Pali BJTඉච්චායස්මා උපසීවොති ‘ඉච්චා’ති පදසන්ධි -පෙ- ආයස්මාති: පියවචනමෙතං -පෙ- උපසීවොති තස්ස බ්රාහ්මණස්ස නාමං -පෙ- අභිලාපොති ඉච්චායස්මා උපසීවො.
Sinhala BJTඉච්චායස්මා උපසීවො--‘ඉච්චා’ යනු පදසන්ධි යැ... ආයස්මා යනු: තෙල ප්‍රියවචන යැ... උපසීවො යනු: ඒ බමුණුහට නාම යැ... අභිලාප නුයි ‘ඉච්චායස්මා උපසීවො’ යනු වේ.
Pali BJTආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤන්ති: හෙට්ඨිමා ඡ සමාපත්තියො හිත්වා චජිත්වා පරිච්චජිත්වා අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තිත්වා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං නිස්සිතො අස්සිතො අල්ලීනො{6} උපගතො සමුපගතො අජ්ඣොසිතො අධිමුත්තොති ‘ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං.’
Sinhala BJTආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්‍වමඤ්ඤං--යට ෂට් සමාපත්තීන් හැර දුරු කොට පරිත්‍යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤා නිස්සිතො හිත්වමඤ්ඤං’ යනු වේ.
Pali BJTසඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තොති ‘සඤ්ඤාවිමොක්ඛා’ වුච්චන්ති සත්තසඤ්ඤාසමාපත්තියො, යාවතා සඤ්ඤාසමාපත්තී, තාසං{1} ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති විමොක්ඛො අග්ගො ච සෙට්ඨො ච විසෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච, පරමෙ අග්ගෙ සෙට්ඨෙ විසෙට්ඨෙ පාමොක්ඛෙ උත්තමෙ පවරෙ අධිමුත්තිවීමොක්ඛෙන අධිමුත්තො තත්රාධිමුත්තො තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යොති ‘සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො.’
Sinhala BJTසඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො -- ‘සඤ්ඤාවිමොක්ඛ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥාසමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්‍රවර වූයේ ද වෙයි. පරමෙ-අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන වූ උත්තම වූ ප්‍රවර වූ (සංඥා විමෝක්‍ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ත කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.
Pali BJTතිට්ඨෙ නු සො තත්ථ අනානුයායීති ‘තිට්ඨෙ නූ’ති සංසයපුච්ඡා විමතිපුච්ඡා ද්වෙළ්හකපුච්ඡා අනෙකංසපුච්ඡා ‘එවං නු ඛො න නු ඛො කින්නු ඛො කථන්නුඛො’ති ‘තිට්ඨෙ නු’. තත්ථාති ආකිඤ්චඤ්ඤායතනෙ, අනානුයායී{2}ති අනානුයායී අවිච්චමානො,{3} අවිගච්ඡමානො අනන්තරධායමානො අපරිහායමානො, අථවා අරජ්ජමානො අදුස්සමානො අමුය්හමානො අකිලිස්සමානොති ‘තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී.’
Sinhala BJTතිට්ඨෙ නු සො තත්ථ අනානුයායී- ‘තිට්ඨෙ නු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සාපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ ‘මෙසේ දෝ හෝ නො වේදෝ හෝ කිමෙක්දෝ හෝ කෙසේදෝ හො’ යි ‘තිට්ඨෙ නු’ යනු වේ. තත්‍ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී--වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කීයැ එ බමුණු:
Pali BJT“සබ්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච්චායස්මා උපසීවො) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං, සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී”ති.
Sinhala BJT“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙ න සො තත්ථ අනානුයායී” යී
Pali BJT6. 4.
Sinhala BJT6. 4.
Pali BJTසබ්බෙසු කාමෙසු යො වීතරාගො (උපසීවාති භගවා) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං, සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො{4} තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නොපිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප් සැට දහසක්) සිටුනේ යි.
Pali BJTසබ්බෙසු කාමෙසු සො වීතරාගොති ‘සබ්බෙසූ’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ්බෙසූ’ති. කාමෙසූති ’කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. සබ්බෙසු කාමෙසු යො වීතරාගොති සබ්බෙසු කාමෙසු යො වීතරාගො -පෙ- පටිනිස්සට්ඨරාගො වික්ඛම්භනතොති ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො.’
Sinhala BJTසබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිඃශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු- ‘කාමං’ යනු: උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ ද ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු කාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ... දුරලනලද රාග ඇතියේ නුයි ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො’ යනු වේ.
Pali BJTඋපසීවාති භගවාති ‘උපසීවා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති, භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘උපසීවාති භගවා. ‘
Sinhala BJTඋපසීවා’ති භගවා- ‘උපසීව’යි බුදුහු එ බමුණු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ... මේ ‘භගවා’ යනු අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්ති වී නුයි ‘උපසීවා’ති භගවා’ යනු වේ.
Pali BJTආකිඤ්චඤ්ඤං නිස්සයො හිත්වමඤ්ඤන්ති හෙට්ඨිමා ඡ සමාපත්තියො හිත්වා චජිත්වා පරිච්චජිත්වා අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තිත්වා ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං නිස්සිතො අස්සිතො අල්ලීනො උපගතො සමුපගතො අජ්ඣොසිතො අධිමුත්තොති ‘ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං’
Sinhala BJTආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්‍වමඤ්ඤං- යට ෂට් සමාපත්තීන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට ඉක්මවා මොනොවට ඉක්මවා ව්‍යතික්‍රමණය කොට ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ ඇලුණේ පැමිණියේ මොනොවට පැමිණියේ බැසගත්තේ අධිමුක්ත වූයේ නුයි ‘ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං’ යනු වේ.
Pali BJTසඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තොති ‘සඤ්ඤාවිමොක්ඛා’ වුච්චන්ති සත්තසඤ්ඤාසමාපත්තියො, යාවතා සඤ්ඤාසමාපත්තී තාසං ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛො අග්ගො ච සෙට්ඨො ච විසෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච, පරමෙ අග්ගෙ සෙට්ඨෙ විසෙට්ඨෙ පාමොක්ඛෙ උත්තමෙ පවරෙ අධිමුත්තිවිමොක්ඛෙනාධිමුත්තො තත්රාධිමුත්තො තදධිමුත්තො -පෙ- තදධිපතෙය්යොති ‘සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො. ‘
Sinhala BJTසඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො- ‘සඤ්ඤාවිමොක්ඛෙ’ යි සත් සංඥා සමාපත්තීහු කියනු ලැබෙත්. යම් පමණ සංඥා සමාපත්තීහු වෙත් ද, ඔවුනතුරෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂය අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූයේ ද පාමොක් වූයේ ද උතුම් වූයේ ද ප්‍රවර වූයේ ද වෙයි. පරමෙ - අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ වෙසෙසින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රධාන වූ උත්තම වූ ප්‍රවර වූ (සංඥාවිමෝක්‍ෂයෙහි) අධිමුක්තිවිමොක්ෂයෙන් අධිමුක්ත වූයේ එහි ඇලුණේ එහි හැසිරෙනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ එයට නතු වූයේ එයට නැඹුරු වූයේ එය අධිමුක්ති කොට ඇතියේ එය අධිපති කොට ඇත්තේ නුයි ‘සඤ්ඤාවිමාක්ඛෙ පරමෙධිමුත්තො’ යනු වේ.
Pali BJTතිට්ඨෙය්ය සො තත්ථ අනානුයායීති ‘තිට්ඨෙය්යා’ති තිට්ඨෙය්ය සට්ඨිකප්පසහස්සානි, තත්ථාති ආකිඤ්චඤ්ඤායතනෙ. අනානුයායීති අනානුයායී අවිච්චමානො අවිගච්ඡමානො{1} අනන්තරධායමානො අපරිහායමානො, අථවා අරජ්ජමානො අදුස්සමානො අමුය්හමානො අකිලිස්සමානොති ‘තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී.’
Sinhala BJTතිට්ඨෙය්‍ය සො තත්ථ අනානුයායී- ‘තිට්ඨෙය්‍ය’ යනු: සැටදහසක් කප් මුළුල්ලෙහි සිටුනේ යැ. තත්‍ථ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි, අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙය්‍ය සො තත්ථ අනානුයායී’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සබ්බෙසුකාමෙසු යො වීතරාගො (උපසීවාති භගවා) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං, සඤ්ඤාවිමොක්ඛෙ පරමෙධිමුත්තො තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී”ති.
Sinhala BJT“සබ්බෙසු කාමෙසු -පෙ- තිට්ඨෙය්‍ය සො තත්ථ අනානුයායී” යි
Pali BJT6. 5.
Sinhala BJT6. 5.
Pali BJTතිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී පූගම්පි වස්සානං{1} සමන්තචක්ඛු, තත්ථෙව සො සීතිසියා{2} විමුත්තො චවෙථ{3} විඤ්ඤාණං තථාවිධස්ස,
Sinhala BJT(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙනසුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටුනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටුනේ ද එබඳු වූවහුගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
Pali BJTතිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායීති සචෙ සො තිට්ඨෙය්ය සට්ඨිකප්පසහස්සානි: තත්ථාති ආකිඤ්චඤ්ඤායතනෙ. අනානුයායීති අනානුයායී අවිච්චමානො අවිගච්ඡමානො අනන්තරධානමානො අපරිහායමානො. අථවා අරජ්ජමානො අදුස්සමානො අමුය්හමානො අකිලිස්සමානොති ‘තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී.’
Sinhala BJTතිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී- ඉඳින් හේ කප් සැටදහසක් මුළුල්ලෙහි සිටිනේ නම්, තත්‍ථ යනු : ආකිඤ්චඤ්ඤායතනයෙහි; අනානුයායී යනු: වියෝගයට නො යනුයේ නො වෙන් වනුයේ නො පහවනුයේ අතුරුදහන් නො වනුයේ නො පිරිහෙනුයේ, නොහොත් නො රැඳෙනුයේ දොම්නස් නො වනුයේ නො මුළා වනුයේ නො කෙලෙසෙනුයේ නුයි ‘තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී‘ යනු වේ.
Pali BJTපූගම්පි වස්සානං සමන්ත චක්ඛූති ‘පූගම්පි වස්සාන’න්ති පූගම්පි වස්සානං බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි බහූනි කප්පානි බහූනි කප්පසතානි බහූනි කප්පසහස්සානි බහූනි කප්පසතසහස්සානි. සමන්තචක්ඛූති ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං -පෙ- තථාගතො තෙන සමන්තචක්ඛූ’ති ’පූගම්පි වස්සානං{1} සමන්තචක්ඛු’
Sinhala BJTපූගම්පි වස්සානං සමන්තචක්ඛු- ‘පූගම්පි වස්සානං‘ යනු: වර්‍ෂයන් පිළිබඳ ගණනසමූහයකුදු බොහෝ වර්‍ෂයන් බොහෝ වර්ෂශතයන් බොහෝ වර්ෂසහස්‍රයන් බොහෝ වර්‍ෂ ශතසහස්‍රයන් බොහෝ කල්පයන් බොහෝ කල්පශතයන් බොහෝ කල්පසහස්‍රයන් බොහෝ කල්පශතසහස්‍රයන් මුළුල්ලෙහි, සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු‘ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි... එයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු‘ නම් වෙත් නුයි ‘පූගම්පි වස්සානං සමන්ත චක්ඛු‘ යනු වේ.
Pali BJTතත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්සාති තත්ථෙව සො සීතීභාවමනුප්පත්තො නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො සස්සතිසමං තථෙව තිට්ඨෙය්ය.’ අථවා තස්ස විඤ්ඤාණං චවෙය්ය උච්ඡිජ්ජෙය්ය නස්සෙය්ය විනස්සෙය්ය න භවෙය්ය{4} පුනබ්භව පටිසන්ධිවිඤ්ඤාණං නිබ්බත්තෙය්ය කාමධාතුයා වා රූපධාතුයා වා අරූපධාතුයා වා’ති ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස{5} සස්සතඤ්ච උච්ඡෙදඤ්ච පුච්ඡති උදාහු තත්ථෙව අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායෙය්ය අථවා තස්ස විඤ්ඤාණං චවෙය්ය, පුන පටිසන්ධිවිඤ්ඤාණං නිබ්බත්තෙය්ය කාමධාතුයා වා රූපධාතුයා වා අරූපධාතුයා වා’ති ආකිඤ්චඤ්ඤායතනං උපපන්නස්ස පරිනිබ්බානඤ්ච පටිසන්ධිඤ්ච පුච්ඡති{6}. තථා විධස්සාති තථාවිධස්ස තාදිසස්ස තස්සණ්ඨිතස්ස{7} තප්පකාරස්ස තප්පටිභාගස්ස{8} ආකිඤ්චඤ්ඤායතනං උපපන්නස්සාති තත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස’
Sinhala BJTතත්‍ථෙව සො සීතීසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථා විධස්ස- හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි මැ ශීතීභාවය (නිවන) ට පැමිණියේ නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් සෙයින් එසේ මැ සිටුනේ ද, නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද, සිඳෙන්නේ ද, නැසෙන්නේ ද, වැනැසෙන්නේ ද, නො වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ පුනර්‍භව සඞ්ඛ්‍යාත ප්‍රතිසන්‍ධි විඥානය උපදනේ දැයි ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හු ගේ ශාශ්වතය ද උච්ඡේදය විචාරයි. නොහොත් එහි මැ අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නේ ද? නොහොත් ඔහුගේ විඥානය ච්‍යුත වන්නේ ද? කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ යළි ප්‍රතිසන්‍ධි විඥානය උපදනේ දැ යි ආකිඤ්චඤ්ඤායතනයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියහුගේ පරිනිර්‍වාණය ද ප්‍රතිසන්‍ධිය ද විචාරයි. තථාවිධස්ස යනු එබඳු වූවහු ගේ තාදෘශ වූවහු ගේ එසේ සිටියහුගේ තත්ප්‍රකාර වූවහු ගේ තත්ප්‍රතිභාග වූවහුගේ ආකිඤ්චඤ්ඤායතනයට පිළිසඳ විසින් පැමිණියහු ගේ නු යි ‘තත්ථෙව සො සීතිසියාවිමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස‘ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“තිට්ඨෙ වෙ සො තත්ථ අනානුයායී පූගම්පි වස්සානං සමන්තචක්ඛු, තත්ථෙව සො සීතිසියා විමුත්තො චවෙථ විඤ්ඤාණං තථාවිධස්සා”ති.
Sinhala BJT“තිට්ඨෙ චෙ සො තත්‍ථ -පෙ- චවෙථ විඤ්ඤාණං තථාවිධස්ස” යි.
Pali BJT6. 6.
Sinhala BJT6. 6.
Pali BJTඅච්චී යථා වාතවෙගෙන ඛිත්තා (උපසීවා’ති භගවා) අත්ථං පලෙති න උපෙති සඞ්ඛං එවං මුනී නාමකායා විමුත්තො අත්ථං පලෙති න උපෙති සඞ්ඛං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද (නිවේද) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නො යේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි, ක්‍ෂත්‍රියාදි ව්‍යවහාරයට නො යෙයි.
Pali BJTඅච්චී යථා වාතවෙගෙන ඛිත්තාති-‘අච්චි’ වුච්චති ජාලසිඛා. වාතාති පුරත්ථිමා වාතා, පච්ඡිමා වාතා, උත්තරා වාතා, දක්ඛිණා වාතා, සරජා වාතා, අරජා වාතා,{1} සීතා වාතා, උණ්හා වාතා, පරිත්තා වාතා, අධිමත්තා වාතා, කාළවාතා,{2} වෙරම්භවාතා, පක්ඛවාතා, සුපණ්ණවාතා, තාලපණ්ණවාතා, විධූපනවාතා, වාතවෙගෙන ඛිත්තාති වාතවෙගෙන ඛිත්තා උක්ඛිත්තා නුන්නා පනුන්නා ඛම්භිතා වික්ඛම්භිතාති ‘අච්චි යථා වාතවෙගෙන ඛිත්තා, ‘උපසීවාති භගවා’.
Sinhala BJTඅව්චී යථා වාතවෙගෙන ඛිත්තා- ‘අව්චී‘ යි ගිනිසිළ කියනු ලැබෙයි, වාතා යනු: පෙරදිගින් හමන වාත යැ අවරදිගැ වාත යැ උතුරුදිගැ වාත යැ දකුණු දිගැ වාත යැ රජස් සහිත වාත යැ රජස් රහිත වාත යැ ශීත වාත යැ උෂ්ණ වාත යැ අල්ප වාත යැ අධිමාත්‍ර වාත යැ කෘෂ්ණපක්ෂ වාත යැ වේරම්බ වාත යැ පියාපත් වාත යැ සුපර්‍ණ වාත යැ තල්වැට වාත යැ විධූපන වාත යැ යන මොහු යි. වාතවෙගෙන ඛිත්තා-- සලන ලද අතිශයින් සලන ලද බැහැර කරන ලද දුරු කරන ලද නවතන ලද ඉවත් කරන ලද නුයි ‘අව්චීයථා වාතවෙගෙන ඛිත්තා’ යනු වේ. ‘උපසීවා ති භගවා‘ යනු වේ.
Pali BJTඅත්ථං පලෙති න උපෙති සඞ්ඛන්ති-‘අත්ථං පලෙතී’ති අත්ථං පලෙති, අත්ථං ගමෙති, අත්ථං ගච්ඡති, නිරුජ්ඣති, වූපසමති, පටිප්පස්සම්භති. න උපෙති සඞ්ඛන්ති සඞ්ඛං න උපෙති, උද්දෙසං න උපෙති, ගණනං න උපෙති, පණ්ණත්තිං න උපෙති, පුරත්ථිමං වා දිසං ගතො, පච්ඡිමං වා දිසං ගතො, උත්තරං වා දිසං ගතො, දක්ඛිණං වා දිසං ගතො, උද්ධං වා ගතො, අධො වා ගතො, තිරියං වා ගතො, විදිසං වා ගතොති සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි යෙන සඞ්ඛං ගච්ඡෙය්යාති අත්ථං පලෙති න උපෙති සඞ්ඛං.
Sinhala BJTඅත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති‘ යනු: අත්‍ථං පලෙති යී යෙයි අස්තයට පැමිණෙයි අස්තයට යෙයි නිරුද්ධ වෙයි සන්හිඳෙයි නිවෙයි. න උපේති සඞ්ඛං- (අසුවල් යෝනියට ගියේ යි) ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගිණීමට නො පැමිණෙයි ප්‍රඥප්තියට නො පැමිණෙයි පෙරදිගට හෝ ගියේ යැ අවරදිගට හෝ ගියේ යැ උතුරු දිගට හෝ ගියේ යැ දකුණු දිගට හෝ ගියේ යැ උඩට හෝ ගියේ යැ යටට හෝ ගියේයැ සරසට හෝ ගියේ යැ අනුදිගට හෝ ගියේ යයි යම් හෙයෙකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං‘ යනු වේ.
Pali BJTඑවං මුනී නාමකායා විමුත්තොති ‘එව’න්ති ඔපම්මසම්පටිපාදනං, මුනීති ‘මොනං’ වුච්චති ඤාණං, -පෙ- සඞ්ගජාල මතිච්ච සො මුනී. නාමකායා විමුත්තොති සො මුනි පකතියා පුබ්බෙව රූපකායා විමුත්තො, තදඞ්ගසමතික්කමා වික්ඛම්භනප්පහානෙන පහීනො, තස්ස මුනිනො භවන්තං ආගම්ම චත්තාරො අරියමග්ගා පටිලද්ධා හොන්ති, චතුන්නං අරියමග්ගානං පටිලද්ධත්තා නාමකායො ච රූපකායො ච පරිඤ්ඤාතා හොන්ති, නාමකායස්ස ච රූපකායස්ස ච පරිඤ්ඤාතත්තා නාමකායා ච රූපකායා ච මුත්තො විමුත්තො සුවිමුත්තො අච්චන්තං අනුපාදාවිමොක්ඛෙනාති ‘එවං, මුනී නාමාකායා විමුත්තො.’
Sinhala BJTඑවං මුනී නාමකායා විමුත්තො- ‘එවං‘ යනු: ඖපම්‍යසම්ප්‍රතිපාදන යැ; මුනි යනු: ‘මොන’යි ඥානය කියනු ලැබෙයි. ...රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම වා සිටියේ ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. නාමකායා විමුත්තො- ඒ මුනි තෙම පියවින් පළමු මැ රූපකායයෙන් විමුක්ත යැ තදඞ්ගවශයෙන් ඉක්මවීමෙන් විෂ්කම්භණ ප්‍රහාණයෙන් ප්‍රහීණ යැ ඒ මුනිහු විසින් භවාන්තයට පැමිණ සතර ආර්‍ය්‍ය මාර්‍ගයෝ ලද්දාහු වෙයි. සතර ආර්‍ය්‍යමාර්ගයන් ලත් බැවින් නාම කය ද රූප කය ද පරිඥාත වෙයි. නාම කයින් ද රූප කයින් ද අත්‍යන්ත කොට අනුපාදා විමොක්ෂයෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ මොනොවට මිදුණේ නුයි ‘එවං මුනී නාමකායා විමුත්තො’ යනු වේ.
Pali BJTඅත්ථං පලෙති න උපෙති සඞ්ඛන්ති ‘අත්ථං පලෙතී’ති: අනාපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, න උපෙති සඞ්ඛන්ති: අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො සඞ්ඛං න උපෙති උද්දෙසං න උපෙති ගණනං න උපෙති, පණ්ණත්තිං න උපෙති, ඛත්තියොති වා බ්රාහ්මණොති වා වෙස්සොති වා සුද්දොති වා ගහට්ඨොති වා පබ්බජිතොති වා දෙවොති වා මනුස්සොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන සඞ්ඛං ගච්ඡෙය්යාති ‘අත්ථං පලෙති න උපෙති සඞ්ඛං.’
Sinhala BJTඅත්‍ථං පලෙති න උපේති සඞ්ඛං- ‘අත්‍ථං පලෙති’ යනු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි. න උපේති සඞ්ඛං- අනුපාදීශෙෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ ව්‍යවහාරයට නො පැමිණෙයි උදෙසීමට නො පැමිණෙයි ගණනට නො පැමිණෙයි පැනවීමට නො පැමිණෙයි ක්‍ෂත්‍රිය යැ හෝ බ්‍රාහ්මණ යැ හෝ වෛශ්‍ය යැ හෝ ශුද්‍ර යැ හෝ ගෘහස්ථ යැ හෝ ප්‍රව්‍රජිත යැ හෝ දේව යැ හෝ මනුෂ්‍ය යැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් ව්‍යවහාරයට යේ ද ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැත, කාරණ නැත් නුයි ‘අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අච්චි යථා වාතවෙගෙන ඛිත්තා (උපසීවාති භගවා) අත්ථං පලෙති න උපෙති සඞ්ඛං, එවං මුනී නාමකායා විමුත්තො අත්ථං පලෙති න උපෙති සඞ්ඛන්ති”.
Sinhala BJT“අව්චි යථා වාතවෙගෙන ඛිත්තා -පෙ- අත්‍ථං පලෙති න උපේති සඞ්ඛං” යි.
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJTඅත්ථං ගතො සො උද වා නත්ථි උදාහු වෙ සස්සතියා අරොගො, තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද, නොහොත් ඒකාන්තයෙන් ශාශ්වත භාවයෙන් අරෝග වූයේ (අවිපරිණාමස්වභාව ඇත්තේ) සිටිනේ ද, මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව, යම් හෙෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
Pali BJTඅත්ථං ගතො සො උදවා සො නත්ථීති: සො අත්ථං ගතො උදාහු නත්ථි, සො නිරුද්ධො උච්ඡින්නො විනට්ඨොති ‘අත්ථං ගතො සො උදවා සො නත්ථි’.
Sinhala BJTඅත්‍ථං ගතො සො උදවා සො නත්‍ථි- හේ අස්තයට ගියේ ද නොහොත් නැද්ද, හේ නිරුද්ධ වූයේ උච්ඡේදයට පැමිණියේ විනෂ්ට වූයේ දැ යි ‘අත්ථංගතො සො උදවා සො නත්‍ථි’ යනු වේ.
Pali BJTඋදාහු වෙ සස්සතියා අරොගොති ‘උදාහු නිච්චො ධුවො සස්සතො අවිපරිනාමධම්මො සස්සතිසමං තථෙව තිට්ඨෙය්යාති ‘උදාහු වෙ සස්සතියා අරොගො.’
Sinhala BJTඋදාහු වෙ සස්සතියා අරොගො- නොහොත්, නිත්‍ය වූයේ ධ්‍රැව වූයේ ශාශ්වත වූයේ අවිපරිණාම ස්වභාව වූයේ ශාශ්වතිකයක් මෙන් එසේ මැ සිටුනේ දැ යි ‘උදාහු වෙ සස්සතියා අරොගො’ යනු වේ.
Pali BJTතං මෙ මුනී සාධු වියාකරොහීති ‘ත’න්ති: යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි, යං පසාදෙමි. මුනීති ‘මොනං’ වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනී. සාධු වියාකරොහීති: සාධු ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘තං මෙ මුනී සාධු වියාකරොහි’.
Sinhala BJTතං මෙ මුනී සාධු වියාකරොහි- ‘තං’ යනු: යමකු විචාරම් ද, යමකු අයදිම් ද, යමකු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමකු සඳහා පහදවම් ද: මුනි යනු ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි ... සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටි ඒ ක්‍ෂීණාස්‍රව මුනි නම් වේ. සාධු වියා කරොහි- අයදිමි වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.
Pali BJTතථා හි තෙ විදිතො එස ධම්මොති: තථා හි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම්මොති ‘තථා හි තෙ විදිතො එස ධම්මො’.
Sinhala BJTතථා හි තෙ විදිතො එසධම්මො- යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද විභූත කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ‘යි ‘තථා හි තෙ විදිතො එසධම්මො’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“අත්ථං ගතො සො උද වා සො නත්ථි උදාහු වෙ සස්සතියා අරොගො, තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො”ති.
Sinhala BJT“අත්‍ථංගතො සො -පෙ- තථා හි තෙ විදිතෙ එසධම්මො’ යී.
Pali BJT6. 8.
Sinhala BJT6. 8.
Pali BJTඅත්ථං ගතස්ස න පමාණමත්ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජු{1} තං තස්ස නත්ථි, සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ්බෙ.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය, අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසනලදහ යි.
Pali BJTඅත්ථං ගතස්ස න පමාණමත්ථීති: ‘අත්ථං ගතස්සා’ති අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතස්ස රූපපමාණං නත්ථි, වෙදනාපමාණං නත්ථි, සඤ්ඤාපමාණං නත්ථි, සංඛාරපමාණං නත්ථි, විඤ්ඤාණපමාණං නත්ථි. නත්ථි න සන්තී න සංවිජ්ජති නූපලබ්භති. පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪන්ති ‘අත්ථං ගතස්ස න පමාණමත්ථි. උපසීවාති භගවාති -පෙ-
Sinhala BJTඅත්‍ථංගතස්ස න පමාණමත්ථි- ‘අත්ථංගතස්ස’ යනු: අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවියහුට රූප ප්‍රමාණයෙක් නැත, වේදනා ප්‍රමාණයෙක් නැත. සංඥා ප්‍රමාණයෙක් නැත, සංස්කාර ප්‍රමාණයෙක් නැත, විඥාන ප්‍රමාණයෙක් නැත, නැත්තේ යැ, නො වෙයි, විද්‍යාමාන නො වෙයි, නො ලැබේ. ප්‍රහීණ යැ, සමුච්ඡින්න යැ, සන්හිඳුවන ලද, දුරලන ලද, අභව්‍යොත්පත්තික යැ, නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අත්ථංගතස්ස න පමාණමත්ථි’ යනු වේ. උපසීවා’ති භගවාති........
Pali BJTයෙන නං වජ්ජු තං තස්ස නත්ථීති: යෙන රාගෙන වදෙය්යුං, යෙන දොසෙන වදෙය්යුං, යෙන මොහෙන වදෙය්යුං, යෙන මානෙන වදෙය්යුං, යාය දිට්ඨියා වදෙය්යුං, යෙන උද්ධච්චෙන වදෙය්යුං, යාය විචිකිච්ඡාය වදෙය්යුං, යෙහි අනුසයෙහි වදෙය්යුං, රත්තොති වා දුට්ඨොති වා මූළ්හොති වා විනිබද්ධොති වා පරාමට්ඨොති වා වික්ඛෙපගතොති වා අනිට්ඨඞ්ගතොති වා ථාමගතොති වා තෙ අභිසඞ්ඛාරා පහීනා, අභිසඞ්ඛාරානං පහීනත්තා ගතියා යෙන වදෙය්යුං නෙරයිකොති වා තිරච්ඡානයොනිකොති වා පෙත්තිවිසයිකොති වා මනුස්සොති වා දෙවොති වා රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා සො හෙතු නත්ථි, පච්චයො නත්ථි, කාරණං නත්ථි, යෙන වදෙය්යුං කථෙය්යුං භණෙය්යුං දීපෙය්යුං වොහරෙය්යුන්ති ‘යෙන නං වජ්ජු තං තස්ස නත්ථි. ‘
Sinhala BJTයෙන නං වජ්ජු තං තස්ස නත්‍ථි- යම් රාගයෙකින් කියන්නාහු නම් යම් ද්වේෂයෙකින් කියන්නාහු නම් යම් මෝහයෙකින් කියන්නාහු නම් යම් මානයෙකින් කියන්නාහු නම් යම් දෘෂ්ටියෙකින් කියන්නාහු නම් යම් ඖද්ධත්‍යයෙකින් කියන්නාහු නම් යම් විචිකිත්සායෙකින් කියන්නාහු නම් යම් අනුශය කෙනෙකුන්ගෙන් කියන්නාහු නම් රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඨ යැ හෝ විනිබද්ධ යැ හෝ පරාමෘෂ්ට යැ හෝ වික්‍ෂේපයට ගියේ යැ හෝ අනිෂ්ඨාවට ගියේ යැ හෝ තද බවට ගියේ යැ හෝ යි කියන්නාහු නම් ඒ කර්මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් තිරිසන් යැ යි හෝ තිරිසන්යොන් ඇතියෙකැ යි හෝ ප්‍රේතවිෂය ඇතියෙකැ යි හෝ මිනිසෙකැ යි හෝ දෙවියෙකැ යි හෝ රූපී යැ යි හෝ අරූපී යැ යි හෝ සංඥී යැ යි හෝ අසංඥී යැ යි හෝ නෛවසංඥී නාසංඥී යැ යි හෝ යම් අභිසංස්කාරයක් හේතු කොට ගෙන ගතියෙන් කියන්නාහු ද, යම් හෙයකින් කියන්නාහු නම් පවසන්නාහු නම් බණන්නාහු නම් දක්වන්නාහු නම් ව්‍යවහාර කරන්නාහු නම් ඒ හේතුව නැත ප්‍රත්‍යය නැත කාරණ නැත් නුයි ‘යෙන නං වජ්ජ්‍ර තං තස්ස නත්‍ථි’යනු වේ.
Pali BJTසබ්බෙසු ධම්මෙසු සමූහතෙසූති: සබ්බෙසු ධම්මෙසු සබ්බෙසු ඛන්ධෙසු සබ්බෙසු ආයතනෙසු සබ්බෙසු ධාතුසු{1} සබ්බාසු ගතිසු සබ්බාසු උපපත්තීසු සබ්බාසු පටිසන්ධිසු සබ්බෙසු භවෙසු සබ්බෙසු සංසාරෙසු සබ්බෙසු වට්ටෙසු ඌහතෙසු සමූහතෙසු උද්ධතෙසු සමුද්ධතෙසු උප්පාටිතෙසු සමුප්පාටිතෙසු පහීනෙසු සමුච්ඡින්නෙසු වූපසන්නෙසු පටිප්පස්සද්ධෙසු අභබ්බුප්පත්තිකෙසු ඤාණග්ගිනා දඩ්ඪෙසූති ‘සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු.’
Sinhala BJTසබ්බෙසු ධම්මේසු සමූහතෙසු- සියලු ධර්‍මයන් සියලු ස්කන්‍ධයන් සියලු ආයතනයන් සියලු ධාතුන් සියලු ගතීන් සියලු උප්පත්තීන් සියලු ප්‍රතිසන්ධීන් සියලු භවයන් සියලු සංසාරයන් සියලු වෘත්තයන් නැසූ කල්හි වෙසෙසින් නැසූ කල්හි උදුළ කල්හි මොනොවට උදුළ කල්හි උපුළ කල්හි වෙසෙසින් උපුළ කල්හි ප්‍රහීණ කල්හි සමුච්ඡින්න කල්හි සන්හුන් කල්හි දුරැලූ කල්හි අභව්‍යොත්පත්තික වූ කල්හි නුවණ ගින්නෙන් දැවූ කල්හි නුයි ‘සබ්බෙසු ධම්මේසු සමූහතෙසු’ යනු වේ.
Pali BJTසමූහතා වාදපථාපි සබ්බෙති: ‘වාදපථා’ වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසංඛාරා ච, තස්ස වාදා ච වාදපථා ච අධිවචනානි ච අධිවචනපථා ච නිරුත්තී ච නිරුත්තිපථා ච පඤ්ඤත්තී ච පඤ්ඤත්තිපථා ච ඌහතා සමූහතා උද්ධතා සමුද්ධතා උප්පාටිතා සමුප්පාටිතා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘සමූහතා වාදපථාපි සබ්බෙ.’
Sinhala BJTසමූහතා වාදපථාපි සබ්බේ- ‘වාදපථයෝ යයි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ඔහු විසින් වාදයෝ ද වාදපථයෝ ද අධිවචනයෝ ද අධිවචනපථයෝ ද නිරුක්තීහු ද නිරුක්තිපථයෝ ද ප්‍රඥප්තීහු ද ප්‍රඥප්තිපථයෝ ද නසන ලදහ මොනොවට නසන ලදහ උදුළහ මොනොවට උදුළහ උපුරන ලදහ මොනොවට උපුරන ලදහ. ප්‍රහීණයහ සමුච්ඡින්නයහ, සන්හිඳුවන ලදහ දුරලන ලදහ, අභව්‍යොත්පත්තික වූහ, නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘සමූහතා වාදපථා පි සබ්බේ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අත්ථං ගතස්ස න පමාණමත්ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජු තං තස්ස නත්ථි, සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ්බෙ”ති.
Sinhala BJT“අත්‍ථංගතස්ස -පෙ- සමූහතා වාදපථා’ පි සබ්බේ” යි.
Pali BJTසහ ගාථාපරියොසානා යෙ තෙ බ්රාහ්මණෙන සද්ධිං -පෙ- පඤ්ජලිකො නමස්සමානො නිසින්නො හොති: ‘සත්ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග බමුණු හා සමඟ යම් අතැවැසි කෙනෙක්.... බදැඳිලි වූයේ නමස්කාර කෙරෙමින් හුන්නේ වෙයි: “වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවක වෙමි.”
Pali BJTඋපසීවසුත්තනිද්දෙසො ඡට්ඨො.
Sinhala BJTසවැනි උපසීව සූත්‍රනිර්දේශය යි.
Pali BJT7. නන්ද සුත්තනිද්දෙසො
Sinhala BJT7. නන්‍ද සූත්‍ර නිර්‍දෙශය
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJTසන්ති ලොකෙ මුනයො (ඉච්චායස්මා නන්දො) ජනා වදන්ති තයිදං කථංසු, ඤාණූපපන්නං නො මුනිං වදන්ති{1} උදාහු වෙ ජීවිතෙනූප්පන්නං{2}
Sinhala BJT(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
Pali BJTසන්ති ලොකෙ මුනයොති ‘සන්තී’ති සන්ති සංවිජ්ජන්ති අත්ථි උපලබ්භන්ති. ලොකෙති අපාය ලොකෙ -පෙ- ආයතනලොකෙ. මුනයො ති මුනිනාමකා ආජීවකා නිගණ්ඨා ජටිලා තාපසා, ‘සන්ති ලොකෙ මුනයො’ -පෙ- ඉච්චායස්මා නන්දො.
Sinhala BJTසන්ති ලෝකේ මුනයො- ‘සන්ති’ යනු: ඇත්තාහ, විද්‍යාමාන වෙති, ඇති, ලැබෙති. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතනලෝකයෙහි. මුනයො යනු: මුනි නම් ඇති ආජීවකයෝ යැ නිගණ්ඨයෝ යැ ජටිලයෝ යැ තාපසයෝ යැ යි ‘සන්ති ලෝකේ මුනයො’ යනු වේ. ඉච්චායස්මා නන්දො ...
Pali BJTජනා වදන්ති තයිදං කථංසූති ‘ජනා’ති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච. වදන්තීති කථෙන්තී භණන්ති දීපයන්ති වොහරන්ති. තයිදං කථංසූති සංසයපුච්ඡා, විමතිපුච්ඡා, ද්වෙළ්හපුච්ඡා, අනෙකංසපුච්ඡා, එවන්නු ඛො න නුඛො කින්නු ඛො කථන්නු ඛොති ‘ජනා වදන්ති තයිදං කථංසු.’
Sinhala BJTජනාවදන්ති තයිදං කථංසු- ‘ජනා’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. වදන්ති යනු: කියති බෙණෙති ප්‍රකාශ කෙරෙති ව්‍යවහාර කෙරෙත්. තයිදං කථංසු යනු: මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා ය අනෛකාන්තපෘච්ඡා යැ යි ‘ජනාවදන්ති තයිදං කථංසු’ යනු වේ.
Pali BJTඤාණූපපන්නං නො මුනිං වදන්තීති අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උපපන්නං සම්පන්නං{3} සමන්නාගතං මුනිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘ඤාණූපපන්නං නො මුනිං වදන්ති’.
Sinhala BJTඤාණූපපන්නං නො මුනිං වදන්ති යනු: අෂ්ට සමාපත්තිඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹසිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු මුනි’ යයි වදන්ති-කියත් ද බෙණෙත් ද ප්‍රකාශ කෙරෙත් ද ව්‍යවහාර කෙරෙත් දැයි ‘ඤාණූපපන්නං නො මුනිං වදන්ති’ යනු වේ.
Pali BJTඋදාහු වෙ ජීවිතෙනූපපන්නන්ති උදාහු අනෙකවිධලූඛජීවිතානුයොගෙන උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උප්පන්නං සම්පන්නං සමන්නාගතං මුනිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘උදාහු වෙ ජීවිතෙනූපපන්නං.’
Sinhala BJTඋදාහු වෙ ජීවිතෙනුපපන්නං යනු: නොහොත් අනේකවිධ වූ රූක්‍ෂ ජීවිතයෙන් උපේත වූවහු සමුපේත වූවහු එළඔ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු ‘මුනි’ යයි වදන්ති-කියත් ද බෙෙණත් ද ප්‍රකාශ කෙරෙත් ද ව්‍යවහාර කෙරෙත් දැ යි ‘උදාහු ජිවිතෙනූපපන්නං යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“සන්ති ලොකෙ මුනයො (ඉච්චායස්මා නන්දො) ජනා වදන්ති තයිදං කථංසු, ඤාණූපපන්නං නො මුනිං වදන්ති උදාහු වෙ ජීවිතෙනූපපන්නං”ති.
Sinhala BJT“සන්ති ලෝකේ මුනයො -පෙ- උදාහු වේ ජිවිතෙනූපපන්නං” යි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJTන දිට්ඨියා න සුතියා න ඤාණෙන මුනීධ නන්ද, කුසලා වදන්ති, විසෙනීකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයොති බ්රූමි.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැ යි නො කියති. යම් කෙනෙක් කෙළෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම් කියමි.
Pali BJTන දිට්ඨියා න සුතියා න ඤාණෙනාති ‘න දිට්ඨියා’ති න දිට්ඨසුද්ධියා, න සුතියාති න සුතසුද්ධියා, න ඤාණෙනාති නපි අට්ඨසමාපත්තිඤාණෙන, නපි පඤ්චාභිඤ්ඤාඤාණෙන, නපි මිච්ඡාඤාණෙනාති ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන’.
Sinhala BJTන දිට්ඨියා න සුතියා න ඤාණෙන- ‘න දිට්ඨයා’ යනු: දෘෂ්ට (රූපායතන) ශුද්ධියෙන් නො වෙයි, න සුතියා යනු: ශ්‍රැතශුද්ධියෙන් නො වෙයි, න ඤාණෙන යනු: අෂ්ටසමාපත්ති ඥානයෙනු දු නො වෙයි පඤ්චාභිඥා ඥානයෙනුදු නො වෙයි, මිථ්‍යා ඥානයෙනුදු නො වේ නුයි ‘න දිට්ඨියා න සුතියා න ඤාණෙන’ යනු වේ.
Pali BJTමුනීධ නන්ද කුසලා වදන්තීති ‘කුසලා’ති යෙ තෙ ඛන්ධකුසලා ධාතුකුසලා ආයතනකුසලා පටිච්චසමුප්පාදකුසලා සතිපට්ඨානකුසලා සම්මප්පධානකුසලා ඉද්ධිපාදකුසලා ඉන්ද්රියකුසලා බලකුසලා බොජ්ඣඞ්ගකුසලා මග්ගකුසලා ඵලකුසලා නිබ්බානකුසලා, තෙ කුසලා දිට්ඨසුද්ධියා වා සුතසුද්ධියා වා අට්ඨසමාපත්තිඤාණෙන වා පඤ්චාභිඤ්ඤාඤාණෙන වා මිච්ඡාඤාණෙන වා දිට්ඨෙන වා සුතෙන වා උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උප්පන්නං සම්පන්නං සමන්නාගතං මුනිං න වදන්ති න කථෙන්ති න භණන්ති න දීපයන්ති න වොහරන්තීති ‘මුනීධ නන්ද කුසලා වදන්ති.’
Sinhala BJTමුනීධ නන්ද කුසලා වදන්ති- ‘කුසලා‘ යනු: යම් කෙනෙක් ස්කන්‍ධයන්හි නිපුණයෝ වෙත් ද ධාතූන්හි නිපුණයෝ- ආයතනයන්හි නිපුණයෝ- ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නිපුණයෝ- සතිපට්ඨානයන්හි නිපුණයෝ- සම්‍යක් ප්‍රධානයන්හි නිපුණයෝ- ඍද්ධිපාදයන්හි නිපුණයෝ- ඉන්‍ද්‍රියයන්හි නිපුණයෝ-බලයන්හි නිපුණයෝ-බෝධ්‍යඞ්ගයන්හි නිපුණයෝ-මාර්‍ගයන්හි නිපුණයෝ- ඵලයන්හි නිපුණයෝ- නිර්වාණයන්හි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටශුද්ධියෙන් හෝ ශ්‍රැතශුද්ධියෙන් හෝ අෂ්ටසමාපත්ති ඥානයෙන් හෝ පඤ්චාභිඥා ඥානයෙන් හෝ මිථ්‍යා ඥානයෙන් හෝ රූපායතනයෙන් හෝ ශබ්දායතනයෙන් හෝ උපේත වූවහු සමුපේත වූවහු එළඹ සිටියහු සංයුක්ත වූවහු නො වෙන් වූවහු පරිපූර්‍ණ වූවහු සමන්‍වාගත වූවහු ‘මුනි’ යයි න වදන්ති- නො කියති නො බෙණෙති ප්‍රකාශ නො කෙරෙති ව්‍යවහාර නො කෙරෙත් නුයි ‘මුනීධ නන්ද කුසලා වදන්ති’ යනු වේ.
Pali BJTවිසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයොති බ්රූමීති: ‘සෙනා’ වුච්චති මාරසෙනා, කායදුච්චරිතං මාරසෙනා, වචීදුච්චරිතං මාරසෙනා, මනොදුච්චරිතං මාරසෙනා, රාගො මාරසෙනා, දොසො මාරසෙනා, මොහො මාරසෙනා, කොධො මාරසෙනා, උපනාහො මාරසෙනා, මක්ඛො-පළාසො-ඉස්සා-මච්ඡරියං-මායා-සාඨෙය්යං-ථම්භො-සාරම්භො-මානො-අතිමානො-මදො-පමාදො-සබ්බෙ කිලෙසා-සබ්බෙ දුච්චරිතා-සබ්බෙ දරථා-සබ්බෙ පරිළාහා-සබ්බෙ සන්තාපා-සබ්බාකුසලාභිසඞ්ඛාරා මාරසෙනා.
Sinhala BJTවිසෙනිකත්‍වා අනිසා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ති බ්‍රෑමි- යනු: ‘සේනා’ යි මරසෙනඟ කියනු ලැබෙයි. කායදුශ්චරිතය මරසෙනඟෙක, වාග්දුශ්චරිතය මරසෙනඟෙක, මනෝදුශ්චරිතය මරසෙනඟෙක, රාගය මරසෙනඟෙක, ද්වේෂය මරසෙනඟෙක, මෝහය මරසෙනඟෙක, ක්‍රෝධය මරසෙනඟෙක, බද්ධවෛරය මරසෙනඟෙක, මකුබවයුගග්‍රාහය- ඊර්‍ෂ්‍යාව- මාත්සර්‍ය්‍යය- මායාව- සඨබව- ස්තම්භය- සාරම්භය- මානය- අතිමානය- මදය- ප්‍රමාදය- හැම කෙලෙස්හු- හැම දුසිරිත්- හැම දරථයෝ හැම පරිදාහයෝ- හැම සන්තාපයෝ- හැම අකුශලාභිසංස්කාරයෝ මරසෙනඟෙකි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTතෙල වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJT1. “කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පවුච්චති.
Sinhala BJT1. “අන්තකය, වස්තුකාම ක්ලේශකාමයෝ තාගේ පළමු වැනි සේනාවයැ, වනසෙනසුන්හි හෝ අධිකුශලධර්‍මයන්හි උපදනා අරතිය දෙවැනි සේනාව යැයි කියනු ලැබෙයි, සා පවස් දෙක තාගේ තෙවැනි සේනාව යැ, පර්‍ය්‍යෙෂණ තෘෂ්ණාව සතර වැනි සේනාව යැ යි කියනු ලැබේ.
Pali BJT2. පඤ්චමී{1} ථීනමිද්ධං තෙ ඡට්ඨා භීරු පවුච්චති සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො තෙ අට්ඨමා{2}
Sinhala BJT2. ථිනමිද්ධය තාගේ පස්වැනි සේනාව යැ, තැතිගැනීම් සඞ්ඛ්‍යාත බියසුලු බව සවැන්න යැ යි කියනු ලැබෙයි, පර්‍ය්‍යාප්තියෙහි සැකය තාගේ සත් වැනි සේනාව යැ (මානය) මකු බව හා ස්තම්භය තා ගේ අට වැනි සේනාව යි.
Pali BJT3. ලාභො සිලොකො සක්කාරො මිච්ඡාලද්ධො ච යො යසො යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති.{1}
Sinhala BJT3. ලාභය ප්‍රශංසාය සත්කාරය යන මොහු ද මිථ්‍යාවෙන් ලද යශස ද නවවැනි සේනාව වෙයි. ජාත්‍යාදිය හේතු කොට ගෙන ආත්මොත්කර්‍ෂණය ද පරවම්භනය ද දස වැනි සේනාව වේ.
Pali BJT4. එසා නමුචි තෙ{2} සෙනා කණ්හස්සාභිප්පහාරිණී න නං අසූරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛ”න්ති{a}
Sinhala BJT4. අන්තකය, කෘෂ්ණධර්මයෙන් සමන්‍විත වූ තාගේ මේ දශවිධ සේනා තොමෝ මහණ බමුණන්ට අන්තරාය කරනසුලු වෙයි. ශූර නො වූ පුරුෂ තෙමේ ඒ මරසෙනඟ නො දිනයි, යළි කායජීවිත නිරපේක්‍ෂ වූ ශූර තෙමේ ජයග්‍රහණය කොට මඟපල සුවයට පැමිණේ ” යයි.
Pali BJTයතො චතුහි අරියමග්ගෙහි සබ්බා ච මාරසෙනා, සබ්බෙ ච පටිසෙනිකරා කිලෙසා ජිතා ච පරාජිතා ච භග්ගා. විප්පලුග්ගා{3} පරම්මුඛා තෙන වුච්චන්ති{4} ‘විසෙනිකත්වා’. අනීඝාති: රාගො නීඝො, දොසො නීඝො, මොහො නීඝො, කොධො නීඝො, උපනාහො නීඝො, -පෙ- සබ්බාකුසලාභිසංඛාරා නීඝා, යෙසං එතෙ නීඝා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චන්ති ‘අනීඝා’ නිරාසාති: ‘ආසා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.”{b} යෙසං එසා ආසා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා තෙ වුච්චන්ති ‘නිරාසා’. යෙති: අරහන්තො ඛීණාසවා. විසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයොති බ්රූමීති: යෙ තෙ විසෙනිංකත්වා අනීඝා ච නිරාසා ච චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්ති, තෙ ලොකෙ ‘මුනයො’ති බ්රූමි, ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උස්සානීකරොමි පකාසෙමීති. ‘විසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයොති බ්රූමි.’
Sinhala BJTයම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු දශවිධ මාරසෙනාව ද ප්‍රතිපක්‍ෂ බව කරන සියලු ක්ලේශයෝ ද දිනන ලද්දාහු, පරදවන ලද්දාහු, බිඳින ලද්දාහු, සුණුවිසුණු කරන ලද්දාහු පරාම්මුඛ බවට පමුණුවන ලද්දාහු, වෙත් ද, එයින් කියනු ලැබෙති ‘විසෙනිකත්වා’ යි. අනීඝා යනු: රාගය නීඝ (ව්‍යසන) යැ, ද්වේෂය නීඝ යැ, මෝහය නීඝ යැ, ක්‍රෝධය නීඝ යැ, බද්ධවෛරය නීඝ යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ නීඝයෝ යි. යම් කෙනකුන් විසින් තෙල නීඝයෝ ප්‍රහාණය කරන ලද්දාහු මුලුසුන් කරන ලද්දාහු සන්හිඳුවන ලද්දාහු නිවන ලද්දාහු අභව්‍යොත්පත්තික කරන ලද්දාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙත් ද, ඔහු ‘අනීඝයෝ’ යි කියනු ලැබෙත්. නිරාසා යනු: ‘අසා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. “යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. යම් කෙනකුන් විසින් තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහාණය කරනලද මුලුසුන් කරන ලද සන්හිඳුවන ලද නිවන ලද යළි උපදනට නො නිසි කරන ලද නුවණ ගින්නෙන් දවනලද වේ ද, ඔහු ‘නිරාසයෝ’ යි කියනු ලැබෙත්. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාශ්‍රවයෝ යි. විසෙනිකත්‍වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ ති බ්‍රෑමි යනු: යම් කෙනෙක් මරසෙන් පරදවා ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් ද වාසය කෙරෙත් ද ඉරියවු පවත්වත් ද වැටෙත් ද පාලනය කෙරෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද ඔහු ලොවැ ‘මුනීහු’ යයි බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසම් නුයි ‘විසෙනිකත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ ති බ්‍රෑමි’ යි.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“න දිට්ඨියා න සුතියා න ඤාණෙන මුනීධ නන්ද, කුසලා වදන්ති, විසෙනි කත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයොති බ්රූමී”ති.
Sinhala BJT“න දිට්ඨියා න සුතියා -පෙ- චරන්ති යෙ තෙ මුනයො’ති බ්‍රෑමි” යි.
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJTයෙ කෙචි’මෙ සමණබ්රාහ්මණා සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙන සුතෙනාපි{1} වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං කච්චිස්සු{2} තෙ භගවා තත්ථ යතා චරන්තා{3} අතාරු{4} ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ට (රූපායතන) යෙනුදු ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම් අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම් නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතියත් ජරාවත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.
Pali BJTයෙ කෙචිමෙ සමණබ්රාහ්මණා සෙති: ‘යෙ කෙචී’ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං{5} අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘යෙ කෙචී’ති. සමණාති: යෙ කෙචි ඉතො බහිද්ධා පබ්බජ්ජූපගතා පරිබ්බාජකසමාපන්නා. බ්රාහ්මණාති: යෙ කෙචි භොවාදිකාති ‘යෙ කෙචි මෙ සමණබ්රාහ්මණාසෙ’ -පෙ- ‘ඉච්චායස්මා නන්දො. ‘
Sinhala BJTයෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණි පරිව්‍රාජක බවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි භොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ’ යනු වේ.
Pali BJTදිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධින්ති: දිට්ඨෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති, භණන්ති දීපයන්ති වොහරන්ති. සුතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං අපරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති. දිට්ඨෙන සුතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං’
Sinhala BJTදිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති-කියති බෙණෙති දක්වති වහරති. ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති-කියති බෙණෙති දක්වති වහරති. දෘෂ්ටශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය, වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’ පි වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTසීලබ්බතෙනාපි වදන්ති සුද්ධින්ති: සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, වතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, සීලබ්බතෙනාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති, දීපයන්ති වොහරන්තීති සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං.’
Sinhala BJTසීලබ්බතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති. ව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති. ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTඅනෙක රූපෙන වදන්ති සුද්ධින්ති: අනෙකවිධවත{6} කොතුහලමඞ්ගලෙන{7} සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’
Sinhala BJTඅනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනෙක විධ ව්‍රත කුතූහලමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTකච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරන්තාති: ‘කච්චිස්සූ’ති: සංසයපුච්ඡා, විමතිපුච්ඡා, ද්වෙළ්හකපුච්ඡා, අනෙකංසපුච්ඡා, එවන්නු ඛො න නු ඛො කින්නු ඛො කථන්නු ඛොති ‘කච්චිස්සු. ‘තෙති: දිට්ඨිගතිකා, භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති ‘කච්චිස්සු තෙ භගවා. ‘තත්ථ යතා චරන්තාති: ‘තත්ථා’ති: සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා. යතාති: යතා පටියතා{1} ගුත්තා ගොපිතා සංවුතා. චරන්තාති: චරන්තා විහරන්තා{2} ඉරීයන්තා වත්තෙන්තා පාලෙන්තා යපෙන්තො යාපෙන්තාති ‘කච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරන්තා’.
Sinhala BJTකච්විස්සු තෙ භගවා තත්ථ යතා චරන්තා- ‘කච්චිස්සු’ යනු: සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ ද්වෙළ්හකපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ මෙසේ දෝ හෝ නො වේ දෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි ‘කච්චිස්සු’ යනු වේ. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ. භගවා යනු: තෙල ගෞරවාධිවචන යැ ... මේ භගවා’ යනු: අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘කච්චිස්සු තෙ භගවා’ යනු වේ. තත්‍ථ යතා චරන්තා- ‘තත්‍ථ’ යනු ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි යතා යනු: රැකුණාහු වෙසෙසින් රැකුණාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු සංවෘත වූවාහු. චරන්තා යනු: හැසිරෙන්නාහු වසන්නාහු ඉරියවු පවත්වන්නාහු වැටෙන්නාහු පාලනය වන්නාහු යැපෙන්නාහු යාපනය කරන්නාහු නුයි ‘කච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරත්තා’ යනු වේ.
Pali BJTඅතාරු{3} ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති: ජාතිජරාමරණං අතරිංසු, උත්තරිංසු පතරිංසු සමතික්කමිංසු වීතිවත්තිංසු. මාරිසාති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘මාරිසා’ති ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස.’
Sinhala BJTඅතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ උත්තරණය කළහ ප්‍රතරණය කළහ මොනොවට ඉක්මවූහ ව්‍යතික්‍රමණය කළහ. මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ තෙල ‘මාරිස’ යනු සගෞරව සප්‍රතිශය නමෙක් නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: ‘පුච්ඡාමි ත’න්ති: පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස්සු මෙති ‘පුච්ඡාමි තං.’ භගවාති -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානී කරොහි පකාසෙහීති. ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’.
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං- ‘පුච්ඡාමි තං’ යනු: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අධ්‍යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: ... මේ භගවා යනු අර්‍හත් ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියකි. බ්‍රෑහිමෙතං යනු: බ්‍රෑහි- කිව මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“යෙ කෙචි මෙ සමණබ්රාහ්මණො සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙන සුතෙනාපි{4} වදන්ති සුද්ධිං, සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං, අනෙකරූපෙන වදන්ති සුද්ධිං, කච්චිස්සු තෙ භගවා තත්ථ යතා චරන්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙත”න්ති.
Sinhala BJT“යෙ කෙචිමෙ -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJTයෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ (නන්දාති භගවා) දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං, කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) ‘යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කොතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
Pali BJTයෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙති: ‘යෙ කෙචී’ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං යෙ කෙචීති සමණාති: යෙ කෙචි ඉතො බහිද්ධා පබ්බජ්ජූපගතා පරිබ්බාජකසමාපන්නා. බ්රාහ්මණාති: යෙ කෙචි භොවාදිකාති ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ’ නන්දාති භගවාති. -පෙ-
Sinhala BJTයෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ- ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිරවශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්‍රාජක බවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි හොවාදිකයෝ නුයි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණාසෙ’ යනු වේ. නන්‍දා’ති භගවා යනු....
Pali BJTදිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධින්ති: දිට්ඨෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති, භණන්ති දීපයන්ති වොහරන්ති. සුතෙනපි සුද්ධිං -පෙ- දිට්ඨෙන සුතෙනපි සුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං’
Sinhala BJTදිට්ඨෙන සුතෙනා‘පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ට (රූපායතන) යෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති කියති බෙණෙති දක්වති වහරති, ශ්‍රැත (ශබ්දායතන) යෙනුදු ශුද්ධිය... දෘෂ්ට ශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTසීලබ්බතෙනාපි වදන්ති සුද්ධින්ති: සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, වතෙනපි සුද්ධිං -පෙ- වොහරන්ති සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං -පෙ- වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං.’
Sinhala BJTසීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරති, ව්‍රතයෙනුදු ශුද්ධිය .... වහරති, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි. ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTඅනෙක රූපෙන වදන්ති සුද්ධින්ති: අනෙකවිධවතකොතුහලමඞ්ගලෙන{1} සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘අනෙක රූපෙන වදන්ති සුද්ධිං’
Sinhala BJTඅනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්‍රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියති බෙණෙති දක්වති වහරත් නුයි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං.’ යනු වේ.
Pali BJTකිඤ්චාපි තෙ තත්ථ යතා චරන්තීති: ‘කිඤ්චාපී’ති: පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං ‘කිඤ්චාපී’ති. තෙති දිට්ඨිගතිකා. තත්ථාති: සකාය දිට්ඨියා සකාය ඛන්තියා සකාය රුචියා සකාය ලද්ධියා. යතාති යතා පටියතා{2} ගුත්තා ගොපිතා රක්ඛිතා සංවුතා. චරන්තීති: චරන්ති විහරන්ති{3} ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්තීති කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති.’
Sinhala BJTකිඤ්චා’පි තෙ තත්ථ යතා චරන්ති- කිඤ්චා’පි යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල’ කිඤ්චා ‘පි’ යනු පදානුපූර්‍වතා යි. තෙ යනු: දෘෂ්ටිගතිකයෝ යි. තත්‍ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්‍ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි. යතා යනු: රැකෙන්නාහු වෙසෙසින් රැකෙන්නාහු ගුප්ත වූවාහු ගෝපනය කරන ලද්දාහු රක්‍ෂිත වූවාහු සංවෘත වූවාහු. චරන්ති යනු: හැසිරෙති වාසය කෙරෙති. ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘කිඤ්චා’පි තෙ තත්ථ යතා චරන්ති’ යනු වේ.
Pali BJTනාතරිංසු ජාතිජරන්ති බ්රූමීති: ජාතිජරාමරණං න තරිංසු, න උත්තරිංසු න පතරිංසු, න සමතික්කමිංසු, න වීතිවත්තිංසු ජාතිජරාමරණා අනික්ඛන්තා අනිස්සටා,{4} අනතික්කන්තා අසමතික්කන්තා අවීතිවත්තා අන්තො ජාතිජරාමරණෙ පරිවත්තෙන්ති, අන්තො සංසාරපථෙ පරිවත්තෙන්ති, ජාතියා අනුගතා, ජරාය අනුසටා, බ්යාධිනා අභිභූතා මරණෙන අබ්භාහතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතාති. ‘බ්රූමි’ ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.’
Sinhala BJTනාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි යනු: ජාතිජරාමරණය තරණය නො කළහ, උත්තරණය ප්‍රතරණය-සමතික්‍රමණය- ව්‍යතික්‍රමණය නො කළහ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු නො බැහැර වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්මගියාහු නො ඉක්ම සිටියාහු ඇතුළු ජාතිජරාමරණයෙහි පෙරැළෙති, ඇතුළු සසරමඟ පිරිවැටෙති, ජාතියෙහි පිවිසියාහු ජරාව විසින් ලුහුබඳනා ලද්දාහු ව්‍යාධියෙන් මැඬුනාහු මරණයෙන් පහළාහු ත්‍රාණ (රක්‍ෂා) රහිතයහ, ලෙන (නිලීනස්ථාන) රහිතයහ, අසරණයහ, අසරණීභූතහ’යි බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි පවසමි නුයි ‘නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යෙ කෙචි මෙ සමණබ්රාහ්මණා සෙ (නන්දාති භගවා) දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං කිඤ්චාපි තෙ තත්ථ යතා චරන්ති නාතරිංසු ජාතිජරන්ති බ්රූමී”ති.
Sinhala BJT“යෙ කෙවිමෙ -පෙ- නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි” යි
Pali BJT7-5, 6
Sinhala BJT7-5, 6.
Pali BJTයෙ කෙචි මෙ සමණබ්රාහ්මණා සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙන සුතෙනාපි{1} වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං
Sinhala BJT(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන්වහන්ස, යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීලව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද අනේකවිධ කෞතූහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටිගතිකයන් ඕඝතරණය නො කළවුනැ’යි වදාරන්නවු නම් නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
Pali BJTතෙ චෙ මුනී බ්රූසි අනොඝතිණ්ණෙ අථ කො චරහි දෙවමනුස්සලොකෙ, අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTයෙ කෙචි සමණබ්රාහ්මණා සෙති: ‘යෙ කෙචී’ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘යෙ කෙචී’ති. සමණාති: යෙ කෙචි ඉතො බහිද්ධා පබ්බජ්ජූපගතා පරිබ්බාජකසමාපන්නා. බ්රාහ්මණාති: යෙ කෙචි භො වාදිකාති ‘යෙ කෙචිමෙ සමණබ්රාහ්මණාසෙ. ‘ඉච්චායස්මා නන්දොති -පෙ-
Sinhala BJTයෙ කෙවිමෙ සමණබ්‍රාහ්මණා සෙ-‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත් පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. සමණා යනු: යම් කිසි මෙ සස්නෙන් බැහැර පැවිද්දට එළඹියාහු පරිව්‍රාජකබවට පැමිණියාහු. බ්‍රාහ්මණා යනු: යම් කිසි ‘භො වාදිකයෝ යැ’ යි ‘යෙ කෙචිමෙ සමණබ්‍රාහ්මණා සෙ’ යනු වේ. ඉච්චායස්මා නන්දො යනු....
Pali BJTදිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධින්ති: දිට්ඨෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති, භණන්ති දීපයන්ති වොහරන්ති. සුතෙනපි සුද්ධිං -පෙ- දිට්ඨෙන සුතෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘දිට්ඨෙන සුතෙනාපි වදන්ති සුද්ධිං’
Sinhala BJTදිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං යනු: දෘෂ්ටයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් ද, ශ්‍රැතයෙනුදු ශුද්ධිය ... දෘෂ්ට-ශ්‍රැතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති- කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ යි ‘දිට්ඨෙන සුතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTසීලබ්බතෙනාපි වදන්ති සුද්ධින්ති: සීලෙනපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්ති, වතෙනපි සුද්ධිං -පෙ- වොහරන්ති, සීලබ්බතෙනාපි සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති කථෙන්ති භණන්ති, දීපයන්ති වොහරන්ති ‘සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං.’
Sinhala BJTසීලබ්බතෙනා’ පි වදන්ති සුද්ධිං යනු: ශීලයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් ද ව්‍රතයෙනුදු ශුද්ධිය ... වහරත් ද, ශීලව්‍රතයෙනුදු ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ’යි ‘සීලබ්බතෙනා’පි වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTඅනෙකරූපෙන වදන්ති සුද්ධින්ති: අනෙකවිධවතකොතූහල මඞ්ගලෙන සුද්ධිං විසුද්ධිං පරිසුද්ධිං මුත්තිං විමුත්තිං පරිමුත්තිං වදන්ති, කථෙන්ති භණන්ති දීපයන්ති වොහරන්තීති ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’
Sinhala BJTඅනෙකරූපෙන වදන්ති සුද්ධිං යනු: අනේකවිධ ව්‍රතකෞතුකමඞ්ගලයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වදන්ති-කියත් ද බෙණෙත් ද දක්වත් ද වහරත් දැ’ යි ‘අනෙකරූපෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
Pali BJTතෙ චෙ මුනී බ්රූසි අනොඝතිණ්ණෙති: ‘තෙ චෙ’ති: දිට්ඨිගතිකෙ. මුනීති ‘මොනං’ වුච්චති ඤාණං, -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනි.’
Sinhala BJTතෙ වෙ මුනී බ්‍රෑසි අනොඝතිණ්ණෙ- ‘තෙ චෙ’ යනු: දෘෂ්ටිගති ඇතියන්. මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්ම සිටි හෙතෙම මුනි නම් වෙයි.
Pali BJTබ්රූසි අනොඝතිණ්ණෙති: කාමොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං අතිණ්ණෙ අනතික්කන්තෙ අසමතික්කන්තෙ අවීතිවත්තෙ අන්තො ජාතිජරාමරණෙ පරිවත්තෙන්තෙ අන්තොසංසාරපථෙ පරිවත්තෙන්තෙ, ජාතියා අනුගතෙ ජරාය අනුසටෙ බ්යාධිනා අභිභූතෙ මරණෙන අබ්භාහතෙ අතාණෙ අලෙනෙ අසරණෙ අසරණී භූතෙ. බ්රූසීති: බ්රූසී ආචික්ඛසි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරසි විභජසි උත්තානීකරොසි පකාසෙසීති ‘තෙ චෙ මුනී බ්රූසි අනොඝතිණ්ණෙ.
Sinhala BJTබ්‍රෑසි අනොඝතිණ්ණො යනු: කාමෝඝය භවොඝය දිටිඨොඝය අවිජ්ජෝඝය තරණය නො කළවුන් නො ඉක්මවූවන් මොනොවට නො ඉක්ම වූවන් නො ඉක්ම සිටියවුන් ඇතුළු ජරාමරණයෙහි පිරිවැටෙනු (පෙරැළෙනු) වන් ඇතුළු සසරමඟ පිරිවැටෙනු වන් ජාතියෙහි පිවිසියන් ජරාව විසින් ලුහුබඳනා ලදුවන් ව්‍යාධියෙන් මැඬුණවුන් මරණයෙන් පහළ වුන් ත්‍රාණ නැතියන් ලෙන නැතියන් අසරණයන් අසරණීභූතයන් කොට බ්‍රෑසි- වදාරණ සේක් දෙසන සේක් පනවනසේක් පිහිටුවන සේක් විවෘත කරන සේක් විභාග කරනසේක් පාළ කරනසේක් පවසන සේක් නම් නුයි ‘තෙ චෙ මුනී බ්‍රෑසි අනොඝතිණ්ණො යනු වේ.