Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න සඞ්ගණිකාරාමා භවිස්සන්ති න සඞ්ගණිකරතා න සඞ්ගණිකාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (4)
Sinhala BJTමහණෙනි, යම් තාක් මහණහු ගණසඞ්ගණිකාරාම (බොහෝ දෙනා හා එක් වැ විසීමේ යෙදුණෝ) නො වෙත් ද, ගණසඞ්ගණිකායේහි ඇලුණෝ නො වෙත් ද, ගණසඞ්ඝණිකාරාම බව්හි යෙදුණෝ නො වෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (4)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න පාපිච්ඡා භවිස්සන්ති න පාපිකානං ඉච්ඡානං වසං ගතා, වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (5)
Sinhala BJTමහණෙනි, යම් තාක් මහණහු පාපිච්ඡ (ලාමක ඊප්සා ඇත්තෝ) නො වන්නාහු ද, ලාමක ඊප්සාවනට වසඟ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න පාපමිත්තා භවිස්සන්ති න පාපසහායා න පාපසම්පවඞ්කා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (6)
Sinhala BJTමහණෙනි, යම් තාක් මහණහු පාපමිත්‍රයන් ඇත්තෝ නො වන්නාහු ද, පාප සහායයන් ඇත්තෝ නො වන්නාහු ද, පාපයනට නැමුණෝ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න ඔරමත්තකෙන විසෙසාධිගමෙන අන්තරා වොසානං ආපජ්ජිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (7)
Sinhala BJTමහණෙනි, මහණහු යම් තාක් අල්පමාත්‍ර වූ විශේෂාධිගමයෙන් (රහත්බවට වො පැමිණ) අතරැ නිමියා වූ කෘත්‍ය ඇති බවට (ධ්‍යානාදී අල්පමාත්‍රලාභයෙන් තෘප්තියට) නො පැමිණෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (7)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් මේ සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මේ සත් අපරිහානිය ධර්‍මයන්හි මහණහු දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.
Pali BJT[3. අපරෙපි සත්ත අපරිහානියා ධම්මා:]
Sinhala BJT[3. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
Pali BJT10. අපරෙපි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT10. මහණෙනි, තොපට අන් අපරිහානිය ධර්‍ම සතක් ද දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු සද්ධා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ හිරිමන භවිස්සන්ති, -පෙ- ඔත්තප්පී භවිස්සන්ති, -පෙ- බහුස්සුතා භවිස්සන්ති, -පෙ- ආරද්ධවිරියා භවිස්සන්ති, -පෙ- උපට්ඨිතසතී භවිස්සන්ති, -පෙ- පඤ්ඤවන්තො භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු සැදැහැ ඇත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. මහණෙනි, යම්තාක් මහණහු පවට පිළිකුල් සිතැතියෝ වන්නාහු ද … පවට බිය ඇත්තෝ වන්නාහු ද ... බොහෝ ඇසූ පිරූ තැන් ඇතියෝ වන්නාහු ද, ... ඇරැඹූ වැර ඇතියෝ වන්නාහු ද ... එළැඹැ සිටි සිහි ඇතියෝ වන්නාහු ද, ... ප්‍රඥා ඇතියෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව, භික්ඛවෙ භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම්තාක් මෙ කී සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්‍ම කෙරෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
Pali BJT[4. අපරෙපි සත්ත අපරිහානියා ධම්මා:]
Sinhala BJT[4. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
Pali BJT11. අපරෙපි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT11. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු සතිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... විරියසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්‍මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීමක් නො ම ඇවෙක්සිය යුතු.
Pali BJT[5. අපරෙපි සත්ත අපරිහානියා ධම්මා:]
Sinhala BJT[5. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
Pali BJT12. අපරෙපි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT12. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අනිච්චසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- අනත්තසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- අසුභසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- ආදීනවසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- පහානසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- විරාගසඤ්ඤං භාවෙස්සන්ති -පෙ- නිරොධසඤ්ඤං භාවෙස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි:
Sinhala BJTමහණෙනි, මහණහු යම්තාක් අනිත්‍යසංඥාව වඩන්නාහු ද … අනාත්මසංඥාව වඩන්නාහු ද ... අශුභසංඥාව වඩන්නාහු ද ... ආදීනව සංඥාව වඩන්නාහු ද ... ප්‍රහාණසංඥාව වඩන්නාහු ද ... විරාගසංඥාව වඩන්නාහු ද ... නිරෝධසංඥාව වඩන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්‍මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
Pali BJT[6. අපරෙපි ඡ අපරිහානියා ධම්මා:]
Sinhala BJT[6. අනෙක් අපරිහානිය දහම් සයක්]
Pali BJT13. අපරෙ භික්ඛවෙ, ඡ අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT13. මහණෙනි, අන් අපරිහානිය ධර්‍ම සයක් දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (1)
Sinhala BJTමහණෙනි, මහණහු යම්තාක් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය කායකර්‍මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්රහ්මචාරීසු -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙස්සන්ති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (2-3)
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය වාක්කර්‍මය එළවා තබන්නාහු ද ... සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය මනඃකර්‍මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2-3)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී{1} භවිස්සන්ති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (4)
Sinhala BJTමහණෙනි, යම්තාක් යටත්පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් ආහාර මාත්‍ර වූ දෑ යැ යි දැහැමි වූ දැහැමෙන් ලත් යම් ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු ලාභයන් බෙදා නොදී නො වළඳන්නෝ සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණභෝගී වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නො ඇවෙක්සිය යුතු. (4)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි{1} අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතා විහරිස්සන්ති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (5)
Sinhala BJTමහණෙනි, නොකඩ වූ නොසිදුරු වූ සබල නොවූ, නොකැලැල් වූ තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණා වූ, පැණවතුන් විසින් පසස්නා ලද්දා වූ, තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ යම් සිල් කෙනෙක් වෙත් ද, එබඳු ශීලයන්හි සබ්‍රම්සරුන් හා හමුයෙහිත් නොහමුයෙහිත් යම්තාක් ශීලසාමාන්‍යගත වැ (ශීලයෙන් සමාන බවට පැමිණ) වාස කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූනං යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතා විහරිස්සන්ති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච භික්ඛවෙ, වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි. (6)
Sinhala BJTමහණෙනි, ආර්‍ය වූ (නිදොස් වූ) නෛර්‍ය්‍යාණික වූ යම් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, යමෙක් තථාකාරී වූවහුගේ සියලු දුක් නැසීමට යේ ද, මහණහු යම්තාක් එසේ වූ දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා හමුයේත් නො හමුයේත් දෘෂ්ටිසාමාන්‍යගත වැ (සම්දිටුයෙන් සමාන බවට පැමිණ) වසන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ ඡ අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච ඡසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානී’ති.
Sinhala BJTමහණෙනි, යම්තාක් මේ අපරිහානිය ධර්‍ම සදෙන මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ අපරිහානිය ධර්‍ම සයෙහි දක්නා ලැබෙන්නාහු ද, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
Pali BJT[භික්ඛූනං ධම්මීකථා:]
Sinhala BJT[භික්‍ෂූනට දෙසූ දැහැමි කථා:]
Pali BJT14. තත්ර සුදං භගවා රාජගහෙ විහරන්තො ගිජ්ඣකූටෙ පබ්බතෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං{2}: කාමාසවා භවාසවා{3} අවිජ්ජාසවා”ති.
Sinhala BJT14. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක් “සිල් මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙබඳු ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල ඇති වේ. මහත් අනුසස් ඇති වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි ශීලසමාධි ආදි වූ මේ දැහැමි කතාව ම බහුල කොට වදාරන සේක.
Pali BJT15. අථ ඛො භගවා රාජගහෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන අම්බලට්ඨිකා තෙනුපසඞ්කමිස්සාමාති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන අම්බලට්ඨිකා තදවසරි. තත්ර සුදං භගවා අම්බලට්ඨිකායං විහරති රාජාගාරකෙ. තත්රපි සුදං{4} භගවා අම්බලට්ඨිකායං විහරන්තො රාජාගාරකෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.
Sinhala BJT15. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහ නුවරැ වැස, අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, යම්හ, අඹයැටිඋයන කරා එළැඹෙන්නම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා අඹයැටිඋයන වෙත එළැඹි සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අඹයැටි වෙනෙහි රාජාගාරයෙහි වැඩ වසන සේක් - “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද චිත්තය කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි මහණුනට මේ දැහැමි කතාව ම බහුල කොට කරන සේක.
Pali BJT16. අථ ඛො භගවා අම්බලට්ඨිකායං යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන නාලන්දා තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නාලන්දා තදවසරි. තත්ර සුදං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ.
Sinhala BJT16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අඹයැටියෙහි කැමැති තාක් කල් වැස අනඳතෙරුන් අමතා ‘අනඳයෙනි, එවු, නාලන්‍දාව කරා යම්හ’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව නාලන්‍ද නුවරට වැඩිසේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක.
Pali BJT[සාරිපුත්ත සීහනාදො.]
Sinhala BJT[ශාරීපුත්‍ර සිංහනාදය]
Pali BJT17. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ‘එවං පසන්නො අහං භන්තෙ භගවතී: න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යො’භිඤ්ඤතරො{1} යදිදං සම්බොධියන්ති.” උළාරා ඛො තෙ අයං සාරිපුත්ත, ආසභී වාචා{2} භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො: “එවං පසන්නො අහම්භන්තෙ භගවති: න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යො’භිඤ්ඤතරො යදිදං සම්බොධියන්ති.”
Sinhala BJT17. ඒ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, සම්බෝධි (රහත්මග නුවණ) නම් වූ යමෙක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ (උත්තරීතර ඥානයෙන් යුක්ත වූ) අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය. මතුත් නො වන්නේ ය. දැනුදු නැතැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් මෙසේ ප්‍රසන්නයෙමි” යි සැළ කළහ. එවිට “ශාරිපුත්‍රයෙනි, සම්බෝධිඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතුත් නො වන්නේ ය, දැනුදු නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් ප්‍රසන්නයෙමි” යි තොප විසින් කියන ලද මේ ශ්‍රේෂ්ඨ වචනය මහත් ම එකෙක. මෙහි ලා තොප විසින් ඒකාන්තය ගන්නා ලද්දේ ය (ප්‍රත්‍යක්‍ෂඥානයෙන් දැන කීවාක් සේ ඒකාන්ත නිශ්චය කථාවෙක් ම කියන ලද්දේ ය.) සිංහනාදය පවත්වන ලද්දේ ය.
Pali BJTකින්තෙ{3} සාරිපුත්ත, යෙ තෙ අහෙසුං. අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා: එවංසීලා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංධම්මා - එවංපඤ්ඤා - එවංවිහාරී - එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉති පී ති?
Sinhala BJTශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ඉකුත් කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහ යි කියා ද, ඒ භගවත්හු මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ යි කියාත් ඔබ සිත් තමන් සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය එසේ නො දන්නා ලද්දේ ම යැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
Pali BJTකිම්පන තෙ සාරිපුත්ත, යෙ තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා: එවංසීලා තෙ භගවන්තො භවිස්සන්ති ඉතිපි, එවංධම්මා - එවම්පඤ්ඤා - එවංවිහාරී - එවංවිමුත්තා තෙ භගවන්තො භවිස්සන්ති ඉති පී ති?
Sinhala BJTකිමෙක් ද ශාරිපුත්‍රයෙනි, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ යි ඔබ සිත් සිය සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලදහු දැ? යි භාග්‍යවතුන් වහන්සෝ වදාළ සේක.
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය එසේ නො දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
Pali BJTකිම්පන තෙ{1} සාරිපුත්ත, අහං එතරහි අරහං සම්මාසම්බුද්ධො චෙතසා චෙතො පරිච්ච විදිතො: එවංසීලො භගවා ඉති පි, එවංධම්මො - එවංපඤ්ඤො - එවංවිහාරී - එවංවිමුත්තො භගවා ඉති පී ති?
Sinhala BJTශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භගවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේ යැයි ද, භගවත් තෙමේ මෙබඳු දහම් ඇත්තේ ය යි, මෙබඳු ප්‍රඥා ඇත්තේ යැ යි, මෙබඳු විහරණ ඇත්තේ යැ යි, මෙබඳු විමුක්ති ඇත්තේ යැ යි ද කියා මා සිත තොප සිතින් පිරිසිඳ, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් තොප විසින් දන්නා ලදුයෙම් දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය එසේ නො ම දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
Pali BJTඑත්ථ හි{2} තෙ සාරිපුත්ත, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං{3} නත්ථි. අථ කිඤ්චරහි තෙ අයං සාරිපුත්ත, උළාරා ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො: ‘එවං පසන්නො අහං භන්තෙ, භගවති න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා{4} භිය්යො’භිඤ්ඤතරො යදිදං සම්බොධියන්ති?”
Sinhala BJTශාරිපුත්‍රයෙනි, මෙ කරුණෙහි ලා තොපට අයුඅනාවත්මන් යන තෙකලට අයත් වූ රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි චේතස්පර්‍ය්‍යායඥානයෙක් නැත. ශාරීපුත්‍රයෙනි, එසේ කලැ තොප විසින් “වහන්ස, සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතු කල්හිත් නො වන්නේ ය, දැනුදු නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ මම් ප්‍රසන්නයෙමි” යි මේ මහත් අභීත වචනය කවර කරුණෙකින් කියන ලද ද? ඒකාන්තය ගන්නා ලද ද? සිංහනාදය පවත්වන ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT18. න ඛො පනෙතං භන්තෙ, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං අත්ථි. අපි ච ඛො මෙ භන්තෙ ධම්මන්වයො විදිතො:
Sinhala BJT18. “වහන්ස, අයුඅනාවත්මන් යන තෙකලට අයත් රහත් සම්මා සම්බුදුවරුන් විෂයයෙහි චේතස්පර්‍ය්‍යාය ඥානයෙක් මට නැත. එතෙකුදු වුවත් ධර්‍මාන්‍වයය (සර්‍වඥතාඥානදිධර්‍ම පිළිබඳ අනුබෝධ ඥානය) මා විසින් ලබන ලද්දේ ය.
Pali BJTසෙය්යථාපි භන්තෙ, රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං{5} දළ්හපාකාරතොරණං එකද්වාරං, තත්රස්ස දොවාරිකො පණ්ඩිතො බ්යත්තො මෙධාවී අඤ්ඤාතානං{6} නිවාරෙතා ඤාතානං පවෙසෙතා. සො තස්ස __නගරස්ස__ සාමන්තා{7} අනුපරියායපථං{8} අනුක්කමමානො න පස්සෙය්ය පාකාරසන්ධිං වා පාකාරවිවරං වා අන්තමසො බිළාරනිස්සක්කනමත්තම්පි,{9} තස්ස එවමස්ස: යෙ කෙචි ඔළාරිකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වා සබ්බෙ තෙ ඉමිනා’ව ද්වාරෙන පවිසන්ති වා නික්ඛමන්ති වා’ති, එවමෙව ඛො මෙ භන්තෙ, ධම්මන්වයො විදිතො: යෙ තෙ භන්තෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතුසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣඞ්ගෙ{10} යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිංසු, යෙපි තෙ භන්තෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධො, සබ්බෙ තෙ භගවන්තො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සන්ති, භගවා’පි භන්තෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො, සත්තසම්බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති,
Sinhala BJTවහන්ස, යම්සේ තර වූ පවුරුපා ඇති, දැඩි වූ පවුරු හා තොරණ ඇති, එක් ම දොරක් ඇති පසල් නුවරෙක් වේ ද, පණ්ඩිත වූ කීමෙහි බිණීමෙහි හුරුබුහුටි වූ, තැනට නිසි නුවණ ඇති, තමා නො දන්නවුන් නුවරට එනු නොදී වළක්වාලන, දන්නවුන් නුවරට පිවිස්වන දොරොටුපල්ලෙක් වන්නේ ද, හෙතෙම නුවර පවුරුමගැ හැවිදුනේ, යටත් පිරිසෙයින් බළලකුට නික්මිය හැකි තරම් වූ ප්‍රාකාරසන්‍ධියක් (ගඩොල් බැම්ම ඇද හැලුණු තැනක්) හෝ පවුරැ සිදුරු වූ තැනක් හෝ නො දක්නේ ද, ඔහුට ‘යම් මහත් සිරුර ඇති සත්ත්‍ව කෙනෙක් මෙ නුවර වදිත් හෝ මෙයින් නික්මෙත් හෝ ඒ සියල්ලෝ ම මේ මහ වහසල්දොරින් ම පිවිසෙන්නාහු හෝ නික්මෙන්නාහු හෝ වෙති’ යි මෙසේ සිතෙක් වන්නේ ද, වහන්ස, එ පරිද්දෙන් ම ‘ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පස් වීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති ව, සත් සම්බෝධ්‍යඞ්ගයන් තත් වූ පරිදි බවා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කළහ. වහන්ස, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැත්තාහු, සත් සම්බොදහ තත් වූ පරිදි වඩා, නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කරන්නාහ. වහන්ස, මෙ සමයෙහි රහත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැති සේක්, තත් වූ පරිදි සත් සම්බොදඟ වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධි ගතකළ සේකැ යි මා විසින් ධර්‍මානුබෝධය ලබන ලද්දේ යැ” යි සැරියුත් තෙරණුවෝ කීහ.
Pali BJT19. තත්රපි සුදං භගවා නාලන්දායං විහරන්තො පාවාරිකම්බවනෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො: සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති,
Sinhala BJT19. එසමයෙහි ද භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.
Pali BJT20. අථ ඛො භගවා නාලන්දායං යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන පාටලිගාමො තෙනුපසඞ්කමිස්සාමාති. ‘එවං භන්තෙති’ ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාටලිගාමො තදවසරි. අස්සොසුං ඛො පාටලිගාමියා උපාසකා ‘භගවා කිර පාටලිගාමං අනුප්පත්තො ති, අථ ඛො පාටලිගාමියා උපාසකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං: අධිවාසෙතු නො භන්තෙ, භගවා ආවසථාගාරන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන,
Sinhala BJT20. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරෙහි කැමැති තෙක් කල් වැස අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, එවු, පළොල්ගමට (පාටලිග්‍රාමයට) යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා පළොල්ගමට වැඩි සේක. පළොල්ගම් වැසි උවසුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ පළොල්ගම් වැඩි සේක් ල’ යි ඇසූහ. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක උන්නාවූ පළොල්ගැමි උවසුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසා වදාරන සේක් වා’ යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.
Pali BJT21. අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං: සබ්බසත්ථරිසන්ථතං{1} භන්තෙ ආවසථාගාරං, ආසනානි පඤ්ඤත්තානි, උදකමණිකො පතිට්ඨාපිතො, තෙලප්පදීපො ආරොපිතො. යස්ස’දානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතී ති.
Sinhala BJT21. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ගොස් ආවාස ගෙය හැම බුමුතුරුණු අතුරා, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ පළොල්ගැමි උවසුවෝ “වහන්ස, ආවාසගෙය හැම බුමුතුරුණින් වසන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. දියසැළෙක් තබන ලද්දේ ය. තෙල් පහනෙක් නැංවිණ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට බලාපොරොත්තු සේක් ද, එයට කල් වේ” යැ යි මෙ බස් කීහ.
Pali BJT22. අථ ඛො භගවා සායණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තං යෙව පුරක්ඛත්වා.{2} පාටලිගාමියා පි ඛො උපාසකා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තං යෙව පුරක්ඛත්වා{2}.
Sinhala BJT22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි හැඳ පෙරෙවැ පා සිවුර ගෙන බික්සඟුන් හා අවාස ගෙය කරා වැඩි සේක. වැඩ, පා දෙවැ ආවාස ගෙට පිවිසැ මැදුම් ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් බිත නිසා පෙරදිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පළොල්ගැමි උවසුවෝ ද පා දෙවැ ආවාස ගෙට වැද පෙර දිගැ බිත නිසා පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ.
Pali BJT[පාටලියාගාමියානං උපාසකානං ඔවාදො:]
Sinhala BJT[පළොල්ගම උවසුන්ට අවවාද:]
Pali BJT23. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ ආමන්තෙසි. පඤ්චිමෙ ගහපතයො, ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමෙ පඤ්ච:
Sinhala BJT23. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවන් අමතා මෙසේ වදාළ සේක: ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්හි මේ දොස් පසෙක. කවර පසෙක් ද?
Pali BJTඉධ ගහපතයො, දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡතී. අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලං විපත්තියා.
Sinhala BJTගැහැවියෙනි, මෙහි සිල්විපන් දුසිල් තෙමේ පමා කරුණෙන් මහත් භෝගහානියට (භෝගයෙන් පිරිහීමට) යෙයි. මේ දුසිල්හු සිල්විපතැ පළමු දොස වෙයි.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතවද, ගැහැවියනි, සිල්විපන් දුසිල්හට ලාමක කිත්හඬෙක් (අපවාද කථාවෙක්) උස් වැ නැඟෙයි. මේ දුසිල්හු සිල්විපතැ දෙවෙනි දොස වෙයි.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො. අයං තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියනි, සිල්විපන් දුසිල් තෙම කැත්පිරිස කරා හෝ බමුණු පිරිස කරා හෝ ගැහැවිපිරිස කරා හෝ මහණපිරිස කරා හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ නම්, බිය සැක ඇත්තේ, තෙද නැත්තේ එළැඹෙයි. මේ දුසිල්හු සිල් විපත්හි තෙවැනි දොස ය.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හු සිල්විපත්හි සිවුවන දොස ය.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම කා බුන් මරණින් මතු සුවයෙන් පහ වූ, දුකට කරුණු වූ, විවසවැ පතිත වන තැන වූ නිරයට උත්පත්ති විසින් පැමිණෙයි. මේ දුසිල්හු සිල්විපතැ පස්වන දොස වෙයි.
Pali BJTඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTගැහැවියනි, දුසිල්හු සිල්විපත්හි මේ දොස් පස වෙයි.
Pali BJT24. පඤ්චිමෙ ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පඤ්ච?
Sinhala BJT24. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සම්පත්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද?
Pali BJTඉධ ගහපතයො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTගැහැවියෙනි, මෙහි සිල්සපන් සිල්වත් තෙම නොපමා කරුණින් භෝග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පළමු අනුහස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද, ගැහැවියනි, සිල්සපන් සිල්වත්හු පිළිබඳ කලණ කිත්හඬෙක් උස් වැ නැඟෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි දෙවෙනි අනුහස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නා යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කැත්පිරිසක් හෝ බමුණුපිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ මහණපිරිසක් හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ ද, නොබිය වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි තෙවෙනි අනුහස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ සිහි මුළා නොවී කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි සිවුවන අනුහස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති සග ලොවට යෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පස්වැනි අනුහස යි.
Pali BJT“ඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදායා”ති.
Sinhala BJTගැහැවියනි, සිල්වත්හුගේ සිල්සපුයෙහි මේ අනුසස් පස ය.
Pali BJT25. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි “අභික්කන්තා ඛො ගහපතයො රත්ති, යස්ස’දානි තුම්හෙ කාලං මඤ්ඤථා”ති. ‘එවං භන්තෙ’ති ඛො පාටලිගාමියා උපාසකා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තෙසු පාටලිගාමියෙසු උපාසකෙසු සුඤ්ඤාගාරං පාවිසි.
Sinhala BJT25. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවනට රෑ බොහෝ වේලාවක් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත සතුටු කොට, “ගැහැවියෙනි, රැය බොහෝ ඉක්මිණ. යම් ගමනක් යෑ යුතු නම් එයට කල් දනිවු” යි නික්ම යෑමට උද්‍යෝගවත් කළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ඒ පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී ඔබ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුන් නික්මුණු නොබෝ කල්හි ශුන්‍යාගාරයට පිවිසි සේක.
Pali BJT[පාටලීනගරමාපනං]
Sinhala BJT[පාටලීනගරය මැවීම]
Pali BJT26. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා{1} මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. තෙන ඛො පන සමයෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්ති. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං.
Sinhala BJT26. එ සමයෙහි මගද මහමැති සුනීධ වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනු පිණිස (වැදෑ රජුන්ගේ) ආයමුඛ (අය ලැබෙන දොරටු පසිඳින පිණිස) පළොල්ගමැ නුවරක් කෙරෙති. එකලැ දහස දහස (වර්‍ග වශයෙන්) දේවතාවෝ පළොල්ගමැ ගෙවතු තම තමනට වෙන් කොට ගනිත්. යම් පෙදෙසෙක මහ තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් කරන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට මැදුම් රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට හීන තෙද ඇති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ.
Pali BJT27. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තා දෙවතායෙ සහස්සසහස්සෙව{2} පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: කොනු ඛො{3} ආනන්ද, පාටලිගාමෙ නගරං මාපෙන්තී?ති{4} “සුනීධවස්සකාරා භන්තෙ, මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා”ති.
Sinhala BJT27. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා දහස් දහස් ගණන් දේවතාවන් දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයමැ නැගී සිට අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, කවරහු පළොල්ගමැ නුවරක් කෙරෙද් දැ?” යි අසා වදාළ සේක. “වහන්ස, මගද මහමැති සුනීධ - වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනුවට පළොල්ගමැ නුවරක් මවති” යි අනඳ තෙරණුවෝ සැළ කළහ.
Pali BJT28. සෙය්යථාපි ආනන්ද, දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා එවමෙව ඛො ආනන්ද, සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. ඉධාහං ආනන්ද, අද්දසං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිගණ්හන්තියො. යස්මිං ආනන්ද, පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යාවතා ආනන්ද, අරියං ආයතනං යාවතා වණිප්පථො{1} ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභෙදනං. පාටලිපුත්තස්ස ඛො ආනන්ද, තයො අන්තරායා භවිස්සන්ති: අග්ගිතො වා උදකතො වා මිථුභෙදා වාති.
Sinhala BJT28. “අනඳයෙනි, තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට මවන්නාක් මෙන් මගදමහමැති සුනීධ - වස්සකාර දෙ බමුණෝ වැදෑවන් පිළිබහනුවට (වැදෑරජුන්ගේ අයමුඛ වසනු සඳහා) පළොල්ගමැ නුවරක් මවත්. අනඳයෙනි, මෙහි මම් මිනිසැස් ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා බොහෝ දහස් දහස් ගණන් දේවතාවන් දිටිමි. යම් පෙදෙසෙකැ මහ තෙදැති දේවතාවෝ ගෙවතු අරක්ගනිත් ද, එහි නිවෙස් මවන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට මැදුම් තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට හීන තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. ආර්‍ය්‍යන්ගේ ආයතනය (රැස්වෙන තැන) යම්තාක් ද, වණික්පථය (ගනුදෙනු කරන වෙළෙඳුන් වසන තැන) යම්තාක් ද ඔවුනතුරෙන් මේ පැළලුප් නුවර (නොයෙක් රටින් ගෙනෙන වෙළෙඳ) බඩුපොදි ලිහා තබන අග්‍ර නගරය වන්නේ ය. අනඳයෙනි, මේ පැළලුප්නුවරට ගින්නෙන් හෝ, දියෙන් හෝ, අන්‍යෝන්‍යය භේදයෙන් හෝ (තුන් පරිද්දෙකින්) අන්තරාය තුනෙක් වන්නේ යැ” යි වදාළ සේක.
Pali BJT29. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං එතදවොචුං: “අධිවාසෙතු නො භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT29. එ කලැ මගදමහමැති සුනීධ - වස්සකාර දෙබමුණෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවියැ යුතු කථා අවසන් කොට එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන “භවද් ගෞතමයෝ බික්සඟුන් හා අපගේ බත අදට ඉවසත්ව” යි මෙබස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසා වදාළ සේක.
Pali BJT30. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවතො අධිවාසනං විදිත්වා යෙන සකො ආවසථො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සකෙ ආවසථෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසුං. ‘කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති’.
Sinhala BJT30. ඉක්බිත්තෙන් මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන සිය ආවාස ගෙය කරා ගියහ. ගොස් සිය ආවාසයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා ‘භවද් ගෞතමයිනි, දැන් කල් වෙයි. බත පිළියෙල කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවූහ.
Pali BJT31. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සුනීධවස්සකාරානං මගධමහාමත්තානං ආවසථො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං.
Sinhala BJT31. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟුන් කැටුව මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාගේ ආවාස ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන සියතින් ම ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් බුදුපාමොක් බික්සඟුන් සැතැප්වූහ, පෙරැත්ත කොට වැළැඳැවූහ.
Pali BJT32. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT32. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන වැළැඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හුන්හ. එක් පසෙක හුන්නාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා වශයෙන් දහම් දෙසූසේක:
Pali BJTයස්මිං පදෙසෙ කප්පෙති වාසං පණ්ඩිතජාතියො,{1} සීලවන්තෙත්ථ භොජෙත්වා සඤ්ඤතෙ බ්රහ්මචාරයො,{2} යා තත්ථ දෙවතා ආසුං{3} තාසං දක්ඛිණමාදිසෙ. තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නං, තතො නං අනුකම්පන්ති{4} මාතා පුත්තං’ව ඔරසං දෙවතානුකම්පිතො පොසො සදා භද්රානි පස්සතී’ති.
Sinhala BJTපණ්ඩිත ස්වභාව ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, එ තන්හිදී සංයත වූ බඹසර රක්නා සිල්වතුන් වළඳවා, එහි යම් දේවතා කෙනෙක් වූවාහු නම්, ඔවුනට ඒ දානමය පින පමුණුවන්නේ ය. මෙසේ පින්දීමෙන් පුදන ලද ඒ දේවතාවෝ ඒ පින් දුන්නාහු (ආරක්‍ෂා කිරීම් වශයෙන්) පුදත්. කලින් කලැ බිලියම් කිරීම් වශයෙන් මානිත වූ ඒ දේවතාවෝ (ඔහුගේ උවදුරු දුරු කිරීම් වශයෙන්) ඔහුට බුහුමන් කෙරෙත්. ඒ පින් අනුමෝදන් වීමෙන්, මවක් තම කුසින් උපන් දරුවකුට සෙයින් ඔහුට අනුකම්පා කෙරෙත්. මෙසේ දේවතාවන් විසින් අනුකම්පා කරන ලද පුරුෂ තෙම හැම කල්හි යහපත ම දකී.
Pali BJTඅථ ඛො භගවා සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී වැඩි සේක.
Pali BJT33. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා හොන්ති. ‘යෙනජ්ජ සමණො ගොතමො ද්වාරෙන නික්ඛමිස්සති, තං ගොතමද්වාරං නාම භවිස්සති. යෙන තිත්ථෙන ගඞ්ගං නදිං{5} තරිස්සති, තං ගොතමතිත්ථං නාම භවිස්සතී’ති.
Sinhala BJT33. එ කල්හි මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනා ‘ශ්‍රමණ ගෞතමයෝ යම් දොරෙකින් අද නික්මෙන්නාහු නම්, එය ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගෞතමතීර්‍ත්‍ථ නම් වන්නේ යැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියාහු වෙති.
Pali BJTඅථ ඛො භගවා යෙන ද්වාරෙන නික්ඛමි, තං ගොතමද්වාරං නාම අහොසි.{*} අථ ඛො භගවා යෙන ගඞ්ගා නදී තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ගඞ්ගා නදී පූරා හොති සමාතිත්තිකා කාකපෙය්යා. අප්පෙකච්චෙ මනුස්සා නාවං පරියෙසන්ති, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්ති, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්ති ඔරා පාරං{6} ගන්තුකාමා. අථ ඛො භගවා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{7} වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය,{8} එවමෙව ගඞ්ගාය නදියා ඔරිමතීරෙ අන්තරහිතො පාරිමතීරෙ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසඞ්ඝෙන.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ ගෞතමද්වාර නම් විය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගංගානදිය වෙත වැඩි සේක. එ සමයෙහි ගංගානදිය දෙගොඩ තළා ගළනුයේ, කවුඩන් විසින් සුවසේ පිය හැකි සේ පිරුණේ විය. මෙතෙරින් එතෙර යනු රිසි ඇතැම් මිනිස්සු නැව් සොයත්. ඇතැම් කෙනෙක් පසුරු සොයත්. ඇතැම් කෙනෙක් පසුරු බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කාබලැතියක්හු යම්සේ වක් කළ අත දික් කරන්නේ ද, දික් කළ අත හෝ වක් කරන්නේ ද, එසේ ම ගංගානදියේ මෙ තෙරැදී බික්සඟන හා අතුරුදහන් වූ සේක් එතෙරැ වැඩ සිටි සේක.
Pali BJTඅද්දසා ඛො භගවා තෙ මනුස්සෙ අප්පෙකච්චෙ නාවං පරියෙසන්තෙ අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්තෙ, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්තෙ ඔරා පාරං ගන්තුකාමෙ. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙර යනු කැමැති වූ ඇතැම් මිනිසුන් නැව් සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු බඳනාවුන් ද දුටු සේක් ම ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මෙ උදන් ඇනූ සේක:
Pali BJT“යෙ තරන්ති අණ්ණවං සරං සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි, කුල්ලං හි ජනො පබන්ධති{9} තිණ්ණා මෙධාවිනො ජනා’ති.”
Sinhala BJT“යම් කෙනෙක් ගැඹුරු වූ පුළුල් වූ තෘෂ්ණානදිය තරිත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ග නැමැති හෙය කොට දිය කඩිති නො ඇක්ම එ තෙර (නිවන කරා) යෙත්. එහෙත් මේ කුඩා නදියක් තරනුවට මේ ජන තෙම පසුරක් බඳී. ඒසා තෘෂ්ණා මහා නදිය තිණූ ප්‍රඥා ඇති ජනයෝ මේ සුළු නදිය සැණින් තැරූහ.”
Pali BJTපඨමභාණවාරං.
Sinhala BJTපළමු බණවර නිමියේ ය.
Pali BJT[අරියසච්ච පටිවෙධකථා]
Sinhala BJT[ආර්‍ය්‍යසත්‍ය ප්‍රතිවේධ කථා]
Pali BJT34. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ආයාමානන්ද, යෙන කොටිගාමො තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති. ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කොටිගාමො තදවසරි. තත්ර සුදං භගවා කොටිගාමෙ විහරති. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT34. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, එවු, කොටිග්‍රාමයට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා කෝටිග්‍රාමය කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කෝටිග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක:
Pali BJTචතුන්නං භික්ඛවෙ, අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං:
Sinhala BJTමහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් අනුබෝධ නො කළ හෙයින්, ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. කවර සතර සත්‍යයන් ද? යත්:
Pali BJTදුක්ඛස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛසමුදයස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛනිරොධස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.
Sinhala BJT“මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය.
Pali BJTතයිදං භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං දුක්ඛසමුදයො{1} අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරොධො{2} අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවො’ති.
Sinhala BJTමහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. භවතෘෂ්ණාව මුල් සිඳින ලදි. භවනේත්‍රිය (සතුන් භවයට පමුණුවන තෘෂ්ණා රැහැන) ක්‍ෂීණ විය. දැන් යලි භවෝත්පත්තියෙක් නැත.”
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශෝභන ගති ඇති ශාස්තෘන් වහන්සේ මෙය වදාරා එයින් මත්තෙහි (ගාථාබන්‍ධන වශයෙනුදු) මෙය වදාළ සේක:
Pali BJTචතුන්නං අරියසච්චානං යථාභූතං අදස්සනා සංසිතං{3} දීඝමද්ධානං තාසු තාස්වෙව{4} ජාතිසු තානි එතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා, උච්ඡින්නං මූලං දුක්ඛස්ස නත්ථිදානි පුනබ්භවො’ති.
Sinhala BJT“සතර සත්‍යයන් තත් වූ පරිදි නොදැක්මෙන් ඒ ඒ ජාතීන්හි දික් කලක් ම හැසිරීම විය. දැන් සතර සත්‍යයෝ දක්නා ලදුහ. භවනියන්ත්‍රිය (තෘෂ්ණාව) වැනැසිණ. දුක්මුල සිඳිණ. දැන් මෙයින් මතු භවයෙක් නැත”.
Pali BJT35. තත්රපි සුදං භගවා කොටිගාමෙ විහරන්තො එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.{5}
Sinhala BJT35. භාග්‍යවතුන් වහන්සේ එහි ද කෝටිග්‍රාමයෙහි වැඩවසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වෙයි. සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත්පල මහත් අනුසස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත මොනොවට කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැයි බොහෝ සේ මේ දැහැමි කතාව ම වදාරන සේක.
Pali BJTධම්මාදාස ධම්මපරියායො
Sinhala BJTධර්‍මාදර්‍ශ ධර්‍මපර්‍ය්‍යාය
Pali BJT36. අථ ඛො භගවා කොටිගාමෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි “ආයාමානන්ද, යෙන නාදිකා{1} තෙනුපසඞ්කමිස්සාමා”ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නාදිකා තදවසරි. තත්රපි සුදං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJT36. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එවු, නාදිකා ගමට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා නාදිකා ගමට වැඩි සේක. වැඩ එහි නාදිකා ගමැ ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක. එකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ ඔබ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසූහ:
Pali BJTසාළ්හො නාම භන්තෙ, භික්ඛු නාදිකෙ කාලකතො.{2} තස්ස කා ගති, කො අභිසම්පරායො? නන්දා නාම භන්තෙ, භික්ඛුනී නාදිකෙ කාලකතා. තස්සා කා ගති, කො අභිසම්පරායො? සුදත්තො නාම භන්තෙ, උපාසකො නාදිකෙ කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? සුජාතා නාම භන්තෙ, උපාසිකා නාදිකෙ කාලකතා. තස්සා කා ගති, කො අභිසම්පරායො? කකුධො{3}නාම භන්තෙ, උපාසකො නාදිකෙ කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? කාලිඞ්ගො{4} නාම භන්තෙ, උපාසකො -පෙ- නිකටො නාම භන්තෙ, උපාසකො -පෙ- කටිස්සහො නාම භන්තෙ, උපාසකො -පෙ- තුට්ඨො නාම භන්තෙ, උපාසකො -පෙ- සන්තුට්ඨො නාම භන්තෙ, උපාසකො -පෙ- භද්දො නාම භන්තෙ, උපාසකො -පෙ- සුභද්දො නාම භන්තෙ, උපාසකො නාදිකෙ කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො?ති.
Sinhala BJTවහන්ස, නාදිකායෙහි සාළ්හ නම් භික්‍ෂු කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නන්‍දා නම් මෙහෙණ නාදිකා ගමැ කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කරව යැ? වහන්ස, සුදත්ත නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, සුජාතා නම් උවැසි නාදිකායෙහි කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කකුධ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කාලිංග නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නිකට නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කටිස්සහ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, තුට්ඨ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය ... සන්තුට්ඨ නම උවසු ... භද්‍ර නම් උවසු … සුභද්‍ර නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ?”.
Pali BJT37. සාළ්හො ආනන්ද, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. නන්දා ආනන්ද, භික්ඛුනී පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මා ලොකා. සුදත්තො ආනන්ද, උපාසකො තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සති. සුජාතා ආනන්ද, උපාසිකා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.
Sinhala BJT37. “අනඳයෙනි, සාළ්හ මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධිය ද ඵලප්‍රඥාව ද මෙ අත්බවෙහි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා විසී ය. අනඳයෙනි, නන්‍දා මෙහෙණ ඕරම්භාගිය සඤ්ඤෝජන පස ක්‍ෂය කිරීමෙන් (ශුද්ධාවාසයෙහි) උපපාදුක වූවා, එහි පිරිනිවෙන්නී, එ බඹලොවින් පෙරළා මෙහි නොඑන ස්වභාවය ඇත්තී ය. අනඳයෙනි, සුදත්ත උවසු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූ බැවින් සකෘදාගාමී වූයේ, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. අනඳයෙනි, සුජාතා උවැසි තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවා, අවාදුකට නො වැටෙන සුලු වූවා, ධර්‍මනියමයෙන් රහත්බව් ලබනුවට නියත වූවා, සම්බෝධිපරායණ (ඉහළ තුන් මගට අවශ්‍යයෙන් ම පැමිණිය යුතු) වූවා ය.
Pali BJTකකුධො නාම ආනන්ද, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. කාලිඞ්ගො ආනන්ද, උපාසකො -පෙ- නිකටො ආනන්ද, උපාසකො -පෙ- කටිස්සහො ආනන්ද, උපාසකො -පෙ- තුට්ඨො ආනන්ද, උපාසකො -පෙ- සන්තුට්ඨො ආනන්ද, උපාසකො -පෙ- භද්දො ආනන්ද, උපාසකො -පෙ- සුභද්දො ආනන්ද, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTඅනඳයෙනි, කකුධ නම් උවසු ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහිදී පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන ස්වභාවය ඇත්තේ ය. අනඳයෙනි, කාලිංග උවසු තෙම ... නිකට උවසු තෙම ... කටිස්සහ උවසු තෙම ... තුට්ඨ උවසු තෙම ... සන්තුට්ඨ උවසු තෙම ... භද්‍ර උවසු තෙම ... සුභද්‍ර උවසු තෙම ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහි පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙයි.
Pali BJTපරොපඤ්ඤාසං ආනන්ද, නාදිකෙ උපාසකා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා.
Sinhala BJTඅනඳයෙනි, නාදිකායෙහි පනසකට වැඩි දෙනෙක් උවසුවෝ කලුරිය කළාහු, ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූවාහු, එහි පිරිනිවෙන සුලු වූවාහු, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙත්.
Pali BJTසාධිකා නවුති ආනන්ද, නාදිකෙ උපාසකා කාලකතා තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති.
Sinhala BJTඅනඳයෙනි, වැඩියක් සහිත අනූ දෙනෙක් නාදිකායෙහි කලුරිය කළාහු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාගද්වේශමෝහයන් තුනී බැවින් සකෘදාගාමී වූවාහු, එක් වරක් ම උත්පත්ති වශයෙන් මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.
Pali BJTසාතිරෙකානි ආනන්ද, පඤ්ච සතානි නාදිකෙ උපාසකා කාලකතා, තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.
Sinhala BJTඅනඳයෙනි, වැඩියක් සහිත පන්සියක් නාදිකායෙහි උවසුවෝ කලුරිය කළාහු, තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු, අවාහි නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, සම්බෝධිපරායණ (ඉහළ තුන් මඟට අවශ්‍යයෙන් පැමිණිය යුතු) වූහ.
Pali BJT38. අනච්ඡරියං ඛො පනෙතං ආනන්ද, යං මනුස්සභූතො කාලංකරෙය්ය. තස්මිඤ්චෙ කාලකතෙ තථාගතං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡිස්සථ, විහෙසා චෙසා ආනන්ද, තථාගතස්ස. තස්මාතිහානන්ද, ධම්මාදාසං නාම ධම්මපරියායං දෙසෙස්සාමි යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනා’ව අත්තානං බ්යාකරෙය්ය: ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො’හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.
Sinhala BJT38. අනඳයෙනි, විස්මය ජනක ය! යම් හෙයකින් මිනිස් වූයෙක් කලුරිය කරන්නේ නම්, ඉදින් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි තථාගතයන් කරා එළැඹ මෙ කරුණ විචාරන්නාහු නම්, ඒ (හැම එකක්හුගේම පරලොව ගතිය කීම) තථාගතයන්ගේ කයට වෙහෙසෙක් ම ය. අනඳයෙනි, එහෙයින් යමෙකින් සමන්‍විත ආර්‍ය්‍යශ්‍රාවක කැමැත්තේ ‘ක්‍ෂය කළ නිරය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ තිරිසන් යොන් ඇත්තෙමි’ යි ‘ක්‍ෂය කළ ප්‍රේතවිෂය ය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාතයන් ඇත්තෙමි’ යි, ‘මම් අවාහි නොවැටෙන සුලු, නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා ප්‍රකාශ කළ හැකි වන්නේ ද, එසේ වූ ධර්‍මාදර්‍ශ නම් ධර්‍මක්‍රමය දෙසන්නෙමි.
Pali BJTකතමො ච සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනා’ව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො’හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති:
Sinhala BJTඅනඳයෙනි, යමෙකින් සමන්‍විත අරි සවු තෙම කැමැත්තේ ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චීනයෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙමි, අවිනිපාත ස්වභාවය ඇති, නියත වූ, සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා පැවැසි යැ හැකි වන්නේ නම්, ඒ ධර්‍මාදර්‍ශ ධර්‍මපර්‍ය්‍යාය කවරේ ද:
Pali BJTඉධානන්ද, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති.
Sinhala BJTඅනඳයෙනි, මෙහි අරි සවු තෙම “ඒ භාග්‍යවත් තෙම මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගතය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ”යි බුදුන් කෙරෙහි ගුණ පැහැදීමෙන් සමන්‍විත වෙයි.
Pali BJTධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා කොට කියන ලද. තමන් විසින් ම දැක්ක යුතු ය. ඵල දෙනුවට කාලාන්තරයක් ඇති නො වේ. ‘එව, බලව’ යි කීමට නිසි ය. භාවනා වසයෙන් තමසිත්හි එළවනුවට සුදුසු ය. විඥයන් විසින් තමතමා කෙරෙහි දැක්ක යුතු යැ” යි ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
Pali BJTසඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා. එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො, පාහුනෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සුපිළිපන් ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම ඍජු ව පිළිපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම න්‍යායප්‍රතිපන්න ය (නිවන් පිණිස පිළිපන්නේ ය). භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සාමීචිප්‍රතිපන්න ය. යම් මේ ප්‍රථම මාර්‍ගස්ථ, ප්‍රථම ඵලස්ථ ආදි විසින් පුරුෂයුග සතර දෙනෙක් ඇද්ද, මේ නියායෙන් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසංඝ තෙම දුරැ සිට ද ගෙනවුත් සිල්වත්නට පිරිනැමියැ යුතු සිවුපස පිළිගනුවට සුදුසු ය. අමුත්තනට පිළියෙල කළ දානය පිළිගන්නට සුදුසු ය. පරලොව සුව පතා දෙන දන් පිළිගන්නට සුදුසු ය. දෝත් මුදුන් තබා වැන්ද යුත්තේ ය. ලොව නිරුත්තර වූ පින්කෙත යැ” යි. සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
Pali BJTඅරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.
Sinhala BJTකඩ නොවූ, සිදුරු නො වූ (තැනින් තැන සිකපද බිඳීමෙන්) සඛල නො වූ, කැලැල් රහිත වූ, නිදහස් වූ (තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු), නුවණැතියන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදෘෂ්ටි දෙකින් අපරාමෘෂ්ට වූ, උපචාර අර්‍පණා මාර්‍ග ඵල සමාපත්ති පිණිස පවත්නා වූ ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්‍විත වෙයි.
Pali BJTඅයං ඛො සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනා’ව අත්තානං බ්යාකරෙය්ය ‘ඛීණනිරයො’ම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.
Sinhala BJTඅනඳයෙනි, යමෙකින් සමන්‍විත අරි සවු තෙම කැමැත්තේ, ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චීන යෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙමි. අවිනිපාත ස්වාභාවය ඇති, නියත වූ සම්බෝධිපරායණ වූ, සෝවාන් පුඟුලෙකිමි’ යි තෙමේ ම තමා පවසනු හැක්කේ නම්, මේ ඒ ධර්‍මාදර්‍ශ ධර්‍මපර්‍ය්‍යාය වේ.
Pali BJT39. තත්ර පි සුදං භගවා නාදිකෙ විහරන්තො ගිඤ්ජකාවසථෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති: “ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්යථිදං: කාමාසවා භවාසවා අවිජ්ජාසවා”ති.
Sinhala BJT39. භාග්‍යවතුන් වහන්සේ එහි ද නාදිකා ගමෙහි ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් ඵල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ යැ” යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.
Pali BJT[අම්බපාලිවනෙ සතිපට්ඨාන දෙසනා]
Sinhala BJT[අම්බපාලිවනයෙහි සීවටන් දෙසීම]