Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT11 අසතං සතඤ්ච ඤත්වා ධම්මං අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ දෙවමනුස්සෙහි පූජිතො යො සඞ්ගජාලමතිච්ච සො මුනී”ති.{d}
Sinhala BJT11 යමෙක් කුශලාකුශල ප්‍රභේද වූ සදසත්ධර්මය ද සියලු ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදි ධර්‍මය ද දැන රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටිජාලය ඉක්මවා සිටියේ ද ඒ ක්‍ෂීණාස්‍රව මුනි තෙමේ දෙවිමිනිසුන් විසින් පුදන ලදුයේ වේ.
Pali BJTසාධු වියාකරොහීති තං සාධු ආචික්ඛ{2} දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති ‘තං මෙ මුනී සාධු වියාකරොහි’.
Sinhala BJTසාධු වියාකරොහි යනු: එය මොනොවට පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නුයි. ‘තං මෙ මුනී සාධු වියාකරොහි’ යනු වේ.
Pali BJTතථා හි තෙ විදිතො එස ධම්මොති: තථාහි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම්මොති ‘තථා හි තො විදිතො එස ධම්මො”
Sinhala BJTතථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද තුලනය කරන ලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද වඩන ලද ද එහෙයිනැයි, ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි, කථන්නු ධීරා විතරන්ති ඔඝං ජාතිජරං{1} සොකපරිද්දවඤ්ච, තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො”ති.
Sinhala BJT“යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJTකිත්තයිස්සාමි තෙ ධම්මං (මෙත්තගූති භගවා) දිට්ඨෙ ධම්මෙ{2} අනිතීහං{3} යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය), ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණධර්‍මය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද තොපට ප්‍රකාශ කරන්නෙමි.”
Pali BJTකිත්තයිස්සාමි තෙ ධම්මන්ති: ‘ධම්ම’න්ති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං, චත්තාරො සතිපට්ඨානෙ{4} චත්තාරො සම්මප්පධානෙ{5} චත්තාරො ඉද්ධිපාදෙ{6} පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්තබොජ්ඣඞ්ගෙ{7} අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං කිත්තයිස්සාමි, ආචික්ඛිස්සාමි දෙසෙස්සාමි පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විවරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසෙස්සාමීති ‘කිත්තයිස්සාමි තෙ ධම්මං’ මෙත්තගූති භගවාති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති.
Sinhala BJTකිත්තයිස්සාමි තෙ ධම්මං යනු: ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ (අර්‍ත්‍ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථ වූ (ව්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ කේවල (සකල) පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය යැ. සතර සීවටන් යැ සතර සම්‍යක්ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ යළි නිර්‍වාණය ද නිර්වාණගාමිනීප්‍රතිපදාව ද කීර්‍තනය කරන්නෙමි ප්‍රකාශ කරන්නෙමි, දෙසන්නෙමි, පනවන්නෙමි, පිහිටුවන්නෙමි, විවෘත කරන්නෙමි, විභාග කරන්නෙමි, නො ගැඹුරු කරන්නෙමි, පවසන්නෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ ධම්මං’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු එ බමුණු නමින් අමතත්.
Pali BJTදිට්ඨෙ ධම්මෙ අනිතීහන්ති: ‘දිට්ඨෙ ධම්මෙ’ති දිට්ඨෙ ධම්මෙ ඤාතෙ ධම්මෙ තුලිතෙ ධම්මෙ තීරිතෙ{8} ධම්මෙ විභූතෙ ධම්මෙ විභාවිතෙ ධම්මෙ, සබ්බෙ සංඛාරා අනිච්චාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති දිට්ඨෙ ධම්මෙ ඤාතෙ ධම්මෙ තුලිතෙ ධම්මෙ තීරිතෙ ධම්මෙ විභූතෙ ධම්මෙ විභාවිතෙ ධම්මෙති එවම්පි ‘දිට්ඨෙ ධම්මෙ’.{9} අථවා දුක්ඛෙ දිට්ඨෙ දුක්ඛං කිත්තයිස්සාමි,{10} සමුදයෙ දිට්ඨෙ සමුදයං
Sinhala BJTදිට්ඨෙ ධම්මේ අනිතීහං යනු: ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නාලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට වූ දහම්හි වැඩූ දහම්හි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි...යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරනලද දහම්හි ප්‍රකට වූ දහම්හි වැඩූ දහම්හි නුයි මෙසේ ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් දුක (ලක්‍ෂණ රස සහිත වැ) දක්නා ලද කල්හි දුක කියන්නෙමි.
Pali BJTකිත්තයිස්සාමි, නිරොධෙ දිට්ඨෙ නිරොධං කිත්තයිස්සාමි, මග්ගෙ දිට්ඨෙ මග්ගං කිත්තයිස්සාමී’ති එවම්පි ‘දිට්ඨෙ ධම්මෙ’. අථවා දිට්ඨෙ ධම්මෙ සන්දිට්ඨිකං අකාලිකං එහිපස්සිකං ඔපනයිකං{1} පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති එවම්පි ‘දිට්ඨෙ ධම්මෙ’. අනිතීහන්ති න ඉතිහිතිහං න ඉතිකිරාය න පරම්පරාය න පිටකසම්පදාය න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානඛන්තියා සාමං සයං අභිඤ්ඤාය අත්තපච්චක්ඛං ධම්මං, තං කථයිස්සාමීති ‘දිට්ඨෙ ධම්මෙ අනිතීහං’.
Sinhala BJTසමුදය දක්නාලද කල්හි සමුදය කියන්නෙමි, මාර්‍ගය දක්නා ලද කල්හි මාර්‍ගය කියන්නෙමි, නිරෝධය දක්නා ලද කල්හි නිරෝධය කියන්නෙම්, නුයි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් මෙ අත්බැව්හි තමා විසින් දැක්ක යුතු යැ කල් නො යවා පල දෙන්නේ යැ ‘එව බලව’ යන විධියට නිසි යැ තමන් තමන් සිත්හි එළවීමට නිසි යැ නුවණැතියන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු යැ’ යි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනිතීහං යනු: ‘මෙසේ මෙසේ ලැ’යි නො වැ ‘මෙසේ වී ලැ’ යි නො වැ පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්පදායෙන් නො වැ තර්කහේතුවෙන් නො වැ න්‍යායහේතුවෙන් නො වැ (මේ මැනැ වැ යි) ආකාර සැලැකීමෙන් නො වැ අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නො වැ තුමූ මැ තමන්මැ තමන් විසින් අවබෝධ කළ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍ම යැ, එය කියන්නෙම් නුයි ‘දිට්ඨෙ ධම්මේ අනිතීහං’ යනු වේ.
Pali BJTයං විදිත්වා සතො චරන්ති: යං විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති ‘සතො’. චරන්ති චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තොති ‘යං විදිත්වා සතො චරං’.
Sinhala BJTයං විදිත්‍වා සතෝ චරං යනු: යමක් විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි- ‘හැම දහම්හු අනිත්‍ය’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතො යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ......හේ ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ, පාලනය කරනුයේ යාපනය කරනුයේ යැපෙනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
Pali BJTතරෙ ලොකෙ විසත්තිකන්ති: ‘විසත්තිකා’ වුච්චති තණ්හා, ’යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං’.{a} විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා: විසතාති{2} විසත්තිකා, විසාලාති විසත්තිකා, විසටාති විසත්තිකා{3} විසමාති විසත්තිකා, විසක්කතීති විසත්තිකා, විසංහරතීති විසත්තිකා, විසංවාදිකාති විසත්තිකා, විසමූලාති විසත්තිකා, විසඵලාති විසත්තිකා, විසපරිභොගාති විසත්තිකා. විසාලා වා පන සා තණ්හා රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසායං සුඛෙ චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ කාමධාතුයා, රූපධාතුයා, අරූපධාතුයා, කාමභවෙ රූපභවෙ අරූපභවෙ
Sinhala BJTතරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ..... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: විඍත වන හෙයින් විසත්තිකා යැ, විශාල වන හෙයින් විසත්තිකා යැ, විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්‍ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛ විෂය එළවන හෙයින් හෝ විසත්තිකා යැ (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ විෂඵල හෙයින් විසත්තිකා යැ විෂපරිභොග හෙයින් විසත්තිකා යැ, යළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්ප්‍රෂ්ටව්‍යයෙහි, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ගිලානප්‍රත්‍යයෙහි, කාමධාතුයෙහි රූප ධාතුයෙහි, අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි
Pali BJTසඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ, එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ, අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ, දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු විසතා විත්ථාතාති ‘විසත්තිකා’. ලොකෙති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත්තිකන්ති ලොකෙ වෙසා විසත්තිකා{1} ලොකෙවෙතං විසත්තිකං සතො තරෙය්ය, උත්තරෙය්ය පතරෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති ‘තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJTසංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි එකස්කන්‍ධ භවයෙහි චතුඃස්කන්ධ භවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි, අතීතකාලයෙහි අනාගතකාලයෙහි ප්‍රත්‍යුත්පන්නකාලයෙහි, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්මයන්හි විඍත විස්තෘත නුයි ‘විසත්තිකා’ නමි. ලෝකෝ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි. ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිහි ඇතියේ (කාමයන් දුරු කෙරෙමින්) තරණය කරන්නේ යැ, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කරන්නේ යැ, (ප්‍රතිෂ්ඨාහෙතු සිඳිමින්) ප්‍රතරණය කරන්නේ යැ (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කරන්නේ යැ, (ප්‍රතිසන්‍ධියට අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්මවන්නේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTකිත්තියිස්සාමි තෙ ධම්මං (මෙත්තගූති භගවා) දිට්ඨෙ ධම්මෙ අනිතීහං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තික’න්ති.
Sinhala BJT“කිත්තයිස්සාමි තෙ ධම්මං -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJTතං චාහං අභිනන්දාමි මහෙසි ධම්මමුත්තමං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJTමහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේගේ ඒ (ධර්මද්‍යොතක) වචනය ද රුස්මි. උත්තම වූ ඒ ධර්‍මය ද රුස්මි.
Pali BJTතං චාහං අභිනන්දාමීති: ‘ත’න්ති තුය්හං වචනං බ්යප්පථං{2} දෙසනං අනුසාසනං අනුසිට්ඨිං{3} අභිනන්දාමීති නන්දාමි මොදාමි අනුමොදාමි ඉච්ඡාමි සාදියාමි යාචාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමීති ‘තඤ්චාහං අභිනන්දාමි’.
Sinhala BJTතඤ්වාහං අභිනන්‍දාමි යනු: තං’ යනු, මුඹ වහන්සේ ගේ කියමන වාක්‍යපථය දේශනය අනුශාසනය අනුශාසනිය. නන්‍දාමි යනු: සතුටු වෙමි, මුදිත වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, ඉවසමි, අයදිමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඉස්නෙමි, අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්‍දාමි’ යනු වේ.
Pali BJTමහෙසි ධම්මමුත්තමන්ති: ‘මහෙසී’ති මහෙසී භගවා: මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහන්තං සමාධික්ඛන්ධං මහන්තං පඤ්ඤාක්ඛන්ධං-මහන්තං විමුත්තික්ඛන්ධං-මහන්තං විමුත්තිඤාණ දස්සනක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’
Sinhala BJTමහේසි ධම්මමුත්තමං යනු: බුදුහු මහර්ෂී යැ: මහත් වූ ශීලස්කන්‍ධය එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සමාධි ස්කන්‍ධය- මහත් වූ ප්‍රඥා ස්කන්‍ධය- මහත් වූ විමුක්තිස්කන්‍ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ,
Pali BJTමහතො තමොකායස්ස{1} පදාලනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහතො විපල්ලාසස්ස පභෙදනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහතො තණ්හාසල්ලස්ස අබ්බූහනං{2} එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’ මහතො දිට්ඨිසඞ්ඝාටස්ස{3} විනිවෙඨනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො මානධජස්ස පාතනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො අභිසංඛාරස්ස වූපසමං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො ඔඝස්ස නිත්ථරණං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො භාරස්ස නික්ඛෙපනං.{4} එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො සංසාරවට්ටස්ස උච්ඡෙදං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො සන්තාපස්ස නිබ්බාපනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො පරිළාහස්ස පටිප්පස්සද්ධිං{5} එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහතො ධම්මධජස්ස උස්සාපනං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහන්තෙ සතිපට්ඨානෙ මහන්තෙ සම්මප්පධානෙ මහන්තෙ ඉද්ධිපාදෙ-මහන්තානි ඉන්ද්රියානි මහන්තානි බලානි-මහන්තෙ බොජ්ඣඞ්ගෙ-මහන්තං අරියං අට්ඨඞ්ගිකං මග්ගං-මහන්තං පරමත්ථං අමතං නිබ්බානං එසි ගවෙසි පරියෙසීති ‘මහෙසි’. මහෙසක්ඛෙහි{6} වා සත්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො කහං බුද්ධො කහං භගවා, කහං දෙවදෙවො, කහං නරාසභො’ති ‘මහෙසි’.
Sinhala BJTමහත් වූ තමස්කායයාගේ ප්‍රදාලනය, මහත් වූ විපර්‍ය්‍යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්‍යය ඉදිරීම, මහත් වූ දෘෂ්ටිසංඞ්ඝාටය ලිහීම, මහත් වූ මානඩ්වජය ලිහලීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සතිපට්ඨානයන්- මහත් සම්‍යක් ප්‍රධානයන්- මහත් ඍද්ධිපාදයන්- මහත් ඉන්‍ද්‍රියයන්- මහත් බලයන්- මහත් බෝධ්‍යඞ්ගයන්- මහත් වූ ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය- මහත් වූ පරමාර්‍ත්‍ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ. නොහොත් මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවිවූවෝ, කොහි යැ නර ශ්‍රෙෂ්ඨයෝ ය’යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත නුයි ‘මහේසි’ යනු වේ.
Pali BJTධම්මමුත්තමන්ති ‘ධම්මමුත්තමං’ වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, උත්තමන්ති අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං ධම්මන්ති මහෙසි ධම්මමුත්තමං.
Sinhala BJTධම්මමුත්තමං යනු: අමාමහනිවන ‘උතුම් දහමැ’යි කියනු ලැබෙයි: යමක් හැම සංස්කාරයන්ගේ සන්හිඳීම හැම උපධීන්ගේ හැරපීම තෘෂ්ණාක්‍ෂය විරාගය නිරෝධය නිවන වේ ද, එය යි. උත්තමං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උතුම් වූ ප්‍රවර වූ දහම නුයි ‘මහෙසිධම්මමුත්තමං’ යනු වේ.
Pali BJTයං විදිත්වා සතොචරන්ති: යං විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති-‘යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති විදිතං කත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු වෙදනානුපස්සනා-චිත්තෙ චිත්තානුපස්සනා-ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති ‘සතො’. චරන්ති චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තොති ‘යං විදිත්වා සතො චරං’.
Sinhala BJTයං විදිත්‍වා සතෝ චරං යනු විදිත (දන්නාලද) කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’යි-‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... යම් කිසිවක් සමුදය ස්වභාවය ඇත් නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ, වේදනාවන්හි-චිත්තයෙහි-ධර්‍මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ... හෙතෙම ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබේ. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ රැකෙනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
Pali BJTතරෙ ලොකෙ විසත්තිකන්ති: ‘විසත්තිකා’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. විසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා -පෙ- විසටා විත්ථතාති ‘විසත්තිකා’. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙ. තරෙ ලොකෙ විසත්තිකන්ති ලොකෙවෙසා විසත්තිකා ලොකෙවෙතං{1} විසත්තිකං සතො තරෙය්ය, උත්තරෙය්ය පතරෙය්ය සමතික්කමෙය්ය වීතිවත්තෙය්යාති ‘තරෙ ලොකෙ විසත්තිකං’.
Sinhala BJTතරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... විඍත විස්තෘත නුයි විසත්තිකා යැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි ... ආයතනලෝකයෙහි යැ. තරෙ ලෝකේ විසත්තිකං යනු: මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි, ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වූයේ තරණය කරන්නේ යැ උත්තරණය කරන්නේ යැ ප්‍රතරණය කරන්නේ යැ මොනොවට ඉක්ම යන්නේ යැ ඉක්ම පවත්නේ යි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“තං චාහං අභිනන්දාමි මහෙසි ධම්මමුත්තමං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තික’න්ති.
Sinhala BJT“යඤ්චාහං අභිනන්‍දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJTයං කිඤ්චි සම්පජානාසි{2} (මෙත්තගූති භගවා) උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ{3} එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) (අනාගත කාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමානකාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්‍මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවෙශනය ද අභිසංස්කාරවිඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
Pali BJTයං කිඤ්චි සම්පජානාසීති: යං කිඤ්චි පජානාසි ආජානාසි විජානාසි පටිවිජානාසි පටිවිජ්ඣසීති ‘යං කිඤ්චි සම්පජානාසි. මෙත්තගූති භගවාති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘මෙත්තගූති භගවා. ‘
Sinhala BJTයං කිඤ්චි සම්පජානාසි යනු: දන්නෙහි වෙසෙසින් දන්නෙහි ප්‍රකර්‍ෂයෙන් දන්නෙහි මොනොවට දන්නෙහි සිතින් අවබෝධ කරන්නෙහි නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි ... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියක් නුයි ‘මෙත්තගූ’ති භගවා’ යනු වේ.
Pali BJTඋද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙති: ‘උද්ධං’ වුච්චති{4} අනාගතං, ‘අධො’ වුච්චති අතීතං ‘තිරියංචාපි මජ්ඣෙති පච්චුප්පන්නං ‘උද්ධ’න්ති දෙවලොකො, ‘අධො’ති නිරයලොකො තිරියං චාපි මජ්ඣෙති මනුස්සලොකො, අථවා උද්ධන්ති කුසලා ධම්මා, ‘අධො’ති අකුසලා ධම්මා තිරියං චාපි මජ්ඣෙ’ති අබ්යාකතා ධම්මා, ‘උද්ධ’න්ති අරූපධාතු, ‘අධො’ති කාමධාතු, ‘තිරියං චාපි මජ්ඣෙ’ති රූපධාතු, ‘උද්ධන්ති සුඛා වෙදනා, ‘අධො’ති දුක්ඛා වෙදනා, ‘තිරියං චාපිමජ්ඣෙ’ති අදුක්ඛමසුඛා වෙදනා, ‘උද්ධ’න්ති උද්ධං පාදතලා ‘අධො’ති අධො කෙසමත්ථකා, ‘තිරියං චාපි මජ්ඣෙ’ති වෙමජ්ඣෙති උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ.’
Sinhala BJTඋද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ යනු: ‘උද්ධං’ යනු අනාගත යැ, ‘අධෝ’ යනු අතීත යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්‍තමාන යැ. උද්ධං යනු දිව්‍ය ලෝක යැ. අධෝ යනු නිරය ලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලොක යැ. නොහොත් උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශල ධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘතධර්‍මයෝ යැ. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යැ. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුක්ඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අදුක්ඛමසුඛවෙදනා යැ. උද්ධං යනු පාතෙලෙන් උඩ, අධෝ යනු කෙස්මතුයෙන් යට, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු දෙ මැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
Pali BJTඑතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙති: ‘එතෙසූ’ති ආචික්ඛිතෙසු දෙසිතෙසු පඤ්ඤපිතෙසු පට්ඨපිතෙසු විවරිතෙසු විභජිතෙසු උත්තානීකතෙසු පකාසිතෙසු. නන්දි වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” නිවෙසනන්ති ද්වෙ නිවෙසනා: තණ්හානිවෙසනා ච දිට්ඨිනිවෙසනා ච, කතමා තණ්හානිවෙසනා: යාවතා තණ්හාසඞ්ඛාතෙන -පෙ- අයං තණ්හානිවෙසනා. කතමා දිට්ඨිනිවෙසනා: වීසතිවත්ථුකා සක්කායදිට්ඨි -පෙ- අයං දිට්ඨිනිවෙසනා. පනුජ්ජ විඤ්ඤාණන්ති පුඤ්ඤාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණං, අපුඤ්ඤාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණං, ආනෙඤ්ජාභි සඞ්ඛාරසහගතං විඤ්ඤාණං, එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච අභිසංඛාරසහගතඤ්ච විඤ්ඤාණං නුජ්ජ පනුජ්ජ නුද පනුද ජහ පජහ විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති ‘එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං.’
Sinhala BJTඑතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ යනු: එතෙසු යනු: කියන ලද, දෙසන ලද, පනවන ලද, පිහිටුවන ලද, විවර කරන ලද, විභාග කරන ලද, නො ගැඹුරු කරන ලද, ප්‍රකාශ කරන ලද ධර්‍මයන්හි තෘෂ්ණැව ‘නන්දි’ යයි කියනු ලැබෙයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද, එය යි. නිවෙසනං යනු: නිවෙශන දෙකෙකි: තෘෂ්ණා නිවෙශන ද දෘෂ්ටි නිවෙශන දැ’යි. තෘෂ්ණා නිවෙශන කවරැ යත්: යම්තාක් තෘෂ්ණා කොට්ඨාසයෙන් ... මේ තෘෂ්ණා නිවෙශන යැ. දෘෂ්ටි නිවෙශන කවරැ යත්: විංශද්වස්තුක වූ සත්කාය දෘෂ්ටි යැ ... මේ දෘෂ්ටි නිවෙශන යි. පනුජ්ජ විඤ්ඤාණං යනු: පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානයැ අපුණ්‍යාභි සංස්කාර සහගත වූ විඥානයැ ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥාන යි. තෙල දහම්හි නන්දියත් නිවෙශනයත් අභිසංස්කාර සහගත වූ විඥානයත්, හැරපියව, අතිශයින් හැරපියව, සිඳුව, අතිශයින් සිඳුව, හරුව, දුරු කරව, විගතාන්ත කරව, අනු අභාවයට යව නුයි ‘එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං’ යනු වේ.
Pali BJTභවෙ න තිට්ඨෙති: ‘භවා’ති ද්වෙ භවා: කම්මභවො ච පටිසන්ධිකො ච පුනබ්භවො. කතමො කම්මභවො: පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො, අයං කම්මභවො. කතමො පටිසන්ධිකො පුනබ්භවො: පටිසන්ධිකො රූපං වෙදනා{1} සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං පටිසන්ධිකො පුනබ්භවො. භවෙ න තිට්ඨෙති නන්දිඤ්ච නිවෙසනඤ්ච අභිසංඛාරසහගතං විඤ්ඤාණඤ්ච කම්මභවඤ්ච පටිසන්ධිකඤ්ච පුනබ්භවං පජහන්තො විනොදෙන්තො බ්යන්තීකරොන්තො අනභාවං ගමෙන්තො කම්මභවෙ න තිට්ඨෙය්ය, පටිසන්ධිකෙ පුනබ්භවෙ න තිට්ඨෙය්ය, න සන්තිට්ඨෙය්යාති ‘පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ. ‘
Sinhala BJTභවෙ න තිට්ඨෙ යනු: ‘භවා’ යනු භව දෙදෙකි: කර්‍මභවය ද ප්‍රතිසංන්ධි සංඛ්‍යාත පුනර්‍භවය දැ යි. කර්‍මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්‍මභව නම් වෙයි. ප්‍රතිසන්ධිසංඛ්‍යාත පුනර්‍භවය කවරැ යත්: ප්‍රතිසන්ධියෙහි වූ රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාර යැ විඥාන යැ යන යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ප්‍රතිසන්ධික පුනර්‍භවය වේ. භවෙ න තිට්ඨෙ යනු: නන්‍දියත් නිවෙශනයත් අභිසංස්කාර සහගත විඥානයත් කර්මභවයත් ප්‍රතිසන්ධික පුනර්භවයත් හැරපියනුයේ දුරු කරනුයේ විගතාත්න කරනුයේ අනු අභාවයට පත් කරනුයේ කර්මභවයෙහි නො සිටුනේ යැ ප්‍රතිසන්ධික පුනර්‍භවයෙහි නො සිටුනේ යැ මොනොවට නො සිටුනේ යැ නුයි ‘පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යං කිඤ්චි සම්පජානාසි (මෙත්තගූති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ, එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ”ති
Sinhala BJT“යං කිඤ්චි සම්පජානාසි -පෙ- පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ” යී.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJTඑවංවිහාරී සතො අප්පමත්තො භික්ඛු චරං හිත්වා මමායිතානි, ජාතිං ජරං{1} සොකපරිද්දවඤ්ච{2} ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛං.
Sinhala BJTමෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැර පියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බැව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
Pali BJTඑවංවිහාරී සතො අප්පමත්තොති ‘එවංවිහාරී’ති: නන්දිඤ්ච නිවෙසනඤ්ච අභිසංඛාරසහගතවිඤ්ඤාණඤ්ච කම්මභවඤ්ච පටිසන්ධිකඤ්ච පුනබ්භවං පජහන්තො විනොදෙන්තො බ්යන්තීකරොන්තො අනභාවං ගමෙන්තොති ‘එවංවිහාරී’. සතොති: චතුහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනා සතිපට්ඨානං භාවෙන්තො -පෙ- සො වුච්චති සතො. අප්පමත්තොති: සක්කච්චකාරී සාතච්චකාරී අට්ඨිතකාරී අනොලීනවුත්තී අනික්ඛිත්තඡන්දො අනික්ඛිත්තධුරො අප්පමත්තො කුසලෙසු ධම්මෙසු. කථාහං අපරිපූරං වා සීලක්ඛන්ධං පරිපූරෙය්යං, පරිපූරං වා සීලක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුගණ්හෙය්ය’න්ති{3} යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමත්තො අප්පමාදො කුසලෙසු ධම්මෙසු, කථාහං අපරිපූරං වා සමාධික්ඛන්ධං-පඤ්ඤාක්ඛන්ධං-විමුත්තික්ඛන්ධං-විමුත්තිඤාණදස්සනක්ඛන්ධං පරිපූරෙය්යං, පරිපූරං වා විමුත්තිඤාණදස්සනක්ඛන්ධං තත්ථ තත්ථ පඤ්ඤාය අනුගණ්හෙය්ය’න්ති{3}. යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමත්තො අප්පමාදො කුසලෙසු ධම්මෙසු, කථාහං අභිඤ්ඤාතං වා දුක්ඛං පරිජානෙය්යං, අප්පහීනෙ වා කිලෙසෙ පජහෙය්යං, අභාවිතං වා මග්ගං භාවෙය්යං, අසච්ඡිකතං වා නිරොධං සච්ඡිකරෙය්ය’න්ති යො තත්ථ ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච ආතප්පං පධානං අධිට්ඨානං අනුයොගො අප්පමත්තො අප්පමාදො කුසලෙසු ධම්මෙසූ’ති ‘එවංවිහාරී සතො අප්පමත්තො.
Sinhala BJTඑවං විහාරී සතෝ අප්පමත්තො යනු: එවං විහාරී යි: නන්‍දිය ත් නිවෙශනය ත් අභිසංස්කාර සහගත විඥානය ත් කර්‍මභවය ත් ප්‍රතිසන්ධික පුනර්‍භවය ත් හැරපියනුයේ දුරු කරනුයේ විහතාන්ත කරනුයේ අනුඅභාවයට යවනුයේ නුයි ‘එවං විහාරී’ යනු වේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් .. හේ ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබෙයි. අප්පමත්තො යනු: කුසල් දහම්හි සකසා කරනුයේ සතත භාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ ඡන්‍දය ඇතියේ නො තැබූ වීර්‍ය්‍ය ධුර ඇතියේ අප්‍රමත්ත වූයේ ‘කිසෙයින් මම් නො පිරිපුන් ශීලස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන්ශීලස්කන්ධය හෝ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්‍යතා කුශලච්ඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, කිසෙයින් මම් නො පිරිපුන් සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධය... විමුක්තිස්කන්‍ධය... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්‍යතා කුශලච්ඡන්දයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, කිසෙයින් මම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ නො පුහුන් කෙලෙස් හෝ ප්‍රහාණය කෙරෙම් දෝ හෝ නො වැඩූ මාර්‍ගය හෝ වඩම් දෝ හෝ නො පසක් කළ නිරෝධය හෝ පසක් කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් ඡන්‍දයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘එවං විහාරී සතෝ අප්පමත්තො’ යනු වේ.
Pali BJTභික්ඛු චරං හිත්වා මමායිතානීති: ‘භික්ඛූ’ති පුථුජ්ජන කල්යාණකො වා භික්ඛු සෙඛො වා{1} භික්ඛු. චරන්ති: චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තො. මමායිතානීති: ද්වෙ මමත්තා: තණ්හාමමත්තං ච දිට්ඨිමමත්තං ච -පෙ- ඉදං තණ්හාමමත්තං -පෙ- ඉදං දිට්ඨිමමත්තං. තණ්හාමමත්තං පහාය දිට්ඨිමමත්තං පටිනිස්සජිත්වා මමත්තෙ ජහිත්වා චජිත්වා පජහිත්වා පරිච්චජිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘භික්ඛු චරං හිත්වා මමායිතානි.’
Sinhala BJTභික්ඛු චරං හිත්‍වා මමායිතානි යනු: ‘භික්ඛු’ යි: පෘථග්ජන කල්‍යාණක මහණ හෝ වෙයි, ශෛක්‍ෂ මහණ හෝ වෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ. මමායිතානි යනු: තෘෂ්ණාමමත්ව ද, දෘෂ්ටිමමත්ව දැ යි මමත්‍ව දෙකෙකි... මේ තෘෂ්ණා මමත්‍ව යැ... මේ දෘෂ්ටි මමත්‍ව යැ. තෘෂ්ණාමමත්වය හැරපියා දෘෂ්ටිමමත්වය දුරු කොට මමත්වයන් බැහැර කොට හැරපියා වෙසෙසින් බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පත් කොට නුයි ‘භික්ඛු චරං හිත්‍වා මමායිතානි’ යනු වේ.
Pali BJTජාතිං ජරං සොකපරිද්දවං ච ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛන්ති: ‘ජාතී’ති: යා තෙසං තෙසං සත්තානං -පෙ- ජරන්ති: යා තෙසං තෙසං සත්තානං -පෙ- සොකොති: ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස -පෙ- පද්දරිවන්ති{2} ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස -පෙ- ඉධාති: ඉමිස්සා දිට්ඨියා -පෙ- ඉමස්මිං ලොකෙ. විද්වාති: විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී. දුක්ඛන්ති: ජාතිදුක්ඛං -පෙ- දොමනස්සුපායාසදුක්ඛං. ජාති ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛන්ති: විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී{3} ඉධෙව ජාතිඤ්ච ජරඤ්ච සොකපරිද්දවඤ්ච පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති ‘ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛං’.
Sinhala BJTජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං යනු: ‘ජාති’ යි: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... ජරං යි: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... සොකො යි: ඥාති ව්‍යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... පරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... ඉධ යනු: මේ දෘෂ්ටියෙහි... මේ මිනිස් ලොවැ. විදවා යනු: ත්‍රිවිද්‍යාවට පැමිණියේ නැණැත්තේ විමසුම් නුවණැත්තේ තුලිතප්‍රඥා ඇත්තේ මෙහි මැ ජාතිය ත් ජරාව ත් සෝකයත් පරිදේවය ත් යන දුක බැහැර කරන්නේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට යවන්නේ නුයි ‘ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එවංවිහාරී සතො අප්පමත්තො භික්ඛු චරං හිත්වා මමායිතානි ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විද්වා පජහෙය්ය දුක්ඛ”න්ති.
Sinhala BJT“එවං විහාරී සතෝ අප්පමත්තො -පෙ- ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං” යි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJTඑතාභිනන්දාමි වචො මහෙසිනො සුකිත්තිතං ගොතම නූපධීකං, අද්ධා හි භගවා පහාසි දුක්ඛං තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ කී.) මහර්ෂී වූ, මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගනිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින්) නිරුපධි වූ නිර්‍වාණය මොනවට ප්‍රකාශ කරන ලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද.
Pali BJTඑතාභිනන්දාමි වචො මහෙසිනොති: එත’න්ති: තුය්හං වචනං බ්යප්පථං{3} දෙසනා අනුසිට්ඨිං{4} අභිනන්දාමීති නන්දාමි අභිනන්දාමි මොදාමි අනුමොදාමි ඉච්ඡාමි සාදියාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමි. මහෙසිනොති මහෙසි භගවා: මහන්තං සීලක්ඛන්ධං. එසි ගවෙසි පරියෙසීති මහෙසි -පෙ- ‘කහං නරාසභො’ති මහෙසීති ‘එතාභිනන්දාමි වචො මහෙසිනො’
Sinhala BJTඑතාභිනන්‍දාමි වචො මහෙසිනො, යනු: ‘එතං’ යි: මුඹ වහන්සේ ගේ කියමන, වාක්‍යපථය දේශනය අනුශාසනය දක්වා කීම පිළිගනිමි, (එයට) සතුටු වෙමි, (එය) අනුමෝදන් වෙමි, ඉස්නෙමි, ඉවසමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඊප්සා කෙරෙමි, අභිජල්පනය කෙරෙමි. මහෙසිනො යනු: කුමක් හෙයින් බුදුහු මරහ්ෂී වෙත් ද? යත්: මහත් වූ, ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි මහර්ෂී හ. ... “නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ” යි මහර්ෂී වෙත් නුයි ‘එතාභිනන්‍දාමි වචො මහෙසිනො’ යනු වේ.
Pali BJTසුකිත්තිතං ගොතම නූපධීකන්ති ‘සුකිත්තිත’න්ති සුකිත්තිතං සු ආචික්ඛිතං සුදෙසිතං සුපඤ්ඤපිතං සුපට්ඨපිතං සුවිවරිතං සුවිභජිතං සුඋත්තානීකතං සුපකාසිතන්ති ‘සුකිත්තිතං’.
Sinhala BJTසුකිත්තිතං ගොතම නූපධීකං යනු: ‘සුකිත්තිතං’ යි: මොනොවට ප්‍රකාශ කරන ලද, මොනොවට කියන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවන ලද, මොනොවට පිහිටුවන ලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට නො ගැඹුරු කරන ලද, මොනොවට පවසන ලද නුයි ‘සුකිත්තිතං’ යනු වේ.
Pali BJTගොතම නූපධීකන්ති උපධී වුච්චන්ති{1} කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. උපධිපහානං උපධිවුපසමං උපධිපටිනිස්සග්ගං උපධිපටිප්පස්සද්ධිං{2} අමතං නිබ්බානන්ති ‘සුකිත්තිතං ගොතමනූපධීකං’.
Sinhala BJTගොතම නුපධීකං යනු: ක්ලේශයෝ ද, ස්කන්‍ධයෝ ද, අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති. උපධි ප්‍රහාණය, උපධි සන්හිඳුවීම, උපධි හැරපීම, උපධි ප්‍රතිප්‍රශ්‍රබ්ද්ධිය අමාමහනිවන නුයි ‘සුකිත්තිතං ගොතම නුපධීකං’ යනු වේ.
Pali BJTඅද්ධා හි භගවා පහාසි දුක්ඛන්ති’ ‘අද්ධා’ති එකංසවචනං{3} නිස්සංසයවචනං නික්කඞ්ඛාවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං{4} අපන්නකවචනං අවත්ථානවචනමෙතං ‘අද්ධා’ති භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති. පහාසි දුක්ඛන්ති ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං පහාසි පජහි විනොදෙසි බ්යන්තීකරොසි අනභාවං ගමෙසීති ‘අද්ධා හි භගවා පහාසි දුක්ඛං’.
Sinhala BJTඅද්ධා හි භගවා පහාසි දුක්ඛං යනු: ‘අද්ධා’ යනු: ඒකාන්ත වචන යැ, නිස්සංශය වචන යැ, නිසැක වචන යැ, අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ, නියෝග වචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු අර්‍හත්ඵල සාක්‍ෂාත් කරණයෙන් උපන් ප්‍රඥප්තියෙකි. පහාසි දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලූහ, බැහැර කළහ, විනෝදනය කළහ. විගතාන්ත කළහ, අනු අභාවයට යැවූහු නුයි ‘අද්ධා හි භගවා පහාසි දුක්ඛං’ යනු වේ.
Pali BJTතථා හි තෙ විදිතො එස ධම්මොති තථා හි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම්මො ති ‘තථා හි තෙ විදිතො එස ධම්මො’.
Sinhala BJTතථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: ඒ එසේ මැ යි, මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද, තුලනය කරන ලද, තීරණය කරන ලද, ප්‍රකට කරන ලද, විභාවනය කරන ලද නුයි ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“එතාභිනන්දාමි වචො මහෙසිනො සුකිත්තිතං ගොතම නූපධීකං, අද්ධාහි භගවා පහාසි දුක්ඛං තථා හි තෙ විදිතො එස ධම්මො”ති.
Sinhala BJT“එතාභිනන්දාමි වචො මහෙසිනො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
Pali BJT4. 10.
Sinhala BJT4. 10.
Pali BJTතෙ චාපි නූන පජහෙය්යු දුක්ඛං{5} යෙ ත්වං මුනී අට්ඨිතං{6} ඔවදෙය්ය, තං තං නමස්සාමි සමෙච්ච නාගං අප්පෙව මං භගවා අට්ඨිතං ඔවදෙය්ය.
Sinhala BJTමුනි වූ සර්‍වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැවි.
Pali BJTතෙ චාපි නූන පජහෙය්යු දුක්ඛන්ති: ‘තෙචාපී’ති: ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච{7} මනුස්සා ච. පජහෙය්යු දුක්ඛන්ති ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං පජහෙය්යුං විනොදෙය්යුං බ්යන්තීකරෙය්යුං අනභාවං ගමෙය්යුන්ති ‘තෙ චාපි නූන පජහෙය්යු දුක්ඛං’.
Sinhala BJTතෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං යනු: ‘තෙචා’පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. පජහෙය්‍යු දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලන්නාහ, බැහැර ලන්නාහ, විගතාන්ත කරන්නාහ, අනුඅභාවයට යවන්නාහු’ යි ‘තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං’ යනු වේ.
Pali BJTයෙ ත්වං මුනී අට්ඨිතං ඔවදෙය්යාති: ‘යෙති: ඛත්තියෙ ච බ්රාහ්මණෙ ච වෙස්සෙ ච සුද්දෙ ච ගහට්ඨෙ ච පබ්බජිතෙ ච දෙවෙ ච මනුස්සෙ ච. ත්වන්තී: භගවන්තං භණති. මුනීති ‘මොනං’ වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනී. අට්ඨිතං ඔවදෙය්යාති: අට්ඨිතං ඔවදෙය්ය සක්කච්චං ඔවදෙය්ය, අභිණ්හං ඔවදෙය්ය, පුනප්පුනං ඔවදෙය්ය, අනුසාසෙය්යාති යෙ ත්වං මුනී අට්ඨිතං ඔවදෙය්ය.’
Sinhala BJTයෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු: ‘යෙ’ යනු: ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද ගෘහස්ථයන් ද ප්‍රව්‍රජිතයන් ද දෙවියන් ද මිනිසුන් ද. ත්‍වං යනු: භාග්‍යවතුන් වහන්සේ අමතයි. මුනී යනු: ඥානය ‘මොන’ යයි කියනු ලැබේ ... ඒ මුනි තෙම සඞ්ගජාලය ඉක්ම සිටුනේ යි. අට්ඨිතං ඕවදෙය්‍ය යනු: නො නැවැත අවවාද කළ මැනැව, සකසා අවවාද කළ මැනැව, එක්වන් අවවාද කළ මැනැව, පුනපුනා අවවාද කළ මැනැව, අනුශාසනා කළ මැනැව නුයි ‘යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු වේ.
Pali BJTතං තං නමස්සාමි සමෙච්ච නාගන්ති: ‘තන්ති’ භගවන්තං භණති. නමස්සාමීති කායෙන වා නමස්සාමි, වාචාය වා නමස්සාමි, චිත්තෙන වා නමස්සාමි අන්වත්ථපටිපත්තියා වා නමස්සාමි, ධම්මානුධම්මපටිපත්තියා වා නමස්සාමි, සක්කරොමි, ගරුකරොමි{1}, මානෙමි, පූජෙමි. සමෙච්චාති සමෙච්ච අභිසමෙච්ච සමාගන්ත්වා අභිසමාගන්ත්වා සම්මුඛා තං නමස්සාමි. නාගන්ති නාගො ච භගවා, ‘ආගුං න කරොතීති නාගො, න ගච්ඡන්තීති නාගො, න ආගච්ඡන්තීති නාගො. කථං භගවා ආගුං න කරොතීති නාගො: ‘ආගු’ වුච්චති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජරාමරණීයා.
Sinhala BJTතං තං නමස්සාමි සමෙච්ච නාගං යනු: ‘තං’ යි බුදුන් අමතයි. නමස්සාමි යනු: කයින් හෝ නමදිමි, වචනයෙක් හෝ නමදිමි, සිතින් හෝ නමදිමි, අර්‍ත්‍ථානුගත ප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, සත්කාර කෙරෙමි, ගරුකාර කෙරෙමි, මානනය කෙරෙමි, පූජනය කෙරෙමි. සමෙච්ච යනු: එළඹ ප්‍රතිවේධ කොට හමු වැ සමීපයට පැමිණ හමුයෙහි මුඹ වහන්සේ නමදිමි. නාගං යනු: භාග්‍යවතුන් වහන්සේ නාග ද වෙති: පව් නො කෙරෙත් නුයි නාග යැ, අගති වශයෙන් නො යෙත් නුයි නාග යැ, (ප්‍රහීණ කෙලෙසුන් කරා) නො එත් නුයි නාග යැ. කිසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි නාග නම් වෙත් ද යත්: සංක්ලෙශපක්ෂයෙහි වූ පුනර්‍භවය කරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙති.
Pali BJT12 “ආගුං න කරොති කිඤ්චි ලොකෙ (සභියාති භගවා) සබ්බසංයොගෙ විසජ්ජ බන්ධනානි,{2} සබ්බත්ථ න සජ්ජතී විමුත්තො නාගො තාදී පවුච්චතෙ තථත්තා”ති.{a}
Sinhala BJT12 (බුදුහු මෙසේ වදාළහ: සභියමාණවකයෙනි,) යමෙක් ලොවැ අල්පමාත්‍ර වූ ද, පාපයක් නො කෙරේ ද හෙතෙම හැම සංයොගයෙහි බන්ධනයන් හැර පියා විමුක්ත වූයේ (ස්කන්‍ධාදි) කිසි තැනෙකැ නො ලැගෙයි, එබඳු වූ තාදී තෙම ‘නාග’ යයි කියනු ලැබේ.
Pali BJTඑවං භගවා ‘ආගුං න කරොතීති නාගො.
Sinhala BJTමෙසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි ‘නාග’ නම් වෙති.
Pali BJTකථං න භගවා න ගච්ඡතීති නාගො: භගවා න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති, න මොහවසෙන ගච්ඡති, න මානවසෙන ගච්ඡති, න දිට්ඨිවසෙන ගච්ඡති, න උද්ධච්චවසෙන ගච්ඡති, න විචිකිච්ඡාවසෙන ගච්ඡති, න අනුසයවසෙන ගච්ඡති, න වග්ගෙහි ධම්මෙහි සායති, නිය්යති වුය්හති සංහරීයති. එවං භගවා ‘න ගච්ඡතී’ති නාගො.
Sinhala BJTකි සෙයින්, බුදුහු අගතියට නො යෙත් නුයි ‘නාග’ නම් වෙත් ද යත්: බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයෙන් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මෝහ වශයෙන් නො යෙති, මාන වශයෙන් නො යෙති, දෘෂ්ටි වශයෙන් නො යෙති, ඖද්ධත්‍ය වශයෙන් නො යෙති, විචිකිත්සා වශයෙන් නො යෙති, අනුශය වශයෙන් නො යෙති, ව්‍යග්‍ර ධර්‍මයන් විසින් නො යවනු ලැබෙති, නො පමුණුවනු ලැබෙති, නූසුලනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් නො යෙත් නුයි බුදුහු ‘නාග’ නම් වෙති.
Pali BJTකථං භගවා න ආගච්ඡතීති නාගො: සොතාපත්තිමග්ගෙ යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති, න පච්චාගච්ඡති. සකදාගාමිමග්ගෙන-අනාගාමිමග්ගෙන-අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති න පච්චාගච්ඡති. එවං න ආගච්ඡතී’ති ‘නාගොති’. ‘තං තං නමස්සාමි සමෙච්ච නාගං’.
Sinhala BJTකිසෙයින් බුදුහු නො එත් නුයි ‘නාග’ නම් වෙත් ද? යත්: සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො එති, පසු වැ නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින් අනගැමි මඟින් රහත් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම්, ඒ කෙලෙසුන් කරා පෙරළා නො එති, පසු වැ නො එති, ආපසු නො එති. මෙසෙයින් බුදුහු නො එතී ‘නාග’ වෙත් නුයි ‘තං තං නමස්සාමි සමෙච්ච නාගං’ යනු වේ.
Pali BJTඅප්පෙව මං භගවා ඔවදෙය්යාති. අප්පෙව මං භගවා අට්ඨිතං ඔවදෙය්ය, සක්කච්චං ඔවදෙය්ය, අභිණ්හං ඔවදෙය්ය, පුනප්පුනං ඔවදෙය්ය, අනුසාසෙය්යාති ‘අප්පෙව මං භගවා අට්ඨිතං ඔවදෙය්ය’.
Sinhala BJTඅප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය යනු: භාග්‍යවතුන් වහන්සේ මට නො කඩ කොට අවවාද කරන්නාහු නම් සකසා අවවාද කරන්නාහු නම් එක්වන් අවවාද කරන්නාහු නම් පුනපුනා අවවාද කරන්නාහු නම් අනුශාසනා කරන්නාහු නම් මැනැව නුයි ‘අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“තෙ චාපි නූන පජහෙය්යු දුක්ඛං යෙ ත්වං මුනී අට්ඨිතං ඔවදෙය්ය, තං තං නමස්සාමි සමෙච්ච නාගං අප්පෙව මං භගවා අට්ඨිතං ඔවදෙය්යා”ති.
Sinhala BJT“තෙ චා’පි නූනපජහෙය්‍යු දුක්ඛං -පෙ- අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය” යි.
Pali BJT4. 11.
Sinhala BJT4. 11.
Pali BJTයං බ්රාහ්මණං වෙදගුං{1} ආභිජඤ්ඤා අකිඤ්චනං කාමභවෙ අසත්තං, අද්ධා හි සො ඔඝමිමං අතාරි තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්‍රාහ්මණ වූ යමක්හු මාර්‍ගඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝ තරණය කළා වූ ද (රාගාදි ඛිල රහිත වූ දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්‍වාණ පාරයට ගියේ යි.
Pali BJTයං බ්රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤාති ‘බ්රාහ්මණො’ති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො: සක්කායදිට්ඨි බාහිතා හොති, විචිකිච්ඡා බාහිතා හොති, සීලබ්බතපරාමාසො බාහිතො හොති, රාගො බාහිතො හොති, දොසො බාහිතො හොති, මොහො බාහිතො හොති, මානො බාහිතො හොති, බාහිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTයං බ්‍රාහ්මණං වෙදගුංආභිජඤ්ඤා යනු: බ්‍රාහ්මණො’යි සප්ත ධර්‍ම කෙනකුන් දුරු කළ බැවින් බ්‍රාහ්මණ යැ: සත්කාය දෘෂ්ටිය දුරු කරන ලද වෙයි, විචිකිත්සාව- ශීල ව්‍රත පරාමර්‍ශය-රාගය- ද්වේෂය- මෝහය- මානය- දුරු කරන ලද වෙයි. ඔහු විසින් සාංක්ලේශික වූ පුනර්‍භවය කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක ඇති ආයති භවයෙහි ජාතිජරාමරණය පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ දුරු දරන ලද්දාහු වෙත්.
Pali BJT13. “බාහෙත්වා සබ්බපාපකානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා”{a}
Sinhala BJT13. (‘සභිය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මොනොවට සමාහිත වු, ලෝකධර්මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්ම සිටි, නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ, ඒ ක්‍ෂීණාස්‍රව තෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද ලෝක ධර්‍මයෙන් නිර්විකාර හෙයින් ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්‍රාහ්මණ’ නම් වේ.
Pali BJTවෙදගූති: ‘වෙදො’ වුච්චති චතුසු මග්ගෙසු ඤාණං -පෙ- සබ්බවෙරමතිච්ච වෙදගූ සො. ආභිජඤ්ඤාති අභිජානෙය්ය, ආජානෙය්ය, විජානෙය්ය, පටිවිජානෙය්ය, පටිවිජ්ඣෙය්යාති ‘යං බ්රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා.’
Sinhala BJTවේදගු යනු: සතර මාර්‍ගයන්හි ඥානය ‘වෙද’ යි කියනු ලැබෙයි.... හෙතෙම සියලු වෛරය ඉක්ම වේදගූ වෙයි. ආභිජඤ්ඤා යනු: වෙසෙසින් දන්නේ යැ එකත්නෙන් දන්නේ යැ නොයෙක් අයුරින් දන්නේ යැ ඒ ඒ කරුණු නිසා දන්නේ යැ ප්‍රතිවේධ කරන්නේ යැ නුයි ‘යං බ්‍රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා’ යනු වේ.
Pali BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තන්ති: ‘අකිඤ්චනං’ ති: රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං. යස්සෙතෙ කිඤ්චනා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ‘අකිඤ්චනො’. කාමාති: උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. භවාති: ද්වෙ භවා: කම්මභවො ච පටිසන්ධිකො ච පුනබ්භවො -පෙ- අයං පටිසන්ධිකො පුනබ්භවො.
Sinhala BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: ‘අකිඤ්චනං’ යයි: රාග පළිබෝධ යැ ද්වේෂ පළිබෝධ යැ මෝහ පළිබෝධ යැ මාන පළිබෝධ යැ දෘෂ්ටි පළිබෝධ යැ ක්ලේශ පළිබෝධ යැ දුශ්චරිත පළිබෝධ යි. යමක්හට මේ පළිබෝධයෝ ප්‍රහීණ වූවාහු මුලුසුන් වූවාහු ව්‍යුපශාන්ත වූවාහු සන්හිඳුණාහු අභව්‍යොත්පත්තික (උපදනට නො නිසි) වූවාහු නුවණ ගින්නෙන් දැවුණාහු වෙත් ද, හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ, යි කාම දෙකෙකි ... මොහු වස්තුකාමහ’යි කියනු ලැබෙති... මොහු ක්ලෙශකාමහ’ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්‍ධි සංඛ්‍යාත පුනර්‍භවය දැ යි භව දෙකෙකි.... මේ ප්‍රතිසන්ධික පුනර්‍භව යැ.
Pali BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තන්ති: අකිඤ්චනං පුග්ගලං කාමභවෙ ච අසත්තං අලග්ගං අලග්ගිතං අපළිබුද්ධං නික්ඛන්තං නිස්සටං විප්පමුත්තං{1} විසංයුත්තං විමරියාදීකතෙන චෙතසා විහරන්තන්ති ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’
Sinhala BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: පළිබෝධ රහිත පුඟුලක්හු කාමභවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්නා ලද නො බැඳුණු නික්මුණු බැහැර වූ වෙසෙසින් මිදුණු විසංයුක්ත වූ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වාසය කරන්නාහු නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.
Pali BJTඅද්ධා හි සො ඔඝමිමං අතාරීති: ‘අද්ධා’ති: එකංසවචනං -පෙ- අවත්ථාපනවචනමෙතං ‘අද්ධා’ති. ඔඝන්ති: කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං. අතාරීති: අතරි උත්තරි පතරි සමතික්කමි. වීතිවත්තයීති ‘අද්ධා හි සො ඔඝමිමං අතාරි.’
Sinhala BJTඅද්ධා හි සො ඔඝමිමං අතාරී යනු: ‘අද්ධා’ යයි: ඒකාන්තවචන යැ ... තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචනයෙකි. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දිට්ඨොඝ යැ අවිජ්ජොඝ යි. අතාරි යනු: තරණ-උත්තරණ-ප්‍රතරණ-සමතික්‍රමණ කෙළේ යැ ඉක්ම (ඵලයෙහි) සිටියේ යැ නුයි ‘අද්ධා හි සො ඔඝමිමං අතාරී’ යනු වේ.
Pali BJTතිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛොති: ‘තිණ්ණො’ති: කාමොඝං තිණ්ණො,{1} භවොඝං තිණ්ණො, දිට්ඨොඝං තිණ්ණො, අවිජ්ජොඝං තිණ්ණො, සංසාරපථං තිණ්ණො, උත්තිණ්ණො නිත්තිණ්ණො{2} අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො, සො වුත්ථවාසො{3} චිණ්ණචරණො ගතද්ධො ගතදිසො ගතකොටිකො පාලිතබ්රහ්මචරියො උත්තමදිට්ඨිප්පත්තො භාවිතමග්ගො පහීනකිලෙසො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො. දුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, මග්ගො භාවිතො, නිරොධො සච්ඡිකතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං, පහාතබ්බං පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං. සො උක්ඛිත්තපලිඝො සඞ්කිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගලො අරියො පන්නධජො පන්නභාරො විසඤ්ඤුත්තො පඤ්චඞ්ගවිප්පහීනො ඡළඞ්ගසමන්නාගතො එකාරක්ඛො චතුරපස්සෙනො පනුණ්ණපච්චෙකසච්චො සමවයසට්ඨෙසනො අනාවිලසඞ්කප්පො පස්සද්ධකායසංඛාරො සුවිමුත්තචිත්තො සුවිමුත්තපඤ්ඤො කෙවලී වුසිත්වා උත්තමපුරිසො පරමපුරිසො පරමප්පත්තිපත්තො.{4}
Sinhala BJTතිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො යනු: තිණ්ණො යි: කාමෝඝය තරණය කෙළේ යැ භවොඝය තරණය කෙළේ යැ දිට්ඨොඝය තරණය කෙළේ යැ අවිජ්ජෝඝය තරණය කෙළේ යැ සසර කතර තරණය කෙළේ යැ උත්තරණය කෙළේ යැ නිස්තරණය කෙළේ යැ ඉක්ම වූයේ යැ මොනොවට ඉක්ම වූයේ යැ ඉක්ම සිටියේ යැ හෙතෙම (දශවිධ ආර්‍ය්‍ය වාසය) වැස නිමවූයේ, (ශීලය හා සමාධියෙහි) චීර්ණවශී වූයේ, සසර අදන්මඟ ඉක්ම වූයේ, (පෙර නො ගිය විරූ) නිවන් දෙසට ගියේ, (අනුපාදිශේෂ නිර්‍වාණ) කෝටියට පැමිණ සිටියේ, රක්‍ෂිත බ්‍රහ්මචරියවාස ඇත්තේ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියේ, භාවිතමාර්ග ඇත්තේ, ප්‍රහීණ ක්ලේශ ඇත්තේ, ප්‍රතිවේධ කළ (අර්‍හත්ඵල සංඛ්‍යාත) අකෝප්‍යය ඇත්තේ, සාක්‍ෂාත්කෘත නිරෝධ ඇත්තේ වෙයි. ඔහු විසින් දුක පිරිසිඳ දන්නා ලද යැ, සමුදය ප්‍රහාණය කරන ලද යැ, මාර්‍ගය වඩන ලද යැ, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන ලද. ස්වලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්‍ෂණාවබෝධයෙන් දන්නා ලද යැ, සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දන්නා ලද යැ, ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කරන ලද යැ, වැඩිය යුත්ත වඩන ලද යැ, ප්‍රත්‍යක්‍ෂ කළ යුත්ත ප්‍රත්‍යක්‍ෂ කරන ලද. හෙතෙම නඟන ලද අවිද්‍යාපරිඝ ඇත්තේ යැ, සංකීර්‍ණ (විසුරුවන ලද) කර්මාභිසංස්කාර පරිඛා ඇත්තේ යැ, උදුරන ලද තෘෂ්ණා ඒෂිකා ඇත්තේ යැ, (ඕරම්භාගිය සංයෝජන සංඛ්‍යාත) අගුළු රහිත යැ, ආර්‍ය්‍ය (නික්ලේශ) යැ, හෙළන ලද මානධ්වජ ඇත්තේ යැ, තබන ලද (ස්කන්‍ධාදි) බර ඇත්තේ යැ, සංයොග රහිත යැ, (කාමච්ඡන්‍දාදි) පඤ්චාංග විප්‍රහීණ යැ, ෂඩංග (උපේක්‍ෂායෙන්) සමන්‍වාගත යැ, (ස්මෘති සංඛ්‍යාත) එකාරක්ෂා ඇත්තේ යැ, (ප්‍රතිසෙවනාදි) චතුර්විධ අපශ්‍රයන් ඇත්තේ යැ, බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍යය ඇත්තේ යැ, මොනොවට හරන ලද සියලු ඒෂණා (සෙවීම්) ඇත්තේ යැ, නො කැළඹූණු සංකල්ප ඇත්තේ යැ, සන්හිඳුණු කාය සංස්කාර ඇත්තේ යැ, මොනොවට මිදුණු සිත් ඇත්තේ යැ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ යැ පරිපූර්‍ණ යැ. වුසූ බඹසර ඇත්තේ යැ, උත්තම පුරුෂ යැ, පරම පුරුෂ යැ, පරමප්‍රාප්තියට පැමිණියේ යි.
Pali BJTසො නෙව ආචිනාති, න අපචිනාති, අපචිනිත්වා ඨිතො, නෙව පජහති, න උපාදියති, පජහිත්වා ඨිතො, නෙව විසිනෙති, නඋස්සිනෙති, විසිනෙත්වා ඨිතො. නෙව ධූපෙති, න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො. අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතත්තා ඨිතො.
Sinhala BJTහෙතෙම (කුශලාකුශල විපාකය) රැස් නො කරයි, (ඵලයෙහි සිටි හෙයින් විපාක) විධවංසනය නො කෙරෙයි, කෙලෙසුන් නසා සිටියේ වෙයි, (අවිද්‍යමාන හෙයින් කෙලෙසුන්) නො මැ දුරු කෙරෙයි, (තෘෂ්ණා-මාන-දෘෂ්ටි විසින්) උපාදානය නො කෙරෙයි, (කෙලෙසුන්) දුරු කොට සිටියේ වෙයි, (තෘෂ්ණා වශයෙන්) නො මැ සීවනය (බැඳීම) කෙරෙයි, (මාන වශයෙන්) උත්කර්ෂණය නො කෙරෙයි, තෘෂ්ණා බන්‍ධනය දුරු කොට සිටියේ වෙයි, (කෙලෙස් ගිනි) නො මැ නිවයි, නො ද දල්වයි, නිවා සිටියේ වෙයි. අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත බැවින් සිටියේ
Pali BJTඅසෙඛෙන සමාධික්ඛන්ධෙන-පඤ්ඤාක්ඛන්ධෙන-විමුත්තික්ඛන්ධෙන-විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො ඨිතො. සච්චං සම්පටිපාදියිත්වා{1} ඨිතො. එජං සමතික්කමිත්වා ඨිතො. කිලෙසග්ගිං පරියාදියිත්වා ඨිතො. අපරි ගමනතාය ඨිතො, කථං සමාදාය ඨිතො, මුත්තිපටිසෙවනතාය{2} ඨිතො. මෙත්තාය පාරිසුද්ධියා ඨිතො, කරුණාය-මුදිතාය-උපෙක්ඛාය පරිසුද්ධියා ඨිතො, අච්චන්තපාරිසුද්ධියා ඨිතො, අකම්මයතාය,{3} පරිසුද්ධියා ඨිතො, විමුත්තත්තා ඨිතො, සංතුසිතත්තා{4} ඨිතො, ඛන්ධපරියන්තෙ ඨිතො, ධාතුපරියන්තෙ ඨිතො, ආයතනපරියන්තෙ ඨිතො, ගතිපරියන්තෙ ඨිතො, උප්පත්තිපරියන්තෙ ඨිතො, පටිසන්ධිපරියන්තෙ ඨිතො, භවපරියන්තෙ ඨිතො, සංසාරපරියන්තෙ ඨිතො, වට්ටපරියන්තෙ ඨිතො, අන්තිමෙ භවෙ ඨිතො, අන්තිමෙ සමුස්සයෙ ඨිතො, අන්තිමදෙහධරො අරහා.
Sinhala BJTඅශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් - ප්‍රඥා ස්කන්‍ධයෙන් - විමුක්ති ස්කන්‍ධයෙන් - විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් සමන්‍වාගත බැවින් සිටියේ, චතුස්සත්‍යය ප්‍රතිවේධ කොට සිටියේ, තෘෂ්ණාව ඉක්ම සිටියේ, කෙලෙස් ගිනි ගෙවා සිටියේ, සසර ගමන් නැති බැවින් සිටියේ, නයග්‍රහණයෙන් ගෙන සිටියේ, විමුක්ති ප්‍රතිසෙවන භාවයෙන් සිටියේ, මෛත්‍රී-පාරිශුද්ධියෙන් සිටියේ, කරුණා - මෘදාතා - උපේක්‍ෂා පාරිශුද්ධියෙන් සිටියේ, අත්‍යන්ත පාරිශුද්ධියෙන් සිටියේ, අතම්මයතා (තෘෂ්ණා-දෘෂ්ටි-මානාභාව) පාරිශුද්ධියෙන් සිටියේ, (හැම කෙලෙසුන් කෙරෙන්) විමුක්ත බැවින් සිටියේ, සන්තුෂ්ට භාවයෙහි සිටියේ, ස්කන්‍ධ පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ධාතු පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ආයතන පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ගති පර්‍ය්‍යන්තයෙහි සිටියේ, උපප්‍රාප්ති පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ප්‍රතිසන්‍ධි පර්‍ය්‍යන්තයෙහි සිටියේ, භව පර්‍ය්‍යන්තයෙහි සිටියේ, සංසාර පර්‍ය්‍යන්තයෙහි සිටියේ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියේ, අන්තිම භවයෙහි සිටියේ, අන්තිම ශරීරයෙහි සිටියේ, අන්තිමදෙහධර වූයේ, අර්‍හන් වූයේ වේ.
Pali BJT14. “තස්සායං පච්ඡිමකොටි{5}-චරිමොයං සමුස්සයො, ජාතිමරණ{6} සංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති
Sinhala BJT14. “ඒ, රහත්හුගේ, මේ පශ්චිම කෙළවර වෙයි, මේ අන්තිම ශරීරය වෙයි, ජාතිමරණ සංසාරය, පුනර්‍භවය ඔහුට නැත්තේ යි.”
Pali BJTතිණ්ණො ච පාරන්ති ‘පාරං’ වුච්චති අමතං නිබ්බානං “යො සො සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” සො පාරගතො පාරප්පත්තො{7} අන්තගතො අන්තප්පත්තො{8}. කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො{9} අමතගතො අමතප්පත්තො{10} නිබ්බානගතො නිබ්බානප්පත්තො සො වුත්ථවාසො චිණ්ණචරණො{11} -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති ‘තිණ්ණො ච පාරං’.
Sinhala BJTතිණ්ණොච පාරං යනු: අමෘත වූ නිර්‍වාණය ‘පාර’ යයි කියනු ලැබෙයි, යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් ක්ලේශවිරාගයෙක් දුඃඛනිරෝධයෙක් වේ ද ඒ නිර්‍වාණය යි. හෙතෙම (මාර්‍ගයෙන්) පාරයට ගියේ, (ඵලයෙන්) පාරයට පැමිණියේ, (සංස්කාර ලෝකයෙහි) අන්තයට ගියේ අන්තයට පැමිණියේ, කෙළවරට ගියේ, කෙළවරට පැමිණියේ, (ආයතනාදි ලෝක) පර්‍ය්‍යන්තයට ගියේ, පර්‍ය්‍යන්තයට පැමිණියේ, අවසානයට ගියේ,අවසානයට පැමිණියේ, ත්‍රාණයට ගියේ, ත්‍රාණයට පැමිණියේ, ලෙනයට ගියේ, ලෙනයට පැමිණියේ, සරණයට ගියේ, සරණයට පැමිණියේ, අභයට (ක්‍ෂේමයට) ගියේ, අභයට පැමිණියේ, අච්‍යුතියට ගියේ, අච්‍යුතියට පැමිණියේ, අමෘතයට ගියේ, අමෘතයට පැමිණියේ, නිර්‍වාණයට ගියේ, නිර්‍වාණයට පැමිණියේ, හෙතෙම (දශවිධ ආර්‍ය්‍යවාස) වැස නිම වූයේ, ... (ශීලයෙන් සමාපත්තීන්හි) චීර්ණවශී වූයේ ... ජාතිමරණසංසාරසංඛ්‍යාත පුනර්‍භවය ඔහුට නැත් නුයි ‘තිණ්ණො ච පාරං’ යනු වේ.
Pali BJTඅඛිලොති රාගො ඛිලො දොසො ඛිලො මොහො ඛිලො කොධො ඛිලො උපනාහො ඛිලො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා ඛිලා, යස්සෙතෙ ඛිලා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ‘අඛිලො’.
Sinhala BJTඅඛිලො යනු: රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. යමක්හට මේ ඛිලයෝ ප්‍රහීණ වූවාහු ද මුලුසුන් වූවාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද අභව්‍යොත්පත්තික (උපදනට නො නිසි) ද නුවණ ගින්නෙන් දැවුණාහු ද, හෙතෙම ‘අඛිල’ යයි කියනු ලැබේ.
Pali BJTඅකඞ්ඛොති දුක්ඛෙ කඞ්ඛා, දුක්ඛසමුදයෙ කඞ්ඛා, දුක්ඛනිරොධෙ කඞ්ඛා, දුක්ඛනිරොධගාමිණියා පටිපදාය කඞ්ඛා, පුබ්බන්තෙ කඞ්ඛා, අපරන්තෙ කඞ්ඛා, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛා, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛා. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං{1} චිත්තස්ස මනොවිලෙඛො. යස්සෙතෙ කඞ්ඛා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ‘අකඞ්ඛොති’ තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො’.
Sinhala BJTඅකඞ්ඛො යනු: දුඃඛයෙහි සැක යැ දුඃඛසමුදයෙහි සැක යැ දුඃඛනිරෝධයෙහි සැක යැ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි සැක යැ, පූර්‍වාන්තයෙහි සැක යැ අවරාන්තයෙහි සැක යැ පූර්වාවරාන්තයෙහි සැක යැ ඉදං ප්‍රත්‍යයතා සංඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක යයි. යම් මෙ බඳු සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් (දෙපසට සැලෙන) ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (නිශ්චය කළ නො හැකි වැ) අරමුණෙහි පසු බැස්මෙක් (අරමුණට බැසගත නො හැකි වැ) හාත්පසින් පසු බැස්මෙක් (අරමුණෙහි) නො බැසගැන්මෙක් චිත්තයා ගේ තද බවෙක් (සිත හිරි අඳනා බඳු) මනෝවිලේඛයෙක් වේ ද එය යි. යමක්හට තෙල සැකය ප්‍රහීණ ද මුලුසුන් වූයේ ද සන්හිඳුණේ ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද වටාලා උපදනට නො නිසි ද නුවණ ගින්නෙන් දවන ලද ද හෙතෙම ‘අකඞ්ඛ’ යයි කියනු ලැබේ නුයි ‘තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යං බ්රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා අකිඤ්චනං කාමභවෙ අසත්තං, අද්ධා හි සො ඔඝමිමං අතාරි තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො”ති.
Sinhala BJT“යං බ්‍රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා -පෙ- තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො” යී.
Pali BJT4. 12.
Sinhala BJT4. 12.
Pali BJTවිද්වා ච යො වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ, සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි{2} සො ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJTතවද මෙසස්නෙහි (ආත්මභාවයෙහි හෝ) විද්වත් වූ ඥාන වෙදයෙන් නිවනට පැමිණි යම් සත්ත්‍වයෙක් කුදු-මහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්‍රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
Pali BJTවිද්වා ච යො වෙදගූ නරො ඉධාති ‘විද්වා’ති විද්වා විජ්ජාගතො ඤාණී විභාවී මෙධාවී. යො ති යාදිසො -පෙ- දෙවො වා මනුස්සො වා. වෙදගූති ‘වෙදා’ වුච්චන්ති චතුසු මග්ගෙසු ඤාණං “පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි.” තෙහි වෙදෙහි ජාතිජරාමරණස්ස අන්තගතො අන්තප්පත්තො{3} කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො. ‘වෙදානං වා අන්තගතො’ති වෙදගූ, ‘වෙදෙහි වා අන්තගතො’ති වෙදගූ’ සත්තන්නං වා ධම්මානං{4} විදිතත්තා වෙදගූ: සක්කායදිට්ඨි විදිතා හොති, විචිකිච්ඡා-සීලබ්බතපරාමාසො-රාගො-දොසො-මොහො-මානො විදිතො හොති, විදිතාස්ස{5} හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා{6} සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා:
Sinhala BJTවිද්වා ච යො වේදගූ නරෝ ඉධ - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (තුලනය කළ ඥාන) ඇතියේ. යො යනු: යමෙක් යම් බඳුයෙක් ... දෙවි වේවයි මිනිස් වේවයි. වේදගු යනු: සතර මාර්‍ගයෙහි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ. ප්‍රඥා යැ ප්‍රඥේන්‍ද්‍රිය යැ ප්‍රඥාබල යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීමංසා යැ විදර්‍ශනා යැ සම්‍යග්දෘෂ්ටි යි. ඒ මාර්‍ගඥාන වේදයන් ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්‍රාණයට ගියේ ත්‍රාණයට පැමිණියේ නිලීනයට ගියේ නිලීනයට පැමිණියේ ප්‍රතිෂ්ඨාවට ගියේ ප්‍රතිෂ්ඨාවට පැමිණියේ නිර්භයට ගියේ නිර්භයට පැමිණියේ අච්‍යුතයට ගියේ අච්‍යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙද (දතයුතු ධර්‍ම) යන් ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතර මාර්‍ගඥාන වෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගූ’ යැ, නොහොත් සප්ත ධර්‍මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත (දන්නා ලද) වෙයි. විචිකිත්සාව - ශීලව්‍රත පරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්‍භවය උපදවන ක්ලේශදරථ සහිත වූ දුඃඛ විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශල ධර්‍මයෝ විදිත වූවාහු වෙත්.
Pali BJT15. “වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානි පත්ථී{1} බ්රාහ්මණානං සබ්බවෙදනාසු වීතරාගො සබ්බං වෙදමතිච්ච වෙදගූ සො{a}”ති.{2}
Sinhala BJT15 (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදි වශයෙන් විමසා එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්‍රත්‍යයෙන් හෝ අනි පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථ වශයෙන් ‘වේදගූ’ නම් වේ යයි.
Pali BJTනරොති: සත්තො නරො මානවො පොසො පුග්ගලො ජීවො ජාගු{3} ජන්තු ඉන්දගු හින්දගු මනුජො. ඉධාති ඉමිස්සා දිට්ඨියා -පෙ- ඉමස්මිං මනුස්සලොකෙ ‘විද්වා ච යො වෙදගූ නරො ඉධ’.
Sinhala BJTනරෝ යනු: සත්ත්‍ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ (ඉන්‍ද්‍රියයෙන් යේ නුයි) ඉන්දගූ යැ (මරණයට යේ නුයි) හින්දගූ යැ මනුජ යැ: ඉධ යනු: මේ දෘෂ්ටියෙහි ... මේ මිනිස් ලොවැ නුයි ‘විද්වා ච යො වේදගූ නරෝ ඉධ’ යනු වේ.
Pali BJTභවාභවෙ සඞ්ගමිමං විසජ්ජාති-‘භවාභවෙ’ති: භවාභවෙ කම්මභවෙ පුනබ්භවෙ, කාමභවෙ කම්මභවෙ කාමභවෙ පුනබ්භවෙ, රූපභවෙ කම්මභවෙ රූපභවෙ පුනබ්භවෙ, අරූපභවෙ කම්මභවෙ අරූපභවෙ පුනබ්භවෙ පුනප්පුනභවෙ පුනප්පුනගතියා පුනප්පුනඋප්පත්තියා පුනප්පුනපටිසන්ධියා{4} පුනප්පුනඅත්තභාවාභිනිබ්බත්තියා. සඞ්ගාති සත්තසඞ්ගා: රාගසඞ්ගො දොසසඞ්ගො මොහසඞ්ගො මාන-දිට්ඨි-කිලෙසසඞ්ගො දුච්චරිතසඞ්ගො. විසජ්ජාති: සඞ්ගෙ වොස්සජිත්වා{5} වා විසජ්ජ, අථවා සඞ්ගෙ බද්ධෙ විබද්ධෙ ආබද්ධෙ{6} ලග්ගෙ ලග්ගිතෙ පළිබුද්ධෙ{7} බන්ධනෙ ඵොටයිත්වා{8} වා විසජ්ජ, යථා වය්හං වා රථං වා සකටං වා සන්දමානිකං වා සජ්ජං විසජ්ජං කරොන්ති විකොපෙන්ති, එවමෙව{9} සඞ්ගෙ වොස්සජිත්වා වා විසජ්ජ අථවා සඞ්ගෙ බද්ධෙ විබද්ධෙ ආබද්ධෙ ලග්ගෙ ලග්ගිතෙ පළිබුද්ධෙ බන්ධනෙ ඵොටයිත්වා වා විසජ්ජාති ‘භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ.’
Sinhala BJTභවාභවෙ සඞ්ගමිමං විසජ්ජ - ‘භවාභවෙ’ යනු: භව අභව සංඛ්‍යාත කාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්මවෘත්තයෙහි විපාක වෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තියෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි. සඞ්ගා යනු: සඞ්ගයෝ සත් දෙනෙකි: රාග සඞ්ග යැ ද්වේෂ සඞ්ග යැ මොහසඞ්ග යැ මාන-දෘෂ්ටි-ක්ලෙශසඞ්ග යැ දුශ්චරිතසඞ්ග යි. විසජ්ජ යනු: සඞ්ගයන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළාපියා හෝ හැර, යම්සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් මැ සඞ්ගයන් පරිත්‍යාග කොට හෝ හැරපියා, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළා පියා හෝ හැරපියා නුයි ‘භවාභවෙ සඞ්ගමිමං විසජ්ජා’ යනු වේ.
Pali BJTසො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති ‘තණ්හා’ති: රූපතණ්හා, -පෙ- ධම්මතණ්හා, යස්සෙසා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති වීතතණ්හො විගතතණ්හො චත්තතණ්හො වන්තතණ්හො මුත්තතණ්හො පහීනතණ්හො පටිනිස්සට්ඨතණ්හො වීතරාගො චන්නරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති සො වීතතණ්හො.
Sinhala BJTසො වීතතණ්හො අනීඝො නිරාසො අතාරී සො ජාතිජරන්ති බ්‍රෑමි - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ .....ධර්‍මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්‍රහීණ වූ ද, මුලුසුන් වූ ද, සන්හිඳුණා ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූවා ද නුවණගින්නෙන් දැවුණා ද, හෙතෙම ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ යැ පහවගිය තෘෂ්ණා ඇත්තේ යැ හරනා ලද තෘෂ්ණා ඇත්තේ යැ, වමාළ තෘෂ්ණා ඇත්තේ යැ මුදන ලද තෘෂ්ණා ඇත්තේ යැ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ යැ දුරැලන ලද තෘෂ්ණා ඇත්තේ යැ වීතරාග වූයේ යැ විගතරාග වූයේ යැ ත්‍යක්තරාග වූයේ යැ වාන්තරාග වූයේ යැ මුක්තරාග වූයේ යැ ප්‍රහීණරාග වූයේ යැ ප්‍රතිනිඍෂ්ට රාග වූයේ යැ තෘෂ්ණා රහිත වූයේ යැ නිවියේ යැ සිහිල් වූයේ යැ (කායික චෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කෙරේ ය යි කියනු ලැබේ. හෙතෙම ‘වීතතණ්හ’ නම.
Pali BJTඅනීඝොති රාගො නීඝො, දොසො නීඝො, මොහො නීඝො, කොධො නීඝො, උපනාහො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා නීඝා, යස්සෙතෙ නීඝා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ‘අනීඝො’ නිරාසොති ‘ආසා’ වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” යස්සෙසා ආසා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ‘නිරාසො’. ජාතීති “යා තෙසං තෙසං සත්තානං -පෙ- ආයතනානං පටිලාභො. ජරාති: යා තෙසං තෙසං සත්තානං -පෙ- ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා. සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති යො සො වීතතණ්හො ච අනීඝො ච නිරාසො ච සො ඛො ජාතිජරා මරණං අතරි උත්තරි පතරි සමතික්කමි වීතිවත්තයීති, බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී.’
Sinhala BJTඅනීඝො යනු: රාගය උවදුරෙක ද්වෙශය උවදුරෙක මෝහය උවදුරෙක ක්‍රෝධය උවදුරෙක බද්ධවෛරය උවදුරෙක .....හැම අකුශලාභිසංස්කාරයෝ උවදුරුහ. යමක්හට තෙල උවදුරු ප්‍රහීණ ද මුලුසුන් වූවාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූවාහු ද නුවණගින්නෙන් දැවුණාහු ද, හෙතෙම ‘අනීඝ’ යි කියනු ලැබේ. නිරාසො යනු: තෘෂ්ණාව ‘ආසා’ යි කියනු ලැබේ. යම් රාගයෙක් බලවත් රාගයෙක් ...අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හට තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහීණ ද මුලුසුන් වූ ද සන්හිඳුණා ද ප්‍රතිප්‍රශ්‍රබ්ද්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම නිරාස’යි කියනු ලැබේ. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් .....ආයතන ප්‍රතිලාභයෙක් වේ ද, ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ....ඉන්‍ද්‍රියයන් ගේ පැසීමෙක් වේ ද මේ ‘ජරා’ යි කියනු ලැබේ. සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි යනු: යමෙක් ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ ත් උවදුරු නැත්තේ ත් ආශා රහිත වූයේ ත් වේ ද, හෙතෙම ජාතිජරා මරණය (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙළේ යැ (කෙලෙස් දුරු කෙරෙමින්) උත්තරණය කෙළේ යැ (ප්‍රතිෂ්ඨා හේතු සිඳිමින්) ප්‍රතරණය කෙළේ යැ (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කෙළේ යැ (යළි උපදනට නො නිසි කෙරෙමින්) වෙසෙසින් ඉක්මවී යැ යි කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විද්වා ච යො වෙදගූ නරො ඉධ භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ, සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී”ති
Sinhala BJT“විද්වා ච යො වේදගූ නරෝ ඉධ -පෙ- අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යි.
Pali BJTසහ ගාථාපරියොසානා{1} -පෙ- සත්ථා මෙ භගවා සාවකොහමස්මීති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග .....භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමියි.
Pali BJTමෙත්තගූ සුත්තනිද්දෙසො චතුත්ථො
Sinhala BJTසතර වැනි මෙත්තගූ සූත්‍ර නිර්දේශයයි.
Pali BJT5. ධොතක සුත්තනිද්දෙසො
Sinhala BJT5. ධෝතක සූත්‍ර නිර්‍දෙශය
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙ තං (ඉච්චායස්මා ධොතකො) වාචා’භිකඞ්ඛාමි මහෙසි තුය්හං, තව සුත්වාන නිග්ඝොසං සික්ඛෙ නිබ්බානමත්තනො.
Sinhala BJT(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.)භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැව, මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමා ගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙ තන්ති ‘පුච්ඡා’ති{1} තිස්සො පුච්ඡා: අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා විමතිච්ඡෙදනා පුච්ඡා -පෙ- ඉමා තිස්සො පුච්ඡා -පෙ- නිබ්බානපුච්ඡා. පුච්ඡාමි තන්ති: පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස්සු මෙ’ති ‘පුච්ඡාමි තං.’ භගවාති ගාරවාධිවචන මෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති. බ්රූහි මෙ තන්ති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජ{2} උත්තානීකරොහි පකාසෙහීති ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙ තං’.
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං යනු: ‘පුච්ඡා’යි පෘච්ඡා තුනෙක: අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි මොහු තුන් පෘච්ඡා යි... නිර්‍වාණ පෘච්ඡා යි. පුච්ඡා මි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණය කෙරෙමි, මුඹ වහන්සේ පහදවමි, මට කිවමැනව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි...මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙ තං යනු: කිව මැනැවැ පැවැසුව මැනැවැ දෙසුව මැනැව පැනවුව මැනැව තැබුව මැනැවැ විවෘත කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං’ යනු වේ.
Pali BJTඉච්චායස්මා ධොතකොති: ‘ඉච්චා’ති පදසන්ධි{3} -පෙ- ආයස්මාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්යාධිවචන මෙතං ‘ආයස්මා’ති. ධොතකොති: තස්ස බ්රාහ්මණස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපොතී ‘ඉච්චායස්මා ධොතකො’.
Sinhala BJTඉච්චායස්මා ධොතකො යනු: ‘ඉච්චා’යි පදසන්ධි යැ...ආයස්මා යනු: ප්‍රියවචන යැ ගුරුවචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රයාධි වචන යි. ධොතකො යනු: එ බමුණුගේ නාම යැ සඞ්ඛ්‍යාවයැ සංඥාව යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නුයි ‘ඉච්චායස්මා ධොතකො’ යනු වේ.
Pali BJTවාචාභි කඞ්ඛාමි මහෙසි තුය්හන්ති: තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{4} කඞ්ඛාමි අභිකඞ්ඛාමි ඉච්ඡාමි සාදියාමි පත්ථයාමි පිහයාමි අභිජප්පාමි. මහෙසීති මහෙසි භගවා, මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති මහෙසී -පෙ- කහං නරාසභො’ති මහෙසීති ‘වාචාභිකඞ්ඛාමි මහෙසි තුය්හං.’
Sinhala BJTවාචාභිකඞ්ඛාමි මහේසි තුය්හං යනු: මුඹ වහන්සේගේ කීම වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනීය කැමැත්තෙමි, වෙසෙසින් කැමැත්තෙමි ඉස්නෙමි ඉවසමි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි රුස්නෙමි ජල්පන කෙරෙමි. මහේසි යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය ඵෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂීහ...නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කොහි දැ යි මහර්ෂි වෙත් නුයි ‘වාචාභිකඞ්ඛාමි මහේසි තුයිහං’ යනු වේ.
Pali BJTතව සුත්වාන නිග්ඝොසන්ති තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති{5} ‘තව සුත්වාන නිග්ඝොසං.’
Sinhala BJTතව සුත්‍වාන නිග්ඝොසං යනු: මුඹ වහන්සේ ගේ වචනය වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනය අසාගෙන උශෙන ධරා සලකා නුයි ‘තව සුත්‍වාන නිග්ඝොසං’යනු වේ.
Pali BJTසික්ඛෙ නිබ්බානමත්තනොති: ‘සික්ඛා’ති තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා. -පෙ- අයං අධිපඤ්ඤාසික්ඛා. නිබ්බානමත්තනොති අත්තනො රාගස්ස නිබ්බාපනාය දොසස්ස නිබ්බාපනාය, මොහස්ස නිබ්බාපනාය, කොධස්ස නිබ්බාපනාය උපනාහස්ස නිබ්බාපනාය -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සමාය උපසමාය වූපසමාය නිබ්බාපනාය පටිනිස්සග්ගාය පටිප්පස්සද්ධියා අධිසීලම්පි සික්ඛෙය්ය, අධිචිත්තම්පි සික්ඛෙය්ය, අධිපඤ්ඤම්පි සික්ඛෙය්ය, ඉමා තිස්සො සික්ඛායො, ආවජ්ජන්තො සික්ඛෙය්ය, ජානන්තො සික්ඛෙය්ය, පස්සන්තො සික්ඛෙය්ය, පච්චවෙක්ඛන්තො සික්ඛෙය්ය, චිත්තං සමාදහන්තො{1} සික්ඛෙය්ය, සද්ධාය අධිමුච්චන්තො සික්ඛෙය්ය, විරියං පග්ගණ්හන්තො සික්ඛෙය්ය, සතිං උපට්ඨපෙන්තො සික්ඛෙය්ය, චිත්තං සමාදහන්තො සික්ඛෙය්ය, පඤ්ඤාය පජානන්තො සික්ඛෙය්ය, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛෙය්ය, පරිඤ්ඤස්යං පරිජානන්තො සික්ඛෙය්ය, පහාතබ්බං පජහන්තො සික්ඛෙය්ය, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛෙය්ය, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛෙය්ය, ආචරෙය්ය සමාචරෙය්ය සමාදාය වත්තෙය්යාති ‘සික්ඛෙ නිබ්බානමත්තනො. ‘
Sinhala BJTසික්ඛෙ නිබ්බානමත්තනො යනු: ‘සික්ඛා’ යි ශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි...මේ අධිප්‍රඥ ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමාගේ රාගය නිවනු පිණිස ද්වේෂය නිවනු පිණිස මෝහය නිවනු පිණිස ක්‍රෝධය නිවනු පිණිස උපනාහය නිවනු පිණිස...හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය පිණිස මතුමත්තෙහි ශමනය පිණිස සන්හිඳුවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ දක්මින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ සිත පිහිටුවමින් හික්මෙන්නේ යැ ශ්‍රද්ධායෙන් අධිමුක්තවෙමින් (බැඳෙමින්) හික්මෙන්නේ යැ වීර්යප්‍රග්‍රහය කෙරෙමින් හික්මෙන්නේ යැ සිහි එළවමින් හික්මෙන්නේ යැ චිත්ත සමාධානය කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙන්නේ යැ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දත යුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ ප්‍රහාණය කළයුත්ත ප්‍රහාණය කෙරෙමින් හික්මෙන්නේ යැ භාවනා කළ යුත්ත භාවනා කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් ව ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“පුච්ඡාමි තං භගවා බ්රූහි මෙ තං (ඉච්චායස්මා ධොතකො) වාතාභිකඞ්ඛාමි මහෙසි තුය්හං, තව සුත්වාන නිග්ඝොසං සික්ඛෙ නිබ්බාන මත්තනො”ති.
Sinhala BJT“පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං -පෙ- සික්ඛෙ නිබ්බාන මත්තනො” යි.