Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“ආමන්තනා හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ පුත්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප්පයොගං විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTයහළුවන් මැද ක්‍රීඩාව ද පඤ්චකාම ගුණරතිය ද වෙයි, පුත්‍රයන් කෙරෙහි දු විපුල ප්‍රේමය වෙයි, ප්‍රියවිප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලාව සරනෙම්.
Pali BJTඛිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙති ‘ඛිඩ්ඩා’ති ද්වෙ ඛිඩ්ඩා කායිකා ච ඛිඩ්ඩා වාචසිකා ච ඛිඩ්ඩා. කතමා කායිකා ඛිඩ්ඩා: හත්ථීහිපි කීළන්ති, අස්සෙහිපි කීළන්ති රථෙහිපි කීළන්ති, ධනූහිපි කීළන්ති, අට්ඨපදෙපි කීළන්ති, දසපදෙපි කීළන්ති, ආකාසෙපි කීළන්ති, පරිහාරපථෙපි කීළන්ති, සන්තිකායපි කීළන්ති, ඛලිකායපි කීළන්ති, ඝටිකායපි කීළන්ති, සලාකහත්ථෙනපි කීළන්ති, අක්ඛෙභිපි{1} කීළන්ති, පඞ්ගචීරෙනපි කීළන්ති, වංකකෙනපි කීළන්ති, මොක්ඛචිකායපි කීළන්ති, චිඞ්ගුලකෙනපි කීළන්ති, පත්තාළ්හකෙනපි කීළන්ති, රථකෙනපි කීළන්ති, ධනුකෙනපි කීළන්ති, අක්ඛරිකායපි කීළන්ති, මනෙසිකායපි කීළන්ති, යථාවජ්ජෙනපි කීළන්ති. අයං කායිකා ඛිඩ්ඩා.
Sinhala BJTබිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ- ‘ඛිඩ්ඩා’යනු: ක්‍රීඩා දෙකෙකි කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි. කායික ක්‍රීඩා නම් කවරැ යත්; ඇතුන් හා සමග ද කෙළිති, අසුන් හා සමග ද කෙළිති, රිය හා සමග ද කෙළිති, දුන්නෙනුදු කෙළිති, අටපදයෙහිදු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළිදු කෙළිති, පසැටිනුදු කෙළිති, ඝටිකායෙන් (කල්ලි) ද කෙළිති, ලහ අතිනුදු කෙළිති, ගුළ (පන්දු) යෙනුදු කෙළිති, පත්නළයෙනුදු කෙළිති, කෙළි නඟුලිනුදු කෙළිති, පරිවර්‍තන කෙළිදු කෙළිති, පත්බමරිනිදු කෙළිති, පත්නැළියෙනුදු කෙළිති කුඩාරියෙනුදු කෙළිති, කෙළි දුන්නෙනුදු කෙළිති, අකුරු කෙළිඳු කෙළිති සිතැඟි කෙළිදු කෙළිති, යථාවද්‍යයෙනුදු කෙළිත්. මේ කායිකක්‍රීඩායැ.
Pali BJTකතමා වාචසිකා ඛිඩ්ඩා: මුඛභෙරිකං මුඛාලම්බරං මුඛදෙණ්ඩිමකං{1} මුඛචලිමකං{2} මුඛභෙරූලකං{3} මුඛදද්දරිකං නාටකං ලාසං ගීතං ද්වකම්මං, අයං වාචසිකා ඛිඩ්ඩා. රතීති අනුක්කණ්ඨිතාධිවචනමෙතං රතීති. ‘සහායා’ වුච්චන්ති යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු, ඨානං ඵාසු, නිසජ්ජා ඵාසු, සයනං ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, උල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ’ති ඛිඩ්ඩා ච රති ච සහායමජ්ඣෙ හොතීති ‘ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ’.
Sinhala BJT‘වාචසික ක්‍රීඩා’කවරැ යත්: මුවබෙර යැ මුවපනාබෙර යැ මුවපටහ යැ මුඛචාලික යැ (සීරුසන්) මුඛ හෙරුලක යැ මුවඩමරු යැ නාටක යැ ඔල්වරහඬ යැ ගායන යැ සිනාකෙළි යැ යන මේ වාචසික ක්‍රීඩා යි. රති යනු: තෙල ‘රති” යි නො උකටලියට නමෙකි. සහායා - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද ඔහු ‘සහාය’යි කියනු ලැබෙත්. බිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ යනු: සහායයන් මධ්‍යයෙහි ක්‍රීඩාව ද රතිය ද වේ නුයි ‘බිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ’යනු වේ.
Pali BJTපුත්තෙසු ච විපුලං හොති පෙමන්ති: ‘පුත්තා’ති චත්තාරො පුත්තා අත්රජො පුත්තො ඛෙත්තජො පුත්තො දින්නකො පුත්තො අන්තෙවාසිකො පුත්තො. පුත්තෙසු ච විපුලං හොති පෙමන්ති පුත්තෙසු ච අධිමත්තං හොති පෙමන්ති ‘පුත්තෙසු ච විපුලං හොති පෙමං’.
Sinhala BJTපුත්තෙසු ව විපුලං හොති පෙමං- ‘පුත්තා’යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජ පුත්‍ර යැ ක්ෂෙත්‍රජ පුත්‍ර යැ දෙනුලැබ වඩාගත් පුත්‍ර යැ අතැවැසි පුත්‍ර යැයි. පුත්තෙසු ච විපුලං හොති පෙමං යනු: පුත්‍රයන් කෙරෙහි අධික ප්‍රේමය වේ නුයි ‘පුත්තෙසු ච විපුලං හොති පෙමං’යනු වේ.
Pali BJTපියවිප්පයොගං විජිගුච්ඡමානොති ද්වෙ පියා: සත්තා වා’ සඞ්ඛාරා වා කතමෙ සත්තා පියා: ඉධ යස්ස තෙ හොන්ති, අත්ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත්තො වා ධීතා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා ඉමෙ සත්තා පියා. කතමෙ සඞ්ඛාරා පියා: මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා. ඉමෙ සඞ්ඛාරා පියා. පියවිප්පයොගං විජිගුච්ඡමානොති: පියානං විප්පයොගං විජිගුච්ඡමානො අට්ටීයමානො හරායමානොති ‘පියවිප්පයොගං විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTපියවිප්පයොගං විජිගුච්ඡමානො - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යි. ප්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: මෙලොවැ යමක්හට වැඩ කැමැති හිත කැමැති පහසු කැමැති සතර යෝගයෙන් නිර්‍භය කැමැති මවක් වේවයි පියෙක් වේවයි බෑයෙක් වේවයි බුනක් වේවයි පුතෙක් වේවයි දුවක් වේවයි මිතුරෙක් වේවයි සගයහළුවෙක් වේවයි නෑයෙක් වේවයි සහලේනෑයෙක් වේවයි යම් කෙනෙක් වෙත් ද, මොහු ප්‍රියසත්ත්‍වයෝ යි. ප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ. මනවඩන ශබ්දයෝ යැ. මනවඩන ගන්‍ධයෝ යැ මනවඩන රසයෝ යැ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මොහු ප්‍රිය සංස්කාරයෝ යි. පියවිප්පයොගං විජිගුච්ඡමානො යනු: ප්‍රියයන්ගේ විප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් (ඉන්) පෙළෙනුයෙම් ලජ්ජා වනුයෙම් නුයි. ‘පියවිප්පයොගං විජිගුච්ඡමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ පුත්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප්පයොගං විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“බිඩ්ඩා රතී හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTචාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඉතරීතර (කුදුමහත් ප්‍රත්‍යය) යෙන් සතුටු වනුයේ බඹවිහරණ පතළ සිව්දිග ඇතියේ ප්‍රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැති ගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTචාතුද්දිසො අප්පටිඝො ච හොතීති ‘චාතුද්දිසොති සො පච්චෙකසම්බුද්ධො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො{1} තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්නං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{2} ඵරිත්වා විහරති. කරුණාසහගතෙන -පෙ- මුදිතා සහගතෙන -පෙ- උපෙක්ඛාසහගතෙන -පෙ- විහරති. චාතුද්දිසො අප්පටිඝො ච හොතීති: මෙත්තාය භාවිතත්තාය යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති යෙ දක්ඛිණාය දිසාය සත්තා තෙ අප්පටිකූලාහොන්ති, යෙ පච්ඡිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උත්තරාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති. යෙ පුරත්ථිමාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ දක්ඛිණාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ පච්ඡිමාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උත්තරාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යො හෙට්ඨිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උපරිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ දිසාසු විදිසාසු සත්තා තෙ අප්පටිකූලා, හොන්ති, කරුණාය භාවිතත්තාය -පෙ- මුදිතාය භාවිතත්තාය -පෙ- උපෙක්ඛාය භාවිතත්තා. යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති -පෙ- යෙ දිසාසු විදිසාසු සත්තා තෙ අප්පටිකූලා, හොන්තීති ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති.’
Sinhala BJTචාතුද්දිසො අප්පටිඝො ච හොති - “චාතුද්දිසො’ යනු: ඒ පසේබුදුහු මෛත්‍රිසහගත සිතින් එක් දෙසක් අරමුණු කොට වාස කෙරෙති. එසෙයින් දෙ වැනි දෙස එසෙයින් තෙ වැනි දෙස එසෙයින් සතර වැනි දෙස මෙසෙයින් උඩ යට සරස හැම තන්හි හැම දෙන ආත්මසම බැවින් (හෝ මුළු සිතින්) හැම සතුන් ඇති ලොව මෛත්‍රි සහගත වූ (එරණ විසින්) විපුල වූ (භූමි විසින්) මහද්ගත වූ (ආලම්බන) විසින් අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් ස්පර්‍ශ (අරමුණු) කොට වාස කෙරෙති. කරුණා සහගත වූ ...මෘදුතා සහගත වූ ... උපේක්‍ෂාසහගත වූ ... සිතින් යුක්ත වැ වාස කෙරෙත්. චාතුද්දිසො අප්පටිඝො ච හොති යනු: මෛත්‍රිය භාවිත බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, දකුණුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, පැදුම් අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, පැළ අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, යට දෙස යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, උඩ දෙස යම් සත්ත්‍ව කෙනෙක් ඇත්නම් ඔහු අප්‍රතිකූල වෙති, දසනුදසැ යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙත්. කරුණාව භාවිත බැවින්-මෘදුතාව භාවිත බැවින්-උපේක්‍ෂාව භාවිත බැවින් පැදුම් දිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙති. ....දිශාවිදිශාවන්හි යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙත් නුයි ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති” යනු වේ:
Pali BJTසන්තුස්සමානො ඉතරීතරෙනාති: සො පච්චෙකසම්බුද්ධො සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී න ච චීවරහෙතු{3} අනෙසනං අප්පතිරූපං{4} ආපජ්ජති. අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතො{5} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති,
Sinhala BJTසන්තුස්සමානො ඉතරීතරෙන යනු: ඒ පසේබුදුහු කුදුමහත් සිවුරින් සන්තුෂ්ට වෙති, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ, චීවර හේතුයෙන් අයුතු අනෙසනයට ද නොපැමිණෙති, සිවුරු නො ලැබ (චීවරලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. යළි (දැහැමින් සෙමෙන්) සිවුරු ලැබ ලොභග්‍රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණ ප්‍රඥා ඇත්තාහු වළඳති. තවද ඒ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්ර්කෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙත්.
Pali BJTයො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති පච්චෙකසම්බුද්ධො පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන -පෙ- සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන -පෙ- සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර සන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති, යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති පච්චෙකසම්බුද්ධො පොරාණෙ අග්ගඤ්ඤෙ අරිවංසෙ ඨිතොති ‘සන්තුස්සමානො ඉතරීතරෙන’.
Sinhala BJTයම් කෙනෙක් ඒ චීවර සන්තෝෂයෙහි දක්‍ෂ වූවාහු අනලස වූවාහු සම්‍යග්ඥාන ඇත්තාහු ස්මෘතිසම්ප්‍රයුත්ත වූවාහු වෙත් ද මේ පසේ බුදුහු පෞරාණික වූ ‘අග්‍ර’ යයි දතයුතු ආර්යවංශයෙහි සිටියාහ’යි කියනු ලැබෙත්. ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ශයනාසනයෙන් සන්තුෂ්ට වෙති ... ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ. ගිලන්පස බෙහෙසත් පිරිකර හෙයින් අයුතු අනෙසනයට නො ද පැමිණෙති, යළි ගිලන්පසබෙහෙසත් පිරිකර නො ලැබ (ලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. (දැහැමින් සෙමෙන්) ගිලන්පසබෙහෙසත් පිරිකර ලැබ ද, ලොභග්‍රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණප්‍රඥා ඇති වැ වළඳති. තවද ඒ ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාර සන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්කර්ෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙති, යම් කෙනෙක් එහි දක්‍ෂ වූවාහු අනලස වූවාහු සම්‍යක්ඥාන ඇත්තාහු සිහි ඇත්තාහු වෙත්ද, මේ පසේ බුදුහුපෞරාණික වූ ‘අග්‍ර’ යයි දතයුතු ආර්‍ය්‍යවංශ යෙහි සිටියාහ’යි කියනු ලැබෙත් නුයි ‘සන්තුස්සමානො ඉතරීතරෙන’ යනු වේ.
Pali BJTපරිස්සයානං සහිතා අඡම්භීති’-පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච. කතමෙ පාකටපරිස්සයා: සීහා ව්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා{1} ‘හත්ථි අහි විච්ඡිකා සතපදී චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා. චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො{2} ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසප{3}සම්ඵස්සා ඉති වා. ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
Sinhala BJTපරිස්සයානං සහිතා අජම්හී- ‘පරිස්සයා’ යනු: උපද්‍රව දෙකෙකි: ප්‍රකට උපද්‍රව ද ප්‍රතිච්ඡන්න උපද්‍රව දැ යි. ප්‍රකට උපද්‍රව නම් කවරැ යත්: සිහ යැ වග යැ වලස් යැ තරස් යැ කොක්නා යැ මියු යැ ඇත් යැ සප් යැ නුහුසු යැ පත්තෑ යැ කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ. චක්ෂුරෝග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණයොග යැ ජිහ්වාරෝග යැ කායරෝග යැ ශීර්ෂරෝග යැ කර්ණරෝග යැ මුඛරෝග යැ දන්ත රෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජීවර යැ කුක්ෂිරෝග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්‍රණ යැ විතච්ඡිකා (තලරෝග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැගි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසි-මදුරු-වා-අව්-දික්දෑ යන මොවුන්ගේ පහසින් උපත් පීඩන යැ යන මේ හෝ යි, මොහු ප්‍රකට උපද්‍රාවයෝ යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ පටිච්ඡන්නපරිස්සයා: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසංඛාරා. ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා’.
Sinhala BJTප්‍රතිච්ඡන්න උපද්‍රව කවරැ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්ච කුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ උපනාහ යැ මකු බව යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ. මායා යැ සඨ බව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ. සියලු දුශ්චරිතයෝ යැ. සියලු දරථයෝ යැ. සියලු පරිදාහයෝ යැ. සියලු සන්තාපයෝ යැ. සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යි කියනු ලැබෙත්.
Pali BJTපරිස්සයාති-කෙනට්ඨෙන පරිස්සයා: පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTපරිස්සයා යනු: කවර හෙයින් පරිස්සය වෙතී ය: පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, එහි ආසය ඇත්තාහු නුයි ‘පරිස්සය’ නම් වෙති.
Pali BJTකථං පරිසහන්තීති පරිස්සයා: තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති පරිමද්දන්ති,{1} එවං පරිසහන්තීති පරිස්සයා.
Sinhala BJTකිසෙයින් ‘පරිසහනය කෙරෙත්’ නුයි පරිස්සය නම් වෙතී යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති මැඩගෙන සිටිති, හාත්පසින් අල්වා ගනිති, මිරිකාගනිත්, මෙසෙයින් පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති.
Pali BJTකථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා: තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. කතමෙසං කුසලානං ධම්මානං: සම්මාපටිපදාය අනුලොමපටිපදාය අපච්චනීකපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස, සතිසම්පජඤ්ඤස්ස චතුන්නං සතිපට්ඨානං භාවනානුයොගස්ස, චතුන්නං සම්මප්පධානානං-චතුන්නං ඉද්ධිපාදානං-පඤ්චන්නං ඉන්ද්රියානං-පඤ්චන්නං බලානං-සත්තන්නං බොජ්ඣඞ්ගානං-අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස, ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති, එවං{2} පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
Sinhala BJTකිසෙයින් ‘පරිහානයට වැටෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙතී යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය (හැරීම) පිණිස පවතිත්. කවර කුශලධර්‍මයන්ගේ ද යත්: සම්‍යක් ප්‍රතිපත් යැ අනුලොමප්‍රතිපත් යැ අප්‍රත්‍යනික ප්‍රතිපත් යැ අවිරුද්ධ ප්‍රතිපත් යැ අන්‍වර්ථ ප්‍රතිපත් යැ ධර්මානුධර්මප්‍රතිපත් යැ ශීලයෙහි පරිපූරකාරිත්ව යැ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා යැ භෝජනයෙහි මාත්‍රඥතා යැ ජාගර්‍ය්‍යානුයෝග යැ ස්මෘති සම්ප්‍රඥාන යැ. චතුර්විධ ස්මෘති ප්‍රස්ථානයන් ගේ භාවනානුයෝග යැ චතුර්විධ ඍද්ධිපාදයන් ගේ භාවනානුයෝග යැ පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනානුයෝග යැ පඤ්චබලයන්ගේ භාවනානුයෝග යැ සප්තබොධ්‍යයන්ගේ භාවනානුයෝග යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්ගයාගේ භාවනානුයෝග යැ යන මේ කුශලධර්‍මයන් ගේ අන්තරාය පිණිස පරිහානය පිණිස වැටෙත්. මෙසෙයින් පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති.
Pali BJTකථං තත්රාසයාති පරිස්සයා: තත්ථෙතෙ{3} පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා, යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා{4} පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති, එවමෙව තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති එවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTකිසෙයින් ‘එහි ආසය ඇත්තාහු’ නුයි ‘පරිස්සය’ නම් වෙතී යත්: ඒ අත්බැව්හි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසිරි කොට උපදිත්, යම්සේ බිලය ඇසුරු කරන ප්‍රාණීහු බිලයෙහි හොවිත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුක්හි හොවිත් ද, එසෙයින් මැ අත්බැව ඇසුරු කරන තෙල ලාමක අකුශලධර්‍මයෝ ඒ අත්බැව්හි උපදිත්, මෙසෙයිනුදු තත්‍රාසය (එහි ආසය) ඇත්තාහු නුයි ‘පරිස්සය’ නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමෙ වදාරන ලද මැ යි බුදුන් විසින්:
Pali BJT“සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථං ච භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්සවන්ති පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො වුච්චති. තෙ නං සමුදාචරන්ති{1} සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා ‘සාචරියකොති වුච්චති. පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්සවන්ති පාපකා අකුසලා ධම්මාති තස්මා ‘සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති තස්මා ‘සාචරියකො’ති{2} වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසුවිහරතී’ති{a}. එවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJT“මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකයේ නො සුවසේ වෙසෙයි යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණක් හට ඇසින් රූපයක් දැක සරසංකල්ප (නොයෙක් අරමුණුහි හැසිරෙන හෙයින් සංකල්පනය කටයුතු) වූ සංයෝජනයන්ට හිත වූ යම් ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද ඒ අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබෙයි. යම් හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. තවද මහණෙනි, මහණක්හට කනින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් අසා...දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැසැ ... සිතින් දහමක් දැන නානාලම්බනයෙහි හැසිරීම් වශයෙන් පරිකල්පිත වූ සංයෝජනීය වූ යම් ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිතතුළ වෙසෙති, ඔහුගේ සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික” යයි කියනු ලැබෙයි. යම්හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද ඔහු කෙරෙහි පවතිත්ද, එහෙයින් ‘සාචරියක’ යයිකියනු ලැබේ. මෙසෙයින් මහණෙනි, මහණ තෙම සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ වෙසෙයි, සුවසේ නො වෙසේයයි’ මෙසෙයිනුදු තත්‍රාසය වෙත් නුයි උපද්‍රව නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමෙ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
Pali BJT“තයොමෙ භික්ඛවෙ, අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො: ලොභො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. දොසො භික්ඛවෙ -පෙ- මොහො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලා{3} අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා.{b}
Sinhala BJT“මහණෙනි මෙ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි මොහු තිදෙන ඇතුළත මලයෝ යැ. ඇතුළත අමිත්‍රයෝ යැ. ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ යි.
Pali BJT1. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
Sinhala BJT1. ලෝභය අනර්‍ත්‍ථ උපදවන්නේ යැ, ලෝභය සිත චලනය කරන්නේ යැ, හේ ඇතුළත (සිත්හි) මැ උපන් භයහේතුයෙක, ඒ භය බාලජන තෙමේ නො දනියි.
Pali BJT2. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
Sinhala BJT2. ලෝභී වූයේ (ලෞකික ලෝකෝත්තර) අර්‍ත්‍ථය නො දනියි. (අර්ත්ථයට හේතු වූ) ධර්‍මය නො දකියි. යම් කලෙක්හි ලෝභය තෙම මිනිසා මැඩගනී ද, එකල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJT3. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.{b}
Sinhala BJT3. ද්වේෂය අනර්ත්ථජනක යැ. ද්වේෂය සිත චලනය කෙරෙයි. හේ සිත්හි උපන් භය කාරණයෙක, බාලජන තෙම එය අවබෝධ නො කෙරෙයි.
Pali BJT4. දුට්ඨො අත්ථං න ජානාති දුට්ඨො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං දොසො සහතෙ නරං.
Sinhala BJT4. කිපියේ අර්‍ත්‍ථය නො දනියි. ධර්‍මය නො දකියි. ක්‍රෝධය මිනිසා යටපත් කරන කල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJT5. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
Sinhala BJT5. මෝහය අනර්‍ත්‍ථ උපදවයි. මෝහය සිත කලඹයි. හේ සිත තුළ උපදනා භය කාරණයෙක, බාලජන තෙම එය අවබෝධ නො කෙරෙයි.
Pali BJT6. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං මොහො සහතෙ නර”න්ති.{a}
Sinhala BJT6. මුළා වූයේ අර්‍ත්‍ථය නො දනියි. ධර්‍මය නො දකියි. මෝහය මිනිසා මැඩගන්නා කල්හි බහල වූ අන්‍ධකාරය වේ.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසේත් ‘තත්‍රාසය වෙත්’ නුයි පරිස්සය නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරනලද මැ යි බුදුන් විසින්:
Pali BJT“තයො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ -පෙ- මොහො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ, තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය.”{b}
Sinhala BJT“මහරජ, පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනා ධර්‍මයෝ තිදෙනෙක් අහිත පිණිස දුක් පිණිස අසුඛවිහරණය පිණිස උපදිති. කවර තිදෙනෙකැ යත්: මහරජ, ලෝභධර්මය පුරුෂයා ගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, ද්වෙෂධර්මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, මෝහධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදයෙන් අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයා ගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස අඵාසුවිහරණය පිණිස උපදිත්...”
Pali BJT7. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං හිංසන්ති අත්ත සම්භූතා තචසාරංව සම්ඵල”න්ති.{b}
Sinhala BJT7. ලෝභය ද ද්වේෂය ද මෝහය ද ස්වසන්තානයෙහි උපන්නාහු ස්වකීය ඵලය ත්වක්සාර හුණගසක් මෙන් පව්සිත් ඇති පුරුෂයා නසත්’යි.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසෙයිනුදු ‘තත්‍රාසය’ නුයි ‘පරිස්සය’ නම් වෙත්.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTවදාරන ලද මැ යි බුදුන් විසින්:
Pali BJT8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරති රති ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධංකමිවොස්සජන්තී”ති.{c}
Sinhala BJT8. රාගය ද ද්වේෂය ද කුශලධර්‍මයෙහි උත්කණ්ඨාව ද පස්කම්හි ඇලීම හා ලෝමහර්ෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහු යැ. මෙ අත්බැවින් උපන්නාහු යැ, ලාමක වූ මනොවිතර්කයෝ මෙ අත්බැවින් ඉපැද, කුඩා දරුවන් දික් හුයකින් පය බැඳ හරන ලද කවුඩකු සෙයින් සිත (බැඳ භවයෙහි) හැර පියත්.
Pali BJTඑවම්පි තත්රාසයාති පරිස්සයා.
Sinhala BJTමෙසෙයිනුදු ‘තත්‍රාසය’ නුයි. ‘පරිස්සය නම් වෙත්.
Pali BJTපරිස්සයානං සහිතාති පරිස්සයෙ සහිතා ආරාධිතා අජ්ඣොත්ථරිතා පරියාදිතා පටිනිස්සටාති ‘පරිස්සයානං සහිතා’.
Sinhala BJTපරිස්සානං සහිතා යනු: උපද්‍රව ඉවසනුයේ අරියනුයේ මැඩගත්තේ හාත්පසින් මැඩගත්තේ බැහැර කෙළේ නුයි ‘පරිස්සායානං සහිතා” යනුවේ.
Pali BJTඅඡම්භීති සො පච්චෙකසම්බුද්ධො අභීරු අඡම්භි අනුත්රාසි අපලායි පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො,
Sinhala BJTඅජම්හී යනු: ඒ පසේ බුදුහු නො බියසුල්ලහ නො තැතිගනුවහ උත්‍රස්ත නො වනුවහ නො පලායන සුල්ලහ. ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇති වැ පහ වූ ලොමුදහගහැනුම් ඇති වැ වාස කෙරෙත් නුයි. ‘පරිස්සයානං සහිතා අජම්හී ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේබුදුහු:
Pali BJT“චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“චාතුද්දීසො අප්පටිඝො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTදුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා, අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරො ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමට දුෂ්කර වෙති. (එහෙයින්) පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTදුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙති “පබ්බජිතාපි ඉධෙකච්චෙ නිස්සයෙපි දිය්යමානෙ උද්දෙසෙපි දිය්යමානෙ පරිපුච්ඡායපි දිය්යමානෙ චීවරෙපි දිය්යමානෙ පත්තෙපි දිය්යමානෙ ලොහථාලකෙපි දිය්යමානෙ ධම්මකරෙකෙපි”{1} දිය්යමානෙ පරිස්සාවනෙපි දිය්යමානෙ ථවිකෙපි දිය්යමානෙ උපාහනෙපි දිය්යමානෙ කායබන්ධනෙපි දිය්යමානෙ න සුස්සූසන්ති න සොතා ඔදහන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති, අනස්සවා අවචනකරං පටිලොමවුත්තිනො අඤ්ඤෙනෙව මුඛං කරොන්තී’ති ‘දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ.
Sinhala BJTදුස්සඞ්ගහා පබ්බජිතා’පි එකෙ යනු: මෙලොවැ ඇතැම් පැවිද්දෝ ත් නිස දෙනු ලබන කල්හිදු උදෙස් දෙනුලබන කල්හිදු පරිපෘච්ඡා දෙනු ලබන කල්හිදු සිවුරු දෙනුලබන කල්හිදු පාත්‍ර දෙනු ලබන කල්හිදු ලොහො තලි දෙනු ලබන කල්හිදු ඩබරා දෙනුලබන කල්හිදු පෙරහන දෙනු ලබන කල්හිදු ථවිකා (පසුඹි) දෙනු ලබන කල්හිදු වහන් දෙනු ලබන කල්හිදු කාබහන් දෙනු ලබන කල්හිදු නො අසති, කන් යොමු නො කෙරෙති, දැනගනු පිණිස සිත නො පිහිටුවති අවවාද නො අසන්නාහු වචන නො කරන්නාහු විරුද්ධවැ පවත්නාහු ඉවත බලත්නුයි. ‘දුස්සඩ්ගහා පබ්බජිතාපි එකෙ’ යනු වේ.
Pali BJTඅථො ගහට්ඨා ඝරමාවසන්තාති ගහට්ඨාපි ඉධෙකච්චෙ හත්ථිම්හිපි දිය්යමානෙ -පෙ- රථෙපි-ඛෙත්තෙපි-වත්ථුම්හිපි-හිරඤ්ඤෙපි-සුවණ්ණෙපි දිය්යමානෙ ගාමෙපි-නිගමෙපි-නගරෙපි-රට්ඨෙපි-ජනපදෙපි දිය්යමානෙ න සුස්සූසන්ති{2} -පෙ-
Sinhala BJTඅථො ගහට්ඨා ඝරමාවසන්තා යනු: මෙලොවැ ඇතැම් ගෘහස්ථයෝ ද ඇතකුදු දෙනු ලබන කල්හි ....රියකුදු - කෙතකුදු - වත්නකුදු - අමුරනුදු-රත්රනුදු දෙනු ලබන කල්හි ගමකුදු- නියම්ගමකුදු - නුවරකුදු- රටකුදුදනව්වකුදු දෙනු ලබන කල්හි නො අසති ...
Pali BJTඅප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වාති. අත්තානං ඨපෙත්වා සබ්බෙ ඉමස්මිං අත්ථෙ පරපුත්තා, තෙසු පරපුත්තෙසු අප්පොස්සුක්කො හුත්වා අව්යාවටො හුත්වා අනපෙක්ඛො හුත්වාති ‘අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
Sinhala BJTඅප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්‍වා යනු: තමා හැර හැම දෙන මෙ අරුත්හි පරපුත්‍ර නම් වෙති. ඒ පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ ව්‍යාපෘත නො වැ අපේක්‍ෂා රහිත වත්නුයි ‘අප්පොස්සුක්කෝ පරපුත්තෙසු හුත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’ති.
Sinhala BJT“දුස්සඞ්ගහා පබ්බජිතා පි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTවොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සංසීනපත්තො{1} යථා කොවිළාරො, ඡෙත්වාන වීරො{2}, ගිහිබන්ධනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTගිලිහුණු පත්‍ර ඇති කොබළලරුකක් සෙයින් (කෙහෙ රවුළු ඈ) ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්ගවීර්‍ය්‍ය ඇත්තේ ගිහි (කාම) බන්ධනයන් (මාර්‍ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTවොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානීති ‘ගිහිබ්යඤ්ජනං’ වුච්චන්ති කෙසා ච මස්සු ච මාලා ච ගන්ධං ච විලෙපනං ච ආභරණං ච පිළන්ධනං ච වත්ථං ච පාරුපනං ච වෙඨනං න උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං මුඛචුණ්ණකං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩං නාලිකං ඛග්ගං ඡත්තං චිත්රූපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි, ඉති වා, වොරොපයිත්වා ගිහි බ්යංජනානීති ගිහිබ්යඤ්ජනානි ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භයිත්වාති, වොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි’.
Sinhala BJTවොරොපයිත්වා ගිහිඛ්‍යඤ්ජනානි- ‘ගිහිඛ්‍යඤජන’ යි කෙස් ද රවුළු ද මල් ද ගඳ ද විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්තූ ද පොරෝනා ද හිස් වෙළුම ද සුවඳසුණු ගැල්වීම (තෙල්ගල්වා) පිරිමැදීම සුවඳපැනින් නැහැවීම (මල්‍යයන්ගේ අත්පා සෙයින් මුගුරින් මැඩ කරන) සම්බාහනය කැටපත් අඳුන් මල්ගඳවිලෙවුන් මුවසුණු මුඛලෙපන හස්තබන්ධ ශිඛාබන්ධ සෝලුලීය (ලීලාදණඩ) චිත්‍රනාළිකා විසිතුරු කොපු ඇති කඩු විචිත්‍ර ඡත්‍ර විසිතුරු වහන් නළල්පට මිණි වල්විදුනා දික්දහවලු ඇති සුදුවත් යන මොහු හෝ කියනු ලැබෙති. වොරොපයිත්වා ගිහිඛ්‍යඤජනානි’ යනු: ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහා තබා පටිප්පස්සම්භනය කොට නුයි ‘වොරොපයිත්වා ගිහිඛ්‍යඤජනානි’ යනු වේ.
Pali BJTසංසීනපත්තො යථා කොවිළාරොති යථා කොවිළාරස්ස පත්තානි තානි සංසීනානි{3} පතිතානි පරිපතිතානි, එවමෙව තස්ස පච්චෙකසම්බුද්ධස්ස ගිහිබ්යඤ්ජනානි සීනානි සංසීනානි පතිතානීති සංසීනපත්තො යථා කොවිළාරො.
Sinhala BJTසංසීනපත්තො යථා කොවිළාරො- යම්සේ කොබළලරුකක්හු ගේ පත්‍රයෝ ගිලිහුණාහු ද මොනොවට ගිලිහුණාහු ද වැටුණාහු ද වෙසෙසින් වැටුණාහු ද එසෙයින් මැ ඒ පසේබුදුන් ගේ ගිහිව්‍යඤ්ජනයෙන් ගිලිහුණාහු මොනොවට ගිලිහුණාහු වැටුණාහු වෙසෙසින් වැටුණාහු වෙත් නුයි ‘සංසීනපත්තො යථා කොවිළාරො’ යනු වේ.
Pali BJTඡෙත්වාන වීරො ගිහිබන්ධනානීති වීරො’ති විරියවාති වීරො, පහූති වීරො, විසවීති වීරො, අලමත්තොති වීරො, සූරොති වීරො, වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී පහීනභයභෙරවොති වීරො, විගතලොමහංසොති වීරො:
Sinhala BJTඡෙත්‍වාන වීරො ගිහිබන්ධනානි- ‘විරෝ’ යනු: වීර්‍ය්‍ය්‍යවත් නුයි වීර යැ ප්‍රභූ නුයි වීරයැ, වශයෙහි පවත්නේ නුයි වීරයැ, සමර්ථසිත් ඇත්තේ නුයි වීර යැ, ශූර නුයි වීර යැ, වික්‍රම ඇත්තේ යැ. බිය නැත්තේ යැ නො තැති ගන්නේයැ, උත්‍රාස නැත්තේයැ නො පලායන්නේ යැ ප්‍රහීණ කළ බිය හා බිය අරමුණු ඇත්තේ නුයි. වීරයැ, පහ වු ලොමුදහගැනුම් ඇත්තේ නුයි වීර යැ.
Pali BJT1. “විරතො ඉධ සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච විරියවාසො, සො විරියවා පධානවා වීරො තාදි, පවුච්චතෙ තථත්තා”ති.
Sinhala BJT1. ‘මෙලොවැ සියලු පාපයන් ගෙන් වෙන් වූ වීර්‍ය්‍ය්‍යයට නිවාස වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම නිරයදුක් ඉක්මැ සිටියේ වෙයි. වීර්‍ය්‍ය්‍යය ඇති ප්‍රධන්වීර්‍ය්‍ය ඇති ඒ වීර තෙම තථ බැවින් ‘තාදි’ යයි කියනු ලැබේ’ යයි.
Pali BJTගිහිබන්ධනානි{4}’ වුච්චන්ති පුත්තා ච දාරා ච{5} දාසී ච දාසා ච අජෙළකා ච කුක්කුටසූකරා ච හත්ථිගවාස්සවළවා ච ඛෙත්තං ච වත්ථුං ච හිරඤ්ඤං ච සුවණ්ණං ච ගාමනිගමරාජධානියො ච රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච යං කිඤ්චි රජනීයවත්ථු, ඡෙත්වාන වීරො ගිහිබන්ධනානීති සො පච්චෙකසම්බුද්ධො වීරො ගිහිබන්ධනානි ඡින්දිත්වා සමුච්ඡින්දිත්වා ජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි එකො ච චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT‘ගිහිබන්ධන’යි අඹුදරුවෝ ද දැසිදස්හු ද එළුබැටළුවෝ ද කුකුළුවෝ ද හූරෝ ද ඇත්- ගව- අස්- වෙළඹහු ද කෙත්වතු ද අමුරන් ද රත්රන් ද ගම්නියම්ගම් රජදහන් ද රටදනවු ද කොටු ද කොටු ගුළු ද යම්කිසි සිත් අලවන වස්තු කෙනෙක් වෙත් නම් ඔහු කියනු ලැබෙත්. ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි’ යනු: ඒ පසේබුත් වීරයෝ ගිහිබන්‍ධනයන් සිඳපියා මොනවට සිඳපියා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“වොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සංසීනපත්තො යථා කොවිළාරො, ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“වොරොපයිත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJTපඨමො වග්ගො.
Sinhala BJTප්‍රථමවර්ගය යි.
Pali BJTදුතියො වග්ගො
Sinhala BJTදෙ වැනි වර්‍ගය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTසවෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
Sinhala BJTඉදින් නිපුණ වූ සාධු (අර්‍පණ-උපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු ලබන්නේ නම් හැම උවදුරු මැඩලා එයින් තුටු වැ සිහි ඇතිව හැසිරෙන් නේ යි.
Pali BJTසචෙ ලභෙථ නිපකං සහායන්ති: සචෙ නිපකං පණ්ඩිතං පඤ්ඤවන්තං{1}. බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්ය, පටිලභෙය්ය අධිගච්ඡෙය්ය වින්දෙය්යාතී ‘සචෙ ලභෙථ නිපකං සහායං’.
Sinhala BJTසචෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු ලැබේ නම් ප්‍රතිලාභ කෙරේ නම් අධිගම කෙරේ නම් විඳී නම් නුයි ‘සචෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
Pali BJTසද්ධිං චරං සාධුවිහාරි ධීරන්ති: ‘සද්ධිං චර’න්ති එකතො චරං, සාධුවිහාරින්ති පඨමෙනපි ඣානෙන සාධුවිහාරිං දුතියෙනපි ඣානෙන- තතියෙනපි ඣානෙන- චතුත්ථෙනපි ඣානෙන සාධුවිහාරිං මෙත්තායපි චෙතොවිමුත්තියා සාධුවිහාරිං කරුණායපි- මුදිතායපි- උපෙක්ඛායපි- චෙතොවිමුත්තියා සාධුවිහාරිං, ආකාසානඤ්චායතනසමාපත්තියාපි සාධුවිහාරිං විඤ්ඤාණඤ්චායතන-ආකිඤ්චඤ්ඤායතන-නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියාපි සාධුවිහාරිං නිරොධසමාපත්තියාපි සාධුවිහාරිං ඵලසමාපත්තියාපි සාධුවිහාරිං. ධීරන්ති: පණ්ඩිතං පඤ්ඤවන්තං{1} බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවින්ති ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’.
Sinhala BJTසද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චරං’ යනු: එක් වැ හැසිරෙන. සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ද්විතීය ධ්‍යානයෙනුදු -තෘතීය ධ්‍යානයෙනුදු- චතුර්ත්‍ථධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති මෛත්‍රීචිත්ත විමුක්තියෙනුදු සාධු විහාර ඇති කරුණායෙනුදු - මෘදුතයායෙනුදු - උපෙක්ෂා චිත්තවිමුක්තියෙනුදු සාධුවිහාර ඇති, ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති නිරෝධසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති ඵලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
Pali BJTඅභිභුය්ය සබ්බානි පරිස්සයානීති: ‘පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා -පෙ- ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා -පෙ- ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා -පෙ- එවම්පි තත්රාසයාති පරිස්සයා -පෙ- අභිභුය්ය සබ්බානි පරිස්සයානීති: සබ්බෙ පරිස්සයෙ අභිභුය්ය අභිභවිත්වා අජ්ඣත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වාති ‘අභිභුය්ය සබ්බානි පරිස්සයානි’.
Sinhala BJTඅභිභුය්‍ය සබ්බානි පරිස්සයානි- ‘පරිස්සය’ යනු: ප්‍රකට උපද්‍රව යැ ප්‍රතිච්ඡන්න උපද්‍රව යැයි උපද්‍රව දෙකෙකි.....මොහු ප්‍රකට උපද්‍රව යෝයි කියනු ලැබෙති. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යි කියනු ලැබෙත්..... මෙසේත් තත්‍රාසය නුයි පරිස්සය නම් වෙත්.....අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි යනු: හැම උවදුරු මැඩගෙන අභිභවන කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට නුයි ‘අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි’ යනු වේ.
Pali BJTචරෙය්ය තෙනත්තමනො සතීමාති සො පච්චෙකසම්බුද්ධො තෙන නෙපක්කෙන පණ්ඩිතෙන පඤ්ඤවන්තෙන බුද්ධිමන්තෙන ඤාණිනා විභාවිනා මෙධාවිනා සහායෙන සද්ධිං අත්තමනො තුට්ඨමනො හට්ඨමනො පහට්ඨමනො උදග්ගමනො මුදිතමනො චරෙය්ය විහරෙය්ය ඉරියෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති ‘චරෙය්ය තෙනත්තමනො’ සතීමාති: සො පච්චෙකසම්බුද්ධො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතාති ‘චරෙය්ය තෙනත්තමනො සතීමා’.
Sinhala BJTචරෙය්‍ය තෙනත්තමනෝ සතීමා යනු: ඒ පසේබුදුහු ඒ පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් වූ නුවණැති විමසන නුවණැති තුලිතඥාන ඇති සහායයකු සමග සියමන් ඇති වැ තුටුසිත් ඇති වැ හටුසිත් ඇති වැ පහටුසිත් ඇති වැ උදග්‍රසිත් ඇති වැ මුදිතසිත් ඇති වැ හැසිරෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ ඉරියවු රක්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ නුයි ‘චරෙය්‍ය තෙනත්තමනො’ යනු වේ. සතීමා යනු: ඒ පසේබුදුහු ස්මෘතිමත් වෙති පරම වූ ස්මෘති නිපකභාවයෙන් සමන්‍වාගත වූවාහු චිරකෘත (කළ බොහෝ කල් ඉක්මුණු දැය) ද චිරහාෂිත ද සිහි කරන්නාහු පුනපුනා සිහි කරන්නාහු වෙත් නුයි ‘චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමාති”
Sinhala BJT“සචෙ ලභෙථ නිපකං සහායෙ -පෙ- චරෙය්‍ය තෙනත්තමනො සතීමා” යි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTනො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො,
Sinhala BJTඉදින් පියවින් නිපුණ වූ සාධුවිහාර ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු නො ලැබේ නම් දිනූ රට හැරපියා එකලාව යන රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTනො චෙ ලභෙථ නිපකං සහායන්ති නො චෙ නිපකං පණ්ඩිතං පඤ්ඤවන්තං බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්ය පටිලභෙය්ය අධිගච්ඡෙය්ය වින්දෙය්යාති ‘නො චෙ ලභෙථ නිපකං සහායං’.
Sinhala BJTනො චෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසුම් නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු නො ලැබේ නම් ප්‍රතිලාභ නො කෙරේ නම් අධිගම නො කෙරේ නම් නො විඳී නම් නුයි ‘නො චෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
Pali BJTසද්ධිං චරං සාධුවිහාරි ධීරන්ති: ‘සද්ධිං චර’න්ති එකතො චරං, සාධු විහාරින්ති පඨමෙනපි ඣානෙන සාධුවිහාරිං -පෙ- නිරොධසමාපත්තියාපි සාධුවිහාරිං ඵලසමාපත්තියාපි සාධුවිහාරිං. ධීරන්ති: ධීරං පණ්ඩිතං පඤ්ඤවන්තං බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවින්ති ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’.
Sinhala BJTසද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චර’ යනු: එක් වැ හැසිරෙන සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ... නිරෝධසමාපත්ති යෙනුදු සාධුවිහාර ඇති, එලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: ප්‍රාඥ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසනනුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
Pali BJTරාජාව රට්ඨං විජිතං පහායාති: යථා රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො විජිතසඞ්ගාමො නිහතපච්චාමිත්තො ලද්ධාධිප්පායො පරිපුණ්ණකොසකොට්ඨාගාරො රට්ඨං ච ජනපදං ච කොසං ච කොට්ඨාගාරං ච පහූතහිරඤ්ඤසුවණ්ණං නගරං ච පරිච්චජිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙති, එවං පච්චෙකසම්බුද්ධොපි සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරියති වත්තෙති{1} පාලෙති යපෙති යාපෙතීති ‘රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTරාජාව රට්ඨං විජිතං පහාය යනු: යම්සේ මුදුනෙහි බිසෙව්ලත් දිනන ලද සඞ්ග්‍රාම ඇති නසනලද පසමිතුරන් ඇති මුදුන්පත් අදහස් ඇති පිරිපුන් කොටු කොටුගුළු ඇති ක්‍ෂත්‍රිය රජ කෙනෙක් රට ද දනවු ද කොටුදු බොහෝ වූ කළ නොකළ රන් ඇති කොටුගුළුදු නුවර ද හැරපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය පැවිද්දට පැමිණ පළිබෝධ රහිත (කිසිත් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙත් ද වෙසෙත් ද ඉරියවු පවත්වත් ද පවතිත් ද රැකෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද එසෙයින් පසේ බුදුහු ද හැම ගිහිගේ පළිබෝධය සිඳපියා අඹුදරු පළිබෝධය සිඳපියා ඥාති පළිබෝධය සිඳපියා සගයහළු පළිබෝධය සිඳපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යශාසනයට පැමිණ අකිඤ්චනභාවයට පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි. ‘රාජා’ ව රට්ඨං විජිතං පහාය ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“නො චෙ ලභෙථ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTඅද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඑකත්නෙන් සහායසම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සම වූ සහායයෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTඅද්ධා පසංසාම සහාය සම්පදන්ති ‘අද්ධා’ති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවිරුද්ධවචනං අවත්ථාපනවචනමෙතං අද්ධාති. සහාය සම්පදන්ති සහායසම්පදා වුච්චති යො සො සහායො අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන-සමාධික්ඛන්ධෙන{1} අසෙක්ඛෙන-අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන-අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. අද්ධා පසංසාම සහාය සම්පදන්ති සහායසම්පදං පසංසාම ථොමෙම කිත්තෙම වණ්ණෙමාති ‘අද්ධා පසංසාම සහායසම්පදං’.
Sinhala BJTඅද්ධා පසංසාම සහාය සම්පදං - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිසැක වචන යැ නිශ්ශඞ්කාවචනයැ අදෛවධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ නො බොල් වචන යැ අවිරුද්ධවචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. සහාය සම්පදං යනු: යම් සහායයෙක් අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් - අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන්- අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන්- අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, හේ සහායසම්පත් යි කියනු ලැබේ. අද්ධා පසංසාම සහාය සම්පදං යනු: සහායසම්පත් පසසම්හ තෙමම්හ කීර්‍තනය කරම්හ ගුණකියම්හ නුයි. ‘අද්ධා පසංසාම සහායසම්පදං’ යනු වේ.
Pali BJTසෙට්ඨා සමා සෙවිතබ්බා සහායාති: සෙට්ඨා හොන්ති සහායා සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන, සමා සදිසා හොන්ති සහායා සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන සෙට්ඨා වා සහායා සදිසා වා සහායා සෙවිතබ්බා භජිතබ්බා පයුරුපාසිතබ්බා පරිපුච්ඡිතබ්බා පරිපඤ්හිතබ්බාති ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා’.
Sinhala BJTසෙට්ඨා සමා සෙවිතබ්බා සහායා යනු: සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන්ශ්‍රේෂ්ඨ වෙති සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් සමසදෘශ වෙති. ශ්‍රේෂ්ඨසහායයෝ හෝ සදෘශ්සහායයෝ හෝ සේවනය කළයුත්තාහ. භජනය කළයුත්තාහ පර්‍ය්‍යුපාසන කළ යුත්තාහ පිළිවිසිය යුත්තාහ පරිප්‍රශ්න කළ යුත්තාහු නුයි ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායං’ යනු වේ.
Pali BJTඑතෙ අලද්ධා අනවජ්ජභොජීති: අත්ථි පුග්ගලො සාවජ්ජභොජී, අත්ථි පුග්ගලො අනවජ්ජභොජී.
Sinhala BJTඑතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: ‘සාවජ්ජභෝජි’ පුද්ගලයෙක් ඇත, ‘අනවජ්ජොභොජි’ පුද්ගලයෙක් ඇති.
Pali BJTකතමො ච පුග්ගලො සාවජ්ජභොජී: ඉධෙකච්චො පුග්ගලො කුහනාය ලපනාය නෙමිත්තිකතාය නිප්පෙසිකතාය ලාභෙන ලාභං නිජිගිංසනතාය{2} දාරුදානෙන වෙළුදානෙන පත්තදානෙන පුප්ඵදානෙන ඵලදානෙන සිනානදානෙන චුණ්ණදානෙන මත්තිකාදානෙන දන්තකට්ඨදානෙන මුඛොදකදානෙන චාටුකම්යතාය{3} මුග්ගසුප්යතාය{4} පාරිභට්ඨතාය{5} පිට්ඨිමංසිකතාය{6} වත්ථුවිජ්ජාය තිරච්ඡානවිජ්ජාය අඞ්ගවිජ්ජාය නක්ඛත්තවිජ්ජාය දූතමනෙන{7} පහිනගමනෙන ජඞ්ඝපෙසනියෙන වෙජ්ජකම්මෙන පිණ්ඩපතිපිණ්ඩකෙන දානානුප්පදානෙන අධම්මෙන විසමෙන, ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා ජීවිකං කප්පෙති. අයං වුච්චති පුග්ගලො සාවජ්ජභොජී.
Sinhala BJTසාවජ්ජභෝජී පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් උසස් කොට බිණීමෙන් නිමිති කරන බැවින් මෙරමා ගුණ නසන බැවින් ලාභයෙන් ලාභය සොයන බැවින් දැව දීමෙන් හුණදඩු දීමෙන් (තල් ආදී) පත්‍ර දීමෙන් පුෂ්පදානයෙන් ඵලදානයෙන් නහනු දීමෙන් සුණු දීමෙන් මැටි දීමෙන් දැහැටිදඬු දීමෙන් මුවදෝනා දිය දීමෙන් චාටුබස් කියන බැවින් මුද්ගසූපයක් වැනි වීමෙන් (දරුවන් වැඩිමාදී) පරිභටහාවයෙන් මෙරමා පිටුමස් කන බැවින් වාස්තුවිද්‍යායෙන් තිරශ්චීන විද්‍යාවෙන් අඞ්ගවිද්‍යාවෙන් නක්ෂත්‍රවිද්‍යාවෙන් දූතමෙහෙවරින් හසුන් ගෙනයෑමෙන් පා මෙහෙවරින් වෙදකමින් පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් දානානුප්‍රදානයෙන් නො දැහැමින් නො සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට දිවි රකී. මේ ‘සාවජ්ජභොජි පුද්ගල’යි කියනු ලැබේ.
Pali BJTකතමො ච පුග්ගලො අනවජ්ජභොජී: ඉධෙකච්චො පුග්ගලො න කුහනාය න ලපනාය න නෙමිත්තකතාය න නිප්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න දාරුදානෙන න වෙළුදානෙන න පත්තදානෙන න පුප්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න චුණ්ණදානෙන න මත්තිකාදානෙන න දන්තකට්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්යතාය න මුග්ගසුප්යතාය න පාරිභට්ටතාය න පිට්ඨිමංසිකතාය න වත්ථුවිජ්ජාය න තිරච්ඡානවිජ්ජාය න අඞ්ගවිජ්ජාය න නක්ඛත්තවිජ්ජාය න දූතමනෙන න පහිනගමනෙන න ජඞ්ඝපෙසනියෙන න වෙජ්ජකම්මෙන න පිණ්ඩපතිපිණ්ඩකෙන න දානානුප්පදානෙන ධම්මෙන සමෙන, ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා ජීවිකං කප්පෙති. අයං වුච්චති පුග්ගලො අනවජ්ජභොජී.
Sinhala BJT“අනවජ්ජභොජි’ පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නොවැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභය සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඞු දීමෙන් නොවැ පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුවදෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ පරිභට භාවයෙන් නො වැ මෙරමා පිටුමස් කන බැවින් නො වැ වාස්තුවිද්‍යාවෙන් නො වැ තිරශ්චීන විද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්ෂත්‍රවිද්‍යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ හසුන් ගෙන යෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නොවැ දැහැමින් සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට දිවිරකී. මේ
Pali BJTඑතෙ අලද්ධා අනවජ්ජභොජීති එතෙ අනවජ්ජභොජී අලද්ධා අලභිත්වා අනධිගන්ත්වා අවින්දිත්වා අප්පටිලභිත්වාති ‘එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJT‘අනවජ්ජභොජි පුද්ගල’ යි කියනු ලැබේ. එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: තෙල අනවජ්ජභෝජි පුද්ගලයන් නො ලැබ නො ලබා නො පැමිණ නො විඳ ප්‍රතිලාභ නො කොට නුයි ‘එතෙ අලද්ධා අනවජ්ජභොජි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා, එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“අද්ධා පසංසාම -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTදිස්වා සුවණ්ණස්ස පභස්සරානි කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි, සංඝට්ටයන්තානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTතරහල් පුතක්හු විසින් මැනැවින් නිමවන ලද දිළියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTදිස්වා සුවණ්ණස්ස පභස්සරානීති ‘දිස්වා’ති දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සුවණ්ණස්සාති: ජාතරූපස්ස, පභස්සරානීති: පරිසුද්ධානි පරියොදාතානීති ‘දිස්වා සුවණ්ණස්ස පභස්සරානි.
Sinhala BJTදිස්වා සුවණ්ණස්ස පභස්සරාති- ‘දිස්වා’ යනු: දැක බලා තුලනය කොට තීරණය කොට විමසා ප්‍රකට කොට සුවණ්ණස්ස යනු: රත්රනැ. පහස්සරානි යනු: පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ නුයි ‘දිස්වා සුවණ්ණස්ස පහස්සරානි’ යනු වේ.
Pali BJTකම්මාරපුත්තෙන සුනිට්ඨිතානීති: ‘කම්මාරපුත්තො’ වුච්චති සුවණ්ණකාරො, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානීති: කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි සුකතානි සුපරිකම්මකතානීති කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි’.
Sinhala BJTකම්මාරපුත්තෙන සුනිට්ඨිතානි- ‘කම්මාරපුත්ත’ යි රන්කරු කියනු ලැබෙයි. කම්මාරපුත්ත සුනිට්ඨිතානි යනු: රන්කරු විසින් මොනොවට නිමවන ලද මැනැවින් කළ මොනොවට පිරියම් කරන ලද නුයි ‘කම්මාරපුත්තෙන සුනිටඨතානි’ යනු වේ.
Pali BJTසංඝට්ටයන්තානි දුවෙ “භුජස්මින්ති භුජො වුච්චති හත්ථො යථා එකස්මිං හත්ථෙ ද්වෙ නූපුරානි ඝට්ටෙන්ති, එවමෙව සත්තා තණ්හාවසෙන දිට්ඨිවසෙන නිරයෙ ඝට්ටෙන්ති තිරච්ඡානයොනියං ඝට්ටෙන්ති පෙත්තිවිසයෙ ඝට්ටෙන්ති මනුස්සලොකෙ ඝට්ටෙන්ති, දෙවලොකෙ ඝට්ටෙන්ති, ගතියාගතිං උපපත්තියා උපපත්තිං පටිසන්ධියා පටිසන්ධිං භවෙන භවං සංසාරෙන සංසාරං වට්ටෙන වට්ටං ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති සංඝට්ටෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්තීති ‘සංඝට්ටයන්තානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTසංඝට්ටයන්තානි දුවෙ භූජස්මිං- ‘භූජ’ යි හස්තය කියනු ලැබෙයි. යම්සේ එක් අතෙකැ නුරුවලා දෙක ගැටේ ද, එසෙයින් මැ සත්ත්‍වයෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නරකයෙහි ගැටෙති, තිරිසන්යොන්හි ගැටෙති. ප්‍රේතවිෂයෙහි ගැටෙති මිනිස්ලොවැ ගැටෙති, දෙව්ලොව ගැටෙති, ගතියෙන් ගතිය උපපත්තියෙන් උපපත්තිය ප්‍රතිසන්‍ධියෙන් ප්‍රතිසන්‍ධිය භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති මොනොවට ගටති ගැටෙමින් හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘සංඝට්ටයන්තානි දුවෙ භූජස්මිං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේබුදුහු:
Pali BJT“දිස්වා සුවණ්ණස්ස පභස්සරානි කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි, සංඝට්ටයන්තානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“දිස්වා සුවණ්ණස්ස -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTඑවං දුතියෙන සහා මමස්ස{1} වාචාභිලාපො අභිසජ්ජනා වා, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTමෙසෙයින් (ගණවාසය ඇති කල්හි) මට දෙ වැන්නකු හා සමග වාග්භිලාපය (දෙතිස් තිරිසන් කථා) වන්නේ යැ, (ඔහු කෙරෙහි) ඇල්ම හෝ වන්නේ යැ, ආයතිභවයෙහි තෙල බිය දැක්මින් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTඑවං දුතියෙන සහා මමස්සාති තණ්හාදුතියො වා හොති, පුග්ගලදුතියො වා. කථං තණ්හාදුතියො හොති’. ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා යස්සෙසා තණ්හා අප්පහීනා සො වුච්චති තණ්හාදුතියො
Sinhala BJTඑවං දුතියෙන සහා මමස්ස යනු: තෘෂ්ණාව දෙ වැනි කොට ඇත්තේ හෝ පුද්ගලයකු දෙ වැනි කොට ඇත්තේ හෝ වෙයි. කිසෙයින් ‘තණ්හාදුතිය වේ’ යැ යත්: ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ....ධර්‍මතෘෂ්ණ යි, යමක්හු විසින් තෙල තෘෂ්ණාව ප්‍රහාණය නො කරන ලද ද හේ ‘තණ්හාදුතිය’ යි කියනු ලැබෙයි.
Pali BJT“තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතී”ති.{*}
Sinhala BJTතෘෂ්ණාව දෙ වැනි කොට ඇති පුරුෂ තෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ මෙ අත්බැවින් අන් අත්බවකට පැමිණීම වූ සසර නොඉක්මවා යි.
Pali BJTඑවං තණ්හාදුතියො වා හොති.
Sinhala BJTමෙසෙයින් ‘තණ්හාදුතිය’ නම් වෙයි.
Pali BJTකථං පුග්ගලදුතියො හොති: ඉධෙකච්චො න අහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්නචිත්තො එකස්ස වා දුතියො හොති, ද්වින්නං වා තතියො හොති, තිණ්ණං වා චතුත්ථො හොති, තත්ථ බහුං සම්ඵප්පලාපං පලපති සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං
Sinhala BJTකිසෙයින් ‘පුද්ගලදුතිය’ වේ යැ යත්: මෙලොවැ ඇතැමෙක් අර්‍ත්‍ථ හේතුයෙන් නො වැ කාරණහේතුයෙන් නොවැ උද්ධත වූයේ නො සන්හුන් සිත් ඇත්තේ එකකුට දෙ වැන්නෙක් හෝ වෙයි, දෙදෙනකුන්හට තෙ වැන්නෙක් හෝ වෙයි තිදෙනකුන්හට සතරවැන්නෙක් හෝ වෙයි, එහිදී බොහෝ කොට හිස් බස් තෙපලයි: හේ මෙසේයි: රාජකථා චෞරකථා මහාමාත්‍ර (මහඇමැතියන් පිළිබඳ) කථා සේනා කථා භය කථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්තුකථා යානකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා
Pali BJTපුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං කථෙති. එවං පුග්ගලදුතියො හොතීති ‘එවං දුතියෙන සහා මමස්ස{1}’.
Sinhala BJTපුරුෂකථා ශුරකථා වීථි පිළිබඳ කථා දියතොට (හෝ කළ දැසියන් පිළිබඳ) කථා පූර්වප්‍රෙත (පෙර නෑයන් පිළිබඳ) කථා නානාස්වභාව (නිරර්‍ත්‍ථක) කථා ලෝකායත කථා සමුද්‍රාඛ්‍යාන කථා වෘද්ධි-හානි මෙසේ වේ යැ යන කථා කියයි. මෙසෙයින් ‘පුද්ගලදුතිය’ වේ නුයි ‘එවං දූතියෙන සභා මමස්ස’ යනු වේ.