Pali BJT32. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති -පෙ- සො දිබ්බෙන චක්ඛුනා -පෙ- සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ -පෙ- සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJT32. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත මෙහෙයයි ... හේ ... දිවැසින් මැරෙන මැරී උපදනා ... කම් වූ පරිදි සුගතියට දුගතියට පැමිණි සත්ත්‍වයන් දැන ගනී.
Pali BJTසෙය්යථාපි ආවුසො, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි, තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්රිමෙ සිප්පිසම්බුකා’පි සක්ඛරකඨලා’පි මච්ඡගුම්බා’පි චරන්ති’පි තිට්ඨන්ති’පීති, එවමෙව ඛො ආවුසො භික්ඛු සමාහිතෙ චිත්තෙ -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTඇවැත්නි, යම්සේ කඳුමුදුනෙක වූ, පහන් වූ, වෙසෙසින් පෑදුණු, බොර නොවූ දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරැ ඇස් ඇති මිනිසෙක් සිටියේ එය තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පි බෙල්ලනුත් සක්බෙල්ලනුත් කැටකැබිලිතිත් මත්ස්‍යසමූහත් දක්නේ ද, එසේ දක්නා ඔහුට ‘මේ දිය විල පහන් ය. වෙසෙසින් පැහැදුණේ ය. නො කැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැටකැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නෝ ද සිටින්නෝ ද වෙති’යි මෙසේ සිතෙක් වන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇතිසැටියෙන් දනී … මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’ යි ඇති සැටියෙන් දනී.
Pali BJTතස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTමෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. සිත භවාස්‍රවය කෙරෙන් ද මිදේ. සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. මිදුණු කල්හි මිදුණේ යැ යී දැනීම වේ. ‘භවෝත්පත්තිය ක්‍ෂීණ විය. මඟ බඹසර වැස නිමැවිණ. කළයුතු දෑ කරණ ලදී. මේ රහත් බව පිණිස අන් කටයුත්තෙක් නැතැ’යි හේ දනී.
Pali BJT33. යො ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJT33. ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී තම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යී මෙය කියන්නට ඔහුට යුතු දැ? යී [මම් ඇසීමි]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. න කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ කියන්නට ඔහුට යුතු නො වේ” [යැ යි දෙ පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලී මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැ’යි කියා හෝ මම් නො කියමි. [මෙසේ ඒ දෙපිරිවැජියනට මම් කීමි.]
Pali BJT34. ඉදමවොච භගවා. අත්තමනො ඔට්ඨද්ධො ලිච්ඡවී භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJT34. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඔට්ඨද්ධ ලිච්ඡවී තෙමේ සතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේ ය.
Pali BJTමහාලිසුත්තං නිට්ඨිතං ඡට්ඨං.
Sinhala BJTසවන මහාලි සූත්‍රය නිමියේ ය.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTජාලියසුත්තං
Sinhala BJTජාලිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ද්වෙ පබ්බජිතා මණ්ඩිස්සො ච පරිබ්බාජකො ජාලියො ච දාරුපත්තිකන්තෙවාසී යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තෙ ද්වෙ පබ්බජිතා භගවන්තං එතදවොචුං: “කින්නු ඛො ආවුසො ගොතම තං ජීවං තං සරීරං? උදාහු අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං?”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි මණ්ඩිස්ස නම් පිරිවැජියෙක් ද දඬුමුවා පාත්‍රයක් දරන පැවිද්දක්හුගේ අතැවැසි ජාලිය නම් පිරිවැජියෙක් ද යන දෙ පැවිදි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට සුදුසු වූ, සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා පසෙක සිටැ ගත්හ. එ දෙ පැවිද්දෝ එසේ පසෙකැ සිටියාහු ම “ඇවැත් ගොයුමාණනි, කිමෙක් ද? හේ ම ජීවයත් හේ ම ශරීරයත් වේ ද? (ජීවයත් ශරීරයත් එකෙක් ම ද?) නොහොත් ජීවය අනෙකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද? (ජීවයත් ශරීරයත් දෙකෙක් දැ?)” යි මෙය කීහ.
Pali BJT2. තෙන හාවුසො සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමී’ති. ‘එවමාවුසො’ති ඛො තෙ ද්වෙ පබ්බජිතා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT2. ඇවැත්නි, එසේ වී නම් අසවු. මොනොවට සිත්හි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ඇවැත්නි, එසේ යැ’ කියා ඒ දෙ පැවිද්දෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT3. ඉධාවුසො, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො -පෙ- [යථා සාමඤ්ඤඵලෙ එවං විත්ථාරෙතබ්බං] එවං ඛො ආවුසො භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJT3. ඇවැත්නි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ මෙ ලොවැ උපදී ... (සාමඤ්ඤඵල සූත්‍රයෙහි දැක්වුණ පරිදි විස්තර කටයුතු.) ... ඇවැත්නි, මෙසේ මහණ තෙම සිල්වත් වෙයි.
Pali BJT4. කථං ච ආවුසො, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති -පෙ- එවං ඛො ආවුසො භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT4. ඇවැත්නි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? ඇවැත්නි, මෙහි මහණතෙම ඇසින් රුවක් දැක නිමිති ගන්නා සුලු නො වේ ද, ... ඇවැත්නි, මෙසේ මහණ තෙම ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි.
Pali BJT5. කථං ච ආවුසො, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධාවුසො භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ -පෙ- එවං ඛො ආවුසො භික්ඛු සති සම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT5. ඇවැත්නි, කෙසේ නම් මහණ සිහිනුවණින් යුත් වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි ඉදිරි බැලීමෙහි දෙ පස බැලීමෙහි ... නුවණින් දැන කරන සුලු වේ ද, ඇවැත්නි, මෙසේ ම මහණ තෙම සිහිනුවණින් යුත් වෙයි.
Pali BJT6. කථඤ්ච ආවුසො, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධාවුසො භික්ඛු සන්තුට්ඨො හොති කායපාරිහාරිකෙන චීවරෙන -පෙ- එවං ඛො ආවුසො භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT6. ඇවැත්නි, කෙසේ නම් මහණ සතුටු වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම කයැ පරිහරණයට පමණ වූ සිවුරින් සතුටු වේ ද, ... ඇවැත්නි, මෙසේ මහණ තෙම සතුටු වෙයි.
Pali BJT7. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො -පෙ- පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, -පෙ- සො අභිජ්ඣං ලොකෙ පහාය -පෙ- විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT7. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, ... සිහිය අරමුණට යොමු කොට එළවා, ලොව කෙරෙහි අභිධ්‍යාව පහ කොට ... විචිකිච්ඡාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය -පෙ- සෙය්යථාපි ආවුසො පුරිසො ආබාධිකො අස්ස -පෙ- සෙය්යථාපි ආවුසො පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස -පෙ- සෙය්යථාපි ආවුසො පුරිසො දාසො අස්ස අනත්තාධීනො -පෙ- සෙය්යථාපි ආවුසො පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය -පෙ- ඉමෙ පංචනීවරණෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සෙය්ය -පෙ- සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය -පෙ- එවමෙව ඛො භික්ඛු ඉමෙ පංචනීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති -පෙ-.
Sinhala BJTඇවැත්නි, යම්සේ පුරුෂයෙක් ණයක් ගෙන කර්‍මාන්තයන් යොදන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් ගිලන් වන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් සිරගෙහි බඳනා ලද්දේ වන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් අනුනට යටත් දාසයෙක් වන්නේ ද, ... යම්සේ ධන ඇති භෝග ඇති පුරුෂයෙක් කතරමඟකට බස්නේ ද, ... හේ පසු කලෙක ඒ කතර තරණය කරන්නේ ද ... එ පරිද්දෙන්, ඇවැත්නි, මහණ තෙම තමා කෙරෙහි පහ වූ නීවරණ පස දකී ...
Pali BJTතස්සිමෙ පංචනීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සතො -පෙ- චිත්තං සමාධියති.
Sinhala BJTතමා කෙරෙහි ප්‍රහීණ වූ මේ නීවරණ පස දක්නා ඔහු සිත අරමුණෙහි එකඟ වෙයි.
Pali BJTසො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTහේ කාමයන් ගෙන් වෙන් ව ම ... පළමු දහන් ලැබ වෙසෙයි ... ඔහු සියලු කය විවේකයෙන් උපන් පීති සුවයෙන් ... පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යමෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘ජීවයත් ශරීරයත් දෙකෙක් ම යැ’යි හෝ මෙය කීමට යුතු ද? (ඔහු විසින් කිය හැකි දැ යි අසා වදාළ සේක.)
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි කියා හෝ කියනු යුතු ය”.
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJT[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’යි කියා හෝ නො කියමි.
Pali BJT8. පුන චපරං ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT8. තව ද ඇවැත්නි, මහණ තෙම විතර්‍ක විචාර සංහිඳීමෙන් ... දෙවෙනි දහන් ලැබ වෙසෙයි ... ඔහු කය සමාධියෙන් උපන් පීති සුවයෙන් ... නො පැතිරගත් කිසිදු තැනෙක් නො වෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, දක්නේ තම්, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ ඔහු මෙය කියනුවට යුතු ද?”
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’යි හෝ ‘වෙන වෙන දෙකක් ම යැ’ යි හෝ මෙය කියනු යුතු ය”.
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJT[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි”.
Pali BJTපුන චපරං ආවුසො, භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTඇවැත්නි, තව ද මහණ තෙම ප්‍රීතිය ද දුරැලීමෙන් … තෙවෙනි දහන් ලැබ වෙසෙයි. ඔහු විසින් නිෂ්ප්‍රීතික සුඛයෙන් සියලු කයැ පැතිර නොගන්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ තම්, මෙසේ දක්නේ නම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘දෙකෙකැ’ යි හෝ ඔහු කියනු යුතු ද?
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් ම යැ’ යි මෙය කියනු යුතු ය”.
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJT[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලී මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. වැලි දු මම ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි.
Pali BJT9. පුන චපරං ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT9. තව ද ඇවැත්නි, මහණ තෙම සුඛවේදනාවගේ ප්‍රහාණයෙන් දුඃඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් ... සතරවන දහන් ලැබ වෙසෙයි ... ඔහු විසින් සියලු කයැ පිරිසිදු පැහැසර සිතින් පැතිරැ නො ගන්නා ලද කිසිදු තැනෙක් නො වෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ද?
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ තම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ය”.
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJT[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි.
Pali BJT10. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති ‘අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො -පෙ- භෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති. සෙය්යථාපි ආවුසො මණි වෙළුරියො -පෙ- තත්රස්ස සුත්තං ‘අයං ඛො මණි වෙළුරියො -පෙ- තත්රිදං සුත්තං ආවුතං නීලං වා -පෙ- පණ්ඩුසුත්තං වා’ති. එවමෙව ඛො ආවුසො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති. අයං ඛො මෙ කායො රූපි -පෙ- ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති. -පෙ- [යථා පුබ්බෙ එවං විත්ථාරෙ තබ්බං]
Sinhala BJT10. තව ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත එකඟ වූ කල්හි ... ඥානදර්‍ශනය පිණිස සිත යොමු කරයි, එළවා තබයි. ‘මගේ මේ කය රූපී ය. සතර මහාභූතයන්ගෙන් සැදුණේ ය ... බිඳෙන නැසෙන සුලු ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය. යම්සේ ... වෙරෙළු මිණෙක් වේ ද, එහි හුයෙක් අවුනන ලද්දේ වේ ද, ... එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට ‘මේ වෙරෙළු මිණෙක ... එහි මේ නිල් හෝ ... පඬු පැහැ හුයෙක් අවුනන ලදැ’ යි හෝ මෙ පරිද්දෙන් දන්නේ ද, එසේ ම මහණතෙම සිත සමාහිත කල්හි ... දර්‍ශනඥානය පිණිස සිත එළවා තබයි, යොමු කෙරෙයි. හේ ‘මගේ මේ කය රූපී ය ... මගේ මේ සිත මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ’යි දනී ... [පෙර මෙන් විස්තර කටයුතු.]
Pali BJT11. පුන චපරං ආවුසො, -පෙ- එවං සමාහිතෙ චිත්තෙ -පෙ- මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති -පෙ-
Sinhala BJT11. තව ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... මනෝමය කයක් මවනු පිණිස සිත යොමු කෙරෙයි, එළවා තබයි ...
Pali BJT12. පුන චපරං ආවුසො, භික්ඛු -පෙ- එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. -පෙ-
Sinhala BJT12. තවද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධිවිධඥානය පිණිස සිත එළවයි ... බඹලොව දක්වාත් කයින් වශයෙහි පවත්වයි ...
Pali BJT13. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- දිබ්බාය සොතධාතුයා -පෙ- චෙතොපරියඤාණාය -පෙ- පුබ්බෙනිවාසානුස්සතිඤාණාය -පෙ- [යථා මහාලිසුත්තෙ එවං විත්ථාරෙතබ්බං].
Sinhala BJT13. තවද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස ... පරසිත් දන්නා නුවණ පිණිස ... පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස ... [මහාලි සූත්‍රයෙහි මෙන් විස්තර කටයුතු.]
Pali BJT14. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJT14. නැවත ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... සත්ත්‍වයන්ගේ චුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත එළවා තබයි ... කම් වූ පරිදි පරලොව යන සතුන් දනී.
Pali BJTයො ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?”ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’යි හෝ කියනු යුතු ද?
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ය”.
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJT[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ නො කියමි.
Pali BJT15. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. -පෙ- ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJT15. නැවත ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ආස්‍රවක්‍ෂයකරඥානය පිණිස සිත එළවයි, යොමු කරයි. හේ ‘මේ දුකැ යි තත් වූ පරිදි දැන ගනියි ... පුනර්‍ජන්මය ක්‍ෂීණ ය, බඹසර වැස නිමැවිණ, කටයුතු දෑ කරන ලදී. මෙය පිණිස තව ද කටයුත්තෙක් නැතැ’යි හෝ දැන ගනී.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් වනාහි මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ කියනු යුතු ද?
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, න කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ කියනු යුතු නො වේ”.
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා’ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එතෙකුදු වුවත් ‘එය ම ජීවය ය, එය ම ශරීරය යැ’යි හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි.
Pali BJT16. ඉදමවොච භගවා. අත්තමනා තෙ ද්වෙ පබ්බජිතා භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJT16. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ දෙපැවිද්දෝ සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
Pali BJTජාලියසුත්තං නිට්ඨිතං.
Sinhala BJTජාලිය සූත්‍රය නිමියේ ය.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසීහනාදසුත්තං{*}
Sinhala BJTසිංහනාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා උජුඤ්ඤායං{1} විහරති කණ්ණකත්ථලෙ{2} මිගදායෙ. අථ ඛො අචෙලො කස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං{3} කථං සාරාණීයං{4} වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නුවර නිසා කණ්ණකත්‍ථල නම් මුවලැව්හි වැඩ වසන සේක. එ කලැ අචේල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔඛ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා කොට නිමවා එකත්පසැ සිටියේ ය.
Pali BJT2. එකමන්තං ඨිතො ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: “සුතම්මෙතං{5} භො ගොතම, ‘සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදතී’ති. යෙ තෙ භො ගොතම එවමාහංසු ‘සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදතී’ති. කච්චි තෙ භොතො ගොතමස්ස වුත්තවාදිනො? න ච භවන්තං ගොතමං අභූතෙන අබ්භාචික්ඛන්ති? ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති? න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති? අනබ්භක්ඛාතුකාමා හි මයං භවන්තං ගොතම”න්ති.
Sinhala BJT2. එකත්පසැ සිටියා වූ ම අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, ‘මහණ ගොයුම්හු සියලු තපස ගරහති’ යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්‍රෝශ කෙරෙති’ යි, ‘පිරිහෙලා බෙණෙති’යි මෙ පවත් මා විසින් අසන ලද. භවද් ගෞතමයිනි, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු සියලු තපස ගරහති’යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්‍රෝශ කෙරෙති’යි, ‘පිරිහෙලා බෙණෙති’යි මෙසේ කීහු නම්, කිමෙක් ද, ඔහු භවද් ගෞතමයන් කී දෑ ම කියත් ද? භවද්ගෞතමයනට අභූතයෙන් (නොවූ දැයින්) දොස් නො කියත් ද? භවද් ගෞතමයන් කී දෑ අනුව ම කරුණු කියත් ද? ඔබේ කිසි වාදයෙක් (ඔබේ වචනයෙක්) හෝ අනුවාදයෙක් (ඔබ කී බස අනුව අනුන් කී වචනයෙක්) හෝ කරුණු සහිත වැ නුවණැත්තන් විසින් ගැරැහිය යුතු තැනට නො පැමිණේ ද? (කිම, හැම අයුරින් ම ඔබගේ වාදයෙහි ගැරැහියැ යුතු කාරණයෙක් නැද්ද?) අපි භවද් ගෞතමයනට අභූතයෙන් දොස් නඟනු නො කැමැත්තම්හ” යි මෙය කී ය.
Pali BJT3. යෙ තෙ කස්සප, එවමාහංසු: ‘සමණො ගොතමො සබ්බං තපං ගරහති. සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසති උපවදතී’ති න මෙ තෙ වුත්තවාදිනො. අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා අභූතෙන.
Sinhala BJT3. “කාශ්‍යපය, ‘මහණ ගොයුම්හු සියලු තපසට ගරහති’ යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්‍රෝශ කෙරෙති’ යි. ‘පිරිහෙලා බෙණෙති’යි, යම් කෙනෙක් කියත් නම්, ඔහු මා කී දෑ කියන්නෝ නො වෙති. ඔහු මට නැති දැයින් බොරුවෙන් දොස් නගන්නාහු ද වෙති.
Pali BJTඉදාහං කස්සප, එකච්චං තපස්සිං ලූඛාජීවිං පස්සාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං. ඉධ පනාහං කස්සප එකච්චං තපස්සිං ලූඛාජීවිං පස්සාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං.
Sinhala BJTකාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ, දැක්කැ හැකි පිරිසිදු දිවැසින් කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුකට පිහිටි, විවශ ව වැටෙන තැන වූ නිරයට පැමිණි, කටුක දිවි පෙවෙත් ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි. කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි, පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, මනා ගති ඇති සඟ ලොවට පැමිණි, කටුක දිවිපෙවෙත් ඇති වැ සිටි එක්තරා තවුසකු ද මම දකිමි.
Pali BJTඉදාහං{6} කස්සප, එකච්චං තපස්සිං අප්පදුක්ඛවිහාරිං පස්සාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
Sinhala BJTකාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ, දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, විවස ව පතිත වන තැන වූ නිරයට පැමිණි, මද වූ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
Pali BJTඉධපනාහං කස්සප, එකච්චං තපස්සිං අප්පදුක්ඛවිහාරිං පස්සාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං.
Sinhala BJTකාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණි, මඳ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
Pali BJTයො’හං කස්සප, ඉමෙසං තපස්සීනං එවං ආගතිඤ්ච ගතිඤ්ච චුතිඤ්ච උපපත්තිඤ්ච යථාභූතං පජානාමි. සො’හං කිං සබ්බං තපං ගරහිස්සාමි, සබ්බං වා තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපක්කොසිස්සාමි උපවදිස්සාමි?
Sinhala BJTකාශ්‍යපය, යම්බඳු වූ මම් මේ තවුසන්ගේ ආගතියක් (පෙරැ භවයෙහි යම් තැනෙකින් සැව මෙහි උපන්නෝ නම් එ තැනත්), ගතියත් (මෙයින් සැව යෑ යුතු තැනත්), ච්‍යුතියත් (ඒ මතු භවයෙන් ච්‍යුත වීමත්), උප්පත්තියත් (ඒ ච්‍යුතියෙන් පසු ව උපදනා තැනත්) මෙසේ තත් වූ පරිදි දනිම් ද, ඒ මම් කුමට සියලු තපසට හෝ ගරහම් ද? කටුක දිවිපෙවෙත් ඇති හැම තවුසාට හෝ ඒකාන්තයෙන් පරිභව කෙරෙම් ද? අවඥා කෙරෙම් ද?
Pali BJT4. සන්ති කස්සප, එකෙ සමණබ්රාහ්මණා පණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාළවෙධිරූපා වොභින්දන්තා{1} මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙහි’පි මෙ සද්ධිං එකච්චෙසු ඨානෙසු සමෙති{2} එකච්චෙසු ඨානෙසු න සමෙති{2}. යන්තෙ එකච්චං වදෙන්ති සාධූ’ති, මයම්පි තං එකච්චං වදෙම සාධූ’ති. යන්තෙ එකච්චං වදෙන්ති න සාධූ’ති, මයම්පි තං එකච්චං වදෙම න සාධූ’ති. යන්තෙ එකච්චං වදෙන්ති සාධූ’ති, මයං තං එකච්චං වදෙම න සාධූ’ති. යන්තෙ එකච්චං වදෙන්ති න සාධූ’ති, මයං තං එකච්චං වදෙම සාධූ’ති. යං මයං එකච්චං වදෙම සාධූ’ති, පරෙ’පි තං එකච්චං වදෙන්ති සාධූ’ති. යං මයං එකච්චං වදෙම න සාධූ’ති, පරෙ’පි තං එකච්චං වදෙන්ති න සාධූ’ති. යං මයං එකච්චං වදෙම න සාධූ’ති, පරෙ’පි තං එකච්චං වදෙන්ති සාධූ’ති. යං මයං එකච්චං වදෙම සාධූ’ති, පරෙ’පි තං එකච්චං වදෙන්ති න සාධූ’ති.
Sinhala BJT4. කාශ්‍යපය, පණ්ඩිත වූ, තියුණු නුවණැති, මෙරමා හා කළ වාද ඇති, වාලවේධි ධනුර්ධරයන් බඳු වූ ඇතැම් මහණ බමුණු කෙනෙක් තමන් ප්‍රඥායෙන් අනුන්ගේ දෘෂ්ටින් බිඳැ හෙළන්නන් මෙන් වැ හැසිරෙත්. ඔවුන් හා ද ඇතැම් තන්හි මගේ දහම් සම වෙයි. ඇතැම් තන්හි සම නො වෙයි. ඔහු යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘මැනැවැ’යි කියමු. යම් එක්තරා දැයක් නො මැනැවැයි ඔහු කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘නොමැනැවැ’යි කියමු. යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘මැනැවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනැවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනැව’යි කියත්. යම් එක්තරා දෙයක් ‘මැනැවැ’යි අපි කියමු ද, ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි අන්හු කියත්.
Pali BJTත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: යෙසු නො ආවුසො ඨානෙසු න සමෙති, තිට්ඨන්තු තානි ඨානානි. යෙසු ඨානෙසු සමෙති, තත්ථ විඤ්ඤූ සමනුයුඤ්ජන්තං සමනුගාහන්තං සමනුභාසන්තං සත්ථාරා වා සත්ථාරං සඞ්ඝෙන වා සඞ්ඝං: “යෙ ඉමෙසං භවතං ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා, සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා න අලමරියා න අලමරියසඞ්ඛාතා කණ්හා කණ්හසඞ්ඛාතා, කො ඉමෙ ධම්මෙ අනවසෙසං පහාය වත්තති, සමණො වා ගොතමො පරෙ වා පන භොන්තො ගණාචරියා?”ති.
Sinhala BJTමම් ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි, අප දහම් යම් තන්හි සම නො වේ ද, ඒ තන්හු සිටිත් වා. යම් තන්හි සම වේ නම් ඒ තන්හි ලා නුවණැත්තෝ ‘අකුසල් වූත් අකුශලසඞ්ඛ්‍යාත වූත් (අකුසල් යැ සි වෙන් කරන ලද්දා වූත්), සාවද්‍ය (සදොස්) වූත් සාවද්‍යසඞ්ඛ්‍යාත වූත් (සදොස් යැ යි වෙන් කරන ලද්දා වූත්), අසේවිතව්‍ය (නො සෙවියැ යුතු) වූත්, අසේවිතව්‍ය සඞ්ඛ්‍යාත වූත් (නො සෙවිය යුතු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්), ආර්‍ය්‍යභාවයට නොසමත් වූත්, ආර්‍ය්‍යභාවයට නො සමත් සේ වෙන් කොට තබන ලද්දා වූත්, කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් (කළු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්) මේ භවතුන්ගේ යම් ධර්‍ම කෙනෙක් වෙත් නම්, කවර කෙනෙක් මෙකී දහම් නිරවශේෂයෙන් බැහැරැ කොට පවත්නෝ ද ? ශ්‍රමණ ගෞතමයෝ ද නැත හොත් අන් භවද් ගණාචාර්‍ය්‍යයෝ දැ?”යි එක් ශාස්තෘවරයකු හා තවත් ශාස්තෘවරයකු ද එක් ශ්‍රාවකගණයක් හා තවත් ශ්‍රාවකගණයක් ද සසඳා ලබ්ධිය විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධියත් කරුණුත් දෙක ම විචාරත් වා.
Pali BJTඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා එවං වදෙය්යුං: “යෙ ඉමෙසං භවතං ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා න අලමරියා න අලමරියසඞ්ඛාතා කණ්හා කණ්හසඞ්ඛාතා, සමණො ගොතමො ඉමෙ ධම්මෙ අනවසෙසං පහාය වත්තති, යං වා පන භොන්තො පරෙ ගණාචරියා”ති.
Sinhala BJTකාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, “මේ භවතුන්ගේ අකුශල වූත් අකුශලසඞ්ඛ්‍යාත වූත්, සාවද්‍ය වූත්, සාවද්‍යසඞ්ඛ්‍යාත වූත්, අසේවිතව්‍ය වූත්, අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූත්, ආර්‍ය්‍යභාවයට නොසමත් වූත්, ආර්‍ය්‍යභාවයට නොසමත් යැ යි වෙන් කොට තබන ලද්දා වූත්, කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ශ්‍රමණගෞතමයෝ මේ හැම දහම් නිරවශේෂයෙන් බැහැරැ කොට පවතිත්. අන් භවද් ගණාචාර්‍ය්‍යයෝ වනාහි යම් තමක් (අල්පමාත්‍රයක්)ම බැහැරැ කොට පවතිත්” යැ යි මෙසේ කියන්නාහුය යන මේ කාරණය ඇත්තේ ම ය.
Pali BJTඉතිහ කස්සප විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා අම්හෙව තත්ථ යෙභුය්යෙන පසංසෙය්යුං.
Sinhala BJTකාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු අප ම එහි ලා බෙහෙවින් පසස්නාහ.
Pali BJT5. අපරම්පි නො කස්සප, විඤ්ඤූ සමනුයුඤ්ජන්තං සමනුගාහන්තං සමනුභාසන්තං සත්ථාරා වා සත්ථාරං සඞ්ඝෙන වා සඞ්ඝං: “යෙ ඉමෙසං භවතං ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කසඞ්ඛාතා, කො ඉමෙ ධම්මෙ අනවසෙසං සමාදාය වත්තති සමණො වා ගොතමො පරෙ වා පන භොන්තො ගණාචරියා?”ති.
Sinhala BJT5. අනෙකෙක් ද ඇත. කාශ්‍යපය, ‘මේ භවතුන්ගේ කුශල වූත් කුශලසඞ්ඛ්‍යාත වූත්, අනවද්‍ය වූත් අනවද්‍යසඞ්ඛ්‍යාත වූත්, සේවිතව්‍ය වූත් සෙවිතව්‍යසඞ්ඛ්‍යාත වූත්, අලමාර්‍ය (ආර්‍ය්‍යභාවයට සමත්) වූත් අලමාර්‍යසඞ්ඛ්‍යාත වූත්, ශුක්ල වූත් ශුක්ලසඞ්ඛ්‍යාත වූත් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, කවරෙක් නම් මේ දහම් නිරවශේෂයෙන් සමාදන් කොට ගෙන පවත්නෝ ද? මහණ ගොයුම්හු ද? නැත හොත් අන් භවත් ගණාචාර්‍ය්‍යයෝ දැ?”යි නුවණැත්තෝ ලබ්ධි විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරත් වා.
Pali BJTඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා එවං වදෙය්යුං: “යෙ ඉමෙසං භවතං ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කසඞ්ඛාතා, සමණො ගොතමො ඉමෙ ධම්මෙ අනවසෙසං සමාදාය වත්තති යං වා පන භොන්තො පරෙ ගණාචරියා”ති.
Sinhala BJTකාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, “මේ භවතුන්ගේ කුශල වූත් කුශලසඞ්ඛ්‍යාත වූත් අනවද්‍ය වූත් අනවද්‍යසඞ්ඛ්‍යාත වූත් සේවිතව්‍ය වූත් සෙවිතව්‍යසඞ්ඛ්‍යාත වූත් අලමාර්‍ය වූත් අලමාර්‍යසඞ්ඛ්‍යාත වූත් ශුක්ල වූත් ශුක්ලසඞ්ඛ්‍යාත වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, මහණ ගොයුම්හු මේ දහම් නිරවශේෂයෙන් සමාදන් කොට ගෙන පවතියි. අන්‍ය භවත් ගණාචාර්‍ය්‍යයෝ වූ කලි යම් තමක් ම හෝ සමාදන් කොට පවතිත් යැ යි මෙසේ කියන්නාහ යන මේ කාරණය ඇත්තේ ම ය.
Pali BJTඉතිහ කස්සප, විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා අම්හෙව තත්ථ යෙභුය්යෙන පසංසෙය්යුං.
Sinhala BJTකාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු අප ම එහි ලා බෙහෙවින් පසස්නාහ.
Pali BJT6. අපරම්පි නො කස්සප, විඤ්ඤූ සමනුයුඤ්ජන්තං සමනුගාහන්තං සමනුභාසන්තං සත්ථාරා වා සත්ථාරං සඞ්ඝෙන වා සඞ්ඝං: “යෙ ඉමෙසං භවතං ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා න අලමරියා න අලමරියසඞ්ඛාතා කණ්හා කණ්හසඞ්ඛාතා කො ඉමෙ ධම්මෙ අනවසෙසං පහාය වත්තති ගොතමසාවකසඞ්ඝො වා පරෙ වා පන භොන්තො ගණාචරියසාවකසඞ්ඝා?”ති.
Sinhala BJT6. අනෙකෙක් ද ඇත. කාශ්‍යපය, ‘මේ භවතුන්ගේ අකුශල වූත් අකුශලසඞ්ඛ්‍යාත වූත්, සාවද්‍ය වූත් සාවද්‍යසඞ්ඛ්‍යාත වූත්, අසේවිතව්‍ය වූත් අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූත්, ආර්‍ය්‍යභාවයට නොසමත් වූත් ආර්‍ය්‍යභාවයට නොසමත් යැ යි කියන ලද්දා වූත්, කෘෂ්ණ වූත් කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් යම් ධර්‍මකෙනෙක් වෙත් නම්, කවරෙක් මෙකී දෑ නිරවශේෂයෙන් පහ කොට පවතී ද? ගෞතමශ්‍රාවක සඞ්ඝයා ද නැත හොත් අන් භවත් ගණාචාර්‍ය්‍යශ්‍රාවක සමූහයෝ දැ? යි නුවණැත්තෝ ශාස්තෘවරයා හා ශාස්තෘවරයා හෝ ශ්‍රාවකගණයා හා ශ්‍රාවකගණයා හෝ සසඳා ලබ්ධි විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් විචාරත්වා.
Pali BJTඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා එවං වදෙය්යුං: “යෙ ඉමෙසං භවතං ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා න අලමරියා න අලමරියසඞ්ඛාතා කණ්හා කණ්හසඞ්ඛාතා, ගොතමසාවකසඞ්ඝො ඉමෙ ධම්මෙ අනවසෙසං පහාය වත්තති, යං වා පන භොන්තො පරෙ ගණාචරියසාවකසඞ්ඝා”ති.
Sinhala BJTකාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, ‘මේ භවතුන්ගේ අකුසල් වූත් අකුසල් යි දන්නා ලද්දා වූත්, සදොස් වූත් සදොස් යි දන්නා ලද්දා වූත්, නොසෙවියැ යුතු වූත් නොසෙවියැ යුතු හ යි දන්නා ලද්දා වූත් අරියබව් ලබනුවට නොසමත් වූත්, අරියබව් ලබනුවට නොසමත් හ යි දන්නා ලද්දා වූත්, කළු වූත්, කළු යැ යි දන්නා ලද්දා වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ගොයුම්සවුමුළුව ම මෙකී දෑ නොඉතිරි කොට දුරැලා සිටී. අන් ගණැදුරන්ගේ සවුමුළුහු යම්තමක් ම දුරැ ලා සිටිත්’ යැ යි මෙසේ කියන්නාහ යන මේ කරුණ ඇත්තේ ම ය.
Pali BJTඉතිහ කස්සප, විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා අම්හෙව තත්ථ යෙභුය්යෙන පසංසෙය්යුං.
Sinhala BJTකාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු අප ම එහි බෙහෙවින් පසස්නාහ.
Pali BJT7. අපරම්පි නො කස්සප, විඤ්ඤූ සමනුයුඤ්ජන්තං සමනුගාහන්තං සමනුභාසන්තං සත්ථාරා වා සත්ථාරං සඞ්ඝෙන වා සඞ්ඝං: “යෙ ඉමෙසං භවතං ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කසඞ්ඛාතා, කො ඉමෙ ධම්මෙ අනවසෙසං සමාදාය වත්තති? ගොතමසාවකසඞ්ඝො වා, පරෙ වා පන භොන්තො ගණාචරියසාවකසඞ්ඝා?”ති.
Sinhala BJT7. කාශ්‍යපය, අනෙකෙක් ද ඇත. මේ භවතුන්ගේ කුසල් වූත් කුසල් යි දන්නා ලද්දාවූත්, නිදොස් වූත් නිදොස් යි දන්නා ලද්දාවූත්, සෙවියැ යුතු වූත් සෙවියැ යුතු හ යි දන්නා ලද්දාවූත්, අරියබව් ලබනුවට සමත් වූත් අරියබව් ලබනුවට සමත්හ යි දන්නා ලද්දාවූත්, සුදු වූත් සුදු යැ යි දන්නා ලද්දාවූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, කවරෙක් මේ දැ මුළුල්ල ම සමාදන් කොට ගෙන පවතී ද? ගොයුම්සවුමුළුව ද නැත හොත් අන් භවත් සවුමුළුහු දැ? යි ශාස්තෘහු හා ශාස්තෘහු ද, සවුමුළුව හා සවුමුළුව ද සසඳා නුවණැත්තෝ අප ලබ්ධිය විචාරත් වා, කරුණු විචාරත් චා, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරත් වා.
Pali BJTඨානං ඛො පනෙතං කස්සප, විජ්ජති යං විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා එවං වදෙය්යුං “යෙ ඉමෙසං භවතං ධම්මා කුසලා කුසලසඞ්ඛාතා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා අලමරියා අලමරියසඞ්ඛාතා සුක්කා සුක්කසඞ්ඛාතා, ගොතමසාවකසඞ්ඝො ඉමෙ ධම්මෙ අනවසෙසං සමාදාය වත්තති, යං වා පන භොන්තො පරෙ ගණාචරියසාවකසඞ්ඝා”ති.
Sinhala BJTකාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු, ‘මේ භවතුන්ගේ කුසල් වූත් කුසල් යි දන්නා ලද්දාවූත්, නිදොස් වූත් නිදොස් යි දන්නා ලද්දාවූත්, සෙවියැ යුතු වූත් සෙවියැ යුතු යැ යි දන්නා ලද්දාවූත්, අරියබවට සමත් වූත් අරියබවට සමත්හ යි දන්නා ලද්දාවූත්, සුදු වූත් සුදුහ යි දන්නා ලද්දාවූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ගොයුම්සවුමුළුව ම මේ දහම් මුළුල්ල සමාදන් කොට ගෙන පවතී. භවත් අන් ගණැඳුරුමුළුහු යම්තමක් ම සමාදන් කොට ගෙන පවතිත් යැ’ යි මෙසේ කියන්නාහ යන මේ කරුණ විද්‍යාමාන ම ය.
Pali BJTඉතිහ කස්සප, විඤ්ඤූ සමනුයුඤ්ජන්තා සමනුගාහන්තා සමනුභාසන්තා අම්හෙව තත්ථ යෙභුය්යෙන පසංසෙය්යුං.
Sinhala BJTකාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු, අප ම එහි බෙහෙවින් පසස්නාහ.
Pali BJT8. අත්ථි කස්සප, මග්ගො අත්ථි පටිපදා යථා පටිපන්නො සාමඤ්ඤෙව ඤස්සති සාමං දක්ඛිති “සමණො’ව ගොතමො කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී”ති.
Sinhala BJT8. කාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ “මහණ ගොයුම්හු ම කල් සලකා කථා කරන සුල්ලෝ ය, ඇත්ත ම කියන සුල්ලෝ ස, දෙලෝ වැඩ ඇසිරු කොට ම කියන සුල්ලෝ ය, නවලොවුතුරාදහම් ඇසිරු කොට කියන සුල්ලෝ ය, විනය ඇසිරු කොට ම කියන සුල්ලෝ යැ” යි තෙමේ ම දන්නේ නම්, තෙමේ ම දක්නේ නම්, ඒ මඟ ඇත. ඒ පිළිවෙත ඇත.
Pali BJTකතමො ච කස්සප, මග්ගො කතමා පටිපදා යථා පටිපන්නො සාමඤ්ඤෙව ඤස්සති සාමං දක්ඛිති “සමණො’ව ගොතමො කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී?”ති.
Sinhala BJTකාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ ... තෙමේ ම දන්නේ නම්, තෙමේ ම දක්නේ නම්, ඒ මඟ කවරේ ද? ඒ පිළිවෙත කවරේ ද?
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJTසම්මාදිට්‍ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ අරි අටැඟි මඟ ම ය.
Pali BJTඅයං ඛො කස්සප, මග්ගො අයං පටිපදා, යථා පටිපන්නො සාමඤ්ඤෙව ඤස්සති සාමං දක්ඛිති ‘සමණො’ව ගොතමො කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී’ති.
Sinhala BJTකාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ “මහණ ගොයුම්හු ම කල් සලකා කියන සුලුහ, ඇත්ත ම කියන සුලුහ, වැඩ ඇසිරැ ම කියන සුලුහ, විනය ඇසිරැ ම කියන සුලුහ” යි තෙමේ ම දන්නේ නම් තෙමේ ම දක්නේ නම් මේ ඒ මඟය, මේ ඒ පිළිවෙත ය.”
Pali BJT9. එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච:
Sinhala BJT9. මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය:
Pali BJT“ඉමෙපි ඛො ආවුසො ගොතම, තපොපක්කමා එකෙසං සමණබ්රාහ්මණානං සාමඤ්ඤසඞ්ඛාතා ච බ්රහ්මඤ්ඤසඞ්ඛාතා ච: අචෙලකො හොති මුත්තාචාරො, හත්ථාපලෙඛනො, න එහිභදන්තිකො, න තිට්ඨභදන්තිකො, නාභිහටං, න උද්දිස්සකටං, න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පටිග්ගණ්හාති, න කළොපිමුඛා පටිග්ගණ්හාති, න එළකමන්තරං, න දණ්ඩමන්තරං, න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සංකිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං. න සුරං න මෙරයං න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො, ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො, සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො, එකිස්සාපි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති, සත්තහිපි දත්තීහි යාපෙති, එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වාහිකම්පි ආහාරං ආහාරෙති, සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJT“ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණ බමුණන්ගේ මහණකමැ යි කියන ලද, බමුණුකමැ යි කියන ලද මේ තවකම් (තවුස්දම්) කෙනෙක් ඇත්හ: අචේලක (බහාලූ පිළි ඇතියේ) වෙයි. මුක්තාචාර (හරනා ලද ආචාර ඇතියේ) වෙයි. හස්තාවලෙහනක (බොජුන් කිස නිමි කලැ අත ලෝනේ) වෙයි. න ඒහිහදන්තික (වඩින්නැ වහන්සැ යි කැඳවන ලදුයේ නො එන්නේ) වෙයි. න තිට්ඨභදන්තික (වැඩ සිටින්නැ යි කියන ලදුයේ නො සිටුනේ) වෙයි. අභිහට භෝජනය (තමා එන්නට පළමු ගෙනා බොජුන්) නො ඉවසයි. උද්දිස්සකට භෝජනය (තමා උදෙසා පිළියෙල කළ බොජුන්) නො ඉවසයි. නිමන්ත්‍රණය (බොජුන් සඳහා අසෝ තැනට වඩින්නැ යි කළ නිමැතුම) නො ඉවසයි. කුම්භිමුඛයෙන් (කුඹුමුවින් - පිසූ බත් ලූ බඳුනින්) නඟා දුන් අහර නො පිළිගනී. කලෝපිමුඛයෙන් (ඉකිළි පැස්මුවින්){1} නඟා දුන් අහර නො පිළිගනී. එළිපත අතරැ කොට දුන් අහර නො පිළිගනී. දංඩක් අතරැ කොට දුන් අහර නො පිළිගනී. මොහොලක් අතරැ කොට දුන් අහර නො පිළිගනී. වළඳන දෙදෙනකුන්ගෙන් එකකු නැගී සිටැ දුන් අහර නො පිළිගනී. ගැබින්නක දුන් අහර, (දරුවාට) කිරි පොවන්නියක දුන් අහර, සැමියා අතරට ගිය ස්ත්‍රියක දුන් අහර නො පිළිගනී. දුඛික්සෙමෙහි (සමාදන් කොට පිළියෙල කළ බොජුන් අතුරෙන් ගෙන) දුන් අහර නො පිළිගනී. යම් තැනෙක බල්ලෙක් එළැඹ සිටියේ නම් ඌට නොදී ගෙනවුත් දුන් අහර, යම් තැනෙක මැස්සෝ රැස් රැස් වැ හැසිරෙන්නාහු නම් එ තැනින් දුන් අහර නො පිළිගනී. දියමස් ගොඩමස් නො පිළිගනී. රහමෙර නො බොයි. සෞවීරකය (සියලු ශශ්‍යසම්භාරයෙන් කළ කාඩිය) නො බොයි. හේ ඒකාගාරික (එක් ගෙයකින් ම අහර ලැබ නවත්නේ) හෝ ඒකාලෝපික (එක් බත් පිඬෙකින් ම යැපෙන්නේ) වෙයි. ද්වාගාරික (දෙගෙයෙකින් අහර ලැබ නවත්නේ) හෝ ද්වාලෝපික (දෙබත් පිඬුයෙකින් ම යැපෙන්නේ) වෙයි. සත්තාගාරික (සත් ගෙයෙකින් අහර ලැබ නවත්නේ) හෝ සත්තාලෝපික (සත් අහරපිඬෙකින් ම යැපෙන්නේ) වෙයි. එක් දත්තියෙක (කුඩා තලියෙක) බතින් ද යැපෙයි, දත්ති දෙකෙක බතින් ද යැපෙයි. දත්ති සතෙක බතින් ද යැපෙයි. දවසක් හැර දවසක් ද අහර ගනී. දෙදවසක් හැර දවසක් ද අහර ගනී. සත් දවසක් හැර දවසක් ද අහර ගනි. මෙසේ මෙබඳු වූ අඩමසක් හැර දවසක් ද වාර බත් වැළැඳීමේ ව්‍රතයේ යෙදුණේ වෙසෙයි.
Pali BJT10. ඉමෙ’පි ඛො ආවුසො ගොතම, තපොපක්කමා එකෙසං සමණබ්රාහ්මණානං සාමඤ්ඤසඞ්ඛාතා ච බ්රහ්මඤ්ඤසඞ්ඛාතා ච: සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා හොති, පිඤ්ඤාකභක්ඛො වා හොති, තිණභක්ඛො වා හොති, ගොමයභක්ඛො වා හොති, වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී.
Sinhala BJT10. ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණබමුණන්ගේ ‘මහණකම්’ යැ යි කියන ලද, ‘බමුණුකම්’ යැ යි කියන ලද මේ තවකම් (තවුස්දම්) කෙනෙක් වෙති: අමුපලා බුදිනේ හෝ වෙයි. බොඩහමු බුදිනේ හෝ වෙයි. සියදා වි (හූරු හැල්) බුදිනේ හෝ වෙයි. සම් ලියා ලූ කසට බුදිනේ හෝ වෙයි. ලහටු ද දිය සෙවෙල් ද බුදිනේ හෝ වෙයි. සහල් කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් කන්නේ හෝ වෙයි. මුරුවට කන්නේ හෝ වෙයි. තණකොළ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වන මුල් පල අහර කොටැත්තේ තමා ම වැටුණු පල වළඳනුයේ හෝ යැපෙයි.
Pali BJT11. ඉමෙ’පි ඛො ආවුසො ගොතම, තපොපක්කමා එකෙසං සමණබ්රාහ්මණානං සාමඤ්ඤසඞ්ඛාතා ච බ්රහ්මඤ්ඤසඞ්ඛාතා ච: සාණානි පි ධාරෙති, මසාණානි පි ධාරෙති, ඡවදුස්සානි පි ධාරෙති, පංසුකූලානි පි ධාරෙති, තිරීටානි පි ධාරෙති, අජිනම්පි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාලකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛිකම්පි ධාරෙති, කෙසමස්සුලොචකො’පි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො, උබ්භට්ඨකො’පි හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකො’පි හොති උක්කුටිකප්පධානමනුයුත්තො, කණ්ටකාපස්සයිකො’පි හොති, කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති, ඵලකසෙය්යම්පි කප්පෙති, ථණ්ඩිලසෙය්යම්පි කප්පෙති, එකපස්සයිකො’පි හොති, රජොජල්ලධරො අබ්භොකාසිකො’පි හොති යථාසන්ථතිකො, වෙකටිකො’පි හොති විකටභොජනානුයොගමනුයුත්තො, අපානකො’පි හොති අපානකත්තමනුයුත්තො, සායතතියකම්පි{1} උදකොරොහනානුයොගමනුයුත්තො විහරතී”ති.
Sinhala BJT11. ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණබමුණන්ගේ ‘මහණුවම්’ යැ යි කියන ලද, ‘බමුණුවම්’ යැ යි කියන ලද මේ තවකම් කෙනෙක් වෙති: හණවැහැරි ද දරයි. අන් හූ හා හන නූල් මුසු කොට වියූ වස්ත්‍ර දරයි. මිනියෙන් බැහැර කොට ලූ වස්ත්‍ර දරයි. ඉවතැ ලූ කඩමාලු රෙදි දරයි. රිටිසුඹුළුයෙන් වියූ වස්ත්‍ර දරයි. අඳුන්මුවසම් දරයි. මැදින් පැළූ අඳුන්මුව සම් දරයි. කුසතණ ගොතා කළ වැහැරි ද දරයි. නියඳවැහැරි ද දරයි. මිනිස් කෙහෙයෙන් කළ කම්බිලි ද දරයි. අස්වලග ලොමින් කළ කම්බිලි දරයි. මහමුහුණු පියාපත් ගොතා කළ වස්ත්‍ර දරයි. කෙහෙ රවුලු ඉදිරීමෙහි යෙදුණේ කේසමස්සුලොවක ද වෙයි. පිළිකෙවු කළ අසුන් ඇත්තේ නැගී සිටුනේ වෙයි. උත්කුටුක වූයේ ද උත්කුටුකවීර්‍ය්‍යයෙහි යෙදුණේ උත්කුටුක (වැ පැන පැන යන්නේ)ද වෙයි. කණ්ටකාපස්සයික (බිමැ කටු ගසා ඊ මතැ සමක් අතුරා එහි ඉඳුම් හිටුම් ඈ කරනුයේ) ද වෙයි. බිමැ කටු ගසා ඊ මතැ ලූ ඇතිරියෙහි ශයනය කෙරෙයි. පුවරුයෙහි ශයනය කරන්නේ ද වෙයි. ථණ්ඩිලසෙය්‍යාව (පිල්කඩෙහි ශයනය) කරන්නේ ද වෙයි. ඒකපස්සයික (එක් ඇලයෙකින් හෝනේ) ද වෙයි. රජස්දැලි දරනුයේ එළිමහනැ වසනුයේ ද වෙයි. අතුරන ලද පරිදි වූ (වෙනස් නොකොට) අස්නැ හිඳුනේ ද වෙයි. විකෘතභෝජනයෙහි (ගූථානුභවයෙහි) යෙදුණේ වෛකෘතික ද වෙයි. අපානකත්‍වයෙහි (සිහිල් දිය නොපීමෙහි) යෙදුණේ සිහිල් දිය නො බොන්නේ ද වෙයි. සවස තෙවැනි කොට (උදේ මද්දහන සවස යන තුන් වේලෙහි පව් සෝදා හරිනු පිණිස) දියට බැස්මෙහි යෙදුණේ වෙසෙයි යනු යි.
Pali BJT12. “අචෙලකො චෙ’පි කස්සප, හොති මුත්තාචාරො හත්ථාපලෙඛනො -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. තස්ස චායං සීලසම්පදා චිත්තසම්පදා පඤ්ඤාසම්පදා අභාවිතා හොති අසච්ඡිකතා. අථ ඛො සො ආරකා’ව සාමඤ්ඤා, ආරකා’ව බ්රහ්මඤ්ඤා.
Sinhala BJT12. “කාශ්‍යපය, ඉදින් අචේලකත් වේ ද, මුක්තාචාරත් (හරන ලද ආචාර ඇත්තේත්) වේ ද, හස්තාවලෙහනව්‍රත ඇතියේත් වේ ද ... සත් දවසකට වරක් අහර ගනී ද, මෙසේ මෙ බඳු වූ අඩමසක් හැර දවසක් ද වාරබත් වැළැඳිමේ ව්‍රතයේ යෙදුණේ වෙසේ ද, එහෙත් ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩන ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණුවම් කෙරෙන් දුරැ ම සිටියේ වෙයි, බමුණුවම් කෙරෙන් දුරැ ම සිටියේ වෙයි.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පි.
Sinhala BJTකාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්‍ෂු තෙම ද්වේෂ වෛර රහිත, දොම්නස් ව්‍යාපාද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් (ඵලසමාධියත්) ප්‍රඥාවිමුක්තියත් (ඵලඥානයත්) මෙ අත්බව්හි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, පසක් කොට, ලැබැ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
Pali BJT13. සාකභක්ඛො චෙ’පි කස්සප, හොති සාමාකභක්ඛො චෙ’පි කස්සප හොති -පෙ- වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී. තස්ස චායං සීලසම්පදා චිත්තසම්පදා පඤ්ඤාසම්පදා අභාවිතා හොති අසච්ඡිකතා. අථ ඛො සො ආරකා’ව සාමඤ්ඤා ආරකා’ව බ්රහ්මඤ්ඤා.
Sinhala BJT13. කාශ්‍යපය, තවුස් තෙමේ ඉදින් අමුපලා බුදිනුයේ වේ ද, බොඩහමු බුදිනුයේ වේ ද, ... තමන් ම වැටුණු ඵල බුදින සුලු වූයේ වන මුල් පල අහර කොටැත්තේ යැපේ ද, ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩන ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණකමින් දුරෙහි ම බමුණුකමින් දුරෙහි ම සිටියේ වෙයි.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පි.
Sinhala BJTකාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්‍ෂු තෙම ද්වේෂරහිත ව්‍යාපාදරහිත මෙත්සිත වඩා ද, ආස්‍රවයන්ගේ ද ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් තෙමේ ම මේ අත්බව්හි ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
Pali BJT14. සාණානි චෙ’පි කස්සප, ධාරෙති මසාණානි’පි ධාරෙති -පෙ- සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති, තස්ස චායං සීලසම්පදා චිත්තසම්පදා පඤ්ඤාසම්පදා අභාවිතා හොති අසච්ඡිකතා. අථ ඛො සො ආරකා’ව සාමඤ්ඤා ආරකා’ව බ්රහ්මඤ්ඤා.
Sinhala BJT14. කාශ්‍යපය, තවුස් තෙමේ ඉඳින් හණවැහැරියත් දරා ද හණනූල් අන් හූ හා මුසු කොට වියූ වස්ත්‍රත් දරා ද ... සවස තෙවැනි කොට දියට බැසීමෙහි යෙදුණේ වෙසේ ද, ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩනා ලදුයේ පසක් නොකරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණකමින් දුරෙහි ම බමුණුකමින් දුරෙහි ම සිටියේ වෙයි.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පීති.
Sinhala BJTකාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්‍ෂු තෙම ද්වේෂ රහිත ව්‍යාපාද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ද ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් තෙමේ ම මෙ අත්බව්හි ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ”.
Pali BJT15. එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච: දුක්කරං භො ගොතම සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති.
Sinhala BJT15. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, කාශ්‍යප තෙම “භවද් ගෞතමයිනි, මහණකම දුෂ්කර ය. බමුණුකම දුෂ්කර යැ”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
Pali BJT“පකති ඛො එසා කස්සප, ලොකස්මිං දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති.”
Sinhala BJT“කාශ්‍යපය, ‘මහණකම දුෂ්කර ය, බමුණුකම් දුෂ්කර යැ’ යන මෙය ලොවැ ප්‍රකෘති කථාව ය.”
Pali BJTඅචෙලකො චෙ’පි කස්සප, හොති මුත්තාචාරො -පෙ- ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. ඉමාය ච කස්සප මත්තාය ඉමිනා ච තපොපක්කමෙන සාමඤ්ඤං වා අභවිස්ස බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං, නෙතං අභවිස්ස කල්ලං වචනාය දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤ”න්ති.
Sinhala BJTකාශ්‍යපය, තවුස් තෙම අචේලකත් වේද, මුක්තාචාරත් වේ ද .... මෙසේ අඩමසකට වරක් (අඩමසක් හැර දවසක්) මෙබඳු වාර බත් වැළැඳීමේ යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මෙ පමණින් ම මේ (සුළු තවකමින් ම) මහණකම හෝ බමුණුකම දුෂ්කරත් ඉතා දුෂ්කරත් වන්නේ නම්, ‘මහණකම දුෂ්කර යැ සි, බමුණුකම දුෂ්කර යැ’ යන්න කීමට යෝග්‍ය නො වන්නේ ය.
Pali BJT16. සක්කා ච පනෙතං අභවිස්ස කාතුං ගහපතිනා වා ගහපතිපුත්තෙන වා අන්තමසො කුම්භදාසියා’පි: “හන්දාහං අචෙලකො හොමි මුත්තාචාරො -පෙ- ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරාමී”ති. යස්මා ච ඛො කස්සප අඤ්ඤත්රෙව ඉමාය මත්තාය අඤ්ඤත්ර ඉමිනා තපොපක්කමෙන සාමඤ්ඤං වා හොති බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං, තස්මා එතං කල්ලං වචනාය දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති.
Sinhala BJT16. කාශ්‍යපය, ගැහැවියක්හු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසින් නුමුදු “මම දැන් අචේලක වෙමි, මුක්තාචාර වෙමි ... මෙසේ අඩමසක් හැර දවසක් දැ යි මෙබඳු වාර බත් වැළැඳීමේ යෙදුණෙම් වෙසෙමි”යි මේ තවකම් කරන්නට හැක්කේ වන්නේය. කාශ්‍යපය, යම් හෙයෙකින් මෙ පමණින් (මේ මඳ පිළිවෙතින්) වෙන් ව ම, මේ තවකමින් වෙන් ව ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ නම්, එහෙයින් ‘මහණකම් දුෂ්කර ය, බමුණුකම් දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පි.
Sinhala BJTකාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා නම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ නම්, කාශ්‍යපය, මෙහි භික්‍ෂුතෙම මහණ යැ යි දු බමුණු යැ යි දු කියනු ලැබේ.
Pali BJT17. සාකභක්ඛො චෙ’පි කස්සප, හොති -පෙ- වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී. ඉමාය ච කස්සප මත්තාය ඉමිනා තපොපක්කමෙන සාමඤ්ඤං වා අභවිස්ස බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං, නෙතං අභවිස්ස කල්ලං වචනාය ‘දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති’.
Sinhala BJT17. කාශ්‍යපය, ඉදින් තවුස් තෙම අමු පලා කන්නේ වේ ද ... තමන් ම වැටුණු පල බුදින සුලු වූයේ වෙනෙහි මුල් පල අහර කොට යැපේ ද, කාශ්‍යපය, මෙ පමණින් ම මේ තවකමින් ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වන්නේ නම් ‘මහණකම දුෂ්කර යැ, බමුණුකම් දුෂ්කර යැ’ යි කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
Pali BJTසක්කා ච පනෙතං අභවිස්ස කාතුං ගහපතිනා වා ගහපතිපුත්තෙන වා අන්තමසො කුම්භදාසියාපි: ‘හන්දාහං සාකභක්ඛො වා හොමි, -පෙ- වනමූලඵලාහාරො යාපෙමි පවිත්තඵලභොජී’ති. යස්මා ච ඛො කස්සප අඤ්ඤත්රෙව ඉමාය මත්තාය අඤ්ඤත්ර ඉමිනා තපොපක්කමෙන සාමඤ්ඤං වා හොති බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං, තස්මා එතං කල්ලං වචනාය ‘දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති’.
Sinhala BJTකාශ්‍යපය, ගැහැවියකු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසින් නමුදු “මම දැන් අමුපලා කන්නෙම් වෙමි ... ස්වයම්පතිත ඵලභෝජි ව වනමූලඵලහාර ඇත්තෙම් යැපෙමි’යි මේ තවකම් කරන්නට හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් ම මේ මඳ පිළිවෙතින් වෙන් ව ම මෙ තවකමින් වෙන් ව ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ ද, එ හෙයින් ‘මහණකම දුෂ්කර ය, බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියනුවට යෝග්‍ය ය.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පි.
Sinhala BJTකාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා නම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ නම්, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
Pali BJT18. සාණානි චෙ’පි, කස්සප, ධාරෙති මසාණානි’පි ධාරෙති -පෙ- සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉමාය ච කස්සප මත්තාය ඉමිනා තපොපක්කමෙන සාමඤ්ඤං වා අභවිස්ස බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං, නෙතං අභවිස්ස කල්ලං වචනාය ‘දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති’.
Sinhala BJT18. කාශ්‍යපය, ඉදින් තවුස් තෙම හණවැහැරි දරා ද, හණනූල් මුසු අන්හුයින් වියූ වස්ත්‍ර දරා ද ... සවස තෙවෙනි කොට දියේ බැසීමෙහි යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින් මේ තවකමින් දුෂ්කරත් සුදුෂ්කරත් වූ මහණකමෙක් බමුණුකමෙක් වන්නේ නම් ‘ මහණකම දුෂ්කර යැ බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
Pali BJTසක්කා ච පනෙතං අභවිස්ස කාතුං ගහපතිනා වා ගහපතිපුත්තෙන වා අන්තමසො කුම්භදාසියාපි: ‘හන්දාහං සාණානිපි ධාරෙමි, මසාණානිපි ධාරෙමි, -පෙ- සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරාමී’ති. යස්මා ච ඛො කස්සප අඤ්ඤත්රෙව ඉමාය මත්තාය අඤ්ඤත්ර ඉමිනා තපොපක්කමෙන සාමඤ්ඤං වා හොති බ්රහ්මඤ්ඤං වා දුක්කරං සුදුක්කරං, තස්මා එතං කල්ලං වචනාය ‘දුක්කරං සාමඤ්ඤං දුක්කරං බ්රහ්මඤ්ඤන්ති’.
Sinhala BJT‘මම් දැන් හණවැහැරි දරමි, හණනූල් අන්නූල් හා මුසු කොට වියූ වස්ත්‍ර දරමි ... සවස තෙවෙනි කොටැති ව දියෙහි ගැලීමෙහි යෙදුණෙම් වෙසෙමි’යි ගැහැවියකු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසිනුදු මෙය කරන්නට හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් මේ මඳ පිළිවෙත හැර ම මේ තවකම් හැර ම, මහණකම් හෝ බමුණුකම් දුෂ්කරත් සුදුෂ්කරත් වේ ද, එහෙයින් ‘මහණකම් දුෂ්කර ය, බමුණුකම් දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
Pali BJTයතො ඛො කස්සප, භික්ඛු අවෙරං අබ්යාපජ්ජං මෙත්තචිත්තං භාවෙති, ආසවානඤ්ච ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං වුච්චති කස්සප භික්ඛු සමණො ඉති’පි බ්රාහ්මණො ඉති’පීති.
Sinhala BJTකාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
Pali BJT19. එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච: “දුජ්ජානො භො ගොතම සමණො දුජ්ජානො බ්රාහ්මණො”ති.
Sinhala BJT19. මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවද් ගෞතමයිනි, මහණ තෙම දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු යැ” යි මේ වචන කීය.
Pali BJT“පකති ඛො එසා කස්සප ලොකස්මිං ‘දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො”ති.
Sinhala BJT“කාශ්‍යපය, ‘මහණ තෙමේ දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු ය’ යන මෙය ලොවැ ප්‍රකෘති කථාව ම ය.”
Pali BJT20. අචෙලකො චෙ’පි කස්සප, හොති -පෙ- ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. ඉමාය කස්සප මත්තාය ඉමිනා තපොපක්කමෙන සමණො වා අභවිස්ස බ්රාහ්මණො වා දුජ්ජානො සුදුජ්ජානො, නෙතං අභවිස්ස කල්ලං වචනාය ‘දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො’ති.
Sinhala BJT20. කාශ්‍යපය, ඉදින් තවුස් තෙම අචේලක වේ ද, ... මෙසේ මෙබඳු අර්‍ධමාසික පර්‍ය්‍යායභක්‍තභෝජනව්‍රතයෙහි යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින්, මේ තවකමින් දුකසේ දතයුතු ඉතා දුකසේ දතයුතු මහණෙක් බමුණෙක් වන්නේ නම්, ‘මහණ තෙම දුකසේ දත යුත්තේ ය, බමුණු තෙම දුකසේ දත යුත්තේ යැ’ යන මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
Pali BJTසක්කා ච පනෙසො අභවිස්ස ඤාතුං ගහපතිනා වා ගහපතිපුත්තෙන වා අන්තමසො කුම්භ දාසියාපි: අයං අචෙලකො හොති මුත්තාචාරො -පෙ- ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරතීති. යස්මා ච ඛො කස්සප අඤ්ඤත්රෙව ඉමාය මත්තාය අඤ්ඤත්ර ඉමිනා තපොපක්කමෙන සමණො වා හොති බ්රාහ්මණො වා දුජ්ජානො සුදුජ්ජානො, තස්මා එතං කල්ලං වචනාය දුජ්ජානො සමණො දුජ්ජානො බ්රාහ්මණො’ති.
Sinhala BJTගැහැවියකු හෝ ගැහැවිපුතක්හු හෝ යටත් පිරිසෙයින් කළදැස්සක හෝ විසිනුදු ‘මේ තෙමේ අචේලක වෙයි, මුක්තාචාර වෙයි ... මෙසේ මෙබඳු ආර්‍ධමාසික වූ ද පර්‍ය්‍යායභක්තභෝජනව්‍රතයෙහි යෙදුණේ වෙසේ යැ’ යි ඔහු දත හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් මේ මඳ පිළිවෙත හැර ම මේ තවකම් හැර ම මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ දුකසේ දත යුතු වේ ද, ඉතා දුකසේ දත යුතු වේ ද, එහෙයින් ‘මහණ තෙම දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු යැ’යි මෙය කියන්නට යෝග්‍ය ය.