Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT12. යෙ මෙ පුබ්බෙ වියාකංසු{4} හුරං ගොතම සාසනා ඉච්චාසීති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනං.
Sinhala BJT12. පෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක, එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ.
Pali BJT13. එකො තමනුදාසීනො ජුතිමා{1} සො පභඞ්කරො ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො.
Sinhala BJT13-14. යම් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක්ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැත්ද ඒ ගෞතමයන් වහන්සේ අසහාය වැ අවිදු අඳුර දුරැලා වැඩ හුන්සේක, ද්‍යුතිමත්හ, ප්‍රභාකරයහ, ඥානධ්වජ ඇති සේක, විපුල ප්‍රඥා ඇති සේකැ’යි.
Pali BJT14. යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT15. කින්නු තම්හා විප්පවස්සි{2} මුහුත්තම්පි පිඞ්ගිය ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
Sinhala BJT15-16. පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැත් ද, ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුල ප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු කිම තෙපි වෙන් වැ වසවු දැ?යි. (බාවරී කී යැ.)
Pali BJT16. යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT17. නාහං තම්හා විප්පවසාමි මුහුත්තම්පි බ්රාහ්මණ ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
Sinhala BJT17-18. බමුණාණෙනි, යම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු මම් වෙන් වැ නො වෙසෙමි.
Pali BJT18. යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT19. පස්සාමි නං මනසා චක්ඛුනා ව රත්තිං දිවං බ්රාහ්මණ අප්පමත්තො නමස්සමානො ‘විවසෙමි රත්තිං තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.
Sinhala BJT19. බ්‍රාහ්මණයෙනි, (මම්) අප්‍රමත්ත වූයෙම් දිවරැය ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.
Pali BJT20. සද්ධා ච පීතී ච මනො සතී ච නාපෙන්ති මෙ ගොතමසාසනම්හා යං යං දිසං වජති භූරිපඤ්ඤො ස තෙන තෙනෙව නතො’හමස්මි.
Sinhala BJT20. මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමශාසනයෙන් පහවැ නො යෙයි, විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දසකට වඩනාසේක් ද, ඒ ඒ දසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
Pali BJT21. ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස තෙනෙව කායො න පලෙති තත්ථ සංකප්පයත්තාය{*} වජාමි නිච්චං. මනොහි මෙ බ්රාහ්මණ තෙන යුත්තො.
Sinhala BJT21. ජීර්‍ණ වූ (එහෙයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එකරුණින් මැ එහි නො යෙයි, සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
Pali BJT22. පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපා දීපං උප්පලවිං{1} අථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT22. කාමපඞ්කයෙහි (මඩෙහි) හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණ සෑ වෙහෙරෙහි දී) චතුරෝඝය තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.
Pali BJT23. යථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආළවි ගොතමො ච එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස{2} පාරං.
Sinhala BJT23. මුක්ත ශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආළවිගෝතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව, පිඞ්ගිය, තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
Pali BJT24. එස භීයො පසීදාමි සුත්වාන මුනිනො වචො විවත්තච්ඡද්දො{3} සම්බුද්ධො අඛිලො පටිභානවා.
Sinhala BJT24. තෙල මම් මුනීන් වහන්සේ ගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු පෙරළු (රාගාදි) සියන් ඇතියහ, (රාගාදි) ඛිල රහිතයහ. ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
Pali BJT25. අධිදෙවෙ අභිඤ්ඤාය සබ්බං වෙදි පරොවරං{4} පඤ්හානන්තකරො සත්ථා කඞ්ඛීනං පටිජානතං.
Sinhala BJT25. අධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හීන-ප්‍රණීත වූ (හෝ, තමාත් මෙරමාත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්‍මජාතය දතුවහ, ශාස්තෘහු සැක ඇති වැ මැ “නිසැකයම්හ”යි පිළින කරනුවන් ගේ ප්‍රශ්න කෙළවර කරනුවහ.
Pali BJT26. අසංහීරං අසංකුප්පං යස්ස නත්ථි උපමා ක්වචි අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා එවං මං ධාරෙහි අධිමුත්තචිත්තන්ති.
Sinhala BJT26. යම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද, (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම්, මෙහි ලා මට සැකයෙක් නැති. මෙසෙයින් පිඞ්ගිය තෙපි මා ශ්‍රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව යි.
Pali BJTපිඞ්ගියසුත්තන්තං සොළසි පාරායනවග්ගො නිට්ඨිතො
Sinhala BJTපාරායණ වර්‍ගය නිමි.
Pali BJT1. අජිත සුත්තනිද්දෙසො
Sinhala BJT1. අජිත සූත්‍ර නිර්‍දෙශය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTකෙනස්සු නිවුතො ලොකො (ඉච්චායස්මා අජිතො) කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්රූසි කිං සු තස්ස මහබ්භයං.
Sinhala BJT(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ)ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඹහට අභිලේපන යැ යි වදාරන සේක් ද?කිමෙක් ඔහට මහද්භය වේ ද?
Pali BJTකෙනස්සු නිවුතො ලොකොති: නිරයලොකො තිරච්ඡාන ලොකො පෙත්තිවිසයලොකො{1} මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො දෙවලොකො අයං වුච්චති ලොකො, අයං ලොකො කෙන ආවුතො නිවුතො ඔවුතො{2} පිහිතො පටිච්ඡන්නො පටිකුජ්ජිතොති ‘කෙනස්සු නිවුතො ලොකො’.
Sinhala BJTකෙනස්සු නිවුතො ලෝකෝ යනු: නිරයලොක යැ තිර්‍ය්‍යක්ලොක යැ ප්‍රෙතලොක යැ මනුෂ්‍යලොක යැ දිව්‍යලොක යැ සකන්ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යන මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මෙලොව කිමෙකින් අවුරන ලද්දේ වසන ලද්දේ යටින් වසන ලද්දේ උඩින් වසන ලද්දේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ දැ? යි ‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යනු වේ.
Pali BJTඉච්චායස්මා අජිතොති: ඉච්චාති: පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො{3} බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං ‘ඉච්චාති’. ආයස්මා’ති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘ආයස්මා’ති. අජිතොති: තස්ස බ්රාහ්මණස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්තිබ්යඤ්ජනං අභිලාපොති ‘ඉච්චායස්මා අජිතො’.
Sinhala BJTඉච්චායස්මා අජිතො යනු: ‘ඉච්ච’ යනු පදසන්ධි යැ,පදසංසර්ග යැ පදපූර්ණ යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉච්ච’ යනු පදයන්ගේ අනුපූර්වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියයවචන යැ ගරු වචනයැ සගෞරවවචනය යැ සප්‍රතිශ්‍රයට නමෙකි. ‘අජිතො’ යනු: ඒ බමුණුගේ නම යැ සංඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ, නාමකර්ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නු’ යි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.
Pali BJTකෙනස්සු නප්පකාසතීති: කෙන ලොකො නප්පකාසති න භාසති න තපති න විරොචති න ඤායති න පඤ්ඤායතීති ‘කෙනස්සුනප්පකාසතීති’.
Sinhala BJTකෙනස්සු නප්පකාසති යනු: කවර කරුණෙකින් ලෝකය ප්‍රකාශ නො කෙරේ ද ඥාන ප්‍රභාෂ නො කෙරේ ද ඥානප්‍රතාප නො කෙරේ ද දීප්ත නො වේ ද නො දන්නේ ද නො පැනේ දැ?යි ‘කෙනස්සු නප්පකාසති’ යනු වේ.
Pali BJTකිස්සාභිලෙපනං බ්රූසීති: කිං ලොකස්ස ලෙපනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො. කෙන ලොකො ලිත්තො සංලිත්තො උපලිත්තො කිලිට්ඨො සංකිලිට්ඨො මක්ඛිතො සංසට්ඨො ලග්ගො ලග්ගිතො පළිබුද්ධො. බ්රූසි: ආචික්ඛසි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරසි විභජසි උත්තානීකරොසි පකාසෙසීති ‘කිස්සාභිලෙපනං බ්රූසි’.
Sinhala BJTකිස්සාභිලොපනං බ්‍රෑසි යනු: කිමෙක් ලෝකයාගේ ඇලීම ලැගීම බැඳීම උපක්ලේශය වේ ද, කිමෙකින් ලෝකයා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ මැකුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුරුණේ යි. බ්‍රෑසි කියන සේක් ද දෙසන සේක් ද පනවන සේක් ද පිහිටුවන සේක් ද විවරණය කරන සේක් ද විභාග කරනසේක් ද නො ගැඹුරු කරන සේක් ද ප්‍රකාශ කරන සේක් දැ?යි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යනු වේ.
Pali BJTකිංසු තස්ස මහබ්භයන්ති: කිං ලොකස්ස භයං මහබ්භයං පීළනං ඝට්ටනං උපද්දවො උපසග්ගොති. ‘කිංසු තස්ස මහබ්භයං’.
Sinhala BJTකිංසු තස්ස මහබ්භයං යනු: කිමෙක් ලෝකයාට භය මහද්භය පීඩා ඝට්ටන උපද්‍රව උපසර්‍ග වේ දැ?යි ‘කිංසු තස්ස මහබ්භයං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො-
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJTකෙනස්සු නිවුතො ලොකො කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්රූසි කිංසු තස්ස මහබ්භයන්ති.
Sinhala BJT“කෙනස්සු -පෙ- මහබ්භයං” යි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTඅවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච්ඡා{1} පමාදා නප්පකාසති ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භයං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: අජිතය,) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ මසුරු හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශ නො වෙයි, ඔහට තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි. දුක මහද්භය වෙයි.
Pali BJTඅවිජ්ජාය නිවුතො ලොකොති: අවිජ්ජාති: දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා-පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්පමොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
Sinhala BJTඅවිජ්ජාය නිවුතො ලෝකෝ යනු “අවිජ්ජා” යනු: දුඃඛසත්‍යයෙහි නො දැනීම දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරොධගාමීනිප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්වාන්තා- පරාන්තයෙහි නො දැනීම ඉදංප්‍රත්‍යයභාව සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම යැ. මෙ බඳු යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවෙධයෙක් (රූපාදිය අනිත්‍යාදි සාමාන්‍යයෙන්) සඞ්ග්‍රහ නො කිරීමෙක් (අනිත්‍යාදීන්) නො බැසැගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවෙක්ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් සම්‍යක් ඥාන රහිත බවෙක් මුළායෙක් බලවත් මුළායෙක් හාත්පසින් මුළායෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් (සිත මැඩලන) අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යී කියනු ලැබේ.
Pali BJTලොකොති: නිරයලොකො තිරච්ඡානලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො, අයං ලොකො පරොලොකො බ්රහ්මලොකො දෙවලොකො, අයං වුච්චති ‘ලොකො’. අයං ලොකො ඉමාය අවිජ්ජාය ආවුතො නිවුතො ඔවුතො පිහිතො පටිච්ඡන්නො පටිකුජ්ජිතො’ති ‘අවිජ්ජාය නිවුතො ලොකො’. අජිතාති: භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති.
Sinhala BJTලෝකෝ යනු: නිරයලෝක යැ තිර්‍ය්‍යක්ලෝක යැ ප්‍රේතවිෂය ලෝක යැ මනුෂ්‍යලෝක යැ දිව්‍යලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යි මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ ලෝකය මේ අවිද්‍යායෙන් ඇවුරුණේ වැසුණේ යටින් වැසුණේ උඩින් වැසුණේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ නුයි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු වේ. අජිත යනු බුදුහු ඒ බමුණු නමින් අමතති.
Pali BJTභගවාති: ගාරවාධිවචනං, අපිච භග්ගරාගොති භගවා, භග්ගදොසොති භගවා, භග්ගමොහොති භගවා, භග්ගමානොති භගවා, භග්ගදිට්ඨීති භගවා, භග්ගකණ්ඨකොති භගවා, භග්ගකිලෙසොති භගවා, භජි විභජි පවිභජි ධම්මරතනන්ති භගවා, භවානං අන්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤොති භගවා. භජී වා භගවා අරඤ්ඤෙ වනපත්ථානි{2} පන්තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යාකානි පටිසල්ලානසාරුප්පානීති භගවා, භාගී වා භගවා චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති භගවා, භාගී වා භගවා අත්ථරසස්ස ධම්මරසස්ස විමුත්තිරසස්ස අධිසීලස්ස අධිචිත්තස්ස අධිපඤ්ඤායාති භගවා,
Sinhala BJTභගවා යනු: ගෞරව නමෙකි, තව ද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ නැසූ ද්වේෂ ඇත්නුයි- නැසූ මෝහ ඇත් නුයි- නැසූ මාන ඇත් නුයි-නැසූ දෘෂ්ටි ඇත්නුයි- නැසූ කෙලෙස්කටු ඇත්නුයි- නැසූ කෙලෙස් ඇත්නුයි- දහම්රුවන් භාග- විභාග- ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි- භාවිතකාය- භාවිත ශීල-භාවිතචිත්ත- භාවිත ප්‍රඥා ඇත් නුයි භගවත් යැ නොහොත් බුදුහු අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රහස්‍යයට නිසි වූ විවේකයට යෝග්‍ය වූ වන සෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වන කෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන-ගිලානප්පච්චය භේසජ්ජ පරික්ඛාරය නට හිමි වූවාහු නුයි භගවත් යැ,බුදුහු අර්ථරසයට ධර්‍මරසයට විමුක්ති රසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ,
Pali BJTභාගී වා භගවා චතුන්නං ඣානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං ආරුප්පසමාපත්තීනන්ති භගවා{1} භාගී, වා භගවා අට්ඨන්නං විමොක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුපුබ්බසමාපත්තීනන්ති භගවා, භාගී වා භගවා දසන්නං සඤ්ඤාභාවනානං දසන්නං කසිණසමාපත්තීනං ආනාපානසතිසමාධිස්ස අසුභසමාපත්තියාති භගවා, භාගී වා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පධානානං චතුන්නං ඉද්ධිපාදානං පඤ්චන්නං ඉන්ද්රියානං පඤ්චන්නං බලානං සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්සාති භගවා, භාගී වා භගවා දසන්නං තථාගතබලානං චතුන්නං වෙසාරජ්ජානං චතුන්නං පටිසම්භිදානං ඡන්නං අභිඤ්ඤානං ඡන්නං බුද්ධධම්මානන්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත්තාමච්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්රාහ්මණෙහි කතං න දෙවතාහි කතං විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති.
Sinhala BJTබුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි- බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට ආනාපානසති සමාධියට අසුභ සමාපත්තියට හිමි වූවාහු නුයි- බුදුහු සතර සතිපටිඨානයන්ට සතරසම්‍යක්ප්‍රධානයන්ට සතර සෘද්ධිපාදයන්ට පඤ්චෙන්ද්‍රීයයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්‍යඞ්ගයන්ට ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයට හිමි වූවාහු නුයි- බුදුහු දශ තථාගත බලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද් ධර්‍මයන්ට ෂඩ්භිඥාවන්ට ෂඩ්බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නොකරන ලද, පියාණන් විසින්- බෑයකු විසින්- බූනක විසින්-සගයහළුවන් විසින්- නෑ සහලේ නෑයන් විසින්- මහණබමුණන් විසින්- දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්වඥතා ඥානයා ගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්‍රක්‍යක්ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.
Pali BJTවිවිච්ඡා පමාදා නප්පකාසතීති: විවිච්ඡා වුච්චති පඤ්ච මච්ඡරියානි ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං යං එවරූපං මච්ඡෙරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස ඉදං වුච්චති මච්ඡරියං. අපි ච ඛන්ධමච්ඡරියම්පි මච්ඡරියං. ධාතුමච්ඡරියම්පි මච්ඡරියං. ආයතනමච්ඡරියම්පි මච්ඡරියං. ගාහො වුච්චති මච්ඡරියං.
Sinhala BJTවිවිච්ජා පමාදා නප්පකාසති යනු: පඤ්ච මාත්සර්‍ය්‍යයෝ ‘විවිච්ජා’ යි කියනු ලැබෙත්: ආවාසමාත්සර්‍ය්‍යයැ කුලමාත්සර්‍ය්‍ය යැ ලාභමාත්සර්‍ය්‍ය යැ වර්‍ණමාත්සර්‍ය්‍ය යැ ධර්‍මමාත්සර්‍ය්‍ය යැ යි. යම් මෙ බඳු මසුරු බවෙක් මසුරු අයුරෙක් මාත්සර්‍ය්‍යසමඞ්ගී බවෙක්(ස්වකීය සම්පත්)ව්‍යාප්ත කරනු කැමැති බවෙක් අනාර්‍ය්‍ය බවෙක්(තද මසුරු කමෙක්) කටුක බැවින් සිත හකුළන බවෙක් සිත් නො ගත් බවෙක් වේ ද මේ ‘මාත්සර්‍ය්‍ය’ යි කියනු ලැබේ. තව ද පඤ්චස්කන්‍ධයෙහි මසුරු බව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’නම, ග්‍රාහය මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.
Pali BJTපමාදො වත්තබ්බො: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු වා කාමගුණෙසු{2} චිත්තස්ස වොස්සග්ගො වොස්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනට්ඨිතකිරියතා ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං අයං වුච්චති පමාදො.
Sinhala BJTප්‍රමාදය කිය යුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාම ගුණයෙහි හෝ චිත්තයාගේ ව්‍යවසර්‍ගය (සිත හැරපීම) ව්‍යවසර්ගානුප්‍රදානය දශකුශලධර්මයන්ගේ හෝ භාවනායෙහි නො සකස් වැ කරන බව සතතයෙන් නො කරන බව නො නිමි ක්‍රියා ඇති බව හැකුළුණු පැවැතුම් ඇති බව බහාලූ ඡන්‍ද ඇති බව බහාලූ ධූර (වීර්‍ය්‍ය) ඇති බව ආසේවන නො කිරීම භාවනා නො කිරීම පුනපුනා නො කිරීම (කුසල්දහම්හි) නො සිටීම නො යෙදීම ප්‍රමාද නම. යම් මෙ බඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද මේ ‘පමාද’ යී කියනු ලැබේ.
Pali BJTවිවිච්ඡා පමාදා නප්පකාසතීති: ඉමිනා ච මච්ඡරියෙන ඉමිනා ච පමාදෙන ලොකො නප්පකාසති න භාසති න තපති න විරොචති න ඤායති න පඤ්ඤායතීති “විවිච්ඡා පමාදා නප්පකාසති”.
Sinhala BJTවිවිච්ඡා පමාදා නප්පකාසති යනු: මේ මාත්සර්‍ය්‍යයෙනුදු මේ ප්‍රමාදයෙනුදු ලෝවැසියා ප්‍රකාශ නො වෙයි ඥානප්‍රහාස නො කෙරෙයි ඥානප්‍රතාප නො කෙරෙයි නො බබළයි ප්‍රකට නො වෙයි නො පැනේ නුයි ‘විවිච්ඡා පමාදා නප්පකාසති’ යනු වේ.
Pali BJTජප්පාභිලෙපනං බ්රූමීති: ජප්පා වුච්චති තණ්හා යො රාගො සාරාගො අනුනයො අනුරොධො{1} නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පළිගෙධො සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සඤ්ජනනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසටා{2} ආයූහනී දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො සිනෙහො අපෙක්ඛො පටිබන්ධු ආසා ආසිංසනා ආසිංසිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායි තත්තං පුච්ඡඤ්චිකතා{3} සාදුකම්යතා{4} අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරොධතණ්හා රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබලිසං මාරාමිසං මාරවිසයො මාරනිවාසො මාරගොචරො මාරබන්ධනං තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලා තණ්හාසමුද්දො අභිජ්ඣා ලොභො අකුසලමූලං අයං වුච්චති ජප්පා, ලොකස්ස ලෙපනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො ඉමාය ජප්පාය ලොකො ලිත්තො සංලිත්තො උපලිත්තො කිලිට්ඨො සංකිලිට්ඨො මක්ඛිතො{5} සංසට්ඨො ලග්ගො ලග්ගිතො{6} පලිබුද්ධොති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘ජප්පාභිලෙපනං බ්රූමි.’
Sinhala BJTජප්පාභිලෙපනං බ්‍රෑමි යනු: ‘ජප්පා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් (පුනපුනා පමුණුවන හෙයින්) අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඊප්සායෙක් (බොල් කෙලෙස් බැවින් මුසපත් කරන) මූර්ඡායෙක් අධ්‍යවසානයෙක් ගිජු බවෙක් හාත්පසින් ගිජු බවෙක් (අරමුණෙහි ලැගෙන) සඞ්ගයෙක් (ගැලෙන හෙයින්) පඞ්කයෙක් (ඒ ඒ භවයට ආකර්‍ෂණ කරන හෙයින්) එජාවෙක් (රවටන හෙයින් මායාවෙක්)(සසරවට උපදවන හෙයින්) ජනිකායේක් (දුක හා සංයොග කෙරෙමින් උපදවන හෙයින්) සංජනතියෙක් (හිවන බැවින්) සිබ්බනියෙක් ජාලිනියෙක් (සරිත් සදෘශ වැ ආකර්‍ෂණ කරන හෙයින්) නදියෙක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් (බලවත් බැවින්) වනථයෙක් සන්ථායෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක්, රූපයෙහි ආශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්පර්ශාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්) ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් (පුනපුනා අරමුණෙහි අදනා බැවින්) ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධ තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් සපර්ශතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශලාචාර ගන්නා) පරියුට්ඨානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් විවිධ වීප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගර්දුල (ශූනකබන්ධන) යෙක් තෘෂ්ණා සමූදායෙක්, අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ලෝවැසියාට ජප්පා යැ ලේපන යැ ලග්ගන යැ බන්‍ධන යැ උපක්කිලේස’ යි කියනු ලැබේ. මේ ජල්පායෙන් ලෝවැසියා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ තැවැරුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුණේ යි බ්‍රෑමි කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමී ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යනු වේ.
Pali BJTදුක්ඛමස්ස මහබ්භයන්ති: දුක්ඛන්ති ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛං දොමනස්සුපායාසදුක්ඛං නෙරයිකං දුක්ඛං තිරච්ඡානයොනිකං දුක්ඛං{1} පෙත්තිවිසයිකං දුක්ඛං මානුසකං දුක්ඛං ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං ගබ්භට්ඨිතිමූලකං දුක්ඛං ගබ්භවුට්ඨානමූලකං{2} දුක්ඛං ජාතස්ස උපනිබන්ධකං දුක්ඛං ජාතස්ස පරාධෙය්යකං දුක්ඛං අත්තූපක්කමදුක්ඛං පරූපක්කමදුක්ඛං සඞ්ඛාරදුක්ඛං විපරිණාමදුක්ඛං චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා{3} සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං{4} මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංස-මකස-වාතා-තප-සිරිංසප-සම්ඵස්සං දුක්ඛං මාතුමරණං දුක්ඛං{5} පිතුමරණං දුක්ඛං භාතුමරණං දුක්ඛං භගිනීමරණං දුක්ඛං පුත්තමරණං දුක්ඛං ධීතුමරණං දුක්ඛං ඤාතිව්යසනං දුක්ඛං භොගව්යසනං දුක්ඛං සීලව්යසනං දුක්ඛං දිට්ඨිව්යසනං දුක්ඛං යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායති අත්ථංගමතො නිරොධො පඤ්ඤායති කම්මසන්නිස්සිතො විපාකො විපාකසන්නිස්සිතං කම්මං නාමසන්නිස්සිතං රූපං රූපසන්නිස්සිතං නාමං ජාතියා අනුගතං ජරාය අනුසටං{6} බ්යාධිනා අභිභූතං මරණෙන අබ්භාහතං දුක්ඛෙ පතිට්ඨිතං අතාණං අලෙණං අසරණං අසරණීභූතං, ඉදං වුච්චති දුක්ඛං. ඉදං දුක්ඛං ලොකස්ස භයං මහබ්භයං පීළනං ඝටනං උපද්දවො උපසග්ගොති “දුක්ඛමස්සමහබ්භයං”
Sinhala BJTදුක්ඛමස්ස මහබ්භයං යනු: දුක්ඛං යනු ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක යැ නිරෑහි වූ දුක යැ තිරිසන්යොන්හි වූ දුක යැ ප්‍රේතවිෂයයෙහි වූ දුක යැ මිනිසුන් පිළිබඳ දුක යැ ගර්‍භාවක්‍රාන්තිය මුල් කොට ඇති දුක යැ ගර්භස්ථිතිය මුල් කොට ඇති දුක යැ ගර්භව්‍යුත්ථානය මුල් කොට ඇති දුක යැ උපන්නහු පිළිදග්නා දුක යැ උපන්නහු පරා අයත් බැව්හි දුක යැ ආත්මොප ක්‍රම දුක යැ පරොපක්‍රම දුක යැ සංස්කාර දුක යැ විපරිණාම දුක යැ චක්ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කරණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ ප්‍රස්කන්දිකා (රක්තාතීසාර) යැ ශුල යැ විසූවිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද්දු (දද) යැ කණ්ඩුති යැ කච්ඡූ යැ රඛසා (නියපහරින් වන වණ) යැ විතච්ඡිකා (හොරි) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පිඞ්කා (පොළ) යැ භගන්දර යැ පිතින් උපදන් ආබාධ යැ සෙමින් උපදනා ආබාධ යැ වයින් උපදනා ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ සෘතුපරිණාමයෙන් උපදනා අබාධ යැ විෂමපරිහාරයෙන් උපදනා ආබාධ යැ ඖපක්‍රමික ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපදනා ආබාධ යැ ශීත-උෂ්ණ සා-පවස් යැ මල-මූ පහ කිරීම යැ මැසි මදුරු-වා-අව්-දිග්දෑ පහසින් වූ දුක යැ මාතෘමරණයෙන් වූ දුක යැ පිතෘමරණයෙන් වූ දුක යැ භ්‍රාතෘමරණයෙන් වූ දුක යැ භගිනී මරණයෙන් වූ දුක යැ පුත්‍රමරණයෙන් වූ දුක යැ දුහිතෘමරණයෙන් වූ දුක යැ ඥාතිව්‍යසනයෙන් වූ දුක යැ භොගව්‍යසන දුක යැ ශීලව්‍යසන දුක යැ දෘෂ්ටිව්‍යසන දුක යි.(රූපාදි) යම් ධර්‍ම කෙනෙකුන් ගේ ආදියෙහි (පළමු) ඉපදීම පැනේ ද අස්තඞ්ගම (භවඞ්ග) යෙන් නිරුද්ධ වීම පැනේ ද, (කුශලාකුශල) විපාකය තෙමේ කර්‍මය ඇසුරු කෙළේ ද (කුශලාකුශල) කර්‍මය තෙමේ විපාකය ඇසුරු කෙළේ ද, (පඤ්චවෝකාරයෙහි) රූපය නාමය ඇසුරු කෙළේ ද නාමය රූපය ඇසුරු කෙළේ ද, (යම් දහමක්) ජාතිය විසින් ලුහු බඳනා ලද ජරාව විසින් අනුව හැසිරෙන ලද ව්‍යාධි විසින් මඩනා ලද මරණය විසින් නස්නා ලද වේ ද, දුකෙහි පිහිටියේ ද, ත්‍රාණ-ලෙන-සරණ රහිත ද අසරණ වූයේ ද මේ ‘දුක්’ යයි කියනු ලැබේ. මේ දුක ලෝ වැසියාහට භය-මහද්භය-පීඩන-ඝටන-උපද්‍රව-උපසර්‍ග වේ නුයි ‘දුක්ඛමස්ස මහබ්භයං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTඅවිජ්ජා නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච්ඡා පමාදා නප්පකාසති ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භයන්ති.
Sinhala BJT“අවිජ්ජා නිවුතො ලෝකෝ -පෙ- දුක්ඛමස්ස මහබ්භයං” යී.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTසවන්ති සබ්බධි සොතා (ඉච්චායස්මා අජිතො) සොතානං කිං නිවාරණං සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ.
Sinhala BJT(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) හැම තන්හි (තෘෂ්ණාදි) ස්‍රෝතස්හු (රූපාදි ආයතනයන්හි) ගලා යෙති, ස්‍රෝතසුන් ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන්ගේ සංවරය වදාළ මැනැව කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද? (පසිඳනු ලැබෙත් ද?)
Pali BJTසවන්ති සබ්බධි සොතාති: සොතාති තණ්හා සොතො දිට්ඨි සොතො කිලෙසසොතො දුච්චරිතසොතො අවිජ්ජාසොතො. සබ්බධීති සබ්බෙසු ආයතනෙසු. සවන්තීති සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති චක්ඛුතො රූපෙ සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති සොතතො සද්දෙ සවන්ති -පෙ- ඝානතො ගන්ධෙ සවන්ති -පෙ- ජිව්හාතො රසෙ සවන්ති-කායතො ඵොට්ඨබ්බෙ සවන්ති -පෙ- මනතො ධම්මෙ සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති, චක්ඛුතො රූපතණ්හා සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති’ සොතතො සද්දතණ්හා සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්ති ඝානතො ගන්ධතණ්හා -පෙ- ජිව්හාතො රසතණ්හා සවන්ති -පෙ- කායතො ඵොට්ඨබ්බතණ්හා සවන්ති -පෙ- මනතො ධම්මතණ්හා සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්තීති “සවන්ති සබ්බධි සොතා”.
Sinhala BJTසවන්ති සබ්බධි සෝතා යනු: ‘සෝත’ යනු තෘෂ්ණා ස්‍රොතස (නදිය) දෘෂ්ටිස්‍රොතස ක්ලේශස්‍රොතස දුශ්චරිත ස්‍රොතස අවිද්‍යා ස්‍රොතස. සබ්බධි යනු: හැම ආයතනයන්හි සවන්ති යනු: වැගිරෙති (උපදිති) යට බලා යෙති ගලායෙති පුනපුනා පවතිත්. ඇස කෙරෙන් රූපවිෂයයෙහි (තෘෂ්ණා ස්‍රෝතස්හු) වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කනින් ශබ්ද විෂයයෙහි වැගිරෙති නැහැයෙන් ගන්ධවිෂයයෙහි වැගිරෙති...දිවින් රසවිෂයයෙහි වැගිරෙති...කයින් ස්ප්‍රෂ්ටව්‍යවිෂයයෙහි වැගිරෙති...මනසින් ධර්‍මවිෂයයෙහි වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. ඇසින් රූපතෘෂ්ණා (ස්‍රෝතස්හු) වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කනින් ශබ්දතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත් නැහැයෙන් ගන්‍ධතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. දිවින් රස තෘෂ්ණාව වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. කයින් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත්. මනසින් ධර්‍මතෘෂ්ණා වැගිරෙති යට බලායෙති ගලායෙති පුනපුනා පවතිත් නුයි ‘සවන්ති සබ්බධි සෝතා’ යනු වේ.
Pali BJTඉච්චායස්මා අජිතොති: ඉච්චාති: පදසන්ධි -පෙ- පදානුපුබ්බතාපෙතං ‘ඉච්චාති’. ආයස්මා’ති: පියවචනං -පෙ- අජිතොති: තස්ස බ්රාහ්මණස්ස නාමං -පෙ- අභිලාපොති ‘ඉච්චායස්මා අජිතො’.
Sinhala BJTඉච්චායස්මා අජිතො යන්නෙහි ‘ඉච්ච’ යනු පදසන්ධි යැ ... තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යැ. ආයස්මා යනු: ප්‍රියවචන යැ ... අජිතො යනු ඒ බමුණාගේ නම යැ ... අභිලාපය වේ නුයි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.
Pali BJTසොතානං කිං නිවාරණන්ති- සොතානං කිං ආවරණං නීවරණං සංවරණං රක්ඛණං ගොපනන්ති “සොතානං කිං නිවාරණං”
Sinhala BJTසෝතානං කිං නිවාරණං යනු: ස්‍රොතසූන්ට කිමෙක් ආවරණ (ඇවිරීම) යැ නීවරණ (වැසීම) යැ සංවරණ යැ රක්ෂණ යැ ගෝපන යැ නුයි ‘සෝතානං කිං නිවාරණං’ යනු වේ.
Pali BJTසොතානං සංවරං බ්රූහීති සොතානං ආවරණං නීවරණං සංවරණං රක්ඛණං ගොපනං බ්රූහි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති “සොතානං සංවරං බ්රූහි.” කෙන සොතා පිථියරෙති කෙන සොතා පිථීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්තීති “කෙන සොතා පිථියරෙ.”
Sinhala BJTසෝතානං සංවරං බ්‍රෑහි යනු: ආවරණය නීවරණය සංවරණය රක්‍ෂණය ගෝපනය, බ්‍රෑහි- වදාළ මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ තළ මැනැව නුයි ‘සෝතානං සංවරං බ්‍රෑහි’ යනු වේ. කෙන සෝතා පිථියරෙ යනු: කිමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද පසිඳනු ලැබෙත් ද නො වැගිරෙත් ද යට බලා නො යෙත් ද නොගලත් ද පුනපුනා නො පවතිත් දැයි ‘කෙන සෝතා පිථියරෙ’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJTසවන්ති සබ්බධි සොතා (ඉච්චායස්මා අජිතො) සොතානං කිං නිවාරණං සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථීයරෙති.
Sinhala BJT“සවන්ති සබ්බධි සෝතා -පෙ- කෙන සෝතා පිථියරෙ” යි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTයානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථීයරෙ.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: අජිතය) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද ස්මෘතිය ඔවුනට ආවරණය වෙයි. (එ මැ ස්මෘතිය) ස්‍රෝතසුන් ගේ සංවරය යි කියමි, (මාර්‍ග) ප්‍රඥාව විසින් තුලුහු පියනු (පසිඳනු) ලැබෙත්.
Pali BJTයානි සොතානි ලොකස්මින්ති: යානි එතානි සොතානි මයා කිත්තිතානි පකිත්තිතානි ආචික්ඛිතානි දෙසිතානි පඤ්ඤාපිතානි පට්ඨපිතානි විවරිතානි විභජිතානි උත්තානීකතානි පකාසිතානි, සෙය්යථීදං: තණ්හාසොතො දිට්ඨිසොතො කිලෙසසොතො දුච්චරිතසොතො අවිජ්ජාසොතො, ලොකස්මින්ති-අපායලොකෙ මනුස්සලොකෙ දෙවලොකෙ ඛන්ධලොකෙ ධාතුලොකෙ ආයතනලොකෙති “යානි සොතානි ලොකස්මිං”. අජිතාති භගවා: තං බ්රාහ්මණං නාමෙන ආලපති.
Sinhala BJTයානි සෝතානි ලෝකස්මිං යනු: තෙල යම් ස්‍රෝතස් කෙනෙක් මා විසින් කීර්‍තනය කරන ලද්දාහු ප්‍රකීර්තනය කරන ලද්දාහු කියන ලද්දාහු දෙසන ලද්දාහු පනවන ලද්දාහු පිහිටුවන ලද්දාහු විවෘත කරන ලද්දාහු විභාග කරන ලද්දාහු නො ගැඹුරු කරන ලද්දාහු ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ කෙසේ යැ යත්: තෘෂ්ණා ස්‍රොතස යැ දෘෂ්ටි ස්‍රොතස යැ ක්ලේශස්‍රොතස යැ දුශ්චරිතස්‍රොතස යැ අවිද්‍යා ස්‍රොතස යි. ලෝකස්මිං යනු අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දිව්‍යලෝකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘යානි සෝතානි ලෝකස්මිං’ යනු වේ. අජිත යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති.
Pali BJTසති තෙසං නිවාරණන්ති: සතී ති යා සති අනුස්සති පතිස්සති සති සරණතා{1} ධාරණතා අපිලාපනතා අසම්මුස්සනතා{2} සති සතින්ද්රියං සතිබලං සම්මාසති සතිසම්බොජ්ඣඞ්ගො එකායනො මග්ගො, අයං වුච්චති සති. නිවාරණන්ති ආවරණං නීවරණං සංවරණං රක්ඛණං ගොපනන්ති “සති තෙසං නිවාරණං”.
Sinhala BJTසති තෙසං නිවාරණං යන්නෙහි- සති යනු: යම් සිහියෙක් පුනපුනා සිහි කිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන බවෙක් ධරන බවෙක් (අරමුණෙහි) බැසගන්නා බවෙක් විස්මෘත නො කරන බවෙක් ස්මෘතියෙක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්ගයෙක් වේ ද මේ ‘ස්මෘති’ යයි කියනු ලැබේ. නිවාරණං යනු: ආවරණ යැ නීවරණ යැ සංවරණ යැ රක්ෂණ යැ ගෝපන යැ නුයි “සති තෙසං නිවාරණං” යනු වේ.
Pali BJTසොතානං සංවරං බ්රූමීති: සොතානං ආවරණං නීවරණං සංවරණං රක්ඛණං ගොපනං, බ්රූමි ආචික්ඛාමි -පෙ- උත්තානීකරොමි පකාසෙමීති “සොතානං සංවරං බ්රූමි”
Sinhala BJTසෝතානං සංවරං බ්‍රෑමි යනු: ස්‍රෝතසුන්ගේ ආවරණය නීවරණය සංවරණය රක්‍ෂණය ගෝපන යි, බ්‍රෑමි: කියමි ... නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘සෝතානං සංවරං බ්‍රෑමි’ යනු වේ.
Pali BJTපඤ්ඤායෙතෙ පිථියරෙති: “පඤ්ඤා”ති යා පඤ්ඤා පජානනා අමොහො ධම්මවිචයො -පෙ- සම්මාදිට්ඨි. පඤ්ඤායෙතෙ පිථියරෙති: පඤ්ඤාය එතෙ සොතා පිථීයන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJTපඤ්ඤායෙතෙ පිථියරෙ යන්නෙහි: ‘පඤ්ඤා’ යනු යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් අමෝහයෙක් දහම් විමසීමෙක් ... සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. පඤ්ඤායෙතෙ පිථියරෙ යනු: ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු (වසනු) ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJT“සබ්බෙ සංඛාරා අනිච්චා”ති ජානතො පස්සතො පඤ්ඤාය එතෙ සොතා{3} පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. “සබ්බෙ සඞ්ඛාරා අනත්තා”ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJT‘හැම සංස්කාරයෝ අනිත්‍යහ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු වසනු ලැබෙති. පසිඳිති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නොපවතිත්. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්. ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුන පුනා නො පවතිත්.
Pali BJT“අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති. “සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ”න්ති -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති -පෙ- නාමරූපපච්චයා සලායතනන්ති -පෙ- සලායතනපච්චයා ඵස්සො’ති -පෙ- ඵස්සපච්චයා වෙදනා’ති -පෙ- වෙදනාපච්චයා තණ්හා’ති -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති -පෙ- උපාදානපච්චයා භවො’ති -පෙ- භවපච්චයා ජාතී’ති -පෙ- ජාතිපච්චයා ජරාමරණන්ති -පෙ- ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJT‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නොවැගිරෙති යට බලා නොයෙති නො ගලති පුනපුනා නො පවතිත්. ‘සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ’ යයි ... ‘විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වේ’ යයි ... “නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වේ” යයි ... ‘ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වේ’ යයි ... ‘ස්පර්ශප්‍රත්‍යයෙන් වේදනාව වේ’ යයි ... වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ’ යයි ... ‘තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වේ’ යයි... “උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ’ යයි ... “භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ’ යයි ... ‘ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යයි’ දන්නහු ගේ දක්නහු ගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නොවැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJTඅවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති -පෙ- සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො’ති -පෙ- විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො’ති -පෙ- නාමරූපනිරොධා සලායතනනිරොධො’ති -පෙ- සලායතනනිරොධා ඵස්සනිරොධො’ති -පෙ- ඵස්සනිරොධා වෙදනානිරොධො’ති -පෙ- වෙදනානිරොධා තණ්හානිරොධො’ති -පෙ- තණ්හානිරොධා උපාදානනිරොධො’ති -පෙ- උපාදානනිරොධා භවනිරොධො’ති -පෙ- භවනිරොධා ජාතිනිරොධො’ති -පෙ- ජාතිනිරොධා ජරාමරණනිරොධො’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJT‘අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ’ යයි ... ‘සංස්කාර නිරෝධයෙන් විඥානනිරෝධය වේ’ යයි ... විඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ’ යයි ... ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ’ යයි ... ‘ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ’ යයි ... ‘ස්පර්‍ශ නිරෝධයෙන් වේදනානිරෝධය වේ, යයි ... ‘වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වේ යයි ... ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ’ යයි ... ‘උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ’ යයි ... භව නිරෝධයෙන් ජාතිනිරොධය වේ’ යයි ... ‘ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ’ යයි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJTඉදං දුක්ඛන්ති -පෙ- අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJT‘මේ දුකැ’ යි ... ‘මේ දුඃඛසමුදයැ’ යි ...‘මේ දුඃඛනිරෝධයැ’ යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා’ යි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJTඉමෙ{1} ආසවා’ති -පෙ- අයං ආසවසමුදයො’ති -පෙ- අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනීපටිපදා’ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJT‘මොහු ආස්‍රවය’ යි ... ‘මේ ආස්‍රව සමුදය’ යි ... ‘මේ ආස්‍රවනිරොධය’ යි ... ‘මේ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදා’ යි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJTඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති -පෙ- ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති -පෙ- ඉමෙ ධම්මා පහාතබ්බාති -පෙ- ඉමෙ ධම්මා භාවෙතබ්බාති, -පෙ- ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බාති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJT‘මේ ධර්‍මයෝ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්තාහ’ යි ... ‘මේ ධර්‍මයෝ සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දතයුත්තාහ’ යි ... ‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යහ’ යි ... ‘මේ ධර්‍මයෝ භාවිතව්‍යහ’ යි ... ‘මේ ධර්‍මයෝ සාක්‍ෂාත් කර්තව්‍යහ’ යි දන්නහු ගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJTඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්ති.
Sinhala BJTෂඩ්විධ ස්පර්‍ශායතනයන්ගේ සමුදය (ප්‍රත්‍යය) ද අස්තගමන ද අනුසසුදු දොසුදු නිර්ගමනදු දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙති පසිඳිනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත්.
Pali BJTපඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච ජානතො පස්සතො -පෙ- චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච ජානතො පස්සතො -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති ජානතො පස්සතො පඤ්ඤායෙතෙ සොතා පිථියන්ති පච්ඡිජ්ජන්ති න සවන්ති න ආසවන්ති න සන්දන්ති නප්පවත්තන්තීති. “පඤ්ඤායෙතෙ පිථියරෙ”
Sinhala BJTපඤ්ච උපාදානස්කන්‍ධයන්ගේ සමුදය ද අස්තගමන ද අනුසසුදු දොසුදු නිර්ගමන දු දන්නහුගේ දක්නහුගේ...සතර මහාභූතයන්ගේ සමුදය ද අස්තගමන ද අනුසසුදු දොසුදු නිර්ගමන දු දන්නහුගේ දක්නහුගේ ... සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් වේ නම් එහැම නිරෝධස්වභාවය ඇත්තේ යයි දන්නහුගේ දක්නහුගේ ප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු පිසනු ලැබෙති පසිඳිනු ලැබෙති නො වැගිරෙති යට බලා නො යෙති නො ගලති පුනපුනා නො පවතිත් නුයි “පඤ්ඤායෙතෙ පිථියරෙ” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථීයරෙ”ති.
Sinhala BJT“යානි සෝතානි ලෝකස්මිං -පෙ- පඤ්ඤායෙතෙ පිථියරෙ” යී.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJTපඤ්ඤා චෙව සතී චාපි (ඉච්චායස්මා අජිතො). නාමරූපඤ්ච මාරිස එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙතං උපරුජ්ඣති.
Sinhala BJT(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන සියල්ල කොහි නිරුද්ධ වේ ද?නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනැව.
Pali BJTපඤ්ඤාචෙව සතීචාපීති: පඤ්ඤා’ති යා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපරික්ඛා භූරී මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො{1} පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. සතීති යා සති අනුස්සති -පෙ- සම්මාසතීති “පඤ්ඤා චෙව සතී චාපි”. ඉච්චායස්මා අජිතො. -පෙ- අභිලාපො’ති ඉච්චායස්මා අජිතො’
Sinhala BJTපඤ්ඤා චෙව සතීචාපි යන්නෙහි ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් (අනිත්‍යාදීන් පිරික්සන) උපපරීක්‍ෂායෙක් (පෘථිවිය වැනි හෙයින්) භූරීප්‍රඥායෙක් (කෙලෙසුන් නසන) මේධායෙක් (සම්ප්‍රයුක්තධර්මයන් මෙහෙයන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග් ඥානයෙක් (සිත වීථියට නඟන) පතෝද ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලොකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. සති යනු: යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ දැ’ යි “පඤ්ඤා චෙව සතී චාපි” යනු වේ. ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.
Pali BJTනාමරූපඤ්ච මාරිසාති ‘නාම’න්ති චත්තාරො අරූපිනො ඛන්ධා. “රූපන්ති චත්තාරො ච මහාභූතා චතුන්නං ච මහාභූතානං{2} උපාදායරූපං ‘මාරිසා’ති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘මාරිසාති’. “නාමරූපං ච මාරිස”.
Sinhala BJTනාමරූපඤ්ච මාරිස යන්නෙහි: “නාමං” යනු: සතර අරූප ස්කන්‍ධයෝ යැ, රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙක් නුයි “නාමරූපඤ්ච මාරිස” යනු වේ.
Pali BJTඑතං මෙ පුට්ඨො පබ්රූහීති ‘එතං මෙ’ති යං පුච්ඡාමි යං යාචාමි{1} යං අජ්ඣෙසාමි යං පසාදෙමි. පුට්ඨොති පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. පබ්රූහීති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤාපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති. “එතං මෙ පුට්ඨො පබ්රූහි”.
Sinhala BJTඑතං මෙ පුට්ඨො පබ්‍රෑහි යනු: “එතං මෙ” යනු යමක් පුළුවුසීම් ද යමක් අයදීම් ද යමක් අධ්‍යෙෂණ කෙරෙම් ද යම් කරුණකට පහදවම් ද (තෙල කරුණ) පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, (මුඹ වහන්සේ) පබ්‍රෑහි යනු: කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව යි “එතං මෙ පුට්ඨො පබ්‍රෑහි” යනු වේ.
Pali BJTකත්ථෙතං උපරුජ්ඣතීති කත්ථෙතං නිරුජ්ඣති වූපසම්මති අත්ථංගච්ඡති පටිප්පස්සම්භතීති “කත්ථෙතං උපරුජ්ඣති”
Sinhala BJTකත්‍ථේතං උපරුජ්ඣති යනු: තෙල නාමරූපය කොහි නිරුද්ධ වේ ද නිවේ ද අභාවයට යේ ද සන්හිඳේ දැ යි “කත්‍ථේතං උපරුජ්ඣති”යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT“පඤ්ඤාචෙව සතී චාපි (ඉච්චායස්මා අජිතො) නාමරූපඤ්ච මාරිස එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙතං උපරුජ්ඣතී”ති.
Sinhala BJT“පඤ්ඤා චෙව සතී චාපි -පෙ- කත්‍ථේතං උපරුජ්ඣති” යි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJTයමෙතං පඤ්හං අපුච්ඡි-අජිත, තං වදාමි තෙ යත්ථ නාමං ච රූපං ච-අසෙසං උපරුජ්ඣති විඤ්ඤාණස්ස නිරොධෙන-එත්ථෙතං උපරුජ්ඣති.
Sinhala BJTඅජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද (පශ්චිම) විඥානයා ගේ නිරෝධය හා මැ (පෙරපසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
Pali BJTයමෙතං පඤ්හං අපුච්ඡීති - යමෙතන්ති පඤ්ඤඤ්ච සතිඤ්ච නාමරූපඤ්ච. අපුච්ඡීති අපුච්ඡසි අයාචසි{2} අජ්ඣෙසසි{3} පසාදෙසීති. “යමෙතං පඤ්හං අපුච්ඡි”,
Sinhala BJTයමෙතං පඤ්හං අපුච්ජි යනුයෙහි: “යමෙතං” යනු ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, අපුච්ජි යනු විචාළ වු අයැදියවු අධ්‍යෙෂණ කළ වු පැහැදවූවහු නු යි “යමෙතං පඤ්හං අපුච්ජි” යනු වේ.
Pali BJTඅජිත තං වදාමි තෙ’ති “අජිතා”ති භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති. තන්ති පඤ්ඤඤ්ච සතිඤ්ච නාමරූපඤ්ච. වදාමීති වදාමි-ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති. “අජිත තං වදාමි තෙ”.
Sinhala BJTඅජිත තං වදාමි තෙ යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. තං යනු: ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද, වදාමි යනු කියමි පවසමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමි නුයි “අජිත තං වදාමි තෙ” යනු වේ.
Pali BJTයත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣතීති “නාමන්ති”: චත්තාරො අරූපිනො ඛන්ධා, රූපන්ති: චත්තාරො ච මහාභූතා චතුන්නං ච මහාභූතානං උපාදායරූපං. අසෙසන්ති සබ්බෙන සබ්බං සබ්බථා{4} සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං “අසෙසන්ති. උපරුජ්ඣතීති නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පස්සම්භතීති “යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති”.
Sinhala BJTයත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති යනු: “නාමං” යනු සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, අසෙසං යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල ‘අසෙසං’ යනු. උපරුජ්ඣති යනු නිරුද්ධ වෙයි නිවෙයි අභාවයට යෙයි සන්හිඳේ නුයි “යත්‍ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනු වේ.
Pali BJTවිඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣතීති: සොතාපත්තිමග්ගඤාණෙන අභිසංඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන සත්ත භවෙ ඨපෙත්වා අනමතග්ගෙ සංසාරෙ යෙ උප්පජ්ජෙය්යුං{1} නාමං ච රූපං ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති, සකදාගාමිමග්ගඤාණෙන අභිසංඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන ද්වෙ භවෙ ඨපෙත්වා පඤ්චසු භවෙසු යෙ උප්පජ්ජෙය්යුං නාමං ච රූපං ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. අනාගාමිමග්ගඤාණෙන අභිසංඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන එකං භවං{2} රූපධාතුයා වා අරූපධාතුයා වා යෙ උප්පජ්ජෙය්යුං නාමං ච රූපං ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. අරහත්තමග්ගඤාණෙන අභිසංඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන යෙ උප්පජ්ජෙය්යුං නාමං ච රූපං ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. අරහතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්තස්ස චරිමවිඤ්ඤාණස්ස නිරොධෙන පඤ්ඤා ච සති ච නාමං ච රූපං ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසම්මන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්තීති ‘විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති’
Sinhala BJTවිඤ්ඤාණස්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ්ඣති යනු: සෝවන් මඟනැණින් අභිසංස්කාරවිඥානය (කුශලාකුශලසම්ප්‍රයුක්ත චිත්තයා) ගේ (අභව්‍යොත්පත්ති විසින්) නිරුද්ධ වීමෙන් සප්ත භවයන් තබා අනවරාග්‍ර සංසාරවෘත්තයෙහි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල සෝවන් මාර්‍ගයෙහි තෙල නාම රූපධර්මයෝ (අභව්‍යොත්පත්ති විසින්) නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. සෙදගැමිමඟනැණින් අභිසංස්කාරවිඥානයාගේ නිරුද්ධ වීමෙන් භව දෙකක් තබා පඤ්චභවයන්හි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල සෙදගැමි මාර්‍ගයෙහි තෙල නිමරූපධර්මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. අනගැමි මඟනැණින් අභිසංස්කාර විඥානයාගේ නිරුද්ධ වීමෙන් එක් භවයක් තබා රූපධාතු යෙහි වේව යි අරූපධාතුයෙහි වේවයි නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල අනගැමි මාර්‍ගයෙහි තෙල නාමරූපධර්මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. රහත් මඟනැණින් අභිසංස්කාර විඥානය නිරුද්ධ වීමෙන් නාමය ද රූපය ද යන යම් ධර්‍ම කෙනෙක් උපදනාහු නම් තෙල රහත් මාර්‍ගයෙහි තෙල නාමරූප ධර්‍මයෝ නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත්. අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන රහත්හුගේ පශ්චිම විඥානයාගේ (ච්‍යුති චිත්තයාගේ) නිරෝධයෙන් ප්‍රඥාව ද ස්මෘතිය ද නාමය ද රූපය ද යන තෙල ධර්‍මයෝ තෙල අර්‍හන්මාර්‍ගයෙහි නිරුද්ධ වෙති නිවෙති අභාවයට යෙති සන්හිඳෙත් නුයි “විඤ්ඤාණස්ස නිරොධෙන එත්‍ථෙතං උපරුජ්ඣති” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTයමෙතං පඤ්හං අපුච්ඡි-අජිත තං වදාමි තෙ යත්ථ නාමඤ්ච රූපඤ්ච-අසෙසං උපරුජ්ඣති විඤ්ඤාණස්ස නිරොධෙන-එත්ථෙතං උපරුජ්ඣතීති.
Sinhala BJT“යමෙතං පඤ්හං අපුච්ඡි -පෙ- එත්‍ථෙතං උපරුජ්ඣති” යී.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJTයෙ ච සඞ්ඛාතධම්මා{1} සෙ-යෙ ච සෙඛා පුථූ ඉධ තෙසං මෙ නිපකො ඉරියං-පුට්ඨො පබ්රූහි මාරිස.
Sinhala BJTනිදුකාණෙනි,මෙ ලොවැ (අනිත්‍යාදි විසින්) විමසන ලද ධර්‍ම ඇති යම් (රහත්) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මට වදාළ මැනැව.
Pali BJTයෙ ච සඞ්ඛාතධම්මා සෙ’ති: “සඞ්ඛාතධම්මා” වුච්චන්ති අරහන්තො ඛීණාසවා, කිංකාරණා සඞ්ඛාතධම්මා{1} වුච්චන්ති අරහන්තො ඛීණාසවා. තෙ සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති සඞ්ඛාතධම්මා -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති සඞ්ඛාතධම්මා -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති සඞ්ඛාතධම්මා -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා. අථ වා තෙසං ඛන්ධා සඞ්ඛතා ධාතුයො සඞ්ඛාතා ආයතනානි සඞ්ඛාතානි{2} ගතියො සඞ්ඛාතා උප්පත්තියො සඞ්ඛාතා පටිසන්ධි සඞ්ඛාතා භවා සඞ්ඛාතා සංසාරා සඞ්ඛාතා වට්ටා සඞ්ඛාතා{3} අථවා තෙ ඛන්ධපරියන්තෙ ඨිතා ධාතුපරියන්තෙ ඨිතා ආයතනපරියන්තෙ ඨිතා ගතිපරියන්තෙ ඨිතා උප්පත්තිපරියන්තෙ ඨිතා පටිසන්ධිපරියන්තෙ ඨිතා භවපරියන්තෙ ඨිතා සංසාරපරියන්තෙ ඨිතා වට්ටපරියන්තෙ ඨිතා අන්තිමෙ භවෙ ඨිතා අන්තිමෙ සමුස්සයෙ ඨිතා අන්තිමදෙහධරා අරහන්තො.
Sinhala BJTයෙ ව සඞ්ඛාතධම්මා සෙ යනු: “සඞ්ඛාතධම්මා” යි (අනිත්‍යාදි විසින් විමසූ දහම් ඇති) අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ කියනු ලැබෙති. කවර කරුණින් අර්‍හත් ක්ෂීණාස්‍රවයෝ “සඞ්ඛ්‍යාතධර්‍ම” යි කියනු ලැබෙත් ද යත්: ඔහු විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්‍රකට කළ දහම් ඇතියහ, විභාවනය කරන ලද දහම් ඇතියහ, “හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්‍රකට කළ දහම් ඇතියහ, විභාවන කරන ලද දහම් ඇතියහ. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්’ යයි විමසූ දහම් ඇතියහ ... ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇත්තේ යැ’ යි විමසූ දහම් දන්නා ලද දහම් තුලනය කරන ලද දහම් තීරණය කරන ලද දහම් ප්‍රකට කරන ලද දහම් විභාවනය කරනලද දහම් ඇතියහ, නොහොත් ඔවුන් විසින් ස්කන්‍ධයෝ ප්‍රකාශ කරන ලදහ, ධාතූහු ප්‍රකාශ කරන ලදහ, ආයතනයෝ ප්‍රකාශ කරන ලදහ, ගතීහු ප්‍රකාශ කරන ලදහ, උත්පත්තීහු ප්‍රකාශ කරන ලදහ, ප්‍රතිසන්ධිය ප්‍රකාශ කරන ලද යැ, භවයෝ ප්‍රකාශ කරන ලදහ, සංසාරයෝ ප්‍රකාශ කරන ලදහ, වෘත්තයෝ ප්‍රකාශ කරන ලදහ, නොහොත් ඔහු ස්කන්ධපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතු පර්‍ය්‍යන්තයෙහි- ආයතන පර්‍ය්‍යන්තයෙහි- ගතිපර්‍ය්‍යන්තයෙහි- උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි- ප්‍රතිසන්ධි පර්‍ය්‍යන්තයෙහි- භව පර්‍ය්‍යන්තයෙහි-සංසාර පර්‍ය්‍යන්තයෙහි- වෘත්ත පර්‍ය්‍යන්තයෙහි- අන්තිමභවයෙ හි- අන්තිම ශරීරයෙහි සිටියහ, රහත් හු අන්ති ම දෙහධරයෝ යි.
Pali BJT1. ‘තෙසා’යං{4} පච්ඡිමකොටි{5} චරිමො’යං සමුස්සයො ජාතිමරණසංසාරො නත්ථි තෙසං පුනබ්භවො’ති.
Sinhala BJT1. “ඔවුන්ගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි, මේ පශ්චිම ශරීරය යි, ජාතිමරණ සංසාරය, පුනර්‍භවය ඔවුනට නැතැ’ යි”.
Pali BJTතං කාරණා සඞ්ඛාතධම්මා වුච්චන්ති අරහන්තො ඛීණාසවාති. ‘යෙ ච සඞ්ඛාතධම්මා සෙ’.
Sinhala BJTඑ කරුණින් අර්‍හත් ක්ෂීණාස්‍රයෝ ‘සඞ්ඛ්‍යාතධර්ම’ යි කියනු ලැබෙති ‘යෙ ච සඞ්ඛාතධම්මාසෙ’ යනු වේ.
Pali BJTයෙ ච සෙඛා පුථු ඉධාති: සෙඛාති කිං කාරණා වුච්චන්ති සෙඛා සික්ඛන්තීති සෙඛා. කිඤ්ච සික්ඛන්ති: අධිසීලම්පි සික්ඛන්ති අධිචිත්තම්පි සික්ඛන්ති අධිපඤ්ඤම්පි සික්ඛන්ති. කතමා අධිසීලසික්ඛා: ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඛුද්දකො’පි සීලක්ඛන්ධො{1} මහන්තො’පි සීලක්ඛන්ධො{2} සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා.
Sinhala BJTයෙ ච සෙඛා පුථූ ඉධ යනු: ‘සෙඛා’ යි කවර කරුණින් ‘ශෛක්‍ෂයෝ’ යි කියනු ලැබෙති යත්: හික්මෙත් (ශික්ෂාගනිත්) නුයි ශෛක්‍ෂ නම් වෙත්. කුමක් හික්මෙති යත්. අධිශීලය (අධිශීලයෙහි) ද හික්මෙති, අධිචිත්තය ද හික්මෙති, අධිප්‍රඥාව ද හික්මෙත්. අධිශීලක්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සමන්‍වාගත වූයේ ආචාර ගෝචර සම්පන්න වැ අල්පමාත්‍ර වූ අකුශල ධර්‍මයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, (ඒ ඒ ශික්‍ෂාපදය) මනාකොට ගෙන (සමාදන් වැ) ශික්‍ෂා කොට්ඨාසයෙහි හික්මෙයි, ක්ෂුද්‍ර වූ ශීලස්කන්‍ධය ද මහත් වූ ශීලස්කන්‍ධය ද ශීල යැ කුශල ධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ මුඛ (ප්‍රධාන) යැ ප්‍රමුඛ යි. මේ ‘අධිශීලශික්‍ෂා’ යි.
Pali BJTකතමා අධිචිත්තසික්ඛා: ඉධ භික්ඛු විවිච්චෙවකාමෙහි -පෙ- පඨමං ඣානං-දුතියං ඣානං- තතියං ඣානං-චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා.
Sinhala BJTඅධිචිත්තශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරේ. මේ අධිචිත්තශික්ෂා යි.
Pali BJTකතමා අධිපඤ්ඤාසික්ඛා: ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති -පෙ- අයං ආසවසමුදයො’ති -පෙ- අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTඅධිප්‍රඥාශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ උදයව්‍යය ගාමිනී වූ ආර්‍ය (නිර්දෝෂ) වූ නිර්වේද පක්‍ෂයෙහි වූ මනාසේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්‍ණ වූයේ ප්‍රඥාවත් වෙයි, හෙතෙම ‘මේ දුකැ’ යි තතු සේ දැනගනියි. මේ ‘දුක්සමුදය’ යි ... මේ දුක්නිරොධ යයි ... මේ ‘දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මොහු ‘ආස්‍රවයහ’ යි ... මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරොධ’ යි ... මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මේ අධිප්‍රඥාශික්ෂා යි.
Pali BJTඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්ති සික්ඛන්ති, ජානන්තා සික්ඛන්ති, පස්සන්තා සික්ඛන්ති, පච්චවෙක්ඛන්තා සික්ඛන්ති චිත්තං අධිට්ඨහන්තා සික්ඛන්ති, සද්ධාය අධිමුච්චන්තා සික්ඛන්ති, විරියං පග්ගණ්හන්තා සික්ඛන්ති, සතිං උපට්ඨපෙන්තා සික්ඛන්ති, චිත්තං සමාදහන්තා සික්ඛන්ති, පඤ්ඤාය පජානන්තා සික්ඛන්ති, අභිඤ්ඤෙය්යං අභිජානන්තා සික්ඛන්ති, පරිඤ්ඤෙය්යං පරිජානන්තා සික්ඛන්ති, පහාතබ්බං පජහන්තා සික්ඛන්ති, භාවෙතබ්බං භාවෙන්තා සික්ඛන්ති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තා{3} සික්ඛන්ති, ආචරන්ති සමාචරන්ති සමාදාය වත්තන්ති. තංකාරණා වුච්චන්ති සෙඛා.{4}
Sinhala BJTමේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙති, දනිමින් හික්මෙති දකිමින් හික්මෙති, ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් හික්මෙති, සිත පිහිටුවමින් හික්මෙති, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙති, වීර්‍ය්‍යය දැඩි වැ ගනිමින් හික්මෙති, සිහි එළවමින් හික්මෙති, සිත එකඟ කෙරෙමින් හික්මෙති, ප්‍රඥායෙන් දැනගනිමින් හික්මෙති, ස්වභාව ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, සාමාන්‍ය ලක්ෂණවබොධයෙන් දතයුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, හළයුතු සමුදය හැරපියමින් හික්මෙති, වැඩියයුතු මඟ වඩමින් හික්මෙති, පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙති, හැසිරෙති, මොනොවට හැසිරෙති, මොනොවට ගෙන පවතිත්. එකරුණින් ‘ශෛක්‍ෂහ’ යි කියනු ලැබෙත්.
Pali BJTපුථූති: බහුකා. එතෙ සෙඛා සොතාපන්නා ච පටිපන්නා ච සකාදාගාමිනො ච පටිපන්නා ච අනාගාමිනො ච පටිපන්නා ච අරහන්තො ච පටිපන්නා ච.
Sinhala BJTපුථූ යනු: බොහෝ වූ තෙල ශෛක්‍ෂයෝ සෝවන්හු ද එමඟට පිළිපන්හු ද සෙදගැමිහු ද එමඟට පිළිපන්හු ද අනගැමිහු ද එමඟට පිළිපන්හු ද රහත්මඟට පැමිණියාහු ද එමඟට පිළිපන්හු ද,
Pali BJTඉධා’ති: ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙ’ති. “යෙ ච සෙඛා පුථූ ඉධ”.
Sinhala BJTඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ අත්බව්හි මේ මිනිස්ලොවැ නුයි ‘යෙ ච සෙඛා පුථූ ඉධ’ යනු වේ.
Pali BJTතෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසාති ත්වං හි{1} නිපකො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. තෙසං සඞ්ඛාතධම්මානං ච සෙඛානං ච. ඉරියං’ති: චරියං වුත්තිං පවත්තිං ආචාරං ගොචරං විහාරං පටිපදං පුට්ඨො’ති: පුච්ඡිතො{1} යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. පබ්රූහීති බ්රූහි{2} ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසාති. “තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිස”
Sinhala BJTතෙසං මේ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස යනු: යම් හෙයකින් මුඹ වහන්සේ නිපුණ ද පණ්ඩිත ද පැනැති සේක් ද බුද්ධිමත් සේක් ද නැණැති සේක් ද ගූඪාර්ථ ප්‍රකට කොට දන්නාසේක් ද තුලිතඥාන ඇති සේක් ද (එහෙයින්) තෙසං: ඒ රහතුන්ගේ ද ශෛක්‍ෂයන්ගේ ද ඉරියං යනු: චර්‍ය්‍යාව වෘත්තිය පැවැත්ම ආචාරය ගෝචරය විහරණය ප්‍රතිපදාව, පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, පබ්‍රෑහි යනු කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ, තෙල මාරිස යනු සප්‍රතිශ්‍රයට නමෙක් නුයි, ‘තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බමුණු:
Pali BJT‘යෙ ච සඞ්ඛාතධම්මා සෙ-යෙ ච සෙඛා පුථූ ඉධ තෙසං මෙ නිපකො ඉරියං-පුට්ඨො පබ්රූහි මාරිසා’ති.
Sinhala BJT“යෙ ච සඞ්ඛාතධම්මා සෙ -පෙ- පුට්ඨො පබ්‍රෑහි මාරිස” යි.
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJT“කාමෙසු නාභිගිජ්ඣෙය්ය-මනසා නාවිලො සියා කුසලො සබ්බධම්මානං-සතො භික්ඛු පරිබ්බජෙ.”
Sinhala BJTකාමයෙහි ගිජු නො වන්නේ යැ සිතින් නො කැළඹුණෙක් වන්නේ යැ සියලු දහම්හි දක්‍ෂ වූ මහණ තෙම ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.
Pali BJTකාමෙසු නාභිගිජ්ඣෙය්යාති: ‘කාමා’ති උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙස කාමා ච. කතමෙ වත්ථුකාමා: මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරනං ච යං කිඤ්චි රජනීයං වත්ථු, වත්ථුකාමා.
Sinhala BJTකාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු: ‘කාමා’ යි විස්තර විසින් වස්තුකාමයෝ යැ ක්ලේශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තු කාමයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මනවඩන ශබ්දයෝ යැ මන වඩන ගන්‍ධයෝ යැ මනවඩන රසයෝ යැ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසි දස්හු යැ එළු බැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹහු යැ කෙත් යැ වතු යැ කහවණු යැ රන් යැ ගම් නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගෙ යැ යම් කිසි ඇලුම් කටයුතු වස්තු යැ (යන) මොහු වස්තුකාමයෝ යැ.
Pali BJTඅපි ච අතීතා කාමා අනාගතා කාමා පච්චුප්පන්නා කාමා අජ්ඣත්තා කාමා බහිද්ධා කාමා අජ්ඣත්තබහිද්ධා කාමා හීනා කාමා මජ්ඣිමා කාමා පණීතා කාමා ආපායිකා කාමා මානුසිකා කාමා දිබ්බා කාමා පච්චුපට්ඨිතා කාමා නිම්මිතා කාමා පරනිම්මිතා කාමා අනිම්මිතා කාමා පරිග්ගහිතා කාමා අපරිග්ගහිතා කාමා මමායිතා{3} කාමා අමමායිතා{4} කාමා සබ්බෙපි කාමාවචරා ධම්මා සබ්බෙපි රූපාවචරා ධම්මා සබ්බෙපි අරූපාවචරා ධම්මා තණ්හාවත්ථුකා තණ්හාරම්මණා කමනීයට්ඨෙන රජනීයට්ඨෙන මදනීයට්ඨෙන{*} කාමා. ඉමෙ වුච්චන්ති වත්ථුකාමා.
Sinhala BJTතවද, අතීත කාමයෝ යැ අනාගත කාමයෝ යැ වර්තමානකාමයෝ යැ අධ්‍යාත්ම කාමයෝ යැ බාහ්‍ය කාමයෝ යැ අධ්‍යාත්මබාහ්‍ය කාමයෝ යැ හීන කාමයෝ යැ මධ්‍යම කාමයෝ යැ ප්‍රණීත කාමයෝ යැ සතර අපායෙහි වූ කාමයෝ යැ මිනිස් ලොවැ වූ කාමයෝ යැ දෙව්ලොවැ වූ කාමයෝ යැ එළඹ සිටි කාමයෝ යැ (අරමුණු මවා රමණය කරන) නිර්මිත කාමයෝ යැ පරනිර්මිත කාමයෝ යැ අනිර්මිත (පියවින් පිළියෙල වූ) කාමයෝ යැ (මේ මාගේ යැයි) පිළිගත් කාමයෝ යැ (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ සියලු මැ කාමාවචර ධර්‍මයෝ යැ සියලු මැ රූපාවචර ධර්‍මයෝ යැ සියලු මැ අරූපාවචර ධර්‍මයෝ යැ තෘෂ්ණාවට කරුණු වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්‍මයෝ) ප්‍රාර්‍ත්‍ථනා කළයුතු අර්‍ත්‍ථයෙන් ඇලීමට යොග්‍යාර්ත්ථ යෙන් (කුලමදාදි) මද ඉපැදවියයුතු අර්‍ත්‍ථයෙන් කාමයෝ යි, මොහු වස්තුතාමයෝ යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ කිලෙසකාමා: ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො, යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපිපාසා කාමපරිළාහො කාමගෙධො කාමමුච්ඡා කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං.
Sinhala BJTක්ලේශකාමයෝ කවරහ යත්: ඡන්‍දය කාම යැ රාගය කාම යැ ඡන්‍දරාගය කාම යැ සංකල්පය කාම යැ රාගය කාම යැ සංකල්පරාගය කාම යැ පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමගෙධයෙක් (කාමයෙහි ගිජු බවෙක්) කාමමූර්ඡායෙක් කාමයන්හි ඇතුළු වීමෙක් කාමසඞ්ඛ්‍යාත ඕඝයෙක් කාමයෝගයෙක් කාමෝපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද.
Pali BJT2. අද්දසං කාම, තෙ මූලං-සංකප්පා කාම, ජායසි න තං සංකප්පයිස්සාමි-එවං කාම, න හෙහිසී ති.
Sinhala BJT2. කාමය, තා ගේ මුල දිටිමි, තෝ සංකල්පය හේතු කොට ගෙන උපදනෙහි, (දැන් මම) තා නො පතමි, කාමය මෙසෙයින් තෝ නූපදනෙහියැ යි.
Pali BJTඉමෙ වුච්චන්ති කිලෙසකාමා.
Sinhala BJTමොහු ක්ලේශකාමයෝ යී කියනු ලැබෙත්.