Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“කතමො පන සො භො ගොතම, යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන්වැදෑරුම් යාගසම්පතටත් … නිති දනටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් අනුසස් ඇති ඒ යඥය කවරේ ද?”
Pali BJT“යො ඛො බ්රාහ්මණ, චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කරොති, අයං ඛො බ්රාහ්මණ යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් වනාහි සතර දිගින් වඩනා භික්‍ෂුසංඝයා උදෙසා වෙහෙරක් කෙරේ නම්, ඒ මේ යඥය මෙහි පළමු කී ... තුන්වැදෑරුම් යාග සම්පතටත් … නිති දනටත් වඩා මද කටයුතු ඇති, වඩා මද උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙකි.”
Pali BJT34. “අත්ථි පන භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT34. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මෙ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඈත් ද?”
Pali BJT“අත්ථි ඛො බ්රාහ්මණ, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ ... ත්‍රිවිධ යඥසම්පතටත් … මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත්ඵල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඈත.”
Pali BJT“කතමො පන සො භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන අප්පට්ඨතරො ච __අප්පසමාරම්භතරො ච__ මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ විහාරදානයටත් වඩා මද කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”
Pali BJT“යො ඛො බ්රාහ්මණ, පසන්නචිත්තො බුද්ධං සරණං ගච්ඡති, ධම්මං සරණං ගච්ඡති, සඞ්ඝං සරණං ගච්ඡති, අයං ඛො බ්රාහ්මණ යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් පහන් සිතැත්තේ බුදුන් සරණ යේ ද, දහම් සරණ යේ ද, සඟ සරණ යේ ද, බමුණ, ඒ මේ යඥය වූ කලී මේ පළමු කී … ත්‍රිවිධ යඥසම්පතටත් … විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති එකෙකි.”
Pali BJT35. “අත්ථි පන භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා” ? ති.
Sinhala BJT35. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණ ගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත්තේ ද?”
Pali BJT“අත්ථි ඛො බ්රාහ්මණ, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
Pali BJTකතමො පන සො භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”
Pali BJT“යො ඛො බ්රාහ්මණ, පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියති පාණාතිපාතා වෙරමණිං අදින්නාදානා වෙරමණිං කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං මුසාවාදා වෙරමණිං සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණිං, අයං ඛො බ්රාහ්මණ යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් පහන් සිතැති වැ (තිසරණයෙහි පිහිටා) පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැක්ම යන මේ සික කොටස් සමාදන් කොට ගන්නේ නම්, බමුණ මෙය මේ පළමු කී ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති, … වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.”
Pali BJT36. “අත්ථි පන භො ගොතම, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි ඉමෙහි ච සික්ඛාපදෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT36. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් මේ සික කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති … වඩා මහත්පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත් ද?”
Pali BJT“අත්ථි ඛො බ්රාහ්මණ, අඤ්ඤො යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි ඉමෙහි ච සික්ඛාපදෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා”? ති.
Sinhala BJT(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති ... මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
Pali BJT“කතමො පන සො භො ගොතම, යඤ්ඤො ඉමාය ච තිවිධාය යඤ්ඤසම්පදාය සොළසපරික්ඛාරාය ඉමිනා ච නිච්චදානෙන අනුකූලයඤ්ඤෙන ඉමිනා ච විහාරදානෙන ඉමෙහි ච සරණගමනෙහි ඉමෙහි ච සික්ඛාපදෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො චා?” ති.
Sinhala BJT(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ යඥසම්පතටත් ... මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් සඥය කවරේ ද?”
Pali BJT37. “ඉධ බ්රාහ්මණ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJT37. (භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිත් වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවිමිනිසුන්හට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ මෙ ලොවැ උපදී. හේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත මේ ලොව, – මහණබමුණන් සහිත, දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව - තෙමේ ම විශිෂ්ට නුවණින් දැනැ පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල යහපත් මැද යහපත් අග යහපත්, අරුත් සහිත, ව්‍යංජනයෙන් නොඅඩු, හැම අතින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු සසුන් බඹසර හෙළි කෙරෙයි.
Pali BJT38. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසංචික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජොපථො අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති.
Sinhala BJT38. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ ඒ දහම අසයි. හේ එ දහම අසා තථාගතයන් කෙරෙහි සැදැහැව ලබයි. හේ ඒ සැදැහැ ලැබීමෙන් යුත් වැ “ගිහි ගෙයි විසීම හිරහැර සහිත ය. කෙලෙස් දූලි ගැවැසි මගෙක. පැවිද්ද වූ කලී (කිසි අවහිර නැති) එළි මහනෙක. ගිහි ගෙහි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, මේ සංඛලිඛිතක බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට පහසු නො වේ. එ බැවින් මම් කෙහෙ රවුලු බහා කසාවත් හැඳ, ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැ”යී මෙසේ නුවණින් සලකයි.
Pali BJTසො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන, පරිසුද්ධාජීවො සීලසම්පන්නො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො සන්තුට්ඨො.
Sinhala BJTහේ පසු කලෙකැ මඳ වූ හෝ ධනසම්පත් හැරැ, බොහෝ වූ හෝ ධනසම්පත් හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑ පිරිස හැරැ, කෙහෙ රවුලු බා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම, පාතිමෝක්ඛසංවරයෙන් ඇවුරුණේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා සම්පූර්‍ණ වූයේ, මඳ වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිකකොටස්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. නිවැරැදි වූ කාවිසිකමින් යුත් වෙයි. පිරිසිදු දිවෙල ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි. බොජුනෙහි පමණ දන්නේ වෙයි. සිහිනුවණින් යුත් වෙයි. ලද පමණින් සතුටු වෙයි.
Pali BJT39. කථඤ්ච බ්රාහ්මණ, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ බ්රාහ්මණ භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT39. බමුණ, කෙසේ නම් මහණ තෙමේ ශීලසම්පන්න වේ ද? යත්: බමුණ, මෙහි මහණ තෙමේ පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ, ඉවතැ ලූ දඬු ඇත්තේ, ඉවතැ ලු අවි ඇත්තේ, ලජ්ජා ඇත්තේ, මෙත් සිතින් යුත් වූසේ, සියලු සතුන් කෙරෙහි ඉත සිතැති වැ වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTඅදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී. අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTඅයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම ගන්නේ, දුන් දැය ම කැමැති වන්නේ, නොසොර වූ පිරිසිදු වූ සිතින් වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTඅබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTනොබඹසර හැරැ බඹසර රක්නේ, නොබඹසරින් දුරැ වැ වසනුයේ, ගැමිදහම් වූ මෙවුන්දමින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙකි.
Pali BJTමුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTමුසවා හැරැ මුසවායෙන් වැළැක්කේ, ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපනුයේ, තහවුරු කතා ඇත්තේ, හැදැහියැ යුතු බස් ඇත්තේ, ලොව නො රවටනුයේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTපිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය. අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සංහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTපෙහෙසුන් බස් හැරැ, පෙහෙසුන් බසින් වැළැක්කේ වෙයි. මොවුන් ඔවුන්ගෙන් බිඳෙනු පිණිස මොබින් අසා ඔබ්බෙහි නො කියන්නේ වෙයි. ඔවුන් මොවුන්ගෙන් බිඳෙනු පිණිස ඔබින් අසා මොබ්බෙහි කියන්නේ හෝ නො වෙයි. මෙසේ බිඳුණවුන් ගළපන්නේ ද ගැළැපුණවුනට අනුබල දෙන්නේ ද වෙයි. සමගියෙන් වසන්නවුන් කෙරෙහි වසන්නට කැමැත්තේ, සමගියෙන් වසන්නවුන් කෙරෙහි ඇලුණේ, සමගියෙන් වසන්නවුනට සතුටු වූයේ, සමගියේ ගුණ දක්වන වචන කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTපරොස් බස් හැරැ, පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිදොස් ද, කන්කලු ද, පෙම් උපදවා ද, සුවසේ ළෙහි වදනේ ද, සියුමැලි ද, බොහෝ දෙනාට ප්‍රිය ද, බොහෝ දෙනාට මනාප ද, එ බඳු බස් තෙපලන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJTසම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසඤ්හිතං. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTබොල් දෙඩැවිලි හැරැ, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. කල් දැනැ කියනුයේ, සබ වස් ම කියනුයේ, වැඩ ඇති බස් ම කියනුයේ, දහම් අසළ බස් ම කියනුයේ, විනය අසළ බස් ම කියනුයේ, සුදුසු කලැ කරුණු සහිත, සීමා සහිත, අරුත් සහිත, සිතැ ලා දැරියැ යුතු බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT40. බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති අත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT40. හේ පැල වන දෑ ද පැල වුණු දෑ ද සිඳුම ඈ විකොවුනෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, විකල් බොජුනෙන් වෙන් වූයේ, එක් බතක් ඇත්තේ වෙයි. නටනු ගනු වයනු විසුළුදස්නෙන් වැළැක්කේ වෙයි. සැරැසීමටත් උනු තැන් පිරැවුමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ වෙයි. උසස්නෙන් මහ අස්නෙන් වැළැක්කේ වෙයි. රන් රිදී පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගැහැණුන් දැරියන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත් වත් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහිනට දූත මෙහෙවර කිරීමෙන්, ගෙන් ගෙට යන කුඩා මෙහෙවරින් යන දෙකෙන් ම වැළැක්කේ වෙයි. ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැක්කේ වෙයි. උක්කෝටන වංචන නිකති සාචියෝගයෙන් වැළැක්කේ වෙයි. ඡේදන වධ බන්‍ධන විපරාමෝස ආලෝප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT(චුල්ලසීලං නිට්ඨිතං.)
Sinhala BJT(සුළු සිල් නිමියේ ය.)
Pali BJT41. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං. ඉති වා ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT41. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, පැල වන මුල්, පැල වන කඳ, පැල වන පුරුක්, පැල වන කොළිස්, පස් වනු පැල වන ඇට යන මෙබඳු පැල වන දැයත් පැල වුණු දැයත් සිඳුම් බිඳුම් ආදියෙහි යෙදී වෙසෙත් ද, මෙසේ මේ හෝ මෙබඳු වූ පැල වන දැය පැල වුණු දැය සිඳුම් බිඳුම් ඈ විකෝපනයෙන් හේ වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT42. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT42. යම්සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අන්නසන්නිධි පානසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නිධි ශයනසන්නිධි ගන්‍ධසන්නිධි ආමිෂසන්නිධි යන මෙබඳු වූ සන්නිධිකාර පරිභෝගයෙහි යෙදුණෝ වෙසෙත් ද, හේ මේ ආදී වූ හෝ අන් මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT43. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථූනං සොභනගරකං චණ්ඩාලං වංසං ධොපනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩකයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං. ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT43. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම්, නට සමජ්ජා, ආඛ්‍යාන, පාණිස්වර, වේතාල, කුම්භථූන, ශෝභනක, සණදොවුන්කෙළි, උන ගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රීඩා, අස්ථිධාවන, ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බලසෙන් ගණිනා තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, බල ඇණි දක්නට යෑම යන විසුළු දසුන්හි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT44. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං. ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT44. යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා අටපාකෙළිය, දසපාකෙළිය, අහස් දූකෙළිය, මඬුලු පැනුම්, සන්තිකාක්‍රීඩාව, දාදු කෙළිය, කල්ලි ගැසුම්, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනලා පිඹීම, කෙළිනගුලින් හෑම, කරනම් ගැසුම්, කන්නන්ගුරුවා කෙළිය, කොළනැලියෙන් වැලි ඈ මැනුම්, කෙළිරිය පැදවීම්, කුඩා දුන්නෙන් විදීම, ඈ කිරිකෙළිය, සිතු දෑ කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය යන මේ ආදී වූ හෝ මෙබඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි හෝ මෙබඳු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැකියේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT45. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT45. යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළාපුටු ය, පලඟ ය, මහකොඳුපලස ය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණය, කොසෙය්ය හුයින් වියූ ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරි ලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතු කොට්ට තබා ඇති රතු උඩු වියන් සහිත මහඟු යහන යන මේ ආදි වූ හෝ මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT46. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං මුඛාලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්රූපාහනං උණ්හීසං මණිං වාළවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT46. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා කුඩා දරුවන් කිරි සුවඳ හරනට සුවඳ සුණුයෙන් ඉලීම, මනා සටහන් ගන්වනුවට අත් පා ඈහි තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, සැරැසුම් විසින් අඳුන් ගෑම, මල් හා විලෙවුන් හා දැරීම, මුව සුණු හා මුවවිලෙවුන් හා දැරීම, අත්බරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වූ දෑ පරිභෝග කැරුමෙහි යෙදී වෙසෙද්ද, හේ මහණ එබඳු දැය පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT47. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං [කුමාරකථං කුමාරිකථං] සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT47. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චෝරකථා මහාමාත්‍රකථා සේනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා කුමාරකථා කුමාරිකථා ශුරකථා කුම්භස්ථානකථා පූර්‍වප්‍රේතකථා නානාත්‍වකථා ලෝකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛායිකාකථා ඉතිභවාභවකථා යන මේ හෝ මෙබඳු වූ තිරිසන් කතාවලැ යෙදී වෙසෙත් ද, ඒ මහණ මේ ආදි හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT48. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති: සෙය්යථීදං: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො. සහිතම්මෙ අසහිතන්තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. අවිචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතො’සි. චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT48. යම්සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම් ම මේ දහම් විනය දනිමි. ‘කිමැ යි මේ දහම් විනය තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුවෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් තෝ නිගැනුණෙහි. මා නැගූ දොසින් මිදෙන්නට හැසිරෙව. හැකි නම් එය විසඳව” යන ආදීන් මෙ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදී වෙසෙත් ද, එ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැනුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වෙයි.
Pali BJT49. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති. සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්රාහ්මණානං ගහපතිකානං කුමාරානං: ඉධ ගච්ඡ, අමුත්රාගච්ඡ, ඉදං හර, අමුත්ර ඉදං ආහරාති. ඉති වා ඉති එවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT49. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙන යන්නැ, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යී කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහමැතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙනැ යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT50. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ලාභං නිජිගිංසිතාරො ච. ඉති වා ඉති එවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT50. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා කුහක කම කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT(මජ්ඣිමසීලං නිට්ඨිතං.)
Sinhala BJT(මැදුම් සිල් නිමියේය.)
Pali BJT51. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං උප්පාදං සුපිණං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තානං මිගචක්කං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT51. යම්සේ වනාහි සමහර මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්‍ෂණශාස්ත්‍රය, මුෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘශපක්‍ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT52. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති. සෙය්යථිදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT52. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණූය, දඬුලකුණූය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊ ලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය,මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණීලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය යන ආදි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙබඳු දැයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT53. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: රඤ්ඤං නිය්යානං භවිස්සති, රඤ්ඤං අනිය්යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති. ඉති ඉමස්ස ජයො භවිස්සති. ඉමස්ස පරාජයො භවිස්සති. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT53. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘අසෝ දිනැ අසෝ නැකැතින් අසෝ රජුන් (යුද සඳහා) සිය නුවරින් නික්මීම වන්නේ ය, අසෝ නැකැතිත් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ හුන් රජුන් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට යෑම වන්නේ ය. අසෝ නැකැතිත් පිටතැ සිටින සතුරු රජුන් ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතිත් පිටතැ සිටින සතුරු රජුන් රට තුළැ සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය … රට තුළැ රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. ඇතුළතැ සිටින රජුනට පරාජය වන්නේ යැ”යී මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යී කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT54. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථීදං: චන්දග්ගාහො භවිස්සති, සුරියග්ගාහො භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසුරියානං පථගමනං භවිස්සති, චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං පථගමනං භවිස්සති, නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, උක්කාපාතො භවිස්සති, දිසාඩාහො භවිස්සති, භූමිචාලො භවිස්සති, දෙවදුන්දුභි භවිස්සති, චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති, එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති, එවංවිපාකො සුරියග්ගාහො භවිස්සති, එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති, එවංවිපාකං චන්දිමසුරියානං පථගමනං භවිස්සති, එවංවිපාකං චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකො උක්කාපාතො භවිස්සති, එවංවිපාකො දිසාඩාහො භවිස්සති, එවංවිපාකො භූමිචාලො භවිස්සති, එවංවිපාකො දෙවදුන්දුභි භවිස්සති, එවංවිපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති, ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT54. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සුර්‍ය්‍යග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ නක්‍ෂත්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සඳහිරුන් නිසි මඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ නකත්තරුන් සුමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය … දිග්දාහය වන්නේ ය, … භූමිකම්පා වන්නේ ය, ... වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය, … සඳහිරුන් නකත්තරුන් උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු බව වන්නේ ය, සූර්‍ය්‍යග්‍රහණය ලොවට මෙබඳු පල දෙන්නේ ය, චන්‍ද්‍රග්‍රහණය මෙබඳු පල දෙන්නේ ය, සඳහිරුන් සුමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, ඔවුන් නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, නකත්තරුන්ගේ නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, ඔවුන් නොමඟින් යෑම මෙබඳු පල ගෙන දෙන්නේ ය, උල්කාපතනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල ගෙන දෙන්නේ ය, සඳහිරුන්ගේ ද නකත්තරුන්ගේ ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල ගෙන දෙන්නේ යැ”යි කියනුවෝ, මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මෙබඳු මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යා ආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT55. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති: සෙය්යථිදං: සුබ්බුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්යං භවිස්සති, මුද්දා ගණනා සංඛානං කාවෙය්යං ලොකායතං, ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT55. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය, මේ සමයෙහි නියං වන්නේ ය, මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය, මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය, මේ සමයෙහි රටට උවදුරු නැති වන්නේ ය, මේ සමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය, මේ කලැ රෝග වන්නේ ය, මේ කලැ රෝග නැති බව වන්නේ යැ යී පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඛ්‍යා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගණන් කිරීම) ද, සංඛ්‍යානය (පිණ්ඩගණනාව) ද, කව් සතර ද, ලෝකායත ශාස්ත්‍රය ද යන මේ හෝ අන් මේ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ආදි වූ හෝ අන් මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT56. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: ආවාහනං විවාහනං සංවදනං විවදණං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං හනුසංහනනං හත්ථාභිජප්පනං __හනුජප්පනං__ කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT56. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍රාදිය කැරැ දීම, බිම පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුළු බැඳීම, මන්ත්‍රාදි බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතැ දේවතාවේශය කොටැ ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මෙ බඳු වූ හෝ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ආදි වූ ද, අන් මෙබඳු වූ ද ඒ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT57. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං [භූතකම්මං] භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT57. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, වාස්තුපරිකිරණ, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, ළය විරේක කැරැවීම්, වස්ති කිරීම, ශීර්‍ෂ විරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහිනට ඇසැ සිසිල ගන්වන බේත් තෙල් පිසීම, ගිහියනට නශ්‍ය දීම, ගිහියනට ඇස පටලයට කාරම් අඳුන් සාදා දීම, ඇසට සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් දීම, ගිහියනට ශල්‍යකර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම, කාරම් බෙහෙත් දීම, කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ’යී මේ ආදී අන් හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
Pali BJT58. අථ ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්යථාපි බ්රාහ්මණ, ඛත්තියො මුද්ධාවසිත්තො{1} නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො. එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො බ්රාහ්මණ, භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJT58. බමුණ, මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවර හේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් ඇති වියැ හැකි බියක් නො දකී. බමුණ, කැත් අබිසෙස්නෙන් මුදුනැ අබිසෙස් ලත්, වැනැසූ සතුරන් ඇති කැත් රජෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි මොන ම බියකුත් යම් සේ නො දක්නේ ද, බමුණ, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීල සම්පන්න වූයේ, ශීලසංවර හේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුව විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙමේ ශීල සම්පන්න වේ.
Pali BJT(මහාසීලං නිට්ඨිතං)
Sinhala BJT(මහ සිල් නිමියේ ය.)
Pali BJT59. කථඤ්ච බ්රාහ්මණ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ බ්රාහ්මණ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො බ්රාහ්මණ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT59. බමුණ, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? යත්: බමුණ, මේ සස්නැ මහණ තෙමේ ඇසින් රුවක් දැක සුබ ඈ විසින් එහි ලකුණු නොගන්නේ වේ. සුබ ඈ විසින් අත් පා ඈ අවයවවල අයුරු සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය නොවසාගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස් ඈ ලාමක අකුසල් දහම්හු පුන පුනා වෑස්සෙත් ද, එහි ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. එය රැක ගනී එහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා … නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට, … දිවෙන් රස ආස්වාද කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට … සිතින් දහම් අරමුණු දැන … සුබ ඈ විසින් එහි ලකුණු ගන්නේ නො වේ, සුබ ඈ විසින් අත් පා ඈ අවයවවල අයුරු සිතට ගත්තේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය … ඝ්‍රාණේන්‍ද්‍රියය … ජීහ්වේන්‍ද්‍රියය ... කායේන්‍ද්‍රියය ... මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස ආදී ලාමක අකුසල් දහම්හු පුන පුනා වෑස්සෙන්නෝ ද, ඒ ඉන්‍ද්‍රියයන්ගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මන ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී ... ඒ මනින්‍ද්‍රියය රැකැ ගනී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියයසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි කෙලෙසුන්ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙම ඉන්‍ද්‍රියයන්හි වැසූ දොරැතියේ වේ.
Pali BJT60. කථඤ්ච බ්රාහ්මණ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ බ්රාහ්මණ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො බ්රාහ්මණ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT60. බමුණ, මහණ තෙම් කෙසේ නම් සතිසම්පජඤ්ඤයෙන් සමන්‍විත වේ ද? යත්: බමුණ, මේ සස්නැ මහණ ඉදිරි ගමනෙහි, පෙරළා ඊමෙහි, අත්පා ඈ හැකිළීමෙහි, දික් කිරීමෙහි, නුවණින් දැන ම එය කරනුයේ වෙයි. සඟළ සිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. අහර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ඈ කෑමෙහි, රස විඳීමෙහි, මල මූ පහ කිරීමෙහි, යෑමෙහි, සිටුමෙහි, හිඳුමෙහි, පිබිදුමෙහි, බිණුමෙහි, නොබිණුමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. බමුණ, මෙසේ වනාහි මහණ තෙම සිහි නුවණින් සමන්‍විත වෙයි.
Pali BJT61. කථඤ්ච බ්රාහ්මණ, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ බ්රාහ්මණ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි බ්රාහ්මණ, පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති, එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො බ්රාහ්මණ, භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT61. බමුණ, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද? බමුණ, මෙහි මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරෙන් ද, කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ යන යන අතැ අටපිරිකර පමණක් ගෙන ම නික්මෙයි. බමුණ, යම් සේ පියා හඹන කුරුලු තෙමේ යන යන තැනට පියාපත් බර ඇති ව ම පියා හඹා ද, එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ තමා යන තැනට පාසිවුරු ඈ අටපිරිකර පමණක් ගෙන ම යෙයි. බමුණ, මෙසේ මහණ තෙමේ ලත් පසයෙහි සතුටු වේ.
Pali BJT62. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT62. බමුණ, ඒ මහණ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද … මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද … මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරන් පවු කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් එළිමහන් පිදුරුලෙන් යන මෙකී මිනිසුන්ගෙන් හිස් කිසි සෙනස්නක් බජයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ පසුබතැ පලක් බැඳ උඩු කය කෙළින් තබා සිහිය කමටහනට යොමු කොට එළවා හිඳී.
Pali BJT63. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති. අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT63. හේ ලොවැ ඇල්ම හැර, පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ප්‍රද්වේෂය හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ හැම පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය අඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ සිහියෙනුත් යුතු ව වෙසෙයි. මිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් කුකුසත් සිතින් දුරැ ලා, නො උදහස් ව, සංහුන් සිය සිත් සතන් ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නොකරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJT64. සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො’හං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තී අකාසිං. අත්ථි ච මෙ උත්තරිං අවසිට්ඨං දාරභරණායා”ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං. අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT64. බමුණ, යම්සේ මිනිසෙක් පොලියට ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්තය සමෘද්ධ වන්නේ නම් හේ වූ තාක් හැම පරණ ණය ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇතොත් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුවෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම් වූ තාක් සියලු පරණ ණය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නා පිණිස ඉතිරි වූ මුදලෙක් ද මට ඇත්තේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ය. හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
Pali BJT65. සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා. සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා. තස්ස එවමස්ස: අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං, දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං ච මෙ නච්ඡාදෙසි. න චස්ස මෙ ආසි කායෙ බලමත්තා. සො’ම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති, අත්ථි ච මෙ කායෙ බලමත්තා’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT65. බමුණ, යම්සේ මිනිසෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත සවි පමණකුත් නො වන්නේ ද, හේ මෑත කලැ ඒ ලෙඩින් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟ පත සවිය ද වන්නේ තම්, ඔහුට “මම් වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන් ලෙඩෙක් වීමි. මට අහරත් නො රිසි වී ය. ඇඟපතත් සවිය නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහරත් රිසියෙයි. ඇඟපතැ සවියත් ඇත්තේ යැ”යී මෙසේ සිතක් වතොත්, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
Pali BJT66. සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස. සො අපරෙන සමයෙන තම්හා බන්ධනා මුච්චෙය්ය සොත්ථිනා අබ්බයෙන. න චස්ස කිඤ්චි භොගානං වයො. තස්ස එවමස්ස: ‘අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සොම්හි එතරහි තම්හා බන්ධනා මුත්තො සොත්ථිනා අබ්බයෙන. නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො’ති. සො තතොනිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT66. බමුණ, යම්සේ මිනිසෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය නො විසදා පහසුවෙන් එයින් මිදෙන්නේ ද, එයින් ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, ඔහුට “මම් වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන නො විසදා පහසුයෙන් එයින් මිදුණෙම් වෙමි. මාගේ භෝගයනට කිසි විනාශයෙකුත් නැතැ’ යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
Pali BJT67. සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො. සො අපරෙන සමයෙන තම්හා දාසබ්යා මුච්චෙය්ය, අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො. තස්ස එවමස්ස: ‘අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො. සො’ම්හි එතරහි තම්හා දාසබ්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො’ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT67. බමුණ, තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති, දාස පුරුෂයෙක් යම්සේ වන්නේ ද, හේ පසු කලෙක තමා අයත් පැවැතුම් ඇතියේ, මෙරමා, අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙකැ යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුව “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යෑ නොහැකි, දාසයෙකිම් වීමි. ඒ මම් දැන් ඒ දාස භාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, මෙරමා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම්, කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි”යී මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
Pali BJT68. සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය දුබ්භික්ඛං සප්පටිභයං. සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්ය ඛෙමං අප්පටිභයං. තස්ස එවමස්ස: ‘අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සො’ම්හි එතරහි තං කන්තාරං නිත්ථිණ්ණො සොත්ථිනා ගාමන්තං අනුප්පත්තො ඛෙමං අප්පටිභයන්ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං අධිගච්ඡෙය්ය සොමනස්සං.
Sinhala BJT68. බමුණ, යම්සේ ධනවත් භෝගසම්පත් ඇති පුරුෂයෙක් අහර හිඟ, උවදුරැති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුව සේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති ගම්මානකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති අහර හිඟ බිය ඇති දික් මඟකට බටිමි. ඒ මම් දැන් සුවසේ ඒ කතර තිණූයෙම්. උවදුරු නැති බිය නැති ගමකට බටුයෙම් වෙමි’යී මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
Pali BJT69. එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං. එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි බ්රාහ්මණ, ආනණ්යං යථා ආරොග්යං යථා බන්ධනා මොක්ඛං යථා භුජිස්සං යථා ඛෙමන්තභූමිං, එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු ඉමෙ පඤ්චනීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJT69. බමුණ, එසේ ම මහණ තෙමේ ණයක් මෙන්, ලෙඩක් මෙන්, හිර ගෙයක් මෙන්, වහල් බවක් මෙන්, දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙළින්) මේ නොපහවූ නීවරණ පස තමා කෙරෙහි දකී. ණය නැති බව සේ, නො ලෙඩ බව සේ, හිරෙන් මිදුණු බව සේ, උවදුරු නැති සේ (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් මේ නීවරණ පසේ දුරු වූ අවස්ථාව) තමා කෙරෙහි දකී.
Pali BJT70. තස්සිමෙ පඤ්චනීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT70. මේ නීවරණ පස තමා කෙරෙහි පහ වූවා දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය සිතැ ඇත්තහුගේ නම්කය සංහිඳේ. සංහුන් නම්කය ඇත්තේ සුව විඳී. සුවැත්තහු සිත අරමුණෙහි එකඟ වේ.
Pali BJT71. සො විවිච්චෙව කාමෙහි, විවිච්ච අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT71. හේ කාමයන්ගෙන් වෙන් ව ම සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහ වීමෙන්) ප්‍රීතියත් සුවයත් ඇති, පළමු දහන ලැබ වෙසෙයි. හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් පීති සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි (ඒ පීති සුවයෙන්) පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT72. සෙය්යථාපි බ්රාහ්මණ, දක්ඛො න්හාපකො වා න්හාපකන්තෙවාසී වා කංසථාලෙ න්හානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය, සායං න්හානීයපිණ්ඩි ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුටා ස්නෙහෙන, න ච පග්ඝරණී.
Sinhala BJT72. බමුණ, යම්සේ දක්‍ෂ කිලිඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහො තලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දියැත්තේ, හැම තැන ම දියෙන් යුත් වූයේ, ඇතුළත පිටත සහිත ව මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTබමුණ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් පීතිසුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති කයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ඇති වූත් වඩා මහත් අනුහස් ඇති වූත් යඥයෙකි.
Pali BJT73. පුන චපරං බ්රාහ්මණ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT73. බමුණ, නැවැත ද (අනෙකක් කියම්.) මහණ තෙමේ විතර්‍ක විචාර දෙකේ සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති දෙවෙනි දහනට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පහසී. විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් ඔහු සියලු කයේ කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT74. සෙය්යථාපි බ්රාහ්මණ, උදකරහදො ගම්භීරො උබ්භිදොදකො, තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්ස ආයමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්ස ආයමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්ස ආයමුඛං, න උත්තරාය දිසාය උදකස්ස ආයමුඛං, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුපවෙච්ඡෙය්ය, අථ ඛො තම්හා ව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්නෙය්ය පරිසන්නෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය. නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT74. බමුණ, යම් සේ උල්පතින් මතු වන දිය ඇති විලෙක් වේ ද, එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟක් නොවතත්, දකුණු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, පැසිම් දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, උතුරු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, වැස්සත් කලින් කලැ සුදුසු පරිදි නො වසිතත්, එහෙත් ඒ විලෙන් සිහිල් දිය දහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමන්නේ ද, මුළුල්ල තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැන ම වැද ගෙන සිටී ද, එයින් පැතිරැ වැද නොගත් තැනෙක් නො වන්නේ ද, එසේ ම, බමුණ, මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් පීතිසුවයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.
Pali BJT75. පුන චපරං බ්රාහ්මණ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT75. තව ද බමුණ, මහණ තෙමේ ප්‍රීතිය සංහිඳීමෙන් උපේක්‍ෂායෙන් යුතු ව, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. අරී පුඟුලෝ යම් දහනක් හේතු කොට ගෙන දහන් ලැබුවහු ඇරැබ ‘මෙ තෙමේ උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විසුම් ඇත්තේ යැ’ යී කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි දහන් පැමිණ (ලැබ) වෙසෙයි. හේ මේ කය ම ප්‍රීති රහිත සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ ප්‍රීතිරහිත සුවයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT76. සෙය්යථාපි බ්රාහ්මණ, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි{1} උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, තානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි{2} පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්නෙති පරිසන්නෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJT76. බමුණ, යම් සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි වැඩුණේ දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ සියල්ල අග තෙක් ද මුල් තෙක් ද සිසිල් දියෙන් තෙමුණේ, මුළුල්ල ම තෙමුණේ පිරී ගියේ, හැම තැන ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ වැදැ නොගත් තැනෙක් නො වන්නේ ද, බමුණ, මහණ තෙමේ එ සේම මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, මුළුල්ල ම පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වන්නේ ය.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වනාහි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පල ද මහත් අනුසස් ද ඇති යඥයෙක.
Pali BJT77. පුන චපරං බ්රාහ්මණ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT77. තව ද බමුණ, මහණ තෙමේ සුව විඳුමත් දුරැලීමෙන්, දුක් විඳුමත් දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙක දුරු වීමෙන්, නොදුක් ද නොසුව ද වූ, උපේක්‍ෂා ස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිවුවන දහන ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
Pali BJT78. සෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති.
Sinhala BJT78. යම්සේ, බමුණ, මිනිසෙක් හිස සහිත මුළු කය ම සුදු වතින් වසාගෙන හුන්නේ වී නම්, ඔහුගේ ඒ මුළු කයෙහි සුදු වතින් වැදැ නොගත් (නොවැසුණේ) කිසිදු තැනෙක් නොවන්නේ ද, බමුණ, එසේ ම මහණ තෙම මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ ගෙන නොසිටි කිසි දු තැනෙක් වෙයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.
Pali BJT79. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{1} ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: ‘අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො, ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධ’න්ති.
Sinhala BJT79. (බමුණ,) ඒ මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කිලිටි පහ වූ කල්හි, පහ වැ ගිය චිත්තෝපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, විවසුන් වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුවණ පිණිස (පිරියම්) සිත එයට යොමු කෙරෙයි, එයට නතු කෙරෙයි. (එසේ වූ) හේ ‘මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුණේ ය. අනිසබව ද දුගඳ හරනුවට සුවඳ විලවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළත් බිඳෙන බව ද, විසිරෙන බව ද යන මෙ කී දෑය ස්වභාව කොට ඇත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය”යී මෙසේ දැනැ ගනී.
Pali BJT80. සෙය්යථාපි බ්රාහ්මණ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො, තත්රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං{2} වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය, ‘අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො අනාවිලො සබ්බාකාරසම්පන්නො. තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා’ති.
Sinhala BJT80. බමුණ, යම්සේ සොඳුරු පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, දෙවුම් විදුම් ඈ හැම අයුරින් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ නම් ඇස් ඇති පුරුෂයෙක් එය අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු, පිරිසිදු ආරෙක උපන්, අටැස්, මොනොවට පිරියම් කළ, සියුම්, වෙසෙසින් පහන්, පිවිතුරු, දෙවුම් විදුම් ඈ සියලු අයුරින් යුත් වෙරෙළු මිණෙක. මෙහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ” ය යී සලකා බලන්නේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඤාණදස්සනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො එවං පජානාති: ‘අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො, ඔදනකුම්මාසූපචයො, අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදං ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති.
Sinhala BJTබමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් යට පත් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වූ කල්හි, (විවසුන් බවුනට) යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි. එයට නතු කෙරෙයි. (එසේ වූ) හෙ තෙමේ ‘මේ මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මා පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු අහරින් වැඩුණේ ය, අනිසබව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළිය යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එය කළත් බිඳෙන බව ද, විසිරෙන බව ද යන මෙකී දෑ ස්වභාව කොටැත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ’යී දැන ගනී.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, __යඤ්ඤො පුරිමෙ__ යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, (එහෙත්) වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.
Pali BJT81. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං.
Sinhala BJT81. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, දුරැ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු ඉපැදවීමට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, මන්මුවා (මනෝමය) සිරුරක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නතු කෙරෙයි. හේ (මෙසේ) මෙ සිරුරින් රූමත්, හැම අඟ පසඟ ඇති, නොවිකළ ඉඳුරන් ඇති මන්මුවා සිරුරක් මවා පියයි.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො මුඤ්ජම්හා ඊසිකං{1} පබ්බාහෙය්ය, තස්ස එවමස්ස: “අයං මුඤ්ජො, අයං ඊසිකා. අඤ්ඤො මුඤ්ජො, අඤ්ඤා ඊසිකා. මුඤ්ජම්හා ත්වෙව ඊසිකා පබ්බාළ්හා”ති.
Sinhala BJTබමුණ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් මුදුකිලිල ඇද මෑත් කරන්නේ නම්, ඔහුට “මේ මුදුතණ ගස ය, මේ එහි මුදුකිලිල ය, තණ ගස එකෙක, එහි මුදුකිලිල අනෙකෙක, මුදු තණ ගසින් එහි කිලිල මෑත් කරනලදැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTසෙය්යථා වා පන බ්රාහ්මණ, පුරිසො අසි කොසියා පබ්බාහෙය්ය, තස්ස එවමස්ස “අයං අසි, අයං කොසි, අඤ්ඤො අසි, අඤ්ඤා කොසි, කොසියාත්වෙව අසි පබ්බාළ්හො”ති.
Sinhala BJTබමුණ, යම් සේ හෝ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇදැ මෑත් කරන්නේ නම්, ඔහුට “මේ කඩුව ය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකෙක, කොපුයෙන් ම් කඩුව ඇද මෑත් කරන ලදැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTසෙය්යථා වා පන බ්රාහ්මණ, පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය, තස්ස එවමස්ස “අයං අහි, අයං කරණ්ඩො, අඤ්ඤො අහි, අඤ්ඤො කරණ්ඩො, කරණ්ඩා ත්වෙව අහි උබ්භතො”ති.
Sinhala BJTබමුණ, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවෙන් (සිතින්) ඇදැ නඟා ගන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැව ය, නයා එකෙක, සැවය අනෙකෙක, සැවයෙන් ම නයා ඉදිරිණැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ මනොමයං කායං අභිනිම්මින්නාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං.
Sinhala BJTබමුණ, එසේ ම මහණ තෙමේ මේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි මන්මුවා සිරුරක් මවා පානුවට සිත යොමු කෙරෙයි, නමා හරියි. (එසේ වූ) හේ මේ සිරුරින් රූපවත් වූ, සියලු අඟපසඟින් යුත්, නොවිකළ ඉඳුරන් ඇති, මන්මුවා අන් සිරුරක් මවා පියයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වනාහි උඩ දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, (එහෙත්) එයට වඩා මහත් පල ද වඩා මහත් අනුසස් ද ඇති යඥයෙක.
Pali BJT82. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති එකො’පි හුත්වා බහුධා හොති, බහුධා’පි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති යාව බ්රහ්මලොකා’පි කායෙන වසං වත්තෙති.
Sinhala BJT82. හේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (ඉදුහු වඩනුවට) යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, ඉදුවිද නුවණ පිණිස පිරියම් සිත මෙහෙයයි, නතු කෙරෙයි. (එසේ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා පසක් කෙරෙයි. පියෙවියෙන් එකෙක් වැ සිට ද ඉදුබෙලෙන් බොහෝ වැදෑරුම් වෙයි. බොහෝ වැදෑරුම් විත් යලි එකෙක් ම වෙයි. තමාගේ පෙහෙළි බව කෙරෙයි, යලි නොපෙහෙළි බව කෙරෙයි. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙකත් නොගැටෙනුයේ විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොව්හි ද ගිලීම ද මතු වීම ද කෙරෙයි. නොබිඳෙන දියෙහි පොළොව්හි සේ යෙයි. පියාපත් ඇති සකුනයකු සේ අහස්හි ද පලඟින් යෙයි. මේසා මහත් ඉදු ඇති, මහත් තෙද ඇති මේ සඳ හිරු දෙදෙනා ද අල්ලයි. අත යවා ඔබ මොබ පිරිමදී. බඹලොව දක්වා ද (මුළු ලොව) කයින් විසී කෙරෙයි.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යං යදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය;
Sinhala BJTබමුණ, යම් සේ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ මැටියෙන් යම් යම් බඳුන් වෙසෙසක් තෙමේ කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද,
Pali BJTසෙය්යථා වා පන බ්රාහ්මණ, දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යං යදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්ය තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය;
Sinhala BJTබමුණ, යම්සේ හෝ සමත් දත්වඩුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ දතෙක්හි යම් යම් විසිතුරු රූපාදියක් (දන්තවිකෘතියක්) කැමැත්තේ නම් එය එයම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද,
Pali BJTසෙය්යථා වා පන බ්රාහ්මණ, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යං යදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්ය, තං තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය;
Sinhala BJTබමුණ, යම්සේ හෝ සමත් රන්කරුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් අබරණ ආදියක් (ස්වර්‍ණවිකෘතියක්) කැමැත්තේ එය නම් එයම කරන්නේ ද, නිපදවන්නේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති එකො’පි හුත්වා බහුධා හොති බහුධා’පි හුත්වා එකො හොති. ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථා’පි ආකාසෙ. පඨවියා’පි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථා’පි උදකෙ. උදකෙ’පි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථා’පි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකා’පි කායෙන වසං වත්තෙති.
Sinhala BJTබමුණ, එ පරිද්දෙන් ම මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, පබසර වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහ වඩනුවට යුහු වූ කල්හි, ස්ථිතකල්හි, නිසලබව් පත් කල්හි ඉදුවිද නුවණ පිණිස සිත මෙහෙයයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා විඳී (ලබයි, පසක් කෙරෙයි). පියෙවියෙන් එකක් වැ ම සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනක් වැ යලි එකෙක් ම වෙයි. තෙමේ පෙනී සිටී, නොපෙනී ද සිටී. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට විනිවිද කිසිවෙක නොලැගී අහසෙහි සෙයින් යෙයි. පොළොව්හි ද දියෙහි මෙන් ගිලීමත් මතු වීමත් කෙරෙයි. පොළොව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. ඉගිලෙන පක්‍ෂියකු සේ පලඟින් අහසැ යෙයි. මේ සා මහත් ඉදුහ ඇති මේසා මහත් තෙද ඇති සඳ හිරුන් පවා අල්ලයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් තමා වසයෙහි පවත්වයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වනාහි මෙයින් පළමු කී සියලු යඥයනට වඩා මඳ කටයුතු ඇති ද වඩා මඳ තැතින් සිදු කට හැකි ද වූ, එහෙත් ඒ හැමට වඩා මහ පල ද වඩා මහ අනුසස් ද ඇති යඥයෙක.
Pali BJT83. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT83. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (දිවකන් නුවණ වඩනුවට) යුහු වූ කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ සිටි දිවකනින් දෙවියන් අයත් වූ ද මිනිසුන් අයත් වූ ද දුරැ වූ ද ළඟැ වූ ද යන දෙවැදෑරුම් හැම හඬ ම අසයි.
Pali BJT84. සෙය්යථා’පි බ්රාහ්මණ, පුරිසො අද්ධානමග්ගපටිපන්නො, සො සුණෙය්ය භෙරිසද්දම්පි මුදිඞ්ගසද්දම්පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දම්පි. තස්ස එවමස්ස ‘භෙරිසද්දො ඉති’පි මුදිඞ්ගසද්දො ඉති’පි සඞ්ඛපණවදෙණ්ඩිමසද්දො ඉති’පි. එවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT84. බමුණ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ නම්, හේ බෙර හඬත් මිහිඟු බෙර හඬත් සක් පණා ගැටබෙර හඬත් අසන්නේ නම්, එය අසන ඔහුට ‘මේ බෙර හඬැ’ යිත් ‘මේ මිහිඟු බෙර හඬැ’ යී ත් ‘මේ සක් පණා ගැටබෙර හඬැ’යිත් මෙසේ සිතෙක් වන්නේ නම්, බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මේ ලෙස සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්‍ෂම වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ වූ දිවකන් නුවණින් දිව්‍ය වූත් මානුෂ වූත් දුරැ වූත් ළඟැ වූත් දැ යී මෙසේ දෙවැදෑරුම් වූ සියලු හඬ අසයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මෙය පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතෙකින් සිදු කට හැකි, ඒ හැමට වඩා මහත් පල ද ඇති මහත් අනුසස් ද ඇති යාගයෙකි.
Pali BJT85. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති, සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති, සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති, සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති, සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJT85. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් කල්හි, කර්‍මක්‍ෂම කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, පර සිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනියි. සරාග සිත සරාග සිතැ යි දනී. රාගරහිත සිත රාගරහිත සිතැ යි ද දනියි. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. සමෝහ සිත සමෝහ සිතැ යි දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැ යි ද දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතැ යි ද දනියි. විසුරුණු සිත විසුරුණු සිතැ යි ද දනියි. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනියි. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනියි. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනියි. නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද දනියි. එකඟ සිත එකඟ සිතැ යි ද දනී. නොඑකඟ සිත නොඑකඟ සිතැ යි ද දනියි. මිදුණු සිත මිදුණු සිතැ යි ද දනී. නොමිදුණු සිත නොමිදුණු සිතැ යි ද දනියි.
Pali BJT86. සෙය්යථා’පි බ්රාහ්මණ, ඉත්ථි වා පුරිසො වා දහරො වා යුවා මණ්ඩනජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා සකණිකන්ති ජානෙය්ය, අකණිකං වා අකණිකන්ති ජානෙය්ය.
Sinhala BJT86. බමුණ, ළදරු වේවයි තරුණ වේවයි සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු පිවිතුරු කැඩපතෙක හෝ පහන් දියැති බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ඈ දොස් ඇති තැන් දොස් ඇති තැනැ යි දන්නේ ද, ඒ දොස් නැති තැන් දොස් නැති තැනැ යි දන්නේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ චෙතොපරියඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති.
Sinhala BJTබමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්‍ෂම කල්හි, ස්ථිත කල්හි, නිසලබව් පත් කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි.
Pali BJTසො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTහේ අන් සතුන්ගේ අන් පුගුලන් ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනී: සරාග සිත සරාග සිතැ යි ද දනී. වීතරාග සිත වීතරාග සිතැ යි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද … වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද … සමෝහ සිත සමෝහ සිතැ යි ද … වීතමෝහ සිත වීතමෝහ සිතැ යි ද … සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි ද … වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැ යි ද … මහද්ගත සිතැ මහද්ගත සිත යි ද … අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද ... සෝත්තර සිත සෝත්තර සිතැ යි ද … නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද … අසමාහිත සිත අසමාහිත සිතැ යි ද … විමුක්ත සිත විමුක්ත සිතැ යි ද … අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ වනාහි පළඹු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතෙකින් සිදු කට හැකි ඒ හැමට වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුහස් ද ඇති යාගයෙක.
Pali BJT87. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ “අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT87. හේ මෙසේ සිත එකඟ වූ කල පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කලැ පෙරැ වුසූ කඳපිළිවෙළ දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ “අසෝ තැනැ මේ නම් ඇතියෙම් වීම්, මේ ගොත් ඇතියෙම් වීම්, මෙබඳු පැහැසටහන් ඇතියෙම් වීම්, මෙබඳු අහරැතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳිනුයෙම් වීමි, මෙබඳු ආයු කෙළවර ඇතියෙම් වීම්, ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි. එහි දු මේ නම් ඇතියෙම් වීම්, මේ ගොත් ඇතියෙම් වීම්. මෙබඳු පැහැ සටහන් ඇතියෙම් වීම්, මෙ බඳු අහරැතියෙම් වීමි, මෙ බඳු සුව දුක් විඳිනුයෙම් වීමි. මෙබඳු ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද බොහෝ විවර්‍ත කල්ප ද බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද මෙසේ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ පැහැ සටහන් ඈ විසින් අයුරු සහිත, තම ගොත් විසින් උදෙසුම් සහිත බොහෝ වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJT88. සෙය්යථා’පි බ්රාහ්මණ, පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය. සො තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගච්ඡෙය්ය, තස්ස එවමස්ස: “අහං ඛො සකම්හා ගාමා අමුං ගාමං අගච්ඡිං තත්ර එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගච්ඡිං තත්රාපි එවං අට්ඨාසිං එවං නිසීදිං __එවං අභාසිං__ එවං තුණ්හී අහොසිං. සො’ම්හි තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගතො’ති.
Sinhala BJT88. බමුණ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, එ ගමිනුත් අන් ගමකට යන්නේ ද, යලි ඒ ගමින් සිය ගමට පෙරළා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. එ ගමිනුත් අසෝ ගමට ගියෙමි, එහි දු මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි, ඒ මම් එ ගමින් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි”යී ඔහුට මෙබඳු සිතෙක් වන්නේ ද,
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, භික්ඛු එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTබමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි. මොනොවට නතු කෙරෙයි. හේ “අසෝ තැනැ මේ බඳු නම් ඇතියෙම් වීමි, මේ බඳු ගොත් ඇතියෙම් වීමි, මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙ බඳු අහර ඇතියෙම් වීම්, මෙ බඳු සුව දුක් විඳුනෙම් වීම්, මෙ බඳු ආයු සීමා ඇතියෙම් වීම්. ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි, එහි ද මෙබඳු නම් ඇතියෙම් වීම්, මෙබඳු ගොත් ඇතියෙම් වීම්, මෙබඳු පැහැ සටහන් ඇතියෙම් වීම්, මෙ බඳු අහර ඇතියෙම් වීම්, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීම. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීම්. ඒ මම් එසින් සැවැ මෙහි උපනිමි”යී මෙසේ එක් දැයක් ද දෙ දැයක් ද තෙ දැයක් ද සිවු දැයක් ද පස් දැයක් ද දස දැයක් ද විසි දැයක් ද තිස් දැයක් ද සාළිස් දැයක් ද පනස් දැයක් ද සිය දැයක් ද දහස් දැයක් ද සුවහස් දැයක් ද බොහෝ පිරිහෙන කප් ද බොහෝ වැඩෙන කප් ද බොහෝ පිරිහෙන වැඩෙන කප් දැ යී මෙසේ නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙ පරිද්දෙන් අයුරු සහිත උදෙසුම් සහිත පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, යඤ්ඤො පුරිමෙහි යඤ්ඤෙහි අප්පට්ඨතරො ච අප්පසමාරම්භතරො ච මහප්ඵලතරො ච මහානිසංසතරො ච.
Sinhala BJTබමුණ, මේ පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති වඩා මඳ තැතින් සිදු කට හැකි, වඩා මහත් පල ද වඩා මහත් අනුහස් ද ඇති යඥයෙක.
Pali BJT89. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJT89. ඒ මහණ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද කළෝ ය. මිසදිට් ගතුවහ, මිසදිට් විසින් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඔහු කා බුන් මරණින් මතු සුවින් තොර, නපුරු කමින් උපන් ගති වූ (කර්‍මයට තමන් යටත් බැවින්) තමනට අවශග වැ වැටෙන තැන් වූ නිරයට වන්නෝය. මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් සමන්‍විතයහ. ආර්‍ය්‍යයනට උපවාද නොකොළෝය. සම්දිටු ගතුවහ. සම්දිට් විසින් ගත් සිල් ඈ ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු හොබනා ගති ඇති සග ලොව් වන්නෝ යැ”යී මරණාසන්න වූ ද එ කෙණෙහි පිළිසඳ ගතුවන් වූ ද හීන වූ ද උසස් වූ ද මනා පැහැසටහන් ඇති වූ ද නොමනා පැහැසටහන් ඇති වූ ද සුගතියට පැමිණි ද දුගතියට පැමිණි ද කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මිනිස් විසා ඉක්මැ සිටි දිවැසින් පහත් උසස් සුවන් දුවන් සුගී දුගී සතුන් දකී. කම් වූ පරිදි ඒ ඒ බව කරා එළැඹැ සිටි සතුන් දකී.
Pali BJT90. සෙය්යථාපි බ්රාහ්මණ, මජ්ඣෙ සිංඝාටකෙ{1} පාසාදො. තත්ථ චක්ඛුමා පුරිසො ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙ’පි නික්ඛමන්තෙ’පි රථියා වීථිසඤ්චරන්තෙ’පි මජ්ඣෙ සිංඝාටකෙ{1} නිසින්නෙ’පි. තස්ස එවමස්ස, එතෙ මනුස්සා ගෙහං පවිසන්ති, එතෙ නික්ඛමන්ති, එතෙ රථියා වීථිසඤ්චරන්ති, එතෙ මජ්ඣෙ සිංඝාටකෙ{1} නිසින්නා’ති;
Sinhala BJT90. බමුණ, යම්සේ සිවුමං හන්දියෙකැ මහල් ඇති ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, ගෙ වදිනාවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යත එනවුනුත් සිවුමංහන්දිය මැදැ හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙ වදිත්, මොහු ගෙන් නික්මෙත්. මොහු වෙයෙහි ඈත මෑත යෙත්. මොහු සිවුමංහන්දිය මැද හුන්නාහැ’යී මෙසේ සිතෙක් වන්නේ ද,