Pali BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තන්ති: අකිඤ්චනං පුග්ගලං කාමෙ ච භවෙ ච අසත්තං අලග්ගං{1} අලග්ගිතං අපලිබුද්ධං නික්ඛන්තං නිස්සටං විප්පමුත්තං විසංයුත්තං විමරියාදීකතෙන චෙතසා විහරන්තන්ති ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං.’
Sinhala BJTඅකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්න ලද පලිබොධ නැති (එයින්) නික්මුණු බැහැරවූ මිදුණු පහවූ සංයොග ඇති විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නා වූ අකිඤ්චන පුද්ගලයා නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“නිරාසසො සො න සො ආසසානො පඤ්ඤාණවා සො න ච පඤ්ඤකප්පී එවම්පි තොදෙය්ය මුනිං විජාන අකිඤ්චනං කාමභවෙ අසන්ත”න්ති.
Sinhala BJT“නිරාසසො සො -පෙ- අකිඤ්චනං කාමභවෙ අසත්තං” යි.
Pali BJTසහ ගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මීති.
Sinhala BJTගාථා පර්‍ය්‍යාවසානය හා සමග...වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.
Pali BJTතොදෙය්ය සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTතෝදෙය්‍ය සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT10. කප්ප සුත්තනිද්දෙසො.
Sinhala BJT10. කප්ප සූත්‍ර නිර්‍දෙශය
Pali BJT10. 1.
Sinhala BJT10. 1.
Pali BJTමජ්ඣෙ සරස්මිං තිට්ඨතං (ඉච්චායස්මා කප්පො) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූහි මාරිස ත්වඤ්ච මෙ දීප{1} මක්ඛාහි යථයිදං නාපරං සියා.
Sinhala BJT(ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-අපර කෙළවර රහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙදුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි.
Pali BJTමජ්ඣෙ සරස්මිං තිට්ඨතන්ති: ‘සරො’ වුච්චති සංසාරො. ආගමනං ගමනං ගමනාගමනං කාලං ගති භවාභවො චුති ච උප්පත්ති ච නිබ්බත්ති ච භෙදො ච{2} ජාති ච ජරා ච මරණං ච. සංසාරස්ස පුරිමා{3} කොටි න පඤ්ඤායති, පච්ඡිමාපි කොටි න පඤ්ඤායති, මජ්ඣෙව සංසාරෙ{4} සත්තා ඨිතා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා.
Sinhala BJTමජ්ඣෙ සරස්මිං තිට්ඨතං - ‘සරො’යි සංසාරය කියනු ලැබෙයි, පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම මරණය නිපැත්ම භවයෙන් භවය ච්‍යුතිය ද උපප්‍රාප්තිය ද නිපැත්ම ද ස්කන්‍ධයන්ගේ භේදය ද ඉපදීම ද දිරීම ද මරණය දැ යි සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනෙයි, මැද සසර සත්ත්‍වයෝ සිටියාහු යැ පිහිටියාහු යැ ඇලුණාහු යැ එළැඹියාහු යැ බැසැ ගත්තාහු යැ අධිමුක්තයහ.
Pali BJTකථං සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති: එත්තකා ජාතියො වට්ටං වත්ති{5}, තතො පරං න වත්තීති{6} හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිසතානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති. හෙවං නත්ථි, එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිසතසහස්සානි වට්ටං වත්ති. තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකා ජාති කොටියො වට්ටං වත්ති. තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිකොටිසතානි වට්ටං වත්ති තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි ජාතිකොටිසහස්සානි වට්ටං වත්ති තතොපරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති එත්තකානි ජාතිකොටිසතසහස්සානි වට්ටං වත්ති තතොපරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි.
Sinhala BJTකිසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ ද යත්: මෙතෙක් ජාතීන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ (විද්‍යමාන) නො වෙයි. මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිශතයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි. මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිසහස්‍රයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාති කෝටීන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිකෝටිශතයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිකෝටිසහස්‍රයන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු (මුළුල්ලෙහි) සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි,
Pali BJTඑවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සසතානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සසතසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකා වස්සකොටියො වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්ස කොටිසතානි වට්ටං වත්ති තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සකොටිසහස්සානි වට්ටං වත්ති තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි වස්සකොටිසතසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පසතානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පසතසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති, හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති, එත්තකා කප්පකොටියො වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති, එත්තකානි කප්පකොටිසතානි වට්ටං වත්ති. තතො පරං න වත්තීති, හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පකොටිසහස්සානි වට්ටං වත්ති, තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. එත්තකානි කප්පකොටිසතසහස්සානි වට්ටං වත්ති. තතො පරං න වත්තීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති.
Sinhala BJTමෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු සියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු දහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු සියදහසුන් සසර පැවැත්තේ ය එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළගණන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළසියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේ ත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නොවෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් හවුරුදු කෙළ සියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් මුළුල්ලෙහි සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් සියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප් දහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්සියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළගණන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළසියන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්දෙළදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. මෙතෙක් කප්කෙළසියදහසුන් සසර පැවැත්තේ යැ එයින් මතු නො පැවැත්තේ යැ යි මෙසේ නො වෙයි, මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTමේ වදාරනලද මැ යි බුදුන් විසින්:
Pali BJT“අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සංධාවතං සංසරතං. එවං දීඝරත්තං ඛො භික්ඛවෙ, දුක්ඛං පච්චනුභූතං තිප්පං පච්චනුභූතං බ්යසනං පච්චනුභූතං කටසී වඩ්ඪිතා,{1} යාවඤ්චිදං භික්ඛවෙ, අලමෙව සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දිතුං, අලං විරජ්ජිතුං, අලං විමුච්චිතුන්ති. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති.
Sinhala BJT“මහණෙනි, අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සංයෝජන ඇති (කාමධාතුයෙහි) පුනපුනා දිවෙන (රූපරූපධාතුයෙහි) හැසිරෙන සත්ත්‍වයන්ගේ මෙ සසර අනවරාග්‍ර (නො දත් කෙළවර ඇති) වෙයි, පූර්ව කෙළවර නො පැනෙයි. මහණෙනි, මෙසේ දිගුකලක් මුළුල්ලෙහි (කායික චෛතසික) දුක් අනුභව කරනලද, කටුක දුක් අනුභව කරනලද, වනස් අනුභව කරන ලද. සොහොන් වඩනලද. මහණෙනි, යම් පමණ සංස්කාරයෝ වෙත් ද, එ හැම සංස්කාරයන්හි උකටලී වන්නට වටනේ මැ යැ, විරක්ත වන්නට නිස්ස, විමුක්ත වන්නට නිස්සැ යි මෙසේත් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ.
Pali BJTකථං සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති: එත්තකා ජාතියො වට්ටං වත්තිස්සති, තතො පරං න වත්තිස්සතීති හෙවං නත්ථි. එවම්පි සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති, එත්තකානි ජාතිසතානි-එත්තකානි ජාතිසහස්සානි-එත්තකානි ජාතිසතසහස්සානි -පෙ- එත්තකා ජාතිකොටියො-එත්තකානි ජාතිකොටිසතානි-එත්තකානි ජාතිකොටිසහස්සානි-එත්තකානි ජාතිකොටි සතසහස්සානි-එත්තකානි වස්සානි-එත්තකානි වස්සසතානි-එත්තකානි වස්සසහස්සානි-එත්තකානි වස්සසතසහස්සානි-එත්තකා වස්සකොටියො-එත්තකානි වස්සකොටිසතානි-එත්තකානි වස්සකොටිසහස්සානි-එත්තකානි වස්සකොටිසතසහස්සානි-එත්තකානි කප්පානි-එත්තකානි කප්පසතානි-එත්තකානි කප්පසහස්සානි-එත්තකානි කප්පසතසහස්සානි-කප්පසහසහස්සානි එත්තකා කප්පකොටියො-එත්තකානි කප්පකොටිසතානි -එත්තකානි කප්පකොටිසහස්සානි-එත්තකානි කප්පකොටිසතසහස්සානි වට්ටං වත්තිස්සති, තතො පරං න වත්තිස්සතීති හෙවං නත්ථි, එවම්පි සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති. එවම්පි සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති පච්ඡිමාපි කොටි න පඤ්ඤායති. මජ්ඣෙව සංසාරෙ සන්තා ඨිතා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘මජ්ඣෙ සරස්මිං තිට්ඨතං.’ ඉච්චායස්මාකප්පො -පෙ-
Sinhala BJTකිසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනේ ද යත්: මෙතෙක් ජාතීන් සසර පවත්නේ යැ, එයින් මතු නො පවත්නේ යැයි මෙසේ නැති. මෙසේත් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙතෙක් ජාතිශතයන් - මෙතෙක් ජාතිසහස්‍රයන් - මෙතෙක් ජාතිශතසහස්‍රයන් - මෙතෙක් ජාතිකෝටීන් - මෙතෙක් ජාතිකෝටිශතයන් - මෙතෙක් ජාතිකෝටිසහස්‍රයන් - මෙතෙක් ජාතිකෝටිශතසහස්‍රයන්, මෙතෙක් වර්‍ෂයන් - මෙතෙක් වර්ෂශතයන් - මෙතෙක් වර්ෂසහස්‍රයන් - මෙතෙක් වර්‍ෂශතසහස්‍රයන් - මෙතෙක් වර්ෂකොටීන් - මෙතෙක් වර්ෂකොටිශතයන් - මෙතෙක් වර්‍ෂ කෝටි සහස්‍රයන් - මෙතෙක් වර්ෂකොටිශතසහස්‍රයන් - මෙතෙක් කල්පයන් - මෙතෙක් කල්පශතයන් - මෙතෙක් කල්පසහස්‍රයන් - මෙතෙක් කල්පශතසහස්‍රයන් - මෙතෙක් කල්පකොටීන් - මෙතෙක් කල්පකොටිශතයන් - මෙතෙක් කල්පකොටිසහස්‍රයන් - මෙතෙක් කල්පකොටිශතසහස්‍රයන් මුළුල්ලෙහි සසර පවත්නේ යැ එයින් මතු නො පවත්නේ යැ යි මෙසේ නැති. මෙසේත් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර ද නො පැනෙයි පශ්චිම කෙළවර ද නො පැනේ. මැද සසරෙහි මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු නුයි “මජ්ඣෙ සරස්මිං තිට්ඨතං” යනු වේ. ඉච්චායස්මා කප්පො: යනු...
Pali BJTඔඝෙ ජාතෙ මහබ්භයෙති: කාමොඝෙ භවොඝෙ දිට්ඨොඝෙ අවිජ්ජොඝො ජාතෙ සංජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙ. මහබ්භයෙති: ජාතිභයෙ ජරාභයෙ ව්යාධිභයෙ මරණභයෙති ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’
Sinhala BJTඔඝෙ ජාතෙ මහබ්භයෙ යනු: කාමෝඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජෝඝය උපන් කල්හි මොනොවට උපන් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි. මහබ්භයෙ යනු: ජාතිභය ඇති ජරාභය ඇති ව්‍යාධිභය ඇති මරණභය ඇති නුයි ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’ යනු වේ.
Pali BJTජරාමච්චුපරෙතානන්ති: ජරාය ඵුට්ඨානං පරෙතානං සමොහිතානං සමන්නාගතානං මච්චුනා ඵුට්ඨානං පරෙතානං සමොහිතානං සමන්නාගතානං ජාතියා අනුගතානං ජරාය අනුසටානං බ්යාධිනා අභිභූතානං මරණෙන අබ්භාගතානං අතාණානං අලෙනානං අසරණානං අසරණීභූතානන්ති ‘ජරාමච්චුපරෙතානං.’
Sinhala BJTජරාමච්චුපරෙතානං යනු: ජරායෙන් පහස්නා ලදුවනට මඩනාලදුවනට යුක්ත වූවනට සමන්‍වාගත වූවනට මරණයෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්ත වූවනට සමන්‍වාගත වූවනට ජාතියෙන් අනුගියවුනට ජරායෙන් ලුහුබඳනා ලදුවනට ව්‍යාධියෙන් මඩනා ලදුවනට මරණයෙන් පහරන ලදුවනට ත්‍රාණ රහිතයනට නිලීනස්ථාන රහිතයනට ශරණ රහිතයනට අශරණීභූතයනට නුයි ‘ජරාමච්චුපරෙතානං’ යනු වේ.
Pali BJTදීපං පබ්රූහි මාරිසාති: දීපං තාණං ලෙණං සරණං ගතිං පරායනං බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. මාරිසාති: පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසා’ති ‘දීපං{1} පබ්රූහි මාරිස.’
Sinhala BJTදීපං පබ්‍රෑහි මාරිස යනු: ප්‍රතිෂ්ඨාව රක්ෂාස්ථානය නිලීනස්ථානය ශරණය ගතිය පිහිට. බ්‍රෑහි - වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පහළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. මාරිස යනු: තෙල මාරිස යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ සගෞරව සප්‍රතිශ්‍රය නාමයෙක් නුයි ‘දීපං පබ්‍රෑහි මාරිස’ යනු වේ.
Pali BJTත්වඤ්ච මෙ දීපමක්ඛාහීති: ‘ත්ව’න්ති: භගවන්තං භණති, දීපමක්ඛාහීති: දීපං තාණං ලෙනං සරණං ගතිං පරායනං අක්ඛාහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති ත්වඤ්ච මෙ දීපමක්ඛාහි’
Sinhala BJTත්‍වං ච මෙ දීපමක්ඛාහි - ‘ත්‍වං’ යි භාග්‍යවතුන් අමතයි. දීපමක්ඛාහි යනු: ප්‍රතිෂ්ඨාව ත්‍රාණය ලෙනය ශරණය ගතිය පිහිට අක්ඛාහි - වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘ත්‍වං ච මෙ දීපමක්ඛාහි’ යනු වේ.
Pali BJTයථයිදං නාපරං සියාති: යථයිදං දුක්ඛං ඉධෙව නිරුජ්ඣෙය්ය, වූපසමෙය්ය අත්ථං ගච්ඡෙය්ය පටිප්පස්සම්භෙය්ය පුන පටිසන්ධි කං දුක්ඛං න නිබ්බත්තෙය්ය, කාමධාතුයා වා රූපධාතුයා වා අරූපධාතුයා වා කාමභවෙ වා රූපභවෙ වා අරූපභවෙ වා සඤ්ඤාභවෙ වා අසඤ්ඤාභවෙ වා නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙ වා එකවොකාරභවෙ වා චතුවොකාරභවෙ වා පඤ්චවොකාරභවෙ වා පුනගතියා වා උප්පත්තියා වා පටිසන්ධියා වා භවෙ වා සංසාරෙ වා වට්ටෙ වා{1} න ජායෙය්ය න සංජායෙය්ය න නිබ්බත්තෙය්ය නාභිනිබ්බත්තෙය්ය ඉධෙව නිරුජ්ඣෙය්ය වූපසමෙය්ය අත්ථංගච්ඡෙය්ය පටිප්පස්සම්භෙය්යාති ‘යථයිදං නාපරං සියා’
Sinhala BJTයථයිදං නාපරං සියා යනු: යම්සේ මෙ දුක මෙ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් ව්‍යුපශමනය වන්නේ නම් අස්තයට යන්නේ නම් සන්හිඳෙන්නේ නම් නැවත පිළිසඳින් වන දුක නූපදනේ නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාමභවයෙහි හෝ රූපභවයෙහි හෝ අරූපභවයෙහි හෝ සංඥාභවයෙහි හෝ අසංඥාභවයෙහි හෝ නෛවසංඥානාසංඥා භවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවොකාරභවයෙහි හෝ නැවත ගතියෙහි හෝ උපතෙහි හෝ පිළිසඳහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තයෙහි හෝ නූපදනේ නම් මොනොවට නූපදනේ නම් නො නිපදනේ නම් වෙසෙසින් නො නිපදනේ නම් මෙ අත් බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් ව්‍යුපශමනය වන්නේ නම් අස්තයට යන්නේ නම් සන්හිඳෙන්නේ නම් නුයි ‘යථයිදං නාපරං සියා’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“මජ්ඣෙ සරස්මිං තිට්ඨතං (ඉච්චායස්මා කප්පො) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූහි මාරිස, ත්වඤ්ච මෙ දීපමක්ඛාහි යථයිදං නාපරං සියා”ති.
Sinhala BJT“මජ්ඣෙ සරස්මිං -පෙ- යථයිදං නාපරං සියා” යී.
Pali BJT10. 2.
Sinhala BJT10. 2.
Pali BJTමජ්ඣෙ සරස්මිං තිට්ඨතං (කප්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ්භයෙ ජරාමච්චුපරෙතානං දීපං පබ්රූමි කප්ප තෙ.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව කප්පය, තොපට කියමි.
Pali BJTමජ්ඣෙ සරස්මිං තිට්ඨන්ති: ‘සරො’ වුච්චති සංසාරො. ආගමනං ගමනං ගමනාගමනං කාලං ගති භවාභවො{2} චුති ච උප්පත්ති ච නිබ්බත්ති ච භෙදො ච ජාති ච ජරා ච මරණඤ්ච. සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති පච්ඡිමාපි කොටි න පඤ්ඤායති -පෙ- මජ්ඣෙව සංසාරෙ සත්තා ඨිතා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තා. කථං සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති -පෙ- එවං සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. කථං සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති -පෙ- එවං සංසාරස්ස පච්ඡිමා කොටි න පඤ්ඤායති. එවං සංසාරස්ස පුරිමා කොටි න පඤ්ඤායති. පච්ඡිමාපි කොටි න පඤ්ඤායති. මජ්ඣෙ ව සංසාරෙ සත්තා ඨිතා පතිට්ඨිතා අල්ලීනා උපගතා අජ්ඣොසිතා අධිමුත්තාති ‘මජ්ඣෙ සරස්මිං තිට්ඨතං’ කප්පාති භගවාති. -පෙ-
Sinhala BJTමජ්ඣෙ සරස්මිං තිට්ඨතං යනු: ‘සරො’ යි සංසාරය කියනු ලැබෙයි: පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම මරණය ගතිය භවයෙන් භවය ච්‍යුතිය ද උපප්‍රාප්තිය ද නිර්‍වෘතිය ද ස්කන්‍ධයන් ගේ භේදය යද ඉපදීම ද දිරීම ද මරණය දැ යි සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනෙයි. මැද සසර මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු වෙත්. කිසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ ද යත්: ... මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. කිසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනේ ද යත් ... මෙසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනේ. මැද සසර මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළැඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු නුයි “මජ්ඣෙ සරස්මිං තිට්ඨතං” යනු වේ. කප්පාති භගවා යනු...
Pali BJTඔඝෙ ජාතෙ මහබ්භයෙති: කාමොඝෙ භවොඝෙ දිට්ඨොඝො අවිජ්ජොඝෙ ජාතෙ සංජාතෙ නිබ්බත්තෙ අභිනිබ්බත්තෙ පාතුභූතෙ. මහබ්භයෙති: ජාතිභයෙ ජරාභයෙ ව්යාධිභයෙ මරණභයෙති ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’
Sinhala BJTඔඝෙ ජාතෙ මහබ්භයෙ යනු: කාමෝඝය භවෝඝය දිට්ඨෝඝය අවිජ්ජෝඝය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි. මහබ්භයෙ යනු: ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය ඇති කල්හි නුයි ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’ යනු වේ.
Pali BJTජරාමච්චු පරෙතානන්ති: ජරාය ඵුට්ඨානං පරෙතානං සමොහිතානං සමන්නාගතානං මච්චුනා ඵුට්ඨානං පරෙතානං සමොහිතානං සමන්නාගතානං ජාතියා අනුගතානං ජරාය අනුසටානං බ්යාධිනා අභිභූතානං මරණෙන අබ්භාහතානං අතාණානං අලෙනානං අසරණානං අසරණීභූතානන්ති ‘ජරාමච්චුපරෙතානං’
Sinhala BJTජරාමච්චු පරෙතානං යනු: ජරායෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්තයනට සමන්වාගතයනට මරණයෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්තයනට සමන්වාගතයනට ජාතියෙන් අනුගියවුනට ජරාව විසින් ලුහුබඳනා ලදුවනට ව්‍යාධියෙන් මඩනා ලදුවනට මරණයෙන් පහරන ලදුවනට රක්‍ෂාස්ථාන රහිතයනට නිලීනස්ථාන රහිතයනට අශරණයනට අශරණීභූතයනට නුයි ‘ජරාමච්චු පරෙතානං යනු වේ.
Pali BJTදීපං පබ්රූමි කප්ප තෙති: දීපං තාණං ලෙනං සරණං ගතිං පරායනං බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘දීපං පබ්රූමි කප්ප තෙ’
Sinhala BJTදීපං පබ්‍රෑමි කප්ප තෙ යනු: ප්‍රතිෂ්ඨාව රක්ෂාස්ථානය නිලීනස්ථානය ශරණය ගතිය පිහිට බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවරණය කෙරෙමි විභාග කෙරෙමි පාළ කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි “දීපං පබ්‍රෑමි කප්ප තෙ” යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“මජ්ඣෙ සරස්මිං තිට්ඨිතං (කප්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ්භයෙ, ජරාමච්චුපරෙතානං දීපං පබ්රූමි කප්ප තෙ”ති.
Sinhala BJT“මජ්ඣෙ සරස්මිං -පෙ- දීපං පබ්‍රෑමි කප්ප තෙ” යී.
Pali BJT10. 3.
Sinhala BJT10. 3.
Pali BJTඅකිඤ්චනං අනාදානං-එතං දීපං අනාපරං නිබ්බානං ඉති නං බ්රූමි-ජරාමච්චුපරික්ඛයං.
Sinhala BJTඅපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන- (පලිබොධ) රහිත යැ ආදාන (තෘෂ්ණා) රහිත යැ ජරාමරණ ව්‍යුපශමය වූ එය ‘නිවනැ’යි කියමි.
Pali BJTඅකිඤ්චනං අනාදානන්ති: ‘කිඤ්චන’න්ති: රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං කිඤ්චනප්පහානං කිඤ්චනවූපසමො{1} කිඤ්චනපටිනිස්සග්ගො{2} කිඤ්චනපටිප්පස්සද්ධි{3} අමතං නිබ්බානන්ති අකිඤ්චනං. අනාදානන්ති: ‘ආදානං වුච්චති තණ්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං ආදානප්පහානං ආදානවූපසමො ආදානපටිනිස්සග්ගො ආදානපටිප්පස්සද්ධි අමතං නිබ්බානන්ති “අකිඤ්චනං අනාදානං”
Sinhala BJTඅකිඤ්චනං අනාදානං- ‘කිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහකිඤ්චන යැ මානකිඤ්චන යැ දෘෂ්ටිකිඤ්චන යැ ක්ලෙශකිඤ්චන යැ දුශ්චරිතකිඤ්චන යි. කිඤ්චනප්‍රහාණය කිඤ්චනව්‍යූපශමය කිඤ්චන දුරැලීම කිඤ්චන සන්හිඳීම අමාමහනිවන නුයි ‘අකිඤ්චන’ නම් වෙයි. අනාදානං යනු ‘ආදාන’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. ආදානප්‍රහාණය ආදාන ව්‍යුපශමය ආදාන දුරැලීම ආදාන සන්හිඳීම අමාමහ නිවන නුයි ‘අකිඤ්චනං අනාදානං’ යනු වේ.
Pali BJTඑතං දීපං අනාපරන්ති: එතං දීපං තාණං ලෙනං සරණං ගති පරායනං. අනාපරන්ති: තම්හා පරො අඤ්ඤො දීපො නත්ථි, අථ ඛො සො යෙව{1} දීපො අග්ගො ච සෙට්ඨො ච විසෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො චාති ‘එතං දීපං අනාපරං’.
Sinhala BJTඑතං දීපං අනාපරං යනු: තෙල ප්‍රතිෂ්ඨා යැ රක්‍ෂාස්ථාන යැ නිලීනස්ථාන යැ ශරණ යැ ගති යැ පිහිට යි. අනාපරං යනු: එයින් මතු අන්‍ය ප්‍රතිෂ්ඨායෙක් නැති. වැළිත් එ මැ අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් අතිශයින් ශ්‍රේෂ්ඨ වූත් ප්‍රමුඛ වූත් උත්තම වූත් ප්‍රවර වූත් ප්‍රතිෂ්ඨා වේ නුයි ‘එතං දීපං අනාපරං’ යනු වේ.
Pali BJTනිබ්බානං ඉති නං බ්රූමීති: ‘වානං’ වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “ වානප්පහානං වානවූපසමො වානපටිනිස්සග්ගො වානපටිප්පස්සද්ධි{2} අමතං නිබ්බානං. ඉතීති: පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතා පෙතං{3} ඉතීති: බ්රූමීති බ්රූමි ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි පකාසෙමීති ‘නිබ්බානං ඉති නං බ්රූමි. ‘
Sinhala BJTනිබ්බානං ඉති නං බ්‍රෑමි- ‘වාන’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. වානප්‍රහාණය වානව්‍යුපශමය වාන දුරැලීම වාන සන්හිඳීම, අමාමහනිවන ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණභාව යැ- අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉති’ යනු පදයන්ගේ අනුපූර්වතා ද වෙයි. බ්‍රෑමි යනු: බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවරණය කෙරෙමි විභාග කෙරෙමි පාළ කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘නිබ්බානං ඉති නං බ්‍රෑමි’ යනු වේ.
Pali BJTජරාමච්චු පරික්ඛයන්ති: ජරාමරණස්ස පහානං වූපසමො පටිනිස්සග්ගො පටිප්පස්සද්ධි අමතං නිබ්බානන්ති ‘ජරාමච්චුපරික්ඛයං’
Sinhala BJTජරාමච්චු පරික්ඛයං යනු: ජරාමරණයාගේ ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම සන්හිඳීම අමාමහනිවන නුයි ‘ජරාමච්චු පරික්ඛයං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“අකිඤ්චනං අනාදානං, එතං දීපං අනාපරං නිබ්බානං ඉති නං බ්රූමි ජරාමච්චුපරික්ඛය”න්ති
Sinhala BJT“අකිඤ්චනං අනාදානං -පෙ- ජරාමච්චු පරික්ඛයං” යී.
Pali BJT10. 4.
Sinhala BJT10. 4.
Pali BJTඑතදඤ්ඤාය{5} යෙ සතා-දිට්ඨධම්මාභිනිබ්බුතා න තෙ මාරවසානුගා-න තෙ මාරස්ස පද්ධගූ.{6}
Sinhala BJTස්මෘතිමත් වූ දක්නා ලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියාහු වෙත් ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිචාරකයෝ) නො වෙත්.
Pali BJTඑතදඤ්ඤාය යෙ සතාති: ‘එත’න්ති: අමතං නිබ්බානං “යො සො සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. “අඤ්ඤායාති: අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති -පෙ- ‘යං කිඤ්චි සමුයදධම්මං සබ්බං තං නිරොධධම්මන්ති අඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. යෙති අරහන්තො ඛීණාසවා සතාති: චතූහි කාරණෙහි සතා: කායෙ කායානුපස්සනාසතිපට්ඨානං භාවිතත්තා සතා -පෙ- තෙ වුච්චන්ති ‘සතා’ති ‘එතදඤ්ඤාය යෙ සතා.’
Sinhala BJTඑතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහනිවන යි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිවීමෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ... යම්කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ. සතා යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූවාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය භාවිත බැවින් ස්මෘතිමත් වූවාහු ... ඔහු ‘සතා’යි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.
Pali BJTදිට්ඨධම්මාභිනිබ්බුතාති: ‘දිට්ඨධම්මා’ති: දිට්ඨධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා. අභිනිබ්බුතාති: රාගස්ස{1} නිබ්බාපිතත්තා නිබ්බුතා, දොසස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තා උපසන්තා වූපසන්තා නිබ්බුතා පටිප්පස්සද්ධාති ‘දිට්ඨධම්මාභිනිබ්බුතා.’
Sinhala BJTදිට්ඨධම්මාභිනිබ්බුතා - ‘දිට්ඨධම්මා’ යනු දක්නාලද දහම් ඇතියාහු දන්නා ලද දහම් ඇතියාහු තුලනය කළ දහම් ඇතියාහු තීරණය කළ දහම් ඇතියාහු පාළ කළ දහම් ඇතියාහු විභාවන කළ දහම් ඇතියාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවනලද බැවින් නිවියාහු ද්වේෂය... හැම අකුශලසංස්කාරයන් සන්හුන් වන බැවින් සන්හිඳුවන ලද බැවින් ව්‍යුපශමනය කරන ලද බැවින් නිවනලද බැවින් නිර්‍වෘත බැවින් පහවූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්ත උපශාන්ත ව්‍යුපශාන්ත නිර්‍වෘත ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූවාහු නුයි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.
Pali BJTන තෙ මාරවසානුගතාති: ‘මාරො’ති: “යො සො මාරො කණ්හො අධිපති අන්තගූ නමුචි පමත්තබන්ධු. න තෙ මාරවසානුගතාති: න තෙ මාරස්ස වසෙ වත්තන්ති, නපි මාරො තෙසු වසං වත්තෙති තෙ මාරං ච මාරපක්ඛං ච මාරපාසං ච මාරබලිසං ච මාරාමිසං ච මාරවිසයං ච මාරනිවාපං ච{2} මාරගොචරං ච මාරබන්ධනං ච අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්තීති ‘න තෙ මාරවසානුගා.’
Sinhala BJTන තෙ මාරවසානුගා - ‘මාරො’ යනු: යම් (මහජනයා අනර්‍ත්‍ථයෙහි යොදා මරන) මාරයෙක් (අකුශලකර්මයෙහි නියුක්ත බැවින්) තෘෂ්ණායෙක් (කාමාවචරයට අධිපති බැවින්, අධිපතියෙක් (මරණයට පමුණුවන) අන්තකයෙක් (පාපජනයා නො මුදන) නමුචියෙක් (ප්‍රමත්තයනට ඥාති වූ) ප්‍රමත්තබන්ධුයෙක් වේ ද හේ යැ. න තෙ මාරවසානුගා යනු: ඔහු මාරයාගේ වශයෙහි නො පවතිත්. මාර තෙම ඔවුන් කෙරෙහි අධිපතිභාවය නො පවත්වයි: ඔහු මරහු ද මාරපක්ෂය ද මාරපාශය ද මාරබිලිය ද මාරාමිෂය ද මාරවිෂය ද මාරනිවාපය (ගොදුර) ද මාරගොචරය ද මාරබන්‍ධනය ද මැඩ අභිභවනය කොට වතුරුවාගෙන හාත්පසින් මැඩගෙන මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘න තෙ මාරවසානුගා’ යනු වේ.
Pali BJTන තෙ මාරස්ස පද්ධගූති:{3} න තෙ මාරස්ස පද්ධා පද්ධචරා{4} පරිචාරිකා සිස්සා{5} බුද්ධස්ස තෙ භගවතො පද්ධා පද්ධචරා{6} පරිචාරිකා සිස්සාති ‘න තෙ මාරස්ස පද්ධගූති.
Sinhala BJTන තෙ මාරස්ස පද්ධගූ යනු: ඔහු මාරයාගේ කොටසෙහි වූවාහු පක්‍ෂයෙහි හැසිරෙන්නාහු සෙවක වූවාහු ශිෂ්‍ය වූවාහු නො වෙති. ඔහු භාග්‍යවත් බුදුන්ගේ කොටසෙහි වූවාහු පක්‍ෂයෙහි හැසිරෙන්නාහු සෙවක වූවාහු ශිෂ්‍ය වූවාහු වෙත් නුයි ‘න තෙ මාරස්ස පද්ධගූ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“එතදඤ්ඤාය යෙ සතා දිට්ඨධම්මාභිනිබ්බුතා, න තෙ මාරවසානුගා න තෙ මාරස්ස පද්ධගූති.
Sinhala BJT“එතදඤ්ඤාය යෙ සතා -පෙ- න තෙ මාරස්ස පද්ධගූ” යී.
Pali BJTසහ ගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.
Pali BJTකප්ප සුත්තනිද්දෙසො සමත්තො.
Sinhala BJTකප්ප සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT11. ජතුකණ්ණී සුත්තනිද්දෙසො.
Sinhala BJT11. ජතුකණ්ණි සූත්‍ර නිර්‍දෙශය
Pali BJT11. 1.
Sinhala BJT11. 1.
Pali BJTසුත්වානහං වීර අකාමකාමිං (ඉච්චායස්මා ජතුකණ්ණී) ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං, සන්තිපදං බ්රූහි සහාජනෙත්ත{1} යථාතච්ඡං භගවා බ්රූහි මෙතං,
Sinhala BJT(ආයුෂ්මත් ජතුකණ්ණිමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනකු යැ යි අසා නිෂ්කාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්‍ෂුස ඇතියාණෙනි, ශාන්තිය හා ශාන්තිපදය (නිවන්) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි.
Pali BJTසුත්වානහං වීර අකාමකාමින්ති: ‘සුත්වා’ති: සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරෙත්වා උපලක්ඛයිත්වා ‘ඉතිපි සො භගවා අරහං -පෙ- බුද්ධො භගවා’ති ‘සුත්වානහං. වීරාති: වීරො භගවා, විරියවාති වීරො, පහූති වීරො{2} විසවීති වීරො{3} අලමත්තොති{4} වීරො, සූරොති වීරො, වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී පහීනභයභෙරවො විගතලොමහංසොති වීරො.
Sinhala BJTසුත්‍වානහං වීර අකාමකාමිං - ‘සුත්‍වා’ යනු: ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ... බුද්ධයහ භාග්‍යවත්හ’ යි අසා අසාගෙන ඉගෙන විමසා සලකා නුයි ‘සුත්වානහං’ යනු වේ. වීර යනු: බුදුහු වීරයහ: වීර්‍ය්‍යවත් නුයි වීරයහ, ප්‍රභූ නු යි වීරයහ, (පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවන හෙයින් විසවි නුයි වීරයහ, සමර්‍ත්‍ථ සිත් ඇත්තාහු නුයි වීරයහ, ශූර නුයි වීරයහ, වික්‍රම ඇතියහ නො බානසුල්ලහ නො තැතිගන්නා සුල්ලහ උත්‍රාස රහිතයහ නො පලායනසුල්ලහ ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇතියහ පහවූ ලොමුදැහගැනුම් ඇත්තාහු නුයි වීරයහ.
Pali BJT1. “විරතො ඉධ සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච විරියවා සො, සො විරියවා පධානවා වීරො තාදී පවුච්චතෙ තථත්තා”ති.{a}
Sinhala BJT1. මෙ ලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්ම සිටි වීර්‍ය්‍යයට නිවාස වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ නුයි.
Pali BJTසුත්වානහං වීර.
Sinhala BJT‘සුත්වානහං වීර’ යනු වේ.
Pali BJTඅකාමකාමින්ති: ‘කාමා’ති: උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. බුද්ධස්ස භගවතො වත්ථුකාමා පරිඤ්ඤාතා කිලෙසකාමා පහීනා, වත්ථුකාමානං පරිඤ්ඤාතත්තා කිලෙසකාමානං පහීනත්තා භගවා න කාමෙ කාමෙති, න කාමෙ පත්ථෙති, න කාමෙ පිහෙති, න කාමෙ අභිජප්පති, යෙ කාමෙ කාමෙන්ති කාමෙ පත්ථෙන්ති, කාමෙ පිහෙන්ති, කාමෙ අභිජප්පන්ති, තෙ කාමකාමිනො රාගරාගිනො සඤ්ඤාසඤ්ඤිනො, භගවා න කාමෙ කාමෙති, න කාමෙ පත්ථෙති, න කාමෙ පිහෙති, න කාමෙ අභිජප්පති, තස්මා බුද්ධො අකාමො නික්කාමො චත්තකාමො වන්තකාමො මුත්තකාමො පහීනකාමො පටිනිස්සට්ඨකාමො වීතරාගො විගතරාගො චත්තරාගො වන්තරාගො මුත්තරාගො පහීනරාගො පටිනිස්සට්ඨරාගො නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතීති ‘සුත්වානහං වීර අකාමකාමිං’. ඉච්චායස්මා ජතුකණ්ණීති: ඉච්චාති: පදසන්ධි -පෙ- ‘පදානුපුබ්බාපෙතං ඉච්චාති’. ආයස්මාති: පියවචනං -පෙ- සප්පතිස්සාධිවචනමෙතං ආයස්මා ති. ජතුකණ්ණීති: තස්ස බ්රාහ්මණස්ස ගොත්තං සඞ්ඛා සමඤ්ඤා පඤ්ඤත්ති වොහාරොති ‘ඉච්චායස්මා ජතුකණ්ණී’.
Sinhala BJTඅකාමකාමිං - ‘කාමං’ යනු: විස්තර විසින් කාම දෙකෙකි: වස්තුකාම ද ක්ලේශකාම දැ යි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භාග්‍යවත් බුදුන් විසින් වස්තුකාමයෝ පිරිසිඳ දන්නා ලදහ. ක්ලේශකාමයෝ ප්‍රහාණය කරන ලදහ. වස්තුකාමයන් පිරිසිඳ දන්නාලද බැවින් ක්ලේශ කාමයන් ප්‍රහීණ වන බැවින් බුදුහු කාමයන් නො කැමැති වෙති. කාමයන් නො පතති. කාමයන් ඊප්සා නො කෙරෙති. කාමයන් අභිජල්පනය නො කෙරෙත්. යම් කෙනෙක් කාමයන් කැමැති වෙත් ද කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කාමයන් ඊප්සා කෙරෙත් ද කාමයන් අභිජල්පනය කෙරෙත් ද ඔහු කාමකාමීහු යැ රාගරක්තයෝ යැ රාගසංඥායෙන් සංඥාවත්හ. බුදුහු කාමයන් නො කැමැති වෙති කාමයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති කාමයන් ඊප්සා නො කෙරෙති කාමයන් අභිජල්පනය නො කෙරෙත්. එහෙයින් බුදුහු අකාමයහ නිෂ්කාමයහ ත්‍යක්තකාමයහ වාන්තකාමයහ මුක්තකාමයහ ප්‍රහීණකාමයහ ප්‍රතිනිඍෂ්ට (දුරු කළ) කාමයහ වීතරාගයහ විගතරාගයහ ත්‍යක්තරාගයහ වාන්ත (වමාළ) රාගයහ මුක්තරාගයහ ප්‍රහීණරාගයහ ප්‍රතිනිඍෂ්ටරාගයහ තෘෂ්ණාරහිතයහ නිවියහ සිහිල් වූහ. (කායිකචෛතසික සුවවිඳුනාසුල්ලහ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි ‘සුත්වානහං වීර අකාමකාමීං’ යනු වේ. ඉච්චායස්මා ජතුකණ්ණි - ‘ඉච්ච’ යනු: පදසන්ධි යැ... තෙල ‘ඉච්ච’ යනු පදානුපූර්‍වතා යැ. ආයස්මා යනු: ප්‍රියවචන යැ... තෙල ‘ආයස්මා’ යනු සප්‍රතිශ්‍රය නාමයෙකි. ජතුකණ්ණි යනු: එ බමුණුගේ ගෝත්‍ර යැ සඞ්ඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ යි ‘ඉච්චායස්මා ජතුකණ්ණි’ යනු වේ.
Pali BJTඔඝාතිගං පුට්ඨුමකාමමාගමන්ති: ‘ඔඝාතිග’න්ති: ඔඝාතිගං ඔඝං අතික්කන්තං සමතික්කන්තං වීතිවත්තන්ති ‘ඔඝාතිගං’. පුට්ඨුන්ති: පුට්ඨුං පුච්ඡිතුං යාචිතුං අජ්ඣෙසිතුං පසාදෙතුං. අකාමමාගමන්ති: අකාමං පුට්ඨුං නික්කාමං{1} චත්තකාමං වන්තකාමං මුත්තකාමං පහීනකාමං පටිනිස්සට්ඨකාමං වීතරාගං විගතරාගං චත්තරාගං වන්තරාගං මුත්තරාගං පහීනරාගං පටිනිස්සට්ඨරාගං ආගම්හා ආගතම්හා උපාගතම්හා සම්පත්තම්හා තයා සද්ධිං සමාගතම්හාති ‘ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං.’
Sinhala BJTඔඝාතිගං පුට්ඨුමකාමමාගමං - ‘ඔඝාතිගං’ යනු: ඕඝයන් ඉක්ම ගිය ඕඝයන් අතික්‍රමණය කළ ඕඝයන් සමතික්‍රමණය කළ ඕඝයන් ඉක්මසිටියවුනැ’යි ‘ඔඝාතිගං’ යනු වේ. පුට්ඨුං යනු: පුළුවුස්නට විචාරන්නට අයදනට අධ්‍යෙෂණ කරන්නට පහදවන්නට. අකාමමාගමං යනු: කාම නැති මුඹ වහන්සේ පුළුවුස්නට කාම රහිත වූ හැරදැමූ කාම ඇති වමාළ කාම ඇති මුදාහළ කාම ඇති ප්‍රහාණය කළ කාම ඇති දුරැලූ කාම ඇති පහවූ රාග ඇති කසවූ රාග ඇති හැරදැමූ රාග ඇති වමාළ රාග ඇති මුදාළ රාග ඇති ප්‍රහීණ රාග ඇති දුරු කළ රාග ඇති මුඹ වහන්සේ පුළුවුස්නට ආම්හ ආවම්හ එළැඹියම්හ සැපැමිණියම්හ මුඹ වහන්සේ හා සමග එක්වූම්හ නුයි ‘ඔඝාතිගං පුට්ඨුකාමමාගමං’ යනු වේ.
Pali BJTසන්තිපදං බ්රූහි සහාජනෙත්තා{2}ති: ‘සන්තී’ති: එකෙන ආකාරෙන සන්තිපි සන්තිපදම්පි තමෙව අමතං නිබ්බානං, යො සො සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං.
Sinhala BJTසන්තිපදං බ්‍රෑහි සහාජනෙත්තො - ‘සන්ති’ යනු: එක් අයුරෙකින් ශාන්තිය ද ශාන්තිපදය ද එ මැ අමාමහ නිවන යි. යම් හැම සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් හැම උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි.
Pali BJTවුත්තං හෙතං භගවතා:
Sinhala BJTතෙල වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්:
Pali BJTසන්තමෙතං පදං, පණීතමෙතං පදං, යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති. අථාපරෙනාකාරෙන යෙ ධම්මා සන්තාධිගමාය සන්තිඵුසනාය සන්ති සච්ඡිකිරියාය සංවත්තන්ති, සෙය්යථීදං: චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්තබොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, ඉමෙ වුච්චන්ති සන්තිපදං තාණපදං ලෙනපදං සරණපදං අභයපදං අච්චුතපදං අමතපදං නිබ්බානපදං බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. සහාජනෙත්තාති: ‘නෙත්තං’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං, බුද්ධස්ස භගවතො නෙත්තං ච ජිනභාවො ච බොධියා මූලෙ අපුබ්බං අචරිමං එකස්මිං ඛණෙ උප්පන්නො, තස්මා බුද්ධො සහාජනෙත්තොති ‘සන්තිපදං බ්රූහි සහාජනෙත්ත.’
Sinhala BJT“යම් සියලු සංස්කාරයන් ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේද තෙල නිර්‍වාණපදය ශාන්ත යැ තෙල නිර්‍වාණපදය ප්‍රණීත යි.” තවද අන් අයුරෙකින් (සතිපට්ඨානාදි) යම් ධර්‍ම කෙනෙක් නිර්‍වාණ ප්‍රතිවේධය පිණිස නිර්වාණස්පර්ශය පිණිස නිවන් පසක් කරනු පිණිස පවතිත් ද, හේ කෙසේ යැ යත්: සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක් ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි මොහු ‘ශාන්තිපදයෝ’ යි කියනු ලැබෙත්. ශාන්තිපදය ත්‍රාණපදය ලෙනපදය ශරණපදය අභයපදය අච්‍යුතපදය අමෘතපදය නිර්‍වාණපදය බ්‍රෑහි - වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව තැබුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවි. සහාජනෙත්ත - ‘නෙත්ත’යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. භාග්‍යවත් බුදුන්ගේ නෙත්‍රයත් ජිනභාවයත් බෝමුල්හි දී පෙරපසු නො වැ එක්වට උපන. එයින් බුදුහු ‘සහජනෙත්‍ර’ නුයි ‘සන්තිපදං බ්‍රෑහි සහාජනෙත්ත’ යනු වේ.
Pali BJTයථාතච්ඡං භගවා බ්රූහි මෙතන්ති: යථාතච්ඡං වුච්චති අමතං නිබ්බානං -පෙ- නිරොධො නිබ්බානං, භගවාති: ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවා’ති. බ්රූහි මෙතන්ති: බ්රූහි ආචික්ඛාහි -පෙ- පකාසෙහීති ‘යථාතච්ඡං භගවා බ්රූහි මෙතං. ‘
Sinhala BJTයථාතච්ඡං භගවා බ්‍රෑහිමෙතං - ‘යථාතච්ඡං’ යි අමාමහනිවන කියනු ලැබෙයි... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. භගවා යනු: තෙල ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු: අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙතං යනු: බ්‍රෑහි - වදාළ මැනැව... ප්‍රකාශ කළ මැනැව නුයි ‘යථාතච්ඡං භගවා බ්‍රෑහි මෙතං’ යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“සුත්වානහං වීර අකාමකාමිං (ඉච්චායස්මා ජතුකණ්ණී) ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං, සන්තිපදං බ්රූහි සහාජනෙත්ත යථාතච්ඡං භගවා බ්රූහි මෙත”න්ති.
Sinhala BJT“සුත්වානහං වීර ... යථාතච්ඡං භගවා බ්‍රෑහි මෙතං” යි.
Pali BJT11. 2.
Sinhala BJT11. 2.
Pali BJTභගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජි තෙජසා, පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ,{1} ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
Sinhala BJTයම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඩලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්‍රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනැව.
Pali BJTභගවා හි කාමෙ අභිභුය්ය ඉරීයතීති: ‘භගවා’ති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති. කාමාති: උද්දානතො{2} ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. භගවා වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා{3} චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති.’
Sinhala BJTභගවා හි කාමෙ අභිභූය්‍ය ඉරීයති- ‘භගවා’ යනු: ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්ති යැ. කාමා යනු: විස්තර විසින් වස්තුකාම ද ක්ලේශකාම දැ යි කාම දෙකෙකි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. බුදුහු වස්තු කාමයන් පිරිසිඳ දැන ක්ලේශකාමයන් දුරු කොට මැඩ මැඩලා ගෙවා මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘භගවා හි කාමෙ අභිභූය්‍ය ඉරීයති’ යනු වේ.
Pali BJTආදිච්චොව පඨවිං තෙජි තෙජසාතී: ‘ආදිච්චො’ වුච්චති සුරියො, පඨවී වුච්චති ජගති, යථා සුරියො තෙජී{4} තෙජෙන සමන්නාගතො පඨවිං අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා සන්තාපයිත්වා සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච අන්ධකාරං විධමෙත්වා ආලොකං දස්සයිත්වා ආකාසෙ අන්තලික්ඛෙ ගගනපථෙ{5} වෙගෙන ගච්ඡති එවමෙව භගවා ඤාණතෙජී{6} ඤාණතෙජෙන සමන්නාගතො සබ්බං අභිසංඛාරසමුදයං -පෙ- කිලෙසතමං අවිජ්ජන්ධකාරං විධමිත්වා ඤාණාලොකං දස්සෙත්වා වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා චරති විහරති ඉරීයති වත්තෙති{7} පාලෙති යපෙති යාපෙතීති ආදිච්චොව පඨවිං තෙජී තෙජසා.
Sinhala BJTආදිච්චොව පඨවිං තෙජි තෙජසා - ‘ආදිච්ච’ යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. ‘පඨවී’ යි පොළොව කියනු ලැබෙයි. යම්සේ තේජස් ඇති සූර්‍ය්‍ය තෙම තේජසින් සමන්‍වාගත වූයේ පොළොව මැඩ අභිභවනය කොට යට කොට ගෙන හාත්පසින් මැඩගෙන තවා ආකාශගත වූ සියලු තමස නසා අන්‍ධකාරය විධමනය කොට ආලොකය දක්වා අහස්හි අන්තරීක්‍ෂයෙහි ගුවන්මඟ වේගයෙන් යේ ද එසෙයින් මැ බුදුහු ඥානතෙජස් ඇත්තාහු ඥාන තේජසින් සමන්‍වාගත වූවාහු හැම අභිසංස්කාර සමුදය ... කෙලෙස් තමස අවිද්‍යාන්‍ධකාරය විධමනය කොට ඥානාලෝකය දක්වා වස්තු කාමයන් පිරිසිඳ දැන ක්ලේශකාමයන් දුරු කොට මැඩ අභිභවනය කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘ආදිච්චොව පඨවිං තෙජි තෙජසා’ යනු වේ.
Pali BJTපරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤාති: අහමස්මි පරිත්තපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො{8}, ත්වම්පි මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො{9} ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො. භූරී වුච්චති පඨවී, භගවා තාය පඨවියා සමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතොති පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ.
Sinhala BJTපරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ යනු: මම් මඳ නුවණ ඇතියෙමි පහත් නුවණ ඇතියෙමි ලාමක ප්‍රඥා ඇතියෙමි බොළඳ නැණ ඇතියෙමි, මුඹ වහන්සේ වැළිත් මහනුවණ ඇතියව්හු පුළුල්නුවණ ඇතියව්හු වහා වැටහෙන නුවණ ඇතියව්හු දිවෙන නුවණ ඇතියව්හු තියුණු නුවණ ඇතියව්හු විනිවිද දක්නා නුවණ ඇතියව්හු යැ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතහ’යි ‘පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ’ යනු වේ.
Pali BJTආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤන්ති: ‘ධම්මන්ති’: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චත්තාරො සතිපට්ඨානෙ -පෙ- නිබ්බාන නිබ්බාඤ්චානගාමිනිඤ්ච පටිපදං ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති. යමහං විජඤ්ඤන්ති: යමහං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිජානෙය්යං පටිවිජ්ඣෙය්යං අධිගච්ඡෙය්යං පස්සෙය්යං සච්ඡිකරෙය්යන්ති ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං.
Sinhala BJTආචික්‍ඛ ධම්මං යමහං විජඤ්ඤං - ‘ධම්මං’ යනු: ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ අවසානයෙහි කල්‍යාණ වූ (අර්ත්ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථ වූ (බ්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ සියල්ල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ද සතර සතිපට්ඨානයන් ද ... නිර්‍වාණය ද නිර්වාණගාමීප්‍රතිපදාව ද වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් ප්‍රකර්‍ෂයෙන් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් දක්නෙම් නම් ප්‍රත්‍යක්‍ෂ කරන්නෙම් නම් නුයි “ආචික්‍ඛ ධම්මං යමහං විජඤ්ඤං” යනු වේ.
Pali BJTජාති ජරාය ඉධ විප්පහානන්ති-ඉධෙව ජාති ජරාය මරණස්ස පහානං වූපසමං පටිනිස්සග්ගං පටිපස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘ජාති ජරාය ඉධ විප්පහානං’.
Sinhala BJTජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාවගේ මරණයා ගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි “ජාතිජරාය ඉධ විප්පහානං” යනු වේ.
Pali BJTතෙනාහ සො බ්රාහ්මණො:
Sinhala BJTඑයින් කී යැ එ බමුණු:
Pali BJT“භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජී තෙජසා පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහාන”න්ති.
Sinhala BJT“භගවා හි කාමෙ -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.
Pali BJT11. 3.
Sinhala BJT11. 3.
Pali BJTකාමෙසු විනය ගෙධං (ජතුකණ්ණීති භගවා) නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, උග්ගහිතං නිරත්තං වා මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං.
Sinhala BJT(බුදුහු මෙසේ වදාළහ: ජතුකණ්ණි මාණවකය,) නෛෂ්ක්‍රම්‍යය ක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණා දෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළ යුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
Pali BJTකාමෙසු විනය ගෙධන්ති: ‘කාමා’ති: උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. ’ගෙධො වුච්චති තණ්හා යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. කාමෙසු විනය ගෙධන්ති: කාමෙසු ගෙධං විනය{1} පටිවිනය පජහ{2} විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති කාමෙසු විනය ගෙධං. ජතුකණ්ණීති භගවාති: තං බ්රාහ්මණං ගොත්තෙන ආලපති. භගවාති: ගාරවාධිවචනමෙතං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති ‘ජතුකණ්ණීති භගවා.’
Sinhala BJTකාමෙසු විනය ගෙධං - ‘කාමා’ යනු: විස්තර විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘ගේධ’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කාමෙසු විනය ගෙධං යනු: කාමයෙහි තෘෂ්ණාව දුරු කරව වෙසෙසින් දුරු කරව හැර පියව විනෝදනය කරව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව යි ‘කාමෙසු විනය ගෙධං’ යනු වේ. ජතුකණ්ණීති භගවා - ‘ජතුකණ්ණි’ යනු: බුදුහු එ බමුණු ගෝත්‍රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවා’ යනු අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘ජතුකණ්ණී’ ති භගවා’ යනු වේ.
Pali BJTනෙක්ඛම්මං දට්ඨු ඛෙමතොති: ‘නෙක්ඛම්මන්ති’: සම්මා පටිපදං අනුලොමපටිපදං අපච්චනීකපටිපදං අන්වත්ථපටිපදං ධම්මානුධම්මපටිපදං සීලෙසු පරිපූරකාරිතං ඉන්ද්රියෙසු ගුත්තද්වාරතං භොජනෙ මත්තඤ්ඤුතං ජාගරියානුයොගං සතිසම්පජඤ්ඤං චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්තබොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං නිබ්බානඤ්ච නිබ්බානගාමිනිඤ්ච පටිපදං ඛෙමතො තාණතො ලෙනතො සරණතො අභයතො අච්චුතතො අමතතො නිබ්බානතො දට්ඨුං පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො.’
Sinhala BJTනෙක්‍ඛම්මං දට්ඨු ඛෙමතො- ‘නෙක්ඛම්මං’ යනු: සම්‍යක් ප්‍රතිපදාව අනුලෝම ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව අන්වර්ත්ථ ප්‍රතිපදාව ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාව ශීලයන්හි සපුරා කරන බව ඉන්‍ද්‍රියයන්හි පියන ලද දොර ඇති බව වැළඳීමෙහි පමණ දන්නා බව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘති සම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්චබලයන් සප්තබෝධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමී ප්‍රතිපදාව ද ක්‍ෂේම හෙයින් ත්‍රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්‍යුත හෙයින් අමෘත හෙයින් නිර්‍වාණ හෙයින්, දට්ඨුං - දැක තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො’ යනු වේ.
Pali BJTඋග්ගහිතං නිරත්තං වාති: ‘උග්ගභිත’න්ති: තණ්හාවසෙන දිට්ඨිවසෙන ගහිතං පරාමට්ඨං අභිනිවිට්ඨං අජ්ඣොසිතං අධිමුත්තං. නිරත්තං වාති: නිරස්සිතබ්බං{1} මුඤ්චිතබ්බං පජහිතබ්බං{2} විනොදෙතබ්බං{3} බ්යන්තිකාතබ්බං අනභාවං ගමෙතබ්බන්ති උග්ගහිතං නිරත්තංවා.
Sinhala BJTඋග්ගහිතං නිරත්තං වා - ‘උග්ගහිතං’ යනු: තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නා ලද පරාමර්‍ශනය කරන ලද ඇතුළත පිවිසුණු ගිලගන්නා ලද අධිමුක්ත වූ, නිරත්තං වා යනු දුරු කළ යුතු මුදා හළ යුතු පරිත්‍යාග කළ යුතු විනෝදනය කළ (දැමිය) යුතු විගතාන්ත කළ යුතු අනු අභාවයට පැමිණවිය යුතු නුයි ‘උග්ගහිතං නිරත්තං වා’ යනු වේ.
Pali BJTමා තෙ විජ්ජිත්ථ කිඤ්චනන්ති රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං. ඉදං කිඤ්චනං තුය්හං මා විජ්ජිත්ථ, මා සංවිජ්ජිත්ථ, පජහ විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති ‘මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං’
Sinhala BJTමා තෙ විජ්ජිත්ථ කිඤ්චනං යනු: රාග කිඤ්චනය ද්වේෂ කිඤ්චනය මෝහ කිඤ්චනය මාන කිඤ්චනය දෘෂ්ටි කිඤ්චනය ක්ලෙශකිඤ්චනය දුශ්චරිත කිඤ්චනය යන මේ කිඤ්චනය (පළිබෝධය) නහමක් තට වේවා! නහමක් මොනොවට වේවා! හැරපියව දුරලව විගතාන්ත කරව අනුඅභාවයට පමුණුව නුයි ‘මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“කාමෙසු විනය ගෙධං (ජතුකණ්ණීති භගවා) නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, උග්ගහිතං නිරත්තං වා මා තෙ විජ්ජිත්ථ කිඤ්චන”න්ති.
Sinhala BJT“කාමෙසු විනය ගෙධං -පෙ- මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං” යි.
Pali BJT11. 4.
Sinhala BJT11. 4.
Pali BJTයං පුබ්බෙ තං විසොසෙහි{4} පච්ඡා තෙ මාහු කිඤ්චනං මජ්ඣෙ චෙ නො{5} ගහෙස්සසි උපසන්තො චරිස්සසි-.
Sinhala BJTඅතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව අනාගත සංස්කාරය තට නහමක් කිඤ්චන (පළිබෝධ) වේවා, ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණාදෘෂ්ටි විසින් නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
Pali BJTයං පුබ්බෙ තං විසොසෙහීති: අතීතෙ සඞ්ඛාරෙ ආරබ්භ යෙ කිලෙසා උප්පජ්ජෙය්යුං, තෙ කිලෙසෙ සොසෙහි විසොසෙහි සුක්ඛාපෙහි විසුක්ඛාපෙහි අබීජං කරොහි පජහ විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති එවම්පි ‘යං පුබ්බෙ තං විසොසෙහි.’ අථවා යෙ අතීතා කම්මාභිසඞ්ඛරා අවිපක්කවිපාකා තෙ කම්මාභිසංඛාරෙ{6} සොසෙහි විසොසෙහි සුක්ඛාපෙහි විසුක්ඛාපෙහි අබීජං කරොහි පජහ විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති එවම්පි ‘යං පුබ්බෙ තං විසොසෙහි.’
Sinhala BJTයං පුබ්බේ තං විසොසෙහි යනු: අතීත සංස්කාරයන් ඇරැබ යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම් ඒ කෙලෙසුන් වියළව වෙසෙසින් වියළව ශුෂ්ක බවට පමුණුව වෙසෙසින් ශුෂ්ක බවට පමුණුව බීජාභාවය කරව හැරපියව දුරු කරව විගතාන්ත කරව අනුඅභාවයට පමුණුව නුයි මෙසේත් ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ. නොහොත් අතීත වූ නො පැසුණු විපාක ඇති යම් කර්මාභිසංස්කාර කෙනෙක් වෙත් නම් ඒ කර්මාභිසංස්කාරයන් වියළව වෙසෙසින් වියළව ශුෂ්ක බවට පමුණුව වෙසෙසින් ශුෂ්ක බවට පමුණුව බීජාභාවය කරව හැරපියව දුරලව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව නුයි මෙසේත් ‘යං පුබ්බේ තං විසොසෙහි’ යනු වේ.
Pali BJTපච්ඡා තෙ මාහු කිඤ්චනන්ති: ‘පච්ඡා’ වුච්චති අනාගතං, අනාගතෙ සංඛාරෙ ආරබ්භ යානි උප්පජ්ජෙය්යුං රාගකිඤ්චනං දොසකිඤ්චනං මොහකිඤ්චනං මානකිඤ්චනං දිට්ඨිකිඤ්චනං කිලෙසකිඤ්චනං දුච්චරිතකිඤ්චනං ඉමානි කිඤ්චනානි තුය්හං මා අහු මාකාසි මා ජනෙසි මා සංජනෙසි මා නිබ්බත්තෙසි මාභිනිබ්බත්තෙසි පජහ විනොදෙහි බ්යන්තීකරොහි අනභාවං ගමෙහීති ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’.
Sinhala BJTපච්ඡා තෙ මාහු කිඤ්චනං - ‘පච්ඡා’යි අනාගතය කියනු ලැබෙයි. අනාගත සංස්කාරයන් ඇරැබැ යම් කිඤ්චන කෙනෙක් උපදනාහු ද: රාගකිඤ්චන යැ ද්වේෂ කිඤ්චන යැ මෝහ කිඤ්චන යැ මාන කිඤ්චන යැ දෘෂ්ටිකිඤ්චන යැ ක්ලේශ කිඤ්චන යැ දුශ්චරිත කිඤ්චන යි. මේ කිඤ්චනයෝ තට නහමක් වෙත්වා නහමක් කරව නහමක් උපදව නහමක් මොනවට උපදව නහමක් නිපදව නහමක් වෙසෙසින් නිපදව හැරපියව දුරලව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව නුයි ‘පච්ඡා තෙ මාහු කිඤ්චනං’ යනු වේ.
Pali BJTමජ්ඣෙ චෙ නො ගහෙස්සසීති: මජ්ඣෙ වුච්චති පච්චුප්පන්නං රූපං වෙදනා සඤ්ඤා සංඛාරා විඤ්ඤාණං, පච්චුප්පන්නෙ සඞ්ඛාරෙ තණ්හාවසෙන දිට්ඨිවසෙන න ගහෙස්සසි න ගණ්හිස්සසි, න පරාමසිස්සසි, න නන්දිස්සසි, නාභිනන්දිස්සසි, න අජ්ඣොසිස්සසි, අභිනන්දනං අභිවදනං අජ්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහිස්සසි, විනොදෙස්සසි, බ්යන්තීකරිස්සසි, අනභාවං ගමෙස්සසීති ‘මජ්ඣෙව චෙ නො ගහෙස්සසි.
Sinhala BJTමජ්ඣෙ චෙ නො ගහෙස්සසි - ‘මජ්ඣෙ’යි ප්‍රත්‍යුත්පන්න (වර්‍තමාන) වූ රූපය වේදනාව සංඥාව සංස්කාර විඥානය කියනු ලැබෙයි. ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නො ගන්නෙහි ග්‍රහණය නො කරන්නෙහි පරාමර්‍ශ නො කරන්නෙහි නො තුටු වන්නෙහි අභිනන්‍දන නො කරන්නෙහි නො ගිලගන්නෙහි අභිනන්‍දනය අභිවදනය අජ්ඣොසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය හැරපියන්නෙහි දුරලන්නෙහි විගතාන්ත කරන්නෙහි අනු අභාවයට පමුණුවන්නෙහි නුයි ‘මජ්ඣෙ චෙ නො ගහෙස්සසි’ යනු වේ.
Pali BJTඋපසන්තො චරිස්සතීති: රාගස්ස සන්තත්තා සමිතත්තා උපසමිතත්තා, දොසස්ස -පෙ- සබ්බාකුසලාභිසඞ්ඛාරානං සන්තත්තා සමිතත්තා උපසමිතත්තා වූපසමිතත්තා විජ්ඣාතත්තා නිබ්බුතත්තා විගතත්තා පටිප්පස්සද්ධත්තා සන්තො උපසන්තො වූපසන්තො නිබ්බුතො පටිප්පස්සද්ධො චරිස්සසි විහරිස්සසි ඉරීයිස්සසි වත්තිස්සසි පාලෙස්සසි යපෙස්සසි යාපෙස්සසීති ‘උපසන්තො චරිස්සසි’.
Sinhala BJTඋපසන්තො චරිස්සසි යනු: රාගය සන්හුන් බැවින් ශමනය කරන ලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් ද්වේෂය ... හැම අකුශලාභි සංස්කාරයන් සන්හුන් බැවින් ශමනය කරනලද බැවින් ව්‍යුපශමනය කරනලද බැවින් නිවනලද බැවින් නිවුණු බැවින් පහවූ බැවින් සන්හිඳුවන ලද බැවින් ශාන්ත වූයේ උපශාන්ත වූයේ ව්‍යුපශාන්ත වූයේ නිවියේ සන්හිඳුවන ලද්දේ හැසිරෙන්නෙහි වාස කරන්නෙහි ඉරියවු පවත්වන්නෙහි වැටෙන්නෙහි පාලනය කරන්නෙහි යැපෙන්නෙහි යාපනය කරන්නෙහි නුයි ‘උපසන්තො චරිස්සසි’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“යං පුබ්බෙ තං විසොසෙසි පච්ඡා තෙ මාහු කිඤ්චනං, මජ්ඣෙ චෙ නො ගහෙස්සසි උපසන්තො චරිස්සසී”ති.
Sinhala BJT“යං පුබ්බේ තං -පෙ- උපසන්තො චරිස්සසි” යී.
Pali BJT11. 5.
Sinhala BJT11. 5.
Pali BJTසබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ, ආසවාස්ස{1} න විජ්ජන්ති යෙහි මච්චුවසං වජෙ.
Sinhala BJTබමුණ, සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි පහ කරනලද තෘෂ්ණා ඇති ඒ රහත්හට ‘යම් ආස්‍රව කෙනකුන් කරණ කොට ගෙන මාරයාගේ වශයට යේ නම්’ ඒ ආස්‍රවයෝ නැත්තාහ’ යි.
Pali BJTසබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණාති: ‘සබ්බසො’ති: සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිස්සෙසං පරියාදියනවචනමෙතං ‘සබ්බසො’ති. නාමන්ති: චත්තාරො අරූපිනො ඛන්ධා. රූපන්ති: චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. ගෙධො වුච්චති තණ්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණාති: සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස විගතගෙධස්ස චත්තගෙධස්ස වන්තගෙධස්ස මුත්තගෙධස්ස පහීනගෙධස්ස පටිනිස්සට්ඨගෙධස්ස වීතරාගස්ස විගතරාගස්ස චත්තරාගස්ස වන්තරාගස්ස මුත්තරාගස්ස පහීනරාගස්ස පටිනිස්සට්ඨරාගස්සාති ‘සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ.’
Sinhala BJTසබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ - ‘සබ්බසො’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල ශේෂ නො කොට නිශ්ශේෂ කොට ගන්නා වචනයෙකි තෙල ‘සබ්බසො’ යනු. නාමං යනු: සතර අරූපස්කන්ධයෝ යැ. රූපං යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. ගේධ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ යනු සර්‍වප්‍රකාරයෙන් නාමරූපයෙහි පහවූ තෘෂ්ණා ඇතියහට කස (දුරු) වූ තෘෂ්ණා ඇතියහට හැරපියන ලද තෘෂ්ණා ඇතියහට වමාළ තෘෂ්ණා ඇතියහට මිදුණු තෘෂ්ණා ඇතියහට ප්‍රහීණ තෘෂ්ණා ඇතියහට දුරු කළ තෘෂ්ණා ඇතියහට පහවූ රාග ඇතියහට කසවූ රාග ඇතියහට හැරපියන ලද රාග ඇතියහට වමාළ රාග ඇතියහට මුදාළ රාග ඇතියහට ප්‍රහීණරාග ඇතියහට දුරු කළ රාග ඇතියහට නුයි ‘සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ’ යනු වේ.
Pali BJTආසවාස්ස න විජ්ජන්තීති: ‘ආසවා’ති චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො. අස්සාති: අරහතො ඛීණාසවස්ස’ න විජ්ජන්තීති ඉමෙ ආසවා තස්ස නත්ථි, න සන්ති, න සංවිජ්ජන්ති නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘ආසවාස්ස න විජ්ජන්තී. ‘
Sinhala BJTආසවාස්ස න විජ්ජන්ති - ‘ආසවා’ යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. අස්ස යනු: ක්‍ෂීණාස්‍රව වූ රහත්හට, න විජ්ජන්ති යනු: මේ ආස්‍රවයෝ ඔහට නැත්තාහ නො වෙති විද්‍යමාන නො වෙති නො ලැබෙති ප්‍රහීණයහ මුලුසුන්හ සන්හිඳුණාහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිස්සහ නුවණ ගින්නෙන් දැවුණාහ නුයි ‘ආසවාස්ස න විජ්ජන්ති’ යනු වේ.
Pali BJTයෙහි මච්චුවසං වජෙති: යෙහි ආසවෙහි මච්චුනො වා වසං ගච්ඡෙය්ය, මරණස්ස වා වසං ගච්ඡෙය්ය, මාරපක්ඛස්ස වා වසං ගච්ඡෙය්ය, තෙ ආසවා තස්ස නත්ථි, න සන්ති න සංවිජ්ජන්ති, නූපලබ්භන්ති, පහීනා සමුච්ඡින්නා, වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪාති ‘යෙහි මච්චුවසං වජෙති. ‘
Sinhala BJTයෙහි මච්චුවසං වජෙ - යම් ආස්‍රව කෙනෙකුන් කරණකොට ගෙන මාරයාගේ හෝ වශයට යන්නේ නම් මරණයා ගේ හෝ වශයට යන්නේ නම් මාරපක්ෂයෙහි හෝ වශයට යන්නේ නම් ඒ ආස්‍රවයෝ ඔහට නැත්තාහ, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙති, ප්‍රහීණයහ, මුලුසුන්හ. සන්හිඳුණාහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිස්සහ, නුවණ ගින්නෙන් දැවුණාහු නුයි ‘යෙහි මච්චුවසං වජෙ’ යනු වේ.
Pali BJTතෙනාහ භගවා:
Sinhala BJTඑයින් වදාළහ බුදුහු:
Pali BJT“සබ්බසො නාමරූපස්මිං වීතගෙධස්ස බ්රාහ්මණ, ආසවාස්ස න විජ්ජන්ති{1} යෙහි මච්චුවසං වජෙ”ති.
Sinhala BJT“සබ්බසො නාමරූපස්මිං -පෙ- යෙහි මච්චුවසං වජෙ” යී.
Pali BJTසහගාථාපරියොසානා{2} -පෙ- ‘සත්ථා මෙ භන්තෙ, භගවා සාවකො හමස්මී’ති.
Sinhala BJTගාථා පර්‍ය්‍යවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.
Pali BJTජතුකණ්ණි සුත්තනිද්දෙසො සමත්තො
Sinhala BJTජතුකණ්ණී සූත්‍රනිර්දේශය නිමි.
Pali BJT12. භද්රාවුධ සුත්තනිද්දෙසො
Sinhala BJT12. භද්‍රාවුධ සූත්‍ර නිර්‍දෙශය
Pali BJT12. 1.
Sinhala BJT12. 1.
Pali BJTඔකං ජහං{1} තණ්හච්ඡිදං අනෙජං (ඉච්චායස්මා භද්රාවුධො) නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං කප්පං ජහං අභියාචෙ සුමෙධං සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො.
Sinhala BJT(ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝ දහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ, චතුරෝඝය තරණය කළා වූ, කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටි කල්ප දුරැලූ, ශෝභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණසෑයෙන් නික්ම යෙත්.
Pali BJTඔකං ජහං තණ්හච්ඡිදං අනෙජන්ති: ඔකං ජහන්ති: රූපධාතුයා යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා යෙ උපයූපාදානා{2} චෙතසො අධිට්ඨානාභි නිවෙසානුසයා{3}, තෙ බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවං ගතා{4} ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො ඔකඤ්ජහො, වෙදනාධාතුයා-සඤ්ඤාධාතුයා-සඞ්ඛාරධාතුයා-විඤ්ඤාණධාතුයා-යො ඡන්දො යො රාගො යා නන්දි යා තණ්හා යෙ උපයූපාදානා චෙතසො අධිට්ඨානාභිනිවෙසානුසයා තෙ බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංගතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො ඔකඤ්ජහො. තණ්හච්ඡිදන්ති, ‘තණ්හා’ති රූපතණ්හා, -පෙ- ධම්මතණ්හා, සා තණ්හා බුද්ධස්ස භගවතො ඡින්නා උච්ඡින්නා සමුච්ඡින්නා වූපසන්තා පටිප්පස්සද්ධා අභබ්බුප්පත්තිකා ඤාණග්ගිනා දඩ්ඪා, තස්මා බුද්ධො ‘තණ්හච්ඡිදො’. අනෙජොති: ‘එජා’ වුච්චති තණ්හා “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං.” සා එජා තණ්හා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංගතා ආයතිං අනුප්පාදධම්මා, තස්මා බුද්ධො අනෙජො, එජාය පහීනත්තා අනෙජො භගවා ලාභෙපි න ඉඤ්ජති, අලාභෙපි න ඉඤ්ජති, යසෙපි න ඉඤ්ජති, අයසෙපි න ඉඤ්ජති, පසංසායපි න ඉඤ්ජති, නින්දායපි න ඉඤ්ජති, සුඛෙපි න ඉඤ්ජති, දුක්ඛෙපි න ඉඤ්ජති, න චලති, න වෙධති, න පවෙධති, න සම්පවෙධති, තස්මා බුද්ධො අනෙජොති ‘ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං’. ඉච්චායස්මා භද්රාවුධො. -පෙ-
Sinhala BJTඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං - ‘ඔකං ජහං’ යනු: රූපධාතුයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් අකුසල් සිතට ප්‍රතිෂ්ඨා වූ අභිනිවේශ වූ අනුශය වූ යම් උපය (තෘෂ්ණා-දෘෂ්ටි) උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු උසුන් (අවිද්‍යා-තෘෂ්ණා) මුල් ඇත්තාහු (මුල් උදුළ) තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනුඅභාවයට ගියාහ. එයින් බුදුහු ඔකඤ්ජහ නම් වෙත්. වේදනා ධාතුයෙහි- සංඥාධාතුයෙහි- සංස්කාර ධාතුයෙහි- විඥානධාතුයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් අකුසල්සිතට ප්‍රතිෂ්ඨා වූ අභිනිවේශ වූ අනුශය වූ යම් උපය උපාදාන කෙනෙක් වෙත් ද ඔහු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන් මුල් ඇතියහ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තාහු අනු අභාවයට ගියාහ. එයින් බුදුහු ‘ඔකඤ්ජහ’ නම් වෙත්. තණ්හච්ඡිදං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් සිඳින ලද යැ උදුරනලද යැ මොනොවට උදුරනලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ වටාලා උපදනට නො නිසි කරනලද යැ නුවණගින්නෙන් දවන ලද, එයින් බුදුහු ‘තණ්හච්ඡිද’ නම් වෙති. ‘අනෙජා’ යනු: ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ මුල් උදුළ තල්වත්තක් මෙන් කරන ලද යැ ආයතිභවයෙහි නූපදනා සැහැවි ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙති. එජාව ප්‍රහීණ බැවින් ‘අනෙජ’ යි. බුදුහු ලාභයෙහිදු නො සැලෙති අලාභයෙහි දු නො සැලෙති යසස්හිදු නො සැලෙති අයසස්හි දු නො සැලෙති ප්‍රශංසායෙහිදු නො සැලෙති නින්‍දායෙහි දු නො සැලෙති සුවයෙහිදු නො සැලෙති දුක්හිදු නො සැලෙති චලනය නො වෙති කම්පනය නො වෙති ප්‍රකම්පනය නො වෙති සම්ප්‍රකම්පනය නො වෙත්. එයින් බුදුහු ‘අනෙජ’ නම් වෙත් නුයි ‘ඔකං ජහං තණ්හච්ඡිදං අනෙජං’ යනු වේ. ඉච්චායස්මා භද්‍රා වුධො...
Pali BJTනන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තන්ති: ‘නන්දි’ වුච්චති තණ්හා, “යෙ රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං”, සා නන්දි සා තණ්හා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංගතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා බුද්ධො නන්දිං ජහො. ඔඝතිණ්ණන්ති: භගවා කාමොඝං තිණ්ණො. භවොඝං තිණ්ණො, දිට්ඨොඝං තිණ්ණො, අවිජ්ජොඝං තිණ්ණො, සබ්බසංසාරපථං{1} තිණ්ණො, උත්තිණ්ණො නිත්තිණ්ණො අතික්කන්තො සමතික්කන්තො වීතිවත්තො. සො වුත්ථවාසො චිණ්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්ථි තස්ස පුනබ්භවො”ති ‘නන්දිං ජහං ඔඝ තිණ්ණං විමුත්තන්ති: භගවතො රාගා චිත්තං මුත්තං විමුත්තං, සුවිමුත්තං, දොසා චිත්තං මොහා චිත්තං -පෙ- සබ්බාකුසලාභිසංඛාරෙහි චිත්තං මුත්තං විමුත්තං සුවිමුත්තන්ති ‘නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං’.
Sinhala BJTනන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ඒ නන්‍දිය ඒ තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ උසුන් මුල් ඇත්තී යැ මුල් උදුළ තාලවාස්තුවක් මෙන් කරන ලද්දී ආයතිභවයෙහි නූපදනා පියවි ඇත්තී අනු අභාවයට ගියා යැ. එයින් බුදුහු ‘නන්දිඤ්ජහ’ නම් වෙත්. ඔඝතිණ්ණං යනු: බුදුහු කාමෝඝය තරණය කළහ භවෝඝය තරණය කළහ දෘෂ්ටි-ඕඝය තරණය කළහ අවිද්‍යා-ඕඝය තරණය කළහ හැම සංස්කාරපථය තරණය කළහ උත්තරණය කළහ නිස්තරණය කළහ ඉක්මගියහ මොනොවට ඉක්ම ගියහ වෙසෙසින් ඉක්ම සිටියහ උන් වහන්සේ වැස නිමවූ දශආර්‍ය්‍යවාස ඇත්තාහු පුහුණු කළ ශීලාදී චරණ ඇත්තාහු .. (ක්‍ෂය කළ) ජාතිමරණසංසාරය ඇත්තාහු යැ. උන්වහන්සේට පුනර්‍භවයෙක් නැත් නුයි ‘නන්දිං ජහං ඔඝතිණ්ණං’ යනු වේ. විමුත්තං යනු: භාග්‍යවතුන් විසින් රාගයෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි, ද්වේෂයෙන් සිත-මෝහයෙන් සිත ... හැම අකුශලාභිසංස්කාරයන් කෙරෙන් සිත මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත නු යි ‘නන්දිං ජහං ඔඝතිණ්ණං විමුත්තං’ යනු වේ.