Pali BJT“අධිදෙවෙ අභිඤ්ඤාය සබ්බං වෙදි පරොපරං, පඤ්හානන්තකරො සත්ථා කඞ්ඛීනං පටිජානත”න්ති.
Sinhala BJT“අධිදෙවෙ අභිඤ්ඤාය -පෙ- කඞ්ඛීනං පටිජානතං” යී.
Pali BJT26.
Sinhala BJT26.
Pali BJTඅසංහීරං අසඞ්කුප්පං යස්ස නත්ථි උපමා ක්වචි, අද්ධාගමිස්සාමි නමෙත්ථ කඞ්ඛා එවං මං ධාරෙහි අධිමුත්තචිත්තං.
Sinhala BJTයම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම් මෙහි ලා මට සැකයෙක් නැති, මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා ශ්‍රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව’ යි.
Pali BJTඅසංහීරං අසඞ්කුප්පන්ති: අසංහීරං වුච්චති අමතං නිබ්බානං “යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අසංහීරන්ති: රාගෙන දොසෙන මොහෙන කොධෙන උපනාහෙන මක්ඛෙන පලාසෙන ඉස්සාය මච්ඡරියෙන මායාය සාඨෙය්යෙන ථම්භෙන සාරම්භෙන මානෙන අතිමානෙන මදෙන පමාදෙන සබ්බකිලෙසෙහි සබ්බදුච්චරිතෙහි සබ්බපරිළාහෙහි සබ්බාසවෙහි සබ්බදරථෙහි සබ්බසන්තාපෙහි සබ්බාකුසලාභිසංඛාරෙහි අසංහාරියං නිබ්බානං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති අසංහීරං අසංකුප්පන්ති: ‘අසංකුප්පං’ වුච්චති අමතං නිබ්බානං, යො සො සබ්බසංඛාරසමථො -පෙ- නිරොධො නිබ්බානං, යස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න තස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති, නිබ්බානං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති ‘අසංහීරං අසංකුප්පං’.
Sinhala BJTඅසංහීරං අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංහීර’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අසංහීරං යනු: රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධවෛරයෙන් මකු බැවින් පලාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායායෙන් සඨබැවින් ස්තම්භයෙන් කරණොත්තරිය කරණයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් හැම කෙලෙසුන් විසින් හැම දුසිරිත් විසින් හැම පරිදාහ විසින් හැම ආස්‍රව විසින් හැම දරථ විසින් හැම තැවුලි විසින් හැම අකුසලාභිසංස්කාරයන් විසින් අසංහාර්‍ය්‍ය වූ නිවන නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව ඇත් නුයි ‘අසංහීර’ නම් වෙයි. අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංකුප්ප’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමක්හු ගේ උත්පාදය නො පැනේ ද, ව්‍යය නො පැනේ ද, අන්‍යථාභාවයෙක් නො පැනේ ද, ඒ අසංකෝප්‍ය වූ නිවන නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමස්වභාව ඇත් නුයි ‘අසංහීරං අසංකුප්පං’ යනු වේ.
Pali BJTයස්ස නත්ථි උපමා ක්වචීති-‘යස්සා’ති නිබ්බානස්ස{1} නත්ථි උපමා ති උපමා නත්ථි උපනිධා නත්ථි සදිසං නත්ථි පටිභාගො නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති. ක්වචීති. ක්වචි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා ව අජ්ඣත්තබහිද්ධා වාති. ‘යස්ස නත්ථි උපමා ක්වචි’.{2}
Sinhala BJTයස්ස නත්ථි උපමා ක්වචි - ‘යස්ස’ යනු: නිවනට. නත්‍ථි උපමා යනු: උපමා නැති. උපනිධි නැති සදෘශයෙක් නැති ප්‍රතිභාගයෙක් නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබේ. ක්වචි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්ම බාහ්‍ය වේවයි කිසිවෙකැ කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්ථි උපමා ක්වචි’ යනු වේ.
Pali BJTඅද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛාති ‘අද්ධා’ති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛාවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අන්වත්ථවචනං අපණ්ණකවචනං අවිරුද්ධවචනං අවත්ථාපනවචනමෙතං ‘අද්ධා’ති. ගමිස්සාමීති ගමිස්සාමි අධිගමිස්සාමි ඵස්සිස්සාමි{3} සච්ඡිකරිස්සාමීති ‘අද්ධාගමිස්සාමි’. න මෙත්ථ කඞ්ඛාති ‘එත්ථා’ති නිබ්බානෙ. කඞ්ඛා නත්ථි විචිකිච්ඡා නත්ථි ද්වෙළ්හකං නත්ථි සංසයො නත්ථි න සන්ති න සංවිජ්ජති නූපලබ්භති පහීනො සමුච්ඡින්නො වූපසන්තො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪොති ‘අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා’.
Sinhala BJTඅද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිස්සංශයවචන යැ නිසැක වචන යැ ද්විවිධ නො වූ වචන යැ (මෙසේ වී ලැයි) නො දෙහද වචන යැ නියෝග වචන යැ අන්වර්ත්ථ වචන යැ නො සිස් වචන යැ අවිරුද්ධ වචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. ගමිස්සාමි යනු: අවබෝධ කරනෙමි අධිගම කරනෙමි පහස්නෙමි පසක් කරනෙමි නුයි ‘අද්ධා ගමිස්සාමි’ යනු වේ. න මෙත්‍ථ කංඛා යනු: ‘එත්ථ’ යනු නිවනෙහි සැක නැති විසිකිස නැති දෙහද බව් නැති සංශය නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබෙයි ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හින අප්‍රවෘත්ත යැ යළි උපදනට නො නිසි කරන ලද යැ නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අද්ධා ගමිස්සාමි න මෙත්‍ථ කංඛා’ යනු වේ.
Pali BJTඑවං මං ධාරෙහි අධිමුත්තචිත්තන්ති-‘එවං මං ධාරෙහී’ති එවං මං උපලක්ඛෙහි චිත්තං නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං නිබ්බානාධිමුත්තන්ති ‘එවං මං ධාරෙහි අධිමුත්තචිත්තන්ති’.
Sinhala BJTඑවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං - ‘එවං මං ධාරෙහි’ යනු: මෙසෙයින් මා නිවනට නිම්න වූ නිවනට නැඹුරු වූ නිවනට බර වූ නිවනෙහි අධිමුක්ත වූ සිත් ඇතියකු කොට සලකව නුයි ‘එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJTඅසංහීරං අසංකුප්පං යස්ස නත්ථි උපමා ක්වචි අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා එවං මං ධාරෙහි අධිමුත්තචිත්තන්ති.
Sinhala BJT“අසංහීරං අසංකුප්පං -පෙ- එවං මං ධාරෙහි අධිමුත්තචිත්තං” යි.
Pali BJTපිඞ්ගියසුත්තන්තං සොළසි
Sinhala BJTසොළොස් වැනි පිඞ්ගිය සූත්‍රාන්තය යි.
Pali BJTපාරායන වග්ගො නිට්ඨිතො
Sinhala BJTපරායණ වර්‍ගය නිමි.
Pali BJTඛග්ගවිසාණ සුත්තනිද්දෙසො
Sinhala BJTඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය
Pali BJTපඨමො වග්ගො
Sinhala BJTප්‍රථම වර්‍ගය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTසබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං{1} අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTසියලු සතුන් කෙරෙහි කායවාක්මනොදණ්ඩය හැරපියා ඔවුනතුරෙහි කිසි එකකුදු නො වෙහෙසනුයේ කිසි පුතකු නො කැමැති වන්නේ යැ යහළුවකු ඉස්නේ යැ යනු කොයි නැ..? කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTසබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති-‘සබ්බෙසූ’ති සබ්බෙන සබ්බං, සබ්බථා සබ්බං, අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං{2} ‘සබ්බෙසූ’ති. භූතෙසූති: ‘භූතා, වුච්චන්ති: තසා ච ථාවරා ච. තසාති යෙසං තසිනා තණ්හා{3} අප්පහීනා, යෙසං ච භයභෙරවා අප්පහීනා, කිං කාරණා වුච්චන්ති තසා: තෙ{4} තසන්ති උත්තසන්ති පරිතසන්ති භායන්ති සංතාසං{5}. ආපජ්ජන්ති, තංකාරණා වුච්චන්ති තසා. ථාවරාති: යෙසං තසිනා තණ්හා{3} පහීනා, යෙසං ච භයභෙරවා පහීනා. කිං කාරණා වුච්චන්ති ථාවරා, තෙ න තසන්ති න උත්තසන්ති න පරිතසන්ති න භායන්ති න සන්තාසං{5}. ආපජ්ජන්ති, තංකාරණා වුච්චන්ති ථාවරා. දණ්ඩාති{6}: තයො දණ්ඩා: කායදණ්ඩො වචීදණ්ඩො මනොදණ්ඩො. තිවිධං කායදුච්චරිතං කායදණ්ඩො, චතුබ්බිධං වචීදුච්චරිතං වචීදණ්ඩො, තිවිධං මනොදුච්චරිතං මනො දණ්ඩො. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩන්ති සබ්බෙසු භූතෙසු දණ්ඩං නිධාය නිදහිත්වා ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භිත්වාති ‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං.’
Sinhala BJTසබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං - “සබ්බෙසු” යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල “සබ්බෙසු” යනු, භූතෙසු - තෘෂ්ණා සහිත සත්ත්‍වයෝ ද රහත්හු ද “භූතයෝ” යි කියනු ලැබෙත්. තසා යනු: යම් කෙනකුන්ගේ තසිනාව (පවස්) තෘෂ්ණාව ප්‍රහීණ නො වූද, යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්‍රාසයෝ ප්‍රහීණ නො වූවාහු ද ඔහු යැ. කවර කරුණින් “තසයෝ’යි කියනු ලැබෙත් ද යත්: ඔහු ත්‍රස්ත වෙති උත්ත්‍රස්ත වෙති පරිත්‍රස්ත වෙති භය වෙති සන්ත්‍රාසයට පැමිණෙති. එකරුණින් “තසයෝ”යි කියනු ලැබෙත්. ථාවරා යනු; යම් කෙනකුන්ගේ තසිනාව තණ්හාව ප්‍රහීණ වූ ද යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්‍රාසයෝ ප්‍රහීණ වූවාහුද ඔහු යැ. කවර කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත් ද යත්; ඔහු ත්‍රස්ත නො වෙති උත්ත්‍රස්ත නො වෙති පරිත්‍රස්ත නො වෙති බිය නො වෙති සන්ත්‍රාසයට නො පැමිණෙත්. එ කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත්. දණ්ඩං යනු; දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ වාග් දණ්ඩ යැ මනොදණ්ඩ යැ යි. ත්‍රිවිධ කායදුශ්චරිතය කාය දණ්ඩ නම, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ නම, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනෝ දණ්ඩ නමි. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යනු: සියලු සත්ත්‍වයන් කෙරෙහි දඬුවම් හැර පියා තබා බහාතබා දමා පියා බැහැර කොට සන්හිඳුවා නුයි “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩා” යනු වේ.
Pali BJTඅවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසන්ති එකමෙකම්පි සත්තං පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා අන්දුයා වා{7} රජ්ජුයා වා අවිහෙඨයන්තො, සබ්බෙපි සත්තෙ පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා අන්දුයා වා රජ්ජුයා වා, අවිහෙඨයන්තොති ‘අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං.’
Sinhala BJTඅවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං යනු: එකෙකි සතකුදු අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිරබැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ හැම සතුන් මැ අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිර බැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ නුයි “අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං” යනු වේ.
Pali BJTන පුත්තමිච්ඡෙය්ය කුතො සහායන්ති-නා’ති පටික්ඛෙපො, පුත්තාති චත්තාරො පුත්තා: අත්රජො{1} පුත්තො ඛෙත්තජො පුත්තො දින්නකො පුත්තො අන්තෙවාසිකො පුත්තො. සහායන්ති සහායා වුච්චන්ති: යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු. ඨානං ඵාසු, නිසජ්ජා{2} ඵාසු, සයනං{3} ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, උල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. න පුත්තමිච්ඡෙය්ය කුතො සහායන්ති: පුත්තම්පි න ඉච්ඡෙය්ය න සාදියෙය්ය න පත්ථයෙය්ය න පිහයෙය්ය නාභිජප්පෙය්ය, කුතො මිත්තං වා සන්දිට්ඨං වා සම්භත්තං වා සහායං වා ඉච්ඡෙය්ය{4} සාදියෙය්ය පත්ථෙය්ය පිහයෙය්ය අභිජප්පෙය්යාති ‘න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං’.
Sinhala BJTන පුත්තමිච්ඡෙය්ය කුතො සහායං - “න” යනු: ප්‍රතික්‍ෂේප යැ. “පුත්තා” යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජ පුත්‍ර යැ දින්නකපුත්‍ර යැ අන්තේවාසික පුත්‍ර යැ යි. සහායං - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම ඊම පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද ශයනය පහසු ද ආලපනය පහසු ද සල්ලාපය පහසු ද උල්ලපනය (ඔසොවා කීම) පහසුද සමුල්ලපනය (හාත්පසින් ඔසොවා කීම) පහසු ද ඔහු යැ. න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං - යනු: පුතුදු නො කැමැති වන්නේ යැ ආස්වාද නො කරන්නේ යැ නො පතන්නේ යැ ඊප්සා නො කරන්නේ යැ තෘප්ති නූපදවන්නේ යැ. කවර හෙයින් මිත්‍රයකු හෝ සන්දෘෂ්ටයකු හෝ සම්භක්තයකු හෝ සහායයකු හෝ කැමැති වන්නේ ද ආස්වාද කරන්නේ ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ද ඊප්සා කරන්නේ ද තෘප්ති උපදවන්නේ ද නුයි “න පුත්තමිච්ජෙය්‍ය කුතො සහායං” යනු වේ.
Pali BJTඑකො චරෙ ඛග්ගවිසාණකප්පොති ‘එකො’ති සො පච්චෙකබුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන{5}. එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගං ගතොති එකො, එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
Sinhala BJTඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ’ යනු: ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යයහ, අද්විතීයාර්ත්ථයෙන්අතුල්‍යයහ, තෘෂ්ණා ප්‍රහාණාර්ත්ථයෙන් අතුල්‍යයහ, ඒකාන්ත වීතරාග නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතදෝස නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතමෝහ නුයි අතුල්‍යයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, ඒකායනමාර්ගයට ගියාහු නුයි ඒකයහ, එකලා වැ ප්‍රත්‍යෙකසම්බොධිය අවබෝධ කළාහු නු යි ඒකයහ.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො: සො පච්චෙකසම්බුද්ධො සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති. එවං සො පච්චෙකසම්බුද්ධො පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො.
Sinhala BJTකිසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් “එක” වූහ යත්: ඒ පසේබුදුහු හැම ගෘහාවාස පරිරොධය සිඳපියා අඹුදරු ආවරණය සිඳපියා ඥාති පලිබොධය සිඳපියා සන්නිධිපරිරොධය සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති. වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති පවත්වත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් “එක” යහ.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො අදුතියට්ඨෙන එකො: සො එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි{6} සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. සො එකො චරති, එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො අභික්කමති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, විහරති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙතීති එවං සො පච්චෙකසම්බුද්ධො අදුතියට්ඨෙන එකො.
Sinhala BJTකිසෙයින් ඒ පසේ බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” වූහ. යත්: උන්වහන්සේ මෙසෙයින් පැවිදි වූවාහු එකලා වැ අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරු සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති, උන් වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, පවත්වත්. මෙසෙයින් බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” යහ.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො තණ්හාය පහානට්ඨෙන එකො, සො එවං එකො අදුතියො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො මහාපධානං පදහන්තො මාරං සසෙනං{1} නමුචිං කණ්හං පමත්තබන්ධුං මිධමෙත්වා{2} තණ්හාජාලිනිං{3} සරිතං විසන්තිකං{4} පජහි විනොදෙසි බ්යන්තී අකාසි අනභාවං ගමෙසීති.
Sinhala BJTකිසෙයින් ඒ පසේ බුදුහු තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් “එක” වූහ යත්: මෙසෙයින් උන්වහන්සේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයු සිත් ඇති වැ වසන්නාහු මහාප්‍රධන්වීර්‍ය්‍ය්‍ය කෙරෙමින් තෘෂ්ණාකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුචි නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධමනය කොට විසත්තිකා නම් වූ තෘෂ්ණා ජාලිනිය දුරු කළහ බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
Pali BJT1. “තණ්හා දුතියො පුරිසො දීඝමද්ධානසංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති.
Sinhala BJT1. තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂතෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
Pali BJT2. එවමාදීනවං{5} ඤත්වා තණ්හා{6} දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති.{a}
Sinhala BJT2. (අතීතාදි ස්කන්‍ධයන්හි) මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යි දැන පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ තෙම හැසිරෙන්නේ යැ” යි
Pali BJTඑවං සො පච්චෙකසම්බුද්ධො තණ්හාය පහානට්ඨෙන එකො.
Sinhala BJTමෙසේ ඒ පසේ බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ත්ථයෙන් එකයහ.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො එකන්තවීතරාගොති එකො: රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො, එවං සො පච්චෙකසම්බුද්ධො එකන්තවීතරාගොති එකො.
Sinhala BJTකිසෙයින් ඒ පසේ බුදුහු ඒකාන්ත චිතරාගනුයි ‘එක’වූහ. යත්: රාගය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතරාග නුයි. “එක” යහ, ද්වේෂය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි “එක” යහ, මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් පහ වූ මෝහය ඇත්තාහු නුයි ‘එක’යහ, ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි “එක” යහ.
Pali BJTකථං සො පච්චෙකසම්බුද්ධො එකායනමග්ගං ගතොති එකො: ‘එකායනමග්ගො’ වුච්චති: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්චබලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJTකිසෙයින් ඒ පසේබුදුහු එකායන මාර්‍ගයට ගියාහුනුයි ‘එක’වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර ’සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර සෘද්ධිපාදයෝ යැ. පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ, යන මේ ‘එකායන මාර්‍ගය” යි කියනු ලැබේ.
Pali BJT3. එකායනං ජාති ඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝං’.
Sinhala BJT3. ජාතික්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණය දක්නා සුලු වූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු ඒකායන මාර්‍ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු ය. තවද යම් කෙනෙක් (මතු) තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මෙ මඟින් තරණය කෙරෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ඒකායන මාර්‍ගයට ගියාහු නුයි ‘ඒක’යහ.
Pali BJTඑවං සො පච්චෙකසම්බුද්ධො එකායනමග්ගං ගතොති එකො. කථං සො පච්චෙකසම්බුද්ධො එකො අනුත්තරං පච්චෙකසම්බොධිං{1} අභිසම්බුද්ධොති එකො: ‘බොධි’ වුච්චති චතුසු මග්ගෙසු ඤාණං, “පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි” සො පච්චෙකසම්බුද්ධො තෙන පච්චෙකබොධිඤාණෙන සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති බුජ්ඣි, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති බුජ්ඣි, සබ්බෙ ධම්මා අනත්තාති බුජ්ඣි, අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති බුජ්ඣි සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති බුජ්ඣි, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති බුජ්ඣි, නාමරූපපච්චයා සළායතනන්ති බුජ්ඣි, සළායතනපච්චයා ඵස්සොති බුජ්ඣි, ඵස්සපච්චයා වෙදනාති බුජ්ඣි, වෙදනාපච්චයා තණ්හාති බුජ්ඣි තණ්හා පච්චයා උපාදානන්ති බුජ්ඣි, උපාදානපච්චයා භවොති බුජ්ඣි, භවපච්චයා ජාතීති බුජ්ඣි, ජාතිපච්චයා ජරාමරණන්ති බුජ්ඣි, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො’ති බුජ්ඣි, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණ නිරොධො’ති බුජ්ඣි, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධොති බුජ්ඣි, නාමරූපනිරොධා සළායතනනිරොධො’ති බුජ්ඣි, සළායතන නිරොධා ඵස්සනිරොධො’ති බුජ්ඣි, ඵස්සනිරොධා වෙදනානිරොධො’ති බුජ්ඣි, වෙදනානිරොධා තණ්හානිරොධො’ති බුජ්ඣි, තණ්හානිරොධා උපාදානනිරොධො’ති බුජ්ඣි, උපාදාන නිරොධා භව නිරොධො’ති බුජ්ඣි, භවනිරොධා ජාති නිරොධො’ති බුජ්ඣි, ජාතිනිරොධා ජරාමරණ නිරොධො’ති බුජ්ඣි, ඉදං දුක්ඛන්ති බුජ්ඣි, අයං දුක්ඛසමුදයොති බුජ්ඣි, අයං දුක්ඛනිරොධොති බුජ්ඣි, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති බුජ්ඣි, ඉමෙ ආසවා’ති බුජ්ඣි, අයං ආසවනිරොධොති බුජ්ඣි, අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති බුජ්ඣි, ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යාති බුජ්ඣි, ඉමෙ ධම්මා පහාතබ්බාති බුජ්ඣි, ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බාති බුජ්ඣි, ඉමෙ ධම්මා භාවෙතබ්බාති බුජ්ඣි, ඡන්නං ඵස්සායතනානං සමුදයං ච අත්ථඞ්ගමං ච.{2} අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච බුජ්ඣි. පඤ්චන්නං උපාදානක ඛන්ධානං සමුදයං ච -පෙ- නිස්සරණං ච බුජ්ඣි, චතුන්නං මහාභූතානං සමුදයං ච අත්ථඞ්ගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච බුජ්ඣි, ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති බුජ්ඣි.
Sinhala BJTකිසෙයින් ඒ පසේබුදුහු එකලා වැ අනුත්තර වූ ප්‍රත්‍යෙක සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥාව ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ධර්මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය “බෝධි’ යයි කියනු ලැබේ. ඒ පසේ බුදුහු ඒ ප්‍රත්‍යෙක බෝධි ඥානයෙන් ‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි අවබෝධ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්ඛහ යි අවබෝධ කළහ, ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි අවබෝධ කළහ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී දත්හ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ යැයි දත්හ, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ යැයි දත්හ. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැයි දත්හ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ යැයි දත්හ. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ යැයි දත්හ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැයි දත්හ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ යැයි දත්හ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ යැයි දත්හ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ යැයි දත්හ. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැයි දත්හ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ යැයි දත්හ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ යැයි දත්හ. විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ යැයි දත්හ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ යැයි දත්හ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ යැයි දත්හ. ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ යැයි දත්හ. වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ යැයි දත්හ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානනිරෝධය වේ යැයි දත්හ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ යැයි දත්හ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ යැයි දත්හ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ යැයි දත්හ. ‘මේ (පඤ්ච ස්කන්‍ධය) දුකැ’යි දත්හ. ‘මේ (තෘෂ්ණා සමුදය) දුක්හේතුව යැ” යි දත්හ. ‘මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීම යැ” යි දත්හ. ‘මේ (ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ” යි දත්හ. “මේ ධර්‍මයෝ දතයුත්තාහ” යි දත්හ. ‘මේ ධර්‍මයෝ හළ යුත්තාහ” යි දත්හ. ‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළ යුත්තාහ” යි දත්හ. ‘මේ ධර්‍මයෝ වැඩිය යුත්තාහ” යි දත්හ. සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළ වීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ පහළ වීම ද . . . නිස්සරණය ද දත්හ. සතර මහාභූතයන්ගේ පහළ වීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නැසෙන පියවි ඇතැ” යි දත්හ.
Pali BJTඅථවා යං බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං, සබ්බං තං තෙන පච්චෙකබොධිඤාණෙන බුජ්ඣි අනුබුජ්ඣි පටිබුජ්ඣි සම්බුජ්ඣි අධිගච්ඡි ඵස්සෙසි සච්ඡාකාසීති එවං සො පච්චෙකසම්බුද්ධො එකො අනුත්තරං පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
Sinhala BJTනොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවැත නැවැත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළ යුතු නම්, නුවණින් ස්පර්‍ශ කළ යුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළ යුතුනම්, එහැම ඒ ප්‍රත්‍යෙක බොධිඥානයෙන් දත්හ, අනුබෝධ කළහ, ප්‍රතිබොධ කළහ, වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළාහු නුයි මෙසෙයින් ඒ පසේබුදුහු එකලා වැ අනුත්තර වූ ප්‍රත්‍යෙක සම්බෝධිය අභිසම්බුද්ධ නුයි “එක” නම් වූහ.
Pali BJTචරෙති: අට්ඨචරියායො: ඉරියාපථචරියා ආයතනචරියා සතිචරියා සමාධිචරියා ඤාණචරියා මග්ගචරියා පත්තිචරියා{1} ලොකත්ථචරියා. ‘ඉරියාපථචරියා’ති චතුසු ඉරියාපථෙසු. ආයතනචරියාති: ඡසු අජ්ඣත්තිකබාහිරෙසු{2} ආයතනෙසු. ‘සතිචරියා’ති චතුසු සතිපට්ඨානෙසු. ‘සමාධිචරියා’ති චතුසු ඣානෙසු. ඤාණාචරියාති චතුසු අරියසච්චෙසු.{3} ‘මග්ගචරියා’ති චතුසු අරියමග්ගෙසු.{4} ‘පත්තිචරියා’ති{5} චතුසු සාමඤ්ඤඵලෙසු, ලොකත්ථචරියාති තථාගතෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු, පදෙසෙ{6} පච්චෙකසම්බුද්ධෙසු පදෙසෙ{6} සාවකෙසු ඉරියාපථචරියා ච පණිධිසම්පන්නානං, ආයතනචරියා ච ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං, සතිචරියා ච අප්පමාදවිහාරිනං, සමාධිචරියා ච, අධිචිත්තමනුයුත්තානං ඤාණචරියා ච බුද්ධිසම්පන්නානං මග්ගචරියා ච සම්මාපටිපන්නානං, පත්තිචරියා ච{5} අධිගතඵලානං, ලොකත්ථචරියා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, පදෙසෙ පච්චෙකබුද්ධානං, පදෙසෙ{6} සාවකානං, ඉමා අට්ඨචරියායො.
Sinhala BJTචරෙ යනු: චර්‍ය්‍යා අටෙකි: ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්ගචර්‍ය්‍යා යැ එලචර්‍ය්‍යා යැ ලොකාර්ත්ථචර්‍ය්‍යා යි. “ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යනු සතර ඉරියවුහි යැ. ‘ආයතන චර්‍ය්‍යා’යනු සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි යැ. ‘ස්මෘතිචර්‍ය්‍යා’යනු සතර සතිපට්ඨානයන්හි යැ. “සමාධිචර්‍ය්‍යා’යනු සතර ධ්‍යානයන්හි යැ. ‘ඥානචර්‍ය්‍යා’යනු සතර ආර්‍ය සත්‍යයන්හි යැ. “මාර්‍ග චර්‍ය්‍යා’යනු සතර ආර්යමාර්ගයන්හි යැ. ‘පත්තිචරියා’යනු සතර ශ්‍රාමාණ්‍ය ඵලයෙහි යැ. ‘ලොකාර්ත්ථචර්‍ය්‍යා’යනු තථාගත අර්‍හත් ’සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහියැ, එකදේශයෙක්හි පසේබුදුන් කෙරෙහි යැ, එකදේශයෙක්හි ශ්‍රාවකයන් කෙරෙහි යැ. ප්‍රණිධිසම්පන්නයන්ට ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව ද, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරයනට ආයතනචර්‍ය්‍යා ද, අප්‍රමාද විහාරීන්ට ස්මෘතිචර්‍ය්‍යා ද, අධිචිත්තයෙහි යෙදුණවුනට සමාධිචර්‍ය්‍යා ද, බුද්ධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද, සම්‍යක්ප්‍රතිපන්නයනුට මාර්ගචර්‍ය්‍යා ද, අධිගම කළ එල ඇතියනට ඵලචර්‍ය්‍යා ද, තථාගත අර්‍හත් ’සම්‍යක් සම්බුද්ධයනට, එකදෙශයෙක්හි ප්‍රත්‍යෙක බුද්ධයනට, එකදෙශයෙක්හි ශ්‍රාවකයනට ලොකාර්ත්ථචර්‍ය්‍යාව දැ යි මේ අට වැදෑරුම් චර්‍ය්‍යාවෝ වෙති.
Pali BJTඅපරාපි අට්ඨචරියායො: අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො විරියෙන චරති, උපට්ඨපෙන්තො සතියා චරති, අවික්ඛෙපං කරොන්තො සමාධිනා චරති, පජානන්තො{7} පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණෙන චරති,{8} එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයාපෙන්තීති ආයතනචරියාය චරති. එවං පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරති ඉමා අට්ඨ චරියායො.
Sinhala BJTඅන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: අධිමෝක්‍ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවතියි, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවතියි, (අරමුණෙහි) සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවතියි, අවික්‍ෂේපය කරනුයේ සමාධි වශයෙන් පවතියි, ප්‍රජානනය කරනුයේ ප්‍රඥාවශයෙන් පවතියි, විජානනය (ආවර්ජනවිඥානයෙන් අරමුණු දැනීම) කරනුයේ විඥාන වශයෙන් පවතියි. මෙසෙයින් පිළිපන්හු ගේ කුශල ධර්‍මයෝ අතිශයින් පවතිත් නුයි ආයතන චර්‍ය්‍යා වශයෙන් පවතියි. මෙසෙයින් පිළිපන්නේ විශේෂයට පැමිණේ නුයි විශේෂචර්‍ය්‍යා වශයෙන් පවතී. මොහු අෂ්ටචර්‍ය්‍යාවෝවෙති.
Pali BJTඅපරාපි අට්ඨ චරියායො: දස්සනචරියා ච{9} සම්මාදිට්ඨියා, අභිනිරොපනචරියා ච{10} සම්මාසඞ්කප්පස්ස, පරිග්ගහචරියා ච සම්මාවාචාය, සමුට්ඨානචරියා ච සම්මා කම්මන්තස්ස, වොදානචරියා ච සම්මාආජීවස්ස, පග්ගහචරියා ච සම්මාවායාමස්ස, උපට්ඨානචරියා ච සම්මාසතියා, අවික්ඛෙපචරියා ච සම්මාසමාධිස්ස, ඉමා අට්ඨචරියායො.
Sinhala BJTඅන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියගේ දර්‍ශන වශයෙන් පැවැත්ම ද සම්‍යක් සංකල්පයාගේ අභිනිරෝපණ වශයෙන් පැවැත්ම ද සම්‍යග්වචනයාගේ පරිග්‍රහ වශයෙන් පැවැත්ම ද සම්‍යක් කර්මාන්තයාගේ සමුත්‍ථාන වශයෙන් පැවැත්ම ද සම්‍යගාජීවයාගේ ව්‍යවදාන වශයෙන් පැවැත්ම ද සම්‍යග් ව්‍යායාමයාගේ ප්‍රග්‍රහ වශයෙන් පැවැත් ම ද, සම්‍යක් ස්මෘතිය ගේ වැටහීම් වශයෙන් පැවැත්ම ද සම්‍යක් සමාධීහු ගේ අවික්‍ෂේප වශයෙන් පැවැත් ම ද යන මොහු අෂ්ටචර්‍ය්‍යාවෝ යි.
Pali BJTඛග්ගවිසාණකප්පොති යථා ඛග්ගස්ස නාම විසාණං එකං හොති අදුතියං. එවමෙව සො පච්චෙකසම්බුද්ධො, තංකප්පො{1} තංසදිසො{2} තප්පටිභාගො. යථා අතිලොණං වුච්චති ලොණකප්පො, අතිතිත්තකං වුච්චති තිත්තකප්පො, අතිමධුරං වුච්චති මධුරකප්පො, අතිඋණ්හං වුච්චති අග්ගිකප්පො, අතිසීතං වුච්චති හිමකප්පො, මහාඋදකක්ඛන්ධො වුච්චති සමුද්දකප්පො, මහාභිඤ්ඤාබලප්පත්තො සාවකො වුච්චති සත්ථුකප්පොති. එවමෙව සො පච්චෙකසම්බුද්ධො තංකප්පො තංසදිසො තප්පටිභාගො එකො අදුතියො මුත්තබන්ධනො සම්මා ලොකෙ චරති විහරති ඉරීයති වත්තති පලෙති යපෙති යාපෙතීති ‘එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTඛග්ගවිසාණකප්පො යනු; යම් සේ කගවෙහෙණ හට එක් හඟෙක් වේ ද දෙ වැන්නෙක් නැත්තේ ද, එසෙයින් මැ ඒ පසේ බුදුහු එ බන්දහ, තත්සදෘශයහ, තත්ප්‍රතිභාගයහ. යම්සේ ඉතා ලුණු වූයේ ‘ලවණකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා තික්ත වූයේ ‘තිත්තකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා මිහිරි වූයේ ‘මධුරකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා උණු වූයේ ‘අග්නිකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා සිහිල් වූයේ ‘හිමකල්ප’ යයි කියනු ලැබේ ද, මහදියකඳ ‘සමුද්‍රකල්ප’ යයි කියනු ලැබේ ද, මහා අභිඥාප්‍රාප්ත ශ්‍රාවක තෙම ‘ශාස්තෘ කල්ප’ යයි කියනු ලැබේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු, එ බන්දහ. තත්සදෘශයහ, තත්ප්‍රතිභාගයහ. එකලා වූවාහු දෙවැන්නකු නැත්තාහු මිදුණු බැඳුම් ඇතියාහු මැනැවින් ලොවැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති රැකෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. එ පසේ බුදුහු:
Pali BJT“සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“සබ්බෙසු භූතෙසු -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTසංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTහටගත් (දර්ශනාදි) සංසර්‍ග ඇතියහු ට ස්නෙහයෝ වෙති, ස්නේහය අනුව යන මෙ දුක උපදි, ස්නේහයෙන් උපන් ආදීනව දක්මින් කගවෙහෙණක සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
Pali BJTසංසග්ගජාතස්ස භවන්ති ස්නෙහාති-‘සංසග්ගා’ති ද්වෙ සංසග්ගා: දස්සනසංසග්ගො ච සවනසංසග්ගො ච. කතමො දස්සනසංසග්ගො: ඉධෙකච්චො පස්සති ඉත්ථිං වා කුමාරිං වා අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං, දිස්වා පස්සිත්වා අනුබ්යංජනනසො නිමිත්තං ගණ්හාති: කෙසා වා සොභනා, මුඛං වා සොභනං, අක්ඛී වා සොභනා, කණ්ණා වා සොභනා, නාසා වා සොභනා, ඔට්ඨා වා සොභනා, දන්තා වා සොභනා, මුඛං වා සොභනා, ගීවා වා සොභනා, ථනා වා සොභනා, උරං වා සොභනං, උදරං වා සොභනා, කටි වා සොභනං, ඌරු වා සොභනා, ජඞ්ඝා වා සොභනා, හත්වා වා සොභනා, පාදා වා සොභනා, අඞ්ගුලියො වා සොභනා, නඛා වා සොභනා ති දිස්වා පස්සිත්වා අභිනන්දති අභිවදති අභිපත්ථෙති අනුස්සරති අනුප්පාදෙති අනුබන්ධති රාගබන්ධනං. අයං දස්සනසංසග්ගො.
Sinhala BJTසංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා - ‘සංසග්ගා’යනු: දර්‍ශන සංසර්‍ගය ද ශ්‍රවණ සංසර්‍ගය දැ යි සංසර්‍ග දෙකෙකි. දර්‍ශන සංසර්‍ග කවරැ යත්: මෙ ලොවැ ඇතැමෙක් විශිෂ්ට රූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන උතුම් වූ වර්ණසෞන්දර්ර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ස්ත්‍රියක හෝ කුමරියක හෝ දකියි. දැක බලා ‘කෙස් හොබනේ යැ හෝ මුහුණ හොබනේ යැ හෝ ඇස් හොබනේ යැ හෝ කන් හොබනේ යැ හෝ නැහැය හොබනේයැ හෝ ලවන් හොබනේ යැ හෝ දත් හොබනේ යැ හෝ මුඛය හොබනේ යැ හෝ ගෙල හොබනේ යැ හෝ පියවුරු හොබනේ යැ හෝ උරමඬල හොබනේ යැ හෝ උදරය හොබනේ යැ හෝ කටිය හොබනේ යැ හෝ වටොර හොබනේ යැ හෝ දඟයුග හොබනේ යැ හෝ අත් හොබනේ යැ හෝ පා හොබනේ යැ හෝ ඇඟිලි හොබනේ යැ හෝ නිය හොබනේ යැ හෝ ‘යි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගනියි දැක බලා සතුටු වෙයි තුටුවදන් බෙණෙයි පතයි සිහි කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ දර්‍ශන සංසර්‍ග නම.
Pali BJTකතමො සවණසංසග්ගො: ඉධෙකච්චො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථි වා කුමාරී වා අභිරූපා වා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතාති, සුත්වා සුණිත්වා අභිනන්දති අභිවදති අභිපත්ථෙති අනුප්පාදෙති අනුබන්ධති රාගබන්ධනං. අයං සවණසංසග්ගො.
Sinhala BJTශ්‍රවණසංසර්ග කවරැයත්: මෙලොවැ ඇතැමෙක් අසුවල් ගමැ හෝ නියම්ගමැ හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී යැ දැකුම් කලු යැ ප්‍රසාද එළවන්නී යැ. උතුම් වර්‍ණ සෞන්දර්යයෙන් සමන්‍වාගත යැ” යි අසයි. අසා අසාලා සතුටු වෙයි සතුටු වදන් බෙණෙයි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ ශ්‍රවණසංසර්ග නමි.
Pali BJTස්නෙහාති ද්වෙස්නෙහා: තණ්හාස්නෙහො ච දිට්ඨිස්නෙහො ච. කතමො තණ්හාස්නෙහො: යාවතා තණ්හාසඞ්ඛාතෙන සීමකතං මරියාදීකතං{1} ඔධිකතං පරියන්තකතං{2} පරිග්ගහිතං මමායිතං ‘ඉදං මමා එතං මම, එත්තකං මම, එත්තාවතා මම, රූපා සද්දා ගන්ධා රසා, ඵොට්ඨබ්බා අත්ථරණා පාපුරණා{3} දාසිදාසා අජෙළකා කුක්කුටසූකරා හත්ථිගවාස්සවළවා ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං සුවණ්ණං ගාමනිගමරාජධානියො රට්ඨං ච ජනපදො ච{4} කොසො ච කොට්ඨාගාරං ච කෙවලම්පි මහාපඨවිං තණ්හාවසෙන මමායති, යාවතා{5}ට්ඨසතතණ්හාවිචරිතං. අයං තාණ්හෙස්නෙහො.
Sinhala BJTස්නෙහා යනු ස්නෙහ දෙකෙකි: තෘෂ්ණා ස්නේහය ද දෘෂ්ටිස්නේහය දැ යි. තෘෂ්ණා ස්නේහය කවරැයත්: යම් පමණ තෘෂ්ණා සංඛ්‍යාතයෙන් ‘මේ මාගේ යැ, තෙල මා ගේ යැ. මෙතෙක් මාගේ යැ, මෙතෙකින් මාගේ යැ‘යි හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධිකරන ලද ද, පිරියත් කරන ලද ද, පිරිසිඳගන්නා ලද ද, මමායන කරන ලද ද, රූපයෝ ශබ්දයෝ ගන්‍ධයෝ රසයෝ ස්ප්‍රෂ්ටව්‍යයෝ අතුරුණු පවුරුණු දැසිදස්හු එළුතිරෙළු කුකුළු හූරු ඇත් අස් ගව වෙළඹහු කෙත් වතු අමුරන් රත්රන් ගම්නියම්ගම් රජදහන් රට දනවු කොටු කොටුගුළු මුළුමහපොළොව පවා තෘෂ්ණා වශයෙන් මමායන කෙරේ ද යම් පමණ අටතුරාසියක් තෘෂ්ණා විචරිත වේ ද, මේ තෘෂ්ණා ස්නෙහ නම.
Pali BJTකතමො දිට්ඨිස්නෙහො: වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, දසවත්ථුකා මිච්ඡාදිට්ඨි, දසවත්ථුකා අන්තග්ගාහිකා දිට්ඨි, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසුකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පතිට්ඨාහො{6}. අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො{7} විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡාගාහො අයාථාවතස්මිං{8} යාථාවතන්ති ගාහො යාවතා ද්වාසට්ඨිදිට්ඨිගතානි. අයං දිට්ඨිස්නෙහො.
Sinhala BJTදෘෂ්ටිස්නෙහ කවරැ යත්: විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි යැ දශවස්තුක අන්තග්‍රහාහිකදෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි වැ ගන්නා) ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාස ග්‍රහණයෙක් විපරීතග්‍රහණයෙක් පෙරළි කොට ගැනීමෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථා ස්වභාව යයි ගැනීමෙක් යම් පමණ දෙසැට දෘෂ්ටියෙහි ඇතුළු කෙනෙක් වෙත්ද මේ ‘දෘෂ්ටිස්නේහ’නමි.
Pali BJTසංසග්ගජාතස්ස භවන්ති ස්නෙහාති-දස්සනසංසග්ගපච්චයා ච සවණසංසග්ගපච්චයා ච තණ්හාස්නෙහො ච දිට්ඨිස්නෙහො ච භවන්ති සංභවන්ති ජායන්ති සඤ්ජායන්ති නිබ්බත්තන්ති අභිනිබ්බත්තන්ති පාතුභවන්තීති ‘සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා’.
Sinhala BJTසංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා යනු: දර්‍ශන සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු ශ්‍රවණ සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු, තෘෂ්ණාස්නේහයත් දෘෂ්ටි ස්නේහයත් වෙයි උපදියි හට ගනියි මැනැවින් හටගනියි නිපදියි වෙසෙසින් නිපදියි පහළ වේනු නුයි ‘සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා’යනු වේ.
Pali BJTස්නෙහත්වයං දුක්ඛමිදං පහොතීති-‘ස්නෙහාති’ ද්වෙ ස්නෙහා: තණ්හාස්නෙහො ච දිට්ඨිස්නෙහො ච -පෙ- අයං තණ්හාස්නෙහො. -පෙ- අයං දිට්ඨිස්නෙහො. දුක්ඛමිදං පහොතීති ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, පාණම්පි හන්ති{9}, අදින්නම්පි ආදියති, සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති,
Sinhala BJTස්නෙහත්‍වයං දුක්ඛමිදා පහෝති - ‘ස්නෙහා’යනු: තෘෂ්ණාස්නෙහය ද දෘෂ්ටි ස්නේහය දැ යි ස්නෙහ දෙකකි. . . . මේ තෘෂ්ණා ස්නෙහ යැ. . . මේ දෘෂ්ටි ස්නෙහයි. දුක්ඛමිදං පහෝති යනු: මෙලොවැ ඇතැමෙක් කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. ප්‍රාණවධ ද කෙරෙයි, අදත්තාදාන ද කෙරෙයි, ගෘහසන්‍ධි ද සිඳියි. ගමුදු වොලොගනියි. එක් ගෙයක් පැහැරීමුදු කෙරෙයි.
Pali BJTපරිපන්ථෙපි තිට්ඨති, පරදාරම්පි ගච්ඡති, මුසාපි භණති. තමෙනං ගහෙත්වා රඤ්ඤො දස්සෙන්ති අයං දෙව චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡති තං දණ්ඩං පණෙහීති. තමෙනං රාජා පරිභාසති, සො පරිභාසපච්චයාපි දුක්ඛං දොමනස්සං.{1} පටිසංවෙදෙති, එතං භයං දුක්ඛං දොමනස්සං. කුතො තස්ස: ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං, එත්තකෙනපි රාජා න තුස්සති.
Sinhala BJTකඩපළා සොරකමුදු කෙරෙයි, විරඹුසොරකමුදු කෙරෙයි මුසවා ද බෙණෙයි. ඔහු ගෙන දේවයෙනි, ‘මේ අපරාධකාරී සොරෙක’මොහුට කැමැති දඩයක් පණවනු මැනැවැ’යි රජහට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව බිණීම් ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳියි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්‍දිරාග ප්‍රත්‍යයෙනුදු උපන. රජ මෙතෙකිනුදු තුටු නො වෙයි.
Pali BJTතමෙනං රාජා බන්ධාපෙති අන්දුබන්ධනෙන වා රජ්ජුබන්ධෙනෙන වා සඞ්ඛලිකබන්ධනෙන වා වෙත්තබන්ධනෙන වා ලතාබන්ධනෙන වා පක්ඛෙපබන්ධනෙන වා පරික්ඛෙපබන්ධනෙන වා ගාමබන්ධනෙන වා නිගමබන්ධනෙන වා නගරබන්ධනෙන වා රට්ඨබන්ධනෙන වා ජනපදබන්ධනෙන වා, අන්තමසො සච්චනීයම්පි කරොති න තෙ ලබ්භා ඉතො පක්කමිතුන්ති. සො බන්ධනපච්චයා පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: ස්නෙහපච්චයා ච{2}. නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං, එත්තකෙනපි රාජා න තුස්සති.
Sinhala BJTරජ ඔහු සිරබැඳුමින් හෝ රැහැන්බැඳුමින් හෝ හැකිලිබැඳුමින් හෝ වේවැල්බැඳුමින් හෝ ලියබැඳුමින් හෝ සිපිරිගෙ බැඳුමින් හෝ පිරිකෙව්බැඳුමින් හෝ ගම්බැඳුමින් හෝ නියම්ගම් බැඳුමින් හෝ නුවර බැඳුමින් හෝ රටබැඳුමින් හෝ දනවුබැඳුමින් හෝ බඳවයි. යටත් පිරිසෙයින් ‘තා මෙයින් බැහැර යන්නට නො ලැබේ’යයි සවචනීයකමුදු කෙරේ. හෙතෙම බන්ධනප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. මෙතෙකිනුදු රජ තුටු නො වෙයි
Pali BJTතමෙනං රාජා තස්ස{3} ධනං ආහාරපෙති: ඝතං වා සහස්සං වා සතසහස්සං වා, සො ධනජානි පච්චයාපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං එත්තකෙනපි රාජා න තුස්සති.
Sinhala BJTරජ ඔහු ලවා සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ ඔහුගේ ධනය ගෙන්වයි. හෙතෙම ධනහානි ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳියි, තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. මෙතෙකිනුදු රජ තුටු නො වෙයි.
Pali BJTතමෙනං රාජා විවිධා කම්මකාරණා.{4} කාරාපෙති: කසාහිපි තාළෙති වෙත්තෙහිපි තාළෙති, අද්ධදණ්ඩකෙහිපි{5} තාළෙති, හත්ථම්පි ඡින්දති පාදම්පි ඡින්දති හත්ථපාදම්පි ඡින්දති, කණ්ණම්පි ඡින්දති, නාසම්පි ඡින්දති, කණ්ණනාසම්පි ඡින්දති, බිලඞ්ගථාලිකම්පි කරොති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොති රාහුමුඛම්පි කරොති, ජොතිමාලිකම්පි කරොති, හත්ථපජ්ජොතිකම්පි කරොති, එරකවත්තිකම්පි කරොති, චීරකවාසිකම්පි කරොති, එණෙය්යකම්පි කරොති, බලිසමංසිකම්පි කරොති, කහාපණකම්පි කරොති, ඛාරාපතච්ඡිකම්පි කරොති, පළිඝපරිවත්තිකම්පි කරොති, පළාලපිට්ඨිකම්පි කරොති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චති, සුනඛෙහිපි ඛාදාපෙති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙති, අසිනාපි සීසං ඡින්දති, සො කම්මකාරණපච්චයාපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං, රාජා ඉමෙසං චතුන්නං දණ්ඩානං ඉස්සරො.
Sinhala BJTරජ උහුගෙනවිවිධ කම්කටොලු කරවයි: (රාජපුරුෂ) කසයෙනුදු තළයි, වේවැලිනුදු තළයි, අඩදඬියෙනුදු තළයි, අත් ද සිඳියි පා ද සිඳියි, අත් පා ද සිඳියි, කනුදු සිඳියි, නැහැය ද සිඳියි, කන්නාසාද සිඳියි, කාඩිසැළි කම්කටොලුදු කෙරෙයි, සක්මුඩු කම්කටොලුදු කෙරෙයි, රාහුමුඛ කම්කටොලුදු කෙරෙයි, ගිනිවළලු කම්කටොලුදු කෙරෙයි, අත් දල්වන කම්කටොලුදු කෙරෙයි, එරුවත් කම්කටොලුදු කෙරෙයි, තිහිරිවත් කම්කටොලුදු කෙරෙයි, එණෙය්‍යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් මස් සිඳුනා කම්කටොලු දු කෙරෙයි, කහාපණික කම්කටොලුදු කෙරෙයි, කොස්සෙන් කාරම් ගල්වන කම්කටොලුදු කෙරෙයි, පරිඝපරිවර්තන කම්කටොලුදු කෙරෙයි, පිදුරුපිටු කම්කටොලුදු කෙරෙයි, කකාළ තෙලුදු ඉසියි. ශුනකයන් (කීණබල්ලන්) ලවා ද කවයි, දිවස්නුලැ ද හිඳුවයි, කඩුවෙනුදු හිස සිඳියි, හෙතෙම කම්කටොලු ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපන යත්; ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. රජ මේ සිව් වැදෑරුම් දඬුවමට ඊශ්වරයැ.
Pali BJTසො සකෙන කම්මෙන කායස්ස භෙදා පරම්මරණා, අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තමෙනං නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කම්මකාරණං කාරෙන්ති{1} තත්තං අයොඛීලං හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛීලං දුතියෙ හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛීලං පාදෙ ගමෙන්ති, තත්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා ඛරා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපං කම්මං බ්යන්තීහොති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං.
Sinhala BJTහේ සියකැමින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නරකයෙහි උපදී. නිරෑ-පල්ලෝ ඔහු ගෙන පඤ්චවිධ බන්‍ධන නම් වූ කම්කටොලු කරවති: රත් වූ යහුලක් අත්හි ප්‍රවේශ කරවති, රත් වූ යහුලක් දෙ වැනි අත්හි ප්‍රවේශ කරවති, රත් වූ යහුලක් පයැ පිවිසවති, රත් වූ යහුලක් දෙවැනි පයැ පිවිසවති, රත් වූ යහුලක් උරමැද පිවිසවති. හෙතෙම එහි තීව්‍ර වූ ක්‍රෑර වූ කටුක වූ දුක්වේදනා විඳියි. ඒ පව්කම් විගතාන්ත නො වන තාක් නො ද කලුරිය කෙරේ. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපන යත්: ස්නේහ ප්‍රත්‍යයෙනුදු නන්දි ප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන.
Pali BJTතමෙනං නිරයපාලා සංවෙසෙත්වා{2} කුඨාරීහි තච්ඡන්ති. තමෙනං නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා{3} වාසීහි තච්ඡන්ති. තමෙනං නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි.{4} තමෙනං නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. තමෙනං නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති, සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධො ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ තිප්පා ඛරා{5} කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති. එතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං. තමෙනං නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන මහානිරයො:
Sinhala BJTනිරයපාලයෝඋහු හොවා පොරොවින් සස්ති, නිරයපාලයෝ උහු පා උඩුහුරුකොට හිස යටිහුරුකොට ගෙනවෑයෙන් සස්ති, නිරයපාලයෝ උහු රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොව්හි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙත්. පව්කම් කළ උහු යමපල්හු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අංගාර පර්‍වතයට නංවති, බස්වන්නාහු ද වෙත්. පව්කම් කළ උහු යමපල්හු ඌර්‍ධවපාද අධඃශීර්‍ෂ කොට ගෙන තප්ත වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිතවූ ලොහකුම්හියෙහි බහා ලත්. හේ එහි පෙණපිඬු බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬු බඳු දේහ ඇති වැ පස්නේ වරක් උඩට ද නැගෙයි. වරක් යටට ද බසියි. වරක් සරසට ද යේ. හේ එහි තියුණු වූ රළු වූ කටුක වූ දුක් වේදනා විඳි. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපනැ යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්‍දිරාග ප්‍රත්‍යයෙනුදු උපන. පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි බහාලත්. ඒ මහානිරය වූ කලි:
Pali BJT1. “චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො අයො පාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො,
Sinhala BJT1. (ඒ මහානිරය) සතරකන් ඇත්තේ යැ, සතර දොර යැ, වෙන වෙන මැ කොටස් වශයෙන් බෙදන ලද, යපවුරින් පරික්‍ෂිප්ත යැ, යපියනින් වසන ලද.
Pali BJT2. තස්ස අයොමයා භූමි{6} ජලිතා තෙජසා යුතා සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.{a}
Sinhala BJT2. ඒ මහනිරෑහි යපොළොව ජ්වලිත වූවා තේජසින් යුක්ත යැ, හාත්පසැ සියක් යොදුන් තැනැ සියලු කල්හි පැතිරැ සිටී.
Pali BJT3. කදරියා තාපනා ඝොරා අච්චිමන්තො දුරාසදා{7} ලොමහංසනරූපා ච භිස්මා පටිභයා දුඛා{8}{b}
Sinhala BJT3. (ඒ අෂ්ටමහානරකයෝ) නිරතුරු තවන්නාහු ඝෝර වූවාහු (කල්පස්ථායී) ගිනිසිළු ඇත්තාහු ළං වියැ නො හැක්කාහු ලොමුදහන පියවි ඇත්තාහු බිහිසුණු වූවාහු බිය උපදවන්නාහු දුක් වූවාහු ද වෙත්.
Pali BJT4. පුරත්ථිමාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො දහන්තො පාපකම්මන්තෙ පච්ඡිමාය පටිහඤ්ඤති,
Sinhala BJT4. පෙරදිගැ බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් (ගොස්) පැසුළු බිතැ වැදෙයි.
Pali BJT5. පච්ඡිමාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො දහන්තො පාපකම්මන්තෙ පුරත්ථිමාය පටිහඤ්ඤති,
Sinhala BJT5. පැසුළු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් පෙරදිගැ බිතැ වැදෙයි.
Pali BJT6. උත්තරාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො දහන්තො පාපකම්මන්තෙ{1} දක්ඛිණාය පටිහඤ්ඤති,
Sinhala BJT6. උතුරු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් දකුණු බිතැ වැදෙයි.
Pali BJT7. දක්ඛිණාය ච භිත්තියා අච්චික්ඛන්ධො සමුට්ඨිතො දහන්තො පාපකම්මන්තෙ උත්තරාය පටිහඤ්ඤති,
Sinhala BJT7. දකුණු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් උතුරු බිතැ වැදෙයි.
Pali BJT8. හෙට්ඨතො ච සමුට්ඨාය අච්චික්ඛන්ධො භයානකො දහන්තො පාපකම්මන්තෙ ඡදනස්මිං පටිහඤ්ඤති,
Sinhala BJT8. යට පොළොවිනුදු බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළවුන් දවමින් ගොස් ඡදනයෙහි (සියන්හි) පැහැරැ සිටී.
Pali BJT9. ඡදනම්හා සමුට්ඨාය අච්චික්ඛන්ධො භයානකො දහන්තො පාපකම්මන්තෙ භූමියං පටිහඤ්ඤති,
Sinhala BJT9. ඡදනයෙන් බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් බිමැ පැහැර සිටී.
Pali BJT10. අයො කපාලමාදිත්තං සංතත්තං ජලිතං යථා එවං අවීචිනිරයො හෙට්ඨා උපරි පස්සතො,
Sinhala BJT10. අවීචිනරකය උඩ යට බලනුවහුට හාත්පසින් දිලියෙන අතිශයින් තැවුණු දැල්වුණු යකබලක් මෙනි.
Pali BJT11. තත්ථ සත්තා මහාලුද්දා මහාකිබ්බිසකාරිනො අච්චන්තපාපකම්මන්තා පච්චන්ති න ච මීයරෙ,
Sinhala BJT11. එහි මහද්රෞද්‍ර වූ මහ දරුණුකම් කරන සුලු වූ අතිශයින් පව්කම් ඇති සත්ත්‍වයෝ පැසෙති, නො ද මියෙත්.
Pali BJT12. ජාතවෙදසමො කායො තෙසං නිරයවාසිනං පස්ස කම්මානං දළ්හත්තං න භස්මා හොති නපි මසි.
Sinhala BJT12. ඒ නිරැවැසියන්ගේ කය ගිනි වැන්න, කර්‍මයන්ගේ දැඩි සේ බල, හළු නො වෙයි, දැලි නො ද වේ.
Pali BJT13. පුරත්ථිමෙනපි ධාවන්ති තතො ධාවන්ති පච්ඡිමං උත්තරෙනපි ධාවන්ති තතො ධාවන්ති දක්ඛිණං,
Sinhala BJT13. (කිසි කලෙක පූර්‍වද්වාරය, විවර වූ කල්හි) එ දිගට ද දිවෙති, යළි පශ්චිමද්වාරයට ද දිවෙති, උත්තරද්වාරයට ද දිවෙති, යළි දක්ෂිණද්වාරයට ද දිවෙත්.
Pali BJT14. යං යං දිසං පධාවන්ති තං තං ද්වාරං පිථීයති{2} අභිනික්ඛමිතාසා තෙ සත්තා මොක්ඛගවෙසිනො,
Sinhala BJT14. යම් යම් දිශාවකට වේගයෙන් දිවෙත් නම්, (සම්ප්‍රාප්ත කල්හි) ඒ ඒ ද්වාරය වැසෙයි. නික්මැ යන ආශා ඇති ඒ නිරිසත්හු මිදෙන උපාය සොයන්නාහු වෙත්.
Pali BJT15. න තෙ තතො නික්ඛමිතුං ලභන්ති කම්මපච්චයා තෙසං ච පාපකම්මං තං අවිපක්කං කතං බහු’න්ති.
Sinhala BJT15. කර්‍ම හේතුයෙන් ඔහු එයින් නික්මෙන්නට නො ලැබෙති. යම් හෙයකින් ඔවුන් විසින් නො පැසුණු විපාක ඇති පාපකර්‍මය බොහෝ කොට කරන ලද ද එහෙයිනි.
Pali BJTඑතං භයං දුක්ඛං දොමනස්සං කුතො තස්ස: ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච ජාතං. යානි ච නෙරයිකානි දුක්ඛානි යානි ච තිරච්ඡානයොනිකානි දුක්ඛානි යානි ච පෙත්තිවිසයිකානි දුක්ඛානි යානි ච මානුස්සිකානි දුක්ඛානි තානි කුතො ජාතානි කුතො සඤ්ජාතානි කුතො නිබ්බත්තානි කුතො අභිනිබ්බත්තානි කුතො පාතුභූතානි: ස්නෙහපච්චයා ච නන්දිපච්චයා ච රාගපච්චයා ච නන්දිරාගපච්චයා ච භවන්ති{3}. සම්භවන්ති ජායන්ති සංජායන්ති නිබ්බත්තන්ති අභිනිබ්බත්තන්ති පාතුභවන්තීති ‘ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති. ‘
Sinhala BJTතෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. යම් නිරය දුකක් තිරිසන්යොන්හි යම් දුකක් ප්‍රේතවිෂයෙහි යම් දුකක් මිනිසත් බැව්හි යම් දුකකුත් වෙත් නම්, එ දුක් කොයින් උපන්නාහු ද කොයින් හටගත්තාහු ද කොයින් නිපන්නාහු ද කොයින් වෙසෙසින් නිපන්නාහු ද කොයින් පහළ වූවාහු ද යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු වෙති උපදිති හටගනිති සඤ්ජාත වෙති නිපදිති වෙසෙසින් නිපදිති පහළ වෙත් නුයි ‘ස්නෙහන්වයං දුක්ඛමිදං පහෝති’යනු වේ.
Pali BJTආදීනවං ස්නෙහජං පෙක්ඛමානොති: ‘ස්නෙහොති’ දෙව ස්නෙහා: තණ්හාස්නෙහො ච දිට්ඨිස්නෙහො ච. -පෙ- අයං තණ්හාස්නෙහො -පෙ- අයං දිට්ඨිස්නෙහො. ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො’ති: තණ්හා ස්නෙහො ච දිට්ඨිස්නෙහො ච ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTආදීනව, ස්නෙහජං පෙක්ඛමානො - ‘ස්නෙහො’යනු: තෘෂ්ණා ස්නෙහ ද දෘෂ්ටිස්නෙහ දැ යි ස්නෙහ දෙකෙකි. . . මේ තෘෂ්ණා ස්නෙහ යැ . . . මේ දෘෂ්ටි ස්නෙහ යි. ආදිනවං ස්නෙහජං පෙක්ඛමානො යනු: ස්නේහයෙන් උපන් ආදීනව ප්‍රෙක්ෂණය කෙරෙමින් දක්මින් බලමින් සිතමින් විමසම්නි නුයි ‘ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“සංසග්ගජාතස්ස -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTමිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං පටිබද්ධචිත්තො,{1} එතං භයං සන්ථවෙ පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTසුහද මිතුරනට අනුකම්පා කරන පිළිබැඳි සිත් ඇත්තේ අර්‍ත්‍ථය නසාලයි. සන්‍ථවයෙහි තෙල භය දක්නේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTමිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං පටිබද්ධචිත්තොති ‘මිත්තො’ති ද්වෙ මිත්තා: අගාරිකමිත්තො ච අනගාරිකමිත්තො ච කතමො අගාරිකමිත්තො: ඉධෙකච්චො දුද්දදං දදාති, දුච්චජං චජති, දුක්කරං කරොති, දුක්ඛමං ඛමති, ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගුය්හති, ආපදාසු න විජහති, ජීවිතං චස්ස{2} අත්ථාය පරිච්චත්තං හොති, ඛීණෙ නාතිමඤ්ඤති. අයං අගාරිකමිත්තො. කතමො අනගාරිකමිත්තො: ඉධ භික්ඛු පියො ච හොති මනාපො ච ගරූ ච භාවනීයො ච වත්තා ච වචනක්ඛමො ච ගම්භීරං ච කථං කත්තා නො ච අට්ඨානෙ නියොජෙති, අධිසීලෙ සමාදපෙති, චතුන්නං පතිට්ඨානානං භාවනානුයොගෙ සමාදපෙති, චතුන්නං සම්මප්පධානානං -පෙ- චතුන්නං ඉද්ධිපාදානං -පෙ- පඤ්චන්නං ඉන්ද්රියානං -භාවනානුයොගෙ සමාදපෙති, පඤ්චන්නං බලානං- සත්තන්නං බොජ්ඣඞ්ගානං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගෙ සමාදපෙති. අයං අනගාරිකමිත්තො. සුහජ්ජා වුච්චන්ති යෙහි සහ ආගමනං ඵාසු ගමනං ඵාසු නිසජ්ජා ඵාසු සයනං ඵාසු ආලපනං ඵාසු සල්ලපනං ඵාසු උල්ලපනං ඵාසු සමුල්ලපනං ඵාසු.
Sinhala BJTමිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං පටිබද්ධචිත්තො - ‘මිත්තා’යනු: ආගාරික මිත්‍ර ද ප්‍රව්‍රජිත මිත්‍ර දැ යි මිත්‍රයෝ දෙදෙනෙකි. ආගාරිකමිත්‍ර කවරැ යත්: මෙලොවැ ඇතැමෙක් නො දිය හැක්ක දෙයි, නො හළ හැක්ක හරියි, නො කළ හැක්ක කරයි, නො ඉවසිය හැක්ක ඉවසයි, තමාගේ සැඟැවිය යුත්ත ඔහුට කියයි, ඔහුගේ ගෝපනය කළ යුත්ත ගෝපනය කෙරෙයි, ආපදාවන්හි නො හරියි, ඔහු පිණිස ජීවිත පරිත්‍යාග ද කෙරෙයි. පිරිහුණු කල්හි අවමන් නො කෙරේ, මේ අගාරික මිත්‍ර යැ. ප්‍රව්‍රජිතමිත්‍ර කවරැ යත්: මෙ සස්නෙහි මහණ ප්‍රිය වූයේත් මනවඩන්නේත් ගුරු වූයේ ත් සම්භාවනාර්හ වූයේ ත් වක්තෘ වූයේ ත් මෙරමා වදන් ඉවසනුයේ ත් ගැඹුරු කථා කියන්නේ ත් වෙයි, නො ද අස්ථානයෙහි යොදයි. අධිශීලයෙහි සමාදන් කරවයි, සතර සතිපට්ඨානයන්ගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි, සතර සම්‍යක් ප්‍රධානයන්ගේ... සතර ඍද්ධිපාදයන්ගේ... පඤ්චේන්ද්‍රියන්ගේ-පඤ්චබලයන්ගේ සප්තබෝධ්‍යඞ්ගයන්ගේ - ආර්‍ය අෂ්ටාකාංගික මාර්‍ගයාගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි. මේ ප්‍රව්‍රජිතමිත්‍ර යි. යම් කෙනකුන් ‘හා සමග ඊම පහසු ද යෑම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලාපය පහසු ද සල්ලාපය පහසු ද උසස් කොට බිණීම පහසු ද පුනපුනා උසස් කොට බිණීම පහසු ද ඔහු ‘සුහදයෝ” යි කියනු ලැබෙත්.
Pali BJTමිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථන්ති: මිත්තෙ ච සුහජ්ජෙ ච සන්දිට්ඨෙ ච සම්භත්තෙ ච සහායෙ ච අනුකම්පමානො අනුපෙක්ඛමානො අනුගය්හමානො අත්තත්ථම්පි පරත්ථම්පි උභයත්ථම්පි හාපෙති, දිට්ඨධම්මිකම්පි අත්ථං හාපෙති, සම්පරායිකම්පි අත්ථං හාපෙති, පරමත්ථම්පි අත්ථං හාපෙති, පහාපෙති පරිහාපෙති පරිධංසෙති පරිවජ්ජෙති අන්තරධාපෙතීති ‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං. පටිබද්ධචිත්තො’ති ද්වීහි කාරණෙහි පටිබද්ධචිත්තො හොති: අත්තානං වා නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති අත්තානං වා උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො පබද්ධචිත්තො හොති. කථං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති. කථං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති: තුම්හෙ මෙ බහූපකාරා අහං තුම්හෙ නිස්සාය ලභාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං, යෙපි මෙ අඤ්ඤෙ{1} දාතුං වා කාතුං වා මඤ්ඤන්ති, තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා, යම්පි මෙ පොරාණං මාතාපෙත්තිකං නාමගොත්තං තම්පි අන්තරහිතං, තුම්හෙහි අහං ඤායාමි, අසුකස්ස කුලූපකො අසුකාය කුලූපකොති. එවං අත්තානං නීචං ඨපෙන්තො පරං උච්චං ඨපෙන්තො පටිබද්ධචිත්තො{2} හොති.
Sinhala BJTමිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං යනු: මිත්‍රයනට ද සුහදයනට ද සන්දෘෂ්ට (දුටු විසැඹි) යනට ද සම්භක්ත (දළවිසගැඹි) යනට ද යහළුවනට ද අනුකම්පා කරනුයේ බලනුයේ අනුග්‍රහ කරනුයේ ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද නසයි, ඓහිකාර්ථය ද නසයි, පාරත්‍රිකාර්ථය ද නසයි, පරමාර්ථාර්ත්ථය ද නසයි, වෙසෙසින් නසයි, පිරිහෙළයි, විද්ධංසන කෙරෙයි, දුරු කෙරෙයි, අතුරුදහන් කෙරේ නුයි ‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං’යනු වේ. පටිබද්ධචිත්තො යනු: දෙ කරුණෙකින් පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වේ. කිසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ පිළිබැඳි සිත් ඇත්තේ වේ ද යත්: තෙපි මට බොහෝ උපකාර ඇතියවු, මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබමි, අන්‍ය වූ යම් කෙනෙකුත් මට දෙන්නට හෝ කරන්නට සිතත් නම් තොප නිසා යැ තොප මුහුණ බලමිනි,- මාගේ මාපියන් සතු යම් පැරණි නම්ගොතෙකුත් වී නම් එ ද අතුරුදහන් වී යැ, තොප කරණ කොට මම් ‘අසෝ තැනැත්තහු ගේ කුලුපග යැ අසෝ තැනැත්තියගේ කුලුපග යැ, යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබනුයේ පිළිබැඳි සිත් ඇත්තේ වෙයි.
Pali BJTකථං අත්තානං උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොති: අහං තුම්හාකං බහූපකාරො. තුම්හෙ මං ආගම්ම බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා, පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහං තුම්හාකං උද්දෙසං දෙමි, පරිපුච්ඡං දෙමි, උපොසථං ආචික්ඛාමි, නවකම්මං අධිට්ඨාමි, අථ ච පන තුම්හෙ මං උජ්ඣිත්වා{3} අඤ්ඤෙ සක්කරොථ ගරුකරොථ මානෙථ පුජෙථාති. එවං අත්තානං උච්චං ඨපෙන්තො පරං නීචං ඨපෙන්තො පටිබද්ධචිත්තො හොතීති ‘හාපෙති අත්ථං පටිබද්ධචිත්තො’.
Sinhala BJTකිසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇත්තෙමි. තෙපි මා කරා පැමිණ බුදුන් සරණ කොට ගියවු යැ, දහම් සරණ කොට ගිය වූ යැ, සඟුන් සරණ කොට ගියවු යැ, ප්‍රාණවධයෙන් වැළකුණ වු යැ, අදත්තාදානයෙන් වැළකුණවූ යැ, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණු යැ, මුසවායෙන් වැළකුණ වු යැ, මදයට හා ප්‍රමාදයට හා කරුණු වූ රහමෙරින් වැළකුණ වු යැ. මම් තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි, පෙහෙවස් කියමි, නවකම් ඉටමි, එතෙකුදුවත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරවු, ගරුකාර කරවු, මානන කරවු, පූජන කරවු යයි මෙසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ නුයි. ‘හාපෙති අත්ථං පටිබද්ධචිත්තො’ යනු වේ.
Pali BJTඑතං භයං සන්ථවෙ පෙක්ඛමානොති: ‘භයන්ති: ජාතිභයං ජරාභයං ව්යාධිභයං මරණභයං රාජභයං චොරභයං අග්ගිභයං උදකභයං අත්තානුවාදභයං පරානුවාදභයං දණ්ඩභයං දුග්ගතිභයං ඌමිභයං{1} කුම්භීලභයං ආවට්ටභයං සුසුකාභයං{2} ආජීවකභයං අසිලොකභයං පරිසාය සාරජ්ජභයං{3} මදනභයං භයානකත්තං ඡම්භිතත්තං ලොමහංසො චෙතසො උබ්බෙගො උත්රාසො: සන්ථවෙති ද්වෙ සන්ථවා: තණ්හාසන්ථවො ච දිට්ඨිසන්ථවො ච -පෙ- අයං තණ්හාසන්ථවො -පෙ- අයං දිට්ඨිසන්ථවො. එතං භයං සන්ථවෙ පෙක්ඛමානොති: එතං භයං සන්ථවෙ පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘එතං භයං සන්ථවෙ පෙක්ඛමානො එකො චරො ඛග්ගවිසාණකප්පො’.
Sinhala BJTඑතං භයං සන්ථවෙ පෙක්ඛමානො - ‘භයං’යනු: ජාතිය නිසා උපදනා බිය පරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය. මුහුදු රළ නිසා උපදනා බිය මස් කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දියසුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා බිය දිවි වැටුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැති ගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය තැතිගන්නා බව ලොමුදහ ගැන්ම චිත්තයාගේ උද්වේගය උත්‍රාසය යි. සන්ථවෙ යනු: තෘෂ්ණා සන්‍ථව ද දෘෂ්ටිසන්ථව දැ යි සන්‍ථව දෙකෙකි. . . . මේ තෘෂ්ණාසන්ථව යැ . . . මේ දෘෂ්ටිසන්ථව යි. එතං භයං සන්ථවෙ පෙක්ඛමානො යනු: තෙල බිය සන්‍ථවයෙහි බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් සිතමින් විමසම්නි නුයි ‘එතං භයං සන්ථවෙ පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො-හාපෙති අත්ථං පටිබද්ධචිත්තො, එකං භයං සන්ථවෙ පෙක්ඛමානො-එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“මිත්තෙ සුහජ්ජේ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTවංසො විසාලොව යථා විසත්තො පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා, වංසකළීරොව{4} අසජ්ජමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTඅඹුදරුවන් කෙරෙහි වූ යම් අපේක්‍ෂාවක් ඇද්ද එය හුණ ළහැබෙකැ හිවීගිය මහහුණගසෙක් වැන්න, මම් එහි නො ලැගෙන හුණ කිළිලක්සෙයින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ සරනෙම්.
Pali BJTවංසො විසාලොව යථා විසත්තොති ‘වංසො’ වුච්චති වෙළුගුම්බො යතා වෙළුගුම්බස්මිං පොරාණකා වංසා සත්තා විසත්තා{5} ආසත්තා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා’ එවමෙව ‘විසත්තිකා’ වුච්චති තණ්හා: “යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො ඉච්ඡා මුච්ඡා අජ්ඣොසානං ගෙධො පළිගෙධො සඞ්ගො පඞ්කො එජා මායා ජනිකා සංජනිනී සිබ්බනී ජාලිනී සරිතා විසත්තිකා සුත්තං විසතා{6} ආයූහනී{7} දුතියා පණිධි භවනෙත්ති වනං වනථො සන්ථවො ස්නෙහො අපෙක්ඛො පටිබන්ධු ආසා ආසිංසනා ආසිංසිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා ඵොට්ඨබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා, ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා{8}. ජප්පිතත්තං ලොලුප්පං ලොලුප්පායනා ලොලුප්පායිතත්තං පුච්ඡිඤ්චිකතා{9} සාදුකම්යතා, අධම්මරාගො විසමලොභො නිකන්ති නිකාමනා පත්ථනා පිහනා සම්පත්ථනා, කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා
Sinhala BJTවංසො විසාලො‘ව යථා විසත්තො - ‘වංසො’ යි හුණලැහැබ කියනු ලැබෙයි. යම් සේ හුණ ලැහැබෙහි පැරැණි හුණගස් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පලිබුද්ධ වේද, එසෙයින් මැ, තෘෂ්ණාව ‘විසත්තිකා’යි කියනු ලැබේ. යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡාවක් මූර්ඡායෙක් අධ්‍යාවසානයෙක් ගෙධයෙක් පළිගේධයෙක් සංගයෙක් පංකයෙක් එජායෙක් (වඤ්චනාර්ත්ථයෙන්) මායාවක් (සත්ත්‍වයන් උපදවන) ජනිකායේක් සඤ්ජනනියක් (හිවන අර්‍ත්‍ථයෙන්) සිබ්බනියක් ජාලිනියක් (සරිත් සදෘශ වැ ආකර්‍ෂණ කරන හෙයින්) නදියක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයුහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයායෙක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (සමුත්ථාපන-ගහන හෙයින්) වනයෙක් (බලවත් භාවයෙන්) වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් අශංසනයෙක් ආශංසාකළ බවෙක් රූපාශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධානශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරනහෙයින්) ජලිපායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක්
Pali BJTඅරූපතණ්හා නිරොධතණ්හා, රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, ඔඝො යොගො ගන්ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්ධනං උපක්කිලෙසො අනුසයො පරියුට්ඨානං ලතා වෙවිච්ඡං, දුක්ඛමූලං දුක්ඛනිදානං දුක්ඛප්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො{1} තණ්හානදී තණ්හාජාලං තණ්හාගද්දුලං තණ්හාසමුද්දො, අභිජ්ඣා ලොභො අකුසලමූලං{a}.
Sinhala BJTඅරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් (උපදනා කුශලවාරය ගන්නා) පරියුට්ඨානයෙක් (හාත්පසින් වෙළන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමැති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාර පාශයෙක් මාරබඩිශයෙක් මාර විෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාසංඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සංඛ්‍යාත ගර්දුලයෙක් (ශුනක බන්‍ධනයෙක්) තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ නම් එය යි.
Pali BJTවිසත්තිකාති කෙනට්ඨෙන විසත්තිකා{2}: විසාලාතී විසත්තිකා, විසතාති විසත්තිකා, විසටාති විසත්තිකා, විසක්කතීති විසත්තිකා, විසං හරතීති විසත්තිකා, විසංවාදිකාති විසත්තිකා, විසමූලාති විසත්තිකා, විසඵලාති විසත්තිකා, විසපරිභොගාති{3}, විසත්තිකා.
Sinhala BJTවිසත්තිකා යනු: කවර අරුතෙකින් (තෘෂ්ණාව) විසත්තිකා නම්වූ ද යත්: විශාල වන හෙයින් විසත්තිකා යැ, විසෘත වන හෙයින් විසත්තිකා යැ, විස්තෘත වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්‍ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ, වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛවිෂය එළවන හෙයින් විසත්තිකා යැ, (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ, විෂඵල හෙයින් විසත්තිකා යැ, විෂපරිභෝග හෙයින් විසත්තිකා යැ,
Pali BJTවිසාලා වා පන තණ්හා රූපෙ සද්දෙ ගන්ධෙ රසෙ ඵොට්ඨබ්බෙ කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසාය සුඛෙ චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු විසතා විත්ථතාති විසත්තිකාති ‘වංසො විසාලොව යථා විසත්තො’.
Sinhala BJTයළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හිප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යයෙහි කාමධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥා භවයෙහි එකස්කන්ධභවයෙහි චතුෂ්ස්කන්ධභවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි අතීතකාලයෙහි අනාගතකාලයෙහි ප්‍රත්‍යුත්පන්නකාලයෙහි දෘෂ්ටශ්‍රැත මුතවිඥාතව්‍ය ධර්‍මයන්හි විසෘත විස්තෘත නුයි විසත්තිකා’නම් වේ නුයි “වංසො විසාලොව යථා විසත්තො” යනු වේ.
Pali BJTපුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛාති ‘පුත්තා’ති: චත්තාරො පුත්තා අත්රජො පුත්තො ඛෙත්තජො පුත්තො දින්නකො පුත්තො අන්තෙවාසිකො පුත්තො. දාරා වුච්චන්ති භරියායො. අපෙක්ඛා වුච්චති{4} තණ්හා: “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූල”න්ති ‘පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා’.
Sinhala BJTපුත්තෙසුදාරෙසුච යා අපෙක්ඛා-‘පුත්තා” යනු පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජ පුත්‍ර යැ දින්නක පුත්‍ර යැ අන්තෙවාසීපුත්‍ර යි, ‘දාරා’යි භාර්‍ය්‍යාවෝ කියනු ලැබෙති. ‘අපෙක්ඛෙ‘ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. ‘යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද ඒ නුයි ‘පුත්තේසු දාරෙසු ච යා අපෙක්ඛා’යනු වේ.
Pali BJTවංසකලීරොව අසජ්ජමානොති ‘වංසො’ වුච්චති වෙළුගුම්බො, යථා වෙළුගුම්බස්මිං තරුණකා කළීරා{1} අසත්තා අලග්ගා{2} අපළිබුද්ධා නික්ඛන්තා නිස්සටා විප්පමුත්තා, එවමෙව. අසජ්ජාති දෙව සජ්ජා{3} තණ්හාසජ්ජා ච දිට්ඨිසජ්ජා ච -පෙ- අයං තණ්හාසජ්ජා -පෙ- අයං දිට්ඨිසජ්ජා තස්ස පච්චෙකසම්බුද්ධස්ස තණ්හාසජ්ජා පහීනා දිට්ඨිසජ්ජා පටිනිස්සට්ඨා තණ්හාසජ්ජාය{4} පහීනත්තා දිට්ඨිසජ්ජාය පටිනිස්සට්ඨත්තා සො පච්චෙකසම්බුද්ධො රූපෙ න සජ්ජති, සද්දෙ න සජ්ජති, ගන්ධෙ න සජ්ජති, රසෙ න සජ්ජති, ඵොට්ඨබ්බෙ න සජ්ජති, කුලෙ ගණෙ ආවාසෙ ලාභෙ යසෙ පසංසාය සුඛෙ චීවරෙ පිණ්ඩපාතෙ සෙනාසනෙ ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙ කාමධාතුයා රූපධාතුයා අරූපධාතුයා කාමභවෙ රූපභවෙ අරූපභවෙ සඤ්ඤාභවෙ අසඤ්ඤාභවෙ නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ එකවොකාරභවෙ චතුවොකාරභවෙ පඤ්චවොකාරභවෙ අතීතෙ අනාගතෙ පච්චුප්පන්නෙ දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු න සජ්ජති, න ගණ්හාති{5} න බජ්ඣති න පළිබුජ්ඣිති න මුච්චති නික්ඛන්තො නිස්සටො විප්පමුත්තො විසංයුත්තො. විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘වංසකළීරොව අසජ්ජමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’ති.
Sinhala BJTවංසකළීරෝ’ච අසජ්ජමානෝ- ‘වංසො” යි හුණ ලැහැබ කියනු ලැබෙයි. යම්සේ හුණලැහැබ්හි තුරුණු හුණකිළිල්හු නො ඇලුණාහු නො ලැගුණාහු පළිබෝධ නැත්තාහු (ලැහැබින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුනාහු වෙත්ද එසෙයින් මැ. අසජ්ජා යනු : සඞ්ග (ඇලීම්) දෙකෙකි : තෘෂ්ණසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යැ යි... මේ තෘෂ්ණසඞ්ග යැ... මේ දෘෂ්ටිසඞ්ග යි. ඒ පසේ බුදුන් විසින් තෘෂ්ණ සඞ්ගය ප්‍රහීණ යැ දෘෂ්ටිසඞ්ගය බැහැර කරන ලද, තෘෂ්ණාසඞ්ගය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිසඞ්ගය බැහැර කරන ලද වන බැවින් ඒ පසේ බුදුහු රූපයෙහි නො ඇලෙති, ශබ්දයෙහි නො ඇලෙති, ගන්‍ධයෙහි නො ඇලෙති, රසයෙහි නො ඇලෙති, ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙති, කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයෙහි කාම ධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි කාමභවයෙහි රූපභවයෙහි අරූප භවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි ඒකවෝකාරභවයෙහි චතුවෝකාරභවයෙහි පඤ්චවොකාරභවයෙහි අතීතයෙහි අනාගතයෙහි ප්‍රත්‍යුත්පන්නයෙහි දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්මයන්හි නො ඇලෙති, නො ගනිති, නො බැඳෙති, පලිබුද්ධ නොවෙති, ඝටිත නො වෙත්. (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරෙත් නුයි ‘වංසකළීරො’ච අසජ්ජමානෝ එකොචරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“වංසො විසාලොව යථා විසත්තො පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා වංසකළීරොව අසජ්ජමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
Sinhala BJT“වංසො විසාලො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTමිගො අරඤ්ඤම්හි යථා අබද්ධො{6} යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය,{7} විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTයම්සේ අරනෙහි මුවතෙම නො බැඳුණේ කැමැති තැනකට ගොදුරට යේ ද, එසෙයින් ස්වෛරීභාවය අපේක්‍ෂා කරන නුවණැති පුරුෂ තෙම කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
Pali BJTමිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරායාති: ‘මිගො’ති ද්වෙ මිගා: එණිමිගො ච පසදමිගො{8} ච යථා ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ ච චරමානො විස්සත්ථො ගච්ඡති විස්සත්ථො තිට්ඨති විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. වුත්තං හෙතං භගවතා: “සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ චරමානො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු:
Sinhala BJTමිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය ‘මිගො’යනු: මෘගයෝ දෙදෙනෙකි: එණිමෘග ද පසද මෘග දැ යි. යම්සේ වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැයේද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, තෙල වදාරන ලද මැ යැ භාග්‍යවතුන් විසින්: “යම්සේ මහණෙනි, වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැ යේ ද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, ඒ කවර හෙයිනැ යත්:
Pali BJTඅනාපාථගතො භික්ඛවෙ ලුද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුනච’පරං භික්ඛවෙ විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුන චපරං භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසංපජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුන චපරං භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්ස දොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
Sinhala BJTමහණෙනි, මුව වැදිහු ගේ ඇස්හමුවට නො ගිය හෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ කෙලෙස් මරනු හෝ මරදෙව්පිත් අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්‍ෂුස නසා මර්හු ගේ අදර්‍ශනයට ගියෝ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් සන්තානයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරනු අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්‍ෂුස නසා මරනුගේ අදර්‍ශනයට ගියේ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම ප්‍රීතියා ගේ ද විරාගයෙන් උපෙක්ෂා ඇති වැ වාස කෙරෙයි. වැළිත් ස්මෘතිසම්‍යග්ඥාන ඇත්තේ නාමකයින් සම්ප්‍රයුක්ත සුඛවේදනා විඳියි. යම් ධ්‍යානයක් හේතු කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ (ධ්‍යානසමඞ්ගී පුද්ගල තෙම) ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ‘යි කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, ක්ලෙශපාද රහිතකොට මාරචක්‍ෂුස නසා මරහුගේ අදර්‍ශනයට ගියෝ යැයි කියනු ලැබේ. තව ද මහණෙනි, මහණ තෙම සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්ත්ථධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ කෙලෙස් පා රහිත කොට මාරචක්‍ෂුස නසා මරහුගේ අදර්‍ශනයට ගියේ යැයි කියනු ලැබෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනත්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො තිණ්ණො ලොකෙ විසත්තිකං සො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති. තං කිස්ස හෙතු: අනාපාථගතො භික්ඛවෙ පාපිමතොති”{a}. ‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය.’
Sinhala BJTතවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තයැ’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ ‘මරහු අන්‍ධ කෙළේ යැ කෙලෙස්පා නැති කොට මාරචක්‍ෂුස නසා මරහුගේ අදර්‍ශනයට ගියේ ය’යි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත යැ’යි. විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි....සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි ... සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතන ය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරෙයි. යළි මාර්‍ගප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද වෙත්. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේය. කෙලෙස්පිය නැති කොට මර ඇස නසා මරහුගේ අදර්‍ශනයට ගියේ යැ’යි කියනු ලැබේ. ලොවැ විසත්තිකා නම් වූ, තෘෂ්ණාව තරණය කළ හෙතෙම විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී. ඒ කවර හෙයිනැ යත් : මහණෙනි, මරහුගේ ඇස්හමුවට නො ගිය හෙයිනැ‘යි ‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකයං ගච්ඡති ගොචරාය’යනුවේ.
Pali BJTවිඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානොති: ‘විඤ්ඤූ’ති පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. ‘නරො’ති සත්තො මානවො පොසො පුග්ගලො ජීවො ජාගූ ජන්තු ඉන්දගු මනුජො. සෙරීති ද්වෙ සෙරී: ධම්මොපි සෙරී පුග්ගලොපි සෙරී. කතමො ධම්මො සෙරී: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං ධම්මො සෙරී. කතමො පුග්ගලො සෙරී: යො ඉමිනා සෙරිනා ධම්මෙන සමන්නාගතො සො වුච්චති පුග්ගලො සෙරී.
Sinhala BJTවිඤ්ඤූ නරෝ සෙරිතං පෙක්ඛමානො- ‘විඤ්ඤූ’යනු: පණ්ඩිත වූයේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ නුවණැත්තේ විමසන නුවණ ඇත්තේ තුලිතඥාන ඇත්තේ. නරෝ යනු: සත්ත්‍ව යැ මාණව යැ (පුස්නා) බැවින් පොස යැ පුද්ගල යැ ජීව යැ (ච්‍යුතියෙන් ජාතියට යන හෙයින්) ජාගු යැ (උපදනා අරුතින්) ජන්තු යැ. (කර්මාධිපති වැ යන හෙයින්) ඉන්දගු යැ මනුජ යි. සේරී යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරීධර්මයෙක් ද වෙයි, ස්වෛරීපුද්ගලයෙක් ද වෙයි. ස්වෛරීධර්ම කවරැ යත්: සතර සතිපට්ඨාන යැ සතර ‘සම්‍යක් ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්ච බල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යි මේ ස්වෛරීධර්ම යැ. ‘ස්වෛරීපුද්ගල’නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරීධර්මයෙන් සමන්‍වාගත වූයේ ද හේ ‘ස්වෛරීපුද්ගල’යි කියනු ලැබේ.
Pali BJTවිඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානොති: ‘විඤ්ඤූ නරො සෙරිතං ධම්මං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTවිඤ්ඤූ නරෝ සෙරිතං පෙක්ඛමානො යනු: නුවණැති පුරුෂ තෙම ස්වෛරීධර්මය බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ ධ්‍යාන කරනුයේ විමසනුයේ නුයි ‘විඤ්ඤූනරෝ සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.
Pali BJTතෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
Sinhala BJTඑයින් වදාළහ. ඒ පසේ බුදුහු:
Pali BJT“මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය, විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති
Sinhala BJT“මිගො අරඤ්ඤම්හි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJTයහළුවන් මැද (සිටියහුට දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි ද (මහා උපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි ද ගමනයෙහි ද චාරිකායෙහි ද (මේ අසව දෙව ආදීන්) ඇමැතීම් වෙයි. (එහි කලකුළු මම කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ධර්මපුද්ගල ස්වෛරීභාවය ද අපේක්‍ෂා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
Pali BJTආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකායාති: ‘සහායා’ වුච්චන්ති යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු, ඨානං ඵාසු, නිසජ්ජං{1}. ඵාසු, සයනං ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, උල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකායාති සහාය මජ්ඣෙ වාසෙපි ඨානෙපි ගමනෙපි චාරිකායපි අත්තත්ථමන්තනා පරත්ථමන්තනා උභයත්ථමන්තනා දිට්ඨධම්මිකත්ථමන්තනා සම්පරායිකත්ථමන්තනා පරමත්ථත්ථ මන්තනාති ‘ආමන්තනා හොති සහා යමජ්ඣෙ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය’.
Sinhala BJTආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යම් කෙනකුන් සමග ඊම පහසු ද යෑම පහසුද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද සයනය පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද, ඔහු ‘සහායයෝ ‘යි කියනු ලැබෙත්: ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යනු: සහායයන් මධ්‍යයෙහි විසීමෙහිදු සිටීමෙහිදු ගමන්හිදු චාරිකායෙහිදු ආත්මාර්‍ත්‍ථ පිළිබඳ මන්ත්‍රණ පරාර්ථ පිළිබඳ මන්ත්‍රණ උභයාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ තම අත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරඅත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරමාර්ථාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ වේ නුයි ‘ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානේ ගමනෙ චාරිකාය’යනු වේ.
Pali BJTඅනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානොති: අනභිජ්ඣිතං එතං වත්ථු බාලානං අසප්පුරිසානං තිත්ථියානං තිත්ථියසාවකානං: යදිදං භණ්ඩු කාසායවත්ථවසනතා. අභිජ්ඣිතං එතං වත්ථූ පණ්ඩිතානං සප්පුරිසානං බුද්ධසාවකානං පච්චෙකබුද්ධානං යදිදං භණ්ඩුකාසායවත්ථවසනතා. සෙරීති ද්වෙ සෙරී: ධම්මොපි සෙරී පුග්ගලොපි සෙරී. කතමො ධම්මො සෙරී: චත්තාරො සතිපට්ඨානා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං ධම්මො සෙරී. කතමො පුග්ගලො සෙරී: යො ඉමිනා සෙරිනා ධම්මෙන සමන්නාගතො සො වුච්චති පුග්ගලො සෙරී. අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානොති: සෙරිතං ධම්මං පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
Sinhala BJTඅනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: භණ්ඩුකර්‍මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් වේ නම් තෙල කරුණ නුවණමඳ වූ අසත්පුරුෂ වූ තීර්‍ත්‍ථකයන් විසින් තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් නො පතන ලද යැ භණ්ඩුකර්‍මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් ඇද්ද තෙල කරුණ පණ්ඩිත වූ සත්පුරුෂ වූ බුද්ධශ්‍රාවකයන් විසින් ප්‍රත්‍යෙක සම්බුද්ධයන් විසින් වෙසෙසින් පතනලද යැ. සෙරි යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරී ධර්‍මය ද ස්වෛරී පුද්ගල දැ’යි ස්වෛරීධර්ම නම් කවරැ යත්: සතර සතිපට්ඨාන යැ... ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ යි. මේ ස්වෛරීධර්ම නම, ස්වෛරී පුද්ගල නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරී ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ නම් හේ ‘ස්වෛරීපුද්ගල‘යයි කියනු ලැබෙයි. අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: ස්වෛරී ධර්‍මය බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් පිරික්සම්නි නුයි ‘අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.