Pali BJT“සාධු වාසෙට්ඨ. සො වත වාසෙට්ඨ, අපරිග්ගහො භික්ඛු කායස්ස භෙදා පරම්මරණා අපරිග්ගහස්ස බ්රහ්මුනො සහව්යූපගො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.”
Sinhala BJT[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය. ඒ ස්ත්‍රීපරිග්‍රහ නැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු ස්ත්‍රීපරිග්‍රහ නැති බඹහුගේ සහභාවයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන ය (ඇති එකෙක, වියැ යුත්තෙක).
Pali BJT83. ඉති කිර වාසෙට්ඨ, අවෙරචිත්තො භික්ඛු. අවෙරචිත්තො බ්රහ්මා. අපි නු ඛො අවෙරචිත්තස්ස භික්ඛුනො අවෙරචිත්තෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT83. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ භික්‍ෂු තෙම වෙර සිත් නැත්තේ ය. බඹා ද වෙරසිත් නැත්තේ ය. වෙරසිත් නැති බඹා හා වෙර සිත් නැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සමබවෙක් වේ ද?”
Pali BJT“එවං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “එසේ ය, භව්ද් ගෞතමයිනි.”
Pali BJT“සාධු වාසෙට්ඨ. සො වත වාසෙට්ඨ, අවෙරචිත්තො භික්ඛු කායස්ස භෙදා පරම්මරණා අවෙරචිත්තස්ස බ්රහ්මුනො සහව්යූපගො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.”
Sinhala BJT[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ඒ වෙරසිත් නැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු වෙරසිත් නැති බඹහුගේ සහභාවයව ගියෙක් වන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන ය.”
Pali BJT84. ඉති කිර වාසෙට්ඨ, අබ්යාපජ්ඣචිත්තො භික්ඛු. අබ්යාපජ්ඣචිත්තො බ්රහ්මා. අපි නු ඛො අබ්යාපජ්ඣචිත්තස්ස භික්ඛුනො අබ්යාපජ්ඣචිත්තෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT84. “වාසෙට්ඨය, මෙසේ මහණ තෙම නිදුක් සිතැත්තේ ය. බඹ ද නිදුක් සිතැත්තේ ය. නිදුක් සිතැති බඹා හා නිදුක් සිතැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද?”
Pali BJT“එවං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “එසේය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සාධු වාසෙට්ඨ. සො වත වාසෙට්ඨ, අබ්යාපජ්ඣචිත්තො භික්ඛු කායස්ස භෙදා පරම්මරණා අබ්යාපජ්ඣචිත්තස්ස බ්රහ්මුනො සහව්යූපගො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.”
Sinhala BJT[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ඒ නිදුක් සිතැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු නිදුක් සිතැති බඹහුගේ සහභාවයව ගියෙක් වන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන ය.”
Pali BJT85. ඉති කිර වාසෙට්ඨ, අසංකිලිට්ඨචිත්තො භික්ඛු. අසංකිලිට්ඨචිත්තො බ්රහ්මා. අපි නු ඛො අසංකිලිට්ඨචිත්තස්ස භික්ඛුනො අසංකිලිට්ඨචිත්තෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT85. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ භික්‍ෂු තෙම නොකිලිටි සිතැත්තේ ය. බඹා ද නොකිලිටි සිතැත්තේ ය. නොකිලිටි සිතැති බඹහු හා නො කිලිටි සිතැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සමබවෙක් වේ ද?”
Pali BJT“එවං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “එසේය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සාධු වාසෙට්ඨ. සො වත වාසෙට්ඨ, අසංකිලිට්ඨචිත්තො භික්ඛු කායස්ස භෙදා පරම්මරණා අසංකිලිට්ඨචිත්තස්ස බ්රහ්මුනො සහව්යූපගො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.”
Sinhala BJT[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ඒ නොකිලිටි සිතැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු නොකිලිටි සිතැති බඹහුගේ සහභාවයට පැමිණියෙක් වන්නේ ය යන මෙ කාරණය ඇත්තේ ය (විය යුතු ය).”
Pali BJT86. ඉති කිර වාසෙට්ඨ, වසවත්තී භික්ඛු. වසවත්තී බ්රහ්මා. අපි නු ඛො වසවත්තිස්ස භික්ඛුනො වසවත්තිනා බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT86. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ භික්‍ෂුතෙම පුරුදුකළ චිත්තවශිතා ඇත්තේ ය. බඹා ද පුරුදුකළ චිත්තවශිතා ඇත්තේ ය. පුරුදු කළ චිත්තවශිතා ඇති බඹා හා පුරුදු කළ චිත්තවශිතා ඇති භික්‍ෂූහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සමබවෙක් වේද?”
Pali BJT“එවං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “එසේය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සාධු වාසෙට්ඨ. සො වත වාසෙට්ඨ, වසවත්තී භික්ඛු කායස්ස භෙදා පරම්මරණා වසවත්තිස්ස බ්රහ්මුනො සහව්යූපගො භවිස්සතීති ඨානමෙතං විජ්ජතී”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය. ඒ පුරුදු කළ චිත්තවශීතා ඇති භික්‍ෂු තෙම කාබුන් මරණින් මතු ඒකාන්තයෙන් පුරුදු කළ චිත්තවශිතා ඇති බඹහුගේ සහව්‍යතාවට ගියෙක් වන්නේ ය යන මේ කාරණය ඇත්තේ ය. (වියැයුත්තේ ය).”
Pali BJT87. එවං වුත්තෙ වාසෙට්ඨභාරද්වාජා මාණවා භගවන්තං එතදවොචුං: “අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණංගතෙ”ති.
Sinhala BJT87. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ භාරද්වාජ මාණවයෝ දෙදෙන “භවද් ගෞතමයිනි, දේශනාව අභිකාන්ත යැ. භවද් ගෞතමයිනි, දේශනාව අභිකාන්ත යැ. භවද්ගෞතමයිනි, යම්සේ යැටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද, පිළිසන් දැයක් වැසුම් හරින්නේ ද, මංමුළං වූවක්හට මඟ කියන්නේ ද, ඇස් ඇතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භවද් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද යැ. ඒ අපි භවද් ගෞතමයන් වහන්සේ ද, ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද ශරණ යම්හ. භවද් ගෞතමයන් වහන්සේ අප අද පටන් දිව් හිම් කොට සරණ ගිය උවසුවන් කොට දරන සේක් වා (සලකා වදාරන සේක් වා)” යි මෙ බස් කිවු ය.
Pali BJTතෙවිජ්ජසුත්තං නිට්ඨිතං තෙරසමං.
Sinhala BJTතෙළෙස්වන තෙවිජ්ජ සූත්‍රය නිමියේ ය.
Pali BJTසීලක්ඛන්ධවග්ගො නිට්ඨිතො පඨමො.
Sinhala BJTප්‍රථම ශීලස්කන්‍ධවර්‍ගය නිමි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTදීඝනිකායො
Sinhala BJTදික් සඟිය
Pali BJT(දුතියො භාගො)
Sinhala BJT(ද්විතීය භාගය)
Pali BJTමහාවග්ගො
Sinhala BJTමහා වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTමහාපදානසුත්තං
Sinhala BJTමහාපදාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ කරෙරිකුටිකායං. අථ ඛො සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බෙනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි: ‘ඉතිපි පුබ්බෙනිවාසො, ඉතිපි{1} පුබ්බෙනිවාසො’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි කරෙරිකුටිකායේහි (ලුණුවරණ රුක අසල කරන ලද කිළියෙහි) වැඩ වසන සේක. එ කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ (බත්කිස කොට නැඟී සිට) කරෙරිමණ්ඩලමාළයෙහි (යටකී කරෙරිමණ්ඩපය අසලැ නිෂීදන ශාලායෙහි) එක් වැ හුන් එක් රැස් වූ බෙහෝ භික්‍ෂූන් අතරැ ‘පෙරැ වුසූ කඳපිළිවෙළ මෙසේත් වේ. පෙරැ වුසූ කඳ පිළිවෙළ මෙසේත් වේ’ යැ යි පූර්‍වනිවාසප්‍රතිසංයුක්ත වූ දැහැමි කතාවෙක් පහළ විය.
Pali BJT2. අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය{2} තෙසං භික්ඛූනං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා උට්ඨායාසනා යෙන කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනු’ත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරාකථා විප්පකතා?”ති.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම්ඉම ඉක්මැ අසනුවට සමත් වූ පිරිසිදු දිවකනින් ඒ මහණුන්ගේ මේ කථාසංලාපය අසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී කරෙරිමණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පනවා තුබුණු අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, දැන් තෙපි කවර නම් කතාවෙකින් මෙහි හුන්නහු ද? තොපගේ කවර නම් අතුරු කතාවෙක් අඩාළ වී දැ?’ යි අසා වදාළ සේක.
Pali BJT3. එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ, අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බෙනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි: ‘ඉතිපි පුබ්බෙනිවාසො, ඉතිපි පුබ්බෙනිවාසො’ති. අයං ඛො නො භන්තෙ අන්තරා කථා විප්පකතා. අථ භගවා අනුප්පත්තො”ති.
Sinhala BJT3. මෙසේ වදාළ කල්හි මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ, මෙහි කරෙරිමණ්ඩලමාළයෙහි එක්වැහුන් එක් රැස් වූ අප අතරැ ‘පූර්‍වනිවාසය මෙසේත් වේ, පූර්‍වනිවාසය මෙසේත් වේ’ යැ යි පූර්‍වනිවාසප්‍රතිසංයුක්ත දැහැමි කතාවෙක් උපන. වහන්ස, අපගේ මේ අතුරු කතාව අඩාළ විය. එකලැ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ” යි මෙ බස් පැවැසූහ.
Pali BJT4. “ඉච්ඡෙය්යාථ නො තුම්හෙ භික්ඛවෙ පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සොතු”න්ති?
Sinhala BJT4. “මහණෙනි, තෙපි පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දහම්කතාවක් අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
Pali BJT“එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී”ති. “එවම්භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දැහැමි කතාවක් කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය ය. සුගතයන් වහන්ස, එයට මේ කාලය ය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා මහණහු සිත්හි ලා දරන්නාහ” යි භික්‍ෂූහු කීහ. “මහණෙනි, එසේ වී නම්, අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) ධර්‍මකථාව වදාළ සේක.
Pali BJT5. ඉතො සො භික්ඛවෙ, එකනවුතොකප්පො{1} යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉතො සො භික්ඛවෙ, එකතිංසොකප්පො{2} යං සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. තස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ එකතිංසෙ කප්පෙ වෙස්සභූ භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ, භද්දකප්පෙ කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ, භද්දකප්පෙ කොණාගමනො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ භද්දකප්පෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො භික්ඛවෙ, භද්දකප්පෙ අහං එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො.
Sinhala BJT5. මහණෙනි, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් පෙරැ එක් අනූවන කප ය. මහණෙනි, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් යටැ එක්තිස්වන කප ය. මහණෙනි, ඒ එක් තිස්වන කපෙහි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් මෙ සමයෙහි ලොවැ පහළ වීමි.
Pali BJT6. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. සිඛී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. වෙස්සභූ භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. කකුසන්ධො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රාහ්මණො ජාතියා අහොසි, බ්රාහ්මණකුලෙ උදපාදි. කොණාගමනො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රාහ්මණො ජාතියා අහොසි, බ්රාහ්මණකුලෙ උදපාදි. කස්සපො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්රාහ්මණො ජාතියා අහොසි, බ්රාහ්මණකුලෙ උදපාදි. අහං භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසිං, ඛත්තියකුලෙ උප්පන්නො.
Sinhala BJT6. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ. කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලයෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුතුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලෙහි උපන්හ. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ජාතියෙන් ක්‍ෂත්‍රිය වීමි, කැත්කුලෙහි උපන්මි.
Pali BJT7. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. සිඛී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. වෙස්සභූ භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. කකුසන්ධො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි.
Sinhala BJT7. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ.
Pali BJTකොණාගමනො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. කස්සපො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. අහං භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ගොතමො ගොත්තෙන{1}.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, මෙ සමයෙහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මම් ගෝත්‍රයෙන් ගෞතම වෙමි.
Pali BJT8. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීති{2} වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චත්තාලීස{3}වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස වීසති{4}වස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. මය්හං භික්ඛවෙ, එතරහි අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං යො චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්යො.
Sinhala BJT8. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු අසූදහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු සැත්තෑදහසෙක් විය. මහණෙනි, අර්‍හත්සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු සැටදහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු හතළිස්දහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු තිස්දහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු විසිදහසෙක් විය. මහණෙනි, මෙ කලැ මාගේ ආයුෂ්ප්‍රමාණය අල්පය, ස්වල්පය, ලඝු ය. යමෙක් (මෙ සමයෙහි) බොහෝ කල් ජීවත් වන්නේ නම් හෙ තෙම හවුරුදු සීයක් හෝ ස්වල්පයක් වැඩියෙන් හෝ ජීවත් වන්නේ ය.
Pali BJT9. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. සිඛී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පුණ්ඩරීකස්ස මූලෙ අභිසම්බුද්ධො. වෙස්සභූ භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො සාලස්ස මූලෙ අභිසම්බුද්ධො. කකුසන්ධො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො සිරීසස්ස මූලෙ අභිසම්බුද්ධො. කොණාගමනො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො උදුම්බරස්ස මූලෙ අභිසම්බුද්ධො. කස්සපො භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො නිග්රොධස්ස මූලෙ අභිසම්බුද්ධො. අහං භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො අස්සත්ථස්ස මූලෙ අභිසම්බුද්ධො.
Sinhala BJT9. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්හු පළොල් රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්හු හෙළඹරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්හු සල්රුකක් මුලැ සත්‍යාවබෝධය කලහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවත්හු මහරිරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්හු දිඹුල්රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්හු නුගරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ඇසතු රුකක් මුලැ සත්‍යාවබෝධය කෙළෙමි.
Pali BJT10. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූසම්භවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සොණුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භිය්යොසුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං හොති අග්ගං භද්දයුගං.
Sinhala BJT10. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්හට ඛණ්ඩය ය තිස්ස යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්හට අභිභූ ය සම්භව යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්හට සෝණ ය උත්තර යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්හට විධුර ය සඤ්ජීව යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්හට භිය්යොස ය උත්තර යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට තිස්ස ය භාරද්වාජ යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මාහට භද්‍රයුගල වූ සැරියුත් ය මුගලන් යැ යි අක්සවුයුවලෙක් වෙයි.
Pali BJT11. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං. එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීති භික්ඛුසහස්සානි. එකො සාවකානං සන්නිපාතො අහොසි සත්තති භික්ඛුසහස්සානි. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි අසීති භික්ඛුසහස්සානි. එකො සාවකානං සන්නිපාතො අහොසි සත්තති භික්ඛුසහස්සානි. එකො සාවකානං සන්නිපාතො අහොසි සට්ඨි භික්ඛුසහස්සානි. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි චත්තාළීස භික්ඛුසහස්සානි. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි තිංසභික්ඛුසහස්සානි. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි වීසති භික්ඛුසහස්සානි. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. මය්හං භික්ඛවෙ, අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසං යෙව ඛීණාසවානං.
Sinhala BJT11. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය: එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් එක් ලක්‍ෂ අටසැටදහසෙක් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් ලක්‍ෂයෙක් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් අසූදහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ හැම දෙනා ම රහතුන් වූ සව්වන් පිළිබඳ මේ සන්නිපාතයෝ තිදෙනෙක් වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්ගේ ශ්‍රාවකසන්නිපාත තුනෙක් විය: එකෙක් මහණුන් ලක්‍ෂයක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් අසූදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් සැත්තෑදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්හට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ: එකෙක් මහණුන් අසූදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් භික්‍ෂූන් සැත්තෑ දහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් සැටදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්ගේ සියල්ලන් ම රහතුන් වූ සව්වන් සම්බන්‍ධ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්ගේ මහණුන් සතළිස්දහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතකේ විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්ගේ හැම දෙනා ම රහතුන් වූ සව්වන් සම්බන්‍ධ මේ එක සන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්ගේ මහණුන් තිස්දහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් සන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට මහණුන් විසිදහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් සන්නිපාතයෙක් විය. මහණෙනි, මෙ සමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මා හට මහණුන් එක්දහස් දෙසිය පණසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, මා හට හැම දෙනා ම රහතුන් වූ සව්වන් සම්බන්‍ධ මෙ එක් සන්නිපාතයෙක් විය.
Pali BJT12. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛෙමඞ්කරො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස උපසන්තො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බුද්ධිජො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො.
Sinhala BJT12. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්නට අශෝක නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්නට ඛේමඞ්කර නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්නට උපශාන්ත නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ නම් භාග්‍යවත්නට බුද්ධිජ නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය.
Pali BJTකොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සොත්ථිජො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සබ්බමිත්තො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස ආනන්දො භික්ඛු උපට්ඨාකො හොති අග්ගුපට්ඨාකො.{1}
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්නට සොත්‍ථිජ නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප නම් භාග්‍යවත්නට සර්‍වමිත්‍ර නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, මෙ සමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මට ආනන්‍ද නම් මහණ උපස්ථායක, අග්‍රෝපස්ථායක වෙයි.
Pali BJT13. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති.{2} බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානි අහොසි. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අරුණො නාම රාජා පිතා අහොසි. පභාවතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. අරුණස්ස රඤ්ඤො අරුණවතී නාම නගරං රාජධානි අහොසි. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සුප්පතීතො{3} නාම රාජා පිතා අහොසි. යසවතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. සුප්පතීතස්ස රඤ්ඤො අනොමං නාම නගරං රාජධානි අහොසි. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අග්ගිදත්තො නාම බ්රාහ්මණො පිතා අහොසි. විසාඛා නාම බ්රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන ඛෙමො නාම රාජා අහොසි. ඛෙමස්ස රඤ්ඤො ඛෙමවතී නාම නගරං රාජධානි අහොසි. කොණාගමනස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස යඤ්ඤදත්තො නාම බ්රාහ්මණො පිතා අහොසි. උත්තරා නාම බ්රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන සොභො නාම රාජා අහොසි. සොභස්ස රඤ්ඤො සොභාවතී නාම නගරං රාජධානී අහොසි. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බ්රහ්මදත්තො නාම බ්රාහ්මණො පිතා අහොසි. ධනවතී නාම බ්රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන භික්ඛවෙ සමයෙන කිකී නාම{4} රාජා අහොසි. කිකිස්ස රඤ්ඤො බාරාණසී නාම නගරං රාජධානි අහොසි. මය්හං භික්ඛවෙ, එතරහි අරහතො සම්මාසම්බුද්ධස්ස සුද්ධොදනො රාජා පිතා අහොසි, මායාදෙවී මාතා ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානී”ති.
Sinhala BJT13. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ විපස්සී භාග්‍යවත්නට බන්‍ධුමත් නම් රජ පිය වී ය, බන්‍ධුමතී නම් දෙවි විජාත මාතෘ වූය. බන්‍ධුමතී නම් නුවර බන්‍ධුමත් රජුගේ රජදහන විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්නට අරුණ නම් රජ පිය වී ය, ප්‍රභාවතී නම් දෙවි වැදූ මව වූ ය අරුණවතී නම් නුවර අරුණ රජුගේ රජදහන විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්නට සුප්‍රතීත නම් රජ පිය වී ය. යශෝවතී නම් දෙවි වැදූ මවු වූ ය. අනෝම නම් නුවර සුප්‍රතීත රජුහුගේ රජදහන් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කකුසන්‍ධ නම් භාග්‍යවත්නට අග්ගිදත්ත නම් බමුණු පිය විය, විශාඛා නම් බැමිණි වැදූ මවු වූ ය. මහණෙනි, එසමයෙහි ක්‍ෂේම නම් රජෙක් විය. ක්‍ෂේමවතී නුවර රජුහුගේ රජදහන විය. මහණෙනි, අර්‍හත් සමයක්සම්බුද්ධ වූ කෝණාගමන නම් භාග්‍යවත්නට යඤ්ඤදත්ත නම් බමුණු පිය වීය, උත්තරා නම් බැමිණි වැදූ මවු වූ ය. එසමයෙහි මහණෙනි, ශෝභ නම් රජෙක් විය. ශෝභාවතී නම් නුවර ශෝභ රජුහුගේ රජදහන් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්නට බ්‍රහ්මදත්ත නම් බමුණු පිය විය. ධනවතී නම් බැමිණි වැදූ මවු වූ ය. මහණෙනි, එ සමයෙහි කිකී නම් රජෙක් විය. බරණැස් නම් නුවර කිකී රජුහුගේ රජදහන වි ය. මහණෙනි, මෙ සමයෙහි රහත් වූ සම්මාසම්බුදු වූ මාහට සුදොවුන් රජ පිය වී ය. මායාදේවී වැදූ මවු වූ හ. “කිඹුල්වත් නම් නුවර රජදහන් වෙයි.”
Pali BJTඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඳී වෙහෙරට පිවිසි සේක.
Pali BJT14. අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො අයමන්තරා කථා උදපාදි: “අච්ඡරියං ආවුසො තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරිස්සති, නාමතොපි අනුස්සරිස්සති,
Sinhala BJT14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලායෙහි මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම්බඳු වූ තථාගතයන් වහන්සේ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්නෝ වූහ යි ද, මෙබඳු නම් ඇත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු සිල් ඇත්තෝ මෙබඳු දහම් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’යි පිරිනිවියා වූ, සිඳැලූ තෘෂ්ණාමානදෘෂ්ටිප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විපාකවට්ට දුක ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින් සිහි කළ සේක ද, නම් විසින් සිහි කළ සේක් ද,
Pali BJTගොත්තතොපි අනුස්සරිස්සති, ආයුප්පමාණතොපි අනුස්සරිස්සති, සාවකයුගතොපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතොපි අනුස්සරිස්සති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති. කින්නු ඛො ආවුසො තථාගතස්සෙව නු ඛො එසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: ‘එවං ජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති’, උදාහු දෙවතා තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, __ගොත්තතොපි අනුස්සරති__, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති” අයඤ්ච හිදං තෙසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හොති.
Sinhala BJTගොත් විසින් සිහි කළ සේක් ද, ආයු පමණ විසින් සිහි කළ සේක් ද, ශ්‍රාවකයුග විසින් සිහි කළ සේක් ද, ශ්‍රාවක සන්නිපාත විසින් සිහි කළ සේක් ද, ඒ තථාගතයන් වහන්සේගේ ඒසා මහත් ඍද්ධි ඇති නියාව, ඒසා මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. ඇවැත්නි, කිමෙක් ද? යම් ධර්‍මධාතුවක් (යම් සියල්ල දක්නා නුවණක්) මොනොවට පිළිවිදි බැවින් තථාගතයන් වහන්සේ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්හ යි ද, මෙබඳු නමැත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි ද පිරිනියාවූ, සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවටදුක් ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින්, නම් විසින්, ගොත් විසින්, ආයු පමණ විසින්, ශ්‍රාවකයුග විසින්, ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, ඒ ධර්‍මධාතුව තථාගතයන් වහන්සේ විසින් ම පිළිවිදුනා ලද ද? නැතහොත් යමෙකින් තථාගතයන් වහන්සේ ‘ඒ භගවත්හු මෙබඳුජාති ඇත්තෝ මෙබඳු නම් ඇත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු සිල් ඇත්තෝ මෙබඳු දහම් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවට දුක් ඉක්මි, ඉකුත් බුදුවරුන් ජාති විසින් නම් විසින් ගොත් විසින් ආයුපමණ විසින් ශ්‍රාවකයුග විසින් ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, මෙ කරුණ දේවතා කෙනෙක් තථාගතයන් වහන්සේට සැළ කළෝ දැ?” යි ඒ මහණුන්ගේ මේ අතුරු කථාවෙක් අඩාළ වූයේ වෙයි.
Pali BJT15. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන, කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනු’ත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතා?” ති. එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො අයමන්තරා කථා උදපාදි:
Sinhala BJT15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවතින් නැගී සිට කරෙරිමණ්ඩලමාළයට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත ආසනයෙහි හුන් සේක. වැඩ හිඳ මහණුන් බණවා, “මහණෙනි, තෙපි දැන් එක් ව කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක මෙසේ වදාළ කලැ ඒ මහණහු “වහන්ස, භාග්‍යවතුන්වන්සේ නික්මැ වැඩි නොබෝ කල්හි අපගේ මෙසේ වූ අතුරු කථාවෙක් උපන:
Pali BJT‘අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරිස්සති, නාමතොපි අනුස්සරිස්සති, ගොත්තතොපි අනුස්සරිස්සති, ආයුප්පමාණතොපි අනුස්සරිස්සති, සාවකයුගතොපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතොපි අනුස්සරිස්සති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති. කින්නු ඛො ආවුසො තථාගතස්සෙව නු ඛො එසා ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති? උදාහු දෙවතා තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති? අයං ඛො නො භන්තෙ අන්තරාකථා විප්පකතා හොති. අථ භගවා අනුප්පත්තො”ති.
Sinhala BJTඇවැත්නි, යම්බඳු වූ තථාගතයන් වහන්සේ “ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්හ, මෙබඳු ගොත් ඇතියෝ, මෙබඳු සිල් ඇතියෝ, මෙබඳු දහම් ඇතියෝ, මෙබඳු ප්‍රඥා ඇතියෝ, මෙබඳු විහරණ ඇතියෝ, මෙබඳු විමුක්ති ඇතියෝ වූහ’ යි පිරිනිවි, සිඳැලූ තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවට දුක ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින් නම් විසින් ගොත් විසින් ආයුප්‍රමාණ විසින් ශ්‍රාවකයුග විසින් ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් ද, ඒ තථාගතයන් වහන්සේගේ එසේ වූ මහත් ඍද්ධි ඇති නියාව, මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූතය. ඇවැත්නි, කිම? යම් ධර්‍මධාතුවක් මොනොවට පිළිවිඳි බැවින් තථාගතයන් වහන්සේ, ඒ භාග්‍යවත්හු මෙබඳු දැයෙහි උපන්හයි, මෙබඳු නමැත්තෝ මෙබඳු ගොතැත්තෝ, මෙබඳු සිල් ඇත්තෝ, මෙබඳු දහමැත්තෝ, මෙබඳු පැණැත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි පිරිනිවී, සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වටැති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වටැති, සියලු විපාකවට්ට දුක ඉක්මි, ඉකුත් බුදුවරුන් දෑ නම් ගොත් විසින්, ආයුප්‍රමාණ විසින්, ශ්‍රාවකයුග විසින්, ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, ඒ ධර්‍මධාතුව තථාගතයන් වහන්සේ විසින් ම පිළිවිදුනා ලද ද? නැතහොත් යමෙකින් තථාගතයන් වහන්සේ ඒ භාග්‍යවත්හු ‘මෙබඳු ජාති නාම ගෝත්‍ර ශීල ධර්‍ම ප්‍රඥා විහරණ විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, ඇම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විපාකවට්ට දුක ඉක්මි, අතීත බුදුවරුන් ජාති නාම ගෝත්‍ර ආයුෂ් ප්‍රමාණ ශ්‍රාවකයුග ශ්‍රාවක සන්නිපාත විසින් සිහිකරන සේක් නම්, මෙකරුණ දේවතා කෙනෙක් තථාගතයන් වහන්සේට සැළ කළාහු දැ?’ යි අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩවදාළ සේකැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
Pali BJT16. “තථාගතස්සෙවෙසා භික්ඛවෙ, ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති: එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති. දෙවතා පි තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා, එවංගොත්තා, එවංසීලා, එවංධම්මා, එවංපඤ්ඤා, එවංවිහාරී, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති. ඉච්ඡෙය්යාථ නො තුම්හෙ භික්ඛවෙ, භිය්යොසොමත්තාය පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සොතුන්ති?”
Sinhala BJT16. “මහණෙනි, යම් ධර්‍මධාතුවක් පිළිවිදි බැවින් තථාගතයෝ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාති නාම ගෝත්‍ර ශීල ධර්‍ම ප්‍රඥා විහරණ විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති සියලු විපාකවට්ට දුක ඉක්මි, අතීත බුදුවරුන් ජාති නාම ගෝත්‍ර ආයුෂ්ප්‍රමාණ ශ්‍රාවකයුග ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කරන්නාහු නම්, ඒ ධර්‍මධාතුව තථාගතයන් විසින් මොනොවට ම පිළිවිදුනා ලද්දේ ය. මෙ කරුණ දේවතාවෝ ද තථාගතයනට සැළ කළහ. මහණෙනි, තෙපි වඩාලාත් පෙරැවුසු කඳපිළිවෙළ පිළිබඳ වූ ධර්‍ම කථාව අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT17. “එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො. යං භගවා භිය්යොසොමත්තාය පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්ය භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තෙන හි භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී”ති. “එවංභන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT17. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩාලාත් පෙරැවුසු කඳපිළිවෙළ පිළිබඳ දහම් කතාව කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය වෙයි. සුගතයන් වහන්ස, එයට මේ කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු සිතැ ලා දරන්නාහ” යි ඒ මහණහු කීහ. “මහණෙනි, එසේ වී නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT18. “ඉතො සො භික්ඛවෙ, එකනවුතො කප්පො{1}. යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. විපස්සී භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං: එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසතසහස්සානි. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසං යෙව ඛීණාසවානං. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. විපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානි අහොසි.
Sinhala BJT18. මහණෙනි, යම් කලෙක රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් එක්අනු වන කපය. මහණෙනි, රහත් සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්හ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩින්‍ය වූහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට හවුරුදු අසූදහසෙක් ආයුෂ්ප්‍රමාණය විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු පළොල්රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට ඛණ්ඩය තිස්ස යැ යි නම් වූ භද්‍රයුග වූ සවුයුවලෙක් විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනෙක් විය: එයින් එක් ශ්‍රාවකසන්නිපාතයෙක් අටසැට ලක්‍ෂයක් භික්‍ෂූන්ගෙන් යුක්ත විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් භික්‍ෂූන් ලක්‍ෂයෙන් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් භික්‍ෂූන් අසූ දහසෙක් විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදුවූ විපස්සී භාග්‍යවත්නට හැම දෙනා ක්‍ෂීණාශ්‍රව වූ සව්වන්ගේ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට අශෝක නම් මහණෙක් අග්‍රෝපස්ථායක වූ උවසු විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට බන්‍ධුමත් නම් රජෙක් පිතෘ විය, බන්‍ධුමතී නම් දේවියක් වැදූ මව වූ ය. බන්‍ධුමතී නම් නුවර බන්‍ධුමත් රජුගේ රජදහන විය.
Pali BJT19. අථ ඛො භික්ඛවෙ, විපස්සී බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමි. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT19. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හු තුසී දෙව්නකායෙන් සැව සිහි ඇත්තේ නුවණැත්තේ මවුකුසට බටුයේ ය. මේ මෙහි ධර්‍මතා යි (ස්‍වභාවය යි).
Pali BJT20. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො{2} ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යා පි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසුරියා එවංමහිද්ධිකා එවංමහානුභාවා ආභාය නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවා.-
Sinhala BJT20. මහණෙනි, මේ ධර්‍මතා යැ: යම් කලෙක බෝසත්හු තුසී දෙව්නකායෙන් සැව මව කුස පිළිසිඳ ගන්නාහු නම්, එ කලැ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත සත්‍වප්‍රජායෙහි, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. නිති විවැරුණු, නො හැවුරුණු (යටින් පිහිටක් නැති), ඇස් අඳුරු කරන ගනඳුරු ඇති යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, මේසා මහඉදුහු ඇති මේසා මහ තෙදැති සඳ හිරුහු ඒ යම් තැනෙක සිය එළියෙන් අඳුරු දුරැලන්නට නොහැකි වෙත් ද, එහි පවා දෙවියන්ගේ දෙව්එළිය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි:-
Pali BJTයෙපි තත්ථ සත්තා උප්පන්නා,{1} තෙ පි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති ‘අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා’ති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJTඑහි යම් සත් කෙනෙක් උපන්නෝ ද, ඔහු ද ඒ එළියෙන් ‘භවත්නි, මෙහි උපන් අන් සත් කෙනෙක් ඇත්හ’ යි උනුන් හැඳින ගනිත්. මෙ දසදහස් ලෝදා ද හාත්පසින් සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දෙවියන්‍ගේ දේවානුභාවය ඉක්මැ ම අප්‍රමාණ වූ විපුල ආලෝකයෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT21. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, චත්තාරො නං දෙවපුත්තා චතුද්දිසං{2} රක්ඛාය උපගච්ඡන්ති: ‘මා නං බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමනුස්සො වා කොචි වා විහෙඨෙසී’ති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT21. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසට බටුවෝ වෙද්ද, එකලැ සිවුදෙනෙක් දෙව්පුත්තු (සිවු වරම්රජුහු) ‘ඒ බෝසතුන් හෝ බෝසත්මව හෝ කිසි මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ නො පෙළාව’ යි සතර දිගැ රකවළට වෙත පැමිණෙත්. මෙහි මේ ධර්‍මතා යි.
Pali BJT22. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, පකතියා සීලවතී බොධිසත්තමාතා හොති විරතා පාණාතිපාතා, විරතා අදින්නාදානා, විරතා කාමෙසු මිච්ඡාචාරා, විරතා මුසාවාදා, විරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT22. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එකල්හි පියෙවියෙන් ම සිල්වත් වූ බෝසත්මව පණිවායෙන් වැළැකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළැකුණී වෙයි, මුසවායෙන් වැළැකුණී වෙයි, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැකුණී වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT23. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උප්පජ්ජති කාමගුණූපසංහිතං. අනතික්කමනීයා ච බොධිසත්තමාතා හොති කෙනචි පුරිසෙන රත්තචිත්තෙන. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT23. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එ තැන් පටන් කොට බෝසත්මවට පිරිමින් කෙරෙහි කාමගුණනිංඃශ්‍රිත වූ සිතෙක් නො පහළ වේ. රාගයෙන් රත් වූ සිතැති කිසිදු පුරුෂයෙක් හු විසින් බෝසත් මව ඉක්මියැ හැකි නො වේ. මෙහි මේ ධර්‍මතා යි.
Pali BJT24. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, ලාභිනී බොධිසත්තමාතා හොති පඤ්චන්නං කාමගුණානං. සා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT24. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එතැන් පටන් කොට බෝසත්මව පස්කම්සුව ලබන්නී වෙයි. ඕ පස්කම් ගුණයෙන් සමර්පිත ව සංයුක්ත ව ඉඳුරන් හසුරුවයි. මෙ මෙහි ධර්‍මතා යි.
Pali BJT25. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති. සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා. බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චං අහීනින්ද්රියං.
Sinhala BJT25. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව් කුසැ පිළිසිඳ ගත්තේ වේ ද, එතැන් පටන් කොට බෝසත්මවට කිසි ම ආබාධයෙක් නො උපදී. බෝසත්මව සුවැත්තී ක්ලාන්ත නොවූ කයැත්තී වෙයි. බෝසත්මව සිය කුසතුළැ වූ බෝසත්හු සියලු අඟපසඟ ඇත්තහු, නොපිරිහුණු ඉඳුරන් ඇත්තහු දකී. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො __අනාවිලො__ සබ්බාකාරසම්පන්නො, තත්ර යං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා, තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය: අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාර සම්පන්නො, තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා’ති. එවමෙව ඛො භික්ඛවෙ යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති, සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා. බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං. අයමෙත්ථ ධම්මතා:
Sinhala BJTමහණෙනි, යම්සේ ශෝභන වූ, ජාතිමත් වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, පිරිසිදු, වෙසෙසින් පහන්, හැම අයුරින් පිරිපුන් වෙරළුමිණෙක් වේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ ලෙහෙවන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වේ ද, එය ඇස්ඇති පුරුෂයෙක් අතෙහි කොට ‘මේ වෙරළුමිණ හොබනේ ය, ජාතිමත් ය, අටැස් ය, මොනොවට පිරියම් කරන ලද්දේ ය, පිරිසිදු ය, වෙසෙසින් පහන් ය, හැම සැටියෙන් පිරිපුන් ය. මෙහි මේ නිල්වන් හෝ රන්වන් හෝ ලෙහෙවන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වේ යැ’ යි සලකා බලන්නේ ද, එසේ ම මහණෙනි, යම් කලෙක බෝසත්හු මවකුසැ පිළිසිඳ ගත්තෝ වෙත් ද, එකලැ බෝසත්මවට කිසිදු ආබාධයෙක් නො උපදී. බෝසත්මව අක්ලාන්ත කය ඇත්තී සුවපත් වෙයි. බෝසත් මව සිය කුසතුළැ වූ බෝසතුන් සියලු අඟපසඟ ඇතියවුන් නොපිරිහුණු ඉඳුරන් ඇතියවුන් දකී. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT26. ධම්මතා එසා භික්ඛවෙ, සත්තාහජාතෙ බොධිසත්තෙ බොධිසත්තමාතා කාලං කරොති, තුසිතං, කායං උපපජ්ජති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT26. මහණෙනි, මේ ධර්‍මතා යි: බෝසත්හු උපන් සත්දවසැ බෝසත්මව කලුරිය කෙරෙයි. (කලුරිය කොට) තුසීදෙව්ලොවැ උපදී. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT27. ධම්මතා එසා භික්ඛවෙ, යථා අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. දසෙව මාසානි බොධිසත්තං බොධිසත්තමාතා කුච්ඡිනා පරිහරිත්වා විජායති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT27. මහණෙනි, මේ ධර්‍මතා යි: යම්සේ අන් ස්ත්‍රීහු නව මසක් හෝ දසමසක් කුසින් ගබ රැක වදත් ද, බෝසත්මව එසේ බෝසතුන් නො ම ප්‍රසූත කෙරෙයි. බෝසත්මව පුරා දස මසක් ම බෝසතුන් කුසින් උසුලා ප්‍රසූත කෙරෙයි. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT28. ධම්මතා එසා භික්ඛවෙ, යථා අඤ්ඤා ඉත්ථිකා නිසින්නා වා නිපන්නා වා විජායන්ති, න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. ඨිතා’ව බොධිසත්තං බොධිසත්තමාතා විජායති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT28. මහණෙනි, මේ ධර්‍මතා යි: යම්සේ අන් ස්ත්‍රීහු හිඳ හෝ වැදහෙට වදත් ද, බෝසත්මව බෝසතුන් එසේ ප්‍රසූත නො කරයි. බෝසත් මව සිටියා ම බෝසතුන් ප්‍රසූත කෙරෙයි. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT29. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, දෙවා පඨමං පතිගණ්හන්ති, පච්ඡා මනුස්සා. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT29. මහණෙනි මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව් කුසින් බිහි වෙත් ද, එවිට පළමුවෙන් දෙවියෝ ද පසුව මිනිස්සු ද ඔබ පිළිගනිත්. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT30. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අප්පත්තො’ව බොධිසත්තො පඨවිං හොති. චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති. ‘අත්තමනා දෙවි හොහි මහෙසක්ඛො. තෙ පුත්තො උප්පන්නො’ති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT30. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව් කුසින් නික්මෙත් ද, එකල්හි බෝසත්හු පොළොවට නො පැමිණියෝ ම වෙති. (නොපැමිණියැදී ම) සතර දෙව්පුත් කෙනෙක් ඔබ පිළිගෙන, ‘දේවිනි, සතුටු වන්න, ඔබට මහායශස්ක පුතෙක් උපනැ’ යි කියා මව ඉදිරියෙහි තබත්. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT31. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදො’ව නික්ඛමති අමක්ඛිතො උද්දෙන{1}, අමක්ඛිතො සෙම්හෙන, අමක්ඛිතො රුහිරෙන, අමක්ඛිතො කෙනචි අසුචිනා, සුද්ධො විසදො.
Sinhala BJT31. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, විශද වැ ම, දියෙන් නොවැකුණෝ, සෙමින් නොවැකුණෝ, ලෙයින් නොවැකුණෝ, කිසිදු අශුචියෙකින් නොවැකුණෝ පිරිසිදු වැ නිර්‍මල වැ නික්මෙති.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මණිරතනං කාසිකෙ වත්ථෙ නික්ඛිත්තං නෙව මණිරතනං කාසිකං වත්ථං මක්ඛෙති, නාපි කාසිකං වත්ථං මණිරතනං මක්ඛෙති - තං කිස්ස හෙතු: උභින්නං සුද්ධත්තා. එවමෙව ඛො භික්ඛවෙ යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදො’ව නික්ඛමති අමක්ඛිතො උද්දෙන, අමක්ඛිතො සෙම්හෙන, අමක්ඛිතො රුහිරෙන, අමක්ඛිතො කෙනචි අසුචිනා, සුද්ධො විසදො. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJTමහණෙනි, කසී සළුවෙක තබන ලද මිණිරුවනෙක් වේ නම් එය කසීසළුව නො වකා ද (කසීසළුවෙහි නො තැවරේ ද) කසීසළුවත් මිණිරුවන නො වකා ද (කසීසළුව මිණිරුවනෙහි නො තැවරේ ද) - ඒ කවර හෙයින? ඒ දෙක ම පිරිසිදු බැවිනි. මහණෙනි, එසේ ම යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, විශද වැ ම, දියෙන් නොවැකුණෝම, සෙමින් නොවැකුණෝම, ලෙයින් නොවැකුණෝම, කිසිදු අශූචියෙකින් නොවැකුණෝම, පිරිසිදුවැම නිර්‍මලවැම නික්මෙත්. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT32. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, ද්වෙ උදකස්ස ධාරා{2} අන්තළික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස එකා උණ්හස්ස, යෙන බොධිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතුච්ච{3}. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT32. මහණෙනි මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි යමෙකින් බෝසතුන්ගේත් මවගේත් දියකිස කෙරෙත් ද, එසේ වූ එකක් උණුදිය වූත් එකක් සිහිල් දිය වූත් දියදහර දෙකෙක් අහසින් පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT33. ධම්මතා එසා භික්ඛවෙ, සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො{1} සත්ත පදවීතිහාරෙ{2} ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුහීරමානෙ{3}, සබ්බා ච දිසා අනුවිලොකෙති{4}, ආසභිඤ්ච වාචම්භාසති: “අග්ගො’හමස්මි ලොකස්ස, ජෙට්ඨො’හමස්මි ලොකස්ස, සෙට්ඨො’හමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවො”ති. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT33. මහණෙනි, මේ ධර්‍මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොවැ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිගුන් අනුව බලති. “මම් ලොවට අග්‍ර වෙමි. මම් ලොවට දෙටු වෙමි. මම් ලොවට සෙට වෙමි. මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි උතුම් බස් පවසත්. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT34. ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති, අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යා’පි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසුරියා එවම්මහානුභාවා ආභාය නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතු භවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙ’පි තත්ථ සත්තා උප්පන්නා, තෙ’පි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති: “අඤ්ඤෙ’පි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සංකම්පති සම්පකම්පති සම්පවෙධති. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අයමෙත්ථ ධම්මතා.
Sinhala BJT34. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම පමණ කට නොහැකි මහත් එළියෙක් පහළ වෙයි. (රුක් ඈ කිසිවෙක) ගැටුම් නැති, කිසිවෙකින් නොවැසුණු, අඳුරු වූ, ගනඳුරු ඇති, මේ සා මහත් ඉදුහ ඇති මහත් තෙද ඇති මේ සඳහිරුන් සිය එළියෙන් බබුලුවනු නොහැකි යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, එහි දු දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. එහි යම් සත් කෙනෙක් උපන්නාහු නම් ඔහු ද ඒ එළියෙන් භවත්නි, මෙහි උපන් අන් සත්හු ද ඇතැ’ යි උනුන් හැඳින ගනිත්. මේ දසදහසක් ලෝදා ද සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ ම මහත් එළියෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
Pali BJT35. ජාතෙ ඛො පන භික්ඛවෙ, විපස්සිම්හි කුමාරෙ බන්ධුමතො රඤ්ඤො පටිවෙදෙසුං: ‘පුත්තො තෙ දෙව ජාතො: තං දෙවො පස්සතූ’ති. අද්දසා ඛො භික්ඛවෙ බන්ධුමා රාජා විපස්සිං කුමාරං, දිස්වා නෙමිත්තෙ බ්රාහ්මණෙ ආමන්තාපෙත්වා එතදවොච: –
Sinhala BJT35. මහණෙනි, විපස්සී කුමරුන් උපන් කල්හි ‘දේවයිනි, ඔබට පුතෙක් උපන. දේවයන් වහන්සේ ඔහු දකින සේක්වා’ යි බන්‍ධුමත් රජුට දැන්වූහ. මහණෙනි, බන්‍ධුමත් රජ විපස්සී කුමරුන් දුටුයේ ම ය, දැක නිමිත්තපාඨක බමුණන් කැඳවා
Pali BJT‘පස්සන්තු භොන්තො නෙමිත්තා බ්රාහ්මණා කුමාරන්ති.’ අද්දසංසු{5} ඛො භික්ඛවෙ නෙමිත්තා බ්රාහ්මණා විපස්සිං කුමාරං දිස්වා බන්ධුමං{6} රාජානං එතදවොචුං: ‘අත්තමනො දෙව හොහි. මහෙසක්ඛො තෙ දෙව පුත්තො උප්පන්නො. ලාභා තෙ මහාරාජ, සුලද්ධං තෙ මහාරාජ, යස්ස තෙ කුලෙ එවරූපො පුත්තො උප්පන්නො.’
Sinhala BJT“භවත් නෛමිත්තිකබ්‍රාහ්මණයෝ කුමාරයා දකිත්ව” යි මෙ බස් පැවැසී ය: නෛමිත්තික බ්‍රාහ්මණයෝ විපස්සී කුමරහු දුටුවාහු ම ය. දැක බන්‍ධුමත් රජුට ‘දේවයිනි, සතුටු වන්න, ඔබට මහත් යශස් ඇති පුතෙක් උපන. මහරජුනි, යම්බඳු ඔබගේ කුලයෙහි මෙබඳු පුතෙක් උපන්නේ ද, ඒ ඔබට ලාභ ය. මහරජුනි, ඒ ඔබ විසින් ලබන ලද මනා ලාභයෙකි.’
Pali BJT36. “අයං හි දෙව, කුමාරො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා - සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති: සෙය්යථිදං –
Sinhala BJT36. “දේවයිනි, යමෙකින් සමන්‍විත මහපුරිස්හට නිෂ්ඨා (නිෂ්පත්ති) දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද, මේ කුමර එසේ වූ දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍විත ය. ඉදින් මේ තෙම ගිහිගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනව්හි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ ධර්‍මරාජ වූ සක්විත්තෙක් වෙයි.
Pali BJTචක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො.
Sinhala BJTචක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත්රුවන් කෙනෙක් ඔහුට වෙත්. ඔහුට ශූර වූ වීර්‍ය්‍යප්‍රකෘතික (වීර්‍ය්‍යමය) වූ සතුරු සෙන් මැඩලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත්. හේ සයුර හිම් කොටැති මේ පොළෙව දංඩෙන් තොර වැ සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති ව වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කරන ලද කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි.
Pali BJT37. කතමෙහි චායං දෙව කුමාරො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා-සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති: සෙය්යථිදං – චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො.
Sinhala BJT37. යමෙකින් සමන්‍විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද - ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනවුහි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමකුහට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත් රුවන් කෙනෙක් වෙත් ද, යමකුට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, යමෙකින් සමන්‍විතයෙක් සයුර හිම් කොටැති මේ පෙළොව දංඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහි ගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැරැ කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, ඒ කවර දෙතිස් මහපුරිස්ලකුණින් මෙ කුමර සමන්‍විත වේ ද යත්:
Pali BJTඅයං හි දෙව, කුමාරො සුප්පතිට්ඨිතපාදො. යම්පායං දෙව කුමාරො සුප්පතිට්ඨිතපාදො, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTදේවයිනි, මෙ කුමර සුපිහිටි පා (එක පැහැර බිම පහස්නා පතුල්) ඇත්තේ ය. දේවයිනි, මෙකුමර සුපිහිටි පා ඇත්තේ ය යන යමෙක් ඇද්ද, මෙ ද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
Pali BJTඉමස්ස දෙව, කුමාරස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි. යම්පි දෙව ඉමස්ස කුමාරස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි, ඉදම්පි’ස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTදේවයිනි, මේ කුමරුහුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම සැටියෙන් පිරිපුන් චක්‍රයෝ හටගත්තාහු වෙත්. දේවයිනි, මෙ කුමරුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් චත්‍රයෝ හටගත්තාහු වෙත් ද, මේත් මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වේ.
Pali BJTඅයං හි දෙව, කුමාරො ආයතපණ්හී. (යම්පායං දෙව කුමාරො ආයතපණ්හී ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.{*})
Sinhala BJTදේවයිනි, මෙ කුමර (පිරිපුන්) දික් විළුම් ඇත්තේ ය. දේවයිනි, මේ කුමර දික් විළුම් ඇතියේ වේද, මේද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
Pali BJTඅයං හි දෙව, කුමාරො දීඝඞ්ගුලී. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර (මුලින් දළ අගින් සිහින්) දික් ඇඟිලි ඇත්තේ ය.
Pali BJTඅයං හි දෙව, කුමාරො මුදුතළුණහත්ථපාදො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර මොළොක් තුරුණු අත්පා ඇතියේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො ජාලහත්ථපාදො: -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර (අත සතර ඇඟිලි පය පස් ඇඟිලි ඒකප්‍රමාණ වැ ඇති බැවින් ජාල කවුළුවක්) බඳු අත් පා ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො උස්සඞ්ඛපාදො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර උස් (නැඟී පිහිටි) බොලට ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො එණිජඞ්ඝො -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර ඒණිමුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො ඨිතකො’ව අනොනමන්තො උභොහි පාණිතලෙහි ජන්නුකානි පරිමසති{1} පරිමජ්ජති -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර තෙම සිටියේ ම නො නැමි දෙ අත්ලෙන් දෙදණ ස්පර්‍ශය කෙරෙයි, පිරිමදී ...
Pali BJTඅයං හි දෙව, කුමාරො කොසොහිතවත්ථගුය්හො{2} -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර කෝශයෙහි අවහිත වස්ත්‍රගුහ්‍ය (අංගජාතය) ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො සුවණ්ණවණ්ණො කඤ්චනසන්නිභත්තචො -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර රන්වන් ය. කසුන්කඳක් බඳු පහන් සිවි පැහැ ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො සුඛුමච්ඡවී. සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිප්පති.{3} -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර සියුම් සිවිය ඇත්තේ ය. සිවිය සියුම් බැවින් දූලි හෝ දැලි අඟැ නො ඇලෙයි.
Pali BJTඅයං හි දෙව, කුමාරො එකෙකලොමො. එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර එකෙකි ලොම් ඇත්තේ ය. ලෝමකූපයන්හි (එක් එක් ලෝමකූපයෙක) එකෙකි ලොම් හටගත්තේ ය.
Pali BJTඅයං හි දෙව, කුමාරො උද්ධග්ගලොමො. උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි දක්ඛිණාවත්තකජාතානි. -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර උඩුඅග් ලොම් ඇත්තේ ය. (මුඹගේ සිරුරැ) නිල් වූ අඳුන්වන් ලොම්හු කොඬොල් අයුරින් කරකැවී දක්‍ෂිණාවර්‍තක ව ඇත ...
Pali BJTඅයං හි දෙව, කුමාරො බ්රහ්මුජ්ජුගත්තො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර බ්‍රහ්මයාගේ සෙයින් ඍජු වූ ගාත්‍ර ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො සත්තුස්සදො. -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර උස් ව පිරුණු මස් ඇති බැවින් (දෙඅත්පිට දෙපාපිට දෙඋර කඳ යන) සත් තන්හි උත්සන්න (පිරිපුන්) මාංශ ඇත්තේ ය.
Pali BJTඅයං හි දෙව, කුමාරො සීහපුබ්බද්ධකායො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර සිංහයාගේ පෙරඩකය බඳු පිරිපුන් සිරුර ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො චිතන්තරංසො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර චිත වූ (පිරිපුන්) අන්තරාංස (පිටැ දෙ අංසයන් අතර මැදකොටස) ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො නිග්රොධපරිමණ්ඩලො යාවතක්වස්ස කායො තාවතක්වස්ස බ්යාමො, යාවතක්වස්ස බ්යාමො තාවතක්වස්ස කායො. -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර සම වූ කඳ හා සම වූ අතු ඇති (අයම්විතරින් සම වූ) නුගරුකක් සෙයින් පරිමණ්ඩල වෙයි. මුඹගේ කය යම් පමණ ද, බඹයත් එපමණ ම වෙයි. බඹය යම් පමණ ද, කයත් එපමණ ම වෙ.
Pali BJTඅයං හි දෙව, කුමාරො සමවත්තක්ඛන්ධො. -පෙ-
Sinhala BJTදේවයිනි, මේ කුමර සම වට කඳට ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො රසග්ගසග්ගී. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර රසග්‍රාසාග්‍රය. (රසයන්ගෙන් ග්‍රාසයෙහි - රසවිඳීමෙහි ඌර්‍ධවාග්‍ර වූ රසනහර ඇත්තේ ය).
Pali BJTඅයං හි දෙව, කුමාරො සීහහනු. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර සිංහයාගේ අධස්තාත් හනුව සෙයින් පිරිපුන් හනු ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො චත්තාළීසදන්තො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර නොඅඩු සතළිස් දත් ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො සමදන්තො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර සම වූ දත් ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො අවිවර{4}දන්තො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර විවරරහිත දත් ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො සුසුක්කදාඨො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර ඉතා සුදු (දිලියෙන පැහැ ඇති) දත් ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො පහූතජිව්හො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර මොළොක් දික්පුළුල් දිව ඇත්තේ ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො බ්රහ්මස්සරො කරවීකභාණී. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර බ්‍රහ්මයාගේ ස්වර බඳු විශුද්ධස්වර ඇත්තේ ය. කුරවිකෙවිල්‍ලන්ගේ බඳු මිහිරි හඬින් බණන සුලු ය ...
Pali BJTඅයං හි දෙව, කුමාරො අභිනීලනෙත්තො. -පෙ-
Sinhala BJTදේවයිනි, මෙ කුමර නිල් වුවමනා තන්හි ඉතා පිරිසිදු නිල් පැහැ ඇස් ඇත්තේ ය ...