Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්මිං භන්තෙ, සමයෙ අරූපො අත්තපටිලාභො හොති, මොඝස්ස තස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති, මොඝො මනොමයො අත්තපටිලාභො. අරූපො’වාස්ස අත්තපටිලාභො තස්මිං සමයෙ සච්චො හොතී”ති.
Sinhala BJTවහන්ස, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ නම්, එ කල්හි ඔහුගේ ඖදාරික ආත්මප්‍රතිලාභය හිස් වේ ද? මනෝමය ආත්මප්‍රතිලාභයත් හිස් වේ ද? එ කල්හි ඔහුගේ අරූප ආත්මප්‍රතිලාභය ම ඇති වෙයි ද?
Pali BJT“යස්මිං චිත්ත සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ මනොමයො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති, න ‘අරූපො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. ඔළාරිකො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “චිත්‍රය, යම් කලෙක ඖදාරික ආත්මප්‍රතිලාභයවේ ද, එ කල්හි ‘මනෝමය ආත්මප්‍රතිලාභය’ යි ව්‍යවහාරයට නො යෙයි. ‘අරූප ආත්මප්‍රතිලාභය’ යි ද ව්‍යවහාරයට නො යෙයි. එ කල්හි ‘ඖදාරික ආත්මප්‍රතිලාභය’ යි ම ව්‍යවහාරයට යෙයි.
Pali BJTයස්මිං චිත්ත සමයෙ මනොමයො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ ‘ඔළාරිකො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති, න ‘අරූපො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. මනොමයො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTචිත්‍රය, යම් කලෙක මනෝමය ආත්මප්‍රතිලාභය වේ ද, එ කලැ ‘ඖදාරික ආත්මප්‍රතිලාභයැ’ යි ව්‍යවහාරයට නො යෙයි. ‘අරූප ආත්මප්‍රතිලාභයැ’ යි ද ව්‍යවහාරයට නො යෙයි. එ කල්හි ‘මනෝමය ආත්මප්‍රතිලාභය’ යි ම ව්‍යවහාරයට යෙයි.
Pali BJTයස්මිං චිත්ත සමයෙ අරූපො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ ‘ඔළාරිකො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති, න ‘මනොමයො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. ‘අරූපො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTචිත්‍රය, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ ද, එ කලැ ‘ඖදාරික ආත්මප්‍රතිලාභය’ යි ව්‍යවහාරයට නො යෙයි. ‘මනෝමය ආත්මප්‍රතිලාභය’ යි ව්‍යවහාරයට නො යෙයි. ‘අරූප ආත්මප්‍රතිලාභය’ යි ම එ කලැ ව්‍යවහාරයට යෙයි.
Pali BJTසචෙ තං චිත්ත එවං පුච්ඡෙය්යුං: අහොසි ත්වං අතීතමද්ධානං, න ත්වං නාහොසි? භවිස්සසි ත්වං අනාගතමද්ධානං, න ත්වං න භවිස්සසි? අත්ථි ත්වං එතරහි, න ත්වං නත්ථීති. එවං පුට්ඨො ත්වං චිත්ත කින්ති බ්යාකරෙය්යාසී?”ති.
Sinhala BJTචිත්‍රය, ‘තෝ අතීත කාලයෙහි වූයෙහි ද? තෝ නො ම නො වූයෙහි ද? තෝ අනාගත කාලයෙහි වන්නෙහි ද? තෝ නොම නො වන්නෙහි ද? තෝ දැන් ඇත් ද? නො ම නැද්දැ?’ යි ඉදින් මෙසේ තා විචාරන්නාහු නම්, චිත්‍රය, මෙපරිද්දෙන් විචාරන ලද තෝ කෙසේ නම් විසඳන්නෙහි ද?”
Pali BJT“සචෙ මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: අහොසි ත්වං අතීතමද්ධානං, න ත්වං න භවිස්සසි? අත්ථි ත්වං එතරහි, න ත්වං නත්ථී?’ති. එවං පුට්ඨො ‘හං භන්තෙ එවං බ්යාකරෙය්යං: අහොසාහං{1} අතීතමද්ධානං, නාහං න අහොසිං. භවිස්සාමහං අනාගතමද්ධානං, නාහං න භවිස්සාමි. අත්ථාහං එතරහි, නාහං නත්ථීති. එවං පුට්ඨො ‘හං භන්තෙ එවං බ්යාකරෙය්යන්ති.”
Sinhala BJT[චිත්‍ර:] “වහන්ස, ඉදින් අන්හු ‘තෝ අතීත කාලයෙහි වූයෙහි ද? තෝ නො ම නො වූයෙහි ද? තෝ අනාගත කාලයෙහි වන්නෙහි ද? තෝ නොම නොවන්නේහි ද? තෝ දැන් ඇද්ද? තෝ නො ම නැද්දැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මේ පරිද්දෙන් විචාරන ලද මම් මෙසේ විසඳන්නෙමි. “අතීත කාලයෙහි මම් වීමි, නො ම නො වීමි. අනාගත කාලයෙහි වන්නෙමි, නො ම නො වන්නේනමි. දැන් මම් ඇත. නො ම නැතැ” යි මෙසේ පුළුවුස්නා ලද මම මේ පරිද්දෙන් විසඳන්නෙමි.”
Pali BJT“සචෙ පන තං චිත්ත එවං පුච්ඡෙය්යුං: යො තෙ අහොසි අතීතො අත්තපටිලාභො ස්වෙව{2} තෙ අත්තපටිලාභො සච්චො, මොඝො අනාගතො, මොඝො පච්චුප්පන්නො? යො තෙ{3} භවිස්සති අනාගතො අත්තපටිලාභො, ස්වෙව තෙ අත්තපටිලාභො සච්චො, මොඝො අතීතො, මොඝො පච්චුප්පන්නො අත්තපටිලාභො, ස්වෙව තෙ අත්තපටිලාභො සච්චො, මොඝො අතීතො, මොඝො අනාගතො? ති. එවං පුට්ඨො ත්වං චිත්ත කින්ති බ්යාකරෙය්යාසී?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “චිත්‍රය, තට යම් අතීත ආත්මප්‍රතිලාභයෙක් වී නම්, තගේ ඒ ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අනාගත ආත්මප්‍රතිලාභය අසත්‍ය (හිස්) ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් අසත්‍ය ද? තට යම් අනාගත ආත්මප්‍රතිලාභයෙක් වන්නේ නම්, තගේ ඒ ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් හිස් ද? තගේ දැන් යම් ආත්මප්‍රතිලාභයෙක් ඇත් නම්, තගේ ඒ ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? අනාගත ආත්මප්‍රතිලාභයත් හිස් දැ?” යි මෙසේ අන්‍යයෝ තා විචාරන්නාහු නම්, මෙසේ පුළුවුස්නා ලද තෝ කෙසේ නම් විසඳන්නෙහි ද?”.
Pali BJTසචෙ පන මං භන්තෙ, එවං පුච්ඡෙය්යුං: යො තෙ අහොසි අතීතො අත්තපටිලාභො, ස්වෙව තෙ අත්තපටිලාභො සච්චො, මොඝො අනාගතො, මොඝො පච්චුප්පන්නො? යො තෙ භවිස්සති අනාගතො අත්තපටිලාභො, ස්වෙව තෙ අත්තපටිලාභො සච්චො, මොඝො අතීතො, මොඝො පච්චුප්පන්නො? යො තෙ එතරහි පච්චුප්පන්නො අත්තපටිලාභො, ස්වෙව තෙ අත්තපටිලාභො සච්චො, මොඝො අතීතො, මොඝො අනාගතො?ති. එවං පුට්ඨො අහං භන්තෙ එවං බ්යාකරෙය්යං: යො මෙ අහොසි අතීතො අත්තපටිලාභො, ස්වෙව මෙ අත්තපටිලාභො තස්මිං සමයෙ සච්චො අහොසි, මොඝො අනාගතො, මොඝො පච්චුප්පන්නො. යො{1} මෙ භවිස්සති අනාගතො අත්තපටිලාභො, ස්වෙව මෙ අත්තපටිලාභො තස්මිං සමයෙ සච්චො භවිස්සති, __මොඝො අතීතො__, මොඝො පච්චුප්පන්නො. යො මෙ එතරහි පච්චුප්පන්නො අත්තපටිලාභො, ස්වෙව මෙ අත්තපටිලාභො සච්චො, මොඝො අතීතො, මොඝො අනාගතො?ති. එවං පුට්ඨො අහං භන්තෙ එවං බ්යාකරෙය්යන්ති.
Sinhala BJT[චිත්‍ර:] “වහන්ස, අන්‍යයෝ මා බණවා ‘තට යම් අතීත ආත්මප්‍රතිලාභයෙක් වී නම්, තගේ ඒ ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අනාගත ආත්මප්‍රතිලාභය හිස් ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් හිස් ද? තගේ යම් අනාගත ආත්මප්‍රතිලාභයෙක් වන්නේ නම්, තගේ ඒ අනාගත ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් හිස් ද? තගේ දැන් යම් ආත්මප්‍රතිලාභයෙක් ඇත් නම් තගේ ඒ ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? අනාගත ආත්මප්‍රතිලාභයත් හිස් දැ?’ යි මෙසේ විචාරන්නාහු නම්, මෙසේ විචාරන ලද මම් ‘මගේ යම් අතීත ආත්මප්‍රතිලාභයෙක් වී නම් එය ම එ සමයෙහි සත්‍ය ය. අනාගත ආත්මප්‍රතිලාභය හිස් ය. වර්‍තමාන ආත්මප්‍රතිලාභය ද හිස් ය. මගේ යම් අනාගත ආත්මප්‍රතිලාභයෙක් වන්නේ නම්, එ කල්හි මගේ එ අත්බව ම සත්‍ය වන්නේ ය. අතීත ආත්මප්‍රතිලාභය හිස් වන්නේ ය. වර්‍තමාන ආත්මප්‍රතිලාභය ද හිස් වන්නේ ය. මගේ දැන් යම් වර්‍තමාන ආත්මප්‍රතිලාභයෙක් ඇද්ද, එය ම සත්‍ය ය අතීත ආත්මප්‍රතිලාභය හිස් ය. අනාගත ආත්මප්‍රතිලාභයත් හිස් යැ’ යි මෙසේ විසඳන්නෙමි. වහන්ස, මේ යටකී පරිදි විචාරන ලදුයෙම් මේ පරිද්දෙන් විසඳන්නෙමි”.
Pali BJTඑවමෙව ඛො චිත්ත යස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ මනොමයො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති, න අරූපො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. ඔළාරිකො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති. යස්මිං චිත්ත සමයෙ මනොමයො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. න අරූපො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. මනොමයො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති. යස්මිං චිත්ත සමයෙ අරූපො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති, න මනොමයො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. අරූපො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “චිත්‍රය, එසේ ම යම් කලෙක ඖදාරික ආත්මප්‍රතිලාභය වේ නම්, එකල්හි ‘මනෝමය ආත්මප්‍රතිලාභයැ’ යි ව්‍යවහාරයට නො යෙයි. අරූපආත්මප්‍රතිලාභයැ යි ද ව්‍යවහාරයට නො යෙයි. ඖදාරික ආත්මප්‍රතිලාභයැ යි ම එකල්හි ව්‍යවහාරයට යෙයි. චිත්‍රය, යම් කලෙක මනෝමය ආත්මප්‍රතිලාභය වේ ද, ... චිත්‍රය, එ කල්හි ඖදාරික ආත්මප්‍රතිලාභයැ යි ව්‍යවහාරයව නො යෙයි. අරූප ආත්මප්‍රතිලාභයැ යි ද ව්‍යවහාරයට නො යෙයි. මනෝමය ආත්මප්‍රතිලාභයැ යි ම එ සමයෙහි ව්‍යවහාරයට යෙයි. චිත්‍රය, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ ද, එ කලැ ඖදාරික ආත්මප්‍රතිලාභ යැ යි ව්‍යවහාරයට නො යෙයි. මනෝමය ආත්මප්‍රතිලාභයැ යි ද ව්‍යවහාරයට නො යෙයි. අරූප ආත්මප්‍රතිලාභයැ යි ම එ කලැ ව්‍යවහාරයට යෙයි.
Pali BJTසෙය්යථාපි චිත්ත ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො, යස්මිං සමයෙ ඛීරං හොති, නෙව තස්මිං සමයෙ දධීති සඞ්ඛං ගච්ඡති. න නවනීතන්ති සඞ්ඛං ගච්ඡති. න සප්පීති සඞ්ඛං ගච්ඡති. න සප්පිමණ්ඩොති සඞ්ඛං ගච්ඡති. ඛීරං ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති. යස්මිං සමයෙ දධි හොති -පෙ- නවනීතං හොති -පෙ- සප්පි හොති -පෙ- යස්මිං සමයෙ සප්පිමණ්ඩො හොති, නෙව තස්මිං සමයෙ ඛීරන්ති සඞ්ඛං ගච්ඡති. න දධීති සඞ්ඛං ගච්ඡති. න නවනීතන්ති සඞ්ඛං ගච්ඡති. __න සප්පීති සඞ්ඛං ගච්ඡති.__ ‘සප්පිමණ්ඩො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො චිත්ත යස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො හොති -පෙ- යස්මිං චිත්ත සමයෙ මනොමයො අත්තපටිලාභො හොති -පෙ- යස්මිං චිත්ත සමයෙ අරූපො අත්තපටිලාභො හොති, නෙව තස්මිං සමයෙ ඔළාරිකො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. න මනොමයො අත්තපටිලාභො’ති සඞ්ඛං ගච්ඡති. ‘අරූපො අත්තපටිලාභො’ත්වෙව තස්මිං සමයෙ සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTචිත්‍රය, දෙන ගෙන් කිරිත්, කිරෙන් දිහිත්, දිහියෙන් වෙඬරුත්, වෙඬරුත්, ගිතෙලුත්, ගිතෙලින් ගීමඩත් යම්සේ වේ ද, යම් කලෙක කිරි වේ නම් එ කල්හි දිහි යැ යි ව්‍යවහාරයට නො යේ ද, වෙඬරු යි ව්‍යවහාරයට නො යේ ද, ගිතෙලැ යි ව්‍යවහාරයට නො යේ ද, ගීමඩයැ යි ව්‍යවහාරයට නො යේ ද, කිරි යැ යි ම එකලැ ව්‍යවහාරයට යේ ද, යම් කලෙක දිහි වේ නම් ... වෙඬරු වේ නම් ... ගිතෙල් වේ නම් ... යම් කලෙක ගීමඬ වේ නම්, එ කලැ කිරැ යි වහරට නො යේ ද, දිහි යැ යි වහරට නො යේද, වෙඬුරැ යි වහරට නො යේ ද, ගිතෙලැ යි වහරට නො යේ ද, ගීමඩැ යි ම එ කලැ වහරට යේ ද, චිත්‍රය, එසේ ම යම් කලෙක ඖදාරික ආත්මප්‍රතිලාභය වේ ද ... චිත්‍රය, යම් කලෙක මනෝමය ආත්මප්‍රතිලාභය වේ ද ... චිත්‍රය, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ ද, එ සමයෙහි ඖදාරික ආත්මප්‍රතිලාභයැ යි වහරට නො යෙයි. මනෝමය ආත්මප්‍රතිලාභයැ’ යි ද වහරට නො යෙයි. අරූප ආත්මප්‍රතිලාභයැ යි ම එකල්හි වහරට යෙයි.
Pali BJTඉමා{1} ඛො චිත්ත ලොකසමඤ්ඤා ලොකනිරුත්තියො ලොකවොහාරා ලොකපඤ්ඤත්තියො යාහි තථාගතො වොහරති අපරාමසන්ති.
Sinhala BJTචිත්‍රය, තථාගත තෙමේ තෘෂ්ණාමානදෘෂ්ටීන් පරාමර්‍ශන නො කරනුයේ “ඕළාරිකො අත්තපටිලාභො” යන ආදි යම් සංඥාවන්ගෙන් ව්‍යවහාර කෙරේ ද, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභාදිහු ලොවැ සංඥාමාත්‍රයෝ ය, ලොවැ වචනපථමාත්‍රයෝ ය, ලොවැ ව්‍යවහාර මාත්‍රයෝ ය, ලොවැ නාමප්‍රඥප්තිමාත්‍රයෝ ය.
Pali BJTඑවං වුත්තෙ පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ. අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භන්තෙ භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භන්තෙ භගවා{2} ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, පොට්ඨපාද පිරිවැජි තෙම “වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම්සේ යැටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිව්හිමියෙන් සරණ ගිය උවසකු කොට සලකන සේක් වා” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJTචිත්තො පන හත්ථිසාරිපුත්තො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ. අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙව භන්තෙ භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTඇත්සැරිපුත් චිත්‍ර වූ කලි ‘වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම්සේ යැටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිත්’ යි අඳුරෙහි තෙල්පානක් දරන්නේ හෝ වේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්දත් උපසපුවත් ලබම් වා” යි කී ය.
Pali BJTඅලත්ථ ඛො චිත්තො හත්ථිසාරිපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො __ආතාපී පහිතත්තො__ විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අරහතං අහොසීති.
Sinhala BJTඇත්සැරිපුත් චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලදුයේ ම ය, උපසපුවත් ලදුයේ ම ය. ඇත්සැරිපුත් ආයුෂ්මත් චිත්‍ර තෙමේ උපසපුව ලත් නොබෝ කල් ඇත්තේ ම, එකලා වූයේ, ගණයා කෙරෙන් වෙන් වූයේ, නො පමා වූයේ, කෙලෙස් තවන වැරැත්තේ, නිවන් කරා මෙහෙයූ සිතැති වැ වසනුයේ, යමක් පිණිස කුලපුත්හු මොනොවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත් ද, ඒ නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත්පලය) මේ අත්බව්හි මැ තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබැ විසී ය. ‘පුනර්‍ජන්මය ක්‍ෂීණ විය, මගබඹසර වැසැ නිමැවිණ, කටයුතු දෑ කරනු ලැබී ය. මේ පිණිස තවත් කළ යුත්තෙක් නැතැ’ යි වෙසෙසින් දැන ගත්තේය. ආයුෂ්මත් හස්තිශාරිපුත්‍ර චිත්‍ර ද රහතුන්ගෙන් එක්තරා නමෙක් වී ය.
Pali BJTපොට්ඨපාදසුත්තං නිට්ඨිතං නවමං.
Sinhala BJTනවවනු පොට්ඨපාද සූත්‍රය නිමියේ ය.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTසුභසුත්තං
Sinhala BJTශුභ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං. එකං සමයං ආයස්මා ආනන්දො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ අචිරපරිනිබ්බුතෙ භගවති. තෙන ඛො පන සමයෙන සුභො මාණවො තොදෙය්යපුත්තො සාවත්ථියං පටිවසති කෙනචිදෙව කරණීයෙන.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි නොබෝ කල්හි අනඳ තෙරණුවෝ සැවැත්නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වෙසෙති. එ සමයෙහි තෝදෙය්‍ය බමුණුහු පුත් වූ ශුභ මාණව තෙම කිසි කටයුත්තෙකින් සැවැත්නුවරැ වෙසෙයි.
Pali BJT2. අථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො අඤ්ඤතරං මාණවකං ආමන්තෙසි: එහි ත්වං මාණවක, යෙන සමණො ආනන්දො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ “සුභො මාණවො තොදෙය්යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී”ති. එවං ච වදෙහි “සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති.
Sinhala BJT2. එකලැ තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණව තෙම එක්තරා මාණවකයකු බණවා, “මාණවකය, මෙහි එන්නැ. අනඳ මහණහු කරා එළැඹෙන්නැ. එළැඹැ, “ශුභ මාණව තෙමේ පින්වත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුවපහසු විහරණ ඇති නියා විචාරා”යි මා බසින් පින්වත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා ... විචාරන්නැ. “පින්වත් අනඳ තෙරණුවෝ අනුකම්පා සඳහා තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණවයාගේ ගෙය කරා වඩිත් වා. එසේ වඩිතොත් ඒ ඉතා මැනැවැ”යි මෙසේත් කියන්නැ යි ඇණැවී ය.
Pali BJT3. ‘එවං භො’ති ඛො සො මාණවකො සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො මාණවකො ආයස්මන්තං ආනන්දං එතදවොච: සුභො මාණවො තොදෙය්යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවං ච වදෙති “සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති.
Sinhala BJT3. “එසේ යැ භවතැ’ යි කියා ම ඒ මාණවක තෙමේ තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණවයාට පිළිවදන් දී අනඳ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹැ, අනඳ තෙරුන් හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා පසෙකැ හිඳැ ගත. පසෙකැ හුන් ම ඒ මාණවක තෙමේ “තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණව භවත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුඛ විහරණ ඇති නියා විචාරයි. ‘පින්වත් අනඳ වහන්දෑ තෝදෙය්‍ය බමුණහු පුත් ශුභ මාණවයාගේ ගෙය කරා එළැඹෙත් වා, එසේ එළැඹෙතොත් ඒ ඉතා මැනැවැ යි මෙසේත් කියා” යැ යි අනඳ තෙරුනට සැළ කෙළේ ය.
Pali BJT4. එවං වුත්තෙ ආයස්මා ආනන්දො තං මාණවකං එතදවොච: අකාලො ඛො මාණවක. අත්ථි මෙ අජ්ජ භෙසජ්ජමත්තා පීතා. අප්පෙවනාම ස්වෙපි උපසඞ්කමෙය්යාම කාලඤ්ච සමයඤ්ච උපාදායාති. ‘එවං භො’ති ඛො සො මාණවකො ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන සුභො මාණවො තොදෙය්යපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සුභං මාණවං තොදෙය්යපුත්තං එතදවොච: “අවොචුම්හ{2} ඛො මයං භොතො වචනෙන තං භවන්තං ආනන්දං: සුභො මාණවො තොදෙය්යපුත්තො භවන්තං ආනන්දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවං ච වදෙති ‘සාධු කිර භවං ආනන්දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. එවං වුත්තෙ භො සමණො ආනන්දො මං එතදවොච: ‘අකාලො ඛො මාණවක. අත්ථි මෙ අජ්ජ භෙසජ්ජමත්තා පීතා. අප්පෙව නාම ස්වෙපි උපසඞ්කමෙය්යාම කාලඤ්ච සමයඤ්ච උපාදායා”ති. “එත්තාවතාපි ඛො භො කතමෙව එතං, යතො සො භො භවං{3} ආනන්දො ඔකාසමකාසි ස්වාතනායපි උපසඞ්කමනායා”ති.
Sinhala BJT4. මෙසේ කී කලැ, අනඳ තෙරණුවෝ ඒ මාණවකයාට “මාණවකය, දැන් නොකල් ම ය. අද මා ස්වල්ප බෙහෙදක් පීවා ඇත. කල් වේලා සලකා සෙට වත් එළැඹෙන්නමෝ වේ දැ” යි වදාළහ. ‘එසේ යැ පින්වතැ’යි කියා ම ඒ මාණවක තෙම් අනඳ තෙරුනට පිළිවදන් දී හුනස්නෙන් නැගී තෝදෙය්‍ය පුත් ශුභ මාණවයා වෙත ගියේ ය. ගොස් තෝදෙය්‍ය පුත් ශුභ මාණවයාට ‘තෝදෙය්‍ය පුත් ශුභ මාණව තෙම් පින්වත් අනඳ වහන්දෑ අල්පාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුඛ විහරණ ඇති නියා, විචාරයි. පින්වත් අනඳ වහන්දෑ අනුකම්පා කොට තෝදෙය්‍ය බමුණු පුත් ශුභ මාණවයාගේ ගෙට වඩිත් වා. එසේ වඩිතොත් ඉතා මැනැවැ යි මෙසේත් කියා”යැ යි භවත්හුගේ වචනයෙන් ඒ පින්වත් අනඳ වහන්දෑට සැළ කළම්හ. භවත, අප එසේ සැළ කළ කල්හි අනඳ වහන්දෑ මට “මාණවකය, දැන් නොකල් ම ය. අද මා ස්වල්ප බෙහෙදක් පීවා ඇත. කල් වෙලා සලකා සෙට වත් එළැඹෙන්නමෝ වේ දැ’ යි වදාළහ” යි කීයේ ය. “භවත, යම් හෙයෙකින් පින්වත් අනඳ වහන්දෑ හෙට වත් මෙහි එළැඹෙන්නට අවකාශ කළෝ ද, මෙතෙකින් මත් මේ (අප නිමන්ත්‍රණය පිළිගැන්ම) කරන ලද්දේ මැ යැ” යි ශුභ මාණව කී ය.
Pali BJT5. අථ ඛො ආයස්මා ආනන්දො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය චෙතකෙන භික්ඛුනා පච්ඡාසමණෙන යෙන සුභස්ස මාණවස්ස තොදෙය්යපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT5. ඉක්බිත්තෙන් අනඳ තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පාසිවුරු ගෙන පසුමහණකු වූ චේතක භික්‍ෂුහු කැටුවැ තෝදෙය්‍ය පුත් ශුභ මාණවයාගේ ගෙය කරා එළැඹියහ. එළැඹ පණවන ලද අස්නැ හිඳැ ගත්හ. එ කල්හි ම තෝදෙය්‍ය පුත් ශුහ මාණව තෙම අනඳ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹැ අනඳ තෙරුන් හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ කතා කොට නිමවා එක් පසෙක හිඳැ ගත.
Pali BJT6. එකමන්තං නිසින්නො ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: “භවං හි ආනන්දො තස්ස භොතො ගොතමස්ස දීඝරත්තං උපට්ඨාකො සන්තිකාවචරො සමීපචාරී. භවං එතං ආනන්දො ජානෙය්ය යෙසං සො භවං ගොතමො ධම්මානං වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. කතමෙසානං ඛො භො ආනන්ද ධම්මානං සො භවං ගොතමො වණ්ණවාදී අහොසි? කත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී?” ති.
Sinhala BJT6. එක් පසෙක හිඳැ ගත් ම තෝදෙය්‍ය පුත් ශුභ මාණව තෙම අනඳ තෙරුනට මෙය කී ය: “පින්වත් අනඳ වහන්දෑ වූ කලි ඒ භවත් ගෞතමයන් වහන්සේට දික් කලක් උපස්ථායක වූ, වෙත ම ගැවැසුණු, ළඟ ම හැසුරුණු කෙනෙක. ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් දහම් කෙනෙකුන්ගේ ගුණ කියන සුලු වූසේක් ද, යම් දහමෙක්හි මේ ජනසමූහයා ගැන්වූ සේක් ද, පිවිස්වූ සේක්ද, පිහිටුවූ සේක් ද, එය පින්වත් අනඳ වහන්දෑ දන්නාහ. පින්වත් අනඳ තෙරුනි, ඒ භවද් ගෞතමයන් වහන්සේ කවර නම් දහම් කෙනෙකුන්ගේ ගුණ කියන සුලු වූ සේක් ද? කවර නම් දහමෙක්හි මේ ජනමුළුව ගැන්වූ සේක් ද? පිවිස්වූ සේක් ද?” පිහිටු වූ සේක් ද?
Pali BJT7. “තිණ්ණං ඛො මාණව ඛන්ධානං සො භගවා වණ්ණවාදී අහොසි. එත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. කතමෙසං තිණ්ණං? අරියස්ස සීලක්ඛන්ධස්ස, අරියස්ස සමාධික්ඛන්ධස්ස, අරියස්ස පඤ්ඤාක්ඛන්ධස්ස. ඉමෙසං ඛො මාණව තිණ්ණං ඛන්ධානං සො භගවා වණ්ණවාදී අහොසි. එත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී”ති.
Sinhala BJT7. (එ විට අනඳ තෙරණුවෝ මෙසේ වදාළහ:) “මාණවය, ඒ භාග්‍යවතුන් වහන්සේ ස්කන්‍ධ තුනෙක ගුණ වදාරන සුලු වූ සේක. එහි ම මේ දනමුළුව ගැන්වූ සේක, පිවිස්වූ සේක, පිහිටවූ සේක. කවර ස්කන්‍ධ තුනෙක් ද? යත්: ආර්‍ය්‍යශීලස්කන්‍ධයත් ආර්‍ය්‍යසමාධිස්කන්‍ධයත් ආර්‍ය්‍යප්‍රඥාස්කන්‍ධයත් යන තුනේ ය. මාණවය, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ස්කන්‍ධයන්ගේ ගුණ වදාරන සුලු වූ සේක. මෙහි ම මේ දනමුළුව ගැන්වූ සේක, පිවිස්වූ සේක, පිහිටවූ සේක.”
Pali BJT8. “කතමො පන සො භො ආනන්ද, අරියො සීලක්ඛන්ධො යස්ස සො භවං ගොතමො වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී?” ති.
Sinhala BJT8. [ශුභ මාණව:] “පින්වත් අනඳ තෙරුනි, ඒ භවද්ගෞතමයන් වහන්සේ යම් දහමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් නම්, යම් දහමෙක්හි මේ ජනතාව ගැන්වූ සේක් නම්, පිවිස්වූ සේක් නම්, පිහිටිවූ සේක් නම්, ඒ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධය කවරෙ යැ?”
Pali BJT9. “ඉධ මාණව, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණ බ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං. පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJT9. [අනඳ තෙරණුවෝ:] “මාණවය, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත, සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක (නිවරද) කොට, අවසනැ භද්‍රක (නිවරද) කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යංජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) පරිශුද්ධ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
Pali BJT10. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසංචික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජාපථො{1}. අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති.
Sinhala BJT10. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, ‘ගිහිගෙයි විසීම සම්බාධයෙකි (අවහිරයෙකි). රාගාදි රජස් නැගෙන රජස් පථයෙකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.
Pali BJT11. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය රක්ඛති සික්ඛාපදෙසු කායකම්මෙන සමන්නාගතො කුසලෙන, පරිසුද්ධාජීවො සීලසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො සන්තුට්ඨො.
Sinhala BJT11. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්‍මයෙන් සමන්‍විත වූයේ එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සිත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන් හි සමාදන් වැ හික්මෙයි.
Pali BJT12. කථඤ්ච මාණව, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ මාණව භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො. සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT12. මාණවය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්: මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ), පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ, මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.
Pali BJT13. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී. අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT13. හේ අදත්තාදානය හැරැ ලා, නොදුන් දැය ගැන්මෙන් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම සිතිනුත් කැමැති වැ ඉවසන සුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT14. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී{2} විරතො මෙථුනා ගාමධම්මා. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT14. හේ අබ්රම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT15. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො{3} පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT15. හේ බොරු කීම් දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT16. පිසුණං වාචං{1} පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය. අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සංහිතානං වා අනුප්පදාතා{2} සමග්ගාරාමො{3} සමග්ගරතො සමග්ගනන්දිං සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT16. හේ කේලාම් කීම් දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මේ තන්හි නො කියනසුලු වූයේ, මෙසේ බිඳුණවුන් ගළපන්නේ (සමගි කරන්නේ) ද, එකට ගැළැපුණවුන් (සමගියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමගියෙන් වසන්නවුනට කැමැත්තේ, සමගි වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමගිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT17. ඵරුසං වාචං{4} පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා{5} හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපං{6} වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT17. හේ රළු බිණුම් දුරැලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදගන්නා, නොගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේ ද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT18. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසඤ්හිතං. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT18. හේ බොල් හිස් දෙඩැවිලි හැරැලා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාලවේලායෙහි කථා කරන සුලු වූයේ, ඇත්ත ම කියන සුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක් ම කියන සුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT19. බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තුපරතො පටිවිරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපෙහණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT19. හේ බීජසමූහ (පැළ වන දා) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල්බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මි උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන්ගෙට පණිවුඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායයෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී කෛරාටික කම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම් කිරීමෙන් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTචුල්ලසීලං නිට්ඨිතං.
Sinhala BJTචුල්ලසීලය නිමියේය.
Pali BJT20. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාම භූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: මූලබීජං ඛන්ධබීජං ඵලුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං. ඉති වා ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT20. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදි පැළ වන මුල් ද), ස්කන්‍ධ වීජ ද (නුග ආදි පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදි පැළ වන පුරුක් ද), අග්‍රවීජ ද (ඉරිවේරිය ආදි පැළ වන දලු ද), පස් වනු වීජවීජ ද (වී ආදි පැළ වන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැළුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ වීජග්‍රාමභූතග්‍රාමසමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT21. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT21. යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කොට තබා ගැන්ම, වස්ත්‍ර රැස් කොට තබා ගැන්ම, (රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන) යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර (තවත් තල සහල් ඈ වුවමනා) පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT22. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථූනං සොභනකං චණ්ඩාලං වංසං ධොපනකං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං. ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT22. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම් හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසුම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිවුරස් බෙර වැයුම), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී, දෙවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්‍දිගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සණදොවුන් කෙළිය (හෝ අයෝගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සෝදා සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම්), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම්, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම් යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මේ බඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT23. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං. ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT23. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලු පැනුම, සන්තිකා ක්‍රීඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළනැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රීඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය (පිටේ හෝ අහසේ අකුරු ඇඳ ඒ කියැවීම), සිතූ දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් යන ආදීන් සේ ඉරියවු පැවැත්වීම්) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මෙ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT24. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං. ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT24. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පළඟය, මහකොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය), සිංහරූපාදීරූපාවලීන් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කොසෙය්ය හුයින් වියූ ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රියැ එලන ඇතිරිය, ඇඳට සරි ලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රත්කන්වයින් තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT25. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්රූපාහනං උණ්හීසං මණිං වාළවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT25. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පාඈහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඈහි මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම් හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම්, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT26. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං [කුමාරකථං කුමාරිකථං] සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT26. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබඹුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, කුමාරකථා, කුමාරිකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකාකථා, සමුද්‍රඛ්‍යායිකාකථා, ඉතිභවාභවකථා යන මේ බඳු වූ තිරශ්චීන කථාවන්හි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය හෝ මෙ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT27. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මාපටිපන්නො. සංහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතො ත්වමසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති. ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT27. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිති. මම ම මේ දහම් විනය දනිම්. ‘මේ දහම විනය කිමැ’යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැඟු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඬුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT28. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්රාහ්මණානං ගහපතිකානං කුමාරානං “ඉධ ගච්ඡ අමුත්රාගච්ඡ. ඉදං හර. අමුත්ර ඉදං ආහරා”ති. ඉති වා ඉති එවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT28. යම්සේ සමහර භවත් මහණබඹුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙන යන්නැ. අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජ කුමරුවන්ගේ මෙ බඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT29. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ච ලාභං නිජිගිංසිතාරො. ඉති වා ඉති එවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT29. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මේ බඳු වූ ද කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTමජ්ඣිමසීලං නිට්ඨිතං.
Sinhala BJTමධ්‍යම ශීලය නිමියේ ය.
Pali BJT30. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං __කණහොමං__ තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තානං මිගපක්ඛං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT30. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මුෂකච්ජින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙ කී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී ද මේ බඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT31. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT31. යම්සේ ඇතැම් භවත් මහණබඹුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු, වත්ලකුණු, දඬුලකුණු, කඩුලකුණු, ඊලකුණු, දුනුලකුණු, අවිලකුණු, ඉතිරිලකුණු, පුරිස්ලකුණු, කුමරලකුණු, කුමරිලකුණු, දස්ලකුණු, දැසිලකුණු, ඇත්ලකුණු, අස්ලකුණු, මියුලකුණු, වහප්ලකුණු, ගොන්ලකුණු, එළුලකුණු, බැටෙළුලකුණු, කුකුළුලකුණු, වටුලකුණු, ගොය්ලකුණු, කැණිලකුණු, කසුබුලකුණු, මුවලකුණු යන ආදි මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මේ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී ද මෙබඳු වූ ද තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT32. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: “රඤ්ඤං නිය්යානං භවිස්සති. රඤ්ඤං අනිය්යානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති. බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති. ඉති ඉමස්ස ජයො භවිස්සති. ඉමස්ස පරාජයො භවිස්සති.” ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT32. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතිත් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට රට තුළ උන් රජුන්ගේ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. රට තුළැ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT33. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථීදං: “චන්දග්ගාහො භවිස්සති. සුරියග්ගාහො භවිස්සති. නක්ඛත්තග්ගාහො භවිස්සති. චන්දිමසුරියානං පථගමනං භවිස්සති. චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. නක්ඛත්තානං පථගමනං භවිස්සති. නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. උක්කාපාතො භවිස්සති. දිසාඩාහො භවිස්සති. භූමිචාලො භවිස්සති. දෙවදුන්දුභි භවිස්සති. චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති. එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති. එවංවිපාකො සුරියග්ගාහො භවිස්සති. __එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති__, එවංවිපාකං චන්දිමසුරියානං පථගමනං භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකො උක්කාපාතො භවිස්සති. එවංවිපාකො දිසාඩාහො භවිස්සති. එවංවිපාකො භූමිචාලො භවිස්සති. එවංවිපාකො දෙවදුන්දුභි භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති”. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT33. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සුර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරැ දෙදෙනා නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත්තරුන් නිසිමගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුන්ගේ ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මගින් යැම් මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් දෙදෙනාගේ නොමගින් යෑම මේ බඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස්ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ, මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT34. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: “සුබ්බුට්ඨිකා භවිස්සති. දුබ්බුට්ඨිකා භවිස්සති. සුභික්ඛං භවිස්සති. දුබ්භික්ඛං භවිස්සති. ඛෙමං භවිස්සති. භයං භවිස්සති. රොගො භවිස්සති. ආරොග්යං භවිස්සති. මුද්දා ගණනා සංඛානං කාවෙය්යං ලොකායතං.” ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT34. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මෙ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මෙ සමයෙහි රටට බිය වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මේ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (අඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායතශාස්ත්‍රය යන මේ හෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT35. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: ආවාහනං විවාහනං සංවදනං විවදණං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT35. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳැවීම යන මේ හෝ අන් මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමෙ මෙ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT36. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT36. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියකු කිරීම, පිරිමියා පණ්ඩකයකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, බඩ විරේක කැරැවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශීර්‍ෂවිරේචන බේත් දීම්, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත්තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් කිරීම, ගිහියනට ශල්‍ය කර්‍ම කිරීම්, ළදරුවන්ගේ ලෙබට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගළවා දැමීම යැ” යි මේ ආදි වූ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT37. ස ඛො සො මාණව, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්යථාපි මාණව ඛත්තියො මුද්ධාවසිත්තො නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො, එවමෙව ඛො මාණව භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො මාණව භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJT37. මාණවය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශිලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් පහළ විය හැකි බියක් නො දකී. මාණවය, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනැසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි බියක් යම්සේ නො දක්නේ ද, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අංසවරයෙකින් වියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මාණවය, මෙසේ මහණ තෙමේ ශීලසම්පන්න වේ.
Pali BJT38. අයං ඛො සො මාණව, අරියො සීලක්ඛන්ධො යස්ස සො භගවා වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. අත්ථි චෙවෙත්ථ උත්තරිං කරණීයන්ති.”
Sinhala BJT38. මාණවය, ඒ භාග්‍යවතුන් වහන්සේ යමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් ද, යමෙකැ මේ ජනතාව ගැන්වූ සේක් ද, පිවිස්වූ සේක් ද, පිහිටවූ සේක් ද, මේ ඒ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධය යැ. වැලි මෙහි මෙයින් මත්තෙහිත් කටයුතු දෑ ඇත්තේම ය.”
Pali BJT39. “අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද, සො’පායං භො ආනන්ද අරියො සීලක්ඛන්ධො පරිපුණ්ණො, නො අපරිපුණ්ණො. එවම්පරිපුණ්ණඤ්චාහම්භො ආනන්ද අරියං සීලක්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු න සමනුපස්සාමි. එවම්පරිපුණ්ණඤ්ච භො ආනන්ද අරියං සීලක්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙ සමණබ්රාහ්මණා අත්තනි සමනුපස්සෙය්යුං, තෙ තාවතකෙනෙව අත්තමනා අස්සු ‘අලමෙත්තාවතා, කතමෙත්තාවතා, අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො, නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීය’න්ති. අථ ච පන භවං ආනන්දො එවමාහ: අත්ථි චෙවෙත්ථ උත්තරිං කරණීය”න්ති.
Sinhala BJT39. [ශුහ:] “පින්වත් අනඳ තෙරුනි, ආශ්චර්‍ය්‍ය යැ, පින්වත් අනඳ තෙරුනි, අද්භූත යැ. පින්වත් අනඳ තෙරුනි, මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධය ද පරිපූර්‍ණ යැ අපරිපූර්‍ණ නො වේ. පින්වත් අනඳ තෙරුනි, මෙසේ පිරිපුන් ආර්‍ය්‍යශීලස්කන්‍ධයක් මෙයින් බැහැරැ අන් මහණබමුණන් කෙරෙහි නො දකිමි. අනඳ තෙරුනි, මෙසේ පිරිපුන් ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයක් මෙයින් බැහැරැ අන් මහණබමුණෝ තමන් කෙරෙහි දක්නාහු නම්, ඔහු “මෙ පමණකින්ම සෑහෙයි. මේ පමණකින් ම කටයුතු සම්පූර්‍ණ විය. අප විසින් මහණදමේ ඵලය ලද්දේ ය. අප විසින් මත්තෙහි කටයුතු වූ කිසිත් ඉතිරි වැ නැතැ”යි එ තෙකින් ම සතුටු සිතැති වන්නාහ. එතෙකුදු වුවත් පින්වත් අනඳ තෙරණුවෝ ‘මෙහි මෙයින් මත්තෙහිත් කටයුතු දෑ ඇතැ’ යි මෙසේ වදාළහ.”
Pali BJTපඨමකභාණවාරං.
Sinhala BJTපළමු බණවරය.
Pali BJT40. “කතමො පන සො භො ආනන්ද, අරියො සමාධික්ඛන්ධො යස්ස සො භවං ගොතමො වණ්ණවාදී අහොසි යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී?”ති.
Sinhala BJT40. [ශුහ:] පින්වත් අනඳ තෙරුනි, ඒ පින්වත් ගෞතමයන් වහන්සේ යමක්හුගේ ගුණ වදාරනසුලු වූ සේක් නම්, යමෙක්හි මේ ජනතාව ගැන්වූ සේක් නම්, පිවිස්වූ සේක් නම්, පිහිටවූ සේක් නම්, ඒ ආර්‍ය්‍ය සමාධිස්ක්‍න්‍ධය කවරේ යැ?”
Pali BJT41. කථඤ්ච මාණව, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ මාණව භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො මාණව භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT41. [අනඳතෙරහු:] “මාණවය, මහණ තෙමේ කෙසේ තම ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද යත්: මාණවය, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදිවශයෙන් අත්පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂම ලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස ආස්වාදය කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බන දැන, ශුභාදිවශයෙන් එහි ලකුණ ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් අත් පා ආදි අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය ... ඝ්‍රාණේන්‍ද්‍රියයාගේ .... ජිහ්වේන්‍ද්‍රියය ... කායේන්‍ද්‍රියය ... මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ අනුබඳනාහු ද, ඒ ශ්‍රෝතෙන්‍ද්‍රියයාගේ ... ඝ්‍රාණේන්‍ද්‍රියයාගේ ... ජිහ්වේන්‍ද්‍රියයාගේ … කායේන්‍ද්‍රියයාගේ ... මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර ... ඝ්‍රාණ ..... ජිහ්වා ... කාය ... මනඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේකසුඛය (කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය) විඳී. මාණවය, මෙසේ වනාහි මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
Pali BJT42. කථඤ්ච මාණව, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ මාණව භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො මාණව, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT42. මාණවය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහි නුවණින්) සමන්‍විත වේ ද යත්: මාණවය, මෙ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙඟි (වට පිට බැලීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි නොබිණීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. මාණවය, මෙසේ වනාහි මහණ තෙම සිහි නුවණින් සමන්‍විත වෙයි.
Pali BJT43. කථඤ්ච මාණව, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ මාණව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි මාණව, පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරො’ව ඩෙති, එවමෙව ඛො මාණව, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො මාණව භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT43. මාණවය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද යත්: මාණවය, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික්මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මාණවය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත් බර සහිත ව ම යම් සේ පියාහඹා ද, එසේ ම ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද, පා සිවුරු (ආදි අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මාණවය, මෙසේ වනාහි මහණ තෙමේ ලද පසයෙහි සතුටු වේ.
Pali BJT44. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT44. මාණවය, ඒ මහණ තෙමේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මේ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා කමටහනට යොමු කොට සිහි එළවා හිඳී.
Pali BJT45. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT45. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල්ම හැර විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥා ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙසි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත් (කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංහිඳුණු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJT46. සෙය්යථාපි මාණව, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො’හං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තී අකාසිං. අත්ථි ච මෙ උත්තරිං අවසිට්ඨං දාරභරණායා”ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT46. මාණවය, යම්සේ පුරුෂයෙක් ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම්, එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT47. සෙය්යථාපි මාණව, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො. භත්තං ච මෙ නච්ඡාදෙසි. න චස්ස මෙ ආසි කායෙ බලමත්තා. සො’ම්හි එතරහි තම්හා ආබාධා මුත්තො. භත්තඤ්ච මෙ ඡාදෙති. අත්ථි ච මෙ කායෙ බලමත්තා”ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT47. මාණවය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩි ගිලන් බව ඇති ලෙඩෙක් වීමි. මට අහර ද රිසි නො වී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහර ද රිසියෙයි. මා ඇඟපත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද –
Pali BJT48. සෙය්යථාපි මාණව පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්ය සොත්ථිනා අබ්බයෙන, න චස්ස කිඤ්චි භොගානං වයො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සො’ම්හි එතරහි තම්හා බන්ධනාගාරා මුත්තො සොත්ථිනා අබ්බයෙන. නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT48. මාණවය, යම් සේ පුරුෂයෙක් හිරගෙහි බැඳුණ් වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝගවිනාශයෙක් හෝ වන්නේ ද, “මම වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ”යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT49. සෙය්යථාපි මාණව, පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සො අපරෙන සමයෙන තම්හා දාසබ්යා මුච්චෙය්ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො. සො’ම්හි එතරහි තම්හා දාසබ්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT49. මාණවය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙක යා හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නො හැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් එන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද –
Pali BJT50. සෙය්යථාපි මාණව, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය දුබ්භික්ඛං සප්පටිභයං, සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්ය ඛෙමං අප්පටිභයං, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සො’ම්හි එතරහි තං කන්තාරං තිණ්ණො සොත්ථිනා ගාමන්තං අනුප්පත්තො ඛෙමං අප්පටිභය”න්ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT50. මාණවය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ ආහාර ඇති. උවදුරු ඇති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙර ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භයරහිත ගමකට පැමිණියෙම් වෙමි”යී සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT51. එවමෙව ඛො මාණව, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි මාණව __යථා__ ආනණ්යං, යථා ආරොග්යං, යථා බන්ධනා මොක්ඛං, යථා භුජිස්සං, යථා ඛෙමන්තභූමිං, එවමෙව ඛො මාණව, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJT51. මාණවය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල්බවක් මෙන් දිය නැති දික්මඟක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මාණවය, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණුබව යම්සේ ද, නිවහල්බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේ ම (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා, කෙරෙහි දකී.
Pali BJT52. තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT52. තමන් කෙරෙහි පහ වූ මේ නීවරණ පස දක්නා ඔහුව සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ (එකඟ වේ).
Pali BJT53. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT53. හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල් දහමුගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහ වීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධ්‍යානය ලැබ වෙසේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT54. සෙය්යථාපි මාණව, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය, සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන, න ච පග්ඝරණී, එවමෙව ඛො මාණව, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT54. මාණවය, යම්සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණුපිඬ කාවැදුණු දිය ඇත්තේ, හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දිය නො වගුරුවන්නේ වේ ද, මාණවය, එසේ ම මහණ තෙමේ මෙ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT55. යම්පි මාණව, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති, ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං.
Sinhala BJT55. මාණවය, මහණ තෙම කාමයන්ගෙන් වෙත් ව ම, සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත විචාරසහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති යම් පළමු දහනක් ලැබ වෙසේ ද, හේ ඒ විවේකප් ප්‍රීතිසුඛයෙන් මේ කය ම තෙමයි, මුලුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හාත්පස පැතිරැ ගනී. ඔහුගේ සියලු කයැ විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පැතිරැගත් කිසිදු තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
Pali BJT56. පුන චපරං මාණව, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT56. මාණවය, නැවැත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු), සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාර නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ කයේ විවේකයෙන් උපන් පීති සුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT57. සෙය්යථාපි මාණව උදකරහදො __ගම්භීරො__ උබ්භිදොදකො. තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය, අථ ඛො තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය, නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස වාරිනා සීතෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො මාණව භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT57. මාණවය, යම්සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙරදිගින් දිය ඇතුළු වන මගෙක් නො වන්නේ ද, දකුණු දෙසින් ද දිය ඇතුළු වන මගෙක් තෙමෙන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මගෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මගෙක් නො වන්නේ ද, වැස්ස ද කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දිය දහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමෙන්නේ ද, හැම පරිදි තෙමෙන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැන ම වැද ගෙන පැතිරැ සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද, මාණවය, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT58. යම්පි මාණව, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං.
Sinhala BJT58 මාණවය, මහණ තෙම විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍කරහිත විචාරහිත, සමාධියෙන් පහළ වූ, ප්‍රීතිය හා සුඛවේදනාව හා ඇති යම් දෙවෙනි ධ්‍යානයකට පැමිණැ වෙසේ ද, හේ මේ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැදැ ගනී. ඔහුගේ ඒ සියලු කයැ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
Pali BJT59. පුන චපරං මාණව, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති’, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT59. නැවැත ද (අනෙකක් කියම්:) මාණවය, මහණ තෙමේ ප්‍රීතිය ගේ ද විරාගයෙන් (පහ වීමෙන්, සංහිඳීමෙන්), උපේක්‍ෂක වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. (දහන්) සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධාන්‍යයක් හේතු කොට ගෙන ධාන්‍යලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහරණ ඇත්තේ යැ’ යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT60. සෙය්යථාපි මාණව, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිස්සන්නානි පරිස්සන්නානි පරිපූරානි පරිප්ඵුටානි, නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස, එවමෙව ඛො මාණව, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT60. මාණවය, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ, දියෙහි වැඩුණේ, දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිසිල් දියෙන් තෙමුණේ, හැම පරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගන්නේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද, මාණවය, එසේ ම මහණ තෙමේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හැම පරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT61. යම්පි මාණව, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති, ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං.
Sinhala BJT61. මාණවය, මහණ තෙම ප්‍රීතිය ද හැරැ ලීමෙන් උපේක්‍ෂාව ඇත්තේ සිහි ඇති වැ නුවණ ඇති වැ වෙසේ. සුවයත් නාම කයින් විඳී, ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සුව වුසුම් ඇත්තේ යැ’ යි ආර්‍ය්‍යයෝ යමක්හු දක්වත් නම්, ඒ තෙවෙනි ධ්‍යානය ලැබ වෙසේ. හේ නිෂ්ප්‍රීතික සුඛයෙන් මේ කය ම තෙමයි, කය මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
Pali BJT62. පුන චපරං මාණව, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. සෙය්යථාපි මාණව, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස, එවමෙව ඛො මාණව, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT62. නැවැත ද (අනෙකක් කියම්:) මාණවය, මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුඃඛ වේදනාව ද දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහ වීමෙන්, දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු වූ ප්‍රභාස්වර චූ සිතින් පැතිරැ වැදැ නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි. මාණවය, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙවැ හුන්නේ වේ නම්, ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නො වන්නේ ද, මාණවය, එසේ ම මහණ තෙම මේ කය ම පිරිසුදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහු කයැ පිරිසිදු පබසරසිතින් වැද ගෙන නොසිටි කිසි ද තැනෙක් නොවෙයි.
Pali BJT63. යම්පි මාණව, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති, ඉදම්පි’ස්ස හොති සමාධිස්මිං. අයං ඛො සො මාණව, අරියො සමාධික්ඛන්ධො යස්ස සො භගවා වණ්ණවාදී අහොසි, යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසි. අත්ථි චෙවෙත්ථ උත්තරිං කරණීයන්ති.
Sinhala BJT63. මාණවය, මහණ තෙම සුඛ වේදනාව ද දුක් වේදනාව ද පහ කිරීමෙන් පළමුවෙන් ම සොම්නස් දොම්නසුන් පහ වැ යෑමෙන්, දුක් ද නොවූ සුව ද නො වූ, උපේක්‍ෂාවත් ස්මෘතියත් යන මොවුන්ගේ පිරිසිදු බව ඇති යම් සිවුවන දහන් ලැබැ වෙසෙයි, එයින් හෙ තෙමේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ නොගත් කිසිත් ද තැනෙක් නො වෙයි යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි. මාණවය, භාග්‍යවතුන් වහන්සේ යමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් ද, යමෙක්හි මේ ජනතාව ගැන්වූ සේක් ද, පිවිස්වූ සේක් ද, පිහිටවූ සේක් ද, ඒකාන්තයෙන් මේ ඒ ආර්‍ය්‍ය සමාධිස්කන්‍ධය යැ. වැලි මෙහි මෙයින් මත්තෙහි කටයුතු දෑ ද ඇත.”
Pali BJT64. “අච්ඡරියං භො ආනන්ද, අබ්භුතං භො ආනන්ද. සො චායං භො ආනන්ද අරියො සමාධික්ඛන්ධො පරිපුණ්ණො නො අපරිපුණ්ණො. එවං පරිපුණ්ණඤ්චාහං භො ආනන්ද අරියං සමාධික්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු න සමනුපස්සාමි. එවං පරිපුණ්ණඤ්ච භො ආනන්ද අරියං සමාධික්ඛන්ධං ඉතො බහිද්ධා අඤ්ඤෙ සමණබ්රාහ්මණා අත්තනි සමනුපස්සෙය්යුං, තෙ තාවතකෙනෙව අත්තමනා අස්සු අලමෙත්තාවතා, කතමෙත්තාවතා, අනුප්පත්තො නො සාමඤ්ඤත්ථො, නත්ථි නො කිඤ්චි උත්තරිං කරණීයන්ති.
Sinhala BJT64. [ශුභ:] “භවත් අනඳ තෙරුනි, ආශ්චර්‍ය්‍ය ය. භවත් අනඳ තෙරුනි, පුදුම ය. ඒ මේ සමාධිස්කන්‍ධය පරිපූර්‍ණ ය, අපරිපූර්‍ණ නො වේ. භවත් අනඳ තෙරුනි, මෙසේ පරිපූර්‍ණ වූ ආර්‍ය්‍ය සමාධිස්කන්‍ධයක් මෙයින් පිටත්හි අන් මහණබමුණන් කෙරෙහි නො දකිමි. අනඳ තෙරුනි, මෙසේ පරිපූර්‍ණ වූ ආර්‍ය්‍ය සමාධිස්කන්‍ධයක් මෙයින් පිටත්හි මහණ බමුණෝ තමන් කෙරෙහි දක්නාහු නම්, ඔහු එපමණකින් ම ‘මෙතෙකින් සෑහෙයි (මේ තෙක් ම ඇත), මෙතෙකින් සියලු කටයුතු දෑ කොට නිමැවිණැ’ සි සතුටු සිතැති වන්නාහ.
Pali BJT65. අථ ච පන භවං ආනන්දො එවමාහ: අත්ථි චෙවෙත්ථ උත්තරිං කරණීයන්ති. කතමො පන සො භො ආනන්ද අරියො පඤ්ඤාක්ඛන්ධො, යස්ස සො භවං ගොතමො වණ්ණවාදී අහොසි යත්ථ ච ඉමං ජනතං සමාදපෙසි නිවෙසෙසි පතිට්ඨාපෙසී?”ති.
Sinhala BJT65. එහෙත් භවත් අනඳ තෙරණුවෝ ‘මෙහි මත්තෙහි ද කටයුතු දැ ඇතැ’යි මෙසේ වදාරති. භවත් අනඳ තෙරුනි, ඒ පින්වත් ගොයුමාණන් වහන්සේ යමක්හුගේ ගුණ වදාරන සුලු වූ සේක් නම්, යමෙකැ මේ ජනතාව මොනොවට ගැන්වූ සේක්, පිවිස්වූ සේක්, පිහිටවූ සේක් වූහු නම් ඒ ආර්‍ය්‍ය ප්‍රඥාස්කන්‍ධය කවරේ ද?”
Pali BJT66. “පුන චපරං මාණව, සො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
Sinhala BJT66. [ආනන්‍ද:] “තව ද (අනෙකක් කියම්) මාණවය, ඒ මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි නැති වූ කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, විදර්‍ශනාභාවනාවට යෝග්‍ය කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණ කල්හි, විදර්‍ශනා ඥානය පිණිස, (පරිකර්‍ම) සිත එයට අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හේ “මාගේ මේ කය වූ කලි රූපවත් ය, සතර මහාභූතයන් ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදි අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” මෙසේ දැ ගනී.
Pali BJT67. සෙය්යථාපි මාණව, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො තත්රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය: අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො. තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා”ති. එවමෙව ඛො මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
Sinhala BJT67. මාණවය, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ මොනොවට පිරියම් කළ, සියුම් වූ වෙසෙසින් පහත් වූ, පිවිතුරු වූ, ධෝවනාදි සියලු ආකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල්වන් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, අටැස් වූ මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහත් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදි ආකාරයෙන් සම්පූර්‍ණ වූ වෙරළුමිණෙක. මෙහි නිල්වන් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද, මාණවය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණත්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි. හේ තෙම “මාගේ මේ කය වු කලි රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය. බත් කොමු ආදි අහරින් වැඩුණේ ය. අනිස බව ද දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය, මාගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
Pali BJT68. යම්පි මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- එවං පජානාති -පෙ- ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT68. මාණවය, මහණ මෙසේ සිත සමාධිගත කල්හි ... ‘මාගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය. මෙහි බැඳුණේ යැ’ යි මෙසේ දනී යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවක් වෙයි.
Pali BJT69. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං.
Sinhala BJT69. හේ මෙසේ සිත සමාහිත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් නොමැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ (ඍද්ධි ඉපැදීමට යෝග්‍ය වූ) කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙසි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වූ, සියලු අඟපසඟින් යුත්, විකල නො වූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.
Pali BJT70. සෙය්යථාපි මාණව, පුරිසො මුඤ්ජම්හා ඉසිකං පවාහෙය්ය. තස්ස එවමස්ස: අයං මුඤ්ජො අයං ඉසිකා. අඤ්ඤො මුඤ්ජො අඤ්ඤා ඉසිකා. මුඤ්ජම්හා ත්වෙව ඉසිකා පබාළ්හා’ති. සෙය්යථාපි වා පන මාණව, පුරිසො අසිං කොසියා පවාහෙය්ය, තස්ස එවමස්ස: අයං අසි අයං කොසි, අඤ්ඤො අසි අඤ්ඤා කොසි, කොසියා ත්වෙව අසි පබාළ්හො’ති. සෙය්යථාපි වා පන මාණව, පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය, තස්ස එවමස්ස: අයං අහි අයං කරණ්ඩො, අඤ්ඤො අහි අඤ්ඤො කරණ්ඩො. කරණ්ඩාත්වෙව අහි උබ්භතො’ති. එවමෙව ඛො මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං.
Sinhala BJT70. මාණවය, යම්සේ පුරුෂයෙක් මුදුතණගසෙකින් තණකූර (-තණ බඩය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ මුදුතණගස ය, මේ එහි තණබඩ ය; තණගස එකෙකි, එහි බඩය අනෙකකි, මුදුතණ ගස කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ’ යි මෙසේ සිතෙක් වන්නේ ද - මාණවය, යම්සේ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ කඩුව ය, මේ කොපුව ය; කඩුව එකෙක, කොපුව අනෙකක. කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ’යි මෙසේ සිතෙක් වන්නේ ද - මාණවය, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන් කරන්නේ ද, ඔහුට ‘මේ නයා ය, මේ සැව ය; නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේයැ’යි මෙසේ සිතෙක් වන්නේ ද - මාණවය, එපරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාධිගතවැ පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පත් කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙසි, නැඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුත් වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි.
Pali BJT71. යම්පි මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT71. මාණවය, මහණ තෙම මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි ... රූපී වූ මනෝමය චූ සියලු අඟපසඟින් යුත් වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි යන යමක් ඈද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
Pali BJT72. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති, සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJT72. හේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය(=ඍද්ධියට යෝග්‍ය) කල්හි, ස්ථිත කල්හි, නිශ්චලත්‍වයට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස (අභිඥාපාදක) පරිකර්‍ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධිවිධය (ඍද්ධි කොට්ඨාසය) නැවත නැවත අනුභව කෙරෙයි (හෙවත් නාම කයින් ස්පර්‍ශ කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ලබයි) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (ඍද්ධි බලයෙන්) බහු ප්‍රකාර ද වී යලි දු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි. (පෙනීසිටී). අප්‍රකට බව කෙරෙයි (නොපෙනී සිටියි). බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට, අහසෙහි මෙන් කිසිවෙක නො ගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම (ගිලී) උඩට නැඟීම (මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්‍ෂ ඇති සකුණයකු මෙන් අහසෙහි ද පලඟින් (=ඌරුබද්ධාසනයෙන්) යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්‍ශන කෙරෙයි (-අල්ලයි), (ඔබ මොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්වයි.
Pali BJT73. සෙය්යථාපි මාණව, දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
Sinhala BJT73. මාණවය, යම්සේ දක්‍ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද -
Pali BJT74. සෙය්යථා වා පන මාණව, දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
Sinhala BJT74. මාණවය, යම්සේ දක්‍ෂ දන්තකාරයෙක් (ඇත් දතින් විසිතුරු රූ ඈ කරන්නෙක්) හෝ දන්තකාරයක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ දතෙහි යම් යම් දන්තවිකෘතියක් තමා කැමැති නම්, ඒ ඒ දෑ ම කරන්නේ ද නිපදවන්නේ ද -
Pali BJT75. සෙය්යථා වා පන මාණව, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය-
Sinhala BJT75. මාණවය, යම්සේ දක්‍ෂ රන්කරුවෙක් හෝ රන්කරුවක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ රනෙහි යම් යම් ස්වර්‍ණ විකෘතියක් තමා කැමැත්තේ නම්, එය එය ම කරන්නේ ද, නිපදවන්නේ ද -
Pali BJT76. එවමෙව ඛො මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJT76. එසේ ම මාණවය, මහණ මෙසේ සිත සමාහිත කල්හි පිරිසිදු කල්හි පර්‍ය්‍යවදාත කල්හි අංගණ රහිත කල්හි උපක්ලේශ පහවූ කල්හි මෘදුවූ කල්හි කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි අචල බවට පැමිණැ සිටි කල්හි ඍද්ධිවිධය පිණිස සිත යොමු කෙරෙයි, නමා ලයි. හේ ‘එකෙක් වැ බොහෝ පරිදි වේ ... බඹ ලොව තෙක් ද කයින් වශය පවත්වයි’ යන අනේකවිධ ඍද්ධිවිධ අනුභව කෙරෙයි.
Pali BJT77. යම්පි මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT77. මාණවය, මහණ මෙසේ සිත සමාහිත කල්හි ... බඹලොව දක්වා ද කයින් වශය පවත්වයි, අනේකවිධ ඍද්ධිවිධ අනුභව කෙරේ යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වේ.
Pali BJT78. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT78. හේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වු කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍යශ්‍රෝත්‍රධාතුව පිණිස (=දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද ළං වූ ද යන ද්විවිධ ශබ්ද ම අසයි.
Pali BJT79. සෙය්යථාපි මාණව, පුරිසො අද්ධානමග්ගපටිපන්නො, සො සුණෙය්ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දම්පි, තස්ස එවමස්ස: භෙරිසද්දො ඉති’පි මුදිඞ්ගසද්දො ඉති’පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දො ඉති’පි. එවමෙව ඛො මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT79. මාණවය, යම්සේ මිනිසෙක් දික් මඟකව පිළිපන්නේ ද, හේ බෙර හඬත් මිඟිඟුබෙර හඬත් පණාබෙර හඬත් ගැටබෙර හඬත් යම් සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත් මේ මිහිඟුබෙර හඬැ යි කියාත් මේ සක් හඬ යැ, මේ පණාබෙර හඬ යැ, මේ ගැටබෙර හඬ යැ යි කියාත් මෙසේ සිතෙක් වන්නේ ද, මාණවය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍යතා (කර්‍මක්‍ෂම) වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙසි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්මි දිවකන්නුවණින් දිව්‍ය වූත් මානුෂක වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
Pali BJT80. යම්පි මාණව, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ -පෙ- උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය.
Sinhala BJT80. මාණවය, ඒ මහණ මෙසේ සිත සමාධිගත වූ කල්හි, පිරිසිදු වූ කල්හි ... දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද, ළඟැ වූ ද ද්විවිධ ශබ්ද අසයි යන යමෙක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වේ.