Pali BJT327. අනුස්සරිත්වා සද්ධම්මං{1} පරමත්ථං විචින්තයං අකාසිං සච්චකිරියං යං ලොකෙ ධුවසස්සතං.
Sinhala BJT327. සාධූන්ගේ ධර්‍මය සිහි කොට පරමාර්‍ත්‍ථ වූ සත්‍යය සිතමින් ලොවැ යම් අවිහිංසාවක් වේ ද එය ධ්‍රැව යැ ශාස්වත යැ යි සිතමින් සත්‍යක්‍රියා කෙළෙමි.
Pali BJT328. යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං නාභිජානාමි සඤ්චිච්ච එකපාණං විහිංසිතං{2} එතෙන සච්චවජ්ජෙන පජ්ජුන්නො අභිවස්සතු.
Sinhala BJT328. යම් තැනක පටන් ස්වකීය ආත්මභාවය සිහි කෙරෙම් ද යම් තැනෙක පටන් නුවණැති බවට පැමිණියෙම් ද (එතැන් පටන්), දැන දැන කිසි එක් සත්ත්‍වයකුදු හිංසාකරනු ලැබුවහු නො දනිමි. මේ සත්‍ය වචනය හේතු කොට ගෙන මේඝය වැසි වසීවා.
Pali BJT329. අභිත්ථනය පජ්ජුන්න නිධිං කාකස්ස නාසය කාකං සොකාය රුන්ධෙහි{3} මච්ඡෙ සොකා පමොචය.
Sinhala BJT329. මේඝය (වැසිවලා දෙවිය) විදුලි නඟා වැසි වස්වව. කවුඩාගේ මත්ස්‍ය නිධානය නසව. කවුඩු කැල ශෝකයට රඳව මසුන් ශෝකයෙන් මුදාලව.
Pali BJT330. සහකතෙ සච්චවරෙ පජ්ජුන්නො{4} චාභිගජ්ජිය ථලං නින්නඤ්ච පූරෙන්තො ඛණෙන අභිවස්සථ.
Sinhala BJT330. උතුම් වූ සත්‍යක්‍රියාව කළ කල්හි ඒ සත්‍යක්‍රියාව සමඟ මේඝය ගර්‍ජනා කොට වළගොඩ පුරමින් ඇසිල්ලෙකින් වැස්සේ යැ.
Pali BJT331. එවරූපං සච්චවරං කත්වා විරියමුත්තමං වස්සාපෙසිං මහා මෙඝං{5} සච්චතෙජ බලස්සිතො සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්චපාරමීති.
Sinhala BJT331. මෙබඳු වූ උතුම් සත්‍යක්‍රියාව කොට උතුම් වීර්‍ය්‍යය කොට සත්‍යානුභාව බලය ඇසුරු කෙළෙම් මහවැසි වස්වාපීමි. සත්‍යයෙන් මට සම වූයෙක් නැති. මේ මාගේ සත්‍යපාරමිතාව යි.
Pali BJTමච්ඡරාජ චරියං දසමං.
Sinhala BJTදසවැනි වූ මව්ඡරාජචරියා යි.
Pali BJT11. කණ්හදීපායන චරියං
Sinhala BJT11. කණ්හදීපායන චරියාව
Pali BJT332. පුනාපරං යදා හොමි කණ්හදීපායනො ඉසී පරො පඤ්ඤාසවස්සානි අනභිරතො චරිං{6} අහං.
Sinhala BJT332. නැවත අනෙකක් කියමි. යම් කලෙක මම කණ්හදීපායන නම් ඍෂි වීම් ද එකල්හි මම සාධික වූ පනස්හවුරුද්දක් මුළුල්ලෙහි අධිකුශල ධර්‍මයෙහි නො ඇලුණෙම් බඹසරවස් විසීමි.
Pali BJT333. න කොචි එතං ජානාති අනභිරතිමනං මම අහං{7} කස්සචි නාචික්ඛිං අරති මෙ චරති{8} මානසෙ.
Sinhala BJT333. තෙල මාගේ අනභිරති චිත්තය කිසි එකෙකුදු නො දනි. යම් හෙයකින් මම මාගේ සිත්හි අනභිරතිය ඇතැයි කිසිවක්හට නො කීම් ද එහෙයිනි.
Pali BJT334. සබ්රහ්මචාරී මණ්ඩබ්යො{9} සහායො මෙ මහාඉසී පුබ්බකම්මසමායුත්තො සූලමාරොපණං ලභී.
Sinhala BJT334. මා ගේ යහළු වූ සමාන බඹසරවස් ඇති මණ්ඩව්‍ය නම් වූ මහා ඍෂි තෙම පූර්‍ව කර්‍මයෙකින් යුක්ත වූයේ හුලැ හිඳුවනු ලැබී.
Pali BJT335. තමහං උපට්ඨහිත්වාන ආරොග්ය මනුපාපයිං{1} ආපුච්ඡිත්වාන ආගඤ්ජිං{2} යං මය්හං සකමස්සමං.
Sinhala BJT335. මම් ඔහුට උපස්ථාන කොට (හෙවත්) ඔහු කරා එළැඹ නිරෝග බවට පැමිණවීමි. ඔහු පිළිවිස මාගේ යම් අසපුවෙක් වී ද ඒ ස්වකීය අසපුව කරා පැමිණියෙමි.
Pali BJT336. සහායො බ්රාහ්මණො මය්හං භරියං{3} ආදාය පුත්තකං තයො ජනා සමාගන්ත්වා{4} ආගඤ්ඡුං පාහුනාගතං.
Sinhala BJT336. මාගේ යහළු වූ එ බමුණු තෙම භාර්‍ය්‍යාව හා පුත්‍රයා හා රැගෙන තුන් දෙන එක් වැ ආගන්තුක වැ පැමිණියා වූ මා කරා එළඹියාහු යැ.
Pali BJT337. සම්මොදමානො තෙහි{5} සහ නිසින්නො සකමස්සමෙ දාරකො වට්ටමනුක්ඛිපං ආසිවිසමකොපයී.
Sinhala BJT337. ඔවුන් සමඟ සතුටු වෙමින් සිය අසපුවෙහි හුන්නෙමි. දරු තෙමේ පන්දු කෙළිමින් සර්‍පයකු කෝප කෙළේ යැ.
Pali BJT338. තතො සො වට්ටගතං මග්ගං අන්වෙ{6} සන්තො කුමාරකො ආසිවිසස්ස හත්ථෙන උත්තමඞ්ගං පරාමසී.
Sinhala BJT338. ඉක්බිති ඒ කුමර තෙමේ පන්දුව ගිය මඟ සොයනුයේ අතින් සර්‍පයාගේ හිස ස්පර්‍ශ කෙළේ යැ.
Pali BJT339. තස්ස ආමසනෙ කුද්ධො සප්පො විස බලස්සිතො කුපිතො පරමකොපෙන අඩංසි{7} දාරකං ඛණෙ.
Sinhala BJT339. ඔහුගේ ස්පර්‍ශයෙහි ලා විෂබල ඇසුරු කළ සර්‍ප තෙමේ අධික වූ කෝපයෙන් කිපියේ දරුවා එ කෙණෙහි දෂ්ට කෙළේ යැ.
Pali BJT340. සහ දට්ඨො ආසිවිසෙන{8} දාරකො පපති භූමියං තෙනාහං දුක්ඛිතො ආසිං මම වාහසි තං දුක්ඛං.
Sinhala BJT340. සර්‍පයා විසින් දෂ්ට කරන ලදුයේ දෂ්ට කළ කාලය හා සමග දරු තෙමේ බිම වැටිණි. එ කරුණෙන් මම් දුකට පැමිණියෙමි. එ දුක (මා ගේ ශරීරයෙහි වූවක් මෙන්) මට පැමිණියේ යැ.
Pali BJT341. ත්යාහං අස්සාස යිත්වාන දුක්ඛිතෙ සොකසල්ලිතෙ පඨමං ආකාසිං{9} තිරියං අග්ගං සච්චං වරුත්තමං.
Sinhala BJT341. මම් දුකට පැමිණි ශෝකශල්‍යයෙන් විදුනාලද ඔවුන් අස්වසා පළමු කොට ශ්‍රේෂ්ඨ වූ ඉතා උතුම් වූ සත්‍යක්‍රියාව කෙළෙමි.
Pali BJT342. සත්තාහමෙවාහං පසන්නචිත්තො පුඤ්ඤත්ථිකො අචරිං බ්රහ්මචරියං අථාපරං යඤ්චරිතං මමයිදං වස්සානි පඤ්ඤාස සමාධිකානි.{10}
Sinhala BJT342. මම් පහන්සිත් ඇතියෙම් පිනින් අර්‍ත්‍ථ ඇතියෙම් සත් දවසක් මුළුල්ලෙහි මැ බඹසර හසළෙමි. එයින් මතු මාගේ මේ යම් බඹසර සැරීමෙක් අධිකයක් සහිත පනස් හවුරුද්දක් මුළුල්ලෙහි වී ද (මෙතෙක් කල්)
Pali BJT343. අකාමකො වාහි{11} අහං චරාමි එතෙන සච්චෙන සුවත්ථි හොති හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
Sinhala BJT343. මම් නො කැමැති වැ මැ බඹසර හැසිරෙමි. මේ සත්‍යයෙන් (දරුවාට) සුව වේවා. යඤ්ඤදත්ත තෙමේ නැසුණු විෂ ඇති වැ ජීවත් වේවා.
Pali BJT344. සහසච්චෙ කතෙ මය්හං විසවෙගෙන වෙධිතො අබුජ්ඣිත්වාන වුට්ඨාසි ආරොගො චාසි මාණවො සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්චපාරමීති.
Sinhala BJT344. මා විසින් සත්‍යක්‍රියාව කළ කල්හි ඒ සත්‍යක්‍රියාව සමග විෂවේගයෙන් කම්පිත වූයේ (විසංඥ භාවයෙන්) පිබිදී නැගීසිටියේ ය. කුමාර තෙමේ ද අරෝග විය. සත්‍යක්‍රියාවෙන් මා හා සමවූයෙක් නැති. තෙල මාගේ සත්‍යපාරමිතා යි.
Pali BJTකණ්හදීපායන චරියං එකාදසමං.
Sinhala BJTඑකොළොස් වැනි කණ්හදීපායන චරියා යි.
Pali BJT12. සුතසොම චරියං
Sinhala BJT12. සුතසෝම චරියාව
Pali BJT345. පුනාපරං යදා හොමි සුතසොමො මහීපතී ගහිතො පොරිසාදෙන බ්රාහ්මණො සඞ්ගරං{1} සරිං.
Sinhala BJT345. නැවත අනෙකක් කියමි: යම් කලෙක මම සුතසෝම නම් මිහිපල් වූයෙම් ද එකල්හි පෝරිසාදයා විසින් ගන්නා ලදුයෙම් නන්‍ද බ්‍රාහ්මණ කෙරෙහි (තමා හා) කළ ප්‍රතිඥාව සිහි කෙළෙමි.
Pali BJT346. ඛත්තියානං එකසතං ආවුණිත්වා කරතලෙ{2} එතෙ සම්පමිලාපෙත්වා යඤ්ඤත්ථෙ උපනයී{3} මමං.
Sinhala BJT346. එක්සියක් කැත් රජුන්ගේ අතුල්තලයන් අවුණා තුලුන් (අහර සිඳීමෙන්) මලානික කොට මා යාග කිරීම සඳහා පැමිණ වී යැ.
Pali BJT347. අපුච්ඡි{4} මං පොරිසාදො කින්ත්වං ඉච්ඡසි නිස්සජං{5} යථාමති තෙ කාහාමි යදි මෙ ත්වං පුනෙහිසි.
Sinhala BJT347. පෝරිසාද තෙම ‘කිමෙක් ද තෙපි (මා අතින්) මිදීම කැමැත්තවු දැ’යි මා විචාළේ යැ ඉදින් තෙපි මා වෙත වටාලා එන්නවු නම් තොප ගේ කැමැත්ත පරිදි කරන්නෙමි’ යි කී.
Pali BJT348. තස්ස පටිස්සුණිත්වාන{6} පණ්හෙ ආගමනං මම උපාගන්ත්වා පුරං රම්මං රජ්ජං නීයාදයිං තදා
Sinhala BJT348. උදෑසන මැ මාගේ පැමිණීම ඔහුට පිළින කොට සිත්කලු වූ ඉඳිපත්නුවරට පැමිණි එකල්හි තුන්සියක් යොදුන් රාජ්‍යය (මව්පියන්ට) පාවාදිනිමි.
Pali BJT349. අනුස්සරිත්වා සද්ධම්මං{7} පුබ්බකං ජිනසෙවිතං බ්රාහ්මණස්ස ධනං දත්වා පොරිසාදං උපාගමිං.
Sinhala BJT349. පුරාතන වූ බුද්ධාදීන් විසින් සෙවුනා ලද සත්‍යවචන සඞ්ඛ්‍යාත සද්ධර්‍මය සිහි කොට නන්‍ද බ්‍රහ්මණයාහට ධනය දී පෝරිසාදයා කරා පැමිණියෙමි.
Pali BJT350. නත්ථි මෙ සංසයො තත්ථ ඝාතයිස්සති{8} වා නවා සච්චවාචානුරක්ඛන්තො ජීවිතං චජිතු මුපාගමිං සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්ච පාරමීති.
Sinhala BJT350. ඒ පෝරිසාදයා වෙත එළැඹීමෙහි ලා කිම මේ තෙම මා නසන්නේ දෝ හෝ, නො නසන්නේ දෝ හෝ’යි සැකයෙක් නැති. සබවස රක්නෙම් දිවි පුදා පෝරිසාදයා වෙත එළැඹියෙමි. සත්‍යවචනයෙන් ම හා සම වූයෙක් නැති. මේ මාගේ සත්‍යපරමාර්‍ත්‍ථ පාරමිතා යි.
Pali BJTසුතසොම චරියං ද්වාදසමං.
Sinhala BJTදොළොස්වැනි සුතසෝම චරියා යි.
Pali BJTසච්ච පාරමිතා නිට්ඨිතා.
Sinhala BJTසත්‍යපාරමිතා නිමි.
Pali BJT6. මෙත්තා පාරමිතා
Sinhala BJT6. මෛත්‍රී පාරමිතාව
Pali BJT13. සුවණ්ණසාම චරියං
Sinhala BJT13. සුවණ්ණසාම චරියාව
Pali BJT351. සාමො යදා වනෙ ආසිං සක්කෙන අභිනිම්මිතො පවනෙ සීහබ්යග්ඝෙහිච මෙත්තාය මුපනාමයිං.
Sinhala BJT351. යම් කලෙක මම් මහවෙනෙහි ශක්‍රයා විසින් (උපදෙස් දීමෙන්) උපදවන ලද සාම කුමාර වූයෙම් ද එකල්හි මහවෙනෙහි සිංහ ව්‍යාඝ්‍රයනුදු මෙත් වැඩීමෙන් පැතිර වීමි. (සිහ වගහු පවා මෙත්සිත් ලැබූහ’යි සේයි.)
Pali BJT352. සීහබ්යග්ඝෙහි දීපීහි අච්ඡෙහි මහි{1}සෙහි ච පසදමිගවරාහෙහි පරිවාරෙත්වා වනෙ වසිං.
Sinhala BJT352. සිහවගුන් විසිනුදු දිවියන් විසිනුදු වලසුන් විසිනුදු මිහිවුන් විසිනුදු පසදමුවන් හූරන් විසිනුදු පිරිවරා වෙනෙහි විසීමි.
Pali BJT353. න මං කොචි උත්තසති, නපිහං භායාමි කස්සචි, මෙත්තාබලෙනුපතත්ථ’ද්ධො රමාමි පවනෙ තදාති.
Sinhala BJT353. කිසි සත්ත්‍වයෙක් මා නො තැතිගන්වයි. (මම්) කිසිවක්හට බිය නො වෙමි. එකල්හි මෙත් බලයෙන් වහල්ලදුයෙම් මහවෙනෙහි සිත්අලවා වාසය කෙළෙමි.
Pali BJTසුවණ්ණ සාම චරියං තෙරසමං.
Sinhala BJTතෙළෙස්වැනි සුවණ්ණසාම චරියා යි.
Pali BJT14. එකරාජ චරියං
Sinhala BJT14. ඒකරාජ චරියාව
Pali BJT354. පුනාපරං යදා හොමි එකරාජාති විස්සුතො පරමං සීලං අධිට්ඨාය{2} පසාසාමි මහාමහිං.
Sinhala BJT354. නැවත අන් චරියාවක් කියමි. යම් කලෙක මම් ඒකරාජ යයි ප්‍රසිද්ධ වූයෙම් ද එකල්හි උතුම් වූ දශකුශල කර්‍මපථශීලය සමාදාන වශයෙන් ඉටාගෙන මහපොළොව අනුශාසනා කෙළෙමි.
Pali BJT355. දසකුසලකම්මපථෙ වත්තාමි අනවසෙසතො චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගණ්හාමි{3} මහාජනං.
Sinhala BJT355. දශකුශලකර්‍මපථයෙහි නිරවශේෂ කොට සමාදන් වැ පවතිමි. සිව්සඟරාවතින් මහාජනයා සඞ්ග්‍රහ කරමි.
Pali BJT356. එවං මෙ අප්පමත්තස්ස ඉධලොකෙ පරත්ථ ච දබ්බසෙනො උපාගන්ත්වා අච්ඡින්දන්තො පුරං මමං.{4}
Sinhala BJT356. මෙසේ මෙලොව ද පරලොව ද මා අප්‍රමාද වැ වසන කල්හි දබ්බසේන නම් කොසොල් රජ (සිවුරඟසෙන් රැගෙන මාගේ රාජ්‍යයට) පැමිණ මා ගේ බරණැස් නුවර අසිඳගන්නේ–
Pali BJT357. රාජූපජීවෙ නිගමෙ සබලට්ඨෙ සරට්ඨකෙ{5} සබ්බං හත්ථගතං කත්වා කාසුයං නිඛණී මමං.
Sinhala BJT357. බලසෙනඟ සහිත වූ රටවැසියා සහිත වූ ඇමති ආදි රාජූපජීවීන් ද නියම්ගම් වැසියන් ද යන සියල්ල අත්පත් කොට ගෙන මාවළෙක වළලැවී.
Pali BJT358. අමච්චමණ්ඩලං රජ්ජං ඵීතං අන්තෙපුරං මම අච්ඡින්දිත්වාන ගහිතං පියං පුත්තංව පස්සහං මෙත්තාය මෙ සමො නත්ථි එසා මෙ මෙත්තාපාරමීති.
Sinhala BJT358. මා ගේ ඇමැතිමඬුලු ද සමෘද්ධ වූ රාජ්‍යය ද ඇතොවුරු ද අසිඳ ගන්නාලදුවහු මම් ප්‍රියපුත්‍රයකු සෙයින් දිටිමි. මෙත් වැඩීමෙන් මා හා සම වූයෙක් නැති. මේ මාගේ මෛත්‍රී පාරමිතාව යි.
Pali BJTඑකරාජචරියං චුද්දසමං.
Sinhala BJTතුදුස්වැනි ඒකරාජ චරියා යි.
Pali BJTමෙත්තා පාරමිතා නිට්ඨිතා.
Sinhala BJTමෛත්‍රී පාරමිතා නිමි.
Pali BJT7. උපෙක්ඛා පාරමිතා
Sinhala BJT7. උපෙක්ඛා පාරමිතාව
Pali BJT15. මහාලොමහංස චරියං
Sinhala BJT15. මහාලෝමහංස චරියාව
Pali BJT359. සුසානෙ සෙය්යං කප්පෙමි ජවට්ඨිකං උපනිධාය හං{1} ගොමණ්ඩලා{2} උපාගන්ත්වා{3} රූපං දස්සෙන්ති නප්පකං{4}
Sinhala BJT359. (ලෝමහංස වැ උපන්) මම මිනීඇටයක් කන්වයින් කොට සොහොනෙකැ ශයනය කෙළෙමි. එකල්හි ගම්දරුවෝ මා වෙත පැමිණ නන්වැදෑරුම් විප්‍රකාර දැක්වූහ.
Pali BJT360. අපරෙ ගන්ධඤ්ච මාලඤ්ච{5} භොජනං විවිධං බහුං උපායනාන්යුපනෙන්ති හට්ඨා සංවිග්ගමානසා.
Sinhala BJT360. ඔවුන් කෙරෙහි ඇතැම් කෙනෙක් සතුටු වූවාහු සංවේගයට පැමිණි සිත් ඇත්තාහු ගඳමල් ද විවිධ වූ බොහෝ වූ භෝජන ද යන පඬුරු එළවත්.
Pali BJT361. යෙ මෙ දුක්ඛං උපදහන්ති යෙ ච දෙන්ති සුඛං මම සබ්බෙසං සමකො හොමි දයාකොපො{6} නවිජ්ජති.
Sinhala BJT361. යම් කෙනෙක් මට දුක් උපදවත් ද යම් කෙනෙක් මට සුව උපදවත් ද එ හැම දෙනකුන්ට සම වූයෙම් වෙමි. (උපකාරකයනට) දයාවෙක් හෝ (අපකාරකයනට) කොපයෙක් හෝ නැති.
Pali BJT362. සුඛදුක්ඛතුලා භූතො යසෙසු අයසෙසුච සබ්බත්ථ සමකො හොමි එසා මෙ උපෙක්ඛා පාරමීති.
Sinhala BJT362. සුවදුක් දෙක්හි දු යශස්හි දු අයශස්හි දු මැදහත් වූයෙම් සියලු අටලෝදහම්හි සම වූයෙම් වෙමි. මේ මාගේ උපේක්‍ෂා පාරමිතා යි.
Pali BJTමහාලොමහංස චරියං පණ්ණරසමං.
Sinhala BJTපසළොස්වැනි මහාලෝමහංස චරියා යි.
Pali BJTඋපෙක්ඛා පාරමිතා නිට්ඨිතා.
Sinhala BJTඋපේක්‍ෂා පාරමිතා නිමි.
Pali BJTඋද්දාන ගාථා:
Sinhala BJTඋද්දානය:
Pali BJT363. යුධඤ්ජයො සොමනස්සො අයොඝර භිසෙනච සොණනන්දො{7} මූගපක්ඛො කපිරාජා{8} සච්චසව්හයො.
Sinhala BJT363. සුධඤ්ජය කුමාර වීමී. සෝමනස්ස නම් කුමාර වීමි. භිසාපදේශයෙන් දැක්වූ මහකඤ්චන චරියාව සමග අයොඝර රාජකුමාර ද වීමි. සෝණ පණ්ඩිත වීමි. මූගපක්ඛ නම් තේමියකුමාර වීමි. කපිරජ වැ උපන්මි. සච්ච නම් තාපස වීමි.
Pali BJT364. වට්ටකො මච්ඡරාජාච කණ්හදීපායනො ඉසි සුතසොමො පුන ආසිං සාමොච එකරාජහු උපෙක්ඛා පාරමී ආසි ඉති වුත්තං මහෙසිනා.
Sinhala BJT364. වට්ටකපෝතක වීමි. මත්ස්‍යරාජ වීමි. කණ්හදීපායන නම් ඍෂි වීමි. නැවැත සුතසෝම රජ වීමි. සාමකුමාර වැ ද ඒකරාජ වැ ද උපන්මි. ලෝමහංස චරියාවෙහි මා ගේ උපේක්‍ෂා පාරමිතාව විය. මෙසේ මහර්ෂී වූ මා විසින් බෝධිචර්‍ය්‍යායෙහි හැසිරෙන ලද.
Pali BJT365. එවං බහුවිධං දුක්ඛං සම්පත්ති ච{9} බහුවිධා{10} භවා භවෙ අනුභවිත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT365. මෙසේ කුදුමහත් භවයෙහි බහුප්‍රකාර වූ දුක් ද බහු ප්‍රකාර වූ සම්පත් ද විඳ උතුම් සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT366. දත්වා දාතබ්බකං දානං සීලං පූරෙත්වා අසෙසතො නෙක්ඛම්මෙ{11} පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT366. (දානපාරමිතාදි භේද ඇති) දියයුතු දන් දී නිරවශේෂ කොට (කායිකසංවරාදි භේද ඇති) සිල් පුරා (ත්‍රිවිධ වූ මැ) මහාභිනිෂ්ක්‍රමණයෙහි පරතෙරට පැමිණ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT367. පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා විරියං කත්වාන මුත්තමං{1} ඛන්තියා පාරමිං ගන්ත්වා පත්තො සම්බොධි මුත්තමං.
Sinhala BJT367. පණ්ඩිතයන් පිළිවිසැ (ප්‍රඥාපාරමිතාව පුරා) උතුම් වූ ප්‍රධන් වීර්‍ය්‍ය කොට ක්‍ෂාන්තියෙහි පරම කෝටියට පැමිණ උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT368. කත්වා දළ්හමධිට්ඨානං සච්චවාචානුරක්ඛිය{2} මෙත්තාය පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT368. කුශලසමාදානාදියට දෘඪ අධිෂ්ඨාන කොට (ජීවිතාන්තරායෙහි පවා) සත්‍යවචනය ආරක්‍ෂා කොට මෛත්‍රියෙහි පරමොත්කර්‍ෂයට පැමිණ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT369. ලාභාලාභෙ යස යසෙ සම්මානනාවමානනෙ සබ්බත්ථ සමකො හුත්වා පත්තො සම්බාධි මුත්තමං.
Sinhala BJT369. ලාභාලාභයෙහි දු යශස් අයශස්හි දු සම්මානන අවමානනයෙහි දු සියලු තැන්හි සමසිත් ඇති වැ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT370. කොසජ්ජං භයතො දිස්වා විරියාරම්භඤ්ච ඛෙමතො ආරද්ධවිරියා හොථ එසා බුද්ධානුසාසනී{3}
Sinhala BJT370. කුසීත බව භය විසින් දැක වීර්‍ය්‍යාරම්භය නිර්‍භය විසින් ද දැක (අධිශීලශික්‍ෂාදි) සම්භෝගයෙහි ආරබ්ධවීර්‍ය්‍ය ඇති වවු. මේ බුදුවරුන්ගේ අනුශාසනා යි.
Pali BJT371. විවාදං භයතො දිස්වා අවිවාදඤ්ච ඛෙමතො සමග්ගා සඛිලා හොථ එසා බුද්ධානුසාසනී{4}
Sinhala BJT371. විවාදය භය විසින් ද අවිවාදය නිර්‍භය විසින් ද දැක (කායචිත්ත දෙකින්) සමඟ වූවාහු (ඔවුනොවුන් කෙරෙහි මෘදු වූ සිත් ඇත්තාහු වවු) මේ බුදුවරුන්ගේ අනුශාසනායි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT372. (සමෘතිවිප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදය භය විසින් ද අප්‍රමාදය නිර්‍භය විසින් ද දැක අෂ්ටාඞ්ගික වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩවු. මේ බුදුවරුන්ගේ අනුශාසනා යි.
Pali BJTයුධඤ්ජයවග්ගො තතියො.
Sinhala BJTතුන් වැනි යුධඤ්ජයවර්‍ග යි.
Pali BJTඉත්ථං සුදං භගවා අත්තනො පුබ්බචරියං සම්භාවයමානො බුද්ධාපදානියං නාම ධම්මපරියායං අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ බුදුහු තමන් වහන්සේ ගේ පූර්‍වජාතීන්හි ප්‍රතිපත්ති දුෂ්කරක්‍රියාව අතැඹුලක් සෙයින් ප්‍රකාශ කරන සේක් බුද්ධාපදානිය නම් වූ ධර්‍මදේශනාව වදාළසේක.
Pali BJTචරියාපිටකපාළි සමත්තා{5}
Sinhala BJTචරියාපිටකපෙළ නිමි.