Cūḷaniddesa

Lesser Exposition

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 1948

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකප්පං ජහං අභියාචෙ සුමෙධන්ති: කප්පාති ද්වෙකප්පා: තණ්හාකප්පො ච දිට්ඨිකප්පො ච -පෙ- අයං තණ්හාකප්පො -පෙ- අයං දිට්ඨිකප්පො, බුද්ධස්ස භගවතො තණ්හාකප්පො පහීනො, දිට්ඨිකප්පො පටිනිස්සට්ඨො, තණ්හාකප්පස්ස පහීනත්තා දිට්ඨිකප්පස්ස පටිනිස්සට්ඨත්තා තස්මා බුද්ධො කප්පං ජහො. අභියාචෙති: යාචාමි අභියාචාමි, අජ්ඣෙසාමි, සාදියාමි, පත්ථයාමි, පිහයාමි, ජප්පාමි, අභිජප්පාමි, සුමෙධන්ති{2}: ‘මෙධා’ වුච්චති පඤ්ඤා. “යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි” භගවා ඉමාය මෙධාය පඤ්ඤාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සම්පන්නො{3} සමන්නාගතො, තස්මා බුද්ධො සුමෙධොති ‘කප්පං ජහං අභියාචෙ සුමෙධං.
Sinhala BJTකප්පං ජහං අභියාචෙ සුමෙධං - ‘කප්ප’ යනු: කල්ප දෙකෙකි: තෘෂ්ණාකල්පය ද දෘෂ්ටිකල්පය දැ යි ... මේ තෘෂ්ණා කල්ප යැ .. මේ දෘෂ්ටිකල්ප යි. භාග්‍යවත් බුදුන් විසින් තෘෂ්ණා කල්පය ප්‍රහීණ යැ දෘෂ්ටිකල්පය දුරලන ලද, තෘෂ්ණාකල්පය ප්‍රහාණය කළ වන බැවින් දෘෂ්ටිකල්පය දුරලන ලද වන බැවින් එහෙයින් බුදුහු ‘කප්පං ජහං’ නම් වෙත්. අභියාචෙ යනු: යදිමි, වෙසෙසින් යදිමි, අධ්‍යෙෂණ කෙරෙමි, ආස්වාද කෙරෙමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඉස්නෙමි, ජල්පනය කෙරෙමි, අභිජල්පනය කෙරෙම්. සුමෙධං යනු: ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මේධා සඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු එළැඹ සිටියාහු අතිශයින් එළැඹ සිටියාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති, එයින් බුදුහු ‘සුමේධ’ නම් වෙත් නුයි ‘කප්පං ජහං අභියාචෙ සුමෙධං’ යනු වේ.
Pali BJTසුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතොති: ‘නාගස්සා’ති: නාගො භගවා, ආගුං න කරොතීති නාගො, න ගච්ඡතීති නාගො, න ආගච්ඡතීති නාගො -පෙ- එවං භගවා නාගච්ඡතීති නාගො. සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතොති: තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වා ඉතො අපනමිස්සන්ති වජිස්සන්ති පක්කමිස්සන්ති දිසා විදිසං ගමිස්සන්තීති සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො.’
Sinhala BJTසුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො - ‘නාගස්ස’ යනු: බුදුහු නාගයහ: පව් නොකෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණෙත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු පෙරළා (පුහුන් කෙලෙසුන් කරා) නො පැමිණෙත් නුයි ‘නාග’ නම් වෙත්. සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්‍ගය දේශනාව අනුශාසනාව අසා ශ්‍රවණය කොට ඉගෙන විමසා සලකා මෙයින්, අපනමිස්සන්ති - යෙති නික්ම යෙති දසනු දසට යෙත් නුයි ‘සුත්‍වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං- (ඉච්චායස්මා භද්රාවුධො) නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං, කප්පං ජහං අභියාචෙ සුමෙධං සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො”ති.
Sinhala BJT“ඔකඤ්ජහං තණහච්ඡිදං -පෙ- අපනමිස්සන්ති ඉතො” යි.
Pali BJT12. 2.
Sinhala BJT12. 2.
Pali BJTනානා ජනා ජනපදෙහි සඞ්ගතා තව වීර{1} වාක්යං අභිකඞ්ඛමානා{2} තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJTවීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නානාජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු යැ, මුඹ වහන්සේ ඔවුන්ට දහම් දෙසුව මැනැවැ, යම් හෙයෙකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
Pali BJTනානා ජනා ජනපදෙහි සඞ්ගතාති: ‘නානා ජනා’ති: ඛත්තියා ච බ්රාහ්මණා ච වෙස්සා ච සුද්දා ච ගහට්ඨා ච පබ්බජිතා ච දෙවා ච මනුස්සා ච. ජනපදෙහි සඞ්ගතාති: අඞ්ගා ච මගධා ච කලිඞ්ගා ච කාසියා ච කොසලා ච වජ්ජියා ච මල්ලා ච චෙතියම්හා ච වංසා ච{3} කුරුම්හා ච පඤ්චාලා ච මච්ඡා ච සූරසෙනා ච අස්සකා ච{4} අවන්තියා ච යොනා ච කම්බොජා ච. සඞ්ගතාති: සඞ්ගතා සමාගතා සමොහිතා සන්නිපතිතාති ‘නානා ජනා ජනපදෙහි සඞ්ගතා.’
Sinhala BJTනානා ජනා ජනපදෙහි සඞ්ගතා - ‘නානා ජනා’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ජනපදෙහි සඞ්ගතා - අඟු රටින් ද මගද රටින් ද කලිඟු රටින් ද කසී රටින් ද කොසොල් රටින් ද වැදෑරටින් ද, මල්‍ය රටින් ද චේතිය රටින් ද වත්ස රටින් ද කුරුරටින් ද පඤ්චාල රටින් ද මත්ස්‍ය ජනපදයෙන් ද සූරසේන ජනපදයෙන් ද අස්සක රටින් ද අවන්ති රටින් ද යොන් රටින් ද කාම්බෝජ රටින් ද, සඞ්ගතා යනු: එක් වූවාහු රැස්වූවාහු මුළු වූවාහු එක්රැස් වූවාහු නු යි ‘නානා ජනා ජනපදෙහි සඞ්ගතා’ යනු වේ.
Pali BJTතව වීර වාක්යං අභිකඞ්ඛමානාති: ‘වීරා’ති වීරො භගවා, විරියවා සොති වීරො, පහූති වීරො, විසවීති වීරො, අලමත්තොති වීරො -පෙ- විගතලොමහංසොති වීරො.
Sinhala BJTතව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - ‘වීර’ යනු: බුදුහු වීරයහ වීර්‍ය්‍යවත් නුයි වීරයහ ප්‍රභූවූවාහු නුයි වීරයහ විවිධගුණ වහනය කෙරෙත් නුයි වීරයහ සමර්ත්ථ සිත් ඇත්තාහු නුයි වීරයහ ... විගතලොමහර්ෂ ඇත්තාහු නුයි වීරයහ.
Pali BJT1. “විරතො ඉධ සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච විරියවා සො, සො විරියවා පධානවා වීරො තාදී පවුච්චතෙ තථත්තා”ති{a}.
Sinhala BJT1. මෙලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්මසිටී, වීර්‍ය්‍යයට නිවාස වූ, ඒ ක්‍ෂීණාස්‍රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ.
Pali BJTතව වීර වාක්යං අභිකඞ්ඛමානාති: තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{5}. අභිකඞ්ඛමානාති: අභිකඞ්ඛමානා ඉච්ඡමානා සාදියමානා පත්ථයමානා පිහයමානා අභිජප්පමානාති ‘තව වීර වාක්යං අභිකඞ්ඛමානා. ‘
Sinhala BJTතව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්‍ගය දේශනාව අනුශාසනාව, අභිකඞ්ඛමානා - කැමැති වන්නාහු ඉස්නාහු ආස්වාද කරන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රුස්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා’ යනු වේ.
Pali BJTතෙසං තුවං සාධු වියාකරොහීති: ‘තෙස’න්ති තෙසං ඛත්තියානං බ්රාහ්මණානං වෙස්සානං සුද්දානං ගහට්ඨානං පබ්බජිතානං දෙවානං මනුස්සානං. තුවන්ති: භගවන්තං භණති. සාධු වියාකරොහීති: සාධු ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘තෙසං තුවං සාධු වියාකරොහි.’
Sinhala BJTතෙසං තුවං සාධු වියාකරොහි - ‘තෙසං’ යනු: ඒ ක්‍ෂත්‍රියයන්ගේ බ්‍රාහ්මණයන්ගේ වෛශ්‍යයන් ගේ ශුද්‍රයන් ගේ ගිහියන් ගේ පැවිද්දන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ, ‘තුවං’ යි භාග්‍යවතුන් (සඳහා) බෙණෙයි. සාධු වියාකරොහි - මැනැවින් වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තෙසං තුවං සාධු වියාකරොහි’ යනු වේ.
Pali BJTතථා හි තෙ විදිතො එස ධම්මොති: ‘තථා හි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම්මොති ‘තථා හි තෙ විදිතො එස ධම්මො.’
Sinhala BJTතථා හි තෙ විදිතො එස ධම්මෝ - යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම එපරිද්දෙන් දන්නාලද ද තුලනය කරනලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ යි.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“නානා ජනා ජනපදෙහි සඞ්ගතා තව වීර වාක්යං අභිකඞ්ඛමානා, තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම්මො”ති.
Sinhala BJT“නානා ජනා ජනපදෙහි -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
Pali BJT12. 3.
Sinhala BJT12. 3.
Pali BJTආදාන තණ්හං විනයෙථ සබ්බං (භද්රාවුධාති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි{1} මජ්ඣෙ, යං යං හි ලොකස්මිං උපාදියන්ති තෙනෙව මාරො අන්වෙති ජන්තුං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදානතෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනු වැ යේ.
Pali BJTආදානතණ්හං විනයෙථ සබ්බන්ති: ‘ආදානතණ්හා{2} වුච්චති රූපතණ්හා -පෙ- ආදානතණ්හාති කිං කාරණා වුච්චති ආදානතණ්හා: තාය තණ්හාය රූපං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති, වෙදනං-සඤ්ඤං-සංඛාරෙ-විඤ්ඤාණං-ගතිං-උප්පත්තිං-පටිසන්ධිං-භවං-සංසාරං-වට්ටං-ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති තංකාරණා වුච්චති ආදානතණ්හා. විනයෙථ සබ්බන්ති: සබ්බං ආදානතණ්හං විනයෙය්ය පටිවිනෙය්ය පජහෙය්ය විනොදෙය්ය බ්යන්තීකරෙය්ය අනභාවං ගමෙය්යාති ‘ආදානතණ්හං විනයෙථ සබ්බං. භද්රාවුධා’ති භගවා -පෙ-
Sinhala BJTආදානතණ්හං විනයෙථ සබ්බං - ‘ආදානතණ්හා’ යි රූපතෘෂ්ණාව කියනු ලැබෙයි .. ආදාන තණ්හා - යි කවර කරුණෙකින් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ ද යත්: ඒ තෘෂ්ණායෙන් රූපය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ගනිති පරාමර්‍ශය කෙරෙති අභිනිවේශය කෙරෙත්. වේදනාව- සංඥාව- සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය වර්‍තය ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත්. එ කරුණෙන් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ. විනයෙථ සබ්බං - සියලු ආදානතෘෂ්ණාව හරනේ යැ වෙසෙසින් හරනේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට පමුණු වන්නේ නුයි ‘ආදානතණ්හං විනයෙථ සබ්බං’ යනු වේ. භද්‍රාවුධා’ ති භගවා......
Pali BJTඋද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙති: ‘උද්ධං’ වුච්චති{3} අනාගතං, අධො වුච්චති අතීතං, තිරියං චාපි මජ්ඣෙති පච්චුප්පන්නං. උද්ධන්ති දෙවලොකො, අධොති නිරයලොකො, තිරියඤ්චාපි මජ්ඣෙති මනුස්සා ලොකො. උද්ධන්ති කුසලා ධම්මා, අධොති අකුසලා ධම්මා, තිරියඤ්චාපි මජ්ඣෙති අව්යාකතා ධම්මා, උද්ධන්ති සුඛා වෙදනා, අධොති දුක්ඛා වෙදනා තිරියඤ්චාපි මජ්ඣෙති අදුක්ඛමසුඛා වෙදනා. උද්ධන්ති අරූපධාතු අධොති කාමධාතු, තිරියඤ්චාපි මජ්ඣෙති රූපධාතු. උද්ධන්ති උද්ධං පාදතලා, අධොති අධො කෙසමත්ථකා, තිරියඤ්චාපි මජ්ඣෙති වෙමජ්ඣෙති ‘උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ.’
Sinhala BJTඋද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යි අනාගතය කියනු ලැබෙයි, අධෝ යි අතීතය කියනු ලැබෙයි, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්තමානය යි. උද්ධං යනු දේවලෝක යැ, අධෝ යනු නිරයලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලෝක යි. උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශලධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුඃඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු උපෙක්ෂා වේදනා යි. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යි. උද්ධං යනු පාදතලයෙන් උඩ යැ, අධෝ යනු කේශමස්තකයෙන් යට යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වෙමධ්‍යයෙහි නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
Pali BJTයං යං හි ලොකස්මිං උපාදියන්තීති: යං යං රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං{1} විඤ්ඤාණගතං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති. ලොකස්මින්ති: අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යං යං හි ලොකස්මිං උපාදියන්ති.’
Sinhala BJTයං යං හි ලෝකස්මිං උපාදියන්ති- යම් යම් රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවෙෂය කෙරෙත් ද, ලෝකස්මිං යනු: අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි නුයි ‘යං යං හි ලෝකස්මිං උපාදියන්ති’ යනු වේ.
Pali BJTතෙනෙව මාරො අන්වෙති ජන්තුන්ති: තෙනෙව කම්මාභිසඞ්ඛාරවසෙන පටිසන්ධිකො ඛන්ධමාරො ධාතුමාරො ආයතනමාරො ගතිමාරො උප්පත්තිමාරො පටිසන්ධිමාරො භවමාරො සංසාරමාරො වට්ටමාරො අන්වෙති අනුගච්ඡති අන්වායිකො හොති. ජන්තුන්ති සත්තං නරං මාණවං පොසං පුග්ගලං ජීවං ජාගුං ජන්තුං ඉන්දගුං (හින්දගුං) මනුජන්ති තෙනෙව මාරො අන්වෙති ජන්තුං.
Sinhala BJTතෙනෙව මාරො අන්වෙති ජන්තුං- එ මැ (උපාදාන ප්‍රත්‍යයෙන් උපන්) කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ප්‍රතිසන්ධික වූ ස්කන්ධමාර ධාතුමාර ආයතනමාර ගතිමාර උපපත්තිමාර ප්‍රතිසන්ධිමාර භවමාර සංසාරමාර වෘත්තමාර තෙමේ අනු වැ යෙයි අනුගමනය කෙරෙයි අනු වැ යන්නේ වේ. ජන්තු යනු: සත්ත්‍ව- නර- මාණව- පුරුෂ- පුද්ගල- ජීව- ජාගු- ජන්තු- ඉන්දගු- (හින්දගු) මනුජයා නුයි ‘තෙනෙව මාරො අන්වෙති ජන්තුං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“ආදානතණ්හං විනයෙථ සබ්බං (භද්රාවුධාති භගවා) උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙ, යං යං හි ලොකස්මිං උපාදියන්ති තෙනෙව මාරො අන්වෙති ජන්තුන්ති.
Sinhala BJT“ආදානතණ්හං -පෙ- තෙනෙව මාරො අන්වෙති ජන්තුං” යි.
Pali BJT12. 4.
Sinhala BJT12. 4.
Pali BJTතස්මා පජානං න උපාදියෙථ භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ, ආදානසත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තං.
Sinhala BJTඑහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලිනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ’ යි.
Pali BJTතස්මා පජානං න උපාදියෙථාති: ‘තස්මා’ති: තස්මා තංකාරණා තංහෙතු තංපච්චයා{2} තන්නිදානා, එතං ආදීනවං සම්පස්සමානො ආදානතණ්හායා’ති ‘තස්මා’. පජානන්ති: ජානන්තො පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති ජානන්තො පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො, ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති -පෙ- ‘යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති ජානන්තො පජානන්තො ආජානන්තො විජානන්තො පටිවිජානන්තො පටිවිජ්ඣන්තො. න උපාදියෙථාති රූපං නාදියෙය්ය න උපාදියෙය්ය න ගණ්හෙය්ය න පරාමසෙය්ය නාභිනිවිසෙය්ය වෙදනං-සඤ්ඤං-සඞ්ඛාරෙ-විඤ්ඤාණං-ගතිං-උප්පත්තිං-පටිසන්ධිං-භවං-සංසාරං-වට්ටං නාදියෙය්ය න උපාදියෙය්ය න ගණ්හෙය්ය න පරාමසෙය්ය නාභිනිවිසෙය්යා ති ‘තස්මා පජානං න උපාදියෙථ.’
Sinhala BJTතස්මා පජානං න උපාදියෙථ- ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් ආදානතෘෂ්ණාව පිළිබඳ වූ තෙල ආදීනවය දක්නේ නුයි ‘තස්මා’ යනු වේ. පජානං යනු දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ දුඃඛහ’යි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතැ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, න උපාදියෙථ යනු: රූපය නො ගන්නේ යැ උපාදානය නො කරන්නේ යැ ග්‍රහණය නො කරන්නේ යැ අභිනිවේශය නො කරන්නේ යැ, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්ත්තය- ආදානය නො කරන්නේ යැ උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා පජානං න උපාදියෙථ’ යනු වේ.
Pali BJTභික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙති: භික්ඛූති පුථුජ්ජනකල්යාණකො වා භික්ඛු සෙඛො වා{1} භික්ඛු. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස්සනා සතිපට්ඨානං භාවෙන්තො සතො -පෙ- සො වුච්චති සතොති ‘භික්ඛු සතො’. කිඤ්චනන්ති: කිඤ්චි රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං. සබ්බලොකෙති: සබ්බඅපායලොකෙ සබ්බමනුස්සලොකෙ සබ්බදෙවලොකෙ සබ්බඛන්ධලොකෙ සබ්බධාතුලොකෙ සබ්බආයතනලොකෙති ‘භික්ඛුසතො කිඤ්චනං සබ්බලොකෙ.’
Sinhala BJTභික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ- ‘භික්ඛු’ යනු: පෘථග්ජන කල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ යැ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනාව සීවටන් වඩමින් සිහි ඇතියේ... හේ සිහි ඇතියේ යැ යි කියනු ලැබේනුයි ‘භික්ඛු සතෝ’ යනු වේ. ‘කිඤ්චනං’ යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්. ‘සබ්බලොකෙ’ යනු: සියලු අපාය ලෝකයෙහු සියලු මනුෂ්‍යලෝකයෙහි සියලු දේවලෝකයෙහි සියලු ස්කන්‍ධලෝකයෙහි සියලු ධාතුලෝකයෙහි සියලු ආයතනලෝකයෙහි නුයි ‘භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ’ යනු වේ.
Pali BJTආදානසත්තෙ ඉති පෙක්ඛමානොති: ‘ආදානසත්තා’ වුච්චන්ති යෙ රූපං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති, වෙදනං-සඤ්ඤං-සංඛාරෙ-විඤ්ඤාණං-ගතිං-උප්පත්තිං-පටිසන්ධිං-භවං-සංසාරං-වට්ටං ආදියන්ති උපාදියන්ති ගණ්හන්ති පරාමසන්ති අභිනිවිසන්ති. ඉතීති පදසන්ධි -පෙ- පදානුපුබ්බතා මෙතං ඉතීති. පෙක්ඛමානොති දක්ඛමානො දිස්සමානො පස්සමානො ඔලොකියමානො නිජ්ඣායමානො උපනිජ්ඣායමානො උපපරික්ඛමානොති ‘ආදානසත්තෙ ඉති පෙක්ඛමානො’.
Sinhala BJTආදානසත්තෙ ඉති පෙක්ඛමානො- යම් කෙනෙක් රූපය ආදානය කෙරෙත් ද උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත් ද, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්‍තය- ආදානය කෙරෙත් ද, උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය කෙරෙත් ද ඔහු ‘ආදානසත්ත’ කියනු ලැබෙත්. ඉති යනු පද සන්‍ධි යැ ... පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු. පෙක්ඛමානො- දක්නේ බලනුයේ අවලෝකනය කරනුයේ සිතනුයේ පුනපුනා සිතනුයේ පිරික්සනුයේ නුයි ‘ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො’ යනු වේ.
Pali BJTපජං ඉමං මච්චුධෙය්යෙ විසත්තන්ති: ‘පජාති සත්තාධිවචනං’ මච්චුධෙය්යා වුච්චන්ති කිලෙසා ච ඛන්ධා ච අභිසඞ්ඛාරා ච. පජා මච්චුධෙය්යෙ මාරධෙය්යෙ මරණධෙය්යෙ සත්තා විසත්තා ලග්ගා ලග්ගිතා පළිබුද්ධා. යථා භිත්තිඛිලෙ වා නාගදන්තෙ වා භණ්ඩං සත්තං විසත්තං ආසත්තං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං, එවමෙවං පජා මච්චුධෙය්යෙ මාරධෙය්යෙ මරණධෙය්යෙ සත්තා විසත්තා ආසත්තා ලග්ගා ලග්ගිතා පළිබුද්ධාති පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තං.’
Sinhala BJTපජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං - ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි. මච්චුධෙය්‍යෙ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි ඇලුණී යැ වෙසෙසින් ඇලුණී යැ හාත්පසින් ඇලුණී යැ ලග්න වූ යැ ලග්නිත වූ යැ පරිරෝධ වූ යැ යම්සේ භිත්ති ඛිලයෙකැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පරිරුද්ධ වේ ද එසෙයින් ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි සක්ත යැ විසක්ත යැ ආසක්ත යැ ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ නු යි ‘පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“තස්මා පජානං න උපාදියෙථ භික්ඛු සතො කිඤ්චනං සබ්බලොකෙ, ආදානසත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්යෙ විසත්ත”න්ති.
Sinhala BJT“තස්මා පජානං න උපාදියෙථ -පෙ- පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං” යි.
Pali BJTසහ ගාථා පරියොසානා -පෙ- සත්ථා මෙ භන්තෙ, භගවා සාවකො හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යාවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෘ යැ, මම් ශ්‍රාවකයෙමි’යි.
Pali BJTභද්රාවුධ සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTභද්‍රාවුධ සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT13. උදය සුත්තනිද්දෙසො
Sinhala BJT13. උදය සූත්‍ර නිර්‍දෙශය
Pali BJT13. 1.
Sinhala BJT13. 1.
Pali BJTඣායිං විරජමාසීනං (ඉච්චායස්මා උදයො) කතකිච්චං අනාසවං, පාරගුං සබ්බධම්මානං, අත්ථි පඤ්හෙන ආගමං අඤ්ඤාවිමොක්ඛං පබ්රූහි අවිජ්ජායපභෙදනං.
Sinhala BJT(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරන සුලු වූ විගතරජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව සියලු ධර්‍මයන් ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා අඤ්ඤාවිමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.
Pali BJTඣායිං විරජමාසීනන්ති: ඣායීති ඣායී භගවා, පඨමෙනපි ඣානෙන ඣායී, දුතියෙනපි ඣානෙන ඣායී, තතියෙනපි ඣානෙන ඣායී, චතුත්ථෙනපි ඣානෙන ඣායී, සවිතක්ක සවිචාරෙනපි ඣානෙන ඣායී, අවිතක්ක විචාරමත්තෙනපි ඣානෙන ඣායී, අවිතක්කඅවිචාරෙනපි ඣානෙන ඣායී, සප්පීතිකෙනපි ඣානෙන ඣායී, නිප්පීතිකෙනපි ඣානෙන ඣායී, සාතසහගතෙනපි ඣානෙන ඣායී, උපෙක්ඛාසහගතෙනපි ඣානෙන ඣායී, සුඤ්ඤතෙනපි ඣානෙන ඣායී, අනිමිත්තෙනපි ඣානෙන ඣායී, අප්පණිහිතෙනපි ඣානෙන ඣායී, ලොකියෙනපි ඣානෙන ඣායී, ලොකුත්තරෙනපි ඣානෙන ඣායී. ඣානරතො එකත්තමනුයුත්තො සදත්ථගරුකොති ඣායී. විරජන්ති: රාගො රජො, දොසො රජො, මොහො රජො, කොධො රජො, උපනාහො රජො -පෙ- සබ්බාකුසලාභිසංඛාරා රජා. තෙ රජා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො අරජො විරජො නිරජො රජාපගතො රජවිප්පහීනො රජවිප්පමුත්තො{1} සබ්බරජවීතිවත්තො.
Sinhala BJTඣායිං විරජමාසීනං- “ඣායී” යනු: බුදුහු ධ්‍යාන කරන සුල්ලහ. ප්‍රථම ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ද්විතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, තෘතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, චතුර්ථධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සවිතර්‍ක සවිචාරධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අවිතර්‍කවිචාරමාත්‍ර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අවිතර්‍ක අවිචාර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සප්‍රීතික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, නිෂ්ප්‍රීතික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සුඛවේදනා සහගත ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, උපේක්‍ෂාසහගත ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ශුන්‍යත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අනිමිත්ත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අප්‍රණිහිත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ලෞකික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ලෝකෝත්තර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ධ්‍යානයෙහි ඇලුණාහු යැ එකත්වයෙහි යෙදුණාහු යැ, ස්වාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය ගරු කරන්නාහු නුයි ‘ඣායී’ නම් වෙත්. විරජං යනු: රාගය රජසෙක, ද්වේෂය රජසෙක, මෝහය රජසෙක, ක්‍රෝධය රජසෙක, බද්ධවෛරය රජසෙක ... හැම අකුශලාභිසංස්කාරයෝ රජස්හු යැ, ඒ රජස්හු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු මුලුසුන් කරන ලද්දාහු මුල් උදුළ තල්වත්තක් සෙයින් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු කෙලෙස් නැතියහ පහවූ කෙලෙස් ඇතියහ බැහැර කළ කෙලෙස් ඇතියහ කෙලෙසින් දුරු වූහ කෙලෙස් ප්‍රහීණයහ කෙලෙසින් මිදුණහ හැම කෙලෙසුන් ඉක්ම සිටිහය.
Pali BJT1. “රාගො රජො න ච පන රෙණු වුච්චති රාගස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව{2} චක්ඛුමා තස්මා ජිනො විගතරජොති වුච්චති.
Sinhala BJT1. රාගය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල රාග රජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ රාග රජස් ඇත්තාහ’යි කියනු ලැබෙති.
Pali BJT2. දොසො රජො න ච පන රෙණු වුච්චති දොසස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව චක්ඛුමා තස්මා ජිනො විගතරජොති වුච්චති.
Sinhala BJT2. ද්වේෂය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු ද්වේෂයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල ද්වෙෂරජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ ද්වේෂ රජස් ඇත්තාහ’යි කියනු ලැබෙති.
Pali BJT3. මොහො රජො න ච පන රෙණු වුච්චති මොහස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව චක්ඛුමා තස්මා ජිනො විගතරජොති වුච්චතී”ති.
Sinhala BJT3. මෝහය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල මොහරජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ මෝහරජස් ඇත්තාහ’යි කියනු ලැබෙත් නුයි.
Pali BJTවිරජං.
Sinhala BJT‘විරජං’ යනු වේ.
Pali BJTආසීනන්ති: නිසින්නො භගවා පාසාණකෙ චෙතියෙති{1} ආසීනො.
Sinhala BJTආසීනං යනු: බුදුහු පහණ සෑයෙහි වැඩහුන්නාහු නුයි “ආසීන” වූහ.
Pali BJT4. “නගස්ස පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං, සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො”ති.
Sinhala BJT4. පර්වතපාර්ශ්වයෙහි වැඩහුන් වෘත්තදුඃඛයාගේ පරතෙරට ගිය මුනිහු ත්‍රිවිද්‍යා ඇති පස්මරුන් දුරු කළ ශ්‍රාවකයෝ ඇසුරු කෙරෙත් නුයි,
Pali BJTඑවම්පි භගවා ආසීනො, අථවා භගවා සබ්බොස්සුක්කපටිප්පස්සද්ධත්තා ආසීනො, වුත්ථවාසො සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති. එවම්පි භගවා ආසීනොති ඣායිං විරජමාසීනං ඉච්චායස්මා උදයො -පෙ-
Sinhala BJTමෙසේත් බුදුහු ‘ආසීන’ වූහ. නොහොත් බුදුහු සියලු ක්ලේශොත්සුකයන් දුරැ ලූ හෙයින් “ආසීනයහ. වැස නිමවූ ආර්‍ය්‍යවාස ඇත්තාහු පරිචිත වූ චරණධර්‍ම ඇත්තාහ ... ඒ භාග්‍යවත්හට පුනර්‍භව සඞ්ඛ්‍යාත වූ ජාතිමරණ සංසාරය නැත් නුයි මෙසේත් බුදුහු ‘ආසීන’ වූවාහු නුයි “ඣායිං විරජමාසීනං” යනු වේ. මෙසෙයින් ආයුෂ්මත් උදය ...
Pali BJTකතකිච්චං අනාසවන්ති: බුද්ධස්ස භගවතො කිච්චාකිච්චං කරණීයාකරණීයං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං{2} ආයතිං අනුප්පාදධම්මං, තස්මා බුද්ධො කතකිච්චො.
Sinhala BJTකතකිච්චං අනාසවං යනු: භාග්‍යවත් බුදුන් විසින් කෘත්‍යාකෘත්‍යය කටයුතු නො කටයුතු ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, මුල් උදුළ තාල වස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යි එහෙයින් බුදුහු කෘත්‍යකෘත්‍යයහ.
Pali BJT5. “යස්ස ච විසතා{3} නත්ථි ඡින්නසොතස්ස භික්ඛුනො. කිච්චාකිච්චපහීනස්ස{4} පරිළාහො න විජ්ජතී”ති
Sinhala BJT5. සිඳුනාලද තෘෂ්ණාස්‍රොතස් ඇති යම් මහණක්හට රූපාදියෙහි පැතුරුණු තෘෂ්ණා නැද්ද, කෘත්‍යාකෘත්‍ය ප්‍රහීණ කළ ඒ මහණහට (ක්ලේශ) පරිදාහයෙක් නැතැ’යි.
Pali BJTකතකිච්චං අනාසවන්ති: ‘ආසවා’ති චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. තෙ ආසවා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා තස්මා බුද්ධො අනාසවොති ‘කතකිච්චං අනාසවං.’
Sinhala BJTකතකිච්චං අනාසවං- ‘අනාසවා’ යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුනට ප්‍රහීණයෝ යැ උසුන් මුල් ඇත්තාහු යැ (මුල් උදුළ) තාලවාස්තුවක් මෙන් කරන ලද්දාහු යැ අනු අභාවය කරන ලද්දාහු යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු යැ. එහෙයින් බුදුහු අනාස්‍රව වූවාහු නු යි ‘කතකිච්චං අනාසවං’ යනු වේ.
Pali BJTපාරගුං සබ්බධම්මානන්ති: භගවා{5} අභිඤ්ඤාපාරගූ, පරිඤ්ඤාපාරගූ පහානපාරගූ{6}, භාවනාපාරගූ{7}, සච්ඡිකිරියාපාරගූ{8}, සමාපත්තිපාරගූ, අභිඤ්ඤාපාරගූ, සබ්බධම්මානං, පරිඤ්ඤාපාරගූ, සබ්බදුක්ඛානං, පහානපාරගූ{6} සබ්බකිලෙසානං, භාවනාපාරගූ චතුන්නං මග්ගානං, සච්ඡිකිරියාපාරගූ{8} නිරොධස්ස,
Sinhala BJTපාරගුං සබ්බධම්මානං-බුදුහු අභිඥායෙන් පාරයට ගියහ, පරිඥාපාරයට ගියහ, ප්‍රහාණපාරයට ගියහ, භාවනාපාරයට ගියහ, සච්ඡිකිරියාපාරයට ගියහ, සමාපත්තිපාරයට ගියහ, සියලු (පඤ්චස්කන්ධාදි) ධර්‍මයන්ගේ අභිඥා සඞ්ඛ්‍යාත ඥාන පරිඥායෙන් නිර්‍වාණපාරයට ගියහ, සියලු (ජාත්‍යාදි) දුඃඛයන් ගේ තීරණ පරිඥායෙන් පාරයට ගියහ, සියලු (කාය දුශ්චරිතාදි) ක්ලේශයන්ගේ ප්‍රහාණ පරිඥායෙන් පාරයට ගියහ, ස්‍රොතාපත්‍යාදි සතර මාර්‍ගයන්ගේ භාවනායෙන් පාරයට ගියහ, ඵලනිර්වාණ වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිර්‍වාණයාගේ පාරයට ගියහ,
Pali BJTසමාපත්තිපාරගූ සබ්බසමාපත්තීනං, සො වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සීලස්මිං වසිප්පත්තො පාරමිප්පත්තො අරියස්මිං සමාධිස්මිං වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය පඤ්ඤාය, වසිප්පත්තො පාරමිප්පත්තො අරියාය විමුත්තියා. සො පාරගතො පාරමිප්පත්තො අන්තගතො අන්තප්පත්තො, කොටිගතො කොටිප්පත්තො, පරියන්තගතො පරියන්තප්පත්තො, වොසානගතො වොසානප්පත්තො, තාණගතො තාණප්පත්තො, ලෙනගතො ලෙනප්පත්තො, සරණගතො සරණප්පත්තො, අභයගතො අභයප්පත්තො, අච්චුතගතො{1} අච්චුතප්පත්තො, අමතගතො අමතප්පත්තො, නිබ්බානගතො නිබ්බානප්පත්තො. සො වුත්ථවාසො -පෙ- නත්ථි තස්ස පුනබ්භවොති ‘පාරගුං සබ්බධම්මානං’.
Sinhala BJTසියලු රූපා රූප සමාපත්තීන්ගේ සමාපත්තියෙන් පාරයට ගියහ. ඒ බුදුහු ආර්‍ය්‍යශීලයෙහි වශීභාවයට අවසානයට පැමිණියහ, ආර්‍ය්‍යසමාධියෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ, ආර්‍ය්‍යවිමුක්තියෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ. ඒ බුදුහු මාර්‍ගයෙන් පරතෙරට ගියහ, ඵලයෙන් පරතෙරට පැමිණියහ. (මාර්‍ගයෙන් සංස්කාර ලෝකයෙහි) අන්තයට ගියහ, (ඵලයෙන්) අන්තයට පැමිණියහ. (මාර්‍ගයෙන් සංස්කාරයන් ගේ) කෙළවරට ගියහ, (ඵලයෙන්) කෙළවරට පැමිණියහ. (මාර්‍ගයෙන් ආයතනාදි ලෝකයෙහි) පර්‍ය්‍යන්තයට ගියහ, (ඵලයෙන්) පර්‍ය්‍යන්තයට පැමිණියහ. (මාර්‍ගයෙන්) අවසානයට ගියහ, (ඵලයෙන්) අවසානයට පැමිණියහ. (මාර්‍ගයෙන්) ත්‍රාණයට ගියහ, (ඵලයෙන්) ත්‍රාණ ප්‍රාප්තයහ. (මාර්‍ගයෙන්) ලෙනයට ගියහ, (ඵලයෙන්) ලෙනප්‍රාප්තයහ. සරණයට ගියහ, සරණ ප්‍රාප්තයහ. අභයට ගියහ, අභයප්‍රාප්තයහ. අච්‍යුතයට ගියහ, අච්‍යුතයට පැමිණියහ. අමෘතයට ගියහ, අමෘතයට පැමිණියහ. නිර්‍වාණයට ගියහ, නිර්වාණප්‍රාප්තයහ. ඒ බුදුහු (දශවිධ ආර්‍ය්‍යවාසය) වැස නිමවූහ ... ඒ සර්වඥයන්ට පුනර්‍භවයෙක් නැත් නුයි ‘පාරගුං සබ්බධම්මානං’ යනු වේ.
Pali BJTඅත්ථි පඤ්හෙන ආගමන්ති: පඤ්හෙන අත්ථිකාම්හ{2} ආගතා, පඤ්හං පුච්ඡිතුකාමම්හ ආගතා{3}. පඤ්ඤං සොතුකාමා ආගතම්හාති ‘එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’ අථවා පඤ්හත්ථිකානං පඤ්හං පුච්ඡිතුකාමානං පඤ්හං සොතුකාමානං. ආගමනං අභික්කමනං{4} උපසඞ්කමනං පයිරුපාසනං අත්ථි, එවම්පි අත්ථි පඤ්හෙන ආගමං, අථවා පඤ්හාගමො තුය්හං අත්ථි, ත්වම්පි පහූ, ත්වමසි අලමත්තො මයා පුච්ඡිතං කථෙතුං විස්සජ්ජෙතුං, වහස්සෙතං භාරන්ති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’.
Sinhala BJTඅත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇති වැ ආම්හ, පැන පුළුවුස්නා කැමැති වැ ආම්හ, ප්‍රශ්න අසනු කැමැති වැ ආම්හ’ යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇතියන් ගේ පැන පුළුවුස්නා කැමැතියන් ගේ ප්‍රශ්න අසනු කැමැතියන්ගේ ඊමෙක් පෙරට ඊමෙක් එළැඹීමෙක් පර්ය්‍යුපාසනයෙක් ඇත් නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් මුඹ වහන්සේට ප්‍රශ්නාගමයෙක් ඇති, මුඹ වහන්සේ වැළිත් ප්‍රභූ වූවහු යැ මා විසින් පුළුවුස්නා ලද්ද කියන්නට විසඳන්නට මුඹ වහන්සේ සමර්‍ත්‍ථය වු යැ, තෙල භාරය උසුලනු මැනැවැ යි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
Pali BJTඅඤ්ඤාවිමොක්ඛං පබ්රූහී ති: ‘අඤ්ඤා විමොක්ඛො’ වුච්චති අරහත්තවිමොක්ඛො, අරහත්තවිමොක්ඛං පබ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ‘අඤ්ඤාවිමොක්ඛං පබ්රූහි’
Sinhala BJTඅඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑහි- ‘අඤ්ඤාවිමොක්‍ඛ’ යී අර්‍හත්ඵල විමෝක්‍ෂය කියනු ලැබෙයි, අර්‍හත් ඵල විමෝක්‍ෂය වදාළ මැනැව කිව මැනැව දෙසනු මැනැව පනවනු මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑහි’ යනු වේ.
Pali BJTඅවිජ්ජාය පභෙදනන්ති අවිජ්ජාය භෙදනං පභෙදනං පහානං වූපසමො{5} පටිනිස්සග්ගො{6} පටිප්පස්සද්ධං අමතං නිබ්බානන්ති ‘අවිජ්ජාය පභෙදනං’
Sinhala BJTඅවිජ්ජාය පභෙදනං- අවිද්‍යාව බිඳීම ප්‍රකර්‍ෂයෙන් බිඳීම ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJTඣායිං විරජමාසීනං (ඉච්චායස්මා උදයො) කතකිච්චං අනාසවං, පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං අඤ්ඤාවිමොක්ඛං පබ්රූහි අවිජ්ජාය පභෙදන”න්ති
Sinhala BJT“ඣායිං විරජමාසීනං -පෙ- අවිජ්ජාය පභෙදනං” යී.
Pali BJT13. 2.
Sinhala BJT13. 2.
Pali BJTපහානං කාමච්ඡන්දානං (උදයාති භගවා) දොමනස්සාන චූභයං, ථීනස්ස ච{1} පනූදනං කුක්කුච්චානං නිවාරණං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්දයන් ගේ ද දෞර්මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළකීම ද ඇති.
Pali BJTපහානං කාමච්ඡන්දානන්ති: ‘ඡන්දො’ති “යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපිපාසා කාමපරිළාහො කාමජ්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච්ඡන්දනීවරණං. “පහානං කාමච්ඡන්දානන්ති: කාමච්ඡන්දානං පහානං වූපසමං පටිනිස්සග්ගං පටිප්පස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘පහානං කාමච්ඡන්දානං’. උදයාති භගවාති -පෙ-
Sinhala BJTපහානං කාමච්ඡන්දානං- ‘ඡන්‍දො’ යනු: වස්තුකාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි බැසගැනීමෙක් කාමඔඝයෙක් කාම යෝගයෙක් කාම උපාදානයෙක් කාමච්ඡන්‍ද නීවරණයෙක් වේ ද එය යි. පහානං කාමච්ඡන්දානං- කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි ‘පහානං කාමච්ඡන්දානං’ යනු වේ. උදයාති භගවා...
Pali BJTදොමනස්සානචූභයන්ති: දොමනස්ස’න්ති{2} “යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා. දොමනස්සාන චූභයන්ති: කාමච්ඡන්දස්ස ච දොමනස්සස්ස ච උභින්නං පහානං වූපසමො පටිනිස්සග්ගො පටිප්පස්සද්ධි අමතං නිබ්බානන්ති ‘දොමනස්සානචූභයං.’
Sinhala BJTදොමනස්සානචූභයං - ‘දොමනස්සං’ යනු: චෛතසික වූ යම් අමධුර බවෙක් චෛතසික දුකෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදනායෙක් වේ ද, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදයිතයෙක් වේ ද, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද එය යි. දොමනස්සානචූභයං- කාමච්ඡන්‍දයාගේ ද දෞර්මනස්‍යා ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි ‘දොමනස්සානචූභයං’ යනු වේ.
Pali BJTථීනස්ස ච පනූදනන්ති: ‘ථීන’න්ති ‘යා චිත්තස්ස අකල්ලතා{3} අකම්මඤ්ඤතා ඔලීයනා සල්ලීයනා ලීනා ලීයනා ලීයිතත්තං ථීනං ථීයනා ථීයිතත්තං චිත්තස්ස.” ථීනස්ස ච පනූදනන්ති: ථීනස්ස ච පනූදනං පහානං වූපසමො{4} පටිනිස්සග්ගො පටිප්පස්සද්ධි අමතං නිබ්බානන්ති ථීනස්ස ච පනූදනං.
Sinhala BJTථීනස්ස ච පනූදනං- ‘ථීනං’ යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්මණ්‍යබවෙක් එලෙන අයුරෙක් හැකිළීමෙක් වෙසෙසින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළෙන බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් වේ ද එය යි. ථීනස්ස ච පනූදනං - ථීනයාගේ ද බැහැර කිරීම ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නුයි “ථීනස්ස ච පනූදනං” යනු වේ.
Pali BJTකුක්කුච්චානං නිවාරණන්ති: ‘කුක්කුච්ච’න්ති: හත්ථකුක්කුච්චම්පි කුක්කුච්චං පාදකුක්කුච්චම්පි කුක්කුච්චං, හත්ථපාදකුක්කුච්චම්පි කුක්කුච්චං. අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, අවජ්ජෙ වජ්ජසඤ්ඤිතා වජ්ජෙ අවජ්ජසඤ්ඤිතා. “යං එවරූපං කුක්කුච්චං කුක්කුච්චායනා කුක්කුච්චායිතත්තං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ඉදං වුච්චති කුක්කුච්චං’.
Sinhala BJTකක්කුච්චානං නිවාරණං - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පා කුකුස ද කුකුස් යැ, අකූපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකැප සංඥා ඇති බව යැ, අවද්‍යයෙහ වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යයෙහි අවද්‍යසංඥා ඇති බව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරෙක් කුකුසට පැමිණිබවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම් මේ කුකුසැ යි කියනු ලැබේ.
Pali BJTඅපි ච ද්වීහි කාරණෙහි උප්පජ්ජති කුක්කුච්චං: චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො, කතත්තා ච අකතත්තා ච{1}. කථං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො: ‘කතං මෙ කායදුච්චරිතං අකතං මෙ කායසුචරිත’න්ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො’ කතං මෙ වචීදුච්චරිතං අකතං මෙ වචීසුචරිතන්ති -පෙ- කතං මෙ මනොදුච්චරිතං අකතං මෙ මනොසුචරිත’න්ති -පෙ- කතො මෙ පාණාතිපාතො අකතා මෙ පාණාතිපාතා වෙරමණීති -පෙ- කතං මෙ අදින්නාදානං අකතං මෙ අදින්නාදානා වෙරමණීති -පෙ- කතො මෙ කාමෙසු මිච්ඡාචාරො අකතා මෙ කාමෙසු මිච්ඡාචාරා වෙරමණීති -පෙ- කතො මෙ මුසාවාදො අකතා මෙ මුසාවාදා වෙරමණීති -පෙ- කතා මෙ පිසුනාවාචා අකතා මෙ පිසුනාය වාචාය වෙරමණීති -පෙ- කතා මෙ ඵරුසාවාචා අකතා මෙ ඵරුසාය වාචාය වෙරමණීති -පෙ- කතො මෙ සම්ඵප්පලාපො අකතා මෙ සම්ඵප්පලාපා වෙරමණීති -පෙ- කතා මෙ අභිජ්ඣා අකතා මෙ අනභිජ්ඣාති -පෙ- කතො මෙ ව්යාපාදො අකතො මෙ අබ්යාපාදොති -පෙ- කතා මෙ මිච්ඡාදිට්ඨි අකතා මෙ සම්මාදිට්ඨීති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. එවං කතත්තා ච අකතත්තා ච උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො.
Sinhala BJTතවද දෙ කරුණෙකින් කුකුස චිත්තයාගේ විපිළිසර මනෝවිලේඛය උපදී: කළ බැවින් ද නො කළ බැවින් දැ යි කිසෙයින් කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිත්හි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නොකරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද මා විසින් වාක්සුචරිතය නො කරනලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද මා විසින් මනස්සුචරිතය නො කරනලදැ’යි... ‘මා විසින් ප්‍රාණවධ කරන ලද, මා විසින් ප්‍රාණඝාත විරමණය නො කරන ලදැ’යි කුකුස ... මනෝවිලේඛය උපදී. ‘මා විසින් අදත්තාදානය කරන ලද- මා විසින් කාමමිථ්‍යාචාරය කරන ලද- මා විසින් මෘෂාවාද කියන ලද- මා විසින් පිසුණුබස් කියන ලද- මා විසින් පරොස්බස් කියන ලද- මා විසින් හිස්බස් කියන ලද- මා විසින් අභිධ්‍යා කරන ලද- මා විසින් ව්‍යාපාද කරන ලද- මා විසින් මිථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්‍යග්දෘෂ්ටි නො ගන්නාලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදියි. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
Pali BJTඅථවා ‘සීලෙසුම්භි න පරිපූරකාරී’ති{2} උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. ‘ඉන්ද්රියෙසුම්හි අගුත්තද්වාරො’ති-භොජනෙ අමත්තඤ්ඤුම්හීති-ජාගරියං අනනුයුත්තොම්හීති-න සතිසම්පජඤ්ඤෙන සමන්නාගතොම්හීති-අභාවිතා මෙ චත්තාරො සතිපට්ඨානාති-අභාවිතා මෙ චත්තාරො සම්මප්පධානාති-අභාවිතා මෙ චත්තාරො ඉද්ධිපාදාති-අභාවිතානි මෙ පඤ්චින්ද්රියානීති-අභාවිතානි මෙ පඤ්චබලානීති-අභාවිතා මෙ සත්ත බොජ්ඣඞ්ගාති-අභාවිතො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගොති-දුක්ඛං මෙ අපරිඤ්ඤාතන්ති-සමුදයො මෙ අප්පහීනොති-මග්ගො මෙ අභාවිතොති-නිරොධො මෙ අසච්ඡිකතො ති උප්පජ්ජති කුක්කුච්චං චෙතසො විප්පටිසාරො මනොවිලෙඛො. කුක්කුච්චානං නිවාරණන්ති: කුක්කුච්චානං ආවරණං නීවරණං පහානං වූපසමො{3} පටිනිස්සග්ගො පටිප්පස්සද්ධි{4} අමතං නිබ්බානන්ති කුක්කුච්චානං නිවාරණං.
Sinhala BJTනොහොත් ‘ප්‍රාතිමොක්ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදියි, ඉන්‍ද්‍රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී ... භෝජනයෙහි අමාත්‍රඥයෙම් විමි... නිදි දුරු කිරීමෙහි නො යෙදුණෙම් වීමි ... ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්තයෙම් නො වූයෙමි ... මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහ යි ... මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහ යි ... මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැ යි ... මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ යි... මා විසින් සමුදය අප්‍රහීණ යැ යි... මා විසින් මාර්‍ගය නොවඩන ලදැයි ... මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ යි කෞකෘත්‍යය චිත්තයාගේ විප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. කුක්කුච්චානං නිවාරණං යනු: කෞකෘත්‍යයන්ගේ ඇවිරීම වැළහීම ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමෘත සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණය නුයි ‘කුක්කුච්චානං නිවාරණං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“පහානං කාමච්ඡන්දානං (උදයාති භගවා....) දොමනස්සාන චූභයං, ථීනස්ස ච පනූදනං කුක්කුච්චානං නිවාරණ”න්ති.
Sinhala BJT“පහානං කාමච්ඡන්දානං -පෙ- කුක්කුච්චානං නිවාරණං” යි.
Pali BJT13. 3.
Sinhala BJT13. 3.
Pali BJTඋපෙක්ඛාසතිසංසුද්ධං ධම්මතක්කපුරෙජවං, අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි{1} අවිජ්ජාය පභෙදනං.
Sinhala BJTචතුර්ථධ්‍යානොපෙක්ෂා ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සඞ්ඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටු කොට ඇති අර්‍හත් ඵලවිමොක්ෂය අවිද්‍යාවගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
Pali BJTඋපෙක්ඛාසතිසංසුද්ධන්ති: ‘උපෙක්ඛා’ති යා චතුත්ථෙ ඣානෙ{2} උපෙක්ඛා උපෙක්ඛනා අජ්ඣුපෙක්ඛනා චිත්තසමථො{3} චිත්තපස්සද්ධතා{4} මජ්ඣත්තතා චිත්තස්ස. සතීති: “යා චතුත්ථෙ ඣානෙ උපෙක්ඛං ආරබ්භ සති අනුස්සති -පෙ- සම්මාසති’. උපෙක්ඛාසතිසංසුද්ධන්ති: චතුත්ථෙ ඣානෙ උපෙක්ඛා ච සති ච සුද්ධා හොන්ති විසුද්ධා සංසුද්ධා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා මුදුභූතා කම්මනියා ඨිතා ආනෙඤ්ජප්පත්තාති ‘උපෙක්ඛාසති සංසුද්ධං’.
Sinhala BJTඋපෙක්ඛාසතිසංසුද්ධං- ‘උපෙක්ඛා’ යනු: චතුර්ත්ථධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපෙක්ෂා කරන අයුරෙක් අධ්‍යුපේක්‍ෂණයෙක් චිත්තයාගේ අනූනාධික බවෙක් චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද එය යි. සති යනු: චතුර්ත්ථධ්‍යානයෙහි උපේක්‍ෂාව අරභයා (උපන්) යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක් ස්මෘතියක් වේ ද එය යි. උපෙක්ඛා සතිසංසුද්ධං - චතුර්ත්ථධ්‍යානයෙහි උපේක්‍ෂාව ද ස්මෘතිය ද ශුද්ධ වූවාහු විශුද්ධ වූවාහු වෙසෙසින් ශුද්ධ වූවාහු හාත්පසින් ශුද්ධ වූවාහු ප්‍රභාස්වර වූවාහු නිර්දෝෂ වූවාහු උපක්ලේශ රහිත වූවාහු මෘදු වූවාහු කර්‍මක්‍ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත් නුයි ‘උපෙක්ඛා සතිසංසුද්ධං’ යනු වේ.
Pali BJTධම්මතක්කපුරෙජවන්ති: ‘ධම්මතක්කො’ වුච්චති සම්මාසංකප්පො, සො ආදිතො හොති, පුරතො හොති, පුබ්බඞ්ගමො හොති, අඤ්ඤාවිමොක්ඛස්සාති එවම්පි ‘ධම්මතක්කපුරෙජවං’. අථවා ‘ධම්මතක්කො’ වුච්චති සම්මාදිට්ඨි, සා ආදිතො හොති, පුරතො හොති, පුබ්බඞ්ගමා{5} හොති, අඤ්ඤාවිමොක්ඛස්සාති එවම්පි ‘ධම්මතක්කපුරෙජවං’. අථවා ‘ධම්මතක්කො වුච්චති චතුන්නං මග්ගානං පුබ්බභාගවිපස්සනා{6}, සා ආදිතො හොති, පුරතො හොති, පුබ්බඞ්ගමා හොති අඤ්ඤාවිමොක්ඛස්සාති එවම්පි ‘ධම්මතක්කපුරෙජවං’.
Sinhala BJTධම්මතක්කපුරෙජවං- ‘ධම්මතක්ක’ යි සම්‍යක් සංකල්පය කියනු ලැබෙයි. ඒ අඤ්ඤාවිමොක්ඛය (රහත් මඟ) ට ආදියෙහි වෙයි පෙරටුයෙහි වෙයි පෙරදැරි වේ නු යි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සම්‍යග්දෘෂ්ටිය කියනු ලැබෙයි. ඕ ආඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්‍වඞ්ගම වේනුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සතර මාර්‍ගයන්ගේ පූර්වභාගවිදර්ශනාව කියනු ලැබෙයි. ඕ අඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්‍වඞ්ගම වේ නුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ.
Pali BJTඅඤ්ඤාවිමොක්ඛං පබ්රූමීති: ‘අඤ්ඤාවිමොක්ඛො’ වුච්චති අරහත්තවිමොක්ඛො, අරහත්තවිමොක්ඛං පබ්රූමි, ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි’.
Sinhala BJTඅඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි- ‘අඤ්ඤාවිමොක්ඛ’යි අර්‍හත්‍ව විමෝක්‍ෂ (රහත්මඟ) කියනු ලැබෙයි. රහත් මඟ කියමී දක්වමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘අඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි’ යනු වේ.
Pali BJTඅවිජ්ජාය පභෙදනන්ති: ‘අවිජ්ජා’ති “දුක්ඛෙ අඤ්ඤාණං -පෙ- අවිජ්ජා මොහො අකුසලමූලං.” අවිජ්ජාය පභෙදනන්ති{7}: අවිජ්ජා පභෙදනං පහානං වූපසමො පටිනිස්සග්ගො පටිප්පස්සද්ධි අමතං නිබ්බානන්ති ‘අවිජ්ජාය පභෙදනං’.
Sinhala BJTඅවිජ්ජාය පභෙදනං- ‘අවිජ්ජා’ යනු: දුක නො දැනීම ...අවිද්‍යාව මෝහ අකුශලමූලය යි. අවිජ්ජාය පභෙදනං යනු: අවිද්‍යාව බිඳීම ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නු යි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“උපෙක්ඛාසතිසංසුද්ධං ධම්මතක්කපුරෙජවං, අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි අවිජ්ජාය පභෙදනන්ති.”
Sinhala BJT“උපෙක්ඛාසති සංසුද්ධං -පෙ- අවිජ්ජාය පභෙදනං” යි.
Pali BJT13. 4.
Sinhala BJT13. 4.
Pali BJTකිං සු සංයොජනො ලොකො කිං සු තස්ස විචාරණං, කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති.
Sinhala BJT(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝ වැසියා ගේ විවරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ ද?
Pali BJTකිං සු සංයොජනො ලොකොති: කිං ලොකස්ස සංයොජනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො, කෙන ලොකො යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධොති ‘කිං සු සංයොජනො ලොකො.’
Sinhala BJTකිං සු සංයොජනො ලෝකෝ - ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය කිම? ලෝවැසි තෙම කුමකින් යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යෙදුණේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ නො හැර සිටියේ නුයි ‘කිංසු සංයොජනො ලෝකෝ’ යනු වේ.
Pali BJTකිං සු තස්ස විවාරණන්ති: ‘කිං තස්ස’ චාරණං{1} විචාරණං පටිවිචාරණං කෙන ලොකො චරති විචරති පටිවිචරතීති ‘කිං සු තස්ස විචාරණං.’
Sinhala BJTකිං සු තස්ස විචාරණං - ඒ ලෝවැසියාගේ හැසිරීම වෙසෙසින් හැසිරීම පුනපුනා හැසිරීම කිම? ලෝවැසි තෙම කුමක් කරණ කොට හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුන පුනා හැසිරේ ද නුයි ‘කිං සු තස්ස විචාරණං’ යනු වේ.
Pali BJTකිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චතීති: කිස්සස්ස විප්පහානෙන වූපසමෙන පටිනිස්සග්ගෙන පටිප්පස්සද්ධියා, නිබ්බානං ඉති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති ‘කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති’.
Sinhala BJTකිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති - කවර ධර්‍මයක් හුගේ ප්‍රහාණයෙන් ව්‍යුපශම යෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් ‘නිර්‍වාණ’ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ ද නුයි ‘කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“කිං සු සංයොජනො ලොකො කිං සු තස්ස විචාරණං, කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චතී”ති.
Sinhala BJT“කිං සු සංයොජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
Pali BJT13. 5.
Sinhala BJT13. 5.
Pali BJTනන්දිසංයොජනො ලොකො විතක්කස්ස විචාරණං තණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති.
Sinhala BJTලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාවගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ.
Pali BJTනන්දිසංයොජනො ලොකොති: ‘නන්දි’ වුච්චති තණ්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “අයං වුච්චති නන්දි. යා නන්දි ලොකස්ස සංයොජනං ලග්ගනං බන්ධනං උපක්කිලෙසො, ඉමාය නන්දියා ලොකො යුත්තො පයුත්තො ආයුත්තො සමායුත්තො ලග්ගො ලග්ගිතො පළිබුද්ධොති ‘නන්දිසංයොජනො ලොකො.’
Sinhala BJTනන්‍දිසංයොජනො ලෝකෝ - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ‘නන්දි’ යි කියනු ලැබෙයි. යම් නන්‍දියක් ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය වේ ද මේ නන්දියෙන් ලෝකය යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ පරිරුද්ධ වූයේ නුයි ‘නන්‍දිසංයොජනො ලෝකෝ’ යනු වේ.
Pali BJTවිතක්කස්ස විචාරණන්ති ‘විතක්කො’ති{1} නව විතක්කා: කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො ඤාතිවිතක්කො ජනපදවිතක්කො අමරවිතක්කො{2} පරානුද්දයතාපටිසංයුත්තො විතක්කො ලාභසක්කාරසිලොක පටිසංයුත්තො විතක්කො අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො ඉමෙ වුච්චන්ති නව විතක්කා. ඉමෙ නවවිතක්කා ලොකස්ස චාරණා විචාරණා පටිවිචාරණා. ඉමෙහි නවහි විතක්කෙහි ලොකො චරති විචරති පටිවිචරතීති ‘විතක්කස්ස විචාරණං.’
Sinhala BJTවිතක්කස්ස විචාරණං- ‘විතක්ක’ නම් නව විතර්කයෙකි: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසා විතර්‍ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්‍ක යැ ලාභ සත්කාර ප්‍රශංසා ප්‍රතිසංයුක්තවිතර්ක යැ අනවඥාප්‍රතිසංයුක්ත විතර්‍ක යැ, මොහු නව විතර්‍කයෝ යැ යි කියනු ලැබෙත්. මේ නව විතර්‍කයෝ චාරණ (පැවැත්මට කරුණ) විචාරණ පුනපුනා විචාරණයෝ වෙති. මේ නව විතර්‍කයන් හේතු කොට ගෙන ලෝ වැසි තෙමේ හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුනපුනා හැසිරේ නුයි ‘විතක්කස්ස විචාරණං’ යනු වේ.
Pali BJTතණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චතීති: ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා, තණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චතීති. තණ්හාය විප්පහානෙන වූපසමෙන පටිනිස්සග්ගෙන පටිප්පස්සද්ධියා නිබ්බානං ඉති වුච්චති පවුච්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති ‘තණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති.’
Sinhala BJTතණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- තෘෂ්ණාව වෙසෙසින් ප්‍රහාණය කිරීමෙන් සන්හිඳුවීමෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් නිර්‍වාණය වේ යයි කියනු ලැබෙයි දක්වනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි පවසනු ලැබෙයි වහරනු ලැබේ නුයි ‘තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නන්දිසංයොජනො ලොකො විතක්කස්ස විචාරණං, තණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චතී”ති.
Sinhala BJT“නන්‍දිසඤේඤාජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
Pali BJT13. 6.
Sinhala BJT13. 6.
Pali BJTකථං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣති, භගවන්තං පුට්ඨුමාගම්හා{3} තං සුණොම වචො තව.
Sinhala BJT(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
Pali BJTකථං සතස්ස චරතොති: කථං සතස්ස සම්පජානස්ස චරතො විචරතො{4} ඉරීයතො වත්තයතො පාලයතො යපයතො යාපයතොති ‘කථං සතස්ස චරතො’.
Sinhala BJTකථං සතස්ස චරතො යනු: කිසෙයින් සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහු ගේ වෙසෙසින් හැසිරෙනුවහු ගේ ඉරියවු පවත්වනුවහු ගේ වැටෙනුවහුගේ රැකෙනුවහු ගේ යැපෙනු වහුගේ යාපනය වන්නහු ගේ නුයි ‘කථං සතස්සස්ස චරතො’ යනු වේ.
Pali BJTවිඤ්ඤාණං උපරුජ්ඣතීති විඤ්ඤාණං නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පසම්භතීති ‘විඤ්ඤාණං උපරුජ්ඣති’.
Sinhala BJTවිඤ්ඤාණං උපරුජ්ඣති- අභිසංස්කාර විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවත්නේ වේ නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
Pali BJTභගවන්තං පුට්ඨුමාගම්හාති: බුද්ධං භගවන්තං පුට්ඨුං පුච්ඡිතුං යාචිතුං අජ්ඣෙසිතුං පසාදෙතුං ආගම්හා ආගතම්හා උපාගතම්හා සම්පත්තම්හා තයා සද්ධිං සමාගතම්හාති ‘භගවන්තං පුට්ඨුමාගම්හා’.
Sinhala BJTභගවන්තං පුට්ඨුමාගම්හා- භාග්‍යවත් බුදුනු පුළුවුස්නට විචාරන්නට යදනට අධ්‍යෙෂණයට ආම්හ ආවම්හ එළැඹියම්හ පැමිණියම්හ. මුඹ වහන්සේ හා එක් වූම්හ නුයි ‘භගවන්තං පුටුඨුමාගම්හා’ යනු වේ.
Pali BJTතං සුණොම වචො තවාති: ‘ත’න්ති තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං{1} සුණොම උග්ගණ්හාම ධාරෙම උපධාරෙම උපලක්ඛෙමාති ‘තං සුණොම වචො තව’.
Sinhala BJTතං සුණොම වචො තව - “තං” යනු: මුඹ වහන්සේගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අසම්හ උගනුම්හ ධරම්හ වෙසෙසින් ධරම්හ සලකම්හ නුයි ‘තං සුණොම වචො තව’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“කථං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣති, භගවන්තං පුට්ඨුමාගම්හා තං සුණොම වචො තවා”ති.
Sinhala BJT“කථං සතස්ස චරතො -පෙ- තං සුණොම වචො තව” යි.
Pali BJT13. 7.
Sinhala BJT13. 7.
Pali BJTඅජ්ඣත්තඤ්ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතො එවං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣති.
Sinhala BJTඅධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
Pali BJTඅජ්ඣත්තඤ්ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතොති: අජ්ඣත්තං වෙදනාසු වෙදනානුපස්සී{2} විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති{3} අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවංගමෙති බහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣො සාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති.
Sinhala BJTඅජ්ඣත්තඤ්ච බහිද්ධා ච වේදනං නාභිනන්‍දතො - අධ්‍යාත්ම වේදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. බාහිරවෙදනායෙහි වේදනා අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මබාහ්‍යවෙදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි, අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි.
Pali BJTඅජ්ඣත්තං සමුදයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, අජ්ඣත්තං වයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො -පෙ- අජ්ඣත්තං සමුදයවයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො -පෙ- බහිද්ධා සමුදයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති
Sinhala BJTඅධ්‍යාත්මයෙහි සමුදයධර්මයන් අනුව බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මයෙහි ව්‍යයධර්මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ .. අධ්‍යාත්මයෙහි කලෙකැ සමුදයධර්මයන් කලෙකැ ව්‍යයධර්මයන් අනු වැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ ... බාහ්‍ය වූ සමුදය ධර්‍මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි, නො පසසයි,
Pali BJTන අජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාව ගමෙති, බහිද්ධා වයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො -පෙ- බහිද්ධා සමුදයවයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො -පෙ- අජ්ඣත්ත බහිද්ධා වයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො -පෙ- අජ්ඣත්තබහිද්ධා{1} සමුදය වයධම්මානුපස්සී වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, ඉමෙහි ද්වාදසහි ආකාරෙහි වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො -පෙ- අනභාවං ගමෙති.
Sinhala BJTබැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි බාහිර වේදනායෙහි ව්‍යයධර්මයන් අනු වැ දක්නා සුලු වූයේ වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... බාහ්‍යවෙදනායෙහි සමුදය ව්‍යය ධර්‍මයන් අනු වැ දක්නා සුලු වූයේ වෙදනානුදර්ශීවැ වාස කරන්නේ... කලෙකැ අධ්‍යාත්මයෙහි කලෙකැ බාහ්‍යයෙහි සමුදයව්‍යය ධර්‍මයන් අනු වැ බලන සුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි, මේ දොළොස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... අනභාවයට පමුණුවයි.
Pali BJTඅථවා වෙදනං අනිච්චතො පස්සන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. වෙදනං දුක්ඛතො-රොගතො-ගණ්ඩතො-සල්ලතො -අඝතො-ආබාධතො -පෙ- නිස්සරණතො පස්සන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. ඉමෙහි චතුචත්තාලීසාය ආකාරෙහි{2} වෙදනාසු වෙදනානුපස්සී විහරන්තො වෙදනං නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතො’.
Sinhala BJTනොහොත් වේදනාව අනිත්‍ය වශයෙන් දක්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරුකෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. වේදනාව දුක් හෙයින් - රෝග හෙයින් - ගඬ හෙයින් - ශල්‍ය හෙයින් අඝ හෙයින් - ආබාධ හෙයින් ... නිස්සරණ හෙයින් දක්නේ වේදනාවට සතුටු නොවෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවෙෂය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ සූසාලිස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නොසිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධාච වේදනං නාභිනන්දතො’ යනු වේ.
Pali BJTඑවං සතස්ස චරතොති: එවං සතස්ස සම්පජානස්ස චරතො විචරතො{3} ඉරීයතො වත්තයතො පාලයතො යපයතො යාපයතොති. ‘එවං සතස්ස චරතො.’
Sinhala BJTඑවං සතස්ස චරතො - මෙසේ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහුට වෙසෙසින් හැසිරෙනුවහුට ඉරියවු පවත්වනුවහුට වැටෙනුවහුට රැකෙනුවහුට යැපෙනුවහුට යාපනය වන්නහුට නුයි ‘එවං සතස්ස චරතො’ යනු වේ.