Pali BJT6.
Sinhala BJT6.
Pali BJTපුත්තං ච දාරං පිතරං ච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්ධවානි, හිත්වාන{12} කාමානි සකොධිකානි{13} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඅඹුදරුවන් ද මව්පියන් ද ධනය ද ධාන්‍ය ද බන්ධුසමූහයා ද යන කාමයන් ස්වකීය අවධි වශයෙන් හැරපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTපුත්තං ච දාරං පිතරං ච මාතරන්ති: ‘පුත්තා’ති චත්තාරො පුත්තා: අත්රජො පුත්තො, ඛෙත්තජො{14} පුත්තො දින්නකො පුත්තො, අන්තෙවාසිකො පුත්තො. දාරා වුච්චන්ති භරියායො. පිතාති යො සො ජනකො, මාතාති යා සා ජනකාති ‘පුත්තං ච දාරං පිතරං ච මාතරං’.
Sinhala BJTපුත්තං ච දාරං පිතරං ච මාතරං- ‘පුත්තා’ යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජපුත්‍ර යැ දින්නක පුත්‍ර යැ අන්තෙවාසිකපුත්‍ර යැ යි. ‘දරා’ යි භාර්‍ය්‍යාවෝ කියනු ලැබෙති. පිතා යනු; යම් ජනකයෙක් වේ ද හේ යැ. මාතා යනු; යම් ජනිකාවක් වූ නම් හෝ යැයි. ‘පුත්තං ච දාරං පිතරං ච මාතරං’ යනු වේ.
Pali BJTධනානි ධඤ්ඤානි ච බන්ධවානීති: ‘ධනානි’ වුච්චන්ති හිරඤ්ඤං සුවණ්ණං මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ්කො{1} මසාරගල්ලං ‘ධඤ්ඤානි’ වුච්චන්ති පුබ්බන්නං අපරන්නං, පුබ්බන්නං නාම: සාලි වීහි යවො ගොධුමො කඞ්ගු වරකො කුද්රූසකො අපරන්නං නාම: සූපෙය්යං. බන්ධවානීති චත්තාරො බන්ධවා: ඤාතීබන්ධවාපී බන්ධු, ගොත්තබන්ධවාපි බන්ධු, මිත්තබන්ධවාපී බන්ධු, සිප්පබන්ධවාපී බන්ධූති ‘ධනානි ධඤ්ඤානි ච බන්ධවානි’.
Sinhala BJTධනානි ධඤ්ඤානි ච බන්ධවානි- ‘ධනානි’ යි කහවුණු රත්රන් මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළු රිදී රන් ලොහිතඞ්ක මැසිරිගල් කියනු ලැබෙත්. ධඤ්ඤානි යි පූර්‍වාන්න අපරාන්න කියනු ලැබෙති. පුබ්බන්න නම්: හැල් යැ වී යැ යව යැ ගොධුම යැ කඞ්ගු යැ. වරා යැ කුරහමු යැ. අපරන්න නම්: සූපයට හිත වූයේ යි. (උඳු මුං ආදිය යි) බන්ධවානි යනු: බන්ධුහුසතර දෙනෙකි: ඥාතිබන්ධුහුදබන්ධුයැ,ගෝත්‍ර බන්ධුහුද බන්‍ධු යැ, මිත්‍රබන්ධුහුද බන්‍ධු යැ, ශිල්පබන්ධුහුද බන්‍ධු නු යි. ‘ධනානි ධඤ්ඤති ව බන්ධවානි’ යනු වේ.
Pali BJTහිත්වාන කාමාති සකොධිකානීති ‘කාමා’ති උද්දානකො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. හිත්වාන කාමානීති{1} වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය පජහිත්වා විනොදිත්වා බ්යන්තිං කරිත්වා අනභාවං ගමෙත්වා හිත්වාන{2} කාමානි සකොධිකානීති: සොතාපත්තිමග්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡති සකදාගාමිමග්ගෙන යෙ කිලෙසා පහීනා-අනාගාමිමග්ගෙන යෙ කිලෙසා පහීනා-අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡතීති. ‘හිත්වානකාමානි ‘සකොධිකානි{3} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTහිත්‍වාන කාමානි සකොධිකානි- ‘කාමා’ යනු: උද්දාන විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි කාමයෝ දෙදෙනෙකි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. හිත්‍වාන කාමානි යනු: වස්තුකාමයන් පිරිසිඳ දැන ක්ලේශ කාමයන් හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා. හිත්‍වාන කාමානි සකොධිකාති යනු: සෝවන් මගින් යම් කෙලෙස් කෙතෙක් ප්‍රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො එයි. සෙදගැමි මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම්-අනගැමි මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම්- රහත්මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො ඒනුයි ‘හිත්‍වාන කාමානි සංකොධිකාති ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේබුදුහු:
Pali BJT“පුත්තං ච දාරං පිතරං ච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්ධවානි, හිත්වාන කාමානි සකොධිකානි{3} එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“පුත්තං ච දාරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යි.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTසඞ්ගො එසො පරිත්තමෙත්ථ සොබ්යං අප්පස්සාදො දුක්ඛමෙත්ථ භීයො, ගළො{4} එසො ඉති ඤත්වා මතිමා{5} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTතෙල පස්කම්ගුණය සඞ්ගයෙකි. මෙහි සෞඛ්‍ය (සුඛභාව)ය අල්පයැ, අල්පාස්වාද ඇත්තේ යැ, මෙහි දුක් බොහෝ යැ. තෙල බිලියකගැ යි දැන නුවණැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTසඞ්ගො එසො පරිත්තමෙත්ථ සොබ්යන්ති: සඞ්ගොති වා බලිසන්ති වා ආමිසන්ති වා ලග්ගන්ති වා{6} පළිබොධොති වා පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං, පරිත්තමෙත්ථ සොක්ඛ්යන්ති වුත්තං හෙතං භගවතා:
Sinhala BJTසඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං - සඞ්ග යැ යි හෝ බඩිශ යැ යි හෝ ආමිෂ යැ යි හෝ ලග්ගන යැ යි හෝ තෙල පස්කම්ගුණයට නමි. පරිත්තමෙත්‍ථ සොඛ්‍යං යනු: තෙල වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා. යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං”{a} අප්පකං එතං සුඛං, ඔමකං එතං සුඛං, ථොකං එතං සුඛං, ලාමකං එතං සුඛං, ජත්තකං එතං සුඛං, පරිත්තකං එතං සුඛන්ති, ‘සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොක්ඛ්යං’.
Sinhala BJT“මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙක යත්: ඇසින් දත යුතු රූපයෝ ... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මෙ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කාමසුඛ යැ යි කියනු ලැබෙයි. තෙල සුඛය අල්ප යැ තෙල සුඛය පහත් යැ තෙල සුඛය මඳ යැ තෙල සුඛය ලාමක යැ තෙල සුඛය හීන යැ තෙල සුඛය ස්වල්ප නුයි ‘සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං’ යනුවේ.
Pali BJTඅප්පස්සාදො දුක්ඛමෙත්ථ භීයොති “අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භීයො, අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා-මංසපෙසූපමා කාමා වුත්තා භගවතා-තිණුක්කූපමා කාමා වුත්තා භගවතා-අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා- සුපිනකූපමා කාමා වුත්තා භගවතා-යාචිතකූපමා කාමා වුත්තා භගවතා-රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා-අසිසූනූපමා කාමා වුත්තා භගවතා-සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා-සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භීයො”ති{b} අප්පස්සාදො දුක්ඛමෙත්ථ භීයො.
Sinhala BJTඅප්පස්සාදෝ දුක්ඛමෙත්‍ථ භිය්‍යො යනු: කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ බහුපායාස ඇතියහ මෙහි ආදීනව බොහෝ හයි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ ඇටසැකිලි බන්දහ යි වදාරන ලදහ- කාමයෝ මාංශපේශි වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ- කාමයෝ තෘණොල්කා (තණහුලක්) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරනලදහ. කාමයෝ අඞ්ගාරකර්පු(අඟුරුවළ) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සිහිනයක් වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ පිරුළුයෙන් අළ දැයක් වැන්නාහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ වෘක්‍ෂඵල වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා (කඩුව හා මස් ලොඹුව) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සැත්හුල් බන්දහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ බොහෝ දුක් ඇත්තාහ බොහෝ උපායාස ඇත්තාහ මෙහි ආදීනව බොහෝහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දාහු නුයි ‘අප්පස්සාදො දුක්ඛ මෙත්‍ථ භිය්‍යො’ යනු වේ.
Pali BJTගළො එසො ඉති ඤත්වා මතිමාති: ගළොති වා බලිසන්ති වා ආමිසන්ති වා ලග්ගනන්ති වා{1} බන්ධනන්ති වා පළිබොධොති වා පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉතීති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාමෙතං ඉතීති. මතිමාති ධීරො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවි මෙධාවී.
Sinhala BJTගළො එසො ඉති ඤත්වා මතිමා - ‘ගළ’ යැ හෝ ‘බලිස’ යැ හෝ ‘ආමිස’ යැ හෝ ‘ලග්ගන’ යැ හෝ ‘බන්‍ධන’ යැ හෝ ‘පළිබෝධ’ යැ හෝ තෙලෙ පස්කම් ගුණයනට නමෙකි. ඉති යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ පදපාරිපූරි යැ, අක්‍ෂර සමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතායැ, පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු මතිමා යනු: දුකෙහි නො සැලෙනුයෙන් ධීර යැ සුවයෙහි නො ඉල්පෙනුයෙන් පණ්ඩිත යැ, මෙලෝ පරලෝ අර්‍ත්‍ථයෙහි කළ පරිචය ඇතියෙන් ප්‍රඥාවත් යැ, ආත්මාර්‍ත්‍ථ පරාර්ථයෙහි නිසලවනුයෙන් බුද්ධිමත් යැ, ගම්භීර උත්තානාර්ත්‍ථයෙහි නොපසුබස්නෙන් ඥානවත් යැ, ගුඪ ප්‍රතිච්ඡන්නාර්ත්‍ථයන් හෙළි කරනුයෙන් විභාවී යැ, නික්ලෙශතායෙන් මොධාවි යැ.
Pali BJTගළො එසො ඉති ඤත්වා මතිමාති: මතිමා ගළොති ඤත්වා බලිසන්ති ඤත්වා. ආමිසන්ති ඤත්වා ලග්ගනන්ති’. ඤත්වා බන්ධනන්ති ඤත්වා පළිබොධොති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති: ‘ගළො එසො ඉති ඤත්වා මතිමා, එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTගළො එසො ඉති ඤත්වා මතිමා යනු: නුවණැතියේ (තෙල පස්කම්ගුණ) ගළයෙකැයි දැන බලිසයෙකැයි දැන ආමිෂයෙකැයි දැන ලග්නයෙකැයි දැන බන්‍ධනයෙකැයි දැන පළිබොධයෙකැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ගළො එසො ඉති ඤත්වා මතිමා, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො.
Sinhala BJTඑයින් කීහ. ඒ පසේ සම්බුදුහු:
Pali BJT“සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්යං අප්පස්සාදො දුක්ඛමෙත්ථ භීයො, ගළො එසො ඉති ඤත්වා මතිමා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“සඞ්ගො එසො -පෙ- ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසන්දාලයිත්වාන සඤ්ඤොජනානි ජාලංව භෙත්වා සලිලම්බුචාරී, අග්ගීව දඩ්ඪං අනිවත්තමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTදියෙහි දැල බිඳ ගිය මසකු සෙයින් සංයෝජනයන් පළා, දැවුණු තැනට පෙරළා නො එන ගින්නක් සෙයින් (මාර්‍ගඥානයෙන් දැවුණු කෙලෙසුන් කරා පෙරළා නො එමින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTසන්දාලයිත්වාන සඤ්ඤොජනානීති: දස සඤ්ඤොජනානි’. කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං මානසඤ්ඤොජනං දිට්ඨිසඤ්ඤොජනං විචිකිච්ඡාසඤ්ඤොජනං සීලබ්බතපරාමාසසඤ්ඤොජනං භවරාගසඤ්ඤොජනං ඉස්සාසඤ්ඤොජනං මච්ඡරියසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනං, සන්දාලයිත්වාන සඤ්ඤොජනානීති: දසසඤ්ඤොජනානි දාලයිත්වා සන්දාලයිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තිං කරිත්වා අනභාවං කමෙත්වාති ‘සන්දාලයිත්වාන සඤ්ඤොජනානි’.
Sinhala BJTසන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි යනු: සංයෝජනයෝ දස දෙනෙකි: කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ දෘෂ්ටිසංයෝජන යැ විචිකිත්සාසංයොජන යැ ශිලව්‍රතපරාමර්ශසංයොජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යාසංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අවිද්‍යා සංයෝජන යි. සන්දාලයිත්වාන සඤ්ඤොජනානි යනු: දශසංයෝජනයන් පළා මොනොවට පළා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි’ යනු වේ.
Pali BJTජාලංව භෙත්වා සලිලම්බුචාරීති ‘ජාලං’ වුච්චති සුත්තජාලං. සලිලං’ වුච්චති උදකං, ‘අම්බුචාරී’ වුච්චති මච්ඡො, යථා මච්ඡො ජාලං භින්දිත්වා සම්භින්දිත්වා දාලයිත්වා පදාලයිත්වා සම්පදාලයිත්වා චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතී, එවමෙව ද්වෙ ජාලා: තණ්හා ජාලං ච දිට්ඨිජාලං ච -පෙ- ඉදං තණ්හාජාලං -පෙ- ඉදං දිට්ඨිජාලං. තස්ස පච්චෙකසම්බුද්ධස්ස තණ්හාජාලං පහීනං, දිට්ඨිජාලං පටිනිස්සට්ඨං, තණ්හාජාලස්ස පහීනත්තා දිට්ඨිජාලස්ස පටිනිස්සට්ඨත්තා සො පච්චෙකසම්බුද්ධො රූපෙ න සජ්ජති, සද්දෙ න සජ්ජති -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු න සජ්ජති, න ගණ්හාති{1} න බජ්ඣති{2} න පළිබජ්ඣති{3}. නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො, විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘ජාලංව භෙත්වා සලිලම්බුචාරී’.
Sinhala BJTජාලංච හෙත්‍වා සලිලම්බුවාරි- ‘ජාලං’ යි හූදැල කියනු ලැබෙයි. ‘සලලං’ යි ජලය කියනු ලැබෙයි. ‘අම්බුවාරි” යි මත්ස්‍යා කියනු ලැබෙයි. යම්සේ මත්ස්‍ය තෙම දැල බිඳ සිදුරු කොට පළා හිරා හිරිහිරිකොට සෙරෙයි වෙසෙයි ඉරියව් පවත්වා ද වැටේ ද පාලනය කෙරේ ද රැකේ ද යාපනය කෙරේද එසෙයින් මැ, තෘෂ්ණාජාලද දෘෂ්ටිජාලදැයි ජාල දෙකෙකි. ... මේ තෘෂ්ණාජාල යැ. මේ දෘෂ්ටිජාල යි. ඒ පසේබුදුන් විසින් තෘෂ්ණා ජාලය ප්‍රහීණ යැ දෘෂ්ටිජාලය දුරලනලද, තෘෂ්ණාජාලය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නොඇලෙති ගන්‍ධයෙහි නො ඇලෙති ... දෘෂ්ට ශ්‍රැත මුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ඇලෙති නො ගනිති නො බැඳෙති ප්‍රතිබද්ධ නො වෙති (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු වෙන් වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘ජාලංච හෙත්‍වා සලිලම්බුවාරි’ යනු වේ.
Pali BJTඅග්ගීව දඩ්ඪං අනිවත්තමානොති: යථා අග්ගී තිණකට්ඨුපාදානං දහන්තො ගච්ඡති අනිවත්තන්තො. එවමෙව තස්ස පච්චෙකසම්බුද්ධස්ස සොතාපත්තිමග්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති න පච්චාගච්ඡති. සකදාගාමිමග්ගෙන-අනාගාමිමග්ගෙන-අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති න පච්චාගච්ඡතීති ‘අග්ගීව දඩ්ඪං අනිවත්තමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
Sinhala BJTඅග්ගීව දඩ්ඪං අනිවත්තමානො යනු: යම්සේ ගින්න තෘණකාෂ්ට පටන් කොට දවමින් නො නැවැතැ යේ ද එසෙයින් මැ ඒ පසේ බුදුන් විසින් සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එති සෙදගැමි මගින් - අනගැමි මඟින්- රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එත් නුයි. “අග්ගීච දඩ්ඪං අනිවත්තමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේබුදුහු:
Pali BJT“සන්දාලයිත්වාන සඤ්ඤොජනානි ජාලංව භෙත්වා සලිලම්බුචාරී අග්ගිව දඩ්ඪං අනිවත්තමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT‘සන්දාලයිත්‍වාන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො, අනවස්සුතො අපරිඩය්හමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTයටබලා හෙලූ ඇස් ඇතියේ නො ද පාදලොල වූයේ රක්නා ලද ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ (කෙලෙසුන් විසින්) නො තෙත් වූයේ (කෙළෙස් ගිනින්) නො දැවුණේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලොති කථං-ඛිත්තචක්ඛු හොති: ඉධෙකච්චො භික්ඛු චක්ඛුලොලො චක්ඛුලොලියෙන සමන්නාගතො හොති ‘අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බ’න්ති ආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට්ඨෙන රට්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනවත්ථි ත චාරිකං{1} අනුයුත්තො හොති රූපදස්සනාය, එවං ඛිත්තචක්ඛු හොති -
Sinhala BJTඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො යනු: කිසෙයින් “ඛිත්තචක්බු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්ෂුර්ලෞල්‍යයෙන් සමන්‍විත වෙයි. නුදුටු රූපාලම්බන දැක්ක යුතු යැ දක්නා ලද්ද ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝ චාරිකායෙහි නො නිමි චාරිකායෙහි යෙදුණේ රූපදර්‍ශනය පිණිස හැසිරෙයි මෙසේ “ඛිත්තචක්බු’ වෙයි.
Pali BJTඅථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො අසංවුතො ගච්ඡති: හත්ථිං ඔලොකෙන්තො අස්සං ඔලොකෙන්තො රථං ඔලොකෙන්තො පත්තිං ඔලොකෙන්තො ඉත්ථියො ඔලොකෙන්තො පුරිසෙ ඔලොකෙන්තො කුමාරකෙ ඔලොකෙන්තො කුමාරිකායො ඔලොකෙන්තො අන්තරාපණං ඔලොකෙන්තො ඝරමුඛානි ඔලොකෙන්තො උද්ධං ඔලොකෙන්තො{2} අධො ඔලොකෙන්තො දිසාවිදිසං විපෙක්ඛමානො{3} ගච්ඡති, එවම්පි ඛිත්තචක්ඛු හොති.
Sinhala BJTනොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වේමඟට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ස්ත්‍රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යෙයි. මෙසේත් “ඛිත්තචක්බු’ වෙයි.
Pali BJTඅථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙතං{4} චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං{5} ආපජ්ජති, එවම්පි ඛිත්තචක්ඛු හොති.
Sinhala BJTනොහොත් මහණ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත වැ වසන මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්බු’ වෙයි.
Pali BJTයථාවා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූනං සොභනගරකං{6} චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යුහං අනීකදස්සනං ඉති වා, එවම්පි ඛිත්තචක්ඛු හොති.
Sinhala BJTතවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල කුළුතාලම් හෝ මළසිරුරු මන්ත්‍රයෙන් නඟාලීම කළපිඹීම (බුම්මංඩි?) ප්‍රතිභානචිත්‍ර සැඩොලුන්ගේ ඝණදෙවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම් ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ල පොර යුදපෙරමුණ බල සෙන් ගණන තැන කඳවුරු බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්බු’ වේ.
Pali BJTකථං ඔක්ඛිත්තචක්ඛූ හොති, ඉධෙකච්චො භික්ඛු{1} න චක්ඛුලොලො න චක්ඛුලොලියෙන සමන්නාගතො හොති, අදිට්ඨං දක්ඛිතබ්බං දිට්ඨං සමතික්කමිතබ්බන්ති න ආරාමෙන ආරාමං, න උය්යානෙන උය්යානං, න ගාමෙන ගාමං, න නිගමෙන නිගමං, න නගරෙන නගරං, න රට්ඨෙන රට්ඨං න ජනපදෙන ජනපදං, දීඝචාරිකං අනවත්ථිතචාරිකං{2} අනනුයුත්තො හොති රූපදස්සනාය. එවම්පි ඔක්ඛිත්තචක්ඛූ හොති.
Sinhala BJTකිසෙයින් “ඔක්ඛිත්තචක්ඛු’ වේ යැ යත්: මෙසස්නෙහි කිසි මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි: නුදුටු දැය දැක්ක යුතු යැ, දුටු දැය ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට නොයෙයි, උයනින් උයනට-ගමින් ගමට-නිගමයෙන් නිගමයට-නුවරින් නුවරට- රටින් රටට- දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකායෙහි නො නිමි චාරිකායෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වෙයි.
Pali BJTඅථවා භික්ඛු අන්තරඝරං පවිට්ඨො වීථිං පටිපන්නො සංවුතො ගච්ඡති න හත්ථිං ඔලොකෙන්තො න අස්සං ඔලොකෙන්තො න රථං ඔලොකෙන්තො න පත්තිං ඔලොකෙන්තො න ඉත්ථියො ඔලොකෙන්තො න පුරිසෙ ඔලොකෙන්තො න කුමාරකෙ ඔලොකෙන්තො න කුමාරිකායො ඔලොකෙන්තො න අන්තරාපණං ඔලොකෙන්තො න ඝරමුඛානි ඔලොකෙන්තො න උද්ධං ඔලොකෙන්තො න අධො ඔලොකෙන්තො න දිසාවිදිසං{3} විපෙක්ඛමානො ගච්ඡති එවම්පි ඔක්ඛිත්තචක්ඛූ හොති.
Sinhala BJTනොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වීදියට බටුයේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් අසුන් නො බලමින් රිය නො බලමින් පාබළ සෙන් නො බලමින් ගෑනුන් නො බලමින් පිරිමින් නො බලමින් කුමරුන් නො බලමින් කුමරියන් නො බලමින් ඇතුළු අවුණු නො බලමින් ගෙදොර නො බලමින් උඩ නො බලමින් යට නො බලමින් දිශාවිදිශා නො බලමින් යෙයි. මෙසේත් “ඔක්ඛිත්තචක්බු’ වෙයි.
Pali BJTඅථවා භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙතං{4} චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති එවම්පි ඔක්ඛිත්තචක්ඛූ හොති.
Sinhala BJTනොහොත් මහණ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර වැ වසන මොහු අභිධ්‍යා දොම්නස් සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වෙයි.
Pali BJTයථාවා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනනුයුත්තා විහරන්ති සෙය්යථීදං: නච්චං ගීතං වාදිතං -පෙ- අනීකදස්සනං ඉති වා, එවම්පි ඔක්ඛිත්තචක්ඛූ හොති.
Sinhala BJTතවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දෙනලද බොජුන් වළඳා ඔහු මෙබඳු විසුළු දස්නෙහි නො යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් ... බලඇණි දැකීම යනාදිය යි මෙබඳු විසුළු දස්නෙන් වැළැකුණේ වෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වේ.
Pali BJTන ච පාදලොලොති කථං පාදලොලො හොති: ඉධෙකච්චො භික්ඛු පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති ආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට්ඨෙන රට්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනවත්ථිතචාරිකං අනුයුත්තො විහරති එවම්පි පාදලොලො හොති.
Sinhala BJTන ච පාදලොලො යනු: කිසෙයින් ‘පාදලොල’ වේ යැ යත්: මෙහි ඇතැම් මහණෙක් පයින් ලොල්වූයේ පාදලෞල්‍යයෙන් සමන්‍විත වූයේ වෙයි: අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකායෙහි නොනිමි චාරිකායෙහි යෙදී වාසය කෙරෙයි. මෙසේත් ‘පාදලොල’ වෙයි.
Pali BJTඅථවා භික්ඛු අන්තොපි සඞ්ඝාරාමෙ{1} පාදලොලො පාදලොලියෙන සමන්නාගතො හොති. න අත්ථහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්නචිත්තො පරිවෙණතො පරිවෙණං ගච්ඡති, විහාරතො විහාරං ගච්ඡති, අඩ්ඪයොගතො අඩ්ඪයොගං ගච්ඡති, පාසා තො පාසාදං ගච්ඡති, හම්මියතො හම්මියං ගච්ඡති, ගුහාය{2} ගුහං ගච්ඡති, ලෙනතො ලෙනං ගච්ඡති, කුටියා කුටිං ගච්ඡති, කූටාගාරතො කූටාගාරං ගච්ඡති, අට්ටතො අට්ටං ගච්ඡති, මාලතො මාලං ගච්ඡති උද්දණ්ඩො උද්දණ්ඩං ගච්ඡති, උද්දොසිතතො උද්දොසිතං ගච්ඡති, උපට්ඨානසාලතො උපට්ඨානසාලං ගච්ඡති, මණ්ඩලමාලතො මණ්ඩලමාලං{3} ගච්ඡති, රුක්ඛමූලතො රුක්ඛමූලං ගච්ඡති. යත්ථ වා පන භික්ඛූ නිසීදන්ති තහිං ගච්ඡති. තත්ථ එකස්ස වා දුතියො හොති, ද්වින්නං වා තතියො හොති, තිණ්ණං වා චතුත්ථො හොති. තත්ථ බහුං සම්ඵප්පලාපං පලපති{4} සෙය්යථීදං: රාජකථං චොරකථං -පෙ- ඉති භවාභවකථං කථෙති. එවම්පි පාදලොලො හොති.
Sinhala BJTනොහොත් මහණ ඇතුළු සඟරම්හිදු පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි, ප්‍රයෝජන නැති වැ කාරණ නැති වැ උඩඟු වූයේ නො සන්හුන් සිත් ඇත්තේ පිරිවෙනින් පිරිවෙනට යෙයි, වෙහෙරින් වෙහෙරට යෙයි, අර්ධයෝගයෙන් අර්ධයෝගයට යෙයි, ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යෙයි, සඳලුගෙයින් සඳලුගෙට යෙයි, ගුහායෙන් ගුහාවට යෙයි, ලෙනින් ලෙනට යෙයි, කිළියෙන් කිළියට යෙයි, කුළුගෙයින් කුළුගෙට යෙයි, අටල්ලෙන් අටල්ලට යෙයි, මහලින් මහලට යෙයි, උද්දණ්ඩ (එක් වහලින් යුතු ගෙ) යෙන් උද්දණ්ඩයට යෙයි, බඩුහලින් බඩුහලට යෙයි, උවටැන්හලින් උවටැන්හලට යෙයි, මණ්ඩලමාලයෙන් මණ්ඩල මාලයට යෙයි, රුක්මුලින් රුක්මුලට යෙයි, යම් තැනෙකැ භික්‍ෂුහු හිඳිත් නම් එහි හෝ යෙයි, එහි එකක්හට හෝ දෙවැන්නා වෙයි, දෙදෙනකු හට හෝ තෙවැන්නා වෙයි, තිදෙනකු හට හෝ සිව්වැන්නා වෙයි. එහි දී බොහෝ නිරර්‍ත්‍ථක කථා පවසයි. ඒ මෙසේ යැ: රාජකථා යැ. චෞරකථා යැ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා කෙරෙයි. මෙසේත් ‘පාදලොල’ වේ.
Pali BJTන ච පාදලොලොති: සො පච්චෙකසම්බුද්ධො පාදලොලියා ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා පටිසල්ලානාරාමො හොති පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො.
Sinhala BJTන ච පාදලොලො යනු: ඒ පසේ බුදුහු පාදලෞල්‍යයෙන් දුරු වූවාහු වෙන් වූවාහු වෙසෙසින් වෙන්වූවාහු නික්මුණාහු බැහැරවූවාහු මිදුනාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ විවේකයෙහි ඇලුණාහු වෙති, විවේකයෙහි ඇලුණාහු අධ්‍යාත්ම චිත්තසමාධියෙහි ඇලුණාහු බැහැර නො කළ (නො නට) ධ්‍යාන ඇත්තාහු විදර්‍ශනායෙන් යුක්ත වූවාහු ශුන්‍යාගාරභාවනාව වඩන්නාහු ධ්‍යාන කරනසුලු වූවාහු ධ්‍යානයෙහි ඇලුණාහු එකීභාවයෙහි යෙදුණාහු උත්තමාර්‍ත්‍ථ (හෝ ස්වාර්‍ත්‍ථ) ගරුක වූවාහු නුයි ‘ඔක්ඛිත්තචක්බු න ච පාදලොලා’ යනු වේ.
Pali BJTගුත්තින්ද්රියො රක්ඛිතමානසානොති: ‘ගුත්තින්ද්රියො’ති සො පච්චෙකසම්බුද්ධො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණ මෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා-ජිව්හාය රසං සායිත්වා-කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා-මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජතීති ‘ගුත්තින්ද්රියො’ රක්ඛිතමානසානොති ගොපිතමානසානොති ‘ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො’.
Sinhala BJTගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානො - ‘ගුත්තින්ද්‍රියො’ යනු: ඒ පසේ බුදුහු ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නාහු අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නාහු වෙති. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර කොට වසනුවන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙති, චක්‍ෂුරින්‍ද්‍රියය ගෝපනය කෙරෙති, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙති. කනින් ශබ්ද අසා-නැහැයෙන් ගඳ අසා-දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ- මනසින් දහම් දැන නිමිති වශයෙන් නො ගන්නාහු අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නාහු වෙති. යම් කරුණකින් මනින්‍ද්‍රියය අසංවර කොට වසනුවන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙති, මනින්‍ද්‍රියය ගෝපනය කෙරෙති, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙත් නුයි ‘ගුත්තින්ද්‍රිය’ නම් වෙති. ‘රක්ඛිතමානසානො’ යනු: ගෝපනය කළ සිත් ඇත්තාහු නුයි ‘ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානෝ’ යනු වේ.
Pali BJTඅනවස්සුතො අපරිඩය්හමානොති: වුත්තං හෙතං ආයස්මතා මහාමොග්ගල්ලානෙන “අවස්සුතපරිසායං ච වො ආවුසො දෙසෙස්සාමිං{1} අනවස්සුතපරියායං ච, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති: එවමාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: ‘කථං චාවුසො අවස්සුතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ බ්යාපජ්ජති අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ බ්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤා විමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ{2} උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. අයං වුච්චතාවුසො භික්ඛු අවස්සුතො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු -පෙ- ආවස්සූතො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු. එවං විහාරිං චාවුසො භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති ලභෙථෙව{3}’ මාරො ඔතාරං ලභෙථ මාරො ආරම්මණං. සොතතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති ලභෙථෙව මාරො ඔතාරං ලභෙථ{4}’ මාරො ආරම්මණං.
Sinhala BJTඅනවස්සුතො අපරිඩය්හමානො යනු: මේ කියන ලද මැ යි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින්: ‘ඇවැත්නි, තොපට “අවස්සුත පරියාය (කෙලෙසුන් විසින් තෙත් කරුණ) ද අනවස්සුත පරියාය (කෙලෙසුන් විසින් නො තෙත් කරුණ) ද දෙසමි ඒ අසවු මැනැවින් මෙනෙහි කරවු, කියමි. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරහු මෙය වදාළහ. ඇවැත්නි, කිසෙයින් අවස්සුත (කෙලෙසුන් විසින් තෙත්) වේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණෙක් ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව වූ රූපයෙහි ඇලෙයි, අප්‍රිය ස්වභාවවූ රූපයෙහි ව්‍යාපාදයට පැමිණෙයි, නො එළඹ සිටි කායස්මෘති ඇතියේ ලඝු වූ සිත් ඇති වැ වාස කෙරෙයි, යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශල ධර්‍මයෝ අනවශේෂ කොට නිරුද්ධ වෙත් ද ඒ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය තත් වූ පරිද්දෙන් නො දනියි. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන ප්‍රියස්චහාව වූ දහම්හි ඇලෙයි, අප්‍රියස්වභාව වූ දහම්හි ව්‍යාපාදයට පැමිණෙයි, නො එළඹ සිටි කායස්මෘති ඇතියේ ලඝුවූ සිත් ඇති වැ වෙසෙයි, යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය තත් වූ පරිද්දෙන් නො දනී. ඇවැත්නි, මේ මහණ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ රූපාලම්බනයෙහි අවස්සුත වූයේ. මනෝවිඥානයෙන් දතයුතු වූ ධර්‍මාලම්බනයෙහි අවස්සුත වූයේ යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වාස කරන ඒ මහණහු කරා මාර තෙමේ චක්ෂුර්ද්වාරයෙනුදු එළැඹෙයි, ශ්‍රොත්‍රද්වාරයෙනුදු ... මනෝ - ද්වාරයෙනුදු ඔහු කරා මාර තෙමේ එළැඹෙයි, මාර තෙම සිදුරු ලබන්නේ මැ යැ, මාර තෙමේ ප්‍රත්‍යය ලබන්නේ මැ යි.
Pali BJTසෙය්යථාපි ආවුසො නළාගාරං වා තිණාගාරාං වා සුක්ඛංකොලාපං තෙරො වස්සිකං{5}’ පුරත්ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්ය ලභෙථෙව අග්ගි ඔතාරං ලභෙථ අග්ගි ආරම්මණං පච්ඡිමාය චෙපි නං දිසාය-උත්තරාය චෙපි නං දිසාය-දක්ඛිණාය චෙපි නං දිසාය-හෙට්ඨිමාය චෙපි නං{6} දිසාය-උපරිමාය චෙපි{7} නං දිසාය යතො කුතොචි චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසංකමෙය්ය ලභෙථෙව අග්ගි ඔතාරං, ලභෙථ අග්ගි ආරම්මණං. එවමෙව ඛො ආවුසො එවං විහාරිං භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, ලභෙථෙව මාරො ඔතාරං ලභෙථ මාරො ආරම්මණං. සො තතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති ලභෙථෙව මාරො ඔතාරං, ලභෙථ මාරො ආරම්මණං”
Sinhala BJTඇවැත්නි, යම්සේ වියැළි කොලපු වූ බොහෝ කල් ඉක්මගිය බට සෙවෙනි ගෙයක් හෝ තණ සෙවෙනි ගෙයක් හෝ වේ ද ඉදින් පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණසුලකින් යුතු වැ පෙරදිගිනුදු ඒ ගෙය කරා පැමිණේ නම් ගින්න සිදුරු ලබා මැ යැ ප්‍රත්‍යය ලබා මැ යැ, පැසිම් දෙසිනුදු ... උතුරු දෙසිනුදු ... දකුණු දෙසිනුදු- යටදෙසිනුදු- උඩදෙසිනුදු- යම්කිසි දෙසකිනුදු පුරුෂයෙක් ආදීප්ත වූ තණසුලකින් යුතු වැ ඒ ගෙය කරා පැමිණේ නම් ගින්න අතුරු ලබා මැ යැ, ගින්න අරමුණු ලබා මැ යැ, එසෙයින් මැ ඇවැත්නි, මෙසේ වාසය කරන මහණහු කරා චක්ෂුද්වාරයෙනුදු මාර තෙමේ පැමිණේ, නම් මාර තෙමේ අතුරු ලබා මැ යැ මාර තෙමේ ප්‍රත්‍යය ලබා මැ යැ ශ්‍රොත්‍රද්වාරයෙනුදු ... මනොද්වාරයෙනුදු ඔහු කරා මාර තෙමේ එළැඹේ නම් මාර තෙමේ අතුරු ලබා මැ යැ මාර තෙමේ අරමුණු ලබා මැ යි.
Pali BJTඑවං විහාරිං චාවුසො භික්ඛු රූපා අභිභංසු.{1} න භික්ඛු රූපෙ අභිභොසි{2} සද්දා භික්ඛුං අභිභංසු න භික්ඛු සද්දෙ අභිභොසි, ගන්ධා භික්ඛුං අභිභංසු න භික්ඛු ගන්ධෙ අභිභොසි, රසා භික්ඛුං අභිභංසු න භික්ඛු රසෙ අභිභොසි, ඵොට්ඨබ්බා භික්ඛුං අභිභංසු, න භික්ඛු ඵොට්ඨබ්බෙ අභිභොසි. ධම්මා භික්ඛුං අභිභංසු න භික්ඛු ධම්මෙ අභිභොසි. අයං වුච්චතාවුසො භික්ඛු රූපාභිභූතො{3}’ සද්දාභිභූතො ගන්ධාභිභූතො රසාභිභූතො ඵොට්ඨබ්බාභිභූතො ධම්මාභිභූතො අභිභංසු නං පාපකා අකුසලා ධම්මා සංකිලෙසා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, එවං ඛො ආවුසො අවස්සුතො හොති.”
Sinhala BJTතවද ඇවැත්නි, මෙසේ වාසය කරනසුලු භික්‍ෂුහු රූපාලම්බනයෝ මැඩපීහු යැ, මහණ රූපයන් නො මැඩපී යැ, ශබ්දාලම්බනයෝ භික්‍ෂුහු මැඩපීහු යැ, මහණ තෙම ශබ්දාලම්බනයන් නො මැඩපීයැ. ගන්‍ධාලම්බනයෝ භික්‍ෂුහු මැඩපීහු යැ. මහණ තෙමේ ගන්‍ධාලම්බනයන් නො මැඩ පී යැ, රසාලම්බනයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ රසයන් නො මැඩපී යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් නො මැඩපී යැ, ධර්‍මාලම්බනයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ නො මැඩපී යැ. ඇවැත්නි, මේ මහණ තෙමේ රූපයන් විසින් මඩනාලද යැ ශබ්දයන් විසින් මඩනා ලද යැ, ගන්‍ධයන් විසින් මඩනා ලද යැ, රසයන් විසින් මඩනාලද යැ, ස්ප්‍රෂ්ටව්‍යයන් විසින් මඩනාලද යැ, ධර්‍මයන් විසින් මඩනාලද යැ, ක්ලේශයනට ප්‍රත්‍යය වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දරථ සහිත වූ දුඃඛ- විපාක වූ ලාමක අකුශල ධර්‍මයෝ ඒ භික්‍ෂුව අභිභවනය කළාහුයැ. ඇවැත්නි, මෙසේ ‘අවස්සුත’ වූයේ වේ.
Pali BJTකථං චාවුසො අනවස්සුතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න බ්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. සොතෙන සද්දං සුත්වා -පෙ-මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න බ්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා{4} පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. අයං වුච්චතාවුසො භික්ඛු අනවස්සුතො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු -පෙ- අනවස්සුතො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු. එවං විහාරිං චාවුසො භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති නෙව ලභෙථ{5} මාරො ඔතාරං න ලභෙථ{6} මාරො ආරම්මණං, සොතතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති නෙව ලභෙථ මාරො ඔතාරං, න ලභෙථ මාරො ආරම්මණං.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අනවස්සුත වේද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූපයක් දැක ප්‍රියස්වභාව රූපයෙහි නො ඇලෙයි, අප්‍රිය ස්වභාවරූපයෙහි (ද්වේෂ විසින්) ව්‍යාපාදයට නො පැමිණෙයි, එළැඹසිටි කාගියාසී ඇති වැ අප්‍රමාණ සිත් ඇති වැ වාස කෙරෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් දැනගනියි. කනින් ශබ්ද අසා...මනසින් දහම් දැන ප්‍රියස්වභාව ධර්‍මයෙහි නො ඇලෙයි, අප්‍රිය ස්වභාව ධර්‍මයෙහි ව්‍යාපාදයට නො පැමිණෙයි, එළඹසිටි කාගියාසී ඇති වැ අප්‍රමාණ සිත් ඇති වැ වාස කෙරෙයි. යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද යථාභූතයෙන් දැනගනී. ඇවැත්නි, මේ මහණ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයෙහි අනවස්සුත යැ ... මනසින් දතයුතු දහම්හි අනවස්සුත යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වාස කරන ඒ මහණහු කරා චක්ෂුද්වාරයෙනුදු ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙම අතුරු නො ලබන්නේ මැයැ, මාර තෙම ප්‍රත්‍යය නො ලබන්නේ මැයි. ශ්‍රොත්‍රද්වාරයෙනුදු ඉදින් ඔහු කරා ... මනොද්වාරයෙනුදු ඉදින් ඔහු කරා මාර තෙම එළැඹේ නම් මාර තෙම අතුරු නොලබන්නේ මැ යැ. මාර තෙම ප්‍රත්‍යය නො ලබන්නේ මැ යි.
Pali BJTසෙය්යථාපි ආවුසො කූටාගාරං වා කූටාගාරසාලා වා බහලමත්තිකා අද්දාවලෙපනා, පුරත්ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය නෙව ලභෙථ අග්ගි ඔතාරං න ලභෙථ අග්ගි ආරම්මණං, පච්ඡිමාය චෙපි නං දිසාය-උත්තරාය චෙපි නං දිසාය-දක්ඛිණාය චෙපි නං දිසාය-හෙට්ඨිමාය චෙපි නං දිසාය-උපරිමාය චෙපි නං දිසාය-යතො කුතොචි චෙපි නං පුරිසො දිසාය ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය නෙව ලභෙථ අග්ගි ඔතාරං න ලභෙථ අග්ගි ආරම්මණං. එවමෙව ඛො ආවුසො එවං විහාරිං භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසංකමති. නෙව ලභෙථ මාරො ඔතාරං න ලභෙථ මාරො ආරම්මණං. සොතතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසංකමති නෙව ලභෙථ මාරො ඔතාරං නලභෙථ මාරො ආරම්මණං. එවංවිහාරී චාවුසො භික්ඛු රූපෙ අභිභොසි{1} න රූපා භික්ඛුං අභිභංසු,{2} සද්දෙ භික්ඛු අභිභොසි න සද්දා භික්ඛුං අභිභංසු, ගන්ධෙ භික්ඛු අභිභොසි, න ගන්ධා භික්ඛුං අභිභංසු, රසෙ භික්ඛු අභිභොසි, න රසා භික්ඛුං අභිභංසු, ඵොට්ඨබ්බෙ භික්ඛු අභිභොසි, න ඵොට්ඨබ්බා භික්ඛුං අභිභංසු. ධම්මෙ භික්ඛු අභිභොසි, න ධම්මා භික්ඛුං අභිභංසු, අයං වුච්චතාවුසො භික්ඛු රූපාභිභූ{3} සද්දාභිභූ ගන්ධාභිභූ රසාභිභූ ඵොට්ඨබ්බාභිභූ ධම්මාභිභූ අභිභූ අනභිභූතො{4} කෙහි චී කිලෙසෙහි අභිභොසි තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ සංකිලෙසිකෙ පොනොභවිකෙ සදරෙ දුක්ඛවිපාකෙ ආයතිං ජාතිජරාමරණීයෙ. එවං ඛො ආවුසො අනවස්සුතො හොතී”ති.
Sinhala BJTඇවැත්නි, යම්සේ බොල්මැටි ඇති තෙත්මැටි අලෙව්දුන් කුළුගෙයක් හෝ කූටාගාරශාලාවක් හෝ වේ ද, ඉදින් පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණහුලකින් යුතු වැ පැදුන්දෙසිනුදු ඒ කුටාගාරගාලාව කරා එළැඹේ නම් ගින්න නො මැ අතුරු ලැබෙන්නේ ද ගින්න ප්‍රත්‍යය නො ලැබෙන්නේ ද, ඉදින් පැළදෙසිනුදු එය කරා-ඉදින් උතුරු දෙසිනුදු එය කරා-ඉදින් දකුණුදෙසිනුදු එය කරා- ඉදින් යට දෙසිනුදු එය කරා-ඉදින් උඩදෙසිනුදු එය කරා-ඉදින් යම්කිසි දෙසකිනුදු එය කරා පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණහුලකින් යුතු වැ එළඹේ නම් ගින්න නො මැ අතුරු ලැබෙන්නේ ද, ප්‍රත්‍යය නො ලැබෙන්නේ ද, එසෙයින් මැ ඇවැත්නි, මෙබඳු විහරණ ඇති ඒ මහණහු කරා චක්ෂුර්ද්වාරයෙනුදු ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙමේ නො මැ අතුරු ලැබෙන්නේ යැ ප්‍රත්‍යය නො ලැබෙන්නේ යැ, ඉදින් ශ්‍රොත්‍රද්වාරයෙනුදු ඔහු කරා ... මනෝද්වාරයෙනුදු ඔහු කරා ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙමේ නො මැ අතුරු ලැබෙන්නේ යැ මාර තෙමේ ප්‍රත්‍යය නො ලැබෙන්නේ මැ යි. තවද ඇවැත්නි, මෙබඳු විහරණ ඇති මහණ තෙම රූපයන් මැඩපී යැ. රූපයෝ මහණහු නො මැඩපූහ. මහණ ශබ්දයන් මැඩපී යැ, ශබ්දයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ගන්‍ධයන් මැඩපීයැ, ගන්‍ධයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම රසයන් මැඩපීයැ, රසයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ස්ප්‍රෂ්ටව්‍යයන් මැඩපීයැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ධර්‍මයන් මැඩපී යැ, ධර්‍මයෝ මහණහු නො මැඩපූහ. ඇවැත්නි මෙ මහණ රූපය මැඩලූයේ යැ, ශබ්දය මැඩලූයේ යැ, ගන්‍ධය මැඩලූයේ යැ, රසය මැඩලූයේ යැ, ස්ප්‍රෂ්ටව්‍යය මැඩලූයේ යැ, ධර්‍මය මැඩලූයේ යයි කියනු ලැබෙයි. කිසි කෙලෙස් කෙනකුන් විසින් නො මඩනා ලද්දේ ‘අභිභූ’ නම් වෙයි. සාංක්ලේශික වූ පුනර්‍භවය ඇතිකරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාති ජරාමරණ පිණිස පවත්නා වූ ඒ ලාමක අකුශලධර්‍මයන් මැඩලයි. ඇවැත්නි මෙසෙයින් ‘අන්වස්සුත’ වේ නුයි ‘අනවස්සුතො’ යනු වේ.
Pali BJTඅනවස්සුතො අපරිඩය්හමානොති: රාගජෙන පරිළාහෙන අපරිඩය්හමානො දොසජෙන පරිළාහෙන අපරිඩය්හමානො මොහජෙන පරිළාහෙන අපරිඩය්හමානොති ‘අනවස්සුතො අපරිඩය්හමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො, ‘
Sinhala BJTඅනවස්සුතො අපරිඩය්හමානො යනු: රාගයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ ද්වේෂයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ මෝහයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ නුයි ‘අනවස්සුතො අපරිඩය්හමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො, අනවස්සුතො අපරිඩය්හමානො{5} එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“ඔක්ඛිත්තචක්ඛු -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි සංඡන්නපත්තො{1}’ යථා පාරිච්ඡත්තකො, කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT(කෙස්රැවුළු ආදී) ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට සැදුණු පත්‍ර ඇති පරසතුරුකක් සෙයින් කහවත් ඇති වැ, අභිනිෂ්ක්‍රමණ කොට කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙයි.
Pali BJTඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානීති ‘ගිහිබ්යඤ්ජනා’ වුච්චන්ති කෙසා ච මස්සු ච{2}’ -පෙ- දීඝදසානි, ඉති වා. ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානීති: ගිහිබ්යඤ්ජනානි ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භිත්වාති ‘ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි,
Sinhala BJTඔහාරයිත්‍වා ගිහිබ්‍යඤ්ජානානි- ‘ගිහිව්‍යඤ්ජනයෝ’ : කෙස් ද රවුළු ද ... දික්දාවලු ඇති වස්ත්‍ර යනාදිය හෝ කියනු ලැබෙති. ඔහාරයිත්‍වා ගිහි බ්‍යඤජනානි යනු: ගිහිබ්‍යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහාතබා දුරු කොට නුයි “ඔහාරයීත්‍වා ගිහිබ්‍යඤ්ජනානි’ යනු වේ.
Pali BJTසඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකොති යථා සො පාරිජත්තකො කොවිළාරො බහලපත්තපලාසො සන්දච්ඡායො.{3}’ එවමෙව සො පච්චෙකසම්බුද්ධො පරිපුණ්ණපත්තචීවරධරොති ‘සඤ්ඡන්නපත්තො’{1} යථා පාරිච්ඡත්තකො.
Sinhala BJTසඤ්ජන්නපත්තො යථා පාරිච්ඡත්තකො යනු: යම්සේ ඒ පරසතු නම් වූ කොබළලරුක බොල්පත්පලු ඇත්තේ ඝන සෙවනලු ඇත්තේ වේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු පරිපූර්‍ණ පාත්‍රචීවර ධරනුවාහු නුයි ‘සඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකො’ යනු වේ.
Pali BJTකාසායවත්ථො අභිනික්ඛමිත්වාති: සො පච්චෙකසම්බුද්ධො සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා{4}’ කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
Sinhala BJTකාසායවත්ථො අභිනික්ඛමිත්‍වා යනු: ඒ පසේ බුදුහු හැම ගෘහවාසපළිබොධ සිඳ අඹුදරු පළිබෝධ සිඳ ඥාතිපළිබොධ සිඳ සගයහළු පළිබෝධ සිඳ සන්නිධිපළිබොධ සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චනභාවයට (කිසිත් නැති බවට) පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි “කාසායවත්ථො අභිනික්ඛමිත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි සඤ්ඡන්නපත්තො යථාපාරිච්ඡත්තකො, කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“ඔහාරයිත්‍වා -පො- ඒකෝ චරෙ බග්ගවිසාණප්පො” යි.
Pali BJTතතියො වග්ගො.
Sinhala BJTතුන් වැනි වර්‍ගයි.
Pali BJTචතුත්ථො වග්ගො
Sinhala BJTසතර වැනි වර්‍ගය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTරසෙසු ගෙධං අකරං අලොලො අනඤ්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTරසයෙහි ගිජු බව නො කරනුයේ ලොල් නො වූයේ අනෙකක්හු නුපුස්නාසුලු වූයේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩනුයේ කුලයෙහි (කෙලෙස් විසින්) නො ලැගි සිත් ඇත්තේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTරසෙසු ගෙධං අකරං අලොලොති ‘රසො’ති: මූලරසො ඛන්ධරසො තචරසො පත්තරසො පුප්ඵරසො ඵලරසො, අම්බිලං මධුරං තිත්තකං කටුකං ලොණිකං{1}’ ඛාරිකං ලපිලං{2}’ කසාවො සාදුං අසාදුං{3} සීතං උණ්හං. සන්තෙකෙ සමණබ්රාහ්මණා රසගිද්ධා, තෙ ජිව්හග්ගෙන රසග්ගානි පරියෙසන්තා ආහිණ්ඩන්ති, තෙ අම්බිලං ලභිත්වා අනම්බිලං පරියෙසන්ති, අනම්බිලං ලභිත්වා අම්බිලං පරියෙසන්ති, මධුරං ලභිත්වා අමධුරං පරියෙසන්ති, අමධුරං ලභිත්වා මධුරං පරියෙසන්ති, තිත්තකං ලභිත්වා අතිත්තකං පරියෙසන්ති, අතිත්තකං ලභිත්වා තිත්තකං පරියෙසන්ති, කටුකං ලභිත්වා අකටුකං පරියෙසන්ති අකටුකං ලභිත්වා කටුකං පරියෙසන්ති, ලොණිකං ලභිත්වා අලොණිකං පරියෙසන්ති, අලොණිකං ලභිත්වා ලොණිකං පරියෙසන්ති, ඛාරිකං ලභිත්වා අඛාරිකං පරියෙසන්ති, අඛාරිකං ලභිත්වා ඛාරිකං පරියෙසන්ති, කසාවං ලභිත්වා අකසාවං පරියෙසන්ති, අකසාවං ලභිත්වා කසාවං පරියෙසන්ති, ලපිලං{2} ලභිත්වා අලපිලං පරියෙසන්ති, අලපිලං ලභිත්වා ලපිලං පරියෙසන්ති, සාදුං ලභිත්වා අසාදුං පරියෙසන්ති, අසාදුං ලභිත්වා සාදුං පරියෙසන්ති, සීතං ලභිත්වා උණ්හං පරියෙසන්ති, උණ්හං ලභිත්වා සීතං පරියෙසන්ති, තෙ යං යං ලභන්ති තෙන තෙන න තුස්සන්ති, අපරාපරං පරියෙසන්ති, මනාපිකෙසු රසෙසු රත්තා{4} ගිද්ධා ගධිතා මුච්ඡිතා අජ්ඣොපන්නා{5}, ලග්ගා ලග්ගිතා පළිබුද්ධා, සා රසතණ්හා තස්ස පච්චෙකබුද්ධස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{6} ආයතිං අනුප්පාදධම්මා. තස්මා සො පච්චෙකසම්බුද්ධො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉතිපුරාණං ච වෙදනං පටිහඞ්ඛාමි, නවං ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ච. යථා වණං ආලිම්පෙය්ය යාවදෙව රොපනත්ථාය,{7} යථා වා පන අක්ඛං අබ්භඤ්ජෙය්ය යාවදෙව භාරස්ස නිත්ථරණත්ථාය, යථා වා පන පුත්තමංසං ආහාරං ආහරෙය්ය{8} යාවදෙව කන්තාරස්ස නිත්ථරණත්ථාය. එවමෙව සො පච්චෙකසම්බුද්ධො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණං ච වෙදනං පටිහඞ්ඛාමි, නවං ච වෙදනං න උප්පාදෙස්සාමි,
Sinhala BJTරසෙසු ගෙධං අකරණං අලොලො- ‘රසො’ යනු: මුල්රස යැ කඳරස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ, ඇඹුල මිහිර තිත්තරස යැ කුළුරස යැ ලුණුරස යැ කරරස යැ (ගිවුළු ආදි) ලපිල රස යැ කසටරස යැ ඉටුරස යැ අනිටුරුස යැ සිහිල්රස යැ උණුරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණෝ ඇති. ඔහු දිවගින් අග්‍රරසයන් පිරියෙස් (සොය) මින් ඇවිදුති, ඔහු ඇඹුල ලැබ නො ඇඹුල පිරියෙස්ති (සොයති) නො ඇඹුල ලැබ ඇඹුල පිරියෙස්ති, (ගිතෙල් ඈ) මිහිරිරස ලැබ නොමිහිරිරස පිරියෙස්ති නො මිහිරිරස ලැබ මිහිරිරස පිරියෙස්ති, තිත්තරස ලැබ අතිත්තකරස පිරියෙස්ති, අතිත්තකරස ලැබ තිත්තරස පිරියෙස්ති, කුළුරස ලැබ නො කුළුරස පිරියෙස්ති, නො කුළුරස ලැබ කුළුරස පිරියෙස්ති, ලුණුරස ලැබ ලුණු නැත්ත පිරියෙස්ති, ලුණුනැත්ත ලැබ ලුණුරස පිරියෙස්ති, කරරස ලැබ අබාරිකය (කරරස නැත්ත) පිරියෙස්ති, කරරස නැත්ත ලැබ කරරස පිරියෙස්ති, කසටරස ලැබ කසටරස නැත්ත පිරියෙස්ති, කසටරස නැත්ත ලැබ කසටරස පිරියෙස්ති, ලපිලරස ලැබ ලපිලරස නැත්ත පිරියෙස්ති, ලපිල රස නැත්ත ලැබ ලපිලරස පිරියෙස්ති, ඉටුරස ලැබ අනිටුරස පිරියෙස්ති, අනිටුරස ලැබ ඉටුරස පිරියෙස්ති, සිහිල්රස ලැබ උණුරස පිරියෙස්ති, උණුරස ලැබ සිහිල් රස පිරියෙසිත්. ඔහු යම් යම් රසයක් ලබත්ද ඒ ඒ රසයෙන් තුටු නො වෙති. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැස ගත්තාහු ලැගුණාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු මතුමත්තෙහි පිරියෙසිත්. ඒ රසතෘෂ්ණාව ඒ පසේබුදුන් විසින් ප්‍රහීණ යැ, උසුන් මුල් ඇත්තී යැ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලද යැ. අනු අභාවය කරන ලද යැ ආයති භවයෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් ඒ පසේබුදුහු නුවණින් විමසා අහර වළඳති. කෙළි පිණිස නො මැ වළඳති, මද පිණිස-අලඞ්කාර පිණිස - සැරසුම් පිණිස නො වළඳති, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳත්. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි අලුත් වේදනාත් නූපදවමි මාගේ යැපීම ද වන්නේ යැ අනවද්‍යභාවය ද සුවවිහරණය ද වන්නේ යැ යි. යම්සේ මස්වැඩීම පමණට ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමඟ තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් මැ පසේ බුදුහු නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳති, නො මැ කෙළි පිණිස වළඳති ...
Pali BJTයාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො ව ති. රසතණ්හං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, රසතණ්හාය ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදිකතෙන චෙතසා විහරතීති ‘රසෙසු ගෙධං’. අලොලොති ‘ලොලුප්පං වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “සා ලොලුප්පා තණ්හා තස්ස පච්චෙකසම්බුද්ධස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා පච්චෙකසම්බුද්ධො අලොලොති ‘රසෙසු ගෙධං අකරං අලොලො.’
Sinhala BJTමාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ යැ’ යි රසතෘෂ්ණාව දුරු කෙරෙති, බැහැර කෙරෙති, විගතාන්ත කෙරෙති අනභාවයට පමුණුවති. රසතෘෂ්ණාවෙන් දුරු වූවාහු වෙන්වූවාහු වෙසෙසින් වෙන්වූවාහු නික්මුණාහු නික්මැගියාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු වන්නාහ, විගතර්‍ම්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘රසෙසු ගෙධං’ යනුවේ. අලොලො යනු: ‘ලොලුප්ප’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඒ පසේබුදුනට ප්‍රහීණ යැ උසුන් මුල් ඇත්තී යැ තාලවස්තුවක් මෙන් කරන ලද අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් පසේ බුදුහු ‘අලෝල’වෙත් නුයි ‘රසෙසු ගෙධං අකරං අලෝලො’යනු වේ.
Pali BJTඅනඤ්ඤපොසී සපදානචාරීති: ‘අනඤ්ඤපොසී’ති සො පච්චෙකසම්බුද්ධො අත්තානඤ්ඤෙව පොසෙති න පරන්ති,
Sinhala BJTඅනුඤ්ඤපොසී සපදානවාරි- ‘අනඤ්ඤපෝසී’ යනු: ඒ පසේබුදුහු තමන් මැ පෝෂණය කෙරෙති මෙරමා පෝෂණය නො කෙරෙත් නුයි,
Pali BJT1. “අනඤ්ඤපොසීං අඤ්ඤාතං දන්තං සාරෙ පතිට්ඨිතං.{1} ඛීණාසවං වන්තදොසං තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.{a}
Sinhala BJT1. “තමා විසින් පෝෂණය කළ යුතු අනෙකක්හු නැති දන්නා ලද සත්‍යය ඇති දමනය කළ ඉඳුරන් ඇති නිර්වාණසාරයෙහි පිහිටි වාන්ත වූ ද්වේෂ ඇති ඒ ක්ෂීණස්‍රවයා ‘බ්‍රාහ්මණ’ යයි මම් කියමි”යි.
Pali BJTඅනඤ්ඤපොසී සපදානචාරීති: සො පච්චෙකසම්බුද්ධො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති රක්ඛිතෙනෙව කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි ඔක්ඛිත්තචක්ඛූ ඉරියාපථසම්පන්නො, කුලාකුලං අනතික්කමන්තො පිණ්ඩාය චරතීති ‘අනඤ්ඤපොසී සපදානචාරී.’
Sinhala BJTඅනඤ්ඤපොසී සපදාචාරී යනු: ඒ පසේ බුදුහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රක්නාලද කායද්වාරයෙන් යුක්ත වැ රක්නාලද වාග්ද්වාරයෙන් යුක්ත වැ රක්නාලද මනෝද්වාරයෙන් යුක්ත වැ එළඹැසිටි සිහියෙන් යුක්ත වැ සංවර කළ ඉඳුරන් ඇති වැ යට බලාලු ඇස් ඇති වැ පිරිපුන් ඉරියවු ඇති වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙති, කුලයෙන් කුලය නො ඉක්මෙමින් පිඬු පිණිස හැසිරෙත්නුයි ‘අනුඤ්ඤපොසී සපදානචාරී’ යනු වේ.
Pali BJTකුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තොති: ද්වීහි කාරණෙහි පටිබද්ධචිත්තො{2} හොති: අත්තානං වා නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති, අත්තානං වා උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති.
Sinhala BJTකුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො’- දෙ කරුණෙකින් ඇලුණුසිත් ඇත්තේ වෙයි: තමා හෝ පහත් කොට තබමින් මෙරමා උස් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වෙයි. තමා හෝ උස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වෙයි.
Pali BJTකථං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති: තුම්හෙ මෙ බහූපකාරා, අහං තුම්හෙ නිස්සාය ලභාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං යෙපි මෙ අඤ්ඤෙ දාතුං වා කාතුං වා මඤ්ඤන්ති, තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා, යම්පි මෙ පොරාණං මාතාපෙත්තිකං නාමගොත්තං. තම්පි මෙ අන්තරහිතං, තුම්හෙහි අහං ඤායාමි අසුකස්ස කුලුපකො අසුකාය කුලුපකොති. එවං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති. කථං අත්තානං උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති: අහං තුම්හාකං බහූපකාරො, තුම්හෙ මං ආගම්ම බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා, පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. තුම්හාකං අහං උද්දෙසං දෙමි, පරිපුච්ඡං දෙමි, උපොසථං ආචික්ඛාමි,{1} නවකම්මං අධිට්ඨාමි. අථ ච පන තුම්හෙ මං උජ්ඣිත්වා අඤ්ඤෙ සක්කරොථ ගරුකරොථ{2} මානෙථ පුජෙථාති. එවං අත්තානං උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති.
Sinhala BJTකිසෙයින් තමා නීච කොට තබමින් මෙරමා උස් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වේ ද යත්: ‘තෙපි මට බොහෝ උපකාර ඇතියව මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙමි මේ අන්හු ද දෙන්නට හෝ කරන්නට හෝ සිතත් නම් තොප නිසා තොප බලමින් (දෙන්නට සිතති) මව්පියන් සතු මාගේ යම් පැරණි නාමගොත්‍රයෙක් වී නම් මාගේ ඒ නම්ගොත් ද වැසිණි. තොප නිසා මම් අසුවල්හුගේ කුලුපග යැ, අසෝ තැනැත්තිය ගේ කුලුපග යැ යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා නීච කෙරෙමින් පරා උසස් කරනුයේ පිළිබැඳි සිත් ඇතියේ වෙයි. කිසෙයින් තමා උසස් කෙරෙමින් පරා නීච කොට තබනුයේ පිළිබැඳි සිත් ඇති වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇතියෙමි තෙපි මා කරා අවුදු බුදුන් සරණ ගියව, දහම් සරණ ගියව, සඟුන් සරණ ගියව, ප්‍රාණවධයෙන් වැළැක්ක වූ යැ අදත්තාදානයෙන්-කාමමිථ්‍යා චාරයෙන්- මෘෂාවාදයෙන්- මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්කවූ යැ. මම් තොපට උද්දේශ දෙමි, පරිපෘච්ඡා දෙමි, පොහොය පවසමි, නවහම්හි පිහිට වෙමි. එතෙකුදු වත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරව, ගරු කරව, බුහුමන් කරව, පුද කරව යි මෙසේ තමා උස් කොට තබමින් පරා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇතියේ වේ.
Pali BJTකුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තොති: සො පච්චෙකසම්බුද්ධො කුලපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොති, ගණපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොති, ආවාසපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොති, චීවරපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොති, පිණ්ඩපාතපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොති, සෙනාසනපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපළිබොධෙන අප්පටිබද්ධචිත්තො හොතීති-කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTකුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො යනු: ඒ පසේබුදුහු කුලපළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, ගණපළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, ආවාස පළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, චීවරපළිබොධයෙන්- පිණ්ඩපාත පළිබොධයෙන්- සෙනාසනපළිබොධයෙන්- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපළිබොධයෙන් නො ලැගුණු සිත් ඇත්තාහු වෙත් නුයි ‘කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“රසෙසු ගෙධං අකරං අලොලො අනඤ්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.”
Sinhala BJT“රසෙසු ගෙධං අකාරං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTපහාය පඤ්චාවරණානි චෙතසො උපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙ, අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසං{3} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTසිතට ආවරණ වූ පඤ්ච නීවරණයන් හැරපියා හැම උපක්ලේශයන් විදසුන්මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අනිඃශ්‍රිත වූයේ ත්‍රෛධාතුක වූ ස්නේහදෝෂය සිඳපියා කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTපහාය පඤ්චාවරණානි චෙතසොති: සො පච්චෙකසම්බුද්ධො කාමච්ඡන්දනීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා, බ්යාපාදනීවරණං-ථීනමිද්ධනීවරණං-උද්ධච්චකුක්කුච්චනීවරණං-විචිකිච්ඡානීවරණං පහාය පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරතීති ‘පහාය පඤ්චාවරණානි චෙතසො’.
Sinhala BJTපහාය පඤ්චාවරණානි චෙතසො - ඒ පසේබුදුහු කාමච්ඡන්‍දනීවරණය හැර හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා ව්‍යාපාද නීවරණය- ථීනමිද්ධ නීවරණය- උද්ධච්චකුක්කුච්චනීවරණය විචිකිච්ඡා නීවරණය හැර හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරේ නුයි ‘පහාය පඤ්චාවරණානි චෙතසො”යනු වේ.
Pali BJTඋපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙති: රාගො චිත්තස්ස උපක්කිලෙසො, දොසො චිත්තස්ස උපක්කිලෙසො, මොහො චිත්තස්ස උපක්කිලෙසො, කොධො-උපනාහො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා චිත්තස්ස උපකිලෙසා. උපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙති: සබ්බෙ චිත්තස්ස උපක්කිලෙසෙ බ්යපනුජ්ජ පනුදිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘උපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙ’.
Sinhala BJTඋපක්කිලේසෙ බ්‍යපනුජ්ජ සබ්බේ - රාගය සිතට උපක්ලේශ යැ ද්වේෂය සිතට උපක්ලේශ යැ මෝහය සිතට උපක්ලේශ යැ ක්‍රෝධය - උපනාහය.... සියලු අකුශලාභිසංස්කාරයෝ සිතට උපක්ලේශයෝ යි. උපක්කිලෙසෙබ්‍යපනුපජ්ජ සබ්බේ යනු: සිතට උපක්ලේශ වූ හැම ධර්‍මයන්. ඛ්‍යපනුජ්ජ: බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘උපක්කිලේසෙ බ්‍යපනුපජ්ජ සබ්බේ”යනු වේ.
Pali BJTඅනිස්සිතො ඡෙත්ව සිනෙහදොසන්ති: ‘අනිස්සිතො’ති ද්වෙ නිස්සයා: තණ්හානිස්සයො ච දිට්ඨිනිස්සයො ච -පෙ- අයං තණ්හානිස්සයො -පෙ- අයං දිට්ඨිනිස්සයො. සිනෙහොති ද්වෙ සිනෙහා: තණ්හාස්නෙහො ච දිට්ඨිස්නෙහො ච -පෙ- අයං තණ්හාස්නෙහො -පෙ- අයං දිට්ඨිස්නෙහො දොසොති “යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස බ්යාපත්ති මනො පදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං බ්යාපත්ති බ්යාපජ්ජනා බ්යාපජ්ජිතත්තං චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස’.{a} අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසන්ති සො පච්චෙකසම්බුද්ධො තණ්හාස්නෙහං ච දිට්ඨිස්නෙහං ච දොසං ච ඡෙත්වා උච්ඡින්දිත්වා සමුච්ඡින්දිත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා චක්ඛුං අනිස්සිතො සොතං අනිස්සිතො -පෙ- දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙ ධම්මෙ අනිස්සිතො අනල්ලීනො අනුපගතො අනජ්ඣොසිතො අනධිමුත්තො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසඤ්ඤුත්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
Sinhala BJTඅනිස්සිතො ජෙත්‍ව සිනෙහදොසං- ‘අනිස්සිතො’ යනු: නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ යි ... මේ දෘෂ්ටි නිඃශ්‍රය යි. සිනෙහො යනු: ස්නෙහ දෙකෙකි: තෘෂ්ණාස්නෙහයද දෘෂ්ටිස්නෙහය දැයි... දෝසෝ යනු: “චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යකාරයෙක් දුෂිතබවෙක් ව්‍යාපාදයෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඩ බවෙක් නො පිරි පුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටුබවෙක් වේද එය යි. අනිස්සිතොඡෙත්‍ව සිනෙහදොසං යනු: ඒ පසේබුදුහු තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටිස්නෙහයද ද්වේෂය ද සිඳ මුලින් සිඳ සමූලයෙන් සිඳ හැර හැර පියා දුරු කොට විගතාන්ත කොට. අනභාවයට පමුණුවා ඇස ඇසුරු නො කෙළේ කන ඇසුරු නො කෙළේ දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ අනුපගත වූයේ අනධ්‍යවසිත වූයේ අනධිමුක්ත වූයේ නික්ම ගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරේ නුයි ‘අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“පහාය පඤ්චාවරණානි චෙතසො උපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙ, අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“පහාය පඤ්චාවරණානි චෙතසො - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTවිපිට්ඨිකත්වාන සුඛං දුඛං ච{1} පුබ්බෙව ච සොමනස්සදොමනස්සං, ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTකායිකසුවය ද දුක ද පිටු දැක පළමු මැ සොම්නස් දොම්නස් ද දුරු කොට චතුර්‍ත්‍ථධ්‍යාන උපෙක්ෂාවද (නීවරණයෙන්) විශුද්ධ වූ ශමථයද ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTවිපිට්ඨිකත්වාන සුඛං දුඛං ච{1} පුබ්බෙව ච සොමනස්සදොමනස්සන්ති: සො පච්චෙකසම්බුද්ධො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරතීති-‘විපිට්ඨිකත්වාන සුඛං දුඛං ච පුබ්බෙව ච සොමනස්සදොමනස්සං’.
Sinhala BJTවිපිට්ඨිකත්‍වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සොමනස්සදොමනස්සං යනු: ඒ පසේබුදුහු කායික සුවය ද දුරු කිරීමෙන් කායික දුක ද දුරු කිරීමෙන් පළමු (ප්‍රථමධ්‍යාන උපචාරයෙහි) මැ සොම්නස් දොම්නසුන් දුරු කිරීමෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති සතර වැනි දැහැනට එළැඹ වෙසේ නුයි ‘විපිට්ඨිකත්‍වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සෝමනස්ස දොමනස්සයං”යනු වේ.
Pali BJTලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධන්ති ‘උපෙක්ඛා’ති යා චතුත්ථජ්ඣානෙ උපෙක්ඛා උපෙක්ඛායනා අජ්ඣුපෙක්ඛනා චිත්තසමථො{2} චිත්තපස්සද්ධතා මජ්ඣත්තතා චිත්තස්ස. සමථොති “යා චිත්තස්ස ඨිති සංඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි{a} චතුත්ථජ්ඣානෙ{3} උපෙක්ඛා ච සමථො ච සුද්ධා හොන්ති විසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා මුදුභූතා කම්මනියා ඨිතා ආනෙඤ්ජප්පත්තා.{4} ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධන්ති: චතුත්ථජ්ඣානු පෙක්ඛං ච{5} සමථං ච ලද්ධා ලභිත්වා වින්දිත්වා පටිලභිත්වාති ‘ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
Sinhala BJTලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං - “උපෙක්ඛා”යනු: “චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධ්‍යුපෙක්ෂාවක් චිත්තයාගේ ශමථයෙක් චිත්තයාගේ නො තද බවෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් වේ ද එය”යි. සමථො යනු: “චිත්තයාගේ යම් (අරමුණෙහි නිසල වැ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච විචිකිච්ඡා විසින්) චිත්තයාගේ නො පැතිරීමෙක් නො විසිරීමෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද එය” යි. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි උපේක්‍ෂාව ද ශමථය ද ශුද්ධ වූවාහු වෙති, විශුද්ධ වූවාහු හාත්පසින් පිරිසිදු වූවාහු කෙලෙස් රහිත වූවාහු පහ වූ උපක්ලේශ ඇත්තාහු මෘදු වූවාහු කර්‍මක්‍ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත්. ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං යනු: චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව ද ශමථය ද ලැබ ලබාගෙන විඳ ප්‍රතිලාභ කොට නුයි “ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“විපිට්ඨි කත්වාන සුඛං දුඛං ච{1} පුබ්බෙව ච සොමනස්සදොමනස්සං, ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“විපිට්ඨිකත්‍වාන සුඛං දුඛඤ්ච -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTආරද්ධවිරියො පරමත්ථපත්තියා අලීනචිත්තො අකුසීතවුත්ති, දළ්හනික්කමො ථාමබලූපපන්නො{1} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTපරමාර්‍ත්‍ථ සංඛ්‍යාත නිවනට පැමිණීම පිණිස රුකුළුවැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTආරද්ධවිරියො පරමත්ථපත්තියාති: ‘පරමත්ථං’ වුච්චන්ති අමතං නිබ්බානං: “යො සො සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං: ‘පරමත්ථස්ස පත්තියා ලාභාය පටිලාභාය අධිගමාය ඵුසනාය{2} සච්ඡිකිරියාය ආරද්ධවිරියො විහරති, අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං සම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසූති ‘ආරද්ධවිරියො පරමත්ථපත්තියා’.
Sinhala BJTආරද්ධවිරියෝ පරමත්‍ථපත්තියා - “පරමත්‍ථ”යි අමාමහ නිවන කියනු ලැබෙයි; යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය වීමෙක් ක්ලෙශවිරාගයෙක් දුක්ඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. පරමාර්ථයාගේ ප්‍රාප්තිය පිණිස ලාභය පිණිස ප්‍රතිලාභය පිණිස අධිගමය පිණිස ස්පර්‍ශය පිණිස ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස රුකුළුවැර ඇති වැ වාස කෙරෙයි, අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ට පැමිණීම පිණිස බල ඇතියේ දැඩිපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන් හි නො තැබූ ධූර ඇතියේ නුයි “ආරද්ධවිරියෝ පරමත්‍ථ පත්තියා”යනු වේ.
Pali BJTඅලීනචිත්තො අකුසීතවුත්තීති: සො පච්චෙකසම්බුද්ධො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහතීති එවම්පි{3} ‘අලීනචිත්තො අකුසීතවුත්ති. ‘අථවා කාමං තචො ච නහාරු ච{4} අට්ඨි ච අවසිස්සතු{5} සරීරෙ උපසුස්සතු මංසලොහිතං. යං තං පුරිසථාමෙන පුරිසබලෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං{6} භවිස්සතීති චිත්තං පග්ගණ්හාති පදහති එවම්පි ‘අලීනචිත්තො අකුසීතවුත්ති’
Sinhala BJTඅලීනචිත්තො අකුසීතවුත්ති - ඒ පසේ බුදුහු නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවති. වෑයම් කෙරෙති වීර්‍ය්‍යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස . . . නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස . . . උපන් කුශලධර්‍මයන්ගේ ස්තිථිය පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවති වෑයම් කෙරෙති වීර්‍ය්‍යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ. නොහොත් “ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස්ලේ වියළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ උත්තමාර්‍ත්‍ථයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ ශිථිල බවෙක් නො වන්නේ යයි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ.
Pali BJT1. නාසිස්සං න පිවිස්සාමි{4} විහාරතො න නික්ඛමෙ, නපි පස්සං නිපාත්යෙයං තණ්හාසල්ලෙ අනූහතෙ”ති.{a}
Sinhala BJT1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්‍යාදිය) නො කමි (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යෙමි. (ඇඳ පුටු ආදියෙහි) ඇළය නො තබමි.”
Pali BJTචිත්තං පග්ගණ්හාති පදහති, එවම්පි අලීනචිත්තො අකුසීතවුත්ති’ න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතීති චිත්තං පග්ගණ්හාති පදහති, එවම්පි ‘අලීනචිත්තො අකුසීතවුත්ති’ න තාවාහං ඉමම්හා ආසනා උට්ඨහිස්සාමි. යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතීති චිත්තං පග්ගණ්හාති පදහති, එවම්පි ‘අලීනචිත්තො අකුසීතවුත්ති’.
Sinhala BJTසිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලින චිත්තෝ අකුසීත චුත්ති’යනු වේ. මාගේ සිත උපාදාන ග්‍රහණය නොකොට (කාමාදි) ආස්‍රවයන්ගෙන් සමුච්ඡේද විමුක්තියෙන් නො මිදෙන තාක් මෙපලග නො බිඳිමි සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලීන චිත්තෝ අකුසීත වුත්ති’ යනු වේ.
Pali BJTන තාවාහං ඉමම්හා චඞ්කමා ඔරොහිස්සාමි-විහාරා නික්ඛමිස්සාමි-අඩ්ඪයොගා නික්ඛමිස්සාමි-පාසාදා නික්ඛමිස්සාමි-හම්මියා නික්ඛමිස්සාමි-ගුහාය නික්ඛමිස්සාමි-ලෙනා නික්ඛමිස්සාමි-කුටියා නික්ඛමිස්සාමි-කූටාගාරා නික්ඛමිස්සාමි-අට්ටා නික්ඛමිස්සාමි-මාලා නික්ඛමිස්සාමි-උද්දණ්ඩා නික්ඛමිස්සාමි-උපට්ඨානසාලාය නික්ඛමිස්සාමි-මණ්ඩපා නික්ඛමිස්සාමි-රුක්ඛමූලා නික්ඛමිස්සාමි යාව මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතීති චිත්තං පග්ගණ්හාති පදහති, එවම්පි ‘අලීනචිත්තො අකුසීතවුත්ති’.
Sinhala BJT“මාගේ සිත උපාදානග්‍රහණය නො කොට ආශ්‍රවයන් කෙරෙන් නො මිදෙන තාක් මෙ ආසනයෙන් නො නැඟී සිටිමි-සක්මනින් නො බස්මි - ගුරුළුවක් ගෙයින් - ප්‍රාසාදයෙන් - හර්ම්‍යයෙන් - ගුහායෙන් - ලෙනින් - කිළියෙන් - කුළුගෙයින් - අටල්ලෙන් - වටගෙයින් - උද්දණ්ඩයෙන් උවැටැන්හලින් - මඩුයෙන් - රුක්මුලින් - නො නික්මෙමි” සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති”යනු වේ.
Pali BJTඉමස්මිං යෙව පුබ්බණ්හසමයෙ{1} අරියධම්මං ආහරිස්සාමි සමාහරිස්සාමි අධිගච්ඡිස්සාමි ඵස්සිස්සාමි සච්ඡිකරිස්සාමීති චිත්තං පග්ගණ්හාති පදහති. එවම්පි ‘අලීනචිත්තො අකුසීත වුත්ති’. ඉමස්මිං යෙව මජ්ඣන්තිකසමයෙ{2} -පෙ- සායණ්හසමයෙ පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමයාමං මජ්ඣිමයාමං පච්ඡිමයාමං කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ අරියධම්මං ආහරිස්සාමි සමාහරිස්සාමි අධිගච්ඡිස්සාමි ඵස්සිස්සාමි සච්ඡිකරිස්සාමීති චිත්තං පග්ගණ්හාති පදහති, එවම්පි ‘අලීන චිත්තො අකුසීතවුත්ති’.
Sinhala BJTමෙදවස් පෙරවරුයෙහි මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීත චුත්ති” යනු වේ. “මෙ මැදි දහවල්හි මැ . . . පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසි කලැ - ගිම්කලැ - හිමත්කලැ - ප්‍රථම වයස්හි - මධ්‍යම වයස්හි - පශ්චිම වයස්හි අරීදහම් එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි. සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති’යනු වේ.
Pali BJTදළ්හනික්කමො ථාමබලුපපන්නොති: සො පච්චෙකසම්බුද්ධො දළ්හසමාදානො අහොසි අවට්ඨිතසමාදානො{3} කුසලෙසු ධම්මෙසු කායසුචරිතෙ වචීසුචරිතෙ මනොසුචරිතෙ දානසංවිභාගෙ සීලසමාදානෙ උපොසථූපවාසෙ මත්තෙය්යතාය{4} පෙත්තෙය්යතාය සාමඤ්ඤතාය බ්රහ්මඤ්ඤතාය කුලෙජෙට්ඨාපචායිතාය අඤ්ඤතරඤ්ඤතරෙසු අධිකුසලෙසු ධම්මෙසූ’ති දළ්හනික්කමො ථාමබලුපපන්නොති සො පච්චෙකසම්බුද්ධො ථාමෙන ච බලෙන ච විරියෙන ච පරක්කමෙන ච පඤ්ඤාය ච උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො ‘දළ්හනික්කමො ථාමබලුපපන්නො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
Sinhala BJTදළ්හනික්කමො ථාමබලුප්පන්නො යනු: ඒ පසේබුදුහු කුශලධර්‍මයන්හි දැඩි වූ වීර්‍ය්‍යසමාදාන ඇති වූහ, සනිටුහන් කළ සමාදාන ඇති වූහ. කායසුචරිතයෙහි වාක්සුචරිතයෙහි මනස්සුචරිතයෙහි දානසංවිභාගයෙහි සීලසමාදානයෙහි පෙහෙවස් විසීමෙහි මවුන් වැටුමෙහි පියන් වැටුමෙහි මහණුන් වැටුමෙහි (බාහිතපාපී) බ්‍රාහ්මණයන් වැටුමෙහි කුලදෙටුවන් පිදීමෙහි අන්‍යාතරන්‍යාතර අධිකුශල ධර්‍මයන්හි දැඩි වූ වීර්‍ය්‍ය ඇති වූවාහු සනිටුහන් කළ සමාදාන ඇති වූවාහු නුයි ‘දළ්හානික්කමො’යනු වේ. ථාමබලුප්පන්නො යනු: ඒ පසේ බුදුහු ථාමයෙන් ද බලයෙන් ද වීර්‍ය්‍යයෙන් ද පරාක්‍රමයෙන් ද ප්‍රඥායෙන් ද යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු නු යි ‘දළ්හනික්කමො ථාමබලුප්පන්නො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො’.
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJTආරද්ධවිරියො පරමත්ථපත්තියා අලීනචිත්තො අකුසීතවුත්ති, දළ්හනික්කමො ථාමබලුපපන්නො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“ආරද්ධවිරියො පරමත්‍ථපත්තියා - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTපටිසල්ලානං ඣානමරිඤ්චමානො ධම්මෙසු නිච්චං අනුධම්මචාරී, ආදීනවං සම්මසිතා භවෙසු එකො චරෙ ඛග්ගවිසාණකප්පො
Sinhala BJTකායවිවේකය ද ධ්‍යාන සංඛ්‍යාත චිත්තවිවේකය ද නො හරනුයේ නිරතුරු (විදර්ශනොපග වූ) පඤ්චස්කන්ධාදි ධර්‍මයන්හි අනුධම්මචාරී වූයේ භවත්‍රයෙහි ආදීනව දක්නේ කගවෙහෙණ හඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTපටිසල්ලානං ඣානමරිඤ්චමානොති: සො පච්චෙකසම්බුද්ධො පටිසල්ලානාරාවො හොති පටිසල්ලානරතො අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං, ඣායී ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති ‘පටිසල්ලානං’. ඣානමරිඤ්චමානොති සො පච්චෙකසම්බුද්ධො ද්වීහි කාරණෙහි ඣානං න රිඤ්චති: අනුප්පන්නස්ස වා පඨමස්ස ඣානස්ස උප්පාදාය යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො, අනුප්පන්නස්ස වා දුතියස්ස ඣානස්ස-අනුප්පන්නස්ස වා තතියස්ස ඣානස්ස-චතුත්ථස්ස ඣානස්ස උප්පාදාය යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තොති, එවම්පි ‘ඣානං න රිඤ්චති’. අථවා උප්පන්නං වා පඨමං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොති, උප්පන්නං වා දුතියං ඣානං-උප්පන්නං වා තතියං ඣානං-උප්පන්නං වා චතුත්ථං ඣානං ආසෙවති භාවෙති බහුලීකරොති, එවම්පි ඣානං න රිඤ්චතීති ‘පටිසල්ලානං ඣානමරිඤ්චමානො’.
Sinhala BJTපටිසල්ලානං ඣානමරිඤචමානො යනු: ඒ පසේබුදුහු කායවිවේකයෙහි ඇලුණාහු විවේකයෙහි සතුටු වූවාහු වෙති. අධ්‍යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණාහු බැහැර නො කළ ධ්‍යාන ඇත්තාහු විදර්‍ශනායෙන් සමන්‍විත වූවාහු ශුන්‍යාගාරයෙහි කරන භාවනා වඩන්නාහු යැ, ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුණාහු ඒකාග්‍රතායෙහි යෙදුණාහු ස්වාර්ථගරුක වූවාහු නුයි ‘පටිසල්ලානං’යනු වෙයි. ඣානමරිඤ්චමානො යනු: ඒ පසේ බුදුහු දෙකරුණෙකින් ධ්‍යානය නො හරිති; නූපන් ප්‍රථමධ්‍යානයාගේ හෝ ඉපදීම පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු, නූපන් ද්විතීයධ්‍යානයාගේ හෝ නූපන් තෘතීයධ්‍යානයාගේ හෝ - නූපන් චතුර්‍ත්‍ථධ්‍යානයාගේ හෝ උත්පාදය පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු නුයි මෙසේත් ධ්‍යානය නො හරිති. නොහොත් උපන් ප්‍රථමධ්‍යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති, උපන් ද්විතීයධ්‍යානය හෝ- උපන් තෘතීයධ්‍යානය හෝ - උපන් චතුර්‍ත්‍ථ ධ්‍යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති. මෙසේත් ධ්‍යානය නො හරිත් නු යි. “පටිසල්ලානං ඣානමරිඤ්චමානො ”යනු වේ.
Pali BJTධම්මෙසු නිච්චං අනුධම්මචාරීති: ධම්මා වුච්චන්ති චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො. කතමෙ අනුධම්මා: සම්මාපටිපදා අනුලොමපටිපදා{1} අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපූරකාරිතා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤා, ඉමෙ වුච්චන්ති අනුධම්මා. ධම්මෙසු නිච්චං අනුධම්මචාරීති: ධම්මෙසු නිච්චකාලං ධුවකාලං සත්තං සමිතං අබ්බොකිණ්ණං{2} පොඞ්ඛානුපොඞ්ඛං උදකොමිකජාතං{3} අවීචිසන්තතිසහිතං ඵස්සිතං පුරෙභත්තං පච්ඡාභත්තං පුරිමයාමං මජ්ඣිමයාමං පච්ඡිමයාමං කාළෙ ජුණ්හෙ වස්සෙ හෙමන්තෙ ගිම්හෙ පුරිමෙ වයොඛන්ධෙ මජ්ඣිමෙ වයොඛන්ධෙ පච්ඡිමෙ වයොඛන්ධෙ චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘ධම්මෙසු නිච්චං අනුධම්මචාරී’.
Sinhala BJTධම්මේසු නිච්චං අනුධම්මචාරි - “ධම්මා”යී සතර සතිපට්ඨානයෝ ... ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. අනුධර්මයෝ කවරහ: සම්‍යක්ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අර්ථානුගතප්‍රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව ශීලයෙහි පරිපූරකාරිත්වය ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව යන මොහු අනුධර්මයෝ යයි කියනු ලැබෙත්. ධම්මේසු නිච්චං අනුධම්මචාරී යනු: ධර්‍මයන්හි දවසක් පාසා අවිච්ජින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ රළ වැළක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ පැහැසි වැ පෙරබතැ පසුබතැ පෙරයමැ මැදියමැ, පසුයම, අවපසැ පුරපසළ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවීයෙහි හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය කෙරේ නුයි “ධම්මේසු නිච්චං අනුධම්මචාරී” යනු වේ.
Pali BJTආදීනවං සම්මසිතා භවෙසූති-‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති ආදීනවං සම්මසිතා භවෙසු ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති ආදීනවං සම්මසිතා භවෙසූ’ති ‘ආදීනවං සම්මසිතා භවෙසු එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTආදීනචං සම්මසිතා භවෙසු යනු: “සියලු සංස්කාරයෝ අනිත්‍යහ”යි භවයෙහි ආදීනව සලකනුයේ “සියලු සංස්කාරයෝ දුක්හ” යි . . . “සියලු දහම්හු අනාත්මහ”යි ...... ‘යම් කිසි ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ’යි භවයෙහි ආදීනව සලකනුයේ නුයි ‘ආදීනවං’ සම්මසිතා භවෙසු ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු :
Pali BJT“පටිසල්ලානං ඣානමරිඤ්චමානො ධම්මෙසු නිච්චං අනුධම්මචාරී, ආදීනවං සම්මසිතා භවෙසු එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“පටිසල්ලානං ඣානමරිඤ්චමානො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTතණ්හක්ඛයං පත්ථයං අප්පමත්තො.{1} අනෙළමූගො සුතවා සතීමා, සඞ්ඛාතධම්මො නියතො පධානවා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTතෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන පතනුයේ නො පමා වූයේ කෙළ තොලු නො වූයේ නොහොත් පණ්ඩිත වූයේ ශ්‍රැතවත් වූයේ ස්මෘතිමත් වූයේ පරිඥානය කළ දහම් ඇතියේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් නියාමයට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTතණ්හක්ඛයං පත්ථයං අප්පමත්තොති: ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා. තණ්හක්ඛයං පත්ථයන්ති: රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උපපත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං වට්ටක්ඛයං පත්ථයන්තො ඉච්ඡන්තො සාදියන්තො පිහයන්තො අභිජප්පන්තොති ‘තණ්හක්ඛයං’ පත්ථයං අප්පමත්තොති: -සො පච්චෙක සම්බුද්ධො සක්කච්චකාරී සාතච්චකාරී -පෙ- අප්පමත්තො කුසලෙසු ධම්මෙසූති ‘තණ්හක්ඛයං පත්ථයං අප්පමත්තො’.
Sinhala BJTතණ්හක්ඛයං පත්‍ථයමප්පමත්තො - “තණ්හා”යනු: රූපතෘෂ්ණායැ . . ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං පත්‍ථයං යනු: රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය ගතික්ෂය උප්ප්‍රාප්තික්ෂය ප්‍රතිසන්ධික්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය පතනුයේ ඉස්නේ ඉවසනුයේ රුචි කරනුයේ අභිජල්පනය කරනුයේ නුයි ‘තණ්හක්ඛයං පත්‍ථයෙ”යනු වෙයි. අප්පමත්තො යනු: ඒ පසේ බුදුහු සත්කෘත්‍යකාරී වූවාහු සාතත්‍යකාරී වූවාහු.. කුශලධර්‍මයන්හි අප්‍රමත්ත වූවාහු නුයි ‘තණ්හක්ඛයං පත්‍ථයමප්පමත්තො” යනු වේ.