Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTගොතමො භූරිමෙධසොති-‘භූරි’ වුච්චති පඨවී{1} භගවා තාය පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතො. ‘මෙධා’ වුච්චති පඤ්ඤා. යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි” භගවා ඉමාය මෙධාය උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උප්පන්නො සම්පන්නො{2} සමන්නාගතො. තස්මා බුද්ධො සුමෙධසොති{3} ‘ගොතමො භූරිමෙධසො’.
Sinhala BJTගොතමො භූරිමෙධසො - ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිය හා සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් යුක්තයහ සමුපෙතයහ එළඹ සිටියහ සංයුක්තයහ අවියුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ, එයින් බුදුහු මනා නුවණ ඇතියාහු නුයි ‘ගොතමො භූරිමෙධසො’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“එකො තමොනුදාසීනො ජුතිමා සො පභඞ්කරො, ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො”ති.
Sinhala BJT“ඒකෝ තමොනුදො ... ගොතමො භූරිමෙධසො” යී.
Pali BJT14.
Sinhala BJT14.
Pali BJTයො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTයම් භාග්‍යවත් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති, නො ද කාලාන්තරයෙහි වින්ද යුතු ඵල ඇති, තෘෂ්ණාක්‍ෂය වූ, උවදුරු නැති, දහම් දෙසූසේක් ද ඒ භාග්‍යවතුන් වහන්සේ යි.
Pali BJTයො මෙ ධම්මමදෙසෙසීති-‘යො’ති “යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. ධම්මදෙසෙසීති ‘ධම්ම’න්ති ආදිකල්යාණං -පෙ- සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චත්තාරො සතිපට්ඨානෙ -පෙ- අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ආචික්ඛ, දෙසෙහි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති ‘යො මෙ ධම්ම මදෙසෙසි.’
Sinhala BJTයො මෙ ධම්මමදේසෙසි - ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් (පරෝපදේශ රහිත වැ) තමන් වහන්සේ මැ (සත්‍යයන්) අවබෝධ කළ සේක් ද ආචාර්‍ය්‍යයන් නැත්තාහු ද පෙර නො ඇසූවිරූ දහම්හි සත්‍යයන් තුමූ මැ අවබෝධ කළාහු ද එහි දූ සර්‍වඥභාවයට පැමිණියාහු ද බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි - ‘ධම්මං’ යනු: ආදිකල්‍යාණ වූ ... අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව සතර සතිපට්ඨානය ... ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නිවන හා නිවනට යන සුලු පිළිවෙත හා වදාළහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහුනුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
Pali BJTසන්දිට්ඨිකමකාලිකන්ති: සන්දිට්ඨිකං අකාලිකං එහිපස්සිකං ඔපනයිකං{4} පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති. එවම්පි{5} සන්දිට්ඨිකං. අථවා යො දිට්ඨෙව ධම්මෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, තස්ස මග්ගස්ස අනන්තරා සමනන්තරා{6} අධිගච්ඡතෙව{7} ඵලං වින්දති පටිලභතීති එවම්පි සන්දිට්ඨිකමකාලිකං, යථා මනුස්සා කාලිකං ධනං දත්වා අනන්තරා න ලභන්ති{8} කාලං ආගමෙන්ති, නෙවායං ධම්මො. යො දිට්ඨෙව ධම්මෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, තස්ස මග්ගස්ස අනන්තරා සමනන්තරා{6} අධිගච්ඡතෙව ඵලං වින්දති පටිලභති න පරත්ථ න පරලොකෙ{9} එවං අකාලිකන්ති ‘සන්දිට්ඨිකමකාලිකං’.
Sinhala BJTසන්‍දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති කල් නො යවා වින්ද යුතු ඵල ඇති ‘එව බලව’යි කීමට නිසි උපනයනයට (එළඹීමට) නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි විඳියි ප්‍රතිලාභ කෙරේ නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික මකාලිකං’ යනු වේ. යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබත් ද කල් බලත් ද මේ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි විඳියි ලබයි. පරාත්මභාවයෙහි පරලෝකයෙහි නො වෙයි මෙසේ අකාලික වේ නුයි ‘සන්‍දිට්ඨිකමකාලිකං’ යනු වේ.
Pali BJTතණ්හක්ඛයමනීතිකන්ති: ‘තණ්හා’ති ‘රූපතණ්හා -පෙ- ධම්මතණ්හා’ තණ්හක්ඛයන්ති: තණ්හක්ඛයං රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උපපත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං වට්ටක්ඛයං. අනීතිකන්ති ‘ඊති’ වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච, ඊතිප්පහානං ඊතිවූපසමං ඊතිපටිනිස්සග්ගං ඊතිපටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘තණ්හක්ඛයමනීතිකං’.
Sinhala BJTතණ්හක්‍ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්‍ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්‍ෂය යැ ගතක්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යැ. අනීතිකං යනු: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යි කියනු ලැබෙති. ඊතිප්‍රහාණ යැ ඊතිව්‍යුපශම යැ ඊති දුරැලීම යැ ඊති සන්හිඳුවීම යැ අමාමහනිවන නුයි ‘තණ්හක්‍ඛයමනීතිකං’ යනු වේ.
Pali BJTයස්ස නත්ථි උපමා ක්වචීති: ‘යස්සා’ති නිබ්බානස්ස නත්ථි උපමාති, උපමා නත්ථි උපනිධා නත්ථි, සදිසං නත්ථි{1} පටිභාගො නත්ථි න සන්ති න සංවිජ්ජන්ති නූපලබ්භති, ක්වචීති: ක්වචි කිම්හිචි කත්ථචි අජ්ඣත්තං වා බහිද්ධා වා අජ්ඣත්තබහිද්ධා වා’ති ‘යස්ස නත්ථි උපමා ක්වචි.’
Sinhala BJTයස්ස නත්‍ථි උපමා කච්චි - ‘යස්ස’ යනු: නිර්‍වාණයට යැ. ‘නත්‍ථි උපමා’ යනු: උපමා නැත් ද, කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි කිසි තැනෙකැ කිසිවකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචීති.
Sinhala BJT‘යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචී” යි.
Pali BJT15.
Sinhala BJT15.
Pali BJTකින්නු තම්හා විප්පවසසි{2} මුහුත්තම්පි පිඞ්ගිය, ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
Sinhala BJTපිඞ්ගිය කිම තෙපි ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතක් පවා වෙන් වැ වසවු ද?
Pali BJTකින්නු තම්හා විප්පවසසීති: කින්නු බුද්ධම්හා විප්පවසසි අපෙසි අපගච්ඡසි{3} විනා හොසීති ‘කින්නු තම්හා විප්පවසසි. ‘
Sinhala BJTකින්නු තම්හා විප්පවස්සි යනු: කිම බුදුන් කෙරෙන් වෙන් වැ වසවු ද? පහවවු ද? බැහැර වවු ද? වෙන් වවු දැ?යි ‘කින්නු තම්හා විප්පවසසී’ යනු වේ.
Pali BJTමුහුත්තමපි පිඞ්ගියාති: මුහුත්තමපි ඛණමපි ලයමපි වයමපී අද්ධම්පීති මුහුත්තමපි’ පිඞ්ගියාති බාවරී තං ජාමාතරං නාමෙන ආලපති.
Sinhala BJTමුහුත්තම්පි පිඞ්ගිය යනු: මොහොතෙක්හි දු, ඇසිල්ලෙක්හි දු,ලයෙක් හි දු වියෙක්හි දු ජීවිත කාලයෙක්හි දු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. පිඞ්ගිය යනු: බාවරී බමුණු ඒ බෑනණුවන් නමින් අමතයි.
Pali BJTගොතමා භූරිපඤ්ඤාණාති: ගොතමා භූරිපඤ්ඤාණා ඤාණපඤ්ඤාණා පඤ්ඤාධජා පඤ්ඤාකෙතුම්හා පඤ්ඤාධිපතෙය්යම්හා විචයබහුලා පවිචයබහුලා පෙක්ඛායනබහුලා සමෙක්ඛායනබහුලා{4} විභූතවිහාරිම්හා තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොනා තප්පබ්භාරා තදධිමුත්තා තදධිපතෙය්යම්හාති ‘ගොතමා භූරිපඤ්ඤාණා.’
Sinhala BJTගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙක් ප්‍රකට වූ, ප්‍රඥාධ්වජ ඇති, ප්‍රඥාකෙතු ඇති, ප්‍රඥාධිපති වූ විචය බහුල වූ ප්‍රවිචය බහුල වූ ප්‍රෙක්ෂණබහුල වූ සමීක්ෂණ බහුල වූ ප්‍රකට විහරණ ඇති ඒ ප්‍රඥාවට බැස සරන එය බහුල කොට ඇති එය ගරු කොට ඇති එයට නැමුණු එයට මැනැවින් නැමුණු එයට බර වූ එහි අධිමුක්ත වූ එය අධිපති කොට ඇති ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
Pali BJTගොතමා භූරි මෙධසාති ‘භූරි’ වුච්චති පඨවී, භගවා තාය පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතො. ‘මෙධා’ වුච්චති පඤ්ඤා “යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි” භගවා ඉමාය මෙධාය පඤ්ඤාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො. තස්මා බුද්ධො සුමෙධසොති. ‘ගොතම භූරිමෙධසා’.
Sinhala BJTගොතමා භූරිමෙධසා - ‘භූරි’යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’යි ප්‍රඥාව කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් ප්‍රඥායෙන් උපෙතයහ සමුපෙතයහ උපගතයහ සමුපගතයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“කින්නුතම්භා විප්පවසසි මුහුත්තමපි පිඞ්ගිය ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධෙසා”ති
Sinhala BJT“කින්නුතම්හා විප්පවස්සි -පො- ගොතම භූරිමෙධසා” යි.
Pali BJT16.
Sinhala BJT16.
Pali BJTයො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTපිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබියයුතු ඵල ඇති තෘෂ්ණා ක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද,
Pali BJTයො තෙ ධම්මමදෙසෙසීති-‘යො’ති “යො සො භගවා -පෙ- තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො, බලෙසු ච වසීභාවං. ධම්මදෙසෙසීති ‘ධම්ම’න්ති-ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං -පෙ- නිබ්බානං ච නිබ්බානගාමිනිං ච පටිපදං ආචික්ඛි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති ‘යො තෙ ධම්මමදෙසෙසි.’
Sinhala BJTයො තෙ ධම්මදෙසෙසි යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... එහිදු සර්‍වඥ භාවයට පැමිණියාහු බලධර්මයනහිදු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ. ධම්මමදෙසෙසි- ධම්මං යනු: ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ ... නිවන ද නිර්‍වාණගාමී ප්‍රතිපදාව ද වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවෘත කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
Pali BJTසන්දිට්ඨිකමකාලිකන්ති: සන්දිට්ඨිකං අකාලිකං එහිපස්සිකං ඔපනයිකං පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති එවම්පි සන්දිට්ඨිකං. අථවා යො දිට්ඨෙව ධම්මෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, තස්ස මග්ගස්ස අනන්තරා සමනන්තරා අධිගච්ඡතෙව ඵලං වින්දති පටිලභතීති එවම්පි සන්දිට්ඨිකං. අකාලිකන්ති: යථා මනුස්සා කාලිකං ධනං දත්වා අනන්තරා න ලබ්භන්ති කාලං ආගමෙන්ති, නෙවායං ධම්මො. යො දිට්ඨෙව ධම්මෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, තස්ස මග්ගස්ස අනන්තරා සමනන්තරා අධිගච්ඡතෙව ඵලං, වින්දති පටිලභති න පරත්ථ න පරලොකෙ, එවං අකාලිකන්ති ‘සන්දිට්ඨිකමකාලිකං’.
Sinhala BJTසන්‍දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’ යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් වි න් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්‍දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම් සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබති කල් බලති. මේ දහම එසේ නො මැ වෙයි. යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබයි. පර අත්බැව්හි නො වෙයි පර ලෙව්හි නො වෙයි. මෙසෙයින් අකාලික නුයි ‘සන්‍දිට්ඨික මකාලිකං’ යනු වේ.
Pali BJTතණ්හක්ඛයමනීතිකන්ති. ‘තණ්හා’ති රූපතණ්හා, සද්දතණ්හා -පෙ- ධම්මතණ්හා. තණ්හක්ඛයන්ති: තණ්හක්ඛයං රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උපපත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං වට්ටක්ඛයං. අනීතිකන්ති: ‘ඊති’ වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. ඊතිප්පහානං ඊතිවූපසමං ඊතිපටිනිස්සග්ගං ඊතිපටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘තණ්හක්ඛයමනීතිකං’
Sinhala BJTතණ්හක්‍ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්‍ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වේෂක්‍ෂය යැ මෝහක්‍ෂය යැ ගතික්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං යනු: කුලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යයි කියනු ලැබෙති. ඊතිප්‍රහාණය ඊතිව්‍යුපශමය ඊති දුරැලීම ඊති සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘තණ්හක්‍ඛය මනීතිකං’ යනු වේ.
Pali BJTයස්ස නත්ථි උපමා ක්වචීති-යස්සාති නිබ්බානස්ස, නත්ථි උපමාති උපමා නත්ථි, උපනිධා නත්ථිං{1} සදිසං නත්ථි{2} පටිභාගො නත්ථි’ න සන්ති න සංවිජ්ජති නූපලබ්භති ක්වචීති: ක්වචි කිම්හිචි කත්ථචි අජ්ඣත්තා වා බහිද්ධා අජ්ඣත්තබහිද්ධා වාති යස්ස නත්ථි උපමා ක්වචි.’
Sinhala BJTයස්ස නත්‍ථි උපමා ක්වචි- ‘යස්ස’ යනු: නිවනට. නත්‍ථි උපමා යනු: උපමා නැත, උපනිධි නැත, සදෘශයෙක් නැත, ප්‍රතිභාගයෙක් නැත, විද්‍යමාන නො වෙයි. නො ලැබේ. කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කිසිවෙකැ කිසිවක්හි කිසි තැනෙක්හි නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
Pali BJTතෙනාහ සො බාවාරි බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ ඒ බාවරී බමුණු:
Pali BJT“යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචීති.
Sinhala BJT“යො තෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචි” යී.
Pali BJT17.
Sinhala BJT17.
Pali BJTනාහං තම්හා විප්පවසාමි මුහුත්තම්පි බ්රාහ්මණ, ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි, මම් ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු වැ නො වෙසෙමි.
Pali BJTනාහං තම්හා විප්පවසාමීති: නාහං බුද්ධම්හා විප්පවසාමි, අපෙමි අපගච්ඡාමි විනා හොමීති ‘නාහං තම්හා විප්පවසාමි’.
Sinhala BJTනාහං තම්හා විප්පවසාමි යනු: මම් බුදුන් කෙරෙන් වෙන් වැ නො වෙසෙමි, නො පහවෙමි, නො බැහැර වෙමි වෙන් නො වෙම් නුයි ‘නාහං තම්හා විප්පවසාමි’ යනු වේ.
Pali BJTමුහුත්තම්පි බ්රාහ්මණාති: මුහුත්තම්පි ඛණම්පි ලයම්පි වයම්පි අද්ධම්පීති ‘මුහුත්තම්පි’. බ්රාහ්මණාති ගාරවෙන මාතුලං ආලපති.
Sinhala BJTමුහුත්තම්පි බ්‍රාහ්මණ යනු: මොහොතෙක්හිදු ඇසිල්ලෙක්හිදු ලයෙක් හිදු වියෙක්හි දු ආයුකාලයෙක්හිදු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. බ්‍රාහ්මණ යනු: ගෞරවයෙන් මයිලණුවන් අමතයි.
Pali BJTගොතමා භූරිපඤ්ඤාණාති: ගොතමා භූරිපඤ්ඤාණා ඤාණපඤ්ඤාණා පඤ්ඤාධජා පඤ්ඤාකෙතුම්හා පඤ්ඤාධිපතෙය්යම්හා විචයබහුලා පවිචයබහුලා පෙක්ඛායනබහුලා සමෙක්ඛායනබහුලා විභුතවිහාරිම්හා තච්චරිතා තබ්බහුලා තග්ගරුකා තන්නින්නා තප්පොනා තප්පබ්භාරා තදධිමුත්තා තදධි පතෙය්යම්හාති ගොතමා භූරිපඤ්ඤාණා.
Sinhala BJTගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙන් ප්‍රකට වූ ප්‍රඥාධ්වජ ඇති ප්‍රඥාකෙතු ඇති ප්‍රඥාධිපති වූ විචයබහුල වූ ප්‍රවිචය බහුල වූ ප්‍රෙක්ෂණ බහුල වූ සමීක්ෂණබහුල වූ ප්‍රකටවිහරණ ඇති තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තද්ධිමුක්ත තද්ධිපති වූ ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
Pali BJTගොතමා භූරිමෙධසාති: භූරි වුච්චති පඨවී. භගවා තාය පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතො. ‘මෙධා’ වුච්චති පඤ්ඤා, යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. භගවා ඉමාය මෙධාය පඤ්ඤාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො, තස්මා බුද්ධො සුමෙධසොති ‘ගොතමො භූරිමෙධසා’
Sinhala BJTගොතමා භූරිමෙධසා- ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිසම විපුල වූ පතළ වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු මේ මෙධායෙන් ප්‍රඥායෙන් උපේතයහ සමුපේතයහ එළඹ සිටියහ මැනැවින් එළඹ සිටියහ යුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“නාහං තම්හා විප්පවසාමි මුහුත්තම්පි බ්රාහ්මණ, ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා”ති.
Sinhala BJT“නාහං තම්හා විප්පවසාමි -පෙ- ගොතමා භූරිමෙධසා” යි.
Pali BJT18.
Sinhala BJT18.
Pali BJTයො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
Sinhala BJTයම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක් ද, යම් කෙනෙකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද උන් වහන්සේ යි.
Pali BJTයො මෙ ධම්මමදෙසෙසීති-යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. ධම්මදෙසෙසීති ‘ධම්ම’න්ති-ආදිකල්යාණං -පෙ- පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානං ච නිබ්බානගාමිනිං ච පටිපදං ආචික්ඛ, දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති ‘යො මෙ ධම්මමදෙසෙසි.’
Sinhala BJTයො මෙ ධම්මමදෙසෙසි යනු: යම් භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු රහිත වැ පෙර නො ඇසූ විරූ දහම් විෂයෙහි තුමූ මැ සිව්සස් අවබෝධ කළාහු ද ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද බලයන්හි දු වශී බවට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි- ‘ධම්මං’ යනු: ආදි කල්‍යාණ වූ... පර්‍ය්‍යාවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල පිරිපුන් පිරිසිදු සසුන් බඹසර, සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රධානය, සතර ඍද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය නිවන හා නිර්‍වාණ ගාමිනී ප්‍රතිපදාව හා වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
Pali BJTසන්දිට්ඨික මකාලිකන්ති: සන්දිට්ඨිකං අකාලිකං එහිපස්සිකං ඔපනයිකං පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහීති. එවම්පි සන්දිට්ඨිකං, අථවා යො දිට්ඨෙව ධම්මෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, තස්ස මග්ගස්ස අනන්තරා සමනන්තරා අධිගච්ඡතෙව ඵලං වින්දති පටිලභතීති එවම්පි සන්දිට්ඨිකං. අකාලිකන්ති: යථා මනුස්සා කාලිකං ධනං දත්වා අනන්තරා න ලභන්ති, කාලං ආගමෙන්ති, නෙවායං ධම්මො යො දිට්ඨෙව ධම්මෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. තස්ස මග්ගස්ස අනන්තරා සමනන්තරා අධිගච්ඡතෙව ඵලං වින්දති පටිලභති න පරත්ථ න පරලොකෙති ‘එවං අකාලිකන්ති ‘සන්දිට්ඨික මකාලිකං’.
Sinhala BJTසන්‍දිට්ඨික මකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. නොහොත් යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය වඩා ද, ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ ලබත්ද කල් බලත් ද මෙ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය වඩා ද, ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි. ලබයි පර අත්බැව්හි නො වෙයි පරලෙව්හි නො වේ. මෙසෙයින් අකාලික නුයි ‘සන්දිට්ඨිකමකාලිකං’ යනු වේ.
Pali BJTතණ්හක්ඛයමනීතිකන්ති. ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා. තණ්හක්ඛයන්ති: තණ්හක්ඛයං රාගක්ඛයං දොසක්ඛයං මොහක්ඛයං ගතික්ඛයං උපපත්තික්ඛයං පටිසන්ධික්ඛයං භවක්ඛයං සංසාරක්ඛයං වට්ටක්ඛයං. අනීතිකන්ති: ‘ඊති’ වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. ඊතිප්පහානං ඊතිවූපසමං ඊතිපටිනිස්සග්ගං ඊතිපටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘තණ්හක්ඛයමනීතිකං’
Sinhala BJTතණ්හක්ඛයමනීතිකං- ‘තණ්හා’ යනු රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්‍ෂය යැ ගතික්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං- ‘ඊති’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ඊතිප්‍රහාණය ඊති සන්හිඳුවීම ඊති දුරැලීම ඊති නො පැවැත්ම අමාමහ නිවන නුයි ‘තණ්හක්ඛයමනීතිකං’ යනු වේ.
Pali BJTයස්ස නත්ථි උපමා ක්වචීති-‘යස්සා’ති නිබ්බානස්ස, නත්ථි උපමාති: උපමා නත්ථි, උපනිධා නත්ථි{1} සදිසං නත්ථි පටිභාගො නත්ථි, න සන්ති න සංවිජ්ජති නූපලබ්භති ක්වචීති: ක්වචි කිම්හිචි කත්ථචි අජ්ඣත්තා වා බහිද්ධා අජ්ඣත්තබහිද්ධා වා’ති යස්ස නත්ථි උපමා ක්වචි.’
Sinhala BJTයස්ස නත්‍ථි උපමා කච්චි- ‘යස්ස’ යනු: නිර්‍වාණයට. නත්‍ථි උපමා යනු: උපමා නැති උපනිධි නැති සදෘශයෙක් නැති ප්‍රතිභාගයෙක් නැති නො වේ නො පැනේ නො ලැබේ. කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්ම බාහ්‍ය වේවයි කිසිවකැ කිසිවෙක්හි කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨික මකාලිකං, තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචී”ති.
Sinhala BJT“යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචි” යී.
Pali BJT19.
Sinhala BJT19.
Pali BJTපස්සාමි නං මනසා චක්ඛුනා වා{2}. රත්තිං දිවං බ්රාහ්මණ, අප්පමත්තො, නමස්සමානො විවසෙමි රත්තිං{3}. තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.
Sinhala BJTබ්‍රාහ්මණයෙනි: (මම්,) අප්‍රමත්ත වූයෙම් ද්වරැයැ ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.
Pali BJTපස්සාමි නං මනසා චක්ඛුනා වාති: යථා චක්ඛුමා පුරිසො ආලොකෙ රූපගතානි පස්සෙය්ය, දක්ඛෙය්ය ඔලොකෙය්ය නිජ්ඣායෙය්ය උපපරික්ඛෙය්ය එවමෙවාහං බුද්ධං භගවන්තං මනසා පස්සාමි, දක්ඛාමි ඔලොකෙමි නිජ්ඣායාමි උපපරික්ඛාමීති ‘පස්සාමි නං මනසා චක්ඛුනා වා’.
Sinhala BJTපස්සාමිනං මනසා චක්ඛුනා වා- යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ආලෝකයෙහි රූපගතයන් බලා නම් දකී නමි අවලෝකනය කෙරේ නම් නිධ්‍යාන කෙරේ නම් විමසා නම් එසෙයින් මැ මම් භාග්‍යවත් බුදුන් මනසින් බලමි දකිමි අවලොකනය කෙරෙමි නිධ්‍යාන කෙරෙමි පිරික්සම් නුයි ‘පස්සාමිනං මනසා චක්ඛුනා වා’ යනු වේ.
Pali BJTරත්තිං දිවං බ්රාහ්මණ අප්පමත්තොති-රත්තිං ච දිවා ච බුද්ධානුස්සතිං මනසා භාවෙන්තො, අප්පමත්තොති ‘රත්තිං දිවං බ්රාහ්මණ අප්පමත්තො’.
Sinhala BJTරත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො යනු: රැයිදු දවහල්හිදු අප්‍රමත්ත වැ බුද්ධානුස්මෘතිය මනසින් වඩනුයෙම් නුයි ‘රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො’ යනු වේ.
Pali BJTනමස්සමානො විවසෙමි රත්තින්ති-‘නමස්සමානො’ති කායෙන වා නමස්සමානො, වාචාය වා නමස්සමානො, චිත්තෙන වා නමස්සමානො, අන්වත්ථපටිපත්තියා වා නමස්සමානො, ධම්මානුධම්මපටිපත්තියා වා නමස්සමානො, සක්කාරයමානො,{1}. ගරුකාරයමානො{2}. මානයමානො පූජයමානො රත්තිං දිවං විවසෙමි, අතිනාමෙමි අතික්කමාමීති ‘නමස්සමානො විවසෙමි රත්තිං’.
Sinhala BJTනමස්සමානො විවසෙමි රත්තිං- ‘නමස්සමානො’ යනු: කයින් හෝ නමස්කාර කරනුයෙම් වචනයෙන් හෝ නමස්කාර කරනුයෙම් සිතින් හෝ නමස්කාර කරනුයෙම් අන්‍වර්ථ ප්‍රතිපත්තියෙන් හො නමස්කාර කරනුයෙම් ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයෙම් සත්කාර කරනුයෙම් ගරු කරනුයෙම් මාන්න කරනු යෙම් පූජා කරනුයෙම් දිවරැය ගෙවමි ඉක්මවමි අතික්‍රමණය කෙරෙම් නුයි ‘නමස්සමානො විවසෙමි රත්තිං’ යනු වේ.
Pali BJTතෙනෙව මඤ්ඤාමි අවිප්පවාසන්ති: තාය බුද්ධානුස්සතියා භාවෙන්තො. අවිප්පවාසොති තං මඤ්ඤාමි අවිප්පවුත්ථොති{3} ‘තං මඤ්ඤාමි ජානාමි එවං ජානාමි එවං ආජානාමි, එවං විජානාමි, එවං පටිවිජානාමි, එවං පටිවිජ්ඣාමීති ‘තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.’
Sinhala BJTතෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං- ඒ බුද්ධානු ස්මෘතිය වඩනුයෙම් උන්වහන්සේ අවිප්‍රවාස කොට හඟිමි උන් වහන්සේ අවිප්‍රවාස වූවන් කොට හඟිමි, දනිමි මෙසේ දනිමි මෙසේ එකත්නෙන් දනිමි මෙසේ අනෙකප්‍රකාරයෙන් දනිමි මෙසේ සකාරණ වැ දනිමි මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“පස්සාමි නං මනසා චක්ඛුනා වා රත්තිං දිවං බ්රාහ්මණ අප්පමත්තො, නමස්සමානො විවසෙමි රත්තිං තෙනෙව මඤ්ඤාමි අවිප්පවාස”න්ති.
Sinhala BJT“පස්සාමි නං මනසා -පෙ- තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං” යි.
Pali BJT20.
Sinhala BJT20.
Pali BJTසද්ධා ච පීතී ච මනො සතී ච{4} නාපෙන්ති මෙ ගොතමසාසනම්හා, යං යං දිසං වජති{5} භූරිපඤ්ඤො ස තෙ න තෙනෙව නතො’හමස්මි.
Sinhala BJTමාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමසාශනයෙන් පහ වැ නො යෙති. විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දෙසකට වඩනාසේක් ද ඒ ඒ දෙසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
Pali BJTසද්ධා ච පීතී ච මනො සතීචාති-‘සද්ධා’ති “යා ච භගවන්තං ආරබ්භ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො{6} සද්ධා සද්ධින්ද්රියං සද්ධාබලං -පෙ- පීතීති: “යා භගවන්තං ආරබ්භ පීති පාමොජ්ජං{7} ආමොදනා{8} පමොදනා හාසො පහාසො විත්ති තුට්ඨි ඔදග්යං අත්තමනතා චිත්තස්ස”. මනොති “යං ච භගවන්තං ආරබ්භ චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනොවිඤ්ඤාණධාතු”. සතීති: “යා භගවන්තං ආරබ්භ සති අනුස්සති -පෙ- සම්මාසතීති” සද්ධා ච පීතී ච මනො සතීච’.
Sinhala BJTසද්ධා ච පීති ච මනෝ සතිමා- ‘සද්ධා’ යනු, භාග්‍යවතුන් ඇරැබ යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් ගුණයෙහි බැසගැනීමෙක් අතිශය ප්‍රසාදයෙක් හැදෑරීමෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් ... ප්‍රීති යනු: බුදුන් ඇරැබ යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමොදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් තුෂ්ටියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද එය යි. මනෝ යනු: භාග්‍යවතුන් ඇරැබ යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගමනසෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥාන ධාතුයෙක් වේ ද එය යි. සති යනු: භාග්‍යවතුන් ඇරැබ යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද ඒ නුයි ‘සද්ධා ච පීති ච මනෝ සතීච’ යනු වේ.
Pali BJTනාපෙන්ති මෙ ගොතමසාසනම්හාති: ඉමෙ චත්තාරො ධම්මා ගොතමසාසනා බුද්ධසාසනා ජිනසාසනා තථාගතසාසනා දෙවදෙවසාසනා අරහන්තසාසනා. නාපෙන්තීති නාපෙන්ති න ගච්ඡන්ති න විජහන්ති න විනාසෙන්තීති ‘නාපෙන්ති මෙ ගොතමසාසනම්හා’.
Sinhala BJTනාපෙන්ති මෙ ගොතමසාසනම්හා යනු: මේ සතර ධර්‍මයෝ ගෞතමශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් ද්වෙද්වෙශාසනයෙන් අර්‍හත් ශාසනයෙන්. නාපෙන්ති යනු: නො පහ වෙති නො යෙති නො හරිති නො නැසෙත් නුයි ‘නාපෙන්ති මෙ ගොතමසාසනම්හා’ යනු වේ.
Pali BJTයං යං දිසං වජති භූරිපඤ්ඤොති: ‘යං යං දිසන්’ති පුරත්ථිමං වා දිසං පච්ඡිමං වා දිසං දක්ඛිණං වා දිසං උත්තරං වා දිසං වජති ගච්ඡති කමති අභික්කමති, භූරිපඤ්ඤොති: භූරිපඤ්ඤො මහාපඤ්ඤො තික්ඛපඤ්ඤො පුථුපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො. ‘භූරි’ වුච්චති පඨවී, තාය පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතොති ‘යං යං වජති භූරිපඤ්ඤො’.
Sinhala BJTයං යං දිසං වජති භූරිපඤ්ඤො - ‘යං යං දිසං’ යනු: පෙරදිගට හෝ පෑළදිගට හෝ දකුණුදිගට හෝ උතුරුදිගට හෝ යේ ද ගමන් කෙරේ ද පිය නඟා ද ඉදිරියට හේ ද. ‘භූරිපඤ්ඤො’ යනු: පෘථුලප්‍රඥා ඇත්තේ මහා ප්‍රඥා ඇත්තේ තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේ විපුල ප්‍රඥා ඇත්තේ හර්‍ෂබහුල ප්‍රඥා ඇත්තේ ජවනප්‍රඥා ඇත්තේ නිර්වේධික ප්‍රඥා ඇත්තේ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. පෘථිවිය හා සම වූ ඒ විපුල වූ (විස්තෘත වූ) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ නුයි ‘යං යං දිසං වජති භූරිපඤ්ඤො’ යනු වේ.
Pali BJTස තෙන තෙනෙව නතො ‘හමස්මීති: සො යෙන බුද්ධො තෙන තෙනෙව නතො තන්නින්නො තප්පොනො තප්පභාරො තදධිමුත්තො තදධිපතෙය්යොති ‘ස තෙන තෙනෙව නතො ‘හමස්මි’.
Sinhala BJTස තෙන තෙනෙ’ව නතො’හමස්මි යනු: ඒ බුදුහු යම් දිසාභාගයෙක්හි වෙත් ද ඒ දිසාභාගයෙහි මැ නැමුණෙම් එයට නිම්න වූයෙම් එයට නැඹුරු වූයෙම් එයට බර වූයෙම් එහි අධිමුක්ත වූයෙම් එය අධිපති කොට ඇතියෙම් නුයි ‘ස තෙන තෙනෙ’ව නතො’හමස්මි’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“සද්ධා ච පීතී ච මනො සතී ච නාපෙන්ති මෙ ගොතමසාසනම්හා, යං යං දිසං වජති භූරිපඤ්ඤො ස තෙන තෙනෙව නතො‘හමස්මී”ති.
Sinhala BJT“සද්ධා ච පීතී ච -පෙ- ස තෙන තෙනෙ’ව නතො’හමස්මි” යි.
Pali BJT21.
Sinhala BJT21.
Pali BJTජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස තෙනෙව කායො න පලෙති{1} තත්ථ, සඞ්කප්පයත්තාය{2} වජාමි නිච්චං මනො හි මෙ බ්රාහ්මණ තෙන යුත්තො.
Sinhala BJTජීර්‍ණ වූ (එයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එ කරුණින් මැ එහි නො යෙයි. සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
Pali BJTජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්සාති-‘ජිණ්ණස්සා’ති ජිණ්ණස්ස වුද්ධස්ස මහල්ලකස්ස අද්ධගතස්ස වයො අනුපත්තස්ස දුබ්බලථාමකස්සාති: දුබ්බලථාමකස්ස අප්පථාමකස්ස පරිත්තථාමකස්සාති ‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස’.
Sinhala BJTජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස- ‘ජිණ්ණස්ස’ යනු: ජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ ත්‍රිවිධ වයෝ කොට්ඨාශයන් ඉක්මගිය තුන් වැනි වයසට පැමිණි. දුබ්බලථාමකස්ස යනු: දුර්වලවීර්‍ය්‍ය ඇති අල්පවීර්‍ය්‍ය ඇති මන්දවීර්‍ය්‍ය ඇති නුයි ‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස’ යනු වේ.
Pali BJTතෙනෙව කායො න පලෙති තත්ථාති: කායො යෙන බුද්ධො තෙන න පලෙති න වජති න ගච්ඡති නාභික්කමතීති ‘තෙනෙව කායො න පලෙති තත්ථ’.
Sinhala BJTතෙනෙව කායෝ න පලෙති තත්‍ථ - බුදුහු යම් තැනෙක්හි වෙත් ද කය එතැනින් පලා නො යෙයි, නො යෙයි, ගමනය නො කෙරෙයි, නො පෙරටයේ නුයි ‘තෙනෙව කායෝ න පලෙති තත්‍ථ’ යනු වේ.
Pali BJTසඞ්කප්පයත්තාය වජාමි නිච්චන්ති-සඞ්කප්පගමනෙන චිතක්කගමනෙන ඤාණගමනෙන පඤ්ඤාගමනෙන බුද්ධිගමනෙන වජාමි ගච්ඡාමි අභික්කමාමීති ‘සඞ්කප්පයත්තාය වජාමි නිච්චං’.
Sinhala BJTසඞ්කප්පයත්තාය වජාමි නිච්චං යනු: සංකල්ප ගමනින් විතර්‍ක ගමනින් ඥාන ගමනින් ප්‍රඥා ගමනින් බුද්ධි ගමනින් යෙමි ගමනය කෙරෙමි පෙරට යෙම් නුයි ‘සඞ්කප්පයත්තාය වජාමි නිච්චං’ යනු වේ.
Pali BJTමනො හි මෙ බ්රාහ්මණ තෙන යුත්තොති ‘මනො’ති “යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනො විඤ්ඤාණධාතු. මනො හි මෙ බ්රාහ්මණ තෙන යුත්තොති: මනො යෙන බුද්ධො තෙන යුත්තො පයුත්තො සංයුත්තොති ‘මනො හි මෙ බ්රාහ්මණ තෙන යුත්තො:
Sinhala BJTමනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො- ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො යනු: බුදුහු යම් තැනෙක්හි වෙත් ද සිත එතැන්හි යුක්ත යැ ප්‍රයුක්ත යැ සංයුක්ත නුයි ‘මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො.
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස තෙනෙව කායො න පලෙති තත්ථ, සංකප්පයත්තාය වජාමි නිච්චං මනො හි මෙ බ්රාහ්මණ තෙන යුත්තො”ති.
Sinhala BJT“ජිණ්ණස්ස මෙ -පෙ- මනෝ හි මෙ බ්‍රාහ්මණෙ තෙන යුත්තො” යි.
Pali BJT22.
Sinhala BJT22.
Pali BJTපඞ්කෙ සයානො පරිඵන්දමානො දීපා දීපං{1} උපප්ලවිං,{2} අථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJTකාමපඞ්කයොහි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණසෑ වෙහෙරෙහි දී චතුරෝඝය තරණය කළ ආශ්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.)
Pali BJTපඞ්කෙ සයානො පරිඵන්දමානොති-‘පඞ්කෙ සයානො’ති කාමපඞ්කෙ කාමකද්දමෙ කාමකිලෙසෙ කාමපලිපෙ{3} කාමපරිළාහෙ කාමපළිබොධෙ සෙමානො සයමානො වසමානො ආවසමානො පරිවසමානොති පඞ්කෙ සයානො. පරිඵන්දමානොති: තණ්හාඵන්දානාය ඵන්දමානො, දිට්ඨිඵන්දනාය ඵන්දමානො, කිලෙසඵන්දනාය ඵන්දමානො පයොගඵන්දනාය ඵන්දමානො, විපාකඵන්දනාය ඵන්දමානො, මනොදුච්චරිතඵන්දනාය ඵන්දමානො, රත්තො රාගෙන ඵන්දමානො, දුට්ඨො දොසෙන ඵන්දමානො, මූළ්හො මොහෙන ඵන්දමානො, විනිබද්ධො{4}’ මානෙන ඵන්දමානො, පරාමට්ඨො දිට්ඨියා ඵන්දමානො, වික්ඛෙපගතො උද්ධච්චෙන ඵන්දමානො, අනිට්ඨං ගතො විචිකිච්ඡාය ඵන්දමානො, ථාමගතො අනුසයෙහි ඵන්දමානො, ලාභෙන ඵන්දමානො, අලාභෙන ඵන්දමානො, යසෙන ඵන්දමානො, අයසෙන ඵන්දමානො, පසංසාය ඵන්දමානො, නින්දාය ඵන්දමානො, සුඛෙන ඵන්දමානො, දුක්ඛෙන ඵන්දමානො,
Sinhala BJTපඞ්කෙසයානො පරිඵන්දමානො- ‘පඞ්කෙසයානො’ යනු: කාමපඞ්ක (මඩ) යෙහි කාමකර්දමයෙහි කාමක්ලේශයෙහි කාමපලිපයෙහි කාම පරිදාහයෙහි කාමපරිරොධයෙහි හෝනෙම් ශයනය කරනු යෙම් වසනුයෙම් වෙසෙසින් වසනුයෙම් සර්‍වප්‍රකාරයෙන් වසනුයෙම් නුයි ‘පඞ්කෙසයානො’ යනු වේ. පරිඵන්දමානො යනු: තෘෂ්ණාස්පන්දයෙන් ස්පන්දනය වනුයෙම් (සැලෙනුයෙම්) දෘෂ්ටිස්පන්දයෙන් සැලෙනුයෙම් ක්ලෙශස්පන්දයෙන් සැලෙනුයෙම් ප්‍රයෝගස්පන්දයෙන් සැලෙනුයෙම් විපාකස්පන්දයෙන් සැලෙනුයෙම් මනොදුශ්චරිතස්පන්දයෙන් සැලෙනුයෙම් රක්ත වැ රාගයෙන් සැලෙනුයෙම් දුෂ්ට වැ ද්වේෂයෙන් සැලෙනුයෙම් මූඪ වැ මෝහයෙන් සැලෙනුයෙම් විනිබද්ධ වැ මානයෙන් සැලෙනුයෙම් පරාමෘෂ්ට වැ දෘෂ්ටියෙන් සැලෙනුයෙම් වික්ෂෙපගත වැ ඖද්ධත්‍යයෙන් සැලෙනුයෙම් නිශ්චයට නො පැමිණ විචිකිත්සායෙන් සැලෙනුයෙම් ථාමගත වැ අනුශයෙන් සැලෙනුයෙම් ලාභයෙන් සැලෙනුයෙම් අලාභයෙන් සැලෙනුයෙම් යසසින් සැලෙනුයෙම් අයසසින් සැලෙනුයෙම් ප්‍රශංසායෙන් සැලෙනුයෙම් නින්‍දායෙන් සැලෙනුයෙම් සුඛයෙන් සැලෙනුයෙම් දුඃඛයෙන් සැලෙනුයෙම්
Pali BJTජාතියා ඵන්දමානො, ජරාය ඵන්දමානො, බ්යාධිනා ඵන්දමානො, මරණෙන ඵන්දමානො, සොකපරිදෙව දුක්ඛදොමනස්සූපායාසෙහි ඵන්දමානො, නෙරයිකෙන දුක්ඛෙන ඵන්දමානො, තිරච්ඡානයොනිකෙන දුක්ඛෙන ඵන්දමානො, පෙත්තිවිසයිකෙන{1} දුක්ඛෙන ඵන්දමානො, මානුසකෙන{2} දුක්ඛෙන ඵන්දමානො, ගබ්භොක්කන්තිමූලකෙන දුක්ඛෙන ඵන්දමානො, ගබ්භට්ඨිතිමූලකෙන දුක්ඛෙන ඵන්දමානො, ගබ්භවුට්ඨානමූලකෙන දුක්ඛෙන ඵන්දමානො, ජාතස්සුපනිබන්ධකෙන දුක්ඛෙන-ජාතස්ස පරාධෙය්යකෙන දුක්ඛෙන-අත්තූපක්කමෙන දුක්ඛෙන-පරූපක්කමෙන දුක්ඛෙන-සඞ්ඛාරදුක්ඛෙන-විපරිනාමදුක්ඛෙන-චක්ඛුරොගෙන දුක්ඛෙන-සොතරොගෙන දුක්ඛෙන-ඝානරොගෙන දුක්ඛෙන-ජිව්හාරොගෙන දුක්ඛෙන-කායරොගෙන දුක්ඛෙන-සීසරොගෙන දුක්ඛෙන-කණ්ණරොගෙන දුක්ඛෙන-මුඛරොගෙන දුක්ඛෙන-දන්තරොගෙන දුක්ඛෙන-කාසෙන සාසෙන පිනාසෙන ඩහෙන{3} ජරෙන කුච්ඡිරොගෙන මුච්ඡාය පක්කන්දිකාය සූලාය විසුචීකාය කුට්ඨෙන ගණ්ඩෙන කිලාසෙන සොසෙන අපමාරෙන දද්දුයා කණ්ඩුයා කච්ඡුයා රඛසාය විතච්ඡිකාය ලොහිතපිත්තෙන{4} මධුමෙහෙන අංසාය පිළකාය භගන්දලෙන පිත්තසමුට්ඨානෙන ආබාධෙන සෙම්හසමුට්ඨානෙන ආබාධෙන වාතසමුට්ඨානෙන ආබාධෙන සන්නිපාතිකෙන ආබාධෙන උතුපරිණාමජෙන ආබාධෙන විසමපරිහාරජෙන ආබාධෙන ඔපක්කමිකෙන ආබාධෙන කම්මවිපාකජෙන ආබාධෙන සීතෙන උණ්හෙන ජිඝච්ඡාය පිපාසාය උච්චාරෙන පස්සාවෙන ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන දුක්ඛෙන මාතුමරණෙන දුක්ඛෙන පිතුමරණෙන දුක්ඛෙන පුත්තමරණෙන දුක්ඛෙන ධීතුමරණෙන දුක්ඛෙන ඤාතිව්යසනෙන දුක්ඛෙන භොගව්යසනෙන දුක්ඛෙන රොගව්යසනෙන දුක්ඛෙන සීලව්යසනෙන දුක්ඛෙන දිට්ඨිව්යසනෙන දුක්ඛෙන ඵන්දමානො සම්ඵන්දමානො විප්ඵන්දමානො වෙධමානො පවෙධමානො සම්පවෙධමානොති ‘පඞ්කෙසයානො පරිඵන්දමානො’.
Sinhala BJTජාතියෙන් සැලෙනුයෙම් ජරායෙන් සැලෙනුයෙම් ව්‍යාධියෙන් සැලෙනුයෙම් මරණයෙන් සැලෙනුයෙම් ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෙන් සැලෙනුයෙම් නිරෑදුකින් සැලෙනුයෙම් තිරිසන්යොන්හි වූ දුකින් සැලෙනුයෙම් ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙනුයෙම් මානුෂික දුකින් සැලෙනුයෙම් ගර්භාවක්‍රාන්තිමූලක දුකින් සැලෙනුයෙම් ගර්‍භතිස්ථිතිමූලක දුකින් සැලෙනුයෙම් ගර්භාව්‍යුත්ථාන මූලක දුකින් සැලෙනුයෙම් උපන්හු පිළිදග්නා දුකින් උපන්හු පරාඅයත්කොට ඇති දුකින් - ආත්මොපක්‍රම දුකින්- පරොපක්‍රම දුකින්- සංස්කාර දුකින්- විපරිණාම දුකින්- චක්‍ෂුරෝගයෙන් වන දුකින්- ශ්‍රෝත රෝගයෙන් වන දුකින්- ඝ්‍රාණරොගයෙන් වන දුකින්- ජිහ්වාරොගයෙන් වන දුකින්- කායරොගයෙන් වන දුකින්- ශීර්ෂරොගයෙන් වන දුකින්- කර්‍ණරෝගයෙන් වන දුකින්- මුඛරොගයෙන් වන දුකින්- දන්ත රෝගයෙන් වන දුකින්- කාශයෙන් ශ්වාසයෙන් පීනසින් දාහයෙන් ජ්වරයෙන් කුස්රොවින් මූර්ඡායෙන් ප්‍රස්කන්දිකායෙන් (අතීසාරයෙන්) ආමශූලරොගයෙන් විශූචිකායෙන් (මහාවිරෙචනයෙන්) කුෂ්ටරෝගයෙන් ගණ්ඩයෙන් කබර රෝගයෙන් ශුෂ්කරොගයෙන් අපස්මාරයෙන් පිළිකායෙන් කණ්ඩුතියෙන් කැසීමෙන් රඛසා (නියහිරින් පහළ තැන උපදනා රෝග) යෙන් විතච්ඡිකා (අතුල්පතුල් හිරිතැලෙන) රෝගයෙන් රත්පිතින් මධුමෙහයෙන් අර්ශසින් ලෙහෙ පිළිකායෙන් භගන්දරායෙන් පිතින් උපදනා රොවින් සෙමින් උපදනා රොවින් වයින් උපදනා රොවින් සන්නිපාතික රොවින් ඍතු පරිණාමයෙන් උපදනා රොවින් (ස්ථානනිසද්‍යාදි) විෂමපරිහාරයෙන් උපදනා රොවින් උපක්‍රමයෙන් උපදනා රොවින් කර්‍මවිපාකයෙන් උපදනා රොවින් ශීතයෙන් උෂ්ණයෙන් සයින් පවසින් මලමූ පහ කිරීමෙන් මැසි මදුරු-වා-අව් දිග්දෑ පහසින් වන දුකින් මවගේ මරණයෙන් වන දුකින් පියාගේ මරණයෙන් වන දුකින්‍ පුතාගේ මරණයෙන් වන දුකින්‍ දුව ගේ මරණයෙන් වන දුකින්‍, ඥාතිව්‍යසන දුකින් භොග ව්‍යසන දුකින් රෝග ව්‍යසන දුකින් ශීල ව්‍යසන දුකින් දෘෂ්ටි ව්‍යසන දුකින් සැලෙනුයෙම් මොනොවට සැලෙනුයෙම් වෙසෙසින් සැලෙනුයෙම් කම්පනය වනුයෙම් වෙසෙසින් කම්පනය වනුයෙම් අතිශයින් කම්පනය වනුයෙම් නුයි ‘පඞ්කෙ සයානො පරිඵන්දමානො’ යනු වේ.
Pali BJTදීපා දීපං උපපලවින්ති සත්ථාරතො සත්ථාරං ධම්මක්ඛානතො ධම්මක්ඛානං ගණතො ගණං දිට්ඨියා දිට්ඨිං පටිපදාය පටිපදං මග්ගතො මග්ගං ප්ලවිං උප්ලවිං උපප්ලවිං සමුපප්ලවින්ති (දීපාදීපං උපප්ලවිං.)
Sinhala BJTදීපා දීපං උපපලචිං යනු: ශාස්තෘහු කෙරෙන් ශාස්තෘහු කරා ධර්‍ම ඛ්‍යානයෙන් ධර්මඛ්‍යානයට ගණයෙන් ගණයට දෘෂ්ටියෙන් දෘෂ්ටියට ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්තියට මාර්‍ගයෙන් මාර්‍ගයට පාවීමි තරණය කෙළෙමි උත්තරණය කෙළෙමි මැනැවින් උත්තරණය කෙළෙම් නුයි ‘දීපා දීපං උපපලචිං’ යනු වේ.
Pali BJTඅථද්දසාසිං සම්බුද්ධන්ති-‘අථා’ති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා{1} පෙතං ‘අථා’ති, අද්දසාසින්ති: අද්දසං අද්දක්ඛිං අපස්සිං පටිවිජ්ඣං බුද්ධොති: යො සො භගවා සයම්භූ අනාචරියකො -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධොති, ‘අථද්දසාසිං සම්බුද්ධං’.
Sinhala BJTඅථද්දසාසිං සම්බුද්ධං - ‘අථ’ යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පද පරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල ‘අථ’ යනු පදයන්ගේ අනු පිළිවෙළ නුයි. අද්දසාසිං යනු දිටිමි දුටුයෙමි දර්‍ශනය කෙළෙමි, ප්‍රතිවේධ කෙළෙමි. බුද්ධෝ යනු: යම් භාග්‍යවතුන් කෙනෙක් පරෝපදේශ රහිත වැ සිව්සස් අවබෝධ කළ කෙනෙක් තමහට ආචාර්‍ය්‍යයන් නැති කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු බොධිද්‍රැවමූලයෙහි දී සිව්සස් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි “අථද්දසාසිං සම්බුද්ධං” යනු වේ.
Pali BJTඔඝතිණ්ණමනාසවන්ති-‘ඔඝතිණ්ණ’න්ති භගවා කාමොඝං තිණ්ණො, භවොඝං තිණ්ණො, දිට්ඨොඝං තිණ්ණො, අවිජ්ජොඝං තිණ්ණො, සබ්බසංසාරපථං තිණ්ණො, උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති ’ඔඝතිණ්ණං’. අනාසවන්ති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො, තෙ ආසවා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො අනාසවො ති ‘ඔඝතිණ්ණමනාසවං’.
Sinhala BJTඔඝතිණ්ණමනාසවං- ‘ඔඝතිණ්ණං’ යනු: බුදුහු කාමෝඝය තරණය කළහ භවොඝය තරණය කළහ දෘෂ්ටි ඕඝය තරණය කළහ අවිද්‍යා ඕඝය තරණය කළහ, හැම සංසාර පථය තරණය කළහ, උත්තීර්‍ණ නිස්තීර්‍ණ අතික්‍රමණ සමතික්‍රමණ කළහ ඉක්ම සිටියහ. උන් වහන්සේ වැසනිම වූ දශ ආර්‍ය්‍යවාස ඇතියහ පුරුදු කළ චරණධර්‍ම ඇතියහ … ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය උන්වහන්සේට නැත් නුයි ‘ඔඝතිණ්ණං’ යනු වේ. අනාසවං යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යැ යි ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන්ට ප්‍රහීණයහ උසුන් මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ. අනු අභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා සැහැවි ඇතියහ. එයින් බුදුහු ‘අනාස්‍රව’ නුයි ‘ඔඝතිණ්ණමනාසවං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපාදීපං උපප්ලවිං,{2} අථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසව”න්ති.”
Sinhala BJT“පඞෙකසයානො -පෙ- ඔඝතිණ්ණමනාසවං” යි.
Pali BJT23.
Sinhala BJT23.
Pali BJTයථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආළවි ගොතමො ච, එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං.
Sinhala BJTමුක්තශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආලවිගොතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව පිඞ්ගිය තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
Pali BJTයථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආලවිගොතමො චාති යථා වක්කලිථෙරො මුත්තසද්ධො{3} සද්ධාගරුකො සද්ධාපුබ්බඞ්ගමො සද්ධාධි මුත්තො{4} සද්ධාධිපතෙය්යො අරහත්තප්පත්තො, යථා භද්රාවුධො ථෙරො මුත්තසද්ධො සද්ධාගරුකො සද්ධා පුබ්බඞ්ගමො සද්ධාධිමුත්තො සද්ධාධිපතෙය්යො අරහත්තප්පත්තො. යථා ආලවිගොතමො ථෙරො මුත්තසද්ධො සද්ධාගරුකො සද්ධාපුබ්බඞ්ගමො සද්ධාධිමුත්තො සද්ධාධිපතෙය්යො අරහත්තප්පත්තොති යථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආලවිගොතමො ච.
Sinhala BJTයථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච - යනු: යම් සේ වක්කලී තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධා පුරොගාමී කොට ඇතියාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ භද්‍රාවුධ තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ ආලවිගොතම තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු දැ යි ‘යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච’ යනු වේ.
Pali BJTඑවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධන්ති-එවමෙව ත්වම්පි{1} සද්ධං මුඤ්චස්සු පමුඤ්චස්සු සම්පමුඤ්චස්සු අධිමුඤ්චස්සු ඔකප්පෙහි. ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සද්ධං මුඤ්චස්සු පමුඤ්චස්සු සම්පමුඤ්චස්සු අධිමුඤ්චස්සු ඔකප්පෙහි, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති-සබ්බෙ ධම්මා අනත්තාති සද්ධං මුඤ්චස්සු පමුඤ්චස්සු සම්පමුඤ්චස්සු අධිමුච්චස්සු ඔකප්පෙහි, -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධ ධම්ම’න්ති සද්ධං මුඤ්චස්සු පමුඤ්චස්සු සම්පමුඤ්චස්සු අධිමුච්චස්සු ඔකප්පෙහීති ‘එවමෙව ත්වම්පි’ පමුච්චස්සු සද්ධං’.
Sinhala BJTඑවමෙව ත්‍වම්පි පමුඤ්චස්සු සද්ධං යනු: එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධාව මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ... යම් කිසි සමුදයස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව නුයි ‘එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං’ යනු වේ.
Pali BJTගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරන්ති: ‘මච්චුධෙය්යං’ වුච්චති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. මච්චුධෙය්යස්ස පාරං වුච්චති අමතං නිබ්බානං “යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරන්ති: ත්වං පාරං ගමිස්සසි පාරං අධිගමිස්සසි පාරං පස්සිස්සසි පාරං සච්ඡිකරිස්සසීති ‘ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං’.
Sinhala BJTගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘මච්චුධෙය්‍ය’යී කියනු ලැබෙයි. ‘මෘත්‍යුධෙයයාගේ පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන් ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙන් නිර්‍වාණයෙක් වේ ද එය යි. ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං යනු: තෙපි පරතෙරට යව පාරය අධිගම කරව පාරය දකු පාරය ප්‍රත්‍යක්‍ෂ කරව නුයි ‘ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTයථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආලවිගොතමො ච, එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරන්ති.
Sinhala BJT“යථා අහු වක්කලි -පෙ- මච්චුධෙය්‍යස්ස පාරං” යී.
Pali BJT24.
Sinhala BJT24.
Pali BJTඑස භීයො පසීදාමි සුත්වාන මුනිනො වචො, විවත්තච්ඡදො{3} සම්බුද්ධො අඛිලො පටිභානවා.
Sinhala BJTතෙල මම් මුනීන්‍ද්‍රයන් වහන්සේගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු විවෘත වූ (රාගාදි) සියන් ඇතියහ, ‘(රාගාදි) ඛිල රහිතයහ, ප්‍රතිභාන ප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
Pali BJTඑස භීයො පසීදාමීති-එස භීයො පසීදාමි, භීයො භීයො සද්දහාමි භීයො භීයො ඔකප්පෙමි, භීයො භීයො අධිමුච්චාමි, ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති භීයො භීයො පසීදාමි, භීයො භීයො සද්දහාමි, භීයො භීයො ඔකප්පෙමි, භීයො භීයො අධිමුච්චාමි, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති භීයො භීයො පසීදාමි -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති භීයො භීයො පසීදාමි -පෙ- ‘යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති භීයො භීයො පසීදාමි, භීයො භීයො සද්දහාමි, භීයො භීයො ඔකප්පෙමි, භීයො භීයො අධිමුච්චාමීති ‘එස භීයො පසීදාමි’.
Sinhala BJTඑස හීයො පසීදාමි යනු: තෙල මම් බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි බෙහෙවින් පහදිමි ... ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි බෙහෙවින් පහදිමි ... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එම හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙම්’ නුයි ‘එස හීයො පසීදාමි’ යනු වේ.
Pali BJTසුත්වාන මුනිනො වචොති-‘මුනී’ති ‘මොනං’ වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනී. සුත්වාන මුනිනො වචොති තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසාසනං අනුසිට්ඨිං{1} සුත්වාන{2} උග්ගහෙත්වාන උපධාරයිත්වාන උපලක්ඛියිත්වානාති ‘සුත්වාන මුනිනො වචො’.
Sinhala BJTසුත්‍වාන මුනිනො වචො - ‘මුනි’ යනු: ‘මොන’යි ඥාන ය කියනු ලැබෙයි. ... (රාගාදි) සංගජාලය ඉක්ම සිටි හෝ මුනි නම් වෙයි. සුත්‍වාන මුනිනො වචො යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය අනුසිට්ඨිය අසා උගෙන ධරා ගෙනැ විමසා ගෙනැ නුයි ‘සුත්‍වාන මුනිනො වචො’ යනු වේ.
Pali BJTවිවත්තච්ඡදො සම්බුද්ධොති-‘ඡදන’න්ති පඤ්ච ඡදනානීති: තණ්හාඡදනං දිට්ඨිඡදනං කිලෙසඡදනං දුච්චරිතඡදනං අවිජ්ජාඡදනං තානි ඡදනානි බුද්ධස්ස භගවතො විවටානි{3} විද්ධංසිතානි උග්ඝටිතානි සමුග්ඝටිතානි පහීනානි සමුච්ඡින්නානි වූපසන්තානි පටිප්පස්සද්ධානි අභබ්බුප්පත්තිකානි ඤාණග්ගිනා දඩ්ඪානි, තස්මා බුද්ධො විවත්තච්ඡදො. ‘බුද්ධො’ති යො සො භගවා -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධොති ‘විවත්තච්ඡදො සම්බුද්ධො’.
Sinhala BJTවිවත්තච්ඡදො සම්බුද්ධෝ - ‘ඡද්නං’ යනු: ඡද්නයෝ පස් දෙනෙකි: තෘෂ්ණාඡද්න යැ දෘෂ්ටි ඡද්න යැ ක්ලේශ ඡද්න යැ දුශ්චරිතඡද්න යැ අවිද්‍යා ඡද්න යැ යි. ඒ ඡද්නයෝ (සියන්) භාග්‍යවත් බුදුන් විසින් විවෘත කරන ලදහ විධ්වංසනය කරන ලදහ උපුරන ලදහ වෙසෙසින් උපුරන ලදහ ප්‍රහීණය හ සිඳුනා ලදහ සන්හිඳුවන ලදහ අප්‍රවෘත්තියට පමුණුවන ලදහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණගින්නෙන් දවන ලදහ. එයින් බුදුහු ‘විවත්තච්ඡද’ නම් වෙති. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු: බෝධිමූලයෙහි දී අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘විවත්තච්ඡදො සම්බුද්ධෝ’ යනු වේ.
Pali BJTඅඛිලො පටිභානවාති ‘අඛිලො’ති රාගො ඛිලො දොසො ඛිලො මොහො ඛිලො කොධො ඛිලො උපනාහො ඛිලො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා ඛිලා. තෙ ඛිලා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{4} ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො අඛිලො. පටිභානවාති: තයො පටිභානවන්තො: පරියත්තිපටිභානවා පරිපුච්ඡාපටිභානවා. අධිගමපටිභානවා: කතමො පරියත්ති පටිභානවා: ඉධෙකච්චස්ස පකතියා{5} පරියාපුතං{6} ‘හොති: සුත්තං ගෙය්යං ව්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං’ තස්ස පරියත්තිං නිස්සාය පටිභාති අයං පරියත්තිපටිභානවා.
Sinhala BJTඅඛිලො පටිභානවා - ‘අඛිලො’ යනු රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. ඒ ඛිලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ අනුඅභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අඛිලයහ. පටිභානවා යනු: ප්‍රතිභානවත්හු තිදෙනෙකි: පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යැ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යැ අධිගම ප්‍රතිභාන ඇත්තේ යී. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් පියවින් සූත්‍ර ගෙය වෛය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධර්‍ම වෙදල්ල යන මේ පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්තිය නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යි.
Pali BJTකතමො පරිපුච්ඡා පටිභානවා: ඉධෙකච්චො පරිපුච්ඡිතො හොති අත්ථෙ ච ඤායෙ ච ලක්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච. තස්ස පරිපුච්ඡං නිස්සාය පටිභාති අයං පරිපුච්ඡාපටිභානවා. කතමො අධිගමපටිභානවා: ඉධෙකච්චස්ස අධිගතා හොන්ති චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො චත්තාරො ච අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි චතස්සො පටිසම්භිදායො ඡ ච අභිඤ්ඤායො. තස්ස අත්ථො ඤාතො, ධම්මො ඤාතො, නිරුත්ති ඤාතා. අත්ථෙ ඤාතෙ අත්ථො පටිභාති, ධම්මෙ ඤාතෙ ධම්මො පටිභාති, නිරුත්තියා ඤාතාය නිරුත්ති පටිභාති. ඉමෙසු තීසු ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා. භගවා ඉමාය පටිභානපටිසම්භිදාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො තස්මා බුද්ධො පටිභානවා. යස්ස පරියත්ති නත්ථි, පරිපුච්ඡා නත්ථි, අධිගමො නත්ථි, කිං තස්ස පටිභායිස්සතීති ‘අඛිලො පටිභානවා’.
Sinhala BJTපරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍හත්ඵලයෙහි ද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි ද (අනිත්‍යාදි) ලක්‍ෂණයෙහි ද හේතුයෙහි ද කාරණාකාරණයෙහි ද ලා පිළිවිස්නේ වෙයි. ඔහට පරිපුච්ඡාව නිසා වැටහෙයි. මේ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යි. අධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ පඤ්චේන්‍ද්‍රියයෝ පඤ්චබලයෝ සප්තබෝධ්‍යංගයෝ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ග හා සතර ශ්‍රාමාණ්‍යඵල හා සතර ප්‍රතිසංවිත් හා ෂඩ්භිඥා හා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද යැ ධර්‍මය දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දන්නා ලද කල්හි අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දන්නා ලද කල්හි ධර්‍මය වටහයි. නිරුක්තිය දන්නා ලද කල්හි නිරුක්තිය වටහයි. මේ ත්‍රිවිධ ඥානයෙහි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. බුදුහු මේ ප්‍රතිභානප්‍රතිසංවිදායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු එළඹ සිටියාහු මොනොවට එළඹ සිටියාහු සමෘද්ධ වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද පරිපුච්ඡා නැද්ද අධිගම නැද්ද, කුමක් ඔහට වැටහෙන්නේ ද? යී ‘අඛිලො පටිභානවා’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“එස භීයො පසීදාමි සුත්වාන මුනිනො වචො, විවත්තච්ඡදො සම්බුද්ධො අඛිලො පටිභානවා”ති.
Sinhala BJT“එස හීයො පසීදාමි -පෙ- අඛිලො පටිභානවා” යී.
Pali BJT25.
Sinhala BJT25.
Pali BJTඅධිදෙවෙ අභිඤ්ඤාය සබ්බං වෙදි පරොපරං, පඤ්හානන්තකරො සත්ථා කඞ්ඛීනං පටිජානතං.
Sinhala BJTඅධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හීන-ප්‍රණීත වූ (හෝ තමාත් මෙරමා ත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්‍මජාතය දතු වහ. ශාස්තෘහු සැක ඇතියන් වැ මැ ‘නිසැකයම්හ’ යි පිළින කරනුවන්ගේ ප්‍රශ්න කෙළවර කරනුවහ.
Pali BJTඅධිදෙවෙ අභිඤ්ඤායාති-දෙවා’ති තයො දෙවා සම්මුතිදෙවා උප්පත්තිදෙවා විසුද්ධිදෙවා. කතමෙ සම්මුතිදෙවා: ‘සම්මුතිදෙවා’ වුච්චන්ති රාජානො ච රාජකුමාරා ච දෙවියො ච, ඉමෙ වුච්චන්ති සම්මුතිදෙවා. කතමෙ උප්පත්තිදෙවා: ‘උප්පත්තිදෙවා’ වුච්චන්ති චාතුම්මහාරාජිකා දෙවා තාවතිංසා දෙවා -පෙ- බ්රහ්මකායිකා දෙවා යෙ ච දෙවා තදුත්තරි ඉමෙ වුච්චන්ති උප්පත්තිදෙවා. කතමෙ විසුද්ධිදෙවා: ‘විසුද්ධිදෙවා’ වුච්චන්ති තථාගතා තථාගතසාවකා අරහන්තො ඛීණාසවා, යෙ ච පච්චෙකසම්බුද්ධා, ඉමෙ වුච්චන්ති විසුද්ධිදෙවා. භගවා සම්මුතිදෙවෙ අධිදෙවාති{1} අභිඤ්ඤාය උප්පත්තිදෙවෙ අධිදෙවාති{1}. අභිඤ්ඤාය විසුද්ධිදෙවෙ අධිදෙවාති අභිඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති අධිදෙවෙ අභිඤ්ඤාය.
Sinhala BJTඅධිදෙවෙ අභිඤ්ඤා - ‘දේව’ යනු: දෙවියෝ තිදෙනෙකි. සම්මුති දේව යැ උත්පත්ති දේව යැ විශුද්ධි දේව යැ යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජවරු ද රාජකුමාරයෝ ද දෙවීහි ද ‘සම්මුති දේවහ’යි කියනු ලැබෙති. මොහු සම්මුති දේවහ යි කියනු ලැබෙත්. උත්පත්ති දේවයෝ කවරහ යත්: සිව්මහරද වැසි දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද ... බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මත්තෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙති. මොහු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙත්. විශුද්ධිදේවයෝ කවරහ යත්: තථාගතයෝ ද තථාගත ශ්‍රාවකයෝ ද ක්ෂිණාශ්‍රව රහත්හු ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු දු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙති. මොහු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙත්. බුදුහු සම්මුති දෙවියනට අධිදේවහ’යි දැන උත්පත්ති දෙවියනට අධිදේවහ’යි දැන විශුද්ධි දෙවියනට අධිදේවහ’යි දැන, දැන ගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත (ප්‍රකට) කොට නුයි ‘අධි දෙවෙ අභිඤ්ඤාය’ යනු වේ.
Pali BJTසබ්බං වෙදි පරොපරන්ති: භගවා අත්තනො ච පරෙසං ච අධිදෙවකරෙ ධම්මෙ වෙදි අඤ්ඤාසි අපස්සි{2}. පටිවිජ්ඣ. කතමෙ අත්තනො අධිදෙවකරා ධම්මා: සම්මාපටිපදා අනුලොමපටිපදා අපච්චනීකපටිපදා අන්වත්ථපටිපදා ධම්මානුධම්මපටිපදා සීලෙසු පරිපුරිකාරිතා ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා භොජනෙ මත්තඤ්ඤුතා ජාගරියානුයොගො සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඉමෙ වුච්චන්ති අත්තනො අධිදෙවකරා ධම්මා. කතමෙ පරෙසං අධිදෙවකරා ධම්මා: සම්මාපටිපදා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඉමෙ වුච්චන්ති පරෙසං අධිදෙවකරා ධම්මා. එවං භගවා අත්තනො ච පරෙසං ච අධිදෙවකරෙ ධම්මෙ වෙදි අඤ්ඤාසි. අපස්සි{2} පටිවිජ්ඣීති ‘සබ්බං වෙදි පරොපරං’.
Sinhala BJTසබ්බං වෙදි පරොපරං යනු: බුදුහු තමාගේ ද මෙරමා ගේ ද අධිදෙව කරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්‍රතිවේධ කළහ. තමහට අධිදෙව කර ධර්‍මයෝ කවරහ යත්: ප්‍රශස්ත ප්‍රතිපදා යැ අවිරුද්ධ ප්‍රතිපදා යැ අප්‍රත්‍යනීක ප්‍රතිපදා යැ අර්ථානුගතප්‍රතිපදා යැ ධර්‍මානුධර්‍ම ප්‍රතිපදා යැ ශීලයෙහි සපුරා කරන බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව යැ වැළඳීමෙහි පමණ දන්නා බව යැ නිදිවැරීමෙහි යෙදීම යැ ස්මෘති සම්ප්‍රජන්‍ය යැ සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය යැ යන මොහු ‘තමහට අධිදෙවකර ධර්‍මහ’යි කියනු ලැබෙත්. මෙරමාහට අධිදෙවකර ධර්‍මයෝ කවරහ යත්: ප්‍රශස්ත ප්‍රතිපදා යැ ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය යැ යන මොහු ‘මෙරමාහට අධිදෙවකර ධර්‍මහ’යි කියනු ලැබෙත්. මෙසෙයින් බුදුහු තමහට ද ‘මෙරමා හට අධිදේවකරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්‍රතිවේධ කළාහු නුයි ‘සබ්බං වෙදි පරොපරං’ යනු වේ.
Pali BJTපඤ්හානන්තකරො සත්ථාති: භගවා පාරායනිකපඤ්හානං අන්තකරො පරියන්තකරො පරිච්ඡෙදකරො පරිවටුමකරො. සභියපඤ්හානං අන්තංකරො පරියන්තකරො, පරිච්ඡෙදකරො පරිවටුමකරො සක්කපඤ්හානං සුයාමපඤ්හානං භික්ඛුපඤ්හානං භික්ඛුනී පඤ්හානං උපාසකපඤ්හානං උපාසිකාපඤ්හානං රාජපඤ්හානං ඛත්තියපඤ්හානං බ්රාහ්මණ-වෙස්ස- සුද්දපඤ්හානං දෙව පඤ්හානං බ්රහ්මපඤ්හානං අන්තකරො පරියන්තකරො පරිච්ඡෙදකරො පරිවටුමකරොති පඤ්හානන්තකරො. සත්ථාති: භගවා සත්ථවාහො යථා සත්ථවාහො සත්ථෙ{1}. කන්තාරං තාරෙති, චොරකන්තාරං තාරෙති, වාළකන්තාරං තාරෙති, දුබ්භික්ඛකන්තාරං තාරෙති, නිරුදකකන්තාරං තාරෙති, උත්තාරෙති නිත්තාරෙති පතාරෙති ඛෙමන්තභූමිං{2} සංපාපෙති. එවමෙව භගවා සත්ථවාහො සත්තෙ කන්තාරං තාරෙති ජාතිකන්තාරං තාරෙති, ජරා-ව්යාධි-මරණ-සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසකන්තාරං තාරෙති, රාගකන්තාරං තාරෙති, දොස-මොහ -මාන-දිට්ඨි-කිලෙස-දුච්චරිතකන්තාරං තාරෙති, රාගගහනං තාරෙති, දොසගහනං-මොහගහනං-දිට්ඨි-කිලෙස-දුච්චරිතගහනං තාරෙති උත්තාරෙති නිත්තාරෙති පතාරෙති ඛෙමන්තභූමිං අමතං නිබ්බානං සම්පාපෙතීති එවම්පි භගවා සත්ථවාහො,
Sinhala BJTපඤ්හානන්තකරො සත්‍ථා යනු: බුදුහු පාරායනිය බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නයන් අවසාන කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් (නිගමන) කරනුවහ. සභිය ප්‍රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ. ශක්‍ර ප්‍රශ්නයන් සුයාම ප්‍රශ්නයන් මහණුන්ගේ ප්‍රශ්නයන් මෙහෙණන්ගේ ප්‍රශ්නයන් උවසුවන්ගේ ප්‍රශ්නයන් උවැසියන්ගේ ප්‍රශ්නයන් රජුන්ගේ ප්‍රශ්නයන් ක්‍ෂත්‍රියයන්ගේ ප්‍රශ්නයන් බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නයන් වෛශ්‍යයන්ගේ ප්‍රශ්නයන් ශුද්‍රයන්ගේ ප්‍රශ්නයන් දෙවියන්ගේ ප්‍රශ්නයන් බඹුන්ගේ ප්‍රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ නුයි පඤ්හානන්තකරො’ යනු වේ. සත්‍ථා යනු: බුදුහු සාර්ථවාහයහ: යම්සේ සාත්තුනායක ගැල්සාත්තු කාන්තාරය තරණය කරවා ද, සොර කතර තරවා ද, වල් කතර තරවා ද, දුබික්කතර තරවා ද, මරු කතර තරවා ද, උත්තරණ නිස්තරණ ප්‍රතරණ කරවා ද, ක්ෂේමභූමියට මැනැවින් පමුණුවා ද, එසෙයින් මැ බුදුහු සාත්තුනායක වූවාහු සත්ත්‍වයන් කතර තරවති: ජාතිකාන්තාරය තරණය කරවති. ජරා-ව්‍යාධි-මරණ-ශෝක-පරිදේව- දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාස කාන්තාරය තරණය කරවති, රාග- කාන්තාරය තරණය කරවති, ද්වේෂ-මෝහ-මාන-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිත කාන්තාරය තරණය කරවති, රාගගහනය තරණය කරවති, ද්වේෂගහනය- මොහගහනය-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිතගහනය තරණය කරවති, උත්තරණ නිස්තරණ ප්‍රතරණ කරවති, ක්ෂේමභූමි වූ අමාමහනිවනට පමුණුවා නුයි මෙසේ ත් බුදුහු සාර්ත්ථවාහ වෙති.
Pali BJTඅථවා භගවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා{3} පසාදෙතාති එවම්පි භගවා සත්ථවාහො. අථවා භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා ච පනස්ස{4} එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාති එවම්පි භගවා සත්ථවාහොති.
Sinhala BJTනොහොත් බුදුහු (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනේතෘ වූහ (සැක සිඳඅර්ථය) පනවනුවහ නිශ්චය කරනුවහ (පිළිවෙත් දක්වනුවහ ප්‍රතිපත්ති ඵලයෙන් පහදනුවහු නුයි මෙසේත් බුදුහු සාර්‍ත්‍ථවාහ වෙති. නො හොත් බුදුහු (ස්වසන්තානයෙහි) නූපන් මාර්‍ගය උපදවනුහ (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය දනවනුවහ. ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුවහ. මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ මාර්‍ගයෙහි විචක්‍ෂණයහ ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ග හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයන්) පසු පසැ යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු සාර්ත්ථවාහ නම් වෙත්.
Pali BJTකඞ්ඛීනං පටිජානතන්ති: සකඞ්ඛා ආගන්ත්වා නික්කඞ්ඛා{5} සම්පජ්ජන්ති සලෙඛා{6} ආගන්ත්වා නිල්ලෙඛා සම්පජ්ජන්ති සද්වෙළ්හකා ආගන්ත්වා නිද්වෙළ්හකා සම්පජ්ජන්ති සවිචිකිච්ඡා ආගන්ත්වා නිබ්බිචිකිච්ඡා සම්පජ්ජන්ති සරාගා ආගන්ත්වා වීතරාගා සම්පජ්ජන්ති සදොසා ආගන්ත්වා වීතදොසා සම්පජ්ජන්ති සමොහා ආගන්ත්වා වීතමොහා සම්පජ්ජන්ති සකිලෙසා ආගන්ත්වා නික්කිලෙසා සම්පජ්ජන්තීති ‘කඞ්ඛීනං පටිජානතං’
Sinhala BJTකඞ්ඛීනං පටිජානතං - සශංක වැ අවුත් නිශ්ශංකයෝ වෙති සලෙඛ (විචිකිත්සායෙන් රෙඛිත මනස ඇති) වැ අවුත් නිල්ලෙඛයෝ වෙති ද්වේළ්හක (අනෛකාන්තග්‍රාහ) සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් විචිකිත්සා රහිතයෝ වෙති සරාග වැ අවුත් වීතරාගයෝ වෙති සදෝස වැ අවුත් වීතදොසයෝ වෙති සමෝහ වැ අවුත් වීතමෝහයෝ වෙති ක්ලේශ සහිත වැ අවුත් ක්ලේශ රහිතයෝ වෙත් නුයි ‘කඞ්ඛීනං පටිජානතං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ: