Pali BJTඅනෙළමූගො සුත්වා සතීමාති: ‘අනෙළමූගොති’ සො පච්චෙකසම්බුද්ධො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. සුතවාති: සො පච්චෙකසම්බුද්ධො බහුස්සුතො හොති, සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පවිද්ධා. සතිමාති: සො පච්චෙකසම්බුද්ධො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතත්තා චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතාති ‘අනෙළමූගො සුතවා සතීමා.
Sinhala BJTඅනෙළමූගො සුතවා සතීමා - “අනෙළමූගො”යනු: ඒ පසේ බුදුහු පණ්ඩිතයහ ප්‍රඥාවත්හ. බුද්ධිමත්හ ඥානවත්හ. විමංසනප්‍රඥා ඇත්තාහ තුලනය කරන ලද ප්‍රඥා ඇතියහ සුතවා යනු; ඒපසේ බුදුහු බහුශ්‍රුත වෙති ශ්‍රැතධරයහ ශ්‍රැතසන්නිවයහ, යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වූවාහු මධ්‍යකල්‍යාණවූවාහු පර්‍ය්‍යවසාන කල්‍යාණවූවාහු සාර්‍ත්‍ථ සව්‍යඤ්ජනවූවාහු කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කෙරෙත් ද ඔවුන් විසින් එබඳු වූ ධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරනලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. සතිමා යනු: ඒ පසේ බුදුහු ස්මෘතිමත් වූවාහු වෙති. උත්තම වූ ස්මෘතිනිපකභාවයෙන් සමන්‍විත බැවින් චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරන්නාහු පුන පුනා සිහි කරන්නාහු වෙත් නුයි “අනෙළමූගො සුතවා සතීමා”යනු වේ.
Pali BJTසඞ්ඛාතධම්මො නියතො පධානවාති: සඞ්ඛාතධම්මො{1} වුච්චති ඤාණං, “යා පා පඤ්ඤාජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.” සඞ්ඛාතධම්මොති: සො පච්චෙකසම්බුද්ධො සඞ්ඛාතධම්මො ඤාතධම්මො තුලිතධම්මො තීරිතධම්මො විභුතධම්මො විභාවිතධම්මො, ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති සඞ්ඛාතධම්මො -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං තං නිරොධධම්ම’න්ති සඞ්ඛාතධම්මො ඤාතධම්මො තුලිතධම්මො තීරිතධම්මො විභූතධම්මො විභාවිතධම්මො, අථවා තස්ස පච්චෙකසම්බුද්ධස්ස ඛන්ධා සංඛිත්තා ධාතුයො සඞ්ඛිත්තා ආයතනානි සඞ්ඛිත්තානි ගතියො සංඛිත්තා උප්පත්තියො සඞ්ඛිත්තා පටිසන්ධියො සංඛිත්තා භවා සංඛිත්තා සංසාරා සංඛිත්තා වට්ටා සංඛිත්තා, අථවා සො පච්චෙකසම්බුද්ධො ඛන්ධපරියන්තෙ ඨිතො ධාතුපරියන්තෙ ඨිතො ආයතනපරියන්තෙ ඨිතො ගතිපරියන්තෙ ඨිතො උප්පත්තිපරියන්තෙ ඨිතො පටිසන්ධිපරියන්තෙ ඨිතො භවපරියන්තෙ ඨිතො සංසාරපරියන්තෙ ඨිතො වට්ටපරියන්තෙ ඨිතො අන්තිමභවෙ ඨිතො අන්තිමසමුස්සයෙ{2} ඨිතො අන්තිමදෙහධරො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTසඞ්ඛාතධම්මො නියතො පධානවා - “සංඛාතධම්ම”යී ඥානය කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් . . අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. සඞ්ඛ්‍යාත ධම්මෝ යනු: ඒ පසේ බුදුහු විමසන ලද දහම් ඇත්තාහු දන්නා ලද දහම් ඇත්තාහු තුලනය කළ දහම් ඇත්තාහු තීරණය කළ දහම් ඇත්තාහු විභාග කළ දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු වෙති. “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි විමසන ලද දහම් ඇත්තාහු . . . ‘යම් කිසි ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ යි විමසන ලද දහම් ඇතියහ, ඥාතධර්මයහ, තුලිත ධර්‍මයහ, තීරිත ධර්‍මයහ, විභූත ධර්‍මයහ, විභාවිත ධර්‍මයහ, නොහොත් ඒ පසේබුදුහු විසින් ස්කන්‍ධයෝ සංක්‍ෂිප්තයහ, ධාතුහු සංක්‍ෂිප්තයහ, ආයතනයෝ සංක්‍ෂිප්තයහ, ගතීහු සංක්‍ෂිප්තයහ, උපප්‍රාප්තීහු සංක්‍ෂිප්තයහ, ප්‍රතිසන්ධිහු - භවයෝ සංසාරයෝ වෘත්තයෝ සංක්‍ෂිප්තයහ, නොහොත් ඒ පසේ බුදුහු ස්කන්‍ධයන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, උප්ප්‍රාප්ති පර්යන්තයෙහි සිටියහ, ප්‍රතිසන්ධිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, භවපර්යන්තයෙහි සිටියහ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියහ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියහ, අන්තිමභවයෙහි සිටියහ, අන්තිම ශරීරයෙහි සිටියහ, අන්තිමදේහධරයහ ප්‍රත්‍යෙක සම්බුද්ධ වූහ.
Pali BJT1. තස්සායං පච්ඡිමකොටි චරිමොයං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති.
Sinhala BJT1. “මේ ඒ ප්‍රත්‍යෙකසම්බුද්ධයන්ගේ පශ්චිම කෙළවර යැ. මේ අවසාන ශරීරය වෙයි, උන්වහන්සේට ජාතිමරණ සංසාර සංඛ්‍යාත පුනර්‍භවය නැතැ”යි
Pali BJTතංකාරණා පච්චෙකසම්බුද්ධො සඞ්ඛාතධම්මො. නියතොති නියාමා වුච්චන්ති{3} චත්තාරො අරියමග්ගා, චතූහි අරියමග්ගෙහි සමන්නාගතොති නියතො, නියාමං පත්තො සංපත්තො අධිගතො ඵස්සිතො සච්ඡිකතොති නියතො. පධානවාති: ‘පධානං’ වුච්චති විරියං, “යො චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති{4} අසිථිලපරක්කමො අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං සම්මාවායාමො”{a} සො පච්චෙකසම්බුද්ධො ඉමිනා පධානෙන උපෙතො{5} සමුපෙතො උපාගතො සමුපගතො උප්පන්නො සම්පන්නො{6} සමන්නාගතො. තස්මා සො පච්චෙකසම්බුද්ධො පධානවා’ති ‘සඞ්ඛාතධම්මො නියතො පධානවා එකො චරෙ ඛග්ගවිසාණකප්පො. ‘
Sinhala BJTඒ කරුණින් පසේබුදුහු “සංඛාත ධම්ම”නම් වෙති. නියතො යනු: “නියාමයෝ” යි සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ කියනු ලැබෙති, සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සමන්‍වාගත වූවාහු නුයි නියතයහ, මාර්‍ගඥාන නියාමයට පැමිණියහ, සම්ප්‍රාප්තයහ, අධිගතයහ, ස්පර්‍ශ කරන ලදහ, ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු නුයි “නියතො” යනු වේ. පධානවා යනු: “පධාන”යි යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් කුසීතභාවයෙන් නික්ම යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යෝගයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් කුශල සන්තානය ධැරීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ධුරය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග් ව්‍යායාමයෙක් වේද එය යි. ඒ පසේ බුදුහු මේ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් උපේතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූවහ සම්පූර්ණයහ සමන්‍වාගතයහ, එයින් ඒ පසේබුදුහු ප්‍රධානවත් නුයි ‘සංඛාතධම්මො නියතො පධානවා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“තණ්හක්ඛයං පත්ථයං අප්පමත්තො අනෙළමූගො සුතවා සතීමා, සඞ්ඛාතධම්මො නියතො පධානවා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“තණ්හක්ඛයං පත්ථයං අප්පමත්තො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTසීහොව සද්දෙසු අසන්තසන්තා වාතො ව ජාලම්හි අසජ්ජමානො, පදුමංව තොයෙන අලිප්පමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් (ස්කන්‍ධායතනාදියෙහි) නො ලැගෙනුයේ ජලය හා සමග පියුමක් සෙයින් සියලු භවයෙහි භෝග ලෝභය හා සමග නො තැවැරෙනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේයි.
Pali BJTසීහොව සද්දෙසු අසන්තසන්තොති: යථා සීහො මිගරාජා සද්දෙසු අසන්තාසී අනුත්රාසී, අපරිසන්තාසී අනුබ්බිග්ගො අනුස්සඞ්කී අනුත්රාසො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී, පච්චෙකසම්බුද්ධොපි සද්දෙසු අසන්තාසී අනුත්රාසී අපරිසන්තාසී අනුබ්බිග්ගො අනුස්සඞ්කී අනුත්රාසො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී. පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති ‘සීහොව සද්දෙසු අසන්තසන්තො’.
Sinhala BJTසීහොව සද්දෙසු අසන්තසන්තො - යම්සේ සිංහමෘගරාජ ශබ්දයෙහි ත්‍රස්ත නො වන සුලු වූයේ උත්‍රස්ත නො වන සුලු වූයේ හාත්පසින් ත්‍රස්ත නො වන සුලු වූයේ උද්වේග නො වනුයේ නො සැක වූයේ උත්‍රස්ත නො වනුයේ නො බිය වූයේ නො සැලෙනුයේ ත්‍රස්ත නො වනුයේ පලා නො යනුයේ වේ ද, එසෙයින් පසේ බුදුහු ද ශබ්දවිෂයෙහි ත්‍රස්ත නො වන සුලු වූවාහු උත්‍රස්ත නො වන්නාහු හාත්පසින් ත්‍රස්ත නො වනසුලු වූවාහු උද්වේග නො වන්නාහු නො සැක වන්නාහු උත්‍රස්ත නො වන්නාහු නො බිය වන්නාහු නො සැලෙන්නාහු ත්‍රස්ත නො වන්නාහු පලා නො යන්නාහු වෙති. ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇත්තාහු විගත ලොමහර්ෂ ඇති වැ වාස කෙරෙත් නුයි ‘සීහොව සද්දෙසු අසන්තසන්තො” යනු වේ.
Pali BJTවාතොව ජාලම්හි අසජ්ජමානොති: වාතො’ති පුරත්ථිමා වාතා පච්ඡිමා වාතා{1} උත්තරා වාතා දක්ඛිණා වාතා සරජා වාතා අරජා වාතා සීතා වාතා උණ්හා වාතා පරිත්තා වාතා අධිමත්තා වාතා කාළවාතා{2} වෙරම්බවාතා පක්ඛවාතා සුපණ්ණවාතා{3} තාලවණ්ටවාතා{4} විධුපනවාතා. ජාලං වුච්චති සුත්තජාලං. යථා වාතො ජාලම්හි න සජ්ජති, න ගණ්හාති, න බජ්ඣති, න පළිබජ්ඣති, එවමෙව ද්වෙ ජාලා: තණ්හාජාලං ච දිට්ඨිජාලං ච -පෙ- ඉදං තණ්හාජාලං -පෙ- ඉදං දිට්ඨිජාලං. තස්ස පච්චෙකසම්බුද්ධස්ස තණ්හාජාලං පහීනා, දිට්ඨිජාලං පටිනිස්සට්ඨං ‘තණ්හාජාලස්ස පහීනත්තා දිට්ඨිජාලස්ස පටිනිස්සට්ඨත්තා සො පච්චෙකසම්බුද්ධො රූපෙ න සජ්ජති, සද්දෙ න සජ්ජති -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු න සජ්ජති, න ගණ්හාති{5} න බජ්ඣති න පළිබජ්ඣති, නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො{6} විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘වාතොව ජාලම්හි අසජ්ජමානො.’
Sinhala BJTවාතොව ජාලම්හි අසජ්ජමානෝ - “වාතො” යනු පෙරදිගින් හමන වාතයෝ යැ අවරදිගින් හමන වාතයෝ යැ. උතුරු දිගින් හමන වාතයෝ යැ. දකුණු දිගින් හමන වාතයෝ යැ. රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ. ශීතවාතයෝ යැ උෂ්ණවාතයෝ යැ. අල්පවාතයෝ යැ අධිමාත්‍ර වාතයෝ යැ. කෘෂ්ණ පක්ෂවාතයෝ යැ. වේරම්බවාතයෝ යැ පක්ෂවාතයෝ යැ. සුපර්ණවාතයෝ යැ තාලවෘන්තවාතයෝ යැ. විධූපනවාතයෝ යි. “ජාල” යි හුයින් කළ දැල කියනු ලැබෙයි. යම්සේ වාතය දැලෙහි නො ලැගේ ද නො ගනී ද නො බැඳේ ද, හාත්පසින් නො බැඳේද එසෙයින් මැ-දැල් දෙකෙකි: තෘෂ්ණාජාලය ද දෘෂ්ටිජාලය දැ යි. . . මේ දෘෂ්ටිජාලය යි. ඒ පසේබුදුනට තෘෂ්ණාජාලය ප්‍රහීණ යැ. දෘෂ්ටිජාලය දුරලන ලද, තෘෂ්ණාජාලය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ලැගෙති. ශබ්දයෙහි නො ලැගෙති. . . දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන්හි නො ලැගෙති නො ගනිති නො බැඳෙති හාත්පසින් නො බැඳෙත් නික්ම ගියාහු බැහැර වූවාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි “වාතොව ජාලම්හි අසජ්ජමානෝ” යනු වේ.
Pali BJTපදුමංව තොයෙන අලිප්පමානොති: ‘පදුමං’ වුච්චති පදුමපුප්ඵං, ‘තොයං වුච්චති උදකං. යථා පදුමපුප්ඵං තොයෙන න ලිප්පති න පලිප්පති න උපලිප්පති අලිත්තං අපලිත්තං අනුපලිත්තං. එවමෙව ද්වෙ ලෙපා: තණ්හාලෙපො ච දිට්ඨිලෙපො ච -පෙ- අයං තණ්හාලෙපො -පෙ- අයං දිට්ඨිලෙපො, තස්ස පච්චෙකසම්බුද්ධස්ස තණ්හාලෙපො පහීනො දිට්ඨිලෙපො පටිනිස්සට්ඨො, තණ්හාලෙපස්ස පහීනත්තා දිට්ඨිලෙපස්ස පටිනිස්සට්ඨත්තා සො පච්චෙකසම්බුද්ධො රූපෙ න ලිප්පති සද්දෙ න ලිප්පති -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු න ලිප්පති න පලිප්පති න උපලිප්පති, අලිත්තො{1} අපලිත්තො අනුපලිත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පදුමංව තොයෙන අලිප්පමානො එකො චරො ඛග්ගවිසාණකප්පො’
Sinhala BJTපදුමං ව තොයෙන අලිප්පමානො - “පදුම” යි නෙලුම්මල කියනු ලැබෙයි. “තොය” යි උදකය කියනු ලැබේ යම්සේ නෙලුම් මල දිය හා සමග නො තැවැරේ ද වෙසෙසින් නො තැවැරේ ද හාත්පසින් නො තැවැරේ ද අලිප්ත වූයේ අපලිප්ත වූයේ අනුපලිප්ත වේ ද එසෙයින් මැ ලේපයෝ දෙදෙනෙකි: තෘෂ්ණා ලේපය ද දෘෂ්ටිලේපය ද යි ... මේ දෘෂ්ටිලේප යයි කියනු ලැබේ. ඒ පසේබුදුනට තෘෂ්ණාලේපය ප්‍රහීණයැ දෘෂ්ටිලේපය දුරලන ලද තෘෂ්ණා ලේපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිලේපය දුරැලූ බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නො ඇලෙති . . දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්මයන්හි නො ඇලෙති, වෙසෙසින් නො ඇලෙති, හාත්පසින් නො ඇලෙති, අලිප්ත වූවාහු අපලිප්ත වූවාහු අනුපලිප්ත වූවාහු නික්ම ගියාහු බැහැර වූවාහු වෙසෙසින් මිදුණහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි ‘පදුමං ව තොයෙන අලිප්පමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනුවේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“සීහොව සද්දෙසු අසන්තසන්තො වාතොව ජාලම්හි අසජ්ජමානො, පදුමංව තොයෙන අලිප්පමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“සීහෝ ව සද්දෙසු අසන්තසන්තො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසීහො යථා දාඨාබලී පසය්හ රාජා මිගානං අභිභුය්ය චාරී, සෙවෙථ පන්තානි සෙනාසනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTමෘගයනට රජ වූ කේශරසිංහ තෙමේ දළ බල කොට ඇතියේ යම් සේ (කායබලයෙන්) ලාහෙලා හැසිරේද (තේජසින්) අභිභවා හැසිරේ ද, එසෙයින් වනයෙහි දුර සෙනසුන් සෙවුනේ යැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTසීහො යථා දාඨාබලී පසය්හ, රාජා මිගානං අභිභුය්ය චාරීති: යථා සීහො මිගරාජා දාඨාබලී දාඨාවුධො සබ්බෙ තිරච්ඡානගතෙ පාණෙ අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා චරති විහරති ඉරීයති වත්තෙති{2} පාලෙති යපෙති යාපෙති පච්චෙකසම්බුද්ධොපි පඤ්ඤාබලී පඤ්ඤාවුධො සබ්බපාණභුතෙ පුග්ගලෙ පඤ්ඤාය අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා විහරති ඉරීයති වත්තෙති{2} පාලෙති යපෙති යාපෙතීති ‘සීහො යථා දාඨාබලී පසය්හ රාජා මිගානං අභිභුය්ය චාරි:’
Sinhala BJTසිහො යථා දඨාබලී පසය්හ රාජා මිගානං අභිභූය්‍ය චාරි යනු: යම්සේ සිංහ මෘගරාජ දළ බල කොට ඇතියේ දළ අවි කොට ඇතියේ හැම තිරිසන් ගිය සතුන් මැඩ අභිභවා යටපත් කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද නුවණ බල කොට ඇතියාහු නුවණ අවි කොට ඇතියාහු සියලු ප්‍රාණීන් සියලු පුද්ගලයන් ප්‍රඥායෙන් මැඩ අභිභවා යට කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්නු යි ‘සීහො යථා දඨාබලී පසස්හ රාජා මිගානං අභිභූය්‍ය චාරී” යනු වේ.
Pali BJTසෙවෙථ පත්තානි සෙනාසනානීති: යථා සීහො මිගරාජා අරඤ්ඤෙ වනමජ්ඣොගහෙත්වා චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙති, පච්චෙකසම්බුද්ධොපි අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘සෙවෙථ පන්තානි සෙනාසනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො:
Sinhala BJTසෙවෙථ පන්තානි සේනාසනානි යනු; යම්සේ සිංහරාජ අරණ්‍යයෙහි වල් වැද හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේබුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්‍ය කාරණයට නිසි වූ විවේකයට නිසි වූ වනසෙනසුන් ද වෙනෙහි දුර සෙනසුන් ද වනකෙළවර සෙනසුන් ද ඇසුරු කෙරෙති. ඒ පසේබුදුහු එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හිඳුති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැපෙරළා යෙති, එකලාවැ රහසැ හිඳුති, එකලාවැ සක්මනට බසිති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, යපනය කෙරෙත් නුයි ‘සෙවෙථ පන්තානි සේනාසනානි ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“සීහො යථා දාඨාබලී පසය්හ රාජා මිගානං අභිභුය්ය චාරී, සෙවෙථ පන්තානි සෙනාසනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“සීහො යථා දාඨාඛලී පසය්හ -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTමෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතං ච කාලෙ, සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTයුක්තප්‍රාප්තකාලයෙහි මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කරුණාව ද මෘදුතාව ද යන චතුර්විධ විමුක්තිය සෙවුනේ සියලු ලෝකයා හා සමඟ අවිරොධ වෙමින් කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේයි.
Pali BJTමෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතං ච කාලෙති සො පච්චෙකසම්බුද්ධො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථං, ඉති උද්ධමධො තිරියං සබ්බධී සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති, කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරතීති ‘මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතං ච කාලෙ’.
Sinhala BJTමෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමාතො මුදිතඤ්ච කාලෙ යනු: ඒ පසේබුදුහු මෛත්‍රි සහගත සිතින් එක් දෙසක් ස්පර්‍ශ කොට වෙසෙති, එසෙයින් දෙ වැනි දෙස ද එසෙයින් තෙ වැනි දෙස ද එසෙයින් සිව් වැනි දෙස ද ස්පර්‍ශ කොට වෙසෙති, මෙසේ උඩ යැ යට යැ සරස යැ යන සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව මෛත්‍රී සහගත වූ විපුල වූ මහද්ගතවූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක වූ සිතින් ස්පර්‍ශ කොට වෙසෙත් නුයි “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආදෙසව මානො මුදිතඤ්ච කාලෙ”යනු වේ.
Pali BJTසබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානොති මෙත්තාය භාවිතත්තා යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ පච්ඡිමාය දිසාය සත්තා-යෙ උත්තරාය දිසාය සත්තා-යෙ දක්ඛිණාය දිසාය සත්තා-යෙ පුරත්ථිමාය අනුදිසාය සත්තා-යෙ පච්ඡිමාය අනුදිසාය සත්තා-යෙ උත්තරාය අනුදිසාය සත්තා-යෙ දක්ඛිණාය අනුදිසාය සත්තා-යෙ හෙට්ඨිමාය දිසාය සත්තා-යෙ උපරිමාය දිසාය සත්තා-යෙ දසසු දිසාසු සත්තා තෙ අප්පටිකූලා හොන්ති, කරුණාය භාවිතත්තා-මුදිතාය භාවිතත්තා-උපෙක්ඛාය භාවිතත්තා යෙ පුරත්ථිමාය දිසාය සත්තා -පෙ- යෙ දසසු දිසාසු සත්තා තෙ අප්පටිකූලා හොන්ති.
Sinhala BJTසබ්බේන ලොකෙන අවිරුද්ධමානො යනු: මෙත් වැඩු බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - දකුණු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - පෙර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - අවර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත්ද දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද යටදිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- උඩ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- දශ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, කරුණා වැඩු බැවින් මෘදුතා වැඩු බැවින් - උපෙක්ෂා වැඩූ බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද . . . දශදිශායෛහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙත්.
Pali BJTසබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානොති: සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො අප්පටිවිරුජ්ඣමානො අනාඝාතියමානො අප්පටිහඤ්ඤමානොති ‘සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානොති එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTසබ්බේන ලොකෙන අවිරුජ්ඣමානො යනු: සියලු ලො වැ සතුන් හා සමග අවිරුද්ධ වන්නාහු අප්‍රතිවිරුද්ධ වන්නාහු නො ගටනු ලබන්නාහු නො නසනු ලබන්නාහු නුයි “සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේබුදුහු:
Pali BJT“මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතං ච කාලෙ, සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTරාගං ච දොසං ච පහාය මොහං සන්දාලයිත්වාන සඤ්ඤොජනානි{1}, අසන්තසං ජීවිතසඞ්ඛයම්හි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTරාගය ද ද්වේෂය ද මෝහය ද දුරු කොට දස සංයෝජනයන් ප්‍රදාලනය කොට ජීවිතක්ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTරාගං ච දොසං ච පහාය මොහන්ති ‘රාගො’ති “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසල මූලං.” දොසොති “යො චිත්තස්ස ආඝාතො -පෙ- චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස”. මොහොති “දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං”. රාගං ච දොසං ච පහාය මොහන්ති සො පච්චෙකසම්බුද්ධො රාගං ච දොසං ච මොහං ච පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා{2} අනභාවං ගමෙත්වාති ‘රාගං ච දොසං ච පහාය මොහං.’
Sinhala BJTරාගඤ්ච දොසඤ්ච පහාය මොහං - “රාගො” යනු: “යම් රාගයෙක් සංරාගයෙක් . . අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. දෝසෝ යනු: “චිත්තයා ගේ යම් ආඝාතයෙක් ... සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයා ගේ නො සතුටු බවෙක් වේ ද එය යි. මොහො යනු: “දුඃඛසත්‍යයෙහි නො දැනීම යැ ... අවිද්‍යා ලඞ්ගියක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං යනු: ඒ පසේබුදුහු රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි “රාගඤ්ච දෝසඤ්ච පහාය මොහං”යනු වේ.
Pali BJTසන්දාලයිත්වාන සඤ්ඤොජනානීති: දස සඤ්ඤොජනානි’. කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං -පෙ- අවිජ්ජාසඤ්ඤොජනං, සන්දාලයිත්වාන සඤ්ඤොජනානීති: සංයොජනානි සන්දාලයිත්වා පදාලයිත්වා සංපදාලයිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘සන්දාලයිත්වාන සඤ්ඤොජනානි’.
Sinhala BJTසන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි - සංයෝජන දශයෙකි: කාම රාගසංයොජන යැ ප්‍රතිඝසංයෝජන යැ. . . අවිද්‍යා සංයෝජන යි. සන්‍දාලයිත්‍වාන සංයොජනානි යනු: සංයෝජනයන් සන්‍දාලනය කොට ප්‍රදාලනය කොට සම්ප්‍රදාලනය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනාති”යනු වේ.
Pali BJTඅසන්තසං ජීවිතසඞ්ඛයම්භීති: සො පච්චෙකසම්බුද්ධො ජීවිතපරියොසානෙ අසන්තාසී අනුත්රාසී අනුබ්බිග්ගො අනුස්සඞ්කී{3} අනුත්රාසො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායි පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති ‘අසන්තසං ජීවිතසඞ්ඛයම්හි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
Sinhala BJTඅසන්තසං ජීවිතසඞ්ඛයම්හි යනු: ඒ පසේ බුදුහු දිවි කෙළවර ත්‍රස්ත නො වන සුල්ලහ උත්‍රස්ත නො වනුවහ උද්වේග නො වනුවහ නො සැක වනුවහ නො තැතිගනුවහ නො බිය සුල්ලහ නො සැලෙනුවහ උත්‍රාස නො වනුවහ නො පලායන සුල්ලෙහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇති වැ වෙසෙත් නුයි. “අසන්තසං ජීවිතසඩ්ඛයම්හි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“රාගං ච දොසං පහාය මොහං සන්දාලයිත්වාන සඤ්ඤොජනානි, න අසන්තසං ජීවිතසඞ්ඛයම්හි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“රාගඤව දොසඤච පහාය මොහං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT11.
Sinhala BJT11.
Pali BJTභජන්ති සෙවන්ති ච කාරණත්ථා{1} නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා, අත්තත්ථපඤ්ඤා{2} අසුචී මනුස්සා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඅර්‍ත්‍ථය කාරණ කොට ඇත්තාහු භජනය කෙරෙති සේවනය ද කෙරෙති. (අර්‍ත්‍ථ ප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්යමිත්‍රයෝ දුර්‍ලභ වෙති. ආත්මාර්‍ත්‍ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍ර වූ කායකර්‍මාදියෙන් යුක්ත වූවාහු යැ. (එහෙයින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTභජන්ති සෙවන්ති ච කාරණත්ථාති: අත්තත්ථකාරණා පරත්ථකාරණා උභයත්ථකාරණා දිට්ඨධම්මිකත්ථකාරණා සම්පරායිකත්ථකාරණා භජන්ති සම්භජන්ති සෙවන්ති නිසෙවන්ති සංසෙවන්ති පටිසෙවන්තීති ‘භජන්ති සෙවන්ති ච කාරණත්ථා’.
Sinhala BJTභජන්ති සෙවන්ති ව කාරණත්වා යනු: ආත්මාර්‍ත්‍ථ හේතුයෙන් පරාර්ථ හේතුයෙන් උභයාර්ථ හේතුයෙන් ඓහලෞකිකාර්ථ හේතුයෙන් පාරලෞකිකාර්ථ හේතුයෙන් භජනය කෙරෙති, මොනොවට භජනය කෙරෙති සේවනය කෙරෙති නිරතුරු සේවනය කෙරෙති සංසෙවනය කෙරෙති ප්‍රතිසේවනය කෙරෙත් නුයි ‘භජන්ති සෙවන්ති ව කාරණත්‍ථා”යනු වේ.
Pali BJTනික්කාරණා දුල්ලභා අජ්ජමිත්තාති: ද්වෙ මිත්තා: අගාරිකමිත්තො ච පබ්බජිතමිත්තො ච{3} -පෙ- අයං අගාරිකමිත්තො -පෙ- අයං පබ්බජිතමිත්තො. නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තාති: ඉමෙ ද්වෙ මිත්තා අකාරණා නික්කාරණා අහෙතු අප්පච්චයා දුල්ලභා දුල්ලද්ධා සුදුල්ලද්ධාති ‘නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා’.
Sinhala BJTනික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා යනු: අගාර්‍ය්‍යමිත්‍ර ද ප්‍රව්‍රජිතමිත්‍ර දැ යි මිත්‍රයෝ දෙදෙනෙකි . . . මේ ප්‍රව්‍රජිත මිත්‍ර යි. නික්කාරණ දුල්ලභා අජ්ජමිත්තා- මේ උභයමිත්‍රයෝ (අර්‍ත්‍ථත් ප්‍රතිලාභහේතුයෙන්) අකාරණ වූවාහු නිෂ්කාරණ වූවාහු අහේතු අප්‍රත්‍යය වූවාහු දුර්‍ලභ වෙති. දුක සේ ලැබිය හැකි වෙති. අතිශයින් දුක සේ ලැබිය හැකි වෙත් නුයි” නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා”යනු වේ.
Pali BJTඅත්තත්ථපඤ්ඤා අසුචී මනුස්සාති: ‘අත්තත්ථපඤ්ඤා’ති අත්තනො අත්ථාය අත්තනො හෙතු අත්තනො පච්චයා අත්තනො කාරණා{5} භජන්ති සම්භවන්ති සෙවන්ති නිසෙවන්ති සංසෙවන්ති පටිසෙවන්ති ආචරන්ති සමාචරන්ති පයිරුපාසන්ති පරිපුච්ඡන්ති පරිපඤ්හන්තීති ‘අත්තත්ථපඤ්ඤා’. අසුචී මනුස්සාති: අසුචිනා කායකම්මෙන සමන්නාගතාති අසුචී මනුස්සා, අසුචිනා වචීකම්මෙන සමන්නාගතාති අසුචී මනුස්සා, අසුචිනා මනොකම්මෙන සමන්නාගතාති අසුචී මනුස්සා, අසුචිනා පාණාතිපාතෙන-අසුචිනා අදින්නාදානෙන-අසුචිනා කාමෙසු මිච්ඡාචාරෙන-අසුචිනා මුසාවාදෙන-අසුචියා පිසුනාය වාචාය{6} සමන්නාගතා-අසුචියා ඵරුසාය වාචාය{7} සමන්නාගතා-අසුචිනා සම්ඵප්පලාපෙන සමන්නාගතා-අසුචියා අභිජ්ඣාය සමන්නාගතා-අසුචිනා බ්යාපාදෙන සමන්නාගතාති ‘අසුචී මනුස්සා, අසුචියා මිච්ඡාදිට්ඨියා සමන්නාගතාති අසුචී මනුස්සා, අසුචියා චෙතනාය සමන්නාගතාති අසුචී මනුස්සා, අසුචියා පත්ථනාය සමන්නාගතාති අසුචි ‘මනුස්සා, අසුචිනා පණිධිනා සමන්නාගතාති අසුචී මනුස්සා, අසුචී හීනා නිහීනා ඔමකා ලාමකා’ ඡත්තකා පරිත්තාති ‘අත්තත්ථපඤ්ඤා අසුචී මනුස්සා’.
Sinhala BJTඅත්තත්ථ පඤ්ඤා අසුචී මනුස්සා. – ‘අත්තත්ථපඤ්ඤා’ යනු: තම හට වැඩ පිණිස ආත්මහේතුයෙන් ආත්ම ප්‍රත්‍යයෙන් ආත්මකාරණයෙන් භජනය කෙරෙහි සංභජනය කෙරෙති සේවනය කෙරෙති නිස්සේවනය කෙරෙති සංසේවනය කෙරෙති ප්‍රතිසේවනය කෙරෙහි හැසිරෙති මැනැවින් හැසිරෙති පර්‍ය්‍යුපාසනය කෙරෙති පුළුවුස්ති ප්‍රශ්න කෙරෙත් නුයි ‘අත්තත්ථ පඤ්ඤා’ යනු වේ. අසූචි මනුස්සා යනු: අපවිත්‍ර වූ කාය කර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රාණ වධයෙන්- අපවිත්‍ර වූ අදත්තාදානයෙන් - අපවිත්‍ර වූ කාමමිථ්‍යාචාරයෙන්- අපවිත්‍ර වූ මෘෂාවාදයෙන්- අපවිත්‍ර වූ පිශුනවචනයෙන් අපවිත්‍ර වූ පරුෂ වචනයෙන්- අපවිත්‍ර වූ පලාපවචනයෙන්- අපවිත්‍ර වූ අධ්‍යයෙන් - අපවිත්‍ර වූ ව්‍යාපාදයෙන් යුක්ත වූවාහුනු යි. ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූවාහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ චේතනායෙන් යුක්ත වූවාහු නුයි අසුවී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රාර්‍ත්‍ථනයෙන් යුක්ත වූවහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රණිධියෙන් යුක්ත වූවාහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූවාහු හිත වූවාහු නිහීන වූවාහු අවම වූවාහු ලාමක වූවාහු අප්‍රත්‍යය වූවාහු අල්ප වූවාහුනුයි ‘අත්තත්ථ පඤ්ඤා අසුවීමනුස්සා’ යනු වේ.
Pali BJTඑකො චරෙ ඛග්ගවිසාණකප්පො’ති ‘එකො’ති සො පච්චෙකබුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො -පෙ- චරෙති: අට්ඨචරියායො -පෙ- ඛග්ගවිසාණකප්පොති යථා ඛග්ගස්ස නාම විසාණං එකං හොති අදුතියං -පෙ- එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ” යනු: ඒ පසේබුදුහු ප්‍රව්‍රජ්‍යා කොටසිහ ඒකයන ... චරෙ යනු: චර්‍ය්‍යා අටෙකි: ... ඛග්ගවිසාණකප්පො යනු: යම් සේ කගවෙහෙණ නම් මෘගයාගේ හඟ එකෙක් මැ වේ ද අද්විතීය වේ ද ... ‘ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ එ පසේ බුදුහු:
Pali BJT“භජන්ති සෙවන්ති ච කාරණත්ථා නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා. අත්තත්ථපඤ්ඤා අසුචී මනුස්සා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“හජන්ති සේවන්ති ච කාරණත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJTචතුත්ථො වග්ගො
Sinhala BJTසතර වැනි වර්‍ග යි.
Pali BJTනිට්ඨිතො ච ඛග්ගවිසාණසුත්තනිද්දෙසො.
Sinhala BJTඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය නිමියේ යි.
Pali BJT1. අජිතො තිස්සමෙත්තෙය්යො පුණ්ණකො අථ මෙත්තගූ, ධොතකො උපසීවො ච නන්දො ච අථ හෙමකො.
Sinhala BJT1. අජිත යැ තිස්ස මෙත්තෙය්‍ය යැ පූර්‍ණක යැ යළි මෙත්තගූ යැ ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ.
Pali BJT2. තොදෙය්යකප්පො දුභයො ජතුකණ්ණි ච පණ්ඩිතො, භද්රාවුධො උදයො ච පොසාලො ච වාපි බ්රාහ්මණො.
Sinhala BJT2. තෝදෙය්‍ය - කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකර්ණි යැ භද්‍රාවුධ යැ උදය යැ පෝසාල බ්‍රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ. මහර්ෂි වූ පිඞ්ගිය යැ යන -
Pali BJT3. මොඝරාජා ච මෙධාවී පිඞ්ගියො ච මහාඉසි, සොළසන්නං{1} පනෙතෙසං බ්රාහ්මණානංව සාසනං. පාරායනානං{2} නිද්දෙසා තත්තකානි භවන්ති හි{3}
Sinhala BJT3. මේ සොළොස් බමුණනට අනුශාසන ද (එ මැ) පාරායණ සූත්‍රයන්ගේ නිර්දේශ ද එතෙක් මැ වෙති.
Pali BJT4. ඛග්ගවිසාණසුත්තානං නිද්දෙසාපි තථෙව ච නිද්දෙසා දුවිධා ඤෙය්යා පරිපුණ්ණා සුලක්ඛිතා”ති
Sinhala BJT4. තවද එසේ මැ ඛග්ගවිසාණ සූත්‍රයන්ගේ නිර්දේශ දැ යි සපුරා දක්වන ලද නිර්දේශයෝ ද්විප්‍රකාරහ යි දත යුත්තා හ.
Pali BJTචූලනිද්දෙසපාළි නිට්ඨිතා.
Sinhala BJTසුළු නිදෙස් පෙළ නිමි.