Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJTතෙන හාතප්පං කරොහි (ධොතකාති භගවා) ඉධෙව නිපකො සතො, ඉතො සුත්වාන නිග්ඝොසං සික්ඛෙ නිබ්බානමත්තනො.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව, මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (තුන් ශික්‍ෂා) හික්මෙන්නේ යි.
Pali BJTතෙන හාතප්පං කරොහීති ආතප්පං කරොහි, උස්සාහං කරොහි, උස්සොළ්හිං කරොහි, ථාමං කරොහි, ධිතිං කරොහි, විරියං කරොහි, ඡන්දං ජනෙහි. සංජනෙහි උපට්ඨපෙහි සමුට්ඨපෙහි නිබ්බත්තෙහි අභිනිබ්බත්තෙහීති ‘තෙනහාතප්පං කරොහි.’
Sinhala BJTතෙන හාතප්පං කරොහී යනු: කෙලෙස් තවන වීර්‍ය්‍යය කරව, උත්සාහ කරව, අධිමාත්‍ර උත්සාහ කරව, ස්ථිරවීර්‍ය්‍යය කරව, ධෛර්‍ය්‍යය කරව, වීර්‍ය්‍යය කරව, කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය උපදව, මොනොවට උපදව, සිහි එළව, මොනොවට සිහි එළව, නිපදව, වෙසෙසින් නිපදව නුයි ‘තෙන හා තප්පං කරොහි’ යනු වේ.
Pali BJTධොතකාති භගවාති: භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති ධොතකාති භගවා.
Sinhala BJTධොතකා‘ති භගවා යනු: (ධෝතක යනු) බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ති භගවා’ යනු වේ.
Pali BJTඉධෙව නිපකො සතොති ‘ඉධා’ති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙ. නිපකොති නිපකො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති සතොති ‘ඉධෙව නිපකො සතො.’
Sinhala BJTඉධෙව නිපකො සතෝ යනු: ‘ඉධ’ යි මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යායයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි. නිපකො යනු: භවාඞ්ග ප්‍රඥා ඇත්තේ පණ්ඩිත වූයේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ ඥාන ඇත්තේ විභාවන ප්‍රඥා ඇත්තේ තුලන ප්‍රඥා ඇත්තේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇත්තේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබේනුයි ‘ඉධෙව නිපකො සතෝ’ යනු වේ.
Pali BJTඉතො සුත්වාන නිග්ඝොසන්ති ඉතො මය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{1} සුත්වා සුණිත්වා උග්ගහෙත්වා{2} උපධාරයිත්වා උපලක්ඛයිත්වාති ‘ඉතො සුත්වාන නිග්ඝොසං.’
Sinhala BJTඉතො සුත්‍වාන නිග්ඝොසං යනු: මෙහි මාගේ වචනය වාක්‍යපථය දෙශනය අනුශාසනය අසා අසාගෙන උගෙන ධරා සලකා නුයි ‘ඉතො සුත්‍වාන නිග්ඝොසං’ යනු වේ.
Pali BJTසික්ඛෙ නිබ්බානමත්තනොති: ‘සික්ඛා’ති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. නිබ්බානමත්තොති අත්තනො රාගස්ස නිබ්බාපනාය, දොසස්ස නිබ්බාපනාය, මොහස්ස නිබ්බාපනාය, කොධස්ස උපනාහස්ස නිබ්බාපනාය -පෙ- සබ්බා කුසලාභිසඞ්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ්බාපනාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය, ඉමා තිස්සො සික්ඛායො, ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය, ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති ‘සික්ඛෙ නිබ්බානමත්තනො.’
Sinhala BJTසික්ඛෙ නිබ්බානමත්තනො- ‘ශික්‍ෂා’ යනු: තුන් ශික්‍ෂා යි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි... මේ අධිප්‍රඥා ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමා ගේ රාගය නිවන පිණිස ද්වේෂය නිවන පිණිස මෝහය නිවන පිණිස ක්‍රෝධය-උපනාහය-නිවන පිණිස... හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය උපශමනය ව්‍යුපශමනය පිණිස නිවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ... සාක්ෂාත්කර්තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තෙන හාතප්පං කරොහි (ධොතකාති භගවා) ඉධෙව නිපකො සතො, ඉතො සුත්වාන නිග්ඝොසං සික්ඛෙ නිබ්බානමත්තනො”ති.
Sinhala BJT“තෙන හාතප්පං කරොහි -පෙ- සික්ඛෙ නිබ්බානමත්තනො” යී.
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJTපස්සාමහං දෙවමනුස්සලොකෙ අකිඤ්චනං බ්රාහ්මණං ඉරියමානං{1} තං තං නමස්සාමි සමන්තචක්ඛු පමුඤ්ච මං සක්ක කථඞ්කථාහි.
Sinhala BJT(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම මිනිස් ලොවැ හැසිරෙන පළිබෝධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දේවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි, එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.
Pali BJTපස්සාමහං දෙවමනුස්සලොකෙති ‘දෙවා’ති තයො දෙවා: සම්මුතිදෙවා උප්පත්තිදෙවා විසුද්ධිදෙවා. කතමෙ සම්මුතිදෙවා: සම්මුතිදෙවා වුච්චන්ති රාජානො ච රාජකුමාරා ච දෙවියො ච ඉමෙ වුච්චන්ති සම්මුතිදෙවා. කතමෙ උප්පත්තිදෙවා: උප්පත්තිදෙවා වුච්චන්ති චාතුම්මහාරාජිකා දෙවා තාවතිංසා දෙවා යාමා දෙවා තුසිතා දෙවා නිම්මාණරතී දෙවා පරනිම්මිතවසවත්තී දෙවා බ්රහ්මකායිකා දෙවා, යෙ ච දෙවා තදුත්තරිං{2} ඉමෙ වුච්චන්ති උප්පත්තිදෙවා. කතමෙ විසුද්ධිදෙවා: විසුද්ධිදෙවා වුච්චන්ති තථාගතසාවකා අරහන්තො ඛීණාසවා, යෙ ච පච්චෙකසම්බුද්ධා{3} ඉමෙ වුච්චන්ති විසුද්ධිදෙවා, භගවා සම්මුතිදෙවානං ච උප්පත්තිදෙවානං ච විසුද්ධිදෙවානං ච දෙවො ච අතිදෙවො ච දෙවාතිදෙවො ච සීහසීහො නාගනාගො ගණිගණී මුනිමුනී රාජරාජා. පස්සාමහං දෙවමනුස්සලොකෙති මනුස්සලොකෙ දෙවං පස්සාමි අතිදෙවං පස්සාමි දෙවාතිදෙවං පස්සාමි දක්ඛාමි ඔලොකෙමි නිජ්ඣායාමි උපපරික්ඛාමීති ‘පස්සාමහං දෙව මනුස්සලොකෙ. ‘
Sinhala BJTපස්සාමහං දෙවමනුස්සලොකෙ යනු: ‘දෙව’ යි තුන් දෙවිහ: සම්මුතිදේව යැ උත්පත්තිදේව යැ විසුද්ධිදේව යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජහු ද රජකුමරහු ද දෙවීහු ද සම්මුතිදේව යි කියනු ලැබෙති මොහු ‘සම්මුතිදේව’යි කියනු ලැබෙත්. උත්පත්තිදෙවයෝ කවරහ යත්: චාතුර්මහාරාජික දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද යාම දෙවියෝ ද තුෂිත දෙවියෝ ද නිර්‍මාණරතී දෙවියෝ ද පරනිර්මිතවසවර්ති දෙවියෝ ද බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මතුයෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු ‘උත්පත්තිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘උත්පත්තිදෙව’ යි කියනු ලැබෙත්. විශුද්ධිදෙවයෝ කවරහ යත්: තථාගතශ්‍රාවක වූ අර්‍හත් ක්ෂීණාශ්‍රවයෝ ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු ද ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙති. මොහු ‘විශුද්ධිදේව’ යි කියනු ලැබෙත්. බුදුහු සම්මුතිදේවයනට ද උත්පත්තිදේවයනට ද විශුද්ධිදේවයනට ද, දේව ද අතිදේව ද දේවාතිදේව ද වෙති, (අභීත බැවින්) සිංහාතිසිංහ යැ (නිකෙලෙස් බැවින් මහත් බැවින් හෝ) නාගාතිනාග ය ගණීනට ගණී යැ මුනිනට මුනි යැ රාජාධිරාජ යි. පස්සාමහං දෙව මනුස්සලොකෙ යනු: මිනිස්ලොවැ දෙවි වූවහු දකිමි, අතිදේව වූවහු දකිමි, දේවාතිදේව වූවහු දකිමි හඳුනමි අවලෝකනය කෙරෙමි සිතමි හාත්පසින් දකිම් නුයි ‘පස්සාමහං දෙව මනුස්සලොකෙ’ යනු වේ.
Pali BJTඅකිඤ්චනං බ්රාහ්මණං ඉරියමානන්ති ‘අකිඤ්චනන්ති රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං, තෙ කිඤ්චනා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{4} ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අකිඤ්චනො. බ්රාහ්මණොති භගවා සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො: සක්කායදිට්ඨි බාහිතා හොති, විචිකිච්ඡා බාහිතා හොති, සීලබ්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා{5} සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTඅකිඤ්චනං බ්‍රාහ්මණං ඉරීයමානං- ‘අකිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහ කිඤ්චන යැ මාන කිඤ්චන යැ දෘෂ්ටි කිඤ්චන යැ ක්ලේශ කිඤ්චන යැ දුශ්චරිත කිඤ්චන යි. ඒ කිඤ්චනයෝ භාග්‍යවත් බුහුනට ප්‍රහීණයෝ යැ උසුන්මුල් ඇත්තාහු යැ තාලවස්තුවක් මෙන් කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, මතු නූපදනා පියවි ඇත්තාහ, එහෙයින් බුදුහු අකිඤ්චනයහ. බ්‍රාහ්මණො යනු සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් භාග්‍යවත්හු බ්‍රාහ්මණයහ: සත්කායදෘෂ්ටිය බාහිත (ප්‍රහීණ කරන ලද) වෙයි, විචිකිත්සාව බාහිත වෙයි, ශීලව්‍රතපරාමර්ශය බාහිත වෙයි. රාගය බාහිත වෙයි, ද්වේෂය බාහිත වෙයි. මෝහය බාහිත වෙයි, මානය බාහිත වෙයි, ඔවුන් විසින් සාංක්ලේශිත වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මතුයෙහි ජාතිජරාමරණයට කාරණා වූ ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ කරන ලද්දාහු වෙත්.
Pali BJT1 “බාහෙත්වා{1} සබ්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදී පවුච්චතෙ{2} ස බ්රහ්මා.”a.
Sinhala BJT1. “( සභිය’යි භාග්‍යවත්හු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මැනැවින් එකඟ කළ සිත් ඇති (ලොකධර්මයෙන් කම්පිත නො වන බැවින්) ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්මවා සිටි (නිමවන ලද මාර්ගකෘත්‍ය ඇති හෙයින්) කේවලී වූ ඒ ක්ෂීණාස්‍රව තෙමේ (තෘෂ්ණා-දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින්) ‘අසිත’ යි ද (ලොකධර්මයෙන් නිර්විකාර හෙයින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම බ්‍රාහ්මණ නම් වේ.”
Pali BJTඉරියමානන්ති චරන්තං විහරන්තං ඉරීයන්තං{3} වත්තෙන්තං පාලෙන්තං යපෙන්තං යාපෙන්තන්ති ‘අකිඤ්චනං බ්රාහ්මණං ඉරියමානං.’
Sinhala BJTඉරියමානං - හැසිරෙනුවහු වාසය කරනුවහු ඉරියවු පවත්වනුවහු වැටෙනුවහු රැකෙනුවහු යැපෙනුවහු යාපනයවනුවහු නුයි ‘අකිඤ්චනං බ්‍රාහ්මණං ඉරියමානං’ යනු වේ.
Pali BJTතං තං නමස්සාමි සමන්තචක්ඛූති ‘තන්ති’ භගවන්තං භණති. නමස්සාමීති කායෙන වා නමස්සාමි, වාචාය වා නමස්සාමි, චිත්තෙන වා නමස්සාමි, අන්වත්ථපටිපත්තියා වා නමස්සාමි, ධම්මානුධම්මපටිපත්තියා වා නමස්සාමි, සක්කරොමි ගරුකරොමි මානෙමි පූජෙමි. සමන්තචක්ඛූති ‘සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤුතඤාණං, භගවා සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සම්පන්නො{4} සමන්නාගතො.
Sinhala BJTතං තං නමස්සාමි සමන්තචක්ඛු- ‘තං’ යි භාග්‍යවතුන් බෙණෙයි. නමස්සාමි - කයින් හෝ නමස්කාර කෙරෙමි, බසින් හෝ නමස්කාර කෙරෙමි, සිතින් හෝ නමස්කාර කෙරෙමි, අන්වර්ථප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපදායෙන් හෝ නමස්කාර කෙරෙමි, සත්කාර කෙරෙමි, ගරු කෙරෙමි, බුහුමන් කෙරෙමි. පුදමි. සමන්තචක්ඛු ‘සමන්තචක්ඛු’යි සර්වඥාතාඥානය කියනු ලැබෙයි, බුදුහු සර්‍වඥතාඥානයෙන් උපේතයහ, සමුපේතයහ, උපගතයහ, සමුපගතයහ, යුක්තයහ, පරිපූර්‍ණයහ, සමන්‍විත වූහු.
Pali BJT2. “න තස්ස අද්දිට්ඨ{5}මිධත්ථි කිඤ්චී අථො අවිඤ්ඤාතමජානිතබ්බං සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ”ති.{a}
Sinhala BJT2. “ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙ කලැ හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත,(අනාගත වූ) නො දැනෙන කිසි (ධර්මජාතයෙක්) දු නැත. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු වූහ’ යි”.
Pali BJT’තං තං නමස්සාමි සමන්තචක්ඛු’
Sinhala BJTතං තං නමස්සාමි සමන්තචක්ඛු’ යනු වේ.
Pali BJTපමුඤ්ච මං සක්ක කථංකථාහීති ‘සක්කා’ති සක්කො භගවා ‘සක්යකුලා පබ්බජිතො’ති පි සක්කො, අථවා ‘අඩ්ඪො මහද්ධනො ධනවා’ති පි සක්කො, තස්සිමානි ධනානි, සෙය්යථීදං{6}: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං සම්මප්පධානධනං ඉද්ධිපාදධනං ඉන්ද්රියධනං බලධනං බොජ්ඣඞ්ගධනං මග්ගධනං ඵලධනං නිබ්බානධනං, ඉමෙහි අනෙකවිධෙහි ධනරතනෙහි අඩ්ඪො මහාධනො ධනවාති’පි සක්කො.
Sinhala BJTපමුඤ්ච මං සක්ක කථංකථාහි- ‘සක්ක’යනු: භාග්‍යවත්හු ශාක්‍යයහ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ, නොහොත් (ප්‍රඥා ධන සමෘද්ධියෙන්,) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥා ධන ඇතියහ, (ප්‍රඥා ධනයෙන්) ධනවත් වූවාහු නුයි ද ශාක්‍යයහ. ඔවුන්ගේ මේ ධනයෝ වෙති, ඒ මෙසේ යි: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ සම්‍යක්ප්‍රධානධන යැ සෘද්ධිපාදාධන යැ ඉන්ද්‍රියධන යැ බලධන යැ බොධ්‍යඞ්ගධන යැ මාර්ගධන යැ ඵල ධන යැ නිර්වාණධන යි. මේ නන්වැදෑරුම් ධනරත්නයෙන් ආඪ්‍යයහ, මහද්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍ය නම් වූහ.
Pali BJTඅථවා සක්කො ‘පහූ විසවී අලමත්තො සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී, පහීන භයභෙරවො විගතලොමහංසො, තිපි සක්කො, ‘කථඞ්කථා’ වුච්චති විචිකිච්ඡා, දුක්ඛෙ කඞ්ඛා, දුක්ඛසමුදයෙ කඞ්ඛා, දුක්ඛනිරොධෙ කඞ්ඛා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය කඞ්ඛා, පුබ්බන්තෙ කඞ්ඛා, අපරන්තෙ කඞ්ඛා, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛා, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං{1} චිත්තස්ස මනොවිලෙඛො. පමුඤ්ච මං සක්ක කථංකථාහීති මුඤ්ච මං, පමුඤ්ච මං, මොචෙහි මං පමොචෙහි මං, උද්ධර මං, සමුද්ධර මං, උට්ඨාපෙහි මං, කථං කථා සල්ලතොති ‘පමුඤ්ච මං සක්ක කථඞ්කථාහි.’
Sinhala BJTනොහොත් ශාක්‍යයහ ප්‍රභූහ (පරසන්තානයෙහි) වීර්‍ය්‍යය උපදවනුවහ සමර්‍ත්‍ථ සිත් ඇතියහ ශූර වූවහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය වන සුල්ලහ නො සැලෙනුවහ නො තැතිගන්නා සුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ භය භයඅරමුණු ඇතියහ විගත වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නම් වූහ. ‘කථංකථා’යි විචිකිත්සාව කියනු ලැබෙයි: දුඃඛයෙහි සැක යැ දුඃඛසමුදයෙහි සැක යැ දුඃඛනිරෝධයෙහි සැක යැ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදායෙහි සැක යැ ඉදං ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක යැ. යම් මෙබඳු සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් (දෙපසට සැලෙන) ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්ත ග්‍රාහයෙක් (අරමුණ කෙරෙන්) පසු බැස්මෙක් හාත්පසින් පසු බැස්මෙක් නො බැසගැනුමෙක් චිත්තයාගේ තදබවෙක් (සිත හිරි අඳනා බඳු) මනෝවිලේඛයෙක් වේ ද එය යි. පමුඤ්ච මං සක්ක කථං කථාහි යනු: මා මුදනු මැනැවැ මා නොයෙක් අයුරින් මුදනු මැනැවැ මා ලිහිල් කළ මැනැවැ මා ඉතා ලිහිල් කළ මැනැවැ මා (සංසාර පඞ්කයෙන්) නඟාලනු මැනැවැ මොනොවට නඟාලනු මැනැවැ විචිකිත්සාශල්‍යයෙන් මා නඟා සිටුවනු මැනැව නුයි ‘පමුඤ්ච මං සක්ක කථංකථාහි’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“පස්සාමහං දෙව මනුස්සලොකෙ අකිඤ්චනං බ්රාහ්මණං ඉරීයමානං, තං තං නමස්සාමි සමන්තචක්ඛු පමුඤ්ච මං සක්ක කථඞ්කථාහී”ති.
Sinhala BJT“පස්සාමහං දෙව මනුස්සලොකෙ -පෙ- පමුඤ්ච මං සක්ක කථංකථාහි” යී.
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJTනාහං සහිස්සාමි{2} පමොචනාය කථඞ්කථිං ධොතක කඤ්චිලොකෙ ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො{3} එවං තුවං ඔඝමිමං තරෙසි.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ:ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි. නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රෙෂ්ඨධර්මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවූ යැ.
Pali BJTනාහං සහිස්සාමි පමොචනායාති නාහං තං සක්කොමි මුඤ්චිතුං, පමුඤ්චිතුං මොචෙතුං පමොචෙතුං උද්ධරිතුං සමුද්ධරිතුං{4} උට්ඨාපෙතුං සමුට්ඨාපෙතුං කථඞ්කථාසල්ලතොති එවම්පි නාහං සහිස්සාමි පමොචනාය. අථවා න ඊහාමි, න සමීහාමි, න උස්සහාමි, න වායමාමි න උස්ස හං කරොමි, න උස්සොළ්හිං කරොමි{5}, න ථාමං කරොමි, න ධිතිං කරොමි, න විරියං කරොමි, න ඡන්දං ජනෙමි, න සඤ්ජනෙමි, න නිබ්බත්තෙමි න අභිනිබ්බත්තෙමි, අස්සද්ධෙ{6} පුග්ගලෙ අච්ඡන්දකෙ{7} කුසීතෙ හීනවිරියෙ අප්පටිපජ්ජමානෙ ධම්මදෙසනායාති එවම්පි ‘නාහං සහිස්සාමි පමොචනාය:
Sinhala BJTනාහං සහිස්සාමි පමොචනාය යනු: මම තා කථංකථාශල්‍යයෙන් මුදන්නට වෙසෙසින් මුදන්නට මුදා පියන්නට වෙසෙසින් මුදාපියන්නට නඟන්නට මැනැවින් නඟන්නට නඟා සිටුවන්නට මැනැවින් නඟාසිටු වන්නට නො හැකි යෙම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. නොහොත් ශ්‍රද්ධා නැති කුශලච්ඡන්‍ද රහිත වූ කුසීත වූ හීනවීර්‍ය්‍ය ඇති පිළිවෙත්හි නො හැසිරෙන පුද්ගලයනට දහම් දෙසනු සඳහා පියෝ නො කෙරෙමි, මැනැවින් පියෝ නො කෙරෙමි, නො සහමී, වෑයම් නො කෙරෙමි, උත්සාහ නො කෙරෙමි, අධිමාත්‍ර වැ උත්සාහ නො කෙරෙමි, තැත් නො කෙරෙමි, ධෛර්‍ය්‍යය නො කෙරෙමි, වීර්‍ය්‍යය නො කෙරෙමි, රුචි නූපදවමි, වෙසෙසින් රුචි නූපදවමි, නො නිපදවමි, වෙසෙසින් නො නිපදවම් නුයි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.
Pali BJTඅථවා නත්ථඤ්ඤො කොචි මොචෙතා, තෙ යදි මොචෙය්යුං, සකෙන ථාමෙන සකෙන බලෙන සකෙන විරියෙන සකෙන පරක්කමෙන සකෙන පුරිසථාමෙන අත්තනා සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජමානා මොචෙය්යුන්ති{1} එවම්පි ‘නාහං සහිස්සාමි පමොචනාය’ වුත්තං හෙතං භගවතා: ‘සො වත චුන්ද, අත්තනා පලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති, සො වත චුන්ද, අත්තනා අදන්තො අවිනීතො අපරිනිබ්බුතො පරං දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති නෙතං ඨානං විජ්ජතී”ති{a}
Sinhala BJTනොහොත් මුදන අන් කිසිවෙක් නැත, ඉදින් ඔහු මිදෙන්නාහු නම් ස්වකීය ශක්තියෙන් ස්වකීයබලයෙන් ස්වකීය වීර්‍ය්‍යයෙන් ස්වකීය පරාක්‍රමයෙන් ස්වකීය පෞරුෂයෙන් තුමූ සම්‍යක්ප්‍රතිපත් අනුලෝම ප්‍රතිපත් අවිරුද්ධ ප්‍රතිපත් අන්‍වර්ථ ප්‍රතිපත් ධර්මානුධර්මප්‍රතිපත් පිළිපදනාහු මිදෙන්නාහ’යි මෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ. භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි: “චුන්දය, යමෙක් තෙමේ ගැඹුරු (මහ) මඩෙහි ගැලුණේ ද හෙතෙම ගැඹුරු මඩෙහි ගැලුණු අනෙකක්හු නඟා සිටුවන්නේ යැ යන මෙ කරුණ නො වෙයි. චුන්දය, යමෙක් තෙමේ නො දැමුණේ නො හික්මුණේ කෙලෙස් පිරිනිවනින් නො පිරිනිවියේත් වේ නම් හෙතෙම ඒකාන්තයෙන් අනෙකක්හු දමනය කරන්නේ යැ හික්මවන්නේ යැ පිරිනිවන්නේ යැ යන මෙ කරුණ නො වේ” යයි
Pali BJTඑවම්පි ‘නාහං සහිස්සාමි පමොචනාය’
Sinhala BJTමෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’ යනු වේ.
Pali BJTවුත්තම්පි හෙතං භගවතා:
Sinhala BJTමෙ ද වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
Pali BJT3 {1}අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො{2} විසොධයෙ’ති.{b}
Sinhala BJT3. “යමක්හු විසින් තමා මැ පව්කම් කරන ලද ද, හෙතෙම සිවු අපාදුක් විඳිනුයේ තෙමේ මැ කෙලෙසෙයි, යළි යමක්හු විසින් තමා පව්කම් නො කරන ලද ද හෙතෙම සුගතියට පැමිණියේ තෙමේ මැ විශුද්ධ වෙයි. කුශලා කුශලකර්‍ම සඞ්ඛ්‍යාත ශුද්ධිය ද අශුද්ධිය ද කාරක සන්තානනයෙහි-තමා කෙරෙහි විවා දනවයි. අනෙකක් අනෙකෙක්හු විශුද්ධ නො කරන්නේ යැ”යි.
Pali BJTඑවම්පි ‘නාහං සහිස්සාමි පමොචනාය’.
Sinhala BJTමෙසේත් ‘නාහං‘ සහිස්සාමි පමොචනාය’ යනු වේ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTභාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:
Pali BJT“එවමෙව ඛො බ්රාහ්මණ, තිට්ඨතෙව නිබ්බානං තිට්ඨති නිබ්බානගාමී මග්ගො තිට්ඨාමහං සමාදපෙතා, අථ ච පන මම සාවකා මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චෙ අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති. එත්ථ ක්යාහං බ්රාහ්මණ, කරොමි මග්ගක්ඛායී{3} බ්රාහ්මණ තථාගතො, මග්ගං බුද්ධා ආචික්ඛන්ති, අත්තනා පටිපජ්ජමානා මුඤ්චෙය්යු”න්ති.{c}
Sinhala BJT“එසෙයින් මැ බමුණු, අමාමහනිවන ඇත් මැයි. (පූර්‍වභාග විදර්ශනාදියෙහි පටන් කොට) නිවනට පමුණුවන ආර්‍ය්‍යමාර්‍ගය ඇත, සමාදන් කරවන (පිළිවෙතැ පිහිටුවන) මම් සිටිම් මැ යැ එතෙකුදු වත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් මැ අත්‍යන්තනිෂ්ඨා වූ නිවන සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. මෙහි ලා බමුණ, (මොවුන් කෙරෙහි) මම් කුම් කෙරෙම් ද බමුණ, තථාගතයෝ පිළිවෙත් මඟ කියන සුල්ලහ, බුදුහු මාර්‍ගය ප්‍රකාශ කෙරෙත්, තුමූ පිළිවෙත්හි පිළිපදිමින් මිදෙන්නාහ”යි.
Pali BJTඑවම්පි ‘නාහං සහිස්සාමි පමොචනාය.’
Sinhala BJTමෙසේත් ‘නාහං සහිස්සාමි පමොචනාය’යනු වේ.
Pali BJTකථඞ්කථිං ධොතක කඤ්චි ලොකෙති කථඞ්කථිං පුග්ගලං ‘සකඞ්ඛං සවිලෙඛං{1} සද්වෙළ්හකං සවිචිකිච්ඡං. කඤ්චීති කඤ්චි ඛත්තියං වා බ්රාහ්මණං වා වෙස්සං වා සුද්දං වා ගහට්ඨං වා පබ්බජිතං වා දෙවං වා මනුස්සං වා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති. ‘කථඞ්කථිං ධොතක කඤ්චි ලොකෙ, ‘
Sinhala BJTකථංකථිං ධෝතක කඤ්චි ලෝකේ- සැක සහිත වූ මනොවිලෙඛ සහිත වූ ද්වෙළ්හක (දෙසිත්) සහිත වූ විචිකිත්සා සහිත වූ සැක ඇති පුඟුල්හු. කඤ්චි යනු: කිසි ක්‍ෂත්‍රියයකු හෝ බ්‍රාහ්මණයකු හෝ වෛශ්‍යයකු හෝ ශුද්‍රයකු හෝ ගෘහස්ථයකු හෝ ප්‍රව්‍රජිතයකු හෝ දෙවියකු හෝ මිනිසකු හෝ යි. ලෝකේ- අපායලෝකයෙහි...ආයතනලෝකයෙහි නුයි ‘කථංකථිං ධෝතක කඤ්චි ලෝකේ’ යනු වේ.
Pali BJTධම්මඤ්ච සෙට්ඨං ආජානමානො{2}ති ‘ධම්මං සෙට්ඨං’ වුච්චති ‘අමතං නිබ්බානං’ යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. සෙට්ඨන්ති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං ධම්මං. ආජානම නොති ආජානමානො විජානමානො පටිවිජානමානො පටිවිජ්ඣමානොති ‘ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො. ‘
Sinhala BJTධම්මඤ්ච සෙට්ඨං ආජානමානො යනු: ‘ධම්මං සෙට්ඨං’ යි අමාමහ නිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශවිරාගයෙක් දුඃඛ නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. සෙට්ඨං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උත්තම වූ ප්‍රවර වූ ධර්‍මය. ආජානමානො යනු: නියතයෙන් දන්නේ වෙසෙසින් දන්නේ ඒ ඒ කරුණින් දන්නේ ප්‍රතිවෙධ කරනුයේ නුයි ‘ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො’ යනු වේ.
Pali BJTඑවං තුවං ඔඝමිමං තරෙසීති එවං ත්වං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්යාසි උත්තරෙය්යාසි පතරෙය්යාසි සමතික්කමෙය්යාසි වීතිවත්තෙය්යාසීති ‘එවං තුවං ඔඝමිමං තරෙසි.’
Sinhala BJTඑවං තුවං ඔඝමිමං තරෙසි- මෙසේ තෝ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය තරණය කරන්නෙහි උත්තරණය කරන්නෙහි ප්‍රතරණය කරන්නෙහි සමතික්‍රමණය කරන්නෙහි ඉක්මවන්නෙහි යි ‘එවං තුවං ඔඝමිමං තරෙසි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නාහං සහිස්සාමි පමොචනාය (ධොතකාති භගවා) කථඞ්කථිං ධොතක කඤ්චි ලොකෙ, ධම්මඤ්ච සෙට්ඨං ආජානමානො එවං තුවං ඔඝමිමං තරෙසී”ති.
Sinhala BJT“නාහං සහිස්සාමි පමොචනාය -පෙ- එවං තුවං ඔඝමිමං තරෙසි” යි.
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJTඅනුසාස බ්රහ්මෙ, කරුණායමානො (ඉච්චායස්මා ධොතකො) විවෙකධම්මං යමහං විජඤ්ඤං, යථාහං ආකාසොව{3} අබ්යාපජ්ජමානො{4} ඉධෙව සන්තො අසිතො චරෙය්යං.
Sinhala BJT(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්වාණධර්මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම් මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුණෙම් (තෘෂ්ණා-දෘෂ්ටි) නිඃශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එහෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසනා කළ මැනැව.
Pali BJTඅනුසාස බ්රහ්මෙ, කරුණායමානොති ‘අනුසාස බ්රහ්මෙ’ති අනුසාස බ්රහ්මෙ, අනුගණ්හ බ්රහ්මෙ, අනුකම්ප බ්රහ්මෙති ‘අනුසාස බ්රහ්මෙ. ‘කරුණායමානොති කරුණායමානො අනුද්දයමානො{5} අනුරක්ඛමානො අනුගණ්හමානො අනුකම්පමානොති ‘අනුසාස බ්රහ්මෙ කරුණායමානො.’
Sinhala BJTඅනුසාස බ්‍රහ්මෙ කරුණායමානො-‘අනුසාස බ්‍රහ්මෙ’ යනු: ශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුශාසනා කළ මැනැවැ අනුග්‍රහ කළ මැනැවැ අනුකම්පා කළ මැනැවැ’යි ‘අනුසාස බ්‍රහ්මෙ’ යනු වේ. කරුණායමානො- කරුණා කෙරෙමින් අනුද්දයා කෙරෙමින් අනුරක්ෂණ කෙරෙමින් අනුග්‍රහ කෙරෙමින් අනුකම්පා කෙරෙමින් නුයි ‘අනුසාස බ්‍රහ්මෙ කරුණායමානො’ යනු වේ.
Pali BJTවිවෙකධම්මං යමහං විජඤ්ඤන්ති ‘විවෙකධම්මං’ වුච්චති අමතං නිබ්බානං. ‘යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, යමහං විජඤ්ඤන්ති යමහං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිවිජානෙය්යං පටිවිජ්ඣෙය්යං අධිගච්ඡෙය්යං ඵස්සෙය්යං සච්ඡිකරෙය්යන්ති ‘විවෙකධම්මං යමහං විජඤ්ඤං’
Sinhala BJTවිවෙක ධම්මං යමහං විජඤ්ඤං- ‘විවෙකධම්ම’යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් ක්ලේශ විරාගයෙක් දුඃඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමහං විජඤ්ඤං- මම් යම් නිවනක් දැන ගනිම් නම් නියතින් දැනගනිම් නම් වෙසෙසින් දැනගනිම් නම් ඒ ඒ කරුණින් දැනගනිම් නම් ප්‍රතිවෙධ කෙරෙම් නම් අවබෝධ කෙරෙම් නම් ඥානයෙන් ස්පර්‍ශ කෙරෙම් නම් ප්‍රත්‍යක්ෂ කෙරෙම් නම් යි ‘විවෙකධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
Pali BJTයථාහං ආකාසොව අබ්යාපජ්ජමානොති යථා ආකාසො න පජ්ජති{1} න ගණ්හාති{2} න බජ්ඣති න පළිබජ්ඣති එවං ආපජ්ජමානො{3} අගණ්හමානො අබජ්ඣමානො අපළිබජ්ඣමානොති එවම්පි ආකාසොව අබ්යාපජ්ජමානො’ යථා ආකාසො න රජ්ජති ලාඛාය වා හලිද්දියා වා{4} නීලියා වා{5} මඤ්ජෙට්ඨාය වා, එවං අරජ්ජමානො අදුස්සමානො අමුය්හමානො අකිලිස්සමානොති, එවම්පි ‘ආකාසොව අබ්යාපජ්ජමානො’. යථා ආකාසො න කුප්පති, න බ්යාපජ්ජති, න පතිත්ථියති{6} න පටිහඤ්ඤති, එවං අකුප්පමානො අබ්යාපජ්ජමානො අපතිත්ථියමානො අපටිහඤ්ඤමානොති එවම්පි ‘ආකාසොව අබ්යාපජ්ජමානො’.
Sinhala BJTයථාහං ආකාසොව අඛ්‍යාපජ්ජමානො- යම් සේ ආකාශය (නානාත්වයට) නො යේ ද නො ගනී ද නො බැඳේ ද හාත්පසින් නො බැඳේ ද එපරිද්දෙන් (නානාත්වයට) නො යනුයෙම් නො ගන්නෙම් නො බැඳෙනුයෙම් හාත්පසින් නො බැඳෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස ලතුයෙන් හෝ කසායෙන් හෝ බෙරුපතින් හෝ මඳටින් හෝ නො රැඳේ ද එසෙයින් නො රැඳෙනුයෙම් දූෂ්‍ය නො වනුයෙම් නො මුළා වනුයෙම් නො කිලිටි වනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ. යම්සේ අහස නො කිපේ ද පියවි නො හරී ද නො තද වේ ද නො ගැටේ ද, එසෙයින් නො කිපෙනුයෙම් පියවි නො හරිනුයෙම් තද බවට නො පැමිණෙනුයෙම් නො ගැටෙනුයෙම් නුයි මෙසේත් ‘ආකාසොව අඛ්‍යාපජ්ජමානො’ යනු වේ.
Pali BJTඉධෙව සන්තො අසිතො චරෙය්යන්ති: ‘ඉධෙව සන්තො’ති: ඉධෙව සන්තො සමානො, ඉධෙව නිසින්නො සමානො,{7} ඉමස්මිං යෙව ආසනෙ නිසින්නො සමානො, ඉමිස්සායෙව පරිසාය නිසින්නො සමානොති, එවම්පි ‘ඉධෙව සන්තො.’ අථවා ඉධෙව සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති එවම්පි ‘ඉධෙව සන්තො’. අසිතොති ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- අයං දිට්ඨිනිස්සයො. තණ්හානිස්සයං පහාය දිට්ඨිනිස්සයං පටිනිස්සජිත්වා චක්ඛුං අනිස්සිතො, සොතං අනිස්සිතො, ඝානං අනිස්සිතො ජිව්හං අනිස්සිතො, කායං අනිස්සිතො, මනං අනිස්සිතො. රූපෙ-සද්දෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ-ධම්මෙ-කුලං ගණං ආවාසං ලාභං යසං පසංසං සුඛං චීවරං පිණ්ඩපාතං සෙනාසනං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං කාමධාතුං රූපධාතුං අරූපධාතුං කාමභවං රූපභවං අරූපභවං සඤ්ඤාභවං අසඤ්ඤාභවං නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එකවොකාරභවං චතුවොකාරභවං පඤ්චවොකාරභවං අතීතං අනාගතං පච්චුප්පන්නං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං සබ්බෙ ධම්මෙ අසිතො අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා. චරෙය්යන්ති චරෙය්යං විහරෙය්යං ඉරීයෙය්යං වත්තෙය්යං පාලෙය්යං යපෙය්යං යාපෙය්යන්ති ‘ඉධෙව සන්තො අසිතො චරෙය්යං.’
Sinhala BJTඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං -‘ඉධෙව සන්තෝ’ යනු: මෙහි මැ වූයෙම් මෙහි මැ හුන්නෙම් මෙ අසුනෙහි මැ හුන්නෙම්, මෙ පිරිස්හි මැ හුන්නෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. නොහොත් මෙහි මැ ශාන්ත වූයෙම් උපශාන්ත වූයෙම් ව්‍යුපශාන්ත වූයෙම් නිවුණෙම් සන්හිඳුණෙම් නුයි මෙසේත් ‘ඉධෙව සන්තෝ’ යනු වේ. අසිතො- නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිශ්‍රය ද දෘෂ්ටිනිශ්‍රය දැ යි... මේ තෘෂ්ණා නිශ්‍රය යි... මේ දෘෂ්ටිනිඃශ්‍රය යි. තෘෂ්ණානිඃශ්‍රය හැරපියා දෘෂ්ටිනිඃශ්‍රය දුරැලා ඇස (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ඇසුරු නො කෙළෙම් කන අනිඃශ්‍රිතයෙම් නැහැය අනිඃශ්‍රිතයෙම් දිව අනිඃශ්‍රිතයෙම් කය අනිඃශ්‍රිතයෙම් සිත අනිඃශ්‍රිතයෙම් රූප- ශබ්ද- ගන්‍ධ- රස - ස්ප්‍රෂ්ටව්‍ය- ධර්‍මයන්- කුලයා-ගණයා- ආවාසය ලාභය යශස ප්‍රශංසාව සුඛය චීවර පිණ්ඩපාත ශයනාසන ගිලන්පස බෙහෙසත් පිරිකර, කාමධාතුව රූපධාතුව අරූපධාතුව, කාමභවය රූපභවය අරූපභවය සඤ්ඤාභවය අසඤ්ඤාභවය නේවසඤ්ඤානාසඤ්ඤාභවය එකවෝකාරභවය චතුවෝකාරභවය පඤ්චවෝකාරභවය, අතීතය අනාගතය වර්තමානය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍යායතනය ධර්‍මායතනය, සියලු ධර්‍මයන් ඇසුරු නො කෙළෙම් අනිඃශ්‍රිතයෙම් නො ඇලුණෙම් නො පැමිණියෙම් ඇතුළු නො වූයෙම් නො බැසගත්තෙම් නික්ම ගියෙම් බැහැර කෙළෙම් වෙසෙසින් මිදුණෙම් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ, චරෙය්‍යං යනු: හැසිරෙන්නෙමි වෙසෙන්නෙමි ඉරියවු පවත්වන්නෙමි වැටෙන්නෙමි රැකෙන්නෙමි යැපෙන්නෙමි යාපනය වන්නෙම් නුයි ‘ඉධෙව සන්තෝ අසිතො චරෙය්‍යං’යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“අනුසාස බ්රහ්මෙ, කරුණායමානො විවෙකධම්මං යමහං විජඤ්ඤං, යථාහං ආකාසොව අබ්යාපජ්ජමානො ඉධෙව සන්තො අසිතො චරෙය්ය”න්ති.
Sinhala BJT“අනුසාස බ්‍රහ්මෙ -පෙ- අසිතො චරෙය්‍යං” යී.
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJTකිත්තයිස්සාමි තෙ සන්තිං (ධොතකාති භගවා) දිට්ඨෙ ධම්මෙ{1} අනීතිහං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්ෂ වූ යම් දහමක් දැනැ ලො වැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණ ගාමිනීප්‍රතිපද් ධර්‍මය ද)තොපට ප්‍රකාශ කරන්නෙමි.
Pali BJTකිත්තයිස්සාමි තෙ සන්තින්ති: රාගස්ස සන්තිං දොසස්ස සන්තිං මොහස්ස සන්තිං කොධස්ස සන්තිං උපනාහස්ස-මක්ඛස්ස-පළාසස්ස-ඉස්සාය-මච්ඡරියස්ස-මායාය-සාඨෙය්යස්ස-ථම්භස්ස-සාරම්භස්ස-මානස්ස-අතිමානස්ස-මදස්ස-පමාදස්ස-සබ්බකිලෙසානං-සබ්බදුච්චරිතානං-සබ්බදරථානං-සබ්බපරිළාහානං-සබ්බසන්තාපානං-සබ්බා කුසලාභිසංඛාරානං සන්තිං උපසන්තිං වූපසන්තිං නිබ්බුතිං පටිප්පස්සද්ධිං කිත්තයිස්සාමි, පකිත්තයිස්සාමි ආචික්ඛිස්සාමි දෙසිස්සාමි පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විවරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසෙස්සාමීති ‘කිත්තයිස්සාමි තෙ සන්තිං’
Sinhala BJTකිත්තයිස්සාමි තෙ සන්තිං- රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ සන්හිඳීම මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ සන්හිඳීම උපනාහ-මක්ඛ පළාස-ඊර්‍ෂ්‍යා-මාත්සර්‍ය්‍ය-මායා-සාඨෙය්‍ය-ථම්භ-සාරම්භ-මාන-අතිමාන-මද-ප්‍රමාදයාගේ හැම කෙලෙස්-හැම දුශ්චරිත-හැම දරථ-හැම පරිදාහ හැම සතැවුලි-හැම අකුශලාභිසංස්කාරයන්ගේ සන්හිඳීම උපශාන්තිය ව්‍යූපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය කීර්‍තනය කෙරෙමි ප්‍රකීර්තනය කෙරෙමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ සන්තිං’ යනු වේ.
Pali BJTධොතකාති භගවාති ‘ධොතකා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘ධොතකාති භගවා. ‘
Sinhala BJTධොතකාති භගවා-‘ධෝතක’යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙක් නුයි ‘ධොතකාති භගවා’යනු වේ.
Pali BJTදිට්ඨෙ ධම්මෙ අනීතිහන්ති ‘දිට්ඨෙ ධම්මෙ’ති දිට්ඨෙ ධම්මෙ ඤාතෙ ධම්මෙ තුලිතෙ ධම්මෙ තීරිතෙ ධම්මෙ විභූතෙ ධම්මෙ විභාවිතෙ ධම්මෙ ’සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති -පෙ- ‘යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති දිට්ඨෙ ධම්මෙ ඤාතෙ ධම්මෙ තුලිතෙ ධම්මෙ තීරිතෙ ධම්මෙ විභාවිතෙ ධම්මෙ විභූතෙ ධම්මෙති එවම්පි දිට්ඨෙ ධම්මෙ.
Sinhala BJTදිට්ඨෙ ධම්මේ අනීතිහං- ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නා ලද (දුඃඛාදි) ධර්‍මයෙහි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට කරන ලද දහම්හි විභාවනය කරන ලද දහම්හි නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ.
Pali BJTඅථවා දුක්ඛෙ දිට්ඨෙ දුක්ඛං කථයිස්සාමි, සමුදයෙ දිට්ඨෙ සමුදයං කථයිස්සාමි, නිරොධෙ දිට්ඨෙ නිරොධං කථයිස්සාමි, මග්ගෙ දිට්ඨෙ මග්ගං කථයිස්සාමී’ති එවම්පි ‘දිට්ඨෙ ධම්මෙ’. අථවා ‘සන්දිට්ඨිකං අකාලිකං එහිපස්සිකං ඔපනයිකං පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති එවම්පි ‘දිට්ඨෙ ධම්මෙ’ අනීතිහන්ති න ඉතිහිතිහං{1} න ඉතිකිරාය න පරම්පරාය න පිටකසම්පදාය න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා සාමං සයමභිඤ්ඤාතං අත්තපච්චක්ඛධම්මං තං කථයිස්සාමීති ‘දිට්ඨෙ ධම්මෙ අනීතිහ’න්ති.
Sinhala BJTනොහොත් දුක දුටු කල්හි දුක කියමි යි සමුදය දුටු කල්හි සමුදය කියමි යි නිරෝධය දුටු කල්හි නිරෝධය කියමි යි මාර්‍ගය දුටු කල්හි මාර්‍ගය කියමි’ මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් තමා විසින් දැක්ක යුතු යැ, කල් නොයවා පල දෙන සුලු යැ, ‘එව බලව’ යි කියනට නිසි යැ, සිත්හි ලා එළවිය යුතු යැ නුවණැතියන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනීතිහං යනු: මෙසේ මෙසේ යැයි නො වැ මෙසේ වී ලැ’යි නො වැ පරම්පරාකථායෙන් නො වැ පෙළ හා සම යැයි ගැන්මෙන් නො වැ තර්කහෙතුයෙන් නො වැ නය හේතුයෙන් නො වැ ආකාර සැලැකීමෙන් නො වැ අප ගත් ලබ්ධිය හා සම යැ යි සැලකීමෙන් නො වැ තෙමේ තමා විසින් ස්වලක්ෂණාවබෝධයෙන් දන්නා ලද ආත්මප්‍රත්‍යක්ෂ ධර්‍ම යැ. එය කියම් නු යි ‘දිට්ඨෙ ධම්මේ අනීතිහං’ යනු වේ.
Pali BJTයං විදිත්වා සතො චරන්ති: යං විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- යංකිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති ‘සතො’.
Sinhala BJTයං විදිත්‍වා සතෝ චරං යනු: යම් දහමක් විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විදිත කොට තුලන-තීරණ-විභාවන-විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’ යි - ‘හැම ධර්‍මයෝ අනිත්‍යහ’ යි... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ’ යි කියනු ලැබේ. චරං යනු: සරනුයේ වෙසෙනුයේ ඉරියවු පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යැපීම කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
Pali BJTචරන්ති චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තොති ‘යං විදිත්වා සතො චරං’.
Sinhala BJTතරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්...අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද?යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි ‘විසත්තිකා’නම. ලෝකේ යනු: අපායලෝකයෙහි... ආයතනලෝකයෙහි යැ.
Pali BJTතරෙ ලොකෙ විසත්තිකන්ති: ‘විසත්තිකා’ වුච්චති තණ්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා -පෙ- විසටා විත්ථතාති ‘විසත්තිකා’. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත්තිකන්ති ලොකෙ වෙසා විසත්තිකා{2} ලොකෙ වෙතං විසත්තිකං{3} සතො තරෙය්ය, උත්තරෙය්ය පතරෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති ‘තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJTතරෙ ලෝකේ විසත්තිකං යනු: තෙල විසත්තිකා (තෘෂ්ණා) ව ලෝකයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ (ප්‍රථම මාර්‍ගයෙන්) තරණය කරන්නේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කරන්නේ යැ (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කරන්නේ යැ (චතුර්‍ත්‍ථ මාර්‍ගයෙන්) සමතික්‍රමණය කරන්නේ යැ (ඵලයට පැමිණ) ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කිත්තයිස්සාමි තෙ සන්තිං (ධොතකාති භගවා) දිට්ඨෙ ධම්මෙ අනීතිහං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකන්ති”.
Sinhala BJT“කිත්තයිස්සාමි තෙ සන්ති -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJTතඤ්චාහං අභිනන්දාමි මහෙසි සන්තිමුත්තමං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං
Sinhala BJT(ආයුෂ්මත් ධෝතක මෙසේ කී යැ:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැනැ ලෙ වැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
Pali BJTතඤ්චාහං අභිනන්දාමීති ‘තං’ති තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{1} නන්දාමි, අභිනන්දාමි මොදාමි අනුමොදාමි ඉච්ඡාමි සාදියාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමීති ‘තඤ්චාහං අභිනන්දාමි.’
Sinhala BJTතඤ්වාහං අභිනන්දාමි- ‘තං’ යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනාව තුස්මි අභිනන්‍දනය කෙරෙමි සතුටු වෙමි අනුමෝදන් වෙමි ඉස්නෙමි ඉවසමි පතමි කැමැති වෙමි අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්දාමි’ යනු වේ.
Pali BJTමහෙසී සන්තිමුත්තමන්ති: ‘මහෙසී’ති මහෙසී{2} භගවා: මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසී’ති මහෙසි. මහන්තං සමාධික්ඛන්ධං -පෙ- කහං දෙවදෙවො, කහං නරාසභො’ති මහෙසී. සන්තිමුත්තමන්ති ‘සන්ති’ වුච්චති අමතං නිබ්බානං, “යො සො සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං උත්තමන්ති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරන්ති’ ‘මහෙසී සන්ති මුත්තමං.
Sinhala BJTමහේසී සන්තිමුත්තමං - ‘මහේසී’ යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළහ’ යි මහර්ෂීහ, මහත් වූ සමාධිස්කන්‍ධය... දේවාතිදේවයෝ කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ’ යි මහර්ෂීහ. සන්තිමුත්තමං - ‘සන්ති’ යි අමාමහනිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ හැරපීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘උත්තමං’ යනු: අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශ්‍රෙෂ්ඨ යැ ප්‍රමුඛ යැ උත්තම යැ ප්‍රවර යැ යි ‘මහේසී සන්තිමුත්තමං’ යනු වේ.
Pali BJTයං විදිත්වා සතො චරන්ති: යං විදිතං කත්වා -පෙ- සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති-‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්මන්ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනා සතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති සතෙ. චරන්ති චරන්තො -පෙ- යාපෙන්තොති ‘යං විදිත්වා සතො චරං’.
Sinhala BJTයං විදිත්‍වා සතෝ චරං යනු: යමක් දැනැගෙන... ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි - ‘හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි දැනැ ගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබෙයි, චරං යනු: සරනුයේ... යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
Pali BJTතරෙ ලොකෙ විසත්තිකන්ති ‘විසත්තිකා’ වුච්චති තණ්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා: -පෙ- ‘විසටා විත්ථතා’ති විසත්තිකා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත්තිකන්ති ලොකෙවෙසා විසත්තිකා ලොකෙවෙතං විසත්තිකං සතො තරෙය්ය උත්තරෙය්ය -පෙ- වීතිවත්තෙය්යාති ‘තරෙ ලොකෙ විසත්තිකං’.
Sinhala BJTතරෙ ලෝකේ විසත්තිකං යනු: ‘විසත්තිකා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ වේ ද යත්:... පැතිරෙන ලද යැ විස්තෘත නුයි විසත්තිකා නම. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි. තරෙ ලෝකේ විසත්තිකා යනු: තෙල විසත්තිකාව ලොකෙයෙහි මැ වෙයි. ලෝකයෙහි මැ වූ තෙල විසත්තිකාව සිහි ඇතියේ තරණය උත්තරණය කරන්නේ යැ... ඉක්ම සිටුනේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“තඤ්චාහං අභිනන්දාමි මහෙසී සන්තිමුත්තමං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තික”න්ති.
Sinhala BJT“තඤ්වාහං අභිනන්දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJTයං කිඤ්චි සම්පජානාසි{1} (ධොතකාති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ, එතං විදිත්වා{2} සඞ්ගොති ලොකෙ භවාභවාය මාකාසි තණ්හං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: “ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව” යි.
Pali BJTයං කිඤ්චි සම්පජානාසීති යං කිඤ්චි සම්පජානාසි ආජානාසි විජානාසි පටිවිජානාසි පටිවිජ්ඣසීති ‘යං කිඤ්චි සම්පජානාසි’. ධොතකාති භගවාති ‘ධොතකා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං: -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘ධොතකාති භගවා. ‘
Sinhala BJTයං කිඤ්චි සම්පජානාසි යනු: යම් කිසි ධර්‍මජාතයක් දන්නවු නම් නියතින් දන්නවු නම් නොයෙක් අයුරින් දන්නවු නම් ඒ ඒ කරුණින් දන්නවු නම් ප්‍රතිවෙධ කරන්නවු නම් නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’යනු වේ. ධොතකා’ති භගවා- ‘ධෝතක’ යි බුදුහු එ බමුණු නමින් අමතති, භගවා යනු: තෙල ගෞරව නාමයෙකි... මේ ‘භගවා’ යනු සාත්ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ ති භගවා’ යනු වේ.
Pali BJTඋද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙති ‘උද්ධ’න්ති අනාගතං, අධොති අතීතං, තිරියඤ්චාපි මජ්ඣෙති පච්චුප්පන්නං. ‘උද්ධ’න්ති දෙවලොකො, ‘අධො’ති අපායලොකො, තිරියඤ්චාපි මජ්ඣෙති මනුස්සලොකො, අථවා උද්ධන්ති කුසලා ධම්මා, ‘අධො’ති අකුසලා ධම්මා. ‘තිරියං චාපි මජ්ඣෙ’ති අබ්යාකතා ධම්මා. උද්ධන්ති අරූපධාතු, ‘අධො’ති කාමධාතු, තිරියඤ්චාපි මජ්ඣෙ’ති රූපධාතු. උද්ධන්ති සුඛා වෙදනා. ‘අධො’ති දුක්ඛා වෙදනා, තිරියඤ්චාපි මජ්ඣෙ’ති අදුක්ඛමසුඛා වෙදනා. ‘උද්ධ’න්ති උද්ධං පාදතලා ‘අධො’ති අධො කෙසමත්ථකා, ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ති වෙමජ්ඣෙති උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ’.
Sinhala BJTඋද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යනු: අනාගත යැ අධෝ යනු: අතීත යැ තිරියඤ්චාපි මජ්ඣෙ යනු වර්‍තමාන යි, ‘උද්ධං’ යනු දිව්‍ය ලෝක යැ ‘අධෝ’යනු අපාය ලෝක යැ ‘තිරියඤ්වාපි මජ්ඣෙ’ යනු මනුෂ්‍යලොක යි, නොහොත් ‘උද්ධං’ යනු: කුශලධර්‍මයෝ යැ ‘අධෝ’ යනු: අකුශලධර්‍මයෝ යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි.‘උද්ධං’ යනු අරූපධාතු යැ ‘අධෝ’ යනු කාමධාතු යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු රූප ධාතු යි. ‘උද්ධං’ යනු සුඛවේදනා යැ ‘අධෝ’ යනු දුඃඛවේදනා යැ ‘තිරියඤ්චාපි මජ්ඣෙ’ යනු අදුක්ඛමසුඛවෙදනා යි, ‘උද්ධං’ යනු පාදතලයෙන් උඩ යැ ‘අධෝ’ යනු කෙසගින් යට යැ ‘තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු දෙමැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
Pali BJTඑතං විදිත්වා සඞ්ගොති ලොකෙති සඞ්ගො එසො ලග්ගනං එතං බන්ධනං එතං පළිබොධො{3} එසොති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘එතං විදිත්වා සඞ්ගොති ලොකෙ.’
Sinhala BJTඑතං විදිත්‍වා සඞේගාති’ ලෝකේ යනු: තෙල සඞ්ග යැ තෙල ලැග්ම යැ තෙල බැඳුම යැ තෙල පළිබෝධ යැයි දැනැ දැනැගෙන තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට නුයි ‘එතං විදිත්‍වා සඞ්ගො’ති ලෝකේ’ යනු වේ.
Pali BJTභවාභවාය මාකාසි තණ්හන්ති ‘තණ්හා ති රූපතණ්හා සද්දතණ්හා -පෙ- ධම්මතණ්හා. භවාභාවායාති භවාභවාය කම්මභවාය පුනබ්භවාය, කාමභවාය, කම්මභවාය කාමභවාය පුනබ්භවාය, රූපභවාය කම්මභවාය රූපභවාය පුනබ්භවාය, අරූපභවාය කම්මභවාය අරූපභවාය පුනබ්භවාය පුනප්පුනභවාය පුනප්පුනගතියා{4} පුනප්පුන උප්පත්තියා පුනප්පුනපටිසන්ධියා පුනප්පුන අත්තභාවාභිනිබ්බත්තියා තණ්හං මාකාසි, මා ජනෙසි මා සඤ්ජනෙසි මා නිබ්බත්තෙසි මාභිනිබ්බත්තෙසි, පජහ විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති ‘භවාභවාය මාකාසි තණ්හන්ති’.
Sinhala BJTභවාභවාය මාකාසි තණ්හං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්ද තෘෂ්ණා යැ...ධර්‍මතෘෂ්ණා යි, භවාභවාය යනු: පුනපුනා භවයට කර්මභවයට විපාකභවයට, කාමධාතුයෙහි කර්මභවයට කාමධාතුයෙහි පුනර්‍භවයට රූපධාතුයෙහි කර්මභවයට රූපධාතුයෙහි පුනර්‍භවයට අරූපධාතුයෙහි කර්මභවයට අරූපධාතුයෙහි පුනර්‍භවයට, පුනපුනාභවයට පුනපුනාගතියට පුනපුනාඋපතට පුනපුනා පිළිසඳට පුනපුනා ආත්ම භාවයන්ගේ නිපැත්මට තෘෂ්ණා නහමක් කරව නහමක් උපදව නහමක් වෙසෙසින් නූපදව නො නිපදව වෙසෙසින් නො නිපදව දුරු කර බැහැරැ කර විගතාන්ත කර අනභාවයට පමුණුව’යි ‘භවාභවාය මාකාසි තණ්හං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යං කිඤ්චි සම්පජානාසි (ධොතකා’ති භගවා) උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ, එතං විදිත්වා සඞ්ගො’ති ලොකෙ භවාභවාය මාකාසි තණ්හ”න්ති.
Sinhala BJT“යං කිඤ්චි සම්පජානාසි -පෙ- භවාභවාය මාකාසි තණ්හං” යි.
Pali BJTසහගාථාපරියොසානා -පෙ- ‘සත්ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග .... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමි’යි.
Pali BJTධොතක සුත්ත නිද්දෙසො පඤ්චමො.
Sinhala BJTපස්වැනි ධෝතක සූත්‍ර නිර්දේශ යි.
Pali BJT6. උපසීව සුත්තනිද්දෙසො
Sinhala BJT6. උපසීව සූත්‍ර නිර්‍දෙශය
Pali BJT6. 1.
Sinhala BJT6. 1.
Pali BJTඑකො අහං සක්ක, මහන්තමොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තාරිතුං ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.
Sinhala BJT(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනින්ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලක්හු හෝ දහමක් හෝ) ඇසුරු නොකෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, යම් පුඟුලක්හු හෝ දහමක් ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාළ මැනැවි.
Pali BJTඑකො අහං සක්ක මහන්තමොඝන්ති ‘එකො’ති පුග්ගලො වා මෙ දුතියො නත්ථි, ධම්මො වා මෙ දුතියො නත්ථි, යං වා පුග්ගලං නිස්සාය, ධම්මං වා නිස්සාය මහන්තං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්යං උත්තරෙය්යං පතරෙය්යං සමතික්කමෙය්යං වීතිවත්තෙය්යන්ති එකො. සක්කාති සක්කො, භගවා ‘සක්යකුලා පබ්බජිතොති’පි සක්කො. අථවා ‘අඩ්ඪො මහද්ධනො ධනවාති’පි සක්කො. තස්සිමානි ධනානි, සෙය්යථීදං: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං -පෙ- නිබ්බානධනං, ඉමෙහි අනෙකෙහි ධනරතනෙහි{1} අඩ්ඪො මහද්ධනො ධනවාති’පි සක්කො. අථවා සක්කො පහු විසවී අලමත්තො{2} සූරො වීරො{3} වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී පහීනභයභෙරවො විගතලොම හංසො’තිපි සක්කොති ‘එකො අහං සක්ක මහන්තමොඝං’.
Sinhala BJTඒකෝ අහං සක්ක මහන්තමොඝං- ‘ඒකෝ’ යනු: යම් පුද්ගලයකු නිසා හෝ දහමක් නිසා හෝ මහත් වූ කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය, තරණය කෙරෙම් ද උත්තරණය කෙරෙම් ද ප්‍රතරණය කෙරෙම් ද මොනොවට ඉක්මවම් ද ඉක්ම සිටුනෙම් ද (එබඳු වූ) දෙවැනි පුද්ගලයෙක් හෝ මට නැත, දෙවැනි දහමෙක් හෝ මට නැත් නු යි ‘ඒකෝ’ යනු වේ. සක්ක යනු: ශාක්‍යයහ, බුදුහු ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ. නොහොත් (ප්‍රඥා ධනයෙන්) ආඪ්‍යයහ මහත් වූ ප්‍රඥාධන ඇතියහ ප්‍රඥාධනයෙන් ධනවත්හ නුයි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති. ඒ මෙසේ යැ: ශ්‍රද්ධාධන යැ ශීලධන යැ හිරිධන යැ ඔත්තප්පධන යැ ශ්‍රැතධන යැ ත්‍යාගධන යැ ප්‍රඥාධන යැ සතිපට්ඨානධන යැ... නිර්වාණධන යැ යි. මේ නොයෙක් ධනරත්නයන්ගෙන් ආඪ්‍යයහ, මහත්ධනයහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ ප්‍රභූ වූහ (පර සතන්හි) වැර දනවනුවහ සමත්සිත් ඇතියහ ශූරයහ පරාක්‍රමවත්හ වික්‍රමවත්හ නො බිය සුල්ලහ නො සැලෙන සුල්ලහ නො තැතිගන්නාසුල්ලහ නො පලායන සුල්ලහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇතියහ යි ද ශාක්‍ය නුයි ‘ඒකෝ අහං සක්ක මහන්තමොඝං’ යනු වේ.
Pali BJTඉච්චායස්මා උපසීවොති ‘ඉච්චා’ති පදසන්ධි -පෙ- ආයස්මාති: පියවචනං: -පෙ- උපසීවොති තස්ස බ්රාහ්මණස්ස නාමං -පෙ- අභිලාපොති ‘ඉච්චායස්මා උපසීවො’.
Sinhala BJTඉච්චායස්මා උපසීවො- ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ... ආයස්මා යනු ප්‍රියවචන යැ... උපසීව යනු: එ බමුණුගේ නාම යැ.....අභිලාප නුයි ‘ඉච්චා යස්මා උපසීවො’ යනු වේ.
Pali BJTඅනිස්සිතො නො විසහාමි තාරිතුන්ති අනිස්සිතො’ති පුග්ගලං වා අනිස්සිතො, ධම්මං වා අනිස්සිතො, නො විසහාමි, න උස්සහාමි, න සක්කොමි, න පටිබලො, මහන්තං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරිතුං උත්තරිතුං පතරිතුං සමතික්කමිතුං වීතිවත්තිතුන්ති ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’.
Sinhala BJTඅනිස්සිතො නො විසහාමි තාරිතුං- ‘අනිස්සිතො’ යනු: පුඟුලකු හෝ ඇසිරි නො කෙළෙම් දහමක් හෝ ඇසිරි නො කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නට උත්තරණය කරන්නට ප්‍රතරණය කරන්නට මැනැවින් ඉක්මවන්නට ඉක්ම සිටුනට නො හැක්කෙමි උත්සාහ නො කෙරෙමි නො සමත්මි ප්‍රතිබල නොවෙම් නුයි ‘අනිස්සිතො නො විසහාමි තාරිතුං’ යනු වේ.
Pali BJTආරම්මණං බ්රූහි සමන්තචක්ඛූති ‘ආරම්මණ’න්ති ආලම්බනං{1} නිස්සයං උපනිස්සයං. බ්රූහීති ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානී කරොහි පකාසෙහි. සමන්ත චක්ඛූහි ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං, භගවා තෙන සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො{2} සම්පන්නො{3} සමන්නාගතො.
Sinhala BJTආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු- ‘ආරම්මණං’ යනු: අරමුණ නිඃශ්‍රය උපනිඃශ්‍රය, බ්‍රෑහි යනු: කිව මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ තැබුව මැනැවැ විවර කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ පැවැසුව මැනැවි. සමන්තචක්ඛු යනු: ‘සමන්තචක්ඛු යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි, බුදුහු ඒ සර්‍වඥතාඥානයෙන් උපෙතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමත්වාගතහ.
Pali BJT“න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අතො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ”ති.{a}
Sinhala BJTඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි මෙකලැ හෝ පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි අතීත වූ නො දත් කිසිවක් නැත, අනාගත වූ නො දැනෙන කිසි (ධර්මජාතයකු) දු නැති, දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ” යි.
Pali BJT’ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු.’
Sinhala BJT“ආරම්මණං බ්‍රෑහි සමන්තචක්ඛු” යනු වේ.
Pali BJTයං නිස්සිතො ඔඝමිමං තරෙය්යන්ති ‘යං නිස්සිතො’ති යං පුග්ගලං වා නිස්සිතො, ධම්මං වා නිස්සිතො, මහන්තං කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරෙය්යං උත්තරෙය්යං පතරෙය්යං සමතික්කමෙය්යං වීතිවත්තෙය්යන්ති ‘යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.’
Sinhala BJTයං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං- ‘යං නිස්සිතො’ යනු: යම් පුඟුලකු හෝ ඇසිරි කෙළෙම් දහමක් හෝ ඇසිරි කෙළෙම් මහත් වූ කාමෝඝය භවොඝය දෘෂ්ටිඔඝය අවිද්‍යාඔඝය තරණය කරන්නෙම් උත්තරණය කරන්නෙම් ප්‍රතරණය කරන්නෙම් මැනැවින් ඉක්මවන්නෙම් ඉක්ම සිටුනෙම් නම් නුයි ‘යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“එකො අහං සක්ක මහන්තමොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තාරිතුං ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු යං නිස්සිතො ඔඝමිමං තරෙය්ය”න්ති
Sinhala BJT“ඒකෝ අහං සක්ක -පෙ- යං නිස්සිතො ඔඝමිමං තරෙය්‍යං” යි.
Pali BJT6. 2.
Sinhala BJT6. 2.
Pali BJTආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවා’ති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්ස{4}.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ:) උපසීව මාණවකය, සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදී) විසින් දකිමින් ‘නත්ථිකිඤ්චි’ යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර, වස්තු කාමක්ලෙශකාම හැරපියා කථඞ්කථා සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
Pali BJTආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතිමාති සො බ්රාහ්මණො පකතියා ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිලාභී සන්තංයෙව{5} නිස්සයං න ජානාති ‘අයං මෙ නිස්සයො’ති තස්ස භගවා නිස්සයං ච ආචික්ඛති, උත්තරිඤ්ච නිය්යානපථං. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං සතො සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තත්ථ ජාතෙ චිත්තචෙතසිකෙ ධම්මෙ අනිච්චතො පෙක්ඛමානො දුක්ඛතො-රොගතො-ගණ්ඩතො-සල්ලතො-අඝතො-ආබාධතො-පරතො-පලොකතො-ඊතිතො-උප්පද්දවතො-භයතො-උපස්සග්ගතො-චලතො-පභඞ්ගුතො-අද්ධුවතො-අතාණතො-අලෙනතො-අසරණතො -
Sinhala BJTආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා-එ බමුණු පියවින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිලාභී වූයේ විද්‍යමාන වූ මැ නිඃශ්‍රය ‘මේ මාගේ නිඃශ්‍රය’යි නො දනී. බුදුහු ඔහුට නිඃශ්‍රය ද මත්තෙහි සසරින් නික්ම යන මඟ ද පවසන සේක. සිහි ඇතියේ ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවැද එයින් නැඟී සිට එ සමවත්හි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය විසින් (නුවණින්) බලමින් දුක් විසින්-රෝග විසින්- ගඬ විසින්- ශල්‍ය විසින්- අඝ විසින්- අබාධ විසින් පර විසින්- පලෝක (බිඳෙන) විසින්- ව්‍යසන විසින්- උපධ්‍රව විසින්- භය විසින්- උපසර්‍ග විසින්- චඤ්චල විසින්- බිඳෙනසුලු හෙයින්- අධ්‍රැව හෙයින්- අත්‍රාණ හෙයින්- අලෙණ හෙයින්-අසරණ හෙයින්-
Pali BJTඅසරණීභූතතො-රිත්තතො-තුච්ඡතො-සුඤ්ඤතො-අනත්තතො-ආදීනවතො-විපරිනාමධම්මතො-අසාරකතො-අඝමූලතො වධකතො විභවතො’-සාසවතො-සඞ්ඛතතො-මාරාමිසතො-ජාතිධම්මතො-ජරාධම්මතො-ව්යාධිධම්මතො-මරණධම්මතො-සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසධම්මතො-සංකිලෙසිකධම්මතො-සමුදයධම්මතො-අත්ථඞ්ගමතො-අස්සාදතො-ආදීනවතො-නිස්සරණතො-පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානො. සතිමාති “යා සති අනුස්සති පටිස්සති -පෙ- සම්මාසති අයං වුච්චති සති’ ඉමාය සතියා උපෙතො හොති -පෙ- සමන්නාගතො සො වුච්චති සතිමාති ‘ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා.’
Sinhala BJTඅසරණීභූත හෙයින්- සිස් හෙයින්-තුච්ඡ හෙයින්-ශුන්‍ය හෙයින්- අනාත්ම හෙයින්- ආදීනව හෙයින්- විපරිණාමස්වභාව හෙයින්- අසාර හෙයින්- අඝ(දුක්) මූල හෙයින්- වධක හෙයින්- විභව හෙයින්- සාස්‍රව හෙයින්- හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත හෙයින් මාරාමිෂ හෙයින්- ජාතිස්වභාව හෙයින්- ජරාස්වභාව හෙයින්- ව්‍යාධිස්වභාව හෙයින්- මරණස්වභාව හෙයින්- සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ස්වභාව හෙයින්- සංක්ලේශ ස්වභාව හෙයින්- සමුදය ස්වභාව හෙයින්- අස්තඞ්ගම හෙයින්- ආස්වාද හෙයින්- ආදීනව හෙයින්- නිස්සරණ හෙයින් බලමින් දකිමින් අවලෝකනය කෙරෙමින් සිතමින් විමසමින්. සතිමා- යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක්... සම්‍යක් ස්මෘතියක් වේ ද මේ ‘සති’ යී කියනු ලැබෙයි. මේ සතියෙන් යුක්ත වූයේ වෙයි... සමන්‍විත වූයේ වෙයි. හෙ ‘සතීමා’ යි කියනු ලැබේ නුයි ‘ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා’ යනු වේ.
Pali BJTඋපසීවාති භගවාති ‘උපසීවා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති, භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘උපසීවාති භගවා.’
Sinhala BJTඋපසීවා’ති භගවා- ‘උපසීව’ යි බුදුහු එ බමුණු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවාධිවචන යැ...... යම් භගවත් යන නමක් වී ද තෙල අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තිය නුයි ‘උපසීවා’ති භගවා’ යනු වේ.
Pali BJTනත්ථීති නිස්සාය තරස්සු ඔඝන්ති ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති’ කිංකාරණා ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විඤ්ඤාණඤ්චායතනසමාපත්ති සතො සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තඤ්ඤෙව විඤ්ඤාණං අභාවෙති ව්යභාවෙති{2} අන්තරධාපෙති{3} ‘නත්ථි කිඤ්චී’ති පස්සති, තංකාරණා ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති, තං නිස්සාය{4} උපනිස්සාය ආලම්බනං{5} කරිත්වා කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං තරස්සු උත්තරස්සු පතරස්සු සමතික්කමස්සු වීතිවත්තස්සූතී ‘නත්ථීති නිස්සාය තරස්සු ඔඝං’.
Sinhala BJTනත්‍ථි’ති නිස්සාය තරසසු ඕඝං- ‘නත්‍ථි කිඤ්චි යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යි. කිකරුණින් ‘නත්‍ථිකිඤ්චි’යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වී ද යත්: සිහි ඇති වැ ආකිඤ්චඤ්ඤායතන සමවත් සමවැද එයින් නැඟී සිට එ මැ (ආකාශාලම්බන) විඥානය අභාවයට පමුණුවයි වෙසෙසින් අභාවයට පමුණුවයි අතුරුදහන් කෙරෙයි ‘කිසිත් නැතැ’ යි දකියි, එකරුණින් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ‘නත්‍ථි කිඤ්චි’ නම් වෙයි, එය නිසා ඇසුරු කොට අරමුණු කොට කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය තරණය කර, උත්තරණය කර, ප්‍රතරණය කර, සමතික්‍රමණය කර, ව්‍යතික්‍රමණය කර’ යී ‘නත්ථිති නිස්සාය තරස්සු ඕඝං’ යනු වේ.
Pali BJTකාමෙ පහාය විරතො කථාහීති ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. කාමෙ පහායාති වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘කාමෙපහාය’. විරතො කථාහීති ‘කථංකථා’ වුච්චති විචිකිච්ඡා, දුක්ඛෙ කඞ්ඛා -පෙ- ථම්භිතත්තං{6} චිත්තස්ස මනොවිලෙඛො.’ කථංකථාය ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පයුත්තො{7} විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති එවම්පි ‘විරතො කථාහි’. අථවා ද්වත්තිංසාය තිරච්ඡානකථාය ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පයුත්තො{7} විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති එවම්පි විරතො කථාහීති ‘කාමෙ පහාය විරතො කථාහි.’
Sinhala BJTකාමේ පහාය විරතො කථාහි- ‘කාමා’ යනු: විස්තර විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. කාමෙ පහාය- වස්තුකාමයන් තීරණපරිඥායෙන් දැනැ ක්ලේශකාමයන් ප්‍රහාණපරිඥායෙන් දුරු කොට හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘කාමෙ පහාය’ යනු වේ. විරතො කථාහි- ‘කථඞ්කථා’ යි විචිකිත්සාව කියනු ලබයි. දුඃඛ සත්‍යයෙහි සැකය... චිත්තයාගේ තදබව මනොවිලෙඛ යි. ඒ කථඞ්කථායෙන් දුරු වූයේ වෙසෙසින් දුරු වූයේ සර්‍වප්‍රකාරයෙන් දුරු වූයේ නික්ම ගියේ නිඃසෘත වූයේ වෙන් වූයේ විසඞ්යුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි මෙසේ ත් ‘විරතො කථාහි’ යනු වේ, නොහොත් දෙතිස් තිරශ්චීනකථායෙන් දුරුවූයේ වෙසෙසින් දුරු වූයේ සර්‍වප්‍රකාරයෙන් දුරු වූයේ නික්ම ගියේ නිඃසෘත වූයේ වෙන් වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසේ නුයි මෙසේ ත් ‘විරතො කථාහි’ නුයි ‘කාමෙ පහාය විරතො කථාහි’ යනු වේ.
Pali BJTතණ්හක්ඛයං නත්තමහාභිපස්සාති ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා ‘නත්තං’ වුච්චති{1} රත්ති, අහොති දිවසො, රත්තිඤ්ච දිවා ච තණ්හක්ඛයං රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උප්පත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං{2} වට්ටක්ඛයං පස්ස, අභිපස්ස දක්ඛ ඔලොකය නිජ්ඣාය උප්පරික්ඛාති ‘තණ්හක්ඛයං නත්තමහාභිපස්ස.’
Sinhala BJTතණ්හක්ඛයං නත්තමහාභිපස්ස- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්‍මතෘෂ්ණා යි. ‘නත්තං’යි රාත්‍රිය කියනු ලැබෙයි; අහෝ යනු: දහවල් යැ රැයිදු දහවල්හිදු රාගක්‍ෂය දෝෂක්‍ෂය මෝහක්‍ෂය ගතික්ෂය උපප්‍රාප්තික්ෂය ප්‍රතිසන්ධික‍්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය සඞ්ඛ්‍යාත නිවන බලව, වෙසෙසින් බලව, දකුව, අවලොකනය කර, සිතව, විමසව යි ‘තණ්හක්ඛයං නත්තමහාභිපස්ස’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවාති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං, කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්සා”ති.
Sinhala BJT“ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා -පෙ- තණ්හක්ඛයං නත්තමහාභිපස්ස” යි.
Pali BJT6. 3.
Sinhala BJT6. 3.
Pali BJTසබ්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච්චායස්මා උපසීවො) ආකිඤ්චඤ්ඤං නිස්සයො හිත්ව මඤ්ඤං{3} සඤ්ඤාවිමොක්ඛෙ පරමෙ’ධිමුත්තො තිට්ඨෙ නු සො{4} තත්ථ අනානුයායී.{5}
Sinhala BJT(ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි.) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා අකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යනසුලු වැ සිටුනේ ද?
Pali BJTසබ්බෙසු කාමෙසු යො වීතරාගොති: ‘සබ්බෙසූ’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ්බෙසූ’ති. කාමෙසූති ‘කාමා’ති: උද්දානතො ද්වෙ කාමා වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. සබ්බෙසු කාමෙසු යො වීතරාගොති සබ්බෙසු කාමෙසු යො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො වික්ඛම්භනහොති ‘සබ්බෙසු කාමෙසු යො වීතරාගො.’
Sinhala BJTසබ්බෙසු කාමෙසු යො වීතරාගො- ‘සබ්බෙසු’ යනු: සියල්ලෙන් සියල්ල ස්වාර්ථයෙන් සියල්ල අනවශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘සබ්බෙසු’ යනු. කාමෙසු ‘කාමා’ යනු උද්දාන හෙයින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද.... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. සබ්බෙසු කාමෙසු යො වීතරාගො- යමෙක් සියලු වස්තුකාම ක්ලේශකාමයන්හි විෂ්කම්භණ විසින් වීතරාග වූයේ විගතරාග වූයේ ත්‍යක්තරාග වූයේ වාන්තරාග වූයේ මුක්තරාග වූයේ ප්‍රහීණරාග වූයේ ප්‍රතිනිසෘෂ්ටරාග වූයේ නුයි ‘සබ්බෙසු රාගෙසු යො වීතරාගො’ යනු වේ.