Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 1948

SegmentPali BJTSinhala BJT
Pali BJTතෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමීති: ‘තෙ’ති යඤ්ඤයාජකා වුච්චන්ති. යාජයොගාති යාජයොගෙසු යුත්තා පයුත්තා ආයුත්තා සමායුත්තා තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොනා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යාති, ‘තෙ යාජයොගා’. භවරාගරත්තාති භවරාගො වුච්චති යො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං භවරාගෙන භවෙසු රත්තා ගිද්ධා ගථිතා{1} මුච්ඡිතා අජ්ඣොපන්නා{2} ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති ‘තෙ යාජයොගා භවරාගරත්තා’.
Sinhala BJTතෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාති ජරන්ති බ්‍රෑමි යනු: ‘තෙ’ යි දේයධර්‍මය දන්නාහු කියනු ලැබෙති. යාජයොගා යනු: යඥයොගයෙහි (දීමෙහි) යෙදුණාහු ආදරයෙන් යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු එක් වැ යෙදුණාහු එය කරන්නාහු එය බහුල වැ කරන්නාහු එය ගරු කරන්නාහු එයට නතු වූ සිත් ඇත්තාහු එහි නතු වූ කය ඇත්තාහු එහි අභිමුඛ වූ කය ඇත්තාහු එහි අධිමුක්ත වූවාහු එය අධිපති කොට ඇත්තාහු නු යි ‘තෙ යාජයොගා’ යනු වේ. භවරාගරත්තා යනු: භවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නෙහයෙක් භවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවය ගිලගැනීමෙක් වේ ද, හේ ‘භවරාග’ යයි කියනු ලැබෙයි. භවරාගයෙන් භවයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු වැතුරුණාහු ලැගුණාහු ලග්න වූවාහු ඇවුරුණා හු නුයි’ තෙ යාජයොගා භවරාගරත්තා’ යනු වේ.
Pali BJTනාතරිංසු ජාතිජරන්ති බ්රූමීති: තෙ යාජයොගා භවරාගරත්තා ජාතිජරාමරණං නාතරිංසු, න උත්තරිංසු න පතරිංසු න සමතික්කමිංසු න වීතිවත්තිංසු, ජාතිජරාමරණා අනික්ඛන්තා{3} අනිස්සටා{4} අනතික්කන්තා අසමතික්කන්තා අවීතිවත්තා අන්තො ජාතිජරාමරණෙ පරිවත්තන්ති අන්තෙ සංසාරපථෙ පරිවත්තන්ති, ජාතියා අනුගතා ජරාය අනුසටා බ්යාධිනා අභිභූතා මරණෙන අබ්භාහතා අතාණා අලෙනා අසරණා අසරණීභූතාති. බ්රූමි. ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමි’.
Sinhala BJTනාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි යනු: දීමෙහි යෙදුණු ඔහු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරාමරණය තරණය උත්තරණය ප්‍රතරණය සමතික්‍රමණය ව්‍යතික්‍රමණය නො කළාහු යැ. ජාතිජරාමරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු ඉක්ම නො ගියාහු මොනවට ඉක්ම නොගියාහු ව්‍යතික්‍රමණය නො කළාහු ජාතිජරාමරණය ඇතුළත පෙරළෙති, ඇතුළුසසරමග පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්‍යාධියෙන් මඩනා ලද්දාහු මරණයෙන් පහරන ලද්දාහු රක්‍ෂා විරහිත වූවාහු නිලීනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්‍රතිෂ්ඨා නො කරන්නාහු යයි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවෘත කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි, ප්‍රකාශ කෙරෙමි නුයි ‘තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති (පුණ්ණකාති භගවා) කාමාභිජප්පන්ති පටිච්ච ලාභං තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමී”ති
Sinhala BJT“ආසිංසන්ති ථොමයන්ති ... නාතරිංසු ජාතිජරන්ති බ්‍රෑමි” යී.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTතෙ චෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT(ආයුෂ්මත්, පුණ්ණක මෙසේ විචාරයි) “නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ගෙන ජාතියත් ජරාවත් තරණය නො කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එ කරුණ පුළුවුස්මි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.”
Pali BJTතෙ චෙ නාතරිංසු යාජයොගාති: තෙ යඤ්ඤයාජකා යාජයොගා භවරාගරත්තා ජාතිජරාමරණං නාතරිංසු, න උත්තරිංසු, න පතරිංසු, න සමතික්කමිංසු, න වීතිවත්තිංසු, ජාතිජරාමරණා අනික්ඛන්තා{3} අනිස්සටා{4} අනතික්කන්තා අසමතික්කන්තා අවීතිවත්තා අන්තො ජාතිජරා මරණෙ පරිවත්තන්ති,
Sinhala BJTතෙ චෙ නාතරිංසු යාජයොගා යනු: ඒ යඥයාජක වූ යාගයෙහි යෙදුණු භවරාගයෙහි ඇලුණාහු ජාතිජරා මරණය තරණ- උත්තරණ- ප්‍රතරණ- සමතික්‍රමණ- ව්‍යතික්‍රමණ- නො කළාහු යැ. ජාති ජරා මරණයෙන් නො නික්මුණාහු බැහැර නො වූවාහු නො ඉක්මගියාහු මොනොවට නො ඉක්ම ගියාහු නො ඉක්ම පැවැත්තාහු ඇතුළු ජරාමරණයෙහි පෙරළෙති.
Pali BJTඅන්තො සංසාරපථෙ පරිවත්තන්ති ජාතියා අනුගතා, ජරාය අනුසටා{1} බ්යාධිනා අභිභූතා, මරණෙන අබ්භාහතා, අතාණා අලෙනා අසරණා අසරණීභූතාති තෙ චෙ නාතරිංසු යාජයොගා. ඉච්චායස්මා පුණ්ණාකො’ති ඉච්චාති පදසන්ධි -පෙ- ආයස්මා පුණ්ණකො.
Sinhala BJTඇතුළු සසරමඟ පෙරළෙති. ජාතියට පිවිසියාහු ජරායෙන් පතළාහු ව්‍යාධියෙන් මැඩුණාහු මරණයෙන් පහරන ලද්දාහු රක්‍ෂා විරහිත වූවාහු නිලීයනස්ථාන රහිත වූවාහු අසරණ වූවාහු තමහට ප්‍රතිෂ්ඨා නො කරන්නාහු යයි ‘තෙ චෙ නාතරිංසු යාජයොගා’ යනු වේ. ඉච්චායස්මා පුණ්ණකො යනු: ඉච්චා’ යනු: පද සන්‍ධි යැ ... ආයස්මා පුණ්ණකො යනු වේ.
Pali BJTයඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති ‘යඤ්ඤෙහී’ති යඤ්ඤෙහි පහූතෙහි යඤ්ඤෙහි විවිධෙහි යඤ්ඤෙහි පුථූහි ‘මාරිසා’ති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘මාරිසා’ති. ‘යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
Sinhala BJTයඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: යඤ්ඤෙහි යනු: යාගයන් කරණ කොට බොහෝ වූ යාගයන් කරණකොට විවිධයාගයන් කරණ කොට මහත් වූ යාගයන් කරණ කොට, මාරිස යනු: තෙල ‘මාරිස’ යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රයනාම යැ යි ‘යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
Pali BJTඅථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති: අථ කො එසොසදෙවකෙලොකෙ සමාරකෙ සබ්රහ්මකෙසස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ජාතිජරාමරණං අතරි උත්තරි පතරි සමතික්කමි වීතිවත්තයි. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසාති. ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
Sinhala BJTඅථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: එකල්හි තෙල කවරෙක් දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ජාති ජරාමරණය තරණය කෙළේ ද? උත්තරණය කෙළේ ද? ප්‍රතරණය කෙළේ ද? සමතික්‍රමණය කෙළේ ද? ඉක්ම පැවැත්තේ ද? මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රයාධිවචන ‘අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: පුච්ඡාමි ත’න්ති පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං. කථයස්සු මෙතන්ති ‘පුච්ඡාමි තං’. භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති: බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’.
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: පුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ විචාරමි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අනවමි. මුඹ වහන්සේ පහදවමි. තෙල මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ‘භගවා’ යනු: ගෞරවනාම යැ ... සාක්‍ෂාත් ප්‍රඥප්ති යැ. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJTතෙ චෙ නාතරිංසු යාජයොගා (ඉච්චායස්මා පුණ්ණකො) යඤ්ඤෙහි ජාතිඤ්ච ජරඤ්ච මාරිස, අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙත’න්ති.
Sinhala BJT“තෙ චෙ නාතරිංසු යාජයොගා ... පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTසඞ්ඛාය ලොකස්මිං{1} පරොවරානි{2} (පුණ්ණකාති භගවා) යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ සන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: “පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදි) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදි) ධූම විරහිත වූ (රාගාදී) උපද්‍රව රහිතවූ ආශා රහිතවූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි”යි.
Pali BJTසඞ්ඛාය ලොකස්මිං පරොවරානීති: ‘සඞ්ඛා’ වුච්චති ඤාණං, “යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.{a}
Sinhala BJTසඞ්ඛාය ලෝකස්මිං පරොවරානි යනු: ‘සඞ්ඛා’යි ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥාවක් ජ්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි.
Pali BJTපරොවරානීති ‘ඔරං’ වුච්චති සකත්තභාවො, පරං වුච්චති පරත්තභාවො, ඔරං වුච්චති සකරූපවෙදනාසඤ්ඤාසංඛාරවිඤ්ඤාණං, පරං වුච්චති පරරූපවෙදනාසඤ්ඤාසංඛාරවිඤ්ඤාණං, ඔරං වුච්චති ඡ අජ්ඣත්තිකානි ආයතනානි පරං වුච්චති ඡ බාහිරානි ආයතනානි, ඔරං වුච්චති මනුස්සලොකො, පරං වුච්චති දෙවලොකො, ඔරං වුච්චති කාමධාතු, පරං වුච්චති රූපධාතු අරූපධාතු, ඔරං වුච්චති කාමධාතුරූපධාතු, පරං වුච්චති අරූපධාතු, සඞ්ඛාය ලොකස්මිං පරොවරානීති: පරොවරානි අනිච්චතො සඞ්ඛාය, දුක්ඛතො-රොගතො-ගණ්ඩතො -පෙ- නිස්සරණතො සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘සඞ්ඛාය ලොකස්මිං පරොවරානි. ‘පුණ්ණකාති භගවාති: ‘පුණ්ණකා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- යදිදං ‘භගවා’ති ‘පුණ්ණකාති භගවා. ‘
Sinhala BJTපරොවරාති යනු: ස්වාත්මභාවය ‘ඔර’ යයි කියනු ලැබෙයි, පරාත්මභාවය ‘පර’ යයි කියනු ලැබෙයි, තමාගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘ඔර’ යයි කියනු ලැබෙයි, මෙරමා ගේ රූප-වේදනා-සංඥා-සංස්කාර-විඥානය ‘පර’ යයි කියනු ලැබෙයි, ආධ්‍යාත්මික ෂඩායතනය ‘ඔර’ යයි කියනු ලැබෙයි, බාහිර ෂඩායතනය ‘පර’ යයි කියනු ලැබෙයි, මනුෂ්‍යලෝකය ‘ඔර’ යයි කියනු ලැබෙයි, දිව්‍යලොකය ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතුව ‘ඔර’ යයි කියනු ලැබෙයි, රූපධාතු අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, කාමධාතු රූපධාතු ‘ඔර’ යයි කියනු ලැබෙයි, අරූපධාතු ‘පර’ යයි කියනු ලැබෙයි, ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු: පරොවර (පරාවර) යන් අනිත්‍ය හෙයින් නුවණින් විමසා, දුඃඛ හෙයින්... රෝග හෙයින්-ගණ්ඩ හෙයින්... නිස්සරණ හෙයින් නුවණින් විමසා දැනැ, තුලනය කොට තීරණය කොට, විභාවන කොට ප්‍රකට කොට නුයි ‘සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි’ යනු වේ. පුණ්ණකා’ති භගවා යනු: ‘පුණ්ණක’යි බුදුහු එ බමුණු නමින් අමතති, ‘භගවා’ යනු: මේ භගවා යනු ගෞරව නාම යැ... සාක්‍ෂාත් ප්‍රඥප්ති නුයි ‘පුණ්ණකා’ති භගවා’ යනු වේ.
Pali BJTයස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙති: ‘යස්සා’ති අරහතො ඛීණාසවස්ස. ඉඤ්ජිතන්ති: තණ්හිඤ්ජිතං දිට්ඨිඤ්ජිතං මානිඤ්ජිතං කිලෙසිඤ්ජිතං කාමිඤ්ජිතං, යස්සිමෙ ඉඤ්ජිතා නත්ථි, න සන්ති, න සංවිජ්ජන්ති, නුපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා. කුහිඤ්චීති කුහිඤ්චි කිස්මිඤ්චි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා. ලොකෙති අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ’
Sinhala BJTයසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ යනු: ‘යස්ස’ යනු අර්‍හත් ක්ෂීණාස්‍රවයනට ඉඤ්ජිතං යනු: තෘෂ්ණා ඉඤ්ජන (කම්පන) යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජනයි. යමක්හට මේ ඉඤ්ජනයෝ නැද්ද, නො වෙත් ද, විද්‍යමාන නො වෙත් ද, නො ලැබෙත් ද, ප්‍රහීණ ද, අ මුලුසුන් ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද, යළි උපදනුවට අභව්‍යයෝ ද, නැණ’ ගින් දැවුණාහු ද. කුහිඤ්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කොහි කිසිවෙක්හි කිසි තැනෙකැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි... ආයතන ලෝකයෙහි නුයි ‘යසසිඤ්ජිතං නත්‍ථි කුහිඤ්චි ලෝකේ’ යනු වේ.
Pali BJTසන්තො විධූමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමීති: ‘සන්තො’ති රාගස්ස සන්තත්තා සන්තො, දොසස්ස-මොහස්ස-කොධස්ස-උපනාහස්ස-මක්ඛස්ස -පෙ- සබ්බාකුසලාභිසංඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධොති ‘සන්තො’.
Sinhala BJTසන්තෝ විධුමො අනීඝොනිරාසො අතාරිසො ජාතිජරඤ්ච බ්‍රෑමි යනු: සන්තෝ යනු: රාගය සන්හුන් බැවින් ශාන්ත යැ, ද්වේෂය-මෝහය-ක්‍රෝධය බද්ධවෛරය-මකු බව... සියලු අකුශල සංස්කාරයන් සන්හුන් බැවින් සන්හිඳුවනලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් නිවුණු බැවින් නිවෘත බැවින් විගත බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ ව්‍යුපශාන්ත වූයේ නිවියේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ නුයි ‘සන්තෝ’ යනු වේ.
Pali BJTවිධූමොති: කායදුච්චරිතං විධූමිතං{1} විධමිතං සොසිතං විසොසිතං බ්යන්තීකතං, වචීදුච්චරිතං මනොදුච්චරිතං විධූමිතං විධමිතං සොසිතං විසොසිතං බ්යන්තීකතං, රාගො-දොසො-මොහො විධූමිතො විධමිතො සොසිතො විසොසිතො බ්යන්තීකතො, කොධො-උපනාහො-මක්ඛො-පළාසො-ඉස්සා-මච්ඡරියං-මායා-සාඨෙය්යං-ථම්භො-සාරම්භො-මානො-අතිමානො-මදො-පමාදො-සබ්බෙ කිලෙසා-සබ්බෙ දුච්චරිතා-සබ්බෙ දරථා-සබ්බෙ පරිළාහා-සබ්බෙ සන්තාපා-සබ්බාකුසලාභිසඞ්ඛාරා විධූමිතා විධමිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා. අථවා{2} ‘කොධො’ වුච්චති ධූමො:
Sinhala BJTවිධුමො යනු: කායදුශ්චරිතය දුම් විරහිත කරනලද විධමනය කරනලද වියළනලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරනලද වෙයි, වාග්දුශ්චරිතය- මනෝදුශ්චරිතය දුම් විරහිත කරන ලද විධමනය කරන ලද වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙයි, රාගය-ද්වේෂය-මෝහය විධුමිත ශොෂිත විශොෂිත ව්‍යන්තීකෘත වෙයි, ක්‍රෝධය, බද්ධවෛරය, මකුබව, යුගග්‍රාහය ඊර්‍ෂ්‍යාව, මාත්සර්‍ය්‍යය, මායාව, සඨ බව ස්තම්භය (තද බව) කරණොත්තරීයකරණය, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, හැම කෙලෙස්, හැම දුසිරිත්, හැම දරථ, හැම පරිදාය, හැම සතැවුලි, හැම අකුශලාභිසංස්කාර ධූම විරහිත කරන ලද, විධමනය කරන ලද, වියළන ලද වෙසෙසින් වියළන ලද විගතාන්ත කරන ලද වෙති. නොහොත් ක්‍රෝධය ‘ධූම’ යයි කියනු ලැබෙයි:
Pali BJT1 “මානො හි තෙ බ්රාහ්මණ ඛාරිභාරො කොධො ධූමො භස්මනි{3} මොසවජ්ජං, ජිව්හා සුජා හදයං{4} ජොතිට්ඨානං අත්තා සුදන්තො පුරිසස්ස ජොති.”{a}
Sinhala BJT1. “බමුණ මානය මැ තාගේ පිරිකරබර වෙයි, ක්‍රෝධය ධූමය වෙයි, මෘෂාවාදය හළු යැ, දිව හෝම සැන්ද යැ හෘදය ගිනිදල්වන තැන යැ පුරුෂයාගේ මොනොවට දැමුණු සිත ගින්න වේ.”
Pali BJTඅපිච දසහාකාරෙහි කොධො ජායති: ‘අනත්ථං මෙ අචරී’ති කොධො ජායති. ‘අනත්ථං මෙ චරතී’ති කොධො ජායති, ‘අනත්ථං මෙ චරිස්සතී’ති කොධො ජායති, ‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි, අනත්ථං චරති, අනත්ථං චරිස්සතී’ති කොධො ජායති, අප්පියස්ස මෙ අමනාපස්ස, අත්ථං අචරි, අත්ථං චරති, අත්ථං චරිස්සතී’ති කොධො ජායති, අට්ඨානෙ වා පන කොධො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති{5}. මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො{6} අනත්තමනතා චිත්තස්ස. අයං වුච්චති කොධො”
Sinhala BJTතවද දස අයුරෙකින් ක්‍රෝධ උපද්දි. ‘මට අනර්‍ත්‍ථ කෙළේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කෙරේ’ යයි ක්‍රෝධය උපදී, ‘මට අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, ‘මා ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ යැ, අනර්‍ත්‍ථ කෙරෙයි, අනර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, මා ‘අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථ කෙළේ යැ, අර්‍ත්‍ථ කෙරෙයි, අර්‍ත්‍ථ කරන්නේ යැ’යි ක්‍රෝධය උපදී, අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපද්දි. මෙ බඳු යම් චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් බලවත් කොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වෙෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරපීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිය හැරපීමෙක් ප්‍රකෘතිය හැරපියන අයුරෙක් ප්‍රකෘතිය හළ බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඬ බවෙක් අපරිපූර්‍ණ වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද මේ ‘ක්‍රෝධ’ යයි කියනු ලැබේ.
Pali BJTඅපිච කොධස්ස අධිමත්තපරිත්තත්තා වෙදිතබ්බා: අත්ථි කඤ්චිකාලං කොධො චිත්තාවිලකරණ මත්තො හොති, න ච තාව මුඛකුලනවිකුලනො{1} හොති, අත්ථි කඤ්චිකාලං කොධො මුඛකුලනවිකුලනමත්තො හොති න ච තාව හනුසඤ්චොපනො හොති, අත්ථි කඤ්චිකාලං කොධො හනුසඤ්චොපනමත්තො හොති න ච තාව ඵරුසවාචං නිච්ඡාරනො හොති, අත්ථි කඤ්චිකාලං කොධො ඵරුසවාචං නිච්ඡාරණමත්තො හොති, න ච තාව දිසාවිදිසානු විලොකනො හොති, අත්ථි කඤ්චිකාලං කොධො දිසාවිදිසානුවිලොකනමත්තො හොති, න ච තාව දණ්ඩසත්ථපරාමසනො හොති, අත්ථි කඤ්චිකාලං කොධො දණ්ඩසත්ථපරාමසනමත්තො හොති, න ච තාව දණ්ඩසත්ථ අබ්භුක්කිරණො හොති, අත්ථි කඤ්චිකාලං කොධො දණ්ඩසත්ථඅබ්භුක්කිරණ මත්තො හොති, න ච තාව දණ්ඩසත්ථඅභිනිපාතනො හොති, අත්ථිකඤ්චිකාලං කොධො දණ්ඩසත්ථඅභිනිපාතනමත්තො හොති, න ච තාව ඡින්නවිච්ඡින්නකරණො හොති, අත්ථි කඤ්චිකාලං කොධො ඡින්නවිච්ඡින්නකරණමත්තො හොති, න ච තාව සම්භඤ්ජන පළිභඤ්ජානා හොති, අත්ථි කඤ්චිකාලං කොධො සම්භඤ්ජනපළිභඤ්ජනමත්තො හොති. න ච තාව අඞ්ගමඞ්ගඅපකඩ්ඪනො{2} හොති. අත්ථි කඤ්චිකාලං කොධො අඞ්ගමඞ්ගඅපකඩ්ඪනමත්තො හොති, න ච තාව ජීවිතා වොරොපනො හොති. අත්ථි කඤ්චිකාලං කොධො ජීවිතා වොරොපනමත්තො හොති, න ච තාව සබ්බචාගපරිච්චාගාය සණ්ඨිතො හොති යතො ඛො කොධො පරං පුග්ගලං{3} ඝාතෙත්වා අත්තානං ඝාතෙති, එත්තාවතා කොධො පරමුස්සදගතො{4} පරමවෙපුල්ලප්පත්තො හොති. යස්ස සො හොති කොධො පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිපස්සප්පද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො සො වුච්චති ‘විධුමො’, කොධස්ස පහීනත්තා විධුමො, කොධවත්ථුස්ස පරිඤ්ඤාතත්තා විධුමො, කොධහෙතුස්ස පරිඤ්ඤාතත්තා විධුමො, කොධහෙතුස්ස උපච්ඡින්නත්තා විධුමො.
Sinhala BJTතවද ක්‍රෝධයාගේ අඩුවැඩි බව දතයුතු යැ. කිසිවිටෙක ක්‍රෝධය තෙමේ සිත කළඹනමතුයෙක් වෙයි, තව මුහුණ කුළනු හකුළනු වූයේ නොද වෙයි; කිසිවිටෙක කෝපය මුහුණ කුළන හකුළන පමණ වූයේ වෙයි. තව හනු සොලවනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය හනු සොලවනු වූයේ වෙයි, තව පරොබස් කියන පමණ වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය පරොස්බස් කියන පමණ වෙයි, තව වටපිට බලනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය වටපිට බලන පමණ වෙයි, තව ම දඬුසැත් නො ද ගන්නේ වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් ගන්නා පමණ වෙයි, තවම දඬුසැත් නඟනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් නඟන පමණ වූයේ වෙයි, තව ම දඬුසැත් දමාගසනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දඬුසැත් දමාගසන පමණ වූයේ වෙයි, තව ම (මෙරමා සිරුරු) සිදුරු කරනු වූයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය සිරුර සිදුරු බිදුරු කරන පමණ වූයේ වෙයි, තව ම සිරුර සුණු විසුණු කරනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය සිරුර සුණු විසුණු කරන පමණ වූයේ වෙයි, තව ම අඟපසඟ ඇද කඩනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය අඟපසඟ ඇද කඩන පමණ වූයේ වෙයි, තව ම දිවි තොර කරනුයේ නො ද වෙයි; කිසිවිටෙක කෝපය දිවි තොර කරන පමණ වූයේ වෙයි. තව ම මෙරමා දිවිනසා සියදිවි නැසීම පිණිස සිටියේ නොද වෙයි; යම් කලෙක ක්‍රෝධය සතුරා නසා තමාත් නසා ද, මෙතෙකින් ක්‍රෝධය තෙමේ ඉතා බලවත් බවට ගියේ ඉතා මහත් බවට පැමිණියේ වේ. යමක්හට ඒ ක්‍රෝධය තෙම ප්‍රහීණ වූයේ මුලුසුන් වූයේ සන්හිඳුණේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූයේ අභව්‍යොත්පත්තික වූයේ නුවණ ගින්නෙන් දැවුණේ වේ ද, හෙතෙම ‘විධූම’ යයි කියනු ලැබේ. ක්‍රෝධය ප්‍රහීණ කළ බැවින් ‘විධුම්’ යැ ක්‍රොධවස්තුව පරිඥාත බැවින් ‘විධුම’ යැ, ක්‍රෝධ හේතුව පරිඥාත බැවින් ‘විධුම’ යැ, ක්‍රෝධහේතුව සිඳුනා ලද බැවින් ‘විධුම’ යි.
Pali BJTඅනීඝොති රාගො නීඝො, දොසො නීඝො, මොහො නීඝො, කොධො නීඝො, උපනාහො නීඝො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා නීඝා, යස්සෙතෙ නීඝා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති ‘අනීඝො’ නිරාසොති ‘ආසා’ වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.”{a} යස්සෙසා ආසා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා සො වුච්චති ‘නිරාසො’
Sinhala BJTඅනීඝො යනු: රාගය උවදුරෙක, ද්වේෂය උවදුරෙක, මෝහය උවදුරෙක, ක්‍රෝධය උවදුරෙක, බද්ධවෛරය උවදුරෙක, ...හැම අකුශලාභිසංස්කාරයෝ උවදුරුහ. යමක්හු විසින් තෙල උවදුරු ප්‍රහාණ කරන ලද ද, මුලුසුන් කරන ලද ද, සන්හිඳුවන ලද ද, ප්‍රතිප්‍රශ්‍රම්භනය කරන ලද යළි උපදනට නො නිසි කරන ලද ද, නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම ‘අනීඝ’ යයි කියනු ලැබේ. නිරාසො යනු: තෘෂ්ණාව ‘ආශා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. යමක්හු විසින් තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහාණය කරන ලද ද, මුලුසුන් කරන ලද ද, සන්හිඳුවන ලද ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ උපදනට නො නිසි කරන ලද ද, නුවණ ගින්නෙන් දවන ලද ද, හෙතෙම, ‘නිරාස’ යැයි කියනු ලැබේ.
Pali BJTජාතීති “යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො”{b}, ජරාති, “යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තච තා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො”{c}, සන්තො විධුමො අනිඝො නිරාසො. අතාරි සො ජාති ජරන්ති බ්රූමීති යො සන්තො ච විධුමො ච අනීඝො ච නිරාසො ච, සො ජාති ජරා මරණං අතරි උත්තරි පතරි සමතික්කමි වීතිවත්තයීති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘සන්තො විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාති ජරන්ති බ්රූමි.’
Sinhala BJTජාති යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් (අපරිපූර්‍ණායතන විසින්) ඉපැදීමෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැදීමෙක් (අණ්ඩජ ජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංසේදජ ඕපපාතික විසින්) පහළ වීමෙක් ස්කන්‍ධයන්ගේ ප්‍රාදුර්භවයෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් ද (සන්තතියෙහි පහළ වීමෙක් වේ ද එය යි. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක් (දත් නිය ආදීන්ගේ) කැඩුණු බවෙක් (කෙස් ලොම් ආදිය) පැසුණු බවෙක් රැලි ගැසුණු සම් ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මුහුකුරා යෑමෙක් වේ ද, එයයි. සන්තෝ විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි යනු: යමෙක් ශාන්ත ද විධුම ද අනීඝ ද නිරාස ද වේ නම් හෙතෙම ජාති ජරාමරණය (ප්‍රථමමාර්ගයෙන්) තරණය කෙළේ යැ (ද්විතීය මාර්‍ගයෙන්) උත්තරණය කෙළේ යැ, (තෘතීය මාර්‍ගයෙන්) ප්‍රතරණය කෙළේ යැ, (චතුර්ත්ථමාර්ගයෙන්) මොනොවට ඉක්ම ගියේ යැ. ඉක්ම (ඵලයෙහි) සිටියේ යැ’යි කියමි, පවසමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවෘත කෙරෙමි, විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි, ප්‍රකාශ කෙරෙම් නුයි “සන්තෝ විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සඞ්ඛාය ලොකස්මිං පරොවරානි (පුණ්ණකාති භගවා) යස්සිඤ්ජිතං නත්ථි කුහිඤ්චි ලොකෙ, සන්තො විධුමො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්රූමී”ති
Sinhala BJT“සඞ්ඛාය ලෝකස්මිං පරොවරානි -පෙ- අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යී.
Pali BJTසහගාථා පරියොසානා -පෙ- පඤ්ජලිකො භගවන්තං නමස්සමානො නිසින්නො හොති: ‘සත්ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග... “වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමී” බඳැඳිලි වැ භාග්‍යවතුන් නමඳිමින් හුන්නේ වේ යයි.
Pali BJTපුණ්ණක සුත්තනිද්දෙසො සමත්තො
Sinhala BJTපූර්‍ණක සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT4. මෙත්තගූ සුත්තනිද්දෙසො
Sinhala BJT4. මෙත්තගූ සූත්‍ර නිර්‍දෙශය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහිමෙතං (ඉච්චායස්මා මෙත්තගූ) මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා{1} ඉමෙ යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
Sinhala BJT(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි මෙය වදාළ මැන, මුඹ වහන්සේ ඥාන-වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම්කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: ‘පුච්ඡාමී’ති තිස්සො පුච්ඡා: අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා, විමතිච්ඡෙදනා පුච්ඡා.
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං යනු: ‘පුච්ඡා’ යනු: පෘච්ඡා තුනෙකි: අදිට්ඨජොතනා පුච්ඡා යැ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ විමතිච්ඡෙදනා පුච්ඡා යි.
Pali BJTකතමා අදිට්ඨජොතනා පුච්ඡා: පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය{2} විභූතත්ථාය විභාවනත්ථාය පඤ්හං පුච්ඡති. අයං අදිට්ඨජොතනා පුච්ඡා.
Sinhala BJTඅදිට්ඨජොතනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්‍මයන්ගේ තථ ලක්‍ෂණය නොදන්නා ලද නො දක්නා ලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො වූ සිතින් නො වඩන ලද වෙයි, ඒ ධර්‍මයාගේ ලක්‍ෂණ ඥානය පිණිස දර්‍ශනය පිණිස තුලනය පිණිස තීරණය පිණිස පාළ වීම පිණිස විභාවනය පිණිස ප්‍රශ්න විචාරයි. මේ අදිට්ඨජොතනා පුච්ඡා යැ.
Pali BJTකතමා දිට්ඨසංසන්දනා පුච්ඡා: පකතියා{3} ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති. අයං දිට්ඨසංසන්දනා පුච්ඡා.
Sinhala BJTදිට්ඨසංසන්‍දනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්‍මයන්ගේ තථලක්ෂණය දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට වූ විභාවන කරන ලද වෙයි. (ඒ ධර්‍මයන්ගේ ලක්‍ෂණය) අන්‍ය පණ්ඩිතයන් හා සමග සසඳනු සඳහා පැන පුළුවුසී. මේ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ.
Pali BJTකතමා විමතිච්ඡෙදනා පුච්ඡා: පකතියා සංසය පක්ඛන්තො{4} හොති, විමති පක්ඛන්තො{5} ද්වෙළ්හකජාතො එවං නු ඛො න නු ඛො කිං නු ඛො කථං නු ඛොති. සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති. අයං විමතිච්ඡෙදනා පුච්ඡා. ඉමා තිස්සො පුච්ඡා.
Sinhala BJTවිමතිච්ඡෙදනා පුච්ඡා කවරැ යත්: පියවින් සැකයට පැමිණියේ විමතියට පැමිණියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො යි දෙසිත් බවට පැමිණියේ වෙයි, හෙතෙම විමති සිඳුනා සඳහා පැන පුළුවුසී. මේ විමතිච්ඡෙදනා පුච්ඡා යැ. මේ තුන් පෘච්ඡා යි.
Pali BJTඅපරාපි තිස්සො පුච්ඡා: මනුස්සපුච්ඡා. අමනුස්සපුච්ඡා, නිම්මිතපුච්ඡා.
Sinhala BJTඅන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: මනුෂ්‍ය පෘච්ඡා යැ අමනුෂ්‍ය පෘච්ඡා යැ නිර්මිතපෘච්ඡා යි.
Pali BJTකතමා මනුස්සපුච්ඡා: මනුස්සා බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, භික්ඛු පුච්ඡන්ති, භික්ඛුණියො පුච්ඡන්ති, උපාසකා පුච්ඡන්ති, උපාසිකායො පුච්ඡන්ති, රාජානො පුච්ඡන්ති, ඛත්තියා පුච්ඡන්ති, බ්රාහ්මණා පුච්ඡන්ති, වෙස්සා පුච්ඡන්ති, සුද්දා පුච්ඡන්ති, ගහට්ඨා පුච්ඡන්ති, පබ්බජිතා පුච්ඡන්ති. අයං මනුස්සපුච්ඡා.
Sinhala BJTමනුෂ්‍යපෘච්ඡා කවරැ යත්: මනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, භික්‍ෂූහු පුළුවුස්ති, භික්‍ෂුණීහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජදරුවෝ පුළුවුස්ති ක්‍ෂත්‍රියයෝ පුළුවුස්ති බ්‍රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්‍යයෝ පුළුවුස්ති, ශුද්‍රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්‍යපෘච්ඡා යැ.
Pali BJTකතමා අමනුස්සපුච්ඡා: අමනුස්සා බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, නාගා පුච්ඡන්ති, සුපණ්ණා පුච්ඡන්ති, යක්ඛා පුච්ඡන්ති, අසුරා පුච්ඡන්ති, ගන්ධබ්බා පුච්ඡන්ති මහාරාජානො පුච්ඡන්ති, ඉන්දා පුච්ඡන්ති, බ්රහ්මානො පුච්ඡන්ති, දෙවා පුච්ඡන්ති, අයං අමනුස්සපුච්ඡා.
Sinhala BJTඅමනුෂ්‍ය පෘච්ඡා කවරැ යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති. නාගයෝ පුළුවුස්ති, සුපර්‍ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්‍ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, වරම්රජදරුවෝ පුළුවුස්ති, ඉන්ද්‍රයෝ පුළුවුස්ති, බ්‍රාහ්මයෝ පුළුවුස්ති, දෙවියෝ පුළුවුසිත්. මේ අමනුෂ්‍ය පෘච්ඡා යැ.
Pali BJTකතමා නිම්මිත පුච්ඡා: යං භගවා රූපං අභිනිම්මිනාති මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියං, සො නිම්මිතො බුද්ධං භගවන්තං උපසංකමිත්වා පඤ්හං පුච්ඡති, භගවා විස්සජ්ජෙති. අයං නිම්මිතපුච්ඡා. ඉමා තිස්සො පුච්ඡා.
Sinhala BJTනිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති අවිකල වූ ඉඳුරන් ඇති යම් රුවක් මවත් ද ඒ මැවුණු බුහුදු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳත්. මේ නිර්මිත පෘච්ඡා යැ මේ තුන් පෘච්ඡා යි.
Pali BJTඅපරාපි තිස්සො පුච්ඡා: අත්තත්ථපුච්ඡා, පරත්ථපුච්ඡා, උභයත්ථපුච්ඡා, අපරාපි තිස්සො පුච්ඡා: දිට්ඨධම්මිකත්ථපුච්ඡා, සම්පරායිකත්ථපුච්ඡා. පරමත්ථපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අනවජ්ජත්ථපුච්ඡා, නික්කිලෙසත්ථපුච්ඡා, වොදානත්ථපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අතීතා පුච්ඡා, අනාගතා පුච්ඡා, පච්චුප්පන්නා පුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අජ්ඣත්තපුච්ඡා, බහිද්ධාපුච්ඡා, අජ්ඣත්තබහිද්ධා පුච්ඡා, අපරාපි තිස්සො පුච්ඡා: කුසලපුච්ඡා, අකුසලපුච්ඡා, අබ්යාකතපුච්ඡා, අපරාපි තිස්සො පුච්ඡා: ඛන්ධ පුච්ඡා, ධාතුපුච්ඡා, ආයතනපුච්ඡා, අපරාපි තිස්සො පුච්ඡා: සතිපට්ඨානපුච්ඡා, සම්මප්පධානපුච්ඡා, ඉද්ධිපාදපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: ඉන්ද්රියපුච්ඡා, බලපුච්ඡා, බොජ්ඣඞ්ගපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: මග්ගපුච්ඡා, ඵලපුච්ඡා, නිබ්බානපුච්ඡා.
Sinhala BJTඅන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ආත්මාර්‍ත්‍ථ පෘච්ඡා යැ පරාර්ථ පෘච්ඡා යැ උභයාර්ත්ථ පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: දෘෂ්ටධාර්මිකාර්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ථ පෘච්ඡා යැ පරමාර්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අනවද්‍යාර්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ථ පෘච්ඡා යැ ව්‍යවදානාර්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අතීත පෘච්ඡා යැ අනාගත පෘච්ඡා යැ ප්‍රත්‍යුත්පන්න පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ බාහ්‍යපෘච්ඡා යැ අධ්‍යාත්මබාහ්‍ය පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: කුශල පෘච්ඡා යැ අකුශල පෘච්ඡා යැ අව්‍යාකෘත පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතුපෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්‍යක් ප්‍රධානපෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: ඉන්‍ද්‍රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බොධ්‍යඞ්ගපෘච්ඡා යි. අන්‍ය වූ ද තුන් පෘච්ඡායෙකි: මාර්‍ග පෘච්ඡා යැ ඵල පෘච්ඡා යැ නිර්‍වාණ පෘච්ඡා යි.
Pali BJTපුච්ඡාමි තන්ති: පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං, ‘කථයස්සු මෙ’ති ‘පුච්ඡාමි තං’.
Sinhala BJTපුච්ඡාමි තං: මුඹ වහන්සේ පුළුවුස්මි මුඹ වහන්සේ අයදිමි මුඹ වහන්සේ අද්ධ්‍යෙෂණ කෙරෙමි මුඹ වහන්සේ පහදවමි ‘මට වදාළ මැනැවැ’යි ‘පුච්ඡාමි තං’ යනු වේ.
Pali BJTභගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘පුච්ඡාමි තං භගවා’. බ්රූහි මෙතන්ති බ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’. ඉච්චායස්මා මෙත්තගූති, - ’ඉච්චා’ති පදසන්ධි -පෙ- ඉච්චායස්මා මෙත්තගූ:
Sinhala BJTභගවා යනු: තෙල ගෞරවනාමයෙකි ... යම් භගවත් යන නමෙක් වී නම් තෙල අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නු’යි ‘පුච්ඡාමි තං භගවා’ යනු වේ. බ්‍රෑහි මෙතං: වදාළ මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව’යි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං’ යනු වේ. ඉච්චායස්මා මෙත්තගූ-යනු: ඉච්ච යනු පදසන්ධි යැ... ‘ඉච්චායස්මා මෙත්තගූ’ යනු වේ.
Pali BJTමඤ්ඤාමි තං වෙදගුං{1} භාවිතත්තන්ති: ‘වෙදගූ’ති තං මඤ්ඤාමි ‘භාවිතත්තො’ති තං මඤ්ඤාමි, එවං පජානාමි, එවං ආජානාමි,{2} එවං විජානාමි,{3} එවං පටිවිජානාමි, එවං පටිවිජ්ඣාමි ‘වෙදගූ භාවිතත්තො’ති කථං භගවා වෙදගූ: වෙදො වුච්චති චතුසු මග්ගෙසු ඤාණං, පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි, භගවා තෙහි වෙදෙහි ජාතිජරාමරණස්ස අන්තගතො{5}
Sinhala BJTමඤ්ඤ මි තං වෙදගුං භාවිතත්තං: මුඹ වහන්සේ ‘වේදයාගේ අන්තයට පැමිණියාහ’යි හඟිමි, මුඹ වහන්සේ භාවිතාත්මහ’යි හඟිමි, මෙසේ දනිමි, මෙසේ හාත්පසින් දනිමි, මෙසේ වෙසෙසින් දනිමි, මෙසේ ඒ ඒ කරුණු නිසා වෙසෙසින් දනිමි, මෙසේ ප්‍රතිවේධ කෙරෙමි. ‘වේදගූ භාවිතත්තො’යී කිසෙයින් බුදුහු වේදගූ වූහ යත්: ‘වෙද’ යී සතර මාර්‍ග ඥානය කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වීමංසායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු ඒ ප්‍රඥාසඞ්ඛ්‍යාත වෙදයන්ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට ගියහ,
Pali BJTඅන්තප්පත්තො කොටිගතො කොටිප්පත්තො පරියන්තගතො පරියන්තප්පත්තො වොසානගතො වොසානප්පත්තො තාණගතො තාණප්පත්තො ලෙනගතො ලෙනප්පත්තො සරණගතො සරණප්පත්තො අභයගතො අභයප්පත්තො අච්චුතගතො අච්චුතප්පත්තො අමතගතො අමතප්පත්තො නිබ්බානගතො නිබ්බානප්පත්තො. වෙදානං වා අන්තගතොති වෙදගූ, වෙදෙහි වා අන්තගතොති වෙදගූ, සත්තන්නං වා ධම්මානං විදිතත්තා වෙදගූ: සක්කායදිට්ඨි විදිතා හොති, විචිකිච්ඡා විදිතා හොති, සීලබ්බතපරාමාසො විදිතො හොති, රාගො-දොසො-මොහො-මානො විදිතො හොති, විදිතාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා{1} දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා:
Sinhala BJTඅන්තයට පැමිණියහ, කෙළවරට ගියහ, කෙළවරට පැමිණියහ, පර්‍ය්‍යන්තයට ගියහ, පර්‍ය්‍යන්තයට පැමිණියහ. අවසානයට ගියහ, අවසානයට පැමිණියහ, ත්‍රාණයට ගියහ, ත්‍රාණයට පැමිණියහ, ලෙනයට ගියහ, ලෙනයට පැමිණියහ, සරණයට ගියහ, සරණයට පැමිණියහ, අභයට ගියහ, අභයට පැමිණියහ, අච්‍යුතයට ගියහ, අච්‍යුතයට පැමිණියහ, අමෘතයට ගියහ, අමෘතයට පැමිණියහ, නිවනට ගියහ, නිවනට පැමිණියහ, වේද (ඥාන)යන් ගේ අන්තයට ගියාහු නු’යි හෝ වේදගූ නම්හ. වේදයන්ගෙන් අන්තයට ගියාහු නු’යි හෝ වේදගූ නම්හ, සප්තධර්මයන් විදිත හෙයින් හෝ වේදගූ නම්හ; සත්කායදෘෂ්ටිය දන්නා ලද වෙයි. විචිකිත්සාව දන්නාලද වෙයි, ශීලව්‍රතපරාමර්‍ශය දන්නා ලද වෙයි. රාගය-ද්වේෂය-මෝහය-මානය දන්නාලද වෙයි, ඔබ විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය දෙන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණයට කාරණ වූ ලාමක අකුශල ධර්‍මයෝ දන්නා ලද්දාහු වෙත්.
Pali BJT1. “වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිපත්ථි{2} බ්රාහ්මණානං සබ්බ{3} වෙදනාසු වීතරාගො සබ්බං වෙදමතිච්ච වෙදගූ සො”ති.{a}
Sinhala BJT1. (බුදුහු ‘සභිය’යි අමතා මෙසේ වදාළහ) යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදි වශයෙන් විමසා එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්‍රත්‍යයෙන් හෝ අන් පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථ වශයෙන් වේදගූ නම් වූහ.
Pali BJTඑවං භගවා වෙදගූ.
Sinhala BJTමෙසෙයින් බුදුහු වේදගූ නම් වූහ.
Pali BJTකථං භගවා භාවිතත්තො: භගවා භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො භාවිතසතිපට්ඨානො භාවිතසම්මප්පධානෙ භාවිතඉද්ධිපාදො භාවිතඉන්ද්රියො භාවිතබලො භාවිතබොජ්ඣඞ්ගො භාවිතමග්ගො පහීනකිලෙසො පටිවිද්ධාකුප්පො සච්ඡිකත නිරොධො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං, සමුදයො පහීනො, මග්ගො භාවිතො, නිරොධො සච්ඡිකතො, අභිඤ්ඤෙය්යං, අභිඤ්ඤාතං, පරිඤ්ඤෙය්යං, පරිඤ්ඤාතං, පහාතබ්බං, පහීනං, භාවෙතබ්බං භාවිතං, සච්ඡිකාතබ්බං සච්ඡිකතං, අපරිත්තො මහන්තො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාළ්හො{4} පහූත රතනො{5} සාගරූපමො{6} ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතො හොති.
Sinhala BJTකිසෙයින් බුදුහු භාවිතාත්ම වූහ යත්: බුදුහු වැඩූ කය ඇතියහ. වැඩූ සිල් ඇතියහ. වැඩූ සිත් ඇතියහ වැඩූ ප්‍රඥා ඇතියහ, වැඩූ සතිපට්ඨාන ඇතියහ, වැඩූ ඍද්ධිපාද ඇතියහ, වැඩූ ඉන්‍ද්‍රිය ඇතියහ, වැඩූ බල ඇතියහ, වැඩූ බෝධ්‍යඞ්ග ඇතියහ, වැඩූ මාර්‍ග ඇතියහ, පුහුන් කෙලෙස් ඇතියහ, පිළිවිඳි රහත්ඵල ඇතියහ, පසක් කළ නිවන ඇතියහ, ඔබ විසින් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නාලද, සමුදය ප්‍රහීණ යැ, මාර්‍ගය වඩනා ලද නිරෝධය පසක් කරනලද, (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන්) දතයුත්ත දන්නාලද, (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) දතයුත්ත පිරිසිඳ දන්නාලද, ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ කරනලද, වැඩියයුත්ත වඩනලද, පසක් කළ යුත්ත පසක් කරනලද. (බුදුහු) අනල්පයහ මහත්හ ගම්භීරයහ පමණ නො කළහැකියහ බැසගැනීමට දුෂ්කර වූ බොහෝ වූ (ධර්‍ම) රත්න ඇති සාගරය වැන්නහ ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් සමන්‍වාගත වෙති.
Pali BJTචක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති, න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො.
Sinhala BJTඇසින් රූ දැක (ලෝභ විසින්) නො මැ සොම්නස් වෙති (ද්වේෂ විසින්) දොම්නස් නො වෙති ස්මෘතිමත් වූවාහු සම්‍යග්ඥාන ඇත්තාහු උපේක්‍ෂක වැ වෙසෙති, කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ-සිතින් දහම් දැනැ නො වැ සොම්නස් වෙති, දොම්නස් නො වෙති, ස්මෘතිමත් වූවාහු සම්‍යග් ඥාන ඇති වැ වෙසෙත්.
Pali BJTචක්ඛුනා රූපං දිස්වා මනාපං රූපං නාභිගිජ්ඣති{1} නාභිහංසති{2} න රාගං ජනෙති තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසංඨිතං සුවිමුත්තං. චක්ඛුනා ඛො පනෙව{3} රූපං දිස්වා අමනාපං න මඞ්කු හොති, අප්පතිට්ඨිතචිත්තො{4} අලීනමනසො{5} අබ්යාපන්නචෙතසො. තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසංඨිතං සුවිමුත්තං. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මනාපං නාභිගිජ්ඣති නාභිහංසති න රාගං ජනෙති තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුවිමුත්තං. මනසා යෙව ඛො පන ධම්මං විඤ්ඤාය අමනාපං න මඞ්කු හොති, අප්පතිට්ඨිතචිත්තො අලීනමනසො{6} අබ්යාපන්නචෙතසො, තස්ස ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසංඨිතං සුවිමුත්තං.
Sinhala BJTඇසින් රූ දැකැ මනවඩන රූපයට ගිජු නො වෙති. (නො පතති) නො සතුටු වෙති, රාග නො දනවති, උන් වහන්සේගේ (චක්‍ෂුරාදි) කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. යළි ඇසින් මැ අනිෂාටාලම්බන වූ රූපයක් දැක නො මකු වෙති (කෝප විසින්) නො පිහිටි සිත් ඇත්තාහු නො හැකුළුණු සිත් ඇත්තාහු ව්‍යාපාද රහිත සිත් ඇත්තාහු වෙති. උන් වහන්සේ ගේ කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට-දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ-සිතින් දහම් දැනැ මනවඩන ධර්‍මයට ගිජු නොවෙති, නො සතුටු වෙති, රාග නො දනවති, උන් වහන්සේගේ චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි, සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි. යළි සිතින් මැ අනිෂ්ටාලම්බන ධර්‍මයක් දැන නො මකු වෙති. (කෝප විසින්) නො පිහිටි සිත් ඇත්තාහු නො හැගුළුණු සිත් ඇත්තාහු ව්‍යාපාද රහිත සිත් ඇත්තාහු වෙති, උන් වහන්සේගේ චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි සිත සිටියේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වෙයි.
Pali BJTචක්ඛුනා රූපං දිස්වා මනාපාමනාපෙසු රූපෙසු ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසංඨිතං සුවිමුත්තං. සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මනාපාමනාපෙසු ධම්මෙසු ඨිතොව කායො හොති, ඨිතං චිත්තං අජ්ඣත්තං සුසංඨිතං සුවිමුත්තං.
Sinhala BJTඇසින් රූ දැක මනාපාමනාප රූපයන්හි චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි. සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වේ. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන මනාපාමනාප ධර්‍මයන්හි චක්‍ෂුරාදි කය සිටියේ මැ වෙයි සිත නිශ්චල වූයේ අධ්‍යාත්මයෙහි මොනොවට සිටියේ සුවිමුක්ත වූයේ වේ.
Pali BJTචක්ඛුනා රූපං දිස්වා රජනීයෙ න රජ්ජති, දොසනීයෙ{7} න දුස්සති, මොහනීයෙ න මුය්හති, කොපනීයෙ න කුප්පති, මදනීයෙ න මජ්ජති, කිලෙසනීයෙ න කිලිස්සති. සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය රජනීයෙ න රජ්ජති, දොසනීයෙ{7} න දුස්සති, මොහනීයෙ න මුය්හති, කොපනීයෙ න කුප්පති, මදනීයෙ න මජ්ජති, කිලෙසනීයෙ න කිලිස්සති. දිට්ඨෙ දිට්ඨමත්තො සුතෙ සුතමත්තො මුතෙ මුතමත්තො විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තො, දිට්ඨෙ න ලිප්පති{8}, සුතෙ න ලිප්පති, මුතෙ න ලිප්පති, විඤ්ඤාතෙ න ලිප්පති, දිට්ඨෙ අනුපයො{9} අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො{10} විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති. සුතෙ -පෙ- මුතෙ -පෙ- විඤ්ඤාතෙ අනුපයො අනපායො අනිස්සිතො අප්පටිබද්ධො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරති.
Sinhala BJTඇසින් රූ දැක ඇලුම් කටයුතු රූපයෙහි නො ඇලෙති. ද්වේෂ ඉපැදැවියැ යුත්තෙහි ද්වේෂ නූපදවති. මුළා වියැ යුත්තෙහි නො මුළා වෙති. කිපියැ යුත්තෙහි නො කිපෙති. මත් වියැ යුත්තෙහි නො මත් වෙති. තැවිය යුත්තෙහි නො තැවෙති. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන ඇලුම් කටයුත්තෙහි නො ඇලෙති. ද්වේෂ ඉපැදැ වියැ යුත්තෙහි ද්වේෂ නූපදවති. මුළා වියැ යුත්තෙහි නො මුළා වෙති. කිපියැ යුත්තෙහි නො කිපෙති. මත්වියැ යුත්තෙහි නො මත් වෙති. තැවියැ යුත්තෙහි නො තැවෙත්. රූපාලම්බනයෙහි (චක්‍ෂුර්විඥානයෙන්) දුටු පමණ වූවාහු ශබ්දායතනයෙහි ශ්‍රැතමාත්‍ර වූවාහු ගන්‍ධ-රස-ස්පර්‍ශායතනයෙහි (ඝ්‍රාණ-ජිහ්වා-කාය විඥානයෙන්) මුත (පැමිණ ගන්නා ලද) මාත්‍ර වූවාහු මනෝවිඥානයෙන් දන්නා ලද්දෙහි විඥානමාත්‍ර වූවාහු (චක්‍ෂුර්විඥානයෙන් දුටු) රූපාලම්බනයෙහි නො ඇලෙති. (තෘෂ්ණා දෘෂ්ටි ලෙපයෙන්) නො ඇලෙති ශබ්දාලම්බනයෙහි නො ඇලෙති. ගන්‍ධ-රස-ස්ප්‍රශ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙති ධර්‍මාලම්බනයෙහි නො ඇලෙති රූපාලම්බනයෙහි තෘෂ්ණා රහිත වූවාහු අප්‍රදූෂ්‍ය සිත් ඇත්තාහු අනිශ්‍රිත වූවාහු නො බැඳුණාහු වෙසෙසින් මිදුණාහු නො යෙදුණාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. ශබ්දාලම්බනයෙහි... ගන්‍ධ-රස-ස්ප්‍රශ්ටව්‍යාලම්බනයෙහි ... ධර්‍මාලම්බනයෙහි තෘෂ්ණාදි උපය රහිත වූවාහු අප්‍රදූෂ්‍ය සිත් ඇත්තාහු අනිශ්‍රිත වූවාහු නො බැඳුණාහු වෙසෙසින් මිදුණාහු නො යෙදුණාහු විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරෙත්.
Pali BJTසංවිජ්ජති භගවතො චක්ඛු{1} පස්සති භගවා චක්ඛුනා රූපං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා. සංවිජ්ජති භගවතො සොතං, සුණාති භගවා සොතෙන සද්දං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා. සංවිජ්ජති භගවතො ඝානං, ඝායති භගවා ඝානෙන ගන්ධං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා. සංවිජ්ජති භගවතො ජිව්හා, සායති භගවා ජිව්හාය රසං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා. සංවිජ්ජති භගවතො කායො, ඵුසති භගවා කායෙන ඵොට්ඨබ්බං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා. සංවිජ්ජති භගවතො මනො, විජානාති භගවා මනසා ධම්මං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා. චක්ඛුං රූපාරාමං රූපරතං රූපසම්මුදිතං, තං භගවතො දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං, තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. සොතං සද්දාරාමං සද්දරතං සද්දසම්මුදිතං -පෙ- ඝානං ගන්ධාරාමං ගන්ධරතං ගන්ධසම්මුදිතං -පෙ- ජිව්හා රසාරාමා රසරතා රසසම්මුදිතා, සා භගවතො දන්තා ගුත්තා රක්ඛිතා, සංවුතා, තස්ස ච සංවරාය ධම්මං දෙසෙති. කායො ඵොට්ඨබ්බාරාමො ඵොට්ඨබ්බරතො ඵොට්ඨබ්බසම්මුදිතො. මනො ධම්මාරාමො ධම්මරතො ධම්මසම්මුදිතො සො භගවතො දන්තො ගුත්තො රක්ඛිතො සංවුතො, තස්ස ච සංවරාය ධම්මං දෙසෙති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේට චක්ෂුස්ප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු ඇසින් රූප දකිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු වෙසෙසින් මිදුණු සිත් ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේට ශ්‍රෝතප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු කනින් ශබ්දය අසති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත, බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට ඝ්‍රාණ ප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කෙරෙති. භාග්‍යවතුන්ට ඡන්‍දරාගයෙක් නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට ජිහ්වාප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු දිවින් රස විඳිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්ත චිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට කායප්‍රසාදය විද්‍යමාන වෙයි. බුදුහු කයින් පහස් පහස්ති, ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. භාග්‍යවතුන් වහන්සේට මනස විද්‍යමාන වෙයි. බුදුහු මනසින් දහම් දනිති. ඡන්‍දරාගයෙක් භාග්‍යවතුන්ට නැත. බුදුහු සුවිමුක්තචිත්තයහ. ඇස රූපාරාම යැ, රූපයෙහි ඇලුණේ යැ, රූපයෙන් සතුටු වූයේ යැ, ඒ ඇස භාග්‍යවතුන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද, යළි ඒ ඇස සංවර පිණිස දහම් දෙසති, කන ශබ්දාරාම යැ, ශබ්දරත යැ ශබ්ද සම්මුදිත යැ ... ඝ්‍රාණය ගන්ධාරාම යැ ... ජිහ්වාව රසාරාම යැ ... කය ස්ප්‍රෂ්ටව්‍යාරාම යැ ... මනස ධර්මාරාම යැ ධර්මරත යැ ධර්මසම්මුදිත යැ, ඒ මනස භාග්‍යවතුන් විසින් දන්ත යැ, ගුප්ත යැ, රක්‍ෂිත යැ සංවෘත යි. ඒ මනස සංවරය පිණිස දහම් දෙසන සේක.
Pali BJT2. දන්තං නයන්ති සමිතිං දන්තං රාජාභිරූහති, දන්තො සෙට්ඨො මනුස්සෙසු යොතිවාක්යං තිතික්ඛති.{a}
Sinhala BJT2. දැමුණු ඇතකු අසකු මැ බොහෝදෙනා රැස්වූ තැනට පමුණුවති, රජ ද දැමුණු ඇතකු පිට මැ නැෙඟෙයි, යමෙක් අනුන් බිණූ පරොස්බස් ඉවසා නම් දැමුණා වූ හෙතෙම මිනිසුන් අතුරෙහි උත්තම යි.
Pali BJT3. වරමස්සතරා දන්තා ආජානීයා ච සින්ධවා, කුඤ්ජරා ච මහානාගා අත්තදන්තා තතො වරං.{a}
Sinhala BJT3. අශ්වතරයෝ දැමුණා හු මැ උතුම් වෙති. ආජානේය අශ්වයෝ ද සෛන්‍ධවයෝ ද කුඤ්ජර නම් වූ මහ ඇත්හු ද දැමුණා හු මැ උතුම් වෙති, ඊට වඩා (මාර්‍ග භාවනායෙන්) ආත්මදමනය කරන ලද්දේ උත්තම යි.
Pali BJT4. න හි එතෙහි යානෙහි ගච්ඡෙය්ය අගතං{3} දිසං, යථාත්තනා සුදන්තෙන දන්තො දන්තෙන ගච්ඡති.{a}
Sinhala BJT4. දැමුණු මහණ තෙම, (පූර්‍වභාගයෙහි ඉන්‍ද්‍රියදමනයෙන්,) දැමුණා වු (අපරභාගයෙහි ආර්‍ය්‍යමාර්‍ග භාවනායෙන්) මනාව දැමුණවූ සිතින් අගත නම් වූ නිර්‍වාණ දිශාවට යම් සේ යේ ද, මේ ඇත් ආදි යානයෙන් එසේ නො මැ යන්නේ යි.
Pali BJT5. විධාසු න විකම්පන්ති විප්පමුත්තා පුනබ්භවා, දන්තභූමිං අනුප්පත්තා තෙ ලොකෙ විජිතාවිනො.{b}
Sinhala BJT5. යම් කෙනෙක් ත්‍රිවිධ මානයෙහි කම්පා නො වෙත් ද, පුනර්‍භවයෙන් මිදුණාහු ද, (රහත්ඵල සඞ්ඛ්‍යාත) දන්ත භූමියට පැමිණියාහු ද ඔහු මේ සත්ත්‍වලෝකයෙහි දිනුවාහු නම් වෙත්.
Pali BJT6. යස්සින්ද්රියානි භාවිතානි අජ්ඣත්තඤ්ච බහිද්ධා ච සබ්බලොකෙ, නිබ්බිජ්ඣ ඉමං පරඤ්චලොකං කාලං කඞ්ඛති භාවිතත්තො සදන්තොති.{c}
Sinhala BJT6. යමක්හු විසින් අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද සියලු ලෝකයෙහි (චක්‍ෂුරාදි) ෂඩින්ද්‍රියයෝ (ත්‍රිලක්‍ෂණයට නඟා) වෙසෙසින් වඩන ලද්දාහු ද, භාවිත ඉන්‍ද්‍රිය ඇති ඒ දන්ත වූ පුද්ගල තෙම (ස්වපරසන්තති සඞ්ඛ්‍යාත) මෙලොව හා පරලොව හා දැන මරණ කාලය බලාපොරොත්තු වේ යයි.
Pali BJTඑවං භගවා භාවිතත්තො{1}
Sinhala BJTමෙසෙයින් බුදුහු ‘භාවිතත්ත’ නම් වුහ.
Pali BJTමඤ්ඤාමි තං වෙදගුං{2} භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙති: ‘කුතො නූ’ති සංසයපුච්ඡා, විමතිපුච්ඡා, ද්වෙළ්හපුච්ඡා, අනෙකංසපුච්ඡා. එවං නු ඛො, න නු ඛො, කිං නු ඛො, කථං නු ඛොති ‘කුතො නු’.
Sinhala BJTමඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ- ‘කුතො නු’ යනු: සංශය පෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්තපෘච්ඡා යැ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ (ජාති ආදීන් අතුරෙහි) කුමක් වූයෙම් දෝ හෝ කෙසේ වූයෙම් දෝ හෝ යි ‘කුතො නු’ යනු වේ.
Pali BJTදුක්ඛාති ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසදුක්ඛං නෙරයිකං දුක්ඛං තිරච්ඡානදුක්ඛං පෙත්තිවිසයදුක්ඛං මානුසිකං{3} දුක්ඛං ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං ගබ්භට්ඨිතිමූලකං දුක්ඛං ගබ්භවුට්ඨානමූලකං දුක්ඛං ජාතස්සුපනිබන්ධනං{4} දුක්ඛං ජාතස්ස පරාධෙය්යතං{5} දුක්ඛං අත්තූපක්කමං දුක්ඛං පරූපක්කමං දුක්ඛං දුක්ඛදුක්ඛං සඞ්ඛාරදුක්ඛං විපරිණාමදුක්ඛං, චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො{6} ජරො කුච්ඡි රොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුක්ඛං, මාතුමරණං දුක්ඛං පිතුමරණං දුක්ඛං භාතුමරණං දුක්ඛං භගිනීමරණං දුක්ඛං පුත්තමරණං දුක්ඛං ධීතුමරණං දුක්ඛං ඤාතිව්යසනං දුක්ඛං භොගව්යසනං{7} දුක්ඛං සීලව්යසනං දුක්ඛං දිට්ඨිව්යසනං දුක්ඛං යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායති, අත්ථඞ්ගමතො නිරොධො පඤ්ඤායති. කම්මසංනිස්සිතො විපාකො, විපාකසංනිස්සිතං කම්මං, නාමසංනිස්සිතං රූපං, රූපසංනිස්සිතං නාමං, ජාතියා අනුගතං, ජරාය අනුසටං බ්යාධිනා අභිභූතං, මරණෙන අබ්භාහතං, දුක්ඛෙ පතිට්ඨිතං, අතාණං අලෙණං අසරණං අසරණීභූතං, ඉමෙ වුච්චන්ති දුක්ඛා.
Sinhala BJTදුක්‍ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක පරිදේවදුක්ඛදොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ තිරිසන්යොන්හි දුක යැ ප්‍රේතවිෂයෙහි දුක යැ මිනිස්ලොවැ (වධබන්‍ධනාදි) දුක යැ ගර්භාවක්‍රාන්තිමූලක දුක යැ ගර්භස්ථීතිමූලක දුක යැ ගර්භව්‍යුත්ථාන මූලක දුක යැ උපන්හු පිළිදග්නා දුක යැ උපන්හු පරා අයත් බැව්හි දුක යැ ආත්මොපක්‍රම දුක යැ පරොපක්‍රම දුක යැ ස්වභාවික දුක යැ සංස්කාර දුක යැ විපරිණාම දුක යැ චක්ෂුරොග යැ ශ්‍රොතරොග යැ ඝ්‍රාණ රෝග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කර්ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ච්ඡා යැ ප්‍රස්කන්දිකා (රක්තාතීසාර) යැ ශුලරොග යැ මහාවිරෙචන යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස (කබර) යැ ක්‍ෂය රෝග යැ අපස්මාර යැ දද්‍රැ යැ කණ්ඩුති යැ මහකස් යැ නියපහරින් වූ ව්‍රණයැ අතුල් පතුල් පැලීම යැ රක්ත පිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතු පරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍ම විපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසි මදුරු වා අව් දික් දෑ යන මොවුන්ගේ පහසින් උපන් දුක යැ මවගේ මරණයෙන් වූ දුක යැ පියාගේ මරණයෙන් වූ දුක යැ බෑයාගේ මරණයෙන් වූ දුක යැ බුහුන්ගේ මරණයෙන් වූ දුක යැ පුත්‍ර මරණයෙන් වූ දුක යැ දුහිතෘමරණයෙන් වූ දුක යැ ඥාති ව්‍යසනයෙන් වූ දුක යැ භෝගව්‍යසනයෙන් වූ දුක යැ ශීලව්‍යසනයෙන් වූ දුක යැ දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුක යැ ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි. විපාකය තෙමේ කර්‍මය ඇසිරි කෙළේ යැ, කර්‍මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ, රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ, (හැම කර්‍මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඩනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ, අත්‍රාණ යැ ඇලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි, මොහු දුඃඛයෝ යැ යි කියනු ලැබෙත්.
Pali BJTඉමෙ දුක්ඛා කුතො සමුදාගතා, කුතො ජාතා, කුතො සංජාතා කුතො නිබ්බත්තා කුතො අභිනිබ්බත්තා කුතො පාතුභූතා කිංනිදානා කිංසමුදයා{1} කිංජාතිකා කිංපභවාති ඉමෙසං දුක්ඛානං මූලං පුච්ඡති, හෙතුං පුච්ඡති, නිදානං පුච්ඡති, සම්භවං පුච්ඡති, පභවං පුච්ඡති, සමුට්ඨානං පුච්ඡති, ආහාරං පුච්ඡති, ආරම්මණං පුච්ඡති, පච්චයං පුච්ඡති, සමුදයං පුච්ඡති, පපුච්ඡති යාචති අජ්ඣෙසති{2} පසාදෙතීති ‘කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ.’
Sinhala BJTමේ දුඃඛයෝ කොයින් පහළ වූවාහු ද, කොයින් උපන්නාහු ද, කොයින් වෙසෙසින් උපන්නාහු ද, කොයින් නිපන්නාහු ද, කොයින් වෙසෙසින් නිපන්නාහු ද, කොයින් පහළ වූවාහු ද, කුමක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කුමක් ජාති කොට ඇත්තාහු ද, කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මේ දුඃඛයන්ගේ මූලය විචාරයි, හේතුව විචාරයි, නිදානය විචාරයි, සම්භවය විචාරයි, ප්‍රභවය විචාරයි, සමුත්ථානය විචාරයි. ආහාරය විචාරයි, ආලම්බනය විචාරයි, ප්‍රත්‍යය විචාරයි, සමුදය විචාරයි, වෙසෙසින් විචාරයි, ආයාචනය කෙරෙයි, කැමැති කරවයි පහදවා නු’යි ‘කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ’ යනු වේ.
Pali BJTයෙ කෙචි ලොකස්මිං අනෙකරූපාති: ‘යෙකෙචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං යෙකෙචීති.’ ලොකස්මිංති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. අනෙකරූපාති අනෙකවිධා නානප්පකාරා දුක්ඛාති ‘යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.’
Sinhala BJTයෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. ලෝකස්මිං - අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යැ. අනෙකරූපා - අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුඃඛයෝ නු’ යි ‘යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“පුච්ඡාමි තං භගවා බ්රූහි මෙ තං (ඉච්චායස්මා මෙත්තගූ) මඤ්ඤාමි තං වෙදගුං භාවිතත්තං, කුතො නු දුක්ඛා සමුදාගතා ඉමෙ යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා”ති.
Sinhala BJT“පුච්ඡාමි, තං භගවා ... ලෝකස්මිං අනෙකරූපා” යී.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJTදුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි (මෙත්තගූති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං, උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්‍රත්‍යක්‍ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදි) උපධි හේතුයෙන් උපදනාහ.
Pali BJTදුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසී ති: ‘දුක්ඛස්සා’ති: ජාතිදුක්ඛස්ස ජරාදුක්ඛස්ස ව්යාධිදුක්ඛස්ස මරණදුක්ඛස්ස සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛස්ස. පභවං අපුච්ඡසීති “දුක්ඛස්ස මූලං පුච්ඡසි, හෙතුං පුච්ඡසි, නිදානං පුච්ඡසි, සම්භවං පුච්ඡසි, පභවං පුච්ඡසි, සමුට්ඨානං පුච්ඡසි, ආහාරං පුච්ඡසි, ආරම්මණං පුච්ඡසි, පච්චයං පුච්ඡසි, සමුදයං පුච්ඡසි, යාචසි අජ්ඣෙසසි පසාදෙසී’ති ‘දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසී’.
Sinhala BJTදුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි - ‘දුක්ඛස්ස’ යනු: ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, සෝක-පරිදේව (කායික) දුක්ඛ (මානසික) දෝමනස්ස උපායාස දුකට. පභවං අපුච්ඡසි- යනු: දුකට මූලය විචාරව, හේතුව විචාරව, නිදානය විචාරව, සම්භවය විචාරව, ප්‍රභවය විචාරව. සමුත්ථානය විචාරව, ආහාරය විචාරව, ආලම්බනය විචාරව, ප්‍රත්‍යය විචාරව, සමුදය විචාරව, යාච්ඤා කරව, අධ්‍යෙෂණ කරව, පහදවා නු’යි දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි’ යනු වේ.
Pali BJTමෙත්තගූති භගවාති: බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘මෙත්තගූති භගවා.’
Sinhala BJTමෙත්තගූ’ති භගවා යනු: බමුණහු නමින් අමතන සේක. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... යම් ‘භගවත්’ යන නමෙක් වී නම් තෙල අර්‍හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නු’යි ‘මෙත්තගූ’ති භගවා යනු වේ.
Pali BJTතං තෙ පවක්ඛාමි යථා පජානාති: ‘තං’ ති දුක්ඛස්ස මූලං පවක්ඛාමි, හෙතුං පවක්ඛාමි, නිදානං පවක්ඛාමි, සම්භවං පවක්ඛාමි, පභවං පවක්ඛාමි, සමුට්ඨානං පවක්ඛාමි, ආහාරං පවක්ඛාමි, ආරම්මණං පවක්ඛාමි, පච්චයං පවක්ඛාමි, සමුදයං පවක්ඛාමි, ආචික්ඛිස්සාමි දෙසිස්සාමි පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විවරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසිස්සාමීති. ‘තං තෙ පවක්ඛාමි’.
Sinhala BJTතං තෙ පවක්ඛාමි, යථා පජානං - ‘තං’ යනු: දුකට මූලය පවසමි, හේතුව පවසමි, නිදානය පවසමි. සම්භවය පවසමි, ප්‍රභවය පවසමි, සමුත්ථානය පවසමි, ආහාරය පවසමි, ආලම්බනය පවසමි, ප්‍රත්‍යය පවසමි, සමුදය පවසමි, කියමි, දෙසමි, පනවමි, පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නු’යි ‘තං තෙ පවක්ඛාමි’ යනු වේ.
Pali BJTයථා පජානන්ති: යථා පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො න ඉතිහීතිහං න ඉති කිරාය{1} න පරම්පරාය න පිටකසම්පදානෙන න තක්කහෙතු න නයහෙතු න ආකාරපරිවිතක්කෙන න දිට්ඨිනිජ්ඣානඛන්තියා සාමං සයං අභිඤ්ඤාතං අත්තපච්චක්ඛධම්මං තං කථයිස්සාමීති ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’.
Sinhala BJTයථා පජානං - ප්‍රතිවේධ කොට දතුයෙක් හාත්පසින් දතුයෙක් වෙසෙසින් දතුයෙක් මැනැවින් දතුයෙක් අවබෝධ කළ කෙනෙක් යම්සේ ද, තෙල මෙසේ වී ල’යි නො වැ තෙල මෙසේ ල’යි නො වැ පරම්පරා කථා වෙනුදු නො වැ පිටක සම්ප්‍රදාය හා සම වේ යයි නො වැ තර්‍ක හෙතුවෙනුදු නො වැ නයග්‍රහණයෙනුදු නො වැ (මේ සොඳුරු යැ යි) කරුණු සැලකීමෙනුදු නො වැ අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යයි නො වැ තෙමේ මැ තමා විසින් අවබෝධ කළ තමා විසින් ප්‍රත්‍යවේක්‍ෂා කළ ධර්‍මය තොපට කියනෙමී ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.
Pali BJTඋපධිනිදානා පභවන්ති දුක්ඛාති: ‘උපධී’ති දස උපධී: තණ්හූපධි දිට්ඨූපධි, කිලෙසූපධි, කම්මූපධි, දුච්චරිතූපධි, ආහාරූපධි, පටිඝූපධි, චතස්සො උපාදින්නධාතුයො උපධී, ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධි, ඡවිඤ්ඤාණකායං උපධි, සබ්බම්පි දුක්ඛං දුක්ඛමනත්ථෙන{2} උපධි, ඉමෙ වුච්චන්ති දස උපධි. දුක්ඛාති ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං නෙරයිකං දුක්ඛං -පෙ- දිට්ඨි බ්යසනං දුක්ඛං. යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායති, අත්ථඞ්ගමතො නිරොධො පඤ්ඤායති, කම්මනිස්සිතං විපාකං, විපාකනිස්සිතං කම්මං, නාමනිස්සිතං රූපං, රූපනිස්සිතං නාමං, ජාතියා අනුගතං, ජරාය අනුසටං බ්යාධිනා අභිභූතං, මරණෙන අබ්භාහතං, දුක්ඛෙ පතිට්ඨිතං, අතාණං අලෙණං අසරණං අසරණීභූතං, ඉමෙ වුච්චන්ති දුක්ඛා. ඉමෙ දුක්ඛා උපධිනිදානා, උපධිහෙතුකා, උපධිපච්චයා, උපධිකාරණා හොන්ති, පභවන්ති සම්භවන්ති ජායන්ති සඤ්ජායන්ති නිබ්බත්තන්ති පාතුභවන්තී’ති ‘උපධිනිදානා පභවන්ති’ දුක්ඛා.
Sinhala BJTඋපධිනිදානා පභවන්ති දුක්ඛා - ‘උපධි’ යනු: දශ උපධීහු යැ: තෘෂ්ණා උපධි යැ දෘෂ්ටි උපධි යැ ක්ලේශෝපධි යැ කර්මොපධි යැ දුශ්චරිතොපධි යැ ආහාරොපධි යැ ප්‍රතිඝොපධි යැ (පෘථිව්‍යාදි) සතර උපාදින්න ධාතු සංඛ්‍යාත උපධි යැ ෂඩ් අධ්‍යාත්ම ආයතන සංඛ්‍යාත උපධි යැ ෂඩ්විඥානකාය සංඛ්‍යාත උපධි යැ සියලු ත්‍රෛභූමක දුඃඛය දුස්සහනාර්ථයෙන් උපධි නම් වෙයි. මොහු දශ උපධි යයි කියනු ලැබෙත්. දුක්ඛා යනු: ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුක යැ නිරය දුක යැ ... දෘෂ්ටි ව්‍යසනයෙන් වූ දුක යි. ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනකුන්ගේ ආදියෙහි උත්පත්තිය පැනේ ද අස්තංගම වශයෙන් ඔවුන්ගේ නිරෝධය පැනෙයි, විපාකය තෙමේ කර්‍මය ඇසිරි කෙළේ යැ, කර්‍මය තෙමේ විපාකය ඇසිරි කෙළේ යැ; රූපය නාමය ඇසිරි කෙළේ යැ, නාමය රූපය ඇසිරි කෙළේ යැ; (හැම කර්‍මාදිය) ජාතිය අනුව ගියේ යැ, ජරායෙන් පැතිරෙන ලද, ව්‍යාධියෙන් මඬනා ලද, මරණයෙන් පහරන ලද, දුකෙහි පිහිටියේ යැ අත්‍රාණ යැ අලෙන යැ අසරණ යැ අසරණ වූයේ යි. මොහු දුඃඛයෝ යි කියනු ලැබෙත්. මේ දුඃඛයෝ උපධි නිදාන කොට ඇතියාහු, උපධි හේතු කොට ඇතියාහු, උපධි ප්‍රත්‍යය කොට ඇතියාහු, උපධි කාරණ කොට ඇත්තාහු වෙති පහළ වෙති, හටගනිති, උපදිති, මොනොවට උපදිති, නිපැදෙති පහළ වෙත් නු’යි ‘උපධිනිදානා පභවන්ති දුක්ඛා, යනු වේ.
Pali BJTයෙ කෙචි ලොකස්මිං අනෙකරූපාති: ‘යෙ කෙචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං යෙ කෙචී’ති. ලොකස්මින්ති අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙ. අනෙකරූපාති: අනෙකවිධා නානප්පකාරා දුක්ඛා’ති ‘යෙ කෙචි ලොකස්මිං අනෙක රූපා’.
Sinhala BJTයෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘යෙ කෙචි’ යනු. ‘ලෝකස්මිං’ යනු: අපාය ලෝකයෙහි, මනුෂ්‍යලොකයෙහි, ස්කන්‍ධලෝකයෙහි, ධාතුලොකයෙහි, ආයතනලෝකයෙහි යැ අනෙකරූපා යනු: අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුඃඛයෝ නු’යි ‘යෙ කෙචි ලෝකස්මිං අනෙකරූපා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දුක්ඛස්ස වෙ මං පභවං අපුච්ඡසි (මෙත්තගූති භගවා) තං තෙ පවක්ඛාමි යථා පජානං උපධිනිදානා පභවන්ති දුක්ඛා යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා”ති.
Sinhala BJT“දුක්ඛස්ස වෙ මං -පෙ- ලෝකස්මිං අනෙකරූපා” යි.
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJTයො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො තස්මා පජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිපභවානුපස්සී.
Sinhala BJTඅපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සසර දුක ජාතිය ප්‍රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
Pali BJTයො වෙ අවිද්වා උපධිං කරොතීති: යො’ති යො යාදිසො යථා යුත්තො යථාවිහිතො යථාපකාරො යංඨානප්පත්තො{1} යංධම්මසමන්නාගතො{2} ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වා ගහට්ඨො වා පබ්බජිතො වා දෙවො වා මනුස්සො වා. අවිද්වාති අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤො. උපධිං කරොතීති තණ්හූපධිං කරොති. දිට්ඨූපධිං කරොති. කිලෙසූපධිං කරොති, කම්මූපධිං කරොති, දුච්චරිතූපධිං කරොති, ආහාරූපධිං කරොති, පටිඝූපධිං කරොති, චතස්සො උපාදින්නධාතුයො උපධිං{3} කරොති, ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධිං කරොති, ඡවිඤ්ඤාණකායං උපධිං කරොති, ජනෙති සඤ්ජනෙති නිබ්බත්තෙතීති යෙ වෙ අවිද්වා උපධිං කරොති:
Sinhala BJTයො චෙ අවිද්වා උපධිං කරෝති - ‘යො’ යනු: යම් යම්බඳු වූ යමෙකින් යුක්ත වූ යම්සේ සිටි යම් ප්‍රකාර වූ යම් තනතුරකට පැමිණි යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ ක්‍ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගෘහස්ථයෙක් හෝ දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ යි. අවිද්වා යනු: අවිද්‍යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්‍රාඥ වූයේ යි. උපධිං කරෝති - තෘෂ්ණා උපධිය කෙරෙයි, දෘෂ්ටි උපධිය කෙරෙයි, ක්ලේශෝපධිය කෙරෙයි, කර්මොපධිය කෙරෙයි, දුශ්චරිතොපධිය කෙරෙයි, ආහාරොපධිය කෙරෙයි, ප්‍රතිඝොපධිය කෙරෙයි, සතර උපාදින්නධාතු සංඛ්‍යාත උපධිය කෙරෙයි, ෂඩ්-අධ්‍යාත්මායතන සංඛ්‍යාත උපධිය කෙරෙයි, ෂඩ් විඥානකාය උපධි කෙරෙයි, උපදවයි, මොනොවට උපදවයි, නිපදවා නු’යි ‘යො චෙ අවිද්වා උපධිං කරෝති’ යනු වේ.
Pali BJTපුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’ති: පුනප්පුනං ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං එති සමුපෙති උපගච්ඡති ගණ්හාති පරාමසති අභිනිවිසති. මන්දොති මන්දො මොහො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤොති ‘පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’
Sinhala BJTපුනප්පුනං දුක්ඛමුපෙති මන්දො - පුනපුනා ජාතිදුකට ජරාදුකට ව්‍යාධිදුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දොමනස්සුපායාස දුකට එයි පැමිණෙයි එළැඹෙයි ගනියි පරාමර්‍ශනය කෙරෙයි පිවිසේ. මන්දො යනු: බාල වූයේ මුළා වූයේ අවිද්වත් වූයේ අවිද්‍යාවට පැමිණියේ අඥාන වූයේ අපණ්ඩිත වූයේ දුෂ්ප්‍රාඥ වූයේ නු’යි ‘පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො’ යනු වේ.
Pali BJTතස්මා පජානං උපධිං න කයිරාති: ‘තස්මා’ති තංකාරණා තංහෙතු තප්පච්චයා තන්නිදානා එවං ආදීනවං සම්පස්සමානො උපධීසූති ‘තස්මා. පජානන්ති පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, සබ්බෙ සංඛාරා අනිච්චාති පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, ‘සබ්බෙ සංඛාරා දුක්ඛා’ති -පෙ- සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො. උපධිං න කයිරාති තණ්හූපධිං න කරෙය්ය, දිට්ඨූපධිං න කරෙය්ය, කිලෙසූපධිං න කරෙය්ය, කම්මූපධිං න කරෙය්ය, දුච්චරිතූපධිං න කරෙය්ය, ආහාරූපධිං න කරෙය්ය, පටිඝූපධිං න කරෙය්ය, චතස්සො උපාදින්නධාතුයො උපධිං න කරෙය්ය, ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධිං න කරෙය්ය, ඡ විඤ්ඤාණකායං උපධිං න කරෙය්ය, න සංජනෙය්ය න නිබ්බත්තෙය්ය නාතිනිබ්බත්තෙය්යාති තස්මා පජානං උපධිං න කයිරා. ‘
Sinhala BJTතස්මා පජානං උපධිං න කයිරා - ‘තස්මා’ යනු: එ කරුණින් එ හෙයින් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මෙසේ උපධීන්හි ආදීනව දක්නේ නු’යි ‘තස්මා’ යනු වේ. පජානං යනු: දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි, හැම සංස්කාරයෝ දුඃඛයහ’යි-හැම සංස්කාරයෝ අනාත්මහ’යි .. යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධය ස්වභාව කොට ඇතැ යි දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ අවබෝධ කරනුයේ ප්‍රතිවේධ කරනුයේ යි. උපධිං න කයිරා යනු: තෘෂ්ණා (සංඛ්‍යාත) උපධි නො කරන්නේ යැ, දෘෂ්ට්‍යුපධි නො කරන්නේ යැ, ක්ලේශෝපධි නො කරන්නේ යැ, කර්මොපධි නො කරන්නේ යැ, දුශ්චරිතොපධි නො කරන්නේ යැ, ආහාරොපධි නො කරන්නේ යැ, ප්‍රතිඝොපධි නො කරන්නේ යැ, සතර උපාදින්නධාතු සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතන සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, ෂඩ් විඥානකාය සංඛ්‍යාත උපධි නො කරන්නේ යැ, නූපදවන්නේ යැ නො නිපදවන්නේ යැ, අතිශයින් නො නිපදවන්නේ යැ නු’යි ‘තස්මා පජානං උපධිං න කයිරා’ යනු වේ.
Pali BJTදුක්ඛස්සාති: ජාතිදුක්ඛස්ස ජරාදුක්ඛස්ස ව්යාධිදුක්ඛස්ස මරණදුක්ඛස්ස සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛස්ස. පභවානුපසසීති: දුක්ඛස්ස මූලානුපස්සී{1} හෙතානුපස්සී නිදානානුපස්සී සම්භවානුපස්සී පභවානුපස්සී සමුට්ඨානානුපස්සී ආහාරානුපස්සී ආරම්මණානුපස්සී පච්චයානුපස්සී සමුදයානුපස්සී. ‘අනුපස්සනා’ වුච්චති පඤ්ඤා පඤ්ඤී පජානන -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ඉමාය අනුපස්සනාය පඤ්ඤාය උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො සො වුච්චති අනුපස්සීති “දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී.
Sinhala BJTදුක්ඛස්ස යනු: ජාති දුකට ජරා දුකට ව්‍යාධි දුකට මරණ දුකට සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුකට යැ. පභවානුපස්සී යනු: දුඃඛයාගේ මූලය අනුව බලනුයේ හේතුව අනුව බලනුයේ නිදානය අනුව බලනුයේ සම්භවය අනුව බලනුයේ ප්‍රභවය අනුව බලනුයේ සමුත්ථානය අනුව බලනුයේ ආහාරය අනුව බලනුයේ ආලම්බනය අනුව බලනුයේ ප්‍රත්‍යය අනුව බලනුයේ සමුදය අනුව බලනුයේ යි. ‘අනුපස්සනා’ යී ප්‍රඥාව කියනු ලැබෙයි - යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමොහ සංඛ්‍යාත ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. මේ අනුපස්සනා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූයේ අතිශයින් යුක්ත වූයේ එළැඹ සිටියේ අතිශයින් එළැඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි. හේ ‘අන්පස්සී’ යී කියනු ලැබේ නු’යි ‘දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා.
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො තස්මා පජානං උපධිං න කයිරා දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී”ති.
Sinhala BJT“යො චෙ අවිද්වා ... ජාතිප්පභවානුපස්සී” යනු.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJTයං තං අපුච්ඡිම්හ අකිත්තයී නො අඤ්ඤං තං{1} පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි කථන්නුධීරා විතරන්ති ඔඝං ජාතිජරං{2} සොක{3}පරිද්දවඤ්ච තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො
Sinhala BJT(ආයුෂ්මත්, මෙත්තගූ මෙසේ කී යැ:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ. එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත් ජාති ජරා ශෝක පරිදේවදුකත් කෙසේ ඉක්මවත් දැ? සර්‍වඥ මුනි වූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව, යම් හෙයෙකින් මුඹ වහන්සේ විසින් තෙල දහම සත්ත්‍වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන් දන්නා ලද ද එහෙයිනි.
Pali BJTයං තං අපුච්ඡිම්හ අකිත්තයී නොති: යං තං අපුච්ඡිම්හ ආයාචිම්හ අජ්ඣෙසිම්හ පසාදිම්හ. අකිත්තයීනො’ති කිත්තිතං ආචික්ඛිතං දෙසිතං පඤ්ඤපිතං පට්ඨපිතං විවරිතං විභත්තං උත්තානීකතං පකාසිතන්ති ‘යං තං අපුච්ඡිම්හ අකිත්තයී නො. ‘
Sinhala BJTයං තං අපුච්ඡිම්හ අකිත්තයී නො යනු: (ඇපි) යමක් විචාළමෝ ද අයැදියමෝ ද අධ්‍යෙෂණ කළමෝ ද පැහැද වූවමෝ ද - අකිත්තයි නො යනු: කිර්තනය කරන ලද යැ කියන ලද යැ දෙසන ලද යැ පනවන ලද යැ (ඥාන මුඛයෙහි) තබන ලද යැ විවරා කරන ලද යැ විවරණ කරන ලද යැ පහළ කරන ලද යැ ප්‍රකාශ කරන ලද නු’යි ‘යං තං අපුච්ඡිම්හ අකිත්ත යී නො’ යනු වේ.
Pali BJTඅඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහීති අඤ්ඤං තං පුච්ඡාම, අඤ්ඤං තං යාචාම, අඤ්ඤං තං අජ්ඣෙසාම, අඤ්ඤං තං පසාදෙම, උත්තරිං තං පුච්ඡාම. තදිඞ්ඝ බ්රූහීති තං ඉඞ්ඝ බ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවර විභජ උත්තානීකරොහි පකාසෙහීති ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ඝ බ්රූහි. ‘
Sinhala BJTඅඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි යනු: මුඹ වහන්සේ අනෙකක් විචාරම්හ, මුඹ වහන්සේ අනෙකක් අයදිම්හ, මුඹ වහන්සේ අනෙකක් අධ්‍යෙෂණ කරම්හ, මුඹ වහන්සේ අනෙකක් (කියන්නට) පහදවම්හ, මුඹ වහන්සේ මත්තෙහි විචාරම්හ- තදිඞ්ග බ්‍රෑහි යනු: එය දැන් වදාළ මැනව කියනු මැනැව දෙසනු මැනැව පනවනු මැනැව (ඥානමුඛයෙහි) තබනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව පාළ කරනු මැනැව ප්‍රකාශ කළ මැනැව නු’යි ‘අඤ්ඤං තං පුච්ඡාම තදිඞ්ග බ්‍රෑහි’ යනු වේ.
Pali BJTකථන්නු ධීරා විතරන්ති ඔඝං ජාති ජරං සොකපරිද්දවං චා’ති: ‘කථන්නූ’ති සංසයපුච්ඡා විමතිපුච්ඡා ද්වෙළ්හපුච්ඡා අනෙකංසපුච්ඡා, එවන්නු ඛො න නුඛො කිං නුඛො කථන්නුඛොති. කථන්නු ධීරා ති ධීරා පණ්ඩිතා පඤ්ඤාවන්තො බුද්ධිමන්තො ඤාණිනො විභාවිනො මෙධාවිනො. ඔඝන්ති කාමොඝං භවොඝං දිට්ඨොඝං අවිජ්ජොඝං. ජාතීති යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. ජරාති යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො. සොකොති ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස භොග ව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨි ව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තො සොකො අන්තො පරිසොකො අන්තො දාහො අන්තො පරිදාහො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසල්ලං’
Sinhala BJTකථන්නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සෝක පරිද්දවං ච යනු: ‘කථන්නු’ යනු මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හො’ යි සංශයපෘච්ඡා යැ විමතිපෘච්ඡා යැ ද්වෛධපෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා යි. ධීරා යනු: ධීරයෝ පණ්ඩිතයෝ පැනැතියෝ බුද්ධිමත්හු නැණැතියෝ විමර්ෂඥාන ඇත්තාහු (අනිත්‍යාදීන්) තුලිත ඥාන, ඇත්තාහු. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දෘෂ්ටි-ඕඝ යැ අවිද්‍යා ඕඝ යි. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන් ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් උපැත්මෙක් හට ගැන්මෙක් අවක්‍රාන්තියක් නිපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, හේ යැ. ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්ත නඛාදීන්ගේ) කැඩුණු බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි වැටුණු සම් ඇති බවෙක්, ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ පැසීමෙක් වේ ද එය යි. සොකො යනු: ඥාති ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, රෝග ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, ශීල ව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ, අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් අබ්භ්‍යන්තර දාහයෙක් අබ්භ්‍යන්තර පරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක්.
Pali BJTපරිදෙවොති ඤාතිව්යසනෙන වා ඵුට්ඨස්ස, භොගව්යසනෙන වා ඵුට්ඨස්ස රොගව්යසනෙන වා ඵුට්ඨස්ස සීලව්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිව්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන වා දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලාප්පිතත්තං.
Sinhala BJTපරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහු ගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ සමන්‍වාගත වූවහු ගේ අන්‍යතරාන්‍යතර දුඃඛධර්‍මයෙකින් හෝ පහස්නා ලද්දහු ගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හැඬු බවෙක් ගුණ කියා හැඬු බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් (සිස් බසෙක්) විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් පුනපුනා ලපනාකාරයෙක් පුනපුනා ලපිත බවෙක් වේද එය යි.
Pali BJTකථන්නු ධීරා විතරන්ති ඔඝං ජාතිජරං සොකපරිද්දවඤ්චාති ධීරා කථං ඔඝඤ්ච ජාතිඤ්ච ජරඤ්ච දුක්ඛඤ්ච සොකපරිදෙවඤ්ච තරන්ති උත්තරන්ති පතරන්ති සමතික්කමන්ති වීතිවත්තන්තීති ‘කථන්නු ධීරා විතරන්ති ඔඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච’
Sinhala BJTකථං නු ධීරා විතරන්තී ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච යනු: ධීරයෝ කිසෙයින් ඕඝයත් ජාතියත් ජරාවත් ශොකයත් පරිදෙවයත් (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙරෙති, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කෙරෙති, (හේතු සිඳිමින්) ප්‍රතරණය කෙරෙති, (සසර) ඉක්මවති, (ප්‍රතිසන්‍ධිය අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්ම සිටිත් නුයි ‘කථං නු ධීරා විතරන්ති ඕඝං ජාතිජරං සොකපරිද්දවඤ්ච’ යනු වේ.
Pali BJTතං මෙ මුනී සාධු වියාකරොහීති ‘ත’න්ති යං පුච්ඡාමි, යං යාචාමි, යං අජ්ඣෙසාමි, යං පසාදෙමි. මුනීති මොනං වුච්චති ඤාණං ‘යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි,{a} භගවා තෙන ඤාණෙන සමන්නාගතො මුනි මොනප්පත්තො.
Sinhala BJTතං මෙ මුනි සාධු වියාකරොහි යනු: තං යනු: යමක්හු පුළුවුස්නෙම් ද, යමක්හු අයදනෙම් ද, යමක්හු අධ්‍යෙෂණ කෙරෙම් ද, යමක්හු පහදවම් ද, (ඔහු යැ) මුනි යනු: ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් .... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද, එයයි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඥානයෙන් සමන්‍වාගත වූවාහු මුනි වූවාහු මුනිභාවයට පැමිණියහ.
Pali BJTතීණි මොනෙය්යානි: කායමොනෙය්යං, වචීමොනෙය්යං, මනොමොනෙය්යං, කතමං කායමොනෙය්යං: තිවිධානං කායදුච්චරිතානං පහානං කායමොනෙය්යං, තිවිධං කායසුචරිතං කායමොනෙය්යං, කායාරම්මණං ඤාණං කායමොනෙය්යං, කායපරිඤ්ඤා කායමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො කායමොනෙය්යං, කායෙ ඡන්දරාගප්පහානං කායමොනෙය්යං, කායසංඛාරනිරොධො චතුත්ථජ්ඣානසමාපත්ති කායමොනෙය්යං. ඉදං කායමොනෙය්යං.
Sinhala BJTමෝනෙය්‍ය තුනෙකි: කායමෝනෙය්‍ය යැ වචීමොනෙය්‍ය යැ මනෝමෝනෙය්‍ය යි. කායමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ කායදුශ්චරිතයන්ගේ ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ, ත්‍රිවිධ කායසුචරිතය කායමෝනෙය්‍ය යැ, කය අරමුණු කොට පවත්නා ඥානය කායමෝනෙය්‍ය යැ කායපරිඥාව කාය මෝනෙය්‍ය යැ පරිඥාසහගත (අධ්‍යාත්ම කය සම්මර්‍ශනය කොට උපදවන ලද) මාර්‍ගය කායමෝනෙය්‍ය යැ කයෙහි ඡන්‍දරාග ප්‍රහාණය කායමෝනෙය්‍ය යැ කායසංඛාර (ආශ්වාස ප්‍රශ්වාස) නිරෝධ සංඛ්‍යාත චතුර්ථත්ධ්‍යානසමාපත්තිය කායමෝනෙය්‍ය යැ මේ ‘කායමෝනෙය්‍ය’ යි.
Pali BJTකතමං වචීමොනෙය්යං: චතුබ්බිධානං වචීදුච්චරිතානං පහානං වචීමොනෙය්යං, චතුබ්බිධං වචීසුචරිතං වචීමොනෙය්යං, වාචාරම්මණං ඤාණං වචීමොනෙය්යං, වාචාපරිඤ්ඤා වචීමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො වචීමොනෙය්යං, වාචාය ඡන්දරාගප්පහානං වචීමොනෙය්යං, වාචාසංඛාරනිරොධො දුතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්යං, පරිඤ්ඤා සහගතො මග්ගො වචීමොනෙය්යං, වාචාය ඡන්දරාගප්පහානං වචීමොනෙය්යං, වාචාසංඛාරනිරොධො තතියජ්ඣානසමාපත්ති වචීමොනෙය්යං. ඉදං වචීමොනෙය්යං.
Sinhala BJTවචීමොනෙය්‍ය කවරැ යත්: චතුර්විධ කායදුශ්චරිතයන් ගේ ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ චතුර්විධ වාක්සුචරිතය වචීමොනෙය්‍ය යැ, වචනය අරමුණු කොට පවත්නා ඥානය වචීමොනෙය්‍ය යැ, වාක්පරිඥාව වචීමොනෙය්‍ය යැ, පරිඥාසහගත මාර්‍ගය වචීමොනෙය්‍ය යැ වචනයෙහි ඡන්‍දරාග ප්‍රහාණය වචීමොනෙය්‍ය යැ, වාක්සංස්කාර (විතර්‍ක විචාර) නිරෝධ සංඛ්‍යාත ද්විතීයධ්‍යානසමාපත්තිය වචීමොනෙය්‍ය යැ, මේ ‘වචීමොනෙය්‍ය’ යි.
Pali BJTකතමං මනොමොනෙය්යං: තිවිධානං මනොදුච්චරිතං පහානං මනොමොනෙය්යං, තිවිධං මනොසුචරිතං මනොමොනෙය්යං, චිත්තාරම්මණං ඤාණං මනොමොනෙය්යං, චිත්තපරිඤ්ඤා මනොමොනෙය්යං, පරිඤ්ඤාසහගතො මග්ගො මනොමොනෙය්යං, චිත්තෙ ඡන්දරාගප්පහානං මනොමොනෙය්යං, චිත්තසඞ්ඛාරනිරොධො සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති මනොමොනෙය්යං. ඉදං මනොමොනෙය්යං.
Sinhala BJTමනෝමෝනෙය්‍ය කවරැ යත්: ත්‍රිවිධ මනොදුශ්චරිතයන් ගේ ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ, ත්‍රිවිධමනොසුචරිතය මනෝමෝනෙය්‍ය යැ චිත්තාලම්බනයෙහි ඥානය මනෝමෝනෙය්‍ය යැ චිත්තපරිඥාව මනෝමෝනෙය්‍ය යැ පරිඥා සහගත මාර්‍ගය මනෝමෝනෙය්‍ය යැ සිතෙහි ඡන්‍දරාග ප්‍රහාණය මනෝමෝනෙය්‍ය යැ චිත්තසංස්කාර (සංඥා වේදනා) නිරෝධ සංඛ්‍යාත සංඥාවෙදයිතනිරොධසමාපත්තිය මනෝමෝනෙය්‍ය යැ, මේ ‘මනෝමෝනෙය්‍ය’ යි.
Pali BJT7 “කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්යසම්පන්නං ආහු සබ්බප්පහායිනං,{a}
Sinhala BJT7 (කායවාග්මනොදුශ්චරිතය දුරැලීම් වශයෙන්) කායමුනි වූ වාග්මුනි වූ මනෝ මුනි වූ අනාස්‍රව වූ (ඵලයෙහි සිටි හෙයින්) මොනෙය්‍යසම්පන්න වූ මුනිහු සියලු කෙලෙසුන් දුරු කෙළේ යයි කියත්.
Pali BJT8 කායමුනිං වාචාමුනිං මනොමුනිමනාසවං මුනිං මොනෙය්යසම්පන්නං{1} ආහු නින්හාතපාපක”න්ති.{b}
Sinhala BJT8 කායමුනි වූ වාග්මුනි වූ මනොමුනි වූ අනාස්‍රව වූ මෝනෙය්‍ය සම්පන්න වූ මුනිහු සෝදා හළ පව් ඇත්තෙකැ’යි කියත්.
Pali BJTඉමෙහි තීහි මොනෙය්යෙහි ධම්මෙහි සමන්නාගතා. ඡ මුනිනො: අගාරමුනිනො අනගාරමුනිනො සෙඛමුනිනො අසෙඛමුනිනො පච්චෙකමුනිනො මුනිමුනිනො.
Sinhala BJTමේ තුන් මෝනෙය්‍ය ධර්‍මයන් ගෙන් සමන්‍විත වූ මුනිහු සදෙනෙකි: අගාරමුනිහු යැ අනගාරමුනිහු යැ ශෛක්ෂමුනිහු යැ අශෛක්ෂමුනිහු යැ ප්‍රත්‍යෙකමුනිහු යැ මුනිමුනිහු යැ යි.
Pali BJTකතමෙ අගාරමුනිනො: යෙ තෙ අගාරිකා දිට්ඨපදා විඤ්ඤාතසාසනා, ඉමෙ අගාරමුනිනො. කතමෙ අනගාරමුනිනො යෙ තෙ පබ්බජිතා දිට්ඨපදා විඤ්ඤාතසාසනා, ඉමෙ අනගාරමුනිනො. සත්ත සෙඛා සෙඛමුනිනො. අරහන්තො අසෙඛමුනිනො. පච්චෙකබුද්ධා පච්චෙකමුනිනො. මුනිමුනිනො වුච්චන්ති තථාගතා අරහන්තො සම්මාසම්බුද්ධා.
Sinhala BJTඅගාරමුනිහු කවරහ යත්: දක්නා ලද නිවන් ඇති දන්නා ලද (ශික්‍ෂාත්‍රය) ශාසනය ඇති යම් ගිහිගේ වැසි කෙනෙක් වෙත් ද, මොහු අගාර මුනිහු යැ. අනගාරමුනිහු කවරහ යත්: දුටු නිවන ඇති දත් සසුන් ඇති යම් පැවිදි කෙනෙක් වෙත් ද, මොහු අනගාරමුනිහු යැ. සප්ත ශෛක්‍ෂයෝ සෙඛමුනිහු යැ. රහත්හු අසෙඛමුනිහු යැ. පසේ බුදුවරයෝ පච්චෙකමුනිහු යැ. තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මුනිමුනිහු යයි කියනු ලැබෙත්.
Pali BJT9 “න මොනෙන මුනි හොති මූළ්හරූපො අවිද්දසු යො ච තුලංව පග්ගය්හ වරමාදාය පණ්ඩිතො,
Sinhala BJT9 මූඪ ප්‍රකෘති ඇති අවිඥ තෙම මෞනභාවය (නො බැණ සිටීම) හේතු කොට ගෙන මුනි වූයේ නො වෙයි. තවද පණ්ඩිත වූ යමෙක් තුලාව ගෙන සිටියක්හු සෙයින් උත්තම වූ ශීල සමාධ්‍යාදිය ගෙන -
Pali BJT10 පාපානි පරිවජ්ජෙති ස මුනී තෙන සො මුනි යො මුනාති උභොලොකෙ මුනි තෙන පවුච්චති.{c}
Sinhala BJT10 අකුශල ධර්‍මයන් දුරු කෙරේ ද, හේ මුනි නම් වෙයි. යට කී කරුණෙන් හෙතෙම මුනි වූයේ යැ යමෙක් ස්කන්‍ධාදි ලෝකයෙහි අධ්‍යාත්ම බාහිරාදී උභයාර්ථයන් දැන ගනී ද, එ කරුණෙන් හෙතෙම මුනි යයි කියනු ලැබේ.