Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. ධොතකමාණව පුච්ඡා
Sinhala BJT5. ධෝතක මාණව පෘච්ඡා
Pali BJT5-1 පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං (ඉච්චායස්මා ධොතකො) වාචා’භිකඞ්ඛාමි මහෙසි තුය්හං තව සුත්වාන නිග්ඝොසං{1} සික්ඛෙ නිබ්බානමත්තනො.
Sinhala BJT5-1. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි, තෙල වදාළ මැනැව. මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමාගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.
Pali BJT5-2 තෙන හාතප්පං කරොහි (ධොතකා’ති භගවා) ඉධෙව නිපකො සතො ඉතො සුත්වාන නිග්ඝොසං සික්ඛෙ නිබ්බානමත්තනො.
Sinhala BJT5-2. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි ම නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව. මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (ත්‍රිවිධ ශික්‍ෂාහි) හික්මෙන්නේ යැ.
Pali BJT5-3 පස්සාමහං දෙව මනුස්ස ලොකෙ (ඉච්චායස්මා ධොතකො) අකිඤ්චනං බ්රාහ්මණමිරියමානං තං තං නමස්සාමි සමන්තචක්ඛු පමුඤ්ච මං සක්ක{2} කථංකථාහි.
Sinhala BJT5-3. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) මම දෙව් මිනිස් ලොවැ හැසිරෙන පලිබොධ රහිත වූ (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ දෙවාති දේවයන් දකිමි. සමතැස් ඇතියාණෙනි. එබඳු වූ මුඹ වහන්සේ නමදිමි. ශාක්‍යයන් වහන්ස, විචිකිත්සායෙන් මා මුදනු මැනැව.
Pali BJT5-4 නාහං සහිස්සාමි{3} පමොචනාය (ධොතකා’ති භගවා) කථංකථිං ධොතක කඤ්චි ලොකෙ ධම්මං ච සෙට්ඨං ආජානමානො එවං තුවං ඔඝමිමං තරෙසි.
Sinhala BJT5-4. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ලොවැ විචිකිත්සා ඇති කිසිවකු මුදන්නට මම නො හැක්කෙමි, නොහොත් උත්සාහ නො කෙරෙමි. තෙපි ශ්‍රේෂ්ඨ ධර්‍මය (නිවන) දන්මින් මෙසේ මේ ඕඝය තරණය කරන්නවු යැ.
Pali BJT5-5 අනුසාස බ්රහ්මෙ කරුණායමානො (ඉච්චායස්මා ධොතකො) විවෙකධම්මං යමහං විජඤ්ඤං යථාහං{4} ආකාසො’ව අව්යාපජ්ජමානො{5} ඉධෙව සන්තො අසිතො චරෙය්යං.
Sinhala BJT5-5. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) ශ්‍රේෂ්ඨයන් වහන්ස, මම යම් සියලු සංස්කාරයන්ගෙන් විවික්ත වූ නිර්‍වාණ ධර්‍මයක් දැනගන්නෙම් නම් යම්සේ මම් ආකාශය සෙයින් නානාප්‍රකාර බවට නො පැමිණෙන්නෙම්, මෙ අස්නෙහි මැ හුන්නෙම් නොහොත් නිවුනෙම්, (තෘෂ්ණා-දෘෂ්ටි) නිශ්‍රය රහිත වැ හැසිරෙන්නෙම් නම් එසෙයින් (මට) අනුකම්පා කෙරෙමින් අනුශාසන කළ මැනව.
Pali BJT5-6 කිත්තයිස්සාමි තෙ සන්තිං{6} (ධොතකා’ති භගවා) දිට්ඨෙ ධම්මෙ අනීතිහං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT5-6. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණ ධර්‍මය (ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි.
Pali BJT5-7 තං{1} චාහං අභිනන්දාමි (ඉච්චායස්මා ධොතකො) මහෙසි සන්ති මුත්තමං යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT5-7. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී:) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම මුඹ වහන්සේ ගේ ඒ ධර්මද්‍යොතක වචනය ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
Pali BJT5-8 යං කිඤ්චි සම්පජානාසි (ධොතකා’ති භගවා) උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ එතං විදිත්වා සඞ්ගො’ති ලොකෙ භවාභවාය මාකාසි තණ්හන්ති.
Sinhala BJT5-8. (බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍ම ජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග (ලග්නා තැන) යැ යි දැනැ කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව යි.
Pali BJTධොතකමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTධෝතක මාණව පෘච්ඡා නිමි.
Pali BJT6. උපසීවමාණව පුච්ඡා
Sinhala BJT6. උපසීව මාණව පෘච්ඡා
Pali BJT6-1 එකො අහං සක්ක, මහන්ත මොඝං (ඉච්චායස්මා උපසීවො) අනිස්සිතො නො විසහාමි තරිතුං{2} ආරම්මණං බ්රූහි සමන්තචක්ඛු යං නිස්සිතො ඔඝමිමං තරෙය්යං.
Sinhala BJT6-1. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලකු හෝ දහමක් හෝ) ඇසුරු නො කෙළෙම් මහත් වූ (කාමාදි) ඕඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, (යම් පුඟුලකු හෝ දහමක් ඇසුරු කෙළෙම්) මේ කෙලෙස් වතුරු තරණය කෙරෙම් නම් ඒ නිශ්‍රය වදාළ මැනැවි.
Pali BJT6-2 ආකිඤ්චඤ්ඤං පෙක්ඛමානො සතීමා (උපසීවා’ති භගවා) නත්ථීති නිස්සාය තරස්සු ඔඝං කාමෙ පහාය විරතො කථාහි තණ්හක්ඛයං නත්තමහාභිපස්ස{3}.
Sinhala BJT6-2. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) සිහි ඇතියෙහි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය (අනිත්‍යාදි විසින්) දක්මින් ‘නත්‍ථි කිඤ්චී’යි පැවැති ඒ සමවත ඇසුරු කොට චතුරෝඝය තරණය කර. වස්තුකාම ක්ලේශකාම හැරපියා කථංකථා සඞ්ඛ්‍යාත විචිකිත්සායෙන් වැළැකුණෙහි රෑදාවල්හි තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන විභූත කොට දක්නෙහි.
Pali BJT6-3 සබ්බෙසු කාමෙසු යො වීතරාගො (ඉච්චා යස්මා උපසීවො) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්ව අඤ්ඤං{4} සඤ්ඤා විමොක්ඛෙ පරමෙ’ධිමුත්තො තිට්ඨෙ නු සො තත්ථ අනානුයායී{5}
Sinhala BJT6-3. (ආයුෂ්මත් උපසීව මාණවක මෙසේ විචාරයි:) යමෙක් සියලු කාමයන්හි පහ වූ රාග ඇතියේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥාවිමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි වියෝගයට නො යන සුලු වැ සිටිනේ ද?
Pali BJT6-4 සබ්බෙසු කාමෙසු යො වීතරාගො (උපසීවාති භගවා) ආකිඤ්චඤ්ඤං නිස්සිතො හිත්වමඤ්ඤං සඤ්ඤාවිමොක්ඛෙ පරමෙ’ධිමුත්තො තිට්ඨෙය්ය සො තත්ථ අනානුයායී.
Sinhala BJT6-4. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) යමෙක් සියලු කාමයන්හි වීතරාග වූයේ අන්‍ය වූ යට සමවත් හැරපියා ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙළේ උත්තම වූ සංඥා විමෝක්‍ෂයෙහි ඇලුණේ නම් හෙතෙම (එයින්) නො පිරිහෙමින් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි (කප්සැටදහසක්) සිටිනේ යි.
Pali BJT6-5 තිට්ඨෙ චෙ සො තත්ථ අනානුයායී (ඉච්චායස්මා උපසීවො) යුගම්පි වස්සානං සමන්තචක්ඛු තත්ථෙව සො සීතී සියා{1} විමුත්තො චවෙථ{2} විඤ්ඤාණං තථාවිධස්ස.
Sinhala BJT6-5. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) සමතැස් ඇති සර්‍වඥයන් වහන්ස, ඉදින් හෙතෙම එයින් නො පිරිහෙන සුලු වූයේ නොයෙක් හවුරුදු සියදහස් ගණන් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටිනේ නම් හෙතෙම එහි මැ දුකින් මිදුණේ ශීතිභාවයට පැමිණියේ එහි මැ සිටිනේ ද එබඳු වූවහු ගේ විඥානය එහි මැ පිරිනිවේ ද?
Pali BJT6-6 අච්චි යථා වාතවෙගෙන ඛිත්තා (උපසීවා’ති භගවා) අත්ථං පලෙති න උපෙති සඞ්ඛං එවං මුනී නාමකායා විමුත්තො අත්ථං පලෙති න උපෙති{3} සඞ්ඛං.
Sinhala BJT6-6. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) වාතවේගයෙන් බැහැර කරන (නිවන) ලද ගිනිසිළෙක් යම්සේ අස්තයට යේ ද, (නිවේ ද,) (අසෝ දිගට ගියේ යැ යි) ව්‍යවහාරයට නොයේ ද, එසෙයින් මැ (එහි උපන්) ශෛක්‍ෂමුනි තෙම නාම කයින් මිදුණේ අස්තයට යෙයි. ක්‍ෂත්‍රියා දි ව්‍යවහාරයට නො යෙයි.
Pali BJT6-7 අත්ථං ගතො සො උද්වා{4} සො නත්ථි (ඉච්චායස්මා උපසීවො) උදාහු වෙ සස්සතියා අරොගො තං මෙ මුනී සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT6-7. (ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) (මුනීන්‍ද්‍රයන් වහන්ස,) ඒ පුද්ගල තෙම අස්තයට ගියේ (නිරුද්ධ වූයේ) නොහොත් අවිද්‍යමාන වූයේ ද? නොහොත් ඒකාන්තයෙන් ශාශ්වතභාවයෙන් අරෝග වූයේ (අවිපරිණාම ස්වභාව, ඇත්තේ) සිටිනේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, එය මට මැනැවින් ප්‍රකාශ කළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද ද එහෙයිනි.
Pali BJT6-8 අත්ථං ගතස්ස න පමාණමත්ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජු තං තස්ස නත්ථි සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු සමූහතා වාදපථාපි සබ්බෙ’ති.
Sinhala BJT6-8. (බුදුහු මෙසේ වදාළහ: උපසීව මාණවකය,) අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියාහට (රූපාදි) ප්‍රමාණයෙක් නැත. (රාගාදි) යමෙකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත. (ස්කන්‍ධාදි) සියලු දහම් නැසූ කල්හි හැම (ක්ලේශාදි) වාදපථයෝ ද නසන ලදහ’යි.
Pali BJTඋපසීවමාණව පුච්ඡා නිට්ඨිතා.
Sinhala BJTඋපසීව මාණවක පෘච්ඡා නිමි.
Pali BJT7. නන්දමාණව පුච්ඡා
Sinhala BJT7. නන්‍ද මාණවක පෘච්ඡා
Pali BJT7-1 සන්ති ලොකෙ මුනයො (ඉච්චායස්මා නන්දො) ජනා වදන්ති තයිදං කථංසු ඤාණූපපන්නං නො මුනිං වදන්ති උදාහු වෙ ජීවිතෙනූපපන්නං.
Sinhala BJT7-1. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැයි කියත් ද? නොහොත් රූක්‍ෂ ජීවිතයෙන් සමුපේත වූවහු ‘මුනි’ යැ යි කියත් ද?
Pali BJT7-2 න දිට්ඨියා න සුතියා න ඤාණෙන (නන්දා’ති භගවා) මුනීධ නන්ද කුසලා වදන්ති විසෙනි කත්වා අනීඝා නිරාසා චරන්ති යෙ තෙ මුනයො’ති බ්රූමි.
Sinhala BJT7-2. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මෙ සස්නෙහි (ස්කන්‍ධාදියෙහි) දක්‍ෂයෝ දෘෂ්ටියෙන් ශ්‍රැතියෙන් ඥානයෙන් ‘මුනි’ යැයි නො කියති. යම් කෙනෙක් කෙලෙස් සෙනඟ නසා (රාගාදි) ව්‍යසන රහිත වැ ආශා රහිත වැ හැසිරෙත් නම් ඔහු ‘මුනීහු’ යැ යි මම කියමි.
Pali BJT7-3 යෙ කෙචි’මෙ සමණබ්රාහ්මණා සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙ{1} සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං කච්චි සු තෙ භගවා තත්ථ යථා චරන්තා අතාරු ජාතිං ච ජරං ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJT7-3. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය (මුක්තිය) කියත් නම් ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් නම්, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් නම්, නිදුකාණන් වහන්ස, කිම ඔහු (ඒ දෘෂ්ටිගතිකයෝ) ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වසන්නාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? භාග්‍යවතුන් වහන්ස මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැව.
Pali BJT7-4 යෙ කෙචි’මෙ සමණබ්රාහ්මණා සෙ (නන්දා‘ති භගවා) දිට්ඨෙ සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං කිඤ්චාපි තෙ තත්ථ යථා චරන්ති නාතරිංසු ජාතිජරන්ති බ්රූමි.
Sinhala BJT7-4. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) යම් කිසි මේ මහණ බමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද ශීල ව්‍රතයෙනුදු ශුද්ධිය කියත් ද, අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද, වැළිත් ඔහු ඒ දෘෂ්ටියෙහි ගුප්ත වැ වෙසෙත් නම් ජාතියත් ජරාවත් තරණය නො කළාහ’ යි කියමි.
Pali BJT7-5 යෙ කෙචි’මෙ සමණබ්රාහ්මණා සෙ (ඉච්චායස්මා නන්දො) දිට්ඨෙ{2} සුතෙනාපි වදන්ති සුද්ධිං සීලබ්බතෙනාපි වදන්ති සුද්ධිං අනෙකරූපෙන වදන්ති සුද්ධිං.
Sinhala BJT7-5,6. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මේ මහණබමුණු කෙනෙක් දෘෂ්ටයෙනුදු ශ්‍රැතයෙනුදු ශුද්ධිය කියත් ද, ශීලව්‍රතයෙනුදු, ශුද්ධිය කියත් ද අනේකවිධ කොතුහලමඞ්ගලයෙනුදු ශුද්ධිය කියත් ද මුනීන්‍ද්‍රයන් වහන්ස, ඉදින් ඒ දෘෂ්ටි ගතිකයන් ඕඝ තරණය නො කළවුනැ’යි වදාරන්න වු නම්, නිදුකාණන් වහන්ස, වැළිත් දෙව්මිනිස් ලොවැ කවරෙක් ජාතිය ත් ජරාව ත් තරණය කෙළේ ද? භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල කරුණ වදාළ මැනැවි.
Pali BJT7-6 තෙ{3} චෙ මුනී බ්රූහි අනොඝතිණ්ණෙ{4} අථ කො චරහි දෙවමනුස්සලොකෙ අතාරි ජාතිඤ්ච ජරඤ්ච මාරිස පුච්ඡාමි තං භගවා බ්රූහි මෙතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT7-7 නාහං{5} සබ්බෙ සමණබ්රාහ්මණා සෙ (නන්දාති භගවා) ජාති ජරාය නිවුතා’ති බ්රූමි යෙ සූධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ තෙ{6} වෙ නරා ඔඝතිණ්ණා’ති බ්රූමි.
Sinhala BJT7-7. (බුදුහු මෙසේ වදාළහ: නන්‍දය,) මම් හැම මහණ බමුණහු ජාති ජරා විසින් අවුරන ලදහ’යි නො කියමි. මෙලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටිශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රතශුද්ධිය ද හැරපියා හැම අනේකවිධ කොතුහලමඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු ද එ සත්හු ඒකාන්තයෙන් ඕඝතරණය කළාහ යි කියමි.
Pali BJT7-8 එතාභිනන්දාමි වචො මහෙසිනො (ඉච්චායස්මා නන්දො) සුකිත්තිතං ගොතම නූපධීකං යෙ සූධ දිට්ඨං ව සුතං මුතං වා සීලබ්බතං වාපි පහාය සබ්බං අනෙකරූපම්පි පහාය සබ්බං තණ්හං පරිඤ්ඤාය අනාසවා සෙ අහම්පි තෙ ඔඝතිණ්ණා’ති බ්රූමීති.
Sinhala BJT7-8. (ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ කියයි:) මහර්ෂී වූ මුඹ වහන්සේ ගේ තෙල වදන් මම් රුස්මි, ගෞතමයන් වහන්ස, උපධි රහිත වූ නිවන මොනොවට ප්‍රකාශ කරන ලද යැ. මෙ ලොව්හි යම් කෙනෙක් හැම දෘෂ්ටි ශුද්ධිය ද ශ්‍රැතශුද්ධිය ද මුතශුද්ධිය ද ශීලව්‍රත ශුද්ධිය ද හැරපියා අනේකවිධ වූ හැම කොතුහල මඞ්ගල ශුද්ධිය ද හැරපියා තෘෂ්ණාව ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන අනාස්‍රව වූවාහු නම් මම ද ඔහු ‘ඕඝතරණය කළාහ’යි කියමි.
Pali BJTනන්දමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTනන්‍දමාණව පෘච්ඡා නිමි.
Pali BJT8. හෙමකමාණව පුච්ඡා
Sinhala BJT8. හේමක මාණව පෘච්ඡා
Pali BJT8-1 යෙ මෙ පුබ්බෙ ව්යාකංසු (ඉච්චායස්මා හෙමකො) හුරං{1} ගොතමසාසනා ඉච්චාසි{2} ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනං නාහං තත්ථ අභිරමිං.
Sinhala BJT8-1. (ආයුෂ්මත් හේමක මාණවක මෙසේ කී:) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරී බ්‍රාහ්මණා දි යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’ යි (යම් දහමක් මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක. එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.
Pali BJT8-2 ත්වං ච මෙ ධම්මමක්ඛාහි තණ්හා නිග්ඝාතනං මුනි යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT8-2. මුනීන්‍ද්‍රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනව.
Pali BJT8-3 ඉධ දිට්ඨ-සුත-මුත{3}- විඤ්ඤාතෙසු පියරූපෙසු හෙමක ඡන්දරාග{4}විනොදනං නිබ්බානපදමච්චුතං.
Sinhala BJT8-3. හේමක මාණවකය, මෙලො වැ රූපායතන ශබ්දායතන ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගය දුරු කිරීම ව්‍යුති රහිත වූ නිර්‍වාණපදය වෙයි.
Pali BJT8-4 එතදඤ්ඤාය යෙ{5} සතා දිට්ඨධම්මාභිනිබ්බුතා උපසන්තා ච තෙ සදා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJT8-4. ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්‍ගඥානයෙන්) දැන (ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.
Pali BJTහෙමකමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTහේමක මාණව පෘච්ඡා නිමි.
Pali BJT9. තොදෙය්යමාණව පුච්ඡා
Sinhala BJT9. තෝදෙය්‍ය මාණව පෘච්ඡා
Pali BJT9-1 යස්මිං කාමා න වසන්ති (ඉච්චායස්මා තොදෙය්යො) තණ්හා යස්ස න විජ්ජති කථංකථා ච යො තිණ්ණො විමොක්ඛො තස්ස කීදිසො.
Sinhala BJT9-1. (ආයුෂ්මත් තෝදෙය්‍ය මාණවක මෙසේ විචාරයි:) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහු ගේ විමෝක්‍ෂය කෙබඳු ද?
Pali BJT9-2 යස්මිං කාමා න වසන්ති (තොදෙය්යාති භගවා) තණ්හා යස්ස න විජ්ජති කථංකථා ච යො තිණ්ණො විමොක්ඛො තස්ස නාපරො.
Sinhala BJT9-2. (බුදුහු මෙසේ වදාළහ: තෝදෙය්‍ය මාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.
Pali BJT9-3 නිරාසසො{1} සො උද ආසසානො (ඉච්චායස්මා තොදෙය්යො) පඤ්ඤාණ{2} වා සො උද පඤ්ඤකප්පී මුනිං අහං සක්ක යථා විජඤ්ඤං තං මෙ වියාචික්ඛ සමන්තචක්ඛු.
Sinhala BJT9-3. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටිකල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ෂු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එකරුණ මට ප්‍රකාශ කළ මැනැව.
Pali BJT9-4 නිරාසාසො සො න සො ආසසානො පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී එවම්පි තොදෙය්ය මුනිං විජාන අකිඤ්චනං කාමභවෙ අසත්තන්ති.
Sinhala BJT9-4. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. තෝදෙය්‍ය මාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිබොධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.
Pali BJTතොදෙය්යමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTතෝදෙය්‍යමාණව පෘච්ඡා නිමි.
Pali BJT10. කප්පමාණව පුච්ඡා
Sinhala BJT10. කප්ප මාණව පෘච්ඡා
Pali BJT10-1 මජ්ඣෙ සරස්මිං{3} තිට්ඨතං{4} (ඉච්චායස්මා කප්පො) ඔඝෙ ජාතෙ මහබ්භයෙ ජරාමච්චුපරෙතානං දීපං{5} පබ්රූහි මාරිස ත්වං ච මෙ දීපමක්ඛාහි යථයිදං නාපරං සියා.
Sinhala BJT10-1. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-පර කෙළවරරහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඬනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙ දුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි.
Pali BJT10-2 මජ්ඣෙ සරස්මිං තිට්ඨිතං (කප්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ්භයෙ ජරාමච්චුපරෙතානං දීපං පබ්රූමි කප්ප තෙ.
Sinhala BJT10-2. (බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව කප්පය තොපට කියමි.
Pali BJT10-3 අකිඤ්චනං{1} අනාදානං එතං දීපං අනාපරං නිබ්බානං ඉති නං බ්රූමි ජරාමච්චුපරික්ඛයං.
Sinhala BJT10-3. අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන (පලිබොධ) රහිත යැ, ආදාන (තෘෂ්ණා) රහිත යැ, ජරා මරණ ව්‍යුපශමය වූ එය ‘නිවනැ’ යි කියමි.
Pali BJT10-4 එත දඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා න තෙ මාරවසානුගා න තෙ මාරස්ස පද්ධගූති.
Sinhala BJT10-4. ස්මෘතිමත්වූ දක්නා ලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙත් යයි.
Pali BJTකප්පමාණව පුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTකප්ප මාණව පෘච්ඡා නිමි.
Pali BJT11. ජතුකණ්ණීමාණව පුච්ඡා
Sinhala BJT11. ජතුකණ්ණී මාණව පෘච්ඡා
Pali BJT11-1 සුත්වාන’හං වීරමකාමකාමිං (ඉච්චායස්මා ජාතුකණ්ණී) ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං සන්තිපදං බ්රූහි සහජනෙත්ත යථාතච්ඡං භගවා බ්රූහි මෙතං,
Sinhala BJT11-1. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනෙකැ යි අසා නිෂකාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්‍ෂුස ඇතියාණෙනි ශාන්තිය හා ශාන්තිපදය (නිවන) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි.
Pali BJT11-2 භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජී තෙජසා පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJT11-2. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඬලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනව.
Pali BJT11-3 කාමෙසු විනය ගෙධං (ජතුකණ්ණීති භගවා) නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො උග්ගහිතං නිරත්ථං වා මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං.
Sinhala BJT11-3. (බුදුහු මෙසේ වදාළහ. ජතුකණ්ණී මාණවකය,) නෛෂ්ක්‍රම්‍යය ක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
Pali BJT11-4 යං පුබ්බෙ තං විසොසෙහි{1} පච්ඡා තෙ මාහු කිඤ්චනං මජ්ඣෙ{2} චෙ නො ගහෙස්සසි උපසන්තො චරිස්සසි.
Sinhala BJT11-4. අතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව, අනාගත සංස්කාරයට තට නහමක් කිඤ්චන (පලිබොධ) වේවා, ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
Pali BJT11-5 සබ්බසො නාම රූපස්මිං වීතගෙධස්ස{3} බ්රාහ්මණ ආසවා’ස්ස{4} න විජ්ජන්ති යෙහි මච්චුවසං වජෙති.
Sinhala BJT11-5. බමුණ, සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි පහකරන ලද තෘෂ්ණා ඇති ඒ රහත්හට යම් ආස්‍රව කෙනකුන් කරණ කොට මාරයාගේ වශයට යා නම්, ඒ ආස්‍රවයෝ නැත්තාහ’යි.
Pali BJTජතුකණ්ණීමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි.
Pali BJT12. භද්රාවුධමාණව පුච්ඡා
Sinhala BJT12. භද්‍රාවුධ මාණව පෘච්ඡා
Pali BJT12-1 ඔකං{5} ජහං තණ්හච්ඡිදං අනෙජං (ඉච්චායස්මා භද්රාවුධො) නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං කප්පං ජහං අභියාචෙ සුමෙධං සුත්වාන නාගස්ස අපනමිස්සන්ති{6} ඉතො.
Sinhala BJT12-1. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝදහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ චතුරෝඝය තරණය කළා වූ කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටිකල්ප දුරැලූ, ශෝභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණ සෑයෙන් නික්ම යෙත්.
Pali BJT12-2 නානා ජනා ජනපදෙහි සඞ්ගතා{7} තව වීර{8} වාක්යං අභිකඞ්ඛමානා{9} තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT12-2. වීරයන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් කැමැති වූ නානා ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස් වූහු යැ. මුඹ වහන්සේ ඔවුනට දහම් දෙසුව මැනැව. යම් හෙයකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
Pali BJT12-3 ආදානතණ්හං විනයෙථ සබ්බං (භද්රාවුධාති භගවා) උද්ධං අධො තිරියං චාපි මජ්ඣෙ යං යං හි ලොකස්මිං උපාදියන්ති තෙනෙව මාරො අන්වෙති ජන්තුං.
Sinhala BJT12-3. (බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනුවැ යෙයි.
Pali BJT12-4 තස්මා පජානං න උපාදියෙථ භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ ආදානසත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තන්ති.
Sinhala BJT12-4. එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව ‘මෘත්‍යුධෙයයෙහි ඇලිණැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ යි.
Pali BJTභද්රාවුධමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTභද්‍රාවුධ මාණව පෘච්ඡා නිමි.
Pali BJT13. උදයමාණව පුච්ඡා
Sinhala BJT13. උදය මාණව පෘච්ඡා
Pali BJT13-1 ඣායිං විරජමාසීනං{1} (ඉච්චායස්මා උදයො) කතකිච්චං අනාසවං පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං අඤ්ඤාවිමොක්ඛං පබ්රූහි අවිජ්ජාය පභෙදනං.
Sinhala BJT13-1. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරනසුලු වූ විගත රජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව වූ සියලු ධර්‍මයන්ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. අවිද්‍යාව බිඳුනා අඤ්ඤා විමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.
Pali BJT13-2 පහානං කාම{2} ච්ඡන්දානං (උදයාති භගවා) දොමනස්සාන චූභයං ථීනස්ස ච පනූදනං කුක්කුච්චානං නිවාරණං
Sinhala BJT13-2. (බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්‍දයන් ගේ ද දෞර්‍මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයා ගේ වැළකීම ද ඇති-
Pali BJT13-3 උපෙක්ඛා සති සංසුද්ධං ධම්මතක්කපුරෙජවං අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි අවිජ්ජාය පභෙදනං.
Sinhala BJT13-3. චතුර්ත්ථධ්‍යානොපෙක්‍ෂා-ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්ක සඞ්ඛ්‍යාත සම්‍යක්සංකල්පය පෙරටු කොට ඇති අර්‍හත්ඵල විමෝක්‍ෂය අවිද්‍යාව ගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
Pali BJT13-4 කිං සු සංයොජනො ලොකො (ඉච්චායස්මා උදයො) කිං සු තස්ස විචාරණං කිස්සස්ස{3} විප්පහානෙන නිබ්බානමිති වුච්චති.
Sinhala BJT13-4. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝවැසියා ගේ විචාරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේද?
Pali BJT13-5 නන්දිසංයොජනො ලොකො (උදයාති භගවා) විතක්කස්ස විචාරණා තණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති.
Sinhala BJT13-5. ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ, විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාව ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේ.
Pali BJT13-6 කථං සතස්ස චරතො (ඉච්චායස්මා උදයො) විඤ්ඤාණං උපරුජ්ඣති භගවන්තං පුට්ඨුමාගම්ම තං සුණොම වචො තව.
Sinhala BJT13-6. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
Pali BJT13-7 අජ්ඣත්තං ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතො එවං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣතීති.
Sinhala BJT13-7. අධ්‍යාත්මාලම්බනයෙහි ද බහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
Pali BJTඋදයමාණවපුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTඋදය මාණව පෘච්ඡා නිමි.
Pali BJT14. පොසාලමාණව පුච්ඡා
Sinhala BJT14. පෝසාල මාණව පෘච්ඡා
Pali BJT14-1 යො අතීතං ආදිසති (ඉච්චායස්මා පොසාලො) අනෙජො ඡින්නසංසයො පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං.
Sinhala BJT14-1. (ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනාලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
Pali BJT14-2 විභූතරූපසඤ්ඤිස්ස සබ්බකායප්පහායිනො අජ්ඣත්තං ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතො ඤාණං සක්කානු{1} පුච්ඡාමි කථං නෙය්යො තථාවිධො.
Sinhala BJT14-2. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ගවිෂ්කම්භණ විසින් සියලු රූපකාය ප්‍රහාණය කරන සුලු වූ අධ්‍යාත්මයෙහිද බාහ්‍යයෙහිද කිසිවක් නැතැයි දක්නහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහුගේ ඥානය) පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?
Pali BJT14-3 විඤ්ඤාණට්ඨිතියො සබ්බා (පොසාලාති භගවා) අභිජානං තථාගතො තිට්ඨන්තමෙනං ජානාති ධිමුත්තං තප්පරායණං.
Sinhala BJT14-3. (බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
Pali BJT14-4 ආකිඤ්චඤ්ඤා සම්භවං ඤත්වා{2} නන්දි සංයොජනං ඉති එවමෙතං{3} අභිඤ්ඤාය තතො තත්ථ විපස්සති එතං ඤාණං තථා තස්ස බ්රාහ්මණස්ස වුසීමතො’ති.
Sinhala BJT14-4. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සඞ්ඛ්‍යාත නන්‍දිය “සංයෝජනයෙකැ”යි දැන තෙල මෙසේ ම විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කෙරෙයි. වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්‍ගඥානය ද විපරීත වේ යයි.
Pali BJTපොසාලමාණව පුච්ඡා-නිට්ඨිතා.
Sinhala BJTපෝසාල මාණව පෘච්ඡා නිමි.
Pali BJT15. මොඝරාජමාණව පුච්ඡා
Sinhala BJT15. මෝඝරාජ මාණව පෘච්ඡා
Pali BJT15-1 ද්වාහං සක්කං අපුච්ඡිස්සං{4} (ඉච්චායස්මා මොඝරාජා) න මෙ ව්යාකාසි චක්ඛුමා යාව තතියං ච දෙවීසි{5} ව්යාකරොතීති මෙ සුතං.
Sinhala BJT15-1. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශක්‍ය මුනිහු විචාළෙමි. චක්‍ෂුෂ්මත්හු ප්‍රකාශ නො කළහ. දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරනලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසනලද.
Pali BJT15-2 අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො සදෙවකො දිට්ඨින්තෙ{1} නාභිජානාති ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT15-2. මේ මිනිස්ලෝවැසි ද අන් ලෝවැසි ද දෙවියන් සහිත වූ බඹලෝවැසි ද යශස්වී වූ ගෞතමගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනිත්.
Pali BJT15-3 එවං{2} අභික්කන්තදස්සාවිං අත්ථි පඤ්හෙන ආගමං කථං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.
Sinhala BJT15-3. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි, මෘත්‍යුරාජ ලොව කිසෙයින් බලන්නහු නො දකී ද?
Pali BJT15-4 සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතො අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතීති.
Sinhala BJT15-4. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරු කොට ලොව ශුන්‍ය තා විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ නො දක්නේ යි.
Pali BJTමොඝරාජමාණව පුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTමෝඝරාජ මාණව පෘච්ඡා නිමි.
Pali BJT16. පිඞ්ගියමාණව පුච්ඡා
Sinhala BJT16. පිඞ්ගිය මාණව පෘච්ඡා
Pali BJT16-1 ජිණ්ණො’හමස්මි අබලො වීතවණ්ණො (ඉච්චායස්මා පිඞ්ගියො) නෙත්තා න සුද්ධා සවණං න ඵාසු මාහං නස්සං මොමුහො අන්තරා’ව ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJT16-1. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්‍ණයෙමි, දුර්‍වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති. ශ්‍රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
Pali BJT16-2 දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ (පිඞ්ගියාති භගවා) රුප්පන්ති රූපෙසු ජනා පමත්තා තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු රූපං අපුනබ්භවාය.
Sinhala BJT16-2. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශලධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
Pali BJT16-3 දිසා චතස්සො විදිසා චතස්සො (ඉච්චායස්මා පිඞ්ගියො) උද්ධං අධො දසදිසා ඉමායො න තුය්හං අදිට්ඨං අසුතං අමුතං අථො අවිඤ්ඤාතං කිඤ්චි නත්ථි ලොකෙ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJT16-3. සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද, ලොවැ මෙ හැම තන්හි මුඹවහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්‍රාණ ස්වාදන ස්පර්‍ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක් නැති. මේ පහණසෑවෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
Pali BJT16-4 තණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො (පිඞ්ගියාති භගවා) සන්තාපජාතෙ ජරසා පරෙතෙ තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු තණ්හං අපුනබ්භවායාති.
Sinhala BJT16-4. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය, යම් හෙයෙකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත්තැවුලි ඇතියන් ජරායෙන් මඩන ලද්දවුන් වැ දක්න වු ද, එහෙයින් පිඞ්ගිය තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
Pali BJTපිඞ්ගියමාණව පුච්ඡා-නිට්ඨිතා
Sinhala BJTපිඞ්ගිය මාණව පෘච්ඡා නිමි.
Pali BJTඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ පරිචාරකසොළසානං{1} බ්රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං{2} ව්යාකාසි, එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය ගච්ඡෙය්යෙව ජරාමරණස්ස පාරං. පාරං ගමනීයා ඉමෙ ධම්මා ති තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනංත්වෙව අධිවචනං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩවසනසේක් (බාවරී තවුසන්ගේ) පරිවාරක (පිඞ්ගිය) හා සමඟ සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුන පුනා පුළුවුස්නා ලදහු, පැන විසඳුසේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ ඇරුත් දැන පෙළදහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයා ගේ පරතෙරට යන්නේ මැ යැ. යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාරගමනාර්හ වෙත් ද එහෙයින් මේ ධර්‍මපර්‍ය්‍යාය ‘පාරායණ’යි මැ නම් වී.
Pali BJT1. අජිතො තිස්ස මෙත්තෙය්යො-පුණ්ණකො අථ මෙත්තගු ධොතකො උපසීවො ච-නන්දො ච අථ හෙමකො
Sinhala BJT1. අජිත යැ තිස්සමෙත්තෙය්‍ය යැ පුණ්ණක යැ යළි මෙත්තගූ ය ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ,
Pali BJT2. තොදෙය්යකප්පා දුභයො-ජතුකණ්ණී ච පණ්ඩිතො භද්රාවුධො උදයො ච-පොසාලො චාපි බ්රාහ්මණො මොඝරාජා ච මෙධාවී-පිඞ්ගියො ච මහාඉසී
Sinhala BJT2. තෝදෙය්‍ය-කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ භද්‍රාවුධ යැ උදය යැ පෝසාල බ්‍රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ මහර්ෂී වූ පිඞ්ගිය යැ යන-
Pali BJT3. එතෙ බුද්ධං උපාගඤ්ඡුං{3}-සම්පන්නචරණං ඉසිං පුච්ඡන්තා{4} නිපුණෙ පඤ්හෙ-බුද්ධසෙට්ඨං උපාගමුං.
Sinhala BJT3. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්‍ම ඇති ඍෂි වූ බුදුන් කරා පැමිණියහ, සියුම් ප්‍රශ්නයන් පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියාහ.
Pali BJT4. තෙසං බුද්ධො ව්යාකාසි-පඤ්හෙ පුට්ඨො යථාතථං පඤ්හානං වෙය්යාකරණෙන-තොසෙසි බ්රාහ්මණෙ මුනී.
Sinhala BJT4. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටියෙන් ප්‍රකාශ කළහ, සර්වඥමුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
Pali BJT5. තෙ{1} තොසිතා චක්ඛුමතා-බුද්ධෙනාදිච්චබන්ධුනා බ්රහ්මචරියමචරිංසු-වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJT5. ඔහු පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
Pali BJT6. එකමෙකස්ස පඤ්හස්ස-යථා බුද්ධෙන දෙසිතං තථා යො පටිපජ්ජෙය්ය-ගච්ඡෙ පාරං අපාරතො{2}
Sinhala BJT6. එකෙකි පැනයට යම්සේ බුදුරජුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙ තෙම අපාර සඞ්ඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ.
Pali BJT7. අපාරා පාරං ගච්ඡෙය්ය-භාවෙන්තො මග්ගමුත්තමං මග්ගො සො පාරං ගමනාය-තස්මා පාරායනං ඉති.
Sinhala BJT7. උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සඞ්ඛ්‍යාත සසරින් පර තෙරට යන්නේ යැ. පාරගමනයට හේ මාර්‍ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
Pali BJT8. පාරායනමනුගායිස්සං (ඉච්චායස්මා පිඞ්ගියො) යථා අද්දක්ඛි තථා අක්ඛාසි විමලො භූරි මෙධසො නික්කාමො නිබ්බනො නාගො{3} කිස්ස හෙතු මුසා භණෙ.
Sinhala BJT8. (ආයුෂ්මත් පිඞ්ගිය බාවරීහට මෙසේ පැවැසී) පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වූ විපුලප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
Pali BJT9. පහීනමලමොහස්ස මානමක්ඛප්පහායිනො හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං.
Sinhala BJT9. ප්‍රහීණ වූ මල හා මෝහය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේ ගේ ගුණෝපසංහිත වූ වචනය මම එකත්නෙන් කීර්‍තනය කරනෙම්.
Pali BJT10. තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ.
Sinhala BJT10. බමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැම භවයන් ඉක්ම වූ ආස්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රිතයහ.
Pali BJT11. ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනමාවසෙය්ය එවං පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසරිවජ්ඣපත්තො.
Sinhala BJT11. යම්සේ පක්‍ෂි තෙම කුඩා වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැරපියා (අනවතප්තාදි) මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.