Pali BJT58. යම්පි ලොහිච්ච, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං.
Sinhala BJT58. ලෝහිච්චය, මහණ තෙම විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍කරහිත, විචාර රහිත, සමාධියෙන් පහළ වූ, ප්‍රීතිය හා සුඛවේදනාව හා ඇති යම් දෙවෙනි ධ්‍යානයකට පැමිණැ වෙසේ ද, හේ මේ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි. හැම තැන ම පැතිරැ වැදැ ගනී. ඔහුගේ ඒ සියලු කයැ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
Pali BJT59. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT59. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු නිසා සවු තෙම මෙබඳු මහත් ගුණවෙසෙසක් ලබා ද, ලෝහිච්චය, මේත් ලොවැ චෝදනාවට නොසුදුසු වූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූතය, අතථ්‍ය ය, නො දැහැමි ය, වරද සහිත ය.
Pali BJT60. පුන චපරං ලොහිච්ච, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT60. නැවැත ද (අනෙකක් කියමි:) ලෝහිච්චය, මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් (පහ වීමෙන්, සංහිඳීමෙන්), උපේක්‍ෂක වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. (දහන්) සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහරණ ඇත්තේ යැ’ යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. හැම පරිදි තෙත් කෙරෙයි. පුරා ලයි. හැම තැන ම පැතිර වැදැ ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT61. සෙය්යථාපි ලොහිච්ච, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාවචග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිස්සන්නානි පරිස්සන්නානි පරිපූරානි පරිප්ඵුටානි, නාස්සා කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස, එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT61. ලෝහිච්චය, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ, දියෙහි වැඩුණේ, දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ හැම අක් දක්වාත් මුල් දක්වාත් සිසිල් දියෙන් තෙමුණේ, හැම පරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් හෝ වන්නේ ද, ලෝහිච්චය, එසේ ම මහණ තෙමේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරා ලයි. හැම පරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT62. යම්පි ලොහිච්ච, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති, ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං.
Sinhala BJT62. ලෝහිච්චය, මහණ තෙම් ප්‍රීතිය ද හැරැ ලීමෙන් උපේක්‍ෂාව ඇත්තේ සිහි ඇති වැ නුවණ ඇති වැ වෙසේ. සුවයත් නාමකයින් විඳී. ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සුව වුසුම් ඇත්තේයැ’යි ආර්‍ය්‍යයෝ යමක්හු දක්වත් නම්, ඒ තෙවෙනි ධ්‍යානය ලැබ වෙසේ. හේ නිෂ්ප්‍රීතික සුවයෙන් මෙ කය ම තෙමයි. කය සියල්ල ම තෙත් කෙරෙයි. පුරා ලයි. පැතිරැ වැදගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නොවෙයි යන යමක් ඇද් ද, මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
Pali BJT63. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT63. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි වැස සවු තෙම මෙබඳු මහත් ගුණ වෙසෙසක් ලබා නම්, මේත් ලෙවැ චෝදනාවට නො සුදුසු වූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූතය, අතථ්‍ය ය, නො දැහැමි ය, වරද සහිත ය.
Pali BJT64. පුන චපරං ලොහිච්ච, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT64. නැවැත ද (අනෙකක් කියමි:) ලෝහිච්චය, මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුඃඛ වේදනාව ද දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහ වීමෙන්, දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසුදු බව ඇති සතර වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද නො නොගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT65. සෙය්යථාපි ලොහිච්ච, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස, එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT65. ලෝහිච්චය, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙවැ හුන්නේ වේ නම්, ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නො වන්නේ ද, ලෝහිච්චය, එසේ ම මහණ තෙම් මේ කය ම පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහු කයැ පිරිසිදු පබසර සිතින් වැද ගෙන නොසිටි කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT66. යම්පි ලොහිච්ච, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං.
Sinhala BJT66. ලෝහිච්චය, මහණ තෙම් සුඛවේදනාව ද දුක් වේදනාව ද පහ කිරීමෙන්, පළමුවෙන් ම සොම්නස් දොම්නසුන් පහ වැ යෑමෙන්, දුක් ද නොවූ සුව ද නො වූ, උපේක්‍ෂාවත් ස්මෘතියත් යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සිවුවන දහන් ලැබැ වෙසෙයි. එයින් හෙ තෙම මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නොවෙයි.
Pali BJT67. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT67. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු උදාර ගුණ වෙසෙසක් ලබා නම්, මේ ද ලොවැ චෝදනාර්‍හ නොවූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ තම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT68. පුන චපරං ලොහිච්ච, සො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
Sinhala BJT68. තව ද (අනෙකක් කියමි:) ලෝහිච්චය, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි නැති වූ කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, විදර්‍ශනා භාවනාවට යෝග්‍ය කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස (පරිකර්‍ම) සිත එයට අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හේ “මගේ මේ කය වූ කලි රූපවත් ය, සතර මහාභූතයන් ගෙන් හැදුණේ ය. මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය. බත් කොමු ආදි අහරින් වැඩුණේ ය. අනිස බව ද, දුගඳ හැරනුවට සුවඳ විලෙවුන් ගැල්වියැ යුතු බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාවය කොටැත්තේ ය. මාගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී.
Pali BJT69. සෙය්යථාපි ලොහිච්ච, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො, තත්රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය: “අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො. තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා”ති. එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
Sinhala BJT69. ලෝහිච්චය, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදි සියලු ආකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, ඇටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදි ආකාරයෙන් සම්පූර්‍ණ වූ වෙරළුමිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ පඬුවන් වූ හෝ සුදුවන් වූ හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ යැ” යි සලකා බලන්නේ ද, ලෝහිච්චය, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධි ගත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හෙ තෙම “මාගේ මේ කය වූ කලි රූපී ය. සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය. මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය. බත් කොමු ආදි අහරින් වැඩුණේ ය. අනිස බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉසියැ යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, ඒ කළත් බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාවය කොටැත්තේ ය. මාගේ මේ සිත ද මෙහි ලැග ගත්තේය. මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
Pali BJT70. යම්පි ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- එවං පජානාති -පෙ- ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT70. ලෝහිච්චය, මහණ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ... මාගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය. මෙහි බැඳුණේ යැ’යි මෙසේ දනී යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
Pali BJT71. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT71. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි ශ්‍රාවක තෙම් මෙබඳු උදාර ගුණවිශේෂයක් ලබා නම්, ලෝහිච්චය, මෙ ද ලොවැ චෝදනාර්‍හ නොවූ ශාස්තෘවරයෙකි. යමෙකුත් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT72. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං.
Sinhala BJT72. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් නොමැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ (ඍද්ධි ඉපැදැවීමට යෝග්‍ය වූ) කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වූ, සියලු අඟපසඟින් යුත්, විකල නො වූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
Pali BJT73. සෙය්යථාපි ලොහිච්ච, පුරිසො මුඤ්ජම්හා ඉසිකං පවාහෙය්ය, තස්ස එවමස්ස: ‘අයං මුඤ්ජො, අයං ඉසිකා. අඤ්ඤො මුඤ්ජො, අඤ්ඤා ඉසිකා. මුඤ්ජම්හා ත්වෙව ඉසිකා පබාළ්හා’ති. සෙය්යථාපි වා පන ලොහිච්ච, පුරිසො අසිං කොසියා පවාහෙය්ය, තස්ස එවමස්ස: ‘අයං අසි අයං කොසි. අඤ්ඤො අසි අඤ්ඤා කොසි. කොසියා ත්වෙව අසි පබාළ්හො’ති. සෙය්යථාපි වා පන ලොහිච්ච, පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය, තස්ස එවමස්ස: ‘අයං අහි, අයං කරණ්ඩො. අඤ්ඤො අහි, අඤ්ඤො කරණ්ඩො. කරණ්ඩා ත්වෙව අහි උබ්භතො’ති. එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං.
Sinhala BJT73. ලෝහිච්චය, යම්සේ පුරුෂයෙක් මුදුතණගසෙකින් තණකූර (=තණ බඩය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ මුදුතණගස ස, මේ එහි තණකූරය. තණ ගස එකෙකි, එහි කූර අනෙකෙකි. මුදුතණ ගස කෙරෙන් ම එහි කූර මෑත් කරන ලද්දේ යැ’ යි මෙසේ සිතෙක් වන්නේ ද, ලෝහිච්චය, යම්සේ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ කඩුව ය, මේ කොපුව ය. කඩුව එකෙක, කොපුව අනෙකෙක. කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේයැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, ලෝහිච්චය, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන් කරන්නේ ද, ඔහුට ‘මේ නයා ය, මේ සැව ය. නයා එකෙක, සැවය අනෙකෙක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, ලෝහිච්චය, එපරිද්දෙන් ම මහණ තෙම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පත් කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙසි, නැඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුත් වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි.
Pali BJT74. යම්පි ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT74. ලෝහිච්චය, මහණ තෙම මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි ... රූපී වූ මනෝමය වූ සියලු අඟපසකින් යුත් අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
Pali BJT75. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති. අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT75. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු මහත් ගුණ වෙසෙසකට පැමිණේ නම්, ලෝහිච්චය, මේ ද ලොවැ චෝදනාර්‍හ නොවූ ශාස්තෘවරයෙකි. යමෙකුත් මෙබඳු වු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT76. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති. බහුධාපි හුත්වා එකො හොති. ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJT76. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය (=ඍද්ධියට යෝග්‍ය) කල්හි, ස්ථිත කල්හි, නිශ්චලත්‍වයට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස (අභිඥාපාදක පරිකර්‍ම) සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධිවිධය (ඍද්ධි කොට්ඨාසය) නැවත නැවත අනුභව කෙරෙයි (හෙවත් නාම කයින් ස්පර්‍ශ කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ලබයි): පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (ඍද්ධි බලයෙන්) බහු ප්‍රකාර ද වී යලි දු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනී සිටී). අප්‍රකට බව කෙරෙයි (නොපෙනී සිටියි). බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නො ගැටෙනුයේ මැදින් විනිවිද යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම (ගිලීම), උඩට නැගීම (මතු වීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්‍ෂ ඇති සකුණයකු මෙන් අහසෙහි ද පලඟින් (=ඌරුබද්ධාසනයෙත්) යෙයි. මේසා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අතින් පරාමර්‍ශන කෙරෙයි (=අල්ලයි), (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද කයින් වශය පවත්වයි.
Pali BJT77. සෙය්යථාපි ලොහිච්ච, දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය, සෙය්යථා වා පන ලොහිච්ච දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය, සෙය්යථා වා පන ලොහිච්ච, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය, එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති. -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. යම්පි ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT77. ලෝහිච්චය, යම්සේ දක්‍ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද – ලෝහිච්චය, යම්සේ දක්‍ෂ දන්තකාරයෙක් (ඇත්දතින් විසිතුරු රූ ඈ කරන්නෙක්) හෝ දන්තකාරයක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ දතෙහි යම් යම් දන්තවිකෘතියක් තමා කැමැති තම්, ඒ ඒ දැය ම කරන්නේ ද නිපදවන්නේ ද – ලෝහිච්චය, යම්සේ දක්‍ෂ රන්කරුවෙක් හෝ රන්කරුවක්හු අතවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ රනෙහි යම් යම් ස්වර්‍ණවිකෘතියක් තමා කැමැත්තේ නම්, එය එය ම කරන්නේද, නිපදවන්නේද - එසේ ම ලෝහිච්චය, මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, පර්‍ය්‍යවදාත කල්හි, අංගණ රහිත කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය කල්හි, ස්ථිත කල්හි, අචල බවට පැමිණැ සිටි කල්හි ඍද්ධිවිධය පිණිස සිත යොමු කෙරෙයි, නමා ලයි. හේ එකෙක් වැ බොහෝ පරිදි වේ ... බඹලොව තෙක් ද කයින් වශය පවත්වයි යන අනේකවිධ ඍද්ධිවිධ අනුභව කෙරෙයි. ලෝහිච්චය, මහණ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වූ කල්හි … බඹලොව දක්වා ද කයින් වශය පවත්වයි, අනේකවිධ ඍද්ධිවිධ අනුභව කෙරේ යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වේ.
Pali BJT78. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT78. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු මහත් ගුණවෙසෙසකට පැමිණේ නම්, මේ ද ලොවැ චෝදනාර්‍හ නො වූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT79. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච. සෙය්යථාපි ලොහිච්ච පුරිසො අද්ධානමග්ගපටිපන්නො, සො සුණෙය්ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දම්පි, තස්ස එවමස්ස: භෙරිසද්දො ඉති’පි මුදිඞ්ගසද්දො ඉති’පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දො ඉති’පි. එවමෙව ඛො ලොහිච්ච භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT79. හේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍යශ්‍රෝත්‍රධාතුව පිණිස (=දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්ම සිටි දිවකනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරැ වූ ද ළඟැ වූ ද ද්විවිධ ශබ්ද ම අසයි. ලෝහිච්චය, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හෝ බෙර හඬත් මිහිඟුබෙර හඬත් පණාබෙර හඬත් ගැටබෙර හඬත් යම් සේ අසන්නේ ද, ඒ අසන ඔහුට මේ බෙර හඬැයි කියාත් මේ මිහිඟුබෙර හඬැ යි කියාත් මේ සක් හඬ යැ, මේ පණාබෙර හඬ යැ, මේ ගැටබෙර හඬ යැ යි කියාත් මෙසේ සිතෙක් වන්නේ ද, ලෝහිච්චය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වූ වැ පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු කල්හි, කර්‍මණ්‍ය (කර්‍මක්‍ෂම) වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍යශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්මි දිවකන්නුවණින් දිව්‍ය වූත් මානුෂක වූත්, දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
Pali BJT80. යම්පි ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT80. ලෝහිච්චය, ඒ මහණ මෙසේ සිත සමාධිගත වැ පිරිසිදු වූ කල්හි ... දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද ළඟැ වූ ද ද්විවිධ ශබ්ද අසයි යන යමෙක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වේ.
Pali BJT81. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT81. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු මහත් ගුණ වෙසෙසකට පැමිණේ නම්, ලෝහිච්චය, මේ ද ලොවැ චෝදනාර්‍හ නොවූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූතය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT82. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJT82. හේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍ය්‍යායඥානය පිණිස (=අනුන්ගේ සිත පිරිසිඳ දන්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්‍වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනියි: රාග සහිත සිත රාග සහිත සිතැ යි දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැයි දනී. ද්වේෂරහිත සිත ද්වේෂරහිත සිතැ යි දනී. මෝහසහිත සිත මෝහසහිත සිතැ යි දනී. මෝහරහිත සිත මෝහරහිත සිතැ යි දනී. සංක්‍ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි දනී. වික්‍ෂිප්ත (=විසුරුණු) සිත විසුරුණු සිතැ යි දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි දනී. සමාහිත සිත සමාහිත සිතැ යි දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි දනී.
Pali BJT83. සෙය්යථාපි ලොහිච්ච, ඉත්ථි වා පුරිසො වා දහරො වා යුවා මණ්ඩනජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා සකණිකන්ති ජානෙය්ය, අකණිකං වා අකණිකන්ති ජානෙය්ය, එවමෙව ඛො ලොහිච්ච භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJT83. ලෝහිච්චය, යම්සේ සැරැසෙනසුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවසටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදි දොස් ඇති තැන් සදොස් තැනැ යි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැ යි දන්නේ ද, ලෝහිච්චය, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනී. සරාග සිත සරාග සිතැ යි දනී. වීතරාග සිත වීතරාග සිතැ යි දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි දනී. වීත ද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි දනී. සමෝහ සිත සමෝහ සිතැ යි දනී. වීතමෝහ සිත වීතමෝහ සිතැ සි දනී. සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි දනී. වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැයි දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ... අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ... සෝත්තර සිත සෝත්තර සිතැ යි ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ... සමාහිත සිත සමාහිත සිතැ යි ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි දනී.
Pali BJT84. යම්පි ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT84. ලෝහිච්චය, මහණ තෙම මෙසේ සිත සමාධිගත වැ පිරිසිදු වූ කල්හි ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි දනී යන යමක් ඇද්ද, මේත් ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
Pali BJT85. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT85. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු මහත් ගුණ වෙසෙසක් ලබා නම්, ලෝහිච්චය, මේ ද ලොවැ චෝදනාර්‍හ නොවූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT86. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT86. හෙ තෙමෙ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පත් කල්හි, පූර්වේනිවාසනානුස්මෘති ඥානය (=පෙර වුසූ කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද, “අසෝ තන්හි මේ නම් ඇතියෙම් වීමි. මෙ ගොත් ඇතියෙම් වීමි. මෙබඳු පැහැ ඇතියෙම් වීමි. මෙබඳු ආහාර ඇතියෙම් වීමි. මෙ බඳු සුව දුක් විඳින්නෙම් වීම්. මෙ බඳු (මෙතෙක්) ආයු කෙළවර කොටැතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහි ද මේ නම් ඈතියෙම් වීම්. මෙ ගොත් ඇතියෙම් වීමි, මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීමි. මෙ බඳු ආහාර ඇතියෙම් වීමි. මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි”යි මෙසේ අනේකවිධ වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වූ බහුවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙයි.
Pali BJT87. සෙය්යථාපි ලොහිච්ච, පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, තම්හා’පි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, සො තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගච්ඡෙය්ය, තස්ස එවමස්ස: ‘අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගච්ඡිං. තත්ර එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං. තත්රාපි එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. සො’ම්හි තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගතො’ති. එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති.
Sinhala BJT87. ලෝහිච්චය, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ එගමින් සිය ගමට ම වටාලා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ මම් ඒ ගමින් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි”යි ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ද – ලෝහිච්චය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු කල්හි, දීප්ත කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්පද, “අසෝ තන්හි මෙ නම් ඇතියෙම් වීමි, මේ බඳු ගොත් ඇතියෙම් වීමි, මෙ බඳු පැහැ ඇතියෙම් වීමි, මේ බඳු ආහාර ඇතියෙම් වීමි, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීමි, මෙ බඳු ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මෙ නම ඇතියෙම්, මෙ ගොත් ඇතියෙම්, මෙ බඳු පැහැසටහන් ඇතියෙම් මෙ බඳු ආහාර ඇතියෙමි, මේ බඳු සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම එයින් සැවැ මෙහි උපනිමි’යි -
Pali BJTඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJTමේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේශ සහිත වූ පෙරැ වුසූ නන් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි. ලෝහිච්චය, මහණ තෙම මෙසේ සිත සමාහිත වැ පිරිසිදු කල්හි … අනේකවිධ වූ පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි යන යමෙක් ඇද්ද, මෙ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
Pali BJT88. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT88. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු මහත් ගුණ වෙසෙසක් ලබා නම්, ලෝහිච්චය, මේ ද ලොවැ චෝදනාර්‍හ නො වූ ශාස්තෘවරයෙක් වේ. යමෙක් මෙබඳු ශාස්තෘවරයකුට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT89. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJT89. හේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු කල්හි, දීප්ත කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ! මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද කළහ, මිසදිටු වශයෙන් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඒ මොහු කරජකය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍ම හේතුයෙන් හටගත් ගතිය වූ, (කර්‍මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වූ නිරයට වන්නාහ. මෙ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තාහ, සම්දිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තාහ. ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සඟලොවට වන්නාහ’ යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගන්නා වූ ද, හීන වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ ද සත්ත්‍වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්වර්‍ණ, සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළඹැ සිටී සත්ත්‍වයන් දකී.
Pali BJT90. සෙය්යථාපි ලොහිච්ච, මජ්ඣෙ සිංඝාටකෙ පාසාදො. තත්ථ චක්ඛුමා පුරිසො ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙ’පි නික්ඛමන්තෙ’පි රථියා වීථිසඤ්චරන්තෙ’පි මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නෙ’පි. තස්ස එවමස්ස: එතෙ මනුස්සා ගෙහං පවිසන්ති. එතෙ නික්ඛමන්ති. එතෙ රථියා වීථිසඤ්චරන්ති. එතෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නා’ති. එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා -
Sinhala BJT90. ලෝහිච්චය, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිවුමංහන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්. මේ මිනිස්සු ගෙන් නික්මෙත්. මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද හුන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, ලෝහිච්චය, එ පරිදි ම එ මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු කල්හි දීප්තිමත් කල්හි කෙලෙස් නැති කල්හි උපක්ලේශ පහ වූ කල්හි මෘදු කල්හි කර්‍මක්‍ෂම කල්හි ස්ථිත කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මානුෂක විෂයය ඉක්මි පිරිසිදු වූ දිවැසින් “අහෝ, මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ.
Pali BJTතෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි ලොහිච්ච භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJTඒ මොහු කා බුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්‍මයෙන් උපන් ගතිය වූ, තමනට තමන් අවශ්‍ය වැ වැටෙන තැන වූ නිරයට වන්හ. එහෙත් මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්හ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තාහ. මොහු කා බුන් මරණින් මතු ශෝභන ගති ඇති සගලොවට වන්නාහ”යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසඳ ගත්තාවූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නො මනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්‍වයන් දකී. මෙසේ පිරිසිදු වූ, මානුෂක විෂයය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී. ලෝහිච්චය, මහණ තෙම මෙසේ සිත සමාහිත වැ පිරිසිදු කල්හි ... සුගත දුර්‍ගත වූ කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී යන යමෙක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
Pali BJT91. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජා.
Sinhala BJT91. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු මහත් ගුණ වෙසෙසක් ලබා නම්, ලෝහිච්චය, මේ ද ලොවැ චෝදනාර්‍හ නොවූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍යය, අධාර්මික ය, සාවද්‍ය ය.
Pali BJT92. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJT92. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණැ සිටි කල්හි, ආස්‍රවයන්ගේ ක්‍ෂයය (විනාශය) පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හෙ තෙමේ ‘මේ දුකැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් ඉපැද්මට කාරණයැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි (නිවනැ’ යි) ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට යන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයෝ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ’යි ඇති සැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත) මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදුණේ යැ’ යි (ප්‍රත්‍යවේක්‍ෂණ) ඥානය වේ. ‘භවෝත්පත්තිය ක්‍ෂීණ විය (හෙවත් නැවැත භවයෙහි නොඋපදනා ස්වභාවයට පැමිණියෙමි). ‘මඟබඹසර වැස නිමැවිණි. (සිවු සස්හි සතර මඟින්) කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොටැ නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්‍ෂයය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’යි හ දනී.
Pali BJT93. සෙය්යථාපි ලොහිච්ච, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිකම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකා’පි සක්ඛරකඨලා’පි චරන්ති’පි තිට්ඨන්ති’පීති.
Sinhala BJT93. ලෝහිච්චය, යම්සේ කඳු මුදුනෙකැ වූ, පහන් වූ, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නො වූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුළැ හැසිරෙන්නා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලනුත් සක්බෙල්ලනුත් කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය. වෙසෙසින් පහන් ය, නො කැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැට කැබලිතීත් මත්ස්‍ය සමුහයෝත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJT94. එවමෙව ඛො ලොහිච්ච, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJT94. ලෝහිච්චය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දිප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ, මෘදු වැ, කර්‍මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි, ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මෙ දුකට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දනී. මේ ආස්‍රවසමුදය යැ (ඉපැද්මට කරුණැ)’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පැමිණෙන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී.
Pali BJT95. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJT95. මෙසේ දන්නා, මෙසේ දක්නා, ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ, මිදුණු කල්හි ‘මිදුණේ යැ’යි දැනීම වේ. භවෝත්පත්තිය ක්‍ෂීණ විය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද්දේ ය. (සිවු සස්හි සිවු මගින්) කටයුතු (සොළොස් වැදෑරුම්) කෘත්‍යය කොටැ නිමැවිණ. මෙබව පිණිස (=මේ ක්ලේශක්‍ෂයය පිණිස) කළ යුතු අන් කිසිත් නැතැ’යි හේ දනී.
Pali BJT96. යස්මිං ඛො ලොහිච්ච, සත්ථරි සාවකො එවරූපං උළාරං විසෙසං අධිගච්ඡති, අයම්පි ඛො ලොහිච්ච, සත්ථා යො ලොකෙ න චොදනාරහො. යො ච පනෙවරූපං සත්ථාරං චොදෙති, සා චොදනා අභූතා අතච්ඡා අධම්මිකා සාවජ්ජාති.
Sinhala BJT96. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු කෙරෙහි සවු තෙම මෙබඳු උදාර ගුණ විශේෂයට පැමිණේ නම්, ලෝහිච්චය, මේ ශාස්තෘ තෙමේ ද ලොවැ චෝදනාර්‍හ නො වේ. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූත ය, අතථ්‍ය ය, නොදැහැමිය, වරද සහිත ය.
Pali BJT97. එවං වුත්තෙ, ලොහිච්චො බ්රාහ්මණො භගවන්තං එතදවොච: සෙය්යථාපි භො ගොතම පුරිසො පුරිසං නරකප්පපාතං පපතන්තං කෙසෙසු ගහෙත්වා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙය්ය, එවමෙවාහං භොතා ගොතමෙන නරකප්පපාතං පපතන්තො උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපිතො. අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJT97. මෙසේ වදාළ කල්හි ලෝහිච්ච බමුණු තෙම, “භවද් ගෞතමයන් වහන්ස, යම්සේ පුරුෂයෙක් නරාවළක වැටෙන පුරුෂයකු හිසකෙසින් ගෙන ඔසොවා ගොඩැ සිටුවන්නේ ද, එසේ ම නිරාවළැ වැටෙන මම් භවද් ගෞතමයන් වහන්සේ විසින් ඔසවා ගොඩැ පිහිටුවන ලදිමි. භවද් ගෞතමයන් වහන්ස, අභිකාන්ත යැ. භවද් ගෞතමයන් වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවද් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ මම් භවද් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, භවද් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසකු සේ සලකන සේක් වා” යී භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJTලොහිච්චසුත්තං නිට්ඨිතං ද්වාදසමං.
Sinhala BJTදොළොස්වන ලෝහිච්ච සූත්‍රය නිමියේ ය.
Pali BJT13.
Sinhala BJT13.
Pali BJTතෙවිජ්ජසුත්තං
Sinhala BJTතෙවිජ්ජ සූත්‍රය
Pali BJT1. එවම්මෙසුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන මනසාකටං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා මනසාකටෙ විහරති උත්තරෙන මනසාකටස්ස අචිරවතියා නදියා තීරෙ අම්බවනෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල් රටැ මනසාකට නම් බමුණුගම යම් තැනෙක ද, එහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මනසාකටයට උතුරුදිගැ අචිරවතී නදිය තෙරැ අඹවෙනෙහි වසන සේක.
Pali BJT2. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්රාහ්මණමහාසාලා මනසාකටෙ පටිවසන්ති, සෙය්යථිදං: චඞ්කී බ්රාහ්මණො, තාරුක්ඛො බ්රාහ්මණො, පොක්ඛරසාතී බ්රාහ්මණො, ජාණුස්සොණී බ්රාහ්මණො, තොදෙය්යො බ්රාහ්මණො, අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්රාහ්මණමහාසාලා.
Sinhala BJT2. එ සමයෙහි චඞ්කි බ්‍රාහ්‍මණ ය, තාරුක්‍ඛ බ්‍රාහ්මණ ය, පොක්‍ඛරසාති බ්‍රාහ්මණය, ජානුස්සෝණි බ්‍රාහ්මණය, තෝදෙය්‍ය බ්‍රාහ්මණය, යන මොහු ද අන්‍යවූත් ඒ ඒ පෙදෙස්හි ප්‍රකට වූ බමුණු මහසල්හු දැ යි අභිඥාත අභිඥාත වූ බොහෝ මහාසාරවංශික බ්‍රාහ්මණ කෙනෙක් මනසාටකයෙහි වෙසෙත්.
Pali BJT3. අථ ඛො වාසෙට්ඨ-භාරද්වාජානං ජඞ්ඝාවිහාරං අනුචඞ්කමන්තානං අනුවිචරන්තානං මග්ගාමග්ගෙ කථා උදපාදි. අථ ඛො වාසෙට්ඨො මාණවො එවමාහ: ‘අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතාය ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන පොක්ඛරසාතිනා’ති.
Sinhala BJT3. එ කල්හි ජඞ්ඝාවිහරණයෙහි ඔබ මොබ සක්මන් කරන ඔබ මොබ හැසිරෙන වාසෙට්ඨ - භාරද්වාජ යන දෙදෙනා අතරැ මඟ නොමඟ ඇරැබැ කථාවෙක් උපන. එ කලැ වාසෙට්ඨ මාණව තෙම “මේ යම් මඟෙක් පොක්‍ඛරසාති බමුණාණන් විසින් කියන ලද ද, මෙයම ඍජු මඟ ය. මෙය ම ඉඳුරා මඟ ය. මෙය ම නෛර්‍ය්‍යාණික වනුයේ එය පිළිපදනාහුගේ බ්‍රහ්මසහභාවය පිණිස යේ” යැ යි මෙසේ කියයි.
Pali BJT4. භාරද්වාජො මාණවො එවමාහ: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතාය ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන තාරුක්ඛෙනා’ති. නෙව ඛ්වාසක්ඛි{1} වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං සඤ්ඤාපෙතුං. න පනාසක්ඛි භාරද්වාජො මාණවො වාසෙට්ඨං මාණවං සඤ්ඤාපෙතුං.
Sinhala BJT4. ‘මේ යම් මඟෙක් තාරුක්ඛ බමුණාණන් විසින් කියන ලද ද, මෙය ම ඍජු මඟ ය. මෙය ම ඉඳුරා මඟ ය. මෙය ම නෛර්‍ය්‍යාණික වනුයේ එය පිළිපදනාහුගේ බ්‍රහ්මසහභාවය පිණිස යේ” යැ යි මෙසේ භාරද්වාජ මාණව කියයි. වාසෙට්‍ඨ මාණව තෙම භාරද්වාජමාණවයාට හඟවනුවට (තමා බස පිළිගන්වනුවට) නො ම හැකි වී ය. භාරද්වාජ මාණව ද වාසෙට්ඨ මාණවයාට හඟවනුවට (තම බස පිළිගන්වනුවට) නො ම හැකි වී ය.
Pali BJT5. අථ ඛො වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං ආමන්තෙසි: අයං ඛො භාරද්වාජ, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මනසාකටෙ විහරති උත්තරෙන මනසාකටස්ස අචිරවතියා නදියා තීරෙ අම්බවනෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. ආයාම භො භාරද්වාජ, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා එතමත්ථං සමණං ගොතමං පුච්ඡිස්සාම. යථා නො සමණො ගොතමො බ්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමාති. ‘එවම්භො’ති ඛො භාරද්වාජො මාණවො වාසෙට්ඨස්ස මාණවස්ස පච්චස්සොසි.
Sinhala BJT5. එකල්හි වාසෙට්ඨ මාණව තෙම භාරද්වාජමාණවයා බණවා, ‘භාරද්‍වාජය, සැහැපුත් වූ, සැහැකුලයෙන් නික්මැ පැවැදි වූ, මේ මහණගොයුම්හු මනසාකටයට නොදුරු නොළං තන්හි මනසාකටයට උතුරුදිගැ අචිරවතීනදිය තෙරැ අඹවෙනෙහි වැඩ වෙසෙති. ඒ පින්වත් ගොයුමන් පිළිබඳ වැ ‘ඒ භගවත්හු රහත්හ, සම්මාසම්බුදු හ, විද්‍යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිත් හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි හ, දෙව්මිනිස්නට ශාස්තෘ හ, බුද්ධ හ, භාග්‍යවත්හ’ යි මෙසේ කලණ කිත් හඬෙක් වෙසෙසින් උස් වැ නැංගේ වෙයි. භවත් භාරද්වාජය, යමු. එ මහණගොයුමන් කරා එළැඹෙන්නමු. එළැඹ මේ කරුණ ඒ මහණගොයුමන් විචාරන්නමු. අපට යම්සේ මහණගොයුම්හු එය විසඳන්නා හු ද, එසේ එය දරන්නමු” යි කී ය. ‘එසේ ය, භවතැ’ යි කියා ම භාරද්වාජමාණව තෙම වාසෙට්ඨ මාණවයාට පිළිවදන් දුන.
Pali BJT6. අථ ඛො වාසෙට්ඨභාරද්වාජා මාණවා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො වාසෙට්ඨො මාණවො භගවන්තං එතදවොච: “ඉධ භො ගොතම අම්හාකං ජඞ්ඝාවිහාරං අනුචඞ්කමන්තානං අනුවිචරන්තානං මග්ගාමග්ගෙ කථා උදපාදි. අහං එවං වදාමි: ‘අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතාය ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන පොක්ඛරසාතිනා’ති. භාරද්වාජො මාණවො එවමාහ: ‘අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතාය ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන තාරුක්ඛෙනා’ති. එත්ථ භො ගොතම, අත්ථෙව විග්ගහො අත්ථි විවාදො, අත්ථි නානාවාදො”ති.
Sinhala BJT6. ඉක්බිත්තෙන් වාසෙට්ඨ - භාරද්වාජ යන මාණවයෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. ගොස් ඔබ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා, පසෙක හිඳ ගත්හ. පසෙක හිඳැ ගත්තා වූ ම වාසෙට්ඨ මාණව තෙම “භවද් ගෞතමයිනි, ජඞ්ඝා විහණයෙහි ඔබ මොබ හැසිරෙන අප අතරැ මඟ-නොමඟ ඇරැබැ, කථාවෙක් උපන. “පොක්‍ඛරසාතී බමුණන් විසින් යම් මඟෙක් කියන ලද ද, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට ‘මෙය ම නෛර්‍ය්‍යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ යැ’යි මම මෙසේ කියමි. භාරද්වාජ මාණව තෙම ‘තාරුක්ඛ බමුණන් විසින් යම් මඟෙක් කියන ලද ද, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට ‘මෙය ම නෛර්‍ය්‍යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ යැ’ යි කියයි. භවද්ගෞතමයිනි, මෙහි අපගේ විග්‍රහයෙක් ඇත් ම ය. විවාදයෙක් ඇත් ම ය. නානාවාදයෙක් ඇත් ම ය.”
Pali BJT7. “ඉති කිර වාසෙට්ඨ, ත්වං එවං වදෙසි: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතාය ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන පොක්ඛරසාතිනා’ති. භාරද්වාජො මාණවො එවමාහ: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතාය ය්වායං අක්ඛාතො බ්රාහ්මණෙන තාරුක්ඛෙනාති. අථ කිස්මිං පන වො වාසෙට්ඨා විග්ගහො? කිස්මිං විවාදො? කිස්මිං නානාවාදො?”ති.
Sinhala BJT7. [එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:] “මෙසේ වාසෙට්ඨය, ‘පොක්ඛරසාතී බමුණුහු විසින් යම් මඟෙක් කියන ලද නම්, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට මෙය ම නෛර්‍ය්‍යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ ය’ යි තෝ කියෙහි ය. තාරුක්ඛ බමුණුහු විසින් යම් මඟෙක් කියන ලද නම්, එය පිළිපදනාහට බඹහු හා එක් වීමට මෙය ම නෛර්‍ය්‍යාණික ඍජු මාවත ය, මෙය ම ඉඳුරා මඟ යැ’ යි භාරද්වාජ මාණව කියයි. මෙසේ කලැ කවර කරුණෙකැ තොපගේ විග්‍රහයෙක් වේ ද? කවර කරුණෙකැ තොපගේ විවාදයෙක් වේ ද? කවර කරුණෙකැ තොපගේ නානාවාදයෙක් වේ ද?”
Pali BJT8. “මග්ගාමග්ගෙ භො ගොතම. කිඤ්චාපි භො ගොතම බ්රාහ්මණා නානාමග්ගෙ පඤ්ඤාපෙන්ති අද්ධරියා බ්රාහ්මණා, තිත්තිරියා බ්රාහ්මණා. ඡන්දොකා බ්රාහ්මණා, බව්හිරිචා{1} බ්රාහ්මණා, අථ ඛො සබ්බානි තානි නිය්යාණිකානි නිය්යන්ති තක්කරස්ස බ්රහ්මසහව්යතාය. සෙය්යථාපි භො ගොතම ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ බහූනි චෙපි නානාමග්ගානි භවන්ති, අථ ඛො සබ්බානි තානි ගාමසමොසරණානි භවන්ති. එවමෙව ඛො භො ගොතම කිඤ්චාපි බ්රාහ්මණා නානාමග්ගෙ පඤ්ඤාපෙන්ති අද්ධරියා බ්රාහ්මණා, තිත්තිරියා බ්රාහ්මණා, ඡන්දොකා බ්රාහ්මණා, බව්හිරිචා බ්රාහ්මණා, අථ ඛො සබ්බානි තානි නිය්යාණිකානි නිය්යන්ති තක්කරස්ස බ්රහ්මසහව්යතායා”ති.
Sinhala BJT8. [වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, අපගේ විග්‍රහය, නානාවාදය මඟ නොමඟ දෙක්හි ය. අධවර්යුබ්‍රාහ්මණයන් ද, තෛත්තිරීය බ්‍රාහ්මණයන් ද, ඡාන්‍දොගබ්‍රාහ්මණයන් ද, බහ්වෘවබ්‍රාහ්මණයන් ද නානාමාර්‍ග පණවතත් ඒ සියල්ලෝ නෛර්‍ය්‍යාණික හ. ඒ සියල්ලෝ පිළිපදනහුට බඹහු හා එක්වනු පිණිස යෙත්. භවද් ගෞතමයිනි, යම්සේ ගමකට හෝ නියම්ගමකට හෝ නොදුරෙහි නානාවිධ මාර්‍ගයෝ බොහෝ වෙත් ද, එතෙකුදු වුවත් ඒ සියල්ලෝ ගමට ම බස්නාහු ද, භවද් ගෞතමයිනි, එ පරිද්දෙන් ම අධවර්යුබ්‍රාහ්මණයන් ද, තෛත්තිරීය බ්‍රාහ්මණයන් ද, ඡාන්‍දොගබ්‍රාහ්මණයන් ද, බහ්වෘවබ්‍රාහ්මණයන් ද නානාමාර්‍ග පණවත් නුමුදු වැලි ඒ සියල්ලෝ නෛර්‍ය්‍යාණික හ. ඒ සියල්ලෝ පිළිපදනුවහට බඹහු හා එක්වනු පිණිස යෙත්.
Pali BJT9. “නිය්යන්තීති වාසෙට්ඨ වදෙසි?”
Sinhala BJT9. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, ඔහු හැම බ්‍රහ්මසහභාවය පිණසයෙති යි කීයෙහි ද?”
Pali BJT“නිය්යන්තීති භො ගොතම වදාමි”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, ඔහු හැම බ්‍රහ්මසහභාවය පිණිස යෙති යි කියමි.”
Pali BJT“නිය්යන්තීති වාසෙට්ඨ වදෙසි?”
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, ඔහු හැම බ්‍රහ්මසහභාවය පිණිස යෙති යි කියෙහි ද?”
Pali BJT“නිය්යන්තීති භො ගොතම වදාමි”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද්ගෞතමයිනි, ඔහු හැම බ්‍රහ්මසහභාවය පිණිස යෙති යි කියමි.”
Pali BJT“නිය්යන්තීති වාසෙට්ඨ වදෙසි?”
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, ඔහු හැම බ්‍රහ්මසහභාවය පිණිස යෙති යි කියෙහි ද?”
Pali BJT“නිය්යන්තීති භො ගොතම වදාමි”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, ඔහු හැම බ්‍රහ්මසහභාවය පිණිස යෙති යි කියමි.”
Pali BJT10. “කිං පන වාසෙට්ඨ, අත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං එකබ්රාහ්මණො’පි යෙන බ්රහ්මා සක්ඛි දිට්ඨො?”ති.
Sinhala BJT10. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, යමක්හු විසින් බ්‍රහ්මයා සියැසින් දක්නා ලද්දේ නම් එබඳු එක් බමුණෙක් නමුත් තෙවිදු බමුණන් අතුරෙහි ඇද්ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙ බන්දෙක් නොමැත.”
Pali BJT“කිං පන වාසෙට්ඨ, අත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං එකාචරියො’පි යෙන බ්රහ්මා සක්ඛි දිට්ඨො?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, යමක්හු විසින් බ්‍රහ්මයා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ඇදුරෙකුත් තෙවිදු බමුණන් අතුරෙහි ඇත්ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙ බන්දෙක් නැති ම ය.”
Pali BJT“කිං පන වාසෙට්ඨ, අත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං එකාචරියපාචරියො’පි යෙන බ්රහ්මා සක්ඛිදිට්ඨො?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, තෙවිදු බමුණන්ගේ එක් ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයකුත් සියැසින් බඹහු දුටුවා ඇද්ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙ බන්දෙක් නැත් ම ය.”
Pali BJT“කිං පන වාසෙට්ඨ, අත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං යාව සත්තමා ආචරියමහයුගා යෙන බ්රහ්මා සක්ඛි දිට්ඨො?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, තෙවිදු බමුණන්ගේ සත්වන ඇදුරුමහ යුගය තෙක් වූ කිසිවකුත් සියැයින් බඹහු දුටුවා ඇද්ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙවැන්නක් නොමැත, භවද් ගෞතමයිනි.”
Pali BJT“කිං පන වාසෙට්ඨ, යෙ’පි තෙවිජ්ජානං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො යෙසමිදං එතරහි තෙවිජ්ජා බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු, තෙ’පි එවමාහංසු: මයමෙතං ජානාම මයමෙතං පස්සාම යත්ථ වා බ්රහ්මා යෙන වා බ්රහ්මා යහිං වා බ්රහ්මා’ති?”.
Sinhala BJT[භාග්‍යවත්හු:] “කිමෙක් ද? වාසෙට්ඨ ය, තෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ මන්ත්‍රකාරක වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ අට්ටක වාමක වාමදෙව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගිරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් ඍෂි කෙනෙක් වූහු ද, මෙ කලැ තෙවිදු බමුණෝ ඒ යම් ඍෂි කෙනෙකුන් විසින් ගයන ලද කියන ලද රැස් කොට තබන ලද මේ පැරැණි මන්ත්‍රපද ඔවුන් අනුව ගයත් තම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් හදාළා අනුව හදාරත් නම්, කියැවුවා අනුව කියවත් නම්, ‘යම් තැනෙක හෝ යම් දෙසෙක හෝ යම් පෙදෙසක හෝ බ්‍රහ්මයා ඇතැ යි අපි මොහු දනිමු, අපි මොහු දකිමු’ යි මෙසේ ඒ ඍෂිහු වත් කීවාහු ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙ බන්දෙක් නොමැත, භවද් ගෞතමයිනි.”
Pali BJT11. “ඉති කිර වාසෙට්ඨ, නත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං එකබ්රාහ්මණො’පි යෙන බ්රහ්මා සක්ඛි දිට්ඨො. නත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං එකාචරියො’පි යෙන බ්රහ්මා සක්ඛිදිට්ඨො. නත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං එකාචරියපාචරියො’පි යෙන බ්රහ්මා සක්ඛිදිට්ඨො. නත්ථි කොචි තෙවිජ්ජානං බ්රාහ්මණානං යාව සත්තමා ආචරියමහයුගා යෙන බ්රහ්මා සක්ඛි දිට්ඨො-
Sinhala BJT11. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ යමක්හු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, තෙවිදුබමුණන් අතුරෙහි එබඳු කිසි එක් බමුණෙක් ද නැත් ල. යමකු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ඇදුරෙක් ද නැත ල. යමකු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ආචාර්‍ය්‍යයෙක් ප්‍රාචාර්‍ය්‍යයෙක් ද නැත් ල. යමකු විසින් සියැසින් බඹා දක්නා ලද නම්, තෙවිදු බඹුණන්ගේ සත්වන ඇදුරුමහ යුගය තෙක් දු එබඳු කිසිවෙක් නැත් ල. -
Pali BJTයෙ’පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො යෙසමිදං එතරහි තෙවිජ්ජා බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු, තෙ’පි න එවමාහංසු: මයමෙතං ජානාම මයමෙතං පස්සාම යත්ථ වා බ්රහ්මා යහිං වා බ්රහ්මා’ති. තෙ වත තෙවිජ්ජා බ්රාහ්මණා එවමාහංසු: යං මයං න ජානාම යං න පස්සාම, තස්ස සහව්යතාය මග්ගං දෙසෙම: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා’ති.
Sinhala BJTතෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ මන්ත්‍රකාරක වූ මන්ත්‍රප්‍රවර්‍තතක වූ අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගීරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් ඍෂි කෙනෙක් වූහු ද, මේ කලැ තෙවිදු බමුණෝ යම් ඒ ඍෂි කෙනෙකුන් විසින් ගයන ලද, කියන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් හදාළා අනුව හදාරත් නම්, ඔවුන් කියැවුවා අනුව කියවත් නම්, ඔව්හු ද බඹහු ඉඳුනා තැනක් හෝ දෙසක් හෝ පෙදෙසක් හෝ අපි දනිමු යි, අපි දකිමු යි, මෙසේ නො කීවෝ ල. පුදුමයෙකි, එසේ වූ ඒ තෙවිදු බමුණෝ “යමකු අපි නො දන්මෝ නම්, යමකු අපි නො දක්මෝ නම්, ඔහු හා එක් වනුවට මඟ දෙසමු, (ඒ බඹහු හා එක් වනු පිණිස) එය පිළිපදිනුවාහට මෙය ම ඉදිමඟ ය, මෙය ම ඉඳුරාමඟ ය, මේ නෛර්‍ය්‍යාණික මඟ ම බඹහු හා එක් වීම පිණිස යේ යැ’ යි මෙසේ කියත්.
Pali BJT12. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, නනු එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.
Sinhala BJT12. වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචනය ප්‍රතිහරණ රහිතයක් (ප්‍රතිපක්‍ෂ කථා බැහැර නො කරන්නක්, විරුද්ධ කථාවන්ට දිය හැකි උත්තර නැතියක්) කරන ලද්දේ නො වේ ද?”
Pali BJT“අද්ධා ඛො භො ගොතම, එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචන ප්‍රතිහරණ රහිත (ප්‍රතිවිරුද්ධයනට දිය හැකි උත්තර නැත්තේ) ම වෙයි.”
Pali BJT13. සාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යං න ජානන්ති යං න පස්සන්ති තස්ස සහව්යතාය මග්ගං දෙසෙස්සන්ති: ‘අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා’ති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි වාසෙට්ඨ අන්ධවෙණිපරම්පරං සංසත්තා පුරිමො’පි න පස්සති මජ්ඣිමො’පි න පස්සති පච්ඡිමො’පි න පස්සති, එවමෙව ඛො වාසෙට්ඨ, අන්ධවෙණූපමං මඤ්ඤෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං භාසිතං. පුරිමො’පි න පස්සති. මජ්ඣිමො’පි න පස්සති. පච්ඡිමො’පි න පස්සති. තෙසමිදං තෙවිජ්ජානං බ්රාහ්මණානං භාසිතං හස්සකඤ්ඤෙව සම්පජ්ජති, නාමකඤ්ඤෙව සම්පජ්ජති, රිත්තකඤ්ඤෙව සම්පජ්ජති, තුච්ඡකඤ්ඤෙව සම්පජ්ජති.
Sinhala BJT13. [භාග්‍යවත්හු:] මැනැව වාසෙට්ඨය. ඒ තෙවිදු බමුණෝ වාසෙට්ඨය, තුමූ යමකු නො දනිත් නම්, යමකු නො දකිත් නම්, ඔහු හා එක් වනු පිණිස ‘මේ ම මඟ ය, මේ ම ඉඳුරා මඟ ය, එය පිළිපදිනුවාහට මේ නෛර්‍ය්‍යාණික මඟ ම බඹහු හා එක් වනුවට යේ’ යැ යි මඟක් දෙසන්නාහ යන මේ කාරණය නැත්තේ ය (මේ නො කරුණෙකි, නො වියැ හැක්කෙකි). (පසු පසු වැ සිටියහු පළමු පළමු සිටියහු අත ගැන්මෙන්) උනුන් එකට බැඳුණු අන්‍ධවේණිය (අඳුන් වැල) යම්සේ ද, එහි යම්සේ පළමු ව යන්නේත් නො දක්නේ ද, මැදැ යන්නේත් නො දක්නේ ද, පසු වැ යන්නේත් නො දක්නේ ද, වාසෙට්ඨය, එසේ ම තෙවිදු බමුණන්ගේ වචනය අන්‍ධවේණිය බඳු යැ යි සිතමි. ඔවුන්ගේ පළමු පුරුෂයා ද නො දකී. මැදුම් තැනැත්තේ ද නො දකී. පැසිම් තැනැත්තේ ද නො දකී. ඒ තෙවිදු බමුණන්ගේ මේ වචනය හාස්‍යක ම (සිනහවට ලක් වූවක් ම) වෙයි. ලාමක ම වෙයි. හිස් ම වෙයි. තුච්ඡ ම වෙයි.
Pali BJT14. “තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, පස්සන්ති තෙවිජ්ජා බ්රාහ්මණා චන්දිමසුරියෙ අඤ්ඤෙ චාපි බහූ ජනා, යතො ච චන්දිමසුරියා උග්ගච්ඡන්ති, යත්ථ ච ඔගච්ඡන්ති, ආයාචන්ති, ථොමයන්ති, පඤ්ජලිකා නමස්සමානා අනුපරිවත්තන්තී?”ති.
Sinhala BJT14. “වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද, යම් වේලාවෙක සඳහිරුහු නැඟෙත් නම්, යම් වේලාවෙක සඳහිරුහු බසිත් නම්, ඒ හැම කල්හි තෙවිදු බමුණෝත් අන් බොහෝ දෙනාත් සඳහිරුන් දකිත් ද? ඔවුන් යදිත් ද? ඔවුනට ස්තෝත්‍ර කෙරෙත් ද? දොහොත් මුදුන් තබා ගත්තාහු වඳනාහු ඔබ මොබ පෙරැළෙත් ද?”
Pali BJT“එවං භො ගොතම. පස්සන්ති තෙවිජ්ජා බ්රාහ්මණා චන්දිමසුරියෙ, අඤ්ඤෙ චාපි බහූ ජනා, යතො ච චන්දිමසුරියා උග්ගච්ඡන්ති, යත්ථ ච ඔගච්ඡන්ති, ආයාචන්ති, ථොමයන්ති, පඤ්ජලිකා නමස්සමානා අනුපරිවත්තන්තී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, එසේ ය, සඳහිරුන් උදා වන කල්හිත් බස්නා කල්හිත් තෙවිදු බමුණෝත් අන් බොහෝ දෙනාත් ඔවුන් අයදිත්. ඔවුනට ස්තෝත්‍ර කෙරෙත්. දොහොත් මුදුන් තබා වඳනාහු ඔබ මොබ පෙරැළෙත්.”
Pali BJT15. “තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, යං පස්සන්ති තෙවිජ්ජා බ්රාහ්මණා චන්දිමසුරියෙ, අඤ්ඤෙ චාපි බහුජනා, යතො ච චන්දිමසුරියා උග්ගච්ඡන්ති, යත්ථ ච ඔගච්ඡන්ති, ආයාචන්ති ථොමයන්ති පඤ්ජලිකා නමස්සමානා අනුපරිවත්තන්ති, පහොන්ති තෙවිජ්ජා බ්රාහ්මණා චන්දිමසුරියානං සහව්යතාය මග්ගං දෙසෙතුං: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස චන්දිමසුරියානං සහව්යතායා”?ති.
Sinhala BJT15. [භාග්‍යවත්හු:] ‘වාසෙට්ඨය, ඒ කිමැයි සිතයි ද, යම් හෙයෙකින් සඳඟිරුන් නැඟෙන බසින වේලාවන්හි තෙවිදු බමුණෝත් අන් බොහෝ දෙනාත් සඳහිරුන් දකිත් ද, අයදිත් ද, ඔවුනට ස්තෝත්‍ර කෙරෙත් ද, දොහොත් මුදුනැ තබා වඳනාහු ඔබ මොබ පෙරැළෙත් ද, එහෙයින් ඒ තෙවිදු බමුණෝ ‘එය අනුව පිළිපදනාහට සඳහිරුන් හා එක් වනුවට මේ ම ඉදි මඟ යැ, මේ ම ඉඳුරා මඟ යැ, ඔවුන් හා එක්වනුවට මේ නෛර්‍ය්‍යාණික මාර්‍ගය ම වේ යැ’ යි සඳුහිරුන් හා එක් වනුවට මඟ දෙසන්නට හැකි වෙත් ද?”.
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො ම වන්නෙකි.”
Pali BJT16. ඉති කිර වාසෙට්ඨ, යං පස්සන්ති තෙවිජ්ජා බ්රාහ්මණා චන්දිමසුරියෙ, අඤ්ඤෙ චාපි බහූ ජනා, යතො ච චන්දිමසුරියා උග්ගච්ඡන්ති, යත්ථ ච ඔගච්ඡන්ති, ආයාචන්ති ථොමයන්ති පඤ්ජලිකා නමස්සමානා අනුපරිවත්තන්ති, තෙ’පි නප්පහොන්ති චන්දිමසුරියානං සහව්යතාය මග්ගං දෙසෙතුං: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස චන්දිමසුරියානං සහව්යතායාති. කිං පන, න කිර තෙවිජ්ජෙහි බ්රාහ්මණෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. න පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං ආචරියෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. න පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං ආචරියපාචරියෙහි බ්රහ්මා සක්ඛිදිට්ඨො. න පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං යාව සත්තමා ආචරියමහයුගෙහි බ්රහ්මා සක්ඛිදිට්ඨො. “යෙ’පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි තෙවිජ්ජා බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං, තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. තෙ’පි න එවමාහංසු: මයමෙතං ජානාම, මයමෙතං පස්සාම, යත්ථ වා බ්රහ්මා, යෙන වා බ්රහ්මා, යහිං වා බ්රහ්මා’ති. තෙ වත තෙවිජ්ජා බ්රාහ්මණා එවමාහංසු: යං න ජානාම යං න පස්සාම, තස්ස සහව්යතාය මග්ගං දෙසෙම: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා”ති.
Sinhala BJT16. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මෙසේ යම් හෙයෙකින් තෙවිදු බමුණෝ අන් බොහෝ දෙනාත් සඳහිරුන් නැගෙන කල්හිත් බස්නා කල්හිත් සඳහිරුන් දකිත් ද, අයදිත් ද, ඔවුනට ස්තෝත්‍ර කෙරෙත් ද, දොහොත් මුදුනැ තබා වඳනාහු ඔබ මොබ පෙරැළෙත් ද, ඔහු පවා ‘එය පිළිපදනාහට සඳහිරුන් හා එක් වීමට මෙය ම ඉදි මඟ ය, මෙය ම ඉදුරා මඟ ය, මෙය ම නෛර්‍ය්‍යාණික වූයේ සඳහිරුන් හා එක් වීමට යේ’ යැ යි සඳහිරුන් හා එක් වන බවට මඟ දෙසන්නට නො සමත්හ. තෙවිදු බමුණන් විසින් බඹා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණන්ගේ ඇදුරන් විසින් බඹා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණන්ගේ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන් විසිනුදු බඹා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණන්ගේ සත්වන ඇදුරුමග යුගය තෙක් දු කිසිවකු විසිනුත් බඹා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණෝ යම් කෙනෙකුන් විසින් ගයන ලද, කියන ලද, රැස් කරන ලද මේ මන්ත්‍රපද ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් හදාළා අනුව හදාරත් නම් ඔවුන් කියවූවා අනුව කියවත් නම්, තෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ, මන්ත්‍රකතෘ වූ, මන්ත්‍ර පැවැත්වූ ඒ අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගීරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන ඍෂිහු ද බඹහු වසන දෙස බඹහු වසන පෙදෙස අපි දනිමු යි අපි දකිමු යි මෙසේ නො කීහ. එහෙත් ඒ තෙවිදු බමුණෝ ‘යමකු නො දනුමෝ නම්, යමකු නො දකුමෝ නම්, ඔහු සමග වන බව පිණිස මඟ දෙසමු’ යි මෙය ම ඉදිමගය, මෙය ම ඉඳුරා මග යැ’ මෙය පිළිපදනාහට නෛර්‍ය්‍යාණික වූයේ බඹහු හා එක්වනුවට යේ යැ යි මෙසේ කියත්.
Pali BJT“තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, නනු එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.
Sinhala BJT“වාසෙට්ඨය, එය කිමැ සි සිතහි ද, මෙසේ ඇති කල්හි තෙවිදු බඹුණන්ගේ වචනය ප්‍රතිහරණ රහිතයෙක් නො වේ ද?”
Pali BJT“අද්ධා ඛො භො ගොතම, එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කල්හි තෙවිදු බමුණන්ගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණ රහිත වෙයි.”
Pali BJT17. සාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යං න ජානන්ති, යං න පස්සන්ති, තස්ස සහව්යතාය මග්ගං දෙසෙස්සන්ති: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායාති නෙතං ඨානං විජ්ජතී ති.
Sinhala BJT17. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මැනැව. “මෙය ම ඍජු මඟ ය, මෙය ම ඉඳුරා මඟ ය, මෙය ම නෛර්‍ය්‍යාණික ය, මෙය ම මෙය අනුව පිළිපදිනුවාහට බ්‍රහ්මයා හා එක් වන බවට යේ”’ යැ යි ඒ තෙවිදු බඹුණෝ තමන් නොදන්නා නොදක්නා එකක්හුගේ සහභාවය පිණිස මඟ දක්වන්නාහ යන මෙ කාරණය නැත්තේ ය.
Pali BJT18. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො එවං වදෙය්ය: අහං ඛො යා ඉමස්මිං ජනපදෙ ජනපදකල්යාණී, තං ඉච්ඡාමි තං කාමෙමීති. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්යාණිං ඉච්ඡසි කාමෙසි, ජානාසි තං ජනපදකල්යාණිං ඛත්තියී{1} වා බ්රාහ්මණී{2} වා වෙස්සී{3} වා සුද්දී{4} වා?”ති. ඉති පුට්ඨො ‘නො’ති වදෙය්ය තමෙනං එවං වදෙය්යුං: “අම්භො පුරිස, යං ත්වං ජනපදකල්යාණිං න ජානාසි, න පස්සසි, එවංනාමා වා එවංගොත්තා වා, දීඝා වා රස්සා වා මජ්ඣිමා වා කාළී වා සාමා වා මඞ්ගුරච්ඡවී වා’ති, අමුකස්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වා”ති. ඉති පුට්ඨො ‘නො’ති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: “අම්භො පුරිස යං ත්වං න ජානාසි, න පස්සසි, තං ත්වං ඉච්ඡසි කාමෙසී”ති. ඉති පුට්ඨො ‘ආමො’ති වදෙය්ය. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, නනු එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.
Sinhala BJT18. වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් ‘මම වනාහි මේ දනව්වෙහි යම් දනවුකැලණක් ඇත් ද, ඇය රිසියෙමි, ඇය කැමැත්තෙමි’යි මෙසේ කියන්නේ නම්, ඔහුට අන්‍යයෝ “එම්බා පුරුෂය, තෝ යම් දනවුකැලණක රිසියෙහි නම්, කැමැත්තෙහි නම්, ඒ දනවුකැලණ කැත්කුල කතක් හෝ යි, බමුණු කුලකතක් හෝ යි, වෙළෙඳ කුල කතක් හෝයි, සුදුරුකුල කතක් හෝයි දන්නෙඟි ද?”යි මෙසේ කියන්නාහු ය. මෙසේ විචාරන ලදුයේ, ‘නො දනිමි’යි හෙ තෙම කියන්නේ ද, ඔහුට අන්‍යයෝ “එම්බා පුරුෂය, තා රිසියෙන, තා කැමැති ඒ දනවුකැලණ මෙනම් ඇත්තී යැ යි හෝ මෙ ගොත් ඇත්තී යැ යි හෝ උස් යැ යි හෝ මිටි යැ යි හෝ මැදුම් යැ යි හෝ කළුපැහැ යි හෝ සම්වනැ යි හෝ මඟුරුපැහැ ඇත්තී යැ යි හෝ, අසෝ ගමැ හෝ නියම්ගමැ හෝ නුවරැ හෝ වේ යැ යි දන්නෙහි ද?” යි. මෙසේ විචාරන ලදුයේ, ‘නැතැ’ යි කියන්නේ ද, ඔහුට අන්‍යයෝ මෙසේ කියන්නාහු ය, “එම්බා පුරුෂය, තෝ යමක නො දක්නෙහි නම්, නො දන්නෙහි නම්, ඇය තෝ රිසියෙහි ද කැමැත්තෙහි දැ?” යි. මෙසේ විචාරන ලදුයේ, ‘එසේ යැ’ යි කියන්නේ ද, වාසෙට්ඨය, මෙසේ ඇති කලැ ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණරහිතයක් කරන ලදුයේ නො වේ ද?
Pali BJT“අද්ධා ඛො භො ගොතම, තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණරහිතයක් කරන ලද්දේ වෙයි”
Pali BJT19. එවමෙව ඛො වාසෙට්ඨ, න කිර තෙවිජ්ජෙහි බ්රාහ්මණෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. නපි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං ආචරියෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. නපි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං ආචරියපාචරියෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. නපි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං යාව සත්තමා ආචරියමහයුගෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. යෙ’පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො යෙසමිදං එතරහි තෙවිජ්ජා බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගූ, තෙ’පි න එවමාහංසු: මයමෙතං ජානාම, මයමෙතං පස්සාම, යත්ථ වා බ්රහ්මා, යෙන වා බ්රහ්මා, යහිං වා බ්රහ්මා’ති. තෙ වත තෙවිජ්ජා බ්රාහ්මණා එවමාහංසු: යං න ජානාම, යං න පස්සාම, තස්ස සහව්යතාය මග්ගං දෙසෙම: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා’ති. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, නනු එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.
Sinhala BJT19. [භාග්‍යවත්හු:] වාසෙට්ඨයෙනි, එපරිද්දෙන් ම තෙවිදු බමුණන් විසින් බඹා සියැසින් දක්නා ලද්දේ නො වෙයි. තෙවිදු බමුණන්ගේ ඇදුරන් විසිනුදු බඹා සියැසින් දක්නා ලද්දේ නො වෙයි. තෙවිදු බමුණන්ගේ ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යන් විසිනුදු බඹා සියැසින් දක්නා ලද්දේ නො වෙයි. තෙවිදු බමුණන්ගේ සත්වන ඇදුරුමහයුගය තෙක් වූවන් විසිනුදු බඹා සියැසින් දක්නා ලද්දේ නො වෙයි. අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගීරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් කෙනෙකුන් විසින් ගයන ලද පවත්වන ලද රැස් කරන ලද මෙ මන්ත්‍ර පද ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් කීම අනුව කියත් නම්, කියැවීම අනුව කියවත් නම්, ඒ තෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ මන්තකර්‍තෘ වූ මත්ත්‍රප්‍රවර්‍තයිතා වූ යම් ඍෂි කෙනෙක් වූහු නම්, ඔහු ද බඹහු සිටිනා තැන හෝ දෙස හෝ පෙදෙස හෝ අපි දනිමු යි අපි දකිමු යි නො කීහ. එහෙත් ඒ තෙවිදු බමුණෝ, “මෙය ම ඍජු මඟ ය, මෙය ම ඉඳුරා මඟ ය, මෙය ම නෛර්‍ය්‍යාණික වූයේ එය පිළිපදනහුට බඹහු හා එක් වනුවට යේ යැ’ යි යමකු අපි නො දනුමෝ නම් යමකු නොදකුමෝ නම්, ඔහු හා සහභාවය පිණිස මඟ දක්වමු’යි මෙසේ කියත්. වාසෙට්ඨයිනි, ඒ කිමැ යි සිතහි ද මෙසේ ඇති කල්හි තෙවිදු බමුණන්ගේ වචනය ප්‍රතිහරණ රහිත නො වේ ද?”
Pali BJT“අද්ධා ඛො භො ගොතම, එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කල්හි තෙවිදු බමුණන්ගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණරහිත වෙයි.”
Pali BJT20. සාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යං න ජානන්ති, යං න පස්සන්ති, තස්ස සහව්යතාය මග්ගං දෙසෙස්සන්ති: අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා’ති නෙතං ඨානං විජ්ජතී ති.
Sinhala BJT20. [භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨයිනි. තෙවිදු බමුණෝ තුමූ යමකු නොදන්නාහු නම්, නො දක්නාහු නම්, ඒ බඹහු හා එක්වනුවට මෙය ම ඍජු මඟ ය, මෙය ම ඉඳුරා මඟ ය, එය පරිදි පිළිපදනාහට බ්‍රහ්මසහභාවය පිණිස මේ මඟ ම නෛර්‍ය්‍යාණික වන්නේ යැ’ යි මඟ දෙසන්නාහ යන මේ කාරණය අවිද්‍යමාන ය (නොවිය හැක්කේය).
Pali BJT21. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො චාතුම්මහාපථෙ නිස්සෙණිං කරෙය්ය පාසාදස්ස ආරොහණාය, තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස යස්ස ත්වං පාසාදස්ස ආරොහණාය නිස්සෙණිං කරොසි, ජානාසි තං පාසාදං පුරත්ථිමාය වා දිසාය දක්ඛිණාය වා දිසාය පච්ඡිමාය වා දිසාය උත්තරාය වා දිසාය, උච්චො වා නීචො වා මජ්ඣිමො වා’?ති. ඉති පුට්ඨො ‘නො’ති වදෙය්ය, තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස යං ත්වං න ජානාසි න පස්සසි තස්ස ත්වං පාසාදස්ස ආරොහණාය නිස්සෙණිං කරොසී?ති. ඉති පුට්ඨො ‘ආමො’ති වදෙය්ය. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, නනු එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?ති.
Sinhala BJT21. වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් පහයකට නැගෙනුවට සිවුමංහන්දියෙක හිණක් බඳනේ ද, ඔහුට අන්හු ‘හෙම්බා පුරිස, යම් පහයකට නැගෙනුවට තෝ හිණක් බඳනෙහි නම්, ඒ පහය පෙරැදිගැ හෝ දකුණුදිගැ හෝ පැසිම්දිගැ හෝ උතුරුදිගැ හෝ වේ යැ යි, එය උස් හෝ මිටි හෝ මැඳුම් හෝ වේ යැ යි තෝ දනු දැ?’ යි මෙසේ කියන්නාහු නම්, මෙසේ විචාරන ලද හේ ‘නො දනිමි’ යි කියන්නේ නම්, ඔහුට ඒ අන්හු ‘හෙම්බා පුරිස, තෝ තමා නොදන්නා පහයකට නැගෙනුවට හිණක් කෙරෙයි දැ?’ යි මෙසේ කියන්නාහු නම්, මෙසේ විචාරන ලද හේ ‘එසේ’ යි කියන්නේ නම්, වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද, මෙසේ ඇති කලැ ඒ පුරිස්හු බස ප්‍රතිහරණරහිත නො වේ ද?”
Pali BJT“අද්ධා ඛො භො ගොතම, එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කලැ ඒ පුරිස්හු බස ඒකාන්‍තයෙන් ප්‍රතිහරණරහිත වෙයි.”
Pali BJT22. එවමෙව ඛො වාසෙට්ඨ, න කිර තෙවිජ්ජෙහි බ්රාහ්මණෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො, නපි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං ආචරියෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. නපි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං ආචරියපාචරියෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. නපි තෙවිජ්ජානං බ්රාහ්මණානං යාව සත්තමා ආචරියමහයුගෙහි බ්රහ්මා සක්ඛි දිට්ඨො. යෙ’පි කිර තෙවිජ්ජානං බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි තෙවිජ්ජා බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමූහිතං තදනුගායන්ති තදනුභාසන්ති භාසිතමනුභාසන්ති වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු, තෙ’පි න එවමාහංසු: මයමෙතං ජානාම මයමෙතං පස්සාම යත්ථ වා බ්රහ්මා යෙන වා බ්රහ්මා යහිං වා බ්රහ්මා’ති. තෙ වත තෙවිජ්ජා බ්රාහ්මණා එවමාහංසු: යං න ජානාම යං න පස්සාම තස්ස සහව්යතාය මග්ගං දෙසෙම ‘අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා’ති. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ? නනු එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී?”ති.
Sinhala BJT22. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, එසේ ම තෙවිදු බමුණන් විසින් බඹා සියැසින් නොදක්නා ලද්දේ ල. තෙවිදු බමුණන්ගේ ඇදුරන් විසිනුදු බඹයා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණන්ගේ ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයන් විසිනුදු බඹා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණන්ගේ සත්වනු ඇදුරුමහයුග තෙක් වූවන් විසිනුදු බඹා සියැසින් නො දක්නා ලද්දේ ල. තෙවිදු බමුණෝ යම් කෙනෙකුන් විසින් ගයන ලද පවත්වන ලද රැස් කරන ලද යම් පැරැණි මන්ත්‍රපද මේ කලැ ඔවුන් අනුව ගයත් ද, කියත් ද, ඔවුන් කී දෑ අනුව කියත් ද, කියැවූ දෑ අනුව කියවද්ද, අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගීරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන මන්තකර්‍තෘ වූ මත්ත්‍රප්‍රවර්‍තතයිතා වූ, තෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ යම් ඍෂි කෙනෙක් වූහු නම්, ඔහු ද ‘යම් තැනෙක හෝ යම් දෙසෙක හෝ යම් පෙදෙසකැ හෝ බඹා වේ නම්, ‘අපි ඔහු දනිමු යි, අපි ඔහු දකිමු’ යි මෙසේ නො කීහ. එහෙත් ඒ තෙවිදු බමුණෝ ‘අපි යමකු නො දනුමෝ ද, යමකු නො දකුමෝ ද, එ බඹහු හා එක් වන බවට මඟ දෙසන්නමු. එය අනුව පිළිපදනාහ බඹහු හා එක් වනුවව මෙය ම ඍජු මඟ යැ, මෙය ම ඉඳුරා මඟ යැ, මේ මඟ ම නෛර්‍ය්‍යාණික වනුයේ එයට යේ යැ’ යි මෙසේ කියත්. වාසෙට්ඨය, එය කිමැ යි සිතයි ද, මෙසේ ඇති කලැ, තෙවිදු බමුණන්ගේ වචනය ප්‍රතිහරණ රහිත නො වේ ද?
Pali BJT“අද්ධා ඛො භො ගොතම, එවං සන්තෙ තෙවිජ්ජානං බ්රාහ්මණානං අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණරහිත වෙයි.”
Pali BJT23. සාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යං න ජානන්ති, යං න පස්සන්ති, තස්ස සහව්යතාය මග්ගං දෙසෙස්සන්ති. ‘අයමෙව උජුමග්ගො අයමඤ්ජසායනො නිය්යාණිකො නිය්යාති තක්කරස්ස බ්රහ්මසහව්යතායා’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT23. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මැනැව. ඒ තෙවිදු බමුණෝ ‘මෙය ම ඍජු මඟ ය, මෙය ම ඉඳුරා මඟ ය, මෙය ම නෛර්‍ය්‍යාණික වනුයේ එය පිළිපදනාහට බඹහු හා එක් වනුවට යේ යැ’ යි තමන් නොදන්නා නොදක්නා ඒ බඹහු හා එක් වනු පිණිස මඟ දෙසන්නාහ යනමේ කරුණ නැත්තේ ය (නො විය හැක්කේය).
Pali BJT24. සෙය්යථාපි වාසෙට්ඨ, අයං අචිරවතී නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා, අථ පුරිසො ආගච්ඡෙය්ය පාරත්ථිකො පාරගවෙසී පාරගාමී පාරං තරිතුකාමො, සො ඔරිමෙ තීරෙ ඨිතො පාරිමං තීරං අව්හෙය්ය: එහි පාරාපාරං, එහි පාරාපාරන්ති, තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, අපි නු තස්ස පුරිසස්ස අව්හායනහෙතු වා ආයාචනහෙතු වා පත්ථනාහෙතු වා අභිනන්දනහෙතු වා අචිරවතියා නදියා පාරිමං තීරං ඔරිමං තීරං ආගච්ඡෙය්යා?”ති.
Sinhala BJT24. වාසෙට්ඨය, යම්සේ මෙ අචිරවතී නදිය කවුඩන් විසින් පිය හැකි පරිදි දියෙන් පිරී දෙගොඩතළා ගලන්නේ ද , එකලැ පරතෙරට යෑමෙන් වැඩක් ඇති, පරතෙර අපේක්‍ෂා කරන සුලු, පර තෙර යන පුරුෂයෙක් පර තෙරට යනු කැමැත්තේ එන්නේ නම්, හෙ තෙම මෙ ගොඩැ සිටියේ, ‘හෙම්බා එ තෙර, මෙ තෙරට එන්නැ, හෙම්බා පර තෙර, මෙ තෙරට එන්නැ’ යි පර තෙරට හඬ ගසන්නේ නම්, වාසෙට්ඨය, ඒ කිමැ යි සිතහි ද, ඒ පුරුෂයාගේ කැඳවීම හේතු කොටගෙන අයැදීම් හේතු කොට ගෙන හෝ පැතීම් හේතු කොට ගෙන හෝ ස්තූති කිරීම් හේතු කොට ගෙන හෝ අචිරවතී නදියගේ එ තෙර මෙ තෙරට එන්නේ ද?
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වේ ම ය.”
Pali BJT25. එවමෙව ඛො වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යෙ ධම්මා බ්රාහ්මණ කරණා තෙ ධම්මෙ පහාය වත්තමානා, යෙ ධම්මා අබ්රාහ්මණකරණා තෙ ධම්මෙ සමාදාය වත්තමානා එවමාහංසු: ඉන්දමව්හයාම, සොමමව්හයාම, වරුණමව්හයාම, ඊසානමව්හයාම, පජාපතිමව්හයාම, බ්රහ්මමව්හයාම, මහින්දමව්හයාම, යාමමව්හයාමා’ති. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යෙ ධම්මා බ්රාහ්මණකරණා තෙ ධම්මෙ පහාය වත්තමානා, යෙ ධම්මා අබ්රාහ්මණකරණා තෙ ධම්මෙ සමාදාය වත්තමානා, අව්හානහෙතු වා ආයාචනහෙතු වා පත්ථනාහෙතු වා අභිනන්දනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මුනො{1} සහව්යුපගා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT25. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, එසේ ම තෙවිදු බමුණෝ, යම් බ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් ඇත් නම්, ඒ ධර්‍ම බැහැර කොට පවත්නාහු, යම් අබ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් ඇත් නම් ඔවුන් සමාදන් කොට ගෙන පවත්නාහු, ‘ඉන්‍ද්‍ර දෙවියා කැඳවම්හ, සෝම දෙවියා කැඳවම්හ, වරුණ දෙවියා කැඳවම්හ, ඊශාන දෙවියා කැඳවම්හ, ප්‍රජාපතීහු කැඳවම්හ, බ්‍රහ්මයා කැඳවම්හ, මහේන්‍ද්‍රයා කැඳවම්හ, යාමයා කැඳවම්හ’ යි මෙසේ කියත්. වාසෙට්ඨය, ඒකාන්තයෙන් ඒ තෙවිදු බමුණෝ, යම් බ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් ඇත් නම්, ඒ ධර්‍ම බැහැර කොට පවත්නාහු, යම් අබ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් ඇත් නම්, ඒ ධර්‍ම සමාදන් කොට ගෙන පවත්නාහු ආව්හානහේතුයෙන් හෝ ආයාචනහේතුයෙන් හෝ ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් හෝ අභිනන්‍දන (ස්තෝත්‍ර කරණ) හේතුයෙන් හෝ කාබුන් මරණින් මතු බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මේ කරුණ නැත්තේ ය (විය නොහැක්කේය).
Pali BJT26. සෙය්යථාපි වාසෙට්ඨ, අයං අචිරවතී නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. අථ පුරිසො ආගච්ඡෙය්ය පාරත්ථිකො පාරගවෙසී පාරගාමී පාරං තරිතුකාමො. සො ඔරිමෙ තීරෙ දළ්හාය අන්දුයා{2} පච්ඡාබාහං ගාළ්හබන්ධනං බද්ධො, තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, අපි නු සො පුරිසො අචිරවතියා නදියා ඔරිමා තීරා පාරිමං තීරං ගච්ඡෙය්යා?”ති.
Sinhala BJT26. වාසෙට්ඨය, යම්සේ මේ අචිරවතී නදිය කවුඩන් විසිනුදු පිය හැකි පරිදි දියෙන් පිරුණේ, දෙගොඩ තළා ගලන්නේ ද, එකල්හි පර තෙරට යෑමෙන් වැඩක් ඇති, පර තෙර අපේක්‍ෂා කරන සුලු, පර තෙර යන පුරුෂයෙක් පරතෙරට යනු කැමැත්තේ එන්නේ නම්, හේ මෙ තෙරැ දැඩි දමෙකින් පිටිතල හයා දැඩි කොට බඳනා ලද්දේ වේ නම්, වාසෙට්ඨය, ඒ කිමැ යි සිතහි ද, ඒ පුරුෂ තෙම අචිරවතී නදියේ මෙ තෙරින් එ තෙරට යා හැකි වන්නේ ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මේ නො වේ ම ය.”
Pali BJT27. “එවමෙව ඛො වාසෙට්ඨ, පඤ්චිමෙ කාමගුණා අරියස්ස විනයෙ අන්දු’ති’පි වුච්චන්ති බන්ධනන්තිපි වුච්චන්ති. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්ය රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො වාසෙට්ඨ, පඤ්ච කාමගුණා අරියස්ස විනයෙ අන්දුති’පි වුච්චන්ති, බන්ධනන්ති’පි වුච්චන්ති. ඉමෙ ඛො වාසෙට්ඨ පඤ්චකාමගුණෙ තෙවිජ්ජා බ්රාහ්මණා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති.
Sinhala BJT27. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, එ පරිද්දෙන් ම මේ පස් කම්ගුණයෝ (කාමබන්‍ධන පස) ආර්‍ය විනයයෙහි දම්වැල යි ද කියනු ලැබෙත්, බැම්මැ යි ද කියනු ලැබෙත්. කවර පස් දෙනෙක් ද? ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති, කාමෝපනිංශ්‍රිත වූ, රාගයට කරාණ වූ චක්‍ෂුර්විඥේය රූප ද, ඉෂ්ට වූ ... ශ්‍රෝත්‍රවිඥේය ශබ්ද ද, ඉෂ්ට වූ ... ඝ්‍රාණ විඥේය ගන්‍ධ ද, ඉෂ්ට වූ ... ජිහ්වා විඥේය රස ද, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාවය ඇති, කායවිඥේය ස්ප්‍රස්ටව්‍ය ද යන පස ය. වාසෙට්ඨය, මේ කාමගුණයෝ පස් දෙන ආර්‍ය්‍යවිනයයෙහි දම්වැලැ යි ද කියනු ලැබෙත්. බන්‍ධන යැ යි ද කියනු ලැබෙත්. වාසෙට්ඨය, තෙවිදු බඹුණෝ (මෙහි) ගිජු වූවාහු, මුසපත් වූවාහු, බැස ගත්තාහු, දොස් නොදක්නා සුලු වූවාහු, නිඃශරණප්‍රඥා රහිත වූවාහු මේ පංච කාමගුණයන් පරිභෝග කෙරෙත්.
Pali BJT28. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යෙ ධම්මා බ්රාහ්මණකරණා තෙ ධම්මෙ පහාය වත්තමානා, යෙ ධම්මා අබ්රාහ්මණකරණා තෙ ධම්මෙ සමාදාය වත්තමානා, පඤ්චකාමගුණෙ ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්තා කාමන්දුබන්ධනබද්ධා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මුනො සහව්යුපගා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT28. වාසෙට්ඨය, ඒකාන්තයෙන් ඒ තෙවිදු බමුණෝ යම් බ්‍රාහ්මණ කරණ ධර්‍ම කෙනෙක් ඇත් නම්, ඒ ධර්‍ම බැහැර කොට පවත්නාහු, යම් අබ්‍රාහ්මණ කරණ ධර්‍ම කෙනෙක් ඇත් නම්, ඔවුන් සමාදන් කොට ගෙන පවත්නාහු, (පස්කම්හි) ගිජු වූවාහු, මුසපත් වූවාහු, බැස ගත්තාහු, දොස් නො දක්නා සුලු වූවාහු, නිඃශරණ ප්‍රඥාරහිත වූවාහු, පංච කාමගුණයන් පරිභෝග කරන්නාහු කාබුන් මරණින් මතු බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මේ කාරණය නැත්තේ ය.
Pali BJT29. සෙය්යථාපි වාසෙට්ඨ, අයං අචිරවතී නදී පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා, අථ පුරිසො ආගච්ඡෙය්ය පාරත්ථිකො පාරගවෙසී පාරගාමී පාරං තරිතුකාමො, සො ඔරිමෙ තීරෙ සසීසං පාරුපිත්වා නිපජ්ජෙය්ය, තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, අපි නු සො පුරිසො අචිරවතියා නදියා ඔරිමා තීරා පාරිමං තීරං ගච්ඡෙය්යා ති.
Sinhala BJT29. වාසෙට්ඨය, යම්සේ මේ අචිරවතී නදිය දෙගොඩ තළා ගලනුයේ කවුඩන් විසින් පිය හැකි සේ වූයේ, දියෙන් පිරුණේ ද, එ කලැ පරතෙරට යෑමෙන් වැඩක් ඇති, පර තෙරට යෑම අපේක්‍ෂා කරන, පර තෙර සොයන සුලු, එ ගොඩ යනු කැමැති පුරුෂයෙක් එන්නේ ද, හේ මේ තෙරැ හිස සහිත මුළු කය ම වසා පෙරෙවැ වැදැ හෙන්නේ නම්, වාසෙට්ඨය, ඒ කිමැ සි සිතහි ද, ඒ පුරුෂ තෙම අචිරවතීනදියේ මේ තෙරින් එ තෙරට යත හැකි වන්නේ ද?”