Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති: අථ කො එසො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණ බ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ජාතිජරාමරණං අතරි උත්තරි පතරි සමතික්කමි වීතිවත්තයි. මාරිසාති: පියවචනං ගරු වචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘මාරිසා’ති ‘අථ කො චරහි දෙව මනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
Sinhala BJTඅථ කො චරහි මනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: වැළිත් තෙල කවරෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ මහණ බමුණන් සහිත වූ දෙවි මිනිසුන් සහිත වූ සත්ත්‍වලෝකයෙහි ජාතිජරාමරණය තරණය කෙළේ ද උත්තරණය- ප්‍රතරණය- සමතික්‍රමණය- ව්‍යතිවර්තනයකෙළේ ද? මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ තෙල ‘මාරිස’ යනු සගෞරව සප්‍රතිශ්‍රයනාමයෙක් නුයි ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච මාරිස’ යනු වේ.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: ‘පුච්ඡාමි ත’න්ති: පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති: බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති. පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.’
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං- ‘පුච්ඡාමි තං’ යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණ කෙරෙමි, මුඹවහන්සේ පහදවමි. භගවා යනු: තෙල ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු: අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: වදාළ මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව පැවැසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“යෙ කෙචි මෙ සමණබ්රාහ්මණාසෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං තෙ චෙ මුනී බ්රූසි අනොඝතිණ්ණෙ අථ කො චරහි දෙවමනුස්සලොකෙ, අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති”.
Sinhala BJT“යෙ කෙවිමෙ -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJTනාහං සබ්බෙ සමණබ්රාහ්මණාසෙ (නන්දාති භගවා) ජාතිජරාය නිවුතාති බ්රූමි, යෙ සීධ සිට්ඨං ව සුතං මුතං චා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා{1} ඔඝතිණ්ණාති බ්රූමි.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මම් ‘හැම මහණබමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ යි නො කියමි. මේ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම කෞතූහල මඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.’
Pali BJTනාහං සබ්බෙ සමණබ්රාහ්මණාසෙ නන්දාති භගවා ජාතිජරාය නිවුතාති බ්රූමීති: නාහං නන්ද, සබ්බෙ සමණබ්රාහ්මණා ජාතිජරාය ආවුතා නිවුතා ඔවුතා{2} පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති වදාමි, අත්ථි තෙ සමණබ්රාහ්මණා යෙසං ජාතිච ජරාමරණඤ්ච පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{3} ආයතිං අනුප්පාදධම්මාති බ්රූමි. ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති. ‘නාහං සබ්බෙ සමණබ්රාහ්මණාසෙ නන්දාති භගවා ජාතිජරාය නිවුතාති බ්රූමි’.
Sinhala BJTනාහං සබ්බේ සමණබ්‍රාහ්මණා සෙ නන්‍දා‘ති භගවා ජාතිජරාය නිවුතා’ති බ්‍රෑමි යනු: නන්‍දය, මම් හැම මහණබමුණහු ජාතිජරායෙන් අවුරන ලද්දාහු වළහන ලද්දාහු උඩින් වැසුණාහු යටින් වැසුණාහු පිළිසන් වූවාහු යටිහුරු වූවාහු යයි නො කියමි. යම් මහණ බමුණු කෙනකුන්ට ජාතියත් ජරාමරණයත් ප්‍රහීණ වූවාහු ද උසුන්මුල් ඇත්තාහු ද හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක වූවාහු ද අනු අභාවය කරන ලද්දාහු ද ආයතිභවයෙහි නූපදනා පියවි ඇත්තාහු ද, එබඳු මහණබමුණු කෙනෙක් ඇත්තාහ යි බ්‍රෑමි-කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘නාහං සබ්බේ සමණබ්‍රාහ්මණා සෙ නන්‍දා ති භගවා ජාතිජරාය නිවුතා‘ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTයෙ සීධ දිට්ඨංව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බන්ති: යෙ සබ්බා දිට්ඨසුද්ධියො පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, යෙ සබ්බා සුතසුද්ධියො{4} පහාය -පෙ- යෙ සබ්බා මුතසුද්ධියො{5} පහාය -පෙ- යෙ සබ්බා දිට්ඨමුතසුද්ධියො පහාය -පෙ- යෙ සබ්බා සීලසුද්ධියො පහාය -පෙ- යෙ සබ්බා වතසුද්ධියො පහාය -පෙ- යෙ සබ්බා සීලබ්බතසුද්ධියො පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං. ‘
Sinhala BJTයෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා‘පි පහාය සබ්බං යනු: යම් කෙනෙක් හැම දෘෂ්ට ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්‍රැතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම මුතශ්‍රද්ධීන් හැර.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්‍රැතමුතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ව්‍රතශුද්ධීන් හැර.... යම් කෙනෙක් හැම ශීලව්‍රතශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං යනු වේ.
Pali BJTඅනෙකරූපම්පි පහාය සබ්බන්ති: අනෙකවිධවතකොතූහල මඞ්ගලෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘අනෙකරූපම්පි පහාය සබ්බං’.
Sinhala BJTඅනෙකරූපම්පි පහාය සබ්බං යනු: අනේකවිධ ව්‍රතකෞතූහල මඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං’ යනු වේ.
Pali BJTතණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමීති: තණ්හාති: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. තණ්හං පරිඤ්ඤායාති: තණ්හං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
Sinhala BJTතණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. පරිඤ්ඤාය යනු: ඥාතපරිඥායැ තීරණපරිඥා යැ ප්‍රහාණපරිඥා යැ යන තුන් පරිඥායෙන් තෘෂ්ණාව පිරිසිඳ දැන.
Pali BJTකතමා ‘ඤාතපරිඤ්ඤා: තණ්හං ජානාති{1} ‘අයං රූපතණ්හා අයං සද්දතණ්හා අයං ගන්ධතණ්හා අයං රසතණ්හා අයං ඵොට්ඨබ්බතණ්හා අයං ධම්මතණ්හා’ති. ජානාති{1} පස්සති, අයං ඤාතපරිඤ්ඤා.
Sinhala BJTඥාතපරිඥා කවරැ යත්: තෘෂ්ණාව ඥාතපරිඥායෙන් දැනගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්‍ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණ යැ මේ ධර්‍මතෘෂ්ණා යැ යි දැනගනියි, දකියි. මෝ තොමෝ ඥාතපරිඥායි.
Pali BJTකතමා ‘තීරණපරිඤ්ඤා’: එවං ඤාතං කත්වා තණ්හං තීරෙති: අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො -පෙ- නිස්සරණතො තීරෙති, අයං තීරණපරිඤ්ඤා.
Sinhala BJTතීරණපරිඥා කවරැ යත්: මෙසේ දන්නාලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ... නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ තීරණ පරිඥා යි.
Pali BJTකතමා ‘පහානපරිඤ්ඤා’: එවං තීරයිත්වා තණ්හං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. වුත්තං හෙතං භගවතා: “යො භික්ඛවෙ, තණ්හාය ඡන්දරාගො තං පජහථ, එවං සා තණ්හා පහීනා භවිස්සති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා”ති.{a} අයං පහානපරිඤ්ඤා.
Sinhala BJTප්‍රහාණ පරිඥා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි, බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, තෘෂ්ණාව පිළිබඳ යම් ඡන්‍දරාගයෙක් වී නම් එය දුරු කරවු, මෙසේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නී යැ උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරන ලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ” යි. මෝ තොමෝ ‘ප්‍රහාණ පරිඥා’ යි.
Pali BJTතණ්හං පරිඤ්ඤායාති: තණ්හං ඉමාහි තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා. අනාසවාසෙති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. යෙසං ඉමෙ ආසවා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තෙ වුච්චන්ති අනාසවා අරහන්තො ඛීණාසවා.
Sinhala BJTතණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ තුන් පරිඥායෙන් දැනගෙන. අනාසවාසෙ- ආශ්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. යම් කෙනෙකුන්ට මේ ආස්‍රවයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු ද ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ ‘අනාස්‍රවහ’ යි කියනු ලැබෙත්.
Pali BJTතණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමීතිං යෙ තණ්හං පරිඤ්ඤාය අනාසවා තෙ කාමොඝං තිණ්ණා, භවොඝං තිණ්ණා, දිට්ඨොඝං තිණ්ණා, අවිජ්ජොඝං තිණ්ණා, සබ්බසංසාරපථං තිණ්ණා උත්තිණ්ණා නිත්තිණ්ණා{3} අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තාති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමී”ති.
Sinhala BJTතණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි යනු: යම් කෙනෙක් තුමූ තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් දැන අනාස්‍රව වූවාහු ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භවොඝය තරණය කළාහු යැ දෘෂ්ට්‍යොඝය තරණය කළාහු යැ අවිද්‍යොඝය තරණය කළාහු යැ, සියලු සංසාර පථය තරණය කළාහු යැ උත්තරණය-නිස්තරණය- අතික්‍රමණය- සමතික්‍රමණය කළාහු යැ ඉක්මවූවාහු යයි කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙමි නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නාහං සබ්බෙ සමණබ්රාහ්මණාසෙ (නන්දාති භගවා) ජාතිජරාය නිවුතාති බ්රූමි, යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා{4} සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමී”ති.
Sinhala BJT“නාහං සබ්බේ -පෙ- තෙ වෙ නරා ඔඝතිණ්ණා’ති බ්‍රෑමි” යි.
Pali BJT7. 8.
Sinhala BJT7. 8.
Pali BJTඑතාභිනන්දාමි වචො මහෙසිනො (ඉච්චායස්මා නන්දො) සුකිත්තිතං ගොතම නූපධීකං යෙසීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං, තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්රූමී.
Sinhala BJT(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂි වූ මුඹ වහන්සේගේ තෙල වදන් මම රුස්මි. ගෞතමයන් වහන්ස, උපධිරහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ, මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැර පියා අනේකවිධ වූ හැම කොතූහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ඕඝතරණය කළාහ යි කියමි.
Pali BJTඑතාභිනන්දාමි වචො මහෙසිනොති: ‘එත’න්ති: තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{1} නන්දාමි අභිනන්දාමි මොදාමි අනුමොදාමි ඉච්ඡාමි සාදියාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමි. මහෙසිනොති මහෙසී{2} භගවා: මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති මහෙසී -පෙ- කහං දෙවදෙවො, කහං නරාසභොති මහෙසීති ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’.
Sinhala BJTඑතාභිනන්දාමි වටො මහෙසිනො- ‘එතං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය සතුටු වෙමි, වෙසෙසින් සතුටු වෙමි, තුටු වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, පිළිගනිමි, පතමි, කැමති වෙමි, අභිජල්පනය කෙරෙමි, මහෙසිනො යනු: බුදුහු මහර්ෂීහ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කළාහු නුයි මහර්ෂීහ ... කොහි යැ දෙවියනට දෙවි වූවාහු? කොහි යැ නරශ්‍රේෂ්ඨ වූවාහු? යයි මහර්ෂීහ නුයි ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’ යනු වේ.
Pali BJTසුකිත්තිතං ගොතම නූපධීකන්ති: ‘සුකිත්තිත’න්ති: ස්වාචීක්ඛිතං{3} සුදෙසිතං සුපඤ්ඤපිතං සුපට්ඨපිතං සුවිවටං{4} සුවිභත්තං සුඋත්තානීකතං සුපකාසිතං ගොතම නූපධීකන්ති: ‘උපධි’ වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච උපධිපහානං උපධිවූපසමං උපධිපටිනිස්සග්ගං{5} උපධිපටිප්පස්සද්ධිං{6} අමතං නිබ්බානන්ති ‘සුකිත්තිතං ගොතම නූපධීකං. ‘
Sinhala BJTසුකිත්තිතං ගෞතම නූපධීකං- ‘සුකිත්තතිතං’ යනු මොනොවට පවසන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවනලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට ප්‍රකට කරන ලද, මොනොවට ප්‍රකාශ කරන ලද. ගොතම නූපධීකං- ‘උපාධි’යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. උපධීන්ගේ ප්‍රහාණය උපධීන්ගේ සන්හිඳීම උපධීන්ගේ දුරැළිම උපධීන්ගේ හැරපීම අමාමහ නිවනැ‘යි ‘සුකිත්තිතං ගොතම නූපධීකං’ යනු වේ.
Pali BJTයෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බන්ති: යෙ සබ්බා දිට්ඨසුද්ධියො පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, යෙ සබ්බා සුතසුද්ධියො -පෙ- යෙ සබ්බා මුතසුද්ධියො -පෙ- යෙ සබ්බා දිට්ඨමුතසුද්ධියො -පෙ- යෙ සබ්බා සීලසුද්ධියො -පෙ- යෙ සබ්බා වතසුද්ධියො -පෙ- යෙ සබ්බා සීලබ්බතසුද්ධියො පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං.’
Sinhala BJTයෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං- යම් කෙනෙක් තුමූ හැමදෘෂ්ටිශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, යම් කෙනෙක් හැම ශ්‍රැතශුද්ධීන්.... යම් කෙනෙක් හැම මුතශුද්ධීන්.... යම් කෙනෙක් හැම දෘෂ්ටශ්‍රැත-මුතශුද්ධීන්..... යම් කෙනෙක් හැම ශීලශුද්ධීන්.... යම් කෙනෙක් හැම ව්‍රතශුද්ධීන්... යම් කෙනෙක් හැම ශීලව්‍රත ශුද්ධීන් හැර හැරපියා වෙසෙසින් හැර පියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘යෙ සීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වා පි පහාය සබ්බං’ යනු වේ.
Pali BJTඅනෙකරූපම්පි පහාය සබ්බන්ති: අනෙකවිධවතකොතූහලමඞ්ගලෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං පහාය ජහිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘අනෙකරූපම්පි පහාය සබ්බං.’
Sinhala BJTඅනෙකරූපම්පි පහාය සබ්බං- අනේකවිධ වූ ව්‍රත කොතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හැර හැරපියා වෙසෙසින් හැරපියා දුරු කොට විගතාන්ත කොට අනාභාවයට පමුණුවා නුයි ‘අනෙකරූපම්පි පහාය සබ්බං යනු වේ.
Pali BJTතණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණාති බ්රූ මීති: තණ්හාති: රූපතණ්හා, සද්දතණ්හා, ගන්ධතණ්හා, රසතණ්හා, ඵොට්ඨබ්බතණ්හා, ධම්මතණ්හා. තණ්හං පරිඤ්ඤායාති: තණ්හං තීහි පරිඤ්ඤාහි පරිජානිත්වා ඤාතපරිඤ්ඤාය තීරණපරිඤ්ඤාය පහානපරිඤ්ඤාය.
Sinhala BJTතණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණො’ති බ්‍රෑමි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රස තෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. ‘තණ්හං පරිණ්ඤාය’ යනු: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤා යැ තීරණ පරිඤ්ඤා යැ පහාණපරිඤ්ඤා යැ යන තුන් පරිඥායෙන් පිරිසිඳ දැන.
Pali BJTකතමා ‘ඤාතපරිඤ්ඤා: තණ්හං ජානාති: ‘අයං රූපතණ්හා අයං සද්දතණ්හා අයං ගන්ධතණ්හා අයං රසතණ්හා අයං ඵොට්ඨබ්බතණ්හා අයං ධම්මතණ්හා’ති. ජානාති{1} පස්සති, අයං ඤාතපරිඤ්ඤා.
Sinhala BJTඤාතපරිඤ්ඤා කවරැ යත්: තෘෂ්ණාව ඤාතපරිඤ්ඤායෙන් දැන ගනියි: මේ රූපතෘෂ්ණා යැ මේ ශබ්දතෘෂ්ණා යැ මේ ගන්‍ධතෘෂ්ණා යැ මේ රසතෘෂ්ණා යැ මේ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ මේ ධර්‍මතෘෂ්ණා යැ යි දැනගනියි දකියි, මෝ තොමෝ ඤාතපරිඤ්ඤා යි.
Pali BJTකතමා තීරණපරිඤ්ඤා: එවං ඤාතං කත්වා තණ්හං තීරෙති: අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුතො අද්ධුවතො අතාණතො අලෙනතො අසරණතො අසරණීභූතතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිණාමධම්මතො අසාරකතො අඝමූලතො{2} වධකතො විභවතො සාසවතො සඞ්ඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො ව්යාධිධම්මතො මරණධම්මතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මතො සඞ්කිලෙසධම්මතො සමුදයතො අත්ථඞ්ගමතො අස්සාදතො{3} ආදීනවතො නිස්සරණතො තීරෙති, අයං තීරණපරිඤ්ඤා.
Sinhala BJTතීරණපරිඤ්ඤා කවරැ යත්: මෙසේ දන්නා ලද කොට තෘෂ්ණාව තීරණය කෙරෙයි: අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ධ විසින් ශල්‍ය විසින් ව්‍යසන විසින් අබාධ විසින් පර විසින් නැසෙනසුලු විසින් ඊති විසින් උවදුරු විසින් බිය විසින් උපසර්‍ග විසින් චල විසින් බිඳෙනසුලු විසින් අධ්‍රැව විසින් අත්‍රාණ විසින් අලෙන විසින් අසරණ විසින් අසරණිභූත විසින් රික්ත විසින් තුච්ඡ විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් ආදීනව විසින් විපරිණාමස්වභාව විසින් අසාර විසින් අඝමූල විසින් වධක විසින් සංඛත විසින් මාරාමිෂ විසින් ජාතිස්වභාව විසින් ජරාස්වභාව විසින් ව්‍යාධිස්වභාව විසින් මරණස්වභාව විසින් සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව විසින් සංකිලෙසස්වභාව විසින් සමුදය විසින් ව්‍යය විසින් ආස්වාද විසින් ආදීනව විසින් නිස්සරණ විසින් තීරණය කෙරෙයි. මෝ තොමෝ ‘තීරණපරිඤ්ඤා’ යි.
Pali BJTකතමා ‘පහානපරිඤ්ඤා’: එවං තීරයිත්වා තණ්හං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, අයං පහානපරිඤ්ඤා, තණ්හං පරිඤ්ඤායාති: තණ්හං ඉමාභි තීභි පරිඤ්ඤාහි පරිජානිත්වා. අනාසවාති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. යෙසං ඉමෙ ආසවා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{4} ආයතිං අනුප්පාදධම්මා. තෙ වුච්චන්ති අනාසවා අරහන්තො ඛීණාසවා.
Sinhala BJTපහාන පරිඤ්ඤා කවරැ යත්: මෙසේ තීරණය කොට තෘෂ්ණාව දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මෝ තොමෝ පහානපරිඤ්ඤා යි. තණ්හං පරිඤ්ඤාය- තෘෂ්ණාව මේ ත්‍රිවිධ පරිඥායෙන් දැන. අනාසවා යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍ය ස්‍රව ය අවිද්‍යාස්‍රව යි, යම් කෙනෙකුන්ට මේ ආස්‍රවයෝ ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් සෙයින් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු ද ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ අනාස්‍රවයෝ යැ යි කියනු ලැබෙත්.
Pali BJTතණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ වෙ නරා ඔඝතිණ්ණාති බ්රූමීති: යෙ තණ්හං පරිඤ්ඤාය අනාසවා අහම්පි තෙ කාමොඝං තිණ්ණා, භවොඝං තිණ්ණා, දිට්ඨොඝං තිණ්ණා, අවිජ්ජොඝං තිණ්ණා, සබ්බසංසාරපථං තිණ්ණා උත්තිණ්ණා නිත්තිණ්ණා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තාති බ්රූමි වදාමීති ‘තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ තෙ ඔඝතිණ්ණාති බ්රූමී.
Sinhala BJTතණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි- යම් කෙනෙක් තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද මම ද ඔහු කාමෝඝය තරණය කළාහු යැ භාවොඝය තරණය කළාහු යැ දෘෂ්ටි-ඕඝය තරණය- කළාහු යැ අවිද්‍යා-ඕඝය තරණය කළාහු යැ සියලු සංසාරපථය තරණය උත්තරණය- නිස්තරණය- අතික්‍රමණය- සමතික්‍රමණය කළාහු යැ ඉක්ම වූවාහු යැ’යි කියමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො.
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“එතාභිනන්දාමි වචො මහෙසිනො සුකිත්තිතං ගොතම නූපධීකං, යෙසීධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවාසෙ අහම්පි තෙ ඔඝතිණ්ණාති බ්රූමී”ති.
Sinhala BJT“එතාභිනන්දාමි -පෙ- අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්‍රෑමි” යි.
Pali BJTනන්ද සුත්තනිද්දෙසො සත්තමො
Sinhala BJTසත්වැනි නන්‍ද සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT8. හෙමක සුත්තනිද්දෙසො
Sinhala BJT8. හේමක සූත්‍ර නිර්‍දෙශය
Pali BJT8. 1.
Sinhala BJT8. 1.
Pali BJTයෙමෙ පුබ්බෙ වියාකංසු- (ඉච්චායස්මා හෙමකො) හුරං ගොතමසාසනා ඉච්චාසී ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං, සබ්බං තං තක්කවඩ්ඪනං නාහං තත්ථ අභිරමිං.
Sinhala BJT(ආයුෂ්මත් හේමක මාණවක මෙසේ විචාරයි; ) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරි බ්‍රාහ්මණාදි) යම් කෙනෙක් ගෞතමශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් (ඉතිහීතිහ) කථායෙක. එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.
Pali BJTයෙමෙ පුබ්බෙ වියාකංසූති: ‘යෙ’ති: යො ච බාවරී බ්රාහ්මණො, යෙ චඤ්ඤෙ තස්ස ආචරියා, තෙ සකං දිට්ඨිං සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං අජ්ඣාසයං සකං අධිප්පායං ව්යාකංසු ආචික්ඛිංසු, දෙසයිංසු පඤ්ඤපිංසු පට්ඨපිංසු විවරිංසු විභජිංසු උත්තානීඅකංසු{1} පකාසෙසුන්ති ‘යෙ මෙ පුබ්බෙ වියාකංසු: ඉච්චායස්මා හෙමකොති: -පෙ- හුරං ගොතම සාසනාති: හුරං ගොතමසාසනා, පරං ගොතමසාසනා, පුරෙ ගොතමසාසනා, පඨමතරං ගොතමසාසනා බුද්ධසාසනා ජිනසාසනා තථාගතසාසනා, දෙවදෙවසාසනා,{2} අරහන්තසාසනාති ‘හුරං ගොතම සාසනා’.
Sinhala BJTයෙ මෙ පුබ්බේ වියාකාංසු- ‘යෙ’යනු: යම් බාවරි නම් බමුණු කෙනෙක් වෙත් ද ඹවුන්ගේ ආචාර්‍ය්‍ය වූ අන්‍ය වූ යම් කෙනෙකුත් වූහු ද ඔහු ස්වකීය දෘෂ්ටිය ස්වකීය ක්‍ෂාන්තිය ස්වකීය රුචිය ස්වකීය ලබ්ධිය ස්වකීය අධ්‍යාශය ස්වකීය අභිප්‍රාය වියාකංසු- කීහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවරණය කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළ හු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ. ඉච්චායස්මා හෙමකො යනු... හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පූර්‍වයෙහි, ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි, ගෞතමශාසනයෙන් පෙර, ගෞතම ශාසනයෙන් පළමු, බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවදේව ශාසනයෙන් අර්හත්ශාසනයෙන් පළමු නුයි ‘හුරං ගොතමසාසනා’යනු වේ.
Pali BJTඉච්චාසි ඉති භවිස්සතීති: එවං කිර ආසි, එවං කිර භවිස්සතීති ‘ඉච්ච සි ඉති භවිස්සති’.
Sinhala BJTඉච්චාසි ඉති භවිස්සති යනු: ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නෙ ල’ නුයි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
Pali BJTසබ්බං තං ඉතිහීතිහන්ති: සබ්බං තං ඉතිහීතිහං, ඉතිකිරාය, පරම්පරාය පිටකසම්පදාය තක්කහෙතු නයහෙතු ආකාරපරිවිතක්කෙන දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා න සාමං සයමභිඤ්ඤාතං න අත්තපච්චක්ඛධම්මං කථයිංසූති ‘සබ්බං තං ඉතිහීතිහං.’
Sinhala BJTසබ්බං තං ඉතිහීතිහා යනු: ඒ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථා (ඉතිහීතිහ) යෙන්, මෙසේ ල යන කථා (ඉතිකිරු) යෙන්, පරම්පරාකථායෙන්, පෙළ හා සම යැ යි ගන්නා පිටකසම්පදායෙන්, තර්කහේතුයෙන්, නය හේතුයෙන්, (මෙය සුන්‍දර යි) ආකාර සැලකීමෙන්, අප රුචි කොට ගත් දෘෂ්ටිය හා සම යි කීවාහු යැ නො ද තුමූ තමන් විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද්දක්, නො ද තමහට පසක් වූ දහමක් කීවාහු නුයි ‘සබ්බං ත ඉතිහීතිහං’ යනු වේ.
Pali BJTසබ්බං තං තක්කවඩ්ඪනන්ති: සබ්බං තං තක්කවඩ්ඪනං විතක්කවඩ්ඪනං සඞ්කප්පවඩ්ඪනං කාමවිතක්කවඩ්ඪනං ව්යාපාදවිතක්කවඩ්ඪනං විහිංසාවිතක්කවඩ්ඪනං ඤාතිවිතක්කවඩ්ඪනං ජනපදවිතක්කවඩ්ඪනං අමරාවිතක්කවඩ්ඪනං පරානුද්දයතා{3} පටිසංයුත්තවිතක්කවඩ්ඪනං ලාභසක්කාරසිලොකපටිසංයුත්තවිතක්කවඩ්ඪනං අනවඤ්ඤත්ති පටිසංයුත්තවිතක්කවඩ්ඪනන්ති සබ්බං තං තක්කවඩ්ඪනං’
Sinhala BJTසබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්‍ක වඩනාසුලු යැ විතර්‍ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්‍ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්‍ක වඩනාසුලු යැ විහිංසාවිතර්‍ක වඩනාසුලු යැ ඥාතිවිතර්‍ක වඩනාසුලු යැ ජනපදවිතර්‍ක වඩනාසුලු යැ අමරාවිතර්කදෘෂ්ටිය වඩනාසුලු යැ ගෙහසිත ප්‍රේමයෙන් යුක්ත විතර්‍ක වඩනාසුලු යැ ලාභ-සත්කාර-කීර්ති-ශබ්ද ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක වඩනාසුලු යැ අනවඤ්ඤත්ති (අවමන් නො ලබනු කැමැත්ත) ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක වඩනාසුලු නුයි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’යනු වේ.
Pali BJTනාහං තත්ථ අභිරමින්ති නාහං තත්ථ අභිරමිං න වින්දිං{1} නාධිගච්ඡිං න පටිලභින්ති{2} ‘නාහං තත්ථ අභිරමිං.’
Sinhala BJTනාහං තත්‍ථ අභිරමිං යනු: මම එහි නො ඇලුණෙමි (එය) නො වින්දෙමි (එයට) නො පැමිණියෙමි. (එය) නො ලැබීමි නුයි ‘නාහං තත්‍ථ අභිරමිං’යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“යෙ මෙ පුබ්බෙ වියාකංසු (ඉච්චායස්මා හෙමකො) හුරං ගොතම සාසනා, ඉච්චාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං, සබ්බං තං තක්කවඩ්ඪනං නාහං තත්ථ අභිරමි”න්ති.
Sinhala BJT“යෙ මෙ පුබ්බේ -පෙ- නාහං තත්‍ථ අභිරමිං” යි.
Pali BJT8. 2.
Sinhala BJT8. 2.
Pali BJTත්වං ච මෙ ධම්මමක්ඛාහි තණ්හා නිග්ඝාතනං{3} මුනි, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJTමුනීන්ද්‍රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනැව.
Pali BJTත්වං ච මෙ ධම්මමක්ඛාහීති ‘ත්ව’න්ති භගවන්තං භණති. ධම්මමක්ඛාහීති ‘ධම්ම’න්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං, චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්චබලානි සත්තබොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං අක්ඛාහි ආචික්ඛාහි, දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘ත්වං ච මෙ ධම්මමක්ඛාහි’
Sinhala BJTත්‍වං ච මෙ ධම්මමක්ඛාහි- ‘ත්‍වං’යි භාග්‍යවතුන් අමතයි. ධම්මමක්ඛාහි- ‘ධම්මං’ යනු මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ (අර්‍ත්‍ථ සම්පත්ති ආදීන්) සාර්‍ත්‍ථ වූ (ව්‍යඤ්ජන සම්පත්ති ආදීන්) සව්‍යඤ්ජන වූ සියල්ල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය, සතර සතිපට්ඨානයන් සතර සම්‍යක්ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්චබලයන් සප්ත බෝධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය, නිර්‍වාණය හා නිර්‍වාණගාමිනී ප්‍රතිපදාව හා, අක්ඛාහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘ත්‍වං ච මෙ ධම්මමක්ඛාහි’ යනු වේ.
Pali BJTතණ්හා නිග්ඝාතනං මුනීති තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා, තණ්හානිග්ඝාතනං තණ්හාපහානං{4}. තණ්හාවූපසමං තණ්හාපටිනිස්සග්ගං තණ්හා පටිප්පස්සද්ධං අමතං නිබ්බානං. මුනීති ‘මොනං’ වුච්චති ඤාණං, -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනීති තණ්හානිග්ඝාතනං මුනි’
Sinhala BJTතණ්හානිග්ඝාතනං මුනි- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍ම තෘෂ්ණා යි. තණ්හා නිග්ඝාතනං- තෘෂ්ණාවගේ ප්‍රහාණය තෘෂ්ණාවගේ සන්හිඳීම තෘෂ්ණාවගේ දුරැලීම තෘෂ්ණාවගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... රාගාදි සඞ්ගය හා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හේ මුනි වේ නුයි ‘තණ්හා නිග්ඝාතනං මුනි’ යනු වේ.
Pali BJTයං විදිත්වා සතො චරන්ති: යං විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති ‘සතො’. චරන්ති චරන්තො විහරන්තො{5} ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තොති ‘යං විදිත්වා සතො චරං’.
Sinhala BJTයං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දන්නා ලද කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හේ ‘සිහි ඇතියේ’යි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ වැටෙනුයේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
Pali BJTතරෙ ලොකෙ විසත්තිකන්ති ‘විසත්තිකා’ වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා -පෙ- විසතා විත්ථතාති විසත්තිකා. ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත්තිකන්ති ලොකෙවෙසා විසත්තිකා ලොකෙවෙතං විසත්තිකං සතො තරෙය්ය, උත්තරෙය්යං පතරෙය්යං සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති ‘තරෙ ලොකෙ විසත්තිකං.’
Sinhala BJTතරෙ ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්... බලවත් රාගයෙක් අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතින් විසත්තිකා නම් වූ යැ යත්... පතළා යැ විස්තෘත යැ නුයි ‘විසත්තිකා’ නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි යැ මනුෂ්‍යලෝකයෙහි යැ දිව්‍යලෝකයෙහි යැ ස්කන්‍ධ ලෝකයෙහි යැ ධාතුලෝකයෙහි යැ ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇති වැ තරණය කරන්නේ යැ උත්තරණ-ප්‍රතරණ-සමතික්‍රමණය කරන්නේ යැ ඉක්ම සිටුනේ යැ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“ත්වං ච මෙ ධම්මමක්ඛාහි තණ්හානිග්ඝාතනං{1} මුනි, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJT“ත්‍වං ච මෙ -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.
Pali BJT8. 3.
Sinhala BJT8. 3.
Pali BJTඉධ දිට්ඨසුතමුත- විඤ්ඤාතෙසු පියරූපෙසු (හෙමක) ඡන්දරාගවිනොදනං නිබ්බානපදමච්චුතං{2}
Sinhala BJTහේමක මාණවකය, මෙලොවැ රූපායතන ශබ්දායතන ගන්‍ධ- රස-ස්ප්‍රෂ්ටව්‍යායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගය දුරු කිරීම ච්‍යුති රහිත වූ නිර්‍වාණපදය වෙයි.
Pali BJTඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසූති ‘දිට්ඨ’න්ති චක්ඛුනා දිට්ඨං, සුතන්ති සොතෙන සුතං, මුතන්ති ඝානෙන ඝායිතං ජිව්හාය සායිතං, කායෙන ඵුට්ඨං, විඤ්ඤාතන්ති මනසා විඤ්ඤාතන්ති ‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු.’
Sinhala BJTඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු- ‘දිට්ඨං’ යනු: ඇසින් දක්නාලද, සුතං යනු: කනින් අසන ලද, මුතං යනු: නැහැයෙන් ආඝ්‍රාණය කරන ලද, දිවින් රස විඳුනා ලද, කයින් පහස්නාලද, විඤ්ඤාතං යනු: මනසින් දන්නා ලද නුයි ‘ඉධ දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු’ යනු වේ.
Pali BJTපියරූපෙසු හෙමකාති ‘කිඤ්චලොකෙ පියරූපං සාතරූපං: චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, සොතං ලොකෙ පියරූපං සාතරූපං, ඝානං ලොකෙ පියරූපං සාතරූපං, ජිව්හා ලොකෙ පියරූපං සාතරූපං, කායො ලොකෙ පියරූපං සාතරූපං, මනො ලොකෙ පියරූපං සාතරූපං, රූපා ලොකෙ පියරූපං සාතරූපං, සද්දා ලොකෙ-ගන්ධා ලොකෙ-රසා ලොකෙ-ඵොට්ඨබ්බා ලොකෙ-ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, චක්ඛුවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, සොතවිඤ්ඤාණං ලොකෙ-ඝානවිඤ්ඤාණං ලොකෙ-ජිව්හාවිඤ්ඤාණං ලොකෙ-කායවිඤ්ඤාණං ලොකෙ-මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, චක්ඛුසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං,
Sinhala BJTපියරූපෙසු හේමක යනු: ලෝකයෙහි ප්‍රියස්වභාවය මධුරස්වභාවය කවරැ යත්: ඇස ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කන ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, නැහැය ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, දිව ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, කය ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යැ, මනස ලෝකයෙහි ප්‍රියස්වභාව ඇත්තේ යැ මධුරස්වභාව ඇත්තේ යි, රූපයෝ ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දයෝ ලෝකයෙහි-ගන්‍ධයෝ ලෝකයෙහි- රසයෝ ලෝකයෙහි- ස්ප්‍රෂ්ටව්‍යයෝ ලෝකයෙහි ධර්‍මයෝ ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්‍ෂුර්විඥානය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශ්‍රොත්‍රවිඥානය ලෝකයෙහි-ඝ්‍රාණවිඥානය ලෝකයෙහි- ජිහ්වා විඥානය ලෝකයෙහි- කායවිඥානය ලෝකයෙහි- මනෝවිඥානය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යැ
Pali BJTසොත-ඝාන-ජිව්හා-කායසම්ඵස්සො ලොකෙ-මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- සොත-ඝාන-ජිව්හා-කාය-මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, රූපසඤ්ඤා ලොකෙ-සද්දසඤ්ඤා ලොකෙ -පෙ- ගන්ධ-රස-ඵොට්ඨබ්බ-ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, රූපසඤ්චෙතනා ලොකෙ -පෙ- සද්ද-ගන්ධ-රසඵොට්ඨබ්බ ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, රූපතණ්හා ලොකෙ-සද්දතණ්හා ලොකෙ -පෙ- ගන්ධ- රස-ඵොට්ඨබ්බ-ධම්ම තණ්හා ලොකෙ පියරූපං සාතරූපං, රූපවිතක්කො ලොකෙ -පෙ- සද්ද- ගන්ධ-රස-ඵොට්ඨබ්බ-ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං. රූපවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, සද්දවිචාරො ලොකෙ -පෙ- ගන්ධ-රස-ඵොට්ඨබ්බ-ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපන්ති ‘පියරූපෙසු හෙමක.’
Sinhala BJTසෝත - ඝාන - ජිව්හා.. කායසම්ඵස්සය ලෝකයෙහි- මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි... සෝත-ඝාන...ජිව්හා- කාය- මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසංඥාව ලෝකයෙහි- ශබ්දසංඥාව ලෝකයෙහි-...ගන්‍ධ-රස, ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍මසංඥාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපසඤ්චේතනාව ලෝකයෙහි,... ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්මසඤ්චෙතනාව ලෝකයෙහි ප්‍රිය ස්වභාව යැ මධුරස්වභාව යි, රූපතෘෂ්ණාව ලෝකයෙහි- ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි- ...ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මතෘෂ්ණාව ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව යි, රූපවිතර්‍කය ලෝකයෙහි... ශබ්ද-ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය ධර්‍මවිතර්‍කය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි, රූපවිචාරය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යැ, ශබ්දවිචාරය ලෝකයෙහි... ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය-ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියස්වභාව යැ මධුර ස්වභාව ඇත් නුයි ‘පියරූපෙසු හේමක’ යනු වේ.
Pali BJTඡන්දරාගවිනොදනන්ති{1} ‘ඡන්දරාගො’ති “යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං.”
Sinhala BJTඡන්‍දරාගවිනොදනං- ‘ඡන්‍දරාගො’යනු: කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්දියක් කාමතෘෂ්ණාවක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාම විසින් ගිල අවසන් කොට ගැනීමෙක් කාම (සඞ්ඛ්‍යාත) ඕඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද, එය ය
Pali BJTඡන්දරාග විනොදනන්ති ඡන්දරාගප්පහානං ඡන්දරාගවූපසමං, ඡන්දරාගපටිනිස්සග්ගං ඡන්දරාගපටිප්පස්සද්ධි{2} අමතං නිබ්බානන්ති ‘ඡන්දරාගවිනොදනං.’
Sinhala BJTඡන්‍දරාගවිනොදනං යනු: ඡන්‍දරාග ප්‍රහාණ යැ ඡන්‍දරාගය සන්හිඳුවීම යැ ඡන්‍දරාගය දුරු කිරීම යැ ඡන්‍දරාගයා ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධි යැ අමාමහනිවන නුයි ‘ඡන්‍දරාගවිනොදනං’ යනු ව
Pali BJTනිබ්බානපදමච්චුතන්ති නිබ්බානපදං තාණපදං ලෙනපදං සරණපදං අභයපදං, අච්චූතන්ති නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති ‘නිබ්බානපදමච්චුතං.’
Sinhala BJTනිබ්බානපදමච්චුතං යනු: නිර්‍වාණපද යැ ත්‍රාණපද යැ ලෙන (නිලීනස්ථාන) පද යැ සරණ පද යැ අභය පද යි. අච්චුතං යනු: නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව නුයි ‘නිබ්බානපදමච්චූතං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ඉධ දිට්ඨසුතමුත- විඤ්ඤාතෙසු පියරූපෙසු (හෙමක) ඡන්දරාගවිනොදනං නිබ්බානපදමච්චුත”න්ති.
Sinhala BJT“ඉධ දිට්ඨසුතමුත -පෙ- නිබ්බානපදමච්චුතං” යී.
Pali BJT8. 4.
Sinhala BJT8. 4.
Pali BJTඑතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා, උපසන්තා ච තෙ සදා තිණ්ණා ලොකෙ විසත්තිකං.
Sinhala BJTස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්‍ගඥානයෙන්) දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු) සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
Pali BJTඑතදඤ්ඤාය යෙ සතාති: ‘එත’න්ති අමතං නිබ්බානං “යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. “අඤ්ඤායාති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා: ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- සබ්බෙ ධම්මා අනත්තාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා’ යෙති අරහන්තො ඛීණාසවා. සතාති චතූහි කාරණෙහි සතා: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවිතත්තා සතා -පෙ- තෙ වුච්චන්ති සතා’ති ‘එතදඤ්ඤාය යෙ සතා’.
Sinhala BJTඑතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහ නිවන යි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳුවීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධ සඞ්ඛ්‍යාත නිවනෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දැන දැනගෙන තුලන-තීරණ-විභාවන විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට. යෙ යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ. සතා යනු: සතර කරුණෙකින් සිහි ඇත්තාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වැඩූ බැවින් සිහි ඇත්තාහු... ඔහු සිහි ඇත්තාහු යයි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.
Pali BJTදිට්ඨධම්මාභිනිබ්බුතාති: ‘දිට්ඨධම්මා’ති: දිට්ඨධම්මා, ඤාතධම්මා, තුලිතධම්මා, තීරිතධම්මා, විභූතධම්මා, විභාවිතධම්මා, ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති දිට්ඨධම්මා -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති දිට්ඨධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා, අභිනිබ්බුතාති රාගස්ස නිබ්බාපිතත්තා නිබ්බුතා, දොසස්ස නිබ්බාපිතත්තා නිබ්බුතා, මොහස්ස නිබ්බාපිතත්තා නිබ්බුතා, කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- සබ්බාකුසලාභිසංඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා නිජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තා උපසන්තා වූපසන්තා නිබ්බුතා පටිප්පස්සද්ධාති ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’
Sinhala BJTදිට්ඨධම්මාභිනිබ්බුතා- ‘දිට්ඨධම්ම’යනු: දක්නාලද දහම් ඇත්තාහු දන්නාලද දහම් ඇත්තාහු තුලනය කරනලද දහම් ඇත්තාහු තීරණය කරන ලද දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු විභාවන කළ දහම් ඇත්තාහු.‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු දහම් ඇත්තාහු... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් ඒ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දුටු දහම් ඇත්තාහු දත් දහම් ඇත්තාහු, තුලනය කළ දහම් ඇත්තාහු, තීරණය කළ දහම් ඇත්තාහු, ප්‍රකට කළ දහම් ඇත්තාහු, විභාවන කළ දහම් ඇත්තාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවූ බැවින් නිවියාහු, ද්වේෂය නිවූ බැවින් නිවියාහු මෝහය නිවූ බැවින් නිවියාහු, ක්‍රෝධය... බද්ධවෛරය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් වෙසෙසින් සන්හිඳුවන ලද වන බැවින් නිවන ලද වන බැවින් නිවුණ බැවින් පහ වූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.
Pali BJTඋපසන්තා ච තෙ සදාති: ‘උපසන්තා’ති: රාගස්ස උපසමිතත්තා නිබ්බාපිතත්තා උපසන්තා, දොසස්ස-මොහස්ස-කොධස්ස-උපනාහස්ස -පෙ- සබ්බාකුසලාභි සංඛාරානං සන්තත්තා සමිතත්තා උපසමිතත්තා නිජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තා උපසන්තා වූපසන්තා නිබ්බුතා පටිප්පස්සද්ධාති ‘උපසන්තා.’ තෙති අරහන්තො ඛීණාසවා, සදාති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සත්තං සමිතං අබ්බොකිණ්ණං පොඞ්ඛානුපොඞ්ඛං උදකොධිකජාතං අවීචි සන්තති{1} සහිතං ඵස්සිතං, පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමයාමං මජ්ඣිමයාමං පච්ඡිමයාමං කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ පුරිමෙ වයො ඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙති ‘උපසන්තා ච තෙ සදා.’
Sinhala BJTඋපසත්තා ච තෙ සදා- ‘උපසන්තා’ යනු: රාගය සන්හිඳුවනලද වන බැවින් නිවනලද වන බැවින් උපශාන්ත වූවාහු, ද්වේෂය-මෝහය-ක්‍රෝධය-උපනාහය... හැම අකුශලාභිසංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවන ලද වන බැවින් උපශමනය කරන ලද වන බැවින් නිවනලද වන බැවින් නිවුණ බැවින් පහවූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්තයහ උපශාන්තයහ ව්‍යූපශාන්තයහ නිර්වෘතයහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යි ‘උපසන්තා’ යනු වේ. තෙ යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ. සදා යනු: හැම දවස්හි හැම කල්හි (පූර්වාහ්ණාදි) සියලු කල්හි දවසැ දවසැ අවිච්ඡින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ දියරළක් මෙන් අවිරල වැ නො සිඳී එක් වැ පැහැසී පෙර බත පසු බත පෙරයම මැදියම පැසුම්යම අවපසැ පුරපසැ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදියෙහි පැසුළු වියෙහි නුයි ‘උපසන්තා ච තෙ සදා’ යනු වේ.
Pali BJTතිණ්ණා ලොකෙ විසත්තිකන්ති: ‘විසත්තිකා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං, ‘විසත්තිකා’ති කෙනට්ඨෙන විසත්තිකා -පෙ- විසතාවිත්ථතාති විසත්තිකා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තිණ්ණා ලොකෙ විසත්තිකන්ති ලොකෙවෙසා විසත්තිකා, ලොකෙවෙතං විසත්තිකං තිණ්ණා උත්තිණ්ණා{1} නිත්තිණ්ණා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තාති ‘තිණ්ණා ලොකෙ විසත්තිකං.’
Sinhala BJTතිණ්ණා ලෝකේ විසත්තිකං- ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ‘විසත්තිකා’ යනු කවර අරුතින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... පතළා යැ විස්තෘත යැ නුයි විසත්තිකා නමු. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. තිණ්ණා ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ලෝකයෙහි ම වෙයි, ලොකයෙහිම වූ තෙල විසත්තිකාව තරණය කළාහු උත්තරණය කළාහු නිස්තරණය කළාහු ඉක්මගියාහු මොනොවට ඉක්මගියාහු වෙසෙසින් ඉක්ම සිටියාහු නුයි ‘තිණ්ණා ලෝකේ විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා උපසන්තා ච තෙ සදා තිණ්ණා ලොකෙ විසත්තික”න්ති
Sinhala BJT“එතදඤ්ඤාය යෙ සතා -පෙ- තිණ්ණා ලෝකේ විසත්තිකං” යී.
Pali BJTසහගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භගවා ‘සාවකොහමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග...භාග්‍යවතුන් වහන්සේ මාගේ “ශාස්තෲහ මම් ශ්‍රාවකයෙමී.”
Pali BJTහෙමක සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTහේමක සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT9. තොදෙය්ය සුත්තනිද්දෙසො
Sinhala BJT9. තෝදෙය්‍ය සූත්‍ර නිර්‍දෙශය
Pali BJT9. 1.
Sinhala BJT9. 1.
Pali BJTයස්මිං කාමා න වසන්ති- (ඉච්චායස්මා තොදෙය්යො) තණ්හා යස්ස න විජ්ජති, කථඞ්කථා ච යො තිණ්ණො විමොක්ඛො තස්ස කීදිසො{1}
Sinhala BJT(ආයුෂ්මත් තෝදෙය්‍ය මාණවක මෙසේ විචාරයි). යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද ඔහුගේ විමෝක්‍ෂය කෙබඳු ද?
Pali BJTයස්මිං කාමා න වසන්තීති: යස්මිං කාමා න වසන්ති, න සංවසන්ති න ආවසන්ති න පරිවසන්තීති ‘යස්මිං කාමා න වසන්ති’ ඉච්චායස්මා තොදෙය්යොති -පෙ-
Sinhala BJTයස්මිං කාමා න වසන්ති යනු: යමක්හු කෙරෙහි කාමයෝ (ප්‍රථමොත්පන්නදෘෂ්ටි විසින්) නො වෙසෙත් ද වැද නො වෙසෙත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැයි ‘යස්මිං කාමා න වසන්තිති’ යනු වේ. ඉච්චායස්මා තොදෙය්‍යො යනු......
Pali BJTතණ්හා යස්ස න විජ්ජතීති: තණ්හා යස්ස නත්ථි, න සන්ති{2} න සංවිජ්ජති නූපලබ්භති ඤාණග්ගිනා දඩ්ඪාති ‘තණ්හා යස්ස න විජ්ජති.
Sinhala BJTතණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නො වේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
Pali BJTකථඞ්කථා ච යො තිණ්ණොති: කථඞ්කථා ච යො තිණ්ණො උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තොති ‘කථඞ්කථා ච යො තිණ්ණො.’
Sinhala BJTකථංකථා ච යො තිණ්ණො යනු: විචිකිත්සාව ද යමෙක් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මගියේ ද මොනොවට ඉක්ම ගියේ ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථංකථා ච යො තිණ්ණො’ යනු වේ.
Pali BJTවිමොක්ඛො තස්ස{2} කීදිසොති: විමොක්ඛො තස්ස කීදිසො, කිංසණ්ඨිතො කිංපකාරො, කිංපටිභාගො, ඉච්ඡිතබ්බොති විමොක්ඛං පුච්ඡතීති විමොක්ඛො තස්ස කීදිසො’
Sinhala BJTවිමොක්ඛො තස්ස කීදිසො යනු: ඔහුගේ විමෝක්‍ෂය කිබඳු වූයේ කුමක් වැනි වූයේ කවර ප්‍රකාර වූයේ කවර අයුරු වූයේ කැමැති වියයුත්තේ දැයි විචාරා නුයි ‘විමොක්ඛො තස්ස කීදිසො’යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“යස්මිං කාමා න වසන්ති (ඉච්චායස්මා තොදෙය්යො) තණ්හා යස්ස න විජ්ජති, කථඞ්කථා ච යො තිණ්ණො විමොක්ඛො තස්ස කීදිසො”ති
Sinhala BJT“යස්මිං කාමා න වසන්ති -පෙ- විමොක්ඛො තස්ස කීදිසො” යි.
Pali BJT9. 2.
Sinhala BJT9. 2.
Pali BJTයස්මිං කාමා න වසන්ති (තොදෙය්යාති භගවා) තණ්හා යස්ස න විජ්ජති, කථඞ්කථා ච යො තිණ්ණො විමොක්ඛො තස්ස නාපරො,
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: තොදෙය්‍යමාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද යමක්හට තෘෂ්ණාව නැද්ද යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.
Pali BJTයස්මිං කාමා න වසන්තීති: යස්මින්ති යස්මිං පුග්ගලෙ අරහන්තෙ ඛීණාසවෙ, ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. යස්මිං කාමා න වසන්තීති: යස්මිං කාමා න වසන්ති, න සංවසන්ති, න ආවසන්ති, න පරිවසන්ති, ‘යස්මිං කාමා න වසන්ති’. තොදෙය්යාති භගවාති -පෙ-
Sinhala BJTයස්මිං කාමා න වසන්ති- ‘යස්මිං’ යනු: අර්‍හත් වූ ක්ෂීණාස්‍රව වූ යම් පුඟුලක්හු කෙරෙහි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තු කාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... යස්මිං කාමා න වසන්ති යනු: යම් පුඟුලක්හු කෙරෙහි කාමයෝ නො වෙසෙත් ද නො ලගිත් ද වෙසෙසින් නො වෙසෙත් ද සර්වප්‍රකාරයෙන් නො වෙසෙත් දැ’යි ‘යස්මිං කාමා න වසන්ති’ යනු වේ. තොදෙය්‍යා’ති භගවා යනු...
Pali BJTතණ්හා යස්ස න විජ්ජතීති: ‘තණ්හා’ති: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. යාස්සාති: අරහතො ඛීණාසවස්ස. තණ්හා යස්ස නවිජ්ජතීති තණ්හා යස්ස නත්ථි, න සන්ති න සංවිජ්ජති නූපලබ්භති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘තණ්හා යස්ස න විජ්ජති.
Sinhala BJTතණ්හා යස්ස න විජ්ජති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි. යස්ස යනු: අර්‍හත් ක්ෂීණාස්‍රවහට. තණ්හා යස්ස න විජ්ජති යනු: තෘෂ්ණාව යමක්හට නැද්ද නොවේ ද විද්‍යමාන නො වේ ද නො ලැබේ ද ප්‍රහීණ ද මුලුසුන් කරන ලද ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණ ගින්නෙන් දවන ලද දැ’යි ‘තණ්හා යස්ස න විජ්ජති’ යනු වේ.
Pali BJTකථඞ්කථා ච යො තිණ්ණොති: ‘කථඞ්කථා’ වුච්චති විචිකිච්ඡා, දුක්ඛෙ කඞ්ඛා -පෙ- ථම්භිතත්තං{1} චිත්තස්ස මනොවිලෙඛො. යොති: යො සො අරහං ඛීණාසවො. කථඞ්කථා ච යො තිණ්ණොති කථඞ්කථා ච යො තිණ්ණො, උත්තිණ්ණො, නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තොති ‘කථඞ්කථා ච යො තිණ්ණො.’
Sinhala BJTකථඞ්කථා ච යො තිණ්ණො- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛසත්‍යයෙහි සැක යැ... චිත්තයාගේ තද බව යැ මනෝවිලේඛය (සිත හිරිගැසීම) යි. යො යනු: යම් අර්‍හත් ක්ෂීණාස්‍රව කෙනෙක්. කථඞ්කථා ච යො තිණ්ණො යනු: යමෙක් විචිකිත්සාවත් තරණය උත්තරණය නිස්තරණය කෙළේ ද ඉක්මවී ද මොනොවට ඉක්මවී ද වෙසෙසින් ඉක්ම සිටියේ දැ’යි ‘කථඞ්කථා ව යො තිණ්ණො’ යනු වේ.
Pali BJTවිමොක්ඛො තස්ස නාපරොති: නත්ථි තස්ස අපරො විමොක්ඛො, යෙන විමොක්ඛෙන විමුච්චෙය්ය විමුත්තො සො කතං තස්ස විමොක්ඛෙන කරණීයන්ති විමොක්ඛො තස්ස නාපරො’
Sinhala BJTවිමොක්ඛො තස්ස නාපරො යනු: යම් විමොක්ෂයෙකින් විමුක්ත වන්නේ නම් එබඳු අන් විමෝක්‍ෂයෙක් ඔහුට නැති. හේ විමුක්ත යැ ඔහු විසින් විමොක්ෂයෙන් කටයුතු කරන ලද නුයි ‘විමොක්ඛො තස්ස නාපරො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යස්මිං කාමා න වසන්ති (තොදෙය්යාති භගවා) තණ්හා යස්ස න විජ්ජති, කථඞ්කථා ච යො තිණ්ණො විමොක්ඛො තස්ස නාපරොති.
Sinhala BJT“යස්මිං කාමා -පෙ- විමොක්ඛො තස්ස නාපරො” යි.
Pali BJT9. 3.
Sinhala BJT9. 3.
Pali BJTනිරාසසො සො{2} උද ආසසානො පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී, මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු.
Sinhala BJTඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටි කල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ඛු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එ කරුණ මට ප්‍රකාශ කළ මැනැව.
Pali BJTනිරාසසො සො උද ආසසානොති නිත්තණ්හො{3} සො උදාහු සතණ්හො, රූපෙ ආසිංසති{4} සද්දෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ-කුලං ගණං ආවාසලාභං යසං පසංසං-සුඛං චීවරං-පිණ්ඩපාතං-සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං-රූපධාතුං-අරූපධාතුං-කාමභවං-රූපභවං-අරූපභවං-සඤ්ඤාභවං-නෙවසඤ්ඤානාසඤ්ඤාභවං-එකවොකාරභවං-චතුවොකාරභවං-අසඤ්ඤාභවං-පඤ්චවොකාරභවං-අතීතං අනාගතං පච්චුප්පන්නං-දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ ආසිංසති{4} ඉච්ඡති සාදියති පත්ථෙති පිහෙති අභිජප්පතීති ‘නිරාසසො සො උද ආසසානො.
Sinhala BJTනිරාසසො සො උද ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද රූපාලම්බනයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද, ශබ්දාලම්බනයන්-ගන්‍ධාලම්බනයන්-රසාලම්බනයන්-ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන්-කුලය-ගණය-ආවාසය-ලාභය-යසස-ප්‍රශංසාව-සුඛය-සිවුරු-පිඬුවා-සෙනසුන්-ගිලන්පසබෙහෙසත් පිරිකර-කාමධාතුව-රූපධාතුව-අරූපධාතුව-කාමභවය-රූපභවය-අරූපභවය-සංඥාභවය-අසංඥාභවය- නෛවසංඥානාසංඥාභවය- එකවෝකාරභවය- චතුවෝකාරභවය-පඤ්චවෝකාරභවය- අතීතකාලය- අනාගතකාලය- වර්තමානකාලය- දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ ද ඉස්නේ ද ආස්වාද කෙරේ ද පතා ද රුස්නේ ද තෘප්ති උපදවා දැ’යි ‘නිරාසසො සො උද ආසසානො’යනු වේ.
Pali BJTපඤ්ඤාණවා සො උදපඤ්ඤකප්පී{1}ති: ‘පඤ්ඤාණවා සො’ති: පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. උද පඤ්ඤකප්පීති: උදාහු අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා මිච්ඡාඤාණෙන වා තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා කප්පෙති, ජනෙති සංජනෙති නිබ්බත්තෙති අභිනිබ්බත්තෙතීති ‘පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී.’
Sinhala BJTපඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා සො’ යනු: පණ්ඩිත වූයේ ප්‍රඥා ඇතියේ බුද්ධිමත් වූයේ නුවණැත්තේ විභාවන (ප්‍රකට) ප්‍රඥා ඇත්තේ ධාරණ ප්‍රඥා ඇත්තේ ද? උද පඤ්ඤකප්පී යනු: නොහොත් අෂ්ටසමාපත්තිඥානයෙන් වේවයි පඤ්චාභිඥා ඥානයෙන් වේවයි මිථ්‍යා ඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පය හෝ දෘෂ්ටිකල්පය හෝ කෙරේ ද උපදවා ද මොනොවට උපදවා ද නිපදවා ද වෙසෙසින් නිපදවා’දැ යි ‘පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී’ යනු වේ.
Pali BJTමුනිං අහං සක්ක යථා විජඤ්ඤන්ති: ‘සක්කා’ති සක්කො භගවා, සක්යකුලා පබ්බජිතො තිපි සක්කො. අථවා අඩ්ඪො මහද්ධනො ධනවා තිපි සක්කො, තස්සිමානි ධනානි, සෙය්යථීදං: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං සම්මප්පධානධනං ඉද්ධිපාදධනං ඉන්ද්රියධනං බලධනං බොජ්ඣඞ්ගධනං මග්ගධනං ඵලධනං නිබ්බානධනන්ති. තෙහි අනෙකවිධෙහි ධනරතනෙහි අඩ්ඪො මහද්ධනො ධනවාතිපි සක්කො. අථවා පහු විසවී අලමත්තො සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසොතිපි සක්කො. මුනිං අහං සක්ක යථා විජඤ්ඤන්ති: සක්ක, යථා අහං මුනිං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිවිජානෙය්යං පටිවිජ්ඣෙය්යන්ති ‘මුනිං අහං සක්ක යථා විජඤ්ඤං’.
Sinhala BJTමුනිං අහං සක්ක යථා විජඤ්ඤං- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ. ‘සැහැ කුලයෙන් නික්ම පැවිදි වූහ’ යි ද ශාක්‍යයහ. නොහොත් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’ යි ද ශාක්‍යයහ. උන් වහන්සේට මේ ධනයෝ වෙති, හෙ මෙසේ යැ: ශ්‍රද්ධා ධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක් ප්‍රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵලධන යැ නිර්‍වාණ ධන යැ යි. ඒ අනේකවිධ වූ ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ’යි ද ශාක්‍යයහ. නොහොත් ප්‍රභූහ, පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදනුවහ සමර්‍ත්‍ථ සිත් ඇතියහ ශුරයහ වීරයහ වික්‍රමවත්හ නො බියසුල්ලහ නො තැතිගන්නාසුල්ලහ උද්වෙග රහිතය හ පලා නො යන සුල්ලහ පහවූ බිය හා බිය අරමුණු ඇතියහ පහවූ ලොමුදහගැනුම් ඇත්තාහ යි ද ශාක්‍යයහ. මුනිං අහං සක්ක යථා විජඤ්ඤං යනු: ශාක්‍යයන් වහන්ස, යම් සේ මම් දැනගන්නෙම් ද වෙසෙසින් දැන ගන්නෙම් ද ප්‍රකර්ෂයෙන් දැනගන්නෙම් ද මොනොවට දැනගන්නෙම් ද ප්‍රතිවෙධ කරන්නෙම් දැ’යි ‘මුනිං අහං සක්ක යථා විජඤ්ඤං’ යනු වේ.
Pali BJTතං මෙ වියාචික්ඛ සමන්තචක්ඛූති: ‘තං’ති: යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි, යං පසාදෙමි. වියාචික්ඛාති: ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. සමන්තචක්ඛූති: ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං -පෙ- තථාගතො තෙන සමන්තචක්ඛූති. ’තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු.’
Sinhala BJTතං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු- ‘තං’ යනු: යමක්හු විචාරම් ද යමක්හු ගැන අයදිම් ද යමක්හු ගැන අධ්‍යෙෂණ කෙරෙම් ද යමක්හු ගැන පහදවම් ද ඔහු. වියාචික්ඛ යනු: වදාළ මැනව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව පහළ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව පැවැසුව මැනැව. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු’ යි සර්වඥතා ඥානය කියනු ලැබෙයි... එයින් තථාගත සමන්තචක්ඛු වේ නුයි ‘තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“නිරාසසො සො උද ආසසානො පඤ්ඤාණවා සො උද පඤ්ඤකප්පී,{1} මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛූති.
Sinhala BJT“නිරාසසො සො -පෙ- තං මෙ වියාචීක්ඛසමන්තචක්ඛූ” යි.
Pali BJT9. 4.
Sinhala BJT9. 4.
Pali BJTනිරාසසො සො න සො{1} ආසසානො පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී, එවම්පි තොදෙය්ය, මුනිං විජාන අකිඤ්චනං කාමභවෙ අසත්තං.
Sinhala BJTඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. කොදෙය්‍යමාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිගේධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.
Pali BJTනිරාසසො සො න ආසසානොති: නිත්තණ්හො සො න සො සතණ්හො සො රූපෙ නාසිංසති{2} සද්දෙ-ගන්ධෙ -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නාසිංසති{1} න ඉච්ඡති න{2} සාදියති න පත්ථෙති න පිහෙති නාභිජප්පතීති ‘නිරාසසො සො න සො ආසසානො.{2}
Sinhala BJTනිරාසසො සො න සො ආසසානො යනු: හෙතෙම තෘෂ්ණා නැත්තේ යැ හෙතෙම තෘෂ්ණා සහිත නො වෙයි. හෙතෙම රූපාලම්බනයන් (ඡන්‍දරාග වශයෙන්) ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි ශබ්දාලම්බනයන් ගන්‍ධාලම්බනයන්...දෘෂ්ට ශ්‍රැතමුත විඥාතව්‍ය ධර්‍මයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි නො කැමැති වෙයි ආස්වාද නො කෙරෙයි නො පතයි රුචි නො කෙරෙයි අභිජල්පන නො කෙරේ නුයි ‘නිරාසසො සො න සො ආසසානො’ යනු වේ.
Pali BJTපඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පීති{3} ‘පඤ්ඤාණවා’ති පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. න ච පඤ්ඤකප්පීති අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤා ඤාණෙන වා මිච්ඡාඤාණෙන වා තණ්හා කප්පං වා න කප්පෙති, දිට්ඨිකප්පං වා න කප්පෙති, න ජනෙති, න සංජනෙති, න නිබ්බත්තෙති, නාභිනිබ්බත්තෙතීති ‘පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී.
Sinhala BJTපඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී- ‘පඤ්ඤාණවා’ යනු: පණ්ඩිත යැ ප්‍රඥා ඇත්තේ යැ බුද්ධිමත් යැ නැණැත්තේ යැ විමසන නුවණැත්තේ යැ තුලනප්‍රඥා ඇත්තේ යැ. න ච සො පඤ්ඤකප්පී යනු: අෂ්ටසමාපත්තිඥානයෙන් වේව යි පඤ්වාභිඥාඥානයෙන් වේවයි මිථ්‍යාඥානයෙන් වේවයි තෘෂ්ණාකල්පයක් හෝ නො කෙරෙයි දෘෂ්ටිකල්පයක් හෝ නො කෙරෙයි නූපදවයි මොනොවට නූපදවයි නො නිපදවයි වෙසෙසින් නූපදවා නුයි ‘පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී’ යනු වේ.
Pali BJTඑවම්පි තොදෙය්ය මුනිං විජානාති: ‘මුනී’ති: ‘මොනං’ වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනී. එවම්පි තොදෙය්ය මුනිං විජානාති තොදෙය්ය එවං මුනිං ජාන, පටිජාන පටිවිජාන පටිවිජ්ඣාති ‘එවම්පි තොදෙය්ය මුනිං විජාන’.
Sinhala BJTඑවම්පි තෝදෙය්‍ය මුනිං විජාන- ‘මුනිං’ යනු: ‘මොන’ යයි ඥානය කියනු ලැබෙයි...රාගාදි සඞ්ගය හා තෘෂ්ණාදෘෂ්ටිජාලය ඉක්මසිටි හෙතෙම මුනි නම් වේ. එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන යනු: තෝදෙය්‍ය මාණවකය, මෙසෙයින් මුනිහු දැනගනුව පිණිස ගනුව වෙසෙසින් දැනගනුව ප්‍රතිවෙධ කරව යි ‘එවම්පි තෝදෙය්‍ය මුනිං විජාන’ යනු වේ.
Pali BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තන්ති: ‘අකිඤ්චන’න්ති: රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං, යස්සෙතානි කිඤ්චනානි{4} පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිපස්සද්ධානි, අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි සො වුච්චති අකිඤ්චනො. කාමාති උද්දානතො ද්වෙ කාමා වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. භවාති ද්වෙ භවා කම්මභවො ච පටිසන්ධිකො ච පුනබ්භවො -පෙ- අයං පටිසන්ධිකො පුනබ්භවො.
Sinhala BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තං-‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන (පලිබොධ)යැ දොසකිඤ්චන යැ මොහකිඤ්චන යැ මානකිඤ්චන යැ දිට්ඨිකිඤ්චන යැ කිලෙසකිඤ්චන යැ දුච්චරිතකිඤ්චන යි. යමක්හට මේ කිඤ්චනයෝ ප්‍රහීණ වූව හු ද උසුන්මුල් ඇත්තාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යලි උපදනට නොනිසි වූවාහු ද නුවණ ගින්නෙන් දැවුණ හු ද හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශ කාමයෝ දැ යි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය දැයි භව දෙකෙකි... මේ ප්‍රතිසන්ධි ඇති පුනර්‍භවය වේ.