Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.
Sinhala BJTබමුණ, එසේ ම මහණ තෙමේ සිත මේ පරිද්දෙන් එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ නැති වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, සතුන්ගේ මැරුම් දිනුම් දක්නා නුවණ ලබනුවට සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ මිනිස් විසා ඉක්මැවූ පිරිසිදු දිවැසින් ‘අහෝ මේ භවත් සත්ත්‍වයෝ කාදුසිරියෙන් විසීදුසිරියෙන් මන්‍දුසිරියෙන් යුතුහ. අරීපුඟුලනට දොස් නැඟූහ. මිසදිට් ගතුවහ. මිසදිට් විසින් ගත් සදොස් වත් ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ නපුරු කමින් උපන් තමනට තමන් අවශග වැ වැටෙන තැන් වූ නිරා වන්නහ. -
Pali BJTඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTඑහෙත් මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කාසුසිරියෙන් විසීසුසිරියෙන් මන්සුසිරියෙන් යුතුවහ, අරීනට දොස් නොනැඟුවහ, සම්දිටුහ, සම්දිටු විසින් ගත් සිල් ඈ ඇතියහ. මොහු කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව් වන්නහැ’යී මෙසේ මැරෙනු ළං වූ ද, පිළිසඳ ගත් කෙණෙහි වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගති පැමිණි ද, දුගති පැමිණි ද, කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ පිරිසිදු වූ මිනිස් විසා ඉක්මැ පැවැති දිවැසින් උස් පහත් මනා පැහැති නොමනා පැහැති සුගී දුගී සතුන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළඹැ සිටි සතුන් දකී.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ද ඇති වඩා අනුහස් ද ඇති යඥයෙක.
Pali BJT91. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ‘ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. ‘අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJT91. හේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, ආස්‍රවයන්ගේ වැනැස්ම පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. එසේ වූ හෙ තෙමේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් උපදනා කරුණු යැ’ යී ඇති සැටියෙන් දනී. ‘මේ (දුක් වැනැස්මට අරමුණු වන) නිවනැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’ යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවහ’ යී ඇති සැටියෙන් දනී, ‘මේ ආස්‍රව ඉපැත්මට කරුණු යැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට අරමුණු වන නිවනැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පමුණුවන පිළිවෙත’ යි ඇති සැටියෙන් දනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදිණැ’යී පස්විකුම් නුවණ වේ. බව උපත නැවැතිණ. මඟ බඹසර වැසැ නිමැවිණ. සිවු සස්හි සිවු මඟින් කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොටැ නිමැවිණ. මේ කෙලෙස් නසනු පිණිස තවත් කළ යුතු දැයෙක් නැතැ’යි හේ දනී.
Pali BJT92. සෙය්යථාපි බ්රාහ්මණ, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකා’පි සක්ඛරකඨලා’පි මච්ඡගුම්බා’පි චරන්තිපි තිට්ඨන්තිපී’ති;
Sinhala BJT92. බමුණ, යම්සේ කඳු මුදුනෙක වූ, පහන්, වෙසෙසින් පහන්, නොබොර විලෙක් වන්නේ නම්, එහි ඉවුරැ ඇස් ඇති මිනිසෙක් සිටියේ, එය තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පිබෙල්ලනුත් සක්බෙල්ලනුත් කැට කැබැලිතිත් මස්කැලත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට මේ විල පහන් ය, වෙසෙසින් පහන් ය, නොබොර ය. මෙහි “මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැටකැබැලිතිත් මස් කැලත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති”යී මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. ‘සො ඉදං දුක්ඛන්ති’ යථාභූතං පජානාති. ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ‘ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. ‘අයං ආසවසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTබමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක්වැනැස්මට පමුණුවන පිළිවෙතැ’සි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවහ’ යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධය යැ’ යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී පිළිවෙතැ’යී ඇති සැටියෙන් දනී.
Pali BJTතස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති. භවාසවා’පි චිත්තං විමුච්චති. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTමෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ ය’යී දැනීම වේ. “භවෝත්පත්තිය ක්‍ෂීණ විය. මහබඹසර වැස නිමැවිණ. සිවුමඟින් කළ යුතු සොළොස් කිස කොටැ නිමැවිණ. මෙ බව් පිණිස කළ යුතු තව කිසිත් නැතැ” යී හේ දනී.
Pali BJTඅයම්පි ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච __මහප්ඵලතරො ච__ මහානිසංසතරො ච. ඉමාය ච බ්රාහ්මණ, යඤ්ඤසම්පදාය අඤ්ඤා යඤ්ඤසම්පදා උත්තරිතරා වා පණීතතරා වා නත්ථී”ති.
Sinhala BJT“බමුණ, මේ පළමු දැක්වුණු (සියලු) යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කටහැකි, (එහෙත්) වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුසස් ද ඇති යඥය ය. බමුණ, මේ යාග සම්පතට වඩා මනෝඥවූ උතුම් වූ අන් යාගසම්පතෙක් නැත.”
Pali BJT93. එවං වුත්තෙ කූටදන්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝං ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. එසාහං භො ගොතම සත්ත ච උසභසතානි සත්ත ච වච්ඡතරසතානි, සත්ත ච වච්ඡතරීසතානි, සත්ත ච අජසතානි සත්ත ච උරබ්භසතානි මුඤ්චාමි, ජීවිතං දෙමි. හරිතානි චෙව තිණානි ඛාදන්තු සීතානි ච පානීයානි පිවන්තු, සීතො ච නෙසං වාතො උපවායතූති.
Sinhala BJT93. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි කුළුදත් බමුණු තෙමේ, “වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, යම් සේ යැටිකුරු කොට තැබුණු බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු යමක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් දහම පැවැසිණ, වහන්ස, ඒ මම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද දහම ද බික් සඟන ද සරණ යෙමි. වහන්ස, අද පටන් දිව්හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවද් ගෞතමයන් වහන්සේ මා දැන වදාරණ සේක් වා. භවද් ගෞතමයන් වහන්ස, ඒ මම් සත්සියක් ගොනුන් ද සත්සියක් නාඹු වස්සන් ද සත්සියක් නාඹු වැස්සියන් ද සත් සියක් එළුවන් ද සත්සියක් තරුණ බැටෙළුවන් ද මුදා ලමි. ඔවුනට දිවි දෙමි. නිල්තණ බුදිත්ව යි ද, සිහිල් පැන් බොත්ව යි ද, ඔවුනට සිහිල් පවන ද හමත්ව’යි කියායි.
Pali BJT94. අථ ඛො භගවා කූටදන්තස්ස බ්රාහ්මණස්ස අනුපුබ්බීකථං කථෙසි සෙය්යත්ථිදං? දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි කූටදන්තං බ්රාහ්මණං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං. අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා, තං පකාසෙසි: දුක්ඛං සමුදයං නිරොධං මග්ගං.
Sinhala BJT94. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුළුදත් බමුණුහට දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමාදීනව කථා, කාමයන්ගේ ලාමකබව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි අනුසස් පැවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක කුළුදත් බමුණහු (ඒ දහම් ඇසීමෙන්) නීරෝග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණයන්ගෙන් පහවූ සිතැත්තහු, ඔදවැඩීගිය පහන් සිතැත්තහු දත් සේක් ද, එකල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්‍ෂකී ධර්‍මදේශනාවක් වේ නම් එය පැවසූ සේක.
Pali BJTසෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය, එවමෙවං කූටදන්තස්ස බ්රාහ්මණස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.
Sinhala BJTයම් සේ පිරිසිදු වූ පහ වූ කළු බව් ඇති වතෙක් මොනොවට ම රඳන් පිළිගන්නේ ද, එසේ ම කුළුදත් බමුණුහට එ අස්නෙහි ම, යමෙක් උපදනාසුලු නම් ඒ සියල්ල නැසෙන සුලු වේ යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස පහළ විය.
Pali BJT95. අථ ඛො කූටදන්තො බ්රාහ්මණො දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT95. ඉක්බිති (මෙසේ) දුටු අරීසස් දහම් ඇති, පැමිණි අරීසස් දහම් ඇති, ප්‍රකට වූ අරීසස් දහම් ඇති, බැසැ ගත් අරීසස් දහම් ඇති, තීණු විසිකිස් ඇති, පහ වූ සැක ඇති, බුදුසස්නැ විසාරද බවට පැමිණි, පරප්‍රත්‍යය රහිත වූ කුළුදත් බමුණු තෙමේ ‘පින්වත් ගෞතම තෙමේ සෙට දිනට මගේ බත බික් සඟන හා ඉවසා වා’යි භාග්‍යවතුන් වහන්සේට කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක.
Pali BJT97. අථ ඛො කූටදන්තො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො කූටදන්තො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ යඤ්ඤාවාටෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති.
Sinhala BJT97. ඉක්බිති කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැනැ හුනස්නෙන් නැඟී ඔබ වැඳැ පැදකුණු කොට නික්මුණේ ය. ඉන් පසු කුළුදත් බමුණු ඒ රැය ඇවෑමෙන් සිය යාගශාලායෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා, ‘පින්වත් ගෞතමයිනි, දැන් කල් ය. බත නිමියේ යැ’යී භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී ය.
Pali BJT98. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන කූටදන්තස්ස බ්රාහ්මණස්ස යඤ්ඤාවාටො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො කූටදන්තො බ්රාහ්මණො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො කූටදන්තො බ්රාහ්මණො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කූටදන්තං බ්රාහ්මණං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJT98. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ බික් සඟන කැටුව කුළුදත් බමුණුගේ යාගාවාටය කරා එළැඹි සේක. එළැඹ පැනැවු අස්නැ වැඩහුන් සේක. එ කල්හි කුළුදත් බමුණු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී ය. පැවැරැවී ය. ඉන් පසු කුළුදත් බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත්ඇත්තවුත් දැනැ, මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳැගත්තේ ය. එසේ හුන් කුළුදත් බමුණුට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කරුණු දක්වා ගුණදහම් ගන්වා ගුණදහම් වැඩීමෙහි උනන්දු කොට ගුණ වදාරා සිත සතුටු කොට හුනස්නෙන් නැගී නික්මි සේක.
Pali BJTකූටදන්තසුත්තං නිට්ඨිතං පඤ්චමං.
Sinhala BJTපස්වනු කුළුදත් සුතුර නිමියේය.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTමහාලිසුත්තං
Sinhala BJTමහාලි සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහවෙනෙහි කුළාරහල් මඟ වෙහෙරෙහි වැඩැ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා වෙසාලියං පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො තෙ කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා, “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉති’පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJTඑ සමයෙහි වූ කලි කොසොල් රට වැසි බොහෝ බමුණු දූතයෝ ද මගද රට වැසි බොහෝ බමුණු දූතයෝ ද කිසි යම් ඇවැසි කටයුත්තෙකින් විසල් පුරැ (අවුත්) වෙසෙති. කොසොල් රටින් පැමිණි ද මගදරටින් පැමිණි ද එ බමුණු දූතයෝ රටේ පැතිරැ පැවැති මේ කතාව ඇසූහ: (මෙ බඳු කතාවෙක් ඔවුන් කනැ වැටිණ.) “සැහැකුලෙන් නික් මැ පැවිදි වූ සැහැපුත් මහණ ගොයුම් තෙමේ වනාහි (මෙ සමයෙහි) විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණිනුත් රහත් ය, සම්මාසම්බුදු ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යී ඒ පින්වත් ගොයුම්හු පිළිබඳ කලණ කිත් හඬ උස් වැ නැංගේ ය. ඒ පින්වත් ගොයුම් තෙමේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත් වග තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත අකුරු සපුව සහිත හැම ලෙසින් පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු බඹසර පවසයි. එ බඳු වූ රහතුන් දැක්ම වූ කලි හිත වැඩ එළවනුයේ වෙයි”යනු යි.
Pali BJT2. අථ ඛො තෙ කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා යෙන මහාවනං කූටාගාරසාලා තෙනුපසඞ්කමිංසු. තෙන ඛො පන සමයෙන ආයස්මා නාගිතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො තෙ කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා යෙනායස්මා නාගිතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං නාගිතං එතදවොචුං: “කහං නු ඛො භො නාගිත, එතරහි සො භවං ගොතමො විහරති? දස්සනකාමා හි මයං තං භවන්තං ගොතමන්ති.”
Sinhala BJT2. ඉක්ඛිති, කොසොල් රටින් ද මගද රටින් ද පැමිණ ඒ බමුණුදූතයෝ මහවෙනෙහි කුළාරහල් වෙහෙරට එළැඹියහ. එ සමයෙහි නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උවටු වෙති. ඉක්බිති ඒ දෙරටින් ම ආ බමුණු දූතයෝ නාගිත තෙරුන් කරා ගියහ. ගොස්, ‘පින්වත් තාගිතයිති, දැන් ඒ පින්වත් ගොයුමාණෝ කොහි වෙසෙත් ද? අපි වනාහි ඒ භවත් ගොයුමාණන් දක්නා රිසියම්හ’යි කීහ.
Pali BJT“අකාලො ඛො ආවුසො, භගවන්තං දස්සනාය. පටිසල්ලීනො භගවා”ති.
Sinhala BJT“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්නට (දැන්) කල් නො වේ ම ය. භාග්‍යවතුන් වහන්සේ (දැන්) පිළිසලනෙහි යෙදුණු සේක් වෙති”යී (නාගිත තෙරණුවෝ වදාළහ.)
Pali BJTඅථ ඛො තෙ කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා තත්ථෙව එකමන්තං නිසීදිංසු: “දිස්වා’ව මයං තං භවන්තං ගොතමං ගමිස්සාමා”ති.
Sinhala BJTඑ විටැ ඒ බමුණු දූතයෝ ‘අපි ඒ පින්වත් ගොයුමාණන් දැකැ ම යන්නම්හ’ යී එහි ම එක් පසෙකැ හිඳ ගත්හ.
Pali BJT3. ඔට්ඨද්ධො’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං යෙන මහාවනං කූටාගාරසාලා යෙනායස්මා නාගිතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං නාගිතං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ඔට්ඨද්ධො’පි ලිච්ඡවී ආයස්මන්තං නාගිතං එතදවොච: “කහං නු ඛො භන්තෙ නාගිත, එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො? දස්සනකාමා හි මයං තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධන්ති.”
Sinhala BJT3. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද මහත් ලිච්ඡවි පිරිසක් හා මහවනයට කුළාරහලට, එහි නාගිත තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹ, නාගිත තෙරුන් වැඳ පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද නාගිත තෙරුනට “වහන්ස, දැන් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ කොහි වසන සේක් ද? අපි ඒ භගවත් රහත් සම්මාසම්බුදුන් දක්නා රිස්සමෝ”යී මෙ බස් කී ය.
Pali BJT“අකාලො ඛො මහාලි, භගවන්තං දස්සනාය. පටිසල්ලීනො භගවා”ති. ඔට්ඨද්ධො’පි ලිච්ඡවි තත්ථෙව එකමන්තං නිසීදි. “දිස්වා ව අහං තං භගවන්තං ගමිස්සාමි අරහන්තං සම්මාසම්බුද්ධන්ති.”
Sinhala BJT“මහාලිය, භාග්‍යවතුන් වහන්සේ දක්නට දත් නොකල් ය. භාග්‍යවතුන් වහන්සේ දැන් පිළිසලනෙහි යෙදී හිඳිනා සේකැ”යී තෙරණුවෝ වදාළහ. ඔට්ඨද්ධ ලිච්ඡවී තෙමේත් “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැකැ ම යන්නෙමි”යී එහි ම එක් පසෙකැ හිඳැ ගත්තේ ය.
Pali BJT4. අථ ඛො සීහො සමණුද්දෙසො යෙනායස්මා නාගිතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං නාගිතං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ‘එකමන්තං ඨිතො ඛො සීහො සමණුද්දෙසො ආයස්මන්තං නාගිතං එතදවොච: එතෙ භන්තෙ කස්සප, සම්බහුලා කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා ඉධූපසඞ්කන්තා භගවන්තං දස්සනාය. ඔට්ඨද්ධො’පි ලිච්ඡවි මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං ඉධූපසඞ්කන්තො භගවන්තං දස්සනාය. සාධු භන්තෙ කස්සප ලභතං එසා ජනතා භගවන්තං දස්සනායා’ති.
Sinhala BJT4. එකල්හි වනාහි සිංහ නම් හෙරණ නාගිත තෙරුන් කරා ගියේ ය. ගොස් තෙරුන් වැඳ, පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි හෙරණ තෙම කාශ්‍යපයන් වහන්ස, මේ කොසොල් රටින් ද මගද රටින් ද පැමිණැ සිටින බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි එළැඹියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවී ද මහත් ලිච්ඡවී පිරිසක් හා කැටුව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස මෙහි එළැඹියේ වෙයි. කාශ්‍යපයන් වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී සැළ කෙළේ ය.
Pali BJT‘තෙන හි සීහ, ත්වඤ්ඤෙව භගවතො ආරොචෙහීති’. ‘එවං භන්තෙ’ති ඛො සීහො සමණුද්දෙසො ආයස්මතො නාගිතස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සීහො සමණුද්දෙසො භගවන්තං එතදවොච: “එතෙ භන්තෙ සම්බහුලා කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා ඉධූපසඞ්කන්තා භගවන්තං දස්සනාය, ඔට්ඨද්ධො’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං ඉධූපසඞ්කන්තො භගවන්තං දස්සනාය. සාධු භන්තෙ ලභතං එසා ජනතා භගවන්තං දස්සනායා”ති.
Sinhala BJT“සිංහය, එසේ වී නම්, තෙපි ම භාග්‍යවතුන් වහන්සේට සැළ කරව”යී (තෙරණුවෝ වදාළහ.) “එසේ ය, වහන්සැ’ යී ම සිංහ හෙරණ තෙම නාගිත තෙරුනට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය, ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. එසේ සිට, “වහන්ස, කොසොල් මගද යන දෙ රටින් පැමිණි මේ බොහෝ වූ බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියෝ වෙති. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිසක් කැටුව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියේ වෙයි. වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී කී ය.
Pali BJT“තෙන හි සීහ, විහාරපච්ඡායායං ආසනං පඤ්ඤාපෙහී”ති.
Sinhala BJT“සිංහය, එසේ නම් විහාරප්‍රාක්ඡායායෙහි (වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි) අස්නක් පණවව”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
Pali BJT“එවං භන්තෙ’ති ඛො සීහො සමණුද්දෙසො භගවතො පටිස්සුත්වා විහාරපච්ඡායායං ආසනං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා විහාරා නික්ඛම්ම විහාරපච්ඡායායං පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT“එසේ ය වහන්සැ”යී ම සිංහ හෙරණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී වෙහෙර ඉදිරියේ සෙවණෙහි අස්නක් පැණැවී ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි පැණැවුණු අස්නැ වැඩැහුන් සේක.
Pali BJT5. අථ ඛො තෙ කොසලකා ච බ්රාහ්මණදූතා මාගධකා ච බ්රාහ්මණදූතා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. ඔට්ඨද්ධො’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවිපරිසාය සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ඔට්ඨද්ධො ලිච්ඡවී භගවන්තං එතදවොච:
Sinhala BJT5. ඉක්බිති ඒ කොසොල් මගද දෙරටින් ආ බමුණු දූතයෝ භාග්‍යවතුන් වෙත එළැඹියාහ, එළැඹැ ඔබ හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිහි කටයුතු (සිතැ රැඳවියැ යුතු) කතා නිමවා පසෙකැ හිඳ ගත්හ. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිස හා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔබ වැඳැ පසෙක හිඳැ ගත්තේ ය. එසේ පසෙකැ හිඳැ ගත් ම ඔට්ඨද්ධ ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය:
Pali BJT“පුරිමානි භන්තෙ, දිවසානි පුරිමතරානි සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච: ‘යදග්ගෙ අහං මහාලි, භගවන්තං උපනිස්සාය විහරාමි න චිරං තීණි වස්සානි, දිබ්බානි හි ඛො රූපානි පස්සාමි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. නො ච ඛො දිබ්බානි සද්දානි සුණාමි පියරූපානි කාමූපසංහිතානි රජනීයානී”ති. සන්තානෙව නු ඛො භන්තෙ සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො දිබ්බානි සද්දානි නාස්සොසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි උදාහු අසන්තානී”? ති.
Sinhala BJT“වහන්ස, ඊයේ දවසැ ද එයිනුත් පෙර දිනවල ද ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත තෙමේ මා වෙත ආයේ ය. අවුත් මට ‘මහාලිය, යම් දිනෙක පටන් තුන් හවුරුදු පමණ වූ නොබෝ කලක් මම් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොටැ විසිම් ද, ඒ කාලය තුළැ කම්රස යුත් මිහිරි වූ, සිත් අලවන දෙව් රූ වූ කලි දිටිමි. වැලි කම්රස ඇති, මිහිරි වූ, සිත් අලවන දෙව් හඬ නො ම ඇසීමි’ යී කී ය. වහන්ස, ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්තයා ඇත්තා වූ ම මිහිරි කම්රස ඇති සිත් අලවන දෙව් හඬ නො ඇසී ද? නැතහොත් නැත්තාවූ ම එසේ වූ දෙව්හඬ නො ඇසී ද?” (යනු යී).
Pali BJT“සන්තානෙව ඛො මහාලි, සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො දිබ්බානි සද්දානි නාස්සොසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි නො අසන්තානී”ති.
Sinhala BJT“මහාලිය, නැත්තා වූ දෙව් හඬ නො ව ඇත්තා වූ ම මිහිරි වූ, කම්රස යුත් සිත් අදනා දෙව්හඬ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම නො ඇසී යැ”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT6. “කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො, යෙන සන්තානෙව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො දිබ්බානි සද්දානි නාස්සොසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නො අසන්තානී?”ති.
Sinhala BJT6. “වහන්ස, යම් හෙයෙකින් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා නැත්තා වූ හඬක් නො ව ඇත්තා වූ ම, මිහිරි වූ, කම්රස යුත්, සිත් අදනා දෙව්හඬ නො ඇසී නම්, එයට හේතු කවර යැ? ප්‍රත්‍යයය කවරයැ?” (යී මහාලී පුළුවුත).
Pali BJT“ඉධ මහාලි, භික්ඛුනො පුරත්ථිමාය දිසාය එකංසභාවිතො සමාධි හොති දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සො පුරත්ථිමාය දිසාය එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. පුරත්ථිමාය දිසාය දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නො ච ඛො දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හෙතු: එවං හෙතං මහාලි, හොති භික්ඛුනො පුරත්ථිමාය දිසාය එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.
Sinhala BJT“මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වූ, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස පෙර දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි පෙර දිගැ වූ මිහිරි … දෙව්රූ දකී. එහෙත් මිහිරි … දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ … දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස පෙර දිගට සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
Pali BJT7. පුන චපරං මහාලි, භික්ඛුනො දක්ඛිණාය දිසාය -පෙ- පච්ඡිමාය දිසාය -පෙ- උත්තරාය දිසාය -පෙ- උද්ධමධො තිරියං එකංසභාවිතො සමාධි හොති දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සො උද්ධමධො තිරියං එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, උද්ධමධො තිරියං දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නො ච ඛො දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හෙතු? එවං හෙතං මහාලි, හොති භික්ඛුනො දක්ඛිණාය දිසාය -පෙ- උද්ධමධො තිරියං එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.
Sinhala BJT7. තවද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නොවැ, මිහිරි වූ … දෙව්රූ දක්නා පිණිස දකුණු දෙසට, … පැසිම් දෙසට, … උතුරු දෙසට, … උඩ දෙසට, … යට දෙසට, … සරසට සමාධිය එක් කොටසක් වඩන ලද්දේ වෙයි ද, හේ මිහිරි වූ ... දෙව්හඬ අසනු පිණිස නොවැ, මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස දකුණු දෙසට … උඩ දෙසට ... යට දෙසට … සරසට සමාධිය එක් කොටසක් වඩන ලද කල්හි, මිහිරි වූ … දෙව් රූ දකී, එහෙත් මිහිරි වූ … දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, එ මහණහු විසින් මිහිරි වූ ... දෙවිහඬ අසනු පිණිස නො වැ, මිහිරි වූ දෙව් රූ දක්නා පිණිස දකුණු දෙසට … උඩ දෙසට … යට දෙසට … සරසට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි මෙය මෙසේ ම වෙයි.
Pali BJT8. ඉධ මහාලි, භික්ඛුනො පුරත්ථිමාය දිසාය එකංසභාවිතො සමාධි හොති දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සො පුරත්ථිමාය දිසාය එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. පුරත්ථිමාය දිසාය දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නො ච ඛො දිබ්බානි රූපානි පස්සති __පියරූපානි__ කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හෙතු: එවං හෙතං මහාලි, හොති භික්ඛුනො පුරත්ථිමාය දිසාය එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.
Sinhala BJT8. මහාලිය, මෙහි මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙ තෙම, මිහිරි වූ … දෙව්රූ දක්නා පිණිස නො වැ මිහිරි … දෙව්හඬ අසනු පිණිස පෙරදිගට එක් කොටසක් සමාධිය වැඩු කල්හි, පෙර දිගැ, මිහිරි … දෙව්හඬ අසයි. මිහිරි … දෙව් රූ නො ම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස නොවැ, මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වැඩූ කල්හි මෙය මෙසේ වෙයි. එ හෙයිනි.
Pali BJT9. පුන චපරං මහාලි, භික්ඛුනො දක්ඛිණාය දිසාය -පෙ- පච්ඡිමාය දිසාය -පෙ- උත්තරාය දිසාය -පෙ- උද්ධමධො තිරියං එකංසභාවිතො සමාධි හොති දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සො දක්ඛිණාය දිසාය -පෙ- තිරියං එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උද්ධමධො තිරියං දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නො ච ඛො දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හෙතු? එවං හෙතං මහාලි, හොති භික්ඛුනො දක්ඛිණාය දිසාය -පෙ- තිරියං එකංසභාවිතෙ සමාධිම්හි දිබ්බානං සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නො ච ඛො දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.
Sinhala BJT9. තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නොවැ මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස දකුණු දිගට … පැසිම් දිගට … උතුරු දිගට … උඩට … යටට … සරසට සමාධිය එක් කොටසක් වඩන ලද්දේ වෙයි ද, හේ මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස දකුණු දිගට … උඩට ... යටට ... සරසට වඩන ලද සමාධිය ඇති කල්හි මිහිරි වූ … දෙව් රූ නො දකී, (එහෙත්) මිහිරි වූ … දෙව්හඬ අසයි. ඒ කවර හෙයින? යත්: මහාලිය, මිහිරි වූ … දෙව් රූ දක්නට නොවැ, මිහිරි වූ … දෙව් හඬ අසනුවට දකුණු දිගට … උඩට … යටට ... සරසට සමාධිය එක් කොටසක් වැඩූ කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
Pali BJT10. ඉධ මහාලි, භික්ඛුනො පුරත්ථිමාය දිසාය උභයංසභාවිතො සමාධි හොති දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සො පුරත්ථිමාය දිසාය උභයංසභාවිතෙ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, පුරත්ථිමාය දිසාය දිබ්බානි ච රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, දිබ්බානි ච සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හෙතු? එවං හෙතං මහාලි, හොති භික්ඛුනො පුරත්ථිමාය දිසාය උභයංසභාවිතෙ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.
Sinhala BJT10. මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස ද, මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස ද යන දෙ කොටස ම පිණිස පෙර දිගට සමාධිය වඩන ලද්දේ වෙයි ද, හේ මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස ද මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස දැ යි මෙසේ දෙ කොටස ම පිණිස (තමා විසින්) වඩනා ලද සමාධිය ඇති කල්හි මිහිරි වූ … පෙර දිගැ දෙව් රූ ද දකී, මිහිරි වූ … පෙර දිගැ දෙව් හඬ ද අසයි. ඒ කවර හෙයින? යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ … දෙව් රූ දක්නට ද, මිහිරි වූ … දෙව් හඬ අසනුවට දැ යි මෙසේ මේ දෙ කොටස ම පිණිස පෙර දිගට වඩන ලද සමාධිය ඇති කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
Pali BJT11. පුන චපරං මහාලි, භික්ඛුනො දක්ඛිණාය දිසාය -පෙ- පච්ඡිමාය දිසාය -පෙ- උත්තරාය දිසාය -පෙ- උද්ධමධො තිරියං උභයංසභාවිතො සමාධි හොති දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සො දක්ඛිණාය දිසාය -පෙ- උද්ධමධො තිරියං උභයංසභාවිතෙ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. දිබ්බානඤ්ච සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උද්ධමධො තිරියං දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, දිබ්බානි ච සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හෙතු? එවං හෙතං මහාලි, හොති භික්ඛුනො උද්ධමධො තිරියං උභයංසභාවිතෙ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවණාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.
Sinhala BJT11. තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වූ ... දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස දකුණු දිගට … උඩ දෙසට ... යට දෙසට ... සරසට සමාධිය වඩන ලද්දේ වෙයි ද, හේ එසේ … දෙව් රූ දක්නා පිණිස ද දෙව් හඬ අසනු පිණිස දැයි මෙ පරිද්දෙන් මේ දෙ කොටස ම පිණිස දකුණු දිගට … උඩ දෙසට ... යට දෙසට ... සරසට (තමා විසින්) වඩනා ලද සමාධිය ඇති කල්හි, … දෙව් රූ ද දකී, … දෙව් හඬ ද අසයි. ඒ කවර හෙයින? යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස ද … දෙව් හඬ අසනු පිණිස දැ යි (මෙසේ) මේ දෙකොටස ම පිණිස දකුණු දිගට … උඩ දෙසට ... යට දෙසට ... සරසට වඩන ලද සමාධිය ඇති කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
Pali BJTඅයං ඛො මහාලි, හෙතු අයං පච්චයො, යෙන සන්තානෙව සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො දිබ්බානි සද්දානි නාස්සොසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි නො අසන්තානී”ති.
Sinhala BJT“මහාලිය, යම් හෙයෙකින් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා නැත්තා වූ නොවැ ඇත්තා වූ ම මිහිරි, කම්රෙසෙන් යුත් සිත් අදනා දෙව් හඬ නො ඇසී ද, මේ එයට හේතුව යැ, මේ එයට ප්‍රත්‍යය යැ”(යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT12. “එතාසං නූන භන්තෙ, සමාධිභාවනානං සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තී”ති.
Sinhala BJT12. “වහන්ස, භික්‍ෂූහු මෙසේ මේ සමාධීන් පසක් කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර රකිත් යැ යි සිතමි” යී (මහාලි කී ය.)
Pali BJT13. න ඛො මහාලි, එතාසං සමාධිභාවනානං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති. අත්ථි ඛො මහාලි, අඤ්ඤෙ’ව ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්තීති.
Sinhala BJT13. “මහාලිය, මහණහු මේ සමාධීන් පසක් කරනු පිණිස මා කෙරෙහි බඹසර නො රකිත්. මහාලිය, යම් දෑ පසක් කරනු පිණිස මහණහු මා වෙත බඹසර රකිත් නම්, ඒ වඩා උසස් වූ වඩා උතුම් වූ අන්‍ය වූ ම දහම් කෙතෙක් ඇතියහ” (යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT14. කතමෙ පන තෙ භන්තෙ, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තීති.
Sinhala BJT14. වහන්ස, යමක් පසක් කරනු පිණිස භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කෙරේ බඹසර රකිත් නම් ඒ වඩා උසස් වූ වඩා උතුම් අන් දහම්හු කවුරු දැ?” (යී මහාලී පුළුවුත.)
Pali BJT15. ඉධ මහාලි, භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. අයං’පි ඛො මහාලි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJT15. “මහාලිය, මෙ සස්නැ මහණ තෙමේ තුන් සංයෝජනයන් (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන තුන) නැසීමෙන් අපායනට නො වැටෙන සුලු, මාර්‍ගධර්‍මනියාමයෙන් නිශ්චිත ගති ඇති, සම්බෝධිය (මතු තුන් මඟ) පරම ගතිය කොටැති, සෝවාන් පුගුලෙක් වේ ද, මහාලිය, යම් දහමක් පසක් කරනු පිණිස මහණහු මා කෙරෙහි බඹසර සරත් නම්, ඒ මේ දහම් ද (සෝවාන් මඟ ද) යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
Pali BJTපුන චපරං මහාලි, භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයම්පි ඛො මහාලි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTතව ද මහාලිය, මහණ තෙමේ තුන් සංයෝජනයන් නැසී යෑමෙන් රා දොස් මොහො තුන තුනී වීමෙන් සෙදැගැමි වේ. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහාලිය, යම් දහමක් පසක් කරනු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මේ දහම ද යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
Pali BJTපුන චපරං මහාලි, භික්ඛු __පඤ්චන්නං__ ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී, අනාවත්තිධම්මො තස්මා ලොකා. අයම්පි ඛො මහාලි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTතව ද මහාලිය, මහණ තෙමේ ඕරම්භාගිය (කාමභවය භජනය කරන) සංයෝජන පස මුළුල්ල ම නැසීමෙන් ඕපපාතික අත්බව ලබන්නෙක් වෙයි. (ශුද්ධාවාස බඹලොවැ උපදින්නේ වෙයි.) එ බඹලොව්හි ම පිරිනිවෙන සුලු වෙයි. එ ලොවින් (නැවැත පිළිසඳ ගැනුම් විසින්) මෙහි නො එන සුලු වෙයි. මහාලිය, යම් දහමක් පසක් කරනු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මෙය ද උඩ කී සමාධීන්ට වඩා උසස්ය, වඩා උතුම් ය.
Pali BJTපුන චපරං මහාලි, භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො මහාලි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTතව ද මහාලිය, මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂීණවීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ත්‍වඵල සමාධිය ද අර්‍හත්ත්‍වඵල ඥානය ද මෙ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොටැ ලැබ ගෙන වෙසෙයි. මහාලිය, යමක් පසක් කරනු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මෙය ද යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
Pali BJTඉමෙ ඛො තෙ මහාලි, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්තී”ති.
Sinhala BJTමහාලිය, මහණහු යම් දහම් කෙනකුන් පසක් කරන කරුණින් (පසක් කරනු පිණිස) මා වෙතැ බඹසර සෙරෙත් නම්, මේ යට කී සමාධීන්ට වඩා උසස් වූ, වඩා උතුම් වූ ඒ දහම්හු”යැ යි (වදාළ සේක.)
Pali BJT16. “අත්ථි පන භන්තෙ මග්ගො, අත්ථි පටිපදා එතෙසං ධම්මානං සච්ඡිකිරියායා?”ති.
Sinhala BJT16. (එ විටැ මහාලි තෙම) ‘වහන්ස, (ඔබ වදාළ) මෙකී දහමුන් පසක් කරනුවට මඟෙක් ඇත්තේ ද? පිළිපැද්මෙක් ඇත්තේ ද?” යි (විචාළේ ය.)
Pali BJT“අත්ථි ඛො මහාලි, මග්ගො, අත්ථි පටිපදා, එතෙසං ධම්මානං සච්ඡිකිරියායා”ති.
Sinhala BJT“මහාලිය, මේ දහම් පසක් කරනුවට මඟෙක් ඇත්තේ ය, පිළිපැද්මෙක් ඇත්තේ යැ” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT17. “කතමො පන භන්තෙ මග්ගො, කතමා පටිපදා, එතෙසං ධම්මානං සච්ඡිකිරියායා?”ති.
Sinhala BJT17. “වහන්ස, මේ දහම් පසක් කරනුවට ඇති ඒ මඟ, ඒ පිළිපැදීම කවරේ ද?” (යි මහාලි පුළුවුත.)
Pali BJT“අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං? සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො මහාලි මග්ගො අයං පටිපදා, එතෙසං සච්ඡිකිරියාය.
Sinhala BJT(එ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “ඒ මේ අරී අටැඟි මඟ ම ය. එ නම්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන අට ය. මහාලිය, එකී දහම් පසක් කරනුවට මේ ම මඟ ය, මේ ම පිළිපැද්ම ය.”
Pali BJT18. එකදාහං මහාලි, සමයං කොසම්බියං විහරාමි ඝොසිතාරාමෙ. අථ ඛො ද්වෙ පබ්බජිතා මණ්ඩිස්සො ච පරිබ්බාජකො ජාලියො ච දාරුපත්තිකන්තෙවාසී යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තෙ ද්වෙ පබ්බජිතා මං එතදවොචුං. “කින්නුඛො ආවුසො ගොතම, තං ජීවං තං සරීරං? උදාහු අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර?”න්ති.
Sinhala BJT18. මහාලිය, මම් එක් කලෙක කොසොඹෑ නුවරට නොදුරෙහි වූ ඝෝසිතාරාමයෙහි වෙසෙමි. එ කලැ මණ්ඩිස්ස නම් පිරිවැජි ද, ලීමුවා පයක් දරන පිරිවැජ්ජක්හු අතැවැසි ජාලිය නම් පිරිවැජි දෑ යි මේ දෙ පැවිද්දෝ මා වෙත එළැඹැ මා හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවියැ යුතු කතා නිමවා පසෙකැ සිටියහ. පසෙකැ සිටි ඒ දෙ පැවිද්දෝ “කිමෙක් ද ඇවැත්නි, ගොයුම් තෙමේ ‘ජීවයත් හේ ම ද? ශරීරයත් හේ ම ද? (ජීවයත් ශරීරයත් දෙක ම එකක් ද?) නො හොත් ජීවය එකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද?”යි විචාළහ.
Pali BJT“තෙන හාවුසො, සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමී”ති.
Sinhala BJT“ඇවැත්නි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි”යි (මම් කීමි.)
Pali BJT“එවමාවුසො”ති ඛො තෙ ද්වෙ පබ්බජිතා මම පච්චස්සොසුං. අහං එතදවොචං:
Sinhala BJT‘එසේ ය. ඇවැත්නි’යි ඒ දෙ පැවිද්දෝ මට පිළිවදන් දුන්හ. මම් මතු දැක්වෙන මේ දැ කීයෙමි.
Pali BJT19. ඉධාවුසො, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො [යථා සාමඤ්ඤඵලෙ එවං විත්ථාරෙතබ්බං] -පෙ-
Sinhala BJT19. “ඇවැත්නි, රහත් වූ සම්මාසම්බුදු වූ … තථාගත තෙම ලොවැ පහළ වෙයි [යටැ සාමඤඤඑලසූත්‍රයෙහි ආ පරිදි ම විස්තර කළ යුතු.]
Pali BJTතස්සිමෙ පඤ්චනීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTතමා කෙරෙහි මෙ නීවරණ පස නැසුණවුන් දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ කය සංසිඳෙයි. සංසුන් කයැත්තේ සුව විඳී. සුවැත්තහුගේ සිත එකඟ වේ.
Pali BJT20. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT20. හේ කාමයන්ගෙන් වෙන් වැ ම සෙසු අකුසල් දහමුන් ගෙන් (ද) වෙන් වැ ම, විතර්‍ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති පළමු දහන් ලැබැ වෙසේ. හේ මේ කය ම විවේකයෙන් උපන් පීතී සුවයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟින් යුත් මුළුකයෙහි විවේකජ පීති සුවය පැතිරැ වැදැ නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්දෙය්ය. සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන න ච පග්ඝරණී.
Sinhala BJTඇවැත්නි, යම් සේ සමත් කිලිඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නානසුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නානසුණු පිඬ කා වැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළතත් පිටතත් සහිත වැ හැමතැන ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,
Pali BJTඑවමෙව ඛො ආවුසො, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTඇවැත්නි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළුකයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය තං ජීවං තං සරීරන්ති’වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ඒ ම ජීව යැ ඒ මැ ශරිරයැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ ඔහු විසින් කියන්නට යුතු දැ?” යි මම ඇසීමි.
Pali BJTයො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං තස්සෙතං වචනාය තං ජීවං තං සරීරන්ති’වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් ශරීරයත් එකක් මැ යැ’ යි හෝ ‘ඒ වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු ඔහුට යුතු යැ” යී (දෙ පැවිද්දෝ කීහ.)
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි තං ජීවං තං සරීරන්ති’වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙසේ දනිම් මෙසේ දකිමි. එහෙත් මම ‘හේ ම ජීව යැ, හේ ම ශරීර යැ’ යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ නො කියමි යි (මම් කීමි.)
Pali BJT21. පුන චපරං ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT21. ඇවැත්නි, තව ද මහණ තෙමේ විතර්‍ක විචාර සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහද වන සිත එකඟ බව ඇති, විතර්‍කය නැති විචාරය තැති, සමාධියෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි දහනට පැමිණැ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරා ලයි. හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහු කයැ විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT22. සෙය්යථාපි ආවුසො, උදකරහදො ගම්භීරො උබ්භිදොදකො - [යථා සාමඤ්ඤඵලෙ එවං විත්ථාරෙතබ්බං.]
Sinhala BJT22. ඇවැත්නි, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, [යටැ සාමඤ්ඤඵල සූත්‍රයෙහි ආ පරිදි මෙ තැන විස්තර කළ යුතු.]
Pali BJTනාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස, එවමෙව ඛො ආවුසො භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොතී.
Sinhala BJTඒ මුළු විලෙහි ශීතල ජලය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත්තේ ද, ඇවැත්නි, එසේ ම මහණ තෙමෙ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි. හැම තැන ම පැතිරැ ගනී. ඔහුගේ ඒ සියලු කයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT23. පුන චපරං ආවුසො, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT23. තව ද ඇවැත්නි, මහණ තෙම ප්‍රීතියගේ ද සංහිඳීමෙන් උපපේක්‍ෂායෙන් ද යුතු වැ, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ යැ’යි කියත් ද, හෝ එසේ වූ ඒ තෙවෙනි දහනට පැමිණැ වෙසෙයි. හේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරාලයි. හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT24. සෙය්යථා’පි ආවුසො, උප්පලිනියං වා පදුමිනියං වා -පෙ- පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස.
Sinhala BJT24. ඇවැත්නි, යම් සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ ... පඬෙරවලැ හෝ සිහිල් දියෙන් පැතිරැ නො ගත් තැනෙක් නො වන්නේ ද,
Pali BJTඑවමෙව ඛො ආවුසො, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTඑසේ ම, ඇවැත්නි, මහණ තෙම් මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහු මුළු කයෙහි නිෂ්ප්‍රිතීක සුඛයෙන් පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යමෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ ම යැ, ශරීරයත් හේ මැ යැ’ යී හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකකැ’යි ඔහු විසින් කියන්නට යුතු වේ දැ? යී [මම ඇසීමි.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ මෙය කියන්නට ඔහුට යුතු යැ” යි [දෙ පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් මම ‘ජීවයත් හේ ම ය, ශරීරයත් හේ මැ යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ නො කියමි.
Pali BJT25. පුන චපරං ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT25. තව ද ඇවැත්නි, මහණ තෙම සුඛ වේදනාව ද දුක් වේදනාව ද දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් සොම්නස් දෙක පහ වීමෙන්, දුක් නො වූ සුඛ ද නො වූ, උපේක්‍ෂාස්මෘතියෙන් පිරිසිදු වූ සිවු වන දහන ලැබැ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙන හුන්නේ වෙයි. ඔහු සියලු කයැ පිරිසිදු පබසර සිතින් නොපහස්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස, එවමෙව ඛො ආවුසො භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJTඇවැත්නි, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිස ඇතුළු මුළු කය ම වසා ගෙන හුන්නේ වේ නම්, ඔහු මුළු කයෙහි සුදු වතින් වැදැ නො ගත් (නොවැසුණු) කිසි ද තැනෙක් නො වන්නේ ද, ඇවැත්නි, එසේ ම මහණතෙම මෙ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙත හුන්නේ වෙයි. ඔහු මුළු කය පිරිසිදු පබසර සිතින් නො පහස්නා ලද කිසි ද තැනෙක් නොවෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලං නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ’ යැ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ මෙය කියන්නට ඔහුට යුතු දැ? යි [මම් ඇසීමි.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’ යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැ’යි හෝ මෙය කියන්නට ඔහුට යුතු යැ” යි [දෙ පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එතෙකුදු වුවත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’ යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි යි [මම් කීමි.]
Pali BJT26. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති ‘අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති. සෙය්යථාපි ආවුසො මණි වෙළුරියො -පෙ- සබ්බාකාරසම්පන්නො, තත්ර සුත්තං ආවුතං නීලං වා -පෙ- පණ්ඩුසුත්තං වා, තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය ‘අයං ඛො මණි වෙළුරියො -පෙ- සබ්බාකාරසම්පන්නො, තත්ර සුත්තං ආවුතං නීලං වා -පෙ- පණ්ඩුසුත්තං වා’ති. එවමෙව ඛො ආවුසො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඤාණදස්සනාය චිත්තං අභිනීහරති -පෙ- සො එවං පජානාති ‘අයං ඛො කායො රූපී -පෙ- ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති’.
Sinhala BJT26. ඇවැත්නි, තව ද ඒ මහණ තෙම මෙසේ සිත සමාධිගත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි පහ වැ ගිය කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, විදර්‍ශනාභාවනාවට යෝග්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිසලබවට පැමිණ කල්හි, විවසුන්නුවණ පිණිස සිත අභිමුඛ කෙරෙයි. එය අතට නමා හරී. හෙ තෙම ‘මගේ මේ කය වූ කලි රූපවත් ය. සිවු මහාභූතයන්ගෙන් සැදුණේ ය. මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුණේ ය. අනිස බව ද, දුගඳ හරනුවට සුවඳවිලෙවුත් ඉලියැ යුතු බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාවය කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ’යි මෙසේ දැන ගනී. ඇවැත්නි, ... සියලු අයුරින් පිරිපුන් වෙරෙළුමිණෙක් යම් සේ ද එහි නිල් හුයෙක් ... පඬුවන් හුයෙක් හෝ අවුනන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එය අතෙහි කොට ‘මේ ... සියලු අයුරින් පිරිපුන් වෙරෙළු මිණෙක. මෙහි නිල් පැහැ හුයෙක් හෝ ... පඬුවන් හුයෙක් හෝ අවුනන ලදැ යි සලකා බලන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... විවසුන්නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ ‘මගේ මේ කය වනාහි රූපවත් ය ... මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ’යි මෙසේ දැන ගනී.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ තම මෙසේ දක්නේ නම්, ‘එය ම ජිව යැ, එය ම ශරීර යැ’ යි හෝ ‘අනෙකෙක් ජීව යැ අනෙකෙක් ශරීර යැ’යි හෝ මෙය කියන්නට යුතු දැ? [යි මම ඇසීමි.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’සි හෝ නො කියමි.
Pali BJT27. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති -පෙ- සෙය්යථාපි ආවුසො පුරිසො මුඤ්ජම්හා ඊසිකං පබ්බාහෙය්ය -පෙ- එවමෙව ඛො ආවුසො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති -පෙ- සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති -පෙ- අහීනින්ද්රියං.
Sinhala BJT27. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... මනෝමය ශරීරයක් මවනු පිණිස සිත යොමු කෙරෙයි ... ඇවැත්නි, යම්සේ මිනිසෙක් මුදු තණ ගසෙකින් තණබඩය බැහැරැ කරන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙම සිත මෙසේ සමාහිත කල්හි ... මනෝමය ශරීරයක් මවන්නට සිත යොමු කෙරෙයි ... හේ මේ කයින් ... නො පිරිහුණු ඉඳුරන් ඇති අන් කයක් මවයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ මෙය කියන්නට යුතු දැ?යි [මම් ඇසීම්].
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ නො කියමි.
Pali BJT28. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති -පෙ- සෙය්යථාපි ආවුසො දක්ඛො කුම්භකාරොවා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය -පෙ- එවමෙව ඛො ආවුසො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති -පෙ- සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJT28. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධි කොටස් ලබනු පිණිස සිත යොමු කෙරෙයි ... ඇවැත්නි, යම්සේ දක්‍ෂ වූ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැස්සෙක් මොනොවට සකස් කළ මැටියෙන් යම් යම් ම බඳුන් වෙසෙසක් කැමැති වන්නේ නම්, එය එය ම කරන්නේ ද, ... ඇවැත්නි, එසේ ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධි කොටස් ලබනු පිණිස සිත යොමු කෙරෙයි ... හේ අනේකවිධ වූ ඍද්ධි කොටස් පසක් කෙරෙයි (ලබයි) ... බඹලොව දක්වාත් කයින් වශයෙහි පවත්වයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’ යි හෝ ඔහු විසින් මෙය කියන්නට යුතු දැ? යි [මම ඇසීමි.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං ඛො පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හෝ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි හෝ නො කියමි.
Pali BJT29. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති -පෙ- සො දිබ්බාය සොතධාතුයා -පෙ- උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච -පෙ- සෙය්යථාපි ආවුසො පුරිසො අද්ධානමග්ගපටිපන්නො, සො සුණෙය්ය භෙරිසද්දම්පි -පෙ- තස්ස එවමස්ස භෙරිසද්දො ඉතිපි -පෙ- එවමෙව ඛො ආවුසො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති -පෙ- සො දිබ්බාය සොතධාතුයා -පෙ- උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT29. ඇවැත්නි, තව ද මහණ තෙම් මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ දිවකනින් ... දිව්‍ය වූ ද මානුෂක වූ ද උභය ශබ්ද ම අසයි ... ඇවැත්නි, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ නම්, හේ බෙරහඬත් ... අසන්නේ ද, ‘මේ බෙරහඩැ’යි ... ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, ඇවැත්නි, ඒ පරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ දිවකනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරැ වූ ද ළඟැ වූ ද උභය ශබ්ද ම අසයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු දැ?”යි [මම්ඇසීමි.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැ’යි හෝ නො කියමි.
Pali BJT30. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති -පෙ- සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. සෙය්යථාපි ආවුසො ඉත්ථි වා පුරිසො වා -පෙ- ආදොසෙ වා -පෙ- උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා සකණිකන්ති ජානෙය්ය, අකණිකං වා අකණිකන්ති ජානෙය්ය, එවමෙව ඛො ආවුසො භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති -පෙ- සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති, සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJT30. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දනී. හේ සරාග සිත සරාග සිතැ යි ද දනී ... නොමිදුණු සිත නො මිදුණු සිතැ යි ද දනී. ඇවැත්නි, ... ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යම්සේ කැටපතෙක හෝ ... දිය බඳුනෙක හෝ මුවසටහන පිරික්සා බලනුයේ තලකැලැල් සහිත වූවක් තලකැලැල් සහිත යැ යි දැන ගන්නේ ද, තලකැලැල් රහිත වූවක් තලකැලැල් රහිත යැ යි දැන ගන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හෝ අන් සතුන්ගේ අත් පුඟුලන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන ගනී. හේ සරාග සිත සරාග සිතැ යි ද ... නොමිදුණු සිත නොමිදුණු සිතැ යි ද දැන ගනී.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දකී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’ යි හෝ කියන්නට යුතු ද?යි [මම ඇසීම්.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ නො කියමි.
Pali BJT31. පුන චපරං ආවුසො, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ -පෙ- පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති -පෙ- සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං එකම්පි ජාතිං -පෙ- අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ: අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT31. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... පෙරැ වුසූ කඳ පිළිවෙළ දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හෝ එක් ජාතියක් ද ... නොයෙක් සංවර්‍තතවිවර්‍තත කල්ප ද යන අනේකවිධ පූර්‍වනිවාසය සිහි කරයි. ‘අසෝ තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් වීම් ... මෙසේ ආකාරසහිත උද්දේශ සහිත නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTයො නු ඛො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති, කල්ලන්නු ඛො තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.
Sinhala BJTඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ මෙය කියන්නට යුතු ද?යි [මම් ඇසීම්.]
Pali BJT“යො සො ආවුසො, භික්ඛු එවං ජානාති එවං පස්සති. කල්ලං තස්සෙතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.
Sinhala BJT“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
Pali BJTඅහං පනෙතං ආවුසො, එවං ජානාමි එවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.
Sinhala BJTඇවැත්නි, මම් වූ කලි මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’සි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි.