Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 1948

SegmentPali BJTSinhala BJT
Pali BJTගෙධො වුච්චති තණ්හා යො රාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.
Sinhala BJTගේධ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්, බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි.
Pali BJTකාමෙසු නාභිගිජ්ඣෙය්යාති කිලෙසකාමෙන වත්ථුකාමෙන නාභිගිජ්ඣෙය්ය න පළිබුද්ධෙය්ය අගිද්ධො අස්ස අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො වීතගෙධො විගතගෙධො චත්තගෙධො වන්තගෙධො මුත්තගෙධො පහීනගෙධො පටිනිස්සට්ඨගෙධො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරෙය්යාති. “කාමෙසු නාභිගිජ්ඣෙය්ය”.
Sinhala BJTකාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු: ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු නො වන්නේ යැ, ලෝභ නො කරන්නේ යැ, ගිජු නො වූයෙක් නො ගෙතුණෙක් මුසපත් නො වූයෙක් නො වතුළෙක් වන්නේ යැ, දුරු කළ ගේධ ඇතියෙක් පහ වූ ගේධ ඇතියෙක් හරන ලද ගේධ ඇතියෙක් වමාළ ගේධ ඇතියෙක් මුදාලු ගේධ ඇතියෙක් ප්‍රහීණ වූ ගේධ ඇතියෙක් දුරැලූ ගේධ ඇතියෙක් වන්නේ යැ,දුරු කළ රාග ඇතියෙක් පහ වූ රාග ඇතියෙක් හරන ලද රාග ඇතියෙක් වමාළ රාග ඇතියෙක් මුදාලූ රාග ඇතියෙක් පුහුන් රාග ඇතියෙක් දුරැලූ රාග ඇතියෙක් තෘෂ්ණා රහිතයෙක් (තෘෂ්ණා සියන් නැතියෙක් හෝ) නිවියෙක් සිහිල් වූයෙක් (කායිකචෛතසික) සුව විඳුනා සුල්ලෙක් වන්නේ යැ, උත්තම ස්වභාවය ඇති සිතින් යුතු වැ වාසය කරන්නේ යැ නුයි ‘කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය’ යනු වේ.
Pali BJTමනසා නාවිලො සියා’ති: මනො’ති යං චිත්තං මනො මානසං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු. කායදුච්චරිතෙන චිත්තං ආවිලං හොති ලුලිතං එරිතං ඝට්ටිතං චලිතං භන්තං අවුපසන්තං වචීදුච්චරිතෙන -පෙ- මනොදුච්චරිතෙන -පෙ- රාගෙන -පෙ- දොසෙන -පෙ- මොහෙන -පෙ- කොධෙන -පෙ- උපනාහෙන -පෙ- මක්ඛෙන -පෙ- පලාසෙන -පෙ- ඉස්සාය -පෙ- මච්ඡරියෙන -පෙ- මායාය -පෙ- සාඨෙය්යෙන -පෙ- ථම්භෙන -පෙ- සාරම්භෙන -පෙ- මානෙන -පෙ- අතිමානෙන -පෙ- මදෙන -පෙ- පමාදෙන -පෙ- සබ්බකිලෙසෙහි -පෙ- සබ්බදුච්චරිතෙහි -පෙ- සබ්බදරථෙහි
Sinhala BJTමනසා නාවිලො සියා යනු: ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක්, හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. කායදුශ්චරිතයෙන් සිත නො පහන් වූයේ කැළඹුණේ කම්පිත වූයේ (අරමුණෙහි) ගැටුණේ සැලුණේ භ්‍රාන්ත වූයේ නො සන් හිඳුණේ වෙයි. වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් ... රාගයෙන් ... ද්වේෂයෙන් ... මෝහයෙන් ... ක්‍රෝධයෙන් ... උපනාහයෙන් ... මකු බැවින් ... පලාසයෙන් ... ඊර්‍ෂ්‍යායෙන් ... මාත්සර්‍ය්‍යයෙන් ... සඨ බැවින් ... ස්තම්භයෙන් ... සාරම්භයෙන් ... මානයෙන් ... අතිමානයෙන් ... මදයෙන් ... ප්‍රමාදයෙන් ... හැම කෙලෙසුන් ගෙන් ... හැම දුසිරිතින් ... හැම දරථයෙන් ...
Pali BJTසබ්බපරිළාහෙහි -පෙ- සබ්බසන්තාපෙහි -පෙ- සබ්බාකුසලාහි සඞ්ඛාරෙහි චිත්තං ආවිලං හොති ලුලිතං එරිතං ඝට්ටිතං චලිතං භන්තං අවුපසන්තං, මනසා නාවිලොසියා’ති චිත්තෙන අනාවිලොසියා අලුලිතො අනෙරිතො අඝට්ටිතො අචලිතො අභන්තො වූපසන්තො ආවිලකරෙ කිලෙසෙ ජහෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්ය ආවිලකරෙහි කිලෙසෙහි ච ආරතො අස්ස විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්යාති “මනසා නාවිලොසියා”.
Sinhala BJTහැම පරිදාහයන්ගෙන් ... හැම සන්තාපයන්ගෙන් ... හැම අකුශලාභිසංස්කාරයන්ගෙන් සිත නො පහන් වූයේ කැළඹුණේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ බැමුණේ නො සන්හිඳුණේ වෙයි. මනසා නාවිලො සිය යනු සිතින් නො පහන් වූයෙක් නො කැළඹුණෙක් කම්පිත නො වූයෙක් නො ගැටුණෙක් නො සැලුණෙක් නො බැමුණෙක් සන්හිඳුණෙක් වන්නේ යැ, නො පහන් බව කරන කෙලෙසුන් හැරපියන්නේ යැ, බැහැර කරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනු අභාවයට පමුණු වන්නේ යැ. තවද, නො පහන් බව කරන කෙලෙසුන් කෙරෙන් දුරින් දුරුවූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ (එක් වැ නො යෙදුණු) සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘මනසා නාවිලො සියා’ යනු වේ.
Pali BJTකුසලො සබ්බධම්මානන්ති. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති කුසලො සබ්බධම්මානං, “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති කුසලො සබ්බධම්මානං, “සබ්බෙ ධම්මා අනත්තා’ති කුසලො සබ්බධම්මානං, ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ති කුසලො සබ්බධම්මානං -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති කුසලො සබ්බධම්මානං, එවම්පි කුසලො සබ්බධම්මානං.
Sinhala BJTකුසලො සබ්බධම්මානං යනු: ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘හැම සංස්කාරයෝ අනාත්මයහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’ හැම දහම්හි දක්‍ෂ වූයේ, ... සමුදය ස්වභාව ඇති යම් කිසිවක් වේ නම් එ හැම නිරෝධස්වභාව ඇත්තේ යයි හැම දහම්හි දක්‍ෂ වූයේ නුයි මෙසේ ත් ‘තුසලො සබ්බධම්මානං’ යනු වේ.
Pali BJTඅථවා අනිච්චතො කුසලො සබ්බධම්මානං, දුක්ඛතො -පෙ- රොගතො-ගණ්ඩතො- සල්ලතො- අඝතො- ආබාධතො- පරතො- පලොකතො- ඊතිතො- උපද්දවතො- භයතො- උපසග්ගතො- චලතො- පභඞ්ගුතො- අද්ධුවතො- අතාණතො- අලෙනතො- අසරණතො- අසරණීභූතතො- රිත්තතො- තුච්ඡතො- සුඤ්ඤතො- අනත්තතො- ආදීනවතො- විපරිණාමධම්මතො- අසාරකතො- අඝමූලතො- වධකතො- විභවතො- සාසවතො- සංඛතතො- මාරාමිසතො- ජාතිධම්මතො- ජරාධම්මතො- ව්යාධිධම්මතො- මරණතො-සොකපරිදෙව-දුක්ඛදොමනස්සුපායාසධම්මතො - සංකිලෙසිකධම්මතො- සමුදයතො- අත්ථංගමතො- අස්සාදතො- ආදීනවතො- නිස්සරණතො- කුසලො සබ්බධම්මානං, එවම්පි කුසලො සබ්බධම්මානං.
Sinhala BJTනොහොත් අනිත්‍ය හෙයින් හැම දහම්හි දක්‍ෂ වූයේ දුක් හෙයින් ... රෝග හෙයින් ... ගණ්ඩ හෙයින් ... ශල්‍ය හෙයින් ... අඝ (දුක්) හෙයින් ... ආබාධ හෙයින් ... පර (අවසඟ) හෙයින් ... බිඳෙන හෙයින් ... ව්‍යසන හෙයින් ... උපද්‍රව හෙයින් ... භය හෙයින් ... උපසර්‍ග හෙයින් ... චල හෙයින්- බිඳෙන සුලු හෙයින් ... අධ්‍රැව හෙයින් ... අත්‍රාණ හෙයින් ... අලෙන හෙයින් ... අශරණ හෙයින් ... අශරණී භූත හෙයින් ... සිස් .. තුච්ඡ ... ශූන්‍ය ... අනාත්ම ... ආදීනව ... විපරිනාමස්වාභාව ... අසාර ... අඝමූල ... වධක ... විභව ... සාස්‍රව ... හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත ... මාරාමිෂ ... ජාතිධර්‍ම ... ජරාධර්‍ම ... ව්‍යාධිධර්‍ම ... මරණධර්‍ම ... ශොකපරිදෙවදුඃඛදෞර්මනස්ස්‍යොපායාසධර්ම ... සාංක්ලෙශිකධර්ම ... සමුදයධර්‍ම ... අස්තඞ්ගම ... ආස්වාද ... ආදීනව ... නිස්සසරණ හෙයින් හැම දහම්හි දක්‍ෂ වූයේ නුයි මෙසේ ත් ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
Pali BJTඅථවා ඛන්ධකුසලො ධාතුකුසලො ආයතනකුසලො පටිච්චසමුප්පාදකුසලො සතිපට්ඨානකුසලො සම්මප්පධානකුසලො ඉද්ධිපාදකුසලො ඉන්ද්රියකුසලො බලකුසලො බොජ්ඣඞ්ගකුසලො මග්ගකුසලො ඵලකුසලො නිබ්බානකුසලො එවම්පි කුසලො සබ්බධම්මානං,
Sinhala BJTනොහොත් ස්කන්‍ධයන්හි නිපුණ වූයේ ධාතු... ආයාතන... ප්‍රතීත්‍යය සමූත්පාද... ස්මෘතීප්‍රස්ථාන... සම්‍යක් ප්‍රධාන... ඍද්ධිපාද... ඉන්‍ද්‍රිය... බල... බොද්ධ්‍යඞ්ග... මාර්‍ග... ඵල... නිර්‍වාණයෙහි නිපුණ වූයේ නුයි මෙසේත් ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
Pali BJTඅථ වා සබ්බධම්මා වුච්චන්ති ද්වාදසායතනානි. චක්ඛුං චෙව රූපා ච සොතා ච සද්දා ච ඝානං ච ගන්ධා ච ජිව්හා ච රසා ච කායො ච ඵොට්ඨබ්බා ච මනො ච ධම්මා ච. යතො ච ඛො අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්දරාගො පහීනො ච හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{1} ආයතිං අනුප්පාදධම්මො, එත්තාවතාපි කුසලො සබ්බධම්මානන්ති ‘කුසලො සබ්බධම්මානං’.
Sinhala BJTනොහොත් ‘සබ්බධම්මා’ යි දොළොස් ආයතනයෝ කියනු ලැබෙති: චක්‍ෂුස ද රූපයෝ ද ශ්‍රොත්‍රය ද ශබ්දයෝ ද ඝ්‍රාණය ද ගන්‍ධයෝ ද ජිහ්වාව ද රසයෝ ද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද මනස ද ධර්‍මයෝ දැ යි. යම් කලෙකැ ආධ්‍යාත්මිකබාහිර ආයතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ (උසුන්මුල් ඇති) තල්වත්තක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරන ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ ද මෙතෙකිනුදු හැම දහම්හි නිපුණ වේ නුයි ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
Pali BJTසතො භික්ඛු පරිබ්බජෙති:සතො’ති චතූහි කාරෙණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො.
Sinhala BJTසතෝ භික්ඛු පරිබ්බජෙ යනු: ‘සතෝ’ යනු සතර කරුණෙකින් සිහි ඇත්තේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, වේදනාවන්හි වේදනානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, සිතෙහි චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, දහම්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ යි.
Pali BJTඅපරෙහි’පි චතූහි කාරණෙහි සතො: අසතිපරිවජ්ජනාය සතො, සතිකරණීයානං ධම්මානං කතත්තා සතො, සතිපටිපක්ඛානං{2} ධම්මානං හතත්තා සතො, සතිනිමිත්තානං ධම්මානං අපම්මුට්ඨත්තා සතො.
Sinhala BJTඅන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: නො සිහිය හාත්පසින් දුරැලීමෙන් සිහි ඇත්තේ, සිහියෙන් කළයුතු දහම් කළ බැවින් සිහි ඇත්තේ, සීපිළිවත් දහම නැසූ බැවින් සිහි ඇත්තේ, සිහියෙන් කළ යුතු (කායාදී) අරමුණු නො නසන ලද බැවින් සිහි ඇත්තේ යි.
Pali BJTඅපරෙහි’පි චතූහි කාරණෙහි සතො: සතියා සමන්නාගතත්තා සතො, සතියා වසිත්තා සතො, සතියා පාගුඤ්ඤෙන සමන්නාගතත්තා සතො, සතියා අපච්චොරොහණතාය{3} සතො.
Sinhala BJTඅන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: සිහියෙන් සමන්‍වාගත බැවින් සිහි ඇත්තේ, සිහියෙන් වශීභාවයට පැමිණ බැවින් සිහි ඇත්තේ, ස්මෘතියගේ ප්‍රගුණභාවයෙන් සමන්‍වාගත බැවින් සිහි ඇත්තේ, සිහිය නො පසුබස්නා බැවින් සිහි ඇත්තේ යි.
Pali BJTඅපරෙහි’පි චතූහි කාරණෙහි සතො: සත්තත්තා සතො, සන්තත්තා සතො, සමිතත්තා සතො, සන්තධම්මසමන්නාගතත්තා සතො, බුද්ධානුස්සතියා සතො, ධම්මානුස්සතියා සතො, සඞ්ඝානුස්සතියා සතො, සීලානුස්සතියා සතො, චාගානුස්සතියා සතො, දෙවතානුස්සතියා සතො, ආනාපානසතියා{4} සතො, මරණසතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස්සතියා සතො. යා සති අනුස්සති -පෙ- සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනමග්ගො. අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො{5} සමන්නාගතො අයං වුච්චති සතො.
Sinhala BJTඅන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: සත්තව (ස්වභාවයෙන් විද්‍යමාන) වන බැවින් සිහි ඇත්තේ, ශාන්ත (නිවුණ) වන බැවින් සිහි ඇත්තේ, (කෙලෙස්) සන්හිඳුවන ලද බැවින් සිහි ඇත්තේ, සත්පුරුෂ ධර්‍මයෙන් සමන්‍වාගත වන බැවින් සිහි ඇත්තේ, බුද්ධානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ධර්මානුස්මෘතියෙන් සිහි ඇත්තේ, සඞ්ඝානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ශීලානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ත්‍යාගානුස්මෘතියෙන් සිහි ඇත්තේ, දෙවතානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ආනාපානස්මෘතියෙන් සිහි ඇත්තේ, මරණානුස්මෘතියෙන් සිහි ඇත්තේ, කයගතානු ස්මෘතියෙන් සිහි ඇත්තේ, උපශමානුස්මෘතියෙන් සිහි ඇත්තේ යි. යම් සිහියෙක් පුනපුනා සිහි කිරීමෙක් ... සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායන මාර්‍ගයෙක් වේ ද, මේ ‘සති’ යයි කියනු ලැබෙයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. මේ සිහි ඇත්තේ යි කියනු ලැබේ.
Pali BJTභික්ඛූති සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛු: සක්කායදිට්ඨි භින්නා, හොති, විචිකිච්ඡා භින්නා හොති, සීලබ්බතපරාමාසො භින්නො හොති, රාගො භින්නො හොති, දොසො භින්නො හොති, මොහො භින්නො හොති, මානො භින්නො හොති, භින්නා හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTභික්ඛූ යනු: සප්ත ධර්‍මයන් භින්න වන බැවින් භික්ඛු නම: සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව ... ශීලව්‍රතපරාමර්ශය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය කරන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ ආයති ජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශල ධර්‍මයෝ බිඳුනා ලදහු වෙත්.
Pali BJT3. “පජ්ජෙන කතෙන{1} අත්තනා-(සභියාති භගවා) පරිනිබ්බා න ගතො විතිණ්ණකඞ්ඛො විභවඤ්ච භවඤ්ච විප්පහාය වුසිතවා ඛීණපුනබ්භවො{2} ස භික්ඛූ”ති සතො භික්ඛු
Sinhala BJT3.යමෙක් තමා විසින් වැඩූ මාර්‍ගයෙන් ක්ලේශ පරිනිර්වාණයට ගියේ ද, එහෙයින් මැ තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවය ත් භවයන් දුරු කොට මාර්ගවාස වැස නිම වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති හෙතෙම භික්‍ෂූ නම් වේ නුයි “සතෝ භික්ඛු” යනු වේ.
Pali BJTසතො භික්ඛු පරිබ්බජෙති සතො භික්ඛු පරිබ්බජෙ: සතො ගච්ඡෙය්ය, සතො තිට්ඨෙය්ය, සතො නිසීදෙය්ය, සතො සෙය්යං කප්පෙය්ය, සතො අභික්කමෙය්ය, සතො පටික්කමෙය්ය, සතො ආලොකෙය්ය, සතො විලොකෙය්ය, සතො සම්මිඤ්ජෙය්ය,{3} සතො පසාරෙය්ය, සතො සඞ්ඝාටිපත්තචීවරං ධාරෙය්ය, සතො චරෙය්ය, විහරෙය්ය ඉරීයෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යා’ති “සතො භික්ඛු පරිබ්බජෙ
Sinhala BJTසතෝ භික්ඛු පරිබ්බජෙ යනු: මහණ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ, සිහි ඇති වැ යන්නේ යැ, සිහි ඇති වැ සිටුනේ යැ, සිහි ඇති වැ හිඳුනේ යැ, සිහි ඇති වැ හෝනේ යැ, සිහි ඇති වැ ඉදිරියට යන්නේ යැ, සිහි ඇති වැ පෙරළා එන්නේ යැ, සිහි ඇති වැ ඉදිරි බලන්නේ යැ, සිහි ඇති වැ අවට බලන්නේ යැ, සිහි ඇති යැ අත්පා හකුළුවන්නේ යැ, සිහි ඇති වැ අත්පා දිගු කරන්නේ යැ, සිහි ඇති වැ සඟළ-පා-සිවුරු දරන්නේ යැ, සිහි ඇති වැ හැසිරෙන්නේ යැ, වාසය කරන්නේ යැ ඉරියව් පවත්වන්නේ යැ පවත්නේ යැ පාලනය කරන්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ යැ නුයි, “සතෝ භික්ඛු පරිබ්බජෙ” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTකාමෙසු නාභිගිජ්ඣෙය්ය-මනසා නාවිලො සියා කුසලො සබ්බධම්මානං-සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJT“කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය -පෙ- සතෝ භික්ඛු පරිබ්බජෙ” යී.
Pali BJTසහ ගාථාපරියොසානා යෙ තෙ බ්රාහ්මණෙන සද්ධිං එකච්ඡන්දා එකපයොගා එකාධිප්පායා එකවාසනවාසිතා තෙසං අනෙකපාණසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති. තස්ස ච පන බ්රාහ්මණස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. සහ අරහත්තප්පත්තා අජිනජටාවාකචීරතිදණ්ඩකමණ්ඩලුකෙසා ච මස්සු ච අන්තරහිතා, අජිතො{4} භණ්ඩුකාසායවත්ථවසනො සඞ්ඝාටිවත්තචීවරධරො අන්වත්ථපටිපත්තියා පඤ්ජලිකො භගවන්තං නමස්සමානො නිසින්නො හොති: සත්ථා මෙ භන්තෙ, භගවා සාවකො ‘හමස්මීති.
Sinhala BJTගාථාවසානය හා මැ බමුණු හා සමග සමානච්ඡන්ද ඇති සමාන වූ (කායාදි) ප්‍රයෝග ඇති සමාන අදහස් ඇති සමාන වූ (කුශල) වාසනායෙන් වාසිත වූ (ඉකුත් බුදුසසුන්හි වඩනාලද බවුන් ඇති) යම් කෙනෙක් වූහු නම් ඒ නොයෙක් දහස්ගණන් දෙව්මිනිස් සත්නට“ යම් කිසි සමුදය ධර්‍මයක් ඇද්ද එහැම නිරුද්ධ වන සුලු යැ” යි (රාගාදි) රජස් රහිත වූ (රාගාදි) මල රහිත වූ (ශ්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මචක්‍ෂුස පහළ විය. ඒ (අජිත) බමුණුහට වැළිත් (තෘෂ්ණාදීන්) උපාදාන නො කොට (කාමාදි) ආස්‍රවයන් කෙරෙන් සිත මිදිණ. රහත් බවට පැමිණීම හා මැ අඳුන්දිවිසම් දළ මඬුලු වැහැරි තිදණ්ඩ කමඬලා ද කෙස් ද දැළිරවූළු ද අතුරුදහන් විය. අජිත තෙමේ මුඬුහිස් ඇත්තේ හන්පෙරෙවි කහවත් ඇත්තේ සඟළ-පා-සිවුරු ධරනුයේ අන්‍වර්ථ ප්‍රතිපත්ති (ඉෂ්ටාර්ත්ථලාභ) යෙන් බදැඳිලි වැ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශාස්තෘ වන සේක, මම් ශ්‍රාවකයෙමී” භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
Pali BJTඅජිත සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTඅජිත සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT2. තිස්සමෙත්තෙය්ය සුත්තනිද්දෙසො
Sinhala BJT2. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර නිර්‍දෙශය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTකො’ධ සන්තුසිතො ලොකෙ (ඉච්චායස්මා තිස්සමෙත්තෙය්යො) කස්ස නො සන්ති ඉඤ්ජිතා කො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති කං බ්රූසි මහාපුරිසො’ති කො’ධ සිබ්බනිමච්චගා.
Sinhala BJT(ආයුෂ්මත්, තිස්සමෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්.) “මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියන සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්ම ගියේ දැ” යි.
Pali BJTකො’ධ සන්තුසිතො ලොකෙ’ති: කො ලොකෙ තුට්ඨො සන්තුට්ඨො අත්තමනො පරිපුණ්ණසංකප්පොති ‘කොධ සන්තුසිතො ලොකෙ’.
Sinhala BJTකෝධ සන්තුසිතො ලෝකේ යනු: ලොවැ කවරෙක් තුටු වූයේ සතුටු වූයේ සියමන් වූයේ පිරිපුන් මනදොළ ඇතියේ ද නුයි ‘කො’ ධ සන්තුසිතො ලෝකේ, යනු වේ.
Pali BJTඉච්චායස්මා තිස්සමෙත්තෙය්යො’ති: ‘ඉච්චා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා. නාමෙතං ඉච්චා’ති. ආයස්මා’ති, පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘ආයස්මා’ති. තිස්සො’ති තස්ස බ්රාහ්මණස්ස නාමං සඞ්ඛා{1} සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපො. මෙත්තෙය්යො’ති තස්ස බ්රාහ්මණස්ස ගොත්තං සඞ්ඛා{1} සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො’ති ‘ඉච්චායස්මා තිස්සමෙත්තෙය්යො.’
Sinhala BJTඉච්චායස්මා තිස්සමෙත්තෙය්‍යො යනු: ඉච්ච යනු: පදසන්ධි යැ පද සංසර්‍ග යැ පද පූරණ යැ අක්‍ෂර සමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ, තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියවචන යැ ගරු වචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙකි. තිස්ස යනු: ඒ බමුණු ගේ නම යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යි. මෙත්තෙය්‍ය යනු: ඒ බමුණු ගේ ගොත්‍ර යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර නුයි ‘ඉච්චායස්මා තිස්ස මෙත්තෙය්‍යො’ යනු වේ.
Pali BJTකස්ස නො සන්ති ඉඤ්ජිතාති: තණ්හිඤ්ජිතං දිට්ඨිඤ්ජිතං මානිඤ්ජිතං කිලෙසිඤ්ජිතං කාමිඤ්ජිතං. කස්සිමෙ ඉඤ්ජිතා නත්ථි, න සන්ති න සංවිජ්ජන්ති නුපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා’ති “කස්ස නො සන්ති ඉඤ්ජිතා.”
Sinhala BJTකස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: තෘෂ්ණායෙන් චලන (සැලීම) යැ දෘෂ්ටියෙන් චලන යැ මානයෙන් චලන යැ ක්ලේශයෙන් චලන යැ කාමයෙන් චලන යයි. කවරක්හට මේ චලනයෝ නැද්ද, නො වෙද්ද, විද්‍යමාන නො වෙද්ද, නොලැබෙත් ද, ප්‍රහීණ වූවාහු ද, සිඳුණාහු ද, සන්හිඳුණාහු ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූවාහු ද, අභව්‍යොත්පත්තික වූවාහු ද, නුවණ ගින්නෙන් දැවුණාහු දැ යි ‘කස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.
Pali BJTකො උභන්තමභිඤ්ඤායා’ති: කො උභො අන්තෙ අභිඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා’ති ‘කො උභන්තමභිඤ්ඤාය’.
Sinhala BJTකො උභන්තමභිඤ්ඤාය යනු: කවරෙක් උභය අන්තයන් ස්වලක්ෂණාවබෝධයෙන් දැනැ අවබෝධ කොට තුලනය කොට තීරණය කොට හෙළි කොට ප්‍රකට කොට නුයි ‘කො උභන්තමභිඤ්ඤාය’ යනු වේ.
Pali BJTමජ්ඣෙ මන්තා න ලිප්පතී’ති: මජ්ඣෙ මන්තාය න ලිප්පති අලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතී ති, ‘මජ්ඣෙ මන්තා න ලිප්පති’.
Sinhala BJTමජ්ඣෙ මන්තා න ලිප්පති යනු: මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද නො ඇලුණේ ද උපලිප්ත නො වූයේ නික්මුණේ නිඃසෘත වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වේ ද විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ වාසය කෙරේ ද යි ‘මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
Pali BJTකං බ්රූසි මහාපුරිසොතීති: මහාපුරිසො අග්ගපුරිසො සෙට්ඨපුරිසො විසෙට්ඨපුරිසො පාමොක්ඛපුරිසො උත්තමපුරිසො පධානපුරිසො පවරපුරිසො’ති. කං බ්රූසී: කං කථෙසි කං මඤ්ඤසි කං භණසි කං පස්සසි කං වොහරසීති. ‘කං බ්රූසි මහාපුරිසො’ති.
Sinhala BJTකං බ්‍රෑසි මහාපුරිසොති යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛපුරුෂ යැ උත්තම පුරුෂ යැ ප්‍රධාන පුරුෂ යැ ප්‍රවර පුරුෂ යැ’යි කවරක්හු දෙසන සේක් ද? කවරක්හු කියන සේක් ද? කවරක්හු හඟින සේක් ද? කවරක්හු වදාරණ සේක් ද? කවරක්හු දක්නා සේක් ද? කවරක්හු වහරන සේක් ද යි ‘කං බ්‍රෑසි මහා පුරිසොති’ යනු වේ.
Pali BJTකො’ධ සිබ්බනිමච්චගා’ති කො ඉධ සිබ්බනිං තණ්හං අච්චගා{1} උපච්චගා අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො’ති. කොධ සිබ්බනිමච්චගා’.
Sinhala BJTකො’ධ සිබ්බනිමච්චගා යනු: කවරෙක් මෙහි සිබ්බනිය තෘෂ්ණාව ‘ඉක්මී ද? ඉක්මගියේ ද? අතික්‍රාන්ත ද? සමතික්‍රාන්ත ද? ව්‍යතිවෘත්ත දැයි ‘කො’ධ සිබ්බති මච්චගා’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“කො’ධ සන්තුසිතො ලොකෙ (ඉච්චායස්මා තිස්සමෙත්තෙය්යො) කස්ස නො සන්ති ඉඤ්ජිතා කො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති, කං බ්රූසි මහාපුරිසො’ති කො’ධ සිබ්බනිමච්චගා”ති.
Sinhala BJT“කො’ධ සන්තුසිතො ලෝකේ -පෙ- කො’ධ සිබ්බනි මච්චගා” යී.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTකාමෙසු බ්රහ්මචරියවා (මෙත්තෙය්යාති භගවා) වීතතණ්හො සදා සතො සඞ්ඛාය නිබ්බුතො භික්ඛු තස්ස නො සන්ති ඉඤ්ජිතා.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: මෙත්තෙය්‍ය)කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති, පහ වූ තෘෂ්ණා ඇති, හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින් දහම්) විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
Pali BJTකාමෙසු බ්රහ්මචරියවා’ති:කාමා’ති උද්දානතො ද්වෙ කාමා වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා.
Sinhala BJTකාමෙසු බ්‍රහ්මචරියවා යනු: ‘කාමා’ යනු: විස්තර විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති ... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.
Pali BJTබ්රහ්මචරියවා’ති ‘බ්රහ්මචරියං’ වුච්චති අසද්ධම්මසමාපත්තියා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලා-අනතික්කමො. අපි ච නිප්පරියායෙන බ්රහ්මචරියං වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං{2} සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. යො ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො{3} උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො, සො වුච්චති බ්රහ්මචරියවා. යථා ච ධනෙන ධනවා’ති වුච්චති, භොගෙන ‘භොගවා’ති වුච්චති, යසෙන ‘යසවා’ති වුච්චති, සිප්පෙන ’සිප්පවා’ති වුච්චති, සීලෙන ‘සීලවා’ති වුච්චති, විරියෙන ‘විරියවා’ති වුච්චති, පඤ්ඤාය ‘පඤ්ඤවා’ති වුච්චති විජ්ජාය ‘විජ්ජවා’ති, වුච්චති, එවමෙව යො ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො සො වුච්චති බ්රහ්මචරියවාති ‘කාමෙසු බ්රහ්මචරියවා.’
Sinhala BJTබ්‍රහ්මචරියවා යනු: බ්‍රහ්මචරිය යැ යි අසද්ධර්‍ම සමාපත්තියෙන් දුරින් දුරුවීම වෙන් වීම හාත්පසින් වෙන් වීම වැළැක්ම නො කිරීම අකර ණය නො පැමිණීම මර්‍ය්‍යාදා ඉක්ම යෑම කියනු ලැබේ. තවද,නිෂ්පර්‍ය්‍යාය විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය බ්‍රහ්මචර්‍ය්‍ය යැ යි කියනු ලැබෙයි. හේ මෙසේ යැ: සම්‍යග් දෘෂ්ටි යැ සම්‍යක් සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යි. යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නොවෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ ද, හෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යවත් යැ යි කියනු ලැබෙයි. යම්සේ නම් ධන හෙයින් ‘ධනවත් යැ යි කියනු ලැබේ ද භොග හෙයින් ‘භෝගවත්’ යැ යි කියනු ලැබේ ද යශස් හෙයින් ‘යශස්වත්’ යැ යි ශිල්ප හෙයින් ‘ශිල්පවත්’ යැ යි... ශීල හෙයින් ‘ශීලවත්’ යැ යි... වීර්‍ය්‍ය හෙයින්‘වීර්‍ය්‍යවත්’යැයි... ප්‍රඥා හෙයින් ‘ප්‍රඥාවත්’යැයි... විද්‍යා හෙයින් ‘විද්‍යාවත්’ යැ යි කියනු ලැබේ ද, එසෙයින් මැ යමෙක් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ ද හෙතෙම බ්‍රහ්මචර්‍ය්‍යවත් (බඹසර ඇත්තේ) යැ යි කියනු ලැබේ නුයි ‘කාමෙසු බ්‍රහ්මචරියවා’ යනු වේ.
Pali BJTමෙත්තෙය්යාති භගවා තං බ්රාහ්මණං ගොත්තෙන ආලපති. භගවා’ති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘මෙත්තෙය්යාති භගවා.’
Sinhala BJTමෙත්තෙය්‍ය යනු: බුදුහු ඒ බමුණු ගෝත්‍රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මෙ ‘භගවා’ යනු සාක්ෂාත්ප්‍රඥප්තියෙක් නුයි “මෙත්තෙය්‍යාති භගවා” යනු වේ.
Pali BJTවීත තණ්හො සදා සතො’ති ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා. යස්සෙසා තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා{1} අභබ්බුප්පත්තියා ඤාණග්ගිනා දඩ්ඪා, සො වුච්චති වීතතණ්හො විගතතණ්හො චත්තතණ්හො වන්තතණ්හො මුත්තතණ්හො පහීනතණ්හො පටිනිස්සට්ඨතණ්හො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී{2} බ්රහ්මභූතෙන අත්තනා විහරති. සදා’ති සදා සබ්බදා සබ්බකාලං නිච්චකාලං ධුවකාලං සතතං සමිතං අබ්බොකිණ්ණං පොඞ්ඛානුපොඞ්ඛං{3} උදකොමිකාජාතං{4} අවීචිසන්තතිසහිතං ඵුස්සිතං{5} පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමං යාමං’ මජ්ඣිමං යාමං පච්ඡිමං යාමං කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ. සතො’ති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො, ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති සතො’ති ‘වීතතණ්හො සදා සතො’.
Sinhala BJTවිත්තණ්හො සදා සතෝ යනු: ‘තණ්හා’ යයි: රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්‍රහීණ ද මුලුසුන් වූ ද සන්හිඳුණී ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූ ද අභව්‍යොත්පත්තික (උපදනුවට නුසුදුසු) වූ ද නුවණ ගින්නෙන් දැවුණී ද හෙතෙම වීතතෘෂ්ණ යැ විගතතෘෂ්ණ යැ ත්‍යක්තතෘෂ්ණා යැ වාන්ත තෘෂ්ණ යැ මුක්තතෘෂ්ණ යැ ප්‍රහීණතෘෂ්ණ යැ ප්‍රතිනිඃසෘෂ්ට තෘෂ්ණ යැ වීතරාග යැ විගතරාග යැ ත්‍යක්තරාග යැ වාන්තරාග යැ මුක්ත රාග යැ ප්‍රහීණරාග යැ ප්‍රතිනිඃසෘෂ්ටරාග යැ තෘෂ්ණා නැත්තේ යැ (හෝ තෘෂ්ණා ඡදන නැත්තේ යැ) නිවියේ යැ සිහිල් වූයේ යැ සුවවිඳුනේ යැ බ්‍රහ්මභූත (උතුම් වූ) සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ යි කියනු ලැබේ. සදා යනු: හැම දවස හැම කල්හි සියලු කල්හි දිනපතා අවිච්ඡින්නවැ නිරතුරු අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් ඝටිත වැ රළවැළැක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ ස්පෘෂ්ට වැ පෙරබතැ පසුබතැ පෙරයම්හි මැදියම්හි පසුයම්හි අවපසැ පුරපසැ වසත්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවියෙහි. සතෝ යනු සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි වේදනානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, සිත්හි චිත්තානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, දහම්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ... හෙතෙම ‘සිහි ඇතියේ යැ’යි කියනු ලැබේනු යි ‘වීතතණ්හො සදා සතෝ’ යනු වේ.
Pali BJTසඞ්ඛාය නිබ්බුතො භික්ඛූ’ති: ‘සඞ්ඛා’ වුච්චති ඤාණං, යා පඤ්ඤා පජානනා විචයො පවිචයො -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. සඞ්ඛායාති සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ති -පෙ- ’යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා.
Sinhala BJTසංඛාය නිබ්බුතො භික්ඛු යනු: ‘සඞ්ඛා’ය ඥානය කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විචයෙක් ප්‍රවිචයෙක්... අමෝහයෙක් ධර්‍මවිචයෙක්. සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. සඞ්ඛාය යනු: විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’... යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන සුලු යැ’යි විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට.
Pali BJTඅථ වා අනිච්චතො සඞ්ඛාය ජානිත්වා -පෙ- දුක්ඛතො -පෙ- රොගතො -පෙ- ගණ්ඩතො -පෙ- සල්ලතො -පෙ- නිස්සරණතො සඞ්ඛාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. නිබ්බුතො’ති රාගස්ස නිබ්බාපිතත්තා නිබ්බුතො, දොසස්ස නිබ්බාපිතත්තා නිබ්බුතො, මොහස්ස නිබ්බාපිතත්තා නිබ්බුතො, කොධස්ස-උපනාහස්ස-මක්ඛස්ස-පළාසස්ස-ඉස්සාය-මච්ඡරියස්ස-මායාය-සාඨෙය්යස්ස-ථම්භස්ස-සාරම්භස්ස-මානස්ස-අතිමානස්ස-මදස්ස-පමාදස්ස-සබ්බකිලෙසානං-සබ්බදුච්චරිතානං-සබ්බදරථානං-සබ්බපරිළාහානං-සබ්බසන්තාපානං-සබ්බාකුසලාභිසඞ්ඛාරානං නිබ්බාපිතත්තා නිබ්බුතො. ‘භික්ඛූ’ති සත්තන්නං ධම්මානං භින්නත්තා භික්ඛු -පෙ- වුසිත්වා ඛීණපුනබ්භවො ස භික්ඛූ”ති ‘සඞ්ඛාය නිබ්බුතො භික්ඛු.’
Sinhala BJTනොහොත් අනිත්‍ය හෙයින් විමසා දැනැ... දුක් හෙයින්... රෝග හෙයින්... ගණ්ඩ හෙයින්... ශල්‍ය හෙයින්... නිස්සරණ හෙයින් විමසා දැනැ තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. නිබ්බුතො යනු: රාගය නිවූ බැවින් නිවියේ, ද්වේෂය නිවූ බැවින් නිවියේ, මෝහය නිවූ බැවින් නිවියේ ක්‍රෝධය- බද්ධවෛරය- මකු බව-පළාසය (යුගග්‍රාහය)- ඊර්‍ෂ්‍යාව- මාත්සර්‍ය්‍යය- මායාව- සඨ බව- ස්තම්භය-සාරම්භය- (කරණොත්තරියකරණ) මානය- අතිමානය- මදය- ප්‍රමාදය- හැම කෙලෙසුන්- හැම දුසිරිත්- හැම දරථයන්- හැම පරිදාහයන්- හැම සතැවුලි-හැම අකුශලාභි සංස්කාරයන් නිවූ බැවින් නිවියේ. භික්ඛු යනු: (සත්කායදෘෂ්ටි ආදි) සප්ත ධර්‍මයන් බුන් බැවින් භික්‍ෂු යැ... වැස නියවූ මඟබඹසර ඇති ක්‍ෂය වූ පුනර්‍භවය ඇති හේ ‘භික්‍ෂු’ නමැ’යි ‘සඞ්ඛාය නිබ්බුතො භික්ඛු’ යනු වේ.
Pali BJTතස්ස නො සන්ති ඉඤ්ජිතාති ‘තස්සා’ති අරහතො ඛීණාසවස්ස. ඉඤ්ජිතා’ති තණ්හිඤ්ජිතං දිට්ඨිඤ්ජිතං මානිඤ්ජිතං කිලෙසිඤ්ජිතං කාමිඤ්ජිතං, තස්සිමෙ ඉඤ්ජිතා නත්ථි, න සන්ති, න සංවිජ්ජන්ති, නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා’ති ‘තස්ස නො සන්ති ඉඤ්ජිතා’.
Sinhala BJTතස්ස නො සන්ති ඉඤ්ජිතා යනු: ‘තස්ස’ යනු: අර්‍හත් ක්ෂීණාශ්‍රවහට. ඉඤ්ජිතා යනු: තෘෂ්ණා ඉඤ්ජන යැ දෘෂ්ටි ඉඤ්ජන යැ මාන ඉඤ්ජන යැ ක්ලේශ ඉඤ්ජන යැ කාම ඉඤ්ජන යි ඔහට මේ ඉඤ්ජනයෝ නැති, නොවෙති විද්‍යාමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ, මුලුසුන්හ, ව්‍යුපශාන්තයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ, අභව්‍යොත්පත්තිකයහ, නුවණ ගින්නෙන් දැවුණාහු නුයි ‘තස්ස නො සන්ති ඉඤ්ජිතා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ:
Pali BJT“කාමෙසු බ්රහ්මචරියවා (මෙත්තෙය්යාති භගවා) වීතතණ්හො සදා සතො, සඞ්ඛාය නිබ්බුතො භික්ඛු තස්ස නො සන්ති ඉඤ්ජිතා”ති.
Sinhala BJT“කාමෙසු බ්‍රහ්මචරියවා -පෙ- තස්ස නො සන්ති ඉඤ්ජිතා” යී.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTසො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති තං බ්රූමි මහාපුරිසො’ති සො’ ධ{1} සිබ්බනිමච්චගා.
Sinhala BJTහේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහා පුරුෂ’යයි කියමි. හෙතෙම මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මගියේ යි.
Pali BJTසො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පතීති: ‘අන්තා’ති ද්වෙ අන්තා: ඵස්සො එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො, ඵස්සනිරොධො මජ්ඣෙ. අතීතං එකො අන්තො, අනාගතං දුතියො අන්තො, පච්චුප්පන්නං මජ්ඣෙ. සුඛා වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො, අදුක්ඛමසුඛා වෙදනා මජ්ඣෙ. නාමං එකො අන්තො, රූපං දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ. ඡ අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ. සක්කායො එකො අන්තො, සක්කාය සමුදයො දුතියො අන්තො, සක්කාය නිරොධො මජ්ඣෙ. මන්තා වුච්චති පඤ්ඤා “යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.”
Sinhala BJTසො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්‍ශය එක් අන්තයෙකැ, ස්පර්‍ශසමුදය දෙවැනි අන්තය යි. ස්පර්‍ශනිරෝධය මධ්‍යයෙහි වෙයි. අතීතය එක් අන්තයෙකැ අනාගතය දෙවැනි අන්තය යි. වර්තමානය මධ්‍යයෙහි වෙයි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක්වේදනාව දෙවැනි අන්ත යයි. නො දුක් නො සුව වේදනාව මධ්‍යයෙහි වෙයි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන එක් අන්තයෙකැ, බාහිර ආයතනයෝ සදෙන දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. සත්කාය එක් අන්තයෙකැ සත්කාය සමුදය දෙවැනි අන්තය යි. සත්කාය නිරෝධය මධ්‍යයෙහි වේ. ‘මන්තා’ යි ප්‍රඥා කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානන ආකාරයෙක්... අමෝහයෙක් ධර්‍මවිචය යෙක්... සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, එය යි.
Pali BJTලෙපා’ති ද්වෙ ලෙපා: තණ්හාලෙපො ච, දිට්ඨිලෙපො ච. කතමො තණ්හා ලෙපො: යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමකතං මරියාදීකතං{1} ඔධිකතං පරියන්තකතං පරිග්ගහිතං මමායිතං, ඉදං මම, එතං මම, එත්තකං මම, එත්තාවතා මම රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං සුවණ්ණං ගාම නිගම රාජධානියො{2} රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති. යාවතා අට්ඨසතතණ්හාවිචරිතං, අයං තණ්හාලෙපො. කතමො දිට්ඨිලෙපො: වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො{3} විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං යාථාවතන්ති ගාහො යාවතා ද්වාසට්ඨිදිට්ඨිගතානි, අයං දිට්ඨිලෙපො.
Sinhala BJTලෙපා යනු: ලෙප දෙකෙකි: තෘෂ්ණා ලෙපය ද දෘෂ්ටි ලෙපය දැයි. තෘෂ්ණාලේප කවරැ යත්. මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’ යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරනලද ද, අවධි කරනලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්පර්‍ශයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහ පොළොව තෘෂ්ණා වශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශත තෘෂ්ණවිචරිතයෙක් වේ ද, මේ තෘෂ්ණාලේප නම. දෘෂ්ටි ලෙප කවරැ යත්: (රූපං අත්තතෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (“නත්‍ථි දින්නං යනාදීන් පැවැති) දශවස්තුක මිථ්‍යා දෘෂ්ටි යැ, (“සස්සතෝ ලෝකෝ’යනාදීන් පැවැති) දශවස්තුක අන්ත ග්‍රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටි කාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශුකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණු දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිත්‍ථ්‍යා ස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාස ග්‍රාහයෙක් මිථ්‍යා ග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ ‘දෘෂ්ටිලෙප’ නම.
Pali BJTසො උභන්ත මභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පතී’ති සො උභො ච අන්තෙ මජ්ඣඤ්ච මන්තාය අභිඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා, න ලිප්පති න පලිප්පති න උපලිප්පති අලිත්තො අසංලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසංයුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති. ‘සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති’.
Sinhala BJTසො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: හෙතෙම අන්තද්වය ද මධ්‍යය ද නුවණින් වෙසෙසින් දැනැ ජානනය කොට තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි උපලිප්ත නො වෙයි නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ උපලිප්ත නො වූයේ නික්මුණේ ප්‍රහීණ වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරේ නුයි ‘සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
Pali BJT‘තං බ්රූමි මහාපුරිසො’ති මහාපුරිසො අග්ගපුරිසො සෙට්ඨපුරිසො විසෙට්ඨපුරිසො පාමොක්ඛපුරිසො උත්තමපුරිසො පවරපුරිසො’ති, තං බ්රූමි තං කථෙමි තං භණාමි තං දීපෙමි තං වොහරාමි. ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “මහාපුරිසො මහාපුරිසො’ති භන්තෙ, වුච්චති. කිත්තා වතා නු ඛො භන්තෙ මහාපුරිසො හොතී”ති “විමුත්තචිත්තත්තා ඛ්වාහං සාරිපුත්ත මහාපුරිසො’ති වදාමි.
Sinhala BJTතං බ්‍රෑමි මහාපුරිසො යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛ පුරුෂ යැ උත්තමපුරුෂ යැ ප්‍රවරපුරුෂ යැයි තං බ්‍රෑමි ඔහු කියමි, ඔහු බෙණෙමි, ඔහු දක්වමි, ඔහු වහරමි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළහ: වහන්ස, “මහාපුරුෂ යැ මහාපුරුෂ යැ” යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘මහාපුරුෂ’ වේ දැ? යි. ශාරීපුත්‍රය, විප්‍රමුක්ත සිත් ඇති බැවින් මම ‘මහා පුරුෂ’ යයි කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් “මහා පුරුෂ නො වේ” යයි කියමි.
Pali BJTඅවිමුත්තචිත්තත්තා{1} නො මහාපුරිසො’ති වදාමි. කථං ච සාරිපුත්ත, විමුත්තචිත්තො හොති: ඉධ සාරිපුත්ත, භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, තස්ස කායෙ කායානුපස්සිනො විහරතො චිත්තං විරජ්ජති විමුච්චති අනුපාදාය ආසවෙහි. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො චිත්තං විරජ්ජති විමුච්චති අනුපාදාය ආසවෙහි. එවං ඛො සාරිපුත්ත, විමුත්ත චිත්තො හොති. විමුත්තචිත්තත්තා ඛ්වාහං සාරිපුත්ත, මහාපුරිසොති වදාමි. අවිමුත්තචිත්තත්තා නො මහාපුරිසො’ති වදාමීති.{a} තං බ්රූමි මහාපුරිසො’ති.
Sinhala BJTවැළිත් ශාරීපුත්‍රය, කිසෙයින් විමුක්ත සිත් ඇත්තේ වේ ද යත්: ශාරීපුත්‍රය, මෙසස්නෙහි මහණ තෙම තමාගේ කයෙහි කය අනුවැ බලමින් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ ස්මෘතිමත් වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. කයෙහි කය අනු වැ බලමින් වාසය කරන ඔහුගේ සිත විරාගයට පැමිණෙයි. (විරාග හෙයින්) උපාදාන නො කොට ආස්‍රවයන් කෙරෙන් විමුක්ත වෙයි. වේදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන් හි ධර්‍මානුදර්ශී වැ කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ ස්මෘතිමත් වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙන ඔහුගේ සිත විරාගයට පැමිණෙයි, (විරාග හෙයින්) උපාදාන නො කොට ආශ්‍රවයන් කෙරෙන් විමුක්ත වෙයි. ශාරීපුත්‍රය, විමුක්ත සිත් ඇති බැවින් ‘මහා පුරුෂ’ යයි මම් කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් ‘මහා පුරුෂ’ නො වේ’ යයි කියම් නුයි. ‘තං බ්‍රෑමි මහාපුරිසො’යනු වේ.
Pali BJTසොධ සිබ්බනි මච්චගා’ති ‘සිබ්බනී වුච්චති තණ්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” යස්සෙසා සිබ්බනී තණ්හා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, සො සිබ්බනිං තණ්හා අච්චගා උපච්චගා අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තොති’ සොධ සිබ්බනිමච්චගා.’
Sinhala BJTසො’ ධ සිබ්බනිමච්චගා යනු: ‘සිබ්බනි’ තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ සංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, යමක්හට තෙල සිබ්බනිය, (මැසීම) තෘෂ්ණාව මුලුසුන් වූ ද, ව්‍යුපශාන්ත වූ ද, ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූ ද අභව්‍යොත්පත්තික වූ ද නුවණ ගින්නෙන් දැවුණී ද, හෙතෙම සිබ්බනිය-තෘෂ්ණාව ඉක්ම ගියේ යැ පසු කොට ගියේ යැ ඉක්මී යැ මොනවට ඉක්මී යැ ව්‍යතික්‍රමණය කෙළේ නුයි. ‘සො’ධ සිබ්බනි මච්චගා’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මත්තා න ලිප්පති තං බ්රූමි මහාපුරිසො’ති සො’ධ සිබ්බනිමච්චගා”ති.
Sinhala BJT“සො උභන්තමභිඤ්ඤාය -පෙ- සො’ධ සිබ්බනිමච්චගා” යි.
Pali BJTසහ ගාථාපරියොසානා යෙ තෙ බ්රාහ්මණෙන සද්ධිං එකච්ඡන්දා එකපයොගො එකාධිප්පායා එකවාසනවාසිතා,{2} තෙසං අනෙකපාණසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති. තස්ස බ්රාහ්මණස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. සහ අරහත්තප්පත්තා අජිනජටාවාකචීරතිදණ්ඩකමණ්ඩලු කෙසා ච මස්සු ච අන්තරහිතා. භණ්ඩු කාසායවත්ථවසනො සඞ්ඝාටිපත්තචීවරධරො අනවත්ථ පටිපත්තියා පඤ්ජලිකො භගවන්තං නමස්සමානො නිසින්නො හොති: ‘සත්ථා මෙ භන්තෙ භගවා සාවකො’ හම’ස්මීති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය (කෙළවර) හා සමග, යම් කෙනෙක් ඒ බමුණු හා සමග එක් අදහස් ඇත්තාහු ද, (කාය,වාක්,මනස් පියොවින්) එක් පියොවි ඇත්තාහු ද, එක් රිසි ඇත්තාහු ද, (ඉකුත් බුදුසසුන්හි) එක් මැ කර්මවාසනයෙන් වාසිත වූහු ද ඒ නො එක් දහස් ගණන්- (දෙව්මිනිස්) ප්‍රාණීන්ට ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’ යි කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස් මල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය. ඒ බමුණු ගේ සිත උපාදාන නො කොට ආස්‍රවයන් කෙරෙන් මිදිණ. රහත් බවට පැමිණීම හා සමග අඳුන්දිවිසම්, දළමඬුලු, වල්කලා (වැහැරී) තිදණ්ඩකමඬලා හා කෙස්-මස් හා අතුරුදහන් වූහු. මුඬුහිස් ඇතියේ, හන්පෙරෙවි කහවත් ඇතියේ සඟළ-පා-සිවුරු දැරුයේ, අන්වර්ත්ථ ප්‍රතිපත්තියෙන් (ඉෂ්ටාර්ථ ලාභයෙන්) යුතු වැ බඳැඳිලි ඇති වැ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමී’ භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
Pali BJTතිස්සමෙත්තෙය්ය සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTතිස්සමෙත්තෙය්‍ය සූත්‍රනිර්දේශය යි.
Pali BJT3. පුණ්ණක සුත්තනිද්දෙසො.
Sinhala BJT3. පූර්‍ණක සූත්‍ර නිර්‍දෙශය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTඅනෙජං මූල දස්සාවිං- (ඉච්චායස්මා පුණ්ණකො) අත්ථි පඤ්හෙන ආගමං කිං නිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලොකෙ පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT(ආයුෂ්මත් පූර්‍ණක මෙසේ විචාරයි,) තෘෂ්ණා රහිත වූ (එහෙයින් අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශලමූලාදිය දක්නාසුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙ ලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දේයධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
Pali BJTඅනෙජං මූලදස්සාවින්ති: ‘එජා’ වුච්චති තණ්හා. “යො රාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං”. සා එජා තණ්හා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අනෙජො. එජාය පහීනත්තා අනෙජො. භගවා ලාභෙ’පි න ඉඤ්ජති, අලාභෙ’පි න ඉඤ්ජති, යසෙ’පි න ඉඤ්ජති, අයසෙ’පි න ඉඤ්ජති, පසංසායපි න ඉඤ්ජති නින්දාය’පි න ඉඤ්ජති, සුඛෙ’පි න ඉඤ්ජති, දුක්ඛෙ’පි න ඉඤ්ජති, න චලති න වෙධති නප්පවෙධතීති ‘අනෙජං’. මූල දස්සාවින්ති භගවා මූලදස්සාවී, හෙතුදස්සාවී නිදානදස්සාවී සම්භවදස්සාවී, පභවදස්සාවී, සමුට්ඨානදස්සාවී, ආහාරදස්සාවී, ආරම්මණදස්සාවී, පච්චයදස්සාවී, සමුදයදස්සාවී. තීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං, වුත්තං හෙතං භගවතා: තීණිමානි භික්ඛවෙ නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි: ලොභො නිදානං කම්මානං සමුදයාය, දොසො නිදානං කම්මානං සමුදයාය, මොහො නිදානං කම්මානං සමුදයාය. ‘න භික්ඛවෙ ලොභජෙන කම්මෙන දොසජෙන කම්මෙන මොහජෙන කම්මෙන දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤා’පි කාචි සුගතියො. අථ ඛො භික්ඛවෙ ලොභජෙන කම්මෙන දොසජෙන කම්මෙන මොහජෙන කම්මෙන නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති යා වා පනඤ්ඤා’පි කාචි දුග්ගතියො. නිරයෙ තිරච්ඡානයොනියා පෙත්තිවිසයෙ{2} අත්තභාවාභිනිබ්බත්තියා ඉමානි තීණි අකුසලමූලානී”ති{a}. භගවා ජානාති, පස්සති. එවම්පි. භගවා මූලදස්සාවී -පෙ- සමුදයදස්සාවී.
Sinhala BJTඅනෙජං මූලදස්සාවිං යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, ඒ එජාව තෘෂ්ණාව භාග්‍යවත් බුදුන්ට ප්‍රහීණ යැ උදුරාහළ මුල් ඇත්තී යැ (මුදුන්/සුන්) තල්රුකක් සෙයින් අවාස්තුක කරන ලද යැ අනු අභාවය කරන ලද යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී යැ එහෙයින් බුදුහු අනෙජ නම් වෙති, එජාව ප්‍රහීණ බැවින් අනෙජ යැ, භාග්‍යවත්හු ලාභයෙහි දු නො සැලෙති, අලාභයෙහි දු නො සැලෙති, යශස්හි දු නො සැලෙති, අයශස්හි දු නො සැලෙති, ප්‍රශංසායෙහි දු නො සැලෙති, නින්‍දායෙහි දු නො සැලෙති, සුඛයෙහි දු නො සැලෙති, දුඃඛයෙහි දු නො සැලෙති, කම්පිත නො වෙති, නො වෙවුළති, අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජ’ නම් වූ. මූලදස්සාවිං යනු: භාග්‍යවත්හු මූලය දක්නාහු යැ හේතුව දක්නාහු යැ නිදානය දක්නාහු යැ සම්භවය දක්නාහු යැ ප්‍රභවය දක්නාහු යැ සමුත්ථානය දක්නාහු යැ ආහාරය දක්නාහු යැ ආලම්බනය දක්නාහු යැ ප්‍රත්‍යය දක්නාහු යැ සමුදය දක්නාහු යැ, අකුශල මූලයෝ තිදෙනෙකි: ලෝභය අකුශලමූලයෙක, ද්වේෂය අකුශලමූලයෙක, මෝහය අකුශලමූලයෙකි. භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, කර්‍මයන් රැස් කරනු පිණිස මේ නිදාන (කාරණ) තුනෙකි: කවර නිදානතුනෙකැ යත්: ලෝභය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙක, ද්වේෂය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙක, මෝහය කර්‍මයන් රැස් කරනුවට නිදානයෙකි. මහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන් ද්වේෂයෙන් උපන් කර්‍මයෙන් මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැනෙති, මිනිස්සු නො පැනෙති, තවද අන්‍ය වූ යම් කිසි සුගති කෙනෙකුදු නො පැනෙති. මහණෙනි වැළිත් ලොභජකර්මයෙන් ද්වේෂජකර්මයෙන් මොහජකර්මයෙන් නිරය පැනෙයි. තිරිසන් යෝනිය පැනෙයි, ප්‍රේතවිෂය පැනෙයි. තවද අන්‍ය වූ යම්කිසි දුර්‍ගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. නිරයෙහි තිරිසන් යොන්හි ප්‍රේතවිෂයයෙහි ආත්මභාවයාගේ නිපැත්මට මේ තුන් අකුශලමූලයෝ වෙතී” භාග්‍යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්‍යවත් හු මූලය දක්නාහු යැ ...... සමුදය දක්නාහු වෙත්.
Pali BJTතීණි කුසලමූලානි: අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං, වුත්තං හෙතං භගවතා: තීණිමානි -පෙ- න භික්ඛවෙ අලොභජෙන කම්මෙන අදොසජෙන කම්මෙන අමොහජෙන කම්මෙන නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති, යා වා පනඤ්ඤා’පි කාචි දුග්ගතියො. අථ ඛො භික්ඛවෙ අලොභජෙන කම්මෙන අදොසජෙන කම්මෙන අමොහජෙන කම්මෙන දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති යා වා පනඤ්ඤාපි කාචි සුග්ගතියො දෙවෙසු ච මනුස්සෙසු ච අත්තභාවාභි නිබ්බත්තියා. ඉමානි තීණි කුසලමූලානී’ති. භගවා ජානාති පස්සති, එවම්පි භගවා මූලදස්සාවී -පෙ- සමුදය දස්සාවී. වුත්තං හෙතං භගවතා, “යෙ කෙචි භික්ඛවෙ ධම්මා අකුසලා අකුසලභාගියා අකුසලපක්ඛිකා සබ්බෙතෙ අවිජ්ජාමූලකා අවිජ්ජා සමොසරණා, අවිජ්ජාසමුග්ඝාතා, සබ්බෙ තෙ සමුග්ඝාතං ගච්ඡන්තී”ති භගවා ජානාති පස්සති. එවම්පි භගවා මූලදස්සාවී -පෙ- සමුදයදස්සාවී.
Sinhala BJTකුශලමූලයෝ තිදෙනෙකි: අලෝභය කුශලමූලයෙක, අද්වේෂය කුශලමූලයෙක, අමෝහය කුශලමූලයෙකි. මෙය වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින් “මහණෙනි, මේ කුශලමූලයෝ තිදෙනෙකි: ... මහණෙනි, අලෝභයෙන් උපන් කර්‍මයෙන් අද්වේෂයෙන් උපන් කර්‍මයෙන් අමෝහයෙන් උපන් කර්‍මයෙන් නිරය නො පැනෙයි. තිරිසන් යෝනිය නො පැනෙයි, ප්‍රේතවිෂය නො පැනෙයි. තවද අන්‍ය වූත් යම් කිසි දුර්‍ගති කෙනෙක් ඇත් නම් ඔහු ද නො පැනෙති. මහණෙනි, වැළිත් අලොභජ කර්‍මයෙන් අද්වේෂජකර්මයෙන් අමොහජකර්මයෙන් දෙවියෝ, පැනෙති, මිනිස්සු පැනෙති, තවද, අන්‍ය වූ ත් යම් කිසි සුගති කෙනෙක් වෙත් නම් ඔහු ද පැනෙති. දෙව්ලෝහි ද මිනිස්ලෝහි ද ආත්ම භාවයා ගේ නිපැත්මට මේ තුන් කුශලමූලයෝ වෙතී’ භාග්‍යවත්හු දනිති දකිත්. මෙසේත් භාග්‍යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත් මෙය වදාරණ ලද මැ යී භාග්‍යවතුන් විසින්: “මහණෙනි, අකුසල් වූ අකුසල් කොටස්හි වූ අකුශලපක්‍ෂයෙහි වූ යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම අවිද්‍යාව මුල් කොට ඇතියහ, අවිද්‍යායෙහි බැසැගත්තාහු වෙත්. අවිද්‍යාවගේ නැසීමෙන් එ හැම විනාශයට යෙතැ’යි භාග්‍යවත්හු දනිති, දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නා හු යැ ..... සමුදය දක්නාහු යැ.
Pali BJTවුත්තං හෙතං භගවතා “යෙ කෙචි මෙ භික්ඛවෙ ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛිකා සබ්බෙ තෙ අප්පමාදමූලකා, අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායතී”ති භගවා ජානාති පස්සති. එවම්පි භගවා මූලදස්සාවී -පෙ- සමුදයදස්සාවී.
Sinhala BJTමෙය වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මේ කුසල් වූ කුසල් කොටස්හි වූ කුසල පක්‍ෂයෙහි වූ යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම අප්‍රමාදය මුල් කොට ඇතියහ, අප්‍රමාදයෙහි බැසගත්තාහු වෙත්. අප්‍රමාදය ඒ දහමුන්ට අග්‍ර යැ’යි කියනු ලැබේ’යැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නාහු යැ... සමුදය දක්නාහු වෙත්.
Pali BJTඅථ වා භගවා ජානාති පස්සති “අවිජ්ජා මූලං සඞ්ඛාරානං සඞ්ඛාරා මූලං විඤ්ඤාණස්ස, විඤ්ඤාණං මූලං නාමරූපස්ස, නාමරූපං මූලං සළායතනස්ස, සළායතනං මූලං ඵස්සස්ස, ඵස්සො මූලං වෙදනාය, වෙදනා මූලං තණ්හාය, තණ්හා මූලං උපාදානස්ස, උපාදානං මූලං භවස්ස, භවො මූලං ජාතියා, ජාති මූලං ජරාමරණස්සා”ති භගවා ජානාති පස්සති එවම්පි භගවා මූලදස්සාවී -පෙ- සමුදය දස්සාවී.
Sinhala BJTනොහොත් භාග්‍යවත්හු සංස්කාරයනට අවිද්‍යාව මුලැ යි දනිති දකිති. සංස්කාරයෝ විඥානයට මුලැ යි, විඥානය නාමරූපයට මුලැ යි, නාමරූපය ෂඩායතනයට මුලැ යි, ෂඩායතනය ස්පර්‍ශයට මුලැ යි, ස්පර්‍ශය වේදනාවට මුලැ යි, වේදනාව තෘෂ්ණාවට මුලැ යි. තෘෂ්ණාව උපාදානයට මුලැ යි. උපාදානය භවයට මුලැ යි, භවය ජාතියට මුලැ යි ජාතිය ජරාමරණයට මුලැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු ‘මූලදස්සාවී ... සමුදයදස්සාවී නම්වෙත්.
Pali BJTඅථ වා, භගවා ජානාති පස්සති චක්ඛු මූලං චක්ඛුරොගානං, සොතං මූලං සොතරොගානං, ඝානං මූලං ඝානරොගානං, ජිව්හා මූලං ජිව්හාරොගානං කායො මූලං කායරොගානං, මනො මූලං චෙතසිකානං දුක්ඛාන”න්ති භගවා ජානාති පස්සති. එවම්පි භගවා මූලදස්සාවී, හෙතුදස්සාවී, නිදානදස්සාවී, සම්භවදස්සාවී, පභවදස්සාවී, සමුට්ඨානදස්සාවී, ආහාරදස්සාවී, ආරම්මණ දස්සාවී, පච්චයදස්සාවී, සමුදයදස්සාවී’ති ‘අනෙජං මූලදස්සාවිං.
Sinhala BJTතවද, භාග්‍යවත්හු චක්‍ෂුස චක්ෂුරොගයනට මුලැ යි දනිති දකිති, ශ්‍රෝත්‍රය ශ්‍රොත්‍රරොගයනට මුලැ යි, ඝ්‍රාණය ඝ්‍රාණරොගයනට මුලැ යි, ජිහ්වා ව ජිහ්වාරොගයනට මුලැ යි කය කාය රෝගයනට මුලැ යි මනස චෛතසික දුඃඛයනට මුලැ යි භාග්‍යවත්හු දනිති දකිති. මෙසේ ත් භාග්‍යවත්හු මූලය දක්නාහු හේතුව දක්නාහු නිදානය දක්නාහු සම්භවය දක්නාහු ප්‍රභවය දක්නාහු සමුත්ථානය දක්නාහු ආහාරය දක්නාහු ආලම්බනය දක්නාහු ප්‍රත්‍යය දක්නාහු සමුදය දක්නාහු නුයි ‘අනෙජං මූල දස්සාවී’ යනු වේ.
Pali BJTඉච්චායස්මා පුණ්ණකො’ති ‘ඉච්චා’ති -පෙ- ආයස්මා පුණ්ණකො.
Sinhala BJTඉච්චායස්මා පුණ්ණකො යනු: ‘ඉච්චා’ යනු පදසන්ධි යැ ...... ආයුෂ්මත් පූර්‍ණක.
Pali BJTඅත්ථි පඤ්හෙන ආගමන්ති. පඤ්හෙන අත්ථිකො.{1} ආගතොම්හි පඤ්හං පුච්ඡිතුකාමො{2} ආගතොම්හි පඤ්හං සොතුකාමො ආගතොම්හීති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’ අථ වා පඤ්හත්ථිකානං පඤ්හං පුච්ඡිතුකාමානං පඤ්හං සොතුකාමානං ආගමනං අභික්කමනං උපසඞ්කමනං පයිරුපාසනං අත්ථීති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’ අථ වා පඤ්හාගමො තුය්හං අත්ථි ත්වම්පි පහූ විසවි අලමත්තො මයා පුච්ඡිතං කථෙතුං විස්සජ්ජෙතුං{3} වහස්සෙතං භාරන්ති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’.
Sinhala BJTඅත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් අර්‍ත්‍ථ ඇති වැ ආයෙම් වෙමි. පැන පුළුවුස්නා කැමැති වැ ආයෙම් වෙමි, පැන විසැඳුම්, අසනු කැමැති වැ ආයෙම් වෙමි යි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාර්ථින්ගේ පැන පුළුවුස්නා කැමැත්තවුන් ගේ පැන විසැඳුම් අසනු කැමැත්තවුන් ගේ ඊම, අභිමුඛ වැ පැමිණීම, එළැඹීම, පර්‍ය්‍යුපාසනය ඇත් නුයි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නාගමයෙක් මුඹ වහන්සේට ඇත. මුඹ වහන්සේ ත් පොහොසත් සේක, පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවන සේක, මා විසින් පුළුවුස්නා ලද් ද කියන්නට විසඳන්නට සමර්ත්ථ සිත් ඇති සේක. තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
Pali BJTකිං නිස්සිතා ඉසයො මනුජා’ති කිං නිස්සිතා ආසිතා{4} අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා.{5} ඉසයො’ති ඉසිනාමකා යෙ කෙචි ඉසිපබ්බජ්ජං පබ්බජිතා: ආජීවකා නිඝණ්ඨා ජටිලා තාපසා. මනුජා’ති මනුස්සා වුච්චන්තීති ‘කිං නිස්සිතා ඉසයො මනුජා’.
Sinhala BJTකිං නිස්සිතා ඉසයො මනුජා යනු: කුමක් ඇසිරි කළාහු හාත්පසින් ඇසිරි කළාහු (කිමෙකැ) ඇලුණාහු කුමකට එළැඹියාහු පිවිසියාහු අධිමුක්ත වූවාහු. ඉසයො යනු: ඍෂි නම් ඇති යම් කිසි කෙනෙක්, ඍෂි ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වූවාහු, ආජීවකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ, තාපසයෝ. ‘මනුජා’ යි මිනිස්සු කියනු ලැබෙත් නුයි ‘කිං නිස්සිතා ඉසයො මනුජා’ යනු වේ.
Pali BJTඛත්තියා බ්රාහ්මණා දෙවතානන්ති: ඛත්තියාති යෙ කෙචි ඛත්තියජාතිකා. බ්රාහ්මණා’ති යෙ කෙචි භොවාදිකා. දෙවතානන්ති ආජීවකසාවකානං ආජීවකා දෙවතා, නිඝණ්ඨසාවකානං නිඝණ්ඨා දෙවතා, ජටිලසාවකානං ජටිලා දෙවතා, පරිබ්බාජකසාවකානං පරිබ්බාජකා දෙවතා, අවරුද්ධකසාවකානං අවරුද්ධකා{6} දෙවතා, හත්ථිවතිකානං හත්ථි දෙවතා, අස්සවතිකානං අස්සා දෙවතා, ගොවතිකානං ගාවො දෙවතා කුක්කුරවතිකානං කුක්කුරා දෙවතා, කාකවතිකානං කාකා දෙවතා, වාසුදෙවවතිකානං වාසුදෙවො දෙවතා, බලදෙවවතිකානං බලදෙවො දෙවතා, පුණ්ණභද්දවතිකානං පුණ්ණභද්දො දෙවතා, මණිභද්දවතිකානං මණිභද්දො දෙවතා, අග්ගිවතිකානං අග්ගි දෙවතා, නාගවතිකානං නාගා දෙවතා, සුපණ්ණවතිකානං සුපණ්ණා දෙවතා, යක්ඛවතිකානං යක්ඛා දෙවතා, අසුරවතිකානං අසුරා දෙවතා, ගන්ධබ්බවතිකානං ගන්ධබ්බා දෙවතා, මහාරාජවතිකානං මහාරාජානො දෙවතා, චන්දවතිකානං චන්දො දෙවතා, සුරියවතිකානං සුරියො දෙවතා, ඉන්දවතිකානං ඉන්දො දෙවතා, බ්රහ්මවතිකානං බ්රහ්මා දෙවතා, දෙවවතිකානං දෙවො දෙවතා දිසාවතිකානං දිසා දෙවතා. යෙ යෙසං දක්ඛිණෙය්යා තෙ තෙසං දෙවතා’ති ඛත්තියා බ්රාහ්මණා දෙවතානං’.
Sinhala BJTඛත්තියා බ්‍රාහ්මණා දෙවතානං යනු: ‘ඛත්තියා’ යනු: යම් කිසි ක්‍ෂත්‍රිය ජාති ඇති කෙනෙක් බ්‍රාහ්මණා යනු: භොවාදී වූ යම්කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවක ශ්‍රාවකයනට ආජීවකයෝ දේවතා යැ, නිගණ්ඨ ශ්‍රාවකයනට නිගණ්ඨයෝ දේවතා යැ, ජටිලශ්‍රාවකයනට ජටිලයෝ දේවතා යැ, පරිව්‍රාජක ශ්‍රාවකයනට පරිව්‍රාජකයෝ දේවතා යැ, අවරුද්ධක ශ්‍රාවකයනට අවරුද්ධකයෝ දේවතා යැ, හස්තිව්‍රත ඇතියනට හස්තීහු දේවතා යැ, අශ්ව්‍රත ඇතියනට අශ්වයෝ දේවතා යැ, ගෝව්‍රත ඇතියනට ගවයෝ දේවතා යැ සුනඛව්‍රත ඇතියනට සුනඛයෝ දේවතා යැ, කවුඩු ව්‍රත ඇතියනට කවුඩුවෝ දේවතා යැ, වාසුදෙව (විෂ්ණු) ව්‍රත ඇතියනට වාසුදෙව දේවතා යැ, බලදෙවව්‍රත ඇතියනට බලදෙව දේවතා යැ පූර්ණභද්‍ර ව්‍රත ඇතියනට පූර්ණභද්‍ර තෙම දේවතා යැ, මණිභද්‍ර ව්‍රත ඇතියනට මණිභද්‍ර තෙම දේවතා යැ අග්නිව්‍රත ඇතියනට අග්නිය දේවතා යැ, නාගව්‍රත ඇතියනට නාගයෝ දේවතා යැ, ගරුඩව්‍රත ඇතියනට ගරුඩයෝ දේවතා යැ, යක්ෂව්‍රත ඇතියනට යක්‍ෂයෝ දේවතා යැ අසුර ව්‍රත ඇතියනට අසුරයෝ දේවතා යැ ගන්ධර්වව්‍රත ඇතියනට ගන්‍ධර්‍වයෝ දේවතා යැ, මහාරාජ ව්‍රත ඇතියනට මහාරාජයෝ (වරම් රජහු) දේවතා යැ, චන්ද්‍රව්‍රත ඇතියනට චන්‍ද්‍රයා දේවතා යැ සූර්‍ය්‍යව්‍රත ඇතියනට සූර්‍ය්‍යයා දේවතා යැ, ඉන්ද්‍රව්‍රත ඇතියනට ඉන්‍ද්‍රයා දේවතා යැ, බ්‍රහ්මව්‍රත ඇතියනට බ්‍රහ්ම දේවතා යැ, දේවව්‍රත ඇතියනට දෙවියා දේවතා යැ, දිශ්ව්‍රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනෙකුන්ට දක්ෂිණාර්භ වෙත් ද, ඔහු ඔවුනට දේවතා නුයි ‘ඛත්තියා බ්‍රාහ්මණො දෙවතානං’ යනු වේ.
Pali BJTයඤ්ඤමකප්පියිංසු පුථූධ ලොකෙති ‘යඤ්ඤං’ වුච්චති දෙය්යධම්මො: චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අන්තං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං,{1} සෙය්යා වසථ පදීපෙය්යං, යඤ්ඤමකප්පියිංසු”ති යෙ’පි යඤ්ඤං එසන්ති ගවෙසන්ති පරියෙසන්ති චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අන්තං පානං වත්ථං යානං මාලා ගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං තෙ’පි යඤ්ඤං කප්පෙන්ති. යෙ’පි යඤ්ඤං අභිසඞ්ඛරොන්ති චීවර පිණ්ඩපාත -පෙ- සෙය්යා වසථ පදීපෙය්යං, තෙ’පි යඤ්ඤං කප්පෙන්ති. යෙ’පි යඤ්ඤං දෙන්ති යජන්ති පරිච්චජන්තී චීවර පිණ්ඩපාත -පෙ- සෙය්යාවසථ පදීපෙය්යං, තෙ’පි යඤ්ඤං කප්පෙන්ති. පුථූ’ති යඤ්ඤා වා එතෙ පුථූ. යඤ්ඤයාජකා වා{2} එතෙ පුථූ, දක්ඛිණෙය්යා වා එතෙ පුථු.
Sinhala BJTයඤ්ඤමකප්පයිංසු පුථූ ඉධ ලෝකේ යනු: ‘යඥ’ යයි දේයධර්‍මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන්, හෝනාගේ පහනට තෙල් යන මොහු යැ. ‘යඤ්ඤමකප්පයිංසු’ යනු: යම් කෙනෙකුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර, ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන්, හෝනාගේ පහන්තෙල් යන දේයධර්‍මය (යඥය) කැමැති වෙත් ද, බලත් ද, උපදවත් ද, ඔහු ද යඥ කෙරෙත් (දෙය ධර්‍මය සොයත්) යම් කෙනෙකුන් චීවර පිණ්ඩපාත... ශය්‍යාවස්ථ ප්‍රදීපෙය්‍ය යන යඥය සකස් කෙරෙත් ද ඔහු ද යඥ කෙරෙති, යම් කෙනෙකුන් චීවර පිණ්ඩපාත... ශය්‍යාවස්ථ ප්‍රදීපෙය්‍ය සඞ්ඛ්‍යාත යඥය දෙත් ද, යජනය කෙරෙත් ද, පරිත්‍යාග කෙරෙත් ද, ඔහු ද යඥය කෙරෙත්. පුථූ යනු: තෙල දෙයධර්මයෝ හෝ බොහෝ වෙති, තෙල දෙයධර්මදායකයෝ හෝ බොහෝ වෙති. තෙල දර්ෂාණාර්භයෝ හෝ බොහෝ වෙත්.
Pali BJTකථං යඤ්ඤා වා එතෙ පුථූ: බහුකා{3} එතෙ යඤ්ඤා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. එවං යඤ්ඤාවා එතෙ පුථූ.{4} කථං යඤ්ඤයාජකා වා එතෙ පුථූ: බහුකා එතෙ යඤ්ඤයාජකා: ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච, එවං යඤ්ඤයාජකා වා එතෙ පුථූ. කථං දක්ඛිණෙය්යා වා එතෙ පුථූ: බහුකා එතෙ දක්ඛිණෙය්යා පුථූ: සමණබ්රාහ්මණා කපණද්ධික වණිබ්බකයාචකා, එවං දක්ඛිණෙය්යා වා එතෙ පුථූ. ඉධ ලොකෙ’ති මනුස්සලොකෙ’ති ‘යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ.’
Sinhala BJTකිසෙයින් තෙල දෙයධර්මයො බොහෝ වෙත් ද යත්: තෙල දෙයධර්මයෝ බොහෝ වෙති: චීවර- පිණ්ඩපාත- ශයනාසන-ග්ලානප්‍රත්‍යය-භෛසජ්‍යපරිෂ්කාර යැ අන්න යැ පාන යැ වස්ත්‍ර යැ යාන යැ මාලාගන්‍ධවිලේපන යැ ශයනාගාර- ප්‍රදීපෙය්‍ය යැ යි මෙසෙයින් තෙල දෙයධර්මයෝ හෝ බොහෝ වෙත්. කිසෙයින් තෙල යඥයාජකයෝ හෝ බොහෝ වෙත් ද යත්: තෙල යඥයාජකයෝ බොහෝ වෙති: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු දැ යි මෙසෙයින් තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙත්. කිසෙයින් දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත් ද යත්: තෙල දක්ෂිණාර්භයෝ බොහෝ වෙති: මහණබමුණහු යැ දිළින්දෝ යැ මැගියෝ යැ ගුණ කියා යදනාහු යැ යැදියෝ යැයි මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්‍යලොකයෙහි නු යි ‘යඤ්ඤමකප්පයිං සු පුථු ඉධ ලෝකේ’ යනු වේ.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙත’න්ති ‘පුච්ඡා’ති තිස්සො පුච්ඡා: අදිට්ඨජොතනා පුච්ඡා, දිට්ඨසංසන්දනා පුච්ඡා විමතිච්ඡෙදනා පුච්ඡා, කතමා අදිට්ඨජොතනා පුච්ඡා: පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභාවනාය{5}. පඤ්හං පුච්ඡති, අයං අදිට්ඨ ජොතනා පුච්ඡා. කතමා දිට්ඨසංසන්දනා පුච්ඡා: පකතියා ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං. අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති. අයං දිට්ඨසංසන්දනා පුච්ඡා. කතමා විමතිච්ඡෙදනා පුච්ඡා: පකතියා සංසයපක්ඛන්තො{6}. හොති විමතිපක්ඛන්තො ද්වෙළ්හකජාතො එවන්නු ඛො න නු ඛො කින්නුඛො කථංනු ඛො’ති. සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති. අයං විමතිච්ඡෙදනා පුච්ඡා. ඉමා තිස්සො පුච්ඡා.
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: පුච්ඡා යනු; පෘච්ඡා තුනෙකි: අදෘෂ්ට ද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්‍දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි. අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා කවරැ යත්: (ධර්‍මයන්ගේ තථා) ලක්‍ෂණය පියවින් නො දන්නාලද නො දක්නාලද තුලනය නො කරන ලද තීරණය නො කරන ලද ප්‍රකට නො වූයේ නුවණින් නො වඩන ලද වෙයි, එය දන්නා පිණිස දක්නා පිණිස තුලනය පිණිස තීරණය පිණිස විභාවනය පිණිස පැන පුළුවුස්සි. මේ අදෘෂ්ටද්‍යොතනාපෘච්ඡා යි. දෘෂ්ටසංසන්‍දනාපෘච්ඡා කවරැ යත්: (ධර්‍මයන්ගේ තථ) ලක්‍ෂණය පියවින් දන්නා ලද දක්නා ලද තුලනය කරන ලද තීරණය කරන ලද ප්‍රකට කරන ලද විභාවනය කරන ලද වෙයි. (එය) අන්‍යපණ්ඩිතයන් හා සමග සසඳනු පිණිස පැන පුළුවුස්සි. මේ දෘෂ්ටසංසන්‍දනාපෘච්ඡා යි. විමතිච්ඡෙදනා පෘච්ඡා කවරැ යත්: පියවින් සැකයට පිවිසියේ විමතියට පිවිසියේ මෙසේ දෝ හෝ නො වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ දෝ හෝ යි හටගත් සැක ඇත්තේ වෙයි, හෙතෙම විමති සිඳුනා පිණිස පැන පුළුවුස්සි. මේ විමතිච්ඡෙදනා පෘච්ඡා යැ. මොහු තුන් පෘච්ඡා යි.
Pali BJTඅපරාපි තිස්සො පුච්ඡා: මනුස්සපුච්ඡා, අමනුස්සපුච්ඡා, නිම්මිතපුච්ඡා. කතමා මනුස්සපුච්ඡා: මනුස්සා බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති: භික්ඛූ පුච්ඡන්ති, භික්ඛුණියො පුච්ඡන්ති, උපාසකා පුච්ඡන්ති, උපාසිකායො පුච්ඡන්ති, රාජානො පුච්ඡන්ති, ඛත්තියා පුච්ඡන්ති, බ්රාහ්මණා පුච්ඡන්ති, වෙස්සා පුච්ඡන්ති, සුද්දා පුච්ඡන්ති, ගහට්ඨා පුච්ඡන්ති, පබ්බජිතා පුච්ඡන්ති, අයං මනුස්සපුච්ඡා. කතමා අමනුස්සපුච්ඡා: අමනුස්සා බුද්ධං භගවන්තං උපසංකමිත්වා පඤ්හං පුච්ඡන්ති: නාගා පුච්ඡන්ති, සුපණ්ණා පුච්ඡන්ති, යක්ඛා පුච්ඡන්ති, අසුරා පුච්ඡන්ති. ගන්ධබ්බා පුච්ඡන්ති, මහාරාජානො පුච්ඡන්ති, ඉන්දා පුච්ඡන්ති, බ්රහ්මානො පුච්ඡන්ති, දෙවා පුච්ඡන්ති, අයං අමනුස්සපුච්ඡා. කතමා නිම්මිතපුච්ඡා: යං භගවා රූපං අභිනිම්මිනාති මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියං, තං සො නිම්මිතො{1} බුද්ධං භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡති, භගවා විස්සජ්ජෙති. අයං නිම්මිතපුච්ඡා. ඉමා තිස්සො පුච්ඡා.
Sinhala BJTඅන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: මනුෂ්‍ය පෘච්ඡා යැ අමනුෂ්‍ය පෘච්ඡා යැ නිර්මිත පෘච්ඡා යි. මනුෂ්‍ය පෘච්ඡා කවරැ යත්: මිනිස්සු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, මහණහු පුළුවුස්ති, මෙහෙණහු පුළුවුස්ති, උවසුවෝ පුළුවුස්ති, උවැසියෝ පුළුවුස්ති, රජවරු පුළුවුස්ති, ක්‍ෂත්‍රියයෝ පුළුවුස්ති, බ්‍රාහ්මණයෝ පුළුවුස්ති, වෛශ්‍යයෝ පුළුවුස්ති, ශුද්‍රයෝ පුළුවුස්ති, ගැහැවියෝ පුළුවුස්ති, පැවිද්දෝ පුළුවුසිත්. මේ මනුෂ්‍යපෘච්ඡා යි. අමනුෂ්‍යපෘච්ඡා කවරැ යත්: අමනුෂ්‍යයෝ භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, නාගයෝ පුළුවුස්ති, සුපර්‍ණයෝ (ගුරුළෝ) පුළුවුස්ති, යක්‍ෂයෝ පුළුවුස්ති, අසුරයෝ පුළුවුස්ති, ගන්‍ධර්‍වයෝ පුළුවුස්ති, වරම් රජවරු පුළුවුස්ති, ඉන්ද්‍රයෝ පුළුවුස්ති, බ්‍රහ්මයෝ පුළුවුස්ති, දේවතාවෝ පුළුවුසිත්. මේ අමනුෂ්‍යපෘච්ඡා යි. නිර්මිතපෘච්ඡා කවරැ යත්: බුදුහු මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුණු ඉඳුරන් ඇති යම් රූපයක් නිර්‍මාණය කෙරෙත් ද. ඒ නිර්මිත බුදුහු භාග්‍යවත් බුදුන් කරා එළඹ පැන පුළුවුස්ති, බුදුහු විසඳති; මේ නිර්මිත පෘච්ඡා යි. මොහු තුන් පෘච්ඡා යි.
Pali BJTඅපරාපි ‘තිස්සො පුච්ඡා: අත්තත්ථපුච්ඡා පරත්ථපුච්ඡා උභයත්ථපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: දිට්ඨධම්මිකත්ථපුච්ඡා සම්පරායිකත්ථපුච්ඡා පරමත්ථපුච්ඡා. අපරාපිතිස්සො පුච්ඡා: අනවජ්ජපුච්ඡා නික්කිලෙසත්ථපුච්ඡා වොදානත්ථපුච්ඡා: අපරාපි තිස්සො පුච්ඡා: අතීතපුච්ඡා අනාගතපුච්ඡා පච්චුප්පන්නපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: අජ්ඣත්තපුච්ඡා බහිද්ධාපුච්ඡා අජ්ඣත්තබහිද්ධා පුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: කුසලපුච්ඡා අකුසලපුච්ඡා අව්යාකතපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: ඛන්ධපුච්ඡා ධාතුපුච්ඡා ආයතන පුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: සතිපට්ඨානපුච්ඡා සම්මප්පධානපුච්ඡා ඉද්ධිපාදපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා ඉන්ද්රියපුච්ඡා බලපුච්ඡා බොජ්ඣඞ්ගපුච්ඡා. අපරාපි තිස්සො පුච්ඡා: මග්ගපුච්ඡා ඵලපුච්ඡා නිබ්බානපුච්ඡාති.
Sinhala BJTඅන්‍යවූ ද පෘච්ඡා තුනෙකි: ආත්මාර්‍ත්‍ථ පෘච්ඡා යැ පරාර්ත්ථපෘච්ඡා යැ උභයාර්ත්ථපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: දෘෂ්ටධාර්මිකාර්ත්ථ පෘච්ඡා යැ සාම්පරායිකාර්ත්ථපෘච්ඡා යැ පරමාර්ත්ථපාච්ඡෘ යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: දානවද්‍යාර්ත්ථපෘච්ඡා යැ නික්ලෙශාර්ත්ථ පෘච්ඡා යැ ව්‍යවදානාර්ත්ථ පාච්ඡෘ යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: අතීතපෘච්ඡා යැ අනාගතපෘච්ඡා යැ ප්‍රත්‍යුත්පන්න පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: අධ්‍යාත්මපෘච්ඡා යැ බාහ්‍යපෘච්ඡා යැ අධ්‍යාත්මබාහ්‍යපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: කුශලපෘච්ඡා යැ අකුශලපෘච්ඡා යැ අව්‍යාකෘතපෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: ස්කන්ධපෘච්ඡා යැ ධාතු පෘච්ඡා යැ ආයතන පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: සතිපට්ඨාන පෘච්ඡා යැ සම්‍යක්ප්‍රධාන පෘච්ඡා යැ ඍද්ධිපාද පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: ඉන්‍ද්‍රිය පෘච්ඡා යැ බලපෘච්ඡා යැ බෝධ්‍යඞ්ග පෘච්ඡා යි. අන්‍ය වූ ද පෘච්ඡා තුනෙකි: මාර්‍ග පෘච්ඡා යැ ඵලපෘච්ඡා යැ නිර්වාණපෘච්ඡා යී.
Pali BJTපුච්ඡාමි තන්ති: පුච්ඡාමි තං, යාචාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස්සු මෙ’ති ‘පුච්ඡාමි තං.’ භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති. ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’.
Sinhala BJTපුච්ඡාමි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අණවමි, මුඹ වහන්සේ පහදවමි, මට වදාළ මැනැව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු; සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව, පැවැසුව මැනැව, දෙසුව මැනැව, පැනැවුව මැනැව, පිහිටුව මැනැව, විවෘත කළ මැනැව, විභාග කළ මැනැව, නො ගැඹුරු කළ මැනැව, ප්‍රකාශ කළ මැනැව නු යි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයිනි කීයැ ඒ බමුණු:
Pali BJT“අනෙජං මූලදස්සාවිං- (ඉච්චායස්මා පුණ්ණකො) අත්ථි පඤ්හෙන ආගමං කිං නිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පියිංසු පුථූධ ලොකෙ පුච්ඡාමි තං භගවා බ්රූහි මෙත”න්ති.
Sinhala BJT“අනෙජං මූලදස්සාවිං -පෙ- පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTයෙ කෙචි මෙ ඉසයො මනුජා (පුණ්ණකාති භගවා) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථූ’ධ ලොකෙ ආසිංසමානා{1} පුණ්ණක ඉත්ථභාවං{2} ජරං සිතා යඤ්ඤමකප්පයිංසු.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙ ලොවැ මේ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසර දුක) නිසා මේ මනුෂ්‍යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත් යයි.
Pali BJTයෙ කෙචි මෙ ඉසයො මනුජා’ති: ‘යෙකෙචී’ති සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං{3} යෙ කෙචී’ති. ඉසයොති ඉසිනාමකා යෙ කෙචි ඉසිපබ්බජ්ජං පබ්බජිතා: ආජීවකා නිගණ්ඨා ජටිලා තාපසා. මනුජාති මනුස්සා වුච්චන්තීති ‘යෙ කෙචි මෙ ඉසයො මනුජා පුණ්ණකාති භගවා’.
Sinhala BJTයෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: ‘යෙ කෙචි’ යනු: තෙල. ‘යෙ කෙචි යසු සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි. ඉසයො යනු ‘ඍෂි’ නම් ඇති යම් කිසි ඍෂි ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි වූ ආජිවකයෝ, නිර්ග්‍රන්‍ථයෝ, ජටිලයෝ තාපසයො. ‘මනුජ’ යි මනුෂ්‍යයෝ කියනු ලැබෙත් නුයි ‘යෙ කෙචි මෙ ඉසයො මනුජා පුණ්ණකා ’ති භගවා’ යනු වේ.
Pali BJTඛත්තියා බ්රාහ්මණා දෙවතානන්ති: ‘ඛත්තියා’ති යෙ කෙචි ඛත්තියජාතිකා, බ්රාහ්මණාති යෙ කෙචි භොවාදිකා, දෙවතානන්ති ආජීවකසාවකානං ආජීවකා දෙවතා, -පෙ- දිසාවතිකානං දිසා දෙවතා. යෙ යෙසං දක්ඛිණෙය්යා තෙ තෙසං දෙවතාති ‘ඛත්තියා බ්රාහ්මණා දෙවතානං’.
Sinhala BJTඛත්තියා බ්‍රාහ්මණ දෙවතානං යනු: ‘ඛත්තියා’ යි ක්ෂත්‍රියජාති ඇති යම් කිසි කෙනෙක්. බ්‍රාහ්මණා යනු: භොවාදික වූ යම් කිසි කෙනෙක්. දෙවතානං යනු: ආජීවකශ්‍රාවකයන්ට ආජීවකයෝ දේවතා යැ’ ....... දිග්ව්‍රත ඇතියනට දිශාවෝ දේවතා යැ, යම් කෙනෙක් යම් කෙනකුන්හට දක්ෂිණාර්භ වෙත් ද ඔහු ඔවුනට දේවතා යැ’යි ඛත්තියා බ්‍රාහ්මණා දෙවතානං යනු වේ.
Pali BJTයඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙති: යඤ්ඤං වුච්චති දෙය්යධම්මො: චීවරපිණ්ඩපාත -පෙ- සෙය්යාවසථපදීපෙය්යං, යඤ්ඤමකප්පියිංසුති යෙ’පි යඤ්ඤං එසන්ති ගවෙසන්ති පරියෙසන්ති -පෙ- සෙය්යාවසථපදීපෙය්යං තෙපි යඤ්ඤං කප්පෙන්ති. පුථූ’ති යඤ්ඤා වා එතෙ පුථූ. යඤ්ඤයාජකා වා එතෙ පුථූ, දක්ඛිණෙය්යා වා එතෙ පුථු. -පෙ- එවං දක්ඛිණෙය්යා වා එතෙ පුථූ. ඉධ ලොකෙති මනුස්සලොකෙති ‘යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ.’
Sinhala BJTයඤ්ඤමකප්පයිංසු පුථුධ ලෝකේ යනු: ‘යඤ්ඤ’ යි දේයධර්‍මය කියනු ලැබෙයි. සිවුරු පිඬුවා... යහන්ගේ පහන්තෙලි. යඤ්ඤමකප්පයිංසු යනු: යම් කෙනෙකුත් යඥය එෂණ-ගවේෂණ-පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද, ...යහන්ගේ පහන්තෙලි. ඔහු දු යඥ කෙරෙත්. පුථු යනු: තෙල යඥයෝ හෝ බොහෝ වෙති, තෙල යඥ යාජකයෝ හෝ බොහෝ වෙති, තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙති.... මෙසෙයින් තෙල දක්ෂිණාර්භයෝ හෝ බොහෝ වෙත්. ඉධ ලෝකේ යනු: මනුෂ්‍යලොකයෙහි නුයි ‘යඤ්ඤමකප්පයිං සු පුථූධ ලෝකේ’ යනු වේ.
Pali BJTආසිංසමානා පුණ්ණක ඉත්ථභාවන්ති: ‘ආසිංසමානා’ති රූපපටිලාභං ආසිංසමානා, සද්දපටිලාභං ආසිංසමානා, ගන්ධපටිලාභං ආසිංසමානා, රසපටිලාභං ආසිංසමානා, ඵොට්ඨබ්බපටිලාභං ආසිංසමානා, පුත්තපටිලාභං ආසිංසමානා, දාරපටිලාභං ආසිංසමානා, ධනපටිලාභං ආසිංසමානා, යසපටිලාභං ආසිංසමානා, ඉස්සරියපටිලාභං ආසිංසමානා, ඛත්තියමහාසාලකුලෙ අත්තභාවපටිලාභං ආසිංසමානා, බ්රාහ්මණමහාසාලකුලෙ අත්තභාවපටිලාභං ආසිංසමානා, ගහපතිමහාසාලකුලෙ අත්තභාවපටිලාභං ආසිංසමානා,
Sinhala BJTආසිංසමානා පුණ්ණක ඉත්‍ථභාවං යනු: ආසිංසමානා යනු රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ඓශ්චර්‍ය්‍ය ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ගෘහපතිමහාසාරකුලයෙහි ආත්මභාව ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු
Pali BJTචාතුම්මහාරාජිකෙසු,{1} දෙවෙසු අත්තභාවපටිලාභං ආසිංසමානා, තාවතිංසෙසු දෙවෙසු -පෙ- යාමෙසු දෙවෙසු{2}-තුසිතෙසු දෙවෙසු-නිම්මාණරතීසු දෙවෙසු- පරනිම්මිතවසවත්තීසු දෙවෙසු-බ්රහ්මකායිකෙසු දෙවෙසු අත්තභාවපටිලාභං ආසිංසමානා, ඉච්ඡමානා{3} සාදියමානා, පත්ථයංමානා පිහයමානා අභිජප්පමානාති ‘ආසිංසමානා’. පුණ්ණක ඉත්ථභාවන්ති: එත්ථ අත්තභාවාභිනිබ්බත්තිං ආසිංසමානා, එත්ථ ඛත්තියමහාසාලකුලෙ අත්තභාවාභිනිබ්බත්තිං ආසිංසමානා -පෙ- එත්ථ බ්රහ්මකායිකෙසු දෙවෙසු අත්තභාවාභිනිබ්බත්තිං ආසිංසමානා ඉච්ඡමානා සාදියමානා පත්ථයමානා පිහයමානා අභිජප්පමානාති ‘ආසිංසමානා පුණ්ණක ඉත්ථභාවං.
Sinhala BJTසිව්මහරද දෙවියන් කෙරෙහි ආත්මභාව ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු තව්තිසා දෙවියන් කෙරෙහි ... යාම දෙවියන් කෙරෙහි... තුෂිත දෙවියන් කෙරෙහි ... නිර්‍මාණරතී දෙවියන් කෙරෙහි... පරනිර්මිතවසවර්ති දෙවියන් කෙරෙහි... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘ආසිංසමානා’ යනු වේ. පුණ්ණක ඉත්‍ථභාවං යනු: මෙහි ආත්මභාවයාගේ පහළවීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු මෙහි ක්‍ෂත්‍රිය මහාසාර කුලයෙහි ආත්මභාවයා ගේ පහළ වීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු... මෙහි බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවයාගේ පහළවීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු කැමැති වන්නාහු ඉවසන්නාහු පතන්නාහු ඊප්සා කරන්නාහු අභිජල්පනය කරන්නාහු නුයි. ‘ආසිංසමානා පුණ්ණක ඉත්‍ථභාවං’ යනු වේ.
Pali BJTජරං සිතා යඤ්ඤමකප්පයිංසූති: ජරානිස්සිතා ව්යාධිනිස්සිතා මරණනිස්සිතා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසනිස්සිතා. යදෙව තෙ ජාති නිස්සිතා තදෙව තෙ ජරානිස්සිතා, යදෙව තෙ ජරානිස්සිතා තදෙව තෙ ව්යාධිනිස්සිතා, යදෙව තෙ ව්යාධිනිස්සිතා තදෙව තෙ මරණනිස්සිතා, යදෙව තෙ මරණනිස්සිතා තදෙව තෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසනිස්සිතා, යදෙව තෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසනිස්සිතා තදෙව තෙ ගතිනිස්සිතා, යදෙව තෙ ගතිනිස්සිතා තදෙව තෙ උප්පත්තිනිස්සිතා, යදෙව තෙ උප්පත්තිනිස්සිතා තදෙව තෙ පටිසන්ධිනිස්සිතා, යදෙව තෙ පටිසන්ධි නිස්සිතා තදෙව තෙ භවනිස්සිතා, යදෙව තෙ භවනිස්සිතා තදෙව තෙ සංසාරනිස්සිතා, යදෙව තෙ සංසාරනිස්සිතා තදෙව තෙ වට්ටනිස්සිතා, අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘ජරං සිතා යඤ්ඤමකප්පියිංසු’.
Sinhala BJTජරං සිතා යඤ්ඤමකප්පයිංසු යනු : ජරාදුක ඇසිරි කළාහු ව්‍යාධි දුක ඇසිරි කළාහු මරණ දුක ඇසිරි කළාහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක ඇසිරි කළාහු... යම් කලෙක්හි මැ ඔහු ජාතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ජරාව ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ව්‍යාධිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ව්‍යාධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු මරණය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු ගතිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු උත්පත්තිය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි ම, ඔහු උත්පත්තිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු ප්‍රතිසන්‍ධිය ඇසිරි කළාහු යැ. යම් කලෙක්හි මැ ඔහු ප්‍රතිසන්‍ධිය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු භවය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු භවය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු යැ, යම් කලෙක්හි මැ ඔහු සංසාරය ඇසිරි කළාහු නම් එකල්හි මැ ඔහු වෘත්තය ඇසිරි කළාහු යැ වැළඳ ගත්තාහු යැ (සසරට) එළඹියාහ පිවිසුණාහු යැ අධිමුක්ත වූවාහු නුයි ‘ජරං සිතා යඤ්ඤමකප්පයිංසු’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යෙ කෙචි මෙ ඉසයො මනුජා (පුණ්ණකාති භගවා) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථූ’ධ ලොකෙ ආසිංසමානා පුණ්ණක ඉත්ථභාවං ජරංසිතා යඤ්ඤමකප්පයිංසූ”ති.
Sinhala BJT“යෙ කෙචි මේ ඉසයො මනුජා -පෙ- ජරං සිතා යඤ්ඤමකප්පයිංසු” යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTයෙ කෙචි’මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු{1} පුථූ’ධ ලොකෙ කච්චි සු{2} තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු{3} ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT(ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි.) “මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් කිසි බොහෝ යාග කරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස තෙල කරුණ මට වදාළ මැනැවි යි.”
Pali BJTයෙ කෙචි මෙ ඉසයො මනුජාති: ‘යෙ කෙචී’ති -පෙ- කච්චි සු තෙ භගවා යඤ්ඤාපථෙ අප්පමත්තාති: කච්චිසූ’ති සංසයපුච්ඡා විමතිපුච්ඡා ද්වෙළ්හකපුච්ඡා අනෙකංසපුච්ඡා, එවං නුඛො න නුඛො කින්නුඛො කථන්නුඛොති කච්චිසු. තෙ’ති යඤ්ඤ යාජකා වුච්චන්ති. භගවා’ති ගාරවාධි වචනං -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවා’ති. ‘කච්චි සු තෙ භගවා’ යඤ්ඤපථෙ අප්පමත්තාති: යඤ්ඤොයෙව වුච්චති යඤ්ඤපථො, යථා අරියමග්ගො අරියපථො, දෙවමග්ගො දෙවපථො, බ්රහ්මමග්ගො බ්රහ්මපථො, එවමෙව යඤ්ඤොයෙව වුච්චති යඤ්ඤපථො. අපමත්තාති. යෙපි{*} යඤ්ඤපථෙ අප්පමත්තා සක්කච්චකාරිනො සාතච්චකාරිනො අට්ඨිතකාරිනො අනොලීනවුත්තිනො{4} අනික්ඛිත්තඡන්දා අනික්ඛිත්තධුරා තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොනා{5} තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යා{6} තෙපි යඤ්ඤපථෙ අප්පමත්තා, යෙපි යඤ්ඤං එසන්ති ගවෙසන්ති පරියෙසන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අන්තං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථ පදීපෙය්යං සක්කච්චකාරිනො -පෙ- තදධිපතෙය්යා තෙපි යඤ්ඤපථෙ අප්පමත්තා, යෙපි යඤ්ඤං අභිසංඛරොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං{7} සෙය්යාවසථ පදීපෙය්යං සක්කච්චකාරිනො -පෙ- තදධිපතෙය්යා තෙපි යඤ්ඤාපථෙ අප්පමත්තා, යෙපි යඤ්ඤං දෙන්ති යජන්ති පරිච්චජන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං අන්නං පානං -පෙ- සෙය්යාවසථපදීපෙය්යං සක්කච්චකාරිනො -පෙ- තදධිපතෙය්යා තෙපි යඤ්ඤාපථෙ අප්පමත්තාති ‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා’.
Sinhala BJTයෙ කෙචි’මෙ ඉසයො මනුජා යනු: කෙචි යනු... කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා යනු: කච්චි සු යි: “මෙසේ දෝ හෝ නෙ වේ දෝ හෝ කිමෙක් දෝ හෝ කෙසේ හෝ හො”යි සංශය පෘච්ඡා යැ විමති පෘච්ඡා යැ විචිකිත්සා පෘච්ඡා යැ අනෛකාන්ත පෘච්ඡා නුයි “කච්චි සු” යනු වේ. තෙ යි යඥ යාජකයෝ කියනු ලැබෙති. භගවා යනු: ගෞරවනාමයෙකි... මේ ‘භාග්‍යවත්’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්ති නුයි ‘කච්චි සු තෙ භගවා’ යනු වේ. යඤ්ඤපථෙ අප්පමත්තා යනු: යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබෙයි. යම්සේ ආර්‍ය්‍යමාර්‍ගය ආර්‍ය්‍යපථ වේ ද, දෙවමාර්ගය දෙවපථ වේ ද, බ්‍රහ්මමාර්ගය බ්‍රහ්මපථ වේ ද, එසෙයින් මැ යඥය මැ ‘යඥපථ’ යි කියනු ලැබේ. අප්පමත්තා යනු: යම් කෙනෙකුන් යඥපථයෙහි අප්‍රමත්ත වූවාහු සකසා කරන්නාහු සතතයෙන් කරන්නාහු නො නැවැත කරන්නාහු නො හැකුළුණු පැවැතුම් ඇත්තාහු නො හළ ඡන්‍දය ඇත්තාහු නො හළ වීර්‍ය්‍යධුර ඇත්තාහු එහි හැසිරෙන්නාහු එය බහුල කොට ඇත්තාහු එය ගුරු කොට ඇත්තාහු එයට නැමුණු හු එයට අතිශයින් නැමුණ හු එයට නැඹුරු වූවාහු එහි අධිමුක්ත වූවාහු (බැඳුණාහු) එය අධිපති කොට ඇත්තාහු නුයි ඔහු දු යඥපථයෙහි අප්‍රමත්ත වූවාහු වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය කැමැති වෙත් ද සොයත් ද හැම අයුරින් කැමැති වෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්‍රමත්ත වෙති. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය සකස්කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද ඔහු දු යඥපථයෙහි අප්‍රමත්තයෝ යැ. යම් කෙනෙකුත් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ආහාර පාන ... යහන්ගේ පහන්තෙල් යන දේයධර්‍මය දෙත් ද යදිත් ද, පරිත්‍යාග කෙරෙත් ද, සකසා කරන්නාහු ද ... එය අධිපති කොට ඇත්තාහු ද, ඔහු දු යඥපථයෙහි අප්‍රමත්තයහ’යි ‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමතතා’ යනු වේ.
Pali BJTඅතාරු{3} ජාතිඤ්ච ජරඤ්ච මාරිසාති: ජාතිජරාමරණං{8} අතරිංසු උත්තරිංසු පතරිංසු සමතික්කමිංසු වීතිවත්තිංසු. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචන මෙතං ‘මාරිසා’ති. ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’.
Sinhala BJTඅතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස යනු: ජාති ජරාමරණය තරණය කළහ, උත්තරණය කළහ, ප්‍රකර්‍ෂයෙන් තරණය කළහ, ඉක්මවූහ, ව්‍යතික්‍රමණය කළහ. මාරිස යනු: තෙල ‘මාරිස’ යි ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව සප්‍රතිශ්‍රය වචන නුයි ‘අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස’ යනු වේ.
Pali BJTපුච්ඡාමි තං භගවා බ්රූහි මෙතන්ති: ‘පුච්ඡාමි ත’න්ති පුච්ඡාමි තං, අජ්ඣෙසාමි තං, පසාදෙමි තං, කථයස්සු මෙති ‘පුච්ඡාමි තං’. භගවාති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤති යදිදං ‘භගවා’ති. බ්රූහි මෙතන්ති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානී කරොහි පකාසෙහීති ‘පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං’.
Sinhala BJTපුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං යනු: ‘පුච්ඡාමි තං’ යි: මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණ කරමි, මුඹ වහන්සේ පහදවමි මට වදාළ මැනැවැ යි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: මේ ‘භගවා’ යි ගෞරවනාමයෙකි ... සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: කිව මැනැව ප්‍රකාශ කළ මැනැව දෙසුව මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව පැවසුව මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කීයැ ඒ බමුණු:
Pali BJT“යෙ කෙචි මෙ ඉසයො මනුජා (ඉච්චායස්මා පුණ්ණකො) ඛත්තියා බ්රාහ්මණා, දෙවතානං, යඤ්ඤමකප්පයිංසු පුථූධ ලොකෙ කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරු ජාතිඤ්ච ජරඤ්ච මාරිස, පුච්ඡාමි තං භගවා බ්රූහි මෙත”න්ති.
Sinhala BJT“යෙ කෙචි’ මෙ ඉසයො මනුජා ... පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙතං” යී.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTආසිංසන්ති{1} ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති (පුණ්ණකාති භගවා) කාමාභිජප්පන්ති පටිච්ච ලාභං, තෙ යාජයොගා භවරාගරත්තා නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) (ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති. (රූපාදි) ලාභය පිණිස පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැව’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසර දුක) තරණය නො කළාහ’යි කියමි”යි.
Pali BJTආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්තී’ති: ‘ආසිංසන්තී’ති රූපපටිලාභං ආසිංසන්ති, සද්දපටිලාභං ආසිංසන්ති, ගන්ධපටිලාභං ආසිංසන්ති, රසපටිලාභං ආසිංසන්ති, ඵොට්ඨබ්බපටිලාභං ආසිංසන්ති, පුත්තපටිලාභං{2} ආසිංසන්ති, දාරපටිලාභං ආසිංසන්ති, ධනපටිලාභං ආසිංසන්ති, යසපටිලාභං ආසිංසන්ති, ඉස්සරියපටිලාභං ආසිංසන්ති, ඛත්තියමහාසාලකුලෙ අත්තභාවපටිලාභං ආසිංසන්ති, බ්රාහ්මණමහාසාලකුලෙ -පෙ- ගහපතිමහාසාලකුලෙ අත්තභාවපටිලාභං ආසිංසන්ති, චාතුම්මහාරාජිකෙසු දෙවෙසු -පෙ- බ්රහ්මකායිකෙසු දෙවෙසු අත්තභාවපටිලාභං ආසිංසන්ති, ඉච්ඡන්ති සාදියන්ති පත්ථයන්ති පිහයන්තීති ආසිංසන්ති.
Sinhala BJTආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජුහන්ති යනු: ‘ආසිංසන්ති’ යනු: රූප ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ස්ප්‍රෂ්ටව්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, පුත්‍රප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, දාරප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ධනප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, යශස්ප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ඓශ්චර්‍ය්‍යප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි ... ගෘහපතිමහාසාර කුලයෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉවසති, පතති, ඊප්සා කෙරෙත් නුයි ‘ආසිංසන්ති’ යනු වේ.
Pali BJTථොමයන්තීති: යඤ්ඤං වා ථොමෙන්ති, ඵලං වා ථොමෙන්ති, දක්ඛිණෙය්යෙ{3} වා ථොමෙන්ති. කථං යඤ්ඤං ථොමෙන්ති: සුචිං දින්නං{4} මනාපං දින්නං, පණීතං දින්නං, කාලෙන දින්නං, කප්පියං දින්නං, විචෙය්ය දින්නං, අනවජ්ජං දින්නං, අභිණ්හං දින්නං, දදං චිත්තං පසාදිතන්ති ථොමෙන්ති, කිත්තෙන්ති වණ්ණෙන්ති පසංසන්ති. එවං යඤ්ඤං ථොමයන්ති.
Sinhala BJTථොමයන්ති යනු: දානය හෝ වර්‍ණනා කෙරෙති, (රූපාදිප්‍රතිලාභ) ඵලය හෝ වර්‍ණනා කෙරෙති, දක්‍ෂිණාර්‍හයන් හෝ වර්‍ණනා කෙරෙත්. කිසෙයින් දානවර්ණනා කෙරෙත් ද යත්: පිරිසිදු කොට දෙන ලද්ද, මන වඩනු කොට දෙන ලද්ද, ප්‍රණීත කොට දෙන ලද්ද, යෝග්‍ය කාලයෙහි දෙන ලද්ද, කැප කොට දෙන ලද්ද, විමසා දෙන ලද්ද, නිදොස් කොට දෙන ලද්ද, එක්වන් දෙන ලද්ද, දෙමින් පහදවන ලද සිත ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වණති, පසසත් නුයි මෙසෙයින් දානය දානවර්ණනා කෙරෙත්.
Pali BJTකථං ඵලං ථොමෙන්ති: ඉතො නිදානං රූපපටිලාභො භවිස්සති -පෙ- බ්රහ්මකායිකෙසු දෙවෙසු අත්තභාවපටිලාභො භවිස්සතීති ථොමෙන්ති කිත්තෙන්ති වණ්ණෙන්ති පසංසන්තීති එවං ඵලං ථොමෙන්ති.
Sinhala BJTකිසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත් ද යත්: මෙ (මිනිස් ලොවැ දුන්) කරුණින් රූපප්‍රතිලාභය වන්නේ යැ... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය වන්නේ යැ යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති, වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත් නුයි මෙසෙයින් ඵලය වර්‍ණනා කෙරෙත්.
Pali BJTකථං දක්ඛිණෙය්යෙ ථොමෙන්ති: දක්ඛිණෙය්යා ජාතිසම්පන්නා ගොත්තසම්පන්නා අජ්ඣායකා මන්තධරා තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකා වෙය්යාකරණා ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයාති, වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදොසා වා දොසවිනයා වා පටිපන්නා, වීතමොහා වා මොහවිනයාය වා පටිපන්නා, සද්ධාසම්පන්නා සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නාති ථොමෙන්ති කිත්තෙන්ති වණ්ණෙන්ති පසංසන්ති. එවං දක්ඛිණෙය්යෙ ථොමෙන්තීති ‘ආසිංසන්ති ථොමෙන්ති’.
Sinhala BJTකිසෙයින් දක්‍ෂිණාර්‍හයන් වර්‍ණනා කෙරෙත් ද යත්: දක්ෂිණාර්භයෝ “ජාති සම්පන්නයහ, ගොත්‍රසම්පන්නයහ, වෙදමන්ත්‍රාධ්‍යාපකයහ, වේදමන්ත්‍ර ධරනුවහ. නිඝණ්ටු, කෙටූභ (කාව්‍යශාස්ත්‍ර) සහිත වූ ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙරට ගියාහු පද හදාරන්නාහු ව්‍යාකරණ හදාරන්නාහු ලෝකායත (විතණ්ඩවාදශාස්ත්‍ර) මහාපුරුෂ ලක්‍ෂණයෙහි අනූනයහ’යි, වීතරාග හෝ රාගවිනයට (රාගය දුරැලීමට) පිළිපන්නාහු හෝ වෙති, වීතදෝස හෝ දොස විනයට පිළිපන්නාහු හෝ වෙති, වීතමෝහ හෝ මෝහ විනයට පිළිපන්නාහු හෝ වෙති, ශ්‍රද්ධාසම්පන්නයහ, ශීල සම්පන්නයහ, සමාධිසම්පන්නයහ, ප්‍රඥාසම්පන්නයහ, විමුක්තිසම්පන්නයහ, විමුක්තිඥානදර්‍ශන සම්පන්නයහ”යි ථොමනය කෙරෙති, කීර්‍තනය කෙරෙති වර්‍ණනා කෙරෙති, ප්‍රශංසා කෙරෙත්, මෙසෙයින් දක්ෂිණාර්භයෝ ථොමනය කෙරෙත් නුයි “ආසිංසන්ති ථොමයන්ති” යනු වේ.
Pali BJTඅභිජප්පන්තීති: රූපපටිලාභං අභිජප්පන්ති, සද්දපටිලාභං අභිජප්පන්ති, ගන්ධපටිලාභං අභිජප්පන්ති, රසපටිලාභං අභිජප්පන්ති, -පෙ- බ්රහ්මකායිකෙසු දෙවෙසු අත්තභාවපටිලාභං අභිජප්පන්තීති ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති. ‘ජුහන්තීති ජුහන්ති දෙන්ති යජන්ති පරිච්චජන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අන්තං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යන්ති ‘ආසිංසන්ති ථොමෙන්ති අභිජප්පන්ති ජුහන්ති’
Sinhala BJTඅභිජප්පන්ති යනු: රූපප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ගන්ධප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, රසප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති ......බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් නුයි ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති’ යනු වේ. ජුහන්ති යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් යහන්ගේ පහන්තෙල් දානය කෙරෙති, දෙති, යදිති, පරිත්‍යාග කෙරෙත් නුයි. ‘ආසිංසන්ති ථොමයන්ති අභිජප්පන්ති ජූහන්ති’ යනු වේ.
Pali BJTපුණ්ණකාති භගවාති: පුණ්ණකා’ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- යදිදං භගවාති ‘පුණ්ණකාති භගවා. ‘
Sinhala BJTපුණ්ණකා’ති භගවා : ‘පුණ්ණක’ යී බුදුහු ඒ බමුණු නමින් ආලපනය කෙරෙත්. භගවා යනු: තෙල ගෞරවාධි වචන යැ ...භගවත් යී ‘පුණ්ණකා ති භගවා’ යනු වේ.
Pali BJTකාමාභිජප්පන්ති පටිච්ච ලාභන්ති: රූපපටිලාභං පටිච්ච කාමෙ අභිජප්පන්ති, සද්දපටිලාභං පටිච්ච කාමෙ අභිජප්පන්ති -පෙ- බ්රහ්මකායිකෙසු දෙවෙසු අත්තභාවපටිලාභං පටිච්ච කාමෙ අභිජප්පන්තීති පජප්පන්තීති ‘කාමාභිජප්පන්ති පටිච්ච ලාභං’.
Sinhala BJTකාමාභිජප්පන්ති පටිච්ච ලාභං යනු: රූප ප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, ශබ්දප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති... බ්‍රහ්මකායික දෙවියන් කෙරෙහි ආත්මභාවප්‍රතිලාභය පිණිස කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, කැමැති වෙති, ඉතා කැමැති වෙත් නුයි ‘කාමාභිජප්පන්ති පටිච්ච ලාභං’ යනු වේ.