Pali BJTයතො ච ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පීති.
Sinhala BJTකාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති, ව්‍යාපාද නැති, මෙත්සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලඥානය ද මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මෙ භික්‍ෂු තෙම මහණ යැ යි ද බමුණු යැ යි ද කියනු ලැබේ.
Pali BJT21. සාකභක්ඛො චෙ’පි කස්සප, හොති සාමාකභක්ඛො චෙ’පි කස්සප හොති -පෙ- වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී. ඉමාය ච කස්සප මත්තාය ඉමිනා තපොපක්කමෙන සමණො වා අභවිස්ස බ්රාහ්මණො වා දුජ්ජානො සුදුජ්ජානො, නෙතං අභවිස්ස කල්ලං වචනාය ‘දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො’ති.
Sinhala BJT21. කාශ්‍යපය, තවුස් තෙම ඉදින් අමු පලා කන්නේ වේ ද, බොඩහමු කන්නේ වේ ද, ... ස්වයංපතිතඵල වළඳන සුලු වූයේ වනමුල් පල ආහාර කොටැත්තේ යැපේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින් මේ තවකමින් දුකසේ දතයුතු ඉතා දුකසේ දතයුතු මහණෙක් හෝ බමුණෙක් වන්නේ නම්, ‘මහණා දුකසේ දත යුතු ය, බමුණා දුකසේ දත යුතු ය’ යන මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
Pali BJTසක්කා ච පනෙසො අභවිස්ස ඤාතුං ගහපතිනා වා ගහපතිපුත්තෙන වා අන්තමසො කුම්භදාසියාපි: ‘අයං සාකභක්ඛො වා හොති සාමාකභක්ඛො වා -පෙ- වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී’ති. යස්මා ච ඛො කස්සප අඤ්ඤත්රෙව ඉමාය මත්තාය අඤ්ඤත්ර ඉමිනා තපොපක්කමෙන සමණො වා හොති බ්රාහ්මණො වා දුජ්ජානො සුදුජ්ජානො, තස්මා එතං කල්ලං වචනාය ‘දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො’ති.
Sinhala BJTමෙ තෙම අමුපලා කන්නේ හෝ වෙයි, බොඩහමු කන්නේ හෝ වෙයි ... ස්වයම්පතිතඵලභෝජි වූයේ වනමුල් පල ආහාර කොටැත්තේ යැපේ යැ’ යි ගැහැවියකු විසිනුදු ගැහැවිපුතකු විසිනුදු යටත් පිරිසෙයින් කළදැස්සක විසිනුදු ඔහු දත හැකි වන්නේ ය. (එහෙයිනි.) කාශ්‍යපය, යම් හෙයෙකින් මේ මඳ පිළිවෙතින් අන් තන්හි ම, මේ තවකමින් අන් තන්හි ම, දුකසේ දත යුතු වූ ඉතා දුකසේ දත යුතු වූ මහණ තෙමේ හෝ බමුණු තෙමේ වේ ද, එහෙයින් මහණ දුකසේ දත යුතු ය, බමුණා දුකසේ දත යුතු ය යන මෙය කියන්නට යෝග්‍ය ය.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පි.
Sinhala BJTකාශ්‍යපය, යම් කලෙක පටන් වනාහි භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ යැ යි ද බමුණු යැ යි ද කියනු ලැබේ.
Pali BJT22. සාණානි චෙ’පි කස්සප ධාරෙති, මසාණානි’පි ධාරෙති -පෙ- සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති, ඉමාය ච කස්සප මත්තාය ඉමිනා තපොපක්කමෙන සමණො වා අභවිස්ස බ්රාහ්මණො වා දුජ්ජානො සුදුජ්ජානො, නෙතං අභවිස්ස කල්ලං වචනාය ‘දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො’ති.
Sinhala BJT22. කාශ්‍යපය, තවුස් තෙම ඉදින් හණවැහැරි දරා ද, හණනූල් මුසු හුයින් වියූ වස්ත්‍ර දරා ද, ... සවස තෙවෙනි කොට දියේ ගැලීමේ යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මද පිළිවෙතිනුත් මේ තවකමිනුත් දුකසේ දතයුතු, ඉතා දුකසේ දතයුතු මහණෙක් හෝ බමුණෙක් වන්නේ නම් ‘මහණා දුකසේ දත යුතු ය, බමුණා දුකසේ දත යුතු යැ’ යන මෙය කියන්නට නො නිසි වන්නේ ය.
Pali BJTසක්කා ච පනෙසො අභවිස්ස ඤාතුං ගහපතිනා වා ගහපතිපුත්තෙන වා අන්තමසො කුම්භදාසියාපි: ‘අයං සාණානි’පි ධාරෙති මසාණානි’පි ධාරෙති -පෙ- සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරතී’ති. යස්මා ච ඛො කස්සප අඤ්ඤත්රෙව ඉමාය මත්තාය අඤ්ඤත්ර ඉමිනා තපොපක්කමෙන සමණො වා හොති බ්රාහ්මණො වා දුජ්ජානො සුදුජ්ජානො, තස්මා එතං කල්ලං වචනාය ‘දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො’ති.
Sinhala BJT‘මෙ තෙම හණවැහැරි ද දරයි, මිශ්‍රක වස්ත්‍ර ද දරයි ... සවස තෙවෙනි කොට ද (ත්‍රිසන්‍ධ්‍යායෙහි ද) දියේ ගැලීමේ යෙදුණේ වෙසේ’ යැ යි ගැහැවියකු විසිනුදු ගැහැවිපුතක්හු විසිනුදු යටත් පිරිසෙයින් කළදැස්සක විසිනුදු මොහු දත හැකි ද වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් ම මේ මඳ පිළිවෙතින් අන් තන්හි ම, මේ තවකමින් අන් තන්හි ම, දුකසේ දැන ගත යුතු ය, ඉතා දුකසේ දැන ගත යුතු මහණ තෙමේ හෝ බමුණු තෙමේ වේ ද, එහෙයින් ‘මහණා දුකසේ දැන ගත යුතු ය, බමුණා දුකසේ දැන ගත යුතු ය’ යන මෙය කියන්නට නිසි ය.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පීති.
Sinhala BJTකාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම ද්වේෂ නැතිවැ ව්‍යාපාද නැති වැ මෙත්සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව නැති ඵලසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම ශ්‍රමණ නමුදු බ්‍රාහ්මණ නමුදු වේ යැ යි කියනු ලැබේ.
Pali BJT23. එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච: “කතමා පන සා භො ගොතම සීලසම්පදා, කතමා චිත්තසම්පදා, කතමා පඤ්ඤාසම්පදා?”ති.
Sinhala BJT23. මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙම “භවද් ගෞතමයිනි, ඒ ශීලසම්පත් කවරේ ද? ඒ චිත්තසම්පත් කවරේ ද? ඒ ප්‍රඥාසම්පත් කවරේ දැ?” යි මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාළේ ය. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
Pali BJTඉධ කස්සප, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං -පෙ- භගවා. සො ඉමං ලොකං -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා -පෙ- සො තං ධම්මං සුත්වා තථාගතෙන සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: සම්බාධො ඝරාවාසො -පෙ- ‘යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති.
Sinhala BJTකාශ්‍යපය, මෙ ලොවැ අර්‍හත් වූ ... භාග්‍යවත් තථාගත තෙම පහළ වෙයි. හේ මේ ලෝකය ... තෙමේ ම දැන පසක් කොට පවසයි. හේ දහම් දෙසයි ... බඹසර පවසයි. ඒ දහම් ගැහැවියෙක් හෝ ... අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ පිළිලබයි (උපදවයි). හේ ඒ සැදැහැ ලැබීමෙන් යුත් වූයේ, ගිහිගෙය සම්බාධ ඇත්තේය ... ‘මම කෙහෙ රවුලු බා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වන්නෙම් නම් යෙහෙකැ’යි හේ සලකයි.
Pali BJTසො අපරෙන සමයෙන -පෙ- අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු -පෙ-
Sinhala BJTහේ මෑත කලැ ... සසුන් වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමෝක්‍ඛසංවරයෙන් සංවෘතව වෙසෙයි ... සමාදන් කොට ගෙන සිකපදන්හි හික්මෙයි
Pali BJT24. කථඤ්ච කස්සප, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ කස්සප භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- ඉදම්පි’ස්ස හොති සීලසම්පදාය. -පෙ- [යථා සාමඤ්ඤඵලෙ එවං විත්ථාරෙතබ්බං]
Sinhala BJT24. කාශ්‍යපය, කෙසේ නම් මහණ සිල්වත් වේ ද? කාශ්‍යපය, මෙහි මහණ තෙම පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ වෙයි ... මේ ඔහුගේ ශීලසම්පත් වේ. [යට සාමඤ්ඤඵල සූත්‍රයෙහි දැක්වුණු පරිදි විස්තර කටයුතු.]
Pali BJTයථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සන්තිකම්මං -පෙ- ඔසධීනං පටිමොක්ඛො ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදමස්ස හොති සීලසම්පදාය.
Sinhala BJTයම්සේ වනාහි ඇතැම් භවද් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍මය ... මුල් බෙහෙත් බැහැරැ කිරීම් යන මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් ජීවිකා කෙරෙත් ද, මේ ආදි වූ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් හේ වැළැක්කේ වේ. මේ ඔහුගේ ශීලසම්පත් වේ.
Pali BJTස ඛො සො කස්සප, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්යථාපි කස්සප රාජා ඛත්තියො මුද්ධාවසිත්තො නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො, එවමෙව ඛො කස්සප භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො.
Sinhala BJTකාශ්‍යපය, හේ මහණ මෙසේ සිල්වත් වූයේ, ශීලසංවරයෙන් කොයිනුදු බියක් නො දකී. මුදුනැ අබිසෙස් ලත්, නැසූ පසමිතුරන් ඇති, කැත් රජෙක් පසමිතුරකුගෙත් කොයිනුදු බියක් නො දකී ද, එසේ ම මහණ තෙම ශීලසංවරයෙන් (අසංවර නැති බැවින්) කොයිනුදු බියක් නො දකී.
Pali BJTසො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො කස්සප භික්ඛු සීලසම්පන්නො හොති. අයං ඛො කස්සප සීලසම්පදා -පෙ-
Sinhala BJTහේ මේ ආර්‍ය්‍යශීලස්‍කන්‍ධයෙන් සමන්‍විත වූයේ තමා කෙරෙහි වූ නිදොස්බව් සුවය විඳී. කාශ්‍යපය, මෙසේ මහණ සිල්වත් වෙයි. කාශ්‍යපය, මේ ඒ ශීලසම්පත් ය ...
Pali BJT25. කථඤ්ච කස්සප, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ කස්සප භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී -පෙ- චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී -පෙ- මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො කස්සප භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT25. කාශ්‍යපය, කෙසේ නම් මහණ තෙම ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ ද? කාශ්‍යපය, මෙ සස්නැ මහණ තෙම ඇසින් රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො වෙයි ... චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවෙන් රසක් ආස්වාදන කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්‍පර්‍ශ කොට ... මනසින් දහමක් දැන ... නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො වෙයි ... මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ, සිය සතන්හි නොකිලිටි අධිචිත්තසුඛය විඳී. කාශ්‍යපය, මහණ තෙම මෙසේ ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි.
Pali BJT26. කථඤ්ච කස්සප, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ කස්සප භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. -පෙ- ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො කස්සප භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT26. කාශ්‍යපය, කෙසේ නම් මහණ තෙම සතිසම්පජඤ්ඤයෙන් යුක්ත වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද නුවණින් දැන (එය) කරන සුලු වෙයි ... ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදි වැරීමෙහි, කීමෙහි, නිහඬ වීමෙහි, නුවණින් දැන (එය) කරන සුලු වෙයි. කාශ්‍යපය, මහණ තෙමේ මෙසේ සතිසම්පජඤ්ඤයෙන් සමන්‍විත වෙයි.
Pali BJT27. කථඤ්ච ආවුසො, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධාවුසො භික්ඛු සන්තුට්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන -පෙ- කුච්ඡිපාරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො ආවුසො භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT27. ඇවැත්නි, කෙසේ නම් මහණ තෙම සතුටු සිතැත්තේ වේ ද? ඇවැත්නි, මෙ සස්නෙහි මහණ තෙම කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරෙන් ද ... කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද තමා සතු අටපිරිකර පමණක් ගෙන ම යෙයි. ඇවැත්නි, මහණ තෙම මෙසේ ම සතුටු වෙයි.
Pali BJT28. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා’ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා’ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT28. හේ මේ ශ්‍රේෂ්ඨ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ, මෙ ම ඉන්‍දියසංවරයෙන් සමන්‍විත වූයේ, මෙම ශ්‍රේෂ්ඨ සතිසම්පජඤ්ඤයෙන් සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනප්‍රස්ත අභ්‍යවකාශ පිදුරුරැසින් (ගිරිලෙන් පරිද්දෙන්) කළ ගුහා යන මේ ජනයාගෙන් හිස් වූ සෙනස්නක් භජනය කරයි. හේ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ, පලක් බැඳ කය ඇද නැති සේ පිහිටුවා, සිහිය කමටහන් අරමුණට යොමු කොට තබා හිඳියි.
Pali BJT29. සො ලොකෙ අභිජ්ඣං පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති -පෙ- ව්යාපාදපදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති -පෙ- ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති -පෙ- උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති -පෙ- විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති. අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT29. හෙ තෙම ලොව කෙරෙහි අභිධ්‍යාව දුරු කොට, අභිධ්‍යාව පහ වූ සිතින් උපලක්‍ෂිත වැ වෙසෙයි. අභිධ්‍යාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි ... ව්‍යාපාද දෝෂය දුරැ ලා ව්‍යාපාද රහිත සිතැත්තේ වෙසෙයි ... ස්ත්‍යානමිද්ධය දුරැ ලා පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ වෙසෙයි ... උද්‍ධච්චකුක්කුච්ච දෙක දුරැ ලා අනුද්‍ධත වැ වෙසෙයි … විචිකිත්සාව දුරැ ලා තරණය කළ විචිකිත්සා ඇත්තේ කුසල් දහම්හි සැක නැත්තේ වෙසෙයි. විචිකිත්සාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය. තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං. සෙය්යථාපි ආවුසො පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො -පෙ- සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං. සෙය්යථාපි ආවුසො පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනා මුච්චෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං. සෙය්යථාපි ආවුසො පුරිසො දාසො අස්ස අනත්තාධීනො -පෙ- සො අපරෙන සමයෙන තම්හා දාසව්යා මුච්චෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං. සෙය්යථාපි ආවුසො, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය -පෙ- සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං. එවමෙව ඛො ආවුසො, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසව්යං යථා කන්තාරද්ධානමග්ගං ඉමෙ පඤ්චනීවරණෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි ආවුසො, ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනමොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමභූමිං, එවමෙව ඛො ආවුසො, භික්ඛු ඉමෙ පඤ්චනීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJTඇවැත්නි, යම්සේ පුරුෂයෙක් ණයක් ගෙන කර්‍මාන්ත යොදන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ ද ... හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද, ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් ගිලන් වූයේ දුඃඛිත වන්නේ ද, ... හේ මෑත කලෙක ඒ ගිලන් බැවින් මිදෙන්නේ ද, ... හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද, ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් දඟගෙහි බඳනා ලද්දේ වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ බැඳුමෙන් මිදෙන්නේ ද ... හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද සොම්නසට පැමිණෙන්නේ ද, ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් තමා අයත් පැවැතුම් නැති දාසයෙක් වන්නේ ද, ... හේ මෑත කලැ ඒ දාස බැවින් මිදෙන්නේ ද ... හේ ඒ කරුණින් සතුට ලඉන්නේ ද සොම්නසට පැමිණෙන්නේ ද, ඇවැත්නි, යම්සේ ධනය ඇති භෝග ඇති පුරුෂයෙක් දික් කතරමඟකට බස්නේ ද ... හේ පසු කලැ ඒ කතර තරණය කොට එයින් නික්මැ යන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද සොම්නසට පැමිණෙන්නේ ද, ඇවැත්නි, එසේ ම මහණ තෙම ණයක් මෙන් ලෙඩක් මෙන් දඟගෙයක් මෙන් දාස බවක් මෙන් දුරු කතරමඟක් මෙන් තමා කෙරෙහි පහ නො වූ මේ නීවරණ පස දකී. ඇවැත්නි, ණය නැති බව යම්සේ ද, ආරෝග බව යම්සේ ද, බැඳුමෙන් මිදීම යම්සේ ද, නිවහල් බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේ ම මහණ තෙම මේ පඤ්ච නීවරණයන් තමා කෙරෙහි ප්‍රහීණ වූවන් දකී.
Pali BJT30. තස්සිමෙ පඤ්චනීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි’ස්ස හොති චිත්තසම්පදාය. අයං ඛො සා කස්සප චිත්තසම්පදා.
Sinhala BJT30. මේ පඤ්ච නීවරණයන් තමා කෙරෙහි ප්‍රහීණ වූවන් දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ කය සංහිඳෙයි. සංහුන් කයැත්තේ සුව විඳී. සුවැත්තහුගේ සිත සමාධිගත වෙයි. හේ කාමයන් කෙරෙන් වෙන් ව ම, අකුසල් දහමුන් කෙරෙන් වෙන් ව ම ... පළමු දහන් ලැබ වෙසෙයි ... දෙවෙනි දහන් ලැබ වෙසෙයි ... තෙවෙනි දහන් ලැබ වෙසෙයි ... සිවුවන දහන් ලැබ වෙසෙයි. මේ ඔහුගේ චිත්තසම්පත් ය. කාශ්‍යපය, මේ ඒ චිත්තසම්පත්තිය යි.
Pali BJT31. සො එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති -පෙ- ඉදමස්ස හොති පඤ්ඤාසම්පදාය. -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි’ස්ස හොති පඤ්ඤාසම්පදාය. අයං ඛො සා කස්සප පඤ්ඤාසම්පදා.
Sinhala BJT31. හෙතෙම මෙසේ සිත සමාධිගත කල්හි ... දර්‍ශනඥානය පිණිස සිත එළවා තබයි, නැඹුරු කෙරෙයි ... මේ ඔහුගේ ප්‍රඥාසම්පත් වේ ... ‘මේ රහත්බව් පිණිස කටයුතු වූ අනෙකෙක් නැතැ’යි දැන ගනී. මේ ද ඔහුගේ ප්‍රඥාසම්පත් වේ. කාශ්‍යපය, මේ ඒ ප්‍රඥාසම්පත්තිය යි.
Pali BJT32. ඉමාය ච කස්සප, සීලසම්පදාය ඉමාය ච චිත්තසම්පදාය ඉමාය ච පඤ්ඤාසම්පදාය අඤ්ඤා සීලසම්පදා චිත්තසම්පදා පඤ්ඤාසම්පදා උත්තරිතරා වා පණීතතරා වා නත්ථි.
Sinhala BJT32. කාශ්‍යපය, මේ ශීලසම්පත්තියට, මේ චිත්තසම්පත්තියට, මේ ප්‍රඥාසම්පත්තියට වඩා උත්තරිතර වූ ප්‍රණීතතර වූ අන් සීලසම්පතෙක්, චිත්තසම්පතෙක්, ප්‍රඥාසම්පතෙක් නැත.
Pali BJT33. සන්ති කස්සප, එකෙ සමණබ්රාහ්මණා සීලවාදා. තෙ අනෙකපරියායෙන සීලස්ස වණ්ණං භාසන්ති. යාවතා කස්සප අරියං පරමං සීලං, නාහං තත්ථ අත්තනො සමසමං සමනුපස්සාමි. කුතො භිය්යො? අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිසීලං.
Sinhala BJT33. කාශ්‍යපය, ශීලවාදි වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් ශීලයේ ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ආර්‍ය වූ (නොකිලිටි) උතුම් ශීලයෙක් ඇද්ද, එහි තමාට සමසම වූ (මගේ ශීලයට සම ශීලයෙන් මා හා සම වූ) කිසිවකු මම් නො දකිමි. වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලි මම් ම යම් උතුම් ශීලයෙක් වේ නම් එහි හැමට වැඩි තරම් (උතුම්) වෙමි.
Pali BJT34. සන්ති කස්සප, එකෙ සමණබ්රාහ්මණා තපොජිගුච්ඡාවාදා. තෙ අනෙකපරියායෙන තපොජිගුච්ඡාය වණ්ණං භාසන්ති. යාවතා කස්සප අරියා පරමා තපොජිගුච්ඡා, නාහං තත්ථ අත්තනො සමසමං සමනුපස්සාමි. කුතො භිය්යො? අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිජෙගුච්ඡං.
Sinhala BJT34. කාශ්‍යපය, තපෝජුගුප්සාවාදී වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් තපොජුගුප්සාවේ (කෙලෙසුන් තවන කෙලෙස්නට පිළිකුල් කරන වීර්‍ය්‍යයේ) ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ආර්‍ය වූ පරම තපෝජුගුප්සාවෙක් වේ ද, එහි මම් තමාට සමසමයකු නො දකිමි. වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලිදු යම් අධිජුගුප්සාවෙක් (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වීර්‍ය්‍යයෙක්) වේ නම් එහි මම ම හැමව වැඩිතරම් වෙමි.
Pali BJT35. සන්ති කස්සප, එකෙ සමණබ්රාහ්මණා පඤ්ඤාවාදා. තෙ අනෙකපරියායෙන පඤ්ඤාය වණ්ණං භාසන්ති. යාවතා කස්සප අරියා පරමා පඤ්ඤා, නාහං තත්ථ අත්තනො සමසමං සමනුපස්සාමි. කුතො භිය්යො? අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිපඤ්ඤා.
Sinhala BJT35. කාශ්‍යපය, ප්‍රඥාවාදී වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් ප්‍රඥාවේ ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ආර්‍ය වූ පරම ප්‍රඥාවෙක් වේ ද, එහි මම තමාට සමසමයකු නො දකිමි. වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලි දු යම් අධිප්‍රඥාවෙක් (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත ප්‍රඥාවෙක්) වේ ද, මම ම එහි හැමට වැඩිතරම් වෙමි.
Pali BJT36. සන්ති කස්සප, එකෙ සමණබ්රාහ්මණා විමුත්තිවාදා. තෙ අනෙකපරියායෙන විමුත්තියා වණ්ණං භාසන්ති. යාවතා කස්සප අරියා පරමා විමුත්ති, නාහං තත්ථ අත්තනො සමසමං සමනුපස්සාමි, කුතො භිය්යො? අථ ඛො අහමෙව තත්ථ භිය්යො යදිදං අධිමුත්ති.
Sinhala BJT36. කාශ්‍යපය, විමුක්තිවාදී වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් විමුක්තියේ ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ආර්‍ය වූ පරම විමුක්තියෙක් වේද, එහි මම් තමාට සමසමයකු නො දකිමි. වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලි දු යම් අධිවිමුක්තියෙක් (සමුච්‍ඡේද, ප්‍රතිප්‍රශ්‍රබ්ධි, නිංසරණ යන ත්‍රිවිධ පරම විමුක්තියෙක්) වේ ද එහි මම ම හැමට වැඩිතරම් වෙමි.
Pali BJT37. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදං ඛො සමණො ගොතමො නදති. තඤ්ච ඛො සුඤ්ඤාගාරෙ නදති නො පරිසාසූ”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදතී”ති එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT37. කාශ්‍යපය, “මහණ ගොයුම් වනාහි සිහනද ද කෙරෙයි. එ ද වනාහි පිරිස්හි නො ව ශූන්‍යාගාරයෙක (හිස් ගෙයෙක හුදෙකලා වැ හිඳ) කෙරේ යැ” යි අන් තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන යමෙක් ඇද්ද, ඒ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නො කියැ යුතු යැ”යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එ ද පිරිස්හි කෙරේ” යැ යි කාශ්‍යපය, ඔහු මෙසේ කියැ යුතු වන්නාහ. (ඔවුනට මෙසේ කියැ යුතු).
Pali BJT38. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති. නො ච ඛො විසාරදො නදතී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති, විසාරදො ච නදතී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT38. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එ ද පිරිස්හි කෙරෙයි. එහෙත් විශාරද ව නො කෙරේ” යැ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාදත් කෙරේ. එ ද පිරිස්හි කෙරේ. විශාරද ව ද කෙරේ” යැ යි, කාශ්‍යපය, ඔහු මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJT39. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති, විසාරදො ච නදති, නො ච ඛො නං පඤ්හං පුච්ඡන්තී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා “සීහනාදං ච සමණො ගොතමො නදති. පරිසාසු ච නදති, විසාරදො ච නදති, පඤ්හඤ්ච නං පුච්ඡන්තී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT39. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එ ද පිරිස්හි කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. එහෙත් අන්හු ඔහු පැණ නො විචාරති”යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහ” යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමානම ය. ඔහු “එසේ නොකියැ යුතු” යැ යි කියැ යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද (ඔබෙන්) විචාරත් යැ යි මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
Pali BJT40. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදං ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති, විසාරදො ච නදති, පඤ්හං ච නං පුච්ඡන්ති, නො ච ඛො නෙසං පඤ්හං පුට්ඨො බ්යාකරොතී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදඤ්ච සමණො ගොතමො නදති. පරිසාසු ච නදති, විසාරදො ච නදති, පඤ්හං ච නං පුච්ඡන්ති. පඤ්හඤ්ච නෙසං පුට්ඨො බ්යාකරොතී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT40. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්න විචාරන ලද්දේ නො විසඳා යැ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ” යන යමෙක් ඇද්ද, ඒ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නො කියැ” යුතු යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔහු විසින් පැණ විචාරන ලද්දේ විසඳා” යැ යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
Pali BJT41. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති -පෙ- පඤ්හඤ්ච නෙසං පුට්ඨො බ්යාකරොති, නො ච ඛො පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙතී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදං ච සමණො ගොතමො නදති, -පෙ- පඤ්හස්ස ච වෙය්යාකරණෙන චිත්තං ආරාධෙතී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT41. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි ... ප්‍රශ්න ද ඔවුන් විසින් විචාරන ලදුයේ විසඳයි. එහෙත් පැණ විසැඳීමෙන් ඔවුන් සිත් නො ම ගනී යැයි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය” යන යමෙක් ඇද්ද, මේ කරුණ විද්‍යාමාන ය, “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි ... පැණ ද විසැඳීමෙන් ඔවුන් සිත් ගනී” යැ යි කාශ්‍යපය, මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJT42. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති -පෙ- පඤ්හස්ස ච වෙය්යාකරණෙන චිත්තං ආරාධෙති, නො ච ඛො සොතබ්බං මඤ්ඤන්තී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති -පෙ- පඤ්හස්ස ච වෙය්යාකරණෙන චිත්තං ආරාධෙති. සොතබ්බඤ්චස්ස මඤ්ඤන්තී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT42. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එ ද පිරිස්හි කෙරෙයි. එ ද පිරිස්හි කෙරෙයි ... පැණ විසැඳීමෙන් ඔවුන්ගේ සිත් ද ගනී. එහෙත් අන්හු ඔහු බස් ඇසිය යුතු කොට නො සිතත්” යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහ” යන යමෙක් ඇද්ද, මේ කරුණ විද්‍යාමාන ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි ... පැණ විසඳීමෙන් සිත් ද ගනී. ඔහු බස් ඇසිය යුතු කොට අන්හු ද සිතත්” යැ යි මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
Pali BJT43. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති -පෙ- සොතබ්බඤ්චස්ස මඤ්ඤන්ති. නො ච ඛො සුත්වා චස්ස පසීදන්තී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදඤ්ච සමණො ගොතමො නදති -පෙ- සොතබ්බඤ්චස්ස මඤ්ඤන්ති. සුත්වා චස්ස පසීදන්තී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT43. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද නද දෙයි ... ඔහු බස් ඇසියැ යුතු කොට අන්හු ද සිතත්. එහෙත් ඔහු බස් අසා අන්හු නො පහදිත්” යැ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ, යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි ... අන්හු ද ඔහු බස් ඇසියැ යුතු කොට සිතත්. ඔහු බස් අසා ද පහදිති”යි. කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
Pali BJT44. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදඤ්ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති -පෙ- සුත්වා චස්ස පසීදන්ති, නො ච ඛො පසන්නා පසන්නාකාරං කරොන්තී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදං ච සමණො ගොතමො නදති -පෙ- සුත්වා චස්ස පසීදති, පසන්නා ච පසන්නාකාරං කරොන්තී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT44. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද නද දෙ යි ... ඔහු බස් අසා ද පහදිත්. එහෙත් පැහැදුණෝ පැහැදුණු අයුරක් නො කෙරෙත් යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහ” යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි ... ඔහු බස් අසා ද පහදිත්. පැහැදුණාහු ද පැහැදුණු අයුරක් කෙරෙත් යැ” යි කාශ්‍යපය, ඔහු මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJT45. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදං ච සමණො ගොතමො නදති, පරිසාසු ච නදති -පෙ- පසන්නා ච පසන්නාකාරං කරොති නො ච ඛො තථත්තාය පටිපජ්ජන්තී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදං ච සමණො ගොතමො නදති -පෙ- පසන්නා ච පසන්නාකාරං කරොන්ති. තථත්තාය ච පටිපජ්ජන්තී”ති එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT45. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද නාද කෙරෙයි ... පැහැදුණාහු ද පැහැදුණු අයුරක් කෙරෙත්. එහෙත් තථා භාවය පිණිස (ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස) නො ම පිළිපදිත් යැ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහු” යන යමෙක් ඇද්ද මේ කාරණය විද්‍යාමාන ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි ... පැහැදුණෝ ද පැහැදුණු අයුරක් කෙරෙත්. ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස ද පිළිපදිතැ” යි කාශ්‍යපය, ඔහු මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJT46. ඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සීහනාදං ච සමණො ගොතමො නදති -පෙ- තථත්තාය ච පටිපජ්ජන්ති, නො ච ඛො පටිපන්නා ආරාධෙන්තී”ති. තෙ ‘මා හෙවන්ති’ස්සු වචනීයා. “සීහනාදඤ්ච සමණො ගොතමො නදති පරිසාසු ච නදති, විසාරදො ච නදති, පඤ්හඤ්ච නං පුච්ඡන්ති, පඤ්හඤ්ච නෙසං පුට්ඨො බ්යාකරොති, පඤ්හස්ස ච වෙය්යාකරණෙන චිත්තං ආරාධෙති, සොතබ්බඤ්චස්ස මඤ්ඤන්ති, සුත්වා චස්ස පසීදන්ති, පසන්නා ච පසන්නාකාරං කරොන්ති, තථත්තාය ච පටිපජ්ජන්ති පටිපන්නා ච ආරාධෙන්තී”ති. එවමස්සු කස්සප වචනීයා.
Sinhala BJT46. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද කෙරෙයි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස ද පිළිපදිත්. එසේ පිළිපන්නෝ ද (එයින් ඒ ගොයුම්හුගේ) සිත් නො ගනිත්” යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහ” යන යමෙක් ඇද්ද, කාශ්‍යපය, මේ කාරණය විද්‍යාමාන ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද නාද කෙරෙයි. විශාරද ව ද නාද කෙරෙයි. අන්හු ප්‍රශ්න ද ඔහු පුළුවුසිත්. ඔවුන් විසින් පුළුවුස්නා ලද්දේ ප්‍රශ්න ද විසැඳීමෙන් ඔවුන් සිත් ගනී. ඔහු ද ඒ මහණ ගොයුම් බස් ඇසිය යුතු කොට ද සිතත්, ඔහු බස් අසා ද පහදිත්. පැහැදුණාහු ද පැහැදුණු අයුරක් කෙරෙත්. තථාත්‍වය පිණිස (ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති පුරනු පිණිස) ද පිළිපදිත්. (එසේ) පිළිපන්නාහු ද ඒ මහණ ගොයුම්හු සිත් ගනිත් යැ” යි කාශ්‍යපය, ඔහු මෙසේ කියැ යුතු වන්නාහ.
Pali BJT47. එකමිදාහං කස්සප, සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්ර මං අඤ්ඤතරො තපබ්රහ්මචාරී නිග්රොධො නාම අධිජෙගුච්ඡෙ පඤ්හං පුච්ඡි. තස්සාහං අධිජෙගුච්ඡෙ පඤ්හං පුට්ඨො බ්යාකාසිං. බ්යාකතො ච පන මෙ අත්තමනො අහොසි පරං විය මත්තායාති.
Sinhala BJT47. කාශ්‍යපය, මම් එක් සමයෙක රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. එ සමයෙහි න්‍යග්‍රෝධ නම් එක්තරා තපෝබ්‍රහ්මචාරී (උතුම් තපස් කරන) පිරිවැජියෙක් අධිජුගුප්සායෙහි පැණයක් මා විචාළේ ය. අධිජුගුප්සායෙහි පැණ විචාරන ලද මම් ඔහුට එය විසඳා කීයෙමි. මා විසින් එසේ විසඳන ලද කල්හි හේ ඉතා මහත් සේ සතුටු විය.
Pali BJT48. “කො හි භන්තෙ භගවතො ධම්මං සුත්වා න අත්තමනො අස්ස පරං විය මත්තාය? අහම්පි භන්තෙ භගවතො ධම්මං සුත්වා අත්තමනො පරං විය මත්තාය. අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති”.
Sinhala BJT48. (එවිට අචේලකාශ්‍යප මෙය කී ය:) “වහන්ස, කවරෙක් නම් භාග්‍යවතුන් වහන්සේගේ දහම් අසා ඉතා මහත් සේ සතුටු නො වන්නේ ද, වහන්ස, දේශනාව අභිකාන්තය. වහන්ස, යම්සේ යටිකුරු කොට තැබූවක් උඩුකුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, ඇස් ඇතියෝ රූප දක්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම් වා”.
Pali BJT49. “යො ඛො කස්සප, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ තං පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතා”ති.
Sinhala BJT49. “කාශ්‍යපය, පෙරැ අන්තොටු වූ යමෙක් මෙ සස්නෙහි පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්, හේ සිවු මසක් පිරිවෙස් වසයි. සිවු මස ඇවෑමෙන් ආරාධිත සිතැති භික්‍ෂූහු ඔහු පැවිදි කෙරෙත්. භික්‍ෂුභාවය පිණිස උපසපන් කෙරෙත්. එහෙත් මෙහි මා විසින් පුද්ගලනානාත්‍වය දන්නා ලදැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT50. “සචෙ භන්තෙ අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං, ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ තං පබ්බාජෙන්ති, උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි. චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ මං පබ්බාජෙන්තු, උපසම්පාදෙන්තු භික්ඛුභාවායා”ති.
Sinhala BJT50. එවිට පිරිවැජි තෙම “වහන්ස, ඉදින් පෙර අන්තොටු වූවෝ මෙ සස්නැ පැවිද්ද කැමැති වන්නාහු උපසපුව කැමැති වන්නාහු සිවු මසක් පිරිවෙස් වසත් නම්, සිවු මස ඇවෑමෙන් ආරාධිත සිත් ඇති භික්‍ෂූහු ඔහු පැවිදි කෙරෙත් නම්, භික්‍ෂු බව පිණිස උපසපන් කෙරෙත් නම්, මම් සිවු වසක් පිරිවෙස් වසන්නෙමි. සිවු වස ඇවෑමෙන් සතුටු වූ සිතැති භික්‍ෂූහු මා පැවිදි කෙරෙත් වා. භික්‍ෂුභාවය පිණිස මා උපසපන් කෙරෙත් වා” යි කී ය.
Pali BJT51. අලත්ථ ඛො අචෙලො කස්සපො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථූපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා කස්සපො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො, න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි.
Sinhala BJT51. අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලදුයේ ම ය, උපසපුව ද ලදුයේ ම ය. ආයුෂ්මත් කාශ්‍යප තෙමේ උපසපන් වූ නොබෝ කල් ඇතියේ ම හුදෙකලා වූයේ, විවික්ත වූයේ, නොපමා වූයේ, කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැති ව වසනුයේ, යමක් සඳහා කුලපුත්‍රෙයෝ මොනොවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත්, ඒ නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (රහත් පලය) නොබෝ කලෙකින් ම මෙ අත්බව්හි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, පසක් කොට, පැමිණ (ලැබ) විසී ය. (එසේ වසනුයේ) “භවෝත්පත්තිය ක්‍ෂීණ විය, මඟබඹසර වැසැ නිමැවිණ, එය සඳහා කටයුතු දෑ කරන ලද, මෙ රහත්බව් පිණිස තවත් කටයුතු දැයෙක් නැතැ”යි (පස්විකුම් නුවණින්) දැනැ ගත්තේ ය.
Pali BJTඅඤ්ඤතරො ච ඛො පනායස්මා කස්සපො අරහතං අහොසීති.
Sinhala BJTආයුෂ්මත් කාශ්‍යපයෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
Pali BJTසීහනාදසුත්තං නිට්ඨිතං අට්ඨමං.
Sinhala BJTඅට වන සිංහනාදසූත්‍රය නිමියේ ය.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTපොට්ඨපාදසුත්තං
Sinhala BJTපොට්ඨපාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන පොට්ඨපාදො පරිබ්බාජකො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං තිංසමත්තෙහි පරිබ්බාජකසතෙහි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි පොට්ඨපාද නම් පිරිවැජි තෙම, (බමුණුනිවටු ආදීන් රැස් වැ තමතමන් සමය පවසන හෙයින්) සමයප්‍රවාදක නම් වූ (තිඹිරිරුක්පෙලින් පිරිකෙවුණු හෙයින්) තින්‍දුකාචීර නම් වූ (පළමු එක් හලක් ම වූ තැන බැවින්) ඒකශාලක නම් වූ, මල්ලිකා දේවියගේ උයනෙහි, පිරිවැජියන් තුන්දහසක් පමණ වූ මහ පිරිවැජි පිරිසක් හා වෙසෙයි.
Pali BJT2. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි: අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො, යෙන පොට්ඨපාදො පරිබ්බාජකො, තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො භගවා යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො තෙනුපසඞ්කමි.
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පිඬු පිණිස සැවැත් නුවර පිවිසි සේක. එ විටැ “සැවැතෙහි පිඬු පිණිස හැසිරෙනුවට තව මැ ඉතා උදෑසන යැ. ඉදින් මම් සමයප්‍රවාදක තින්‍දුකාචීර ඒකශාලක නම් වූ මල්ලිකාරාමය කරා, පොට්ඨපාද පිරිවැජි වෙත ගියෙම් නම් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ... ඒ මල්ලිකාරාමය කරා වැඩි සේක.
Pali BJT3. තෙන ඛො පන සමයෙන පොට්ඨපාදො පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා – සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං ගන්ධකථං මාලාකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං, ඉති වා’ති.
Sinhala BJT3. එ සමයෙහි පොට්ඨපාද පිරිවැජි තෙම - රාජකථා චෝරකථා මහාමාත්‍රකථා සේනාකථා භයකථා යුද්ධකථා අන්නකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා ගන්‍ධකථා මාලාකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා ශුරකථා විසිඛාකථා කුම්භස්ථානකථා පූර්‍වප්‍රේතකථා ලෝකාඛයිකා සමුද්‍රාඛ්‍යායිකා ඉතිභවාභවකථා යන මේ හෝ මෙයින් අන්‍ය වූ මෙබඳු නොයෙක් වැදෑරුම් තිරිසන්කථා කියන, ඝෝෂවත් වූ, උස් හඬ මහහඬ ඇති මහපිරිවැජි පිරිස සහ හුන්නේ වෙයි.
Pali BJT4. අද්දසා ඛො පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි:{1} “අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණො ගොතමො ආගච්ඡති. අප්පසද්දකාමො ඛො සො පනායස්මා, අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා”ති. එවං වුත්තෙ තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං. අථ ඛො භගවා යෙන පොට්ඨපාදො පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එතදවොච: එතු ඛො භන්තෙ භගවා. ස්වාගතං{2} භන්තෙ භගවතො. චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු, භන්තෙ භගවා. ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. පොට්ඨපාදො’පි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො පොට්ඨපාදං පරිබ්බාජකං භගවා එතදවොච: “කාය නු’ත්ථ පොට්ඨපාද එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතා?”ති.
Sinhala BJT4. පොට්ඨපාද පිරිවැජි තෙම දුරින් ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැකැ “භවත්හු නිහඬ වෙත් වා. භවත්නි, හඬ නො කරවු. මේ මහණ ගොයුම් එයි. ඒ ආයුෂ්මත් තෙම නිහඬබව කැමැත්තේ ය. නිහඬබව්හි ගුණ කියන සුලු ය. පිරිස නිහඬ සේ දැන එළැඹියැ යුතු කොට සිතුවොත් යෙහෙකැ”යි සිය පිරිස සංහුන් කෙළේ ය. මෙසේ ඔහු කී කලැ ඒ පිරිවැජියෝ නිහඬ වූහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පිරිවැජියා කරා එළැඹි සේක. එ කල්හි පොට්ඨපාද පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක් වා. වහන්ස භාග්‍යවතුන් වහන්සේ වැඩි සේ යහපත. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩනට කලෙකින් පසු මේ අවස්ථාව ලත් සේක් වන. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශුභාගමනයෙකි. මේ අස්නෙක් පනවන ලදැ”යි කී ය. පනවන ලද අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් සේක. පොට්ඨපාද පිරිවැජි ද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් පොට්ඨපාද පිරිවැජියාට “පොට්ඨපාදයිනි , මෙහි දැන් තෙපි කවර නම් කථායෙකින් හුන්නහු ද? මා එන්නාට පෙර මා එන තෙක් මේ අතර තොපගේ කිනම් කථාවෙක් අඩාළ වී දැ?”යි අසාවදාළ සේක.
Pali BJT5. එවං වුත්තෙ පොට්ඨපාදො පරිබ්බාජකො භගවන්තං එතදවොච: තිට්ඨතෙසා භන්තෙ කථා, යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා භන්තෙ කථා භගවතො දුල්ලභා භවිස්සති පච්ඡාපි සවණාය. පුරිමානි භන්තෙ දිවසානි පුරිමතරානි නානාතිත්ථියානං සමණබ්රාහ්මණානං කුතූහලසාලාය සන්නිසින්නානං සන්නිපතිතානං අභිසඤ්ඤානිරොධෙ කථා උදපාදි “කථං නු ඛො භො අභිසඤ්ඤානිරොධො හොතී?”ති.
Sinhala BJT5. මෙසේ වදාළ කලැ, පොට්ඨපාද පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “වහන්ස, යම් කථාවෙකින් අපි මෙහි හුන්නමෝ නම්, ඒ කථාව තිබේවා. වහන්ස, ඒ කථාව පසු ව ද භාග්‍යවතුන් වහන්සේට අසන්නට දුර්‍ලභ නො වෙයි. පුරිම පුරිමතර දවස්හි (බොහෝ කලකට පෙරැ) කුතුහලශාලායෙහි එක් වැ හුන් එක් රැස් වූ මහණ බමුණන් අතරැ “භවත්නි, අභිසංඥානිරෝධය (චිත්ත නිරෝධය, ක්‍ෂණිකනිරෝධය) කෙසේ නම් වේ ද?”යි අභිසංඥානිරෝධයෙහි කථාවෙක් පහළ විය.
Pali BJT(1) තත්රෙකච්චෙ එවමාහංසු: “අහෙතු අප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්ති’පි නිරුජ්ඣන්ති’පි. යස්මිං සමයෙ උප්පජ්ජන්ති, සඤ්ඤී තස්මිං සමයෙ හොති. යස්මිං සමයෙ නිරුජ්ඣන්ති, අසඤ්ඤී තස්මිං සමයෙ හොතී”ති. ඉත්ථෙකෙ අභිසඤ්ඤානිරොධං පඤ්ඤාපෙන්ති{1}
Sinhala BJT(1) එහි ඇතැම්හු “හේතු නැති වැ ප්‍රත්‍යය නැති වැ පුරිස්හට සංඥාවෝ උපදනාහු ද නිරුද්ධ වන්නාහු ද වෙත්. යම් විටෙක ඔහු උපදනාහු ද, එ විටැ හේ සංඥී (සංඥා ඇත්තේ) වෙයි. යම් විටෙක සංඥාවෝ නිරුද්ධ වන්නාහු ද, එ විට හේ අසංඥී වේ” යැ යි මෙසේ කීහ. මෙසේ ඇතැම් කෙනෙක් අභිසංඥානිරෝධය (චිත්තනිරෝධය) පණවත්.
Pali BJT(2) තමඤ්ඤො එවමාහ: “න ඛො පන මෙ’තං{2} භො එවං භවිස්සති. සඤ්ඤා හි භො පුරිසස්ස අත්තා. සා ච ඛො උපෙති’පි අපෙති’පි. යස්මිං සමයෙ උපෙති, සඤ්ඤී තස්මිං සමයෙ හොති. යස්මිං සමයෙ අපෙති, අසඤ්ඤී තස්මිං සමයෙ හොතී”ති. ඉත්ථෙකෙ අභිසඤ්ඤානිරොධං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT(2) ඔහුට අනෙකෙක්, “භවත, මට මෙය මෙසේ නො වන්නේ ය. (මගේ දැනීම මෙසේ නො වන්නේ ය.) භවත, සංඥාව පුරුෂයාගේ ආත්මය ය. එ ද එළැඹෙන්නේත් වෙයි. ඉවත් වැ යන්නේත් වෙයි. යම් කලෙක එය එළැඹේ ද, එ කලැ හේ සංඥී වෙයි. යම් කලෙක පහ වැ යේ ද, එ කලැ, අසංඥී වේ යැ”යි මෙසේ කී ය. මෙසේ ඇතැම් කෙනෙක් අභිසඤ්ඤානිරෝධය පණවත්.
Pali BJT(3) තමඤ්ඤො එවමාහ: “න ඛො පන මෙ’තං භො එවං භවිස්සති. සන්ති හි භො සමණබ්රාහ්මණා මහිද්ධිකා මහානුභාවා. තෙ ඉමස්ස පුරිසස්ස සඤ්ඤං උපකඩ්ඪන්ති’පි අපකඩ්ඪන්ති’පි. යස්මිං සමයෙ උපකඩ්ඪන්ති, සඤ්ඤී තස්මිං සමයෙ හොති. යස්මිං සමයෙ අපකඩ්ඪන්ති. අසඤ්ඤී තස්මිං සමයෙ හොතී”ති. ඉත්ථෙකෙ අභිසඤ්ඤානිරොධං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT(3) ඔහුට අනෙකෙක්, භවත, මට මෙය මෙසේ නො වන්නේ ය. භවත, මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මහණ බමුණු කෙනෙක් වෙත් ම ය. ඔහු මේ පුරුෂයාට සංඥාව පමුණු වන්නෝ ද වෙති. ඔහුගේ සංඥාව ඉවතට අදනෝ ද වෙති. යම් විටෙක ඔහු කරා සංඥාව පමුණුවත් නම්, එ විටැ හෙතෙම සංඥී වෙයි. යම් විටෙක සංඥාව ඉවතට අදනාහු නම්, එ විටැ අසංඥී වේ” යැ යි කී ය. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්.
Pali BJT(4) තමඤ්ඤො එවමාහ: “න ඛො පන මෙ’තං භො එවං භවිස්සති. සන්ති හි භො දෙවතා{3} මහිද්ධිකා මහානුභාවා. තා{4} ඉමස්ස පුරිසස්ස සඤ්ඤං උපකඩ්ඪන්ති’පි අපකඩ්ඪන්තිපි. යස්මිං සමයෙ උපකඩ්ඪන්ති, සඤ්ඤී තස්මිං සමයෙ හොති. යස්මිං සමයෙ අපකඩ්ඪන්ති, අසඤ්ඤී තස්මිං සමයෙ හොතී”ති. ඉත්ථෙකෙ අභිසඤ්ඤානිරොධං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT(4) ඔහුට අනෙකෙක්, “භවත, මෙය මට මෙසේ නො වන්නේ ය. භවත, මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, දේවතා කෙනෙක් ඇත. ඔහු මේ පුරුෂයා වෙතට සංඥාව පමුණුවන්නෝ ද, මොහුගෙන් ඉවතට අදනෝ ද වෙත්. යම් විටෙක සංඥාව මොහු වෙතට පමුණුවත් ද, එවිටැ මෙ තෙම සංඥී වෙයි. යම් විටෙක එය මොහුගෙන් ඉවතට අදිත් ද, එ විටැ අසංඥී වෙයි. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්” යැ යි කී ය. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්.
Pali BJT6. තස්ස මය්හං භන්තෙ භගවන්තං යෙව ආරබ්භ සති උදපාදි: ‘අහො නූන භගවා, අහො නූන සුගතො, යො ඉමෙසං ධම්මානං සුකුසලො’ති. භගවා භන්තෙ කුසලො භගවා පකතඤ්ඤූ අභිසඤ්ඤානිරොධස්ස. කථං නු ඛො භන්තෙ අභිසඤ්ඤානිරොධො හොතී?”ති.
Sinhala BJT6. වහන්ස “යම් කෙනෙක් මේ දහම්හි නිපුණ ද ඒ භාග්‍යවතුන් වහන්සේ අහෝ මෙය පවසන සේක් නම් ඉතා මැනැව නු. ඒ සුගතයන් වහන්සේ මෙය වදාරන සේක් නම් ඉතා මැනැව නො”යි (එ වේලෙහි) මට භාග්‍යවතුන් වහන්සේ ම ඇරැබ සිහිය උපන. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අභිසංඥානිරෝධයෙහි නිපුණ සේක. ඇති සැටිය (ප්‍රකෘතිය) දන්නා සේක. වහන්ස අභිසංඥානිරෝධය කෙසේ වේ ද?”.
Pali BJT7. තත්ර පොට්ඨපාද, යෙ තෙ සමණබ්රාහ්මණා එවමාහංසු: අහෙතූ අප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්තිපි නිරුජ්ඣන්තිපී’ති. ආදිතො’ව තෙසං අපරද්ධං. තං කිස්ස හෙතු? සහෙතූ හි පොට්ඨපාද, සප්පච්චයා පුරිසස්ස සඤ්ඤා උප්පජ්ජන්ති’පි නිරුජ්ඣන්ති’පි. සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජන්ති, සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣන්ති”.
Sinhala BJT7. පොට්ඨපාද ය, එහි යම් මහණ බමුණු කෙනෙක් “හේතු නැති වැ ප්‍රත්‍යය නැති ව පුරුෂයාට සංඥාවෝ උපදිති යි ද නිරුද්ධ වෙති”යි ද මෙසේ කීහු නම්, මුලින් ම ඔවුනට වැරැදිණ. ඒ කවර හෙයින? පොට්ඨපාදය, පුරිස්හට හේතුසහිත ව ම ප්‍රත්‍යය සහිත ව ම (කරුණු සහිත ව ම) සංඥාවෝ උපදනෝත් නිරුද්ධ වන්නෝත් වෙති. ශික්‍ෂායෙන් ඇතැම් සංඥාවෝ උපදිත්. ශික්‍ෂායෙන් ඇතැම් සංඥාවෝ නිරුද්ධ වෙත්”.
Pali BJT“කා ච සික්ඛා”ති භගවා අවොච:
Sinhala BJT“ඒ කවර ශික්‍ෂාවෙක් දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ම (ප්‍රශ්න කොට එය විස්තර කරන සේක් මතු දැක්වෙන ධර්‍මකථාව) වදාළ සේක:
Pali BJTඉධ පොට්ඨපාද, තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJTපොට්ඨපාදය, මෙහි රහත් වූ සම්මාසම්බුදු වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකඥ වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළා වූ භගවත් වූ තථාගත තෙමේ ලොව පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව ද, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්මුළුව ද තෙමේ විශිෂ්ට වූ නුවණින් දැන පසක් කොට ඔවුනට අවබෝධ කරවයි. හේ ආදියෙහි භද්‍ර කොට මධ්‍යයෙහි භද්‍ර කොට අවසන්හි භද්‍ර කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යංජන සහිත කොට සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට පිරිසිදු කොට දහම් දෙසයි. (ඒ දෙසනුයේ ද) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය හෙළි කෙරෙයි.
Pali BJT8. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසංචික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජොපථො{1}, අබ්භොකාසො පබ්බජ්ජා. න ඉදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති”.
Sinhala BJT8. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ ඒ දහම් අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ පිළිලබයි (උපදවයි). හේ ඒ සැදැහැ පිළිලැබීමෙන් යුත් වූයේ, “ගෘහවාසය සම්බාධයෙකි, රජස්පථයෙකි. පැවිද්ද අභ්‍යවකාශය වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ සසුන්බඹසර පුරන්නට පහසු නොවේ. මම් කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිම් වදනෙම් වීම් නම් යෙහෙකැ”යි මෙසේ නුවණින් සලකයි.
Pali BJT9. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන, පරිසුද්ධාජීවො සීලසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො සන්තුට්ඨො.
Sinhala BJT9. හේ පසු කලෙක මඳ වූ හෝ මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිම් වදී. හේ මෙසේ පැවිදි වූයේ ම ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරගෝචර දෙකින් යුත් වූයේ, අණු පමණ වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද කායවාක්කර්‍මයෙන් යුක්ත වූයේ එහෙයින් ම පිරිසිදු ආජීවය ඇත්තේ, සිල්වත් වූයේ, ඉඳුරන්හි වැසූ දොරැතියේ, බොජුන්හි පමණ දන්නේ, සිහිනුවණින් යුත් වූයේ, පසයෙහි තුන් සතුටින් සතුටු වූයේ, සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි.
Pali BJT10. කථඤ්ච පොට්ඨපාද, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ පොට්ඨපාද භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො -පෙ-
Sinhala BJT10. පොට්ඨපාද ය, මහණ තෙම කෙසේ නම් සිල්වත් වේ ද යත්: පොට්ඨපාදය, මෙහි මහණ තෙම පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ, බහා තැබූ අවි ඇත්තේ ...
Pali BJTඅදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති -පෙ- අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති -පෙ- මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති -පෙ- පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති -පෙ- ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති -පෙ- සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති -පෙ- ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTඅයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි ... අබ්රම්සර හැරැ බඹසැරි වෙයි ... මුසවා හැරැ මුසවායෙන් වැළැක්කේ වෙයි ... පිසුණුබස් හැරැ පිසුණු බසින් වැළැක්කේ වෙයි ... පරොස්බස් හැරැ පරොස් බසින් වැළැක්කේ වෙයි ... බොල් හිස් බස් බිණුම් හැරැ බොල් බසින් වැළැක්කේ වෙයි ... මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT11. බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති -පෙ- ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT11. බීජසමූහ භූතසමූහ සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි ... අත්පා ඈ සිඳීමෙන් ද මැරීමෙන් ද රැහැන් ආදියෙන් බැඳීමෙන් ද සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT12. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: නච්චං ගීතං -පෙ- අණීකදස්සනං. ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT12. යම්සේ වනාහි ඇතැම් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් ... බලසෙන් ගණිනා තැන් දක්නට යෑම් යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ විසුළුදස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT13. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අට්ඨපදං දසපදං -පෙ- යථාවජ්ජං. ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT13. යම්සේ ඇතැම් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය දසපාකෙළිය ... විකලාඞ්ගානුකරණය යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ මේ හෝ මෙබඳු වූ දුකෙළියෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT14. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං -පෙ- උභතොලොහිතකූපධානං. ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT14. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... දික්සඟලාපුටුව ය පළඟ ය ... ඉස්දොරැ පාමුලැ රතු කොට්ට තබා ඇති යහන ය යන මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු උස්යහන් මහයහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මෙ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT15. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: උච්ඡාදනං පරිමද්දනං -පෙ- ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT15. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... සුවඳ සුණුයෙන් ඇඟ ඉළීම, මනා සටහන් ගන්වනුවට තෙල්ගා මැඩීම ... දික් දහවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටවත් ඇඟ සැරැසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මේ හෝ මෙබඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT16. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT16. යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ ... රාජකථා චෝරකථා ... ඉතිභවාභවකථා යන මෙබඳු වූ තිරිසන් කතාවලැ යෙදී වෙසෙත් ද, හේ මේ හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙබඳු කතාවලින් වැළැක්කේ වෙහි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT17. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි -පෙ- නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT17. යම්සේ ඇතැම් භවත් බමුණෝ ... ‘තෝ මේ දහම්විනය නො දනී ... ඉඳින් හැකි නම් එය විසඳව’යි යන මෙබඳු උනුන් බැණ දොඩා ගැනුම්වලැ යෙදී වෙසෙත් ද, ඒ මහණ මේ හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ගීලයෙක් වේ.
Pali BJT18. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපං දූතෙය්යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං -පෙ- අමුත්ර ඉදං ආහරා’ති. ඉති වා ඉති එවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT18. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... අසෝ තැනට මෙය ගෙනෙව’යි කළ නියෝග පිළිගෙන රජුන්ගේ රජමහමැතියන්ගේ ... මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙම මේ හෝ අන් මේ වැනි වූ හෝ දූතමෙහෙවරින් පණිවුඩ ගෙනැ යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT19. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- කුහකා ච හොන්ති -පෙ- ලාභෙන __ච__ ලාභං නිජිගිංසිතාරො. ඉති වා ඉති එවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT19. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... කුහක කම් කරන්නෝ චාටු බස් දොඩන්නෝ ... ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ මේ හෝ අන් මෙබඳු වූ කුහනලපන කෙරෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT20. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං -පෙ- මිගපක්ඛං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT20. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... අඞ්ගශාස්ත්‍රය නිමිත්තශාස්ත්‍රය ... මෘගපක්‍ෂය යන මේ හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT21. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං -පෙ- මිගලක්ඛණං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT21. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... මිණිලකුණු කීම්, වත් ලකුණු කීම් ... මුවලකුණු කීම ය යන මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීනවිද්‍යාව කෙරෙන් මිථ්‍යාජීවය කෙරෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT22. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති සෙය්යථිදං: රඤ්ඤං නිය්යානං භවිස්සති, -පෙ- ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT22. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... රජුන්ගේ සිය නුවරින් නික්මීම වන්නේ ය ... මොහුට පරාජය වන්නේ යැ යි කියන්නෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, හෝ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT23. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථීදං: චන්දග්ගාහො භවිස්සති. -පෙ- එවංවිපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT23. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය ... සඳහිරු නකත්තරුන්ගේ නැගීම බැසීම කෙලෙසීම පිරිසිදු වීම මෙබඳු විපාක දෙන්නේ යැ යි කියන්නාහු මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යා කෙරෙන් මිථ්‍යාජීව කෙරෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT24. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සුබ්බුට්ඨිකා භවිස්සති. -පෙ- ලොකායතං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT24. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... මෙ සමයෙහි මනා වැසි වන්නේ යැ යි කීම ... ලෝකායතශාස්ත්‍ර හැදෑරැවීම යන මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, හේ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි මේ ද හුගේ ශීලයෙක් වේ.
Pali BJT25. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: ආවාහනං -පෙ- සිරිව්හානං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT25. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම ... සිරිකත කැඳවීම යන මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙම මේ ද අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ
Pali BJT26. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා -පෙ- එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං -පෙ- ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT26. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ ... ශාන්තිකර්‍ම ප්‍රණිධිකර්‍ම ... කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒ ගළවා දැමීම යන මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, හේ මහණ මේ ද අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT27. ස ඛො සො පොට්ඨපාද, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං පස්සති යදිදං සීලසංවරතො -පෙ- සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො පොට්ඨපාද, භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJT27. පොට්ඨපාද ය, ඒ මහණ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවරය හේතු කොට ගෙන කිසි ම එක ද අසංවරතායෙකින් ඇති විය හැකි බියක් නො දකී ... හේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. පොට්ඨපාදය මෙසේ වනාහි මහණ තෙම ශීලසම්පන්න වේ.
Pali BJT28. කථඤ්ච පොට්ඨපාද, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ පොට්ඨපාද, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී -පෙ- මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො පොට්ඨපාද, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT28 පොට්ඨපාද ය, මහණ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? පොට්ඨපාදය, මේ සස්නැ මහණ තෙමේ ඇසින් රුවක් දැක, එහි නිමිති නොගන්නේ වේ, අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ ... මනඉන්‍දියයෙහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූයේ සිත්සතන්හි අව්‍යාසේකසුඛය විඳී. පොට්ඨපාදය, මෙසේ වනාහි මහණ තෙම ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි.
Pali BJT29. කථඤ්ච පොට්ඨපාද, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ පොට්ඨපාද, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති -පෙ- තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො පොට්ඨපාද, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT29. පොට්ඨපාද ය, කෙසේ නම් මහණ තෙම සිහිනුවණින් යුත් වේ ද? පොට්ඨපාදය, මෙහි මහණ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි මනා නුවණින් දැන ම එය කරනුයේ වෙයි ... නිශ්ශබ්දභාවයෙහි මනා නුවණින් දැන ම කරනුයේ වෙයි. පොට්ඨපාද ය, මෙසේ වනාහි මහණ තෙම සිහිනුවණින් යුත් වෙයි.
Pali BJT30. කථඤ්ච පොට්ඨපාද, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ පොට්ඨපාද, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන -පෙ- සෙය්යථාපි පොට්ඨපාද, පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරො’ව ඩෙති. එවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු -පෙ- යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො පොට්ඨපාද, භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT30. පොට්ඨපාදය, මහණ තෙම කෙසේ නම් සතුටු වේ ද? පොට්ඨපාද ය, මෙහි මහණ තෙම කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ... සතුටු වූයේ වේ. පොට්ඨපාදය, යම්සේ පියා හඹනුවට තරම් අත්තටු ඇති කුරුලු තෙම යන යන තැන පියාපත් බර ඇති ව ම පියා හඹා යේ ද, පොට්ඨපාද ය, එසේ ම මහණ තෙම ... තමා යන යන තැනට පාසිවුරු ඈ (පැවිදි අටපිරිකර) රැගෙන ම යෙයි. පොට්ඨපාදය, මෙසේ ම මහණ තෙම සතුටු වෙයි.
Pali BJT31. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං -පෙ- පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT31. හේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් ද ... මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද ... මේ ආර්‍ය්‍ය සතිසම්පජඤ්ඤයෙන් ද ... මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍යය ... පිදුරුලෙනය යන යම් කිසි ජනවිවික්ත සෙනස්නක් බජයි. හේ පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ, පලක් බැඳ උඩුකය කෙළින් පිහිටුවා, කමටහනට යොමු කොට සිහිය එළවා සිටියි.
Pali BJT32. සො අභිජ්ඣං ලොකෙ පහාය -පෙ- බ්යාපාදපදොසං පහාය -පෙ- ථිනමිද්ධං පහාය -පෙ- උද්ධච්චකුක්කුච්චං පහාය -පෙ- විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT32. හේ ලොවැ, ඇල්ම හැරැ ... ක්‍රෝධය හැරැ ... ථීනමිද්ධය හැර ... උදහස් කුකුස් දෙක හැරැ ... සැකය හැර තිණූ සැක ඇත්තේ, කුසල්දහම්හි සැක නො කරනුයේ වෙසෙයි. සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසෙය්යථාපි පොට්ඨපාද, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJTපොට්ඨපාදය, යම්සේ මිනිසෙක් ණයක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වී නම් ... ඒ කරුණින් හෝ සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද,
Pali BJTසෙය්යථාපි පොට්ඨපාද, පුරිසො ආබාධිකො අස්ස -පෙ- සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJTපොට්ඨපාදය, යම්සේ මිනිසෙක් ගිලන් වන්නේ ද ... හේ පසු කලෙක ඒ ගිලන් බැවින් මිදෙන්නේ ද ... ඒ කරුණින් හේ සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද,
Pali BJTසෙය්යථාපි පොට්ඨපාද, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්ය සොත්ථිනා අබ්බයෙන, -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJTපොට්ඨපාදය, යම්සේ මිනිසෙක් දඟගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ඒ දඟගෙයින් ධන නොවිසඳා සුවසේ මිදෙන්නේ ද ... හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද,
Pali BJTසෙය්යථාපි පොට්ඨපාද, පුරිසො දාසො අස්ස -පෙ- සො අපරෙන සමයෙන තම්හා දාසබ්යා මුච්චෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJTපොට්ඨපාද ය යම්සේ දාසයෙක් වන්නේ ද ... හේ පසු කලෙක ඒ දාස බව කෙරෙන් මිදෙන්නේ ද ... හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද,
Pali BJTසෙය්යථාපි පොට්ඨපාද, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය දුබ්භික්ඛං සප්පටිභයං. සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය -පෙ- සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJTපොට්ඨපාද ය, යම්සේ ධනවත්, භෝග ඇති මිනිසෙක් ආහාර දුර්‍ලභ, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ මෑත භාගයෙහි ඒ කතර ඉක්මැ, යන්නේ ද ... හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද,
Pali BJTඑවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ ධම්මෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි පොට්ඨපාද, ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනා මොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං, එවමෙව ඛො පොට්ඨපාද, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJTපොට්ඨපාද ය, එසේම මහණ තෙම ණයක් මෙන්, ලෙඩක් මෙන්, දඟගෙයක් මෙන්, වහල්බවක් මෙන්, දුරු කතරමඟක් මෙන් ප්‍රහීණ නොවූ මේ නීවරණ පස තමා කෙරෙහි දකී. පොට්ඨපාද ය, ණයින් මිදුණු බව, අරෝග බව, සිරබැඳුමෙන් මිදුණු බව, නිවහල් බව, උවදුරු නැති බිම් යම්සේ ද, එසේ ම මහණ තෙම තමා කෙරෙහි ප්‍රහීණ වූ මේ නීවරණ පස දකී.
Pali BJT33. තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං{1} ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති.{2} සුඛිනො චිත්තං සමාධියති. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{3} උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා කාමසඤ්ඤා සා නිරුජ්ඣති. විවෙකජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. විවෙකජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති.{4} සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති.{5} ‘අයං සික්ඛා’ති භගවා අවොච.
Sinhala BJT33. මේ නීවරණ පස තමා කෙරෙහි ප්‍රහීණ වූ නියා දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුව ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම-රූප කය සංහිඳේ. සංහුන් කයැත්තේ සුව විඳී. සුවපත්හුගේ සිත එකඟ වෙයි. හේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත විචාර සහිත, ප්‍රීතිය හා සුඛවේදනාව හා ඇති, විවේකයෙන් උපන් ප්‍රථමධ්‍යානය ලැබැ වෙසෙයි. ඔහුගේ යම් පළමු කාමසංඥාවෙක් වී ද, එය නිරුද්ධ වෙයි. එ කල්හි විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ නැමැති සියුම් වූ සංඥාව පහළ වූයේ වෙයි. එකල්හි හෙතෙමේ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛසඞ්ඛ්‍යාත සුඛුම වූ සංඥා ඇත්තේ ම වේ. මෙසේ ශික්‍ෂායෙන් (ප්‍රථමධ්‍යානයෙන්) එක් (ප්‍රථමධ්‍යාන) සංඥාව උපදී, ශික්‍ෂායෙන් එක් (කාම) සංඥාව නිරුද්ධ වෙයි. ‘මේ ශික්‍ෂා යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“පුන චපරං පොට්ඨපාද, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{1} උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා විවෙකජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා{2} සා නිරුජ්ඣති. සමාධිජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. සමාධිජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා එකං සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවොච.
Sinhala BJT“තව ද අනෙකක් කියමි. පොට්ඨපාද ය, මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් තමා තුළ සිතැ පහන්බව කරන, සිතැ එකඟබව ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති, දෙවෙනි ධ්‍යානය ලැබ වෙසෙයි. ඔහුගේ විවේකයෙන් උපත් ප්‍රීතිසුඛ සඞ්ඛ්‍යාත සත්‍ය වූ යම් පළමු සංඥාවෙක් වී ද, එය නිරුද්ධ වෙයි. එ සමයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිසුඛසංඛ්‍යාත සියුම් වූ සත්‍ය සංඥාව වෙයි. හෙ තෙම එ කල්හි සමාධියෙන් උපන් ප්‍රීතිසුඛසංඛ්‍යාත සියුම් සත්‍ය සංඥා ඇත්තේ ම වෙයි. මෙසේ ශික්‍ෂායෙන් (ද්වීතීයධ්‍යානයෙන්) එක් සංඥාවෙක් උපදී. එක් සංඥාවෙක් (හෙවත් ප්‍රථමධ්‍යාන සංඥාව) නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“පුන චපරං පොට්ඨපාද, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තතියංඣානං{3} උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා සමාධිජපීතිසුඛසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. උපෙක්ඛාසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. උපෙක්ඛාසුඛසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවොච.
Sinhala BJT“තව ද පොට්ඨපාද ය, මහණ තෙම ප්‍රීතිය ද දුරැ ලීමෙන් උපේක්‍ෂක ද වූයේ, සිහි ඇත්තේ, නුවණ ඇත්තේ වෙසෙයි. සුවය ද නාමකයින් විඳී, ‘උපේක්‍ෂා ඇති සිහි ඇති සුව විසුම් ඇත්තේ’ යැ යි (යමක් කරණ කොට ගෙන) ආර්‍ය්‍යයෝ යම් පුඟුලක්හු පවසත් ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඔහුට සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති සියුම් වූ යම් පළමු සත්‍යසංඥාවෙක් වී නම්, එය නිරුද්ධ වෙයි. ධ්‍යානෝපේක්‍ෂා සුඛය ඇති (ඖදාරිකාඞ්ග ප්‍රහීණ වූ බැවින්) සියුම් වූ සත්‍ය සංඥාව එ සමයෙහි වෙයි. එ කල්හි හේ උපේක්‍ෂාසුඛය ඇති සියුම් වූ සත්‍යසංඥා ඇත්තෙක් ම වෙයි. මෙසේත් ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“පුන චපරං පොට්ඨපාද, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා{4} අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං{5} උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා උපෙක්ඛාසුඛසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. අදුක්ඛමසුඛසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. අදුක්ඛමසුඛසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවොච.
Sinhala BJT“තව ද පොට්ඨපාද ය, මහණ තෙම කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන්, කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පෙර ම (පළමු දෙවෙනි තෙවෙනි ධ්‍යානයන්ගේ උපචාර අවස්ථායෙහි ම) සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරු වීමෙන්, දුක් නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂායෙන් උපන් සිහියේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසේ. ඔහුට උපේක්‍ෂාසුඛය ඇති සියුම් වූ යම් පළමු සංඥාවෙක් වී ද, එය නිරුද්ධ වෙයි. දුක් ද නො වූ සුව ද නොවූ සියුම් වූ සත්‍යසංඥාව එ කල්හි වෙයි. එසමයෙහි හේ අදුඃඛ අසුඛ සූක්‍ෂමසත්‍යසංඥී ම වෙයි. මෙසේ ද ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“පුන චපරං පොට්ඨපාද, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා රූපසඤ්ඤා සා නිරුජ්ඣති. ආකාසානඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. ආකාසානඤ්චායතනසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවොච.
Sinhala BJT“තව ද පොට්ඨපාද ය, මහණ තෙම හැම අයුරින් ම රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා දුරු වීමෙන්, නානත්‍වසංඥා නොමෙනෙහි කිරීමෙන්, අහස අනන්ත යැ යි (කමටහන් වඩා) ආකාසානඤ්චායතනධ්‍යානය ලැබ වෙසෙයි. ඔහුගේ යම් පළමු රූපසංඥාවෙක් වී නම්, එය නිරුද්ධ වෙයි. ආකාසානඤ්චායතනධ්‍යාන සඞ්ඛ්‍යාත සියුම් සත්‍යසංඥාව එ සමයෙහි ඔහුට වෙයි. එකල්හි හේ ආකාසානඤ්චායතන සුඛසඞ්ඛ්‍යාත සියුම් සංඥා ඇත්තෙක් ම වෙයි. මෙසේත් ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“පුන චපරං පොට්ඨපාද, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම, ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා ආකාසානඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා, සා නිරුජ්ඣති. විඤ්ඤාණඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. විඤ්ඤාණඤ්චායතනසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති.{1} සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවොච.
Sinhala BJT“තව ද පොට්ඨපාද ය, මහණ තෙම හැම අයුරින් ම ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥානය අනන්ත යැ’යි (කමටහන් වඩා) විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ලැබ වෙසෙයි. ඔහුගේ යම් පළමු ආකාසඤ්චායතන ධ්‍යානයෙන් යුක්ත සියුම් වූ සත්‍ය සංඥාවෙක් වී ද, එය නිරුද්ධ වෙයි. විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයෙන් යුක්ත සියුම් වූ සත්‍යසංඥාව එ සමයෙහි වෙයි. එ කල්හි හේ විඤ්ඤාචාණඤ්චායතන ධ්‍යාන යුක්ත සියුම් සංඥා ඇත්තෙක් ම වෙයි. මෙසේ ද ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“පුන චපරං පොට්ඨපාද, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තස්ස යා පුරිමා විඤ්ඤාණඤ්චායතනසුඛුමසච්චසඤ්ඤා සා නිරුජ්ඣති. ආකිඤ්චඤ්ඤායතනසුඛුමසච්චසඤ්ඤා තස්මිං සමයෙ හොති. ආකිඤ්චඤ්ඤායතනසුඛුමසච්චසඤ්ඤී යෙව තස්මිං සමයෙ හොති. එවම්පි සික්ඛා එකා සඤ්ඤා උප්පජ්ජති. සික්ඛා එකා සඤ්ඤා නිරුජ්ඣති. අයම්පි සික්ඛා”ති භගවා අවොච.
Sinhala BJT“තව ද පොට්ඨපාද ය, මහණ තෙම හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’යි (කමටහන් වඩා) ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. පළමු යම් විඤ්ඤාණඤ්චායතන සූක්‍ෂම සත්‍යසංඥාවෙක් වී ද, එය නිරුද්ධ වෙයි. එ කල්හි ඔහුට ආකිඤ්චඤ්ඤායතන යුක්ත සූක්‍ෂම සත්‍ය සංඥාව වෙයි. හේ එ කලැ ආකිඤ්චඤ්ඤායතන සූක්‍ෂම සත්‍යසංඥී ම වෙයි. මෙසේ ද ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“යතො ඛො පොට්ඨපාද, භික්ඛු ඉධ සකසඤ්ඤී හොති, සො තතො අමුත්ර තතො අමුත්ර අනුපුබ්බෙන සඤ්ඤග්ගං ඵුසති. තස්ස සඤ්ඤග්ගෙ ඨිතස්ස එවං හොති: ‘චෙතයමානස්ස මෙ පාපියො{2} අචෙතයමානස්ස මෙ සෙය්යො. අහඤ්චෙව ඛො පන චෙතෙය්යං, අභිසඞ්ඛරෙය්යං, ඉමා ච මෙ සඤ්ඤා නිරුජ්ඣෙය්යුං, අඤ්ඤා ච ඔළාරිකා සඤ්ඤා උප්පජ්ජෙය්යුං. යන්නූනාහං ‘න චෙව{3} චෙතෙය්යං න චාභිසඞ්ඛරෙය්ය’න්ති. සො න චෙව චෙතෙති න චාභිසඞ්ඛරොති. තස්ස අචෙතයතො අනභිසඞ්ඛරොතො තා චෙව සඤ්ඤා නිරුජ්ඣන්ති, අඤ්ඤා ච ඔළාරිකා සඤ්ඤා න උප්පජ්ජන්ති. සො නිරොධං ඵුසති. එවං ඛො පොට්ඨපාද, අනුපුබ්බාභිසඤ්ඤානිරොධසම්පජානසමාපත්ති හොති.
Sinhala BJT“පොට්ඨපාද ය, යම් මහණෙක් මෙහි ස්වකසංඥාව ඇත්තේ (තමාගේ ප්‍රථමධ්‍යාන සංඥායෙන් සංඥාවත්) වේ ද, හේ එයින් ඔබ්බෙහි දෙවෙනි ධ්‍යානයට ද, එයිනුත් ඔබ්බෙහි තෙවෙනි ධ්‍යානයට දැ යි මෙසේ පිළිවෙළින් (ගොස්) කෙළවරැ සංඥාග්‍රය (ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය) ස්පර්‍ශ කෙරෙයි (ලබයි). සංඥාග්‍රයෙහි සිටි ඔහුට “සිතන (දහන් සමවදන) මාගේ ඒ ක්‍රියාව ලාමක ය. නොසිතන (දහන් නොසමවදන ) මාගේ ඒ නොසමවැදීම උතුමි. මම වූ කලි සිතන්නෙම් නම් (පුන පුනා දහන් සමවදනෙම් නම්), මතු සමවත් පිණිස අභිසංස්කාර කරන්නෙම් නම් (කමටහන් වඩන්නෙම් නම්), මාගේ මේ සංඥාවෝත් නිරුද්ධ වන්නාහු ය. අන් ඖදාරික (භවාඞ්ග) සංඥාවෝත් උපදනාහු ය. එබැවින් ‘මම නො සිතන්නෙම් වීම් නම්, අභිසංස්කාර නො කරන්නෙම් වීම නම් යෙහෙකැ’යි මෙසේ සිතෙක් වෙයි. හේ නො ද සිතයි. (දහන් නො සමවදී). අභිසංස්කාර නො කෙරෙයි. (මතු සමවත් පිණිස කමටහන් නො වඩයි). නො සිතන, අභිසංස්කාර නො කරන ඔහුගේ ඒ සංඥාවෝ ද නිරුද්ධ වෙත්. අන් ඖදාරික සංඥාවෝ ද නො උපදිත්. (එසේ වූ) හේ නිරෝධය ස්පර්‍ශ කෙරෙයි (සංඥාවේදයිත නිරෝධය ලබයි). පොට්ඨපාද ය, මෙසේ වනාහි අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජාන සමාපත්තිය (දන්නහුගේ පිළිවෙළින් සංඥානිරෝධයට සමවැදීම්) වෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි පොට්ඨපාද? අපි නු{4} තෙ ඉතො පුබ්බෙ එවරූපා අනුපුබ්බාභිසඤ්ඤානිරොධසම්පජානසමාපත්ති සුතපුබ්බා?”ති.
Sinhala BJTපොට්ඨපාද ය, එය කිමැ යි සිතහි ද? තා විසින් පෙරැ මෙබඳු වූ පිළිවෙළින් සංඥානිරෝධයට සම්වැඳීම් ඇසූ විරූ දැ?”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)