තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
7.
ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ පුත්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප්පයොගං විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
ඛිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙති ‘ඛිඩ්ඩා’ති ද්වෙ ඛිඩ්ඩා කායිකා ච ඛිඩ්ඩා වාචසිකා ච ඛිඩ්ඩා. කතමා කායිකා ඛිඩ්ඩා: හත්ථීහිපි කීළන්ති, අස්සෙහිපි කීළන්ති රථෙහිපි කීළන්ති, ධනූහිපි කීළන්ති, අට්ඨපදෙපි කීළන්ති, දසපදෙපි කීළන්ති, ආකාසෙපි කීළන්ති, පරිහාරපථෙපි කීළන්ති, සන්තිකායපි කීළන්ති, ඛලිකායපි කීළන්ති, ඝටිකායපි කීළන්ති, සලාකහත්ථෙනපි කීළන්ති, අක්ඛෙභිපි{1} කීළන්ති, පඞ්ගචීරෙනපි කීළන්ති, වංකකෙනපි කීළන්ති, මොක්ඛචිකායපි කීළන්ති, චිඞ්ගුලකෙනපි කීළන්ති, පත්තාළ්හකෙනපි කීළන්ති, රථකෙනපි කීළන්ති, ධනුකෙනපි කීළන්ති, අක්ඛරිකායපි කීළන්ති, මනෙසිකායපි කීළන්ති, යථාවජ්ජෙනපි කීළන්ති. අයං කායිකා ඛිඩ්ඩා.
කතමා වාචසිකා ඛිඩ්ඩා: මුඛභෙරිකං මුඛාලම්බරං මුඛදෙණ්ඩිමකං{1} මුඛචලිමකං{2} මුඛභෙරූලකං{3} මුඛදද්දරිකං නාටකං ලාසං ගීතං ද්වකම්මං, අයං වාචසිකා ඛිඩ්ඩා. රතීති අනුක්කණ්ඨිතාධිවචනමෙතං රතීති. ‘සහායා’ වුච්චන්ති යෙහි සහ ආගමනං ඵාසු, ගමනං ඵාසු, ගමනාගමනං ඵාසු, ඨානං ඵාසු, නිසජ්ජා ඵාසු, සයනං ඵාසු, ආලපනං ඵාසු, සල්ලපනං ඵාසු, උල්ලපනං ඵාසු, සමුල්ලපනං ඵාසු. ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ’ති ඛිඩ්ඩා ච රති ච සහායමජ්ඣෙ හොතීති ‘ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ’.
පුත්තෙසු ච විපුලං හොති පෙමන්ති: ‘පුත්තා’ති චත්තාරො පුත්තා අත්රජො පුත්තො ඛෙත්තජො පුත්තො දින්නකො පුත්තො අන්තෙවාසිකො පුත්තො. පුත්තෙසු ච විපුලං හොති පෙමන්ති පුත්තෙසු ච අධිමත්තං හොති පෙමන්ති ‘පුත්තෙසු ච විපුලං හොති පෙමං’.
පියවිප්පයොගං විජිගුච්ඡමානොති ද්වෙ පියා: සත්තා වා’ සඞ්ඛාරා වා කතමෙ සත්තා පියා: ඉධ යස්ස තෙ හොන්ති, අත්ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා පුත්තො වා ධීතා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා ඉමෙ සත්තා පියා. කතමෙ සඞ්ඛාරා පියා: මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා ඵොට්ඨබ්බා. ඉමෙ සඞ්ඛාරා පියා. පියවිප්පයොගං විජිගුච්ඡමානොති: පියානං විප්පයොගං විජිගුච්ඡමානො අට්ටීයමානො හරායමානොති ‘පියවිප්පයොගං විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ පුත්තෙසු ච විපුලං හොති පෙමං, පියවිප්පයොගං විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
8.
චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
චාතුද්දිසො අප්පටිඝො ච හොතීති ‘චාතුද්දිසොති සො පච්චෙකසම්බුද්ධො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථං, ඉති උද්ධමධො{1} තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාචන්නං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{2} ඵරිත්වා විහරති. කරුණාසහගතෙන -පෙ- මුදිතා සහගතෙන -පෙ- උපෙක්ඛාසහගතෙන -පෙ- විහරති. චාතුද්දිසො අප්පටිඝො ච හොතීති: මෙත්තාය භාවිතත්තාය යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති යෙ දක්ඛිණාය දිසාය සත්තා තෙ අප්පටිකූලාහොන්ති, යෙ පච්ඡිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උත්තරාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති. යෙ පුරත්ථිමාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ දක්ඛිණාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ පච්ඡිමාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උත්තරාය අනුදිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යො හෙට්ඨිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ උපරිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති, යෙ දිසාසු විදිසාසු සත්තා තෙ අප්පටිකූලා, හොන්ති, කරුණාය භාවිතත්තාය -පෙ- මුදිතාය භාවිතත්තාය -පෙ- උපෙක්ඛාය භාවිතත්තා. යෙ පුරත්ථිමාය දිසාය සත්තා තෙ අප්පටිකූලා හොන්ති -පෙ- යෙ දිසාසු විදිසාසු සත්තා තෙ අප්පටිකූලා, හොන්තීති ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති.’
සන්තුස්සමානො ඉතරීතරෙනාති: සො පච්චෙකසම්බුද්ධො සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී න ච චීවරහෙතු{3} අනෙසනං අප්පතිරූපං{4} ආපජ්ජති. අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතො{5} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති,
යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති පච්චෙකසම්බුද්ධො පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො. සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන -පෙ- සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන -පෙ- සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරසන්තුට්ඨියා ච වණ්ණවාදී න ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අනෙසනං අප්පතිරූපං ආපජ්ජති. අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරගිලානපච්චයභෙසජ්ජපරික්ඛාර සන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති, යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො පතිස්සතො. අයං වුච්චති පච්චෙකසම්බුද්ධො පොරාණෙ අග්ගඤ්ඤෙ අරිවංසෙ ඨිතොති ‘සන්තුස්සමානො ඉතරීතරෙන’.
පරිස්සයානං සහිතා අඡම්භීති’-පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා ච. කතමෙ පාකටපරිස්සයා: සීහා ව්යග්ඝා දීපී අච්ඡා තරච්ඡා කොකා මහිසා{1} ‘හත්ථි අහි විච්ඡිකා සතපදී චොරා වා අස්සු මානවා වා කතකම්මා වා අකතකම්මා වා. චක්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව්හාරොගො කායරොගො සීසරොගො කණ්ණරොගො මුඛරොගො දන්තරොගො කාසො සාසො පිනාසො ඩහො{2} ජරො කුච්ඡිරොගො මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූචිකා කුට්ඨං ගණ්ඩො කිලාසො සොසො අපමාරො දද්දු කණ්ඩු කච්ඡු රඛසා විතච්ඡිකා ලොහිතපිත්තං මධුමෙහො අංසා පිළකා භගන්දලා පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජිඝච්ඡා පිපාසා උච්චාරො පස්සාවො ඩංසමකසවාතාතපසිරිංසප{3}සම්ඵස්සා ඉති වා. ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා.
කතමෙ පටිච්ඡන්නපරිස්සයා: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං රාගො දොසො මොහො කොධො උපනාහො මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං ථම්භො සාරම්භො මානො අතිමානො මදො පමාදො, සබ්බෙ කිලෙසා සබ්බෙ දුච්චරිතා සබ්බෙ දරථා සබ්බෙ පරිළාහා සබ්බෙ සන්තාපා සබ්බාකුසලාභිසංඛාරා. ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා’.
පරිස්සයාති-කෙනට්ඨෙන පරිස්සයා: පරිසහන්තීති පරිස්සයා, පරිහානාය සංවත්තන්තීති පරිස්සයා, තත්රාසයාති පරිස්සයා.
කථං පරිසහන්තීති පරිස්සයා: තෙ පරිස්සයා තං පුග්ගලං සහන්ති පරිසහන්ති අභිභවන්ති අජ්ඣොත්ථරන්ති පරියාදියන්ති පරිමද්දන්ති,{1} එවං පරිසහන්තීති පරිස්සයා.
කථං පරිහානාය සංවත්තන්තීති පරිස්සයා: තෙ පරිස්සයා කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති. කතමෙසං කුසලානං ධම්මානං: සම්මාපටිපදාය අනුලොමපටිපදාය අපච්චනීකපටිපදාය අන්වත්ථපටිපදාය ධම්මානුධම්මපටිපදාය සීලෙසු පරිපූරකාරිතාය ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය භොජනෙ මත්තඤ්ඤුතාය ජාගරියානුයොගස්ස, සතිසම්පජඤ්ඤස්ස චතුන්නං සතිපට්ඨානං භාවනානුයොගස්ස, චතුන්නං සම්මප්පධානානං-චතුන්නං ඉද්ධිපාදානං-පඤ්චන්නං ඉන්ද්රියානං-පඤ්චන්නං බලානං-සත්තන්නං බොජ්ඣඞ්ගානං-අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගස්ස, ඉමෙසං කුසලානං ධම්මානං අන්තරායාය පරිහානාය සංවත්තන්ති, එවං{2} පරිහානාය සංවත්තන්තීති පරිස්සයා.
කථං තත්රාසයාති පරිස්සයා: තත්ථෙතෙ{3} පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයා, යථා බිලෙ බිලාසයා පාණා සයන්ති, දකෙ දකාසයා{4} පාණා සයන්ති, වනෙ වනාසයා පාණා සයන්ති, රුක්ඛෙ රුක්ඛාසයා පාණා සයන්ති, එවමෙව තත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා උප්පජ්ජන්ති අත්තභාවසන්නිස්සයාති එවම්පි තත්රාසයාති පරිස්සයා.
වුත්තං හෙතං භගවතා:
“සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. කථං ච භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්සවන්ති පාපකා අකුසලා ධම්මාති, තස්මා සාන්තෙවාසිකො වුච්චති. තෙ නං සමුදාචරන්ති{1} සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති, තස්මා ‘සාචරියකොති වුච්චති. පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති යෙ පාපකා අකුසලා ධම්මා සරසංකප්පා සඤ්ඤොජනියා ත්යාස්ස අන්තො වසන්ති අන්වාස්සවන්ති පාපකා අකුසලා ධම්මාති තස්මා ‘සාන්තෙවාසිකො’ති වුච්චති. තෙ නං සමුදාචරන්ති සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති තස්මා ‘සාචරියකො’ති{2} වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසුවිහරතී’ති{a}. එවම්පි තත්රාසයාති පරිස්සයා.
වුත්තං හෙතං භගවතා:
“තයොමෙ භික්ඛවෙ, අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා. කතමෙ තයො: ලොභො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. දොසො භික්ඛවෙ -පෙ- මොහො භික්ඛවෙ, අන්තරා මලං අන්තරා අමිත්තො අන්තරා සපත්තො අන්තරා වධකො අන්තරා පච්චත්ථිකො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො අන්තරා මලා{3} අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වධකා අන්තරා පච්චත්ථිකා.{b}
1. “අනත්ථජනනො ලොභො ලොභො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
2. ලුද්ධො අත්ථං න ජානාති ලුද්ධො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං ලොභො සහතෙ නරං.
3. අනත්ථජනනො දොසො දොසො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.{b}
4. දුට්ඨො අත්ථං න ජානාති දුට්ඨො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං දොසො සහතෙ නරං.
5. අනත්ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣිති.
6. මූළ්හො අත්ථං න ජානාති මූළ්හො ධම්මං න පස්සති අන්ධං තමං තදා හොති යං මොහො සහතෙ නර”න්ති.{a}
එවම්පි තත්රාසයාති පරිස්සයා.
වුත්තං හෙතං භගවතා:
“තයො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො: ලොභො ඛො මහාරාජ, පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ -පෙ- මොහො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ, තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය.”{b}
7. “ලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං හිංසන්ති අත්ත සම්භූතා තචසාරංව සම්ඵල”න්ති.{b}
එවම්පි තත්රාසයාති පරිස්සයා.
වුත්තං හෙතං භගවතා:
8. “රාගො ච දොසො ච ඉතො නිදානා අරති රති ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධංකමිවොස්සජන්තී”ති.{c}
එවම්පි තත්රාසයාති පරිස්සයා.
පරිස්සයානං සහිතාති පරිස්සයෙ සහිතා ආරාධිතා අජ්ඣොත්ථරිතා පරියාදිතා පටිනිස්සටාති ‘පරිස්සයානං සහිතා’.
අඡම්භීති සො පච්චෙකසම්බුද්ධො අභීරු අඡම්භි අනුත්රාසි අපලායි පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො,
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
9.
දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා, අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරො ඛග්ගවිසාණකප්පො.
දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙති “පබ්බජිතාපි ඉධෙකච්චෙ නිස්සයෙපි දිය්යමානෙ උද්දෙසෙපි දිය්යමානෙ පරිපුච්ඡායපි දිය්යමානෙ චීවරෙපි දිය්යමානෙ පත්තෙපි දිය්යමානෙ ලොහථාලකෙපි දිය්යමානෙ ධම්මකරෙකෙපි”{1} දිය්යමානෙ පරිස්සාවනෙපි දිය්යමානෙ ථවිකෙපි දිය්යමානෙ උපාහනෙපි දිය්යමානෙ කායබන්ධනෙපි දිය්යමානෙ න සුස්සූසන්ති න සොතා ඔදහන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති, අනස්සවා අවචනකරං පටිලොමවුත්තිනො අඤ්ඤෙනෙව මුඛං කරොන්තී’ති ‘දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ.
අථො ගහට්ඨා ඝරමාවසන්තාති ගහට්ඨාපි ඉධෙකච්චෙ හත්ථිම්හිපි දිය්යමානෙ -පෙ- රථෙපි-ඛෙත්තෙපි-වත්ථුම්හිපි-හිරඤ්ඤෙපි-සුවණ්ණෙපි දිය්යමානෙ ගාමෙපි-නිගමෙපි-නගරෙපි-රට්ඨෙපි-ජනපදෙපි දිය්යමානෙ න සුස්සූසන්ති{2} -පෙ-
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වාති. අත්තානං ඨපෙත්වා සබ්බෙ ඉමස්මිං අත්ථෙ පරපුත්තා, තෙසු පරපුත්තෙසු අප්පොස්සුක්කො හුත්වා අව්යාවටො හුත්වා අනපෙක්ඛො හුත්වාති ‘අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.’
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’ති.
10.
වොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සංසීනපත්තො{1} යථා කොවිළාරො, ඡෙත්වාන වීරො{2}, ගිහිබන්ධනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
වොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානීති ‘ගිහිබ්යඤ්ජනං’ වුච්චන්ති කෙසා ච මස්සු ච මාලා ච ගන්ධං ච විලෙපනං ච ආභරණං ච පිළන්ධනං ච වත්ථං ච පාරුපනං ච වෙඨනං න උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං මුඛචුණ්ණකං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩං නාලිකං ඛග්ගං ඡත්තං චිත්රූපාහනං උණ්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි, ඉති වා, වොරොපයිත්වා ගිහි බ්යංජනානීති ගිහිබ්යඤ්ජනානි ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භයිත්වාති, වොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි’.
සංසීනපත්තො යථා කොවිළාරොති යථා කොවිළාරස්ස පත්තානි තානි සංසීනානි{3} පතිතානි පරිපතිතානි, එවමෙව තස්ස පච්චෙකසම්බුද්ධස්ස ගිහිබ්යඤ්ජනානි සීනානි සංසීනානි පතිතානීති සංසීනපත්තො යථා කොවිළාරො.
ඡෙත්වාන වීරො ගිහිබන්ධනානීති වීරො’ති විරියවාති වීරො, පහූති වීරො, විසවීති වීරො, අලමත්තොති වීරො, සූරොති වීරො, වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී පහීනභයභෙරවොති වීරො, විගතලොමහංසොති වීරො:
1. “විරතො ඉධ සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච විරියවාසො, සො විරියවා පධානවා වීරො තාදි, පවුච්චතෙ තථත්තා”ති.
ගිහිබන්ධනානි{4}’ වුච්චන්ති පුත්තා ච දාරා ච{5} දාසී ච දාසා ච අජෙළකා ච කුක්කුටසූකරා ච හත්ථිගවාස්සවළවා ච ඛෙත්තං ච වත්ථුං ච හිරඤ්ඤං ච සුවණ්ණං ච ගාමනිගමරාජධානියො ච රට්ඨං ච ජනපදො ච කොසො ච කොට්ඨාගාරං ච යං කිඤ්චි රජනීයවත්ථු, ඡෙත්වාන වීරො ගිහිබන්ධනානීති සො පච්චෙකසම්බුද්ධො වීරො ගිහිබන්ධනානි ඡින්දිත්වා සමුච්ඡින්දිත්වා ජහිත්වා විනොදෙත්වා බ්යන්තීකරිත්වා අනභාවං ගමෙත්වාති ‘ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි එකො ච චරෙ ඛග්ගවිසාණකප්පො.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“වොරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සංසීනපත්තො යථා කොවිළාරො, ඡෙත්වාන වීරො ගිහිබන්ධනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
පඨමො වග්ගො.
දුතියො වග්ගො
1.
සවෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
සචෙ ලභෙථ නිපකං සහායන්ති: සචෙ නිපකං පණ්ඩිතං පඤ්ඤවන්තං{1}. බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්ය, පටිලභෙය්ය අධිගච්ඡෙය්ය වින්දෙය්යාතී ‘සචෙ ලභෙථ නිපකං සහායං’.
සද්ධිං චරං සාධුවිහාරි ධීරන්ති: ‘සද්ධිං චර’න්ති එකතො චරං, සාධුවිහාරින්ති පඨමෙනපි ඣානෙන සාධුවිහාරිං දුතියෙනපි ඣානෙන- තතියෙනපි ඣානෙන- චතුත්ථෙනපි ඣානෙන සාධුවිහාරිං මෙත්තායපි චෙතොවිමුත්තියා සාධුවිහාරිං කරුණායපි- මුදිතායපි- උපෙක්ඛායපි- චෙතොවිමුත්තියා සාධුවිහාරිං, ආකාසානඤ්චායතනසමාපත්තියාපි සාධුවිහාරිං විඤ්ඤාණඤ්චායතන-ආකිඤ්චඤ්ඤායතන-නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියාපි සාධුවිහාරිං නිරොධසමාපත්තියාපි සාධුවිහාරිං ඵලසමාපත්තියාපි සාධුවිහාරිං. ධීරන්ති: පණ්ඩිතං පඤ්ඤවන්තං{1} බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවින්ති ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’.
අභිභුය්ය සබ්බානි පරිස්සයානීති: ‘පරිස්සයා’ති ද්වෙ පරිස්සයා: පාකටපරිස්සයා ච පටිච්ඡන්නපරිස්සයා -පෙ- ඉමෙ වුච්චන්ති පාකටපරිස්සයා -පෙ- ඉමෙ වුච්චන්ති පටිච්ඡන්නපරිස්සයා -පෙ- එවම්පි තත්රාසයාති පරිස්සයා -පෙ- අභිභුය්ය සබ්බානි පරිස්සයානීති: සබ්බෙ පරිස්සයෙ අභිභුය්ය අභිභවිත්වා අජ්ඣත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වාති ‘අභිභුය්ය සබ්බානි පරිස්සයානි’.
චරෙය්ය තෙනත්තමනො සතීමාති සො පච්චෙකසම්බුද්ධො තෙන නෙපක්කෙන පණ්ඩිතෙන පඤ්ඤවන්තෙන බුද්ධිමන්තෙන ඤාණිනා විභාවිනා මෙධාවිනා සහායෙන සද්ධිං අත්තමනො තුට්ඨමනො හට්ඨමනො පහට්ඨමනො උදග්ගමනො මුදිතමනො චරෙය්ය විහරෙය්ය ඉරියෙය්ය වත්තෙය්ය පාලෙය්ය යපෙය්ය යාපෙය්යාති ‘චරෙය්ය තෙනත්තමනො’ සතීමාති: සො පච්චෙකසම්බුද්ධො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතාති ‘චරෙය්ය තෙනත්තමනො සතීමා’.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමාති”
2.
නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො,
නො චෙ ලභෙථ නිපකං සහායන්ති නො චෙ නිපකං පණ්ඩිතං පඤ්ඤවන්තං බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවිං සහායං ලභෙය්ය පටිලභෙය්ය අධිගච්ඡෙය්ය වින්දෙය්යාති ‘නො චෙ ලභෙථ නිපකං සහායං’.
සද්ධිං චරං සාධුවිහාරි ධීරන්ති: ‘සද්ධිං චර’න්ති එකතො චරං, සාධු විහාරින්ති පඨමෙනපි ඣානෙන සාධුවිහාරිං -පෙ- නිරොධසමාපත්තියාපි සාධුවිහාරිං ඵලසමාපත්තියාපි සාධුවිහාරිං. ධීරන්ති: ධීරං පණ්ඩිතං පඤ්ඤවන්තං බුද්ධිමන්තං ඤාණිං විභාවිං මෙධාවින්ති ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’.
රාජාව රට්ඨං විජිතං පහායාති: යථා රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො විජිතසඞ්ගාමො නිහතපච්චාමිත්තො ලද්ධාධිප්පායො පරිපුණ්ණකොසකොට්ඨාගාරො රට්ඨං ච ජනපදං ච කොසං ච කොට්ඨාගාරං ච පහූතහිරඤ්ඤසුවණ්ණං නගරං ච පරිච්චජිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙති, එවං පච්චෙකසම්බුද්ධොපි සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරියති වත්තෙති{1} පාලෙති යපෙති යාපෙතීති ‘රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
3.
අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
අද්ධා පසංසාම සහාය සම්පදන්ති ‘අද්ධා’ති එකංසවචනං නිස්සංසයවචනං නික්කඞ්ඛවචනං අද්වෙජ්ඣවචනං අද්වෙළ්හකවචනං නියොගවචනං අපණ්ණකවචනං අවිරුද්ධවචනං අවත්ථාපනවචනමෙතං අද්ධාති. සහාය සම්පදන්ති සහායසම්පදා වුච්චති යො සො සහායො අසෙක්ඛෙන සීලක්ඛන්ධෙන-සමාධික්ඛන්ධෙන{1} අසෙක්ඛෙන-අසෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන-අසෙක්ඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. අද්ධා පසංසාම සහාය සම්පදන්ති සහායසම්පදං පසංසාම ථොමෙම කිත්තෙම වණ්ණෙමාති ‘අද්ධා පසංසාම සහායසම්පදං’.
සෙට්ඨා සමා සෙවිතබ්බා සහායාති: සෙට්ඨා හොන්ති සහායා සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන, සමා සදිසා හොන්ති සහායා සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන සෙට්ඨා වා සහායා සදිසා වා සහායා සෙවිතබ්බා භජිතබ්බා පයුරුපාසිතබ්බා පරිපුච්ඡිතබ්බා පරිපඤ්හිතබ්බාති ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා’.
එතෙ අලද්ධා අනවජ්ජභොජීති: අත්ථි පුග්ගලො සාවජ්ජභොජී, අත්ථි පුග්ගලො අනවජ්ජභොජී.
කතමො ච පුග්ගලො සාවජ්ජභොජී: ඉධෙකච්චො පුග්ගලො කුහනාය ලපනාය නෙමිත්තිකතාය නිප්පෙසිකතාය ලාභෙන ලාභං නිජිගිංසනතාය{2} දාරුදානෙන වෙළුදානෙන පත්තදානෙන පුප්ඵදානෙන ඵලදානෙන සිනානදානෙන චුණ්ණදානෙන මත්තිකාදානෙන දන්තකට්ඨදානෙන මුඛොදකදානෙන චාටුකම්යතාය{3} මුග්ගසුප්යතාය{4} පාරිභට්ඨතාය{5} පිට්ඨිමංසිකතාය{6} වත්ථුවිජ්ජාය තිරච්ඡානවිජ්ජාය අඞ්ගවිජ්ජාය නක්ඛත්තවිජ්ජාය දූතමනෙන{7} පහිනගමනෙන ජඞ්ඝපෙසනියෙන වෙජ්ජකම්මෙන පිණ්ඩපතිපිණ්ඩකෙන දානානුප්පදානෙන අධම්මෙන විසමෙන, ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා ජීවිකං කප්පෙති. අයං වුච්චති පුග්ගලො සාවජ්ජභොජී.
කතමො ච පුග්ගලො අනවජ්ජභොජී: ඉධෙකච්චො පුග්ගලො න කුහනාය න ලපනාය න නෙමිත්තකතාය න නිප්පෙසිකතාය න ලාභෙන ලාභං නිජිගිංසනතාය න දාරුදානෙන න වෙළුදානෙන න පත්තදානෙන න පුප්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න චුණ්ණදානෙන න මත්තිකාදානෙන න දන්තකට්ඨදානෙන න මුඛොදකදානෙන න චාටුකම්යතාය න මුග්ගසුප්යතාය න පාරිභට්ටතාය න පිට්ඨිමංසිකතාය න වත්ථුවිජ්ජාය න තිරච්ඡානවිජ්ජාය න අඞ්ගවිජ්ජාය න නක්ඛත්තවිජ්ජාය න දූතමනෙන න පහිනගමනෙන න ජඞ්ඝපෙසනියෙන න වෙජ්ජකම්මෙන න පිණ්ඩපතිපිණ්ඩකෙන න දානානුප්පදානෙන ධම්මෙන සමෙන, ලද්ධා ලභිත්වා අධිගන්ත්වා වින්දිත්වා පටිලභිත්වා ජීවිකං කප්පෙති. අයං වුච්චති පුග්ගලො අනවජ්ජභොජී.
එතෙ අලද්ධා අනවජ්ජභොජීති එතෙ අනවජ්ජභොජී අලද්ධා අලභිත්වා අනධිගන්ත්වා අවින්දිත්වා අප්පටිලභිත්වාති ‘එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා, එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
4.
දිස්වා සුවණ්ණස්ස පභස්සරානි කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි, සංඝට්ටයන්තානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
දිස්වා සුවණ්ණස්ස පභස්සරානීති ‘දිස්වා’ති දිස්වා පස්සිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. සුවණ්ණස්සාති: ජාතරූපස්ස, පභස්සරානීති: පරිසුද්ධානි පරියොදාතානීති ‘දිස්වා සුවණ්ණස්ස පභස්සරානි.
කම්මාරපුත්තෙන සුනිට්ඨිතානීති: ‘කම්මාරපුත්තො’ වුච්චති සුවණ්ණකාරො, කම්මාරපුත්තෙන සුනිට්ඨිතානීති: කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි සුකතානි සුපරිකම්මකතානීති කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි’.
සංඝට්ටයන්තානි දුවෙ “භුජස්මින්ති භුජො වුච්චති හත්ථො යථා එකස්මිං හත්ථෙ ද්වෙ නූපුරානි ඝට්ටෙන්ති, එවමෙව සත්තා තණ්හාවසෙන දිට්ඨිවසෙන නිරයෙ ඝට්ටෙන්ති තිරච්ඡානයොනියං ඝට්ටෙන්ති පෙත්තිවිසයෙ ඝට්ටෙන්ති මනුස්සලොකෙ ඝට්ටෙන්ති, දෙවලොකෙ ඝට්ටෙන්ති, ගතියාගතිං උපපත්තියා උපපත්තිං පටිසන්ධියා පටිසන්ධිං භවෙන භවං සංසාරෙන සංසාරං වට්ටෙන වට්ටං ඝට්ටෙන්ති සංඝට්ටෙන්ති සංඝට්ටෙන්තා චරන්ති විහරන්ති ඉරීයන්ති වත්තෙන්ති පාලෙන්ති යපෙන්ති යාපෙන්තීති ‘සංඝට්ටයන්තානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො’.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
“දිස්වා සුවණ්ණස්ස පභස්සරානි කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි, සංඝට්ටයන්තානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
5.
එවං දුතියෙන සහා මමස්ස{1} වාචාභිලාපො අභිසජ්ජනා වා, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
එවං දුතියෙන සහා මමස්සාති තණ්හාදුතියො වා හොති, පුග්ගලදුතියො වා. කථං තණ්හාදුතියො හොති’. ‘තණ්හා’ති රූපතණ්හා -පෙ- ධම්මතණ්හා යස්සෙසා තණ්හා අප්පහීනා සො වුච්චති තණ්හාදුතියො
“තණ්හාදුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතී”ති.{*}
එවං තණ්හාදුතියො වා හොති.
කථං පුග්ගලදුතියො හොති: ඉධෙකච්චො න අහෙතු න කාරණහෙතු උද්ධතො අවුපසන්නචිත්තො එකස්ස වා දුතියො හොති, ද්වින්නං වා තතියො හොති, තිණ්ණං වා චතුත්ථො හොති, තත්ථ බහුං සම්ඵප්පලාපං පලපති සෙය්යථීදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං
පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං කථෙති. එවං පුග්ගලදුතියො හොතීති ‘එවං දුතියෙන සහා මමස්ස{1}’.