Cariyāpiṭaka

Basket of Conduct

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 461 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 301-400 න් 461

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-cp:300.1
248. මම් සහල් නැති බොල්රැසක් වැනි වූ ඇතුළත සිදුරු ඇති රුකක් වැනි වූ හර නැති කෙසෙල් ගසක් වැනි වූ ඒ කූහකයා දැක–
kn-cp:300.2
249. මොහුට ධ්‍යානාදි වූ සත්පුරුෂයන්ගේ ධර්‍මයෙක් නැත. මේ තෙම ශීලාදි ශ්‍රමණභාවයෙන් පහවූයෙක. හරනලද හිරි සඞ්ඛ්‍යාත කුශල ධර්‍ම ඇතියෙක (හුදෙක්) දිවිවැටුම් හේතුයෙන් (තාපසලිඞ්ගයෙන්) හැසිරෙයි.
kn-cp:300.3
250. දේශසීමාන්තරවාසී වූ වනවැසියන් විසින් ප‍්‍රත්‍යන්‍තය කෝප කරන ලද්දේ විය. ඒ (ප්‍රත්‍යන්‍තකෝපය) සන්හිඳුවනු පිණිස යන පිය රජ තෙමේ මට (මෙසේ) අනුශාසනා කළේ යැ.
kn-cp:300.4
251. “පුත, තෙපි උග‍්‍ර වූ තපස් ඇති ජටිලයාහට නහමක් ප‍්‍රමාද වෙව. ඔහුගේ සිතට අනුකූල වැ පවතුව. හෙතෙම (අපට) සියලු කැමැතිදෑ දෙනුසුලු වූයේ මැ යැ.”
kn-cp:300.5
252. මම් එ තවුසා වෙත උවැටනට ගොස් ‘ගෘහපතිය, කිම තොපට ආරෝග්‍ය ද? කුමක් හෝ තොපට ගෙනායුතූ දැ යි මෙ වදන් කීමි.
kn-cp:300.6
253. මානනිශ්ශ්‍රිත වූ ඒ කුහක තෙම ඒ ගෘහපතිවාදයෙන් කිපියේ විය. ‘තා අද (රජු ආ කල්හි මැ) නස්වමි, රටින් හෝ නෙරවමි’ යි කී.
kn-cp:300.7
254. රජ තෙම පසල්දනවු සන්හිඳුවා (පැමිණ) කුහකයාහට ‘වහන්ස, කිම තොපට සහනය කොට හැකි ද? තොපට (කුමරහු විසින්) සම්මාන පවත්වන ලද දැ?’ය ි කී. පවිටු තවුස් තෙම කුමර යම්සේ නැසියයුතු ද එසෙයින් රජහට කී යැ.
kn-cp:300.8
255. පෘථිවීශ්වර තෙම ඔහුගේ එ තෙපුල් අසා ‘එහි (දුටුතැන) මැ (කුමරහුගේ) හිස් සිඳ සතරකඩක් කොට ඒ ජටිලයනට නින්‍දා කළ හෙයින් විපාක යයි වීථියෙන් වීථියෙහි දක්වාලව’යි ඇණවී.
kn-cp:300.9
256. එ රජුගේ ආඥායෙහි ලා චණ්ඩ වූ රෞද්‍ර වූ අකාරුණික වූ වධකයෝ ගොස් මවගේ ඇකයෙහි හුන් මට අනදර කොට ඇද මා (වධක ස්ථානයට) ගෙන යති.
kn-cp:300.10
257. දැඩි බැඳුමින් බඳනා ඔවුනට මම් මෙසේ කීමි. ‘වහා මා රජහට දක්වව, මට රාජකාර්‍ය්‍යයෝ ඇතැ’ යි.
kn-cp:302.1
258. ඔහු පවිටු වූ, පවිටු තවුසා සෙවුනා වූ රජුට මා දක්වාලූහ. ඔහු දැක (ඔහුගේ කූටතාපස භාවය) හඟවාලීමි. එ රජු මාගේ වසඟයට ද පැමිණවීමි.
kn-cp:302.2
259. එහි දී එ රජ මා ක්‍ෂමා කරවිය. මට මහත් වූ රාජ්‍යය දින. ඒ මම් මොහඳුර බිඳහැර අනගාරිය වූ තවුස් පැවිද්දෙන් පැවිදි වීමි.
kn-cp:302.3
260. මට මහාරාජ්‍යය අප්‍රිය නො වෙයි. පඤ්චකාම පරිභොගය අප්‍රිය නො වෙයි. මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය පරිත්‍යාග කෙළෙමි යි.
kn-cp:302.4
දෙ වැනි සෝමනස්ස චරියා යි.
kn-cp:302.5
3. අයොඝර චරියාව
kn-cp:302.6
261. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කාසි රජුට පුත‍්‍ර වූයෙම් ද, එකල්හි (මහත් වූ) අයෝමය ගෘහයෙක් හි වැඩුණෙම් නමින් ‘අයොඝර’ නම් වීමි.
kn-cp:302.7
262-263. සම්බාධයෙහි වඩන ලදුයෙම් දුකසේ දිවි ලද්දේය. පුත‍්‍රය, අද මැ රට සහිත වූ නියම්ගම් සහිත වූ ජනයා සහිත වූ මේ සියලු පෘථිවිය පිළිගනුව. මම් පියරජු වැඳ ඇඳිලි බැඳ ගෙන මෙ වදන් කීමි:
kn-cp:302.9
264. පෘථිවියෙහි හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ඥාතීන් සමඟ අරක් නැති වැ වැඩෙත්.
kn-cp:302.10
265. සම්බාධයෙහි මාගේ මේ වැඩීම මෙලොවැ අසදෘශකාරණයෙක් විය. සඳ හිරු දෙදෙනා ගේ ආලෝක රහිත වූ අයෝමය ගෘහයෙහි වැඩිණිමි.
kn-cp:302.11
266. පූතිකුණපයෙන් පිරුණු මවුකුසින් මිදී නැවත එ මවුකුසැ විසීමට වඩා ඉතා දරුණු දුක් ඇති අයෝමයගෘහයෙහි බහාලන ලදුයෙමි.
kn-cp:302.12
267. ඉදින් මම එබඳු වූ අතිශයින් දරුණු දුකට පැමිණ රාජ්‍යයෙහි ඇලෙම් නම් ලාමක පුරුෂයන් අතුරෙහි උතුම් වෙමි.
kn-cp:304.1
271. මේ ශරීරය හේතු කොට ගෙන උකටලී වෙමි. රාජ්‍යයෙනුදු ප්‍රයෝජන නැත්තෙම් වෙමි. යම් තැනෙකැ සිටි මා මාර තෙමේ නො මඩනේ ද එ නිවන සොයන්නෙමි.
kn-cp:304.2
272. මම් මෙසේ සිතා (මවුපියන් ප‍්‍රමුඛ) මහජනයා හඬන කල්හි බැඳුම් සිඳ ඇත් රජක්හු සෙයින් මහවනයට පිවිසියෙමි.
kn-cp:304.3
273. මවුපිය දෙදෙන මට අප්‍රිය නො වෙති. මහත් වූ යශස් මට නො ද අප්‍රිය වෙයි. මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හළිමි.
kn-cp:304.4
තුන්වැනි අයොඝර චරියාව යි.
kn-cp:304.5
4. භිස චරියාව
kn-cp:304.6
274. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරට (බරණැස් නම්) අගනුවර (මහාකඤ්චන නම් කුමාර) වීම් ද එකල්හි නැඟණි යැ සත් සොහොයුරු යැ යන ඇපි (මන්ත‍්‍ර හදාරන) සොත්‍ථිය නම් කුලයෙහි උපන්නමෝ වූම්හ.
kn-cp:304.7
275. මොවුනතුරින් මම් දෙටු වූයෙම් ශුක්ල සඞ්ඛ්‍යාත වූ පව් ගරහන හිරියට පැමිණියෙම් භවය භය හෙයින් දැක නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුනෙමි.
kn-cp:304.8
276. මව්පියන් විසින් මෙහෙයන ලද (පෙර මා හා) එක් අදහස් ඇති යහළුවෝ ‘කුලවංශය ධරව’යි කාමයෙන් මා නිමන්ත‍්‍රණය කළහ.
kn-cp:304.9
277. ඔවුන් විසින් ගිහි බැව්හි සුව එළවන යම් වදනෙක් කියන ලද ද ඒ මට රත් කළ සීවැලක් බඳු වී.
kn-cp:304.10
278. එකල්හි ඔහු ‘යහළුව, ඉදින් කාමයන් පරිභෝග නො කරවු නම් තෙපි කුමක් ප‍්‍රාර්‍ත්‍ථනා කරවු දැ’යි මාගේ ප‍්‍රාර්‍ත්‍ථනාව (කාමයන්) ප්‍රතික්‍ෂේප කරන මා විචාළහ.
kn-cp:304.11
279. මට හිත කැමැති ඔවුනට තමහට වැඩ කැමැති මම් මෙසේ කීමි. ‘මම් ගිහි බව නො පතමි. මම් නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුණෙමි’යි.
kn-cp:304.12
280. ඔහු ම බස් අසා මවුපියනට ද ඇස්වූහ. මවුපිය දෙදෙන මෙසේ කීහ. භවත්නි, ‘ඇපි සියල්ලමෝ පැවිදි වම්හ’යි.
kn-cp:304.13
281. මාගේ මා පිය දෙදෙන යැ නැඟණියෝ යැ සත් සොහොවුරෝ යැ යන ඇපි අප‍්‍රමාණ වූ ධනය හැරපියා මහ වනයට පිවිසියම්හ යි.
kn-cp:304.14
සතරවැනි භිසචරියාවයි.
kn-cp:306.1
5. සෝණපණ්ඩිත චරියාව
kn-cp:306.2
282. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් ‘බ‍්‍රහ්මවඩ්ඪන’ නම් නගරයෙහි උපනිම් ද එකල්හි මම් එහි ශ්‍රේෂ්ඨ වූ අග‍්‍ර වූ මහාසාර කුලයෙකැ උපනිමි.
kn-cp:306.3
283. එකල්හි දු (පැනැස නැතියෙන්) අඳ වූ අවිදු අඳුරු වතළ ලොව දැක තෝමරයෙන් පෙළන ලද සෙයින් සිත භවයෙන් හැකිළෙයි.
kn-cp:306.4
284. එකල්හි මම් නොයෙක් පව්කම් දැක මෙසේ සිතීමි. ‘කිකලෙකැ මම් ගිහිගෙන් නික්මැ වල්වදිම් දැ’ යි.
kn-cp:306.5
285. එකල්හි දු (මාගේ) නෑයෝ කාමභෝගයෙන් මා නිමන්ත‍්‍රණය කළහ. ‘ඒ කාමයෙන් නහමක් මා නිමන්ත‍්‍රණය කරව’යි ඔවුනට දු (මාගේ) ඡන්‍දය කීමි.
kn-cp:306.6
286. මට පණ්ඩිත වූ ‘නන්‍ද’ නම් යම් කනිටු බෑයෙක් වී නම් හෙ ද මා අනුව හික්මෙමින් පැවිද්ද රිසි වී.
kn-cp:306.7
287. මම ද සෝණ ද නන්‍ද ද මාගේ මාපිය දෙදෙන ද යන ඇපි එකල්හි දු භෝගයන් හැරපියා මහවනයට පිවිසියම්හ’ යි.
kn-cp:306.8
පස්වැනි සෝණපණ්ඩිත චරියා යි.
kn-cp:306.9
නෛෂ්ක‍්‍රම්‍ය පාරමිතා නිමි.
kn-cp:308.1
4. අධිෂ්ඨාන පාරමිතාව
kn-cp:308.2
6. තේමිය පණ්ඩිත චරියාව
kn-cp:308.3
288. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරජහට පුත්‍ර වීම් ද එකල්හි මට නමින් ‘තේමිය’ යයි ද (ව්‍රත හෙයින්) ‘මූගපක්‍ඛ’ යයි ද (මව්පිය ආදිහු) කියති.
kn-cp:308.4
289. එකල්හි (ඇතොවුර) සොළොස් දහසක් ස්ත්‍රීනට පුත්‍රයෙක් නො ලැබෙයි. නොයෙක් දවරැය (බොහෝ කල්) ඇවෑමෙන් එක් මැ මම් උපනිමි.
kn-cp:308.5
290. (බොහෝ කල් පතාසිට) දුකසේ ලත් ජාතිසම්පන්න වූ කායද්‍යුතියෙන් හා ඥානද්‍යුතියෙන් හා සමන්‍විත වූ ප්‍රිය පුත්‍ර වූ මා ම–පිය වූ කසීරජ සේසත් නඟා සිරියහන් හි හොවා පෝෂණය කෙරෙයි.
kn-cp:308.6
291. එකල්හි මේ උතුම් වූ සිරියහන්හි නිදා පිබිද එයින් පෙර තෙවැනි අත්බැවැ මම යම් සේසතක් කරණ කොට ගෙන නිරයට ගියෙම් ද, ඒ සේසත දිටිමි.
kn-cp:308.7
292. ඒ සේසත දුටු මට දක්නා හා මැ බිය එළවන ත්‍රාසයෙක් උපන. කිසෙයින් මම මෙ රජය හැරපියම් දැ’යි විචාරණයට පැමිණියෙමි.
kn-cp:308.8
293. මට පෙර අත්බැවෙක සහලේ (මෑණි) වූ වැඩ කැමැති සේසතැ වෙසෙන දෙව් දුවක් වූ ද, ඕ තොමෝ (චෛතසික දුකින්) දුප්පත් වූ මා දැක තුන් කරුණෙක්හි යෙද වූ යැ.
kn-cp:308.9
294. පණ්ඩිත බව නහමක් පාළ කරව. සියලු සත්ත්‍වයන් විසින් ‘බාලයෙකැ’යි දන්නා ලදුයෙහි වෙව, (ඇතුළත පිටත) සියලු ජන තෙමේ (මූ බැහැර ලවයි) අවඥා කෙරේවා, මෙසේ කල්හි තොපට වැඩෙක් වන්නේ ය.
kn-cp:308.10
295. මෙසේ කී ඒ දෙව්දුවට මම් මෙ වදන් කීම්, දෙවිය, තෝ යම් බසක් කියෙහි නම්, තී ගේ එ වචනය කෙරෙමි. මෑණියනි, දෙවිය (තෙපි) මට වැඩ කැමැතියව, සුව කැමැතියව.
kn-cp:308.11
296. මම් ඇගේ බස් අසා සාගරයෙහි ගැලෙන්නක්හු ගොඩබිමක් සෙයින් ප්‍රතිෂ්ඨා ලද්මි. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් තුන් අඟ ඉටා ගතිමි.
kn-cp:310.1
297. (නොගොළු වැ) ගොළු වීමි. (නො බිහිරි වැ) බිහිරි වීමි. (නො පිළු වැ) හළ ගමන් ඇති පිළු වීමි. තෙල තුන් අඟ ඉටාගෙන සොළොස් හවුරුද්දක් විසීමි.
kn-cp:310.2
298. ඉක්බිති මාගේ අත්පා ද දිව ද කන ද මැඩ (විමසා) මාගේ අවිකල බව දැක මේ තෙම කාලකණ්ණියෙකැ යි නිගා කළහ.
kn-cp:310.3
299. අනතුරු වැ සියලු දනව් වැසියෝ ද සෙනෙවි පෙරෙවි ජනයෝ ද යන සියල්ලෝ එක්සිත් වැ මා බැහැර කිරීම අනුමෝදන් වූහ.
kn-cp:310.4
300. එ මම් ඔවුන් ගේ අධිප්‍රාය අසා සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇති වීමි. යම් කරුණක් සඳහා (මූගහාවාදි ව්‍රත සඞ්ඛ්‍යාත) තපස පිරුයෙම් ද මාගේ එ අර්‍ත්‍ථය සමෘද්ධ වී.
kn-cp:310.5
301. ගඳ දියෙන් මා නහවා විලෙවුන් ගල්වා රජවොටුනු හිස පළඳවා රාජාභිෂේකයෙන් අභිෂේක කොට සේසතින් යුක්ත කොට නුවර පැදකුණු කරවූහ.
kn-cp:310.6
302. සතියක් මුළුල්ලෙහි සේසත් දරා රිවිමඬුලු උදාවූ ඇසිල්ලෙහි රියදුරු තෙමේ රියෙකින් මා බැහැර කොට මහවනයට එළැඹියේ ය.
kn-cp:310.7
303. යෙදූ අසුන් ඇති රිය එක්පසෙකැ නවතා අතින් (මා) මුදා ලූ රියදුරු තෙම පාථිවියෙහි (මා) වළලන්නට වළක් කනී.
kn-cp:310.8
304. විවිධ වූ කාරණයෙන් තර්‍ජනය කරනු ලබනුයෙම් සම්‍යක් සම්බෝධිය මැ කරුණු කොට ඉටාගත් අධිෂ්ඨාන සඞ්ඛ්‍යාත ව්‍රතාධිෂ්ඨානය නො බින්දෙමි.
kn-cp:310.9
305. මට මවුපිය දෙදෙන ද්වේෂ්‍ය නො වෙති. මට ආත්මය අප්‍රිය වූයේ නො ද වෙයි. යම් හෙයකින් මට සර්‍වඥතාඥානය ප්‍රිය වී ද එහෙයින් ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-cp:310.10
306. තෙල මූගභාවාදි අඞ්ගයන් ඉටාගෙන සොළොස් වසක් විසීමි. අධිෂ්ඨානයෙන් මා හා සම වූයෙක් නැති. තෙල මාගේ අධිෂ්ඨාන පාරමිතාව යි.
kn-cp:310.11
සවැනි වූ තේමිය පණ්ඩිත චරියා යි.
kn-cp:310.12
අධිෂ්ඨාන පාරමිතා නිමි.
kn-cp:312.1
5. සත්‍ය පාරමිතාව
kn-cp:312.2
7. කපිරාජ චරියාව
kn-cp:312.3
307. යම් කලෙකැ මම් කපිරජ වැ උපනිම් ද එකල්හි ගංතෙරෙකැ පිහිටි ගල්ගුහායෙකැ වාසය කෙළෙම් කිඹුලකු විසින් පීඩිත වූයෙම් මම ඔබිනොබ ගමන නො ලද්මි.
kn-cp:312.4
308. මම් යම් පෙදෙසෙක් (ගඟ මැද පිටිපහණෙක්) හි සිට මෙතෙරින් එතෙරට පනිම්ද ඒ පිටිගල්හි සතුරු වූ වධක වූ රෞද්‍ර දර්‍ශන ඇති කිඹුලෙක් හුන්නේ ය.
kn-cp:312.5
309. හෙතෙම ‘එව’යි මට කී යැ. මම් ‘එමි’යි ඔහුට කීයෙම්. (මම්) ඔහුගේ හිස ඇක්ම එතෙර ඉවුරෙහි පිහිටියෙමි.
kn-cp:312.6
310. ඔහට (මවිසින්) බොරු නොකියන ලද. මම් වචනය පරිදි කෙළෙමි. සබවසින් මා හා සමයෙක් නැති. මේ මාගේ සත්‍යපාරමිතා යි.
kn-cp:312.7
සත්වැනි කපිරජචරියාව යි.
kn-cp:312.8
8. සත්‍යතාපස චරියාව
kn-cp:312.9
311. තවද අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් සත්‍ය නම් වූ තාපස වීම් ද එකල්හි මම් සත්‍යයෙන් ලොවැ පාලනය කෙළෙමි. ජනයා සමගි කෙළෙමි.
kn-cp:312.10
අටවැනි සත්‍යතාපස චරියාව යි.
kn-cp:312.11
9. වට්ටපෝතක චරියාව
kn-cp:312.12
312. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙකැ මම් මගධ රටැ නූපන් පියාපත් ඇති තරුණ මාංශපේශියක් වූ වටුපොව් වැ කසල්ලෙහි විසීම් ද (එකල්හි)
kn-cp:312.13
313. මව මුවතුඩින් අහර ගෙනවුත් මා පෝෂණය කෙරෙයි. ඇගේ පහසින් (උණුසුම් වැ) දිවි රක්මි. මට කායිකබලයෙක් නැති.
kn-cp:314.1
314. හවුරුදු පතා ගිම් කල්හි ළැව්ගිනි ඇවිළෙයි. (අශුද්ධයන් ශුද්ධ කරන බැවින්) පාවක නම් වූ (ගිය මඟ හළු කරන බැවින්) කණ්හවත්තනී නම් වූ ගින්න අප කරා එළැඹෙයි.
kn-cp:314.2
315. මෙසෙයින් මහසිළු ඇති ගින්න ‘ධම ධම’ අනුකරණ උපදවා හඬ නඟමින් අනුක්‍රමයෙන් දවමින් මා කරා එළැඹියේ යැ.
kn-cp:314.3
316. මාගේ මවුපිය දෙදෙන වේගයෙන් එන ගින්නට බියෙන් බියපත් වැ තැතිගත්තාහු කැදැල්ලෙහි මා හැරපියා තමා මුදා ගත්හ.
kn-cp:314.4
317. මම් පාද පක්‍ෂයන් ගමනට හළිමි (සෑදීමි) මට කායිකබලයෙක් නැති. එකල ඒ මම් ගමනබල නැතියෙම් එහිදී මෙසේ සිතීමි.
kn-cp:314.5
318. මම් (මරණින්) බියපත් වූයෙම් තැති ගන්නා ලදුයෙම් වෙවුළනුයෙම් යම් කෙනකුන් කරා දිව ගියෙම් නම් ඒ මාපිය දෙදෙන මා හැර පියා පැන ගියහ. අද මා කෙසේ කළ යුතුද!
kn-cp:314.6
319. ලෝකයෙහි ශීලගුණය ඇත. සත්‍යය ඇත. ශුවි භාවය ඇත. දයාව ඇති. ඒ සත්‍යයෙන් උතුම් වූ සත්‍යක්‍රියාව කරන්නෙමි.
kn-cp:314.7
320. මම් අතීතයෙහි වූ බුදුවරුන් සිහි කොට (ශීලාදි) ධර්‍මබලය ආවර්‍ජනා කොට සත්‍යබලය අරබයා සත්‍යක්‍රියා කෙළෙමි.
kn-cp:314.8
321. මට පියාඹනු නොහැකි පියාපත් ඇත. පියනඟනු නොහැකි පාද ඇති මවුපිය දෙදෙන ද පලාගියහ. අග්නිය නවතුව.
kn-cp:314.9
322. මා සත්‍යක්‍රියා කළ කල්හි (සත්‍යක්‍රියාව) සමඟ මහත් වූ ඇවිළගත් ගින්න ජලයට පැමිණ සෙයින් සොළොස්කිරියක් පමණ තැන් හැරපීය. සත්‍යයෙන් මා හා සමයෙක් නැති. මේ මා ගේ සත්‍ය පාරමිතාව යි.
kn-cp:314.10
නවවැනි වට්ටපෝතක චරියා යි.
kn-cp:314.11
10. මත්ස්‍යරාජ චරියාව
kn-cp:314.12
323. නැවත අන් චරියාවක් කියමි. යම් කලෙකැ (කොසොල් රට) මහවිලෙක්හි මස්රජ වැ උපනිම් ද, එකල්හි ගිම් කල, හිරු රැසින් එ විල්හි දිය සිඳීගියේ යැ.
kn-cp:314.13
324. එකල්හි කවුඩුවෝ ද ගිජුලිහිණීහු ද කොක්කු ද කබරුස්සන් හා උකුස්සෝ ද දවරෑ දෙක්හි කලල් මතුයෙහි හිඳ මසුන් කති.
kn-cp:316.1
325. එ විල්හි නෑයන් සමග පීඩිත වූ මම් මෙසේ සිතීමි. කවර උපායෙකින් ඥාතීන් දුකින් මුදාලම්දෝ හෝ’යි.
kn-cp:316.2
326. ධර්‍මයෙන් අනපේත වූ අර්‍ත්‍ථය හෙවත් සත්‍යය සලකා (නෑයනට) වහල් වූ සත්‍යක්‍රියාව දිටිමි. සත්‍යයෙහි පිහිටා නෑයන්ගේ ඒ මහාවිනාශය මුදාලීමි.
kn-cp:316.3
327. සාධූන්ගේ ධර්‍මය සිහි කොට පරමාර්‍ත්‍ථ වූ සත්‍යය සිතමින් ලොවැ යම් අවිහිංසාවක් වේ ද එය ධ්‍රැව යැ ශාස්වත යැ යි සිතමින් සත්‍යක්‍රියා කෙළෙමි.
kn-cp:316.4
328. යම් තැනක පටන් ස්වකීය ආත්මභාවය සිහි කෙරෙම් ද යම් තැනෙක පටන් නුවණැති බවට පැමිණියෙම් ද (එතැන් පටන්), දැන දැන කිසි එක් සත්ත්‍වයකුදු හිංසාකරනු ලැබුවහු නො දනිමි. මේ සත්‍ය වචනය හේතු කොට ගෙන මේඝය වැසි වසීවා.
kn-cp:316.5
329. මේඝය (වැසිවලා දෙවිය) විදුලි නඟා වැසි වස්වව. කවුඩාගේ මත්ස්‍ය නිධානය නසව. කවුඩු කැල ශෝකයට රඳව මසුන් ශෝකයෙන් මුදාලව.
kn-cp:316.6
330. උතුම් වූ සත්‍යක්‍රියාව කළ කල්හි ඒ සත්‍යක්‍රියාව සමඟ මේඝය ගර්‍ජනා කොට වළගොඩ පුරමින් ඇසිල්ලෙකින් වැස්සේ යැ.
kn-cp:316.7
331. මෙබඳු වූ උතුම් සත්‍යක්‍රියාව කොට උතුම් වීර්‍ය්‍යය කොට සත්‍යානුභාව බලය ඇසුරු කෙළෙම් මහවැසි වස්වාපීමි. සත්‍යයෙන් මට සම වූයෙක් නැති. මේ මාගේ සත්‍යපාරමිතාව යි.