Pali BJTවිඤ්ඤාණං උපරුජ්ඣතීති: පුඤ්ඤාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණං අපුඤ්ඤාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණං ආනෙඤ්ජාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණං නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පස්සම්භතීති ‘විඤ්ඤාණං උපරුජ්ඣති.’
Sinhala BJTවිඤ්ඤාණං උපරුජ්ඣති - පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය අපුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවතී නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතො, එවං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣතීති.
Sinhala BJT“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච -පෙ- විඤ්ඤාණං උපරුජ්ඣති” යි.
Pali BJTසහ ගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භන්තෙ, භගවා සාවකො හමස්මීති.
Sinhala BJTගාථාදේශනාවසානය හා සමග ... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමි’යි.
Pali BJTඋදය සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTඋදය සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT14. පොසාල සුත්තනිද්දෙසො
Sinhala BJT14. පෝසාල සූත්‍ර නිර්‍දෙශය
Pali BJT14. 1.
Sinhala BJT14. 1.
Pali BJT“යො අතීතං ආදිසති (ඉච්චායස්මා පොසාලො) අනෙජො ඡින්නසංසයො, පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං.
Sinhala BJT(ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්වෙනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
Pali BJTයො අතීතං ආදිසතීති: ‘යො’ති “යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං අතීතං ආදිසතීති භගවා අත්තනො ච පරෙසං ච අතීතම්පි ආදිසති අනාගතම්පි ආදිසති පච්චුප්පන්නම්පි ආදිසති. කථං භගවා අත්තනො අතීතං ආදිසති: භගවා අත්තනො අතීතං එකම්පි ජාතිං ආදිසති, ද්වෙපි ජාතියො ආදිසති, තිස්සොපි ජාතියො ආදිසති, චතස්සොපි ජාතියො ආදිසති, පඤ්චපි ජාතියො ආදිසති, දසපි ජාතියො ආදිසති, වීසම්පි ජාතියො ආදිසති, තිංසම්පි ජාතියො ආදිසති, චත්තාලීසම්පි ජාතියො ආදිසති, පඤ්ඤාසම්පි- ජාතියො ආදිසති, ජාතිසතම්පි- ආදිසති, ජාතිසහස්සම්පි- ආදිසති, ජාතිසතසහස්සම්පි- අනෙකෙපි සංවට්ටකප්පෙ- ආදිසති, අනෙකෙපි විවට්ටකප්පෙ- ආදිසති, අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ ආදිසති: අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ‘ඉධූපපන්නොති’ ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං ආදිසති. එවං භගවා අත්තනො අතීතං ආදිසති.
Sinhala BJTයො අතීතං ආදිසති- ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වූවාහු (තමනට) ආචාර්‍ය්‍යයන් නැත්තාහු පෙර නොඇසූ සිව්සස් දහම්හි සත්‍යයන් තුමූ අවබෝධ කළසේක් ද එහිදු සර්‍වඥභාවයට පැමිණියාහු බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ යැ. අතීතං ආදියති යනු: බුදුහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතයත් වදාරති අනාගතයත් වදාරති වර්තමානයත් වදාරත්. කිසෙයින් බුදුහු තමන්ගේ අතීතය වදාරත්ද යත්: බුදුහු තමන්ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති ජාති තුනකුදු වදාරති ජාති සතරකුදු වදාරති ජාති පසකුදු වදාරති ජාති දසයකුදු- ජාති විස්සකුදු- ජාති තිසකුදු- ජාති සතලිසකුදු- ජාති පසනකුදු- ජාති සියයකුදු- ජාති දහසකුදු- ජාති සුවහසකුදු- නො එක් සංවර්ත්තකල්පයනුදු- නො එක් විවර්ත්තකල්පයනුදු- නො එක් සංවර්ත්තවිවර්ත්තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැ සටහන් ඇතියෙම් මෙ බඳු ආහාර ඇතියෙම් මෙ බඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන්මි, එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ මෙහි උපන්මි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ අතීතය වදාරත්.
Pali BJTකථං භගවා පරෙසං අතීතං ආදිසති: භගවා පරෙසං අතීතං එකම්පි ජාතිං ආදිසති, ද්වෙපි ජාතියො ආදිසති -පෙ- අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ ආදිසති අමුත්රාසි එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදි තත්රාපාසි එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති{1} ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං ආදිසති. එවං භගවා පරෙසං අතීතං ආදිසති.
Sinhala BJTකිසෙයින් බුදුහු මෙරමා ගේ අතීතය වදාරති යැ යත්: බුදුහු මෙරමා ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති... නො එක් සංවර්‍ත විවර්‍තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියේ මෙබඳු ගෝත්‍ර ඇතියේ මෙබඳු පැහැසටහන් ඇතියේ මෙබඳු ආහාර ඇතියේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃපර්‍ය්‍යන්ත ඇතියේ විය. හේ එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන, එහිදු මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගෝත්‍ර ඇත්තේ මෙබඳු පැහැසටහන් ඇත්තේ මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃ පර්‍ය්‍යන්ත ඇත්තේ විය. හේ එයින් ච්‍යුත වැ මෙහි උපනැ’යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු මෙරමාගේ අතීතය වදාරත්.
Pali BJTභගවා පඤ්ච ජාතකසතානි{1} භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති, මහාපදානියසුත්තං{2} භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදියති, මහාසුදස්සනියසුත්තං භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසන්ති, මහාගොවින්ද්රියසුත්තං භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති, මාඝදෙවියසුත්තං{3} භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති, වුත්තං හෙතං භගවතා:
Sinhala BJTබුදුහු පන්සියක් ජාතකයෙන් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති. “මහාපදානිය” සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාසුදස්සනිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාගොවින්දිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මාඝදෙවිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරත්. මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්:
Pali BJT“අතීතං ඛො චුන්ද, අද්ධානං ආරබ්භ තථාගතස්ස සතානුසාරී ඤාණං හොති, සො යාවතකං ආකඞ්ඛති තාවතකං අනුස්සරති, අනාගතං ච ඛො චුන්ද, -පෙ- පච්චුප්පන්නඤ්ච ඛො චුන්ද, අද්ධානං ආරබ්භ තථාගතස්ස බොධිජං ඤාණං උප්පජ්ජති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො”ති.{a} ඉන්ද්රියපරොපරියත්තඤාණං{4} තථාගතස්ස තථාගතබලං. සත්තානං ආසයානුසයඤාණං තථාගතස්ස තථාගතබලං, යමකපාටිහීරෙ ඤාණං තථාගතස්ස තථාගතබලං මහාකරුණාසමාපත්තිඤාණං{5} තථාගතස්ස තථාගතබලං, සබ්බඤ්ඤුතඤාණං තථාගතස්ස තථාගතබලං, අනාවරණඤාණං තථාගතස්ස තථාගතබලං, සබ්බත්ථ අසඞ්ගමප්පටිහතමනාවරණඤාණං තථාගතස්ස තථාගතබලං, එවං භගවා අත්තනො ච පරෙසං ච අතීතම්පි ආදිසති, අනාගතම්පි ආදිසති, පච්චුප්පන්නම්පි ආදිසති, ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති පකාසෙතීති: යො අතීතං ආදිසති. ඉච්චායස්මා පොසාලො -පෙ-
Sinhala BJT“චුන්‍දයෙනි, අතීත කාලය අරභයා තථාගතයන්ට සති-අනුසාරී ඥානය වෙයි, හේ යම් තාක් කැමති වේ නම් ඒ තාක් සිහි කෙරෙයි චුන්‍දයෙනි, අනාගතයත් ... චුන්‍දයෙනි, ප්‍රත්‍යුත්පන්න කාලයත් අරභයා තථාගතයනට බෝධියෙන් උපන් ඥානය උපදී: ‘මේ අන්තිම ජාතිය වෙයි දැන් පුනර්‍භවයෙක් නැතැ’යි. ඉන්‍ද්‍රියපරාවරතාඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, සත්ත්‍වයන්ගේ ආශය අනුශය දන්නා නුවණ තථාගතයන් ගේ තථාගත බල වෙයි, යමක ප්‍රාතිහාර්‍ය්‍යඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, මහාකරුණා සමාපත්තිඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, (අතීතාදි) සියලු තැන්හි නො ඇලුණු අප්‍රතිහත වූ අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වේ. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ ද මෙරමාගේ ද අතීතයත් දක්වනසේක, අනාගතයත් දක්වනසේක, ප්‍රත්‍යුත්පන්නයත් දක්වන සේක වදාරන සේක දෙසනසේක පනවනසේක සිහිටුවන සේක විවරණ කරනසේක විභාග කරන සේක ප්‍රකට කරන සේක ප්‍රකාශ කරනසේක් නුයි “යො අතීතං ආදිසති” යනු වේ. ඉච්චායස්මා පොසාලො...
Pali BJTඅනෙජො ඡින්න සංසයොති ‘එජා’ වුච්චති තණ්හා: “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “සා එජා තණ්හා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{6} ආයතිං අනුප්පාදධම්මා තස්මා බුද්ධො ‘අනෙජො’. එජාය පහීනත්තා අනෙජො, භගවා ලාභෙපි න ඉඤ්ජති -පෙ- දුක්ඛෙපි න ඉඤ්ජති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති ‘අනෙජො’. ඡින්නසංසයොති: ‘සංසයො වුච්චති විචිකිච්ඡා, “දුක්ඛෙ කඞ්ඛා -පෙ- ථම්භිතත්තං{7} චිත්තස්ස මනොවිලෙඛො. “සො සංසයො බුද්ධස්ස භගවතො පහීනො ඡින්නො උච්ඡින්නො සමුච්ඡින්නො වූපසන්තො පටිනිස්සග්ගො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. තස්මා බුද්ධො ඡින්නසංසයොති ‘අනෙජො ඡින්නසංසයො. ‘
Sinhala BJTඅනෙජො ඡින්නසංසයො- ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් ට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ-(මුදුන් සුන්) තාලවස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තීයැ එහෙයින් බුදුහු “අනෙජයහ”, එජා ප්‍රහීණ වන බැවින් අනේජයහ. බුදුහු ලාභයෙහිදු නො සැලෙති ...දුකෙහි දු කම්පා නො වෙති නො සැලෙති නො වෙවුළති වෙසෙසින් නො වෙවුළති අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජො’ යනු වේ. ඡින්නසංසයො යනු: ‘සංසයො’ යි විචිකිත්සාව කියනු ලැබෙයි. දුඃඛසත්‍යයෙහි සැකය ... චිත්තයාගේ තදබව මනෝවිලේඛය යි. ඒ සැකය භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ සිඳින ලද වෙසෙසින් සිඳින ලද මොනොවට සිඳින ලද සන්හිඳිණ දුරලන ලද බැහැර කරන ලද උපතට නො නිසි වූයේ යැ නුවණ ගින්නෙන් දවන ලද. එහෙයින් බුදුහු සිඳුනා ලද සැක ඇත්තාහු නුයි “අනෙජො ඡින්නසංසයො” යනු වේ.
Pali BJTපාරගුං සබ්බධම්මානන්ති: භගවා අභිඤ්ඤාපාරගූ පරිඤ්ඤාපාරගූ පහානපාරගූ භාවනාපාරගූ සච්ඡිකිරියාපාරගූ, සමාපත්තිපාරගූ, අභිඤ්ඤාපාරගූ, සබ්බධම්මානං -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති ‘පාරගුං සබ්බධම්මානං’.
Sinhala BJTපාරගුං සබ්බධම්මානං යනු: බුදුහු අභිඥාපාරගූ වෙති පරිඥා පාරගූ වෙති ප්‍රහාණ පාරගූ වෙති භාවනා පාරගූ වෙති සාක්‍ෂාත්ක්‍රියා පාරගූ වෙති සමාපත්ති පාරගූ ද වෙත්. සියලු (පඤ්චස්කන්ධාදි) ධර්‍මයන්ගේ අභිඥා (ඥාතපරිඥා) වෙන් නිර්‍වාණපාරයට ගියහ ... ජාතිමරණසංසාරය පුනර්‍භවය ඔවුනට නැත්නුයි ‘පාරගුං සබ්බධම්මානං’ යනු වේ.
Pali BJTඅත්ථි පඤ්හෙන ආගමන්ති: පඤ්හෙන අත්ථිකාම්හා ආගතා -පෙ- වහස්සෙතං භාරන්ති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’.
Sinhala BJTඅත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇතියමෝ ආම්හ ... තෙල භාරය උසුලනු මැනව නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“යො අතීතං ආදිසති- (ඉච්චායස්මා පොසාලො) අනෙජො ඡින්නසංසයො, පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගම”න්ති.
Sinhala BJT“යො අතීතං ආදිසති -පෙ- අත්‍ථි පඤ්හෙන ආගමං” යි.
Pali BJT14. 2.
Sinhala BJT14. 2.
Pali BJTවිභූතරූපසඤ්ඤිස්ස{1} සබ්බකායප්පහායිනො, අජ්ඣත්තං ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතො, ඤාණං සක්කානුපුච්ඡාමි කථං නෙය්යො තථාවිධො.
Sinhala BJTශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ග විෂ්කම්භන විසින් සියලු රූපකාය ප්‍රහාණය කරනසුලු වූ අධ්‍යාත්මයෙහිදු බාහ්‍යයෙහිදු කිසිවක් නැතැ යි දක්න හු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?
Pali BJTවිභූතරූපසඤ්ඤිස්සාති ‘කතමා රූපසඤ්ඤා’: රූපාවචර සමාපත්තිං සමාපන්නස්ස වා උප්පන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං අයං රූපසඤ්ඤා. විභූතරූපසඤ්ඤිස්සාති: චතස්සො අරූපසමාපත්තියො පටිලද්ධස්ස{2} රූපසඤ්ඤා විභූතා හොන්ති{3} විගතා අතික්කන්තා සමතික්කන්තා වීතිවත්තාති ‘විභූතරූපසඤ්ඤිස්ස’.
Sinhala BJTවිභූතරූපසඤ්ඤිස්ස යනු: රූපසංඥා කවරැ යත් රූපාවචර සමවත් සමවන්නහුගේ වේවයි (විපාක විසින්) එහි උපන්නහු ගේ වේවයි ඉහාත්මසුඛ විහරණ ඇත්තහු ගේ වේවයි සංඥාවක් හඳුනන අයුරෙක් හැඳින ගත් බවෙක් වේ ද මේ රූපසංඥා යි. විභූතරූපසඤ්ඤිස්ස යනු: සතර අරූපසමාපත්තීන් ලද්දහුට රූපසංඥාවෝ අප්‍රකට වූවාහු නැසුණාහු ඉක්මුණාහු මොනොවට ඉක්මුණාහු වෙසෙසින් ඉක්ම සිටියාහු වෙත් නුයි ‘විභූතරූපසඤ්ඤිස්ස’ යනු වේ.
Pali BJTසබ්බකායප්පහායිනොති සබ්බො තස්ස පටිසන්ධිකො රූපකායො පහීනො තදඞ්ගසමතික්කමා වික්ඛම්භනප්පහානෙන පහීනො තස්ස රූපකායොති ‘සබ්බකායප්පහායිනො’.
Sinhala BJTසබ්බකායප්පහායිනො යනු: ඒ අරූපසමාපත්ති ලාභීහු ගේ ප්‍රතිසන්‍ධි ඇති හැම රූප කය තදඞ්ග සමතික්‍රමණයෙන් ප්‍රහීණ යැ ඔහුගේ රූප කය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ නුයි ‘සබ්බකායප්පහායිනො’ යනු වේ.
Pali BJTඅජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතොති: ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති, කිංකාරණා ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති, යං විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං සතො සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තඤ්ඤෙව විඤ්ඤාණං අභාවොති විභාවොති අන්තරධාපෙති ‘නත්ථි කිඤ්චී’ති පස්සති. තංකාරණා ‘නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනසමාපත්තීති ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතො’.
Sinhala BJTඅජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චී ති පස්සතෝ- ‘නත්‍ථි කිඤ්චි’ යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යැ. කවර කරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යනු ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති වේ ද යත්: යම් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියකට සිහි ඇති වැ සමවැද එයින් නැඟී එ මැ විඥානය අභාවයට පමුණුවයි ද වෙසෙසින් අභාවයට පමුණුවයි ද අතුරුදහන් කෙරෙයි ද ‘කිසිවක් නැතැ’යි දකී ද එකරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වේ නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතෝ’ යනු වේ.
Pali BJTඤාණං සක්කානුපුච්ඡාමීති ‘සක්කා’ති සක්කො භගවා, සක්යකුලං පබ්බජිතොපි සක්කො, -පෙ- පහීනභයභෙරවො විගතලොමහංසොතිපි සක්කො, ‘ඤාණං සක්කානුපුච්ඡාමීති තස්ස ඤාණං පුච්ඡාමි’{*}{a} කීදිසං කිංසණ්ඨිතං කිංපකාරං කිංපටිභාගං ඉච්ඡිතබ්බන්ති ‘ඤාණං සක්කානු පුච්ඡාමි.’
Sinhala BJTඤාණං සක්කානුපුච්ඡාමි- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ: ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ ... ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇත්තාහු පහවූ ලොමුදහ ඇත්තාහු නුයි ද ශාක්‍යයහ. ඤාණං සක්කානුපුච්ඡාමි- ඔහුගේ ඥානය කෙබඳු වූයේ කවර සටහන් ඇතියේ කවර ප්‍රකාර වූයේ කුමක් හා සමාන වූයේ කැමැති වියයුතු දැ යි පුළුවුස්මි නුයි ‘ඤාණං සක්කානුපුච්ඡාමි’ යනු වේ.
Pali BJTකථං නෙය්යො තථාවිධොති: කථං සො නෙතබ්බො විනෙතබ්බො අනුනෙතබ්බො පඤ්ඤාපෙතබ්බො නිජ්ඣාපෙතබ්බො පෙක්ඛෙතබ්බො පසාදෙතබ්බො, කථං තෙන උත්තරිං ඤාණං උප්පාදෙතබ්බං. තථාවිධොති තථාවිධො තාදිසො තස්සණ්ඨිතො තප්පකාරො තප්පටිභාගො, යො සො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභීති ‘කථං නෙය්යො තථාවිධො’.
Sinhala BJTකථං නෙය්යො තථාවිධො- හෙතෙම කිසෙයින් (නිවනට) පැමිණ විය යුත්තේ ද විනයනය කළ යුත්තේ ද (සැක සිඳීමෙන්) අනුනයනය කළ යුත්තේ ද පැනවිය යුත්තේ ද නිශ්චය කරවිය යුත්තේ ද දැක්විය යුත්තේ ද පැහැදවිය යුත්තේ ද කිසෙයින් ඔහු විසින් මත්තෙහි ඥානය ඉපැදවිය යුතුද. තථා විධො යනු: යමෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ලාභී වූයේ ද එබඳු වූයේ තාදෘශ වූයේ එබඳු සටහන් ඇතියේ එබඳු ප්‍රකාර ඇතියේ තත්ප්‍රතිභාග වූයේ නු යි ‘කථං නෙය්යො තථාවිධො’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“විභූතරූපසඤ්ඤිස්ස සබ්බකායප්පහායිනො, අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්ථි කිඤ්චීති පස්සතො, ඤාණං සක්කානුපුච්ඡාමි කථං නෙය්යො තථාවිධො”ති.
Sinhala BJT“විභූතරූපසඤ්ඤිස්ස -පෙ- කථං නෙය්යො තථාවිධො” යි.
Pali BJT14. 3.
Sinhala BJT14. 3.
Pali BJTවිඤ්ඤාණට්ඨිතියො සබ්බා (පොසාලාති භගවා) අභිජානං තථාගතො තිට්ඨන්තමෙනං ජානාති අධිමුත්තං{1} තප්පරායනං{2}
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
Pali BJTවිඤ්ඤාණට්ඨිතියො සබ්බාති භගවා අභිසඞ්ඛාරවසෙන චතස්සො විඤ්ඤාණට්ඨිතියො ජානාති, පටිසන්ධිවසෙන සත්තවිඤ්ඤාණට්ඨිතියො ජානාති.
Sinhala BJTවිඤ්ඤාණට්ඨිතියො සබ්බා යනු: බුදුහු කර්මාභිසංස්කාරයන් ගේ වශයෙන් සතර විඥාන ස්ථිතීන් දන්නා සේක. ප්‍රතිසන්‍ධි වශයෙන් සප්ත විඥානස්ථිතීන් දන්නා සේක.
Pali BJTකථං භගවා අභිසංඛාරවසෙන චතස්සො විඤ්ඤාණට්ඨිතියො ජානාති: වුත්තං හෙතං භගවතා: “රූපූපයං{3} වා භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති{4} රූපාරම්මණං රූපපතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති, වෙදනූපයං{5} වා භික්ඛවෙ -පෙ- සඤ්ඤූපයං වා භික්ඛවෙ -පෙ- සඞ්ඛාරූපයං වා භික්ඛවෙ, විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරපතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජතී”ති.{a} එවං භගවා අභිසඞ්ඛාරවසෙන චතස්සො විඤ්ඤාණට්ඨිතියො ජානාති.
Sinhala BJTකිසෙයින් බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණා ජලයෙන් තෙමනලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි, මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි විසින්) වේදනාවට පැමිණි හෝ ... මහණෙනි, සංඥාවට පැමිණි හෝ ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇති යේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටියි. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪබවට විපුල බවට පැමිණේ යයි මෙසේ බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක.
Pali BJTකථං භගවා පටිසන්ධිවසෙන සත්තවිඤ්ඤාණට්ඨිතියො ජානාති: වුත්තං හෙතං භගවතා: සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායො නානත්තසඤ්ඤිනො සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා, අයං පඨමා විඤ්ඤාණට්ඨිති. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා, අයං දුතියා විඤ්ඤාණට්ඨිති. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා ආභස්සරා, අයං තතියා විඤ්ඤාණට්ඨිති. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා සුභකිණ්හකා,{1} අයං චතුත්ථී{2}, විඤ්ඤාණට්ඨිති. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා, අයං පඤ්චමී{3} විඤ්ඤාණට්ඨිති. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා, අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති. සන්ති භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා, අයං සත්තමා{4} විඤ්ඤාණට්ඨිති{a}. එවං භගවා පටිසන්ධිවසෙන සත්තවිඤ්ඤාණට්ඨිතියො ජානාතීති ‘විඤ්ඤාණට්ඨිතියො සබ්බා’ පොසාලාති භගවා’ති -පෙ-
Sinhala BJTකිසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි වශයෙන් සප්තවිඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සෙයින් (වර්‍ණ සංස්ථානාදි විසින්) නානාත්‍වකාය ඇති නානාත්‍ව වූ ප්‍රතිසන්‍ධි සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ” මේ පළමු වන විඥානස්ථිතිය යැ. මහණෙනි, ප්‍රථමධ්‍යානයෙන් උපන් (බ්‍රහ්මපාරිසජ්ජාදි වූ) බ්‍රහ්මකායික දෙවියන් සෙයින් නානාත්‍වකාය වූ එකත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ දෙ වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ආභාස්වර දෙවියන් සෙයින් ඒකත්‍වකාය ඇති නානාත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ තුන් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ශුභකෘත්ස්න දෙවියන් සෙයින් ඒකත්‍වකාය වූ ඒකත්‍ව සංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සතර වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා ඉක්ම වීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ පස් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ. මේ සවැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සත් වැනි විඥානස්ථිතිය යි. මෙසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි විසින් සප්තවිඥානස්ථිතීන් දන්නාසේක් නුයි ‘විඤ්ඤාණට්ඨිතියො සබ්බා’ යනු වේ. පොසාලා’ ති භගවා යනු...
Pali BJTඅභිජානං තථාගතොති: ‘අභිජාන’න්ති අභිජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො. තථාගතොති: වුත්තං හෙතං භගවතා: “අතීතං චෙපි චුන්ද, හොති අභූතං අතච්ඡං අනත්ථසංහිතං නෙතං තථාගතො බ්යාකරොති, අතීතං චෙපි{5} චුන්ද, හොති භූතං තච්ඡං අනත්ථසංහිතං තම්පි තථාගතො න බ්යාකරොති, අතීතං චෙපි චුන්ද, හොති භූතං තච්ඡං අත්ථසංහිතං තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සෙව පඤ්හස්ස ව්යාකරණාය. අනාගතං චෙපි චුන්ද, හොති -පෙ- පච්චුප්පන්නංචෙපි චුන්ද, හොති අභූතං අතච්ඡං අනත්ථසංහිතං න තං තථාගතො බ්යාකරොති{6} පච්චුප්පන්නඤ්චෙපි චුන්ද, හොති භූතං තච්ඡං අනත්ථසංහිතං තම්පි තථාගතො න බ්යාකරොති, පච්චුප්පන්නඤ්චෙපි චුන්ද, හොති භූතං තච්ඡං අත්ථසංහිතං තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්ස පඤ්හස්ස ව්යාකරණාය. ඉති ඛො චුන්ද, අතීතානාගතපච්චුප්පන්නෙසු ධම්මෙසු තථාගතො කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. තස්මා ‘තථාගතොති වුච්චති.’
Sinhala BJTඅභිජානං තථාගතො- ‘අභිජානං’ යනු: වෙසෙසින් දන්නේ එකතින් දන්නේ නොයෙක් අයුරින් දන්නේ ඒ ඒ කරුණු පිණිස දන්නේ ප්‍රතිවේධ කරනුයේ. තථාගතො යනු: භාග්‍යවතුන් විසින් මෙය වදාරණ ලද මැ යි: “චුන්දය, අතීත වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් තෙල තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අර්ත්ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ එ මැ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙති. චුන්දය, අනාගත වූ ද ... චුන්දය වර්‍තමාන වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එය තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථ සංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අර්ත්ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ ඒ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙත්. චුන්දය, මෙසෙයින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි කාලවාදී භූතවාදී අර්ත්ථවාදී ධර්‍මවාදී විනයවාදී වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙති.
Pali BJTයං ඛො චුන්ද, සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං, අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං, තස්මා ‘තථාගතො’ති වුච්චති. යඤ්ච ඛො චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්චරත්තිං අනුපාදිසෙසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා, තස්මා ‘තථාගතො’ති වුච්චති. යථාවාදී චුන්ද, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී, ඉති යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී, තස්මා ‘තථාගතො’ති වුච්චති. සදෙවකෙ චුන්ද, ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති’{a} අභිජානං තථාගතො’.
Sinhala BJTචුන්දය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව විසින් යම් රූපාලම්බනයක් ශබ්දාලම්බනයක් ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයක් (සුඛදුඃඛාදි) ධර්‍මාලම්බනයක් (සොයා හෝ නො සොයා හෝ) ලබන ලද ද (ලද හෝ නො ලද හෝ) සොයන ලද ද සිතින් විමසන ලද ද එ සියල්ල තථාගතයන් විසින් අවබෝධ කරන ලද, එහෙයින් ‘තථාගත’යි කියනු ලැබෙයි. චුන්දය යම් රාත්‍රියෙක තථාගතයෝ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙත් ද යම් රාත්‍රියෙක අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද තෙල අතුරෙහි යමක් බෙණෙත් ද පවසත් ද දක්වත් ද ඒ සියල්ල එසෙයින් මැ වෙයි. අන් සෙයෙකින් නො වේ. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙයි. චුන්දය, තථාගතයෝ යම්සේ බෙණෙත් නම් එසේ කරන සුලු වෙති, යම්සේ කෙරෙත් නම් එසේ බණන සුලු වෙත්. මෙසේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙයි. චුන්දය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි තථාගතයෝ ‘අභිභූ’ වූහ, අන්‍යයන් විසින් අනභිභූතයහ, ඒකාන්තයෙන් සියල්ල දක්නාහ, සියලු ජනයා වශයෙහි පවත්වන්නාහ, එහෙයින් ‘තථාගත’ යී කියනු ලැබේ නුයි ‘අභිජානං තථාගතො’ යනු වේ.
Pali BJTතිට්ඨන්ත මෙතං ජානාතීති: භගවා ඉධට්ඨඤ්ඤෙව ජානාති කම්මාභිසඞ්ඛාරවසෙන ‘අයං පුග්ගලො කායස්ස භෙදා පරම්මරණා, අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතී’ති. භගවා ඉධට්ඨඤ්ඤෙව{1} ජානාති කම්මාභිසඞ්ඛාරවසෙන අයං පුග්ගලො කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපජ්ජිස්සතී’ති. භගවා ඉධට්ඨඤ්ඤෙව ජානාති කම්මාභිසඞ්ඛාරවසෙන ‘අයං පුග්ගලො භෙදා පරම්මරණා පෙත්තිවිසයං{2} උපපජ්ජිස්සතී’ති. භගවා ඉධට්ඨඤ්ඤෙව ජානාති කම්මාභිසඞ්ඛාරවසෙන ‘අයං පුග්ගලො කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු ‘උප්පජ්ජිස්සතී’ති. භගවා ඉධට්ඨඤ්ඤෙව ජානාති කම්මාභිසඞ්ඛාරවසෙන ‘අයං පුග්ගලො සුපටිපන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජිස්සතී’ති.
Sinhala BJTතිට්ඨන්තමෙතං ජානාති- බුදුහු මෙලොවැ සිටියහු මැ කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ‘මේ පුද්ගල කාබුන් මරණින්’ මත්තෙහි සැප නැති දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනේ යයි දැනගනිති. බුදුහු මෙලොවැ සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් ‘මේ පුද්ගල තෙම කා බුන් මරණින් මත්තෙහි තිරිසන්යෝනට වදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් මේ පුද්ගල කා බුන් මරණින් මත්තෙහි ප්‍රේත විෂයට වදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ ‘කර්මාභිසංස්කාර වශයෙන් මේ පුද්ගල කා බුන් මරණින් මත්තෙහි මිනිසුන් කෙරෙහි උපදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් ‘මේ පුද්ගල සුප්‍රතිපන්න වූයේ කා බුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට වදනේ යැ’යි දැන ගනිත් යයි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTභාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:
Pali BJT“ඉදානාහං සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: ‘තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජිස්සතී’ති-ඉධ පනාහං සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡාන යොනිං උපපජ්ජිස්සතී’ති-ඉධ පනාහං සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උප්පජ්ජිස්සතී’ති-ඉධා පනාහං සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයතී තඤ්ච මග්ගං සමාරුළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උප්පජ්ජිස්සතී’ති-ඉධ පනාහං සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරුළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සතී’ති-ඉධ පනාහං සාරිපුත්ත, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති{a}. තිට්ඨන්තමෙතං ජානාති’.
Sinhala BJTශාරිපුත්‍රයෙනි, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මාගේ සිතින් මෙසේ ඔහු ගේ සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි අය රහිත වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට යම්සේ පැමිණේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි, එමඟට පැමිණියේ යයි’ - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි තිරිසන්යෝනට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි එමඟට පිළිපන්නේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම කා බුන් මරණින් මත්තෙහි යම්සේ ප්‍රේතවිෂයට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි, එමඟට ද පැමිණියේ යැ’යි- ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: මේ පුද්ගල තෙම යම්සේ කාබුන් මරණින් මත්තෙහි මිනිසුන් කෙරෙහි උපදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසේ ඉරියවු පවත්වයි, එමඟට ද පැමිණියේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසේ ඉරියවු පවත්වයි එමඟට ද පැමිණියේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි එමඟට ද පැමිණියේ යැ’යි ‘තිට්ඨන්තමෙතං ජානාති’ යනු වේ.
Pali BJTඅධිමුත්තං{1} තප්පරායණං’ති: ‘අධිමුත්ත’න්ති ආකිඤ්චඤ්ඤායතනෙ{2} අධිමුත්තිවිමොක්ඛෙන{3} අධිමුත්තං{4}, තත්රාධිමුත්තං තදධිමුත්තං තදධිපතෙය්යං{5}. අථවා භගවා ජානාති: ‘අයං පුග්ගලො රූපාධිමුත්තො සද්දාධිමුත්තො ගන්ධාධිමුත්තො රසාධිමුත්තො ඵොට්ඨබ්බාධිමුත්තො කුලාධිමුත්තො ගණාධිමුත්තො ආවාසාධිමුත්තො ලාභාධිමුත්තො යසාධිමුත්තො පසංසාධිමුත්තො සුඛාධිමුත්තො චීවරාධිමුත්තො පිණ්ඩපාතාධිමුත්තො සෙනාසනාධිමුත්තො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාධිමුත්තො සුත්තන්තාධිමුත්තො විනයාධිමුත්තො අභිධම්මාධිමුත්තො ආරඤ්ඤකඞ්ගාධිමුත්තො පිණ්ඩපාතිකඞ්ගාධිමුත්තො පංසුකූලිකඞ්ගාධිමුත්තො පංසුකූලිකඞ්ගාධිමුත්තො තෙචීවරිකඞ්ගාධිමුත්තො සපදානචාරිකඞ්ගාධිමුත්තො ඛලුපච්ඡාභත්තිකඞ්ගාධිමුත්තො නෙසජ්ජිකඞ්ගාධිමුත්තො යථාසන්තතිකඞ්ගාධිමුත්තො පඨමජ්ඣානාධිමුත්තො දුතියජ්ඣානාධිමුත්තො
Sinhala BJTඅධිමුත්තං තප්පරායණං - ‘අධිමුත්තං’ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ති විමොක්ෂයෙන් ඇලුණහු ඒ සමාධියෙහි ඇලුණහු ඒ ධ්‍යානයෙහි ඇලුණහු ඒ ධ්‍යානය අධිපති කොට ඇත්තහු. නොහොත් බුදුහු ‘මේ පුද්ගල තෙම රූපයෙහි ඇලුණේ යැ ශබ්දයෙහි ඇලුණේ යැ ගන්‍ධයෙහි ඇලුණේ යැ රසයෙහි ඇලුණේ යැ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලුණේ යැ කුලයෙහි ඇලුණේ යැ ගණයා කෙරෙහි ඇලුණේ යැ ආවාසයෙහි ඇලුණේ යැ ලාභයෙහි ඇලුණේ යැ යශස්හි ඇලුණේ යැ ප්‍රශංසායෙහි ඇලුණේ යැ සුඛයෙහි ඇලුණේ යැ චීවරයෙහි ඇලුණේ යැ පිණ්ඩපාතයෙහි ඇලුණේ යැ ශයනාසනයෙහි ඇලුණේ යැ ගිලන්පස බෙහෙසත් පිරිකරෙහි ඇලුණේ යැ සූත්‍රාන්තයෙහි ඇලුණේ යැ විනයෙහි ඇලුණේ යැ අභිධර්‍මයෙහි ඇලුණේ යැ ආරණ්‍යකාඞ්ගයෙහි ඇලුණේ යැ පිණ්ඩපාතිකාඞ්ගයෙහි ඇලුණේ යැ පාංශුකූලිකාඞ්ගයෙහි ඇලුණේ යැ ත්‍රෛචීවරීකාඞ්ගයෙහි ඇලුණේ යැ සපදානචාරිකඞ්ගයෙහි ඇලුණේ යැ ඛලුපච්ඡාභත්තිකඞ්ගයෙහි ඇලුණේ යැ නෙසජ්ජිකඞ්ගයෙහි ඇලුණේ යැ යථාසන්තතිකඞ්ගයෙහි ඇලුණේ යැ ප්‍රථමධ්‍යානයෙහි ඇලුණේ යැ ද්විතීයධ්‍යානයෙහි ඇලුණේ යැ
Pali BJTතතියජ්ඣානාධිමුත්තො චතුත්ථජ්ඣානාධිමුත්තො ආකාසානඤ්චායතනසමාපන්නාධිමුත්තො{1} විඤ්ඤාණඤ්චායතනසමාපත්තාධිමුත්තො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තාධිමුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තාධිමුත්තොති අධිමුත්තං. තප්පරායණන්ති: ආකිඤ්චඤ්ඤායතනමයං තප්පරායණං කම්මපරායණං විපාකපරායණං කම්මගරුකං පටිසන්ධිගරුකං. අථවා භගවා ජානාති: ‘අයං පුග්ගලො රූපපරායණො-පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිපරායණො ති ‘අධිමුත්තං තප්පරායණං’.
Sinhala BJTතෘතීයධ්‍යානයෙහි ඇලුණේ යැ චතුර්ත්ථධ්‍යානයෙහි ඇලුණේ යැ ආකාසානඤ්චායතන සමාපත්තියෙහි ඇලුණේ යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ඇලුණේ යැ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි ඇලුණේ යැ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි ඇලුණේ යැ’යි ‘අධිමුත්තං’ යනු වේ. තප්පරායණං යනු: ආකිඤ්චඤ්ඤායතනමය වූ එය පිහිට කොට ඇත්තහු කර්‍මය පිහිට කොට ඇත්තහු (ප්‍රවෘත්ති) විපාකය පිහිට කොට ඇත්තහු කර්මචෙතනාව ගරු කොට ඇත්තහු ප්‍රතිසන්‍ධිය ගරු කොට ඇත්තහු, නොහොත් බුදුහු මෙසේ දැනගනිති: ‘මේ පුද්ගල තෙමේ රූප පරායණ යැ ... නෙවසඤ්ඤානාසඤ්ඤායතනපරායණ’ යයි ‘අධිමුත්තං තප්පරායණං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“විඤ්ඤාණට්ඨිතියො සබ්බා (පොසාලොති භගවා) අභිජානං තථාගතො, තිට්ඨන්තමෙතං ජානාති අධිමුත්තං තප්පරායණ”න්ති.
Sinhala BJT“විඤ්ඤාණට්ඨිතියො සබ්බා -පෙ- අධිමුත්තං තප්පරායණං” යි.
Pali BJT14. 4.
Sinhala BJT14. 4.
Pali BJTආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා නන්දිසංයොජනං ඉති, එවමෙතං{2} අභිඤ්ඤාය තතො තත්ථ විපස්සති, එතං ඤාණං තථං තස්ස බ්රාහ්මණස්ස වුසීමතො,
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය ‘සංයොගයෙකැ’ යි දැන තෙල මෙසේ මැ විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කෙරෙයි. වැස නිමවූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්ගඥානය අවිපරීත වේ යයි.
Pali BJTආකිඤ්චඤ්ඤා සම්භවං ඤත්වාති ‘ආකිඤ්චඤ්ඤා සංභවො’{3} වුච්චති ආකිඤ්චඤ්ඤායතනසංවත්තනිකො කම්මාභිසඞ්ඛාරො, ආකිඤ්චඤ්ඤායතනසංවත්තනිකං කම්මාභිසඞ්ඛාරං ආකිඤ්චඤ්ඤාසංභවොති ඤත්වා ලග්ගනන්ති ඤත්වා බන්ධනන්ති ඤත්වා පළිබොධොති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා’.
Sinhala BJTආකිඤ්චඤ්ඤාසම්භවං - ආකිඤ්චඤ්ඤාසම්භව’ යි ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පවත්නා කර්මාභිසංස්කාරය කියනු ලැබෙයි. ආකිඤ්චඤ්ඤායතන සංවත්තනික වූ කර්මාභිසංස්කාරය ‘ආකිඤ්චඤ්ඤාසම්භව’ යි දැන ‘ලග්නයෙකැ’ යි දැන ‘බන්‍ධනයෙකැ’යි දැන ‘පළිබොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්‍වා’ යනු වේ.
Pali BJTනන්දිසංයොජනං ඉතීති ‘නන්දිසංයොජනං’ වුච්චති අරූපරාගො, අරූපරාගෙන තං කම්මං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං, අරූපරාගං නන්දිසංයොජනන්ති ඤත්වා ලග්ගනන්ති ඤත්වා බන්ධනන්ති ඤත්වා පළිබොධොති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. ඉතීති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං ‘ඉතී’ති. ‘නන්දිසංයොජනං ඉති’.
Sinhala BJTනන්‍දිසංයොජනං ඉති - ‘නන්‍දිසංයොජන’යි අරූපරාගය කියනු ලැබෙයි. අරූපරාගයෙන් ඒ කර්‍මය ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ යැ, අරූපරාගය නන්‍දිසංයොජනයෙකැ’ යි දැන බන්‍ධනයෙකැ’ යි දැන පරිරොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු.
Pali BJTඑවමෙතං අභිඤ්ඤායාති එවං එතං අභිඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘එවමෙතං අභිඤ්ඤාය’.
Sinhala BJTඑවමෙතං අභිඤ්ඤාය - තෙල මෙසේ දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘එවමෙතං අභිඤ්ඤාය’ යනු වේ.
Pali BJTතතො තත්ථ විපස්සතීති ‘තත්ථා’ති ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තත්ථ ජාතෙ චිත්තචෙතසිකෙ ධම්මෙ අනිච්චතො විපස්සති දුක්ඛතො විපස්සති රොගතො -පෙ- නිස්සරණතො විපස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපපරික්ඛතීති ‘තතො තත්ථ විපස්සති’.
Sinhala BJTතතො තත්‍ථ විපස්සතී - ‘තත්‍ථ’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සම වැද එයින් නැඟී සිටි එහි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය හෙයින් විදර්‍ශනා කෙරෙයි දුඃඛ හෙයින් විදර්‍ශනා කෙරෙයි රෝග හෙයින් ... නිස්සරණ හෙයින් විදර්‍ශනා කෙරෙයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘තතො තත්‍ථ විපස්සතී’ යනු වේ.
Pali BJTඑතං ඤාණං තථං තස්සාති එතං ඤාණං තච්ඡං භූතං යාථාවං අවිපරීතං තස්සාති ‘එතං ඤාණං තථං තස්ස’.
Sinhala BJTඑතං ඤාණං තථං තස්ස - ඒ රහත් පුඟුල්හු ගේ තෙල රහත්මඟනුවණ තථ්‍ය යැ භූත යැ යථාස්වභාව ඇත්තේ යැ අවිපරීත නුයි “එතං ඤාණං තථං තස්ස” යනු වේ.
Pali BJTබ්රාහ්මණස්ස වුසීමතොති ‘බ්රාහ්මණො’ති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා”ති. බ්රාහ්මණස්ස වුසීමතොති පුථුජ්ජනකල්යාණකං උපාදාය සත්තසෙඛා{1} අප්පත්තස්ස{2} පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති, අරහා වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො -පෙ- ජාතිමරණ සංසාරො-නත්ථි තස්ස පුනබ්භවො’ති ‘බ්රාහ්මණස්ස වුසීමතො’.
Sinhala BJTබ්‍රාහ්මණස්ස වුසීමතො - ‘බ්‍රාහ්මණ’ යනු: (සත්කාය දෘෂ්ටි ආදි) සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ ... (තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රය නැති බැවින්) ‘අසිත’ යයි ද (ලොකධර්මයෙන් නිර්විකාර බැවින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්‍රාහ්මණ’ නම් වෙයි. බ්‍රාහ්මණස්ස වුසීමතො යනු: පෘථග්ජන කල්‍යාණයා පටන් සප්ත ශෛක්‍ෂයෝ නො පැමිණි රහත්බවට පැමිණෙනු පිණිස අවබෝධ නො කළ රහත්බව අවබෝධ කරනු පිණිස පසක් නො කළ රහත්බව පසක් කරනු පිණිස වෙසෙති වැද වෙසෙති වෙසෙසින් වෙසෙති සර්‍වප්‍රකාරයෙන් වෙසෙති, රහත්පුඟුල් තෙම වැස නිමවූ බඹසර ඇත්තේ කළ (සිව්මඟ) කිස ඇත්තේ බහා තබන ලද (කෙලෙස්) බර ඇත්තේ පැමිණි උත්තමාර්ත්ථ ඇත්තේ ක්‍ෂය කළ භවසංයෝජන ඇත්තේ මොනොවට රහත්මඟින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙයි. හෙතෙම වැස නිමවූ බඹසරවස් ඇත්තේ යැ පරිචිත චරණ ධර්‍ම ඇත්තේ යැ ... ජාතිමරණ සංඛ්‍යාත පුනර්‍භවය ඔහුට නැත් නුයි ‘බ්‍රාහ්මණස්ස වුසීමතො’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා නන්දිසංයොජනං ඉති, එවමෙතං අභිඤ්ඤාය තතො තත්ථ විපස්සති. එතං ඤාණං තථං තස්ස බ්රාහ්මණස්ස වුසීමතො”ති.
Sinhala BJT“ආකිඤ්චඤ්ඤාසම්භවං -පෙ- බ්‍රාහ්මණස්ස වුසීමතො” යි.
Pali BJTසහ ගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භන්තෙ භගවා සාවකො’ හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමඟ ... බුදුහු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමී.
Pali BJTපොසාල සුත්තනිද්දෙසො සමත්තො
Sinhala BJTපෝසාල සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT15. මොඝරාජ සුත්තනිද්දෙසො
Sinhala BJT15. මෝඝරාජ සූත්‍ර නිර්‍දෙශය
Pali BJT15. 1.
Sinhala BJT15. 1.
Pali BJTද්වාහං සක්කං{1} අපුච්ඡිස්සං (ඉච්චායස්මා මොඝරාජා) න මෙ බ්යාකාසි චක්ඛුමා, යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙ සුතං,
Sinhala BJT(ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශාක්‍යමුනිහු විචාළෙමි. චක්‍ෂුර්මත්හු ප්‍රකාශ නො කළහ, දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසන ලද.
Pali BJTද්වාහං සක්කං අපුච්ඡිස්සන්ති සො බ්රාහ්මණො ද්වික්ඛත්තුං බුද්ධං භගවන්තං පඤ්හං අපුච්ඡි, තස්ස භගවා පඤ්හං පුට්ඨො න බ්යාකාසි තදන්තරා{2} ඉමස්ස බ්රාහ්මණස්ස ඉන්ද්රියපරිපාකො භවිස්සතීති. සක්කන්ති සක්කො භගවා සක්යකුලා{3} පබ්බජිතො තිපි සක්කො, අථවා අඩ්ඪො මහද්ධනො ධනවාතිපි සක්කො, තස්සිමානි ධනානි, සෙය්යථීදං: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං සම්මප්පධානධනං ඉද්ධිපාදධනං ඉන්ද්රියධනං බලධනං බොජ්ඣඞ්ගධනං මග්ගධනං ඵලධනං, නිබ්බානධනං ඉමෙහි අනෙකවිධෙහි ධනරතනෙහි අඩ්ඪො මහද්ධනො ධනවාතිපි සක්කො. අථවා පහූ විසවී අලමත්තො සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී පහීනභයභෙරවො විගතලොමහංසොතිපි සක්කො. ද්වාහං සක්කං අපුච්ඡිස්සන්ති ද්වාහං සක්කං අපුච්ඡිස්සං අයාචිස්සං අජ්ඣෙසිස්සං පසාදයිස්සන්ති ‘ද්වාහං සක්කං අපුච්ඡිස්සං’. ඉච්චායස්මා මොඝරාජා’ති -පෙ-
Sinhala BJTද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: එ බමුණු දෙවරක් භාග්‍යවත් බුදුන් පැන පුළුවුත්. ඔහට බුදුහු පැන පුළුවුස්නා ලද්දාහු ‘එයට ඉක්බිති මෙ බමුණුහට ඉන්ද්‍රියපරිපාකය වන්නේ යැ’යි ප්‍රකාශ නො කළහ. සක්කො යනු බුදුහු ශාක්‍යයහ: ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූහ යි ද ශාක්‍යයහ, නොහොත් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ යි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති; හෙ මෙසේයි: ශ්‍රද්ධා ධන යැ ශීල ධන යැ හිරි ධන යැ ඔත්තප්ප ධන යැ ශ්‍රැත ධන යැ ත්‍යාග ධන යැ ප්‍රඥා ධන යැ සතිපට්ඨාන ධන යැ සම්‍යක්ප්‍රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්‍ද්‍රිය ධන යැ බලධන යැ බෝධ්‍යඞ්ග ධන යැ මාර්‍ග ධන යැ ඵලධන යැ නිර්වාණධන යි. මේ අනේකවිධ ධනරත්නයන් ගෙන් ආඪ්‍යයහ, මහද්ධන ඇතියහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ, ප්‍රභූහ පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවනුහ, සමර්ත්ථ සිත් ඇතියහ, ශූරයහ, පරාක්‍රම ඇතියහ, වික්‍රම ඇතියහ, නො බාන සුල්ලහ, නො සැලෙනුවහ, නො තැතිගනුවහ, නො පලායනසුල්ලභ, දුරු කළ බිය හා බිය අරමුණු ඇතියහ, පහවූ ලොමුදහ ඇතියහ නුයි ද ශාක්‍යයහ. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: මම් දෙවරක් ශාක්‍යයන් වහන්සේ පුළුවුත්මි, අයැදියෙමි, අධ්‍යෙෂණ කෙළෙමි, පැහැද වීම් නුයි ‘ද්වාහං සක්කං අපුච්ඡිස්සං’ යනු වේ. ඉච්චායස්මා මොඝරාජා යනු:...
Pali BJTන මෙ බ්යාකාසි චක්ඛුමාති ‘න මෙ බ්යාකාසී’ති න මෙ බ්යාකාසි, න ආචික්ඛි, න දෙසෙසි, න පඤ්ඤපෙසි, න පට්ඨපෙසි, න විවරි, න විභජි, න උත්තානී අකාසි, න පකාසෙසි. චක්ඛුමාති භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා, මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා, පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා, බුද්ධචක්ඛුනාපි චක්ඛුමා, සමන්තචක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTන මෙ ඛ්‍යාකාසි චක්ඛුමා- ‘න මෙ ඛ්‍යාකාසි’ යනු: මට නො පැවැසූහ නො වදාළහ නො දෙසූහ නො පැනවූහ නො පිහිටවූහ විවරණය නො කළහ විභාග නො කළහ පාළ නො කළහ ප්‍රකාශ නො කළහ. චක්ඛුමා යනු: බුදුහු පසැසින් චක්ෂුෂ්මත්හ: මසැසිනුදු චක්ෂුෂ්මත්හ, දිවැසිනුදු චක්ෂුෂ්මත්හ, පැනැසිනුදු චක්ෂුෂ්මත්හ, බුදු ඇසිනුදු චක්ෂුෂ්මත්හ, සමතැසිනුදු චක්ෂුෂ්මත්හ.
Pali BJTකථං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා: ‘මංස චක්ඛුම්හි භගවතො පඤ්ච වණ්ණා සංවිජ්ජන්ති{4} නීලො ච වණ්ණො පීතකො ච වණ්ණො ලොහිතකො ච වණ්ණො කණ්හො ච වණ්ණො ඔදාතො ච වණ්ණො. අක්ඛිලොමානි ච භගවතො{5} යත්ථ ච අක්ඛිලොමානි පතිට්ඨිතානි තං නීලං හොති සුනීලං පාසාදිකං දස්සනෙය්යං උම්මාපුප්ඵසමානං{6} තස්ස පරතො පීතකං හොති සුපීකතකං සුවණ්ණවණ්ණං පාසාදිකං දස්සනෙය්යං කණිකාරපුප්ඵසමානං, උභතො ච අක්ඛිකූටානි{7} භගවතොලොහිතකානි හොන්ති.
Sinhala BJTකිසෙයින් බුදුහු මසැසිනුදු චක්ෂුෂ්මත්හ යත්: භාග්‍යවතුන් වහන්සේගේ මසැස්හි පස්පැහැ දිස් වෙයි: නිල් පැහැ යැ රන්වන් පැහැ යැ රත් පැහැ යැ කළු පැහැ යැ සුදු පැහැ යැ යි. තවද බුදුන්ගේ අක්ෂිරොම වෙයි: යම් තැනෙකැ වැළිත් ඇස්ලොම් පිහිටියේ ද එතැන දියමෙරළිය මල් සුදුසු සුනිල් පිරිසිදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසිදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි.
Pali BJTසුලොහිතකානි පාසාදිකානි දස්සනෙය්යානි ඉන්දගොපකසමානානි, මජ්ඣෙ කණ්හං හොති සුකණ්හං අලූඛං{1} සිනිද්ධං පාසාදිකං දස්සනෙය්යං අද්දාරිට්ඨකසමානං{2}, තස්ස පරතො ඔදාතං හොති සුඔදාතං{3} සෙතං පණ්ඩරං පාසාදිකං දස්සනෙය්යං ඔසධීතාරකාසමානං, තෙන භගවා පකතිකෙන මංසචක්ඛුනා අත්තභාවපරියාපන්නෙන පුරිමසුචරිතකම්මාභිනිබ්බත්තෙන සමන්තා යොජනං පස්සති දිවාචෙ ව රත්තිඤ්ච. යදාහි චතුරඞ්ගසමන්නාගතො අන්ධකාරො හොති, සුරියො ච අත්ථං ගතො හොති{4} කාළපක්ඛො ච උපොසථො හොති, තිබ්බො ච වනසණ්ඩො හොති, මහා ච කාළමෙඝො{5} අබ්භුට්ඨිතො හොති. එවරූපෙ චතුරඞ්ගසමන්නාගතෙ අන්ධකාරෙ සමන්තා යොජනං පස්සති.
Sinhala BJTමැද රුක්පෙණෙල ඇට සුදුහු ඉතා කළු මොළොක් සිනිඳු පිරිසුදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු සිත පඬෙර පිරිසුදු දැකුම්කලු සුදු පුහු වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයිදු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙකැ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද: හිරු අස්තයට ගියේත් වේ ද, කෘෂ්ණපක්ෂයෙහි පොහොය ත් වේ ද, ගහන වූ වන ළැහැබක් වේ ද, මහ කළුවලාකුළු නැඟුණේත් වේ ද, මෙ බඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පසින් යොදුනක් දකිති. එහි ඒ බිත්තියක් හෝ කවුළුවක් හෝ පවුරක් හෝ ගලක් හෝ ගසක් හෝ වැලක් හෝ රූපදර්ශනයට ආවරණයෙක් නැති. ඉදින් එක් තලැටක් ලකුණු කොට තලගැලෙකැ බහාලන්නේ නම් ඒ තල ඇටය මැ නඟාගන්නා සේ ක. මෙසෙයින් බුදුන්ගේ පියවි මසැස පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු මසැසිනුදු චක්‍ෂුර්මත් වෙති.
Pali BJTකථං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා: භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සන්තෙ පජානාති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනො දුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨි කම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ආකඞ්ඛමානො ච භගවා එකම්පි ලොකධාතුං පස්සෙය්ය, ද්වෙපි ලොකධාතුයො, පස්සෙය්ය තිස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, චතස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්චපි ලොකධාතුයො පස්සෙය්ය, දසපි ලොකධාතුයො පස්සෙය්ය, වීසම්පි ලොකධාතුයො පස්සෙය්ය, තිංසම්පි ලොකධාතුයො පස්සෙය්ය, චත්තාලීසම්පි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්ඤාසම්පි ලොකධාතුයො පස්සෙය්ය, සතම්පි ලොකධාතුයො පස්සෙය්ය, සහස්සිම්පි චූලනිකං ලොකධාතුං පස්සෙය්ය, ද්විසහස්සිම්පි මජ්ඣිමිකං ලොකධාතුං පස්සෙය්ය, තිසහස්සම්පි මහාසහස්සිං ලොකධාතුං{6} පස්සෙය්ය, යාවතා{7} පන ආකඞ්ඛෙය්ය තාවතකං පස්සෙය්ය, එවං පරිසුද්ධං{8} භගවතො දිබ්බචක්ඛු. එවං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTකිසෙයින් බුදුහු දිවැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්‍රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්‍වයන් දකිති. යභභ, මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ කර්‍ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දන්නා සේක. මෙසෙයින් විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්‍රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්‍වයන් දකිති. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්‍වයන් දන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකුදු බලන සේක. ලෝකධාතු දෙකක් ද තුන් ලෝකධාතුවකුදු - සතර ලෝකධාතුවකුදු - පස් ලෝකධාතුවකුදු බලන සේක. දස ලෝකධාතුවකුදු - විසි ලෝකධාතුවකුදු - තිස් ලෝකධාතුවකුදු - සතලිස් ලෝකධාතුවකුදු - පනස් ලෝකධාතුවකුදු - සියක් ලොකධාතුහු ද බලන සේක. සහස්‍රීචූලනීලොකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යම ලෝකධාතුව ද බලන සේක. ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම් එ පමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසෙයින් පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු දිවැසිනුදු චක්‍ෂුර්මත් වෙති.
Pali BJTකථං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා: භගවා මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො{1}. තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පඤ්ඤාප්පභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො{2}. චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො අනන්තඤාණො අනන්තතෙජො අනන්තයසො අඩ්ඪො මහද්ධනො ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා. සො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස, මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා.
Sinhala BJTකිසෙයින් බුදුහු පැනැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු මහත්ප්‍රඥා ඇතියහ, පතළ ප්‍රඥා ඇතියහ, ශීඝ්‍ර ප්‍රඥා ඇතියහ, දිවෙන ප්‍රඥා ඇතියහ, තියුණු ප්‍රඥා ඇතියහ, විනිවිද යන ප්‍රඥා ඇතියහ, ප්‍රඥා ප්‍රභේදයෙහි නිපුණයහ, ප්‍රභේදයට පැමිණි ඥාන ඇතියහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇතියහ, චතුර්වෛශාරද්‍යයට පැමිණියහ, දශබලධාරීහ, පුරුෂ ශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරුෂාජානෙයහ, පුරුෂධෞරෙයහ, අනන්තඥාන ඇතියහ, අනන්ත තේජස් ඇතියහ, අනන්ත යශස් ඇතියහ, (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥාධන ඇතියහ, ප්‍රඥාධනවත්හ, (නිවනට පමුණුවන හෙයින්) නේතෘහ, (වෛනෙය ජනයන් විනයන කරන හෙයින්) විනේතෘහ, (සැක සිඳුනා හෙයින්) අනුනේතෘහ, (අර්‍ත්‍ථය) පනවනුවහ, නිශ්චය කරනුවහ, (පිළිවෙත්) දක්වනුවහ, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ, තවද ඒ බුදුහු නූපන්විරූ අරීමඟ සිය සතන්හි ඉපැදවූහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය උපදනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුවහ, මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, තවද මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත්.
Pali BJTසො හි භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා ධම්මස්සාමි{3} තථාගතො, නත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං{4} පඤ්ඤාය, අතීතං අනාගතං පච්චුප්පන්නං{5} උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති. යං කිඤ්චි නෙය්යං නාම අත්ථි ධම්මං ජානිතබ්බං{6} අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො, උත්තානො වා අත්ථො, ගම්භීරො වා අත්ථො, ගූළ්හො වා අත්ථො, පටිච්ඡන්නො වා අත්ථො, නෙය්යො වා අත්ථො, නීතො වා අත්ථො, අනවජ්ජො වා{7} අත්ථො, නික්කිලෙසො වා අත්ථො, වොදානො වා අත්ථො, පරමත්ථො වා අත්ථො{8}. සබ්බං තං අන්තොබුද්ධඤාණෙ පරිවත්තති, සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති සබ්බං වචීකම්මං ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං ඤාණානුපරිවත්ති,
Sinhala BJTඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය දනිති, දැක්කයුතු ඥෙයපථය නුවණැසින් දකිති, (දර්‍ශන පරිණායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වනුයෙන්) නිර්නේතෘ වූහ, අමෘතය දෙනුවහ, ධර්‍ම ස්වාමීහ, තථාගත වූහ. ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නා ලද්දෙක් (නුවණැසින්) නො දක්නා ලද්දෙක් අවිදිතයෙක් නො පසක් කරන ලද්දෙක් ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරන ලද්දෙක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගත ප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ සර්‍වප්‍රකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය වේවයි පරාර්‍ත්‍ථය වේවයි උභයාර්‍ත්‍ථය වේවයි දෘෂ්ටධාර්මිකාර්ත්ථය වේවයි සාම්පරායිකාර්‍ත්‍ථය වේවයි උත්තානාර්ත්ථය වේවයි ගම්භීරාර්ත්ථය වේවයි ගූඪාර්ත්ථය වේවයි ප්‍රතිච්ඡන්නාර්ත්ථය වේවයි නෙයාර්ත්ථය වේවයි නීතාර්ත්ථය වේවයි නිර්දොෂාර්ත්ථය වේවයි නික්ලෙශාර්ත්ථය වේවයි පරිශුද්ධාර්ත්ථය වේවයි පරමාර්ත්ථය වේවයි එ හැම බුද්ධඥානය තුළ පිරිවැටෙයි. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
Pali BJTඅතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ අප්පටිහතං ඤාණං, යාවතකං නෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං නෙය්යං, නෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්යං, නෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති{1}. ඤාණං අතික්කමිත්වා නෙය්යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා, යතා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵස්සිතානං{2}. හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ{3}. එවමෙව බුද්ධස්ස භගවතො නෙය්යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො. යාවතකං නෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං නෙය්යං, නෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්යං, නෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා.
Sinhala BJTඅතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අනාවරණ යැ දතයුත්ත යම් පමණ ද ඥානය එ පමණ යැ, ඥානය යම් පමණ ද දතයුත්ත එ පමණ යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්සේ මනාකොට පැහැසූ සුමුගු පටල දෙකක්හු ගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්ම සිටී ද, ඔවුහු ඔවුනොවුන් ගේ කෙළවර සිටුනාසුලු වෙත් ද, එසෙයින් භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්තාක් ඥේයය ද ඒ තාක් ඥාන යැ, යම්තාක් ඥානය ද ඒ තාක් ඥේය යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක් මැ ඥානය නො පවතී ඥානය ඉක් මැ ඥෙයපථයෙක් නැති. ඒ දහම්හු අන්‍යෝන්‍ය පර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
Pali BJTසබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති, සබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා ආකඞ්ඛාපටිබද්ධා{4} මනසිකාරපටිබද්ධා චිත්තුප්පාදපටිබද්ධා සබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති, සබ්බෙසං ච සත්තානං භගවා ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ ජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තොබුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තො මහාසමුද්දෙ පරිවත්තන්ති. එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො{5} සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති{6}. යථා යෙ කෙචි පක්ඛී අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති. එවමෙව යෙපි තෙ{7}. සාරිපුත්තසමා පඤ්ඤාය සමන්නාගතා, තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති. බුද්ධඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අභිභවිත්වා තිට්ඨති. යෙපි තෙ ඛත්තිය පණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා සමණපණ්ඩිතා නිපුණා ක පරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා{8} මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන{9} දිට්ඨිගතානි. තෙ පඤ්හෙ අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච කථිතා විස්සජ්ජිතාව{10}. තෙ පඤ්හා භගවතා{11} හොන්ති නිද්දිට්ඨකාරණා. උපක්ඛිත්තකා ච තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවාව නත්ථි අතිරොචති යදිදං පඤ්ඤායාති. එවං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා.
Sinhala BJTසියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනොද්වාරාවර්ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාද ප්‍රතිබද්ධයහ. සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. බුදුහු සියලු සතුන්ගේ ආශය දනිති, අනුශය දනිති චරිතය දනිති, අධිමුක්තිය දනිති. අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති ගර්හිත වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දනිති. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝ වැසි තෙම දෙවිමිනිසුන් සහිත වූ මහණ බමුණන් සහිත ප්‍රජාව බුදුනුවණ තුළ පවතී. තිමි තිමිඞ්ගල පටන් කොට යම් කිසි මස්-කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම්සේ ඇතුළු මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී. යම්සේ විනතාපුත් ගුරුළුරජහු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසකැ හැසිරෙත් ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔවුහු ද බුද්ධ ඥානයාගේ පෙදෙසක පවත්නාහු යැ. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙන සිටී. නිපුණ වූ කළ පරප්‍රවාද ඇති වල්විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය- බ්‍රාහ්මණ- ගෘහපති- ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් වෙත පැමිණ විචාරත් ද භාග්‍යවතුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ වැ කියන ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥායෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහ.
Pali BJTකථං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා: භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො{1} අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො{2} විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි,{3} අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන. එවමෙව භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
Sinhala BJTකිසෙයින් බුදුහු බුදු ඇසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහ යත්: බුදුහු බුදු ඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති (අශ්‍රද්ධාදි) ගර්හිත වූ ආකාර ඇති සුවිඥාප්‍යවූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන් ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භය වශයෙන් දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භය වශයෙන් දක්නාසුලු වැ නොවසනුවන් දුටුසේක. යම්සේ උපුල්විලෙකැ හෝ පියුම්විලෙකැ හෝ නෙළුඹුවිලෙකැ හෝ ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු ඇතුළත ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැඟී දිය හා නො වැකුණාහු සිටිත් ද එසෙයින් මැ බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තා වූ ද මෘදු ඉඳුරන් ඇත්තා වූ ද සුන්දරාකාර ඇති වූ ද ගර්හිතාකාර ඇති වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන්, ඇතැම් කෙනකුන් පරලොකයෙහිත් වද්‍යයෙහිත් භය දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නොවසනුවන් දුටු සේක.
Pali BJT“ජානාති භගවා” අයං පුග්ගලො රාගචරිතො අයං දොසචරිතො අයං මොහචරිතො, අයං විතක්කචරිතො අයං සද්ධාචරිතො අයං ඤාණචරිතොති. රාගචරිතස්ස භගවා පුග්ගලස්ස අසුභකථං කථෙති.{4} දොසචරිතස්ස භගවා පුග්ගලස්ස මෙත්තාභාවනං ආචික්ඛති, මොහචරිතං භගවා පුග්ගලං{5} උද්දෙසෙ පරිපුච්ඡාය{6} කාලෙන ධම්මසවනෙ කාලෙන ධම්මසාකච්ඡාය ගරුසංවාසෙ නිවෙසෙති, විතක්කචරිතස්ස භගවා පුග්ගලස්ස ආනාපානසතිං ආචික්ඛති, සද්ධාචරිතස්ස භගවා පුග්ගලස්ස පසාදනීයං නිමිත්තං ආචික්ඛති බුද්ධසුබොධිං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිං සීලානි ච අත්තනො. ඤාණචරිතස්ස භගවා පුග්ගලස්ස විපස්සනානිමිත්තං ආචික්ඛති අනිච්චාකාරං දුක්ඛාකාරං අනත්තාකාරං.
Sinhala BJTබුදුහු ‘මේ පුද්ගල තෙමේ රාගචරිතයෙක. මේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිතයෙකැ’යි දන්නා සේක. බුදුහු රාග බහුල පුද්ගලහට අශුභ කථාව වදාරති. බුදුහු ද්වේෂ බහුල පුද්ගලහට මෛත්‍රීභාවනාව පවසති. බුදුහු මෝහ බහුල පුද්ගලයා උදෙසීමෙහි ද පරිපෘච්ඡා (අටුවා) යෙහි ද කලෙකැ (සුදුසු කල්හි) ධර්‍මශ්‍රවණයෙහි ද කලෙකැ ධර්මසාකච්ඡායෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද (ඇදුරන් වෙත) සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලහට ආනාපානසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලහට බුදුහු ප්‍රසාද උපදවන සූත්‍රයක් ද බුදුන්ගේ බුද්ධත්ව ප්‍රතිවේධය ද ධර්‍මය ස්වාක්ඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු ශීලයන් ද පවසන සේක. ඥානචරිත පුද්ගලහට බුදුහු (උදයව්‍යයාදි) විදර්‍ශනා නිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේක.
Pali BJT1. “සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛු සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූත”න්ති{a}
Sinhala BJT1) යම්සේ සෙල්මුවා පවු මුදුන්හි සිටි (ඇස් ඇති පුරුෂ) යෙක් හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින් සුන්‍දර ප්‍රඥා ඇතියාණෙනි, සමන්තචක්ෂුස් වූ භාග්‍යවත්නි, මුඹ වහන්සේ ද දහම්මුවා පහයට නැඟ (තුමූ) පහ වූ ශෝක ඇත්තාහු ශොකාවතීර්ණ වූ ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ’යි.
Pali BJTඑවං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා:
Sinhala BJTමෙසෙයින් බුදුහු බුදු ඇසිනුදු චක්‍ෂුර්මත් වූහ.
Pali BJTකථං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමා: ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං, භගවා සබ්බඤ්ඤුතඤාණෙන{1} උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උප්පන්නො සම්පන්නො{2} සමන්නාගතො.
Sinhala BJTකිසෙයින් බුදුහු සමතැසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහ යත්: ‘සමන්තචක්ඛු’ සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමුපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණයහ සමන්‍විත වූහු.
Pali BJT2. “න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ”ති{b}
Sinhala BJT2. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි ධර්මජාතයෙකු දු නැති. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ.
Pali BJTඑවං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමාති ‘න මෙ බ්යාකාසි චක්ඛුමා.’
Sinhala BJTමෙසෙයින් බුදුහු සමතැසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහු නුයි ‘න මෙ ඛ්‍යාකාසි චක්ඛුමා’ යනු වේ.
Pali BJTයාවතතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙසුතන්ති: යාව තතියං බුද්ධො සහධම්මාකං පඤ්හං පුට්ඨො බ්යාකරොති නො සංසාරෙතීති{3} එවං මයා උග්ගහීතං, එවං මයා උපධාරිතං, එවං මයා උපලක්ඛිතං. දෙවීසීති: භගවා{4} දෙවො චෙව ඉසි චාති දෙවිසි. යථා රාජපබ්බජිතා{5} වුච්චන්ති රාජිසයො, බ්රාහ්මණපබ්බජිතා{6} වුච්චන්ති බ්රාහ්මණිසයො, එවමෙව භගවා දෙවො චෙව ඉසි චාති දෙවිසි. අථවා භගවා පබ්බජිතොතිපි ඉසි, මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසී තිපි ඉසි, මහන්තං සමාධික්ඛන්ධං එසි ගවෙසි පරියෙසී තිපි ඉසි, මහන්තං පඤ්ඤාක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි, මහන්තං සමාධික්ඛන්ධං -පෙ- මහන්තං පඤ්ඤාක්ඛන්ධං-මහන්තං විමුත්තික්ඛන්ධං-මහන්තං විමුත්තිඤාණදස්සනක්ඛන්ධං එසි ගවෙසි පරියෙසී තිපි ඉසි, මහතො තමොකායස්ස පදාළනං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි, මහතො විපල්ලාසස්ස පභෙදනං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි, මහතො තණ්හාසල්ලස්ස අබ්බහනං{7} -පෙ- මහතො දිට්ඨිසඞ්ඝාටස්ස විනිවෙඨනං-මහතො මානද්ධජස්ස පපාතනං-මහතො අභිසංඛාරස්ස වූපසමං-මහතො ඔඝස්ස නිත්ථරණං, -
Sinhala BJTයාව තතියඤ්ච දෙවීසි බ්‍යාකරොතී’ ති මෙ සුතං යනු: බුදුහු තුන්වන වට දක්වා කරුණු සහිත වැ පැන පුළුවුස්නා ලද්දාහු ප්‍රකාශ කෙරෙති නො බැහැර කෙරෙතී’ මෙසේ මා විසින් උගන්නා ලද, මෙසේ මා විසින් විමසන ලද, මෙසේ මා විසින් සලකන ලද. දෙවීසි යනු: බුදුහු ‘දෙව’ ද ‘ඍෂි’ දැ යි ‘දේවර්ෂි’ නම. යම්සේ රජපැවිද්දෝ ‘රාජර්ෂීහ’ යි කියනු ලැබෙත් ද බමුණු පැවිද්දෝ ‘බ්‍රාහ්මණර්ෂීහ’ යි කියනු ලැබෙත් ද, එසෙයින් මැ බුදුහු ‘දේව’ ද ‘ඍෂි’ දැ යි දේවර්ෂීහ. නොහොත් බුදුහු පැවිදි වූවාහු නුයි ද ඍෂීහ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ඍෂීහ, මහත් වූ සමාධිස්කන්‍ධය- මහත් වූ ප්‍රඥාස්කන්‍ධය- මහත් වූ විමුක්තිස්කන්‍ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි ද ඍෂීහ, මහත් වූ තමස්කායයාගේ විදාරණය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහත් වූ විපර්‍ය්‍යාසයාගේ බිඳීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහත් වූ තෘෂ්ණා ශල්‍යය ඉදිරීම ... මහත් වූ දෘෂ්ටි සඞ්ඝාටය ලිහීම, මහත් වූ මානධ්වජය හෙළීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම,
Pali BJTමහතො භාරස්ස නික්ඛෙපනං--මහතො සංසාරවට්ටස්ස උපච්ඡෙදං-මහතො සන්තාපස්ස නිබ්බාපනං-මහතො පරිළාහස්ස පටිප්පස්සද්ධිං-මහතො ධම්මධජස්ස උස්සාපනං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි. මහන්තෙ සතිපට්ඨානෙ මහන්තෙ සම්මප්පධානෙ මහන්තෙ ඉද්ධිපාදෙ මහන්තානි ඉන්ද්රියානි මහන්තානි බලානි මහන්තෙ බොජ්ඣඞ්ගෙ මහන්තං අරියං අට්ඨඞ්ගිකං මග්ගං මහන්තං පරමත්ථං අමතං නිබ්බානං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි. මහෙසක්ඛෙහිවා සත්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො කහං බුද්ධො කහං භගවා කහං දෙවදෙවො කහං නරාසභොතිපි ඉසීති යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙ සුතං.’
Sinhala BJTමහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ සන්තාපය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි ද ඍෂීහ. මහත් වූ, සතිපට්ඨානයන් මහත් වූ සම්‍යක් ප්‍රධානයන් මහත් වූ ඍද්ධිපාදයන් මහත් වූ ඉන්‍ද්‍රියයන් මහත් වූ බලයන් මහත් වූ බෝධ්‍යඞ්ගයන් මහත් වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය මහත් වූ පරමාර්ත්ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් හෝ ‘කොහි යැ බුදුහු’, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවි වූවෝ, කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ’ යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත වූහු නුයි ද ඍෂී වෙත් නුයි “යාව තතියඤ්ච දෙවීසි ඛ්‍යාකරොතී’ති මෙ සුතං” යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“ද්වාහං සක්කං අපුච්ඡිස්සං (ඉච්චායස්මා මොඝරාජා.) න මෙ බ්යාකාසි චක්ඛුමා, යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙ සුත”න්ති.
Sinhala BJT“ද්වාහං සක්කං -පෙ- බ්‍යාකරොතී’ති මෙ සුතං” යි.
Pali BJT15. 2.
Sinhala BJT15. 2.
Pali BJTඅයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො සදෙවකො, දිට්ඨිං තෙ නාභිජානාති ගොතමස්ස යසස්සිනො.
Sinhala BJTමේ මිනිස්ලෝවැසි තෙමේ ද අන් ලෝවැසි තෙමේ ද දෙවියන් සහිත වූ බඹලෝවැසි තෙමේ ද යශස්වී වූ ගෞතම ගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනී.
Pali BJTඅයං ලොකො පරො ලොකොති: “අයං ලොකො’ති මනුස්ස ලොකො, ‘පරො ලොකො’ති මනුස්සලොකං ඨපෙත්වා සබ්බො පරො ලොකො’ති අයං ලොකො පරො ලොකො’.
Sinhala BJTඅයං ලෝකෝ පරො ලෝකෝ- ‘අයං ලෝකෝ’ යනු: මනුෂ්‍යලෝක යැ ‘පරො ලෝකෝ’ යනු: මිනිස්ලොව තබා සියල්ල පරලොව් නුයි ‘අයං ලෝකෝ පරො ලෝකෝ’ යනු වේ.
Pali BJTබ්රහ්මලොකො සදෙවකොති-සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සාති ‘බ්රහ්මලොකො සදෙවකො.
Sinhala BJTබ්‍රහ්මලොකො සදෙවකො යනු: මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝක යැ දෙව්මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව නුයි ‘බ්‍රහ්මලොකො සදෙවකො’ යනු වේ.
Pali BJTදිට්ඨිං තෙ නාභිජනාතීති-තුය්හං දිට්ඨිං ඛන්තිං රුචිං ලද්ධිං අජ්ඣාසයං අධිප්පායං ලොකො න ජානාති: ‘අයං එවංදිට්ඨිකො එවංඛන්තිකො එවංරුචිකො එවංලද්ධිකො එවංඅජ්ඣාසයො එවංඅධිප්පායො’ති න ජානාති න පස්සති න දක්ඛති නාධිගච්ඡති න වින්දති න පටිලභතීති ‘දිට්ඨිං තෙ නාභිජානා’ති.
Sinhala BJTදිට්ඨිං තෙ නාභිජානාති යනු: මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය ක්‍ෂාන්තිය රුචිය ලබ්ධිය අධ්‍යාශය අභිප්‍රාය ලෝවැසි තෙම නො දනියි: ‘මේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක, මෙ බඳු ක්‍ෂාන්ති ඇත්තෙක, මෙ බඳු රුචි ඇත්තෙක, මෙ බඳු ලබ්ධි ඇත්තෙක, මෙ බඳු අධ්‍යාශය ඇත්තෙක, මෙ බඳු අභිප්‍රාය ඇත්තෙකැ’ යි නො දනියි නො දකියි නො දක්නේ යැ නො පැමිණෙයි නො විඳියි නො ලබා නුයි ‘දිට්ඨිං තෙ නාභිජානාති’ යනු වේ.
Pali BJTගොතමස්ස යසස්සිනොති: භගවා යසප්පත්තොති යසස්සී, අථවා භගවා සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්තිපි යසස්සීති ‘ගොතමස්ස යසස්සිනො.’
Sinhala BJTගොතමස්ස යසස්සිනො යනු: බුදුහු යසසට පැමිණියාහු නුයි යශස්වී යැ නොහොත් බුදුහු සත්කෘතයහ ගරුකෘතයහ මානිතයහ පූජිතයහ (අග්‍රදානාදීන්) අපචායන කරන ලදහ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුල්ලභ’යි ‘ගොතමස්ස යසස්සිනො’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො සදෙවකො, දිට්ඨිං තෙ නාභිජානාති, ගොතමස්ස යසස්සිනො”ති.
Sinhala BJT“අයං ලෝකෝ පරො ලෝකෝ -පෙ- ගොතමස්ස යසස්සිනො” යි.
Pali BJT15. 3.
Sinhala BJT15. 3.
Pali BJTඑවං අභික්කන්තදස්සාවිං අත්ථි පඤ්හෙන ආගමං, කථං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.
Sinhala BJTමෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි. ලොවැ කිසෙයින් බලන්නහු මෘත්‍යුරාජ තෙමේ නො දකී ද?
Pali BJTඑවං අභික්කන්තදස්සාවින්ති: එවං අභික්කන්තදස්සාවිං අග්ගදස්සාවිං සෙට්ඨදස්සාවිං විසෙට්ඨදස්සාවිං පාමොක්ඛදස්සාවිං උත්තමදස්සාවිං පරමදස්සාවින්ති ‘එවං අභික්කන්තදස්සාවිං’.
Sinhala BJTඑවං අභික්කන්තදස්සාවිං යනු: මෙසෙයින් විශිෂ්ට දර්‍ශන ඇතියහු අග්‍රදර්ශන ඇතියහු ශ්‍රේෂ්ඨ දර්‍ශන ඇතියහු අතිශයින් ශ්‍රේෂ්ඨ දර්‍ශන ඇතියහු උත්තමදර්ශන ඇතියහු පරමදර්ශන ඇතියහු නුයි ‘එවං අභික්කන්තදස්සාවිං’ යනු වේ.
Pali BJTඅත්ථි පඤ්හෙන ආගමන්ති: පඤ්හත්ථිකම්හා ආගතා{1} -පෙ- වහස්සෙතං භාරන්ති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’.
Sinhala BJTඅත්‍ථි පඤ්හෙන ආගමං යනු: පැන පුළුවුස්නෙන අර්‍ත්‍ථ ඇතියමෝ ආම්හ ... තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
Pali BJTකථං ලොකං අවෙක්ඛන්තන්ති: කථං ලොකං අවෙක්ඛන්තං පච්චවෙක්ඛන්තං තුලයන්තං තීරයන්තං විභාවයන්තං විභූතං කරොන්තන්ති. ‘කථං ලොකං අවෙක්ඛන්තං’.
Sinhala BJTකථං ලෝකං අවෙක්‍ඛන්තං යනු: කිසෙයින් ලොව බලන්නහු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්‍රකට කරන්නහු නුයි ‘කථං ලෝකං අවෙක්‍ඛන්තං’ යනු වේ.
Pali BJTමච්චුරාජා න පස්සතීති: මච්චුරාජා න පස්සති න දක්ඛති නාධිගච්ඡති න වින්දති න පටිලභතීති ‘මච්චුරාජා න පස්සති’.
Sinhala BJTමච්චුරාජා න පස්සති යනු: මෘත්‍යුරාජයා නො දකී ද නො දක්නේ ද නො පැමිණේ ද නො ලබා ද ප්‍රතිලාභ නො කෙරේ දැ’ යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“එවං අභික්කන්තදස්සාවිං අත්ථි පඤ්හෙන ආගමං, කථං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතී”ති.
Sinhala BJT“එවං අභික්කන්තදස්සාවිං -පෙ- මච්චුරාජා න පස්සති” යි.
Pali BJT15. 4.
Sinhala BJT15. 4.
Pali BJTසුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු (මොඝරාජ) සදා සතො, අත්තානුදිට්ඨිං ඌහච්ච{1} එවං මච්චුතරො සියා එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතී
Sinhala BJTමෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරැ කොට ලොව ශුන්‍ය හෙයින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ තෙම නො දක්නේ යයි.
Pali BJTසුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති: ‘ලොකො’ති-නිරයලොකො තිරච්ඡානලොකො පෙත්තිවිසයලොකො මනුස්සලොකො දෙවලොකො ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො සදෙවකො. “අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: ‘ලොකො ලොකො’ති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ ලොකොති වුච්චතීති: ලුජ්ජතීති ඛො භික්ඛු තස්මා ලොකො’ති වුච්චති. කිඤ්ච ලුජ්ජති, චක්ඛුං ඛො භික්ඛු ලුජ්ජති, රූපා ලුජ්ජන්ති, චක්ඛුවිඤ්ඤාණං ලුජ්ජති, චක්ඛුසම්ඵස්සො ලුජ්ජති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි ලුජ්ජති, සොතං ලුජ්ජති, සද්දා ලුජ්ජන්ති-ඝානං ලුජ්ජති, ගන්ධා ලුජ්ජන්ති-ජිව්හා ලුජ්ජති, රසා ලුජ්ජන්ති-කායො ලුජ්ජති, ඵොට්ඨබ්බා ලුජ්ජන්ති-මනො ලුජ්ජති, ධම්මා ලුජ්ජන්ති, මනොවිඤ්ඤාණං ලුජ්ජති, මනොසම්ඵස්සො ලුජ්ජති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති, වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ලුජ්ජති, ලුජ්ජතීති ඛො භික්ඛු තස්මා ලොකො’ති වුච්චතීති.{a}
Sinhala BJTසුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු - ‘ලෝකෝ’ යනු: නිරය ලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙ ලොව යැ පර ලොව යැ දෙවියන් සහිත බඹලොව යි. “එක්තරා මහණෙක් භාග්‍යවතුන්ට මෙසේ කී යැ: ‘වහන්ස, ‘ලෝක යැ ලෝක යැ’යි. කියනු ලැබෙයි, වහන්ස, කිපමණෙකින් ලෝක ය’යි කියනු ලැබේ දැ යි. මහණ, (යම්හෙයෙකින්) බිඳේ ද එහෙයින් ‘ලෝක’ යි කියනු ලැබෙයි. කුමක් බිඳෙයි යත්: මහණ, චක්‍ෂුස බිඳෙයි රූපයෝ බිඳෙති චක්‍ෂුර්විඥානය බිඳෙයි, චක්ඛුසම්ඵස්සය බිඳෙයි චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වේවයි දුක්වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳෙයි, ශ්‍රෝත්‍රය බිඳෙයි, ශබ්දයෝ බිඳෙති- ඝ්‍රාණය බිඳෙයි, ගන්‍ධයෝ බිඳෙති- ජිහ්වාව බිඳෙයි, රසයෝ බිඳෙති- කය බිඳෙයි, ස්පර්‍ශයෝ බිඳෙති- මනස බිඳෙයි, ධර්‍මයෝ බිඳෙති, මනෝවිඥානය බිඳෙයි, මනෝසම්ඵස්සය බිඳෙයි, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳේ. මහණ, යම්හෙයෙකින් බිඳේ ද, එහෙයින් ‘ලෝක’යි කියනු ලැබේ” යයි.
Pali BJTසුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති: ද්වීහි කාරණෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති: අවසියපව{2}ත්තසල්ලක්ඛණවසෙන වා, තුච්ඡසඞ්ඛාර{3} සමනුපස්සනාවසෙන වා, කථං අවසිය පවත්තසල්ලක්ඛණවසෙන සුඤ්ඤතො ලොකං අවෙක්ඛති: රූපෙ වසො න ලබ්භති, වෙදනාය වසො න ලබ්භති, සඤ්ඤාය වසො න ලබ්භති, සඞ්ඛාරෙසු වසො න ලබ්භති, විඤ්ඤාණෙ වසො න ලබ්භති. වුත්තං හෙතං භගවතා: රූපං භික්ඛවෙ අනත්තා, රූපං ච හිදං භික්ඛවෙ අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්ය, ලබ්භෙථ ච රූපෙ එවං රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස්මා ච ඛො භික්ඛවෙ රූපං අනත්තා, තස්මා රූපං ආබාධාය සංවත්තති{4}, න ච ලබ්භති රූපෙ එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. වෙදනා අනත්තා, වෙදනා ච හිදං භික්ඛවෙ අත්තා අභවිස්ස, නයිදං වෙදනා ආබාධාය සංවත්තෙය්ය,
Sinhala BJTසුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: දෙකරැණෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් හෝ තුච්ඡ සංස්කාරයන් පුනපුනා බැලීම් වශයෙන් හෝ යැ කිසෙයින් නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි යත්: රූපයෙහි ඉසුරු බැව් නො ලැබෙයි, වේදනායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංඥායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංස්කාරයන්හි ඉසුරු බැව් නො ලැබෙයි, විඥානයෙහි ඉසුරු බැව් නො ලැබේ. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි රූපය අනාත්ම යැ ඉදින් මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ යැ. රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් රූපය අනාත්ම වෙයි ද එහෙයින් රූපය ආබාධ පිණිස පවත්නේ යැ රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. වේදනාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්ම වී නම් මේ වේදනාව ආබාධයට නො වැටෙන්නේ යැ
Pali BJTලබ්භෙථ ච වෙදනාය එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසීති. යස්මා ච ඛො භික්ඛවෙ වෙදනා අනත්තා, තස්මා වෙදනා ආබාධාය සංවත්තති. න ච ලබ්භති වෙදනාය එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසී’ති. සඤ්ඤා අනත්තා, සඤ්ඤා ච හිදං, භික්ඛවෙ අත්තා අභවිස්ස, නයිදං සඤ්ඤා ආබාධා සංවත්තෙය්ය. ලබ්භෙථ ච සඤ්ඤාය එවං මෙ සඤ්ඤා හොතු, එවං මෙ සඤ්ඤා මා අහොසී’ති, යස්මා ච ඛො භික්ඛවෙ සඤ්ඤා අනත්තා, තස්මා සඤ්ඤා ආබාධාය සංවත්තති, න ච ලබ්භති{1} සඤ්ඤාය එවං මෙ සඤ්ඤා හොතු, එවං මෙ සඤ්ඤා මා අහොසී’ති. සඞ්ඛාරා අනත්තා, සඞ්ඛාරා ච හිදං භික්ඛවෙ අත්තා අභවිස්සංසු නයිදං සඞ්ඛාරා ආබාධාය සංවත්තෙය්යුං, ලබ්භෙථ ච සංඛාරෙසු එවං මෙ සඞ්ඛාරා හොන්තු, එවං මෙ සංඛාරා මා අහෙසුන්ති. යස්මා ච ඛො භික්ඛවෙ සඞ්ඛාරා අනත්තා, තස්මා සඞ්ඛාරා ආබාධාය සංවත්තන්ති, න ච ලබ්භති සඞ්ඛාරෙසු එවං මෙ සඞ්ඛාරා හොන්තු, එවං මෙ සඞ්ඛාරා අහෙසුන්ති. විඤ්ඤාණං අනත්තා, විඤ්ඤාණං ච හිදං භික්ඛවෙ අත්තා අභවිස්ස, නයිදං විඤ්ඤාණං ආබාධාය සංවත්තෙය්ය, ලබ්භෙථ ච විඤ්ඤාණෙ එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසීති. යස්මා ච ඛො භික්ඛවෙ විඤ්ඤාණං අනත්තා, තස්මා විඤ්ඤාණං ආබාධාය සංවත්තති, න ච ලබ්භති විඤ්ඤාණෙ එවං මෙ විඤ්ඤාණං හොතු, එවං මෙ විඤ්ඤාණං මා අහොසීති.{*}
Sinhala BJTවේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් වේදනාව අනාත්ම වෙයි ද, එහෙයින් වේදනාව ආබාධයට වැටෙන්නේ යැ, වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංඥාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ සංඥාව ආත්ම වී නම් මේ සංඥාව ආබාධයට නො වැටෙන්නේ යැ සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේවා’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් සංඥාව අනාත්ම වෙයි ද එහෙයින් සංඥාව ආබාධයට වැටෙයි. සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංස්කාරයෝ අනාත්මයහ, මහණෙනි, ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූ නම් මේ සංස්කාරයෝ ආබාධයට නො වැටෙන්නාහු යැ, සංස්කාරයන්හි ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් සංස්කාරයෝ අනාත්ම වෙත් ද, එහෙයින් සංස්කාරයෝ ආබාධයට වැටෙති. සංස්කාරයන්හි මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි නො ද ලැබෙයි. විඥානය අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ විඥානය ආත්ම වී නම් මේ විඥානය ආබාධයට නො වැටෙන්නේ ය, විඥානයෙහි ‘මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් විඥානය අනාත්ම වෙයි ද, එහෙයින් විඥානය ආබාධයට වැටෙයි. විඥානයෙහි (මාගේ විඥානය මෙසේ වේවා මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි නො ද ලැබේ.
Pali BJTකථං තුච්ඡසඞ්ඛාරසමනුපස්සනාවසෙන සුඤ්ඤතො ලොකං අවෙක්ඛති: රූපෙ සාරො න ලබ්භති, වෙදනාය සාරො න ලබ්භති, සඤ්ඤාය සාරො න ලබ්භති, සංඛාරෙසු සාරො න ලබ්භති, විඤ්ඤාණෙ සාරො න ලබ්භති. රූපං අසාරං{2} නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා, නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා. වෙදනා අසාරා{3} නිස්සාරා සාරාපගතා-සඤ්ඤා අසාරා නිස්සාරා සාරාපගතා-සංඛාරා අසාරා නිස්සාරා සාරාපගතා-විඤ්ඤාණං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා.
Sinhala BJTකිසෙයින් ‘තුච්ඡසංඛාර සමනුපස්සනා’ වශයෙන් ශුන්‍ය විසින්, ලොව බලා ද යත්: රූපයෙහි (නිත්‍ය සාරාදි) සාරයෙක් නො ලැබෙයි, වේදනායෙහි සාරයෙක් නො ලැබෙයි, සංඥායෙහි සාරයෙක් නො ලැබෙයි, සංස්කාරයන්හි සාරයෙක් නො ලැබෙයි, විඥානයෙහි සාරයෙක් නො ලැබේ. රූපය නිත්‍යසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි සුඛසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි ආත්මසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි නිත්‍යහෙයින් වේවයි ධ්‍රැවහෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව-අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ-අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යැ. විඥානය නිත්‍ය සාර සාරයෙන් වේවයි සුඛසාර සාරයෙන් වේවයි ආත්මසාර සාරයෙන් වේවයි නිත්‍යයෙන් වේවයි ධ්‍රැවයෙන් වේවයි ශාශ්වතයෙන් වේවයි අවිපරිණාම ස්වභාවයෙන් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි.
Pali BJTයථා පන නළො අසාරො{1} නිස්සාරො සාරාපගතො, යථා එරණ්ඩො අසාරො නිස්සාරො සාරාපගතො, යථා උදුම්බරො අසාරො නිස්සාරො සාරාපගතො, යථා සෙතවච්ඡො{2} අසාරො නිස්සාරො සාරාපගතො, යථා පාරිභද්දකො{3} අසාරො නිස්සාරො සාරාපගතො, යථා ඵෙණපිණ්ඩො{4} අසාරො නිස්සාරො සාරාපගතො, යථා උදකබුබ්බුළකං{5} අසාරං නිස්සාරං සාරාපගතං, යථා මරීචි අසාරා නිස්සාරා සාරාපගතා, යථා කදලික්ඛන්ධො{6} අසාරො නිස්සාරො සාරාපගතො, යථා මායා අසාරා නිස්සාරා සාරාපගතා. එවමෙව රූපං අසාරං නිස්සාරං සාරාපගතං, නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාර සාරෙන වා, නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා. වෙදනා අසාරා නිස්සාරා සාරාපගතා- සඤ්ඤා අසාරා නිස්සාරා සාරාපගතා- සංඛාරා අසාරා නිස්සාරා සාරාපගතා- විඤ්ඤාණං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා, නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා. එවං තුච්ඡ සඞ්ඛාරසමනුපස්සනාවසෙන සුඤ්ඤතො ලොකං අවෙක්ඛති. ඉමෙහි ද්වීහි කාරණෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති.
Sinhala BJTයම්සේ නම් බටගස හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසාර ද නිසරු ද හරයෙන් අපගත ද, යම්සේ පෙණ පිඬ අසාර ද නිසරු ද හරයෙන් පහවූයේ ද, යම්සේ දිය බුබුළ අසාර ද නිස්සාර ද හරයෙන් අපගත ද, යම්සේ මිරිඟුව අසාර ද නිසරු ද සාරාපගත ද, යම් සේ කෙසෙල් කඳ අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ මායාව අසාර ද නිස්සාර ද සාරාපගත ද, එසෙයින් මැ රූපය නිත්‍යසාරසාරයෙන් වේවයි සුඛසාරසාරයෙන් වේවයි ආත්මසාරසාරයෙන් වේවයි නිත්‍ය හෙයින් වේවයි ධ්‍රැව හෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව- අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ- අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යි. විඥානය නිත්‍යසාරසාරයෙන් වේවයි සුඛසාරසාරයෙන් වේවයි ආත්මසාරයෙන් වේවයි නිත්‍ය හෙයින් වේවයි ධ්‍රැව හෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. මෙසෙයින් තුච්ඡ සංඛාරසමනුපස්සනා වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි. මේ දෙකරුණින් ශුන්‍ය විසින් ලොව බලා.
Pali BJTඅපි ච ඡහාකාරෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති: චක්ඛුං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා, සොතං සුඤ්ඤං-ඝානං සුඤ්ඤං-ජිව්හා සුඤ්ඤා-කායො සුඤ්ඤා-මනො සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා. රූපා සුඤ්ඤා-සද්දා සුඤ්ඤා-ගන්ධා සුඤ්ඤා-රසා සුඤ්ඤා-ඵොට්ඨබ්බා සුඤ්ඤා-ධම්මා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං -පෙ- මනො විඤ්ඤාණං සුඤ්ඤං චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො -පෙ- මනොසම්ඵස්සො සුඤ්ඤො-චක්ඛුසම්ඵස්සජා වෙදනා සුඤ්ඤා -පෙ- මනොසම්ඵස්සජා වෙදනා සුඤ්ඤා -පෙ- රූපසඤ්ඤා සුඤ්ඤා -පෙ- ධම්මසඤ්ඤා සුඤ්ඤා-රූපසංචෙතනා සුඤ්ඤා -පෙ- ධම්මසංචෙතනා සුඤ්ඤා-රූපතණ්හා සුඤ්ඤා-රූපවිතක්කො සුඤ්ඤො-රූපවිචාරො සුඤ්ඤො -පෙ- ධම්මවිචාරො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා. එවං ඡහාකාරෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති.
Sinhala BJTතවද ස අයුරෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: චක්‍ෂුස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශුන්‍ය යැ. ඝ්‍රාණය ශුන්‍ය යැ- ජ්හ්වාව ශුන්‍ය යැ- කය ශුන්‍ය යැ- මනස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යැ. රූපයෝ ශුන්‍යයහ- ශබ්දයෝ ශුන්‍යයහ- ගන්‍ධයෝ ශුන්‍යයහ- රසයෝ ශුන්‍යයහ- ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයහ- ධර්‍මයෝ ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍යයහ. චක්‍ෂුර්විඥානය ශුන්‍ය යැ ... මනෝවිඥානය ශුන්‍ය යැ- චක්ඛුසම්ඵස්සය ශුන්‍ය යැ ... මනෝසම්ඵස්සය ශුන්‍ය යැ- චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ශුන්‍ය යැ ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ශුන්‍ය යැ- රූපසංඥාව ශුන්‍ය යැ ... ධර්‍මසංඥාව ශුන්‍ය යැ- රූපසඤ්චේතනාව ශුන්‍ය යැ... ධර්මසඤ්චෙතනාව ශුන්‍ය යැ- රූපතෘෂ්ණාව ශුන්‍ය යැ ... රූපවිතර්‍කය ශුන්‍ය යැ- රූපවිචාරය ශුන්‍ය යැ... ධර්‍මවිචාරය ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යි. මෙසෙයින් ස අයුරෙකින් ශුන්‍ය විසින් ලොව බලා.
Pali BJTඅපි ච දසහාකාරෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති: රූපං රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො අසාරකතො වධකතො විභවතො අඝමූලතො සාසවතො සඞ්ඛතතො. වෙදනං-සඤ්ඤං-සඞ්ඛාරෙ-විඤ්ඤාණං-චුතිං-උප්පත්තිං-පටිසන්ධිං-භවං-සංසාරවට්ටං රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො අසාරකතො වධකතො විභවතො අඝමූලතො සාසවතො සඞ්ඛතතො. එවං දසහාකාරෙහි සුඤ්ඤතො ලොකං අවෙක්ඛති.
Sinhala BJTතවද දස අයුරෙකින් ලොව ශුන්‍ය හෙයින් බලයි: රූපය සිස් හෙයින් තුච්ඡ හෙයින් ශුන්‍ය හෙයින් අනාත්ම හෙයින් අසාරක හෙයින් වධක හෙයින් විභව හෙයින් අඝ (දුක්) මූල හෙයින් සාස්‍රව හෙයින් සංඛත හෙයින් බලයි. වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ච්‍යුතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරවර්‍තය සිස් හෙයින් තුච්ඡ හෙයින් ශුන්‍ය හෙයින් අනාත්ම හෙයින් අසාරක හෙයින් වධක හෙයින් විභව හෙයින් අඝමූල හෙයින් සාස්‍රව හෙයින් සංඛත හෙයින් බලයි. මෙසේ දස අයුරෙකින් ලෝකය ශුන්‍ය හෙයින් බලා.