Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT31. “තත්රානන්ද, යො සො අරූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති, එතරහි වා සො අරූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො අරූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හොති. එවං සන්තං ඛො ආනන්ද, අරූපිං පරිත්තත්තානුදිට්ඨි නානුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT31. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ සූක්‍ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ අරූපී වූ සූක්‍ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අරූපී සූක්‍ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය නො ම හෝනේ යැ යි කියනු සුදුසු ය.”
Pali BJT32. “තත්රානන්ද, යො සො අරූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති, එතරහි වා සො අරූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො අරූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හොති. එවං සන්තං ඛො ආනන්ද, අරූපිං අනන්තත්තානුදිට්ඨි නානුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT32. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ අරූපී අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අරූපී අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන ආත්මයක් හෝ විද්‍යාමානත්‍වයෙන් සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි ආනන්තාත්මානුදෘෂ්ටිය නො හෝනේ යැ යි කියනු සුදුසු ය.”
Pali BJTඑත්තාවතා ඛො ආනන්ද, අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති.
Sinhala BJTආනන්‍දය, මෙතෙකින් ම ආත්මය නො පණවන්නේ නො පණවයි.
Pali BJT33. “කිත්තාවතා ච ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති;
Sinhala BJT33. “ආනන්‍දය, කොතෙකින් (දිට්ඨිසමනුපස්සනායෙන්) ආත්මයක් දක්නේ දකී ද යත්:
Pali BJTවෙදනං වා හි ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති: ‘වෙදනා මෙ අත්තා’ති. ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනො මෙ අත්තා’ති ඉති වා හි ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති. ‘න හෙව ඛො මෙ වෙදනා අත්තා, නොපි අප්පටිසංවෙදනො මෙ අත්තා, අත්තා මෙ වෙදයති වෙදනාධම්මො හි මෙ අත්තා’ති ඉති වා හි ආනන්ද, අත්තානං සමනුපස්සමානො සමනුපස්සති.
Sinhala BJTආනන්‍දය, වේදනාව ආත්ම යැ යි දක්නේ ‘වේදනාව මාගේ ආත්මය වේ’ යැ යි හෝ මෙසේ දකියි. ‘වේදනාව මගේ ආත්මය නො වේ’ මාගේ ආත්මය වේදනාරහිත යැ’ යි මෙසේ හෝ ආනන්‍දය, ආත්මයක් දක්නේ දකියි. ‘වේදනාව මගේ ආත්මය නො වේ ම ය, මගේ ආත්මය වේදනා රහිත ද නො වේ ම ය, ආත්මය විඳී, මගේ ආත්මය (වේදනාසම්ප්‍රයුක්ත බැවින්) විඳින ස්වභාව ඇත්තේ ම යැ’ යි මෙසේ හෝ ආනන්‍දය, ආත්මයක් දක්නේ දකී.
Pali BJT34. තත්රානන්ද, යො සො එවමාහ: ‘වෙදනා, මෙ අත්තා’ති, සො එවමස්ස වචනීයො: ‘තිස්සො ඛො ඉමා ආවුසො වෙදනා: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමාසං ඛො ත්වං තිස්සන්නං වෙදනානං කතමං අත්තතො සමනුපස්සසී’ති. යස්මිං ආනන්ද, සමයෙ සුඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති, න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති, සුඛං යෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. යස්මිං ආනන්ද, සමයෙ දුක්ඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති, දුක්ඛං යෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. යස්මිං ආනන්ද, සමයෙ අදුක්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක්ඛං වෙදනං වෙදෙති, අදුක්ඛමසුඛං යෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති.
Sinhala BJT34. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය යැ’ යි මෙසේ කියා ද, ‘ඇවැත්නි, සුඛවේදනා දුඃඛවේදනා, අදුඃඛාසුඛ වේදනා යි මේ වේදනා තුනෙකි. මේ තුන් වේදනාවන්ගෙන් තෝ කවර වේදනාවක් ආත්ම වශයෙන් දක්නෙහි දැ’ යි හෙ තෙම මෙසේ කිය යුතු (ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කටයුතු). ආනන්‍දය, යම් විටෙක (සත්‍ව තෙමේ) සුඛවේදනාව විඳී ද, එ සමයෙහි හේ දුඃඛවේදනාව නො ම විඳියි, අදුඃඛාසුඛවේදනාව ද නොම විඳියි, එසමයෙහි හේ සුඛ වේදනාව ම විඳියි. ආනන්‍දය, යම් විටෙක දුඃඛවේදනා විඳී ද, එ විටැ සුඛවේදනාව නොම විඳියි, අදුඃඛාසුඛවේදනාව ද නොම විඳියි, එසමයෙහි දුඃඛවේදනා ම විඳී. ආනන්‍දය, යම් විටෙක අදුඃඛාසුඛවේදනාව විඳී ද, එවිටැ සුඛවේදනාව නො ම විඳියි, දුඃඛවේදනාව ද නො ම විඳියි. අදුඃඛාසුඛවේදනාව ම එවිටැ විඳී.
Pali BJT35. “සුඛාපි ඛො ආනන්ද, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. දුක්ඛාපි ඛො ආනන්ද, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. අදුක්ඛමසුඛාපි ඛො ආනන්ද, වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා __නිරොධධම්මා__. තස්ස සුඛං වෙදනං වෙදයමානස්ස{1} ‘එසො මෙ අත්තා’ති හොති. තස්සා යෙව සුඛාය වෙදනාය නිරොධා ‘ව්යග්ගො මෙ අත්තා’ති හොති. දුක්ඛං වෙදනං වෙදයමානස්ස ‘එසො මෙ අත්තා’ති හොති. තස්සා යෙව දුක්ඛාය වෙදනාය නිරොධා ‘ව්යග්ගො මෙ අත්තා’ති හොති. අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානස්ස ‘එසො මෙ අත්තා’ති හොති. තස්සා යෙව අදුක්ඛමසුඛාය වෙදනාය නිරොධා ‘ව්යග්ගො මෙ අත්තා’ති හොති. ඉති සො දිට්ඨෙව ධම්මෙ අනිච්චං සුඛං දුක්ඛං වොකිණ්ණං{2} උප්පාදවයධම්මං අත්තානං සමනුපස්සමානො සමනුපස්සති. යො සො එවමාහ ‘වෙදනා මෙ අත්තා’ති. තස්මාතිහානන්ද, එතෙනපෙතං නක්ඛමති ‘වෙදනා මෙ අත්තා’ති සමනුපස්සිතුං.
Sinhala BJT35. “ආනන්‍දය, සුඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය (ප්‍රත්‍යයයන් විසින් සකස් වූයේ ය), ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්‍ෂයධර්‍මය (ක්‍ෂීණ වන සුලු ය), ව්‍යධර්‍මය, (වැනසෙන සුලු ය), විරාගධර්‍ම ය (පහ වන සුලු ය), නිරෝධධර්‍මය (නිරුද්ධවන සුලු ය). ආනන්‍දය, දුඃඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්‍ෂයධර්‍මය, ව්‍යධර්‍මය, විරාගධර්‍ම ය, නිරෝධධර්‍මය. ආනන්‍දය, අදුඃඛාසුඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්‍ෂයධර්‍මය, ව්‍යධර්‍මය, විරාගධර්‍ම ය, නිරෝධධර්‍මය. සුඛවේදනාව විඳුනා හට ‘මේ මගේ ආත්මය වේ’ යැ යි සිතෙක් වෙයි. ඒ සුඛවේදනාවගේ නිරෝධයෙන් ‘මේ මගේ ආත්මය ව්‍යග්‍ර වී (විසිර ගියේ යැ යි, පහ ව ගියේ යැ)’ යි සිතෙක් වෙයි. දුඃඛවේදනාව විඳුනාහට ‘මේ මගේ ආත්මය වේ ’ යැ යි සිතෙක් වෙයි. ඒ දුඃඛවේදනාවගේ ම නිරෝධයෙන් ‘මගේ ආත්මය ව්‍යග්‍ර වී’ යැ යි සිතෙක් වෙයි. අදුඃඛාසුඛවේදනාව විදුනාහට ‘මේ මගේ ආත්මය යැ’ යි සිතෙක් වෙයි. ඒ අදුඃඛාසුඛවේදනාව නිරුද්ධ වීමෙන් ‘මගේ ආත්මය ව්‍යග්‍ර වී යැ’ යි සිතෙක් වෙයි. මෙසේ හෙ තෙම මෙ අත්බව්හි ම ආත්මයක් දක්නේ අනිත්‍ය වූ සුඛ වූ දුක් වු අනිත්‍යාදි ලක්‍ෂණයන්ගෙන් මිශ්‍ර වූ (අදුඃඛාසුඛ වූ) උපදනසුලු නැසෙන සුලු රූපාදි ස්කන්‍ධයක් දකී. එහෙයින් ආනන්‍දය, ‘වේදනාව මගේ ආත්මයැ’ යි මෙය දක්නට මෙයිනුත් නො රිසියෙයි.
Pali BJT36. “තත්රානන්ද , යො සො එවමාහ ‘නහෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනො මෙ අත්තා’ති, සො එවමස්ස වචනීයො ‘යත්ථ පනාවුසො සබ්බසො වෙදයිතං නත්ථි, අපි නු ඛො තත්ථ අයමහමස්මී’ති{3} සියා?”ති.
Sinhala BJT36. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය නොවේ ම ය, මගේ ආත්මය ප්‍රතිසංවේදනා රහිත යැ’ යි මෙසේ කියා නම්, ‘ඇවැත්නි, යම් තැනෙක හැම අයුරින් ම විඳීමෙක් නැත් නම්, එහි මේ මම් වෙමි’ යි කියැ යුතු කිසි ස්කන්‍ධධර්‍මයෙක් වන්නේ දැ?’ යි හෙ තෙම කිය යුතු. (ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු).
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය (මම වෙමි යි ගත යුතු කිසි ස්කන්‍ධයෙක් එහි) නොවේ ම යැ” යි (අනඳතෙරණුවෝ වාදාළහ.)
Pali BJT“තස්මාතිහානන්ද, එතෙනපෙතං නක්ඛමති ‘නහෙව ඛො මෙ වෙදනා අත්තා, අප්පටිසංවෙදනො මෙ අත්තා’ති සමනුපස්සිතුං.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් ‘වේදනාව මගේ ආත්මය නොවේ ම ය, මගේ ආත්මය ප්‍රතිසංවේදනාරහිත යැ’යි මෙය දක්නට මෙයිනුත් නො රිසියෙ යි.”
Pali BJT37. තත්රානන්ද, යො සො එවමාහ ‘නහෙව ඛො මෙ වෙදනා අත්තා, නො’පි අප්පටිසංවෙදනො මෙ අත්තා, අත්තා මෙ වෙදෙති, වෙදනාධම්මො හි මෙ අත්තා’ති, සො එවමස්ස වචනීයො: ‘වෙදනා ච හි ආවුසො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසා නිරුජ්ඣෙය්යුං, සබ්බසො වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තත්ථ අයමහමස්මී’ති සියා?”ති.
Sinhala BJT37. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය නො වේ ම ය, මගේ ආත්මය වේදනාරහිතත් නො වේ ම ය, මගේ ආත්මය විඳියි, මගේ ආත්මය විඳින සුලු යැ’ යි යමෙක් මෙසේ කියා නම්, ‘ඇවැත්නි, වේදනාවෝත් හැම අයුරින් ම හැම සැටියෙන් ම නො ඉතිරි ව නිරුද්ධ වන්නාහු නම්, හැම අයුරින් ම වේදනාව නැති කල්හි, වේදනාවගේ නිරෝධයෙන් එහි ‘මේ මම් වෙමි’ යි කියා යුතු කිසිදු ස්කන්‍ධධර්‍මයෙක් වන්නේ දැ?යි මෙසේ හෙ තෙම කියැ යුතු (ඔහුගෙන් ප්‍රශ්න කළයුතු).
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, (‘මේ මම් වෙමි’යි කිය යුතු කිසිත් වන්නේ ය යන) මෙය නො වේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එතෙනපෙතං නක්ඛමති ‘නහෙව ඛො මෙ වෙදනා අත්තා, නො පි අප්පටිසංවෙදනො මෙ අත්තා, අත්තා මෙ වෙදයති, වෙදනාධම්මො හි මෙ අත්තා’ති සමනුපස්සිතුං.”
Sinhala BJTආනන්‍දය, එහෙයින් මෙයිනුත් වේදනාව මගේ ආත්මය නොවේ ම ය, වේදනා නො වනුයේත් මගේ ආත්මය නො වේ ම ය, (වේදනායෙන් අන්‍ය ධර්‍මයෙක් වූ) මගේ ආත්මය විඳියි, (එසේ වූ) මගේ ආත්මය විඳින සුලු යැ’ යි මෙසේ මෙය දක්නට නො රිසියෙයි.
Pali BJT38. “යතො ඛො පනානන්ද, භික්ඛු නෙව වෙදනං අත්තානං සමනුපස්සති, නො පි අප්පටිසංවෙදනං අත්තානං සමනුපස්සති, නො පි ‘අත්තා මෙ වෙදයති වෙදනාධම්මො හි මෙ අත්තා’ති සමනුපස්සති, සො එවං අසමනුපස්සන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති, අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තං යෙව පරිනිබ්බායිස්සති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJT38. “ආනන්‍දය, යම් කලෙක මහණ වේදනාව ආත්ම කොට නො දකී ද, ආත්මය වේදනා නොවූවක් කොට හෝ නො දකී ද, ‘මගේ ආත්මය විඳියි, මගේ ආත්මය විඳුනා සුලු යැ’යි හෝ නො ම දකී ද, එසේ නො දක්නා හෙ තෙම ලොවැ කිසිත් (ආත්ම ආත්මීය වශයෙන්) නො ගනුයේ තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන් පරිතස්සනායෙන් පරිතස්සනා නො කෙරෙයි. පරිතස්සනා නො කරන්නේ තෙමේ ම කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි, ‘සසර ඉපැත්ම ක්‍ෂීණ වීයැ යි, මග බඹසර වැස නිමැවිණැ යි, කළ යුතු දෑ කරන ලද්දේ යැ යි, මේ රහත් බව පිණිස කළයුතු අනෙකක් නැතැ’ යි දැනගනී.
Pali BJT39. “එවං විමුත්තචිත්තං ඛො ආනන්ද, භික්ඛුං යො එවං වදෙය්ය “හොති තථාගතො පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. “න හොති තථාගතො පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. “හොති ච න ච හොති තථාගතො පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. “නෙව හොති, න න හොති තථාගතො පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. තං කිස්ස හෙතු: යාවතා ආනන්ද, අධිවචනං, යාවතා අධිවචනපථො, යාවතා නිරුත්ති, යාවතා නිරුත්තිපථො, යාවතා පඤ්ඤත්ති, යාවතා පඤ්ඤත්තිපථො, යාවතා පඤ්ඤා, යාවතා පඤ්ඤාවචරං යාවතා වට්ටං වට්ටති,{1} තදභිඤ්ඤා විමුත්තො භික්ඛු “තදභිඤ්ඤා විමුත්තො භික්ඛු{2} න ජානාති න පස්සති ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං.
Sinhala BJT39. “ආනන්‍දය, මෙසේ (ආත්මදර්‍ශන නැති) මිදුණු සිතැති රහත් මහණහු ඇරැබ යමෙක් ‘තථාගත තෙම මරණින් මත්තෙහි වේ යැ යි මොහුගේ (රහත් වූවහුගේ) දෘෂ්ටිය මෙසේ යැ’ යි කියන්නේ නම්, ඒ කීම (රහත් තෙම කිසිවක් නො දනී යැ යි කීයූවක් වන බැවින්) නො යුතු ය. ‘තථාගත තෙම මරණින් මත්තෙහි නොවේ යැ යි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නොයුතු ය. ‘තථාගත තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ යැ යි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නො යුතු ය. ‘තථාගත තෙම මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නො යුතු ය. ඒ කවර හෙයින: ආනන්‍දය, ව්‍යවහාර යම් පමණ ද, ව්‍යවහාරවිෂය යම් පමණ ද, නිර්වචන යම් පමණ ද, නිර්වචනවිෂය යම් පමණ ද, ප්‍රඥප්තිය (පැණවීම) යම් පමණ ද, ප්‍රඥප්තිවිෂය යම් පමණ ද, ප්‍රඥාව යම් පමණ ද, ප්‍රඥායෙන් බැස ගත යුතු පඤ්චස්කන්‍ධය යම් පමණ ද, යම්තාක් සසරවට පවතී ද, රහත් මහණ එය වෙසෙසින් දැන මිදුණේ වෙයි. ‘එය දැන මිදුණු මහණ නො දනී, නො දකී, එබැවින් මොහුගේ දෘෂ්ටිය මෙසේ යැ’ යි යම් කීමෙක් ඇද්ද, එය නො යුතු යැ.”
Pali BJT40. “සත්ත ඛො ඉමා ආනන්ද, විඤ්ඤාණට්ඨිතියො, ද්වෙ ආයතනානි, කතමා සත්ත:
Sinhala BJT40. ආනන්‍දය, මේ විඥානස්ථිති (විඥානය පිහිටි තැන්) සත් දෙනෙකි, මේ ආයතනයෝ දෙදෙනෙකි. විඥානස්ථිති සත කවරහ යත්:
Pali BJT“සන්තානන්ද, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, මනුෂ්‍යයෝ ද සමහර දෙවියෝ ද සමහර විනිපාතිකයෝ ද (වෙමානික ප්‍රේතයෝ) ද යන කායනානාත්‍වය හා සංඥානානාත්‍වය ඇති සත්ත්‍වයෝ ඇත. මේ ප්‍රථම විඥානස්ථිතිය යැ.
Pali BJT“සන්තානන්ද, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය යන කායනානාත්‍වය ඇති (ප්‍රමාණ විසින් කයින් වෙනස් වූ), සංඥාඒකත්‍වය ඇති (ප්‍රථම ධ්‍යාන සංඥා විසින් සමාන වූ) සත්ත්‍වයෝ ඇත. මේ දෙවෙනි විඥානස්ථිතිය යි.
Pali BJT“සන්තානන්ද, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, ආභාස්වර (විහිදෙන ප්‍රභා ඇති) දෙවියෝ ය යන (ප්‍රභා විසින්) කායඒකත්‍වය ඇති (අවිතර්‍ක විචාර - අවිතර්‍ක අවිචාර ධ්‍යාන විසින්) සංඥානානාත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි විඥානස්ථිතියයි.
Pali BJT“සන්තානන්ද, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා{1} විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, ශුභකෘත්ස්නක දෙවියෝ ය යන කායඒකත්‍වය ඇති (චතුර්‍ත්‍ථ ධ්‍යාන විසින්) සංඥා ඒකත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතරවන විඥානස්ථිතියයි.
Pali BJT“සන්තානන්ද, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමා{2} විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, හැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි දහන් වඩා ආකාසානඤ්චායතන භූමියට පැමිණි සත්‍වයෝ ඇත. මේ පස්වන විඥානස්ථිති ය යි.
Pali BJT“සන්තානන්ද, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා{3} විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම ‘විඥානය අනන්තයැ’යි දහන් වඩා විඤ්ඤාණඤ්චායතන භූමියට පැමිණි සත්‍වයෝ ඇත. මේ සවන විඥානස්ථීතියයි
Pali BJT“සන්තානන්ද, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමා{4} විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTආනන්‍දය, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’ යි නාස්තිභාවප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්‍වයෝ ඇත. මේ සත්වන විඥානස්ථිතිය යි.
Pali BJTඅසඤ්ඤසත්තායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනමෙව දුතියං.
Sinhala BJTඅසංඥසත්‍වායතනය ආයතන විසින් පළමු වැන්නයි නේවසඤ්ඤානාසඤ්ඤායතනය ම දෙවැන්න යි.
Pali BJT41. තත්රානන්ද, යායං පඨමා විඤ්ඤාණට්ඨිති නානත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා, යො නු ඛො ආනන්ද, තඤ්ච පජානාති, තස්සා ච සමුදයං පජානාති, තස්සා ච අත්ථඞ්ගමං පජානාති, තස්සා ච අස්සාදං පජානාති, තස්සා ච ආදීනවං පජානාති, තස්සා ච නිස්සරණං පජානාති, කල්ලං නු තෙන තදභිනන්දිතුන්ති?”
Sinhala BJT41. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් මනුෂ්‍යයෝ ද ඇතැම් දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද යන නානත්තාකය නානාත්තසඤ්ඤී වූ යම් මේ ප්‍රථම විඥානස්ථිතියෙක් වේ ද, යමෙක් එයත් දනී නම් එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම්, එහි ආශ්වාදයත් (රසයත්) දනී නම්, එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්‍දනයට (පිළිගන්නට) සුදුසු ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නොසුදුසු යැ.”
Pali BJT“තත්රානන්ද, යායං දුතියා විඤ්ඤාණට්ඨිති -පෙ- යායං තතියා විඤ්ඤාණට්ඨිති -පෙ- යායං චතුත්ථා විඤ්ඤාණට්ඨිති -පෙ- යායං පඤ්චමා විඤ්ඤාණට්ඨිති -පෙ- යායං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති -පෙ- තත්රානන්ද, යායං සත්තමා විඤ්ඤාණට්ඨිති සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී ති ආකිඤ්චඤ්ඤායතනූපගා, යො නු ඛො ආනන්ද, තඤ්ච පජානාති, තස්සා ච සමුදයං පජානාති, තස්සා ච අත්ථඞ්ගමං පජානාති, තස්සා ච අස්සාදං පජානාති, තස්සා ච ආදීනවං පජානාති, තස්සා ච නිස්සරණං පජානාති, කල්ලං නු තෙන තදභිනන්දිතුන්ති?”
Sinhala BJT“ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ දෙවෙනි විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ තෙවෙනි විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ සිවුවන විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ පස්වන විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ සවන විඥානස්ථිතියෙක් ඇද්ද … ආනන්‍දය, ඔවුන් අතුරෙන් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔවුන් පිළිබඳ වූ යම් මේ සත්වන විඥානස්ථිතියෙක් වේ ද, ආනන්‍දය, යමෙක් ඒ විඥානස්ථිතියත් දනී ද, එයට කාරණයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි ආදීනවයත් දනී ද, එහි නිඃසරණයත් දනී ද, එසේ දන්නා වූ ඔහු විසින් එය අභිනන්‍දනයට සුදුසු ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.”
Pali BJT“තත්රානන්ද, යදිදං අසඤ්ඤසත්තායතනං, යො නු ඛො ආනන්ද, තඤ්ච පජානාති, තස්ස ච සමුදයං පජානාති, තස්ස ච අත්ථඞ්ගමං පජානාති, තස්ස ච අස්සාදං පජානාති, තස්ස ච ආදීනවං පජානාති, තස්ස ච නිස්සරණං පජානාති, කල්ලං නු තෙන තදභිනන්දිතුන්ති?”
Sinhala BJT“ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ අසංඥසත්ත්‍වායතනයෙක් වේද, ආනන්‍දය, යමෙක් එයත් දනී ද, එහි සමුදයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි දෝෂයත් දනී ද, එහි නික්මීමත් දනී ද, ඔහු විසින් එය අභිනන්‍දනයට පිළිගන්නට සුදුසු ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.”
Pali BJT“තත්රානන්ද, යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, යො නු ඛො ආනන්ද, තඤ්ච පජානාති, තස්ස ච සමුදයං පජානාති, තස්ස ච අත්ථඞ්ගමං පජානාති, තස්ස ච අස්සාදං පජානාති, තස්ස ච ආදීනවං පජානාති, තස්ස ච නිස්සරණං පජානාති, කල්ලං නු තෙන තදභිනන්දිතුන්ති?”
Sinhala BJT“ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් වේ ද, ආනන්‍දය, යමෙක් එයත් දනී ද, එයට කාරණයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි නිඃසරණයත් දනී ද, ඔහු විසින් එය පිළිගන්නට සුදුසු ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.”
Pali BJT“යතො ඛො ආනන්ද, භික්ඛු ඉමාසඤ්ච සත්තන්නං විඤ්ඤාණට්ඨිතිනං, ඉමෙසඤ්ච ද්වින්නං ආයතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චතානන්ද, භික්ඛු පඤ්ඤාවිමුත්තො.
Sinhala BJT“ආනන්‍දය, යම් කලෙක මහණ මේ විඥානස්ථිති සතේ ද මේ ආයතන දෙක්හි ද සමුදයත්, අස්තගමයත්, ආස්වාදයත්, ආදීනවයත්, නිෂ්සරණයත් තතු වූ පරිදි දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද, ආනන්‍දය, මේ මහණ ප්‍රඥාවිමුක්ත (ප්‍රඥා බලයෙන් නාම රූප කයින් මිදුණේ) යැ යි කියනු ලැබේ.”
Pali BJT42. “අට්ඨ ඛො ඉමෙ ආනන්ද, විමොක්ඛා. කතමෙ අට්ඨ:
Sinhala BJT42. “ආනන්‍දය, මේ විමෝක්‍ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
Pali BJTරූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො.
Sinhala BJTරූපී වූයේ (තමාගේ කේසාදියෙහි නීලකසිණාදී වශයෙන් ඉපිදැවූ රූපධ්‍යාන සතරෙන් එකක් ඇත්තේ තමා කෙරෙහි වූ නීලකසිණාදී) රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමු විමෝක්‍ෂය යි.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ (තමාගේ කේසාදින්හී ඉපැදැ වූ රූපසංඥා නැත්තේ, බාහිර අරමුණෙහි පිරියම් වඩා බාහිර අරමුණෙහි ම ඉපිදැ වූ රූපධ්‍යාන ඇත්තේ) බාහිර නීලකසිණාදී රූපයන් දකි. මේ දෙවෙනි විමෝක්‍ෂයයි.
Pali BJTසුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො.
Sinhala BJT(පිරිසිදු වූ නීලාදී වර්‍ණකසිණ අරමුණක් ගෙන) ‘ඒ අරමුණ ශුභ යැ’ යි එහි වැදගත්තේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂයයි.
Pali BJTසබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො.
Sinhala BJTහැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ ව යෑමෙන් නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත’ යැ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂයයි.
Pali BJTසබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො.
Sinhala BJTහැම අයුරින් ම ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’ යි විඥානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂයයි.
Pali BJTසබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො.
Sinhala BJTහැම අයුරින් ම විඥානඤ්චායතනය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන යට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂයයි.
Pali BJTසබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො.
Sinhala BJTහැම අයුරින් ම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂයයි.
Pali BJTසබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො.
Sinhala BJTහැම අයුරින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අට වන විමෝක්‍ෂයයි.
Pali BJTඉමෙ ඛො ආනන්ද, අට්ඨ විමොක්ඛා.
Sinhala BJTආනන්‍දය, මේ විමෝක්‍ෂ අට යි.
Pali BJT“යතො ඛො ආනන්ද, භික්ඛු ඉමෙ අට්ඨ විමොක්ඛෙ අනුලොමම්පි සමාපජ්ජති, පටිලොමම්පි සමාපජ්ජති, අනුලොමපටිලොමම්පි සමාපජ්ජති, යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති පි වුට්ඨාති පි, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චතානන්ද, භික්ඛු උභතොභාගවිමුත්තො. ඉමාය ච ආනන්ද, උභතොභාගවිමුත්තියා අඤ්ඤා උභතොභාගවිමුත්ති උත්තරිතරා වා පණීතතරා වා නත්ථී”ති.
Sinhala BJT“ආනන්‍දය, යම් කලෙක මහණ තෙම මේ අෂ්ට විමෝක්‍ෂයන් අනුලොම්විසිනුත් (මුල පටන් අවසන දක්වාත්) සමවදී ද, පිළිලොම්විසිනුත් (අග සිට මුල දක්වාත්) සමවදී ද, අනුලොම්පිළිලොම් විසිනුත් සමවදී ද කැමැති තැනෙක, කැමැති සමවතකට, කැමැති තාක් කල් සමවැදීමත් එයින් නැගී සිටීමත් කෙරේ ද, ආස්‍රවයන් ද ක්‍ෂය කිරීමෙන් ආනාසුව වූ චිත්තවිමුක්තිය (ඵලසමාධිය) ද ප්‍රඥාවිමුක්තිය (ඵලඥානය) ද මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා වෙසේ ද, ආනන්‍දය, මේ මහණ උභතෝභාගවිමුක්ත (අරූපසමාපත්තියෙන් රූපකාය කෙරෙන් ද, මාර්‍ගයෙන් නාමකාය කෙරෙන් දැයි දෙපසින් ම මිදුණේ) යැ යි කියනු ලැබේ. ආනන්‍දය, මේ උභතෝභාගවිමුක්තියෙන් උත්තරීතර (මෙයට වැඩි තරම්) වූ ප්‍රණීතතර (මෙයට වඩා උතුම්) වූ උභතෝභාග විමුක්තියෙක් නැත.”
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආරාධිත සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
Pali BJTමහානිදානසුත්තං නිට්ඨිතං දුතියං.
Sinhala BJTදෙවැනි මහානිදාන සූත්‍රය නිමියේ යි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTමහාපරිනිබ්බානසුත්තං
Sinhala BJTමහාපරිනිර්‍වාණ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ: ‘අහං හි ඉමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි{1}, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්යසනං ආපාදෙස්සාමි වජ්ජී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි වෛදේහීපුත්‍ර වූ මගධදේශාධිපති අජාසත් රජ වැදෑ රජුන් මැඩැ ලනු පිණිස යනු කැමැත්තේ වෙයි. හෙ තෙම ‘මම් වූ කලි මේසා මහත් රාජර්ධියෙන් සමන්‍විත මේසා මහත් ආනුභාව ඇති වැදෑ රජුන් මුලින් සිඳලන්නෙමි, වජ්ජීන් වනසන්නෙමි, වජ්ජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියයි.
Pali BJT2. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධදේශාධිපති අජාසත් රජ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණහු බැණැවීය:
Pali BJT“එහි ත්වං බ්රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘රාජා භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති.
Sinhala BJT“බමුණාණනි, මෙහි එන්න, භාග්‍යවතුන් වහන්සේ වෙත යවු. ගොස් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් (පාමුල හිස තබා) වඳිවු. ‘වහන්ස, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ භාග්‍යවගුන් වහන්සේගේ පාමුල හිස තබා වඳියි. භාග්‍යවතුන් වහන්සේගේ නිරාබාධ බව, නිරෝග බව, හෑල්ලු පැවැත්ම, කායබලය, සැප විහරණය විචාරා’ යැ යි නිරාබාධ බව, නීරෝග බව, හෑල්ලු පැවැත්ම, කාය බලය, සැප විහරණය විචාරන්න.
Pali BJTඑවං ච වදෙහි: ‘රාජා භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ: අහං හි ඉමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි, විනාසෙස්ස මි වජ්ජී, අනයබ්යසනං ආපාදෙස්සාමි වජ්ජී’ති. යථා ච තෙ භගවා බ්යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්යාසි. න හි තථාගතා විතථං භණන්තී”ති.
Sinhala BJT‘වහන්ස, වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාසත් රජ වැදෑරජුන් මඩිනුවට යනු කැමැත්තේ වෙයි. හෙතෙම ‘මේසා මහඉදුමත් මේසා මහතෙදැති වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි, වැදෑ රජුන් වනසන්නෙමි, වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙපරිද්දෙන් කියා’ යැ යි මෙසේත් කියන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබට යම්සේ වදාරන සේක් ද, එය මොනොවට ඉගෙන මට සැළ කරන්න. තථාගතවරු නො සැබෑ බසක් නො බෙණෙත්” යැ යි කී ය.
Pali BJT3. ‘එවං භො’ති ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුත්වා, භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා,{2} භද්දං යානං අභිරූහිත්වා, භද්දෙහි භද්දෙහි යානෙහි රාජගහම්හා නිය්යාසි. යෙන ගිජ්ඣකූටො පබ්බතො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකො’ව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT3. ‘එසේ ය, පින්වතාණනි’ යි කියා මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර වූ අජාසත් රජුට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදවා, මනාප යානයක් නැඟ, මනාප මනාප යානයන් ගෙන් උපලක්‍ෂිත ව රජගහපුරයෙන් නික්මියේ ය. ගිජුකුළු පව්ව වෙත එළැඹියේ ය. යානයෙන් යෑමට සුදුසු බිම යම් තාක් ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තේ ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳැවිය යුතු වූ කථාව අවසන් කොට එක් පසෙක හිඳගත. එක් පසෙක හුන්නා වූ මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
Pali BJT“රාජා භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. රාජා භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ: අහං හි ඉමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි, විනාසෙස්සාමි වජ්ජී අනයබ්යසනං ආපාදෙස්සාමි වජ්ජී”ති.
Sinhala BJT“භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ හිස නමා භවද් ගෞතමයන්ගේ පා වඳී. ඔබ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා විචාරයි. භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාසත් රජ වැදෑ රජුන් මඩින්නට යනු කැමැත්තේ ය. ‘මෙසේ වූ මහත් රාජර්ද්ධි ඇති මෙසේ වූ මහත් අනුභාව ඇති මේ වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි යි, මේ වැදෑ රජුන් වනසන්නෙමි යි, මේ වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියා” යි භාග්‍යවතුන් වහන්සේ ට සැළ කෙළේය.
Pali BJT[වජ්ජීනං සත්ත අපරිහානියා ධම්මා:]
Sinhala BJT[වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සත]
Pali BJT4. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං වීජයමානො{1}. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
Sinhala BJT4. ඒ වේලෙහි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් පිටුපසින් සිටියාහු වෙති. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක:
Pali BJT“කින්තිතෙ ආනන්ද, සුතං: වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලාති?
Sinhala BJT“අනඳයෙනි, වැදෑ රජුහු නිරතුරු (දවස තෙවරක්) රැස් වන්නාහු ය, රැස් වනු බහුල කොට ඇත්තාහ යි මෙය තොප විසින් අසන ලද දැ?” යි අසා වදාළ සේක.
Pali BJT“සුතම්මෙතං භන්තෙ, වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා”ති.
Sinhala BJT“වහන්ස, වැඳැ රජුහු නිරතුරු රැස්වන්නාහ, රැස් වනු බහුල කොට ඇත්තාහ’ යි මෙය මා විසින් අසන ලදැ” යි අනඳ තෙරණුවෝ පිළිතුරු දුන්හ.
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති වුද්ධියෙව{2} ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.” (1)
Sinhala BJT“අනඳයෙනි, වැදෑ රජුහු යම්තාක් එක්වන් රැස්වීම් ඇත්තාහු ද, රැස් වනු බහුල කොට ඇත්තෝ වන්නාහු ද, ඒතාක් අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය (කැමැතිවිය) යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (1)
Pali BJT“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී සමග්ගා සන්නිපාතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තීති?”
Sinhala BJT“අනඳයෙනි, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත් ය, සමඟ වැ නැගී සිටිත් ය, සමඟ වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
Pali BJT“සුතම්මෙතං භන්තෙ, වජ්ජී සමග්ගා සන්නිපතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තී”ති.
Sinhala BJT“වහන්ස, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත්, සමඟ වැ නැඟී සිටිත්, සමඟ වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය මා විසින් අසන ලදි.”
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.” (2)
Sinhala BJT“අනඳයෙනි, යම්තාක් වැදෑ රජුහු සමඟ වැ රැස් වන්නාහු ද, සමඟ වැ නැගීසිටින්නාහු ද, සමඟ වැ වැදෑකරණී කරන්නාහු ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑ රජුන්ගේ වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (2)
Pali BJT“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තීති?”
Sinhala BJT“අනඳයෙනි, වැදෑ රජුහු (පෙර තම පරපුරෙහි රජුන්) නො පනවන ලද්දක් නො පනවත්, පනවන ලද්ද නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා පවතිත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
Pali BJT“සුතම්මෙතං භන්තෙ, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තී”ති.
Sinhala BJT“වහන්ස, වැදෑ රජුහු පෙර තම පරපුරෙහි රජුන් නො පැනැවූවත් නො පනවත්, පැනැවූවක් නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටිත් යැයි මෙය මා විසින් අසන ලදි.”
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි. (3)
Sinhala BJT“අනඳයෙනි, යම්තාක් වැදෑරජුහු පෙර වැදෑරජුන් නො පැනැවූවක් නො පනවන්නාහු ද, පැනැවූවක් නො සිඳින්නාහු ද, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටින්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (3)
Pali BJTකින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරොන්ති ගරුකරොන්ති{1} මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තීති?”
Sinhala BJT“අනඳයෙනි, වැදෑ රජුන් අතුරෙහි යම් මහලු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය තොප විසින් අසන ලදද?”
Pali BJT“සුතම්මෙතං භන්තෙ, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තී”ති.
Sinhala BJT“වහන්ස, වැදෑ රජුන් අතුරෙහි යම් මහලු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑරජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය මා විසින් අසන ලදි.”
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.” (4)
Sinhala BJT“අනඳයෙනි, යම් තාක් වැදෑ රජුහු සිය මහලු වැදෑවනට සත්කාර ගුරුකාර මානන පූජන කරන්නාහු නම්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතන්නාහු නම්, ඒ තාක් අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (4)
Pali BJT“කින්ති තෙ ආනන්ද, සුතං: “වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔක්කස්ස පසය්හ වාසෙන්තී?”ති.
Sinhala BJT“අනඳයෙනි, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් ද, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
Pali BJT“සුතම්මෙතං භන්තෙ, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො, තා න ඔක්කස්ස පසය්හ වාසෙන්තී”ති.
Sinhala BJT“වහන්ස, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් නම්, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැයි මෙය මා විසින් අසන ලදි.”
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො, තා න ඔක්කස්ස පසය්හ වාසෙස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි. (5)
Sinhala BJT“අනඳයෙනි, යම් තාක් වැදෑරජුහු කුලවමියන් කුලදැරියන් ඇදැ ගෙන ගොස් බලාත්කාරයෙන් තමන් වෙතැ නො වස්වන්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සියැ යුතු.” (5)
Pali BJT“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තීති?”
Sinhala BJT“අනඳයෙනි, නුවර ඇතුළත ද පිටත ද වැදැ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
Pali BJT“සුතම්මෙතං භන්තෙ, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තී”ති.
Sinhala BJT“වහන්ස, නුවර ඇතුළත ද බැහැර ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු එයට සත්කාර ගුරුකාර බුහුමාන පූජා කෙරෙත්, එයට දුන් විරූ කළ විරූ, දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය මා විසින් අසන ලදි.”
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.” (6)
Sinhala BJT“අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම් තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු” (6)
Pali BJT“කින්ති තෙ ආනන්ද, සුතං: වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා: කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං{1} විහරෙය්යුන්ති?”
Sinhala BJT“අනඳයෙනි, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසුවෙන් වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද යැයි තොප විසින් මෙය අසන ලද ද?”
Pali BJT“සුතම්මෙතං භන්තෙ වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා: කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යුන්ති.”
Sinhala BJT“වහන්ස, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසු සේ වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලදුයේ යැයි මෙය මා විසින් අසන ලදි.”
Pali BJT“යාවකීවඤ්ච ආනන්ද, වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා භවිස්සන්ති: කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යුන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානී’ති.” (7)
Sinhala BJT“අනඳයෙනි, යම් තාක් සිය රටට නොආ රහත්හු ‘කෙසේ නම් එන්නාහු දැ යි, ආ රහත්හු කෙසේ නම් පහසු සේ වසන්නාහු දැ’ යි, වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද්දේ වන්නේ ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (7)
Pali BJT5. අථ ඛො භගවා වස්සකාරං බ්රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි: “එකමිදාහං බ්රාහ්මණ සමයං වෙසාලියං විහරාමි සාරන්දදෙ චෙතියෙ. තත්රාහං වජ්ජීනං ඉමෙ සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙසිං. යාවකීවඤ්ච බ්රාහ්මණ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු වජ්ජී සන්දිස්සිස්සන්ති, වුද්ධියෙව බ්රාහ්මණ, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානී”ති.
Sinhala BJT5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති වස්සකාර බමුණා අමතා, “බමුණ, එක් සමයෙක මම් විසල්පුරැ සාරන්‍දද චෛත්‍ය විහාරයෙහි විසීමි. එහිදී මම් වැදෑ රජුනට මේ අපරිහානිය දහම් සත දෙසීමි. බමුණ, යම්තාක් කල් මේ සත් අපරිහානිය දහම්හු වැදෑවන් කෙරෙහි සිටින්නාහු ද, වැදෑවෝ මේ සත් අපරිහානිය දහම්හි (සිටියාහු) දක්නා ලැබෙත් ද, බමුණ, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ම අවෙක්සිය යුතු’ යැ යි (මෙයින් වජ්ජීන්ගේ විනාශය කල් යන බව දැන) වදාළ සේක.
Pali BJT[ඉති වජ්ජීනං සත්ත අපරිහානියා ධම්මා.]
Sinhala BJT[1. මේ වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සතය]
Pali BJT6. එවං වුත්තෙ වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච: එකමෙකෙනාපි භො ගොතම, අපරිහානියෙන ධම්මෙන සමන්නාගතානං වජ්ජීනං වුද්ධියෙව පාටිකඞ්ඛා නො පරිහානි, කො පන වාදො සත්තහි අපරිහානියෙහි ධම්මෙහි, අකරණීයා’ව, භො ගොතම වජ්ජී රඤ්ඤා මාගධෙන අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන යදිදං යුද්ධස්ස, අඤ්ඤත්ර උපලාපනාය අඤ්ඤත්ර මිථුභෙදා{2}.
Sinhala BJT6. “මෙසේ (වජ්ජීන් කෙරෙහි අනුකම්පාවෙන්) වදාළ කලැ (මෙයින් වජ්ජීනාසයට ක්‍රමයක් සිතාගත්) මගද මහමැති වස්සකාර බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, මේ එක් එක් අපරිහානිය දහමෙකිනුදු යුත් වූ වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. අපරිහානිය දහම් සතෙකින් යුත් වූ කලැ කියනුම කවර යැ. භවද් ගෞතමයෙනි, වෛදේහීපුත්‍ර මගධාධිපති අජාසත් රජුහු විසින් වැදෑරජුහු සිත්ගැන්මෙන් හෝ උනුන් බිඳුවාලීමෙන් හෝ විනා යුද්ධයෙකින් වූ කලී ගත නො හැක්කාහු ම ය.
Pali BJT“හන්ද ච’දානි මයං භො ගොතම, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා”ති.
Sinhala BJT‘භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ’ යි කී ය.
Pali BJT“යස්ස’දානි ත්වං බ්රාහ්මණ, කාලං මඤ්ඤසී”ති.
Sinhala BJT“බමුණ, යම් ගමනකට සිතහි නම්, මේ එයට කලැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඅථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිත්තෙන් මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන් ව හුනස්නෙන් නැගී නික්මැ ගියේ ය.
Pali BJT7. අථ ඛො භගවා අචිරපක්කන්තෙ වස්සකාරෙ බ්රාහ්මණෙ මගධමහාමත්තෙ ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගච්ඡ ත්වං ආනන්ද, යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහී”ති.
Sinhala BJT7. මගද මහමැති වස්සකාර බමුණා නික්මැ ගිය නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් බණවා, “අනඳයෙනි, තෙපි යවු. යම් පමණ මහණහු රජගහ නුවර නිසා වෙසෙත් නම්, ඒ හැම උවටන්හලට එක්රැස් කරවු” යැ යි වදාළ සේක.
Pali BJT‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යාවතිකා භික්ඛූ රාජගහං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සන්නිපාතිතො{1} භන්තෙ භික්ඛුසඞ්ඝො. යස්ස’දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතී”ති.
Sinhala BJT‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දී රජගහනුවර නිසා වසන තාක් සියලු මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳැ පසෙක සිටියහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ “වහන්ස, යමකට භාග්‍යවතුන් වහන්සේ දැන් කලැයි සිතන සේක් නම්, දැන් ඒ භික්‍ෂුසඞ්ඝසන්නිපාතය කරන ලදැ” යි සැළ කළහ.
Pali BJT[1. භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා:]
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT8. අථ ඛො භගවා උට්ඨායාසනා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි “සත්ත වො භික්ඛවෙ, අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී”ති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී උවටැන්හල කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නැ වැඩහුන් සේක. වැඩහිඳ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තොපට සත් අපරිහානි දහම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි දරවු, කියන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූ හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT“යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අභිණ්හසන්නිපාතා සන්නිපාතබහුලා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (1)
Sinhala BJT“මහණෙනි, යම්තාක් මහණහු එක්වන් රැස්වන්නාහු, රැස්වීම් බහුල කොටැත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (2)
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු සමග වැ රැස් වන්නාහු ද, සමග වැ නැගී සිටින්නාහු ද, සමග ව සංඝකාර්‍ය්‍ය කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණනුට වැඩීම ම ඇවෙක්සියැ යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අපඤ්ඤත්තං න පඤ්ඤපෙස්සන්ති{2}, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (3)
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු නොපැනැවුණක් නො පනවන්නාහු ද, පැනැවුණු දෑ නො සිඳින්නාහු ද, පැනැවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (3)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා{3}, තෙ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති{4} මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (4)
Sinhala BJTමහණෙනි, චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, සඞ්ඝපිතෘ වූ, සඞ්ඝපරිනායක වූ යම් තෙරහු වෙත් ද, ඔවුනට මහණහු යම්තාක් සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, ඔවුන් පුදන්නාහු ද, ඔවුන් බස ඇසියැ යුතු කොට සිතන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (4)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ උප්පන්නාය තණ්හාය පොනොභවිකාය න වසං ගච්ඡන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (5)
Sinhala BJTමහණෙනි, යම්තාක් කල් මහණහු පුනර්‍භවය පිණිස පවත්නා, තමන් කෙරෙහි උපන් තෘෂ්ණාවගේ වශයට නො යෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ ආරඤ්ඤකෙසු සෙනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (6)
Sinhala BJTමහණෙනි, මහණහු යම් තාක් වන සෙනසුන්හි අපේක්‍ෂාසහිත වන්නාහු ද, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ පච්චත්තඤ්ඤෙව සතිං උපට්ඨපෙස්සන්ති{1}, ‘කින්ති අනාගතා ච පෙසලා සබ්රහ්මචාරී ආගච්ඡෙය්යුං, ආගතා ච පෙසලා සබ්රහ්මචාරී ඵාසුං විහරෙය්යුන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (7)
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු ‘කෙසේ නම් (තමන් සෙනස්නට) නොආ ප්‍රියශීල සබ්රම්සරුහු එන්නාහු ද, ආ ප්‍රියශීල සබ්රම්සරුහු සැප සේ වසන්නාහු දැ’ යි තමන් තමන් කෙරෙහි ම සිහිය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු. (7)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTමහණෙනි, යම් තාක් මේ සත් අපරිහානි ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටින්නාහු ද, මහණහු මේ අපරිහානිය ධර්‍ම සතෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
Pali BJT[2. අපරෙපි භික්ඛූනං සත්ත අපරිහානියා ධම්මා:]
Sinhala BJT[2. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
Pali BJT9. අපරෙ පි වො භික්ඛවෙ, සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT9. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න කම්මාරාමා භවිස්සන්ති න කම්මරතා න කම්මාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (1)
Sinhala BJTමහණෙනි, මහණහු යම්තාක් කර්‍මාරාම (උද්දේසාදිය හැර සිවුරු කිරීම් ආදි කටයුත්තෙහි පමණක් ම යෙදුණෝ) නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු. (1)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න භස්සාරාමා භවිස්සන්ති න භස්සරතා න භස්සාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (2)
Sinhala BJTමහණෙනි, යම් තාක් මහණහු භස්සාරාම (ස්ත්‍රීපුරුෂවර්‍ණනාදිකථායෙහි, කෙළිකවට බස්හි යෙදුණෝ) නොවන්නාහු ද, භස්සරත නො වන්නාහුද, මහණෙනි, ඒ තාක් මහණනුට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2)
Pali BJTයාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ න නිද්දාරාමා භවිස්සන්ති න නිද්දාරතා න නිද්දාරාමතං අනුයුත්තා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි. (3)
Sinhala BJTමහණෙනි, යම්තාක් මහණහු නිද්‍රාරාම (නින්දෙහි බෙහෙවින් යෙදුණෝ) නො වන්නාහු ද, නිද්‍රාරත නො වන්නාහු ද, නිද්‍රාරාමතායෙහි යෙදුණෝ නො වන්නා හු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු. (3)