඬ වීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම මෙසේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.
Pali BJTසතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී”ති.
Sinhala BJTමහණෙනි, මහණ සිහි ඇති වැ නුවණ ඇති ව විසිය යුතු. මේ තොපට අපගේ අනුශාසනය යි.
Pali BJT[අම්බපාලී ආරාමපටිග්ගහනං]
Sinhala BJT[අම්බපාලි ආරාමය පිළිගැනීම]
Pali BJT41. අස්සොසි ඛො අම්බපාලී ගණිකා ‘භගවා කිර වෙසාලිං අනුප්පත්තො වෙසාලියං විහරති මය්හං අම්බවනෙ’ති. අථ ඛො අම්බපාලී ගණිකා භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා, භද්දං භද්දං යානං අභිරුහිත්වා, භද්දෙහි භද්දෙහි යානෙහි වෙසාලියා නිය්යාසි. යෙන සකො ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකා’ව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අම්බපාලිං ගණිකං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො අම්බපාලී ගණිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො අම්බපාලී ගණිකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT41. අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල්පුරට නොදුරු වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝවැඩ දක්වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු කළ සේක. එහි සිත සතුටු කැරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එය සිතට ගන්නව ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමඟ ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැද සිටියා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවැසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය.
Pali BJT42. අස්සොසුං ඛො වෙසාලිකා ලිච්ඡවී ‘භගවා කිර වෙසාලිං අනුප්පත්තො වෙසාලියං විහරති අම්බපාලිවනෙ’ති. අථ ඛො තෙ ලිච්ඡවී භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා, භද්දං භද්දං යානං අභිරුහිත්වා, භද්දෙහි භද්දෙහි යානෙහි වෙසාලියා නීයිංසු.{1} තත්ර එකච්චෙ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා, එකච්චෙ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලඞ්කාරා, එකච්චෙ ලිච්ඡවී ලොහිතා{2} හොන්ති ලොහිතවණ්ණා ලොහිතවත්ථා ලොහිතාලඞ්කාරා, එකච්චෙ ලිච්ඡවී ඔදාතා හොන්ති ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා.
Sinhala BJT42. විසල්පුර වැසි ලිච්ඡවි රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩිසේක් විසල්පුර අම්බපාලිවනයෙහි වසන සේක් ලැ යි ඇසූහ. ඉක්බිති තෙල ලිච්ඡවීහු උතුම් උතුම් යාන යොදවා, උතුම් උතුම් යාන නැඟ, උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරයෙන් නික්මුණාහ. ඔවුන් අතුරෙහි ඇතැම් ලිච්ඡවීහු නිල් අඟරා ඇත්තාහු නිල් වත් දරන්නාහු නිල්මිණෙන් හා නිල්මලින් සැරහුණා හු නිල්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රන්වන් අඟරා ඇත්තාහු රන්වන් වත් දරන්නාහු රන්වන් මිණෙන් හා රන්වන් මලින් සැරහුණාහු රන්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රත් අඟරා ඇත්තාහු රත් වත් දරන්නාහු රත් මිණෙන් හා රත් මලින් සැරහුණාහු රත්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු සුදු අඟරා ඇත්තාහු සුදු වත් දරන්නාහු සුදුමිණෙන් හා සුදු මලින් සැරහුණාහු සුදු වන් වෙත්.
Pali BJT43. අථ ඛො අම්බපාලී ගණිකා දහරානං දහරානං ලිච්ඡවීනං අක්ඛෙන අක්ඛං චක්කෙන චක්කං යුගෙන යුගං පතිවට්ටෙසි.{3} අථ ඛො තෙ ලිච්ඡවී අම්බපාලිං ගණිකං එතදවොචුං: ‘කිඤ්ජෙ, අම්බපාලි, දහරානං දහරානං ලිච්ඡවීනං අක්ඛෙන අක්ඛං චක්කෙන චක්කං යුගෙන යුගං පටිවට්ටෙසී?’ති. ‘තථා හි පන මෙ අය්යපුත්තා, භගවා නිමන්තිතො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. ‘දෙහි ජෙ, අම්බපාලි, එතං භත්තං සතසහස්සෙනා’ති. ‘සචෙ’පි මෙ අය්යපුත්තා වෙසාලිං සාහාරං දස්සථ, එවමහං තං භත්තං{4} න දස්සාමී’ති. අථ ඛො තෙ ලිච්ඡවී අඞ්ගුලිං{5} පොඨෙසුං ‘ජිතම්හා වත භො අම්බකාය,{6} ජිතම්හා{7} වත භො අම්බකායා’ති.
Sinhala BJT43. ඉක්බිති අම්බපාලි ගණිකා තොම තමාට ඉදිරියෙන් රිය නැඟ යන තරුණ ලිච්ඡවීන්ගේ යාන තම රියහිසින් ඔවුන් රියහිස් ද, තම රියසකින් ඔවුන් රියසක් ද, තම රියැ වියගසින් ඔවුන් රියැ වියගස් ද හැන ඉවත් කෙරෙමින් ගියා ය. එකලැ ලිච්ඡවීහු අම්බපාලි ගණිකාවට ‘හෙම්බා අම්බපාලිය, තරුණ තරුණ ලිච්ඡවීන්ගේ රියහිසින් රියහිස ද රියසකින් රියසක ද රියවියෙන් රියවිය ද ගටා ඉවත් කෙරෙමින් යුහු යුහු ව කුමට යෙයි ද?’ යි විචාළාහ. “ආර්‍ය්‍යපුත්‍රයිනි, එසේම ය. සෙට බතට මා විසින් බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ නිමතන ලද සේකැ” යි ඕ කිවූ ය. ‘හෙම්බා අම්බපාලි ය, මේ බත (මේ බතට කළ නිමන්ත්‍රණය) කහවණු ලක්‍ෂයක් ගෙන අපට දෙව’ යි ලිච්ඡවීහු කීහ.‘ආර්‍ය්‍යපුත්‍රයිනි, මම දනවු සහිත විසල්පුර දෙන්නහු නුමුදු මෙසේ මහත් අනුසස් ඇති මෙ බත (බතට කළ නිමන්ත්‍රණය) ඔබට පවරා නො දෙමි’යි ඕ කිවු ය. එ කලැ ඒ ලිච්ඡවීහු ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ, පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ’ යි ඇඟිලි පෙළුහ. (අසුර ගැසූහ.)
Pali BJT44. අථ ඛො තෙ ලිච්ඡවී යෙන අම්බපාලිවනං තෙන පායිංසු. අද්දසා ඛො භගවා තෙ ලිච්ඡවී දූරතො’ව ආගච්ඡන්තෙ. දිස්වා භික්ඛූ ආමන්තෙසි: ‘යෙසං භික්ඛවෙ, භික්ඛූනං දෙවා තාවතිංසා අදිට්ඨා,{1} ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, අවලොකෙථ{2} භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, උපසංහරථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං තාවතිංසසදිසන්ති{3}.
Sinhala BJT44. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලිවනය කරා ගියහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන ඒ ලිච්ඡවීන් දුටු සේක් ම ය. දැක භික්‍ෂූන් අමතා ‘මහණෙනි, යම් භික්‍ෂු කෙනෙකුන් විසින් තවුතිසාවැසි දෙවියෝ නො දක්නා ලදහු ද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවී පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට ළං කොට (සම කොට) සලකවු’ යැ යි වදාළ සේක.
Pali BJT45. අථ ඛො තෙ ලිච්ඡවී යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා, පත්තිකා’ව යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ලිච්ඡවී භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො තෙ ලිච්ඡවී භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං එතදවොචුං: ‘අධිවාසෙතු නො __භන්තෙ__, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අථ ඛො භගවා තෙ ලිච්ඡවී එතදවොච. ‘අධිවුත්ථං ඛො මෙ ලිච්ඡවී, ස්වාතනාය අම්බපාලියා ගණිකාය{4} භත්තන්ති.’ අථ ඛො තෙ ලිච්ඡවී අඞ්ගුලිං පොඨෙසුං: ‘ජිතම්හා වත භො අම්බකාය. ජිතම්හා වත භො අම්බකායා ති. අථ ඛො තෙ ලිච්ඡවී භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT45. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයට යෝග්‍ය බිම යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, පාගමන් ඇත්තාහු ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. එහි සමාදන් කරවූ සේක. එහි සිත් තියුණු කරවූ සේක. එහි සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එහි සමාදන් කරවන ලද, එහි සිත් තියුණු කරවන ලද, එහි සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට අපගේ බත ඉවසන සේක්ව’ යි කීහ. ‘ලිච්ඡවීනි, මා විසින් සෙට දවසට අම්බපාලී ගණිකාවගේ බත ඉවසන ලදැ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ඒ ලිච්ඡවීහු ‘භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ. භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ’ යි ඇඟිලි පෙළූහ. ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන, අනුමෝදන් ව, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.
Pali BJT46. අථ ඛො අම්බපාලී ගණිකා තස්සා රත්තියා අච්චයෙන සකෙ ආරාමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: ‘කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති’. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන අම්බපාලියා ගණිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො අම්බපාලී ගණිකා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො අම්බපාලී ගණිකා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො අම්බපාලී ගණිකා භගවන්තං එතදවොච: “ඉමාහං භන්තෙ, ආරාමං බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දම්මී”ති. පටිග්ගහෙසි භගවා ආරාමං. අථ ඛො භගවා අම්බපාලිං ගණිකං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT46. ඉක්බිති අම්බපාලි ගණිකා බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතප්වූවා ය. පෙරැත්ත කොට වැළැඳවූවා ය. ඉක්බිත්තෙන් අම්බපාලි ගණිකා තොම බොජුන් වැළැඳූ, පාත්‍රයෙන් ඉවතට ගන්නා ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස් වැ එක්තරා මිටි අස්නක් ගෙන උන්නා ය. එසේ එකත්පස්වැ හුන් අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මේ අරම බුදුපාමොක් බික්සඟනට දෙමි’ යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අරම පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, එහි ඇය සමාදන් කරවා, එහි උත්සාහවත් කරවා සිත සතුටු කරවා හුනස්නෙන් නැගී වැඩි සේක.
Pali BJT47. තත්රපි සුදං භගවා වෙසාලියං විහරන්තො අම්බපාලිවනෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: ‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.
Sinhala BJT47. භාග්‍යවතුන් වහන්සේ ඒ අම්බපාලිවනයෙහිදු වසමින් “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය, ශිලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැ යි වදාළ සේක.
Pali BJT[බෙලුවගාමෙ ජීවිත සඞ්ඛාර - අධිට්ඨානං]
Sinhala BJT[බේලුවගම්හි ජීවිතසංස්කාර - අධිෂ්ඨානය]
Pali BJT48. අථ ඛො භගවා අම්බපාලිවනෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන බෙලුවගාමකො{2} තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන බෙලුවගාමකො තදවසරි. තත්ර සුදං භගවා බෙලුවගාමකෙ විහරති. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘එථ තුම්හෙ භික්ඛවෙ, සමන්තා වෙසාලිං යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපෙථ.{3} අහං පන ඉධෙව බෙලුවගාමකෙ වස්සං උපගච්ඡාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා සමන්තා වෙසාලිං යථාමිත්තං යථාසන්දිට්ඨං යථාසම්භත්තං වස්සං උපගච්ඡිංසු.{4} භගවා පන තත්ථෙව බෙලුවගාමකෙ වස්සං උපගඤ්ඡි.{5}
Sinhala BJT48. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිවනයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, බේලුවගම කරා යන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා බේලුව ගමට වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි බේලුව ගමෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, තෙපි මෙහි එවු. විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරු පැවිද්දන් ද, දැක හඳුනන පැවිද්දන් ද, දැඩිමිතුරු පැවිද්දන් ද වසන තන්හි වස් එළැඹෙවු. මම මේ බේලුව ගමෙහි ම වස් එළැඹෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ මහණහු විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරන් දැක හඳුනන්නන් දැඩි මිතුරන් වසන තන්හි වස් එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි වස් එළැඹි සේක.
Pali BJT49. අථ ඛො භගවතො වස්සූපගතස්ස ඛරො ආබාධො උප්පජ්ජි. බාළ්හා{6} වෙදනා වත්තන්ති මාරණන්තිකා. තා සුදං{7} භගවා සතො සම්පජානො අධිවාසෙති{8} අවිහඤ්ඤමානො. අථ ඛො භගවතො එතදහොසි: ‘න ඛො මෙතං පතිරූපං යො’හං{9} අනාමන්තෙත්වා උපට්ඨාකෙ අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං පරිනිබ්බායෙය්යං. යන්නූනාහං ඉමං ආබාධං විරියෙන{10} පටිප්පනාමෙත්වා ජීවිතසඞ්ඛාරං අධිට්ඨාය විහරෙය්ය’න්ති. අථ ඛො භගවා තං ආබාධං විරියෙන පටිප්පනාමෙත්වා ජීවිතසඞ්ඛාරං අධිට්ඨාය විහාසි. අථ ඛො භගවතො සො ආබාධො පටිප්පස්සම්භි. අථ ඛො භගවා ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා විහාරා නික්ඛම්ම විහාරපච්ඡායායං{11} පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT49. එකල්හි වස් එළැඹි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයෙක් උපන. මරණය වෙතට පැමිණැවීමෙහි සමත් වූ දැඩි වේදනා පැවැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව නුවණින් සලකමින් එයින් නො පෙළෙමින් ඒ වේදනාව ඉවැසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේට ‘යම්බඳු වූ මම් උවටුවන් නො අමතා බික්සඟනට නො දන්වා පිරිනිවෙන්නෙම් නම් එය මට නො සුදුසු ය. මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩලා ජීවිතසංස්කාරය (දිවි පවත්වනුවට සමත් පලසමවත) ඉටා වසන්නෙම් නම් මැනැවැ’ යි මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩ ජීවිතසංස්කාරය ඉටා වුසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සන්හිඳුණේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි සේක්, ගිලන් බැවින් නැගි නොබෝ කල් ඇති සේක්, වෙහෙරෙන් නික්මැ වෙහෙර ඉදිරිපසැ සෙවණෙහි පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.
Pali BJT50. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “දිට්ඨො{12} මෙ භන්තෙ භගවතො ඵාසු. දිට්ඨං මෙ භන්තෙ භගවතො ඛමනීයං. අපි ච මෙ භන්තෙ මධුරකජාතො විය කායො. දිසා’පි මෙ න පක්ඛායන්ති, ධම්මා’පි මං නප්පටිභන්ති භගවතො ගෙලඤ්ඤෙන. අපි ච මෙ භන්තෙ අහොසි කාචි දෙව අස්සාසමත්තා ‘න තාව භගවා පරිනිබ්බායිස්සති, න යාව භගවා භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරතී”ති.
Sinhala BJT50. එකල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් අනඳ තෙරණුවෝ වහන්ස, “භාග්‍යවතුන් වහන්සේගේ පහසුව දක්නා ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සහනය දක්නා ලදි. එහෙත් මගේ සිරුර හටගත් තද බව ඇත්තක්හු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතු කොට ගෙන දිශාවෝ ද මට නො පෙනෙත්. සතිපට්ඨාන ධර්‍මයෝ ද මට නොවැටහෙත්. වහන්ස, එතෙකුදු වුවත් යම්තාක් භාග්‍යවතුන් වහන්සේ බික්සඟන ඇරැබ කිසි පශ්චිමාවවාදයක් වදාරන සේක් ද, ඒතාක් ම නො පිරිනිවෙන සේකැ යි කිසි ආස්වාදමාත්‍රයෙක් මට වී යැ” යි සැළ කළහ.
Pali BJT51. කිම්පනානන්ද, භික්ඛුසඞ්ඝො මයි පච්චාසිංසති:{1} දෙසිතො ආනන්ද, මයා ධම්මො අනන්තරං අබාහිරං කරිත්වා. නත්ථානන්ද{2}, තථාගතස්ස ධම්මෙසු ආචරියමුට්ඨි. යස්ස නූන ආනන්ද, එවමස්ස: ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති වා, මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝො’ති වා, සො නූන ආනන්ද, භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරෙය්ය. තථාගතස්ස ඛො ආනන්ද, න එවං හොති: ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති වා මමුද්දෙසිකො භික්ඛුසඞ්ඝො’ති වා. ස කිං{3} ආනන්ද, තථාගතො භික්ඛුසඞ්ඝං ආරබ්භ කිඤ්චිදෙව උදාහරිස්සති?
Sinhala BJT51. අනඳයෙනි, භික්‍ෂුසංඝ තෙම මා කෙරෙහි කුමක් නම් අපේක්‍ෂා කෙරෙයි ද? අනඳයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර යැ යි (ධර්‍ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් දෙ කොටසක් නො කොට) දහම් දෙසන ලදි. අනඳයෙනි, ධර්‍මවිෂයයෙහි තථාගතයන්ගේ ආචාර්‍ය්‍යමුෂ්ටියෙක් නැත. අනඳයෙනි, යමකුට ‘මම් බික්සඟන පරිහරණය කරන්නෙමි’ කියා හෝ ‘බික්සඟන මා උදෙසා වසන්නේ වේව’ යි කියා හෝ මේ සිත වන්නේ ද, අනඳයෙනි, හෙ තෙම බික්සඟන ඇරැබ කිසිවක් ම කියන්නේ ය. අනඳයෙනි, තථාගතයනට “මම බික්සඟන පරිහරණය කරන්නෙමි” කියා හෝ “බික්සඟන මා උදෙසා ම (මා බලා ම) සිටුනේ වේ ව” යි කියා හෝ මෙසේ සිතෙක් නො ම වෙයි. අනඳයෙනි, කවර හෙයින් ඒ තථාගතයෝ බික්සඟන ඇරැබැ කිසිවක් නම් කියන්නෝ ද?
Pali BJT52. අහං ඛො පනානන්ද, එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. ආසීතිකො මෙ වයො වත්තති. සෙය්යථාපි ආනන්ද, ජජ්ජරසකටං වෙක්ඛමිස්සකෙන{4} යාපෙති, එවමෙව ඛො ආනන්ද, වෙක්ඛමිස්සකෙන මඤ්ඤෙ තථාගතස්ස කායො යාපෙති. යස්මිං ආනන්ද, සමයෙ තථාගතො සබ්බනිමිත්තානං අමනසිකාරා එකච්චානං වෙදනානං නිරොධා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, ඵාසුතරො{5} ආනන්ද, තස්මිං සමයෙ තථාගතස්ස කායො හොති. තස්මාතිහානන්ද, අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
Sinhala BJT52. අනඳයෙනි, මම් දැන් ජීර්‍ණයෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි. දික් කලක් ඉක්මියෙමි, පැසිම් වියට පැමිණියෙමි. මා වයස දැන් අසූවෙක් වෙයි. අනඳයෙනි, දිරූ ගැලක් චක්‍රබන්‍ධනාදි පිළිසකරින් යැපෙන්නේ ද, එසේ ම තථාගතයන්ගේ කය රහත්පලසමවත් නැමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනඳයෙනි, තථාගතයෝ රූපනිමිත්තාදි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත චිත්තවිමුක්තියට පැමිණ වෙසෙත් ද, අනඳයෙනි, එසමයෙහි තථාගතයන්ගේ කය අතිශයින් පහසු ඇතියෙක් වෙයි. අනඳයෙනි, එහෙයින් තෙපි (ඒ පලසමයත් පිණිස) තමන් ම ද්වීප (පිහිට) කොට ගෙන, තමන් ම ශරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (බාහිර සරණක් නැත්තෝ ව) වසවු. ධර්‍මය ම ද්වීප කොට ඇති ව, ධර්‍මය ම සරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (අන්සරණක් අපේක්‍ෂා නොකරන්නෝ ව) වසවු.
Pali BJT53. කථඤ්ච ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො: ඉධානන්ද භික්ඛු කායෙ කායානුපස්සී විහරති අතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJT53. අනඳයෙනි, මහණ තෙම කෙසේ නම් තමා ම ද්වීප කොට ඇත්තේ, තමා ම සරණ කොට ඇත්තේ, අනන්‍යශරණ ව, ධර්‍මය ද්වීප කොට ඇත්තේ, ධර්‍මශරණ ව අනන්‍යශරණ ව වෙසේ ද යත්: අනඳයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා කයෙහි කායානුපස්සී ව වෙසෙයි. වේදනාවන්හි වේදනානුපස්සී ව ... සිත්හි චිත්තානුපස්සී ව වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති ව, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැලා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සී ව වෙසෙයි.
Pali BJT54. එවං ඛො ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි ආනන්ද, එතරහි වා මමං වා අච්චයෙන අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා. ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා, තමතග්ගෙ මෙ තෙ ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා’ති.
Sinhala BJT54. අනඳයෙනි, මෙසේ මහණ තෙම තමා ද්වීප කොට ඇති ව, තමා ශරණ කොට ඇති ව අන් සරණක් නැති ව, ධර්‍මය ද්වීප කොට ඇති ව, ධර්‍මය ශරණ කොට ඇති ව අන්සරණක් නැති ව වෙසෙයි. අනඳයෙනි, යම් භික්‍ෂූ කෙනෙක් දැන් හෝ මා ඇවෑමෙන් හෝ තමන් ද්වීප කොට ඇත්තාහු තමන් සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු, ධර්‍මය ද්වීප කොට ඇත්තාහු ධර්‍මය සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු වසන්නෝ නම්, අනඳයෙනි, ශික්‍ෂාකාමී වූ සියලු භික්‍ෂූන් අතුරෙන් සතර සීවටන් වඩන ඒ මාගේ ශ්‍රාවක භික්‍ෂූහු තමෝයෝග සිඳ අග්‍රතම (අත්‍යග්‍ර) වන්නාහ.
Pali BJTදුතියභාණවාරං.
Sinhala BJTදෙවෙනි බණවර නිමියේ ය.
Pali BJT[චාපාලචෙතියෙ ආයුසඞ්ඛාරොස්සජනං]
Sinhala BJT[චාපාල චේතියෙහිදී ආයුසංස්කාර හැරලීම]
Pali BJT55. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගණ්හාහි ආනන්ද නිසීදනං, යෙන චාපාලං චෙතියං{1} තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මා පි ඛො ආනන්දො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJT55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, අනඳතෙරුන් බණවා “අනඳයෙනි, නිසීදනය ගනුව, දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය කරා එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නැ වැඩ හුන් සේක. අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT56. “රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බ{2} චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං{3} රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො පන ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”ති.
Sinhala BJT56. “අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය, සාරන්‍දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානයක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්‍ණ කරන ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයකට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරබ්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යනු යි.
Pali BJT57. එවං ඛො{4} ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති” යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
Sinhala BJT57. භාග්‍යවතුන් වහන්සේ විසින් (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නො හැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි, ‘සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
Pali BJT58. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං.
Sinhala BJT58. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය, ගෞතම චෛත්‍යය සිත්කලු ය, සත්තම්බ චෛත්‍යය සිත්කලු ය, බහුපුත්‍ර චෛත්‍යය සිත්කලු ය, සාරන්‍දද චෛත්‍යය සිත්කලු ය, චාපාල චෛත්‍යය සිත්කලු ය.
Pali BJTයස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”ති.
Sinhala BJTඅනඳයෙනි, යමක්හු විසින් සතර ඉදුපාහු භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, හේ කැමැත්තේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තුකෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැති වන්නාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යි අනඳ තෙරුනට වදාළ සේක.
Pali BJT59. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති” යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
Sinhala BJT59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිත්තය ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි දු මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සෙයින් අනඳ තෙරණුවෝ එය දැනගන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා” යි යාච්ඤා නො කළහ.
Pali BJT60. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡ ත්වං ආනන්ද, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. අථ ඛො මාරො පාපිමා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො මාරො පාපිමා භගවන්තං එතදවොච:
Sinhala BJT60. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, දැන් යම් විවේකයකට කල් සලකවු නම්, ඒ සඳහා යවු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්හ. එ කල්හි අනඳ කෙරුන් ගිය නොබෝ කල්හි පවිටු වූ වසවත් මර තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ මර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කී:
Pali BJT61. “පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ නා සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, භික්ඛූ භගවතො සාවකං වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”
Sinhala BJT61. “වහන්‍ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ භික්‍ෂූහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රුත වූ ධර්‍මධර වූ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූ සාමීචිප්‍රතිපන්න වූ අනුධර්‍මචාරිවූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය්‍ය සහිත (නෛර්‍ය්‍යාණික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්තහ, විනීතහ, විශාරදහ, බහුශ්‍රැතහ, ධර්‍මධරහ, ධර්‍මානුධර්‍මප්‍රතිපන්නහ, සාමිචිප්‍රතිපන්නහ, අනුධර්‍මාචාරීහ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය.”
Pali BJT62. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, භික්ඛුනියො භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”
Sinhala BJT62. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ භික්‍ෂුණීහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රුත වූ ධර්‍මධර වූ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූ සාමීචිප්‍රතිපන්න වූ අනුධර්‍මචාරී වූ ශ්‍රාවිකාවෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍ය වාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා මෙහෙණියෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රුත හ, ධර්‍මධර හ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්‍මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්වත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”
Pali BJT63. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති. එතරහි ඛො පන භන්තෙ, උපාසකා භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ, භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”
Sinhala BJT63. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, නො හෙළි කරන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසකයෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රුත හ, ධර්‍මධර හ, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්‍මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්වත්, උපන්පරප්‍රසාදය කරුණු සහිත ව මොනොවට මැඩ, නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”
Pali BJT64. “භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසෙස්සන්තී’ති.
Sinhala BJT64. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව යම්තාක් මගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරීණීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නෝ ද, නො පණවන්නෝ ද, නො පිහිටුවන්නෝ ද, විවෘත කොට නො දක්වන්නෝ ද, බෙදා නො දක්වන්නෝ ද, නො හෙළි කරන්නෝ ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නෝ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.
Pali BJTඑතරහි ඛො පන භන්තෙ, උපාසිකා භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා __සාමීචිපටිපන්නා__ අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්තී. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො.”
Sinhala BJTවහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න, අනුධර්‍මචාරීණීහු වෙත්. ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, බෙදා දක්වත්. උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කල් ය.”
Pali BJT65. භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: ‘න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධං චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං{1} බාහුජඤ්ඤං පුථුභූතං, යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති’. එතරහි ඛො පන භන්තෙ, භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො”ති.
Sinhala BJT65. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටුව, යම් තාක් මාගේ මේ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ නො වන්නේ ද, වෘද්ධිප්‍රාප්ත නො වන්නේ ද, විස්තීර්‍ණ නො වන්නේ ද, බොහෝ දෙනා විසින් දැන ගන්නා ලද්දක් නො වන්නේ ද, පෘථුල නො වන්නේ ද, ඇති තාක් නුවණැති හැම දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය වදාරන ලද්දේ ම ය. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද විස්තෘත ද බාහුජන්‍ය ද පෘථුල ද ඇති තාක් නුවණැති දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට ලක් යැ” යි කී ය.
Pali BJT66. එවං වුත්තෙ භගවා මාරං පාපිමන්තං එතදවොච: අප්පොස්සුක්කෙ ත්වං පාපිම හොහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති.
Sinhala BJT66. මෙසේ කී කලැ භාග්‍යවතුන් වහන්සේ පවිටු මරදෙව්පුතුට “පවිට තෝ මන්‍දොත්සාහීවව. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළ සේක.
Pali BJT67. අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජී. ඔස්සට්ඨෙ ච භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො සලොමහංසො{2}. දෙවදුන්දුභියො{3} ච ඵලිංසු. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT67. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි දී සිහි ඇති සේක් මනානුවණින් දන්නා සේක් ම ආයුසංස්කාරය හළ සේක. (මෙ තැන් පටන් කොට තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි. එයින් මත්තෙහි සමවතට නො සමවදිමි’ සිත ඉපිදැවු සේක.) භාග්‍යවතුන් වහන්සේ ආයුස්සංස්කාරය හළ කෙණෙහි ම බිහිසුණු වූ ලොමුදහ ගන්වන මහත් භූමිකම්පනයෙක් විය. දෙව්බෙර පැළිණ (නොකල්හිවැසි වට). එකලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:
Pali BJTතුලමතුලඤ්ච සම්භවං භවසඞ්ඛාරමවස්සජී මුනි, අජ්ඣත්තරතො සමාහිතො අභින්දි කවචමිවත්තසම්භවන්ති.
Sinhala BJT“බුද්ධමුනි තෙම නිවන ද භවය ද තුලනා කරනුයේ (තීරණය කරනුයේ) භවසංස්කාරකර්‍මය (බොමැඩදීම) හළේ ය. විදර්‍ශනා විසින් නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ ශමථ වශයෙන් සමාහිත වූයේ, (මෙසේ ශමථ - විදර්‍ශනා බලයෙන්) කවචයක් (යුදසැට්ටයක්) මෙන් තම අත් බව වැළඳ සිටි සියලු කෙලෙස් බිඳ හළේ ය. (එහෙයින් අභීත ව ආයුසංස්කරාය හළේ ය.)”
Pali BJT[භූමිචාලස්ස අට්ඨ හෙතූ]
Sinhala BJT[භූමිචලනයෙහි හේතු අට]
Pali BJT68. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො. මහා වතායං භූමිචාලො, සුමහා වතායං භූමිචාලො, භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නු ඛො හෙතු කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායා’ති. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, මහා වතායං භන්තෙ භූමිචාලො, සුමහා වතායං භන්තෙ භූමිචාලො, භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායා?”ති.
Sinhala BJT68. එකල්හි අනඳ තෙරුනට “භවත්නි, ආශ්චර්‍ය්‍ය ය, භවත්නි, අද්භූත ය. මේ භූමිචලනය මහත් ය. මේ භූමිකම්පනය ඉතා මහත් ය, බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව්බෙර ද පැළිණ (නොකල් වැසි වට). මහත් භූමිචලනය ඇති වන්නට හේතු කවර ය, ප්‍රත්‍යය කවර යැ” යි මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ, “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මේ භූමිචලනය මහත් ය, මේ භූමිචලනය ඉතා මහත් ය. බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව් බෙර ද පැළිණ. වහන්ස, මහත් භූමිකම්පනයට හේතු කවර ය? ප්‍රත්‍යය කවර ය?” යි මෙය විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT69. අට්ඨ ඛො ඉමෙ ආනන්ද, හෙතූ අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවාය. කතමෙ අට්ඨ?
Sinhala BJT69. අනඳයෙනි, මහද්භූමිකම්පනය ඇති වන්නට මේ හේතු අටෙක, ප්‍රත්‍යය අටෙක. කවර අටෙක් ද යත්:
Pali BJTඅයං ආනන්ද, මහාපඨවි{1} උදකෙ පතිට්ඨිතා. උදකං වාතෙ පතිට්ඨිතං. වාතො ආකාසට්ඨො හොති. හොති ඛො සො ආනන්ද සමයො යං මහාවාතා වායන්ති, මහාවාතා වායන්තා උදකං කම්පෙන්ති, උදකං කම්පිතං පඨවිං කම්පෙති. අයං පඨමො හෙතු පඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (1)
Sinhala BJTඅනඳයෙනි, මේ මහ පෙළොව දිය ආධාර කොට පිහිටියේ වෙයි. දිය වාතය ආධාර කොට පිහිටියේ වෙයි. වාතය අහසෙහි සිටියේ වෙයි. අනඳයෙනි, යම් විටෙක මහා වාතයෝ හමත් ද, මහා වාතයෝ හමන්නාහු දිය සොලොවත් ද, දිය සෙලැවුණේ පොළොව සොලොවා ද, එසේ වූ කාලයෙක් වෙයි. මහත් භූමිකම්පනය ඇති වනුවට මේ පළමු හේතුව, පළමු ප්‍රත්‍යය වෙයි. (1)
Pali BJTපුන චපරං ආනන්ද, සමණො වා හොති බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො, දෙවො වා මහිද්ධිකො මහානුභාවො, තස්ස පරිත්තා පඨවිසඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්ඤා. සො ඉමං පඨවිං කම්පෙති සංකම්පෙති සම්පකම්පෙති සම්පවෙධෙති. අයං දුතියො හෙතු දුතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (2)
Sinhala BJTතවද අනෙකක් කියම්. අනඳයෙනි, ඍද්ධිමත් චිත්තවශිතා ලත් මහණෙක් හෝ බමුණෙක් වෙයි ද, මහත් ඍද්ධි ඇති මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පෘථවිසංඥාව මඳ ලෙස වඩන ලද්දේ වේ ද, අප්සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේ ද, හෙතෙම මේ පොළොව සොලොවයි. උඩු දෙසට සොලොවා යවයි. උඩු යට දෙදෙසට යවමින් හාත්පසින් සෙලොවයි. වඩාත් වෙවුල්වයි. මහත් භූමිකම්පනයට මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය වෙයි. (2)
Pali BJTපුන චපරං ආනන්ද, යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, තදා’යං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං තතියො හෙතු තතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (3)
Sinhala BJTතව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක්හි බෝසත් තෙම තුසී දෙව්නකායෙන් සැව, සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසට බසී ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පස වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ තෙවෙනි හේතුව, තෙවෙනි ප්‍රත්‍යය වෙයි. (3)
Pali BJTපුන චපරං ආනන්ද, යදා බොධිසත්තො සතො සම්පජානො මාතුකුච්ඡිස්මිං නික්ඛමති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (4)
Sinhala BJTතව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක බෝසත් තෙම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසින් බිහි වේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පසින් වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය පහළ වන්නට මේ සිවුවන හේතුව, සිවුවන ප්‍රත්‍යය වෙයි. (4)
Pali BJTපුන චපරං ආනන්ද, යදා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, තදායං පඨවී කම්පති සඞ්කම්පති සම්පකම්පති සම්පවෙධති. අයං පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (5)
Sinhala BJTතව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධිසමධිගමය කෙරේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ පස්වන හේතුව, පස්වන ප්‍රත්‍යය වෙයි. (5)
Pali BJTපුන චපරං ආනන්ද, යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං ඡට්ඨො හෙතු ඡට්ඨො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (6)
Sinhala BJTතව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර දහම්සක් පවත්වා ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි. (6)
Pali BJTපුන චපරං ආනන්ද, යදා තථාගතො සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජති, තදායං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං සත්තමො හෙතු සත්තමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (7)
Sinhala BJTතව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ ආයුසංස්කාරය හරී ද, එ කල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය වෙයි. (7)
Pali BJTපුන චපරං ආනන්ද, යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදා’යං පඨවී කම්පති සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අයං අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. (8)
Sinhala BJTතව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි ද, එකලැ මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි. වඩාත් සැලෙයි. වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට අටවැනි හේතුව, අටවැනි ප්‍රත්‍යය වෙයි.
Pali BJTඉමෙ ඛො ආනන්ද, අට්ඨ හෙතූ අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවායා’ති.
Sinhala BJTඅනඳයෙනි, මේ මහද්භූමිකම්පනය ඇති වන්නට හේතු වූ ප්‍රත්‍යය වූ කරුණු අට ය.
Pali BJT[අට්ඨපරිසා]
Sinhala BJT[පිරිස් අට]
Pali BJT70. අට්ඨ ඛො ඉමා ආනන්ද, පරිසා. කතමා අට්ඨ? ඛත්තියපරිසා බ්රාහ්මණපරිසා ගහපතිපරිසා සමණපරිසා චාතුම්මහාරාජිකපරිසා තාවතිංසපරිසා මාරපරිසා බ්රහ්මපරිසා.
Sinhala BJT70. අනඳයෙනි, මේ පිරිස් අටෙක. කවර අටෙක් ද යත්: කැත්පිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස සියුමහරැජිපිරිස තව්තිසාපිරිස මරපිරිස බඹපිරිස යන මොහු ය.
Pali BJTඅභිජානාමි ඛො පනාහං ආනන්ද , අනෙකසතං ඛත්තියපරිසං උපසඞ්කමිතා{1}. තත්රාපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ථ යාදිසකො තෙසං වණ්ණො හොති, තාදිසකො මය්හං වණ්ණො හොති. යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය්හං සරො හොති. ධම්මියා ච{2} කථාය සන්දස්සෙමි. සමාදපෙමි සමුත්තෙජෙමි සම්පහංසෙමි. භාසමානඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං භාසති දෙවො වා මනුස්සො වා’ති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං අන්තරහිතො දෙවො වා මනුස්සො වා’ති.
Sinhala BJTඅනඳයෙනි, මා නොයෙක් සිය ගණන් කැත්පිරිස් කරා එළැඹුණා දනිමි (සිහි කෙරෙමි). එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම් බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් දරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.
Pali BJTඅභිජානාමි ඛො පනාහං ආනන්ද, අනෙකසතං බ්රාහ්මණපරිසං -පෙ- ගහපතිපරිසං -පෙ- සමණපරිසං -පෙ- චාතුම්මහාරාජිකපරිසං -පෙ- තාවතිංසපරිසං -පෙ- මාරපරිසං -පෙ- බ්රහ්මපරිසං උපසඞ්කමිතා. තත්රාපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ථ යාදිසකො තෙසං වණ්ණො හොති, තාදිසකො මය්හං වණ්ණො හොති. යාදිසකො තෙසං සරො හොති, තාදිසකො මය්හං සරො හොති. ධම්මියා ච කථාය සන්දස්සෙමි සමාදපෙමි සමුත්තෙජෙමි සම්පහංසෙමි. භාසමානඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං භාසති දෙවො වා මනුස්සො වා’ති. ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා අන්තරධායාමි. අන්තරහිතඤ්ච මං න ජානන්ති ‘කො නු ඛො අයං අන්තරහිතො දෙවො වා මනුස්සො වා’ති.
Sinhala BJTඅනඳයෙනි, මා නොයෙක් සියගණන් බමුණුපිරිස් ... ගැහැවිපිරිස් ... මහණ පිරිස් ... සිවුමහරැජි පිරිස් ... තව්තිසාපිරිස් ... මරපිරිස් ..... බඹපිරිස් කරා එළැඹුණා දනිමි. එහි ද මා විසින් හුන්විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම්බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම්බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කියා ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.
Pali BJTඉමා ඛො ආනන්ද, අට්ඨ පරිසා.
Sinhala BJTඅනඳයෙනි, මේ අට පිරිස් ය.
Pali BJT[අට්ඨඅභිභායතනානි]
Sinhala BJT[අභිභායතන අට]
Pali BJT71. අට්ඨ ඛො ඉමානි ආනන්ද, අභිභායතනානි. කතමානි අට්ඨ?
Sinhala BJT71. අනඳයෙනි, මේ අභිභායතන අටෙකි. කවර අටෙක් ද? යත්:
Pali BJTඅජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං. (1)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්තාරම්මණ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු අභිහායතනය යි. (1)
Pali BJTඅජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං. (2)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මයේ රූපසංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ නිමිත්තරූපයන් දකි. ඒ රූප මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි. (2)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං. (3)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍ම සංඥා නැත්තේ පිටත්හි වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ වූ පරිත්ත වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණු මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතන යි. (3)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං. (4)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිහායතනය යි. (4)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උම්මාපුප්ඵං{1} නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං. (5)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, නිල් වූ නිල්වන් නිල්දැකුම් ඇති නිල් පැහැ ඇති පිටත්හි රූප දකී. නිල්, නිල්වන්, නිල් දැකුම් ඇති, නිල් පැහැ ඇති දියමෙරලිය මලක් යම් සේ වේද, දෙපිට ම මොළොක් කසීවතෙක් යම්සේ නිල් වේ ද, නිල්වන් වේ ද, නිල් දැකුම් ඇත්තේ වේ ද, නිල් පැහැ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ නිල් වූ නිල්වන් වූ නිල්දැකුම් ඇති නිල් පැහැති බාහිර නීලකසිණාලම්බන රූප දකී. ඒ රූප අභිභවා ‘දනිමි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි. (5)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං. (6)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර පීත රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැ ඇති පීත වූ කිණිහිරි මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන්පැහැති පීත වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, රන්වන්, රන්වන් දැකුම් ඇති රන්පැහැති බාහිර පීත කසිණ රූපයන් දකී. ඔවුන් මැඩැ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි. (6)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං. (7)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් රත්පැහැ වූ කසීවතෙක් හෝ යම්සේ වේද, එසේම එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ රතුවන් වූ රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බැහිර රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යි. (7)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධී තාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. (8)
Sinhala BJTඑකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ සුදුවන් වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැ වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැ වූ ඕසධී තාරකාව යම් සේ ද, දෙපසැ මට සිලිටි වූ සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැති කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ සුදුදැකුම් ඇති සුදුපැහැ වූ බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවැනි අභිභායතනය යි. (8)
Pali BJTඉමානි ඛො අට්ඨ ආනන්ද, අභිභායතනානි.
Sinhala BJTඅනඳයෙනි, මොහු අටදෙන අභිභායතනයෝ ය.
Pali BJT[අට්ඨ විමොක්ඛා]
Sinhala BJT[විමෝක්‍ෂ අට]
Pali BJT72. අට්ඨ ඛො ඉමෙ ආනන්ද, විමොක්ඛා. කතමෙ අට්ඨ?
Sinhala BJT72. අනඳයෙනි, මේ විමෝක්‍ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
Pali BJTරූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො. (1)
Sinhala BJTරූපධ්‍යාන ඇත්තේ නීලකසිණාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමෝක්‍ෂය යි. (1)
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො. (2)
Sinhala BJTඅධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යි. (2)
Pali BJTසුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො. (3)
Sinhala BJTපිරිසිදු වූ කසිණ අරමුණු දහන් ඇසින් දක්නේ, ‘ශුභ ම යැ’ යි එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යි. (3)
Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො. (4)
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්තය’ යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂය යි. (4)
Pali BJTසබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො. (5)
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂය යි. (5)
Pali BJTසබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො. (6)
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යි. (6)
Pali BJTසබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො. (7)
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යි. (7)
Pali BJTසබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො. (8)
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සංඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යි. (8)
Pali BJTඉමෙ ඛො ආනන්ද, අට්ඨ විමොක්ඛා.
Sinhala BJTඅනඳයෙනි, මොහු අෂ්ට විමෝක්‍ෂයෝ ය.
Pali BJT[මාරායචනා]
Sinhala BJT[මාර ආයාචනය]
Pali BJT73. එකමිදාහං ආනන්ද, සමයං උරුවෙලායං විහරාමි නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො ආනන්ද, මාරො පාපිමා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආනන්ද, මාරො පාපිමා මං එතදවොච: පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො’ති.
Sinhala BJT73. අනඳයෙනි, එක් කලෙක මම් බුදු වැ පළමු කොට ම උරුවෙල් දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක්මුලැ වෙසෙමි. අනඳයෙනි, එ කලැ පවිටු මරු මා වෙත එළැඹියේ ය. එළැඹ එකත්පස්වැ සිටියේ ය. අනඳයෙනි, එකත්පස් වැ සිටියාවූ ම මර තෙම “වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය” යි මෙ බස් කී ය.
Pali BJTඑවං වුත්තො’හං ආනන්ද, මාරං පාපිමන්තං එතදවොචං: “න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති{1} පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති,{2} උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං{3} නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.
Sinhala BJTඅනඳයෙනි, මෙසේ කියන ලද මම් පවිටු මරහට මෙය කීමි. “පවිට, ම සවු මහණහු යම්තාක් කල් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.”
Pali BJTන තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි. යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.
Sinhala BJTමා සවු මෙහෙණහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු දක්වා මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.
Pali BJTන තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.
Sinhala BJTමා සවු උවසුහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.
Pali BJTන තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසෙස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්ති.
Sinhala BJTමා සවු උවැසීහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.
Pali BJTන තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං{1} පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති.’
Sinhala BJTයම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම්තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි කීමි.
Pali BJT74. ඉදානෙව ඛො ආනන්ද, අජ්ජ චාපාලෙ{2} චෙතියෙ මාරො පාපිමා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආනන්ද, මාරො පාපිමා මං එතදවොච: “පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ න සාවකා භවිස්සන්ති -පෙ- යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති -පෙ- යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති -පෙ- යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති -පෙ- යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති.–
Sinhala BJT74. අනඳයෙනි, දැනුදු අද චාපාල චෛත්‍යයෙහි මර තෙම මා කරා එළැඹියේ ය. එළැඹ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් ව සිටියේ ම ‘වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් “පවිට, යම්තාක් මා සවු මහණහු ... මෙහණහු ... උවසුහු ... උවැසිහු ව්‍යක්ත ද විනීත ද ... නෛර්‍ය්‍යාණිකකොට දම් නො දෙසන්නාහු නම් ඒ තාක් නො පිරිනිවෙන්නෙමි. යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම් තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නොවන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.
Pali BJTඑතරහි ඛො පන භන්තෙ, භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො පරිනිබ්බානකාලො’දානි භන්තෙ භගවතො”ති.
Sinhala BJTවහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර සමෘද්ධ ද ස්ථිත ද විස්තාරිත ද බාහුජන්‍ය ද පෘථුභූත ද දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භගවත්හු පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්වේ යැ” යි කීය.
Pali BJTඑවං වුත්තෙ අහං ආනන්ද, මාරං පාපිමන්තං එතදවොචං: “අප්පොස්සුක්කො ත්වං පාපිම හොහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති. ඉදානෙව ඛො ආනන්ද, අජ්ජ චාපාලෙ චෙතියෙ තථාගතෙන සතෙන සම්පජානෙන ආයුසඞ්ඛාරො ඔස්සට්ඨො”ති.
Sinhala BJTඅනඳයෙනි, මෙසේ කී කල්හි මම් “පවිට, තෝ මන්‍දෝත්සාහ වව, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි කීමි. අනඳයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යයෙහි දී තථාගතයන් සිහි ඇතියවුන් නුවණින් දන්නවුන් විසින් ආයුසංස්කාරය හරන ලද්දේ යැ” යි වදාළහ.
Pali BJT[ආනන්දයාචනා]
Sinhala BJT[ආනන්‍ද - ආයාචනය]
Pali BJT75. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති.
Sinhala BJT75. මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුව පිණිස කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් ව” කීහ.
Pali BJTඅලං ආනන්ද, මා තථාගතං යාචි. අකාලො’දානි ආනන්ද, තථාගතං යාචනායා’ති.
Sinhala BJT“අනඳයෙනි, කම් නැත, තථාගතයන් නො යදින්න, අනඳයෙනි, තථාගතයන් යදනට දැන් කල් නො වෙ” යි වදාළහ.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ආනන්දො -පෙ- තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති.
Sinhala BJTදෙවනු ද ... තෙවනු ද අනඳ තෙරණුවෝ “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස ... කපක් වැඩ සිටුනා සේක් ව” යි කීහ.
Pali BJTසද්දහසි ත්වං ආනන්ද, තථාගතස්ස බොධින්ති? “එවම්භන්තෙ”. අථ කිඤ්චරහි ත්වං ආනන්ද තථාගතං යාවතතියකං අභිනිප්පීළෙසී?ති.
Sinhala BJTඑවිට භගවත්හු “අනඳයෙනි, තථාගතයන්ගේ බෝධිය හදහවු දැයි” අසා වදාළහ. “එසේය, වහන්සැ” යි අනඳ තෙරණුවෝ කීහ. “එසේ නම් අනඳයෙනි, තෙපි කවර හෙයින් තෙවෙනි වර තෙක් තථාගතයන් පෙළවු දැ?” යි අසා වදාළහ.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං: “යස්ස කස්සචි ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා”ති.
Sinhala BJTවහන්ස, “අනඳයෙනි යමක්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු, යානයක් බඳු කරන ලද්දාහු, වාස්තුවක් බඳු කරන ලද්දාහු, පිළිපදනා ලද්දාහු, පුරුදු කරන ලද්දාහු, මොනොවට පුරන ලද්දාහු නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩිතරම් හෝ සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර ඍද්ධිපාදයෝ භාවිත හ, බහුලීකෘත හ, යානීකෘත හ, වාස්තුකෘත හ, අනුෂ්ඨිත හ. පරිචිත හ, සුසමාරබ්ධ හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තෝ කපක් හෝ කපකට වැඩිතරම් කලක් හෝ සිටිය හැකි වන්නාහ” යන මේ වචනය භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් මා විසින් අසන ලදි, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මා විසින් පිළිගන්නා ලදි” යි අනඳ තෙරණුවෝ කීහ.
Pali BJTසද්දහසි ත්වං ආනන්දා?ති. “එවම්භන්තෙ”.
Sinhala BJT“අනඳයෙනි, තෙපි මෙය හදහවුදැ?” යි බුදුරජුහු අසා වදාළහ. ‘එසේ ය, වහන්සැ’ අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ.
Pali BJTතස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං, යං ත්වං තථාගතෙන එවං ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ,{1} ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි ‘තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති. සචෙ ත්වං ආනන්ද තථාගතං යාචෙය්යාසි, ද්වෙව තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.
Sinhala BJT“අනඳයෙනි, එබැවින් මෙහි තෙපි තථාගතයන් විසින් මෙසේ ඖදාරික නිමිති කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, යම් හෙයෙකින් එය පිළිවිදිනුවට නො හැකි වූහු ද, ‘වහන්ස, භාග්‍යවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත්වා’ යි තථාගතයන් නො යැදූහු ද, එය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොපගේ වචන දෙකක් පිළිකෙව්නාහ. වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මෙය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය”.
Pali BJT76. එකමිදාහං ආනන්ද, සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්රාපි ඛො තාහං ආනන්ද ආමන්තෙසිං: රමණීයං ආනන්ද, රාජගහං රමණීයො ගිජ්ඣකූටො පබ්බතො. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති. එවම්පි ඛො ත්වං ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි: ‘තිට්ඨතු භන්තෙ භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’න්ති. සචෙ ත්වං ආනන්ද, තථාගතං යාචෙය්යාසි, ද්වෙව තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.
Sinhala BJT76. අනඳයෙනි, එක් සමයෙක මම් රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා “අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය. ගිජුකුළු පව්ව සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩියක් කල් සිටිය හැකි වන්නේ යැ” යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොප වචන දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.
Pali BJTඑකමිදාහං ආනන්ද, සමයං තත්ථෙව රාජගහෙ විහරාමි ගොතමනිග්රොධෙ{2} -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි චොරපපාතෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහායං -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි ඉසිගිලිපස්සෙ කාළසිලායං -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි තපොදාරාමෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්දක නිවාපෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි ජීවකම්බවනෙ -පෙ- තත්ථෙව රාජගහෙ විහරාමි මද්දකුච්ඡිස්මිං මිගදායෙ. තත්රාපි{3} ඛො තාහං ආනන්ද ආමන්තෙසිං: රමණීයං ආනන්ද රාජගහං, __රමණීයො ගිජ්ඣකූටො පබ්බතො -පෙ-__ රමණීයො ගොතමනිග්රොධො -පෙ- රමණීයො චොරපපාතො -පෙ- රමණීයා වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහා -පෙ- රමණීයා ඉසිගිලිපස්සෙ කාළසිලා -පෙ- රමණීයො සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරො -පෙ- රමණීයො තපොදාරාමො -පෙ- රමණීයො වෙළුවනෙ කලන්දකනිවාපො -පෙ- රමණීයං ජීවකම්බවනං -පෙ- රමණීයො මද්දකුච්ඡිස්මිං මිගදායො. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති.
Sinhala BJTඅනඳයෙනි, එක් සමයෙක්හි මම් ඒ රජගහ නුවරැ ම ගෞතම න්‍යග්‍රෝධය මුලැ වෙසෙමි ... ඒ රජගහ නුවර ම චෝරප්‍රපාතයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම වෛහාර පර්‍වතපාර්‍ශවයෙහි සප්තපර්ණිගුහායෙහි වෙසෙමි - ඒ රජගහ නුවර ම ඍෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලායෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම ශීතවනයෙහි සප්පසොණ්ඩික පබ්භාරයෙහි වෙසෙමි … ඒ රජගහ නුවර ම තපෝදාරාමයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි ම මද්දකුච්ඡි මුවලැවුහි වෙසෙමි. අනඳයෙනි, එහි දී ද තොප බණවා ‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, අනඳයෙනි, ගෞතම න්‍යග්‍රෝධය සිත්කලු ය, ... චෝරප්‍රපාතය සිත්කලු ය ... වෛභාරපාර්ශ්වයෙහි සප්තපර්ණීගුහාව සිත්කලු ය ... ඍෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලාව සිත්කලු ය ... ශීතවනයෙහි සප්පසොණ්ඩිකපබ්හාරය සිත්කලු ය ... තපෝදාරාමය සිත්කලු ය ... කලන්‍දකනිවාප නම් වූ වේළුවනය සිත්කලු ය ... මද්දකුච්ඡි මුවවනය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත ද බහුලීකෘත ද යානීකෘත ද වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද පරිචිත ද සුසමාරබ්ධ ද හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් හෝ සිටිය හැකි වන්නේ යැ’ යි කීමි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ -පෙ- නාසක්ඛි පටිවිජ්ඣිතුං. න තථාගතං යාචි ‘තිට්ඨතු භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති’. සචෙ ත්වං ආනන්ද, තථාගතං යාචෙය්යාසි, ද්වෙ තෙ වාචා තථාගතො පටික්ඛිපෙය්ය, අථ තතියකං අධිවාසෙය්ය. තස්මාතිහානන්ද, තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.
Sinhala BJTඅනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. ‘භගවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස කපක් හෝ කපකට වැඩියක් වැඩ සිටිත් වා’ යි තථාගතයන් නො ම යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තොපගේ වචන දෙකක් ම තථාගතයෝ පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි තොපගේ ම දුෂ්කෘතය වෙයි, තොපගේ ම වරද වෙයි.
Pali BJT77. එකමිදාහං ආනන්ද, සමයං ඉධෙව වෙසාලියං විහරාමි උදෙනචෙතියෙ. තත්රාපි ඛො තාහං ආනන්ද ආමන්තෙසිං: රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා -පෙ- සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා -පෙ- සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා’ති. එවම්පි ඛො ත්වං ආනන්ද, තථාගතෙන ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ -පෙ- නාසක්ඛි පටිවිජ්ඣිතුං -පෙ- තස්මාතිහානන්ද තුය්හෙවෙතං දුක්කටං, තුය්හෙවෙතං අපරද්ධං.
Sinhala BJT77. අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම උදේන චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද අනඳයෙනි, තොප බණවා “අනඳයෙනි, විසල් පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යමක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත ... සුසමාරබ්ධ වී නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩි කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර ඍද්ධිපාදයෝ භාවිත හ ... සුසමාරබ්ධ හ. ඔබ කැමැත්තාහු කපක් හෝ එයට වැඩියක් කල් හෝ සිටියැ හැකි වන්නාහ” යි කීමි. අනඳයෙනි, මෙසේ තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේ ම දෘෂ්කෘතය ය, මේ තොපගේ ම වරද ය.