Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1201-1300 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅපි ච ද්වාදසහාකාරෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති: රූපං න සත්තො න ජීවො න නරො න මානවො න ඉත්ථි න පුරිසො න අත්තා න අත්තනියං. නාහං න මම න කොචි න කස්සචි. වෙදනා-සඤ්ඤා-සඞ්ඛාරා-විඤ්ඤාණං න සත්තො න ජීවො න නරො න මානවො න ඉත්ථි න පුරිසො න අත්තා න අත්තනියං. නාහං න මම න කොචි න කස්සචි. එවං ද්වාදසහාකාරෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති. වුත්තං හෙතං භගවතා: “නායං භික්ඛවෙ, කායො තුම්හාකං, නපි අඤ්ඤෙසං, පුරාණමිදං භික්ඛවෙ, කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදනියං දට්ඨබ්බං තත්ර{1} භික්ඛවෙ සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදං යෙව සාධුකං යොනිසො මනසිකරොති: ‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සංඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සංඛාරනිරොධො සංඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති{a}. එවම්පි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති වුත්තං හෙතං භගවතා “යං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං රූපං භික්ඛවෙ න තුම්හාකං, තං පජහථ. තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. වෙදනා භික්ඛවෙ න තුම්හාකං තං පජහථ.
Sinhala BJTතවද දොළොස් අයුරෙකින් ශුන්‍ය හෙයින් ලෝකය බලයි: රූපය සත්ත්‍ව නො වෙයි, ජීව නො වෙයි, නර නො වෙයි මාණව නො වෙයි ස්ත්‍රී නො වෙයි, පුරුෂ නො වෙයි, ආත්ම නො වෙයි, ආත්මනිය නො වෙයි මම් නො වෙමි, මා ගේ නො වෙයි, කිසිවෙක් නො වෙයි, කිසිවකුගේ නො වේ. මෙසේ දොළොස් අයුරින් ශුන්‍ය හෙයින් ලොව බලයි. තෙල වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මෙ කය තොපගේ නො වෙයි. අනුන්ගේ නො මැ වෙයි, මහණෙනි, මේ රූපය පුරාණ කර්‍මයෙන් උපන, ප්‍රත්‍යයෙන් සකස් කරන ලද, චෙතනාවස්තුක යැ වේදනාවට වස්තු යැ යි දතයුතු යැ. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ප්‍රතීත්‍යසමුත්පාදය මැ මොනොවට නුවණින් මෙනෙහි කෙරෙයි: ‘මෙසේ මෙය ඇති කල්හි මේ වෙයි මොහු ගේ උපැත්මෙන් මේ උපදී මෙය නැති කල්හි මේ නො වෙයි මොහුගේ නිරෝධයෙන් මේ නිරුද්ධ වෙයි’ “මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, ... දුඃඛස්කන්ධයා ගේ සමුදය වේ. අවිද්‍යාවගේ මැ අශේෂ විරාග සංඛ්‍යාත නිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි ... මෙසෙයින් මේ අමිශ්‍ර දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොපගේ නො වේ ද එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, කුමක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූපය තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගුකලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, වේදනාව තොපගේ නො වෙයි එය දුරු කරවු,
Pali BJTසා වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. සඤ්ඤා භික්ඛවෙ න තුම්හාකං තං පජහථ, සා වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. සංඛාරා භික්ඛවෙ න තුම්හාකං තෙ පජහථ තෙ වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සන්ති. විඤ්ඤාණං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. තං කිං මඤ්ඤථ{1} භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං තං ජනො හරෙය්ය වා දහෙය්ය වා යථාපච්චයං වා කරෙය්ය, අපි නු තුම්හාකං එවමස්ස, අම්හෙ ජනො හරති වා දහති වා යථාපච්චයං වා කරොතීති? නො හෙතං භන්තෙ, තං කිස්ස හෙතු: න හි නො එතං{2} භන්තෙ, අත්තා වා අත්තනියං වා’ති. එවමෙව ඛො භික්ඛවෙ යං න තුම්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං: රූපං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති.{3} වෙදනා-සඤ්ඤා-සඞ්ඛාරා-විඤ්ඤාණං රූපං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති, එවම්පි සුඤ්ඤතොලොකං අවෙක්ඛති.
Sinhala BJTඑය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, සංඥාව තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නො වෙති ඔවුන් දුරු කරවු, ඔහු තොප විසින් දුරු කරන ලද්දාහු දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නාහ. මහණෙනි, විඥානය තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යි. මහණෙනි, එය කිමැ යි හඟි වුද? මේ දෙව්රම්හි යම් තෘණකාෂ්ට ශාඛාපලාසජාතයෙක් වේ ද ජන තෙමේ එය ගෙන යන්නේ නම් හෝ දවන්නේ නම් හෝ රිසි වූවක් හෝ කරන්නේ නම් කිම තොපට ‘ජන තෙමේ අප ගෙන යයි හෝ දවයි හෝ රිස්සක් හෝ කෙරේ’ යයි මෙ බඳු සිතෙක් වන්නේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් තෙල අපගේ ආත්මය හෝ ආත්මනිය නො වේ ද, එහෙයිනි. එ පරිද්දෙන් මැ මහණෙනි, යමක් තොපගේ නො වේ ද එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූපය තොපගේ නො වෙයි එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. වේදනාව- සංඥාව- සංස්කාරයෝ- මහණෙනි, විඥානය තොපගේ නො වෙයි එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ”යි. මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
Pali BJTආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සුඤ්ඤො ලොකො සුඤ්ඤො ලොකොති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ සුඤ්ඤො ලොකොති වුච්චතීති? යස්මා ච ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකොති වුච්චති. කිඤ්චානන්ද සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා: චක්ඛුං ඛො ආනන්ද සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, රූපා සුඤ්ඤා-චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤා, චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො-යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා. සොතං සුඤ්ඤං-සද්දා සුඤ්ඤා-ඝානං සුඤ්ඤං-ගන්ධා සුඤ්ඤා-ජිව්හා සුඤ්ඤා-රසා සුඤ්ඤා-කායො සුඤ්ඤො-ඵොට්ඨබ්බා සුඤ්ඤා -
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබෙයි වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැයි කියනු ලැබේ ද’යි. යම් හෙයෙකින් ආනන්‍ද, ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය වේ ද එහෙයින් ලෝකය ශුන්‍ය යැ යි කියනු ලැබෙයි. ආනන්‍ද, කුමක් ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය වේ ද යත්: ආනන්‍ද, චක්‍ෂුස ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය යැ, රූපයෝ ශුන්‍යයෝ යැ- චක්‍ෂුර් විඥානය ශුන්‍ය යැ- චක්‍ෂුස්සංස්පර්‍ශය ශුන්‍ය යැ- චක්ෂුස්සංස්පර්ශයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය යැ, ශ්‍රෝත්‍රය ශුන්‍ය යැ- ශබ්දයෝ ශුන්‍යයෝ යැ- ඝ්‍රාණය ශුන්‍ය යැ- ගන්‍ධයෝ ශුන්‍යයෝ යැ- ජිහ්වාව ශුන්‍ය යැ- රසයෝ ශුන්‍යයෝ යැ- කය ශුන්‍ය යැ- ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයෝ යැ-
Pali BJTමනො සුඤ්ඤො-ධම්මා සුඤ්ඤා-මනොවිඤ්ඤාණං සුඤ්ඤං-මනොසම්ඵස්සො සුඤ්ඤො-යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, යස්මා ච ඛො ආනන්ද සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා ‘සුඤ්ඤො ලොකො’ති වුච්චතී ති.{a}
Sinhala BJTමනස ශුන්‍ය යැ- ධර්‍මයෝ ශුන්‍යයෝ යැ- මනෝවිඥානය ශුන්‍ය යැ- මනෝසම්ඵස්සය ශුන්‍ය යැ- මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද, ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය යැ. යම් හෙයෙකින් ආනන්‍ද, ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය වේ ද එහෙයින් ලෝකය ශුන්‍ය යැ යි කියනු ලැබේ” යයි. මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
Pali BJTඑවම්පි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති.
Sinhala BJTමෙ ද වදාරන ලද:
Pali BJTභාසිතම්පි හෙතං:
Sinhala BJT“ගාමණිය, හුදු ධර්‍මසමුත්පාදය හුදු (ක්ලේශාදි) සංස්කාර ප්‍රබන්‍ධය තත් වූ පරිද්දෙන් (විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන්) දක්නාහට බියෙක් නො වෙයි.
Pali BJT“සුද්ධං ධම්මසමුප්පාදං සුද්ධං සඞ්ඛාරසන්තතිං, පස්සන්තස්ස යථාභූතං න භයං හොති ගාමණි. තිණකට්ඨසමං ලොකං යදා පඤ්ඤාය පස්සති, නාඤ්ඤං පත්ථයතෙ{1} කිංචි අඤ්ඤත්ර අප්පටිසන්ධි යා”ති.{b}
Sinhala BJTයම් කලෙක (යමෙක්) සංස්කාර ලෝකය තෘණකාෂ්ට සම කොට ප්‍රඥායෙන් දකී ද (එකල්හි) හෙතෙම අප්‍රතිසන්‍ධි සංඛ්‍යාත නිර්‍වාණය හැර අන් භවයක් ආත්මභාවයක් හෝ කිසිවක් නොපතා” යි.
Pali BJTඑවම්පි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති.
Sinhala BJTමෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
Pali BJTවුත්තං හෙතං භගවතා: “එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු රූපං සමන්නෙසති යාවතා රූපස්ස ගති. වෙදනං සමන්නෙසති යාවතා වෙදනාය ගති. සඤ්ඤං සමන්නෙසති යාවතා සඤ්ඤාය ගති. සඞ්ඛාරෙ සමන්නෙසති යාවතා සංඛාරානං ගති. විඤ්ඤාණං සමන්නෙසති යාවතා විඤ්ඤාණස්ස ගති, යම්පිස්ස හොති අහන්ති වා මමන්ති වා අස්මීති වා, තම්පි තස්ස න හොතී”ති.{c} එවම්පි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති.
Sinhala BJTමෙය වදාරන ලද මැ යැ භාග්‍යවතුන් විසින්: මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම රූපයාගේ පැවැත්ම යම්තාක් ද එතෙක් රූපය විමසයි. වේදනාවගේ පැවැත්ම යම්තාක් ද එතෙක් වේදනාව විමසයි. සංඥාවගේ පැවැත්ම යම්තාක් ද එතෙක් සංඥාව විමසයි. සංස්කාරයන් ගේ පැවැත්ම යම්තාක් ද එතෙක් සංස්කාරයන් විමසයි. විඥානයා ගේ පැවැත්ම යම්තාක් ද එතෙක් විඥානය විමසයි. ඔහට (දෘෂ්ටි විසින්) ‘මම’ යි හෝ (තෘෂ්ණ විසින්) ‘මාගේ’ යයි හෝ (මාන විසින්) ‘වෙමී’ හෝ යමක් වේ නම් එ ද ඔහට නො වේ” යයි මෙසේත් ලෝකය ශුන්‍ය හෙයින් බලා.
Pali BJTසුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති: සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු පච්චවෙක්ඛස්සු දක්ඛස්සු තුලෙහි තිරෙහි විභාවෙහි විභූතං කරොහීති ‘සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු’.
Sinhala BJTසුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: ලෝකය ශුන්‍ය හෙයින් බලව ප්‍රත්‍යවේක්‍ෂා කරව දකුව තුලනය කරව තීරණය කරව විභාවන කරව ප්‍රකට කරව නුයි ‘සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු’ යනු වේ.
Pali BJTමොඝරාජ සදා සතොති ‘මොඝරාජා’ති භගවා තං බ්රාහ්මණං ආලපති. සදාති සබ්බකාලං -පෙ- පච්ඡිමෙ වයො ඛන්ධෙ. සතොති-චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවෙන්තො සතො වෙදනාසු -පෙ- සො වුච්චති සතො’ති ‘මොඝරාජ සදා සතො’.
Sinhala BJTමෝඝරාජ සදාසතො- ‘මෝඝරාජ’ යනු: බුදුහු එ බමුණු නමින් අමතති. සදා යනු: හැම කල්හි ... පශ්චිම වයඃස්කන්ධයෙහි. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇති යේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ... හෙතෙම ‘සතෝ’යි කියනු ලැබේ නුයි ‘මෝඝරාජ සදා සතෝ’ යනු වේ.
Pali BJTඅත්තානුදිට්ඨිං ඌහච්චාති-‘අත්තානුදිට්ඨි’ වුච්චති වීසතිවත්ථුකා සක්කායදිට්ඨි. “ඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො ‘රූපං අත්තනො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං-සඤ්ඤං-සංඛාරෙ-විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං, දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං, ගාහො පතිට්ඨාහො{1}. අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල්ලාසගාහො මිච්ඡත්තං අයාථාවකස්මිං යාථාවකන්ති ගාහො යාවතා ද්වාසට්ඨි දිට්ඨිගතානි{a}.” අයං අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨිං ඌහච්චාති අත්තානුදිට්ඨිං ඌහච්ච සමූහච්ච උද්ධරිත්වා සමුද්ධරිත්වා උප්පාටයිත්වා සමුප්පාටයිත්වා පජහෙත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති{2} ‘අත්තානුදිට්ඨිං ඌහච්ච’.
Sinhala BJTඅත්තානුදිට්ඨිං ඌහච්ච- ‘අත්තානුදිට්ඨි’ යි විංශද්වස්තුක වූ සත්කාය දෘෂ්ටිය කියනු ලැබෙයි. මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු (සතිපට්ඨානාදි හෙද) ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු (ආගම-අධිගම නැති බැවින්) අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්ම හෙයින් (විපරීත දෘෂ්ටියෙන්) දකියි. ආත්මය රූපවත් යැ හෝ ආත්මයෙහි හෝ රූපය, රූපයෙහි හෝ ආත්මය දකියි. වේදනාව - සංඥාව - සංස්කාරයන්- විඥානය ආත්ම හෙයින් දකියි. ආත්මය විඥානවත් යැ හෝ, ආත්මයෙහි හෝ විඥානය, විඥානයෙහි හෝ ආත්මය දකියි. මෙ බඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා ගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීත කොට ගැන්මෙක් වැරද ගැන්මෙක් මිථ්‍යාග්‍රාහයෙක් යථා ස්වභාව නැත්තෙහි යථාස්වභාව ඇතැ යි ගැන්මෙන් යම් පමණ දෙ සැට දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ අත්තානුදිට්ඨි නම. අත්තානුදිට්ඨිං ඌහච්ච යනු: සත්කායදෘෂ්ටිය උපුරා මොනොවට උපුරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘අත්තානුදිට්ඨිං ඌහච්ච’ යනු වේ.
Pali BJTඑවං මච්චුතරො සියාති: එවං මච්චුපි තරෙය්යාසි, ජරාපි තරෙය්යාසි, මරණම්පි තරෙය්යාසි උත්තරෙය්යාසි පතරෙය්යාසි සමතික්කමෙය්යාසි වීතිවත්තෙය්යාසීති ‘එවං මච්චුතරො සියා.’
Sinhala BJTඑවං මච්චුතරො සියා යනු: මෙසෙයින් මෘත්‍යුහු ද තරණය කරව ජරාව ද තරණය කරව මරණය ද තරණය කරව උත්තරණය කරව ප්‍රතරණය කරව සමතික්‍රමණය කරව ඉක්මව”යි ‘එවං මච්චුතරො සියා’ යනු වේ.
Pali BJTඑවං ලොකං අවෙක්ඛන්තන්ති: එවං ලොකං අවෙක්ඛන්තං පච්චවෙක්ඛන්තං තුලයන්තං තීරයන්තං විභාවයන්තං විභූතං කරොන්තන්ති ‘එවං ලොකං අවෙක්ඛන්තං.’
Sinhala BJTඑවං ලෝකං අවෙක්ඛන්තං යනු: මෙසේ ලොව බලන්නාහු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්‍රකට කරන්නහු නුයි ‘එවං ලෝකං අවෙක්ඛන්තං’ යනු වේ.
Pali BJTමච්චුරාජා න පස්සතීති: මච්චුපි මච්චුරාජා මාරොපි මච්චුරාජා මරණම්පි මච්චුරාජා. න පස්සතීති-මච්චුරාජා න පස්සති න දක්ඛති නාධිගච්ඡති න වින්දති න පටිලභති. වුත්තං හෙතං භගවතා: “සෙය්යථාපි භික්ඛවෙ ආරඤ්ඤකො මිගො අරඤ්ඤෙ පවනෙ ච මානො විස්සත්ථො ගච්ඡති විස්සත්ථො තිට්ඨති, විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති තං කිස්ස හෙතු: අනාපාථගතො භික්ඛවෙ, ලුද්දස්ස. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
Sinhala BJTමච්චුරාජා න පස්සති යනු: මෘත්‍යු ද මෘත්‍යුරාජ වෙයි, මාර තෙමේ ද මෘත්‍යුරාජ වෙයි, මරණය ද මෘත්‍යුරාජ වේ. න පස්සති යනු: මෘත්‍යුරාජ තෙම නො දකියි නො දක්නේ යැ නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො කෙරේ. මේ වදාරන ලද මැ හැ භාග්‍යවතුන් විසින්: “මහණෙනි, වල්මුව තෙමේ අරනෙහි මහවෙනෙහි හැසිරෙනුයේ විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හො වී. ඒ කවර හෙයින යත්: මහණෙනි, වැද්දාගේ ඇස්හමුවට නො ගියේ ය ද එහෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේක (නීවරණවිගම) යෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරේ ද, මහණෙනි, මෙ මහණ මාරයා අඳ කෙළේ යැ, කෙලෙස් පා රහිත කොට මාරචක්‍ෂුස නසා පාපී මරහුගේ අදර්‍ශනයට (නිවනට) ගියේ යැ යි කියනු ලැබේ.”
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
Sinhala BJTතවද මහණෙනි මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරේ. මහණෙනි, මෙ මහණමාරයා අඳ කෙළේ යැ, කෙලෙස් පා රහිත කොට මාර චක්‍ෂුස නසා පාපී මරහු ගේ අදර්‍ශනයට ගියේ යැ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
Sinhala BJTතවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ගේ විරාගයෙන් ප්‍රතිඝසංඥාවන් ගේ ප්‍රහාණයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරේ ද මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, කෙලෙස්පා රහිත කොට මාරචක්‍ෂුස නසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේ යැ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනත්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්ධමකාසි මාරං, අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො. තිණ්ණො ලොකෙ විසත්තිකං සො විස්සත්ථො ගච්ඡති, විස්සත්ථො තිට්ඨති: විස්සත්ථො නිසීදති, විස්සත්ථො සෙය්යං කප්පෙති, තං කිස්ස හෙතු, අනාපාථගතො භික්ඛු පාපිමතොති{a} ‘මච්චුරාජා න පස්සතී’ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ තෙම ආකාසානඤ්චායතනය ඉක්ම විඥානය අනන්ත යැ යි විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරේ ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරේ ද, සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරේ ද, විදර්‍ශනාඥානයෙන් දැක ඔහුට ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත් ද, මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, කෙලෙස්පා රහිත කොට, මාරචක්‍ෂුස නසා, පාපිමත්හුගේ අදර්‍ශන විෂයට ගියේ යැ, ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යැ, හේ විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් මහණ පාපිමත්හු ගේ පරාඞ්මුඛයට ගියේ ද එහෙයිනැ’යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTසුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජා සදා සතො, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා, එවං ලොකං අවෙක්ඛන්තං, මච්චුරාජා න පස්සතීති.
Sinhala BJT“සුඤ්ඤතො ලෝකං -පෙ- මච්චුරාජා න පස්සති” යී.
Pali BJTසහගාථාපරියොසානා -පෙ- සාවකො හමස්මීති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග ... මම් ශ්‍රාවකයෙමී’
Pali BJTමොඝරාජ සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTමෝඝරාජ සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT16. පිඞ්ගිය සුත්තනිද්දෙසො
Sinhala BJT16. පිඞ්ගිය සූත්‍ර නිර්‍දෙශය
Pali BJT16. 1.
Sinhala BJT16. 1.
Pali BJTජිණ්ණොහමස්මි අබලො විවණ්ණො (ඉච්චායස්මා පිඞ්ගියො) නෙත්තා න සුද්ධා සවනං න ඵාසු, මාහං නස්සං මොමුහො අන්තරාව{1} ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJT(ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්‍ණයෙමි දුර්වලයෙමි විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය පහසු නො වෙයි, මම් (මුඹ වහන්සේ ගේ දහම්, පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
Pali BJTජිණ්ණොහමස්මි අබලො විවණ්ණොති: ‘ජිණ්ණොහමස්මීති-ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො වීසංවස්සසතිකො ජාතියා අබලොති අබලො දුබ්බලො අප්පබලො අප්පථාමො.{2} විවණ්ණොති වීතවණ්ණො විගතවණ්ණො විගච්ඡිතවණ්ණො. යා සා පුරිමා සුභාවණ්ණනිභා සා අන්තරහිතා ආදීනවො පාතුභූතොති ‘ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො.’
Sinhala BJTජිණ්ණොහමස්මි අබලො විවණ්ණො ‘ජිණ්ණොහමස්මි’ යනු: ජිර්ණයෙමි වෘද්ධයෙමි මහලුයෙමි තුන් වැනි විය ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියෙමි ජාතියෙන් එක්සිය විසිවස් ඇත්තෙමි. අබලො යනු: බල රහිතයෙමි දුර්වලයෙම් අල්පබල ඇතියෙමි අල්පවීර්‍ය්‍ය ඇතියෙමි. විවණ්ණො යනු: පෙරැළුණු සිවිපැහැ ඇතියෙමි පහ වූ සිවිපැහැ ඇතියෙමි දුරු වූ සිවිපැහැ ඇතියෙමි පළමු යම් සොඳුරු සිවිපැහැයෙක් වී නම් ඒ අතුරු දහන්වී යැ ආදීනව පහළ වී නුයි ’ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො’ යනු වේ.
Pali BJTඉච්චායස්මා පිඞ්ගියො’ති -පෙ-
Sinhala BJTමෙසේ ආයුෂ්මත් පිඞ්ගිය යනු....
Pali BJTනෙත්තා න සුද්ධා සවනං න ඵාසූති: නෙත්තා අසුද්ධා අවිසුද්ධා අපරිසුද්ධා අවොදාතා. නො තථා චක්ඛුනා රූපෙ පස්සාමීති නෙත්තා න සුද්ධා. සවනං න ඵාසූති-සොතා අසුද්ධා අවිසුද්ධා අපරිසුද්ධා අවොදාතා. නො තථා සොතෙන සද්දං සුණාමීති නෙත්තා න සුද්ධා සවනං න ඵාසු.
Sinhala BJTනෙත්තා න සුද්ධා සවනං න ඵාසු යනු: නේත්‍රයෝ අශුද්ධයහ විශුද්ධ නො වෙති අපරිශුද්ධයහ ප්‍රසන්න නො වෙති පෙර මෙන් ඇසින් රූ නොදක්මි නුයි ‘නෙත්තාන සුද්ධා’ යනු වේ. සවනංන ඵාසු යනු: ශ්‍රොත්‍රයෝ අශුද්ධයහ විශුද්ධ නො වෙති පරිශුද්ධ නො වෙති ප්‍රසන්න නො වෙති පෙර මෙන් කනින් හඬ නො අසම්නුයි ‘නෙත්තා න සුද්ධා සවනං න ඵාසු’ යනු වේ.
Pali BJTමාහං නස්සං මොමුහො අන්තරා වාති: ‘මාහං නස්සන්ති-මාහං නස්සං මාහං විනස්සං මාහං පනස්සං. මොමුහොති-මො මුහො{3} මොහමූළ්හො අවිද්වා අවිජ්ජාගතො අඤ්ඤාණී අවිභාවී දුප්පඤ්ඤො. අන්තරාවාති-තුය්හං ධම්මං දිට්ඨිං පටිපදං මග්ගං අනඤ්ඤාය අනධිගන්ත්වා අවිදිත්වා අපටිලභිත්වා අඵස්සයිත්වා අසච්ඡිකරිත්වා අන්තරායෙව කාලංකරෙය්යන්ති ‘මාහං නස්සං මොමුහො අන්තරාව’.
Sinhala BJTමාහං නස්සං මොමුහො අන්තරාව- ‘මාහං නස්සං’ යනු: මම් නහමක් නැසෙම්වයි මම් නහමක් වැනැසෙම්වයි මම් නහමක් විනාශ වෙම්වයි. මොමූහො යනු: අතිශයින් මූඪ වූයෙම් මෝහයෙන් මුළා වූයෙම් අවිද්වත් වූයෙම් අවිද්‍යාවට පැමිණියෙම් අඥාන වූයෙම් අපණ්ඩිත වූයෙම් දුෂ්ප්‍රාඥ වූයෙම්. අන්තරාව යනු: මුඹ වහන්සේගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය අවබෝධ නො කොට අධිගම නො කොට නො දැන නො ලැබ ස්පර්‍ශ නො කොට ප්‍රත්‍යක්‍ෂ නො කොට අතුරෙහි මැ කලුරිය කරන්නෙම් නුයි ‘මාහං නස්සං මොමූහො අන්තරාව’ යනු වේ.
Pali BJTආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤන්ති: ‘ධම්ම’න්ති-ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං, චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ, පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ආචික්ඛ, දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘ආචික්ඛ ධම්මං’. යමහං විජඤ්ඤන්ති යමහං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිවිජානෙය්යං පටිවිජ්ඣෙය්යං අධිගච්ඡෙය්යං ඵස්සෙය්යං{1} සච්ඡිකරෙය්යන්ති ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං’.
Sinhala BJTආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං - ‘ධම්මං’ යනු: ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ පරිශුද්ධ වූ ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා වූ සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්ච බලයන් සප්ත බොධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය නිර්‍වාණය හා නිර්‍වාණ ගාමී ප්‍රතිපත්ති හා වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පහළ කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව නුයි ‘ආචික්ඛ ධම්මං’ යනු වේ. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් දැනගන්නෙම් නම් ඒකාන්තයෙන් දැනගන්නෙම් නම් විවිධාකාරයෙන් දැනගන්නෙම් නම් නොයෙක් අයුරින් දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් ස්පර්‍ශ කරන්නෙම් නම් ප්‍රත්‍යක්‍ෂ කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං යනු වේ.
Pali BJTජාතිජරාය ඉධ විප්පහානන්ති ඉධෙව ජාතිජරාමරණස්ස පහානං වූපසමං පටිනිස්සග්ගං පටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘ජාතිජරාය ඉධ විප්පහානං’.
Sinhala BJTජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණෙ:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො (ඉච්චායස්මා පිඞ්ගියො) නෙත්තා න සුද්දා සවනං න ඵාසු මාහං නස්සං මොමුහො අන්තරා ව ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහාන”න්ති
Sinhala BJT“ජිණ්ණොහමස්මි -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යී.
Pali BJT16. 2.
Sinhala BJT16. 2.
Pali BJTදිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ (පිඞ්ගියාති භගවා) රුප්පන්ති රූපෙසු ජනා පමුත්තා, තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු රූපං අපුනබ්භවාය.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනුවන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමාද වූ ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශල ධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
Pali BJTදිස්වාන රූපෙසු විහඤ්ඤමානෙති: ‘රූප’න්ති-චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. සත්තා රූපහෙතු රූපපච්චයා රූප කාරණා හඤ්ඤන්ති විහඤ්ඤන්ති උපහඤ්ඤන්ති උපඝාතීයන්ති{2} රූපෙ සති විවිධා කම්මකාරණා කාරෙන්ති.{3} කසාහිපි තාළෙන්ති වෙත්තෙහිපි තාළෙන්ති අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති,
Sinhala BJTදිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූපප්‍රත්‍යයෙන් රූපකාරණයෙන් නැසෙති වැනැසෙති වෙසෙසින් නසනු ලැබෙත්. රූපය ඇති කල්හි නො එක් කම්කටොලු කරවති: කසයෙනුදු තළති, වේවැලිනිදු තළති, අඩදඬියේ (මුගුරි) නුදු තළති, අත් ද සිඳිති, පා ද සිඳිති, අත්පා ද සිඳිති, කනුදු සිඳිති,
Pali BJTනාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, එණෙය්යකම්පි කරොන්ති බලිසමංසිකම්පි කරොන්ති, කහාපණාකම්පී{1} කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පළිඝපරිවත්තිකම්පි කරොන්ති පළාලපිට්ඨි{2}කම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති. ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. එවං සත්තා රුපහෙතු රූපපච්චයා-රූපකාරණා හඤ්ඤන්ති විහඤ්ඤන්ති උපහඤ්ඤන්ති උපඝාතීයන්ති{3}. එවං හඤ්ඤමානෙ විහඤ්ඤමානෙ උපහඤ්ඤමානෙ උපඝාතීයමානෙ දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ’.
Sinhala BJTනැහැය ද සිඳිති, කන්නාසා ද සිඳිති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඬු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනි වළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තිහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිලියෙන් මස් සිඳුණා කම් කටොලු ද කෙරෙති, කහාපණක කම්කටොලු කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (කීණ බල්ලන්) ලවා ද කවති, දිවස්හුල ද හිඳුවති. කඩුවෙනුදු හිස සිඳිත්. මෙසෙයින් සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූප ප්‍රත්‍යයෙන් රූප කාරණයෙන් නැසෙති වැනැසෙති නසනු ලැබෙති වනසනු ලැබෙත්. මෙසේ නැසෙනුවත් වැනැසෙනුවත් නසනු ලබනුවන් වෙසෙසින් නසනු ලබනුවන් දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘දිස්වාන රූපෙසු විහඤ්ඤ මානෙ’ යනු වේ.
Pali BJTපිඞ්ගියාති-භගවා තං බ්රාහ්මණං නාමෙන ආලපති, භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං භගවාති ‘පිඞ්ගියාති භගවා. ‘
Sinhala BJTපිඞ්ගිය යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරව නාම යැ ... මේ ‘භගවා’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි’ පිඞ්ගියා’ ති භගවා’ යනු වේ.
Pali BJTරුප්පන්ති රූපෙසු ජනා පමත්තාති: ‘රුප්පන්තී’ති රුප්පන්ති කුප්පන්ති පීළයන්ති{4} ඝට්ටයන්ති{5} බ්යාධිකා දොමනස්සිතා හොන්ති චක්ඛුරොගෙන රුප්පන්ති, කුප්පන්ති පීළයන්ති ඝට්ටයන්ති බ්යාධිනා දොමනස්සිතා හොන්ති, සොතරොගෙන -පෙ- කායරොගෙන -පෙ- ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙන රුප්පන්ති, කුප්පන්ති පීළයන්ති ඝට්ටයන්ති බ්යාධිතා දොමනස්සිතා හොන්තීති රුප්පන්ති රූපෙසු. අථවා චක්ඛුස්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ{6} විගච්ඡමානෙ අන්තරධායමානෙ රුප්පන්ති -පෙ- දොමනස්සිතා හොන්ති. සොතස්මිං-ඝානස්මිං-ජිව්හාය-කායස්මිං-රූපස්මිං-සද්දස්මිං-ගන්ධස්මිං- රසස්මිං-ඵොට්ඨබ්බස්මිං-කුලස්මිං-ගණස්මිං-ආවාසස්මිං-ලාභස්මිං-යසස්මිං-පසංසාය-සුඛස්මිං-චීවරස්මිං-පිණ්ඩපාතස්මිං-සෙනාසනස්මිං- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරස්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ{6} විගච්ඡමානෙ අන්තරධායමානෙ රුප්පන්ති කුප්පන්ති පීළයන්ති ඝට්ටයන්ති බ්යාධිතා දොමනස්සිතා හොන්තීති එවම්පි ‘රුප්පන්ති රූපෙසු’. ජනාති ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච. පමත්තාති. පමාදො වත්තබ්බො: කායදුච්චරිතෙන වා වචීදුච්චරිතෙන වා මනොදුච්චරිතෙන වා පඤ්චසු කාමගුණෙසු චිත්තස්ස වොස්සග්ගො{7} වොස්සග්ගානුප්පදානං කුසලානං වා ධම්මානං භාවනාය අසක්කච්චකිරියතා අසාතච්චකිරියතා අනවට්ඨිතකිරියතා{8} ඔලීනවුත්තිතා නික්ඛිත්තඡන්දතා නික්ඛිත්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම්මං අනධිට්ඨානං අනනුයොගො පමාදො.{a} යො එවරූපො පමාදො පමජ්ජනා පමජ්ජිතත්තං අයං වුච්චති පමාදො”. ඉමිනා පමාදෙන සමන්නාගතා ජනා පමත්තාති ‘රුප්පන්ති රූපෙසු ජනා පමත්තා’.
Sinhala BJTරුප්පන්ති රූපෙසු ජනා පමත්තා රුප්පන්ති යනු: නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. චක්‍ෂු රෝගයෙන් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. ශ්‍රොත්‍රරොගයෙන්...කායරොගයෙන් මැසි-මදුරු-වා-අවු-දිග්දෑ පහසින් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත් නුයි ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. නොහොත් ඇස හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති... චිත්තවිඝාතයට පැමිණියාහු වෙත්. කන-නැහැය-දිව-කය- රූපය- ශබ්දය-ගන්‍ධය-රසය-ස්ප්‍රෂ්ටව්‍යය- කුලය- ගණය- ආවාසය- ලාභය- යසස- ප්‍රශංසාව- සුඛය- සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති කිපෙති (පෙරැළෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු චිත්ත විඝාතයට පැමිණියාහු වෙත් නුයි මෙසේත් ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. ජනා යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යෙයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද පමත්තා යි, ප්‍රමාදය කිය යුතු යි: කාය දුශ්චරිතයෙන් වේවයි වාග්දුශ්චරිතයෙන් වේවයි මනෝදුශ්චරිතයෙන් වේවයි පස්කම් ගුණයෙහි සිත බැස ගැන්ම බැස ගැන්මට අනුබල දීම, කුශල ධර්‍මයන්ගේ හෝ වැඩීම සකසා නො කරනබව, සතතයෙන් නො කරනබව, නො බැස ගත් ක්‍රියා ඇති බව, පසු බට පැවතුම් ඇති බව, බහා තුබූ කුශලච්ඡන්‍ද ඇති බව, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව, ආසේවන නො කිරීම, අභාවනය, පුන පුනා නො කිරීම, අනධිෂ්ඨානය, අනනුයොගය, ප්‍රමාදය වෙයි. මෙ බඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙකි හටගත් ප්‍රමාද ඇති බවෙක් වේ ද මේ ප්‍රමාද යැ කියනු ලැබේ. මේ ප්‍රමාදයෙන් සමන්‍වාගත ජනයෝ ප්‍රමත්තයෝ නුයි ‘රූප්පන්ති රූපෙසු ජනා පමත්තා’ යනු වේ.
Pali BJTතස්මා තුවං පිඞ්ගිය අප්පමත්තොති: ‘තස්මා’ති-තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා එවං ආදීනවං සම්පස්සමානො රූපෙසූති තස්මා තුවං පිඞ්ගිය. අප්පමත්තොති සක්කච්චකාරී සාතච්චකාරී -පෙ- අප්පමාදො කුසලෙසු ධම්මෙසූති ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො’.
Sinhala BJTතස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො- තස්මා යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තන්නිදානයෙන් මෙසේ රූපයන්හි ආදීනව දකිමින් නුයි ‘තස්මා තුවං පිඞ්ගිය‘ යනු වේ. අප්පමත්තො යනු: සකසා කරනසුලු සතතයෙන් කරනසුලු... කුශලධර්‍මයන්හි අප්‍රමාද වූයේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො‘ යනු වේ.
Pali BJTජහස්සු රූපං අපුනබ්භවායාති: ‘රූප’න්ති: චත්තාරො මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං, ජහස්සු රූපන්ති-ජහස්සු රූපං, පජහස්සු රූපං, විනොදෙහි රූපං, බ්යන්තීකරොහි රූපං, අනභාවං ගමෙහි රූපං. අපුනබ්භවායාති යථා තෙ රූපං ඉධෙව නිරුජ්ඣෙය්ය පුන පටිසන්ධිකො භවො න නිබ්බත්තෙය්ය කාමධාතුයා චා රූපධාතුයා වා අරූපධාතුයා වා කාමභවෙ වා රූපභවෙ වා අරූපභවෙ වා සඤ්ඤා භවෙ වා අසඤ්ඤාභවෙ වා නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ වා එකවොකාරභවෙ වා චතුවොකාරභවෙ වා පඤ්චවොකාරභවෙ වා පුනගතියා වා උපපත්තියා වා පටිසන්ධි යා භවෙ වා සංසාරෙ වා වට්ටෙ වා ජනෙය්ය න සංජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය, ඉධෙව නිරුජ්ඣෙය්ය, වූපසමෙය්ය අත්ථං ගච්ඡෙය්ය පටිප්පස්සම්භෙය්යාති ‘ජහස්සු රූපං අපුනබ්භවාය.’
Sinhala BJTජහස්සු රූපං අපුනබ්හවාය- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, ජහස්ස රූපං යනු: රූපය හැරපියව රූපය වෙසෙසින් හැරපියව රූපය දුරලව රූපය විගතාන්ත කරව රූපය අනුඅභාවයට පමුණුව. අපුනබ්හවාය යනු: යම් සේ තා ගේ රූපය මෙ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ නම්, වටාලා පිළිසිඳ ඇති භවයෙක් නූපදී නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාම භවයෙහි හෝ රූප භවයෙහි හෝ අරූප භවයෙහි හෝ සංඥා භවයෙහි හෝ අසංඥා භවයෙහි හෝ නෛවසංඥානාසංඥාභවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවෝකාර භවයෙහි හෝ පුනර්ගතයෙහි හෝ උපප්‍රාප්තියෙහි හෝ ප්‍රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තයෙහි හෝ නූපදී නම් මොනොවට නූපදී නම් නො නිපදනේ නම් මොනොවට නො නිපදනේ නම් මෙ අත් බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් සන්හිඳෙන්නේ නම් අස්තයට යේ නම්, නවත්නේ නම් නුයි ‘ජහස්සු රූපං අපුනබ්භවාය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ (පිඞ්ගියාති භගවා) රුප්පන්ති රූපෙසු ජනා පමත්තා, තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු රූපං අපුනබ්භවායා’ති.
Sinhala BJT“දිස්වාන රූපෙසු -පෙ- ජහස්සු රූපං අපුනබ්හවාය” යි.
Pali BJT16. 3.
Sinhala BJT16. 3.
Pali BJT“දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධො දසදිසා ඉමායො, න තුය්හං අදිට්ඨං අසුතා{1}මුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්ච{2}නමත්ථි ලොකෙ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය{3} ඉධ විප්පහානං.
Sinhala BJTසතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද ලොවැ මෙ හැම තන්හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්‍රාණ ස්වාදන ස්පර්‍ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක්‍ නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
Pali BJTදිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධො දසදිසා ඉමායොති දසදිසා,
Sinhala BJTදිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධෝ දසදිසා ඉමායො යනු දස දික්හු යැ.
Pali BJTන තුය්හං අදිට්ඨං අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලොකෙ ති තුය්හං අදිට්ඨං අසුතං අමුතං අවිඤ්ඤාතං කිඤ්චි අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො{4} නත්ථි, න සන්ති න සංවිජ්ජති නූපලබ්භතීති ‘න තුය්හං අදිට්ඨං අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලොකෙ.’
Sinhala BJTන තුය්හං අදිට්ඨං අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්‍ථි ලෝකේ යනු: මුඹ වහන්සේ විසින් නුදුටු නො ඇසු නො වුන් නො දත් කිසි අත්මාර්ථයෙක් හෝ පරාර්ථයෙක් හෝ උභයාර්ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ථයෙක් හෝ සම්පරායිකාර්ථයෙක් හෝ උත්තානාර්ථයෙක් හෝ ගම්භීරාර්ථයෙක් හෝ ගුඪාර්ථයෙක් හෝ ප්‍රතිච්ඡන්නාර්ථයෙක් හෝ ඥෙයාර්ථයෙක් හෝ නීතාර්ථයෙක් හෝ නිරවද්‍යාර්ථයෙක් හෝ නික්ලේශාර්ථයෙක් හෝ ව්‍යවදානාර්ථයෙක් හෝ පරමාර්ථාර්ථයෙක් හෝ නැත. නො වෙයි විද්‍යාමාන නො වෙයි නො ලැබේ නුයි ‘න තුය්හං අදිට්ඨං, අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලෝකේ’ යනු වේ.
Pali BJTආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤන්ති: ‘ධම්ම’න්ති-ආදිකල්යාණං -පෙ- නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. යමහං විජඤ්ඤන්ති යමහං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිවිජානෙය්යං පටිවිජ්ඣෙය්යං අධිගච්ඡෙය්යං ඵස්සෙය්යං{1} සච්ඡිකරෙය්යන්ති ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං’.
Sinhala BJTආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං- ‘ධම්මං’ යනු: ආදි කල්‍යාණ වූ .... නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත් ද වදාළ මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ පිහිටුව මැනැවැ විවෘති කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් හාත්පසින් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් පහස්නෙම් නම් පසක් කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
Pali BJTජාතිජරාය ඉධ විප්පහානන්ති ‘ඉධෙව ජාතිජරාමරණස්ස පහානං වූපසමං පටිනිස්සග්ගං පටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘ජාතිජරාය ඉධ විප්පහානං’.
Sinhala BJTජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධො දසදිසා ඉමායො, න තුය්හං අදිට්ඨං අසුතාමුතං වා. අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලොකෙ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහාන”න්ති
Sinhala BJT“දිසා චතස්සො -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.
Pali BJT16. 4.
Sinhala BJT16. 4.
Pali BJTතණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො (පිඞ්ගියාති භගවා) සන්තාපජාතෙ ජරසා පරෙතෙ තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු තණ්හං අපුනබ්භවාය.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) (යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත් තැවුල් ඇතියන් ජරායෙන් මඩනා ලදුවන් වැ දක්නවු ද, එහෙයින් පිඞ්ගිය, තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරව යි.
Pali BJTතණ්හාධිපන්නෙ{2} මනුජෙ පෙක්ඛමානොති ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා, තණ්හාධිපන්නෙනති තණ්හාඅධිපන්නෙ තණ්හානුගෙ තණ්හානුගතෙ තණ්හානුසටෙ තණ්හායාපන්නෙ{3} පටිපන්නෙ අභිභූතෙ පරියාදින්නචිත්තෙ. මනුජෙති සත්තාධිවචනං. පෙක්ඛමානොති පෙක්ඛමානො දක්ඛමානො ඔලොකයමානො නිජ්ඣායමානො උපපරික්ඛයමානොති ‘තණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො.
Sinhala BJTතණ්හාධිපතිපන්නෙ මනුජෙ පෙක්ඛමානො- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්‍මතෘෂ්ණා යි. තණ්හාධිපන්නෙ යනු තෘෂ්ණායෙහි ගැලුණවුන් තෘෂ්ණාව අනුව ගියවුන් තෘෂ්ණායෙහි පිවිසියන් තෘෂ්ණායෙන් වැසුණවුන් තෘෂ්ණාවට පැමිණියවුන් ප්‍රතිපන්නයන් මඬනා ලද්දවුන් හාත්පසින් මැඩ ගත් සිත් ඇතියන්. මනුජෙ යනු: සත්ත්‍වයනට නමෙකි. පෙක්ඛමානො යනු: බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘තන්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො’ යනු වේ.
Pali BJTපිඞ්ගියාති භගවාති -පෙ-
Sinhala BJTපිඞ්ගියාති භගවා යනු....
Pali BJTසන්තාපජාතෙ ජරසා පරෙතෙති: ‘සන්තාපජාතෙ’ති ජාතියා සන්තාපජාතෙ ජරාය සන්තාපජාතෙ ව්යාධිනා සන්තාපජාතෙ මරණෙන සන්තාපජාතෙ සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි සන්තාපජාතෙ නෙරයිකෙන දුක්ඛෙන සන්තාපජාතෙ -පෙ- දිට්ඨිබ්යසනෙන දුක්ඛෙන සන්තාපජාතෙ ඊතිජාතෙ උපද්දව ජාතෙ උපසග්ගජාතෙහි ‘සන්තාපජාතෙ. ජරසා පරෙතෙති ජරාය ඵුට්ඨෙ පරෙතෙ සමොහිතෙ සමන්නාගතෙ ජාතියා අනුගතෙ ජරාය අනුසටෙ බ්යාධිනා අභිභූතෙ මරණෙන අබ්භාහතෙ අතාණෙ අලෙනෙ අසරණෙ අසරණීභූතෙති ‘සන්තාපජාතෙ ජරසා පරෙතෙ’.
Sinhala BJTසන්තාපජාතෙ ජරසා පරෙතෙ- ‘සන්තාපජාතෙ’ යනු: ජාතියෙන් හටගත් තැවුලි ඇතියන් ජරායෙන් හටගත් තැවුලි ඇතියන් ව්‍යාධියෙන් හටගත් තැවුලි ඇතියන් මරණයෙන් හටගත් තැවුලි ඇතියන් ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්‍යයන්ගෙන් හටගත් තැවුලි ඇතියන් නිරෑදුකින් හටගත් තැවුලි ඇතියන්... දෘෂ්ටි ව්‍යසනදුඃඛයෙන් හටගත් තැවුලි ඇතියන් හටගත් දුක් ඇතියන් හටගත් උවදුරු ඇතියන් හටගත් උපසර්‍ග ඇතියනැ’ යි ‘සන්තාපජාතෙ’ යනු වේ. ‘ජරසා පරෙතෙ’ යනු: ජරායෙන් පහස්නා ලදුවන් මඬනාලදුවන් ඇතුළත පිවිසියන් සමන්‍වාගත වූවන් ජාතියෙහි පිවිසියන් ජරායෙන් වැසුණවුන් ව්‍යාධියෙන් මඬනාලදුවන් මරණයෙන් පහළ වුන් රක්‍ෂාස්ථාන රහිතයන් නිලීනස්ථාන රහිතයන් සරණරහිතයන් අසරණිභූතයනැ’යි ‘සන්තාපජාතෙ ජරසා පරෙතෙ’ යනු වේ.
Pali BJTතස්මා තුවං පිඞ්ගිය අප්පමත්තොති: ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා, එවං ආදීනවං සම්පස්සමානො තණ්හායාති, ‘තස්මා තුවං පිඞ්ගිය. අප්පමත්තොති සක්කච්චකාරී -පෙ- අප්පමාදො කුසලෙසු ධම්මෙසූති ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො’.
Sinhala BJTතස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් එ පසයෙන් ඒ නිදානයෙන්, මෙසේ තෘෂ්ණායෙහි ආදීනව දක්නේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය යනු වේ. අප්පමත්තො යනු: සකසා කරනසුලු... කුසල් දහම්හි නො පමා වූයේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො‘ යනු වේ.
Pali BJTජහස්සු තණ්හං අපුනබ්භවායාති තණ්හාති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා. ජහස්සු තණ්හන්ති ජහස්සු තණ්හං පජහස්සු තණ්හං විනොදෙහි තණ්හං, බ්යන්තී කරොහි තණ්හං අනභාවං ගමෙහි තණ්හං. අපුනබ්භවායාති යථා තෙ -පෙ- පුන පටිසන්ධිකො භවො න නිබ්බත්තෙය්ය, කාමධාතුයා චා රූපධාතුයා වා අරූපධාතුයා වා කාමභවෙ වා රූපභවෙ වා අරූපභවෙ වා සඤ්ඤා භවෙ වා අසඤ්ඤාභවෙ වා නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ වා එකවොකාරභවෙ වා චතුවොකාරභවෙ වා පඤ්චවොකාරභවෙ වා පුනගතියා වා උපපත්තියා වා පටිසන්ධියා වා භවෙ වා සංසාරෙ වා වට්ටෙ වා ජනෙය්ය න සංජනෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය ඉධෙව නිරුජ්ඣෙය්ය, වූපසබ්භෙය්ය අත්ථංගච්ඡෙය්ය පටිප්පස්සම්භෙය්යාති ‘ජහස්සු තණ්හං අපුනබ්භවාය.’
Sinhala BJTජයස්සු තණ්හං අපුනබ්හවාය- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. ජයස්සු තණ්හං යනු: තෘෂ්ණාව හැරපියව තෘෂ්ණාව වෙසෙසින් හැරපියව තෘෂ්ණාව දුරු කරව තෘෂ්ණාව විගතාන්ත කරව තෘෂ්ණාව අනු අභාවයට පමුණුව. අපුනබ්භවාය යනු: යම්සේ තාගේ... වටාලා පිළිසඳ ඇති භවය නූපදනේ නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාමභවයෙහි හෝ රූපභවයෙහි හෝ අරූපභවයෙහි හෝ සංඥාභවයෙහි හෝ අසංඥාභවයෙහි හෝ නෛවසංඥානාසංඥාභවයෙහි හෝ ඒකවොකාරභවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවොකාරභවයෙහි හෝ පුනර්ගතියෙහි හෝ උපප්‍රාප්තියෙහි හෝ ප්‍රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තියෙහි හෝ නූපදනේ නම් (අවයව ප්‍රාදුර්භාවයෙන්) මොනොවට නූපදනේ නම් නො නිපදනේ නම් වෙසෙසින් නො නිපදනේ නම් මෙ අත් බැව්හි ම නිරුද්ධ වන්නේ නම් සන්හිඳෙන්නේ නම් අස්තයට යන්නේ නම් නො පවත්නේ නම් නුයි ‘ජයස්සු තණ්හං අපුනබ්භවාය’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJTතණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො-(පිඞ්ගියාති භගවා) සන්තාපජාතෙ ජරසා පරෙතෙ, තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු තණ්හං අපුනබ්භවායා’ති.
Sinhala BJT“තණ්හාධිපන්නෙ -පෙ- ජහස්සු තණ්හං අපුනබ්භවාය” යි.
Pali BJTසහගාථාපරියොසානා යෙ තෙ බ්රාහ්මණෙන සද්ධිං එකච්ඡන්දා එකපයොගො එකාධිප්පායා එකවාසනවාසිතා, තෙසං නෙකපාණසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති. තස්ස බ්රාහ්මණස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා මැ එ බමුණු හා සමග එක් අදහස් ඇති එක් පියෝ ඇති එක් රිසි ඇති වඩන ලද එක් බැවුන් ඇති යම් කෙනෙක් වූහු නම් ඒ නොයෙක් දහස්ගණන් ප්‍රාණීන්ට ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි රාගාදි රජස් රහිත වූ රාගාදි මල රහිත වූ ධර්‍මචක්‍ෂුස පහළ විය. එ බමුණුහට ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විරජ වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස උපන.
Pali BJTසහ ධම්මචක්ඛුස්ස පටිලාභා අජිනජටාවාකචීර{1}දණ්ඩකමණ්ඩලු කෙසා ච මස්සු ච අන්තරහිතා. භණ්ඩු කාසායවත්ථවසනො සඞ්ඝාටිපත්තචීවරධරො භික්ඛු අන්වත්ථපටිපත්තියා පඤ්ජලිකො භගවන්තං නමස්සමානො නිසින්නො හොති: ‘සත්ථා මෙ භන්තෙ භගවා සාවකො ‘හමස්මී’ති.{2}
Sinhala BJTධර්මචක්ෂුස්හුගේ ප්‍රතිලාභය හා සමඟ අඳුන්දිවිසම් දළමඬුලු ඝණ වැහැරි දඬ කමඬලා හා කෙස් මස් හා අතුරුදහන් වීය. පිඞ්ගිය තෙමේ මුඬුහිස් ඇත්තේ හන්පෙරවි කසාවත් ඇත්තේ සඟළ-පා-සිවුරු ධරනුයේ අන්‍වර්ථ ප්‍රතිපත්ති (ඉෂ්ටාර්ථලාභ) යෙන් බදැඳිලි වැ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශාස්තෘ වන සේක, මම් ශ්‍රාවකයෙමී” භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
Pali BJTපිඞ්ගිය සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTපිඞ්ගිය සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT17. පාරායනානුගීති නිද්දෙසො
Sinhala BJT17. පාරායණානුගීති නිර්‍දෙශය
Pali BJT“ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ පරිචාරකසොළසානං බ්රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පඤ්හං බ්යාකාසි.”
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩ වසනසේක් මේ පාරායණ සූත්‍රය වදාළසේක (බාවරි) ඇතැවැසි (පිඞ්ගිය හා සමග) සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුළුවුත්හු පැන විසඳුසේක.”
Pali BJTඉදමවොච භගවාති ඉමං පාරායානං{1} අවොච. භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං “භගවාති ඉදමවොච භගවා.”
Sinhala BJTඉදමවො ච භගවා යනු: මේ පාරායණ සූත්‍රය වදාළහ. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවත්’ යනු බෝමුල්හි සිව්සස් පසක් කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘ඉදමවො ච භගවා’ යනු වේ.
Pali BJTමගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙති ‘මගධෙසූ’ති මගධනාමකෙ ජනපදෙ විහරන්තොති චරන්තො විහරන්තො ඉරීයන්තො වත්තෙන්තො පාලෙන්තො යපෙන්තො යාපෙන්තො. පාසාණකෙ චෙතියෙති. පාසාණකචෙතියං වුච්චති බුද්ධාසනන්ති මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ.
Sinhala BJTමගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ - මගධෙසු යනු: ‘මගධ’ නම් ඇති දනවියෙහි. විහරන්තො යනු: හැසිරෙන්නාහු වෙසෙන්නාහු ඉරියවු පවත්වන්නාහු වැටෙන්නාහු පාලනය කරන්නාහු යැපෙන්නාහු යාපනය කරන්නාහු. පාසාණකෙ චෙතියෙ යනු: ‘පාසාණක චේතිය’ යි බුද්ධාසනය කියනු ලැබේ නුයි ‘මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ’ යනු වේ.
Pali BJTපරිචාරක සොළසානං බ්රාහ්මණානන්ති පිඞ්ගියො බ්රාහ්මණො බාවරිස්ස බ්රාහ්මණස්ස පද්ධො පද්ධචරො පරිචාරකො සිස්සො. තෙන{2} ‘තෙ සොළසාති එවම්පි පරිචාරකසොළසානං බ්රාහ්මණානං. අථවා තෙ සොළසබ්රාහ්මණා බුද්ධස්ස භගවතො පද්ධා පද්ධචරා පරිචාරිකා සිස්සාති එවම්පි පරිචාරකසොළසානං බ්රාහ්මණානං.
Sinhala BJTපරිචාරකසොළසානං බ්‍රහ්මණනාං යනු: පිඞ්ගිය බ්‍රාහ්මණ තෙම බාවරී බමුණු ගේ ඇතැවැසි වූයේ පසැහි හැසිරෙනුයේ පරිචාරක වූයේ ශිෂ්‍ය වූයේ යි. පිඞ්ගිය හා සමග ඔහු සොළොස් දෙනෙක් වෙත් නුයි මෙසේත් ‘පරිචාරකසොළසානං බ්‍රාහ්මණනාං’ යනු වේ. නොහොත් ඒ සොළොස් බමුණුහු භාග්‍යවත් බුදුන්ගේ ඇතැවැසියහ, පසැ හැසිරෙනුවහ, පරිචාරකයහ, ශිෂ්‍යහ’යි මෙසේත් ‘පරිචාරකසොළසානං බ්‍රාහ්මණනාං’ යනු වේ.
Pali BJTඅජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්යාකාසීති ‘අජ්ඣිට්ඨො’ති අජ්ඣිට්ඨො අජ්ඣෙසිතො. පුට්ඨො පුට්ඨොති පුට්ඨො පුට්ඨො පුච්ඡිතො පුච්ඡිතො යාචිතො යාචිතො අජ්ඣෙසිතො අජ්ඣෙසිතො පසාදිතො පසාදිතො. පඤ්හං බ්යාකාසීති පඤ්හං බ්යාකාසි ආචික්ඛ දෙසෙහි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානීඅකාසි පකාසෙසීති ‘අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්යාකාසි. තෙනෙතං වුච්චති: “ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ පරිචාරිකසොළසානං බ්රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං බ්යාකාසී”ති.
Sinhala BJTඅජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ඛ්‍යාකාසි- ‘අජ්ඣිට්ඨො’ යනු: අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු. පුට්ඨො පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු පුළුවුස්නා ලදහු විචාරන ලදහු විචාරන ලදහු යදනා ලදහු යදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු පහදවන ලදහු. පඤ්හං ඛ්‍යාකාසි යනු: පැන විසඳූහ වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘත කළහ විභාග කළහ පහළ කළහ පැවැසූහ යි ‘අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ඛ්‍යාකාසි’ යනු වේ. එයින් තෙල කියනු ලැබෙයි: “ඉදමවොච භගවා -පෙ- පඤ්හං ඛ්‍යාකාසි” යි.
Pali BJT“එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය, ගච්ඡෙය්යෙව ජරාමරණස්ස පරං පාරං ගමනියා ඉමෙ ධම්මාති තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනංත්වෙව අධිවචනං.”
Sinhala BJT“එකෙකි පැනයෙකැ පෙළ අරුත් දැන පෙළ දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි (යමෙක්) පිළිපදනේ නම් හේ ජරාමරණයාගේ පරතෙරට යන්නේ මැ යැ, යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාරගමනාර්භ වෙත් ද එහෙයින් මේ ධර්‍මපර්‍ය්‍යාය ‘පාරායණ’ යී මැ නම් වී”
Pali BJTඑකමෙකස්ස චෙපි පඤ්හස්සාති: එකමෙකස්ස චෙපි අජිත පඤ්හස්ස, එකමෙකස්ස චෙපි තිස්සමෙත්තෙය්යපඤ්හස්ස. එකමෙකස්ස චෙපි පුණ්ණකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි මෙත්තගුපඤ්හස්ස, එකමෙකස්ස චෙපි ධොතකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි උපසිවපඤ්හස්ස, එකමෙකස්ස චෙපි නන්දකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි හෙමකපඤ්හස්ස, එකමෙකස්ස චෙපි තොදෙය්යපඤ්හස්ස, එකමෙකස්ස චෙපි කප්පපඤ්හස්ස, එකමෙකස්ස චෙපි ජතුකණ්ණිපඤ්හස්ස, එකමෙකස්ස චෙපි භද්රාවුධපඤ්හස්ස, එකමෙකස්ස චෙපි උදයපඤ්හස්ස, එකමෙකස්ස චෙපි පොසාලපඤ්හස්ස, එකමෙකස්ස චෙපි මොඝරාජපඤ්හස්ස එකමෙකස්ස චෙපි පිඞ්ගියපඤ්හස්සාති එකමෙකස්ස චෙපි පඤ්හස්ස.
Sinhala BJTඑකමෙකස්ස චෙ’පි පඤ්හස්ස යනු: එකෙකි අජිත ප්‍රශ්නයාගේ ද එකෙකි තිස්සමෙත්තෙය්‍ය ප්‍රශ්නයාගේ ද එකෙකි පුණ්ණක ප්‍රශ්නයාගේ ද එකෙකි මෙත්තගූ ප්‍රශ්නයාගේ ද එකෙකි ධෝතක ප්‍රශ්නයාගේ ද එකෙකි උපසීව ප්‍රශ්නයාගේ ද එකෙකි නන්‍දක ප්‍රශ්නයාගේ ද එකෙකි හේමක ප්‍රශ්නයාගේ ද එකෙකි තෝදෙය්‍ය ප්‍රශ්නයාගේ ද එකෙකි කප්ප ප්‍රශ්නයාගේ ද එකෙකි ජතුකණ්ණි ප්‍රශ්නයාගේ ද එකෙකි භද්‍රාවුධ ප්‍රශ්නයාගේ ද එකෙකි උදය ප්‍රශ්නයාගේ ද එකෙකි පෝසාල ප්‍රශ්නයාගේ ද එකෙකි මෝඝරාජ ප්‍රශ්නයාගේ ද එකෙකි පිඞ්ගිය ප්‍රශ්නයාගේ ද.
Pali BJTඅත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤායාති: ස්වෙව පඤ්හො ධම්මො, විස්සජ්ජනං අත්ථො, අත්ථමඤ්ඤායාති අත්ථං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති අත්ථමඤ්ඤාය. ධම්මමඤ්ඤායාති ධම්මං අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය’.
Sinhala BJTඅත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු: එ මැ ප්‍රශ්නය ධර්‍ම යැ, විසර්ජනය අර්‍ත්‍ථ යි. අත්‍ථමඤ්ඤාය යනු: අරුත් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට පහළ කොට නුයි ‘අත්‍ථමඤ්ඤාය’ යනු වේ. ධම්මමඤ්ඤාය යනු: පෙළ දහම දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘අත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය’ යනු වේ.
Pali BJTධම්මානුධම්මං පටිපජ්ජෙය්යාති: සම්මාපටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං පටිපජ්ජෙය්යාති ‘ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය’.
Sinhala BJTධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය යනු: සම්‍යක් ප්‍රතිපදාවට අනුලෝම ප්‍රතිපදාවට ප්‍රත්‍යනීක (අවිරුද්ධ) ප්‍රතිපදාවට අන්වර්ත්ථ ප්‍රතිපදාවට ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපදනේ නම් නුයි ‘ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය’ යනු වේ.
Pali BJTගච්ඡෙය්යෙව ජරාමරණස්ස පාරන්ති: ජරාමරණස්ස පාරං වුච්චති අමතං නිබ්බානං “යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං” ගච්ඡෙය්යෙව ජරාමරණස්ස පාරන්ති ජරාමරණස්ස පාරං ගච්ඡෙය්ය, පාරං අධිගච්ඡෙයං පාරං අධිඵස්සෙය්ය, පාරං සච්ඡිකරෙය්යාති ගච්ඡෙය්යෙව ජරාමරණස්ස පාරං.
Sinhala BJTගච්ඡෙය්‍යෙ ව ජරාමරණස්ස පාරං- ජරාමරණයාගේ පාරය යි අමාමහ නිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි. ගච්ඡෙය්‍යෙ’ව ජරාමරණස්ස පාරං යනු: ජරාමරණයාගේ පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්‍ශ කරන්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නුයි ‘ගච්ඡෙය්‍යෙ’ව ජරාමරණස්ස පාරං’ යනු වේ.
Pali BJTපාරං ගමනියා ඉමෙ ධම්මාති: ඉමෙ ධම්මා පාරං ගමනියා පාරං පාපෙන්ති පාරං සංපාපෙන්ති පාරං සමනුපාපෙන්ති ජරාමරණස්ස තරණාය සංවත්තන්තීති ‘පාරං ගමනියා ඉමෙ ධම්මා’ති.
Sinhala BJTපාරං ගමනියා ඉමෙ ධම්මා යනු: මේ ධර්‍මයෝ පාරගමනාර්භ වූවාහු පාරයට පමුණුවති පාරයට මැනැවින් පමුණුවති පාරයට මොනොවට පමුණුවති ජරාමරණයාගේ තරණය පිණිස පවතිත් නුයි ‘පාරං ගමනියා ඉමෙ ධම්මා’ යනු වේ.
Pali BJTතස්මා ඉමස්ස ධම්මපරියායස්සාති: ‘තස්මා’ති තස්මා තංකාරණා තංහෙතු තප්පච්චයා තංනිදානා. ඉමස්ස ධම්මපරියායස්සාති ඉමස්ස පාරායනස්සාති ‘තස්මා ඉමස්ස ධම්මපරියායස්ස. ‘
Sinhala BJTතස්මා ඉමස්ස ධම්මපරියායස්ස - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත් ප්‍රත්‍යයෙන් තත්නිදානයෙන්. ඉමස්ස ධම්මපරියායස්ස යනු: මේ පාරායණ සුත්‍රයට නුයි ‘තස්මා ඉමස්ස ධම්මපරියායස්ස’ යනු වේ.
Pali BJTපාරායනං ත්වෙව අධිවචනන්ති ‘පාරං’ වුච්චති අමතං -පෙ- නිරොධො නිබ්බානං, අයනං වුච්චති මග්ගො, සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අධිවචනන්ති සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරො නාමං නාමකම්මං නාමධෙය්යං නිරුත්ති බ්යඤ්ජනං අභිලාපොති ‘පාරායනං ත්වෙව අධිවචනං.
Sinhala BJTපාරායනංනෙත්‍ව’ච අධිවචනං යනු: ‘පාරං’ යි අමාමහනිවන කියනු ලැබෙයි ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්‍ගය කියනු ලැබෙයි. අධිවචනං යනු: සංඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නු යි ‘පාරායනංනෙත්‍ව’ච අධිවචනං’ යනු වේ.
Pali BJTතෙනෙතං වුච්චති:
Sinhala BJTඑයින් තෙල කියනු ලැබෙයි:
Pali BJT“එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය ගච්ඡෙය්යෙව ජරාමරණස්ස පාරං පාරඞ්ගමනියා ඉමෙ ධම්මා”ති තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනං ත්වෙව අධිවචනන්ති’.
Sinhala BJT“එකමෙකස්ස වෙ’පි -පෙ- පාරායනංත්‍වෙ’ච අධිවචනං” යි.
Pali BJT1. “අජිතො තිස්සමෙත්තෙය්යො පුණ්ණකො අථ මෙත්තගු ධොතකො උපසීවො ච නන්දො ච අථ හෙමකො,
Sinhala BJT1. අජිත යැ, තිස්සමෙත්තෙය්‍ය යැ, පූර්‍ණක යැ, යළි මෙත්තගූ යැ, ධෝතක යැ, උපසීව යැ, නන්‍ද යැ, යළි හේමක යැ,
Pali BJT2. තොදෙය්යකප්පා දුභයො ජතුකණ්ණී ච පණ්ඩිතො භද්රාවුධො උදයො ච පොසාලො චාපි බ්රාහ්මණො, මොඝරාජා ච මෙධාවී පිඞ්ගියො ච මහාඉසි
Sinhala BJT2. තෝදෙය්‍ය - කප්ප දෙදෙනා යැ, පණ්ඩිත වූ ජතුකර්ණී යැ, භද්‍රාවුධ යැ, උදය යැ, පෝසාල බ්‍රාහ්මණ යැ, නුවණැති මෝඝරාජ යැ, මහර්ෂී වූ පිඞ්ගිය යැ යන,
Pali BJT3. එතෙ බුද්ධං උපාගඤ්ඡුං{2} සම්පන්නචරණං ඉසිං පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ බුද්ධසෙට්ඨං උපාගමුං.”
Sinhala BJT3. මොහු සමෘද්ධි වූ පසළොස්චරණ ධර්‍ම ඇති ඍෂි වූ බුදුන් කරා පැමිණියහ. සියුම් ප්‍රශ්නයන් පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියාහ.
Pali BJTඑතෙ බුද්ධං උපාගඤ්ඡුන්ති ‘එතෙ’ති සොළස පාරායනියා බ්රාහ්මණා. බුද්ධොති “යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං. බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො: බුජ්ඣිතා සච්චානීති බුද්ධො, බොධෙතා පජායාති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො, අනඤ්ඤනෙය්යතාය බුද්ධො, විසවිතාය බුද්ධො, ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො, නිරුපක්කිලෙසසඞ්ඛාතෙන බුද්ධො, එකන්තවීතරාගොති බුද්ධො එකන්තවීතදොසොති බුද්ධො, එකන්තවීතමොහොති බුද්ධො, එකන්තනික්කිලෙසොති බුද්ධො එකායනමග්ගං ගතොති, බුද්ධො එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො. අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභාති බුද්ධො. බුද්ධොති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධොති. එතෙ බුද්ධං උපාගඤ්ඡුන්ති එතෙ බුද්ධං උපාගමිංසු, උපසඞ්කමිංසු, පයිරුපාසිංසු, පරිපුච්ඡිංසු: පරිපඤ්හිංසූති ‘එතෙ බුද්ධං උපාගඤ්ඡුං’.
Sinhala BJTඑතෙ බුද්ධං උපාගඤ්ඡුං - ‘එතෙ’ යනු: පාරායන සමාගමයෙහි වූ සොළොස් බමුණෝ යි. බුද්ධෝ යනු: යම් ඒ භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු නැති වැ පෙර නො ඇසූවිරූ දහම්හි තුමූ මැ සිව්සස් අවබෝධ කළාහු ද, ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද බල ධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු ද ඔහු යැ. බුද්ධ යනු: කවර අරුතින් බුද්ධ නම් වී ද යත්: සිව්සස් අවබෝධ කළේ නුයි ‘බුද්ධ’ යැ, ප්‍රජාවට අවබෝධ කරවනුයේ නුයි ‘බුද්ධ’ යැ, සර්‍වඥ බැවින් ‘බුද්ධ’ යැ, සියල්ල දක්නා හෙයින් ‘බුද්ධ’ යැ, අනෙකක්හු විසින් අවබෝධ නො කැරැවිය යුතු හෙයින් ‘බුද්ධ’ යැ, විවිධ ගුණ පහළ කරන හෙයින් ‘බුද්ධ’ යැ, ක්ෂීණාස්‍රවසංඛ්‍යායෙන් ‘බුද්ධ’ යැ නිරුපක්ලෙස සංඛ්‍යායෙන් ‘බුද්ධය’ යැ, ඒකාන්තයෙන් වීතරාග නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් කෙලෙස් රහිත නුයි ‘බුද්ධ’ යැ, ඒකායනමාර්ගයට ගියේ නුයි ‘බුද්ධ’ යැ, එකලා වැ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, අබුද්ධිය නැසූ බැවින් බුද්ධිප්‍රතිලාභය හේතු කොට ගෙන ‘බුද්ධ’ යැ, බුද්ධ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේ නෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. භාග්‍යවත් බුදුවරයනට යම් ‘බුද්ධ’ යන නාමයෙක වේ නම් අර්‍හත්ඵලයාගේ අන්තයෙහි උපන් තෙල නාමය මහබෝමැඩ දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි. එතෙ බුද්ධං උපාගඤ්ඡු යනු: තුලුහු බුදුන් කරා පැමිණියහ. එළැඹියහ පර්‍ය්‍යුපාසන කළහ (සමීපයෙහි හුන්හ) පැන පුළුවුත්හ තුලනය කළාහු නුයි ‘එතෙ බුද්ධං උපාගඤ්ඡු’ යනු වේ.
Pali BJTසම්පන්නචරණං ඉසින්ති: චරණං වුච්චති සීලපාරමිප්පත්ති,{1}. සීලසංවරොපි චරණං, ඉන්ද්රියසංවරොපි චරණං, භොජනෙ මත්තඤ්ඤුතාපි චරණං, ජාගරියානුයොගොපි චරණං, සත්තපි සද්ධම්මා චරණං චත්තාරිපි ඣානානි චරණං, සම්පන්නචරණන්ති: සම්පන්නචරණං සෙට්ඨචරණං විසෙට්ඨචරණං පාමොක්ඛචරණං උත්තමචරණං පවරචරණං. ඉසීති: ඉසි භගවා: මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීති ඉසි -පෙ- මහෙසක්ඛෙහි වා සත්තෙහි එසිතො ගවෙසිතො, පරියෙසිතො ‘කහං බුද්ධො කහං භගවා කහං දෙවදෙවො කහං නරාසභොති ඉසීති ‘සම්පත්තචරණං ඉසිං’.
Sinhala BJTසම්පන්න චරණං ඉසිං - ‘චරණ’ යි ශීලපාරමීප්‍රාප්තිය කියනු ලැබෙයි: ශීල සංවරය ද චරණ යැ ඉන්‍ද්‍රිය සංවරය ද චරණ යැ භෝජනයෙහි මාත්‍රඥතාව ද චරණ යැ ජාගර්‍ය්‍යානුයෝගය ද චරණ යැ (ශ්‍රද්ධාදි) සප්ත ධර්‍මයෝ ද චරණ යැ සතර ධ්‍යානයෝ ද චරණ යි. සම්පන්න චරණං යනු: සමෘද්ධ වූ (ශීලාදි) චරණ ඇති ශ්‍රේෂ්ඨ චරණ ඇති ජ්‍යේෂ්ඨ චරණ ඇති ප්‍රමුඛචරණ ඇති උත්තමචරණ ඇති ප්‍රවරචරණ ඇති. ඉසි යනු: බුදුහු ඍෂිහ, මහත් වු ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ඍෂිහ ... මහායශස්ක සත්ත්‍වයන් විසින් හෝ බුදුහු කොහි යැ, භාග්‍යවත්හු කොහි යැ, දෙවදෙවයෝ කොහි යැ, නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ’යි එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කරන ලද්දා හු නුයි ඍෂි නම් වෙත් නුයි ‘සම්පන්න චරණං ඉසිං’ යනු වේ.
Pali BJTපුච්ඡන්තා නිපුණෙ පඤ්හෙති: ‘පුච්ඡන්තා’ති පුච්ඡන්තා යාවන්තා අජ්ඣෙසන්තා පසාදෙන්තා. නිපුණෙ පඤ්හෙති: ගම්භීරෙ දුද්දසෙ දුරනුබොධෙ සන්තෙ පණීතෙ අතක්කාවචරෙ නිපුණෙ පණ්ඩිතවෙදනීයෙ පඤ්හෙති ‘පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ.’
Sinhala BJTපුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ - ‘පුච්ඡන්තා’ යනු: පුළුවුස්නාහු යදනාහු අධ්‍යෙෂණ කරන්නාහු පහදවන්නාහු. නිපුණෙ පඤ්හෙ යනු: ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ දුකසේ අවබෝධ කටයුතු වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්කාවචර (තර්‍කයෙන් නො බැසගත යුතු වූ) සියුම් වූ පණ්ඩිතයන් විසින් දත යුතු වූ ප්‍රශ්නය නු යි ‘පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ’ යනු වේ.
Pali BJTබුද්ධං සෙට්ඨං උපාගමුන්ති: ‘බුද්ධොති “යො සො භගවා -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධො”ති. සෙට්ඨන්ති: අග්ගං සෙට්ඨං විසෙට්ඨං පාමොක්ඛං උත්තමං පවරං බුද්ධසෙට්ඨං. උපාගමුන්ති: උපාගමිංසු උපසඞ්කමිංසු පයිරුපාසිංසු පරිපුච්ඡිංසු පරිපඤ්හිංසූති ‘බුද්ධසෙට්ඨං උපාගමුං’.
Sinhala BJTබුද්ධසෙට්ඨං උපාගමුං - ‘බුද්ධෝ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක්... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. සෙට්ඨං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උත්තම වූ ප්‍රවර වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් කරා. උපාගමුං යනු: සමීපයට පැමිණියහ එළැඹියහ පර්‍ය්‍යුපාසන කළහ. පැන පුළුවුත්හ තුලනය කළාහු නුයි ‘බුද්ධ සෙට්ඨං උපාගමුං’ යනු වේ.
Pali BJTතෙනෙතං වුච්චති:
Sinhala BJTඑයින් තෙල කියනු ලැබෙයි:
Pali BJT“එතෙ බුද්ධං උපාගඤ්ඡුං සම්පන්නචරණං ඉසිං පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ බුද්ධසෙට්ඨං උපාගමු”න්ති.
Sinhala BJT“එතෙ බුද්ධං -පෙ- බුද්ධසෙට්ඨං උපාගමුං” යී.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTතෙසං බුද්ධො බ්යාකාසි{2} පඤ්හෙ{3} පුට්ඨො යථා තථං පඤ්හානං වෙය්යාකරණෙන තොසෙසි බ්රාහ්මණෙ මුනි.
Sinhala BJTපැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇති සැටියෙන් ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
Pali BJTතෙසං බුද්ධො බ්යාකාසීති: ‘තෙස’න්ති සොළසන්නං{4} පාරායනියානං බ්රාහ්මණානං. බුද්ධොති: “යො සො භගවා -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං බුද්ධො”ති. බ්යාකාසීති තෙසං බුද්ධො බ්යාකාසි ආචික්ඛි දෙසෙසි පඤ්ඤපෙසි පට්ඨපෙසි විවරි විභජි උත්තානී අකාසි පකාසෙසීති “තෙසං බුද්ධො බ්යාකාසි”
Sinhala BJTතෙසං බුද්ධෝ ඛ්‍යාකාසි - ‘තෙසං’ යනු: පාරායන සමාගමයෙහි වූ සොළොස් බමුණනට. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යන නාමය සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. බ්‍යාකාසි යනු: ඔවුනට බුදුහු විවරණ කළහ. වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘තෙසං බුද්ධෝ බ්‍යාකාසි’ යනු වේ.
Pali BJTපඤ්හෙ පුට්ඨො යථාතථන්ති: ‘පඤ්හෙ පුට්ඨො’ති පඤ්හෙ පුට්ඨො{1} පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. යථාතථන්ති: යථා ආචික්ඛිතබ්බං තථා ආචික්ඛි, යථා දෙසිතබ්බං තථා දෙසෙසි, යථා පඤ්ඤාපෙතබ්බං තථා පඤ්ඤාපෙසි, යථා පට්ඨපෙතබ්බං තථා පට්ඨපෙසි, යථා විවරිතබ්බං තථා විවරි, යථා විභජිතබ්බං තථා විභජි, යථා උත්තානීකාතබ්බං තථා උත්තානීඅකාසි, යථා පකාසිතබ්බං තථා පකාසෙසීති ‘පඤ්හෙ පුට්ඨො{1} යථා තථං.’
Sinhala BJTපඤ්හෙ පුට්ඨො යථාතථං - ‘පඤ්හෙ පුට්ඨො යනු: ප්‍රශ්නයන් පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු. යථා තථං යනු: යම්සේ වදාළ යුතු නම් එසේ වදාළය, යම්සේ දෙසිය යුතු නම් එසේ දෙසූය, යම්සේ පැනැවිය යුතු නම් එසේ පැනැවූහ, යම්සේ පිහිටුවිය යුතු නම් එසේ පිහිටුවූහ, යම්සේ විවෘති කළ යුතු නම් එසේ විවෘති කළහ, යම්සේ විභාග කළ යුතු නම් එසේ විභාග කළහ, යම්සේ පාළ කළ යුතු නම් එසේ පාළ කළහ, යම්සේ ප්‍රකාශ කළ යුතු නම් එසේ ප්‍රකාශ කළාහු නුයි ‘පඤ්හෙ පුට්ඨො යථා තථං’ යනු වේ.
Pali BJTපඤ්හානං වෙය්යාකරණෙනාති: පඤ්හානං වෙය්යාකරණෙන ආචික්ඛනෙන දෙසනෙන{2} පඤ්ඤාපනෙන පට්ඨපනෙන විවරණෙන විභජනෙන උත්තානීකම්මෙන පකාසනෙනාති පඤ්හානං වෙය්යාකරණෙන’.
Sinhala BJTපඤ්හානං වෙය්‍යාකරණෙන යනු: පැන විසඳීමෙන් පැවැසීමෙන් දෙසීමෙන් පැනැවීමෙන් පිහිටුවීමෙන් විවෘති කිරීමෙන් විභාග කිරීමෙන් පාළ කිරීමෙන් ප්‍රකාශ කිරීමෙනැ’යි ‘පඤ්හානං වෙය්‍යාකරණෙන’ යනු වේ.
Pali BJTතොසෙසි බ්රාහ්මණෙ මුනීති ‘තොසෙසී’ති තොසෙසි විතොසෙසි පසාදෙසි ආරාධෙසි අත්තමනෙ අකාසි. බ්රාහ්මණෙති: සොළස පාරායනියෙ බ්රාහ්මණෙ. මුනීති ‘මොනං’ වුච්චති ඤාණං -පෙ- සඞ්ගජාලමතිච්ච සො මුනීති ‘තොසෙසි බ්රාහ්මණෙ මුනි’.
Sinhala BJTතොසෙසි බ්‍රාහ්මණෙ මුනි - ‘තොසෙසි’ යනු: තුටු කළහ, විවිධාකාරයෙන් තුටු කළහ, පැහැද වූහ, සිද්ධියට පැමිණවූහ, සියමන ඇතියන් කළහ. බ්‍රාහ්මණෙ යනු: පාරායන සමාගමයෙහි වූ බ්‍රාහ්මණයන්. මුනි - ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි. ... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටි ජාලය ඉක්ම සිටි හේ ‘මුනි’ නම් වේ නුයි ‘තොසෙසි බ්‍රාහ්මණෙ මුනි’ යනු වේ.
Pali BJTතෙනෙතං වුච්චති:
Sinhala BJTඑයින් තෙල කියනු ලැබෙයි:
Pali BJT“තෙසං බුද්ධො බ්යාකාසි පඤ්හෙ පුට්ඨො{1} යථා තථං පඤ්හානං වෙය්යාකරණෙන තොසෙසි බ්රාහ්මණෙ මුනී”ති,
Sinhala BJT“තෙසං බුද්ධෝ බ්‍යාකාසි -පෙ- තොසෙසි බ්‍රාහ්මණෙ මුනි” යි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTතෙ තොසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්චබන්ධුනා බ්රහ්මචරියමචරිංසු වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJTඔහු පසැස් ඇති සූර්‍ය්‍ය බන්‍ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
Pali BJTතෙ තොසිතා චක්ඛුමතාති: ‘තෙ’ති සොළසපාරායනීයා බ්රාහ්මණා. තොසිතාති තොසිතා විතොසිතා පසාදිතා ආරාධිතා අත්තමනා කතාති ‘තෙ තොසිතා.’ ‘චක්ඛුමතාති: භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා. මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා -පෙ- සමන්තචක්ඛුනාපි චක්ඛුමාති. ‘තො තොසිතා චක්ඛුමතා.’
Sinhala BJTතෙ තොසිතා චක්‍ඛුමතා - ‘තෙ’ යනු: පාරායණසමාගමයෙහි වූ සොළොස් බමුණහු යැ. තොසිතා යනු: තුටු කරන ලද්දාහු විවිධාකාරයෙන් තුටු කරන ලද්දාහු පහදවන ලද්දාහු සිද්ධියට පමුණුවන ලද්දාහු (සොම්නස් විසින්) සියමන ඇතියන් කරන ලද්දාහු නුයි ‘තෙ තොසිතා’ යනු වේ. චක්‍ඛුමතා යනු: බුදුහු පසැසින් චක්ෂුර්මත්හ: මසැසිනුදු චක්ෂුර්මත්හ, දිවැසිනුදු චක්ෂුර්මත්හ ... බුදුහු සමතැසිනුදු චක්ෂුර්මත්හ’යි ‘තෙ තොසිතා චක්‍ඛුමාතා’ යනු වේ.
Pali BJTබුද්ධෙනාදිච්චබන්ධුනාති ‘බුද්ධො’ති යො සො භගවා -පෙ- සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධොති. ආදිච්චබන්ධුනාති: ‘ආදිච්චො’ වුච්චති සුරියො සො ගොතමො ගොත්තෙන භගවාපි ගොතමො ගොත්තෙන, භගවා සුරියස්ස ගොත්තඤාතකො{3} ගොත්තබන්ධු, තස්මා බුද්ධො ආදිච්චබන්ධුති බුද්ධෙනාදිච්චබන්ධුනා.
Sinhala BJTබුද්ධෙනාදිච්චබන්‍ධුනා - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. ආදිච්චබන්‍ධුනා - ‘ආදිච්ච’යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු ද ගෝත්‍රයෙන් ගෞතම යැ බුදුහු සූර්‍ය්‍යහට ගෝත්‍රයෙන් ඥාතීහ ගෝත්‍රයෙන් බන්ධුහ එයින් බුදුහු ‘ආදිත්‍ය බන්‍ධු නම් වෙතී” ‘බුද්ධෙනා දිච්ච බන්‍ධුනා’ යනු වේ.