Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTබ්රහ්මචරියමචරිංසූති ‘බ්රහ්මචරියං’ වුච්චති අසද්ධම්මසමාපත්තියා ආරති විරති පටිවිරති වෙරමණී විරමණා{1} අකිරියා අකරණං අනජ්ඣාපත්ති වෙලාඅනතික්කමො සෙතුඝාතො. අපිච නිප්පරියාය වසෙන බ්රහ්මචරියා වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. බ්රහ්මචරියමචරිංසූති බ්රහ්මචරියං ආචරිංසු{2} සමාදායවත්තිංසූති ‘බ්රහ්මචරිය මචරිංසු.’
Sinhala BJTබ්‍රහ්මචරියමචරිංසු - ‘බ්‍රහ්මචරිය’ යි අසද්ධර්‍ම සමාපත්තියෙන් දුරුවීම වෙන්වීම සර්‍වාකාරයෙන් වෙන්වීම, විරමණභාවය, විරමණය, නො කිරීම, අකරණය, ඊට නො පැමිණීම, මර්‍ය්‍යාදා නො ඉක්මවීම, හේතු නැසීම කියනු ලැබෙයි. තවද නිෂ්පර්‍ය්‍යාය විසින් ‘බ්‍රහ්මචරිය’ යි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය කියනු ලැබෙයි. හේ මෙසේයි: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග් වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යි. බ්‍රහ්මචරියමචරිංසු යනු: බ්‍රහ්මචාර්‍ය්‍යායෙහි හැසුරුණහ වෙසෙසින් හැසුරුණහ මොනොවට ගෙන පැවැත්තාහු නුයි ‘බ්‍රහ්මචරියමචරිංසු’ යනු වේ.
Pali BJTවරපඤ්ඤස්ස සන්තිකෙති: වරපඤ්ඤස්ස අග්ගපඤ්ඤස්ස සෙට්ඨපඤ්ඤස්ස විසෙට්ඨපඤ්ඤස්ස පාමොක්ඛපඤ්ඤස්ස උත්තමපඤ්ඤස්ස පවරපඤ්ඤස්ස. සන්තිකෙති: සන්තිකෙ සාමන්තා ආසන්නෙ අවිදූරෙ උපකට්ඨෙති වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJTවරපඤ්ඤස්ස සන්තිකේ යනු: උතුම් ප්‍රඥා ඇතියහුගේ අග්‍රප්‍රඥා ඇතියහු ගේ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇතියහුගේ ජ්‍යෙෂ්ඨප්‍රඥා ඇතියහු ගේ අධිකප්‍රඥා ඇතිය හුගේ උත්තමප්‍රඥා ඇතියහුගේ ප්‍රවර ප්‍රඥා ඇතියහු ගේ. සන්තිකේ යනු: සමීපයෙහි වෙතැ ආසන්නයෙහි නුදුරෙහි ඉතා ළඟැනුයි ‘වරපඤ්ඤස්ස සන්තිකේ’ යනු වේ.
Pali BJTතෙනෙතං වුච්චති:
Sinhala BJTඑයින් තෙල කියනු ලැබෙයි:
Pali BJT“තෙ තොසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්ච බන්ධුනා බ්රහ්මචරියමචරිංසු වරපඤ්ඤස්ස සන්තිකෙ”ති.
Sinhala BJT“තෙ තොසිතා චක්‍ඛුමතා -පෙ- වරපඤ්ඤස්ස සන්තිකේ” යී.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTඑකමෙකස්සස්ස පඤ්හස්ස යථා බුද්ධෙන දෙසිතං තථා යො පටිපජ්ජෙය්ය ගච්ඡෙ පාරං අපාරතො{3}.
Sinhala BJTඑකෙකි පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙතෙම අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ.
Pali BJTඑකමෙකස්ස පඤ්හස්සාති: එකමෙකස්ස අජිතපඤ්හස්ස, එකමෙකස්ස තිස්සමෙත්තෙය්ය පඤ්හස්ස. එකමෙකස්ස -පෙ- එකමෙකස්ස පිඞ්ගියපඤ්හස්සාති ‘එකමෙකස්ස පඤ්හස්ස’.
Sinhala BJTඑකමෙකස්ස පඤ්හස්ස යනු: එකෙකි අජිත පැනයට එකෙකි තිස්සමෙත්තෙය්‍ය පැනයට ... එකෙකි පිඞ්ගිය පැනයට නුයි ‘එකමෙකස්ස පඤ්හස්ස’ යනු වේ.
Pali BJTයථා බුද්ධෙන දෙසිතන්ති: බුද්ධො’ති යො සො භගවා සයම්භූ -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධො’ති. යථා බුද්ධෙන දෙසිතන්ති: යථා බුද්ධෙන ආචික්ඛිතං දෙසිතං පඤ්ඤපිතං පට්ඨපිතං විවරිතං විභජිතං{4} උත්තානීකතං පකාසිතන්ති යථා බුද්ධෙන දෙසිතං.
Sinhala BJTයථා බුද්ධෙන දෙසිතං - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වෙත් ද ... මේ ‘බුද්ධ’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියකි. යථා බුද්ධෙන දෙසිතං යනු: යම්සේ බුදුන් විසින් වදාරන ලද ද, දෙසන ලද ද, පනවන ලද ද, තබන ලද ද, විවෘති කරන ලද ද, විභාග කරන ලද ද, පාළ කරන ලද ද, ප්‍රකාශ කරන ලද දැයි ‘යථා බුද්ධෙන දෙසිතං’ යනු වේ.
Pali BJTතථා යො පටිපජ්ජෙය්යාති: සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජෙය්යාති තථා යො පටිපජ්ජෙය්ය.
Sinhala BJTතථා යො පටිපජ්ජෙය්‍ය යනු: සම්‍යක් ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අන්‍වර්ථ ප්‍රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව පිළිපදනේ නම් නුයි ‘තථා යො පටිපජ්ජෙය්‍ය’ යනු වේ.
Pali BJTගච්ඡෙ පාරං අපාරතොති: පාරං වුච්චති අමතං -පෙ- නිරොධො නිබ්බානං. ‘අපාරං’ වුච්චති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. ගච්ඡෙ පාරං අපාරතොති: අපාරතො පාරං ගච්ඡෙය්ය පාරං අධිගච්ඡෙය්ය පාරං ඵස්සෙය්ය පාරං සච්ඡිකරෙය්යාති ‘ගච්ඡෙ පාරං අපාරතො.’
Sinhala BJTගචෙඡ පාරං අපාරතො - ‘පාර’ යී අමාමහනිවන කියනු ලැබෙයි: ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ගච්ඡෙ පාරං අපාරතො යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්‍ශ කරන්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේනුයි ‘ගච්ඡෙ පාරං අපාරතො’ යනු වේ.
Pali BJTතෙනෙතං වුච්චති:
Sinhala BJTඑයින් තෙල කියනු ලැබෙයි:
Pali BJT“එකමෙකස්ස පඤ්හස්ස යථා බුද්ධෙන දෙසිතං යථා යො පටිපජ්ජෙය්ය ගච්ඡෙ පාරං අපාරතො”ති.
Sinhala BJT“එකමෙකස්ස පඤ්හස්ස -පෙ- ගච්ඡෙ පාරං අපාරතො”යී.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTඅපාරා පරං ගච්ඡෙය්ය භාවෙන්තො මග්ගමුත්තමං මග්ගො සො පාරං ගමනාය තස්මා පාරායනං ඉති
Sinhala BJTඋතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ පාරගමනයට හේ මාර්‍ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
Pali BJTඅපාරා පාරං ගච්ඡෙය්යාති: ‘අපාරං’ වුච්චති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච ‘පාරං’ වුච්චති. අමතං නිබ්බානං -පෙ- තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අපාරා පාරං ගච්ඡෙය්යාති: අපාරා පාරං ගච්ඡෙය්ය, පාරං අධිගච්ඡෙය්ය, පාරං ඵස්සෙය්ය, පාරං සච්ඡිකරෙය්යාති ‘අපාරා පාරං ගච්ඡෙය්ය.’
Sinhala BJTඅපාරා පාරං ගච්ඡෙය්‍ය - ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අපාරා පාරං ගච්ඡෙය්‍ය යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය පහස්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නුයි ‘අපාරා පාරං ගච්ඡෙය්‍ය’ යනු වේ.
Pali BJTභාවෙන්තො මග්ගමුත්තමන්ති: ‘මග්ගමුත්තමං’ වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. මග්ගමුත්තමන්ති: මග්ගං අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං. භාවෙන්තොති: භාවෙන්තො ආසෙවන්තො බහුලීකරොන්තොති ‘භාවෙන්තො මග්ගමුත්තමං’.
Sinhala BJTභාවෙන්තොමග්ගමුත්තමං - ‘මග්ගමුත්තමං’ (උත්තමමාර්ග) යි ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය කියනු ලැබෙයි. හෙ මෙසේයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යි. මග්ගමුත්තමං යනු: අග්‍ර මාර්‍ග යැ ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර මාර්‍ගය. භාවෙන්තො යනු: වඩනුයේ සෙවුනේ බහුල කරනුයේ නුයි ‘භාවෙන්තො මග්ගමුත්තමං’ යනු වේ.
Pali BJTමග්ගො සො පාරං ගමනායාති.
Sinhala BJTමග්ගෝ සො පාරං ගමනාය යනු:
Pali BJT1. මග්ගො පත්ථො පථො පජ්ජො{1} අඤ්ජසං වටුමායනං නාවා උත්තරසෙතු ච කුල්ලො ච භිසි සඞ්කමො.{2}
Sinhala BJT1. මග්ග යැ පන්‍ථක යැ පථ යැ පජ්ජ යැ අඤජසය යැ වටුම යැ අයන යැ නාවා යැ උත්තරසෙතු යැ කුල්ල යැ හිසි යැ සඞ්කම යි.
Pali BJTපාරං ගමනායාති: පාරං ගමනාය පාරං සම්පාපනාය පාරං සමනුපාපනාය ජරාමරණස්ස තරණායාති ‘මග්ගො සො පාරං ගමනාය. ‘
Sinhala BJTපාරං ගමනාය යනු: පරායට යනු පිණිස පරායට පැමිණෙනු පිණිස පරායට මැනැවින් පැමිණෙනු පිණිස ජරාමරණයාගේ තරණය පිණිස නුයි ‘මග්ගෝ සො පාරං ගමනාය’ යනු වේ.
Pali BJTතස්මා පාරායනං ඉතීති: ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා. ‘පාරං’ වුච්චති අමතං නිබ්බානං -පෙ- නිරොධො නිබ්බානං. ‘අයනං’ වුච්චති මග්ගො, ඉතී ති පදසන්ධි -පෙ- පදානුපුබ්බතාපෙතං ඉතී’ති. ‘තස්මා පාරායනං ‘ඉති’.
Sinhala BJTතස්මා පාරායනං ඉති - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තත්නිදානයෙන්. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්‍ගය කියනු ලැබෙයි. ඉති යනු: පද සන්‍ධි යැ .. තෙල ‘ඉති’ යනු පදානුපූර්‍වතා නුයි ‘තස්මා පාරායනං ඉති’ යනු වේ.
Pali BJTතෙනෙතං වුච්චති:
Sinhala BJTඑයින් තෙල කියනු ලැබෙයි:
Pali BJT“අපාරා පාරං ගච්ඡෙය්ය භාවෙන්තො මග්ගමුත්තමං මග්ගො සො පාරං ගමනාය තස්මා පරායනං ඉතීති.
Sinhala BJT“අපාරා පාරං ගච්ඡෙය්‍ය -පෙ- තස්මා පාරායනං ඉති” යි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTපාරායනමනුගායිස්සං (ඉච්චායස්මා පිඞ්ගියො) (යථා අද්දක්ඛි තථා අක්ඛාසි) විමලො භූරි මෙධසො නික්කාමො නිබ්බනො නාගො කිස්ස හෙතු මුසා භණෙ.
Sinhala BJTආයුෂ්මත් පිඞ්ගිය (බාවරීහට) මෙසේ පැවැසී: පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වු විපුල ප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
Pali BJTපාරායනමනුගායිස්සන්ති: ගීතමනුගායිස්සං කථිතමනුකථයිස්සං,{1} භණිතමනුභණිස්සං, ලපිතමනුලපිස්සං, භාසිතමනුභාසිස්සන්ති ‘පාරායනමනුගායිස්සං’.
Sinhala BJTපාරායනමනුගායිස්සං යනු: ගීතය අනුව ගයනෙම් කථිතය අනුව කියනෙම් භණිතය අනුව බණනෙම් ලපිතය අනුව තෙපලනෙම් භාෂිතය අනුව භාෂණය කරනෙම් නුයි ‘පාරායනමනුගායිස්සං’ යනු වේ.
Pali BJTඉච්චායස්මා පිඞ්ගියොති ‘ඉච්චා’ ති පදසන්ධි -පෙ- පදානුපුබ්බතාපෙතං ‘ඉච්චාති’. ආයස්මාති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං ‘ආයස්මා’ති. පිඞ්ගියොති: තස්ස ථෙරස්ස නාමං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපොති ‘ඉච්චායස්මා පිඞ්ගියො’.
Sinhala BJTඉච්චායස්මා පිඞ්ගියො - ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ ... තෙල ‘ඉච්චා’ යනු: පදානුපූර්‍වතා ද වෙයි. ආයස්මා යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රය නමෙකි. පිඞ්ගියො යනු: ඒ තෙරුන්ගේ නාම යැ සඞ්ඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නුයි ‘ඉච්චායස්මා පිඞ්ගියො’ යනු වේ.
Pali BJTයථා අද්දක්ඛි තථා අක්ඛාසීති: යථා අද්දක්ඛි තථා අක්ඛාසි, ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසි. ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යථා අද්දක්ඛි තථා අක්ඛාසි ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානී අකාසි පකාසෙසි. ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති යථා අද්දක්ඛි තථා අක්ඛාසි, ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති ‘යථා අද්දක්ඛි තථා අක්ඛාසි’.
Sinhala BJTයථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු: දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්හ’යි ... ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇත් නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු වේ.
Pali BJTවිමලො භූරි මෙධසොති: ‘විමලො’ති රාගො මලං, දොසො මලං, මොහො මලං, කොධො-උපනාහො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා මලා, තෙ මලා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අචලො{3}. විමලො, නිම්මලො, මලාපගතො, මලවිප්පහීනො මලවිප්පමුත්තො{4}. සබ්බමලවීතිවත්තො. ‘භූරි’ වුච්චති පඨවී{5}. භගවා තාය{6}. පඨවිසමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතො. ‘මෙධා’ වුච්චති පඤ්ඤා, “යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි.” භගවා ඉමාය මෙධාය පඤ්ඤාය උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උප්පන්නො සම්පන්නො{7} සමන්නාගතො තස්මා බුද්ධො සුමෙධසොති ‘විමලො භූරි මෙධසො.’
Sinhala BJTවිමලො භූරි මෙධසො - ‘විමලො’ යනු: රාගය මලයෙක ද්වේෂය මලයෙක මෝහය මලයෙක ක්‍රෝධය - උපනාහය ... හැම අකුශලාභිසංස්කාරයෝ මලයෝ යි. ඒ මලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ මුලසුන් කරනලදහ මුල්උදුළ තල්වත්තක් සෙයින් කරන ලදහ අනුඅභාවය කරන ලදහ (එහෙයින්) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අමලයහ, විමලයහ, නිර්‍මලයහ, කස වූ මල ඇතියහ, වෙසෙසින් ප්‍රහීණ වූ මල ඇතියහ, මලයෙන් විප්‍රමුක්තයහ, හැම ක්ලේශ මලයන් ඉක්ම වූහ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි, බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මේධා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘විමලො භූරි මෙධසො’ යනු වේ.
Pali BJTනික්කාමො නිබ්බනො නාගොති: ‘කාමා’ති: උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච. -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා. -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. බුද්ධස්ස භගවතො වත්ථුකාමා පරිඤ්ඤාතා කිලෙසකාමා පහීනා, වත්ථුකාමානං පරිඤ්ඤාතත්තා කිලෙසකාමානං පහීනත්තා භගවා න කාමෙ කාමෙති න කාමෙ ඉච්ඡති න කාමෙ පත්ථෙති න කාමෙ පිහෙති න කාමෙ අභිජප්පෙති. යෙ කාමෙ කාමෙන්ති, කාමෙ ඉච්ඡන්ති, කාමෙ පත්ථෙන්ති, කාමෙ පිහෙන්ති, කාමෙ අභිජප්පෙන්ති, තෙ කාමකාමිනො රාගරාගිනො සඤ්ඤසඤ්ඤිනො. භගවා න කාමෙ කාමෙති න කාමෙ ඉච්ඡති, න කාමෙ පත්ථෙති, න කාමෙ පිහෙති, න කාමෙ අභිජප්පෙති, තස්මා බුද්ධො අකාමො නික්කාමො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො, වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො, නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ‘නික්කාමො’. නිබ්බනොති: රාගො වනං, දොසො වනං, මොහො වනං, කොධො වනං, උපනාහො වනං -පෙ- සබ්බාකුසලාභිසංඛාරා වනා, තෙ වනා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අවනො විවනො නිබ්බනො වනාපගතො වනවිප්පහීනො වනවිප්පමුත්තො{1} සබ්බවනවීතිවත්තොති ‘නිබ්බනො’. නාගොති: නාගො භගවා, ආගුං නකරොතීති නාගො, න ගච්ඡතීති නාගො, න ආගච්ඡතීති නාගො -පෙ- එවං භගවා න ආගච්ඡතීති නාගොති’ නික්කාමො නිබ්බනො නාගො.
Sinhala BJTනික්කාමො නිබ්බනො නාගො - ‘කාමා’ යනු: විස්තර විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාම දෙකෙකි. ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති. ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භාග්‍යවත් බුදුන් විසින් වස්තුකාමයෝ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දන්නා ලදහ ක්ලේශකාමයෝ ප්‍රහාණය කරන ලදහ වස්තුකාමයන් පරිඥාත වන බැවින් ක්ලේශකාමයන් ප්‍රහීණ වන බැවින් බුදුහු කාමයන් නො කැමැති වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, කාමයන් පිහායන (මැනැවින් පැතීම) නො කෙරෙති, කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. යම් කෙනෙක් කාමයන් කැමැති වෙත් ද කාමයන් ඊප්සාකෙරෙත් ද කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කාමයන් පිහායන කෙරෙත් ද කාමයන් උදෙසා වාග්භේද කෙරෙත් ද, ඔහු කාමකාමීහු රාගරාගීහු සංඥාසංඥීහු වෙති. බුදුහු කාමයන් කැමැති නො වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන්ප්‍රාර්‍ථනා නොකෙරෙති කාමයන් පිහායන නො කෙරෙති කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. එයින් බුදුහු අකාමයහ, නිෂ්කාමයහ, ත්‍යක්තකාමයහ, වාන්තකාමයහ, මුක්තකාමයහ, ප්‍රහීණකාමයහ, ප්‍රතිනිඍෂ්ටකාම (බැහැර කළ කාම ඇති) යහ, වීතරාගයහ, විගතරාගයහ, ත්‍යක්තරාගයහ, වාන්තරාගයහ, මුක්තරාගයහ, ප්‍රහීණරාගයහ ප්‍රතිනිඍෂ්ටරාගයහ, තෘෂ්ණා රහිතයහ, නිවියාහ, සිහිල් වූහ, කායික චෛතසික සුව විඳින්නාහු උතුම් පියවි ඇති සිතින් යුතු වැ වාසය කෙරෙත් නුයි ‘නික්කාමො’ යනු වේ. නිබ්බනො යනු: රාගය (වන සදෘශ වන බැවින) වන යැ, ද්වේෂය වන යැ, මෝහය වන යැ, ක්‍රෝධය වන යැ, බද්ධවෛරය වන යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ වනයෝ යි. ඒ වනයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු වන රහිතයහ පහවූ වන ඇතියහ නිර්වණයහ වනයෙන් පහවූහ වන විප්‍රහීණයහ වන විප්‍රමුක්තයහ හැම වනයන් ඉක්මවූහ නුයි නිබ්බනො යනු වේ. නාගො යනු: බුදුහු නාගයහ පව් නො කෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො එත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු නොඑත් නුයි නාගයහ’යි ‘නික්කාමො නිබ්බනො නාගො’ යනු වේ.
Pali BJTකිස්ස හෙතු මුසා භණෙති: ‘කිස්සහෙතූ’ති කිස්ස හෙතු, කිංහෙතු, කිංකාරණා කිංනිදානා, කිංපච්චයාති ‘කිස්ස හෙතු. මුසාභණෙති මුසා භණෙය්ය, කථෙය්ය දීපෙය්ය වොහරෙය්ය. මුසා භණෙති: මොසවජ්ජං භණෙය්ය මුසාවාදං භණෙය්ය, අනරියවාදං භණෙය්ය, ඉධෙකච්චො සභග්ගතො{2}වා පරිසගතො{3} වා ඤාතිමජ්ඣගතො වා පූගමජ්ඣගතො වා රාජකුලමජ්ඣගතො වා අභිනීතො සක්ඛිපුට්ඨො එහමෙහා පුරිස, යං ජානාසි තං වදෙහී’ති සො අජානං වා ආහ ‘ජානාමී’ති, ජානං වා ආහ ‘න ජානාමීති, අපස්සං වා ආහ ‘පස්සාමී’ති, පස්සං වා ආහ ‘න පස්සාමී’ති. ඉති අත්තහෙතු වා පරහෙතු වා ආමිසකිඤ්චික්ඛහෙතු වා සම්පජානමුසා භාසති,{a} ඉදං වුච්චති මොසවජ්ජං,
Sinhala BJTකිස්ස හේතු මුසා භණෙ - ‘කිස්ස හේතු’ යනු: කවර හෙයින් කුමක් හෙයින් කවර කරුණින් කුමක් නිදානකොට කුමක් ප්‍රත්‍යය කොට නුයි ‘කිස්ස හේතු’ යනු වේ. මුසා භණෙ යනු: මුසවා බෙණෙන්නේ ද කියන්නේ ද පවසන්නේ ද වහරන්නේ ද, මුසා භණෙ යනු: මුසාබස් බෙණෙන්නේ ද මුසවා බෙණෙන්නේ ද අනාර්‍ය්‍යවචන බෙණෙන්නේ ද “මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම්සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ සාක්ෂියට කැඳවන ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි සාක්‍ෂි අසන ලදුයේ හෝ නො දන්නේ මැ ‘දනිමී’ කියයි, දන්නේ මැ ‘නො දනිමී’ කියයි, නො දක්නේ මැ ‘දක්මී කියයි, දක්නේ මැ ‘නො දක්මී’ කියයි. මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳවූ අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබෙයි.
Pali BJTඅපිච තීහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති මුසා භණිස්සන්ති භණන්තස්ස හොති ‘මුසාභණාමීති භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති: ඉමෙහි තීහාකාරෙහි මුසාවාදො හොති. අපිච චතූහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසාභණිස්ස’න්ති භණන්තස්ස හොති ‘මුසා භණාමී’ති භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති විනිධාය දිට්ඨිං. ඉමෙහි චතූහාකාරෙහි මුසාවාදො හොති.
Sinhala BJTතවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට බොරුවක් කියන්නෙමී සිත වෙයි, කියන්නාහට මුසවා බෙණෙමී සිත වෙයි, කීවහුට මුසවා මා විසින් කියනලදැ’යි සිත වෙයි. මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට මුසවා බණන්නෙමී සිත වෙයි, කියන්නාහට මුසවා බෙණෙමී සිත වෙයි, කීවහුට මුසවා මා විසින් කියන ලදැ’යි සිත වෙයි, ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ.
Pali BJTඅපිච පඤ්චහාකාරෙහි-ඡහාකාරෙහි-සත්තහාකාරෙහි-අට්ඨහාකාරෙහි මුසාවාදො හොති: පුබ්බෙවස්ස හොති ‘මුසා භණිස්සන්ති භණන්තස්ස හොති: ‘මුසා භණාමී’ති භණිතස්ස හොති ‘මුසා මයා භණිත’න්ති, විනිධාය දිට්ඨිං විනිධාය ඛන්තිං විනිධාය රුචිං විනිධාය සඤ්ඤං විනිධාය භාවං. ඉමෙහි අට්ඨහාකාරෙහි මුසාවාදො හොති කිස්ස හෙතු මුසා භණෙති කිස්ස හෙතු මුසා භණෙය්ය කථෙය්ය දීපෙය්ය වොහරෙය්යාති ‘කිස්ස හෙතු මුසා භණෙ’:
Sinhala BJTතවද පස් අයුරෙකින් - සය - අයුරෙකින් - සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට මුසවා බණන්නෙමී සිත වෙයි, බණන්නහුට මුසවා බෙණෙමී සිත වෙයි, බිණුවහුට මුසවා මා විසින් බණන ලදැ’යි සිත වෙයි, ලබ්ධිය සඟවා කියයි, කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. කිස්ස හේතු මුසා භණෙ යනු: කුමක් හෙයින් මුසවා බණන්නේ ද කියන්නේ ද දක්වන්නේ ද වහරන්නේ ද’ යී ‘කිස්ස හේතු මුසා භණෙ’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJTපාරායනමනුගායිස්සං (ඉච්චායස්මා පිඞ්ගියො) (යථා අද්දක්ඛි තථා අක්ඛාසි) විමලො භූරි මෙධසො නික්කාමො නිබ්බනො නාගො කිස්ස හෙතු මුසා භණෙ”ති.
Sinhala BJT“පාරායනමනුගායිස්සං -පෙ- කිස්ස හේතු මුසා භණෙ” යී.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTපහීනමලමොහස්ස මානමක්ඛප්පහායිනො හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණුපසංහිතං.
Sinhala BJTප්‍රහීණ වූ මල හා මොහොය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේගේ ගුණෝපසංහිත වූ වචනය මම් එකත්නෙන් කිර්තනය කරනෙම්.
Pali BJTපහීනමලමොහස්සාති ‘මල’න්ති: රාගො මලං, දොසො මලං, මොහො මලං, මානො මලං, දිට්ඨි මලං, කිලෙසො මලං, සබ්බදුච්චරිතං මලං, සබ්බභවගාමීකම්මං මලං, මොහොති, “යං දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති මොහො. මලඤ්ච මොහො ච බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො පහීනමලමොහොති ‘පහීනමල මොහස්ස’.
Sinhala BJTපහීනමලමොහස්ස - ‘මලං’ යනු: රාගය මල යැ, ද්වේෂය මල යැ, මෝහය මල යැ, මානය මල යැ, දෘෂ්ටිය මල යැ, ක්ලේශය මල යැ, හැම දුශ්චරිතය මල යැ, හැම භවගාමී කර්‍මය මල යි. මොහො යනු: යම් දුකෙහි නො දැන්මෙක් ... අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් වේ ද මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මලය ද මෝහය ද භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනු අභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු ප්‍රහීණ මලමොහ ඇත්තාහු නුයි ‘පහීනමලමොහස්ස’ යනු වේ.
Pali BJTමානමක්ඛප්පහායිනොති ‘මානො’ති එකවිධෙන මානො: යා චිත්තස්ස උන්නති.
Sinhala BJTමානමක්ඛප්පහායිනො - ‘මානො’ යනු: එක් අයුරෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියෙක් වේ ද එය යි.
Pali BJTදුවිධෙන මානො: අත්තුක්කංසනමානො පරවම්භනමානො.
Sinhala BJTදෙ අයුරෙකින් මානය වෙයි: ආත්මොත්කර්ෂණමාන යැ, පරවම්භන මාන යයි.
Pali BJTතිවිධෙන මානො: ‘සෙය්යොහමස්මී’ති මානො, සදිසො හමස්මී’ති මානො, ‘හීනො හමස්මී’ති මානො.
Sinhala BJTතුන් අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයෙමී’ මාන යයි.
Pali BJTචතුබ්බිධෙන මානො: ලාභෙන මානං ජනෙති, යසෙන මානං ජනෙති පසංසාය මානං ජනෙති, සුඛෙන මානං ජනෙති.
Sinhala BJTසතර අයුරෙකින් මානය වෙයි: ලාභ හෙයින් මානය උපදවයි, යශස් හෙයින් මානය උපදවයි, ප්‍රශංසා හෙයින් මානය උපදවයි, සුඛ හෙයින් මානය උපදවයි.
Pali BJTපඤ්චවිධෙන මානො: ලාභීම්හි{1} මනාපිකානං රූපානන්ති මානං ජනෙති, ලාභීම්හි මනාපිකානං සද්දානං-ගන්ධානං-රසානං-ඵොට්ඨබ්බානන්ති. මානං ජනෙති.
Sinhala BJTපස් අයුරෙකින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි. ‘මනවඩන ශබ්දයන්-ගන්‍ධයන්-රසයන්_ ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි.
Pali BJTඡබ්බිධෙන මානො: චක්ඛුසම්පදාය මානං ජනෙති, සොතසම්පදාය-ඝානසම්පදාය -ජිව්හාසම්පදාය-කායසම්පදාය-මනොසම්පදාය මානං ජනෙති.
Sinhala BJTස අයුරෙකින් මානය වෙයි: චක්ෂූස්සම්පත් හෙයින් මානය උපදවයි, ශ්‍රෝත සම්පත් හෙයින් - ඝ්‍රාණ සම්පත් හෙයින් - ජිහ්වාසම්පත් හෙයින් - කායසම්පත් හෙයින් - මනස්සම්පත් හෙයින් මානය උපදවයි.
Pali BJTසත්තවිධෙන මානො: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස්මිමානො මිච්ඡාමානො.
Sinhala BJTසත් අයුරෙකින් මානය වෙයි: මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ අධිමාන යැ අස්මිමාන යැ මිථ්‍යාමාන යැ යි.
Pali BJTඅට්ඨවිධෙන මානො: ලාභෙන මානං ජනෙති, අලාභෙන ඔමානං ජනෙති, යසෙන මානං ජනෙති, අයසෙන ඔමානං ජනෙති, පසංසාය මානං ජනෙති, නින්දාය ඔමානං ජනෙති, සුඛෙන මානං ජනෙති, දුක්ඛෙන ඔමානං ජනෙති.
Sinhala BJTඅට අයුරෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය (හීනමානය) උපදවයි, යසසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්‍දායෙන් අවමානය උපදවයි, සුඛයෙන් මානය උපදවයි, දුඃඛයෙන් අවමානය උපදවයි.
Pali BJTනවවිධෙන මානො: සෙය්යස්ස සෙය්යො හමස්මී’ති මානො, ‘සෙය්යස්ස සදිසොහමස්මී’ති මානො, ‘සෙය්යස්ස හීනොහමස්මීති මානො, ‘සදිසස්ස සෙය්යොහමස්මී’ති මානො, ‘සදිසස්ස සදිසොහමස්මීති මානො, ‘සදිසස්ස හීනොහමස්මී’ති මානො, ‘හීනස්ස සෙය්යොහමස්මී’ති මානො, ‘හීනස්ස සදිසොහමස්මී’ති මානො, ‘හීනස්ස හීනොහමස්මී’ති මානො.{2}
Sinhala BJTනව අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට හීනයෙමී’ මාන යැ යි.
Pali BJTදසවිධෙන මානො: ඉධෙකච්චො මානං ජනෙති ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා වණ්ණපොක්ඛරතාය වා ධනෙන වා අජ්ඣෙනෙන වා කම්මායතනෙන වා සිප්පායතනෙන වා විජ්ජාට්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනා.
Sinhala BJTදස අයුරෙකින් මානය වෙයි: මෙලොවැ කිසිවෙක් ජාතියෙන් වේවයි ගෝත්‍රයෙන් වේවයි කුලපුත්‍රභාවයෙන් වේවයි වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් වේවයි ධනයෙන් වේවයි අධ්‍යයනයෙන් වේවයි කර්‍මායතනයෙකින් වේවයි ශිල්පායතනයෙකින් වේවයි විද්‍යාවකින් වේවයි ශ්‍රැතයෙන් වේවයි ප්‍රතිභානයෙන් වේවයි එක්තරා වස්තුයෙකින් වේවයි මානය උපදවයි.
Pali BJT‘යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස. අයං වුච්චති මානො.
Sinhala BJTමෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනායෙක් මඤ්ඤනා කළ බවෙක් උන්නතියක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත නඟාගැන්මෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම් මේ ‘මාන’යි කියනු ලැබේ.
Pali BJTමක්ඛොති: ‘යො මක්ඛො මක්ඛායනා මක්ඛායිතත්තං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං අයං වුච්චති මක්ඛො. බුද්ධස්ස භගවතො මානො ච මක්ඛො ච පහීනා, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො මානමක්ඛප්පහායීති ‘මානමක්ඛප්පහායිනො’.
Sinhala BJTමක්ඛො යනු: යම් ගුණ මැකීමෙක් ගුණ මකන අයුරෙක් ගුණ මැකූ බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා කර්‍මයෙක් වේ ද මේ ‘මක්ඛ’ යි කියනු ලැබේ. භාග්‍යවත් බුදුන් විසින් මානය ද මක්ඛය ද ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු මානමක්ඛප්පහායී වෙත් නුයි ‘මානමක්ඛප්පහායිනො’ යනු වේ.
Pali BJTහන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණුපසංහිතන්ති-‘හන්දාහ’න්ති: පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං{1} ‘හන්දාහ’න්ති. කිත්තයිස්සාමි ගිරං වණ්ණුපසංහිතන්ති: වණ්ණෙන උපෙතං සමුපෙතං උපගතං සමුපගතං උප්පන්නං සමුප්පන්නං සමන්නාගතං. වාචං ගිරං බ්යප්පථං උදීරණං කිත්තයිස්සාමි දෙසිස්සාමි{2} පඤ්ඤපෙස්සාමි පට්ඨපෙස්සාමි විවරිස්සාමි විභජිස්සාමි උත්තානීකරිස්සාමි පකාසිස්සාමීති ‘හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණුපසංහිතං.’
Sinhala BJTහන්‍දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං - ‘හන්‍දාහං’ යනු: පදසන්ධි යැ පදසංසර්‍ග යැ පදපූරණ යැ අක්ෂරසමවාය යැ බ්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල ‘හන්‍දාහං’ යනු පදානුපූර්‍වතා ද වෙයි. කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං යනු: ගුණකථනයෙන් යුක්ත වූ සමුපේත වූ එළඹ සිටි මොනොවට එළඹ සිටි (සංයුක්ත වූ) නො වෙන් වූ පරිපූර්‍ණ වූ සමන්‍වාගත වූ වචනය තෙපුල වාක්‍යපථය ප්‍රකාශය කීර්‍තනය කරනෙම් දෙසනෙම් පනවනෙම් පිහිටුවනෙම් විවෘත කරනෙම් විභාග කරනෙම් පාළ කරනෙම් ප්‍රකාශ කරනෙම් නුයි ‘හන්‍දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“පහීන මලමොහස්ස මානමක්ඛප්පහායිනො හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණුපසංහිත”න්ති.
Sinhala BJT“පහීනමලමොහස්ස -පෙ- ගිරං වණ්ණූපසංහිතං” යී.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTතමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො, අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චභයො බ්රහ්මෙ උපාසිතො{3} මෙ.
Sinhala BJTබමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැමභවයන් ඉක්ම වූ ආශ්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රීතයහ.
Pali BJTතමොනුදො බුද්ධො සමන්තචක්ඛූති-‘තමොනුදො’ති: රාගතමං දොසතමං මොහතමං මානතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං{4} අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං නුදි පනුදි පජහි විනොදෙසි බ්යන්තිඅකාසි අනභාවං ගමෙසි. බුද්ධොති “යො සො භගවා -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධොති. ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං -පෙ- තථාගතො තෙන සමන්තචක්ඛූති. ’තමොනුදො බුද්ධො සමන්තචක්ඛු.’
Sinhala BJTතමොනුදො බුද්ධෝ සමන්තචක්‍ඛු - ‘තමොනුදො’ යනු: ප්‍රඥා ලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාපක්ෂයෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ සියලු රාගාන්ධකාරය ද්වේෂාන්ධකාරය මෝහාන්‍ධකාරය මානාන්ධකාරය දෘෂ්ට්‍යන්ධකාරය, ක්ලේශාන්ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ, වෙසෙසින් දුරු කළහ, පරිත්‍යාග කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනුඅභාවයට පැමිණවූහ. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. ‘සමන්තචක්‍ඛු’ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. ... එයින් තථාගතයෝ ‘සමන්තචක්‍ඛු’ නම් වෙත් නුයි ‘තමොනුදො බුද්ධෝ සමන්තචක්‍ඛු’ යනු වේ.
Pali BJTලොකන්තගූ සබ්බභවාතිවත්තොති-‘ලොකො’ති: එකොලොකො: භවලොකො.
Sinhala BJTලොකන්තගූ සබ්බභවාතිවත්තො - ‘ලෝකෝ’ යනු: එක් ලොකයෙක් වෙයි: භවලොකය යි.
Pali BJTද්වෙ ලොකා: භවලොකො ච සම්භවලොකො ච, සම්පත්තිභවලොකො ච සම්පත්තිසම්භවලොකො ච, විපත්තිභවලොකො ච විපත්තිසම්භවලොකො ච.
Sinhala BJTලෝකයෝ දෙදෙනෙක් වෙති: භවලොකය ද සම්භවලොකය දැයි, සම්පත්තිභවලොකය ද සම්පත්තිසම්භවලොකය දැ යි, විපත්තිභවලොකය ද විපත්තිසම්භව ලෝකය දැ යි.
Pali BJTතයො ලොකා: තිස්සො වෙදනා. චත්තාරො ලොකා: චත්තාරො ආහාරා. පඤ්චලොකා: පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ලොකා: ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා: සත්ත විඤ්ඤාණට්ඨිතියො. අට්ඨ ලොකා: අට්ඨ ලොකධම්මා. නවලොකා: නව සත්තාවාසා. දසලොකා: දස ආයතනානි. ද්වාදසලොකා: ද්වාදසායතනානි. අට්ඨාරස ලොකා: අට්ඨාරස ධාතුයො.
Sinhala BJTලෝකයෝ තිදෙනෙක් වෙති: තුන් වේදනා යැ. ලෝකයෝ සතර දෙනෙක් වෙති: සතර ආහාරයෝ යැ. ලෝකයෝ පස් දෙනෙක් වෙති: පඤ්ච උපාදානස්කන්‍ධයෝ යැ. ලෝකයෝ ස දෙනෙක් වෙති: අධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ. සප්තලොකයෝ: සප්තවිඥානස්ථිතිහු යැ. අෂ්ටලොකයෝ: අෂ්ටලොකධර්මයෝ යැ. නවලොකයෝ: නව සත්තාවාසයෝ යැ. දශලොකයෝ: දශ ආයතනයෝ යැ. ද්වාදශලොකයෝ: දොළොස් ආයතනයෝ යැ. අටළොස් ලෝකයෝ: අටළොස් ධාතුහු යි.
Pali BJTලොකන්තගූති: භගවා ලොකස්ස අන්තගතො, අන්තප්පත්තො, කොටිගතො කොටිප්පත්තො, නිබ්බානගතො, නිබ්බානප්පත්තො, සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති ලොකන්තගූ. සබ්බභවාතිවත්තොති ‘භවා’ති ද්වෙ භවා: කම්මභවො ච පටිසන්ධිකො ච පුනබ්භවො. කතමො කම්මභවො: පුඤ්ඤාභිසංඛාරො අපුඤ්ඤාභිසංඛාරො ආනෙඤ්ජාභිසංඛාරො, අයං කම්මභවො. කතමො පටිසන්ධිකො පුනබ්භවො: පටිසන්ධිකා රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං පටිසන්ධිකො පුනබ්භවො. භගවා කම්මභවං ච පටිසන්ධිකං ච පුනබ්භවං අතිවත්තො අතික්කන්තො වීතිවත්තොති ලොකන්තගූ සබ්බභවාති වත්තො.’
Sinhala BJTලොකන්තගූ බුදුහු ලෝකයෙහි අන්තයට ගියහ. අන්තයට පැමිණියහ. කෙළවරට ගියහ කෙළවරට පැමිණියහ. නිවනට ගියහ නිවනට පැමිණියහ. උන් වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ (ශීලයෙහි හා සමාධියෙහි) චීර්ණවශීහ ... ජාතිමරණසංසාරය පුනර්‍භවය උන්වහන්සේට නැත් නුයි ‘ලොකන්තගූ’ යනු වේ. සබ්බභවාතිවත්තො- ‘භවා’ යනු: භවයෝ දෙදෙනෙක් වෙති: කර්‍මභවය ද ප්‍රතිසන්‍ධි ඇති පුනර්‍භවය දැයි. කර්‍මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ අනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්‍මභවය යි. ප්‍රතිසන්ධික පුනර්‍භවය කවරැ යත්: පිළිසඳ ඇති රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ විඥාන යැ යි. මේ ප්‍රතිසන්ධික පුනර්‍භවය යි. බුදුහු කර්‍මභවය ද ප්‍රතිසන්ධිකපුනර්භවය ද ඉක්මවූහ, අතික්‍රමණය කළහ, වෙසෙසින් ඉක්මවූවාහු නුයි ‘ලොකන්තගූ සබ්බභවාතිවත්තො’ යනු වේ.
Pali BJTඅනාසවො සබ්බදුක්ඛප්පහීනොති ‘අනාසවො’ති: චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. තෙ ආසවා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අනාසවො. සබ්බදුක්ඛප්පහීනොති: සබ්බං තස්ස පටිසන්ධිකං ජාතිදුක්ඛං ජරාදුක්ඛං ව්යාධිදුක්ඛං මරණදුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසදුක්ඛං -පෙ- දිට්ඨිබ්යසනං දුක්ඛං පහීනං සමුච්ඡින්නං වූපසන්තං පටිප්පස්සද්ධං අභබ්බුප්පත්තිකං ඤාණග්ගිනා දඩ්ඪං, තස්මා බුද්ධො සබ්බදුක්ඛප්පහීනොති ‘අනාසවො සබ්බදුක්ඛප්පහීනො.’
Sinhala BJTඅනාසවො සබ්බදුක්‍ඛප්පහායිනො - ‘අනාසවො’ යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල් රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ. (එහෙයින් මැ) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අනාස්‍රවයහ. සබ්බදුක්‍ඛප්පහායිනො යනු: උන් වහන්සේ විසින් පිළිසඳ ඇති හැම ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්‍ය උපායාස දුක ... දෘෂ්ටිව්‍යසනයෙන් වන දුක ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ යළි උපදනට නොනිසි යැ නුවණ ගින්නෙන් දවන ලදි. එයින් බුදුහු ‘සබ්බදුක්‍ඛප්පහායී’ වෙත් නුයි ‘අනාසවො සබ්බදුක්‍ඛප්පහායි’ යනු වේ.
Pali BJTසච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙති-‘සච්චව්හයො’ති: සච්චව්හයො සදිසනාමො සදිසව්හයො සච්චසදිසව්හයො, විපස්සී භගවා සිඛී භගවා වෙස්සගූ භගවා කකුසන්ධො භගවා කොණාගමනො භගවා කස්සපො භගවා, තෙ බුද්ධො භගවන්තො සදිසනාමා, සදිසව්හයා, භගවාපි සක්යමුනි තෙසං බුද්ධානං භගවන්තානං සදිසනාමො සදිසව්හයො. තස්මා බුද්ධො සච්චව්හයො. බ්රහ්මෙ උපාසිතො මෙති: සො මයා භගවා ආසිතො උපාසිතො පයුරුපාසිතො පරිපුච්ඡිතො පරිපඤ්හිතොති ‘සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ’.
Sinhala BJTසච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ - ‘සච්චව්හයො’ යනු: සත්‍ය අභිධාන ඇත්තාහු සුදුසු නම් ඇත්තාහු සුදුසු අභිධාන ඇත්තාහු සත්‍ය සදෘශ අභිධාන ඇත්තාහු, විපස්සී නම් බුදුහු සිඛී නම් බුදුහු වෙස්සභූ නම් බුදුහු කකුසඳ නම් බුදුහු කෝණාගමන නම් බුදුහු කාශ්‍යප නම් බුදුහු යන ඒ භාග්‍යවත් බුදුවරු සදෘශ නම් ඇත්තාහු සදෘශ අභිධාන ඇත්තාහු වෙති. භාග්‍යවත් ශාක්‍යමුනිහු ද ඒ භාග්‍යවත් බුදුවරයනට සුදුසු නම් ඇතියහ, සදෘශ අභිධාන ඇතියහ, එයින් බුදුහු ‘සච්චව්හය’ වෙත්. බ්‍රහ්මෙ උපාසිතො මෙ යනු: මා විසින් ඒ බුදුහු ඇසුරු කරන ලදහ උපසාන කරන ලදහ පර්ය්‍යුපසාන කරන ලදහ ගැටපදයෙන් පුළුවුස්නා ලදහ තුලනය කරන ලදහ’යි ‘සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJT“තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො, අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ”ති.
Sinhala BJT“තමොනුදො බුද්ධෝ -පෙ- සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ” යී.
Pali BJT11.
Sinhala BJT11.
Pali BJTද්විජො{1} යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනමා වසෙය්ය, එවම්පහං{2} අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො,{3}
Sinhala BJTයම්සේ පක්‍ෂි මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැර පියා (අනවතප්තාදි) තෙම වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
Pali BJTද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනමාවසෙය්යාති-‘ද්විජො’ වුච්චති පක්ඛි. කිං කාරණා ද්විජො වුච්චති පක්ඛි: ද්වික්ඛත්තුං ජායතීති ද්විජො මාතුකුච්ඡිම්හා ච අණ්ඩ කොසම්හා ච, තංකාරණා ද්විජො වුච්චති පක්ඛීති ද්විජො. යථා කුබ්බනකං පහායාති: යථා ද්විජො කුබ්බනකං රිත්තවනකං පරිත්තකං වනං{4} අප්පඵලං අප්පභක්ඛං අප්පොදකං පහාය ජහිත්වා අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තෙත්වා අඤ්ඤං බහුප්ඵලං බහුභක්ඛං බහුරුක්ඛං බහූදකං මහන්තං කානනං වනසණ්ඩං අධිගච්ඡෙය්ය වින්දෙය්ය පටිලභෙය්ය, තස්මිං ච වනසණ්ඩෙ වාසං කප්පෙය්යාති-දිජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනමාවසෙය්ය’.
Sinhala BJTද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්‍යා - ‘ද්විජ’ යි පක්‍ෂියා කියනු ලැබෙයි. කවර කරුණෙකින් පක්‍ෂියා ‘ද්විජ’ යි කියනු ලැබෙයි යත්: මව් කුසින් ද බිජුවටින් දැයි දෙයළක් උපදී නුයි ද්විජ යැ, එ කරුණින් පක්‍ෂි තෙම ‘ද්විජ’ යි කියනු ලැබේ නුයි ද්විජ යැ. යථා කුබ්බනකං පහාය යනු: යම් සේ පක්‍ෂි තෙම මඳ වූ පල වැළ ඇති මඳ වූ ගොදුරු ඇති මඳ වූ දිය ඇති කුඩා වනය මඳ වූ වනය ස්වල්ප වූ වනය හැර හැරපියා ඉක්මවා මැනැවින් ඉක්මවා වෙසෙසින් ඉක්මවා බොහෝ පලවැළ ඇති බොහෝ අහර ඇති බොහෝ රුක් ඇති බොහෝ ජලය ඇති අන්‍ය මහවනයකට වන ලැහැබකට පැමිණෙන්නේ නම් ලබන්නේ නම් පිළිලබන්නේ නම් එ වනලැහැබ්හි වාසය කරන්නේ නුයි ‘ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්‍යා’ යනු වේ.
Pali BJTඑවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තොති-‘එව’න්ති ඔපම්මසම්පටිපාදනං, අප්පදස්සෙ පහායාති: යො ච බාවරී බ්රාහ්මණො යෙ චඤ්ඤෙ තස්ස ආචරියා බුද්ධං භගවන්තං උපාදාය අප්පදස්සා, පරිත්තදස්සා ථොකදස්සා ඔමකදස්සා ලාමකදස්සා ඡත්තකදස්සා වා{1} තෙ අප්පදස්සෙ පරිත්තදස්සෙ ථොකදස්සෙ ඔමකදස්සෙ ලාමකදස්සෙ ඡත්තකදස්සෙ පහාය පජහිත්වා අතික්කමිත්වා සමතික්කමිත්වා වීතිවත්තෙත්වා බුද්ධං භගවන්තං අප්පමාණදස්සං අග්ගදස්සං සෙට්ඨදස්සං විසෙට්ඨදස්සං පාමොක්ඛදස්සං උත්තමදස්සං පවරදස්සං අසමං අසමසමං අප්පටිසමං අප්පටිභාගං අප්පටිපුග්ගලං දෙවාතිදෙවං නරාසභං පුරිසසීහං පුරිසනාගං පුරිසාජඤ්ඤං පුරිසනිසභං පුරිසධොරය්හං දසබලධාරිං{2} අධිගච්ඡිං වින්දිං පටිලභිං යථා වා හංසො මහන්තං මානසකං වා{3} සරං අනොතත්තං වා දහං මහාසමුද්දං වා අක්ඛොභං අමිතොදකං ජලරාසිං අධිගච්ඡෙය්ය වින්දෙය්ය පටිලභෙය්ය, එවමෙවං බුද්ධං භගවන්තං අක්ඛොභං අමිතතෙජං පභින්නඤාණං විවටචක්ඛුං{4} පඤ්ඤාපභෙදකුසලං අධිගතපටිසම්භිදං චතුවෙසාරජ්ජප්පත්තං සද්ධාධිමුත්තං සෙතපච්චත්තං අද්වයභාණිං තාදිං තථාපටිඤ්ඤං අපරිත්තං මහන්තං ගම්භීරං අප්පමෙය්යංදුප්පරියොගාහංපහූතරතනංසාගරසමං ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතං අතුලං විපුලං අප්පමෙය්යං තං තාදිසං පවදතං මග්ගවාදිනං මෙරුමිව නාගානං ගරුළමිව ද්විජානං සීහමිව මිගානං උදධිමිව අණ්ණවානං{5} අධිගච්ඡිංතං සත්ථාරං ජිනපවරං මහෙසින්ති ‘එවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො’.
Sinhala BJTඑවම්පහං අප්පදස්සෙ පහාය මහොද්ධිං හංසොරිව අජ්ඣපත්තො - ‘එවං’ යනු: උපමා සම්ප්‍රතිපාදන යැ. අප්පදස්සෙ පහාය යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද, අන්‍ය වූ ඔවුන්ගේ යම් ආචාර්‍ය්‍ය කෙනෙකුත් වෙත් ද ඔහු තුමූ භාග්‍යවත් බුදුන් පිණිස, අල්පදර්ශන ඇතියහ අත්‍යල්ප දර්‍ශන ඇතියහ මඳ වූ දර්‍ශන ඇතියහ පහත් දර්‍ශන ඇතියහ ලාමක දර්‍ශන ඇතියහ නො අගනා දර්‍ශන ඇතියාහු හෝ වෙති. අල්ප දර්ශීන් අත්‍යල්ප දර්ශීන් මන්දදර්ශීන් පහත්දර්ශීන් ලාමකදර්ශීන් අධමදර්ශීන් හැර හැරපියා ඉක්ම මොනොවට ඉක්ම වෙසෙසින් ඉක්ම අප්‍රමාණදර්ශන ඇති අග්‍රදර්ශන ඇති ශ්‍රෙෂ්ඨදර්ශන ඇති විශිෂ්ට දර්‍ශන ඇති ප්‍රමුඛදර්ශන ඇති උත්තමදර්ශන ඇති ප්‍රවරදර්ශන ඇති අසම වූ අසමසම වූ අප්‍රතිසම වූ අප්‍රතිභාග වූ අප්‍රතිපුද්ගල වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ පුරුෂසිංහ වූ පුරුෂ නාග වූ පුරුෂාජානේය වූ පුරුෂනිසභ වූ පුරුෂධෞරය වූ දශබලධාරී වූ භාග්‍යවත් බුදුන් ලදිමි ලැබුයෙමි ප්‍රතිලාභ කෙළෙමි. යම්සේ හංස තෙම නො කැලඹුණු අප්‍රමාණ වූ ජලය ඇති උදකරාශී ඇති මහත් වූ මදොල්විල් හෝ නුතත් දහතළා හෝ මහමුහුද හෝ ලබා නම් විඳී නම් ප්‍රතිලාභ කෙරේ නම් එ පරිද්දෙන් මැ නො කැලඹුණු අප්‍රමාණ ඥානතෙජස් ඇති ප්‍රභේදගත (දශබලඥානාදි) ඥාන ඇති සමතැස් ඇති ප්‍රඥාප්‍රභෙදයෙහි දක්‍ෂ වූ ලබන ලද සිව්පිළිසිඹියා ඇති චතුර්වෛශාරද්‍යප්‍රාප්ත වූ ඵලසමවත්හි අධිමුක්ත වූ පිරිසුදු වූ ආවේණික ආත්මභාව ඇති අද්වය භාණී වූ (ඉෂ්ටානිෂ්ටයෙහි නො සැලෙන බැවින් තාදී වූ ප්‍රතිඥා නො ඉක්මෙන අල්ප නො වූ මහත් වූ ගම්භීර වූ ප්‍රමාණාර්භ නො වූ බැසගත නො හෙන (ශ්‍රද්ධා දි) බොහෝ වූ රත්න ඇති සාගරසම වූ ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් සමන්‍වාගත වූ (තුලනය කළ නො හැකි බැවින්) අතුල වූ විපුල වූ අප්‍රමේය වූ ඒ තාදීගුණ සම්පන්න වූ කථිකයන් අතුරෙහි මඟ කියන සුලු වූ, පර්‍වතයන් අතුරෙහි මේරුපර්‍වතය බඳු වූ පක්‍ෂීන් අතුරෙහි ගුරුළුරජහු බඳු වූ මෘගයන් අතුරෙහි සීරජක්හු බඳු වූ අර්ණවයන් අතුරෙහි සමුද්‍රය බඳු වූ ඒ ශාස්තෘ වූ ජිනප්‍රවර වූ මහර්ෂී වූ භාග්‍යවත් බුදුන් ලදිම් නුයි ‘එවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිංගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJTද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනං ආවසෙය්ය, එවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො’ති.
Sinhala BJT“ද්විජො යථා -පෙ- මහොදධිං හංසොරිව අජ්ඣපත්තො” යි.
Pali BJT12.
Sinhala BJT12.
Pali BJTයෙ මෙ පුබ්බෙ වියාකංසු හුරං ගොතමසාසනා ඉච්චාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනං.
Sinhala BJTපෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු නම් එ හැම ‘මෙසේ මෙසේ යැයි උපන් කථායෙක, එහැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනා සුලු යැ.
Pali BJTයෙ මෙ පුබ්බෙ වියාකංසූති ‘යෙ’ති යො ච බාවරී බ්රාහ්මණො යෙ චඤ්ඤෙ තස්ස ආචරියා, තෙ සකං දිට්ඨිං සකං ඛන්තිං සකං රුචිං සකං ලද්ධිං සකං අජ්ඣාසයං සකං අධිප්පායං වියාකංසු ආචික්ඛිංසු දෙසයිංසු පඤ්ඤපිංසු පට්ඨපිංසු විවරිංසු විභජිංසු උත්තානීඅකංසු පකාසෙසුන්ති ‘යෙ මෙ පුබ්බෙ වියාකංසු.’
Sinhala BJTයෙ මෙ පුබ්බේ වියාකංසු - ‘යෙ’ යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද යම් අන්‍ය වූ ඔවුන්ගේ ආචාර්‍ය්‍ය කෙනෙකුත් වෙත් ද ඔහු ස්වකීය දෘෂ්ටිය සිය කැමැත්ත ස්වරුචිය ස්වලබ්ධිය සිය අදහස ස්වකීය අභිප්‍රාය විවරණ කළහ කීහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ.
Pali BJTහුරං ගොතමසාසනාති: හුරං ගොතමසාසනා පරං ගොතම සාසනා පුරෙ ගොතමසාසනා පඨමතරං ගොතමසාසනා බුද්ධසාසනා ජිනසාසනා තථාගතසාසනා දෙවාතිදෙවසාසනා අරහන්තසාසනාති ‘හුරං ගොතමසාසනා, ‘
Sinhala BJTහුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පළමු ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි ගෞතම ශාසනයෙන් පෙර ගෞතම ශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවාතිදේව ශාසනයෙන් අර්‍හත් ශාසනයෙන් ඉතා පළමු නුයි ‘හුරං ගොතමසාසනා’ යනු වේ.
Pali BJTඉච්චාසි ඉති භවිස්සතීති එවං කිර ආසි, එවං කිර භවිස්සතීති ‘ඉච්චාසි ඉති භවිස්සති,’
Sinhala BJTඉච්චාසි ඉති භවිස්සති යනු: මෙසේ වී ල මෙසේ වන්නේ ලැ’යි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
Pali BJTසබ්බං තං ඉතිහීතිහන්ති: සබ්බං තං ඉතිහීතිහං ඉතිකිරාය පරම්පරාය පිටකසම්පදාය තක්කහෙතු නයහෙතු ආකාරපරිවිතක්කෙන දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා න සාමං සයං අභිඤ්ඤාතං න අත්තපච්චක්ඛං ධම්මං කථයිංසූති ‘සබ්බං තං ඉතිහීතිහං’:
Sinhala BJTසබ්බං තං ඉතිහීතිහං යනු: එ හැම මෙසේ මෙසේ යැයි උපන් කථා යැ මෙසේ ලැ යි උපන් කථා යැ ඇදුරොල්හි ආ කථා යැ අපගේ පිටකයෙහි මෙසේ යැයි උපන් කථා යැ තර්‍ක හෙයින් න්‍යාය හෙයින් ආකාර පරිවිතර්‍කයෙන් තමා සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳේ යයි කියන කථා යැ තුමූ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දන්නා ලද්දක්, තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මයක් නො කීවාහු නුයි ‘සබ්බං තං ඉතිහීතිහං’ යනු වේ.
Pali BJTසබ්බං තං තක්කවඩ්ඪනන්ති: සබ්බං තං තක්කවඩ්ඪනං විතක්කවඩ්ඪනං සංකප්පවඩ්ඪනං කාමවිතක්කවඩ්ඪනං ව්යාපාදවිතක්කවඩ්ඪනං විහංසාවිතක්කවඩ්ඪනං ඤාතිවිතක්කවඩ්ඪනං ජනපදවිතක්කවඩ්ඪනං අමරාවිතක්කවඩ්ඪනං පරානුද්දයතාපටිසංයුත්තවිතක්කවඩ්ඪනං ලාභසක්කාරසිලොකපටිසංයුත්තවිතක්කවඩ්ඪනං අනවඤ්ඤත්තිපටිසංයුත්තවිතක්කවඩ්ඪනන්ති ‘සබ්බං තං තක්කවඩ්ඪනං’
Sinhala BJTසබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්‍ක වඩනාසුලු යැ විතර්‍ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්‍ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්‍ක වඩනාසුලු යැ විහිංසා විතර්‍ක වඩනාසුලු යැ ඥාති විතර්‍ක වඩනාසුලු යැ ජනපද විතර්‍ක වඩනාසුලු යැ අමරා විතර්‍ක වඩනාසුලු යැ පරානුකම්පා ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ ලාභසත්කාර කීර්තිශබ්ද ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ අනවඥා ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ’යි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’ යනු වේ.
Pali BJTතෙනාහ ථෙරො පිඞ්ගියො:
Sinhala BJTඑයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
Pali BJTයෙ මෙ පුබ්බෙ වියාකංසු හුරං ගොතමසාසනා, ඉච්චාසි ඉති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනන්ති.
Sinhala BJT“යෙ මෙ පුබ්බේ වියාකංසු -පෙ- සබ්බං තං තක්කවඩ්ඪනං” යී.
Pali BJT13.
Sinhala BJT13.
Pali BJTඑකො තමොනුදාසීනො ජුතිමා සො පභඞ්කරො ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො.
Sinhala BJTඅවිදු අඳුරු දුරු කළා වූ ද්‍යුතිමත් වූ ප්‍රභාකර වූ මහත් වූ ඥාන ධ්වජ ඇති ඒ ගෞතමයන් වහන්සේ විපුල ප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ (පහණසෑ වෙහෙරෙහි) එකලා වැ වැඩහුන් සේක.
Pali BJTඑකො තමොනුදොසිනොති-‘එකො’ති භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාය පහානට්ඨෙන එකො, එකන්තවීතරාගොති එකො, එකන්තවීතදොසොති එකො, එකන්තවීතමොහොති එකො, එකන්තනික්කිලෙසොති එකො, එකායනමග්ගගතොති එකො, එකං අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
Sinhala BJTඒකෝ තමොනුදාසිනො - ‘ඒකෝ’ යනු: බුදුහු ප්‍රව්‍රජා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යහ, අද්විතීයාර්ථයෙන් අතුල්‍යහ, තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් අසහායහ, එකාන්තවීතරාග නුයි අසහායහ, එකාන්තවීත්‍යාදොස නුයි අසහායහ, එකාන්තවීතමොහ නුයි අසහායහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, එකායනමාර්ගයට ගියාහු නුයි අසහායහ, අතුල්‍ය වූ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
Pali BJTකථං භගවා පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො: භගවා දහරොව සමානො සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං{1} අස්සුමුඛානං රුදන්තානං විලපන්තානං ඤාතිසඞ්ඝං පහාය සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්වා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘එවං භගවා පබ්බජ්ජා සඞ්ඛාතෙන එකො.’
Sinhala BJTකිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙහෙ ඇත්තාහු භද්‍රයෞවනයෙන් යුත් ප්‍රථම වයසින්සමන්වාගත වූවාහු නො කැමැති වැ (එහෙයින් මැ) කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන වැලැපෙන මව්පියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා හැම ගෘහාවාස පරිරොධයන් සිඳපියා අඹුදරු පලිබොධ සිඳපියා ඥාතිපරිරොධ සිඳපියා සග යහළු පලිබොධ සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පිවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාතයෙන් ‘එක’ යහ.
Pali BJTකථං භගවා අදුතියට්ඨෙන එකො: එවං පබ්බජිතො සමානො එකො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි{2} පටිසල්ලානසාරුප්පානි. සො එකො චරති එකො ගච්ඡති, එකො තිට්ඨති, එකො සෙය්යං කප්පෙති, එකො ගාමං පිණ්ඩාය පවිසති, එකො පටික්කමති, එකො රහො නිසීදති, එකො චඞ්කමං අධිට්ඨාති, එකො චරති, විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති එවං භගවා අදුතියට්ඨෙන එකො.
Sinhala BJTකිසෙයින් බුදුහු අද්විතීයාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ, අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ, වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියව් පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ‘අද්විතීයාර්ථයෙන් එකයහ.
Pali BJTකථං භගවා තණ්හාය පහානට්ඨෙන එකො: සො එවං එකො අදුතියො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ මහාපධානං පදහන්තො මාරං සසෙනං කණ්හං නමුචිං පමත්තබන්ධුං විධමෙත්වා තණ්හාජාලිනිං විසටං{3} විසත්තිකං පජහි විනොදෙසි බ්යන්තී අකාසි, අනභාවං ගමෙසි.
Sinhala BJTකිසෙයින් බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙය වූ සිත් ඇති වැ වසන්නාහු නෙරඤජරා නදීතීරයෙහි බෝරුක් මුල මහාප්‍රධන්වීර්‍ය්‍ය කරනසේක් කෘෂ්ණකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුච් නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
Pali BJT1. “තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තති,
Sinhala BJT1. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙම දිගු කලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව, අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
Pali BJT2. එතමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ”ති.{a}
Sinhala BJT2. මෙසේ (අතීතාදි ස්කන්‍ධයන්හි) ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ හැසිරෙන්නේ යැ’යි.
Pali BJTඑවං භගවා තණ්හාය පහානට්ඨෙන එකො.
Sinhala BJTමෙසෙයින් බුදුහු තෘෂ්ණාප්‍රහීණාර්ථයෙන් ‘එක’ යහ.
Pali BJTකථං භගවා ‘එකන්තවීතරාගො’ති එකො: රාගස්ස පහීනත්තා එකන්තවීතරාගොති එකො. දොසස්ස පහීනත්තා එකන්තවීතදොසොති එකො, මොහස්ස පහීනත්තා එකන්තවීතමොහොති එකො, කිලෙසානං පහීනත්තා එකන්තනික්කිලෙසොති එකො.
Sinhala BJTකිසෙයින් බුදුහු ‘එකාන්තවීතරාග’ නුයි එක වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ‘එකාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ‘එ්කාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
Pali BJTකථං භගවා එකායනමග්ගං ගතොති එකො: එකායනමග්ගො වුච්චති චත්තාරො සතිපට්ඨානා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJTකිසෙයින් බුදුහු ඒකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ‘එකායන මාර්‍ගය’යි කියනු ලැබේ.
Pali BJT3. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති.{b}
Sinhala BJT3. ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්නාසුලුවූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු එ්කායනමාර්ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු යැ. තවද යම් කෙනෙක් මතු තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මඟින් තරණය කෙරෙත්.
Pali BJTඑවං භගවා එකායනමග්ගං ගතොති එකො.
Sinhala BJTමෙසෙයින් බුදුහු ඒකායනමාර්‍ගයට ගියාහු නුයි ‘එක’ යහ.
Pali BJTකථං භගවා එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති එකො: ‘බොධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං’ පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො වීමංසා විපස්සනා සම්මාදිට්ඨි. භගවා තෙන බොධිඤාණෙන ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති බුජ්ඣි, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති බුජ්ඣි, ‘සබ්බෙ ධම්මා අනත්තා’ති බුජ්ඣි. -පෙ- ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති බුජ්ඣි.
Sinhala BJTකිසෙයින් බුදුහු එකලා වැ අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ... ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’ යි දත්හ. ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි දත්හ. ‘සියලු ධර්‍මයෝ අනාත්ම හ’යි දත්හ. ...යම් කිසිවක් සමුදයධර්‍ම නම් එ හැම නැසෙන පියවි ඇතැ’යි දත්හ.
Pali BJTඅථවා යං බුජ්ඣිතබ්බං අනුබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිතබ්බං සම්බුජ්ඣිතබ්බං අධිගන්තබ්බං ඵස්සිතබ්බං සච්ඡිකාතබ්බං සබ්බං තං තෙන බොධි ඤාණෙන බුජ්ඣි අනුබුජ්ඣි පටිබුජ්ඣි සම්බුජ්ඣි අධිගච්ඡි ඵස්සි{1} සච්ඡාකාසි. එවං භගවා ‘එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති එකො.
Sinhala BJTනොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්‍ශ කළයුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළයුතු නම් ඒ සියල්ල ඒ බෝධි ඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්‍රතිබෝධ කළහ. වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළහ, මෙසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.
Pali BJTතමොනුදොති: භගවා රාගතමං දොසතමං මොහතමං දිට්ඨිතමං කිලෙසතමං දුච්චරිතතමං අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධිකං විඝාතපක්ඛිකං අනිබ්බානසංවත්තනිකං පනුදි නුදි පජහි විනොදෙසි බ්යන්තීකාසි{1} අනභාවං ගමෙසි. ආසීනොති: නිසින්නො භගවා පාසාණකෙ චෙතියෙති ‘ආසීනො.’
Sinhala BJTතමොනුදො යනු: බුදුහු ප්‍රඥාලෝකය අඳුරු කරන, නුවණැස නූපදවන නොදැනීම ඇතිකරන පැනැස නසන පීඩා කොටසෙහි වූ නිවන පිණිස නො පවත්නා වූ රාගාන්‍ධකාරය ද්වෙෂාන්‍ධකාරය මෝහාන්‍ධකාරය දෘෂ්ට්‍යන්‍ධකාරය ක්ලෙශන්‍ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ වෙසෙසින් දුරු කළහ හැරපීහ බැහැර කළහ විගතාන්ත කළහ අනුඅභාවයට පැමිණවූහු. ආසිනො යනු: බුදුහු පහණසෑහි වැඩ හුන්හ නුයි ‘ආසීනො’ යනු වේ.
Pali BJT4. නගස්ස පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං සාවකා පයුරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො”ති{a}
Sinhala BJT4. “තිවිද්‍යා ඇති මරහු බැහැර කළ ශ්‍රාවකයෝ පර්වතපාර්ශ්වයෙහි වැඩහුන්, සංසාර දුඃඛයාගේ පාරයට ගිය මුනිහු පර්‍ය්‍යුපාසනය කෙරෙති”යි.
Pali BJTඑවම්පි භගවා ආසීනො. අථවා භගවා අප්පොස්සුක්කපටිප්පස්සද්ධත්තා ආසීනො, සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති එවම්පි භගවා ආසීනොති ‘එකො තමොනුදාසීනො. ‘
Sinhala BJTමෙසේත් බුදුහු “ආසීන” වෙති. නොහොත් බුදුහු අල්පොත්සුක බව සංහිඳුවන ලද වන බැවින් ආසීනයහ උන්වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ පුරුදු කළ චරණධර්‍ම ඇතියහ ... ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය උන්වහන්සේට නැතැ’යි මෙසේත් බුදුහු ‘ආසීනයහ’යි ‘ඒකෝ තමොනුදාසීනො’ යනු වේ.
Pali BJTජුතිමා සො පභඞ්කරොති-‘ජුතිමා’ති ජුතිමා මතිමා පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. පභඞ්කරොති: පභඞ්කරො ආලොකකරො ඔභාසකරො දීපඞ්කරො පදීපඞ්කරො{2} උජ්ජොතකරො{3} පජ්ජොතකරො{4}ති ‘ජුතිමා සො පභඞ්කරො’.
Sinhala BJTජුතිමා සො පභඞ්කරො ‘ජුතිමා’ යනු ද්‍යුතිමත්හ ස්මෘතිමත්හ පණ්ඩිතයහ ප්‍රඥා ඇතියහ බුද්ධිමත්හ නුවණ ඇතියහ විභාවනප්‍රඥා ඇතියහ තුලන ප්‍රඥා ඇතියහ. පභඞ්කරො යනු: තේජස් කරනුවහ ආලෝක කරනුවහ අවහාස කරනුවහ පහන් කරනුවහ ප්‍රදීපයක් සෙයින් ආලෝක කරනුවහ උද්‍යොතකරයහ ප්‍රද්‍යොතකරනුයහ’යි ‘ජුතිමා සො පභඞ්කරො’ යනු වේ.
Pali BJTගොතමො භූරිපඤ්ඤාණොති: ගොතමො භූරිපඤ්ඤාණො ඤාණපඤ්ඤාණො{5} පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො විචයබහුලො පවිචයබහුලො පෙක්ඛායනබහුලො{6} සමෙක්ඛායනබහුලො{7} විභූතවිහාරී තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො.
Sinhala BJTගොතමො භූරිපඤ්ඤාණො යනු: ගොයුම් ගොත්හු පුළුල් නුවණ ඇතියහ ඥානයෙන් ප්‍රකටයහ ප්‍රඥාධ්වජ ඇතියහ ඥානකෙතු ඇතියහ ප්‍රඥාධිපතීහ විමසීම් බහුල කොට ඇතියහ ප්‍රවිචය බහුල කොට ඇතියහ ප්‍රෙක්ෂණ බහුල කොට ඇතියහ එෂණ බහුල කොට ඇතියහ ප්‍රකට කොට දත් විහරණ ඇතියහ එහි (ඥානයෙහි) හැසිරෙනු වහ එය බහුල කොට ඇතියහ එය ගරු කොට ඇතියහ එයට නැඹුරු වූවාහු යැ තත්ප්‍රචණයහ එයට බර වූවාහු යැ එහි අධිමුක්තයහ එය අධිපති කොට ඇතියහ.
Pali BJT5. “ධජො රථස්ස පඤ්ඤාණං ධූමො පඤ්ඤාණමග්ගිනො රාජා රට්ඨස්ස පඤ්ඤාණං භත්තා පඤ්ඤාණමිත්ථියා”ති.{b}
Sinhala BJT5. “ධ්වජය රථයට සලකුණ වෙයි, ධූමය ගින්නට සලකුණ වෙයි, රජ රටට සලකුණ වෙයි, ස්වාමි තෙම ස්ත්‍රියට සලකුණ වේ”යි.
Pali BJTඑවමෙව ගොතමො භූරිපඤ්ඤාණො ඤාණපඤ්ඤාණො පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො විචයබහුලො පවිචයබහුලො පෙක්ඛායනබහුලො සමෙක්ඛායනබහුලො{7} විභූතවිහාරී තච්චරිතො තබ්බහුලො තග්ගරුකො තන්නින්නො තප්පොනො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යොති ‘ගොතමො භූරිපඤ්ඤාණො,.
Sinhala BJTමෙසෙයින් ගොයුම්ගොත්හු පෘථුලප්‍රඥා ඇතියහ ඥානයෙන් ප්‍රකට වූවාහු යැ ඥානධ්වජ ඇතියහ ඥානකේතු ඇතියහ ප්‍රඥාව අධිපති කොට ඇතියහ විමසීම් බහුල කොට ඇතියහ වෙසෙසින් විමසීම් බහුල කොට ඇතියහ ප්‍රෙක්ෂණ බහුල කොට ඇතියහ එෂණ බහුල කොට ඇතියහ ප්‍රකට විහරණ ඇතියහ ඒ ඥානයෙහි හැසිරෙනුවහ එය බහුල කොට ඇතියහ තද්රුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත තද්ධිපති වූවාහු නුයි ‘ගොතමො භූරිපඤ්ඤාණො’ යනු වේ.