Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවාචාභිලාපො අභිසජ්ජනා වා’ති වාචාභිලාපො වුච්චති බත්තිංස තිරච්ඡානකථා. සෙය්යථීදං: රාජකථං -පෙ- ඉතිභවාභවකථං. අභිසජ්ජනා වාති ද්වෙ සජ්ජනා: තණ්හාසජ්ජනා ච දිට්ඨිසජ්ජනා ච -පෙ- අයං තණ්හාසජ්ජනා -පෙ- අයං දිට්ඨිසජ්ජනාති ‘වාචාභිලාපො අභිසජ්ජනා වා’.
Sinhala BJTවාචාභිලාපො අභිසජ්ජනා වා- ‘වාචාභිලාප’ යි දෙතිස් තිරිසන් කථා කියනු ලැබෙයි. හෙ මෙසේයි: රාජකථා යැ ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා යි. අභිසජ්ජනා වා යනු: සඞ්ග දෙකෙකි: තෘෂ්ණාසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යි ... මේ තෘෂ්ණා සඞ්ග යැ...මේ දෘෂ්ටිසඞ්ග නුයි ‘වාචාභිලාපො අභිසජ්ජනා වා’ යනු වේ.
Pali BJTඑතං භයං ආයතිං පෙක්ඛමානොති ‘භය’න්ති ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං රාජභයං චොරභයං අග්ගිභයං උදකභයං අත්තානුවාදභයං පරානුවාදභයං දණ්ඩභයං දුග්ගතිභයං ඌමිභයං කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං{2} ආජීවකභයං අසිලොකභයං පරිසසාරජ්ජභයං මදනභයං භයානකං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උබ්බෙගො උත්රාසො. එතං භයං ආයතිං පෙක්ඛමානොති එතං භයං ආයතිං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTඑතං භයං ආයති. පෙක්ඛමානො- ‘භය’ යනු; ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දිය සුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා (සුසුකා) බිය දිවි පැවැතුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැතිගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැනීම, චිත්තයාගේ උද්වේගය, උත්‍රාස යි. එතං භයං ආයති. පෙක්ඛමානො යනු: තෙල බිය ආයති භවයෙහි බලමින් දැක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් විමසම්නි නුයි ‘එතං භයං ආයතිං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ එ පසේ බුදුහු:
Pali BJT“එවං දුතියෙන සහා මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා වා, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“එවං දුතියෙන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTකාමා භි{3} චිත්රා මධුරා මනොරමා විරුප රූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTවිසිතුරු වූ මධුර වූ (බාලජනයන්ගේ) සිත් අලවන්නා වූ කාමයෝ විවිධස්වභාවයෙන් සිත අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTකාමා හි චිත්රා මධුරා මනොරමාති ‘කාමාති’ උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. චිත්රාති{4} නානාවණ්ණා රූපා නානාවණ්ණා සද්දා නානා වණ්ණා ගන්ධා නානා වණ්ණා රසා නානා වණ්ණා ඵොට්ඨබ්බා. ඉට්ඨා ‘කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.
Sinhala BJTකාමා හි චිත්‍රා මධුරා මනෝරමා- ‘කාමා’ යනු: උද්දාන විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාම යැ ක්ලේශකාම යැ යි. මොහු ‘වස්තු කාමයෝ’යි කියනු ලැබෙති ... මොහු ‘ක්ලේශකාමයෝ’ යි කියනු ලැබෙත්. චිත්‍රා යනු: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ නන්වැදෑරුම් වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.
Pali BJTමධුරාති: වුත්තං හෙතං භගවතා: “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොත විඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා, රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා. යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං මීල්හ සුඛං{1} පුථුජ්ජනසුඛං අනරියසුඛං,{2} න සෙවිතබ්බං න භාවෙතබ්බං න බහුලීකාතබ්බං, භායිතබ්බං එතස්ස සුඛස්සාති වදාමී”ති කාමා හි චිත්රා මධුරා. මනොරමාති ‘මනො’ති ‘යං චිත්තං -පෙ- තජ්ජාමනො විඤ්ඤාණධාතු, මනො රමෙන්ති ථොමෙන්ති තොසෙන්ති පහාසෙන්තී’ති ‘කාමා හි චිත්රා මධුරා මනොරමා’.
Sinhala BJTමධුරා- යනු: මෙ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: ‘මහණෙනි. මේ කාමගුණයෝ පස් දෙනෙක් වෙති: කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ යැ. කනින් දතයුතු ශබ්දයෝ යැ.- නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ- දිවින් දතයුතු රසයෝ යැ.- ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණවූ කයින් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදීද මෙ සුවය නො සෙවිය යුතු නො වැඩිය යුතු පුනපුනා නො වැඩියයුතු කාම සුව යැ මීළඟ සුව යැ පුහුදුන්සුව යැ අනාර්‍ය්‍ය සුව යැයි කියනු ලැබේ. තෙල සුවයට බියවියයුතු යැ යි කියමි’. ‘කාමා හි චිත්‍රා මධුරා’ යනු වේ. මනෝරමා- ‘මනෝ’ යනු: ‘යම් සිතෙක් ... තජ්ජාමනොවිඤ්ඤාණධාතුවක් වේ ද, එයයි. සිත අලවති පසසති තුටු කෙරෙති පිනවත් නුයි ‘කාම හි චිත්‍රා මධුරා මනෝරමා’ යනු වේ.
Pali BJTවිරූපරූපෙන මථෙන්ති චිත්තන්ති: නානාවණ්ණෙහි රූපෙහි -පෙ- නානාවණ්ණෙහි ඵොට්ඨබ්බෙහි චිත්තං මථෙන්ති තොසෙන්ති පහාසෙන්තී’ති “විරූපරූපෙන මථෙන්ති චිත්තං”.
Sinhala BJTවිරූපරූපෙන මථෙන්ති චිත්තං යනු; නන්වැදෑරුම් වූ රූපයෙන්..... නන්වැදෑරුම් වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත අලළති තුටු කෙරෙති ප්‍රහර්‍ෂ කෙරෙත් නුයි ‘විරූපරූපෙන මථෙන්ති චිත්තං’ යනු වේ.
Pali BJTආදීනවං කාමගුණෙසු දිස්වාති:-වුත්තං හෙතං භගවතා: ‘කො ච භික්ඛවෙ කාමානං ආදීනවො: ඉධ භික්ඛවෙ, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති: යදි මුද්දාය යදි ගණනාය යදි සඞ්ඛානෙන යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන{3} යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො{4} ඛුප්පිපාසාය මීයමානො{5} අයං භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං නාමානමෙව හෙතු.
Sinhala BJTආදිනවං කාමගුණෙසු දිස්වා යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරැයත්: මහණෙනි, මෙ ලොව කුල පුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේවයි ගණනින් වේවයි පිණ්ඩගණනින් වේවයි කෘෂිකර්‍මයෙන් වේවයි වෙණෙදහමින් වේවයි ගවයන් රැකීමෙන් වේවයි ධනුශ්ශිල්පයෙන් වේවයි රාජසේවායෙන් වේවයි එක්තරා ශිල්පයෙකින් වේවයි ශීතයට පෙරටු වැ උෂ්ණයට පෙරටු වැ මැසි මදුරු වා අව් පහසින් පෙළෙමින් සාපවසින් මැරෙමින් දිවි රකි. මහණෙනි, මේ කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනව යැ. කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්‍ධ යි.”
Pali BJTතස්ස චෙ භික්ඛවෙ, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා නාභිනිප්ඵජ්ජන්ති සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති මොඝං වත මෙ උට්ඨානං{6} අඵලො වත මෙ වායාමො ති. අයම්පි භික්ඛවෙ, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJTමහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නො නිපයෙත් නම් ශෝක කෙරෙයි ක්ලාන්ත වෙයි වැලපෙයි උර පැහැර හඬයි. එකත්නෙන් මාගේ උත්සාහය සිස් යැ එකත්නෙන් මාගේ වෑයම අඵල යැයි සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන්ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනව වෙයි කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්‍ධ යි.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ, කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, කින්ති මෙ භොගෙ{1} නෙව රාජානො හරෙය්යුං න චොරා හරෙය්යුං න අග්ගි ඩහෙය්ය න උදකං වහෙය්ය න අප්පියා දායාදා හරෙය්යුන්ති. තස්ස එවං ආරක්ඛයතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන්ති චොරා වා හරන්ති අග්ගි වා ඩහති උදකං වා වහති අප්පියා වා දායාදා හරන්ති. සො සොචති -පෙ- සම්මොහං ආපජ්ජති යම්පි මෙ අහොසි තම්පි නො නත්ථී’ති. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු -පෙ- කාමානමෙව හෙතු.
Sinhala BJTමහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නිපයෙත් නම් හෙ තෙමෙ කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නො මැ හරනාහු ද, සොරු නො හරනා හු ද, ගින්න නො දවා ද, ජලය වහනය නො කෙරේ ද, අප්‍රියදායාදයෝ නො හරනාහු දැ යි ඒ භෝගයන් ගේ ආරක්‍ෂාව කරුණු කොට දුක් දොම්නස් විඳී. මෙසෙයින් රක්ෂණ ගෝපන කරන ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ ගෙන යති, සොරු හෝ ගෙන යති, ගින්න හෝ දවයි, ජලය හෝ උල්පවා ගෙන යයි, අප්‍රියදායාදයෝ හෝ ගෙන යති. හෙතෙම ශෝක කෙරෙයි ... මට යමකුත් වී නම් එ ද නැතැ’යි විසංඥ බවට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන් ගේ සාංදෘෂ්ටික ආදීනවයෙකි. කාමය හේතු කොට ඇති ...කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති ඛත්තියා’පි ඛත්තියෙහි විවදන්ති බ්රාහ්මණා’පි බ්රාහ්මණෙහි විවදන්ති ගහපතී’පි ගහපතීහි විවදන්ති මාතා’පි පුත්තෙන විවදති පුත්තො’පි මාතරා විවදති පිතා’පි පුත්තෙන විවදති පුත්තො’පි පිතරා විවදති භාතා’පි භාගිනියා විවදති භගිනී’පි භාතරා විවදති සහායො’පි සහායෙන විවදති, තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහි’පි උපක්කමන්ති ලෙඩ්ඩුහි’පි උපක්කමන්ති දණ්ඩෙහි’පි උපක්කමන්ති සත්ථෙහි’පි උපක්කමන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති{2} මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJTතවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට රජවරු ද රජුන් හා සමග විවාද කෙරෙති ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා සමග විවාද කෙරෙති, බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙති, ගෘහපතියෝ ද ගෘහපතියන් හා සමග විවාද කෙරෙති, මව ද පුතා හා සමග විවාද කෙරෙයි, පුතා ද මව හා සමග විවාද කෙරෙයි, පියා ද පුතා හා සමග විවාද කෙරෙයි, පුතා ද පියා හා සමග විවාද කෙරෙයි, බෑයා ද බූන හා සමග විවාද කෙරෙයි, බූන ද බෑයා හා සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා හා සමග විවාද කෙරේ. ඔහු එහි කලහ- විග්‍රහ- විවාදයට පැමිණියාහු උනුනට අතිනුදු පහර දෙති. කැටිනුදු පහර දෙති, දඩිනුදු පහර දෙති, සැතිනුදු පහර දෙති, ඔහු එහි දී මරණයට ද පැමිණෙති, මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන්ගේ සාංදෘෂ්ටික ආදිනවයෙකි, කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා උභතො බ්යළ්හං{3} සංගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානාසු{4} සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතන්තෙසු{5}. තෙ තත්ථ උසූහි’පි විජ්ඣන්ති, සත්තීහි’පි විජ්ඣන්ති, අසිනා’පි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණ මත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJTතවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කඩුපළඟ ගෙන දුනුහියවුරු බැඳ ගෙන දෙපසැ රැස් වැ සරයනුදු විඳිනු ලබන කල්හි සැත්දු විඳිනු ලබන කල්හි කඩු දු සිසාරනු ලබන කල්හි යුදට පිවිසෙති. ඔහු එහි සැරයෙනුදු විදුනා ලැබෙති සැතිනුදු විදුනා ලැබෙති අසිපතිනුදු හිස සිඳුනා ලැබෙති ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
Pali BJTපුන ච පරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා අද්දාවලෙපනා{1} උපකාරියො පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතලන්තෙසු{2}. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති සත්තීහිපි විජ්ඣන්ති. පක්කට්ඨියාපි{3} ඔසිඤ්චන්ති අභිවග්ගෙනපි{4} ඔමද්දන්ති අසිනාපි සීසං ඡින්දන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJTතවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කඩුපළඟ ගෙන දුනුහියවුරු බැඳ ගෙන සරයනුදු විදිනු ලබන කල්හි සැතුදු විදිනු ලබන කල්හි අසිපතුදු සිසාරන කල්හි තෙල් කලල් වැකි පවුරු පා වෙත දිව යෙති. ඔහු සඞ්ග්‍රාමයෙහි සරයෙනුදු විදුනා ලැබෙති, සැතිනුදු විදුනා ලැබෙති, (ඔවුනට) කකාළ ගොමිනුදු ඉස්ති, අහිවර්ග නම් යතුරිනුදු මඩිති, කඩුයෙනුදු හිස සිඳුති. ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදිනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු, සන්ධිම්පි ඡින්දන්ති නිල්ලොපම්පි හරන්ති එකාගාරිකම්පි{5} කරොන්ති, පරිපන්ථෙපි තිට්ඨන්ති, පරදාරම්පි ගච්ඡන්ති. තමෙනරාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති{6} කසාහිපි තාළෙන්ති වෙත්තෙහිපි{7} තාළෙන්ති අද්ධදණ්ඩුකෙහිපි තාළෙන්ති හත්ථම්පි ඡින්දන්ති -පෙ- අසිනාපි සීසං ඡින්දන්ති, තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං අයම්පි භික්ඛවෙ, කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJTතවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට ගෘහසන්‍ධිදු සිඳුති, මහාවිලෝප ද කෙරෙති, ඒකාගාරික කමුදු කෙරෙති, කඩපළාසොරකමුදුකෙරෙති, වීරඹුසොරකමුදු කෙරෙත්, රජවරු ඔහු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළති වේවැලිනුදු තළති මුගුරිනුදු තළති අතුදු සිඳුති ... අසිපතින් හිස්දු සිඳුති. ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදිනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සම්පරායිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.”{a}
Sinhala BJTතවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කයින් දුසිරිත් කෙරෙති, වචනයෙන් දුසිරිත් කෙරෙති, මනසින් දුසිරිත් කෙරෙත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදිත්, මහණෙනි, මෙ ද කාමයන් ගේ සාම්පරායික ආදීනව වූ කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
Pali BJTආදීනවං කාමගුණෙසු දිස්වාති කාමගුණෙසු ආදීනවං දිස්වා, පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
Sinhala BJTආදිනවං කාමගුණෙසු දිස්වා යනු: කාමගුණයෙහි ආදීනව දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘ආදීනවං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“කාමා හි චිත්රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“කාමා හි චිත්‍රා -පෙ- ඒකෝ වරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTඊති ච ගණ්ඩො ච උපද්දවො ච රොගො ච සල්ලං ච භයං ච මෙතං, එතං භයං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT(ආගන්තුක ව්‍යසන හේතු වූ) ඊතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රාගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද යන තෙල පස්කම් ගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTඊති ච ගඩ්ඩො ච උපද්දවො ච රොගො ච සල්ලං ච භයං ච මෙතන්ති වුත්තං හෙතං භගවතා: “භයන්ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, දුක්ඛන්ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, රොගොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, ගණ්ඩොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං සල්ලන්ති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, සඞ්ගොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, පඞ්කොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, ගබ්භොති භික්ඛවෙ, කාමානමෙතං අධිවචනං, කස්මා ච භික්ඛවෙ, භයන්ති කාමානමෙතං අධිවචනං, යස්මා ච කාමරාගරත්තායං භික්ඛවෙ ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චති, තස්මා භයන්ති කාමානමෙතං අධිවචනං. කස්මා ච භික්ඛවෙ, දුක්ඛන්ති-රොගොති-ගණ්ඩොති-සල්ලන්ති-සඞ්ගොති-පඞ්කොති-ගබ්භොති කාමානමෙතං අධිවචනං, යස්මා ච කාමරාගරත්තායං භික්ඛවෙ ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චති, තස්මා ගබ්භොති කාමානමෙතං අධිවචන”න්ති.
Sinhala BJTඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච, රෝගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, තෙල “භය” යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘දුක’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘රෝග’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ගණ්ඩ’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ශල්‍ය’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘සඞ්ග’ යනු කාමයට නමෙක. මහණෙනි, තෙල ‘ගර්හ’ යනු කාමයනට නමෙකි. මහණෙනි, වැළිත් කවර හෙයින් තෙල “භය” යනු කාමයට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාගයෙන් රක්ත වූයේ ඡන්‍දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකහයෙනුදු නො මිද්දේ ද, සාම්ප්‍රරායික භයෙනුදු නො මිද්දේ ද, එහෙයින් තෙල ‘භය’ යනු කාමයනට අධිවචන වෙයි. කවර හෙයින් මහණෙනි, තෙල ‘දුක’ යනු රෝග යනු ගණ්ඩ යනු ශල්‍ය යනු- සඞ්ග යනු දුක යනු- ගර්හ යනු කාමයනට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාග යෙන් රක්ත වූයේ ඡන්‍දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකගහයෙනුදු නො මිදේ ද සාම්පරායික ගර්හයෙනුදු නො මිදේ ද එහෙයින් තෙල ‘ගර්හ යනු කාමයනට අධිවචන වේ” යයි.
Pali BJT1. “භයං දුක්ඛං රොගො ච ගණ්ඩො සල්ලං ච සඞ්ගො ච පඞ්කො ච ගබ්භො උභයං,
Sinhala BJT1-2. ‘භය ද දුක ද රෝගය ද ගණ්ඩයද ශල්‍යයද සඞ්ගයද පඞ්ක යැ ගර්‍භය යන දෙක ද යන මොහු කාමයෝ යි කියනු ලැබෙති යම් කාමයෙක්හි ඇලුණු මධුරස්භාවයෙන් බැසගත් පෘථග්ජන තෙම පුනර්‍භවයට (පරලෝකයෙහි ෂඩායතන ගර්හයට) යේ නම් ඔහු යැ.
Pali BJT2. එතෙ කාමා, පවුච්චන්ති යත්ථ සත්තො පුථුජ්ජනො ඔතිණ්ණො සාතරූපෙන පුන ගබ්භාය ගච්ඡති.’
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3. යතො ච භික්ඛු ආතාපී සම්පජඤ්ඤං න රිච්චති, සො ඉමං පලිපං’ දුග්ගං අතිකම්ම තථාවිධො පජං ජාතිජරූපෙතං ඵන්දමානං අවෙක්ඛතී ති.
Sinhala BJT3. යම් හෙයකින් මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තේ සම්‍යග්ඥානය නො හරී ද, එබඳු වූ හෙතෙම මේ කර්දම (මඩ) දුර්‍ගය ඉක්මවා ජාතියෙන් යුක්ත වූ සැලෙන ප්‍රජාව බලා”යි.
Pali BJTඊති ච ගණ්ඩො ච උපද්දවො ච රොගො ච සල්ලං ච භයං ච මෙතං එතං භයං කාමගුණෙසු දිස්වාති: එතං භයං කාමගුණෙසු දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘එතං භයං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච, රෝගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස්‌වා, යනු: පස්කම්ගුණයෙහි තෙල බිය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘එතං භයං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ එ පසේබුදුහු:
Pali BJT“ඊති ච ගණ්ඩො ච උපද්දවො ච රොගො ච සල්ලං ච භයං ච මෙතං, එතං භයං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති
Sinhala BJTඊතී ච ගණ්‌ඩො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසීතං ච උණ්හං ච ඛුදං පිපාසං වාතාතපෙ’ ඩංසසිරිංසපෙ ච,’{1} සබ්බානිපෙතානි අභිසම්භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTසිහිලස ද උණුසුම ද සාපවස් ද වා - අවු- වැසි - මදුරුවන් හා සපුන්ද යන තෙල සියල්ල මැඩ ගෙන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTසීතං ච උණ්හං ච ඛුදං පිපාසන්ති: ‘සීත’න්ති ද්වීහි කාරණෙහි සීතං හොති: අබ්භන්තරධාතුකොපවසෙන වා සීතං හොති, බහිද්ධා උතුවසෙන වා සීතං වා හොති. උණ්හන්ති ද්වීහි කාරෙණෙහි උණ්හං හොති: අබ්භන්තරධාතුකොපවසෙන වා උණ්හං හොති, බහිද්ධා උතුවසෙන වා උණ්හං හොති, ඛුදා වුච්චති{2} ඡාතකො, පිපාසා වුච්චති උදකපිපාසාති. ‘සීතං ච උණ්හං ච ඛුදං පිපාසං.’
Sinhala BJTසීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, - ‘සීතං’ යනු: දෙ කරුණෙකින් ශීත වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ ශීත වෙයි: පිටත ඍතු වශයෙන් හෝ ශීත වේ. උණ්හං යනු: දෙ කරුණෙකින් උෂ්ණ වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ උෂ්ණ වෙයි, පිටත ඍතු වශයෙන් හෝ උෂ්ණ වේ. බුදා යි සාය කියනු ලැබෙයි. පිපාසා යි පැන් බොනු කැමැත්ත කියනු ලැබේ නුයි “සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, -’ යනු වේ.
Pali BJTවාතාතපෙ ඩංසසිරිංසපෙ චාති ‘වාතා’ති පුරත්ථිමා වාතා පච්ඡිමා වාතා උත්තරා වාතා දක්ඛිණා වාතා සරජා වාතා අරජා වාතා සීතා වාතා උණ්හා වාතා පරිත්තා වාතා අධිමත්තා වාතා කාළවාතා{3}’ වෙරම්බවාතා පක්ඛවාතා සුපණ්ණවාතා තාලපණ්ණවාතා{4} විධුපනවාතා. ආතපො වුච්චති සුරියසන්තාපො. ඩංසා වුච්චන්ති පීඞ්ගලමක්ඛිකා. සිරිංසපා වුච්චන්ති අහීති ‘වාතාතපෙ ඩංසසිරිංසපෙ ච.’
Sinhala BJTවාතාතපෙ ඩංසසරීසපෙ ච - ‘වාතා’ යනු: පෙරදිග වාතයෝ යැ පැළදිග වාතයෝ යැ උතුරුදිග වාතයෝ යැ දකුණුදිග වාතයෝ යැ රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ ශීතවාතයෝ යැ උෂ්ණ වාතයෝ යැ මඳපවන් යැ අධිකවාතයෝ යැ කාලවාතයෝ යැ වේරම්බ වාතයෝ යැ පියාපත් පවන යැ ගුරුළුපවන යැ තල්පත්වන යැ (වල්විදුනා ආදියෙන් සලන) විධූපන වාතයෝ යි. ‘ආතප’ යි සූර්යසන්තාපය කියනු ලැබෙයි. ‘ඩංස’ යි ඇට මැස්සෝ කියනු ලැබෙති. ‘සිරිසංපා’ යි සර්‍පයෝ කියනු ලැබෙත් නුයි ‘වාතාතපෙ ඩංසසරීසපෙ ච’ යනු වේ.
Pali BJTසබ්බානිපෙතානි අභිසම්භවිත්වාති, අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වාති සබ්බානි පෙතානි අභිසම්භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTසබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති යනු: අභිභවනය කොට වතුරුවා හාත්පසින් මැඩගෙන නුයි ‘සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ ඒ පසේ බුදුහු:
Pali BJT“සීතං ච උණ්හං ච ඛුදං පිපාසං වාතාපෙ ඩංසසිරිංසපෙ ව, සබ්බානි පෙතානි අභිසම්භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“සීතඤ්‌ච උණ්‌හඤ්‌ච -පෙ- එකොචරෙ ඛග්ගවිසාණකප්පො” යි
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTනාගොව යූථානි විවජ්ජයිත්වා සඤ්ජාතඛන්ධො පදුමී උළාරො, යථාභිරන්තං විහරං{1} අරඤ්ඤෙ එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඇත්මුළ හැරපියා අරනෙහි සිත්සේ වෙසෙන මොනොවට වැඩුණු කඳ ඇති පද්මකුල සම්භව වූ (වීර්‍ය්‍යයබල ජව ආදියෙන් මහත් වූ ඇත්රජක්හු සෙයින් හටගත් අශෛක්‍ෂ ශීලස්කන්‍ධාදිය ඇති යම් පද්ම සදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීලසමාධි ප්‍රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTනාගොව යූථානි විවජ්ජයිත්වාති ‘නාගො’ වුච්චති හත්ථිනාගො, පච්චෙකසම්බුද්ධොපි නාගො, කිංකාරණා පච්චෙකසම්බුද්ධො නාගො: ආගුං න කරොතීති නාගො, න ගච්ඡතීති නාගො, න ආගච්ඡතීති නාගො, කථං සො පච්චෙකසම්බුද්ධො ආගුං න කරොතීති නාගො: ‘ආගු’ වුච්චති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
Sinhala BJTනාගොව යූථානි විවජ්‌ජයිත්‌වා, - නාග යි හස්තිනාග කියනු ලැබෙයි. පසේ බුදුහු ද නාග නම් වෙති. කවර කරුණෙකින් පසේ බුදුහුද ‘නාග’ නම් වෙතී යත්: පව් නො කෙරෙතී ‘නාග’ යැ, අගතියට නො යෙත් ‘නාගයැ, (පුහුන් කෙලෙසුන් කරා) නො එතී ‘නාග’ යැ කිසෙයින් ඒ පසේබුදු ‘පව් නො කෙරෙතී නාග නම් වෙතී යත්: අගුයි පීඩාකරවූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක උපදවන මත්තෙහි ජාති ජරාමරණයට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ කියනු ලැබෙත්.
Pali BJT1. “ආගුං න කරොති කිඤ්චලොකෙ (සභියා’ති භගවා) සබ්බසංයොගෙ{2} විසජ්ජ බන්ධනානි, සබ්බත්ථ න සජ්ජතී විමුත්තො නාගො තාදී පවුච්චතෙ තථත්තා”.
Sinhala BJT1. “(බුදුහු සඟිය අමතා මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්‍ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්‍ධාදි සියලු තැන්හි කිසි සගයෙකිත් නො ඇලෙයි, විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.
Pali BJTඑවං සො පච්චෙකසම්බුද්ධො ආගුං නකරොතීති නාගො.
Sinhala BJTමෙසෙයින් ඒ පසේ බුදුහු ‘පව් නො කෙරෙතී’ නාග නම් වෙති.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො න ගච්ඡතීති නාගො: සො පච්චෙකසම්බුද්ධො න ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, න රාගවසෙන ගච්ඡති, න දොසවසෙන ගච්ඡති, න මොහවසෙන ගච්ඡති, න මානවසෙන ගච්ඡති, න දිට්ඨිවසෙන ගච්ඡති, න උද්ධච්චවසෙන ගච්ඡති, න විචිකිච්ඡාවසෙන ගච්ඡති, න අනුසයවසෙන ගච්ඡති න වග්ගෙහි ධම්මෙහි{3} යායති නීයති වුය්හති සංහරීයති. එවං සො පච්චෙකසම්බුද්ධො න ගච්ඡතීති නාගො.
Sinhala BJTකිසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී’ නාග නම් වෙති යත්: ඒ පසේ බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයින් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මාන වශයෙන්- දෘෂ්ටි වශයෙන්- ඖද්ධත්‍ය වශයෙන්- විචිකිත්සා වශයෙන්- අනුශය වශයෙන් නො යෙති, වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යැවෙති, නො පමුණුවනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී ‘නාග’ නම් වෙත්.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො න ආගච්ඡතීති නාගො: සොතාපත්තිමග්ගෙන සෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡති, සකදාගාමිමග්ගෙන -පෙ- අනාගාමිමග්ගෙන -පෙ- අරහත්තමග්ගෙන සෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච්චෙති, න පච්චාගච්ඡති, එවං සො පච්චෙකසම්බුද්ධො න ආගච්ඡතීති නාගො.
Sinhala BJTකිසෙයින් ඒ පසේ බුදුහු ‘නො එතී’ නාග නම් වෙතී යත්: සෝවාන් මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින්... අනගැමි මඟින් ... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එත් මෙසෙයින් ඒ පසේබුදුහු ‘නො එතී’ නාග නම් වෙති.
Pali BJTනාගොව යූථානි විවජ්ජයිත්වාති: යථා සො හත්ථිනාගො යූථානි විවජ්ජයිත්වා පරිවජ්ජෙත්වා අභිනිවජ්ජෙත්වා එකො අරඤ්ඤෙ වනමජ්ඣොගාහෙත්වා{1} චරති ඉරීයති පාලෙති යපෙති යාපෙති. පච්චෙකසම්බුද්ධොපි ගණං විවජ්ජෙත්වා පරිවජ්ජෙත්වා අභිනිවජ්ජෙත්වා එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති, අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති ‘යාපෙතීති නාගොව යූථානි පරිවජ්ජයිත්වා.’
Sinhala BJTනාගොව යූථානි විවජ්‌ජයිත්‌වා, යනු: යම්සේ ඒ හස්තිනාග ඇත්මුළ හැරපියා දුරු කොට වර්‍ජනය කොට එකලා වැ අරනෙහි වල්වැද හැසිරේ ද ඉරියව් පවත්වා ද රැකේ ද යැපේද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද ගණය හැරපියා දුරුකොට වර්‍ජනය කොට එකලා වැ අරනෙහි අල්පශබ්ද ඇති අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස් කමට නිසි වූ විවේකයට සරුප් වූ දුරු සෙනසුන් ප්‍රාන්ත සෙනසුන් සේවනය කෙරෙති. ඔබ එකලා වැ යෙති එකලා වැ සිටිති එකලා වැ හිඳිති එකලා වැ ශයනය කෙරෙති, එකලා වැ පිඬු පිණිස ගම්වදිති එකලා වැ පෙරළා එති එකලා වැ රහසැ හිඳිති එකලා වැ සක්මන් කරති එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියව් පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘නාගා’ ච පරිවජ්ජයිත්වා’ යනු වේ.
Pali BJTසඤ්ජාතඛන්ධො පදුමී උළාරොති: යථා සො හත්ථිනාගො සඤ්ජාතඛන්ධො සත්තරතනො වා හොති අට්ඨරතනො වා. පච්චෙකසම්බුද්ධොපි සඤ්ජාතඛන්ධො අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන අසෙක්ඛෙන සමාධික්ඛන්ධෙන අසෙක්ඛෙන පඤ්ඤාක්ඛන්ධෙන අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන. යථා සො හත්ථිනාගො පදුමී. පච්චෙකසම්බුද්ධොපි සත්තභි බොජ්ඣඞ්ගපුප්ඵෙහි පදුමී. සතිසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන විරියසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන පීතිසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන පස්සද්ධිසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන සමාධිසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගපුප්ඵෙන යථා සො හත්ථිනාගො උළාරො ථාමෙන බලෙන ජවෙන සූරෙන පච්චෙකසම්බුද්ධොපි උළාරො සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනොති-සඤ්ජාතඛන්ධො පදුමී උළාරො.
Sinhala BJTසඤ්‌ජාතඛන්‌ධො පදුමී උළාරො යනු: යම්සේ ඒ හස්තිනාග වැඩුණු කඳ ඇත්තේ සත්රියන් පමණ හෝ අටරියන් පමණ හෝ වෙයි. පසේ බුදුහු ද අයෙක් වූ ශීලස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් වැඩුණු කඳ ඇතියහ. යම්සේ ඒ හස්තිනාග තෙමේ පද්මකුල සම්භව වූයේ ද එසෙයින් පසේබුදුහු ද සප්තබෝධ්‍යඞ්ග පුෂ්පයෙන් පියුම් බන්දහ: ස්මෘති සම්බොධ්‍යඞ්ගපුෂ්පයෙන, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙන, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙන, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙන, ප්‍රශබ්ධිසම්බොධ්‍යඞ්ග පුෂ්පයෙන, සමාධිසම්බොධ්‍යඞ්ග පුෂ්පයෙන, උපෙක්ෂා සම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙනි. යම්සේ ඒ හස්තිනාග තෙම වීර්‍ය්‍යයෙන් බලයෙන් ජවයෙන් ශුරත්වයෙන් මහත් වේ ද, එසෙයින් පසේබුදුහුදු ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්‍ශනයෙන් මහත් වෙත් නුයි ‘සඤ්‌ජාතඛන්‌ධො පදුමී උළාරො’ යනු වේ.
Pali BJTයථාභිරන්තං විහරං {2} අරඤ්ඤෙති: යථා සො හත්ථිනාගො යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, පච්චෙකසම්බුද්ධොපි යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, පඨමෙනපි ඣානෙන යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, දුතියෙනපි ඣානෙන-තතියෙනපි ඣානෙන-චතුත්ථෙනපි ඣානෙන යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, මෙත්තායපි චෙතොවිමුත්තියා යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, කරුණායපි චෙතොවිමුත්තියා-මුදිතායපි චෙතොවිමුත්තියා-උපෙක්ඛායපි චෙතොවිමුත්තියා යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, ආකාසානඤ්චායතනසමාපත්තියාපි යථාභිරන්තං අරඤ්ඤෙ විහරති, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියාපි-ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියාපි-නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියාපි-නිරොධසමාපත්තියාපි-ඵලසමාපත්තියාපි යථාභිරන්තං අරඤ්ඤෙ විහරතීති ‘යථාභිරන්තං විහරං අරඤ්ඤෙ එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTයථාභිරන්‌තං විහරං අරඤ්‌ඤෙ යනු: යම්සේ ඒ හස්තිනාග සිත්සේ වෙනෙහි වෙසේ ද, එසෙයින් බුදුහු ද සිත්සේ වෙනෙහි වෙසෙති. ප්‍රථම ධ්‍යානයෙනුදු සිත්සේ වෙනත් වෙසෙති. ද්විතීය ධ්‍යානයෙනුදු - තෘතීය ධ්‍යානයෙනුදු- චතුර්ථධ්‍යානයෙනුදු- සිත්සේ වෙනෙහි වෙසෙති. මෛත්‍රිචිත්ත විමුක්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති කරුණා චිත්තවිමුක්තියෙනුදු - මෘදුතාචිත්තවිමුක්තියෙනුදු උපෙක්ෂාචිත්තවිමුක්ති යෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති. ආකාශානඤ්චායතනසමාපත්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති. විඤ්ඤාණඤචායතනසමාපත්තියෙනුදු ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙනුදු නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමා පත්තියෙනුදු -. නිරොධසමාපත්තියෙනුදු ඵලසමාපත්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙත් නුයි ‘යථාභිරන්තං විහරං අරේඤ ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙක සම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ ඒ පසේ බුදුහු:
Pali BJT“නාගොව යූථානි විවජ්ජධිත්වා සඤ්ජාතඛන්ධො පදුමී උළාරො, යථාභිරන්තං විහරං අරඤ්ඤෙ එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“නාගො ච යුථානි විවජ්ජයිත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTඅට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ{1} සාමයිකං{2} විමුත්තිං, ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTයමෙක් යම් කරුණකින් සාමයික විමුක්තිය (ලෞකික සමාපත්තිය) අධිගම කෙරේ නම් ගණයෙහි ඇලුණහුට ඒ අස්ථාන යැ යන පසේබුදුන්ගේ වචනය අසා කගවෙහෙණ හඟෙක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTඅට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තින්ති: වුත්තං හෙතං භගවතා. “සොවතානන්ද භික්ඛු සංගණිකාරාමො සංගණිකාරතො{3} සංගණිකාරාමතං අනුයුත්තො, ගණාරාමො ගණරතො ගණසම්මුදිතො{4} ගණාරාමතං අනුයුත්තො යං තං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං, තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති නෙතං ඨානං විජ්ජති සො ච ඛො සො ආනන්ද, භික්ඛු එකො ගණස්මා වූපකට්ඨො විහරති, තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං: යං තං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං, තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති ඨානමෙතං විජ්ජති. සො වතානන්ද භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකරතො සංගණිකාරාමතං අනුයුත්තො ගණාරාමො ගණරතො ගණසම්මුදිතො ගණාරාමතං අනුයුත්තො සාමයිකං වා{5} සන්තං චෙතො විමුත්ති{6}. උපසම්පජ්ජ විහරිස්සති අසාමයිකං වා අකුප්පන්ති නෙතං ඨානං විජ්ජති. යො ච ඛො සො ආනන්ද භික්ඛු එකො ගණස්මා වූපකට්ඨො විහරති, තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං සාමයිකං වා සන්තං චෙතො විමුත්තිං උපසම්පජ්ජ විහරිස්සති, අසාවයිකං වා අකුප්පන්ති ඨානමෙතං විජ්ජතී”ති{a}. අට්ඨානං සංගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං.
Sinhala BJTඅට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌ස, යං ඵස්‌සයෙ සාමයිකං විමුත්‌තිං යනු: මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “ආනන්‍දය, එකැතින් ඒ මහණ ස්වගණයා කෙරෙහි ඇලෙනුයේ ස්වගණයා කෙරෙහි ඇලුණේ ස්වගණයා කෙරෙහි ඇලුම් කරන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලුම් කරණ බැව්හි යෙදුණේ ‘යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් පලසමවත් සුවයෙක් මාර්ගසුඛයෙක් වේ ද එ සුවය කැමැතියේ ලබනසුලු නිදුකින් ලබනසුලු විපුල වැ ලබනසුලු වන්නේ යැ’ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්‍දය, යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාසය කෙරේද ඒ මහණහට මෙය කැමැති විය යුතුයැ: යම් නෛෂ්ක්‍රම්‍ය සුඛයෙක් ප්‍රවිවේක සුඛයෙක් ඵලසමාපත්ති සුඛයෙක් මාර්ගසුඛයෙක් වේ නම් ඒ සුඛය කැමැති සේ ලබනසුලු නිදුකින් ලබන සුලු විපුල වැ ලබන සුලු වන්නේ යැ යන තෙල කරුණ පැනෙයි. ආනන්‍දය; එකැතින් ඒ මහණ තෙම ස්වගණයෙහි ඇලුම් ඇත්තේ ස්වගණයෙහි ඇලුණේ ස්වගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ලෞකික ශාන්තවිමුක්තියට හෝ ලෝකෝත්තර වූ අකෝප්‍යය (මාර්‍ගය) ට හෝ පැමිණ වාස කරන්නේ යැ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්‍දය යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාස කෙරේ ද, එ මහණහට මෙය කැමැති වියයුතු යැ: ලෞකික ශාන්තවිමුක්තියට පැමිණ හෝ ලෝකෝත්තර මාර්‍ගයට පැමිණ හෝ වාසය කරන්නේ යැයි තෙල කරුණ පැනේ යයි ‘අට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌සෙ යං ඵස්‌සයෙ සාමයිකං විමුත්‌තිං’ යනු වේ.
Pali BJTආදිච්චබන්ධුස්ස වචො නිසම්මාති ‘ආදිච්චො’ වුච්චති සුරියො සො ගොතමො ගොත්තෙන පච්චෙකසම්බුද්ධොපි ගොතමො ගොත්තෙන සො පච්චෙකසම්බුද්ධො සුරියස්ස ගොත්තඤාතකො ගොත්තබන්ධු, තස්මා පච්චෙකසම්බුද්ධො ආදිච්චබන්ධු. ආදිච්චබන්ධුස්ස වචොනිසම්මාති ආදිච්චබන්ධුස්ස වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{7} සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති ‘ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො, .
Sinhala BJTආදිච්‌චබන්‌ධුස්‌ස වචො නිසම්‌ම - ‘ආදිච්චෝ’ යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ පසේ බුදුහු දු ගෝත්‍රයෙන් ගෞතම යැ ඒ පසේ බුදුහු සූර්යයාහට ගොත්‍රඥාතීහ, ගෝත්‍ර බන්ධූහ, එයින් පසේ බුදුහු ආදිත්‍යබන්‍ධු වෙති. ආදිච්‌චබන්‌ධුස්ස වචො නිසම්මා යනු: සූර්යයබන්ධූහුගේ වචනය වාක්පථය දේශනාව අනුශාසනාව අසා අසාගෙන උගෙනැ විමසා සලකා නුයි ‘ආදිච්‌චබන්‌ධුස්‌ස වචො නිසම්‌ම, ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ ඒ පසේ බුදුහු:
Pali BJT“අට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං, ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“අට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌ස, - පෙ - ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො” යි.
Pali BJTදුතියො වග්ගො.
Sinhala BJTදෙ වැනි වග නිමි.
Pali BJTතතියො වග්ගො.
Sinhala BJTතුන් වැනි වර්‍ගය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTදිට්ඨීවිසූකානි උපාතිවත්තො පත්තො නියාමං පටිලද්ධමග්ගො, උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTදෘෂ්ටිවිසූකයන් (සත්කායදෘෂ්ටිය හෝ දෙ සැට මිථ්‍යාදෘෂ්ටිය ප්‍රථමමාර්ගයෙන්) ඉක්මවූයෙම් සම්මත්තිනියාමයට පැමිණියෙම් ලබන ලද ශේෂමාර්ග ඇතියෙම් උපන් ප්‍රත්‍යෙකබෝධිඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුතු වූයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTදිට්ඨීවිසූකානි උපාතිවත්තොති ‘දිට්ඨිවිසූකානි’ වුච්චන්ති වීසතිත්ථුකා සක්කායදිට්ඨි. “ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො, අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං, වෙදනං -සඤ්ඤං-සඞ්ඛාරෙ-විඤ්ඤාණං අත්තතො සමනුපස්සතී, විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පතිට්ඨාහො{1} අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො{2} විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං{3} යාථාවතන්ති ගාහො යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි ඉමානි දිට්ඨිවිසූකානි” දිට්ඨීවිසූකානි උපාතිවත්තොති දිට්ඨිවිසූකානි උපාතිවත්තො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තොති ‘දිට්ඨීවිසූකානි උපාතිවත්තො’.
Sinhala BJTදිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො- ‘දෘෂ්ටිවිසූකයෝ’ යි විංශද්වස්තුක සත්කාය දෘෂ්ටි කියනු ලැබෙති. “මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව- සංඥාව- සංස්කාරයන් විඥානය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය විඥානය ඇතියක් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී. යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩි වැ ගැන්මෙක් පිහිටාගැන්මෙක් වැදගැම්මෙක් පරාමර්‍ශයෙක් කුමඟෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාස්වභාවයෙක් (අනර්‍ත්‍ථයට නිවාසවූ තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රහණයෙක් විපරීත ග්‍රහණයෙක් විපල්ලාසගාහයෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථාස්වභාව යැයි ගැන්මෙක් යම් පමණ දෙසැට දෘෂ්ටිගතයෙක් වේ ද මොහු දෘෂ්ටි විසූකයෝ යි.” දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො යනු: දෘෂ්ටිවිසූකයන් බැහැර කෙළෙම් ඉක්ම වූයෙම් මොනොවට ඉක්ම වූයෙම් වෙසෙසින් ඉක්මවූයෙම් නු යි ‘දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො, යනු වේ.
Pali BJTපත්තො නියාමං පටිලද්ධමග්ගොති ‘නියාමා’ වුච්චන්ති චත්තාරො මග්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. චතූහි අරියමග්ගෙහි සමන්නාගතො නියාමං පත්තො සම්පත්තො අධිගතො ඵස්සිතො සච්ඡිකතොති ‘පත්තොනියාමං’. පටිලද්ධමග්ගොති ලද්ධමග්ගො පටිලද්ධමග්ගො අධිගතමග්ගො ඵස්සිතමග්ගො සච්ඡිකතමග්ගොති ‘පත්තො නියාමං පටිලද්ධමග්ගො’.
Sinhala BJTපත්‌තො නියාමං පටිලද්‌ධමග්‌ගො - ‘නියාමයෝ’ යි සතරමාර්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. හෙමෙසේයි යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යක් වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි සතර ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සමන්‍වාගත වූයෙම් සම්මත්තනියාමයට පැමිණියෙම් මොනොවට පැමිණියෙම් අධිගම කෙළෙම් ස්පර්‍ශ කෙළෙම් ප්‍රත්‍යක්‍ෂ කෙළෙම් නුයි ‘පත්තෙ නියාමං’ යනු වේ. පටිලද්ධමග්ගො යනු: ලබන ලද මාර්‍ග ඇතියෙම් ප්‍රතිලාභ කළ මාර්‍ග ඇතියෙම් අධිගම කළ මාර්‍ග ඇතියෙම් ස්පර්‍ශ කළ මාර්‍ග ඇතියෙම් ප්‍රත්‍යක්‍ෂ කළ මාර්‍ග ඇතියෙම් නුයි ‘පත්තෝ නියාමං පටිලද්ධමග්ගෝ’ යනු වේ.
Pali BJTඋප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යොති තස්ස පච්චෙකසම්බුද්ධස්ස ඤාණං උප්පන්නං සමුප්පන්නං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති ඤාණං උප්පන්නං සමුප්පන්නං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතං, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං තං නිරොධධම්ම’න්ති ඤාණං උප්පන්නං සමුප්පන්නං නිබ්බත්තං අභිනිබ්බත්තං පාතුභූතන්ති ‘උප්පන්නඤාණොම්හි’, ‘අනඤ්ඤනෙය්යොති: සො පච්චෙකසම්බුද්ධො න පරනෙය්යො, න පරප්පත්තියො, න පරප්පච්චයො න පරපටිබද්ධගූ’{1} යථාභූතං ජනාති! පස්සති අසම්මූළ්හො සම්පජානො{2} පතිස්සතො ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති පරනෙය්යො න පරප්පත්තියො න පරපටිබද්ධගූ’ යථාභූතං ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතො{3} ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති න පරනෙය්යො න පරප්පත්තියො න පරප්පච්චයො න පරපටිබද්ධගූ’ යථාභූතං ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො පතිස්සතොති ‘උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යො, එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTඋප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, - ඒ පසේ බුදුනට ප්‍රත්‍යෙක බොධිඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. “හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... “හැම ධර්‍ම යෝ අනාත්මහයි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි ඥානය උපන, මොනොවට උපන නිපන වෙසෙසින් නිපන පහළ වී නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි’ යනු වේ. අනඤ්‌ඤනෙය්‍යො යනු: ඒ පසේබුදුහු මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණ විය යුත්තාහ. අනෙකහු විසින් නො හැදැහැවිය යුත්තාහ. පර ප්‍රත්‍යය රහිතයහ මෙරමා පිළිබැදි ඥානගති නැතියහ. මුළා නො වූවාහු සම්පත් ඥාන ඇතියාහු සිහි ඇතියාහු ඇති සැටියෙන් දකිති, දකිති. හැම සංස්කාර යෝ දුඃඛයහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුත්තාහ. අනෙකක්හු විසින් නො හැ දැහැවීය යුත්තාහ, පරපත්‍යය රහිතය, මෙරමා පිළිබැඳි ඥානගති නැතියහ. නො මුළා වැ සම්‍යග් ඥාන ඇති වැ සිහි ඇති වැ ඇති සැටියෙන් දනිති, දකිත් නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ ඒ පසේ බුදුහු:
Pali BJT“දිට්ඨීවිසූකානි උපාතිවත්තො පත්තො නියාමං පටිලද්ධමග්ගො, උප්පන්නඤාණොම්හි අනඤ්ඤනෙය්යො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“දිට්‌ඨිවිසූකානි උපාතිවත්‌තොති -පෙ- ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.” යි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTනිල්ලොලුපො{4} නික්කුහො නිප්පිපාසො නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො,{5} නිරාසසො සබ්බලොකෙ භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT(රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම් කුහක නො වූයෙම් (මිහිරිරස බුදිනු කැමැති) පවස් නැතියෙන් මතු නො වූයෙම් බැහැර කළ රාගාදිකසට හා මෝහය හා ඇතියෙම් මුළුලොව්හි තෘෂ්ණා රහිත වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTනිල්ලොලුපො නික්කුහො නිප්පිපාසොති ‘ලොලුප්පං’ වුච්චති තණ්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” සා ලොලුප්පා තණ්හා පච්චෙකසම්බුද්ධස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාව කතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා පච්චෙකසම්බුද්ධො නිල්ලොලුපො{4}. නික්කුහොති: තීණි කුහනවත්ථූනි: පච්චය පටිසෙධනසඞ්ඛාතං{6} කුහනවත්ථු, ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු, සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTනිල්‌ලොලුපො නික්‌කුහො නිප්‌පිපාසො, - ‘ලොලුප්ප’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙන් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේද එයයි, ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව පසේබුදුනට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, හිස්සුන් තාලවස්තුවක් සෙයින් කරන ලද යැ. අනු අභාවය කරන ලදය, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේයැ, එයින් පසේබුදුහු ‘නිල්ලොලුප’ නම් වෙති. නික්‌කුහො යනු: කුහනවස්තූහු තිදෙනෙකි: ප්‍රත්‍යය ප්‍රතිෂේධ සංඛ්‍යාත කුහනවස්තූහු යැ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ සාමන්තජල්ප සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ යි.
Pali BJTකතමං පච්චයපටිසෙධනසංඛාතං{1} කුහනවත්ථු: “ඉධ ගහපතිකා භික්ඛුං නිමන්තෙන්ති: චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි සො පාපිච්ඡො ඉච්ඡාපකතො අත්ථිකො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං භීයොකම්යතං උපාදාය චීවරං පච්චක්ඛාති, පිණ්ඩපාතං පච්චක්ඛාති, සෙනාසනං පච්චක්ඛාති, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පච්චක්ඛාති, සො එවමාහ: කිං සමණස්ස මහග්ඝෙන චීවරෙන එතං සාරුප්පං: යං සමණො සුසානා වා සඞ්කාරකූටා වා පාපනිකා වා නන්තකානි උච්චිනිත්වා සංඝාටිකං කත්වා ධාරෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන පිණ්ඩපාතෙන: එතං සාරුප්පං යං සමණො උඤ්ඡාචරියාය පිණ්ඩියාලොපෙන ජීවිකං කප්පෙය්ය. කිං සමණස්ස මහග්ඝෙන සෙනාසනෙන, එතං සාරුප්පං: යං සමණො රුක්ඛමූලිකො වා අස්ස සොසානිකො වා අබ්භොකාසිකො වා. කිං සමණස්ස මහග්ඝෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන එතං සාරුප්පං යං සමණො පූතිමුත්තෙන වා හරිතකීඛණ්ඩෙන වා ඔසධං කරෙය්යාති තදුපාදාය ලූඛං චීවරං ධාරෙති, ලූඛං පිණ්ඩපාතං පරිභුඤ්ජති, ලූඛං සෙනාසනං පටිසෙවති, ලූඛං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන්ති: ‘අයං සමණො අප්පිච්ඡො සන්තුට්ඨො පවිවිත්තො අසංසට්ඨො ආරද්ධවිරියො ධුතවාදො’ති භීයො භීයො නිමන්තෙන්ති{2} චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. සො එවමාහ: තිණ්ණං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තොබහුං පුඤ්ඤං පසවති සද්ධාය සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. දෙය්යධම්මස්ස සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති, දක්ඛිණෙය්යානං සම්මුඛීභාවා සද්ධො කුලපුත්තො බහුං පුඤ්ඤං පසවති. තුම්හාකං චෙවායං සද්ධා අත්ථි දෙය්යධම්මො ච සංවිජ්ජති අහං ච පටිග්ගාහකො. සචෙහං{3} න පටිග්ගහෙස්සාමි එවං තුම්හෙ පුඤ්ඤෙන පරිබාහිරා භවිස්සථ, න මය්හං ඉමිනා අත්ථො තුම්හාකංයෙව{4} අනුකම්පාය පටිගණ්හාමීති, තදුපාදාය බහුම්පි චීවරං පටිගණ්හාති බහුම්පි පිණ්ඩපාතං පටිගණ්හාති බහුම්පි සෙනාසනං පටිගණ්හාති බහුම්පි ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිගණ්හාති, යා එවරූපා භාකුටිකා භාකුටියං කුහනා කුහායනං කුහිතතත්තං, ඉදං පච්චයපටිසෙධනසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTප්‍රත්‍යය ප්‍රතිෂේධන සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්: මෙ ලෙව්හි ගැහැවියෝ සිවුරු- පිඬුවා- සෙනසුන්- ගිලන්පස බෙහෙසත් පිරිකරින් මහණක්හු නිමන්ත්‍රණය කෙරෙති. හෙතෙම (නැතිගුණ දක්වන) පාපේච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඬනා ලදුයේ අර්ත්‍ථී වූයේ සිවුරු- පිඬුවා සෙනසුන්- ගිලන්පස බෙහෙසත්පිරිකර බොහෝ කැමැති බව නිසා සිවුර පිළිකෙව් කෙරෙයි, පිඬුවා පිළිකෙව් කෙරෙයි සෙනසුන පිළිකෙව් කෙරෙයි, ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිකෙව් කෙරේ. හේ මෙසේ කියයි: මහණහට මහඇගි සිවුරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ සොහොනින් හෝ කසළ ගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි පිඬුවායෙන් කවර අර්‍ත්‍ථ යැ, මහණ සිඟා ලද පිඬු අතරින් දිවි රකින්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි සෙනසුනින් කවර අර්‍ත්‍ථ යැ, මහණ රුක්මුල් සෙනසුන් ඇත්තේ හෝ සොහොන්හි වසනේ හෝ අබොවස් සෙනසුන් ඇත්තේ හෝ වන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වෙයි, මහණ හට මහඇගි ගිලන්පස බෙහෙසත්පිරිකරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ ගොමුත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙසත් කිස කරන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වේයයි. හේ එතැන් පටන් රළු සිවුරුදරයි. රළු පිඬුවා බුදියි. රළු සෙනසුන් සෙවුන්නේ යැ රළු ගිලන්පස බෙහෙසත් පිරිකර සෙවුන්නේ යැ, ගැහැවියෝ ඔහු මෙසෙසින් දනිති: “මෙ මහණ අපිස් ගුණ ඇත්තේ යැ සතොස්ගුණ ඇත්තේ යැ ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ යැ ගණසඞ්ගණිකා රහිතයැ රුකුළුවැර ඇත්තේ යැ ධූතයෙහි අනුසස් කියන්නේ යැ’යි මතුමත්තෙහි සිවුරු- පිඬුවා- සෙනසුන් -ගිලන්පස බෙහෙසත් පිරිකරින් පවරති. හේ මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. සැදැහැ ඇති බැවින් සැදැහැති කුල පුත් බොහෝ පින් රැස් කෙරෙයි. දේයධර්‍ම ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. දක්‍ෂිණාර්‍හයන් ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරේ. තොපට මැ මේ සැදැහැ ඇත, දේයධර්‍මය ද ඇති, මම් ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගන්නෙම් නම් මෙසෙයින් තෙපි පිනින් බැහැර වන්නවු ය. මට මෙයින් අර්‍ත්‍ථ නැති. තොපට මැ අනුග්‍රහ පිණිස පිළිගනිමි, එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී. බොහෝ පිඬුවා ද පිළිගනී. බොහෝ සෙනසුන් ද පිළිගනී. බොහෝ ගිලන්පස බෙහෙසත් පිරිකර ද පිළිගනී. යම් මෙබඳු මුව හැකිළීමෙක් මුව හකුළන බවෙක් විස්මය ගැන්වීමෙන් විස්මය ගන්වන අයුරක් විස්මයකළ බවෙක් වේ ද, මේ ප්‍රත්‍යය ප්‍රතිෂේධනසඞ්ඛ්‍යාත කුහනවස්තූනම්.
Pali BJTකතමං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු: ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො, එවං මං ජනො සම්භාවිස්සතීති ගමනං සණ්ඨපෙති ඨානං සණ්ඨපෙති නිසජ්ජං සණ්ඨපෙති සයනං සණ්ඨපෙති පණිධාය ගච්ඡති, පණිධාය තිට්ඨති, පණිධාය නිසීදති, පණිධාය සෙය්යං කප්පෙති, සමාහිතො විය ගච්ඡති, සමාහිතො විය තිට්ඨති, සමාහිතො විය නිසීදති, සමාහිතො විය සෙය්යං කප්පෙති{1} ආපාථකජ්ඣායි ච හොති{2} යා එවරූපා ඉරියාපථස්ස අට්ඨපනා ඨපනා සණ්ඨපනා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත්තං, ඉදං ඉරියාපථසඞ්ඛාතං කුහනවත්ථු.
Sinhala BJTඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්; මෙලෙව්හි ඇතැමෙක් පාප ඉච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඩනා ලද්දේ බුහුමන් ලබන අදහස් ඇත්තේ මෙසෙයින් ජන තෙම මා බුහුමන් කරන්නේ යැ යි ගමන් සකස් කෙරෙයි, සිටීම සකස් කෙරෙයි, හිඳීම සකස් කෙරෙයි, ශයනය සකස් කෙරේ. පතා (ප්‍රාර්‍ත්‍ථනා තබා) යෙයි, පතා සිටියි. පතා හිඳියි පතා ශයනය කෙරේ. සමාහිතයකුසෙයින් යෙයි, සමාහිතයකු සෙයින් සිටියි, සමාහිතයකු සෙයින් හිඳියි, සමාහිතයකු සෙයින් ශයනය කෙරේ. ජනයා හමුයෙහි ධ්‍යාන කරන්නකු සෙයින් වෙයි. යම් මෙබඳු ඉරියව් පිහිටුවීමෙන් පිහිටුවන අයුරෙන් සකස් කොට තැබීමෙන් මුව හැකිළීමෙක් මුව හකුළන අයුරෙක් විස්මය ගැන්වීමෙක් විශ්වය ගන්වන අයුරෙක් විස්මිත බවෙක් වේ ද, මේ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවතු නම.
Pali BJTකතමං සාමන්තජප්පනසඞ්ඛාතං කුහනවත්ථු: ඉධෙකච්චො පාපිච්ඡො ඉච්ඡාපකතො සම්භාවනාධිප්පායො එවං මං ජනො සම්භාවෙස්සතීති අරියධම්මසන්නිස්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක්ඛොති භණති, යො එවරූපං පත්තං ධාරෙති, ලොහථාලකං ධාරෙති, ධම්මකරකං{3} ධාරෙති, පරිස්සාවනං ධාරෙති, කුඤ්චිකං ධාරෙති, උපාහනං ධාරෙති, කායබන්ධනං ධාරෙති, ආයොගං ධාරෙති{4}, සො සමණො මහෙසක්ඛොති භණති. යස්ස එවරූපො උපජ්ඣායො සො සමණො මහෙසක්ඛොති, භණති, යස්ස එවරූපො ආචරියො, එවරූපා සමානුපජ්ඣායකා සමානාචරියකා මිත්තා සන්දිට්ඨා සම්භත්තා සහායා, සො සමණො මහෙසක්ඛොති භණති. යො එවරූපෙ විහාරෙ වසති, අඩ්ඪයොගො වසති-පාසාදෙ වසති-හම්මියෙ වසති-ගුහායං වසති-ලෙණෙ-වසති-කුටියා වසති-කූටාගාරෙ වසති, අට්ටෙ වසති, මාළෙ වසති උද්දණ්ඩෙ වසති, උපට්ඨානසාලායං වසති, මණ්ඩපෙ වසති. රුක්ඛමූලෙ වසති, සො සමණො මහෙසක්ඛොති භණති, අථවා කොරඤ්ජිකකොරඤ්ජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසංභාවිතො අයං සමණො ඉමාසං එවරූපානං සන්තානං විහාරසමාපත්තීනං ලභීති. තාදිසං ගම්භීරං ගූළ්හං නිපුණං පටිච්ඡන්නං ලොකුත්තරං සුඤ්ඤතාපටිසඤ්ඤුත්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා. කුහායනා කුහිතත්තං, ඉදං සාමන්තජප්පනසංඛාතං කුහනවත්ථු.
Sinhala BJTසාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්: මෙහි එකෙක් පවිටු අදහස් ඇතියේ ආශායෙන් මඩනා ලදුයේ ජන තෙමේ මා මෙසෙයින් සලකන්නේ වනැ’යි බුහුමන් කරවන සිත් ඇතියේ ලොවුතුරු දහම පිළිබැඳි කොට බස් බෙණෙයි: ‘යම් මහණෙක් මෙබඳු සිවුරක් ධරා නම් ඒ මහණ මහත් ආනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම්- ලොහො තලුවක් ධරා නම් - ඩබරාවක් ධරා නම් - පෙරහනක් ධරා නම් - කෙස්සක් ධරා නම් - වහනක් ධරා නම් - කාබහනක් ධරා නම් - ආයොගයක් ධරා නම් එ මහණ මහේශාක්‍ය යැ’යි බෙණෙයි. යමක් හට මෙබඳු උපාධ්‍යායයෙක් වේ නම් එ මහණ මහේශාක්‍ය යැ’ යි බෙණෙයි. යමක් හට මෙබඳු ආචාර්‍ය්‍යයෙක්- මෙබඳු සමානොපාධ්‍යයයෝ- සමානාචාර්‍ය්‍යයයෝ-මිත්‍රයෝ-දෘෂ්ටමාත්‍රමිත්‍රයෝ- සම්භක්තයෝ-සහායයෝ වෙත් නම්, එ මහණ මහේශාක්‍ය යැ’යි කියයි. යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම් - දික් පහයෙක වෙසේ නම්, සිවුරැස් පහයෙක- සඳලු ගෙයෙක ගල්ගුහායෙක- ගල්ලෙනෙක - කිළියෙක- කුළුගෙයෙක අටල්ලෙක- මහලෙක - දික්හලෙක- උවටන් හලෙක මණ්ඩපයෙක-රුක් මුලෙක වෙසේ නම්, එ මහණ මහත් ආනුභාව ඇත්තේ යැ’යි කියයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණ හකුළුවනසුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් බණනුයේ තමා ගේ මුඛ වශයෙන් “මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ මේ විහාරසමාපත්තීන් ලැබෙනසුලු යැ’යි (මෙරමා ලවා) සම්භාවනා කරවන ලදුයේ එබඳු ගැඹුරු වූ ගුඪ වූ සියුම් වූ ප්‍රතිච්ඡන්න වූ ලෝකෝත්තර වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූ කථා කියයි. මෙබඳු වූ යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත්වීමෙන් කොහොන් බවෙක් වේ ද, මේ සාමන්තජල්න සංඛ්‍යාත කුහන්වස්තුව යැ’යි කියනු ලැබේ.
Pali BJTතස්ස පච්චෙකසම්බුද්ධස්ස ඉමානි තීණි කුහනවත්ථූනි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, තස්මා සො පච්චෙකසම්බුද්ධො නික්කුහො,
Sinhala BJTඒ පසේ බුදුනට මේ තුන් කොහොන්වත් ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙති. එහෙයින් ඒ පසේ සම්බුදුහු ‘නික්කූහ’ නම් වෙති.
Pali BJTනිප්පිපාසොති. ‘පිපාසා’ වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.”{a} සා පිපාසා තණ්හා තස්ස පච්චෙකසම්බුද්ධස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා, තස්මා සො පච්චෙකසම්බුද්ධා නිප්පිපාසොති ‘නිල්ලොලුපො{2} නික්කුහො නිප්පිපාසො.’
Sinhala BJTනිප්පිපාසො යනු: ‘පිපාසා’යි තෘෂ්ණාව කියනු ලබයි. “යම් රාගයෙක්... අධිකරාගයෙක් අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි.” ඒ පිපාසා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඒ පසේ බුදුනට ප්‍රහීණ වූ යැ උසුන් මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරන ලදු යැ, අනුඅභාවය කරන ලදු යැ, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ. එහෙයින් ඒ පසේ සම්බුදුහු ‘නිප්පිපාස’ වූවාහු නුයි ‘නිල්ලොලුපො නික්කූහො නිප්පිපාසො’ යනු වේ.
Pali BJTනිම්මක්ඛො නිද්ධන්තකසාවමොහොති ‘මක්ඛො’ති ‘යො මක්ඛො මක්ඛායනා මක්ඛායිතත්තං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං: කසාවොති’ රාගො කසාවො, දොසො කසාවො, මොහො කසාවො, කොධො උපනා හො මක්ඛො පලාසො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා කසාවා. මොහොති: දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අප්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි{3} මොහො අකුසලමූලං. තස්ස පච්චෙකසම්බුද්ධස්ස මක්ඛො ච මොහො ච වන්තා සංවන්තා නිද්ධන්තා පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති “සො පච්චෙකසම්බුද්ධො ‘නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො’
Sinhala BJTනිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො - “මක්බො” යනු: “යම් මකුබවෙක් පරගුණ මකන අයුරෙක්, ගුණ මැකූ බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා බවෙක් වේ ද එය යි.” කසාවො යනු: රාගය කසට යැ ද්වේෂය කසට යැ මෝහය කසට යැ ක්‍රෝධය බද්ධවෛරය මකුබව යුගග්‍රාහය ... සියලු අකුශලාභිසංස්කාරයෝ කසටයෝ යි. මොහො යනු: දුක්හි නො දැන්මෙක් දුක් උපදනා හේතුයෙහි නො දැන්මෙක් දුක්ඛනිරෝධයෙහි නො දැන්මෙක් දුක් නිරුද්ධ කරන පිළිවෙත්හි නො දැන්මෙක් ඉදංප්‍රත්‍යතා ප්‍රත්‍යතීත්‍යසමුත්පන්නධර්මයන්හි නො දැන්මෙක්, මෙබඳු වූ යම් නො දැන් මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අප්‍රතිවේධයෙක් නො වැදගැන්මෙක් නො බැසගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපය්‍යුත්ථානයෙක් අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. ඒ පසේ බුදුන් විසින් මකුබව ද කසට ද මෝහය ද වමාරනලදහ මැනැවින් වමාරනලදහ වටාලා නූපදනා අයුරින් බැහැර කරන ලදහ ප්‍රහීණයහ මුලුසුන් කරනලදහ සන්හිඳුවන ලදහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණ ගින්නෙන් දවන ලද නුයි ඒ පසේ බුදුහු “නිම්මක්ඛ නිද්ධන්ත කසාව මෝහ” නම් වෙත්.
Pali BJTනිරාසසො සබ්බලොකෙ භවිත්වාති “ආසා” වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං” සබ්බලොකෙති: සබ්බඅපාය ලොකෙ සබ්බ මනුස්සලොකෙ සබ්බ දෙවලොකෙ සබ්බබන්ධලොකෙ සබ්බධාතුලොකෙ සබ්බආයතනලොකෙ. නිරාසසො සබ්බලොකෙ භවිත්වාති සබ්බලොකෙ නිරාසසො භවිත්වා. නිත්තණ්හොභවිත්වා, නිප්පිපාසො භවිත්වාති ‘නිරාසසො සබ්බලොකෙ භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
Sinhala BJTනිරාසසො සබ්බලොකෙ භවිත්‍වා යනු: ‘ආසා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්..... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. සබ්බලොකෙ යනු: හැම අපායලෝකයෙහි හැම මනුෂ්‍යලෝකයෙහි හැම දිව්‍යලෝකයෙහි හැම ස්කන්‍ධලෝකයෙහි හැම ධාතුලෝකයෙහි හැම ආයතනලෝකයෙහි. නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා යනු: සියලු ලෝකයෙහි ආශා නැති වැ තෘෂ්ණා නැති වැ පිපාසා නැති වැ නුයි ‘නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසො නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො, නිරාසසො සබ්බලොකෙ භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“නිල්ලොලුපො -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTපාපං සහායං පරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං, සයං න සෙවෙ පසුතං පමත්තං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඅනර්‍ත්‍ථ එළවන (විෂමකායකර්මාදි) විෂමයෙහි බැසගත් පාප මිත්‍රයන් දුරලන්නේ යැ, දෘෂ්ටි විසින් ලැගුණු ප්‍රමත්ත වූවහු (පස්කම් ගුණයෙහි වුහුටු සිත් ඇත්තහු) තෙමේ නො සෙවුනේ යැ, කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTපාපං සහායං පරිවජ්ජයෙථාති: ‘පාපසහායො’ වුච්චති “යො සො සහායො දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතො’. නත්ථි දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං.{1} කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති අයං පාප සහායො. පාපං සහායං පරිවජ්ජයෙථාති: පාපං සහායං වජ්ජෙය්ය පරිවජ්ජෙය්යා’ති ‘පාපං සහායං පරිවජ්ජයෙථ’.
Sinhala BJTපාපං සහායං පරිවජ්ජයෙථ - යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ ද දුන් දැයෙහි විපාක නැත. යැදි දැයෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටි සමන්‍වාගත වේ ද, හේ ‘පාපසහාය’ යි කියනු ලැබෙයි. මේ ‘පාපසහාය’ නම් වේ. පාපං සහායං පරිවජ්ජයෙථ යනු: පාප මිත්‍රයා හැරපියන්නේ යැ හාත්පසින් හැර පියන්නේ නුයි “පාපං සහායං පරිවජ්ජයෙථ’ යනු වේ.
Pali BJTඅනත්ථදස්සිං විසමෙ නිවිට්ඨන්ති: ‘අනත්ථදස්සී, වුච්චති යො සො සහායො දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතො’. නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. විසමෙ නිවිට්ඨන්ති: විසමෙ කායකම්මෙ නිවිට්ඨං, විසමෙ වචීකම්මෙ නිවිට්ඨං, විසමෙ මනොකම්මෙ නිවිට්ඨං, විසමෙ පාණාතිපාතෙ නිවිට්ඨං, විසමෙ අදින්නාදානෙ නිවිට්ඨං, විසමෙ කාමෙසු මිච්ඡාචාරෙ නිවිට්ඨං, විසමෙ මුසාවාදෙ නිවිට්ඨං, විසමාය පිසුනාය වාචාය නිවිට්ඨං, විසමාය ඵරුසාය වාචාය නිවිට්ඨං, විසමෙ ව්යාපාදෙ නිවිට්ඨං, විසමාය මිච්ඡාදිට්ඨියා නිවිට්ඨං, විසමෙසු සඞ්ඛාරෙසු නිවිට්ඨං, විසමෙසු පඤ්චසු කාමගුණෙසු නිවිට්ඨං, විසමෙසු පඤ්චසු නීවරණෙසු නිවිට්ඨං විනිවිට්ඨං, සත්තං අල්ලීනං උපගතං අජ්ඣොසිතං අධිමුත්තන්ති ‘අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං’.
Sinhala BJTඅනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං- යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත. යම් කෙනෙක් මෙලොව ද පරලොවද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ එබඳු මහණ බමුණෝ ලොව නැතැ”යි මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ ද හේ ‘අනර්ථදර්ශී’යි කියනු ලැබෙයි. විසමෙ නිවිට්ඨං යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසුණු විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසුණු විෂම වූ මනෝකර්මයෙහි පිවිසුණු විෂම වූ ප්‍රාණ වධයෙහි පිවිසුණු විෂම වූ අදත්තාදානයෙහි පිවිසුණු විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි පිවිසුණු විෂම වූ මෘෂා වාදයෙහි පිවිසුණු විෂමවූ පිශුනවචනයෙහි පිවිසුණු විෂම වූ පරුෂවචනයෙහි පිවිසුණු විෂම වූ සම්ඵප්‍රලාපයෙහි පිවිසුණු විෂම වූ අභිධ්‍යායෙහි පිවිසුණු විෂම වූ ව්‍යාපාදයෙහි පිවිසුණු විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසුණු විෂම වූ සංස්කාරයන්හි පිවිසුණු විෂම වූ පඤ්චකාමගුණයෙහි පිවිසුණු විෂම වූ පඤ්ච නීවරණයෙහි පිවිසුණු වැදගත් ශක්ත වූ ඇලුණු එළඹුණු බැසගත් අධිමුක්ත වූ නුයි ‘අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං’ යනු වේ.
Pali BJTසයං න සෙවෙ පසුතං පමත්තන්ති-‘යොපි කාමෙ එසති ගවෙසති පරියෙසති තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො සොපි කාමෙ පසුතො’. ‘යොපි තණ්හාවසෙන රූපෙ පරියෙසති සද්දෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ පරියෙසති තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො, සොපි කාමපසුතො{1}. යොපි තණ්හාවසෙන රූපෙ පටිලභති සද්දෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ පටිලභති තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො, සොපි කාමපසුතො’. ‘යොපි තණ්හාවසෙන රූපෙ පරිභුඤ්ජති සද්දෙ-ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජති තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො, සොපි කාමපසුතො’. යථා කලහකාරකො කලහපසුතො, කම්මකාරකො කම්මපසුතො, ගොචරෙ චරන්තො ගොචරපසුතො, ඣායී ඣානපසුතො, එවමෙව යො කාමෙ එසති ගවෙසති පරියෙසති තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො, සොපි කාමපසුතො. යොපි තණ්හාවසෙන රූපෙ පරියෙසති -පෙ- යොපි තණ්හාවසෙන රූපෙ පටිලභති -පෙ- යොපි තණ්හාවසෙන රූපෙ පරිභුඤ්ජති, සද්දෙ- ගන්ධෙ-රසෙ-ඵොට්ඨබ්බෙ පරිභුඤ්ජති, තච්චරිතො කබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යෙ සොපි කාමපසුකො. පමත්තන්ති: පමාදො වත්තබ්බො: කායදුච්චරිතෙ වා වචීදුච්චරිතෙ වා මනොදුච්චරිතෙ වා පඤ්චසු කාමගුණෙසු වා චිත්තස්ස වොස්සග්ගො{2} වොස්සග්ගානුප්පදානං{3} කුසලානං ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනවට්ඨිතකිරියාතා{4} ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො. ‘යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං, අයං වුච්චති පමාදො. සයං න සෙවෙ පසුතං පමත්තන්ති: පසුතං න සෙවෙය්ය පමත්තං ච සයං න සෙවෙය්ය, සාමං න සෙවෙය්ය, න නිසෙවෙය්ය, න සංසෙවෙය්ය න පටිසංසෙවෙය්ය න ආචරෙය්ය න සමාචරෙය්ය න සමාදාය වත්තෙය්යාති ‘සයං න සෙවෙ පසුතං පමත්තං එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTසයං න සෙවෙ පසුතං පමත්තං - ‘පසුතං’ යනු: යමෙකුත් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ ද එහි සරනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බර වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පර්‍ය්‍යෙෂණ කෙරේද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරුකොට ඇත්තේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බැහිල් වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇත්තේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද ශබ්දයන්ගන්ධයන්-රසයන්-ස්ප්‍රෂ්ටව්‍යයන් ලබා ද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරු කොට ඇත්තේ තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් කාමයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද තත්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යම්සේ කලහ කරනුයේ ‘කලහපසුත’ නම් වේ ද, කර්මකරනුයේ ‘කම්මපසුත’ නම් වේ ද, ගෝචරයෙහි සරනුයේ ‘ගොචරපසුත’ නම් වේද, ධ්‍යාන කරනුයේ ‘ඣ්‍යාන පසුත’ නම් වේ ද එපරිද්දෙන් මැ යමෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ නම් තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද .... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන් - ගන්‍ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද, තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. පමත්තං යනු: ‘පමාද’ ය කියයුතු වෙයි: කාය දුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ සිත බැස ගැනීමෙක් පුනපුනා බැසගැනීමෙක් කුසල්දහම් වැඩීමෙහි නො සකසා කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් ලීනවෘත්ති ඇති බවෙක්. බහාතැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් ආසේවන නො කිරීමෙක් නො වැඩීමෙක්. පුනපුනා නො වැඩීමෙක් නො පිහිටීමෙක්. නො යෙදීමෙක් ප්‍රමාදයෙක් වේ ද මෙබඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද මේ ප්‍රමාද යයි කියනු ලැබේ. සයං න සෙවෙ පසුත පමත්තං යනු: ලැගුණහු (පසුතයා) නො සෙවුනේ යැ ප්‍රමාද වූවහු ද තෙමේ සේවනය නො කරන්නේ යැ නිසේවන නො කරන්නේ යැ සංසේවන නො කරන්නේ යැ පුනපුනා සේවනය නො කරන්නේ යැ ඇසිරි නො කරන්නේ යැ මැනැවින් ඇසිරි නො කරන්නේ යැ සමාදන් කොට ගෙන නො පවත්නේ නුයි ‘සයං න සෙවෙ පසුතං පමත්තරං එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“පාපං සහායං පරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං, සයං න සෙවෙ පසුතං පමත්තං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“පාපං සහායං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTබහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං, අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTබහුශ්‍රුත වූ ධර්‍මධර වූ උදාර වූ වැටහෙන නුවණ ඇති මිත්‍රයකු භජනය කරන්නේ යැ. (ආත්මාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථයන් දැන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTබහුස්සුතං ධම්මධරං භජෙථංති බහුස්සුතො හොති මිත්තො සුතධරො සුත සන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා -පෙ- සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථා රූපාස්ස ධම්මං බහුස්සුතා හොන්ති ධතා{1} වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. ධම්මධරන්ති: ධම්මං ධාරෙන්තං සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. බහුස්සුතං ධම්මධරං භජෙථාති බහුස්සුතං ච ධම්මධරං ච මිත්තං භජෙය්ය සංභජෙය්ය සෙවෙය්ය නිසෙවෙය්ය සංසෙවෙය්ය පටිසෙවෙය්යා’ති ‘බහුස්සුතං ධම්මධරං භජෙථ’.
Sinhala BJTබහුස්සුතං ධම්මධරං භජෙථ යනු: ඇසූ පිරූ තැන් ධරන ඇසූපිරූ තැන් රැස් වූ මිත්‍ර තෙම බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වූවාහු ...... අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරනලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරන ලද්දාහු මනසින් පුනපුනා බලනලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. ධම්මධරං යනු: සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වෙදල්ල යන දහම් දරන, බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: බහුශ්‍රුත වූ ද ධර්‍මධර වූ ද මිත්‍රයකු භජනය කරන්නේ යැ මොනොවට භජනය කරන්නේ යැ සේවනය කරන්නේ යැ නොයෙක් අයුරින් සේවනය කරන්නේ යැ මොනොවට සේවනය කරන්නේ යැ පුනපුනා සේවනය කරන්නේ නුයි ‘බහුස්සුතං ධම්මධරං භජෙථ’ යනු වේ.
Pali BJTමිත්තං උළාරං පටිභානවන්තන්ති උළාරො හොති මිත්තො සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන. පටිභානවන්තන්ති: තයො පටිභානවන්තො{2} පරියත්තිපටිභානවා පරිපුච්ඡාපටිභානවා අධිගමනපටිභානවා, කතමො පරියත්තිපටිභානවා: ඉධෙකච්චස්ස බුද්ධවචනං පරියාපුතං{3} හොති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං.
Sinhala BJTමිත්තං උළාර පටිභානවන්තං යනු: ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් මිත්‍ර තෙම උදාර වෙයි. පටිභාන වන්තං යනු: පර්‍ය්‍යාප්තිප්‍රතිභාන ඇත්තේ යැ පරිපෘච්ඡාප්‍රතිභාන ඇත්තේ යැ අධිගමප්‍රතිභාන ඇත්තේයැයි ප්‍රතිභානවත්හු තිදෙනෙකි. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙසස්නෙහි ඇතැමකු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වෙදල්ල යන බුද්ධවචනය පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්ති නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ වෙයි.
Pali BJTකතමො පරිපුච්ඡා පටිභානවා: ඉධෙකච්චො පරිපුච්ඡිතා’පි හොති, අත්ථෙව, ඤායෙ ච ලක්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච. තස්ස පරිපුච්ඡං නිස්සාය පටිභාති, අයං පරිපුච්ඡා පටිභානවා.
Sinhala BJTපරිපෘච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍ත්‍ථයෙහි ද න්‍යායයෙහි ද ලක්‍ෂණයෙහි ද කාරණයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (ගැටපද) පිළිවිස්නේ වෙයි. ඔහට පිළිවිසීම නිසා වැටහෙයි මේ පරිපෘච්ඡාප්‍රතිභාන ඇත්තේ යි.
Pali BJTකතමො අධිගමපටිභානවා ඉධෙකච්චස්ස අධිගතා හොන්ති චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්චබලානි සත්තබොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො චත්තාරෙ{4} අරියමග්ගා චත්තාරි සාමඤ්ඤඵලානි{5} චතස්සො පටිසම්භිදායො ඡ අභිඤ්ඤායො. තස්ස අත්ථො ඤාතො ධම්මො ඤාතො නිරුත්ති ඤාතා. අත්ථෙ ඤාතෙ අත්ථො පටිභාති, ධම්මෙ ඤාතෙ ධම්මො පටිභාති, නිරුත්තියා ඤාතාය නිරුත්ති පටිභාති. ඉමෙසු තීසු ඤාණං පටිභානපටිසම්භිදා. සො පච්චෙකසම්බුද්ධො ඉමාය පටිභානපටිසම්භිදාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො{5} සමන්නාගතො. තස්මා පච්චෙක සම්බුද්ධො පටිභානවා. යස්ස පරියත්ති නත්ථි පරිපුච්ඡා{6} නත්ථි අධිගමො නත්ථි, කිං තස්ස පටිභායිස්සතීති ‘මිත්තං උළාරං පටිභානවන්තං’.
Sinhala BJTඅධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමකු විසින් සතර සීවටන් සතර සම්‍යක්ප්‍රධානය සතර සෘද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්තබෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ගය සතර ශ්‍රාමණ්‍යඵලය සිව් පිළිසිඹියා, ෂඩභිඥා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථ (හේතුඵල) ය දන්නා ලද යැ ධර්‍මය (හේතුව) දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දත් කලැ අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දත් කලැ ධර්‍මය වටහයි- නිරුක්තිය දත් කලැ නිරුක්තිය වටහයි. මෙතුන් කරුණෙහි ඥානය ‘ප්‍රතිභාන ප්‍රතිසංවිත්’ නම් වෙයි. ඒ පසේබුදුහු මේ ප්‍රතිභාන ප්‍රතිසංවිඥානයෙන් උපෙතයහ සමුපෙතයහ එළඹසිටියහ. සංයුක්තයහ නො වෙනස් වූහ පරිපූර්‍ණයහ සමන්ව ගතයහ. එයින් පසේ බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද, පරිපෘච්ඡා නැද්ද, අධිගම නැද්ද, ඔහුට කුමක් වැටහෙන්නේ ද නුයි ‘මිත්තං උළාරං පටිභානවන්තං’ යනු වේ.
Pali BJTඅඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛන්ති: අත්තත්ථං අඤ්ඤාය පරත්ථං අඤ්ඤාය උභයත්ථං අඤ්ඤාය දිට්ඨධම්මිකත්ථං අඤ්ඤාය සම්පරායිකත්ථං අඤ්ඤාය-පරමත්ථත්ථං{1} අඤ්ඤාය අභිඤ්ඤාය, ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා කඞ්ඛං විනෙය්ය පටිවිනෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යා’ති ‘අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං එකොචරෙ ඛග්ග විසාණ කප්පො.’
Sinhala BJTඅඤ්ඤාය අත්‍ථාති විනෙය්‍ය කඞ්ඛං යනු: ආත්මාර්‍ත්‍ථය දැන පරාර්‍ත්‍ථය දැන උභයාර්‍ත්‍ථය දැන දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය දැන සාම්පරායිකාර්‍ත්‍ථය දැන පරමාර්ත්‍ථාර්ථය දැන වෙසෙසින් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට සැකය දුරලන්නේ යැ වෙසෙසින් දුරලන්නේ යැ. හරනේ යැ හැරපියන්නේ යැ විගතානන කරන්නේ යැ අනු අභාවයට පමුණුවන්නේ නුයි ‘අඤ්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ්ඛං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේබුදුහු:
Pali BJTබහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං, අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“බහුස්සුතං ධම්මධරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලොකෙ අනලංකරිත්වා අනපෙක්ඛමානො, විභූසනට්ඨානා විරතො සච්චවාදී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTලෝකයෙහි (කායික වාචසික) ක්‍රීඩාව ද (පඤ්චකාමගුණයෙහි) රතිය ද වස්තුකාමසුඛය ද නො ගැණැ අපේක්‍ෂා නො කරනුයේ විභූෂණ කරුණින් වෙන් වූයේ සත්‍යය කියනසුලු වූයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTඛිඩ්ඩං රතිං{2} කාමසුඛං ච ලොකෙති: ‘ඛිඩ්ඩා’ති ද්වෙ ඛිඩ්ඩා කායිකා ච ඛිඩ්ඩා වාචසිකා ච ඛිඩ්ඩා ච -පෙ- අයං වාචසිකා ඛිඩ්ඩා. රතීති අනුක්කණ්ඨිතාධිවචනමෙතං ‘රතී’ති. කාමසුඛන්ති: වුත්තං හෙතං භගවතා: “පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා-ජිව්හාවිඤ්ඤෙය්යා රසා-කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පංචකාමගුණා. යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං ඉදං වුච්චති කාමසුඛං{3}”{a} ලොකෙති. මනුස්සලොකෙ’ති ‘ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලොකෙ’.
Sinhala BJTඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකෝ- ‘ඛිඩ්ඩා’ යනු: කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි ක්‍රීඩා දෙකෙකි ... මේ කායික ක්‍රීඩා යැ... මේ වාචසික ක්‍රීඩා යි. රති යනු: තෙල ‘රති’ යනු අනුත්කණ්ඨාවට නමෙකි. කාමසුඛං යනු: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින් “මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙකැ යත්: ඇසින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ යැ. කනින් දතයුතු වූ ....නැහැයෙන් දතයුතු වූ දිවින් දතයුතු වූ කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි මොහු පඤ්චකාම ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මෙ කාමසුඛ යයි කියනු ලැබේ. ලෝකේ යනු: මනුෂ්‍යලෝකයෙහි නුයි ‘ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකේ’ යනු වේ.
Pali BJTඅනලංකරිත්වා අනපෙක්ඛමානොති: ඛිඩ්ඩං ච රතිං ච{4} කාමසුඛං ච ලොකෙ අනලංකරිත්වා අනපෙක්ඛො හුත්වා පජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වා’ති ‘අනලං කරිත්වා අනපෙක්ඛමානො’
Sinhala BJTඅනලංකාරිත්‍වා අනපෙක්ඛමානො යනු: ලෝකයෙහි කායික වාචසික ක්‍රීඩාව ද පඤ්චකාමගුණයෙහි රතිය ද වස්තුකාමසුඛය ද නො ගුණැ අපේක්‍ෂා රහිත වැ හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘අනලංකරිත්‍වා අනපේක්ඛමානො’ යනු වේ.
Pali BJTවිභූසනට්ඨානා විරතො සච්චවාදීති ‘විභූසා’ති ද්වෙ විභූසා අත්ථි අගාරියස්ස විභූසා{1} අත්ථි පබ්බජිතස්ස විභූසා{2} කතමා අගාරියස්ස විභූසා කෙසා ච මස්සු ච{3}, මාලා ච ගන්ධා{4} ච විලෙපනා ච ආභරණා ච පිළන්ධනා ච{5} වත්ථං ච සාරසාමනං ච වෙඨනං ච උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං{6} මුඛචුණ්ණං{7} මුඛලෙපනං හත්ථබන්ධනං සිඛාබන්ධනං දණ්ඩං නාලිකං ඛග්ගං ඡත්තං ඡත්රූපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි ඉති වා අයං අගාරියස්සං විභූසා.
Sinhala BJTවිභූසනට්ඨානා විරතො සච්චවාදී - ‘විභූසා’ යනු: විභූෂණ (සැරැසුම්) දෙකෙකි: ගිහිගෙවැසිහට සැරැසුමෙක් ඇත, පැවිදිහට සැරැසුමෙක් ඇති, ගිහිගෙවැසිහට සැරැසුම් කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල්ගඳවිලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්‍ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද සුවඳසුණු ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැටපත අඳුන මල්ගඳවිලෙවුන මුවසුණු මුඛාලෙප හස්තබන්ධන සිළු බැඳුම සෝලුලීය විසිතුරු බෙහෙසත්නළ කඩු ඡත්‍රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ වල්විදුනා දික්දාවලු ඇති සුදුවත් යනාදිය යි. මේ ගිහිගෙවැසිහට සැරැසුමැ.
Pali BJTකතමා පබ්බජිතස්ස විභූසා. චීවරමණ්ඩනා පත්තමණ්ඩනා සෙනාසනමණ්ඩනා ඉමස්ස වා පූතිකායස්ස{8} බාහිරානං වා පරික්ඛාරානං මණ්ඩනා විභූසනා කෙලනා පරිකෙලනා ගෙධිතතා ගෙධිතත්තං{9} චාපලතා{10} චාපල්යං, අයං පබ්බජිතස්ස විභූසා.
Sinhala BJTපැවිදිහට සැරැසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්‍රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මෙ කුණුකය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරසීම කෙලැවීම හාත්පසින් කෙලැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්‍යය යන මේ පැවිදිහට සැරැසුමි.
Pali BJTසච්චවාදීති: සො පච්චෙකසම්බුද්ධො සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. විභූසනට්ඨානා ආරතො විරතො පටිවිරතො නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසංයුත්තො විමරියාදිකතෙන චෙතසා විහරතීති ‘විභූසනට්ඨානා විරතො සච්චවාදී එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTසච්චවාදී යනු’ ඒ පසේබුදුහු සත්‍යය කියනසුල්ලහ, සත්‍යයෙන් සත්‍යය ගළපනුවහ, ස්ථිරකථා ඇතියහ, හැදැහියයුතු වචන ඇතියහ, ලොව විසංවාද නො කරනුවහ. විභූෂණකරුණින් දුරු වූවාහු වෙන් වූවාහු අත්‍යර්‍ත්‍ථයෙන් වෙන් වූවාහු නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ වාස කෙරෙත් නුයි ‘විභූසනට්ඨානා විරතො සච්චවාදී එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේබුදුහු:
Pali BJTඛිඩ්ඩං රතිං{11} කාමසුඛං ච ලොකෙ අනලංකරිත්වා අනපෙක්ඛමානො විභූසනට්ඨානා විරතො සච්චවාදී එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“ඛිඩ්ඩං රතිං -පෙ- ඒකෝ චෙර ඛග්ගවිසාණකප්පො” යි.