Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT116. එකමිදාහං භික්ඛවෙ, සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ. තස්ස මය්හං භික්ඛවෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘න ඛො සො සත්තාවාසො සුලභරූපො යො මයා අනජ්ඣාවුත්ථපුබ්බො{1} ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහි. යන්නූනාහං යෙන සුද්ධාවාසා දෙවා තෙනුපසඞ්කමෙය්යන්ති”. අථ ඛො අහං{2} භික්ඛවෙ, සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව උක්කට්ඨායං සුභගවනෙ සාලරාජමූලෙ අන්තරහිතො අවිහෙසු දෙවෙසු පාතුරහොසිං.
Sinhala BJT116. මහණෙනි, මම් එක් සමයෙක්හි උක්කට්ඨාපුරය සමීපයෙහි වූ ශුභගවනයෙහි මහරුක් මුලැ වෙසෙමි. මහණෙනි, එකලා වැ චිත්ත විවේකයෙන් යුක්ත වූ ඒ මට “මේ දීර්‍ඝකාලය තුළ ශුද්ධාවාසයන් හැර මා නො වුසූ විරූ අන් සත්‍වාවාසයෙක් වේ ද, එය සුලභරූප නො වේ (දුර්‍ලභ ය). ශුද්ධාවාසි දෙවියෝ යම් තැනෙක ඇද්ද එතැනට එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති මම් බල ඇති පුරුෂයෙක් යම්සේ හැකුළූ හෝ අත දිගු කරන්නේ ද, දිගු කළ හෝ අත හකුලන්නේ ද, එසේ ම උක්කට්ඨායෙහි ශුභගවනයෙහි වෘක්‍ෂරාජ මූලයෙහි අතුරුදහන් වැ අවිහ දෙවියන් අත්රෙහි පහළ වීමි.
Pali BJT117. තස්මිං භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: “ඉතො සො මාරිස{3}, එකනවුතො කප්පෙ{4} යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි ඛත්තියකුලෙ උදපාදි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤා ගොත්තෙන අහොසි. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසංයෙව ඛීණාසවානං. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානි අහොසි. විපස්සිස්ස මාරිස, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එවං අභිනික්ඛමනං අහොසි, එවං පබ්බජ්ජා, එවං පධානං එවං අභිසම්බොධි, එවං ධම්මචක්කප්පවත්තනං. තෙ මයං මාරිස, විපස්සිම්හි භගවතී බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති -පෙ-
Sinhala BJT117. මහණෙනි, ඒ දෙව්නකාහි නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්‍ෂ ගණන් දෙවියෝ මා කරා එළැඹුණහ. එළැඹ මා වැඳ එක් පසෙක සිටියහ. මහණෙනි, එක් පසෙක සිටියා වූ ම ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් කලෙක භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් එක්අනූ වන කප ය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, ක්‍ෂත්‍රියකුලයෙහි උපන්හ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට ආයුෂප්‍රමාණය වස් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු පළොල් රුක්මුලැ බුදු වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්හට ඛණ්ඩ තිස්ස නම් භද්‍රයුගල වූ අගසවු යුවලෙක් විය. නිදුකාණන් වන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සව්වන් පිළිබඳ තුන් සන්නිපාත කෙනෙක් වූහ: සව්වන් පිළිබඳ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් එක්සිය අටසැට දහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් සියදහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ හැම දෙන ම රහතුන් වූ ශ්‍රාවකයන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට අශෝක නම් භික්‍ෂූ අග්‍ර උපස්ථායක් වූ උවටු විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්‍හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ පිය තෙම බන්‍ධුමත් නම් රජ වී ය. වැදූ මෑණියෝ බන්‍ධුමතී නම් දේවි වූහ. බන්‍ධුමත් රජහුගේ රාජධානිය බන්‍ධුමතී නම් නගරය විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්‍හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය මෙසේ විය. පැවිද්ද මෙසේ විය. ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීම මෙසේ විය. අභිසම්බෝධිය මෙසේ විය. දම්සක් පැවැත්වීම මෙසේ විය. නිදුකාණන් වහන්ස, ඒ අපි විපස්සී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට මෙහි උපන්‍නමෝ යැ” යි (සැළ කළහ) ...
Pali BJT118. තස්මිං යෙව ඛො භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ තා දෙවතා මං එතදවොචුං:
Sinhala BJT118. මහණෙනි, ඒ දෙව් නකාහි ම නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්‍ෂ ගණන් දෙවියෝ මා වෙත ආහ. අවුත් මා වැඳ එක් පසෙක සිටියාහ. මහණෙනි, එක් පසෙක සිටියාවූ ම ඒ දෙවියෝ මට මෙය කීහ:-
Pali BJT“ඉමස්මිං යෙව ඛො මාරිස{1}, භද්දකප්පෙ භගවා එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. භගවා මාරිස, ඛත්තියො ජාතියා, ඛත්තියකුලෙ උප්පන්නො. භගවා මාරිස, ගොතමො ගොත්තෙන. භගවතො මාරිස, අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං,{2} යො චිරං ජීවති සො වස්සසතං, අප්පං වා භිය්යො. භගවා මාරිස, අස්සත්ථස්ස මූලෙ අභිසම්බුද්ධො. භගවතො මාරිස, සාරිපුත්තමොග්ගල්ලානං{3} නාම සාවකයුගං අග්ගං භද්දයුගං. භගවතො මාරිස, එකො සාවකානං සන්නිපාතො අහොසි අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. භගවතො මාරිස, අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසංයෙව ඛීණාසවානං. භගවතො මාරිස, ආනන්දො භික්ඛු උපට්ඨාකො{4} අග්ගුපට්ඨාකො. භගවතො මාරිස, සුද්ධොදනො නාම රාජා පිතා,{4} මායා නාම දෙවී මාතා{4} ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානි. භගවතො මාරිස, එවං අභිනික්ඛමනං අහොසි, එවං පබ්බජ්ජා, එවං පධානං, එවං අභිසම්බොධි, එවං ධම්මචක්කප්පවත්තනං. තෙ මයං මාරිස, භගවතී බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.
Sinhala BJT“නිදුකාණන් වහන්ස, දැන් මේ බදුරු කපෙහි ම භගවත් අර්‍හත් සම්මාසම්බුදුහු ලොවැ පහළ වූවාහු වෙති. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්‍ෂත්‍රිය සේක, ක්‍ෂත්‍රියකුලයෙහි උපන් සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම වන සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ්ප්‍රමාණය අල්පය, ලඝු ය. යමෙක් (මෙ සමයෙහි) බොහෝ කල් ජීවත් වන්නේ නම්, හේ සිය හවුරුද්දක් ජීවත්‍ වෙයි. එයට වැඩි නම් ස්වල්පයකි. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඇසතු රුක් මුලැ බුදු වූ සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සැරියුත් මුගලන් නම් භද්‍රයුගල වූ අක්සවු යුවලෙක් වේ. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට භික්‍ෂූන් එක්දහස්දෙසිය පණසක් වූ සව්වන්ගේ එක් සන්නිපාතයෙක් විය: නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට හැම දෙන ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් ම සන්නිපාතය විය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ආනන්‍ද නම් භික්‍ෂූ තෙම අග්‍රෝපස්ථායක වූ උවටු වේ. නිදුකාණන් වහන්ස, ශුද්ධෝදන නම් රජ භාග්‍යවතුන් වහන්සේගේ පියා ය. මායා නම් දේවී වැදූ මවු ය. කිඹුල්වත් නම් පුර රජදහන ය. නිදුකාණන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය විය, මෙසේ පැවිද්ද විය, මෙසේ ප්‍රධන් වැඩීම විය, මෙසේ අභිසම්බෝධිය විය, මෙසේ දම්සක්පැවැත්වීම විය. නිදුකාණන් වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට මෙහි උපනුම්හ” යි (කීහ.)
Pali BJT119. අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි දෙවෙහි සද්ධිං යෙන අතප්පා දෙවා තෙනුපසඞ්කමිං -පෙ- {*} අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සද්ධිං යෙන සුදස්සා දෙවා තෙනුපසඞ්කමිං. -පෙ- අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සුදස්සෙහි ච දෙවෙහි සද්ධිං යෙන සුදස්සී දෙවා තෙනුපසඞ්කමිං. -පෙ- අථ ඛ්වාහං භික්ඛවෙ, අවිහෙහි ච දෙවෙහි අතප්පෙහි ච දෙවෙහි සුදස්සෙහි ච දෙවෙහි සුදස්සීහි ච දෙවෙහි සද්ධිං යෙන අකනිට්ඨා දෙවා තෙනුපසඞ්කමිං. තස්මිං භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතා සතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: “ඉතො සො මාරිස, එකනවුතො කප්පො යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. -පෙ-*
Sinhala BJT119. මහණෙනි, ඉක්බිති මම් අවිහ දෙවියන් හා අතප්ප දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම් අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් හා සුසුස්ස දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් ද සුදස්ස දෙවියන් ද කැටුව සුදස්සී දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම් අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් ද සුදස්ස දෙවියන් ද සුදස්සී දෙවියන් ද කැටුව අකනිට්ඨක දෙවියන් වෙත ගියෙමි. මහණෙනි, ඒ දෙව් නකාහි නොයෙක් දහස්ගණන් දෙවියෝ නොයෙක් ලක්‍ෂ ගණන් දෙවියෝ මා කරා ආහ. අවුත් මා වැඳ එකත්පස් වැ සිටියහ. මහණෙනි, එකත්පස් වැ සිටියා වූ ඒ දෙවියෝ “නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු යම් සමයෙක ලොව පහළ වූහු ද, ඒ මෙයින් යට ඒකානූ වන කප යැ ... යි කීහ.
Pali BJT120. තස්මිං යෙව ඛො භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: ඉතො ඛො මාරිස, එකතිංසෙ කප්පෙ යං සිඛී භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, සිඛිම්හි භගවති බ්රහ්මචරියං -පෙ- ඉධූපපන්නා. සො යෙව ඛො මාරිස, එකතිංසො කප්පො යං වෙස්සභූ භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, වෙස්සභුම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා -පෙ- ඉධූපපන්නා. ඉමස්මිං යෙව ඛො මාරිස, භද්දෙකප්පෙ කකුසන්ධො භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, කකුසන්ධම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා -පෙ- ඉධූපපන්නා. ඉමස්මිං යෙව මාරිස, භද්දෙකප්පෙ කොණාගමනො භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, කොණාගමනම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා -පෙ- ඉධූපපන්නා. ඉමස්මිං යෙව මාරිස, භද්දකප්පෙ කස්සපො භගවා ලොකෙ උදපාදි -පෙ- තෙ මයං මාරිස, කස්සපම්හි භගවති බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නො”ති.
Sinhala BJT120. මහණෙනි, ඒ දෙව්නකාහි ම නොයෙක් දහස් ගණන් නොයෙක් ලක්‍ෂ ගණන් දෙවියෝ මා වෙත එළැඹියහ. එළැඹ මා වැඳ එකත්පස් ව සිටියහ. මහණෙනි, එකත්පස් ව සිටියා වූ ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් සමයෙක්හි භගවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් යට එක්තිස් වන කප ය ... නිදුකාණන් වහන්ස, මේ අපි භගවත් අර්‍හත් සිඛී සම්මා සම්බුදුන් කෙරෙහි බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, යම් සමයෙක භගවත් අර්‍හත් වෙස්සභූ සම්මාසම්බුදුහු ලොවැ වූහු ද, ඒ මෙයින් යට ඒ එක්තිස්වන කප මය ... නිදුකාණන් වහන්ස, ඒ අපි භගවත් වෙස්සභූ සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර වැස ... මෙහි උපනුම්හ” යි කීහ. නිදුකාණන් වහන්ස, මේ බදුරු කපෙහි ම භගවත් අර්‍හත් කකුසන්‍ධ සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... නිදුකාණන් වහන්ස, ඒ අපි කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, මෙ බදුරු කපෙහි ම භගවත් අර්‍හත් කෝණාගමන සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... නිදුකාණන් වහන්ස, ඒ අපි කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, මේ බදුරුකපෙහි ම භගවත් අර්‍හත් කාශ්‍යප සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... ඒ අපි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස කාමච්ඡන්‍දය දුරැ ලා මෙහි උපනුම්හ” යි කීහ.
Pali BJT121. තස්මිං යෙව ඛො භික්ඛවෙ, දෙවනිකායෙ අනෙකානි දෙවතාසහස්සානි අනෙකානි දෙවතාසතසහස්සානි යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං: “ඉමස්මිං යෙව ඛො මාරිස, භද්දකප්පෙ භගවා එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො. -පෙ- තෙ මයං මාරිස, භගවති බ්රහ්මචරියං චරිත්වා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.
Sinhala BJT121. මහණෙනි, ඒ දෙව්නකාහි ම නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක‍්ෂ ගණන් දෙවියෝ මා වෙත එළැඹියහ. එළැඹ මා වැඳ එකත්පස් වැ සිටියහ. මහණෙනි, එකත්පස්ව සිටියා වූ ඒ දෙවියෝ මට “නිදුකාණන් වහන්ස, මේ බදුරුකපෙහි ම අර්‍හත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ලොවැ පහළ වූ සේක ... නිදුකාණන් වහන්ස, මුබ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමරාගය දුරු කොට මෙහි උපනුම්හ” යි මෙය කීහ.
Pali BJT122. ඉති ඛො භික්ඛවෙ, තථාගතස්සෙවෙසා ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්ම ධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ, සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති “එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී”ති. දෙවතා’පි තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතො -පෙ- අනුස්සරති -පෙ- එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී”ති.
Sinhala BJT122. මහණෙනි, මෙසේ යම් ධර්‍මධාතුවක් මොනොවට පිළිවිදි බැවින් තථාගත තෙමේ “ඒ භගවත්හු මෙ නම් ජාතියෙහි උපන්හ යි ද, මෙ නම් ඇත්තෝ, මෙ නම් ගෝත්‍ර ඇත්තෝ, මෙබඳු ධර්‍ම ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ” යි පිරිනිවියාවූ, සිඳිනලද ප්‍රපඤ්ච ඇති, සිඳින ලද වර්ත්ම ඇති, ක්‍ෂීණ කරන ලද තුන් වට ඇති, සියලු දුක් ඉක්මවූ අතීත බුදුවරුන් ජාති විසිනුත් සිහි කෙරේ ද, නාම විසිනුත් සිහි කෙරේ ද, ගෝත්‍ර විසිනුත් සිහි කෙරේ ද, ආයුෂ්ප්‍රමාණ විසිනුත් සිහි කෙරේ ද, ශ්‍රාවකයුග විසිනුත් සිහි කෙරේ ද, ශ්‍රාවකසන්නිපාත විසිනුත් සිහි කෙරේ ද, මහණෙනි, තථාගත බුදුන් විසින් ම ඒ ධර්‍මධාතුව මොනොවට පිළිවිදුනා ලද්දේ ය ... ‘ඒ භගවත්හු මෙබඳු විමුක්ති ඇත්තෝ වූ හ’ යි ද තථාගත බුදුහු පිරිනිවියා වූ අතීත බුදුවරුන් යමෙකින් සිහි කෙරෙද්ද ... දෙවියෝත් මෙ කරුණ තථාගත බුදුනට දැන්වූහ.
Pali BJTඉදමවොච භගවා අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්‍ෂූහු සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
Pali BJTමහාපදානසුත්තං නිට්ඨිතං පඨමං.
Sinhala BJTපළමු වන මහාපදාන සූත්‍රය නිමියේ යි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTමහානිදානසුත්තං
Sinhala BJTමහානිදාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං{1} නාම කුරූනං නිගමො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව ගම්භීරො චායං භන්තෙ, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච. අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායතී”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කුරු දනවු වැස්සන්ගේ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද, එහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “වහන්ස, මේ ප්‍රතීත්‍යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්‍රකට වූවක් මෙන්, ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ යැ” යි කීහ.
Pali BJT2. මා හෙවං ආනන්ද අවච, මා හෙවං ආනන්ද අවච. ගම්භීරො චායං ආනන්ද, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච. එතස්ස ආනන්ද, ධම්මස්ස අනනුබොධා අප්පටිවෙධා එවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඩිකජාතා{2} මුඤ්ජබබ්බජභූතා{3} අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.
Sinhala BJT2. ආනන්‍දය, එසේ නො කිය. ආනන්‍දය එසේ නො කිය. ආනන්‍දය, මේ ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු ද වේ, ගැඹුරු පෙනුම් ඇත්තේ ද වේ. ආනන්‍දය, මේ ධර්‍මය අනුබෝධ නො කිරීමෙන්, ප්‍රතිවේධ නො කිරීමෙන්, මෙසේ මේ සත්ත්‍වප්‍රජාව (පෙහෙර) හූකැටියක් මෙන් අවුල් වූවා, කැඳ ලූ පෙහෙර හූ මෙන් ගැට ගැසුණී නොහොත් කිරිලි කසල්ලක් බඳු වූවා, මුදුතණ බබුස් තණ සේ අවුල් වූවා සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවශ ව පතිත වීම් ඇති අපාය ද සසර ද ඉක්ම නො යෙයි.
Pali BJT3. අත්ථි ඉදප්පච්චයා ජරාමරණන්ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථිති’ස්ස වචනීයං. කිම්පච්චයා ජරාමරණන්ති ඉති චෙ වදෙය්ය, ජාතිපච්චයා ජරාමරණන්ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJT3. ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් ජරාමරණ වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා ජාතීති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා ජාතීති ඉති චෙ වදෙය්ය, භවපච්චයා ජාතීති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් ජාතිය (ඉපැත් ම)වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ජාතිය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා භවො’ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා භවො’ති ඉති චෙ වදෙය්ය, උපාදානපච්චයා භවො’ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් භවය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් භවය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා උපාදානන්ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා උපාදානන්ති ඉති චෙ වදෙය්ය, තණ්හාපච්චයා උපාදානන්ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් උපාදානය වේ නම්, එබඳු ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් උපාදානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා තණ්හා’ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා තණ්හා’ති ඉති චෙ වදෙය්ය, වෙදනාපච්චයා තණ්හා’ති ඉච්චස්ස වචනීයං,
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා වෙදනා’ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා වෙදනා’ති ඉති චෙ වදෙය්ය, ඵස්සපච්චයා වෙදනා’ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ නම්, එබඳු වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා ඵස්සො’ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා ඵස්සො’ති ඉති චෙ වදෙය්ය, නාමරූපපච්චයා ඵස්සො’ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් ස්පර්‍ශය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ්‍ය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා නාමරූපන්ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා නාමරූපන්ති ඉති චෙ වදෙය්ය, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් නාමරූප වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඅත්ථි ඉදප්පච්චයා විඤ්ඤාණන්ති ඉති පුට්ඨෙන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා විඤ්ඤාණන්ති ඉති චෙ වදෙය්ය, නාමරූපපච්චයා විඤ්ඤාණන්ති ඉච්චස්ස වචනීයං.
Sinhala BJTආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් විඥානය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් විඥානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
Pali BJTඉති ඛො ආනන්ද, නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.”
Sinhala BJTආනන්‍දය, මෙසේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක්රැසේ ඉපැත් ම වේ.”
Pali BJT4. “ජාතිපච්චයා ජරාමරණන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා ජාතිපච්චයා ජරාමරණං: ජාති ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: දෙවානං වා දෙවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය, චතුප්පදානං වා චතුප්පදත්තාය. පක්ඛීනං වා පක්ඛීත්තාය, සිරිංසපානං වා සිරිංසපත්තාය{1}, තෙසං තෙසඤ්ච ආනන්ද, සත්තානං තථත්තාය{2} ජාති නාභවිස්ස, සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT4. “ආනන්‍දය, ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේද, මෙය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, හැම අයුරින් ම හැම ලෙසින් ම ජාතිය කිසිවකුට කිසිදු තැනෙක නොවී නම්, විභාග විසින් - දෙවියන්ගේ දෙව්බව පිණිස හෝ ගඳෙව්වන්ගේ ගඳෙව්බව පිණිස හෝ යකුන්ගේ යක්බව පිණිස හෝ උපන් කවර හෝ සතුන්ගේ ඒ ලත් අත්බව පිණිස හෝ මිනිසුන්ගේ මිනිස්බව පිණිස හෝ සිවුපාවුන්ගේ සිවුපාබව පිණිස හෝ පක්‍ෂීන්ගේ පක්‍ෂි බව පිණිස හෝ සරීසෘපයන්ගේ (බඩ ගා යන සතුන්ගේ)සරීසෘප බව පිණිස හෝ ඒ ඒ සතුන්ගේ එසේ වීම පිණිස ජාතිය නො වී නම්, සර්‍වප්‍රකාරයෙන් ම ජාතිය නැති කල්හි ජාතියගේ නිරෝධයෙන් (අභාවයෙන්) ජරාමරණය පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො ම වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ජරාමරණස්ස යදිදං ජාති”.
Sinhala BJT“එහෙයින් ආනන්‍දය, යම් මේ ජාතියෙක් වේ ද, ජරාමරණයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT5. “භවපච්චයා ජාතීති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා භවපච්චයා ජාති: භවො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: කාමභවො රූපභවො අරූපභවො, සබ්බසො භවෙ අසති භවනිරොධා අපි නු ඛො ජාති පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT5. “භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කිසිවෙකුට කිසිදු තැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම කාමභව, රූපභව, අරූපභව යන භවයෙක් නො වී නම්, හැම අයුරින් ම භව නැති කල්හි භවනිරෝධයෙන් ජාතියෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො ම වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ජාතියා යදිදං භවො”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් යම් මේ භවයෙක් වේ ද, මෙය ම ජාතියට හේතු ය, මෙය ම ජාතියට නිදාන ය, මෙය ම ජාතියගේ සමුදය ය, මෙය ම ජාතියට ප්‍රත්‍යය ය.”
Pali BJT6. “උපාදානපච්චයා භවො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා උපාදානපච්චයා භවො: උපාදානං ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: කාමූපාදානං වා දිට්ඨූපාදානං වා සීලබ්බතූපාදානං වා අත්තවාදූපාදානං වා, සබ්බසො උපාදානෙ අසති උපාදානනිරොධා අපි නු ඛො භවො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT6. “උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, උපාදානප්‍රත්‍යයයෙන් යම්සේ භවය වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කාමෝපාදානය ද දෘෂ්ට්‍යුපාදාන ද ශීලව්‍රතෝපාදාන ද ආත්මවාදෝපාදාන ද යන මේ උපාදානයෙක් හැම අයුරින් ම හැම ලෙසින් ම කිසිවක්හට කිසිදු තැනෙක නො වී නම්, හැම අයුරින් ම උපාදානයක් නැති කල්හි උපාදානනිරෝධයෙන් භවයෙක් පැනෙන්නේ ද”?
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො භවස්ස යදිදං උපාදානං”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් යම් මේ උපාදානයෙක් වේද, මෙය ම භවයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT7. තණ්හාපච්චයා උපාදානන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා තණ්හාපච්චයා උපාදානං: තණ්හා ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, සබ්බසො තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො උපාදානං පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT7. “තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්‍දය, රූපතෘෂ්ණා ශබ්දතෘෂ්ණා ගන්‍ධතෘෂ්ණා රසතෘෂ්ණා ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යන මේ යම් තෘෂ්ණාවෙක් කිසිවක්හු පිළිබඳ ව කිසිදු තැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම නො වී නම්, සර්‍වප්‍රකාරයෙන් ම තෘෂ්ණාව නැති කල්හි තෘෂ්ණාවගේ නිරෝධයෙන් උපාදානයෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො උපාදානස්ස යදිදං තණ්හා”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් තෘෂ්ණාසංඛ්‍යාත මෙය ම උපාදානයාගේ හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම තෘෂ්ණාවගේ ප්‍රත්‍යය ය.”
Pali BJT8. “වෙදනාපච්චයා තණ්හා’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනා පෙතං පරියායෙන වෙදිතබ්බං යථා වෙදනාපච්චයා තණ්හා: වෙදනා ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා __ජිව්හාසම්ඵස්සජා වෙදනා__ කායසම්ඵස්සජා වෙදනා මනොසම්ඵස්සජා වෙදනා, සබ්බසො වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තණ්හා පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT8. “වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, එය මේ කරුණිනුත් දය යුතු: ආනන්‍දය, චක්ඛුසම්ඵස්සජ වේදනා ය, සෝතසම්ඵස්සජ වේදනා ය, ඝානසම්ඵස්සජ වේදනා ය, ජිව්හාසම්ඵස්සජ වේදනා ය, කායසම්ඵස්සජ වේදනා ය, මනෝසම්ඵස්සජ වේදනා ය, යන මේ යම් වේදනාවෙක් කිසිවක්හට කිසිදු තැනෙක සියලු අයුරින් ම සියලු ලෙසින් ම නො වී නම්, හැම අයුරින් ම වේදනා නැති කල්හි වේදනා නිරෝධයෙන් තෘෂ්ණාව පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො තණ්හාය යදිදං වෙදනා”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් වේදනා යන මෙය ම තෘෂ්ණාවට හේතු වේ, මෙය ම නිදානය වේ, මෙය ම සමුදය වේ, මෙය ම ප්‍රත්‍යයය වේ.”
Pali BJT9. ඉති ඛො පනෙතං ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො, ආරක්ඛාධිකරණං{1} පටිච්ච දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පෙසුඤ්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
Sinhala BJT9. “ආනන්‍දය, මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය (අරමුණු සෙවීම) වේ. පර්‍ය්‍යෙෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්‍කවිනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව විතර්‍කයෙන් නිශ්චය කොට ගැන් ම) වේ. විනිශ්චය නිසා ඡන්‍දරාගය (විතර්කිත වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ටි විසින් මගේ යැ යි අයත් කරැ ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්, අවි දැරුම්, විග්‍රහ (විරෝධ පෑම්) විවාද, තුවංතුව වාද (ඇනුම් බැණුම්), මුසාබිණුම්, නෙයෙක් ලාමක අකුසල්දහම්හු පහළ වෙත්.
Pali BJT10. ආරක්ඛාධිකරණං දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පෙසුඤ්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්තීති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා ආරක්ඛාධිකරණං දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පෙසිඤ්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති: ආරක්ඛො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ආරක්ඛෙ අසති ආරක්ඛනිරොධා අපි නු ඛො දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පෙසුඤ්ඤ-මුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවෙය්යුන්ති?
Sinhala BJT10. “රකවළ කරන කරුණෙන් දඬුමුගුරු දැරුම් අවි දැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබස්, නොයෙක් අකුසල් දහම්හු පහළ වෙති යි මෙය මෙසේ ම කියන ලද්දේ ය. ආනන්‍දය, රකවළ කරන කරුණින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාමිණුම්, නොයෙක් අකුසල් දහම්හු යම්සේ පහළ වෙත් ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගෙත් කිසි තැනෙක්හිත් හැම අයුරින් ම හැම ලෙසින් ම රකවළෙක් නො වී නම්, හැම අයුරින් රකවළක් නැති කල්හි, රකවළ නැති බැවින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබිණුම්, නොයෙක් අකුසල් දහම්හු පහළ වන්නාහු ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJTතස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පෙසුඤ්ඤ-මුසාවාදානං අනෙකෙසං පාපකානං අකුසලානං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛො.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසා බිණුම් යන මොවුන්ගේ, නොයෙක් අකුසල් දහමුන්ගේ හට ගැන්මට වස්තුව රැක ගැන්ම යන මෙය ම හේතු ය. මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT11. මච්ඡරියං පටිච්ච ආරක්ඛො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා මච්ඡරියං පටිච්ච ආරක්ඛො: මච්ඡරියං ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො මච්ඡරියෙ අසති මච්ඡරියනිරොධා අපි නු ඛො ආරක්ඛො පඤ්ඤායෙථාති?
Sinhala BJT11. “මසුරුබව නිසා රැක ගැන්ම වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්‍දය, මසුරුබව නිසා රැක ගැන්ම යම්සේ වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි තැනෙක හැම අයුරින් හැම ලෙසින් මසුරු බවෙක් නො වී නම්, හැම අයුරින් ම මසුරු බව නැති කල්හි, මසුරු බව නැති වීමෙන් වස්තු රැක ගැන්මෙක් පැණෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJTතස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ආරක්ඛස්ස යදිදං මච්ඡරියං.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් මසුරුබවය යන මෙය ම වස්තුව රැක ගැන්මට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT12. පරිග්ගහං පටිච්ච මච්ඡරියන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා පරිග්ගහං පටිච්ච මච්ඡරියං: පරිග්ගහො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො පරිග්ගහෙ අසති පරිග්ගහනිරොධා අපි නු ඛො මච්ඡරියං පඤ්ඤායෙථාති?
Sinhala BJT12. “පරිග්‍රහය (අයත් කොට ගැනීම) නිසා මසුරුබව වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්‍දය, පරිග්‍රහය නිසා මසුරුබව යම්සේ වේ ද, එය මේ අයුරින් ද දත යුතු: ආනන්‍දය කිසිවක්හුගේ කිසි තැනෙකත් හැම අයුරින් හැම ලෙසින් ම පරිග්‍රහයෙක් නො වී නම්, හැම අයුරින් ම පරිග්‍රහයෙක් නැති කල්හි, පරිග්‍රහනිරෝධයෙන් මසුරුබවෙක් පැණෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJTතස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො මච්ඡරියස්ස යදිදං පරිග්ගහො.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් මසුරුබවට පරිග්‍රහය යන මෙය නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT13. “අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො: අජ්ඣොසානං ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො අජ්ඣොසානෙ අසති අජ්ඣොසාන නිරොධා අපි නු ඛො පරිග්ගහො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT13. “අධ්‍යවසානය (මම ය, මාගේ ය යි බලවත් සේ සනිටුහන් කිරීම) නිසා වස්තුපරිග්‍රහය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, අධ්‍යවසානය නිසා වස්තුපරිග්‍රහය යම්සේ වේ ද, එය මෙ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක අධ්‍යවසානයෙක් හැම අයුරින් හැම ලෙසින් නො වී නම්, හැම අයුරින් අධ්‍යවසානය නැති කල්හි, අධ්‍යවසානනිරෝධයෙන් වස්තුපරිග්‍රහයෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො පරිග්ගහස්ස යදිදං අජ්ඣොසානං”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් අධ්‍යවසානය යන යමෙක් ඇද්ද, පරිග්‍රහහයට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT14. “ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං: ඡන්දරාගො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ඡන්දරාගෙ අසති ඡන්දරාගනිරොධා අපි නු ඛො අජ්ඣොසානං පඤ්ඤායෙථා?ති.”
Sinhala BJT14. “ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය යම්සේ වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් හැම ලෙසින් ම ඡන්‍දරාගයෙක් නො වී නම්, හැම අයුරින් ඡන්‍දරාගය නැති කල්හි, ඡන්‍දරාගනිරෝධයෙන් අධ්‍යවසානයෙක් පැනේනේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො අජ්ඣොසානස්ස යදිදං ඡන්දරාගො”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් ඡන්‍දරාගය යන මෙය ම අධ්‍යවසානයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT15. “විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො: විනිච්ඡයො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො විනිච්ඡයෙ අසති විනිච්ඡයනිරොධා අපි නු ඛො ඡන්දරාගො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT15. “විනිශ්චය ය නිසා ඡන්‍දරාගය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ විනිශ්චය නිසා ඡන්‍දරාගය වේ ද, එය මේ කාරණයෙනුදු දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් හැම ලෙසින් ම විනිශ්චයයෙක් නො වී නම්, හැම අයුරින් විනිශ්චයයක් නැති කල්හි, විනිශ්චයයාගේ අභාවයෙන් ඡන්‍දරාගයෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ඡන්දරාගස්ස යදිදං විනිච්ඡයො”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් විනිශ්චය යන යමෙක් වේ නම්, මෙය ම ඡන්‍දරාගයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
Pali BJT16. “ලාභං පටිච්ච විනිච්ඡයො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා ලාභං පටිච්ච විනිච්ඡයො: ලාභො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ලාභෙ අසති ලාභනිරොධා අපි නු ඛො විනිච්ඡයො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT16. “ලාභය නිසා විනිශ්චයය වේයැ යි මෙසේ ම මෙය කියන ලදී. ආනන්‍දය, ලාභය නිසා විනිශ්චය යම්සේ වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක හැම අයුරින් හැම ලෙසින් ලාභයෙක් නො වී නම්, හැම අයුරින් ලාභයෙක් නැති කල්හි, ලාභයාගේ අභාවයෙන් විනිශ්චයයෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො විනිච්ඡයස්ස යදිදං ලාභො”.
Sinhala BJT“එහෙයින් ආනන්‍දය, යම් ලාභයෙක් ඇත් නම්, මෙය ම විනිශ්චයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT17. “පරියෙසනං පටිච්ච ලාභො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා පරියෙසනං පටිච්ච ලාභො: පරියෙසනා ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො පරියෙසනාය අසති පරියෙසනානිරොධා අපි නු ඛො ලාභො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT17. “පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක හැම අයුරින් හැම ලෙසින් ම පර්‍ය්‍යෙෂණයෙක් නොවී නම්, හැම අයුරින් ම පර්‍ය්‍යෙෂණයක් නැති කලැ, පර්‍ය්‍යෙෂණයාගේ අභාවයෙන් ලාභයෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ලාභස්ස යදිදං පරියෙසනා”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් පර්‍ය්‍යෙෂණ නම් වූ යමෙක් ඇද්ද, ලාභයට මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
Pali BJT18. තණ්හං පටිච්ච පරියෙසනා’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා තණ්හං පටිච්ච පරියෙසනා: තණ්හා ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, සබ්බසො තණ්හානිරොධා අපි නු ඛො පරියෙසනා පඤ්ඤායෙථා?ති.
Sinhala BJT18. “තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදී. ආනන්‍දය, යම්සේ තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිවෙකත් හැම අයුරින් ම හැම ලෙසින් ම කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා යන තෘෂ්ණා අතුරෙන් එකකුත් හැම අයුරින් හැම ලෙසින් නො වී නම්, හැම අයුරින් තෘෂ්ණාව නැති කල්හි, තෘෂ්ණාවගේ අභාවයෙන් පර්‍ය්‍යෙෂණයෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො පරියෙසනාය යදිදං තණ්හා.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් තෘෂ්ණාව නම් වූ යමෙක් ඇද්ද, පර්‍ය්‍යෙෂණයට මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
Pali BJTඉති ඛො ආනන්ද, ඉමෙ ද්වෙ ධම්මා ද්වයෙන වෙදනාය එකසමොසරණා භවන්ති”.
Sinhala BJT“ආනන්‍දය, මෙසේ වට්ටමූලක තෘෂ්ණාව සමුදාචාරතණ්හාව යන මේ දෙ දහම්හු වට්ඨමූලක - සමුදාචාර වශයෙන් කොටස් දෙකෙකින් වේදනා සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයයෙන් එක ම ප්‍රත්‍යය ඇත්තාහු වෙති. (එක ම වේදනායෙන් උපදනාහු වෙති.)”
Pali BJT19. “ඵස්සපච්චයා වෙදනා’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනා පෙතං පරියායෙන වෙදිතබ්බං යථා ඵස්සපච්චයා වෙදනා: ඵස්සො ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්යථිදං: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො, සබ්බසො ඵස්සෙ අසති ඵස්සනිරොධා අපි නු ඛො වෙදනා පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT19. “ස්පර්‍ශයප්‍රත්‍යයයෙන් වේදනාව වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ ස්පර්‍ශයප්‍රත්‍යයයෙන් වේදනාව වේ ද, මෙ කරුණින් ද එය දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි තැනෙකත් චක්ඛුසම්ඵස්ස, සෝතසම්ඵස්ස, ඝාණසම්ඵස්ස, ජිව්හාසම්ඵස්ස, කායසම්ඵස්ස, මනෝසම්ඵස්ස යන මේ ස්පර්‍ශයෙක් හැම අයුරින් හැම ලෙසින් ම නො වී නම්, හැම අයුරින් ම ස්පර්‍ශයෙක් නැති කල්හි, ස්පර්‍ශයාගේ අභාවයෙන් වේදනාවෙක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො වෙදනාය යදිදං ඵස්සො”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් යම් ස්පර්‍ශයෙක් වේ ද, වේදනාවට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJT20. “නාමරූපපච්චයා ඵස්සො’ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා නාමරූපපච්චයා ඵස්සො: යෙහි ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො රූපකායෙ අධිවචනසම්ඵස්සො පඤ්ඤායෙථාති?”
Sinhala BJT20. “නාමරූපප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, නාමරූපප්‍රත්‍යයයෙන් යම්සේ ස්පර්‍ශය වේ ද, එය මේ කරුණෙනුත් දත යුතු: ආනන්‍දය, යම් ආකාරයන්ගෙන් යම් ලිඞ්ගයන්ගෙන් සංඥාදී ප්‍රඥප්තිය යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේසයන්ගෙන් නාමධර්‍මසමූහයට වේදනා (පැනවීම) වේ ද, ඒ ආකාරයන් ඒ ලිංගයන් ඒ නිමිත්තයන් ඒ උද්දේසයන් නැති කල්හි, රූපකායයෙහි අධිවචනසංස්පර්‍ශය (නාමස්කන්‍ධ වස්තු කොට ගෙන මනෝද්වාරයේ ශබ්දඥානානුගත ව උපදනා මනඃසංස්පර්‍ශය) පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස මෙය නො වන්නේ ම ය.”
Pali BJT“යෙහි ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි රූපකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො නාමකායෙ පටිඝසම්ඵස්සො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT“ආනන්‍දය, යම් ආකාරයන්ගෙන් යම් ලිඞ්ග - නිමිත්ත - උද්දේසයන්ගෙන් රූපකායයාගේ පැණවීම වේ නම්, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි නාමකායයෙහි ප්‍රතිඝසංස්පර්‍ශය (රූපස්කන්‍ධය වාස්තු කොට පස්දොරෙහි උපදනා ස්පර්‍ශය) පැනෙන්නේ ද?.”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“යෙහි ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමකායස්ස ච රූපකායස්ස ච පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො අධිවචනසම්ඵස්සො වා පටිඝසම්ඵස්සො වා පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT“ආනන්‍දය, යම් ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමකායයාගේ හා රූපකායයාගේ හා පැනවීම වේ ද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි අධිවචනසංස්පර්‍ශය (මනෝද්වාරිකස්පර්‍ශය) හෝ ප්‍රතිඝ සංස්පර්‍ශය (පඤ්චද්වාරිකස්පර්‍ශය) හෝ පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“යෙහි ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමරූපස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො ඵස්සො පඤ්ඤායෙථා?”ති.
Sinhala BJT“ආනන්‍දය, යම් ආකාර - ලිඞ්ග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමරූපයා ගේ පැණවීම වේද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි ස්පර්‍ශයක් පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ඵස්සස්ස යදිදං නාමරූපං”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් මේ නාමරූප නම් වූ යමක් ඇද්ද, ස්පර්‍ශයට මෙය ම හේතු ය, මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
Pali BJT21. “විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා විඤ්ඤාණපච්චයා නාමරූපං. විඤ්ඤාණං ච හි ආනන්ද, මාතුකුච්ඡිස්මිං න ඔක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං මාතුකුච්ඡිස්මිං සමුච්චිස්සථා”ති?
Sinhala BJT21. “විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, විඥානය ද මව්කුසට නො බස්නේ නම් (මව්කුසැ ප්‍රතිසන්‍ධි වශයෙන් නො පහළ වන්නේ නම්) හුදු නාමරූපය (කලලාදිවශයෙන්මිශ්‍ර ව) මව්කුසැ පහළ වන්නේ ද?”’
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නොවන්නේ ම ය.”
Pali BJT“විඤ්ඤාණං ච හි ආනන්ද, මාතුකුච්ඡිං ඔක්කමිත්වා වොක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං ඉත්ථත්තාය අභිනිබ්බත්තිස්සථාති”?
Sinhala BJT“ආනන්‍දය, විඥානය මවුකුසකට බැස (ප්‍රතිසන්‍ධිවශයෙන් පහළ වැ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම්) නාමරූපය මෙබඳු (පරිපූර්‍ණ ස්කන්‍ධ) බව පිණිස වන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“විඤ්ඤාණං ච හි ආනන්ද, දහරස්සෙව සතො වොච්ඡිජ්ජිස්සථ කුමාරකස්ස වා කුමාරිකාය වා, අපි නු ඛො නාමරූපං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථාති”?
Sinhala BJT“ආනන්‍දය, ළදරු වූ ම කුමරක්හුගේ හෝ කුමරියකගේ හෝ විඥානය සිඳෙන්නේ නම්, නාමරූපය වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙන්නේ ද?”
Pali BJT“නො හෙතං භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො නාමරූපස්ස යදිදං විඤ්ඤාණං”.
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් විඥානය, යන මෙය ම නාමරූපයට හේතු වේ, මෙය ම නිදානය වේ, මෙය ම සමුදය වේ, මෙයම ප්‍රත්‍යය වේ.”
Pali BJT22. “නාමරූපපච්චයා විඤ්ඤාණන්ති ඉති ඛො පනෙතං වුත්තං. තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා නාමරූපපච්චයා විඤ්ඤාණං: විඤ්ඤාණං ච හි ආනන්ද, නාමරූපෙ පතිට්ඨං න ලභිස්සථ, අපි නු ඛො ආයතිං ජාතිජරාමරණං දුක්ඛසමුදයසම්භවො පඤ්ඤායෙථාති”?
Sinhala BJT22. “නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, මේ කරුණෙනුත් එය දත යුතු: ආනන්‍දය, විඥානය ද නාමරූපයෙහි පිහිට නො ලබන්නේ නම්, මතු ජාතිජරාමරණ දුක්රැසේ හටගැන්ම පැනෙන්නේ ද?”
Pali BJT“නො හෙතං, භන්තෙ”.
Sinhala BJT“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
Pali BJT“තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො විඤ්ඤාණස්ස, යදිදං නාමරූපං.”
Sinhala BJT“ආනන්‍දය, එහෙයින් මේ නාමරූප යැ යි යමෙක් ඇද්ද, විඥානයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
Pali BJTඑත්තාවතා ඛො ආනන්ද, ජායෙථ වා ජීයෙථ වා මීයෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා, එත්තාවතා අධිවචනපථො, එත්තාවතා නිරුත්තිපථො, එත්තාවතා විඤ්ඤත්තිපථො, එත්තාවතා පඤ්ඤාවචරං, එත්තාවතා වට්ටං වත්තති, (එත්තාවතා) ඉත්ථත්තං පඤ්ඤාපනාය, යදිදං නාමරූපං සහ විඤ්ඤාණෙන අඤ්ඤමඤ්ඤපච්චයතා පවත්තති.”
Sinhala BJT“ආනන්‍දය, යම් නාමරූපයෙක් විඥානය හා උනුනට ප්‍රත්‍යයභාවයෙන් පවත්නේ ද, මෙතෙකින් ම උපදනේ යැ යි හෝ දිරන්නේ යැ යි හෝ මැරෙන්නේ යැ යි හෝ ච්‍යුත වන්නේ යැ යි හෝ ච්‍යුත ව උපදනේ යැ යි හෝ පැනෙන්නේ ය, මෙතෙකින් (සිරිවඩ්ඩකාදී) ආරූඩ නාම ව්‍යවහාරයට මාර්‍ග (විෂය) වේ. මෙතෙකින් නිරුක්තියට (අර්‍ත්‍ථානුගත වශයෙන් පැවැති ව්‍යවහාරයට) මාර්‍ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට (පණ්ඩිතයා ය, ව්‍යක්තයා ය, යන ආදීන් ගුණ හඟවනු විසින් පැවැති ව්‍යවහාරයට) මාර්‍ගය වේ. මෙතෙකින් ප්‍රඥායෙන් දතයුතු ස්කන්‍ධ පඤ්චකය වේ. මෙතෙකින් (කර්‍ම ක්ලේශ විපාක යන) සසරවට වැටෙයි. මෙතෙකින් (වේදනාසංඥාදි) නාමප්‍රඥප්තිය පිණිස ඉත්‍ථම්භාවය හෙවත් පඤ්චස්කන්‍ධය වේ.”
Pali BJT23. “කිත්තාවතා ච ආනන්ද, අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති; රූපිං වා හි ආනන්ද, පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති ‘රූපී මෙ පරිත්තො අත්තා’ති, රූපිං වා හි ආනන්ද, අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති ‘රූපී මෙ අනන්තො අත්තා’ති, ‘අරූපිං වා හි ආනන්ද, පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති ‘අරූපී මෙ පරිත්තො අත්තා’ති, අරූපිං වා හි ආනන්ද, අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති ‘අරූපී මෙ අනන්තො අත්තා’ති.
Sinhala BJT23. “ආනන්‍දය, ආත්මය පනවන තැනැත්තේ කොතෙකින් එය පනවා ද යත්: ආනන්‍දය, රූපවත් වූ හෝ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩූ පරිත්ත කසිණ රූපය සූක්‍ෂම ආත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, සූක්‍ෂම යැ’ යි පනවයි. ආනන්‍දය, රූපවත් වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ රූපය අනන්තාත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, අනන්ත යැ’ යි පනවයි. ආනන්‍දය, අරූපී වූ හෝ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩු කසිණ නිමිත්ත ඉඟුළු අහස් හි පැවැති අරූපස්කන්‍ධ ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය සූක්‍ෂම යැ’ යි පනවයි. ආනන්‍දය, අරූපී වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ නිමිත්ත ඉඟුළු අහස්හි පැවැති අරූපස්කන්‍ධය ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ’ යි පනවයි.
Pali BJT24. “තත්රානන්ද, යො සො රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති{1}, එතරහි වා සො රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හොති. එවං සන්තං ඛො ආනන්ද, රූපිං පරිත්තත්තානුදිට්ඨි අනුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT24. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා වූ (මරණින් සිඳී යන) හෝ සියුම් ආත්මයක් පනවයි. එහි (ශාස්වත විසින් පරලොවෙහිත්) වන්නාවූ හෝ සියුම් වූ ආත්මයක් පනවනුයේ පණවයි. ‘අතථ වූ(පරවාදියා කියන ශාස්වත නො වූ ම) ආත්මය තථත්‍වය පිණිස (එහි යථාස්භාවය ඔහුට පිළිගැනෙන පිණිස) සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය වැදහේ යැ යි (සන්තානානුගත වැ හෝනේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.”
Pali BJT25. “තත්රානන්ද, යො සො රූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති, එතරහි වා සො රූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො රූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හොති. එවං සන්තං ඛො ආනන්ද, රූපිං අනන්තත්තානුදිට්ඨි අනුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT25. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා හෝ අනන්ත ආත්මයක් පනවනුයේ පනවයි. පරලොව්හිත් වන්නාවූ හෝ අනන්ත ආත්මයක් පනවනුයේ පනවයි. ‘අතථ වූ ම (පරවාදියා කියනා අවිද්‍යාමාන වූ ම) ආත්මය තථත්‍වය පිණිස (ඇති සැටිය ඔහුට පිළිගැනෙනු පිණිස) සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි (සන්තානානුගත ව පවත්නේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.”
Pali BJT26. “තත්රානන්ද, යො සො අරූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති, එතරහි වා සො අරූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො අරූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හොති. එවං සන්තං ඛො ආනන්ද, අරූපිං පරිත්තත්තානුදිට්ඨි අනුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT26. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ සියුම් ආත්මයක් පනවනුයේ පනවා ද, හේ දැන් පමණක් පවත්නා හෝ අරූපී වූ සියුම් ආත්මයක් පනවන්නේ පනවයි. පරලොව්හි පවත්නා වූ හෝ අරූපී වූ සියුම් ආත්මයක් පනවන්නේ පනවයි. ‘අතථ වූ ම ආත්මය තථත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය.”
Pali BJT27. “තත්රානන්ද, යො සො අරූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති, එතරහි වා සො අරූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො අරූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හොති. එවං සන්තං ඛො ආනන්ද, අරූපිං අනන්තත්තානුදිට්ඨි අනුසෙතීති ඉච්චාලං වචනාය. එත්තාවතා ඛො ආනන්ද, අත්තානං පඤ්ඤපෙන්තො පඤ්ඤපෙති.
Sinhala BJT27. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හේ දැන් පමණක් පවත්නා හෝ අරූපී වූ අනන්ත ආත්මයක් පනවන්නේ පනවයි. පරලොව්හි ද පවත්නා හෝ අරූපී වූ අනන්ත ආත්මයක් පනවන්නේ පනවයි. ‘අතථ වූ ම ආත්මයක් තථත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය. ආනන්‍දය, ආත්මය පණවන්නේ මෙතෙකින් ම පනවයි.
Pali BJT28. “කිත්තාවතාචානන්ද, අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති:
Sinhala BJT28. “ආනන්‍දය, ආත්මය, නො පනවන්නේ කොතෙකින් නො පනවා ද යත්:
Pali BJTරූපිං වා හි ආනන්ද, පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති ‘රූපී මෙ පරිත්තො අත්තා’ති. රූපිං වා හි ආනන්ද, අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති ‘රූපී මෙ අනන්තො අත්තා’ති. අරූපිං වා හි ආනන්ද, පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති ‘අරූපී මෙ පරිත්තො අත්තා’ති. අරූපිං වා හි ආනන්ද, අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති ‘අරූපී මෙ අනන්තො අත්තා’ති.
Sinhala BJTආනන්‍දය රූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය රූපවත් ය, සියුම් යැ’ යි හෝ නො පනවයි. ආනන්‍දය රූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය රූපවත් ය, අනන්ත යැ’ යි කියා හෝ නො පනවයි. ආනන්‍දය, අරූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය අරූපී ය, සියුම් යැ’ යි කියා හෝ නො පණවයි. ආනන්‍දය, අරූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ’ යි කි යා හෝ නො පනවයි.
Pali BJT29. “තත්රානන්ද, යො සො රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති, එතරහි වා සො රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හොති. එවං සන්තං ඛො ආනන්ද, රූපිං පරිත්තත්තානුදිට්ඨි නානුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT29. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවා ද, හෙ තෙම දැන් (වර්‍තමාන භවයෙහි) හෝ රූපවත් වූ සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නා වූ හෝ රූපවත් සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවයිදු ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට නො වෙයි. ආනන්‍ද ය, මෙසේ වූ ම රූපකසිණලාභියා අනුව සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය නො හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය.”
Pali BJT30. “තත්රානන්ද , යො සො රූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති, එතරහි වා සො රූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. තත්ථ භාවිං වා සො රූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තො න පඤ්ඤපෙති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හොති. එවං සන්තං ඛො ආනන්ද, රූපිං අනන්තත්තානුදිට්ඨි නානුසෙතීති ඉච්චාලං වචනාය.
Sinhala BJT30. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ රූපවත් වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අනන්තාත්මානුදෘෂ්ටිය රූපකසිණලාභියා කෙරෙහි නො ම හෝනේ යැ යි කියනු සුදුසු ය.”