Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅයං හි දෙව, කුමාරො ගොපඛුමො. (යම්පායං දෙව කුමාරො ගොපඛුමො, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.)
Sinhala BJTදේවයිනි, මේ කුමර එකෙණෙහි උපන් වස්සක්හුගේ බඳු මොළොක් සිනිඳු නිල් සියුම් ඇස් පියුම් ඇත්තේ ය ...
Pali BJTඉමස්ස දෙව, කුමාරස්ස උණ්ණා භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා. යම්පිමස්ස දෙව කුමාරස්ස උණ්ණා භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTදේවයිනි. මෙ කුමරුගේ දෙබැම අතරැ වූ සුදු වූ මොළොක් පුලුන් රොදක් බඳු වූ ඌර්ණාරෝමය වෙයි. දේවයිනි, මෙ කුමරහු දෙබැම අතරැ සුදු මොළොක් පුලුන් පොදක් බඳු ඌර්ණරෝමයෙක් ඇද්ද, මේද මෙ මහපුරිස්හුගේ මහපුරිස්ලකුණෙක් වෙයි.
Pali BJTඅයං හි දෙව, කුමාරො උණ්හීසසීසො. යම්පායං දෙව කුමාරො උණ්හීසසීසො, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTදේවයිනි, මෙ කුමර නළල්පටින් වෙළන ලද හිසක් සෙයින් පිරිපුන්, නොහොත් නළල්පට සෙයින් හැමතන්හි පිරිමඬුලු වූ හිස ඇත්තේ ය. මේ ද මෙ මහපුරිසුහුගේ මහපුරිසලකුණෙක් වෙයි.
Pali BJT38. ඉමෙහි ඛො අයං දෙව, කුමාරො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති: සෙය්යථිදං – චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන{1} අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො”ති.
Sinhala BJT38. දේවයිනි, යමෙකින් සමන්‍විත මහාපුරිසක්හට දෙගතියෙක් ම වේ ද, අන් ගතියෙක් නැද්ද - ඉදින් ගිහිගෙහි වෙසේ නම් සිවු සමුදුර හිම් කොටැති පොළොවට හිමි වූ, දිනූ යුදැති, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමක්හට චක්‍රරත්නය හස්තිරත්නය අශ්වරත්නය මණිරත්නය ස්ත්‍රීරත්නය ගෘහපති රත්නය සත්වනු පරිණායකරත්නය යන මේසත් රුවන් කෙනෙක් වෙත් ද යමක් හට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ, සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත්වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, හේ සයුර හිම් කොටැති මේ පොළොව දණ්ඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, එසේ වූ දෙතිස් මහපුරිසලකුණෙන් මෙ කුමර සමන්‍වාගත වේ” (යැ යි කීහ).
Pali BJT39. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා නෙමිත්තෙ බ්රාහ්මණෙ අහතෙහි වත්ථෙහි අච්ඡාදාපෙත්වා සබ්බකාමෙහි සන්තප්පෙසි. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස ධාතියො උපට්ඨාපෙසි. අඤ්ඤා සුදං පායෙන්ති.{2} අඤ්ඤා නහාපෙන්ති. අඤ්ඤා ධාරෙන්ති. අඤ්ඤා අඞ්කෙන පරිහරන්ති. ජාතස්ස ඛො පන භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස සෙතච්ඡත්තං ධාරීයිත්ථ දිවා චෙව රත්තිඤ්ච ‘මා නං සීතං වා උණ්හං වා තිණං වා රජො වා උස්සාවො වා බාධයිත්ථා’ති. ජාතො ඛො පන භික්ඛවෙ, විපස්සී කුමාරො බහුනො ජනස්ස පියො අහොසි මනාපො. සෙය්යථාපි භික්ඛවෙ, උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා බහුනො ජනස්ස පියං මනාපං, එවමෙව ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුනො ජනස්ස පියො අහොසි මනාපො. ස්වාස්සුදං අඞ්කෙනෙව අඞ්කං පරිහරීයති.
Sinhala BJT39. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජතෙම නෛමිත්තක බමුණන් කරළුයෙන් පුදා සියලු කැමැති දැයින් සන්තර්පිත කෙළේ ය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම විපස්සී කුමරහට කිරිමවුන් එළැඹැවී ය. ඔවුන් අතුරෙහි ඇතැම් කිරිමවුහු කිරි පොවත්, ඇතැම්හු නාවත්, ඇතැම්හු උසුලාගෙන සිටිත්, ඇතැම්හු ඇකයෙන් පරිහරණය කරත්. මහණෙනි, උපන් කෙණෙහිම විපස්සී කුමරහට ‘ශීතයෙක් හෝ උණුසුමෙක් හෝ තෘණ හෝ දූලි හෝ මොහු නො පෙළාවා’ යි සේසතෙක් දරන ලද්දේ ය. මහණෙනි, උපන් කෙණෙහි ම විපස්සී කුමර තෙම බොහෝ දෙනාට ප්‍රිය ද මනාප ද වී ය. මහණෙනි, යම්සේ උපුල්මලෙක් හෝ පියුම්මලෙක් හෝ සුදුනෙළුම් මලෙක් හෝ බොහෝ දෙනාට ප්‍රියත් මනාපත් වේ ද, එසේ ම විපස්සී කුමර තෙම බොහෝ දෙනාට ප්‍රිය විය, මනාප විය. හෙ තෙම වූ කලී එක් කිරිමවකගේ ඇකයෙන් අන් කිරිමවකගේ ඇකයට පමුණුවනු ලැබේ.
Pali BJT40. ජාතො ඛො පන භික්ඛවෙ, විපස්සී කුමාරො මඤ්ජුස්සරො ච{1} අහොසි වග්ගුස්සරො ච මධුරස්සරො ච{2} __පෙමනියස්සරො ච__. සෙය්යථාපි භික්ඛවෙ, හිමවන්තෙ පබ්බතෙ කරවීකා නාම සකුණජාති මඤ්ජුස්සරා ච වග්ගුස්සරා ච මධුරස්සරා ච පෙමනීයස්සරා ච, එවමෙව ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො මඤ්ජුස්සරො ච අහොසි වග්ගුස්සරො ච මධුරස්සරො ච පෙමනීයස්සරො ච. ජාතස්ස ඛො පන භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස කම්මවිපාකජං දිබ්බං චක්ඛු පාතුරහොසි, යෙන සුදං{3} සමන්තා යොජනං පස්සති දිවා චෙව රත්තිඤ්ච. ජාතො ඛො පන භික්ඛවෙ, විපස්සී කුමාරො අනිමිසන්තො පෙක්ඛති, සෙය්යථාපි දෙවා තාවතිංසා. ‘අනිමිසන්තො කුමාරො පෙක්ඛතී’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස ‘විපස්සී, විපස්සී’ ත්වෙව සමඤ්ඤා උදපාදි.
Sinhala BJT40. මහණෙනි, විපස්සී කුමාර තෙම උපන්නේ ම නොරළු කටහඬැතියේ ද වියත් කට හඬැතියේ ද මිහිරි කටහඬැතියේ ද ඇලුම් කටයුතු කටහඬැතියේ ද විය. මහණෙනි, යම්සේ හිමවුපව්වෙහි නොරළුහඬ ඇත්තාවූ ද වියත් හඬ ඇත්තා වූ ද මිහිරි හඬ ඇත්තා වූ ද ඇලුම් කටයුතු හඬ ඇත්තාවූ ද කුරවිකෙවිලි නම් ලිහිණිවගෙක් ඇත් ද, මහණෙනි, එසේ ම, විපස්සී කුමාර තෙම නොරළු කටහඬැතියේ ද, වියත් කටහඬ ඇතියේ ද, මිහිරි කටහඬඇතියේ ද, ඇලුම් කටයුතු කටහඬඇතියේ ද වී ය. මහණෙනි, උපන්නා වූ ම විපස්සී කුමරහට - යමෙකින් දහවලුත් රෑත් හාත්පසැ යොදුනක් මානය දැක්ක හැකි ද, එසේ වූ කර්‍මවිපාකජ දිවැස පහළ විය. මහණෙනි, උපන්නාවූ ම විපස්සී කුමර තව්තිසාවැසි දෙවියන් සේ ඇසිපිය නො හෙලනුයේ බලයි. මහණෙනි, ‘මෙ කුමර ඇසිපිය නො හෙලනුයේ බලා’යැ යි විපස්සී කුමරහට විපස්සී, විපස්සී යැයි සංඥාව (නම) උපන.
Pali BJT41. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා අත්ථකරණෙ{4} නිසින්නො විපස්සිං කුමාරං අඞ්කෙ නිසීදාපෙත්වා අත්ථෙ අනුසාසති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පිතු අඞ්කෙ නිසින්නො විචෙය්ය විචෙය්ය අත්ථෙ පනයති ඤායෙන. ‘විචෙය්ය විචෙය්ය කුමාරො අත්ථෙ පනයති ඤායෙනා’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය ‘විපස්සී විපස්සී’ ත්වෙව සමඤ්ඤා උදපාදි.
Sinhala BJT41. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජ විනිශ්චයසභායෙහි හුන්නේ, විපස්සී කුමරහු ඇකයෙහි හිඳුවා ගෙන අර්‍ත්‍ථානුශාසනය කෙරෙයි. මහණෙනි, විපස්සී කුමර එහි පියා ඇකයෙහි හුන්නේ විමස විමසා න්‍යායයෙන් යුක්ති ලෙස අරුත් (දනී, දකී) පවත්වයි. ‘කුමර තෙම න්‍යායයෙන් (යුක්ති ලෙස) විමස විමසා (දනී, දකී) අරුත් පවත්වා යැ යි කියා ම විපස්සී කුමරහට වඩාලාත් විපස්සී, විපස්සී යැ’ යි කියා ම සංඥාව උපන.
Pali BJT42. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස තයො පාසාදෙ කාරාපෙසි, එකං වස්සිකං එකං හෙමන්තිකං එකං ගිම්හිකං. පඤ්චකාමගුණානි උපට්ඨාපෙසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො වස්සිකෙ පාසාදෙ වස්සිකෙ චත්තාරො මාසෙ{5} නිප්පුරිසෙහි තූරියෙහි පරිචාරයමානො න හෙට්ඨාපාසාදං ඔරොහති.
Sinhala BJT42. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ විපස්සී කුමරහට වැසි සෙමෙහි වසනුවට සුදුසු එකක් ද, හිමත් සෙමෙහි වසනුවට සුදුසු එකක් ද, ගිමන් සෙමෙහි වසනුවට සුදුසු එකක් දැ යි ප්‍රසාද තුනක් කැරැවී ය. පස්කම් ගුණ එළැඹැවී ය. මහණෙනි, විපස්සී කුමර තෙම වැසිසමයට සුදුසු පහයෙහි වැසි සාර මසැ පිරිමින් නැති තුරුඋවාරණින් (පුරුෂරහිත තූර්‍ය්‍යයෝපකරණයෙන් හෙවත් තූර්‍ය්‍යභාණ්ඩ ගත් ස්ත්‍රීන් විසින් ම) උවටන් කරනු ලබනුයේ යට පහයට නො බසී.
Pali BJT(පඨමකභාණවාරං{*})
Sinhala BJT(පළමු බණවර ය)
Pali BJT43. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: ‘යොජෙහි සම්ම සාරථි භද්දානි භද්දානි යානානි. උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා{1} විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: යුත්තානි ඛො තෙ දෙව භද්දානි භද්දානි යානානි. යස්ස’දානි කාලං මඤ්ඤසී’ති.
Sinhala BJT43. එකල්හි මහණෙනි, විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක්, බෙහෝ හවුරුදු සිය ගණනක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරා බණවා ‘යහළු සැරිය, මනාප මනාප යානයන් යොදව (පිළියෙල කරව), මනාප බිම් පෙදෙසක්වූ උයන් බිම දක්නට යමු’ කීය. මහණෙනි, රියැදුරු තෙම ‘දේවයිනි එසේ යැ’ යි කියා විපස්සී කුමරහට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදා ‘දේවයිනි, ඔබට මනාප මනාප යානයෝ යොදන ලදහ. යම් ගමනකට කලැයි සිතන සේක් නම් (දැන් ඒ ගමන අරඹනු වටී යැ)’ යි සැළ කළේය.
Pali BJT44. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං{2} යානං අභිරූහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි. අද්දසා ඛො භික්ඛවෙ විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො{3} පුරිසං ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං{4} දණ්ඩපරායණං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං දිස්වා සාරථිං ආමන්තෙසි: අයම්පන සම්ම සාරථි පුරිසො කිඞ්කතො? කෙසා’පි’ස්ස න යථා අඤ්ඤෙසං, කායො’පි’ස්ස න යථා අඤ්ඤෙසන්ති”. “එසො ඛො දෙව ජිණ්ණො නාමා”ති. “කිම්පනෙසො සම්ම සාරථි ජිණ්ණො නාමා?”ති. “එසො ඛො දෙව ජිණ්ණො නාම: න’දානි තෙන චිරං ජීවිතබ්බං භවිස්සතී”ති. “කිම්පන සම්ම සාරථි අහම්පි ජරාධම්මො ජරං අනතීතො?’ති. “ත්වඤ්ච දෙව මයඤ්චම්හා සබ්බෙ ජරාධම්මා ජරං අනතීතා”ති. “තෙන හි සම්ම සාරථි අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී”ති. එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ච අන්තෙපුරං පච්චනිය්යාසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො අන්තෙපුරගතො{5} දුක්ඛී දුම්මනො පජ්ඣායති: “ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT44. මහණෙනි, ඉක්බිති විපස්සී කුමර භද්‍ර වූ යානයක් නැඟ භද්‍ර වූ භද්‍ර වූ යානයන්ගෙන් උපලක්‍ෂිත වැ උයන්බිම බලා නික්මියේ ය. මහණෙනි, විපස්සී කුමර තෙම උයන් බලා යන්නේ, ගොනැස්සක් මෙන් වක් වූ, තුන් කුදු ගැසුණු, සැරයැටිය පිළිසරණ කොටැති, වෙවුලමින් යන, ජරාතුර වූ, ඉක්මුණු යොවුන් ඇති, ජරපත් මිනිසක්හු දිටී. දැක රියැදුරා අමතා, “යහළු සැරිය, මෙතෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහුගේ හිසකෙස් ද සෙස්සන්ගේ බඳු නො වෙයි. මොහුගේ කය සෙස්සන්ගේ බඳු නො වේ යැ” යි කී ය. “දේවයිනි, මෙ තෙම ජීර්‍ණ (ජරපත්තේ) නමැ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, මේ ජීර්‍ණ නම් කිමැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, ඔහු විසින් බොහෝ කල් ජීවත් විය නොහැක්කේ ය, මෙසේ වූ තැනැත්තේ ජීර්‍ණ නම් වේ” යැ යි රියැදුරු කී ය. “කිම, යහළු සැරිය, මමත් දිරන සුලුයෙම්, දිරුම නො ඉක්මියෙම් වෙම් දැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, ඔබ අපි ද හැම දෙන මෝ දිරන සුල්ලම්හ, දිරුම නො ඉක්මියම්හ” යි රියැදුරු කී ය. යහළු සැරිය, එසේ වී නම් දැන් අද උයන්බිමෙන් කම් නැත. මේ තැනින් ම ඇතොවුරට පෙරළා නික්ම යව” යි කුමර කී ය. මහණෙනි, ‘එසේ යැ දේවයිනි’ යි රියැදුරු තෙම විපස්සී කුමරහට පිළි වදන් දී එතැනින් ම ඇතොවුර කරා පෙරළා නික්මියේ ය. මහණෙනි, එහි විපස්සී කුමර ඇතොවුරට ගියේ (හුදෙකලා වැ හිඳ) දුක් ඇතියේ දොම්නස් ඇතියේ, ‘භවත්නි, යම් ඉපැත්මක් ඇති කලැ එසේ උපන්නහුට ජරාව පැනෙන්නේ ද, එසේ වූ ඒ ඉපැත්මට නින්‍දා වේ වා’ යි සිතිවිලි සිතයි.
Pali BJT45. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච: “කච්චි සම්ම සාරථි කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී?”ති. “න ඛො දෙව කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ. න ඛො දෙව කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී”ති. “කිම්පන සම්ම සාරථි අද්දස කුමාරො උය්යානභූමිං නිය්යන්තො?”ති.
Sinhala BJT45. මහණෙනි, එ කල්හි බන්‍ධුමත් රජ තෙම රියැදුරා කැඳවා, “කිමෙක් ද යහළු සැරියැ, කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? කිමෙක් ද යහළු සැරිය, කුමර උයන් බිමෙහි සතුටු වූයේ දැ?” යි ඇසීය. “දේවයිනි, කුමර තෙම උයන්බිමැ නො මැ ඇලුණේය. දේවයිනි, කුමර තෙම උයන් බිමෙහි නො මැ සතුටු වූයේ යැ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිම් කරා නික්මැ යනුයේ කුමක් නම් දිටී දැ?” යි රජ පුළුවුත.
Pali BJT“අද්දසා ඛො දෙව, කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායණං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං. දිස්වා මං එතදවොච: අයම්පන සම්ම සාරථි, පුරිසො කිඞ්කතො? කෙසාපිස්ස න යථා අඤ්ඤෙසං, කායො’පි’ස්ස න යථා අඤ්ඤෙසන්ති.” ‘එසො ඛො දෙව, ජිණ්ණො නාමා ති. “කිම්පන සො සම්ම සාරථි, ජිණ්ණො නාමා?”ති. ‘එසො ඛො දෙව, ජිණ්ණො නාම. න’දානි තෙන චිරං ජීවිතබ්බං භවිස්සතී’ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි ජරාධම්මො, ජරං අනතීතො?”ති. ‘ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ ජරාධම්මා ජරං අනතීතා ති. “තෙන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී”ති. ‘එවං දෙවාති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසිං. සො ඛො __දෙව__, කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: ‘ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී’ති.
Sinhala BJT“දේවයිනි, කුමරතෙම උයන්බිම කරා නික්මැ යනුයේ ගොනැස්සක් මෙන් වක් වූ, තුන් කුදු ගැසුණු, සැරයැටිය පිළිසරණ කොටැති, වෙවුලමින් යන, ජරාතුර වූ, ගිය යොවුන් ඇති, ජීර්‍ණ මිනිසක්හු දිටී ය. දැක මා අමතා ‘යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහුගේ හිසකෙස් ද සෙස්සන්ගේ මෙන් නො වෙයි. මොහුගේ කය ද සෙස්සන්ගේ මෙන් නො වේ’ යැ යි කී ය. ‘දේවයිනි, මෙ තෙම ජීර්‍ණ නම් වේ’ යැ යි කීමි. ‘යහළු සැරිය, ජීර්‍ණ නම් කිමැ’ යි හේ පුළුවුත. ‘දැන් ඔහු විසින් බොහෝ කලක් ජීවත් විය හැකි නො වන්නේ ය. මේ ජීර්‍ණ නමැ’ යි කීමි. ‘කිම යහළු සැරිය, මමත් දිරන සුල්ලෙම් ද? දිරුම නො ඉක්මියෙම් දැ?’ යි කුමර ඇසී. ‘දේවයිනි, මුබත් අපිත් සැම දෙන ම දිරන සුල්ලම්හ. ජරාව නො ඉක්මියම්හ’ යි මම් කීමි. ‘එසේ වී නම් යහළු සැරිය, අද දැන් උයන්බිමෙන් කම් නැත. මෙයින් ම ඇතොවුර කරා යව’ යි ඔබ කීහ. ‘එසේ ය, දේවයිනි’ යි කියා මම් විපස්සී කුමාරයනට පිළිවදන් දී, එයින් ම පෙරළා ඇතොවුරට ගියෙමි. දේවයිනි, ඇතොවුරට ගිය එ කුමරාණෝ දුක් දොම්නස් ඇත්තෝ, යමෙකින් උපන්නහුට ජරාව පැණෙන්නේ ද, භවත්නි, ඒ ඉපැත්ම නින්‍දාවට භාජන වේ වා’ යි සිතිවිලි සිතන්නාහ” යි රියැදුරු කී යැ.
Pali BJT46. අථ ඛො භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි: මාහෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි. මාහෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි. මාහෙව නෙමිත්තානං බ්රාහ්මණානං සච්චං අස්ස වචනන්ති. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය පඤ්චකාමගුණානි උපට්ඨාපෙසි යථා විපස්සී කුමාරො න අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය, යථා නෙමිත්තානං බ්රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
Sinhala BJT46. මහණෙනි, එකලැ බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා වා. විපස්සී කුමර තෙම ගිහි ගෙන් නික්මැ පැවිදි නො වේවා. බහුණන්ගේ බස් සබා නො වේවා” යි මෙ සිත විය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ විපස්සී කුමර යම්සේ රජය කරවන්නේ ද, විපස්සී කුමර යම්සේ ගිහි ගෙන් නික්මැ පැවිදි නො වන්නේ ද, යම්සේ නෛමිත්තික බ්‍රාහ්මණයන්ගේ බස් නො සබා වන්නේ ද, එසේ වඩාලාත් පස්කම් ගුණ එළැවී යැ. මහණෙනි, එකලැ විපස්සී කුමර පස් කම්ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් පිණවා ලයි.
Pali BJT47. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: යොජෙහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: යුත්තානි ඛො තෙ දෙව, භද්දානි භද්දානි යානානි. යස්සදානි කාලං මඤ්ඤසී’ති.
Sinhala BJT47. මහණෙනි, එකල්හි විපස්සී කුමර බොහෝ හවුරුදු ගණනෙක, බොහෝ අවුරුදු සිය ගණනෙක, බොහෝ වහුරුදු දහස්ගණනෙක ඇවෑමෙන් රියැදුරු බණවා යහළු ‘සැරිය, උතුම් උතුම් යානයන් යොදවා. ප්‍රියභූමිවූ උයන්බිම දක්නට යම්හයි කීය. මහණෙනි, ‘එසේ යැ දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරුනට පිළිවදන් දී උතුම් උතුම් යානයන් යොදා ‘දේවයිනි, උතුම් යාන යොදන ලද, යම් ගමනකට කල් යැ යි සිතන්නහු නම්, දැන් එයට සුදුසු යැ’ කී ය.
Pali BJT48. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරූහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමානං. දිස්වා සාරථිං ආමන්තෙසි: අයම්පන, සම්ම සාරථි, පුරිසො කිඞ්කතෙ? අක්ඛීනිපි’ස්ස න යථා අඤ්ඤෙසං, සරොපි’ස්ස න යථා අඤ්ඤෙසන්ති. එසො ඛො දෙව, බ්යාධිතො නාමා’ති. “කිම්පන සො සම්ම සාරථි, බ්යාධිතො නාමා?”ති. ‘එසො ඛො දෙව, බ්යාධිතො නාම, අප්පෙවනාම තම්හා ආබාධා වුට්ඨහෙය්යා’ති:-
Sinhala BJT48. මහණෙනි, එකල්හි විපස්සී කුමර උතුම් යානයක් නැඟ උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත ව උයන්බිම බලා නික්මිණ. මහණෙනි, විපස්සී කුමර තෙම උයන්බිම් යනුයේ ගිලන් වූ දුකට පත්, දැඩි සේ ගිලන් වූ, සිය මලමූයෙහි ගැලී හෝනා, අනුන් විසින් නගා සිටුවනු ලබන, අනුන් විසින් හොවනු ලබන පුරුෂයකු දිටී ය. දැක, රියැදුරු බණවා, ‘යහළු සැරිය, මේ මිනිස් තෙම කුමක් කරනු ලැබුයේ ද? මොහුගේ ඇස් ද සෙස්සන්ගේ මෙන් නො වේ. මොහුගේ කටහඬ ද සෙස්සන්ගේ මෙන් නො වේ යැ’ යි කී ය. ‘දේවයිනි, මේ වූකලී ලෙඩින් පෙළුණේ’ යි හේ පිළිවදන් දින. ‘යහළු සැරිය, මේ ලෙඩින් පෙළුණේ යනු කිමැ?’ යි කුමර පුළුවුත. ‘දේවයිනි, මේ ලෙඩින් පෙළුණේ නම් වේ. මෙ තෙම ඒ ලෙඩින් නැඟී සිටුනේ නම් මැනැවැ’ යි (පැතියැ යුත්තෙකු) රියැදුරු කී ය.
Pali BJT“කිම්පන සම්ම සාරථි, අහම්පි බ්යාධිධම්මො බ්යාධිං අනතීතො?”ති. “ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ බ්යාධිධම්මා බ්යාධිං අනතීතා”ති. “තෙන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: “ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්යාධි පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT“යහළු සැරිය, කිමෙක් ද මමත් ලෙඩින් පෙළෙන සුළු වෙම් ද? ලෙඩ නො ඉක්මියෙම් වෙම් දැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, මුබත් අපිත් යන හැම දෙන මෝ ලෙඩින් පෙළෙන සුල්ලම්හ, ලෙඩ නො ඉක්මියම්හ” යි රියැදුරු කීය. “එසේ නම් යහළු සැරිය, අද දැන් උයන් බිමෙන් කම් නැත. මෙ තැනින් ම ඇතොවුරට පෙරළා නික්මෙව” යි කුමර කී ය. ‘එසේ යැ දේවයිනි’ යි කියා රියැදුරා තෙම විපස්සී කුමරහට පිළිවදන් දී එතැනින් ම ඇතොවුර බලා නික්මුණේ ය. මහණෙනි, එහි විපස්සී තෙම දුක් ඇති යේ, දොම්නස් ඇතියේ “භවත්නි, යම් ඉපැත්මෙකින් උපන්නහුට ජරාවෙක් පැණෙන්නේ නම්, ව්‍යාධියෙක් පැණෙන්නේ නම්, ඒ ඉපැත්ම නින්‍දාවට භාජන වේවා’ යි සිතිවිලි සිතයි.
Pali BJT49. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච: “කච්චි සම්ම සාරථි, කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි, කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී?”ති. “න ඛො දෙව, කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී”ති. කිම්පන සම්ම සාරථි, අද්දස කුමාරො උය්යානභූමිං, නිය්යන්තො?”ති.
Sinhala BJT49. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම රියැදුරා කැඳවා, “යහළු සැරිය, කිමෙක් ද කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? කිමෙක් ද, යහළු සැරිය, කුමර උයන් බිම සතුටු වී දැ?” යි පුළුවුත. “දේවයිනි, කුමරුවාණෝ උයන්බිමැ නො ම ඇලුණහ. දේවයිනි, කුමරුවාණෝ උයන්බිමැ නො ම සතුටු වූහ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිමට යනුයේ කුමක් දිටී දැ” යි රජ පුළුවුත.
Pali BJT50. “අද්දසා ඛො දෙව, කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පළිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසීයමානං, දිස්වා මං එතදවොච: අයම්පන්න සම්ම සාරථි, පුරිසො කිඞ්කතො? අක්ඛීනිපි’ස්ස න යථා අඤ්ඤෙසං, සරොපි’ස්ස න යථා අඤ්ඤෙසන්ති. “එසො ඛො දෙව, බ්යාධිතො නාමා”ති. “කිම්පනෙස සම්ම සාරථි බ්යාධිතො නාමා?”ති. “එසො ඛො දෙව, බ්යාධිතො නාම අප්පෙව නාම තම්හා ආබාධා වුට්ඨහෙය්යා”ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි ව්යාධිධම්මො, ව්යාධිං අනතීතො?”ති. “ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ ව්යාධිධම්මා ව්යාධිං අනතීතා”ති. “තෙන හි සම්ම සාරථි, අලං දානජ්ජ උය්යානභූමියා ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී’ති. ‘එවං දෙවා’ති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසිං. සො ඛො දෙව, කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: “ධිරත්ථු කිර භො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, ව්යාධි පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT50. “දේවයිනි, කුමරුවාණෝ උයන් බිම වඩිනුවෝ දුකට පත් දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැලී හෝනා අනුන් විසින් නඟා සිටුවනු ලබන අනුන් විසින් හිඳුවනු ලබන ලෙඩින් පෙළුණු මිනිසක්හු දුටහ. දැක, මා බණවා ‘යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයේ ද? මොහුගේ ඇසුදු සෙස්සන්ගේ සේ නො වෙයි, මොහුගේ කටහඬ ද සෙස්සන්ගේ මෙන් නොවේ යැ’ යි කිවුය. ‘දේවයිනි, මේ වූ කලි ලෙඩින් පෙළුණේ නමැ’ යි මම් කීමි. ‘යහළු සැරිය, මේ ලෙඩින් පෙළුණේ නම් කිමැ?’ යි කුමරාණෝ පුළුවුත්හ. ‘මෙ තෙම ඒ ලෙසින් නැගී සිටුනේ නම් ඉතා යෙහෙකැ’ යි පැතියැ යුතු වූ රෝගියෙක් නමැ’ යි කීමි. ‘කිමෙක් ද යහළු සැරිය, මමත් ලෙඩින් පෙළෙන සුල්ලෙම් ද? ලෙඩ නො ඉක්මියෙම් දැ?” යි කුමරාණෝ පුළුවුත්හ. “දේවයිනි, මුබත් අපිත් යන හැම දෙන ම ව්‍යාධිය ස්වභාව කොට ඇත්තම්හ, ව්‍යාධිය නො ඉක්මියම්හ’ යි මම් කීමි. “එසේ නම් යහළු සැරිය, අද දැන් උයන්බිමෙන් කම් නැත. මෙ තැනින් ම ඇතොවුර බලා නික්මැ යා” යි කුමරාණෝ කීහ. “දේවයිනි, මම් ද එසේ යැ, දේවයිනි, කියා විපස්සී කුමාරයනට පිළිවදන් දී එ තැනින් ම ඇතොවුර බලා නික්මියෙමි. දේවයිනි, ඇතොවුර වන් ඒ කුමරාණෝ දුක් ඇත්තෝ දොම්නස් ඇත්තෝ ‘යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ නම්, ව්‍යාධිය පැණෙන්නේ නම් ඒ ඉපැද්ම නින්‍දාවට භාජන වේවා’ යි සිතිවිලි සිතත්” යැයි රියැදුරු කී ය.
Pali BJT51. අථ ඛො භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි: මා හෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි. මා හෙව ඛො විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි. මා හෙව නෙමිත්තානං බ්රාහ්මණානං සච්චං අස්ස වචනන්ති.
Sinhala BJT51. මහණෙනි, එකලැ බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා, විපස්සී කුමර ගිහිගෙන් නික්මැ පැවිදි නො වේ වා, නෛමිත්තික බ්‍රාහ්මණයන්ගේ බස සත්‍ය නො වේ වා” යි මේ සිත විය.
Pali BJT52. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨපෙසි, යථා විපස්සී කුමාරො රජ්ජං කාරෙය්ය, යථා විපස්සී කුමාරො න අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය, යථා නෙමිත්තානං බ්රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
Sinhala BJT52. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජ තෙම යම්සේ විපස්සී කුමරු රජය කරවන්නේ ද, විපස්සී කුමරු ගිහිගෙය හැර පැවිදි නො වන්නේ ද, යම් සේ නිමිති කී බමුණන්ගේ බස බොරු වන්නේ ද, එසේ විපස්සී කුමරහට වඩාලාත් පස්කම්ගුණ එළැවී යැ. මහණෙනි, එහි විපස්සී කුමර තෙම පස්කම්ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි.
Pali BJT53. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: “යොජෙහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: “යුත්තානි ඛො තෙ දෙව, භද්දානි භද්දානි යානානි යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි.
Sinhala BJT53. මහණෙනි, ඉක්බිති විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සියගණනක්, බොහෝ හවුරුදු දහස්ගණනක් ඇවෑමෙන් රියැදුරු බණවා, “යහළු සැරිය, උතුම් යානයන් යොදවා සුභූමි වූ උයන්බිම දක්නට යම්හ” යි කී ය. මහණෙනි, ‘එසේ යැ, දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී උතුම් උතුම් යානයන් යොදා, “දේවයිනි, මුබට උතුම් උතුම් යාන යොදන ලද. යම් ගමනකට කල් යැ යි සිතත් නම් දැන් එයට සුදුසු යැ” යි සැළ කෙළේ ය. මහණෙනි, එකල්හි විපස්සී කුමර තෙම උතුම් යානයක් නැඟ උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ උයන්බිම බලා නික්මියේ ය.
Pali BJT54. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං, දිස්වා සාරථිං ආමන්තෙසි; “කින්නු ඛො සො සම්ම සාරථි, මහාජනකායො සන්නිපතිතො, නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී?”ති. “එසො ඛො දෙව, කාලකතො නාමා’ති. “තෙන හි සම්ම සාරථි, යෙන සො කාලකතො තෙන රථං පෙසෙහී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යෙන සො කාලකතො තෙන රථං පෙසෙසි.
Sinhala BJT54. මහණෙනි, විපස්සී කුමර උයන්බිම බලා යන්නේ එක්රැස් වැ නන්වැදෑරුම් රතුවතින් සිවිගෙයක් කරන මහ ජනමුළුවක් දිටී. දැක රියැදුරා අමතා “යහළු සැරිය, මහ ජනමුළුවක් රැස් වැ නන්වැදෑරුම් රත්වතින් සිවිගෙයක් කුමට කෙරෙයි දැ?” යි විචාළේ ය. “දේවයිනි, මෙහි මේ (මිනිසෙක්) කලුරිය කෙළේ නම් වේ” යැ යි රියැදුරා කී ය. “යහළු සැරිය, එසේ නම් ඒ කලුරිය කළහු වෙතට රිය පදුව” යි කුමර කී ය. ‘එසේය දේවයිනි’ යි විපස්සී කුමරහට පිළිවදන් දී රියැදුරු තෙම ඒ කලුරිය කළහු වෙත රිය පැදවී ය.
Pali BJT55. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො පෙතං කාලකතං දිස්වා සාරථිං ආමන්තෙසි: “කිම්පනායං සම්ම සාරථි, කාලකතො නාමා?”ති. “එසො ඛො දෙව, කාලකතො නාම. න’දානි තං දක්ඛින්තී මාතා වා පිතා වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. සො’පි න දක්ඛිස්සති මාතරං වා පිතරං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ”ති. කිම්පන සම්ම සාරථි, අහම්පි මරණධම්මො මරණං අනතීතො? මම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතො? අහම්පි න දක්ඛිස්සාමි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ?”ති.
Sinhala BJT55. මහණෙනි, විපස්සී කුමර තෙම ඉවත් වූ සිත් සතන් ඇති කලුරිය කළහු දිටී. දැක රියැදුරු බණවා “යහළු සැරිය, මේ කලුරිය කෙළේ යනු කිමැ?” යි පුළුවුත. “දේවයිනි, දැන් මව හෝ පියා හෝ අන් සහලේ නෑ කෙනෙක් හෝ ඔහු නො දක්නාහ. හේ ද මව හෝ පියා හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නේ ය. මෙසේ වූ තැනැත්තේ කලුරිය කෙළේ නම් වේ යැ” යි රියැදුරු කී ය. “කිමෙක් ද යහළු සැරිය, මමත් මැරෙන සුල්ලෙම් ද? මරණය නො ඉක්මියෙම් ද? පිය රජ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ මා නො දක්නාහු ද? මමත් පියරජු හෝ මාතෘදේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නෙම් දැ?” යි කුමර පුළුවුත.
Pali BJT“ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ මරණධම්මා මරණං අනතීතා. තම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. ත්වම්පි න දක්ඛිස්සසි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ”ති. “තෙනහි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා, ඉතො’ව අන්තෙපුරං පච්චනීය්යාහී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා, තතො’ව අන්තෙපුරං පච්චනීය්යාසි. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති “ධිරත්ථු කිර හො ජාති නාම, යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්යාධි පඤ්ඤායිස්සති, මරණං පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT“දේවයිනි, මුබ ද අපි ද යන හැම දෙන ම මැරෙන සුල්ලම්හ, මරණය නො ඉක්මියම්හ. පියරජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේනෑයෝ හෝ මුබත් නො දක්නාහ. මුබ ද පියරජාණන් හෝ මාතෘ දේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දකිති’ යි රියැදුරු කී ය. “යහළු සැරිය, එසේ නම් අද උයන්බිමෙන් කම් නැත, මෙ තැනින් ම ඇතොවුර බලා නික්මෙව” යි කුමර කී ය. මහණෙනි, රියැදුරු තෙම ‘එසේ ය, දේවයිනි’ යි කියා විපස්සී කුමර හට පිළිවදන් දී එතැනින් ම ඇතොවුර බලා නික්මිණ. මහණෙනි, විපස්සී කුමර එහි ඇතොවුරට ගියේ, දුක් ඇතියේ, දොම්නස් ඇතියේ, “භවත්නි, යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ ද, ව්‍යාධිය පැණෙන්නේ ද, මරණය පැණෙන්නේ ද, එසේ වූ ඒ ඉපැද්ම නින්‍දාවට භාජන වේ වා” යි කී ය.
Pali BJT56. අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා එතදවොච: “කච්චි සම්ම සාරථි, කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්මසාරථි, කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී?ති” “න ඛො දෙව කුමාරො උය්යානභූමියා අභිරමිත්ථ, න ඛො දෙව කුමාරො උය්යානභූමියා අත්තමනො අහොසී”ති. “කිම්පන සම්ම සාරථි, අද්දස කුමාරො උය්යානභූමිං නිය්යන්තො?”ති.
Sinhala BJT56. මහණෙනි, එ කල්හි බන්‍ධුමත් රජ රියැදුරු කැඳවා “යහළු සැරිය, කිම, කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? යහළු සැරිය, කිම, කුමර තෙම උයන්බිම කෙරෙහි සතුටු වී දැ?” යි පුළුවුත. “දේවයිනි, කුමාරයාණෝ උයන්බිමැ නො ම ඇලුණහ. දේවයිනි, කුමාරයාණෝ උයන්බිම කෙරෙහි නො ම සතුටු වූහ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිම යනුයේ කුමක් දුටු දැ?” යි රජ පුළුවුත.
Pali BJT57. “අද්දස්සා ඛො දෙව, කුමාරො උය්යානභූමිං නිය්යන්තො මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං, දිස්වා මං එතදවොච: ‘කින්නු ඛො සො සම්ම සාරථි, මහාජනකායො සන්තනිපතිතො, නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී?ති. ‘එසො ඛො දෙව, කාලකතො නාමා’ති. ‘තෙන හි සම්ම සාරථී, යෙන සො කාලකතො තෙන රථං පෙසෙහී’ති. ‘එවං දෙවා’ති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යෙන සො කාලකතො තෙන රථං පෙසෙසිං. අද්දසා ඛො දෙව, කුමාරො පෙතං කාලකතං. දිස්වා මං එතදවොච: ‘කිම්පනායං සම්ම සාරථි, කාලකතො නාමා?’ති. ‘එසො ඛො දෙව, කාලකතො නාම. න’දානි තං දක්ඛින්ති මාතා වා පිතා වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. සො’පි න දක්ඛිස්සති මාතරං වා පිතරං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ’ති. ‘කිම්පන සම්ම සාරථි, අහම්පි මරණධම්මො මරණං අනතීතො? මම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා? අහම්පි න දක්ඛිස්සාමි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ?’ති. ‘ත්වඤ්ච දෙව, මයඤ්චම්හා සබ්බෙ මරණධම්මා මරණං අනතීතා. තම්පි න දක්ඛින්ති දෙවො වා දෙවී වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතා. ත්වම්පි න දක්ඛිස්සසි දෙවං වා දෙවිං වා අඤ්ඤෙ වා ඤාතිසාලොහිතෙ’ති.’
Sinhala BJT57. “දේවයිනි, කුමරාණෝ උයන්බිම උයන්බිම් යනුවෝ රැස් වැ රත්පෑ වතින් සිවිකාවක් කරන මහජන මුළුවක් දුටු. දැක මා අමතා ‘යහළු සැරිය, කවර හෙයින් එ මහජනමුළුවෙක් රැස් වූයේ වේ ද, නන් රත්පෑ වතින් සිවිගෙයකුත් කෙරේ දැ?’ යි විචාළේ ය. ‘දේවයිනි, මෙ තෙමේ කලුරිය කෙළේ නම් වේ’ යැ යි මම් කීමි. ‘එසේ වී නම්, යහළු සැරිය, ඒ කලුරිය කළහු හොත් තැනට රිය පදව’ යි කුමරාණෝ කීහ. ‘එසේ යැ දේවයිනි’ යි මම් විපස්සී කුමරාණන්ට පිළිවදන් දී ඒ කලුරිය කළාහු වෙත රථය ගෙන ගියෙමි. දේවයිනි, කුමරාණෝ සිත්සතන් ඉවත් ව ගිය කලුරිය කළහු දුටුහ. දැක ‘යහළු සැරිය, මේ කලුරිය කෙළේ යනු කිම් දැ?’ යි මා විචාළේය. ‘දේවයිනි, දැන් ඔහු මාපියෝ හෝ අන් සහලේ නෑයෝ හෝ නො දක්නාහ. හෙ ද මව හෝ පියා හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නේය. මෙ කලුරිය කෙළේ නම් වේ’ යැ යි මම් කීමි. ‘යහළු සැරිය, කිම, මමත් මැරෙන සුල්ලෙම් ද, මරණය නො ඉක්මියෙම් ද? මාත් පිය රජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ නො දක්නාහු ද? මමත් පිය රජාණන් හෝ මාතෘදේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දැක්ක හෙම් දැ?’ යි කුමරාණෝ මා පුළුවුත් හ. ‘දේවයිනි, මුබත් අපිත් යන හැම දෙනමෝ මැරෙන සුල්ලම්හ, මරණය නො ඉක්මියම්හ. පිය රජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ මුබත් නො දක්නාහ, මුබ ද පියරජාණන් හෝ මාතෘ දේවිය හෝ අන් සහලේ නෑයන් හෝ දැක්ක නො හෙති’ යි මම් කීමි.
Pali BJT‘තෙන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්යානභූමියා. ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහී’ති. ‘එවං දෙවා’ති ඛො අහං දෙව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසිං. සො ඛො දෙව, කුමාරො අන්තෙපුරගතො දුක්ඛී දුම්මනො පජ්ඣායති: ‘ධිරත්ථු කිර භො ජාති නාම යත්ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්යාධි පඤ්ඤායිස්සති, මරණං පඤ්ඤායිස්සතී”ති.
Sinhala BJT‘යහළු සැරිය, එසේ වී නම් අද උයන් බිමෙන් කම් නැත . මෙ තැනින් ම ඇතොවුර බලා නික්මෙව’ යි කුමරාණෝ කීහ. දේවයිනි, මම් ‘එසේ ය, දේවයිනි’ යි කියා විපස්සී කුමරාණනට පිළිවදන් දී, එ තැනින් ම ඇතොවුර බලා නික්මිණිමි. දේවයිනි, ඒ කුමරාණෝ ඇතොවුර වන්නෝ දුක් ඇත්තෝ, දොම්නස් ඇත්තෝ, ‘භවත්නි, යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ නම්, ව්‍යාධිය පැණෙන්නේ නම්, මරණය පැනෙන්නේ නම්, ඒ ඉපැත්ම නින්‍දාර්‍හ වේ වා’ යි සිතිවිලි සිතත්” යැ යි රියැදුරු සැළ කළේ ය.
Pali BJT58. අථ ඛො භික්ඛවෙ, බන්ධුමස්ස රඤ්ඤො එතදහොසි: “මාහෙව ඛො විපස්සී කුමාරො න රජ්ජං කාරෙසි. මාහෙව විපස්සී කුමාරො අගාරස්මා අනගාරියං පබ්බජි. මාහෙව ඛො නෙමිත්තානං බ්රාහ්මණානං සච්චං අස්ස වචනන්ති.” අථ ඛො භික්ඛවෙ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්යොසොමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨපෙසි, යථා විපස්සී කුමාරො රජ්ජං කාරෙය්ය, යථා විපස්සී කුමාරො න අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය, යථා නෙමිත්තානං බ්රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී කුමාරො පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
Sinhala BJT58. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා වා, විපස්සී කුමර ගිහි ගෙන් නික්මැ පැවිද්දට නො ම වදී වා, නිමිත්තපාඨක බමුණන් බස් සබා නො වේ වා” යි මේ සිත වී ය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම, යම්සේ විපස්සී කුමර රජය කරවනු කැමැති වන්නේ ද, යම්සේ විපස්සී කුමර ගිහිගෙන් නික්මැ නො ම පැවිදි වන්නේ ද, යම්සේ නිමිත්තපාඨක බමුණන් බස් බොරු වන්නේ ද, එසේ විපස්සී කුමරහට වඩාලාත් පස්කම්ගුණ එළැවී ය. මහණෙනි, විපස්සී කුමාර තෙම එහි පස්කම්ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි.
Pali BJT59. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන සාරථිං ආමන්තෙසි: “යොජෙහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යොජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවෙදෙසි: “යුත්තානි ඛො තෙ දෙව, භද්දානි භද්දානි යානානි, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි උය්යානභූමිං නිය්යාසි.
Sinhala BJT59. මහණෙනි, එකල්හි විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක් බොහෝ හවුරුදු සිය ගණනක් බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු අමතා, “යහළු සැරිය, උතුම් උතුම් යාන යොදව, සුභූමියවූ උයන් බිම දක්නා පිණිස යම්හ” යි කී ය. මහණෙනි, ‘දේවයිනි, එසේ යැ’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී උතුම් උතුම් යාන යොදා ‘දේවයිනි, මුබට උතුම් උතුම් යාන යොදන ලද. යම් ගමනකට කල් සිතත් නම් දැන් ඒ කාලය පැමිණියේ යැ’ යි දැන්වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම උතුම් යානයක් අරා උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ උයන්බිම බලා නික්මිණ.
Pali BJT60. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො උය්යානභූමිං නිය්යන්තො පුරිසං භණ්ඩුං පබ්බජිතං කාසාවවසනං දිස්වා සාරථිං ආමන්තෙසි: “අයම්පන සම්ම සාරථි, පුරිසො කිඞ්කතො? සීසම්පි’ස්ස න යථා අඤ්ඤෙසං, වත්ථානි පි’ස්ස න යථා අඤ්ඤෙස”න්ති. “එසො ඛො දෙව, පබ්බජිතො නාමා”ති. කිම්පනෙසො සම්ම සාරථි, පබ්බජිතො නාමා?”ති. “එසො ඛො දෙව, පබ්බජිතො නාම: ‘සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා”ති. “සාධු ඛො සො සම්ම සාරථි, පබ්බජිතො නාම. සාධු සම්ම සාරථි, ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා. තෙන හි සම්ම සාරථි, යෙන සො පබ්බජිතො තෙන රථං පෙසෙහී”ති.
Sinhala BJT60. මහණෙනි, විපස්සී කුමාර තෙම උයන්බිම බලා නික්ම යනුයේ, හිසමුඬු, පැවිදි වූ, කසාවත් සන් පුරිසක්හු දුටුයේ ය. දැක, රියැදුරා අමතා, යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහු හිස ද සෙස්සන්ගේ මෙන් නො වේ, වස්ත්‍ර ද සෙස්සන්ගේ මෙන් නො වේ” යැ යි කී ය. “දේවයිනි, පැවිද්දා නම් මෙ තෙමේ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, මේ පැවිද්දා නම් කිමැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, මෙ තෙම ‘දහම් පුරනු මැනැව’ යි, කෙලෙසුන් සංහිඳුවනු මැනැවැ යි, කුසල් දරනු මැනැවැ යි, පින් කරනු මැනැවැයි, අවිහිංසාව මැනැවැ යි, සත්ත්‍වානුකම්පාව මැනැවැ යි සිතා එය පුරනු පිණිස පැවිදි වූයේ නම් වේ” යැ යි රියැදුරු කී ය. “යහළු සැරිය, ඒ පැවිද්දා නම් මැනැව, යහළු සැරිය, ධර්‍මචර්‍ය්‍යාව මැනැව. ශමචර්‍ය්‍යාව මැනැව. කුශල ක්‍රියාවමැනැව. පුණ්‍යක්‍රියාව මැනැව. අවිහිංසාව මැනැව. සත්ත්‍වානුකම්පාව මැනැව. යහළු සැරිය, එසේ නම් ඒ පැවිද්දා වෙතට රිය පදුව” යි කුමර කීය.
Pali BJT‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යෙන සො පබ්බජිතො තෙන රථං පෙසෙසි. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො තං පබ්බජිතං එතදවොච: “ත්වම්පන සම්ම, කිඞ්කතො? සීසම්පි තෙ න යථා අඤ්ඤෙසං, වත්ථානි’පි තෙ න යථා අඤ්ඤෙසන්ති?” “අහං ඛො දෙව, පබ්බජිතො නාමා”ති, “කිං පන ත්වං සම්ම, පබ්බජිතො නාමා?”ති. “අහං ඛො දෙව, පබ්බජිතො නාම, ‘සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා ති. “සාධු ඛො ත්වං සම්ම, පබ්බජිතො නාම, සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පාති.”
Sinhala BJTමහණෙනි, රියැදුරු තෙම ‘දේවයිනි, එසේ යැ’ යි කියා විපස්සී කුමරහට පිළිවදන් දී, ඒ පැවිද්දා වෙතට රිය පැදවී ය. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම ඒ පැවිද්දා බණවා, “යහළු, මුබ කුමක් කරනු ලැබුවෝ ද? මුබ හිස ද සෙස්සන්ගේ මෙන් නො වේ. මුබ හන් පෙරෙවි වත් ද සෙස්සන්ගේ මෙන් නො වේ” යැ යි කී ය. “දේවයිනි, මම් පැවිදි නම් වෙමි” යි හේ කී ය. “යහළු, භවත් කවර හෙයින් පැවිදි නම් වෙයි හො?” යි කුමර පුළුවුත. “දේවයිනි, මම ‘ධර්‍මචර්‍ය්‍යාව මැනැව, ශමචර්‍ය්‍යාව මැනැව, කුශලක්‍රියාව මැනැව, පුණ්‍යක්‍රියාව මැනැව, අවිහිංසාව මැනැව, සත්‍වානුකම්පාව මැනැවැ’ යි පැවිදි වූයෙමි’ යි හේ කී ය. “යහළු, මුබ ‘ධර්‍මචර්‍ය්‍යාව මැනැවැ යි, ශමචර්‍ය්‍යාව මැනැවැ යි, කුශලක්‍රියාව මැනැවැ යි, පුණ්‍යක්‍රියාව මැනැවැ යි, අවිහිංසාව මැනැවැ යි, සත්‍වානුකම්පාව මැනැවැ’ යි පැවිදි වූ සේ යහපතැ” යි විපස්සී කුමර කී ය.
Pali BJT61. අථ ඛො භික්ඛවෙ, විපස්සී කුමාරො සාරථිං ආමන්තෙසි: “තෙන හි සම්ම සාරථි, රථං ආදාය ඉතො’ව අන්තෙපුරං පච්චනිය්යාහි. අහං පන ඉධෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. ‘එවං දෙවා’ති ඛො භික්ඛවෙ සාරථි, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා රථං ආදාය තතො’ව අන්තෙපුරං පච්චනිය්යාසි.
Sinhala BJT61. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම රියැදුරා බණවා “එසේ නම් යහළු සැරිය, රිය ගෙන මෙ තැනින් ම ඇතොවුර බලා යා. මම් මෙහි ම කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් පැවිදි වදනෙමි” යි කී ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී රිය ගෙන එ තැනින් ම ඇතොවුර බලා නික්මියේ ය.
Pali BJT62. විපස්සී පන භික්ඛවෙ, කුමාරො තත්ථෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අස්සොසි ඛො භික්ඛවෙ, බන්ධුමතියා රාජධානියා මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි “විපස්සී කිර කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො”ති. සුත්වාන තෙසං එතදහොසි “න හි නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා{1} පබ්බජ්ජා, යත්ථ විපස්සී කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො. විපස්සී’පි{2} නාම කුමාරො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති කිමඞ්ගපන මයන්ති?” අථ ඛො සො භික්ඛවෙ, මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා විපස්සිං බොධිසත්තං අගාරස්මා අනගාරියං පබ්බජිතං අනුපබ්බජිංසු. තාය සුදං භික්ඛවෙ, පරිසාය පරිවුතො විපස්සී බොධිසත්තො ගාමනිගමජනපදරාජධානීසු චාරිකං චරති.
Sinhala BJT62. විපස්සී කුමර එහිදී ම කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් පැවිද්දට වන. මහණෙනි, බන්‍ධුමතී රජදහන්හි සුවාසූදහසක් පමණ වූ මහජනමුළුව ‘විපස්සී කුමරාණෝ කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වන්හ’ යි ඇසී. ඇසීමෙන් ඔවුනට “යමෙක විපස්සී කුමරාණෝ කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිදි වන්හු නම්, ඒ දහම්විනය ඇති සස්න සුලු එකෙක් නො වේ ම ය. ඒ පැවිද්ද සුලු නො වේ ම ය. විපස්සී කුමරාණෝත් කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිදි වූහු නම්, අප ගැන කියනු ම කිමැ?” යි මේ සිත් වි ය. මහණෙනි, ඉක්බිති සුවාසූදහසක් පමණ වූ ඒ මහජනමුළුව කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වන් විපස්සී බෝසතු අනුව පැවිදි වූහ. මහණෙනි, විපස්සී බෝසත් තෙම ඒ පිරිස විසින් පිරිවරන ලදු ව ගම්නියම්ගම්දනවුරජදහන්හි සැරි සරයි.
Pali BJT63. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: න ඛො මෙතං පතිරූපං යො’හං ආකිණ්ණො විහරාමි, යන්නූනාහං එකො ගණම්හා වූපකට්ඨො විහරෙය්යන්ති’. අථ ඛො භික්ඛවෙ, විපස්සී බොධිසත්තො අපරෙන සමයෙන එකො ගණම්හා වූපකට්ඨො විහාසි. අඤ්ඤෙනෙව තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි අගමංසු, අඤ්ඤෙන විපස්සී බොධිසත්තො.
Sinhala BJT63. මහණෙනි, එ කල්හි හුදෙකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ විපස්සී බෝසත්හට “යම්බඳුවූ මම් ගණයා විසින් පිරිවරන ලදු ව වෙසෙම් ද, එය මට නො සුදුසු ය. මම් එකලා වැ, ගණයා කෙරෙන් වෙන් නැ, වෙසෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත් තෙම පසු කලෙක එකලා වැ ගණයාගෙන් වෙන් වැ විසී ය. ඒ සුවාසූදහසක් පැවිද්දෝ අන් දෙසට ම ගියහ, විපස්සී බෝසත් අන් දෙසෙක ගියේ ය.
Pali BJT64. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස වාසූපගතස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කිච්ඡං වතායං ලොකො ආපන්නො, ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා?ති.
Sinhala BJT64. මහණෙනි, එ කල්හි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වැ (බෝමැඩැ) එක් රැයක් විසීමට පැමිණි විපස්සී බෝසත්හට “ඛේදයෙක, මෙ ලෝවැසි තෙම දුකට පැමිණියේ ය. හේ උපදනේ ද දිරනුයේ ද මියෙනුයේ ද වෙයි. එසේ චුත වනුයේ ද යලි උපදනේ ද වේ. එතෙකුදු වුවත් මේ දුඃඛයාගේ, මේ ජරාමරණ දෙක්හි නිඃසරණය නො දනියි. කවර දාක නම් මේ දුකේ නිඃසරණය පැණෙන්නේ දැ” යි මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
Pali BJT65. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති, කිම්පච්චයා ජරාමරණ’න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො “ජාතියා ඛො සති ජරාමරණං හොති, ජාතිපච්චයා ජරාමරණ”න්ති.
Sinhala BJT65. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “කුමක් ඇති කලැ ජරාමරණ වේ ද, කිමෙක පසයෙන් ජරාමරණ වේ දැ” යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “ජාතිය ඇති කලැ ජරාමරණ වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ” යැ යි උපායමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය, අවබෝධ වීයයි සේ යි.
Pali BJT66. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ජාති හොති, කිම්පච්චයා ජාතී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “භවෙ ඛො සති ජාති හොති, භවපච්චයා ජාතී”ති.
Sinhala BJT66. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කිමෙක පසයෙන් ජාතිය වේ දැ” මේ සිත විය. එකල්හි විපස්සී බෝසත්හට භවය ඇති කල්හි ජාතිය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT67. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති භවො හොති, කිම්පච්චයා භවො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො සති භවො හොති, උපාදානපච්චයා භවො”ති.
Sinhala BJT67. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි භවය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් භවය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හට “උපාදානය ඇති කල්හි භවය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT68. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති උපාදානං හොති, කිම්පච්චයා උපාදානන්ති.” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “තණ්හාය ඛො සති උපාදානං හොති, තණ්හාපච්චයා උපාදානන්ති.”
Sinhala BJT68. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි උපාදානය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් උපාදානය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “තෘෂ්ණාව ඇති කල්හි උපාදානය වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT69. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති තණ්හා හොති, කිම්පච්චයා තණ්හා”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “වෙදනාය ඛො සති තණ්හා හොති, වෙදනාපච්චයා තණ්හා”ති.
Sinhala BJT69. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT70. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති වෙදනා හොති, කිම්පච්චයා වෙදනා”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ඵස්සෙ ඛො සති වෙදනා හොති, ඵස්සපච්චයා වෙදනා”ති.
Sinhala BJT70. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් වේදනාව වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT71. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ඵස්සො හොති, කිම්පච්චයා ඵස්සො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො සති ඵස්සො හොති, සළායතනපච්චයා ඵස්සො”ති.
Sinhala BJT71. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “ෂඩායතනය ඇති කල්හි ස්පර්‍ශය වේ. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT72. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති සළායතනං හොති, කිම්පච්චයා සළායතනන්ති” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති සළායතනං හොති, නාමරූපපච්චයා සළායතනන්ති.”
Sinhala BJT72. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “නාමරූපය ඇති කල්හි ෂඩායතනය වේ. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT73. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති නාමරූපං හොති, කිම්පච්චයා නාමරූපන්ති” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො සති නාමරූපං හොති, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති.”
Sinhala BJT73. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි නාමරූපය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් නාමරූපය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “විඥානය ඇති කල්හි නාමරූපය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT74. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති විඤ්ඤාණං හොති, කිම්පච්චයා විඤ්ඤාණන්ති” අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං හොති, නාමරූපපච්චයා විඤ්ඤාණන්ති.”
Sinhala BJT74. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි විඥානය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් විඥානය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “නාමරූපය ඇති කල්හි විඥානය වේ. නාමරූපප්‍රත්‍යයෙන් විඥානය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT75. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “පච්චුදාවත්තති ඛො ඉදං විඤ්ඤාණං, නාමරූපම්හා නාපරං ගච්ඡති. එත්තාවතා ජායෙථ වා ජීයෙථ වා මිය්යෙථ වා චවෙථ වා උපපජ්ජෙථ වා, යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
Sinhala BJT75. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “මේ විඥානය පෙරළා නවතී ම ය. නාමරූපදෙකින් බැහැරට නො යෙ යි. මෙතෙකින් උපදනේ හෝ දිරනුයේ හෝ මියෙනුයේ හෝ චුත වන්නේ හෝ නැවැත උපදිනුයේ හෝ වේ. එනම්: නාමරූපපත්‍යයයෙන් විඥානය වේ, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ද ශෝකපරිදේව දුක් දොම්නස් උපායාසයෝ ද පහළ වෙත්. මෙසේ මේ සියලු දුක් රැසේ ඉපැද්ම වේ” යි මේ සිත විය.
Pali BJT76. ‘සමුදයො, සමුදයො’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJT76. මහණෙනි, විපස්සී බෝසත්හට ‘ඉපැත්ම, ඉපැත්ම’ යැ යි පෙරැ නො ඇසූ ධර්‍මවිෂයෙහි ඇස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT77. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති, කිස්ස නිරොධා ජරාමරණනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති, ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
Sinhala BJT77. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ දැ?” යි සිත විය. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “ජාතිය නැති කලැ ජරාමරණය නො වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ යැ” යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT78. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ජාති න හොති, කිස්ස නිරොධා ජාතිනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “භවෙ ඛො අසති ජාති න හොති, භවනිරොධා ජාතිනිරොධො”ති.
Sinhala BJT78. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ජාතිය නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජාතිනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “භවය නැති කලැ ජාතිය නො වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT79. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති භවො න හොති, කිස්ස නිරොධා භවනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො අසති භවො න හොති, උපාදානනිරොධා භවනිරොධො’ති.
Sinhala BJT79. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ භවය නො වේ ද? කිමෙක නිරෝධයෙන් භවනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “උපාදානය නැති කලැ භවය නො වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT80. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති උපාදානං න හොති, කිස්ස නිරොධා උපාදානනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “තණ්හාය ඛො අසති උපාදානං න හොති, තණ්හානිරොධා උපාදානනිරොධො”ති.
Sinhala BJT80. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ උපාදානය නො වේ ද? කිමෙක නිරෝධයෙන් උපාදානනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කලැ විපස්සී බෝසත්හට “තෘෂ්ණාව නැති කල්හි උපාදානය නො වේ, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT81. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති තණ්හා න හොති, කිස්ස නිරොධා තණ්හානිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “වෙදනාය ඛො අසති තණ්හා න හොති, වෙදනානිරොධා තණ්හානිරොධො”ති.
Sinhala BJT81. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ තෘෂ්ණාව නො වේ ද? කිමෙක නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “වේදනාව නැති කලැ තෘෂ්ණාව නො වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT82. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති වෙදනා න හොති, කිස්ස නිරොධා වෙදනානිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ඵස්සෙ ඛො අසති වෙදනා න හොති, ඵස්සනිරොධා වෙදනානිරොධො”ති.
Sinhala BJT82. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ වේදනාව නො වේ ද? කිමෙක නිරෝධයෙන් වේදනානිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “ස්පර්‍ශය නැති කලැ වේදනාව නො වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT83. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ඵස්සො න හොති, කිස්ස නිරොධා ඵස්සනිරොධො”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො අසති ඵස්සො න හොති, සළායතනනිරොධා ඵස්සනිරොධො”ති.
Sinhala BJT83. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ස්පර්‍ශය නො වේ ද? කිමෙක නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “ෂඩායතනය නැති කලැ ස්පර්‍ශය නො වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT84. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති සළායතනං න හොති, කිස්ස නිරොධා සළායතනනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති සළායතනං න හොති, නාමරූපනිරොධා සළායතනනිරොධො”ති.
Sinhala BJT84. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ෂඩායතන නො වේ ද? කිමෙක නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “නාමරූප නැති කලැ ෂඩායතන නො වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT85. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති නාමරූපං න හොති, කිස්ස නිරොධා නාමරූපනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො අසති නාමරූපං න හොති, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො”ති.
Sinhala BJT85. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නම් නැති කලැ නාමරූප නො වේ ද? කිමෙක නිරෝධයෙන් නාමරූපනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හට “විඥානය නැති කලැ නාමරූපය නො වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT86. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති විඤ්ඤාණං න හොති, කිස්ස නිරොධා විඤ්ඤාණනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසොමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති විඤ්ඤාණං න හොති. නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො”ති.
Sinhala BJT86. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නම් නැති කලැ විඥානය නො වේ ද? කිමෙක නිරෝධයෙන් විඥානනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කලැ විපස්සී බෝසත්හට “නාමරූපය නැති කලැ විඥානය නො වේ. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
Pali BJT87. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “අධිගතො ඛො ම්යායං{1} මග්ගො සම්බොධාය{2}: යදිදං නාමරූපනිරොධාය විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණංසොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති”ති. “නිරොධො, නිරොධො”ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි:
Sinhala BJT87. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “නාමරූප නිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් රැසේ නිරෝධය වේ” යැ යි මේ සිත විය. මහණෙනි, විපස්සී බෝසත්හට ‘නිරෝධය, නිරෝධයැ’ යි ම පෙර නො ඇසූ දහම්හි ඇස උපන, නුවණ උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.
Pali BJT88. අථ ඛො භික්ඛවෙ, විපස්සී බොධිසත්තො අපරෙන සමයෙන පඤ්චසූපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහාසි: “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො”ති. තස්ස පඤ්චසු උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනො විහරතො න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චී”ති.
Sinhala BJT88. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත් තෙම පසු කලෙක “රූපය මෙසේ ය, රූපසමුදයය මෙසේ ය, රූපනිරෝධය මෙසේ ය. වේදනාව මෙසේ ය, වේදනාසමුදයය මෙසේ ය, වේදනානිරෝධය මෙසේ ය. සංඥාව මෙසේ ය, සංඥසමුදයය මෙසේ ය, සංඥානිරෝධය මෙසේ ය. සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරසමුදයය මෙසේ ය, සංස්කාරනිරෝධය මෙසේ ය. විඥානය මෙසේ ය, විඥානසමුදයය මෙසේ ය, විඥානනිරෝධය මෙසේ යැ” යි උපාදානස්කන්‍ධ පසෙහි ඉපැත්මත් නැස්මත් අනුව බලන සුලු ව විසී ය. උපාදානස්කන්‍ධ පසෙහි උදය ව්‍යයය අනුව බලන සුලු ව වසන ඒ බෝසත්හුගේ සිත නොබෝ කලෙකින් ම උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ ය.
Pali BJTදුතියං භාණවාරං නිට්ඨිතං.
Sinhala BJTදෙවෙනි බණවර නිමියේ ය.
Pali BJT89. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “යන්නූනාහං ධම්මං දෙසෙය්ය”න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයාරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයාරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙ ව ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යුං. සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’ති. අපිස්සුදං{1} භික්ඛවෙ, විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJT89. මහණෙනි, ඉක්බිත්තෙන් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදු රජුට මම් දහම් දෙසන්නෙම් නම් මනා ම නු” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදු රජහට ‘මා විසින් අවබෝධ කරන ලද මේ ධර්‍මය ගැඹුරු ය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතු ය, ශාන්තය, ප්‍රණීත ය, තර්‍කයෙන් බැස ගත නො හැක්කේ ය, සියුම් නුවණැත්තවුන් විසින් දැන ගත යුතු ය. මේ සත්මුළුව ආලය සංඛ්‍යාත කාමතුණ තෘෂ්ණාවන්ගෙන් සතුටු වන්නේ ය, ආලයයන්හි ඇලුණේ ය, ආලයයන්හි ප්‍රමුදිත ය. ආලයයන්ගෙන් සතුටුවන, ආලයයන්හි ඇලුණ, ආලයයන්හි දැඩි සේ මුදිත වූ සත්මුළුව විසින් ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පාද නම් වූ යමෙක් ඇද්ද, ඒ මේ කාරණය දක්නට දුෂ්කර ය. සර්‍වසංස්කාරශමථය, සර්‍වොපධිප්‍රතිනිඃසර්‍ගය, තෘෂ්ණාක්‍ෂයය, විරාගය, නිරෝධය, නිර්‍වාණයැ යි කියන ලද යම් මේ දහමෙක් වේ ද, මේ කාරණය ද දැක්ම දුෂ්කර ය. ඉදින් මම් දහම් දෙසීම් නම්, අන්හුත් මගේ ඒ දහම් දැන නො ගන්නාහු නම්, එය මා කයට ක්ලමථයෙක් වන්නේ ය. මා කයට වෙහෙසෙක් වන්නේ යැ’ යි මේ සිත විය. මහණෙනි, එපමණක් නො ව වැලිදු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුට පෙරැ නො ඇසූවිරූ, සිතත් සිතත් ආශ්චර්‍ය්‍ය එළවන මේ ගාථාවෝ ද වැටහුණහ:
Pali BJT“කිච්ඡෙන මෙ අධිගතං හලං’දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො. පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං, රාගරත්තා න දක්ඛන්ති තමොක්ඛන්ධෙන ආවුතා”ති.
Sinhala BJT“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්‍මය ප්‍රකාශ කරන්නට දැන් නො සුදුසු ය. (දැන් එය පැවැසීමෙන් වන වැඩෙක් නැත) මෙය රාගද්වේෂාදි කෙලෙසුන්ගෙන් මැඩුණවුන් විසින් සුවසේ අවබෝධ කට හැකි නො වේ. උඩුහොයට යන (නිත්‍යසංඥාදියට විරුද්ධ අනිත්‍ය සංඥාදි වශයෙන් පැවැති) නිපුණ වූ ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ අණු (සූක්‍ෂම) වූ මේ ධර්‍මය රාගයෙන් රත් වූ අවිද්‍යාරාශියෙන් ඇවුරුණු සත්‍වයෝ නො දක්නාහ.”
Pali BJTඉතිහ භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිසංචික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමි, නො ධම්මදෙසනාය.
Sinhala BJTමහණෙනි, මෙසේ නුවණින් සලකන භගවත් අර්‍හත් විපස්සී සම්මා සම්බුදුන්ගේ සිත මන්‍දෝත්සාහී බවට නැමුණේ ය, දහම් දෙසුමට නො නැමුණේ ය.
Pali BJT90. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරස්ස මහාබ්රහ්මුනො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි: “නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො, යත්ර හි නාම විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනායා”ති. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුරතො පාතුරහොසි.
Sinhala BJT90. මහණෙනි, එ කල්හි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව සිය සිතින් දැනගැන්මෙන් එක්තරා මහබඹකුහට “භවත්නි, යම් ලොවෙක භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සිත මන්‍දෝත්සාහ බවට නැමේ ද, දහම් දෙසුමට නො නැමේ ද, ඒ ලෝකය නැසේ ම ය. භවත්නි, ඒ ලෝකය ඒකාන්තයෙන් වැනැසේම ය” යි මේ සිත විය. මහණෙනි, එකෙණෙහි ඒ මහබඹ තෙම ශක්තිමත් පුරුෂයෙක් යම් සේ හැකුලු අත දිගු කරන්නේ ද, දිගු කළ අත හෝ හකුලන්නේ ද, එ සෙයින් ම බඹලොවැ අතුරුදහන් වූයේ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් ඉදිරියෙහි පහළ විය.
Pali BJT91. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පුථුවියං නිහන්ත්වා,{2} යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනඤ්ජලිං පණාමෙත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති{3} සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති.
Sinhala BJT91. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහබඹ තෙම උතුරුසඟ එකස් කොට දකුණු දණමඬල බිමැ හැන භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් දෙසට ඇඳිලි නමා වැඳ “වහන්ස, භගවත්හු දහම් දෙසත් වා. සුගත්හු දහම් දෙසත් වා. අල්පරජස්කස්වභාව (පැණැස්හි අල්ප වූ රාගාදි රජස්) ඇති සත්හු ඇත්හ. ඔහු දහම් නො අසන බැවින් පිරිහෙති. දහම් දත හෙන්නෝ වන්නාහ” යි ඔබට මේ බස් කී ය.
Pali BJT92. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තං මහාබ්රහ්මානං එතදවොච: “මය්හම්පි ඛො බ්රහ්මෙ, එතදහොසි: “යන්නූනාහං ධම්මං දෙසෙය්ය’න්ති. තස්ස මය්හං බ්රහ්මෙ, එතදහොසි: ‘අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයාරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයාරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං, පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා”ති. අපිස්සුදං මං බ්රහ්මෙ, ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJT92. මහණෙනි, එ කල්හි භගවත් විපස්සී සම්මාසම්බුදුහු ඒ මහබඹහු බණවා, “බ්‍රහ්මය, මට ඉදින් මම දහම් දෙසන්නෙම් මනා මැ නු” යි මේ සිත විය. “බ්‍රහ්මය, ඒ මට ‘මා විසින් අවබෝධ කරන ලද මේ ධර්‍මය වූ කලි ගැඹුරු ය, දුකසේ දැක්ක යුතු ය, දුකසේ අනුබෝධ කටයුතු ය, ශාන්ත ය, ප්‍රණීත ය, තර්‍කයෙන් බැස ගත නො හැකි ය, සියුම් ය, පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ සත්‍වප්‍රජාව ආලයාරාමය (පස්කම්ගුණයෙහි බැඳුණේ ය) ආලයරත ය (පස්කම්ගුණයෙහි ඇලුණේ ය) ආලයසම්මුදිත ය (පස්කම්ගුණයෙහි සතුටු වූයේ ය). ආලයාරාමය වූ ආලයරත වූ ආලයසම්මුදිත වූ සත්ත්‍වප්‍රජාව විසින් ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුප්පාද සංඛ්‍යාත මේ කාරණය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන්ගේ දුරැ ලීම, තෘෂ්ණාක්‍ෂයය, විරාගය, නිරෝධය, නිර්‍වාණය යන මේ කරුණ ද දුකසේ දැක්ක යුතු ය. මමත් දහම් දෙසන්නෙම් නම්, අන්හු මා දෙසන දහම් දැන නො ගන්නාහු නම්, එය මට ක්ලාන්තයෙකි. එය මට වෙහෙසෙකි” යි මේ සිත විය. තව ද, බ්‍රහ්මය, පෙර නොඇසූවිරූ, සිතත් ආශ්චර්‍ය්‍ය එළවන මේ ගාථාවෝ මට වැටහුණාහ.
Pali BJT“කිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො. පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්තී තමොක්ඛන්ධෙන ආවුතා{1}“ති.
Sinhala BJT“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්‍මය ප්‍රකාශ කරන්නට දැන් නො සුදුසු ය. රාගද්වේෂාදි කෙලෙසුන්ගෙන් මැඩුණවුන් විසින් මේ ධර්‍මය සුවසේ අවබෝධ කට හැකි නො වේ. උඩුහොයට (නිවන් කරා) යන සුලු, නිපුණ වූ, ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ, සියුම් වූ මේ ධර්‍මය රාගයෙන් රත් වූ මොහඳුරුරැසින් ඇවුරුණාහු නො දක්නාහ.”
Pali BJTඉතිහ මෙ බ්රහ්මෙ පටිසංචික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමි, නො ධම්මදෙසනායා’ති.
Sinhala BJT“බ්‍රහ්මය, මෙසේ සලකන මගේ සිත අල්පොත්සුක බවට නැමුණේ ය, දහම් දෙසීමට නො නැමුණේ යැ” යි (විපස්සී බුදුහු වදාළහ).
Pali BJTදුතියම්පි ඛො භික්ඛවෙ, සො මහාබ්රහ්මා -පෙ- තතියම්පි ඛො භික්ඛවෙ, සො මහාබ්රහ්මා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති.
Sinhala BJTමහණෙනි, දෙවෙනි වර ද ඒ මහාබ්‍රහ්මණ තෙම ... මහණෙනි, තෙවෙනි වර ද ඒ මහාබ්‍රහ්ම තෙම භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදු රජුනට “වහන්ස, භගවත් තෙමේ දහම් දෙසා වා. සුගත තෙමේ දහම් දෙසා වා. (පැණැස්හි) මඳ කෙලෙස් රජස් ඇති සත්හු ඇත්හ. දහම් නො අසන බැවින් ඔහු පිරිහෙත්. දහම් දත හෙන්නෝ ඇතිවන්නාහ” යි මෙ බස් කිවු ය.
Pali BJT93. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
Sinhala BJT93. මහණෙනි, එකලැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බඹහුගේ අයදනා ද ලැබ, සතුන් කෙරෙහි කරුණාව ද නිසා බුදු ඇසින් ලොව බැලූහ. මහණෙනි, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බුදුඇසින් ලොව බලනුවෝ අල්ප කෙලෙස් රජස් ඇතියන් ද, බොහෝ කෙලෙස් රජස් ඇතියන් ද, තියුණු (සැදැහැ ඈ) ඉඳුරන් ඇතියන් ද, මෘදු වූ (සැදැහැ ඈ) ඉඳුරන් ඇතියන් ද, (සැදැහැ ඈ) මනා අයුරු ඇතියන් ද, නොමනා අයුරු ඇතියන් ද, සුවසේ අඟවනු හැකියන් ද, දුකසේ අඟවනු හැකියන් ද, පරලොවත් වරදත් භය වශයෙන් දක්නාසුලු වැ වසන ඇතැම් පුගුලන් ද, පරලොවත් වරදත් භය වශයෙන් නො දක්නාසුලු ව වසන ඇතැම් පුගුලන් දැ යි මෙසේ නානාවිධ වූ සත්ත්‍වයන් දුටුහ.
Pali BJTසෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙන ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන, එවමෙව ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
Sinhala BJTයම්සේ උපුල්විලෙක හෝ රත්පියුම්විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැගුණාහු දිය තුළැ ම ගිලී වැඩෙන්නාහු වෙත් ද, ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළ පියුම් හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු (දිය මතුපිටැ) දිය හා සම වැ සිටියාහු වෙත් ද, ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැගුණාහු දියෙන් නො තැවරී සිටිත් ද, මහණෙනි, එසේ ම භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බුදු ඇසින් ලොව බලනුවෝ අල්පරජස්ක සත්‍වයන් ද, මහාරජස්ක සත්‍වයන් ද, තියුණු ඉඳුරන් ඇති සත්‍වයන් ද, මොළොක් ඉඳුරන් ඇති සත්‍වයන් ද, මනා අයුරු ඇති සත්‍වයන් ද, නොමනා අයුරු ඇති සත්‍වයන් ද, සුව සේ ඇඟැවිය හැකි සත්‍වයන් ද, දුක සේ ඇඟැවිය හැකි සත්‍වයන් ද, පරලොවත් වරදත් භය විසින් දක්නා සුලු ව වසන ඇතැම් සත්‍වයන් ද, පරලොවත් වරදත් භය විසින් නොදක්නා සුලු ව වසන ඇතැම් සත්‍වයන් ද දුටුහ.
Pali BJT94. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJT94. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහාබ්‍රහ්ම තෙම තම සිතින් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව දැන ඔබට ගාථායෙන් කී ය:
Pali BJT“සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු, සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං. උට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අණන විචර ලොකෙ දෙසස්සු{1} භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී”ති.
Sinhala BJT“සෙල්මුවා පව්වක් මතැ සිටියෙක් හාත්පස සිටින දනමුළුව යම්සේ දක්නේ ද, සොඳුරු නුවණ ඇති සමතැසියාණන් වහන්ස, පහ වූ ශෝක ඇති ඔබ ඒ සෙල්පව්ව බඳු වූ (ලොවුතුරා) දහම්මුවා පහය අරා, ශෝකයට බටුවාවූ ජාතිජරායෙන් මැඩුණු දනමුළුව බලාවදාළ මැනැව. දිනූ මරයුද ඇති ණය නැති සාර්‍ත්‍ථවාහයන් වහන්ස, නැගී සිටිනු මැනැව. ලොවැ සැරිසරනු මැනැව. භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන්නැ. දහම් දැනැ ගන්නෝ ඇති වන්නාහ.”
Pali BJT95. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තං මහාබ්රහ්මානං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT95. මහණෙනි, එකලැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ඒ මහාබ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළහ:
Pali BJT“අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං විහිංසසඤ්ඤී පගුණං න භාසිං ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙ”ති.
Sinhala BJT“බ්‍රහ්මය, කන් ඇති යම් තෙනෙක් වෙත් නම්, ඔහු සැදැහැ මුදත් වා (ශ්‍රද්ධාව යොමු කොට තබත්වා) ඔවුනට අමාදොර හරන ලදි. නො දත හෙන්නවුනට දහම් දෙසීම වෙහෙස පමණෙකැ යි හැඟීම ඇතියෙම් ප්‍රගුණ වූ උතුම් දහම් සත්නට නො කීමි.”
Pali BJTඅථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා “කතාවකාසො ඛො’ම්හි විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මදෙසනායා”ති විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTමහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහාබ්‍රහ්ම තෙම ‘භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දම් දෙසනුවට කරන ලද පිළින ඇතියෙමි’ යි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් ආදරයෙන් වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJT96. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එතදහොසි: “අයං ඛො ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො බන්ධුමතියා රාජධානියා පටිවසන්ති පණ්ඩිතා වියත්තා මෙධාවිනො දීඝරත්තං අප්පරජක්ඛජාතිකා. යන්නූනාහං ඛණ්ඩස්ස ච රාජපුත්තස්ස, තිස්සස්ස ච පුරොහිතපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං. තෙ ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සන්තී”ති.
Sinhala BJT96. මහණෙනි, එකල්හි “මම් කාට නම් පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම වහා අවබෝධ කරන්නේ දැ” යි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට මේ සිත විය. ඉක්බිති භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “මේ ඛණ්ඩ නම් රාජපුත්‍ර ද තිස්ස නම් පෙරෙව් පුත් ද යන පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති දික් කලක් අල්පරජස්කස්වභාවය ඇති මොහු බන්‍ධුමතී රාජධානියෙහි වෙසෙත්. ඛණ්ඩ රාජපුත්‍රයාටත් තිස්ස පෙරෙවිපුතුටත් මම් පළමු කොට දහම් දෙසීම් නම් මැනැවි. ඔහු මේ දහම වහා ම දැනැගන්නාහ” යි මේ සිත විය.
Pali BJT97. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො, සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බොධිරුක්ඛමූලෙ අන්තරහිතො බන්ධුමතියා රාජධානියා ඛෙමෙ මිගදායෙ පාතුරහොසි. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො දායපාලං ආමන්තෙසි: “එහි ත්වං සම්ම දායපාල, බන්ධුමතිං රාජධානිං පවිසිත්වා ඛණ්ඩඤ්ච රාජපුත්තං තිස්සඤ්ච පුරොහිතපුත්තං එවං වදෙහි: “විපස්සී භන්තෙ භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති. සො තුම්හාකං දස්සනකාමො”ති. එවං භන්තෙ’ති ඛො භික්ඛවෙ, දායපාලො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බන්ධුමතිං රාජධානිං පවිසිත්වා ඛණ්ඩඤ්ච රාජපුත්තං තිස්සඤ්ච පුරොහිතපුත්තං එතදවොච: “විපස්සී භන්තෙ භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති, සො තුම්හාකං දස්සනකාමො”ති.
Sinhala BJT97. මහණෙනි, ඉක්බිති භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු කාබලැති මිනිසෙක් යම්සේ වක්කළ අත දික් කරන්නේ ද දික් කළ අත වක්කරන්නේ ද එසේ ම බෝරුක්මුලැ අතුරුදහන් ව බන්‍ධුමතී රජදහන්හි ක්‍ෂේම නම් මුවවෙනෙහි පහළ වූහ. මහණෙනි, ඉක්බිත්තෙන් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු උයන්පලු බණවා “යහලු දායපාලයෙනි, තෙපි මෙහි එවු. බන්‍ධුමතී රජදහනට පිවිසැ ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද ‘ස්වාමීනි, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බන්‍ධුමතී රාජධානියට වැඩියාහු ක්‍ෂේම නම් මෘගදාවයෙහි වෙසෙති. ඔබ මුබ (දෙදෙනා) දක්නා කැමැත්තාහ’ යි මෙසේ කියව” යි වදාළහ. මහණෙනි ‘එසේ ය, වහන්සැ’ යි කියා උයන්පල් තෙම භගවත් අර්‍හත් විපස්සී සම්මා සම්බුදුනට පිළිවදන් දී බන්‍ධුමතී රජදහන් වැද, ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද “ස්වාමිනී, භගවත් අර්‍හත් විපස්සී සම්මා සම්බුදුරජහු බන්‍ධුමතී රජදහනට වැඩ ඛේම නම් මුවලැව්හි වැඩවෙසෙති. ඔබ මුබ දෙදෙනා දක්නා කැමැත්තාහ” යි සැළ කෙළේ ය.
Pali BJT98. අථ ඛො භික්ඛවෙ, ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො චා පුරොහිතපුත්තො භද්දානි භද්දානි යානානි යොජාපෙත්වා භද්දං යානං අභිරුහිත්වා භද්දෙහි භද්දෙහි යානෙහි බන්ධුමතියා රාජධානියා නිය්යංසු, යෙන ඛෙමො මිගදායො තෙන පායිංසු. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චෙරොහිත්වා පත්තිකා’ව යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ආනුපුබ්බිං කථං කථෙසි, සෙය්යථීදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව ඛණ්ඩස්ස ච රාජපුත්තස්ස ච තිස්සස්ස ච පුරොහිතපුත්තස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බන්තං නිරොධධම්මන්ති”.
Sinhala BJT98. මහණෙනි, එ කල්හි ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරෙවිපුත් ද සොඳුරු යාන යොදවා, සොඳුරු යානයකට නැඟ සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ බන්‍ධුමතී රජදහනින් නික්මුණාහ. ක්‍ෂේම මෘගදාවය කරා ගියහ. යානයට සුදුසු බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් (එයින් පසු) යානයෙන් බැස පාගමන් ඇත්තාහු ම භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුන් කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක හිඳ ගත්හ. පසෙක හුන් ඔවුනට භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු - දානකථා ද ශීලකථා ද ස්වර්‍ග කථා ද, කාමයන්ගේ දෝෂ ද ලාමක බව ද කිලිටි බව ද කාමයෙන් නික්මීමේ අනුහස් ද යන පිළිවෙළ කථාව දක්වා වදාළහ. භගවත්හු යම් විටෙක නීරෝග සිත් ඇති වූ මොළොක් සිත් ඇති වූ නීවරණරහිත සිත් ඇති වූ ඔදවැඩි සිත් ඇති වූ පහන් සිත් ඇති වූ ඔවුන් දත්තාහු ද, එ කල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ අනුන්ගෙන් නොඇසූ තමන් ම දැනගත් ස්වයම්භූතඥානයෙන් දත් යම් ධර්‍ම දේශනාවෙක් වේ ද, එය දක්වා වදාළහ. යම්සේ පහ වූ කළුපැහැ ඇති පිරිසිදු වස්ත්‍රයෙක් මොනොවට රඳන් උරා ගන්නේ ද, එසේ ම ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද එ අස්නෙහි ම “උපදනාසුලු සියල්ල නැසෙනසුලු යැ” යි කෙලෙස්රජස් රහිත, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස් පහළ විය.
Pali BJT99. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එතෙ මයං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච. ලභෙය්යාම මයං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදන්ති”.
Sinhala BJT99. ඔහු දුටු සිවුසස් දහම් ඇතියාහු, පැමිණි සිවුසස්දහම් ඇතියාහු, දන්නා ලද සිවුසස් දහම් ඇතියාහු, නුවණින් බැස ගත් සිවුසස් දහම් ඇතියාහු, තිණූ සැක ඇතියාහු, පහවූ සංසය ඇතියාහු, විසාරද බවට පැමිණියාහු, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැතියාහු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දම් දෙසූ නියා ඉතා මැනැව. වහන්ස, දම් දෙසූ නියා ඉතා මැනැව. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසුණු දැයක් වැස්ම හැර දක්වන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලබමෝ වා, උපසම්පදාව ලබමෝ වා” යි මේ බස් පැවැසූහ.
Pali BJT100. අලත්ථුං ඛො භික්ඛවෙ, ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. සංඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ ච ආනිසංසං පකාසෙසි. තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදාපියමානානං සමුත්තෙජීයමානානං සම්පහංසියමානානං න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJT100. මහණෙනි, ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරවිපුත් ද භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිද්ද ලදහ, උපසපුව ලදහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ඔවුනට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, එය මොනොවට ගැන්වූ හ, එහි ඔවුන් සිත් තියුණු කළහ, එහි සතුටු කළහ. සංස්කාරයන්ගේ ආදීනව ද ලාමක බවද කෙලෙසීම ද, නිවනෙහි අනුසස් ද පැවැසූහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එදැහැමි කතායෙහි තියුණු කරනු ලබන, එහි සතුටු කරනු ලබන ඔවුන්ගේ සිත් නොබෝ කල්හි ම උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදිණ.
Pali BJT101. අස්සොසි ඛො භික්ඛවෙ, බන්ධුමතියා රාජධානියා මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි “විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති. ඛණ්ඩො ච කිර රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතා”ති. සුත්වාන නෙසං එතදහොසි: “න හි නූන සො ඔරකො ධම්මවිනයො, න සා ඔරකා පබ්බජ්ජා, යත්ථ ඛො ඛණ්ඩො ච රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතා. ඛණ්ඩො ච නාම රාජපුත්තො තිස්සො ච පුරොහිතපුත්තො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, කිමඞ්ගපන මයන්ති.”
Sinhala BJT101. මහණෙනි, බන්‍ධුමතී රජදහන්හි ප්‍රාණීන් සුවාසූදහසක් වූ මහ ජනමුළුව “භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බන්‍ධුමතී රජදහනට වැඩියාහු ක්‍ෂේම නම් මෘගදාවයෙහි වැඩ වෙසෙති. ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරෙවිපුත් ද භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුන් වෙතැ කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්හ” යි ඇසී ය. ඇසීමෙන් ඔවුනට “ඛණ්ඩ රජපුතුන් තිස්ස පෙරෙවිපුතුන් කෙහෙරවුළු බහවා ගිහිගෙන් නික්ම යම් සස්නෙක පැවිදි වූහු නම්, ඒ දහම්විනය (සස්න) එසේ මෙසේ එකෙක් නො වේ. ඒ පැවිද්ද ද එසේ මෙසේ එකෙක් නො වේ. ඛණ්ඩ රජපුතුත් තිස්ස පෙරෙවිපුතුත් ගිහි ගෙන් නික්මැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිදි වූහු නම්, අප පැවිදි වනු අරුම දැ!” යි මේ සිත විය.
Pali BJT102. අථ ඛො සො භික්ඛවෙ, මහාජනකායො චතුරාසීතිපාණසහස්සානි බන්ධුමතියා රාජධානියා නික්ඛමිත්වා යෙන ඛෙමො මිගදායො, යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ __උදග්ගචිත්තෙ__ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය. එවමෙව තෙසං චතුරාසීතිපාණසහස්සානං තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.”
Sinhala BJT102. මහණෙනි, ඉක්බිත්තෙන් ප්‍රාණීන් සුවාසූදහසක් වූ ඒ මහදනමුළුව භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් කරා ගියහ. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත්හ. ඔවුනට භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු දානකථා ශීලකථා ස්වර්‍ගකථා ද, කාමයන්ගේ ආදීනව ද ලාමකබව ද කෙලෙසීම ද, කාමයෙන් නික්මීමෙහි අනුසස් ද යන පිළිවෙළ කතාව වදාළහ. භගවත්හු යම් විටෙක නීරෝග සිතැති මොළොක් සිතැති නීවරණ රහිත සිතැති ඔදවැඩි සිතැති පහන් සිතැති ඔවුන් දත්තාහු ද, එකල්හි, දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ තමන් විසින් ම අවබෝධ කළ යම් ධර්‍ම දේශනාවෙක් ඇද්ද එය පැවැසූහ. යම්සේ පහ වූ කළුපැහැ ඇති පිරිසිදු වස්ත්‍රය මොනොවට රඳන් උරා ගන්නේ ද, එසේ ම ඒ සුවාසූදහසක් ප්‍රාණීනට එ අස්නෙහි ම “උපදනා සුලු යමෙක් ඇත් ද, ඒ සියල්ල නැසෙන සුලු යැ” යි කෙලෙස්රජස් පහ වූ කෙලෙස්මල පහ වූ දහම් ඇස පහළ විය.
Pali BJT103. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාම මයං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදන්ති. අලත්ථුං ඛො භික්ඛවෙ, තානි චතුරාසීතිපාණං සහස්සානි විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං.
Sinhala BJT103. දුටු සියුසස් දහම් ඇති, පැමිණි සියුසස්දහම් ඇති, දැනගත් සියුසස්දහම් ඇති, නුවණින් බැස ගත් සියුසස් දහම් ඇති, තරණය කළ විචිකිච්ඡා ඇති, පහ වූ සැක ඇති, විශාරද බවට පැමිණි, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත ඔහු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද වැසුණ දැයක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවක්හට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරේ තෙල්පහනක් හෝ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් වදාරන ලද්දේ ය. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබමෝ වා, උපසපුව ලබමෝ වා” යි මෙ බස් කී හ. මහණෙනි, ඒ සුවාසූ දහසක් මිනිස්සු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සමීපයෙහි පැවිද්ද ලැබූහ, උපසපුව ලැබූහ.
Pali BJT104. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි, සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සංකිලෙසං නිබ්බානෙ ච ආනිසංසං පකාසෙසි: තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදාපියමානානං සමුත්තෙජීයමානානං සම්පහංසියමානානං න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJT104. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු දැහැමිකතායෙන් ඔවුනට කරුණු දැක්වූහ. කරුණු ගැන්වූහ, එහි ඔවුන් සිත් තියුණු කළහ, සතුටු කළහ. සංස්කාරයන්ගේ ආදීනව ද, ලාමක බව ද, කෙලෙසීම ද, නිවනෙහි අනුසස් ද පැවසූහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එහි තියුණු කරනු ලබන, සතුටු කරනු ලබන ඔවුන් සිත් නොබෝ කලෙකින් ම උපාදානරහිත ව ආස්‍රවයන්ගෙන් මිදිණ.
Pali BJT105. අස්සොසුං ඛො භික්ඛවෙ, තානි පුරිමානි චතුරාසීතිපබ්බජිතසහස්සානි: ‘විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බන්ධුමතිං රාජධානිං අනුප්පත්තො ඛෙමෙ මිගදායෙ විහරති, ධම්මඤ්ච කිර දෙසෙතී’ති. අථ ඛො භික්ඛවෙ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි යෙන බන්ධුමතී රාජධානි යෙන ඛෙමො මිගදායො යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT105. මහණෙනි, ඒ සුවාසූදහසක් පළමු පැවිද්දෝ ‘භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බන්‍ධුමතී රාජධානියට වැඩියාහු ක්‍ෂේම නම් මෘගදාවයෙහි වෙසෙත් ල, දහම් ද දෙසත් ලැ’ යි ඇසූහ. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ සුවාසූදහසක් පැවිද්දෝ බන්‍ධුමතී රාජධානිය යම් තැනෙක ද, ක්‍ෂේම මෘගදාවය යම් තැනෙක ද, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු යම් තැනෙක ද, එ තැනට එළැඹියහ. එළැඹ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ.
Pali BJT106. තෙසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො අනුපුබ්බිං කථං කථෙසි, සෙය්යථිදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං, නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා තෙ භගවා අඤ්ඤාසි කල්ලචිත්තෙ මුදුචිත්තෙ විනීවරණචිත්තෙ උදග්ගචිත්තෙ පසන්නචිත්තෙ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය, එවමෙව තෙසං චතුරාසීතිපබ්බජිතසහස්සානං තස්මිඤ්චෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.”
Sinhala BJT106. ඔවුනට භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු දානකථා ශීලකථා ස්වර්‍ගකථා ද, කාමයන්ගේ ආදීනව හා ලාමක බව හා කෙලෙසීම ද, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් ද දක්වා වදාළහ. යම් විටෙක භගවත්හු නීරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ පහ වූ සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති ඔවුන් දත්තාහු ද, එ කල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ අනන්‍ය සාධාරණ වූ යම් ධර්‍ම දේශනාවෙක් වේ ද එය ප්‍රකාශ කළහ. පහ වූ කළු පැහැ ඇති ශුද්ධ වස්ත්‍රය යම් සේ මොනොවට රඳන් පිළිගන්නේ ද, ඒ සුවාසූදහසක් පැවිද්දනට එ අස්නෙහි ම ‘උපදනා සුලු සියල්ල නැසෙන සුලු යැ’ යි පහ වූ කෙලෙස්රජස් ඇති, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ විය.
Pali BJT107. තෙ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියොගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි නාම භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදන්ති”. අලත්ථුං ඛො භික්ඛවෙ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං.
Sinhala BJT107. දුටු දහම් ඇති, පැමිණි දහම් ඇති, දැනගත් දහම් ඇති, බැසගත් දහම් ඇති, තිණූ විචිකිච්ඡා ඇති, පහ වූ සැක ඇති, විසාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයරහිත වූ ඔහු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දේශනාව ඉතා මැනැවැ, වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, යැටිකුරු කොට තබනලද්දක් හෝ යම්සේ උඩුකුරු කරන්නේ ද, වැසුණු දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇත්තන් රූප දකිති’ යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් (අපට) නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලබමෝ වා, උපසපුව ලබමෝවා” යි කීහ. මහණෙනි, ඒ සුවාසූදහසක් පැවිද්දෝ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිද්ද ලදහ. උපසපුව ලදහ.
Pali BJT108. තෙ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. සඞ්ඛාරානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නිබ්බානෙ ච ආනිසංසං පකාසෙසි. තෙසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදාපියමානානං සමුත්තෙජීයමානානං සම්පහංසීයමානානං න චිරස්සෙව අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
Sinhala BJT108. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු උනට දැහැමි කතායෙන් කරුණු දැක්වූහ, කරුණු ගැන්වූහ, එහි ඔවුන් සිත් තියුණු කළහ, සතුටු කළහ. සංස්කාරයන්ගේ දෝෂ ද ලාමක බව ද කෙලෙසීම ද, නිවනෙහි අනුසස් පැවැසූහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එහි තියුණු කරනු ලබන, සතුටු කරනු ලබන ඔවුන්ගේ සිත් නොබෝ කල්හි ම උපාදානරහිත ව ආස්‍රවයන්ගෙන් මිදිණ.
Pali BJT109. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන බන්ධුමතියා රාජධානියා මහාභික්ඛුසඞ්ඝො පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මහා ඛො එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. යන්නූනාහං භික්ඛූ අනුජානෙය්යං ‘චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ, දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්තී ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා’ති.”
Sinhala BJT109. මහණෙනි, එ සමයෙහි වනාහි බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂු සමූහයෙක් වෙසෙයි. මහණෙනි, එ කල්හි හුදෙකලා චිත්තවිවේකයෙන් හුන් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සියඅටසැටදහසක් වූ මහත් භික්‍ෂුසමූහයෙක් වෙසෙයි. ‘මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පායෙන්, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මුල කලණ මැද කලණ අග කලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු (මඟ) බඹසර පවසවු. මඳ කෙලෙස් රජස් ඇති සත්හු ඇත්හ. දහම් නො අසනුයෙන් ඔහු පිරිහෙත්. දහම් දැනගන්නෝ ඇති වන්නාහ. වැලි සයක් සයක් හවුරුදු ඉක්මිතැන පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ’ යි මහණුනට අනුදත්තෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්තසංකල්පනායෙක් පහළ විය.
Pali BJT110. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො මහාබ්රහ්මා විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො විපස්සිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුරතො පාතුරහොසි. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනඤ්ජලිම්පනාමෙත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “එවමෙතං භගවා, එවමෙතං සුගත, මහා ඛො භන්තෙ එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අනුජානාතු භන්තෙ භගවා භික්ඛූ: ‘චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති. අපි ච භන්තෙ, මයං තථා කරිස්සාම යථා භික්ඛූ ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිස්සන්ති පාතිමොක්ඛුද්දෙසායා”ති. ඉදමවොච භික්ඛවෙ, සො මහාබ්රහ්මා, ඉදං වත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJT110. මහණෙනි, එ කල්හි එක්තරා මහාබ්‍රහ්මයෙක් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව සිය සිතින් දැන, බල ඇති පුරුෂයක්හු වක් කළ හෝ අත දික් කරන්නා සේ දික් කළ හෝ අත වක් කරන්නා සේ වහා බඹලොවදී අතුරුදහන් වැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති ඒ මහාබ්‍රහ්ම තෙම උතුරුසඟ එකස් කොට, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් දිසාවට දොහොත් මුදුනැ තබා වැඳ, “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අට සැටදහසක් වූ මහත් බික්සඟ වෙසෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට ‘මහණෙනි, බෙහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පායෙන් දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස සැරි සරවු, දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ, මැදකලණ, අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. මඳ කෙලෙස්රජස් ඇති සත්හු ඇත. දහම් නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. දහම් දැනගන්නෝ ඇති වන්නාහ’ යි භික්‍ෂූනට අනුදන්නා සේක් වා. වැලි දු වහන්ස, අපි මහණුන් අවුරුදු සයක් සයක් ඇවෑමෙන් පාමොක් දෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹෙන සෙයක් කරන්නමු” යි මෙ බස් කී ය. මහණෙනි, මහාබ්‍රහ්ම තෙම මෙය කී ය. මෙය කියා භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJT111. අථ ඛො භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි: ඉධ මය්හං භික්ඛවෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මහා ඛො එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. යන්නූනාහං භික්ඛූ අනුජානෙය්යං “චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති.
Sinhala BJT111. මහණෙනි, ඉක්බිති භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු සවස්වේලෙහි සමවතින් නැගී සිටියාහු, මහණුන් බණවා මෙය වදාළහ: ‘මහණෙනි, මෙහි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට ‘දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂූ සමූහයෙක් වෙසෙයි. මම් භික්‍ෂූනට ‘මහණෙනි, බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මුලකලණ, මැදකලණ, අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්ක ජාතික සත්‍වයෝ ඇත. ධර්‍මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ. වැලි දු හවුරුදු සයක් සයක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානිය එළැඹිය යුතු ය යි භික්‍ෂූනට අනුදත්තෙම් නම් මැනැවැ’ යි මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
Pali BJT112. අථ ඛො භික්ඛවෙ, අඤ්ඤතරො මහාබ්රහ්මා මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො සො භික්ඛවෙ, මහාබ්රහ්මා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිම්පනාමෙත්වා මං එතදවොච “එවමෙතං භගවා, එවමෙතං සුගත. මහ ඛො භන්තෙ, එතරහි භික්ඛුසඞ්ඝො බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අනුජානාතු භන්තෙ, භගවා භික්ඛූ “චරථ භික්ඛවෙ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච භන්තෙ, මයං තථා කරිස්සාම, යථා භික්ඛූ ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිස්සන්ති පාතිමොක්ඛුද්දෙසායා”ති. ඉදමවොච සො භික්ඛවෙ, මහාබ්රහ්මා, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJT112. මහණෙනි, එකල්හි මහාබ්‍රහ්මයෙක් සිය සිතින් මගේ චිත්ත සංකල්පය දැන බල ඇති මිනිසක්හු වක් කල හෝ අත දික් කරන්නා සේ දික් කළ හෝ අත වක් කරන්නා සේ වහා ම බඹලොවින් අතුරුදහන් ව මා ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති ඒ මහාබ්‍රහ්ම තෙම උතුරු සඟ එකස් කොට මා දෙසට දොහොත් මුදුන් තබා වැඳ, “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂුසමූහයෙක් වෙසෙයි. වහන්ස, භාග්‍යවත්හු ‘මහණෙනි, බෙහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ මැදකලණ අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්ක ජාතික සත්හු ඇත. දහම් නොඅසනුයෙන් ඔහු පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ’ යි භික්‍ෂූනට අනුදනිත් වා. වැලිදු වහන්ස, යම්සේ භික්‍ෂූහු හවුරුදු සයක් සයක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹෙන්නාහු ද, එසේ කරන්නමු” යි කීය. මහණෙනි, ඒ මහාබ්‍රහ්ම තෙම මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එ තන්හි ම අතුරුදහන් විය.
Pali BJT113. “අනුජානාමි භික්ඛවෙ, චරථ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ. දෙසෙථ භික්ඛවෙ, ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අපි ච භික්ඛවෙ, ඡන්නං ඡන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති.
Sinhala BJT113. මහණෙනි, තොපට අනුදනිමි: “බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ මැදකලණ අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්කජාතික සත්‍වයෝ ඇත. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ. එතෙකුදු වුවත්, මහණෙනි, හවුරුදු සයක් සයක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹියයුතු යැ” යි (වදාළහ.)
Pali BJT114. අථ ඛො භික්ඛවෙ, භික්ඛූ යෙභුය්යෙන එකාහෙනෙව ජනපදචාරිකං පක්කමිසුං. තෙන ඛො පන භික්ඛවෙ, සමයෙන ජම්බුදීපෙ චතුරාසීති ආවාසසහස්සානි හොන්ති. එකම්හි වස්සෙ නික්ඛන්තෙ දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තං ඛො මාරිසා එකං වස්සං පඤ්ච’දානි වස්සානි සෙසානි. පඤ්චන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. ද්වීසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා ද්වෙ වස්සානි, චත්තාරිදානි වස්සානි සෙසානි. චතුන්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. තීසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා තීණි වස්සානි. තීණි’දානි වස්සානි සෙසානි. තිණ්ණං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. චතුසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා චත්තාරි වස්සානි. ද්වෙ’දානි වස්සානි සෙසානි. ද්වින්නං වස්සානං අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. පඤ්චසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා පඤ්ච වස්සානි. එකං’දානි වස්සං සෙසං. එකස්ස වස්සස්ස අච්චයෙන බන්ධුමතී රාජධානි උපසඞ්කමිතබ්බා පාතිමොක්ඛුද්දෙසායා”ති. ඡසු වස්සෙසු නික්ඛන්තෙසු දෙවතා සද්දමනුස්සාවෙසුං: “නික්ඛන්තානි ඛො මාරිසා ඡබ්බස්සානි. සමයො’දානි බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිතුං පාතිමොක්ඛුද්දෙසායා”ති.
Sinhala BJT114. මහණෙනි, ඉක්බිත්තෙන් භික්‍ෂූහු බොහෝ සෙයින් එක් දවසින් ම ජනපදචාරිකායේහි නික්මුණහ. එ සමයෙහි දඹදිවැ සුවාසූදහසක් ආවාසයෝ වෙති. එක් හවුරුද්දක් ගිය කලැ ‘නිදුකාණෙනි’ එක් හවුරුද්දෙක් ගත විය. දැන් හවුරුදු පසෙක් ඉතිරි ව ඇත. පස් හවුරුද‍්දෙක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතුයැ” යි දෙවියෝ ශබ්දානුශ්‍රාවණය කළහ (හඬ නැගූහ). හවුරුදු දෙකක් ගත වූ කල්හි “නිදුකාණෙනි, දෙහවුරුද්දෙක් ගත විය. දැන් තව සතර හවුරුද්දෙක් ඉතිරි ව ඇත. සතර හවුරුද්දක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. තුන් හවුරුද්දක් ගත කල්හි “නිදුකාණෙනි, තුන් හවුරුද්දෙක් ගත විය. දැන් තව තුන් හවුරුද්දෙක් ඉතිරි ව ඇත. තුන් හවුරුද්දෙක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. සතර හවුරුද්දක් ගිය කල්හි “නිදුකාණෙනි, සතර හවුරුද්දෙක් ගත විය. දැන් තව හවුරුදු දෙකෙක් ඉතිරි ව ඇත. හවුරුදු දෙක ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. පස් හවුරුද්දක් ගත කල්හි “නිදුකාණෙනි, පස් හවුරුද්දෙක් ගත විය. දැන් එක් හවුරුද්දෙක් ඉතිරි ය. එක් හවුරුද්දක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. හවුරුදු සයක් ඉක්මි කල්හි “නිදුකාණෙනි, හවුරුදු සයෙක් ගත විය. දැන් පැමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹෙන්නට කල් වේ” යැ යි දෙවියෝ හඬ නැගූහ.
Pali BJT115. අථ ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ අප්පෙකච්චෙ සකෙන ඉද්ධානුභාවෙන, අප්පෙකච්චෙ දෙවතානං ඉද්ධානුභාවෙන, එකාහෙනෙව බන්ධුමතිං රාජධානිං උපසඞ්කමිංසු පාතිමොක්ඛුද්දෙසාය. තත්ර සුදං භික්ඛවෙ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛුසඞ්ඝෙ එවං පාතිමොක්ඛං උද්දිසති:
Sinhala BJT115. මහණෙනි, එකල්හි ඒ මහණහු, ඇතැම් කෙනෙක් තමන්ගේ ඉදුහ බෙලෙන් ද, තව කෙනෙක් දෙවියන්ගේ ඉදුහ බෙලෙන් ද, බන්‍ධුමතී රාජධානියට පාමොක් උදෙසනු පිණිස එක් දවසින් ම එළැඹියහ. මහණෙනි, එහි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු භික්‍ෂුසමාගමයෙහි මෙසේ පාමොක් උදෙසති:
Pali BJT“ඛන්තී පරමං තපො තිතික්ඛා, නිබ්බානං පරමං වදන්ති බුද්ධා. න හි පබ්බජිතො පරූපඝාතී සමණො හොති පරං විහෙඨයන්තො.
Sinhala BJT“පරාපකාරත් පරාපවාදත් ඉවැසීම වූ අධිවාසනක්‍ෂාන්තිය උතුම් තපස යැ යි ද, නිවන සියල්ලෙන් උතුම් ම දහමැ යි ද බුදුවරු වදාරත්. මෙරමා පෙළන්නේ පැවිද්දෙක් නො වේ ම ය. මෙරමා වෙහෙසනුයේ මහණෙක් නො වේ ම ය.
Pali BJTසබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං.
Sinhala BJTසියලු පව් නොකරනු ද, කුසල් උපදවනු හා වඩනු ද, සිය සිත පිරිසිදු කරනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන ය.
Pali BJTඅනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො, මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච සයනාසනං, අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං”ති.
Sinhala BJTමෙරමාහට උපවාද නොකරනු ද, මෙරමා නොපෙළනු ද, පාමොක් හි සංවරය ද, බතෙහි පමණ දැන්ම ද, ගමින් ඈත සෙනස්නෙහි ඇල්ම ද, අධිචිත්තයෙහි (රූපාරූප අටසමවත්හි) යෙදෙනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන යි.”