Cariyāpiṭaka

Basket of Conduct

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 466

SegmentPali BJTSinhala BJT
Pali BJT2. සොමනස්ස චරියං
Sinhala BJT2. සෝමනස්ස චරියාව
Pali BJT245. පුනාපරං යදා හොමි ඉන්දපත්තෙ පුරුත්තමෙ කාමිතො දයිතො පුත්තො සොමනස්සොති විස්සුතො.
Sinhala BJT245. නැවත අනෙකක් කියමි: යම් කලෙක මම ඉන්‍ද්‍රප්‍රස්ථ නම් උතුම් පුරයෙහි (මවුපියන් විසින්) පතන ලද ප්‍රිය කරනලද ‘සෝමනස්ස’යයි ප‍්‍රසිද්ධ වූ රාජපුත්‍ර වූයෙම් ද, (එකල් හි මම)
Pali BJT246. සීලවා ගුණ සම්පන්නො කල්යාණපටිභාණවා වුද්ධාපචායී හිරිමා සඞ්ගහෙසු ච කොවිදො.
Sinhala BJT246. සිල්වත් වූයෙම්, (ශ‍්‍ර‍්‍රද්ධාදි) ගුණයෙන් යුක්ත වූයෙම් සුන්‍දර වූ ප‍්‍රඥා ඇතියෙම් ජාතිවෘද්ධ ශිලවෘද්ධයන් පුදනසුලු වූයෙම් (පාපජිගුච්ජන ලක්‍ෂණ) ලජ්ජා ඇතියෙම් සතර සඞ්ග‍්‍රහවස්තුයෙහි දක්‍ෂ වූයෙම් වෙමි.
Pali BJT247. තස්ස රඤ්ඤො පතිකරො අහොසි කුහකතාපසො ආරාමං මාලාවච්ඡඤ්ච රොපයිත්වාන ජීවති
Sinhala BJT247. එ කූරුරජුට වල්ලභ වූ කුහක තාපසයෙක් විය. (හෙතෙම) පුෂ්පාරාම ඵලාරාම ද මල්ගොමු ද රෝපණය කොට ජීවත් වෙයි.
Pali BJT248. තමහං දිස්වාන කුහකං ථුසරාසිංව අතණ්ඩුලං{1} දුමං අන්තො ව සුසිරං කදලිංව අසාරකං.
Sinhala BJT248. මම් සහල් නැති බොල්රැසක් වැනි වූ ඇතුළත සිදුරු ඇති රුකක් වැනි වූ හර නැති කෙසෙල් ගසක් වැනි වූ ඒ කූහකයා දැක–
Pali BJT249. නත්ථි’මස්ස සතං ධම්මො සාමඤ්ඤාපගතො අයං හිරි සුක්කධම්මජහිතො ජීවිතවුත්තිකාරණා.
Sinhala BJT249. මොහුට ධ්‍යානාදි වූ සත්පුරුෂයන්ගේ ධර්‍මයෙක් නැත. මේ තෙම ශීලාදි ශ්‍රමණභාවයෙන් පහවූයෙක. හරනලද හිරි සඞ්ඛ්‍යාත කුශල ධර්‍ම ඇතියෙක (හුදෙක්) දිවිවැටුම් හේතුයෙන් (තාපසලිඞ්ගයෙන්) හැසිරෙයි.
Pali BJT250. කුපිතො අහොසි පච්චන්තො අටවීහි පරන්තිහි තං නිසෙධෙතුං ගච්ඡන්තො අනුසාසි පිතා මමං.
Sinhala BJT250. දේශසීමාන්තරවාසී වූ වනවැසියන් විසින් ප‍්‍රත්‍යන්‍තය කෝප කරන ලද්දේ විය. ඒ (ප්‍රත්‍යන්‍තකෝපය) සන්හිඳුවනු පිණිස යන පිය රජ තෙමේ මට (මෙසේ) අනුශාසනා කළේ යැ.
Pali BJT251. මා පමජ්ජි තුවං තාත ජටිලං උග්ගතාපනං යදිච්ඡකං පවත්තෙහි සබ්බකාමදදො හි සො.
Sinhala BJT251. “පුත, තෙපි උග‍්‍ර වූ තපස් ඇති ජටිලයාහට නහමක් ප‍්‍රමාද වෙව. ඔහුගේ සිතට අනුකූල වැ පවතුව. හෙතෙම (අපට) සියලු කැමැතිදෑ දෙනුසුලු වූයේ මැ යැ.”
Pali BJT252. තමහං ගන්ත්වානු’ පට්ඨානං ඉදං වචනමබ්රවිං කච්චිතෙ ගහපති කුසලං කිං වා තෙ ආහරීයතු.
Sinhala BJT252. මම් එ තවුසා වෙත උවැටනට ගොස් ‘ගෘහපතිය, කිම තොපට ආරෝග්‍ය ද? කුමක් හෝ තොපට ගෙනායුතූ දැ යි මෙ වදන් කීමි.
Pali BJT253. තෙන සො කුපිතො ආසි කුහකො මානනිස්සිතො ඝාතාපෙමි තුවං අජ්ජ රට්ඨා පබ්බාජයාමි වා.
Sinhala BJT253. මානනිශ්ශ්‍රිත වූ ඒ කුහක තෙම ඒ ගෘහපතිවාදයෙන් කිපියේ විය. ‘තා අද (රජු ආ කල්හි මැ) නස්වමි, රටින් හෝ නෙරවමි’ යි කී.
Pali BJT254. නිසෙධයිත්වා පච්චන්තං රාජා කුහකමබ්රවි කච්චි තෙ භන්තෙ ඛමනීයං සම්මානො තෙ පවත්තිතො තස්ස ආචික්ඛති පාපො කුමාරො යථා නාසියො.
Sinhala BJT254. රජ තෙම පසල්දනවු සන්හිඳුවා (පැමිණ) කුහකයාහට ‘වහන්ස, කිම තොපට සහනය කොට හැකි ද? තොපට (කුමරහු විසින්) සම්මාන පවත්වන ලද දැ?’ය ි කී. පවිටු තවුස් තෙම කුමර යම්සේ නැසියයුතු ද එසෙයින් රජහට කී යැ.
Pali BJT255. තස්ස තං වචනං සුත්වා ආණාපෙසි මහීපති සීසං තත්ථෙව ඡින්දිත්වා කත්වාන චතුඛණ්ඩිකං රථියා රථියං දස්සෙථ සා ගතී ජටිලහීළිතො.{2}
Sinhala BJT255. පෘථිවීශ්වර තෙම ඔහුගේ එ තෙපුල් අසා ‘එහි (දුටුතැන) මැ (කුමරහුගේ) හිස් සිඳ සතරකඩක් කොට ඒ ජටිලයනට නින්‍දා කළ හෙයින් විපාක යයි වීථියෙන් වීථියෙහි දක්වාලව’යි ඇණවී.
Pali BJT256. තත්ථ කාරණිකා ගන්ත්වා චණ්ඩා ලුද්දා අකාරුණා මාතු අඞ්කෙ නිසින්නස්ස ආකඩ්ඪිත්වා නයන්ති මං.
Sinhala BJT256. එ රජුගේ ආඥායෙහි ලා චණ්ඩ වූ රෞද්‍ර වූ අකාරුණික වූ වධකයෝ ගොස් මවගේ ඇකයෙහි හුන් මට අනදර කොට ඇද මා (වධක ස්ථානයට) ගෙන යති.
Pali BJT257. තෙසාහං එවමවචං බන්ධතං ගාළ්හබන්ධනං “රඤ්ඤො දස්සෙථ මං ඛිප්පං රාජකිරියානි අත්ථිමෙ”.
Sinhala BJT257. දැඩි බැඳුමින් බඳනා ඔවුනට මම් මෙසේ කීමි. ‘වහා මා රජහට දක්වව, මට රාජකාර්‍ය්‍යයෝ ඇතැ’ යි.
Pali BJT258. තෙ මං රඤ්ඤො දස්සයිංසු පාපස්ස පාපසෙවිනො දිස්වාන තං සඤ්ඤපෙසිං{1} මමඤ්ච වසමානයිං.
Sinhala BJT258. ඔහු පවිටු වූ, පවිටු තවුසා සෙවුනා වූ රජුට මා දක්වාලූහ. ඔහු දැක (ඔහුගේ කූටතාපස භාවය) හඟවාලීමි. එ රජු මාගේ වසඟයට ද පැමිණවීමි.
Pali BJT259. සො මං තත්ථ ඛමාපෙසි මහාරජ්ජමදාසි මෙ සොහං තමං දාළයිත්වා පබ්බජිං අනගාරියං.
Sinhala BJT259. එහි දී එ රජ මා ක්‍ෂමා කරවිය. මට මහත් වූ රාජ්‍යය දින. ඒ මම් මොහඳුර බිඳහැර අනගාරිය වූ තවුස් පැවිද්දෙන් පැවිදි වීමි.
Pali BJT260. නමෙ දෙස්සං මහාරජ්ජං කාමභොගො න දෙස්සියො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජින්ති.
Sinhala BJT260. මට මහාරාජ්‍යය අප්‍රිය නො වෙයි. පඤ්චකාම පරිභොගය අප්‍රිය නො වෙයි. මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය පරිත්‍යාග කෙළෙමි යි.
Pali BJTසොමනස්ස චරියං දුතියං.
Sinhala BJTදෙ වැනි සෝමනස්ස චරියා යි.
Pali BJT3. අයොඝර චරියං
Sinhala BJT3. අයොඝර චරියාව
Pali BJT261. පුනාපරං යදා හොමි කාසිරාජස්ස අත්රජො අයොඝරම්හි සංවඩ්ඪො නාමෙනාසි අයොඝරො.
Sinhala BJT261. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කාසි රජුට පුත‍්‍ර වූයෙම් ද, එකල්හි (මහත් වූ) අයෝමය ගෘහයෙක් හි වැඩුණෙම් නමින් ‘අයොඝර’ නම් වීමි.
Pali BJT262. දුක්ඛෙන ජීවිතො ලද්ධො සම්පීළෙ පතිපොසිතො අජ්ජෙව පුත්ත පටිපජ්ජ කෙවලං වසුධං ඉමං.
Sinhala BJT262-263. සම්බාධයෙහි වඩන ලදුයෙම් දුකසේ දිවි ලද්දේය. පුත‍්‍රය, අද මැ රට සහිත වූ නියම්ගම් සහිත වූ ජනයා සහිත වූ මේ සියලු පෘථිවිය පිළිගනුව. මම් පියරජු වැඳ ඇඳිලි බැඳ ගෙන මෙ වදන් කීමි:
Pali BJT263. සරට්ඨකං සනිගමං සජනං වන්දිත්වා ඛත්තියං අඤ්ජලිම්පග්ගහෙත්වාන ඉදං වචනමබ්රවිං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT264. යෙ කෙචි මහියා සත්තා හීනමුක්කට්ඨමජ්ඣිමා නිරාරක්ඛා සකෙ ගෙහෙ වඩ්ඪන්ති සහ ඤාතිහි.{2}
Sinhala BJT264. පෘථිවියෙහි හීනෝත්කෘෂ්ටමධ්‍යම වූ යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු ඥාතීන් සමඟ අරක් නැති වැ වැඩෙත්.
Pali BJT265. ඉදං ලොකෙ උත්තරියං සම්පීළෙ මම පොසනං අයොඝරම්හි සංවඩ්ඪො අප්පභෙ’චන්දසූරියෙ.
Sinhala BJT265. සම්බාධයෙහි මාගේ මේ වැඩීම මෙලොවැ අසදෘශකාරණයෙක් විය. සඳ හිරු දෙදෙනා ගේ ආලෝක රහිත වූ අයෝමය ගෘහයෙහි වැඩිණිමි.
Pali BJT266. පූතිකුණපසම්පුණ්ණා{3} මුච්චිත්වා මාතු කුච්ඡිතො තතො ඝොරතරෙ දුක්ඛෙ පුන පක්ඛිත්තො අයොඝරෙ
Sinhala BJT266. පූතිකුණපයෙන් පිරුණු මවුකුසින් මිදී නැවත එ මවුකුසැ විසීමට වඩා ඉතා දරුණු දුක් ඇති අයෝමයගෘහයෙහි බහාලන ලදුයෙමි.
Pali BJT267. යදිහං තාදිසං පත්වා දුක්ඛං පරමදාරුණං රජ්ජෙසු යදි රඤ්ජාමි{4} පාපානං උත්තමො සියා{5}
Sinhala BJT267. ඉදින් මම එබඳු වූ අතිශයින් දරුණු දුකට පැමිණ රාජ්‍යයෙහි ඇලෙම් නම් ලාමක පුරුෂයන් අතුරෙහි උතුම් වෙමි.
Pali BJT271. උක්කණ්ඨිතොම්හි කායෙන රජ්ජෙනම්හි අනත්ථිකො නිබ්බුතිං පරියෙසිස්සං යත්ථ මච්චු න මද්දියෙ
Sinhala BJT271. මේ ශරීරය හේතු කොට ගෙන උකටලී වෙමි. රාජ්‍යයෙනුදු ප්‍රයෝජන නැත්තෙම් වෙමි. යම් තැනෙකැ සිටි මා මාර තෙමේ නො මඩනේ ද එ නිවන සොයන්නෙමි.
Pali BJT272. එවාහං චින්තයිත්වාන විරවන්තං මහාජනං නාගොව බන්ධනං ඡෙත්වා පාවිසිං{1} කානනං වනං.
Sinhala BJT272. මම් මෙසේ සිතා (මවුපියන් ප‍්‍රමුඛ) මහජනයා හඬන කල්හි බැඳුම් සිඳ ඇත් රජක්හු සෙයින් මහවනයට පිවිසියෙමි.
Pali BJT273. මාතා පිතා න මෙ දෙස්සා නපි මෙ දෙස්සං මහායසං සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජින්ති.
Sinhala BJT273. මවුපිය දෙදෙන මට අප්‍රිය නො වෙති. මහත් වූ යශස් මට නො ද අප්‍රිය වෙයි. මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හළිමි.
Pali BJTඅයොඝර චරියං තතියං.
Sinhala BJTතුන්වැනි අයොඝර චරියාව යි.
Pali BJT4. භිස චරියං
Sinhala BJT4. භිස චරියාව
Pali BJT274. පුනා පරං යදා හොමි කාසීනං පුරවරුත්තමෙ භගිනී භාතරො සත්ත නිබ්බත්තා සොත්ථියෙ කුලෙ.
Sinhala BJT274. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරට (බරණැස් නම්) අගනුවර (මහාකඤ්චන නම් කුමාර) වීම් ද එකල්හි නැඟණි යැ සත් සොහොයුරු යැ යන ඇපි (මන්ත‍්‍ර හදාරන) සොත්‍ථිය නම් කුලයෙහි උපන්නමෝ වූම්හ.
Pali BJT275. එතෙසං පුබ්බජො ආසිං ගිරි සුක්කමුපාගතො භවං දිස්වාන භයතො නෙක්ඛම්මාභිරතො අහං.
Sinhala BJT275. මොවුනතුරින් මම් දෙටු වූයෙම් ශුක්ල සඞ්ඛ්‍යාත වූ පව් ගරහන හිරියට පැමිණියෙම් භවය භය හෙයින් දැක නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුනෙමි.
Pali BJT276. මාතා පිතූහි පහිතා{2} සහායා එකමානසා කාමෙහි මං නිමන්තෙන්ති කුලවංසං ධාරෙහීති.
Sinhala BJT276. මව්පියන් විසින් මෙහෙයන ලද (පෙර මා හා) එක් අදහස් ඇති යහළුවෝ ‘කුලවංශය ධරව’යි කාමයෙන් මා නිමන්ත‍්‍රණය කළහ.
Pali BJT277. යං තෙසං වචනං වුත්තං ගිහී ධම්මෙ සුඛාවහං තම්මෙ අහොසි කඨිනං තත්තඵාලසමං{3} විය.
Sinhala BJT277. ඔවුන් විසින් ගිහි බැව්හි සුව එළවන යම් වදනෙක් කියන ලද ද ඒ මට රත් කළ සීවැලක් බඳු වී.
Pali BJT278. තෙ මං තදා උක්ඛීපන්තං පුච්ඡිංසු පත්ථිතං මම කිං ත්වං පත්ථයසී? සම්ම! යදිකාමෙ න භුඤ්ජසී.
Sinhala BJT278. එකල්හි ඔහු ‘යහළුව, ඉදින් කාමයන් පරිභෝග නො කරවු නම් තෙපි කුමක් ප‍්‍රාර්‍ත්‍ථනා කරවු දැ’යි මාගේ ප‍්‍රාර්‍ත්‍ථනාව (කාමයන්) ප්‍රතික්‍ෂේප කරන මා විචාළහ.
Pali BJT279. තෙසාහං එවමවචං අත්ථකාමො{4} හිතෙසිනං නාහං පත්ථෙමි ගිහීභාවං නෙක්ඛම්මාභිරතො අහං.
Sinhala BJT279. මට හිත කැමැති ඔවුනට තමහට වැඩ කැමැති මම් මෙසේ කීමි. ‘මම් ගිහි බව නො පතමි. මම් නෛෂ්ක‍්‍රම්‍යයෙහි ඇලුණෙමි’යි.
Pali BJT280. තෙ මය්හං වචනං සුත්වා පිතු මාතු ච සාවයුං{5} මාතා පිතා එවමාහු සබ්බෙපි{6} පබ්බජාම භො
Sinhala BJT280. ඔහු ම බස් අසා මවුපියනට ද ඇස්වූහ. මවුපිය දෙදෙන මෙසේ කීහ. භවත්නි, ‘ඇපි සියල්ලමෝ පැවිදි වම්හ’යි.
Pali BJT281. උභො මාතා පිතා මය්හං භගිනී ච{7} සත්ත භාතරො අමිතං ධනං ඡඩ්ඪයිත්වා පාවිසිම්හා{8} මහාවනන්ති
Sinhala BJT281. මාගේ මා පිය දෙදෙන යැ නැඟණියෝ යැ සත් සොහොවුරෝ යැ යන ඇපි අප‍්‍රමාණ වූ ධනය හැරපියා මහ වනයට පිවිසියම්හ යි.
Pali BJTභිස චරියං චතුත්ථං.
Sinhala BJTසතරවැනි භිසචරියාවයි.
Pali BJT5. සොණපණ්ඩිත චරියං
Sinhala BJT5. සෝණපණ්ඩිත චරියාව
Pali BJT282. පුනාපරං යදා හොමි නගරෙ බ්රහ්මවඩ්ඪනෙ තත්ථ කුලවරෙ සෙට්ඨෙ මහාසාළෙ අජායහං{1}
Sinhala BJT282. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් ‘බ‍්‍රහ්මවඩ්ඪන’ නම් නගරයෙහි උපනිම් ද එකල්හි මම් එහි ශ්‍රේෂ්ඨ වූ අග‍්‍ර වූ මහාසාර කුලයෙකැ උපනිමි.
Pali BJT283. තදාපි ලොකං දිස්වාන අන්ධභූතං{2} තමොත්ථතං{3} චිත්තං භවතො පතිකුටති තුත්තවෙගහතං විය
Sinhala BJT283. එකල්හි දු (පැනැස නැතියෙන්) අඳ වූ අවිදු අඳුරු වතළ ලොව දැක තෝමරයෙන් පෙළන ලද සෙයින් සිත භවයෙන් හැකිළෙයි.
Pali BJT284. දිස්වාන විවිධං පාපං එවං චින්තෙසහං තදා කදාහං ගෙහා නික්ඛම්ම පවිසිස්සාමි කානනං.
Sinhala BJT284. එකල්හි මම් නොයෙක් පව්කම් දැක මෙසේ සිතීමි. ‘කිකලෙකැ මම් ගිහිගෙන් නික්මැ වල්වදිම් දැ’ යි.
Pali BJT285. තදාපි මං නිමන්තිංසු{4} කාමභොගෙහි ඤාතයො තෙසම්පි ඡන්දමාචික්ඛිං මානිමන්තෙථ තෙහි මං{5}
Sinhala BJT285. එකල්හි දු (මාගේ) නෑයෝ කාමභෝගයෙන් මා නිමන්ත‍්‍රණය කළහ. ‘ඒ කාමයෙන් නහමක් මා නිමන්ත‍්‍රණය කරව’යි ඔවුනට දු (මාගේ) ඡන්‍දය කීමි.
Pali BJT286. යොමෙ කණිට්ඨකො භාතා නන්දොනාමාසි පණ්ඩිතො සොපි මං අනුසික්ඛන්තො පබ්බජ්ජං සමරොචයී.
Sinhala BJT286. මට පණ්ඩිත වූ ‘නන්‍ද’ නම් යම් කනිටු බෑයෙක් වී නම් හෙ ද මා අනුව හික්මෙමින් පැවිද්ද රිසි වී.
Pali BJT287. අහං සොණො ච නන්දො ච උභො මාතා පිතා මම තදාපි භොගෙ ඡඩ්ඩෙත්වා පාවිසිම්හා{6} මහාවනන්ති.
Sinhala BJT287. මම ද සෝණ ද නන්‍ද ද මාගේ මාපිය දෙදෙන ද යන ඇපි එකල්හි දු භෝගයන් හැරපියා මහවනයට පිවිසියම්හ’ යි.
Pali BJTසොණපණ්ඩිත චරියං පඤ්චමං.
Sinhala BJTපස්වැනි සෝණපණ්ඩිත චරියා යි.
Pali BJTනෙක්ඛම්මපාරමිතා නිට්ඨිතා.
Sinhala BJTනෛෂ්ක‍්‍රම්‍ය පාරමිතා නිමි.
Pali BJT4. අධිට්ඨාන පාරමිතා
Sinhala BJT4. අධිෂ්ඨාන පාරමිතාව
Pali BJT6. තෙමිය පණ්ඩිත චරියං
Sinhala BJT6. තේමිය පණ්ඩිත චරියාව
Pali BJT288. පුනා පරං යදා හොමි කාසිරාජස්ස අත්රජො මූගපක්ඛොති නාමෙන තෙමියොති වදන්ති මං.
Sinhala BJT288. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් කසීරජහට පුත්‍ර වීම් ද එකල්හි මට නමින් ‘තේමිය’ යයි ද (ව්‍රත හෙයින්) ‘මූගපක්‍ඛ’ යයි ද (මව්පිය ආදිහු) කියති.
Pali BJT289. සොළසිත්ථි සහස්සානං න විජ්ජති පුමො තදා{1} අහොරත්තානං අච්චයෙන නිබ්බත්තො අහමෙකකො.
Sinhala BJT289. එකල්හි (ඇතොවුර) සොළොස් දහසක් ස්ත්‍රීනට පුත්‍රයෙක් නො ලැබෙයි. නොයෙක් දවරැය (බොහෝ කල්) ඇවෑමෙන් එක් මැ මම් උපනිමි.
Pali BJT290. කිච්ඡා ලද්ධං පියං පුත්තං අභිජාතං ජුතින්ධරං සෙතච්ඡත්තං ධාරයිත්වාන සයනෙ පොසෙති මං පිතා.
Sinhala BJT290. (බොහෝ කල් පතාසිට) දුකසේ ලත් ජාතිසම්පන්න වූ කායද්‍යුතියෙන් හා ඥානද්‍යුතියෙන් හා සමන්‍විත වූ ප්‍රිය පුත්‍ර වූ මා ම–පිය වූ කසීරජ සේසත් නඟා සිරියහන් හි හොවා පෝෂණය කෙරෙයි.
Pali BJT291. නිද්දායමානො සයනවරෙ පබුජ්ඣිත්වානහං තදා අද්දසං පණ්ඩරං ඡත්තං යෙනාහං නිරයං ගතො.
Sinhala BJT291. එකල්හි මේ උතුම් වූ සිරියහන්හි නිදා පිබිද එයින් පෙර තෙවැනි අත්බැවැ මම යම් සේසතක් කරණ කොට ගෙන නිරයට ගියෙම් ද, ඒ සේසත දිටිමි.
Pali BJT292. සහදිට්ඨස්ස මෙ ඡත්තං තාසො උප්පජ්ජි භෙරවො විනිච්ඡයං සමාපන්නො කදාහං{2} ඉමං මුඤ්චිස්සං{3}.
Sinhala BJT292. ඒ සේසත දුටු මට දක්නා හා මැ බිය එළවන ත්‍රාසයෙක් උපන. කිසෙයින් මම මෙ රජය හැරපියම් දැ’යි විචාරණයට පැමිණියෙමි.
Pali BJT293. පුබ්බසාලොහිතා මය්හං දෙවතා අත්ථකාමිනී සාමං දිස්වාන දුක්ඛිතං තීසු ඨානෙසු යොජයී.
Sinhala BJT293. මට පෙර අත්බැවෙක සහලේ (මෑණි) වූ වැඩ කැමැති සේසතැ වෙසෙන දෙව් දුවක් වූ ද, ඕ තොමෝ (චෛතසික දුකින්) දුප්පත් වූ මා දැක තුන් කරුණෙක්හි යෙද වූ යැ.
Pali BJT294. මාපණ්ඩිච්චං{4} විහාය බාලමතො භව සබ්බපාණිනං{5} සබ්බො ජනො ඔචිනායතු{6} එවං තව අත්ථො{7} භවිස්සති.
Sinhala BJT294. පණ්ඩිත බව නහමක් පාළ කරව. සියලු සත්ත්‍වයන් විසින් ‘බාලයෙකැ’යි දන්නා ලදුයෙහි වෙව, (ඇතුළත පිටත) සියලු ජන තෙමේ (මූ බැහැර ලවයි) අවඥා කෙරේවා, මෙසේ කල්හි තොපට වැඩෙක් වන්නේ ය.
Pali BJT295. එවං වුත්තාය හං තස්සා ඉදං වචනමබ්රවිං{8} කරොමි තෙ නං වචනං යං ත්වං{9} භණසි දෙවතෙ අත්ථකාමාසි මෙ අම්ම! හිතකාමාසි දෙවතෙ!.
Sinhala BJT295. මෙසේ කී ඒ දෙව්දුවට මම් මෙ වදන් කීම්, දෙවිය, තෝ යම් බසක් කියෙහි නම්, තී ගේ එ වචනය කෙරෙමි. මෑණියනි, දෙවිය (තෙපි) මට වැඩ කැමැතියව, සුව කැමැතියව.
Pali BJT296. තස්සාහං වචනං සුත්වා සාගරෙව ථලං ලභිං හට්ඨො සංවිග්ගමානසො තයො අඞ්ගෙ අධිට්ඨහිං.
Sinhala BJT296. මම් ඇගේ බස් අසා සාගරයෙහි ගැලෙන්නක්හු ගොඩබිමක් සෙයින් ප්‍රතිෂ්ඨා ලද්මි. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් තුන් අඟ ඉටා ගතිමි.
Pali BJT297. මූගො අහොසිං බධිරො පක්ඛො ගති විවජ්ජිතො එතෙ අඞ්ගෙ අධිට්ඨාය වස්සානං සොළසං{1} වසිං.
Sinhala BJT297. (නොගොළු වැ) ගොළු වීමි. (නො බිහිරි වැ) බිහිරි වීමි. (නො පිළු වැ) හළ ගමන් ඇති පිළු වීමි. තෙල තුන් අඟ ඉටාගෙන සොළොස් හවුරුද්දක් විසීමි.
Pali BJT298. තතො මෙ හත්ථපාදෙ ච ජිව්හං{2} සොතඤ්ච මද්දිය අනූනතං මෙ පස්සිත්වා කාලකංණීති නින්දිසුං{3}
Sinhala BJT298. ඉක්බිති මාගේ අත්පා ද දිව ද කන ද මැඩ (විමසා) මාගේ අවිකල බව දැක මේ තෙම කාලකණ්ණියෙකැ යි නිගා කළහ.
Pali BJT299. තතො ජානපදා{4} සබ්බෙ සෙනාපති පුරොහිතා සබ්බෙ එකමනා හුත්වා ඡඩ්ඩනං අනුමොදිසුං{5}.
Sinhala BJT299. අනතුරු වැ සියලු දනව් වැසියෝ ද සෙනෙවි පෙරෙවි ජනයෝ ද යන සියල්ලෝ එක්සිත් වැ මා බැහැර කිරීම අනුමෝදන් වූහ.
Pali BJT300. සොහං තෙසං මතිං සුත්වා හට්ඨො සංවිග්ගමානසො යස්සත්ථාය තපො චිණ්ණො සොමෙ අත්ථො සමිජ්ඣථ.
Sinhala BJT300. එ මම් ඔවුන් ගේ අධිප්‍රාය අසා සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇති වීමි. යම් කරුණක් සඳහා (මූගහාවාදි ව්‍රත සඞ්ඛ්‍යාත) තපස පිරුයෙම් ද මාගේ එ අර්‍ත්‍ථය සමෘද්ධ වී.
Pali BJT301. නහාපෙත්වා{6} අනුලිම්පිත්වා වෙඨෙත්වා රාජවෙඨනං ඡත්තෙන අභිසිඤ්චීත්වා{7} කාරෙසුං පුර{8} පදක්ඛිණං.
Sinhala BJT301. ගඳ දියෙන් මා නහවා විලෙවුන් ගල්වා රජවොටුනු හිස පළඳවා රාජාභිෂේකයෙන් අභිෂේක කොට සේසතින් යුක්ත කොට නුවර පැදකුණු කරවූහ.
Pali BJT302. සත්ත හං ධාරයිත්වාන උග්ගතෙ රවිමණ්ඩලෙ රථෙන මං නීහරිත්වා සාරථී වනමුපාගමී.
Sinhala BJT302. සතියක් මුළුල්ලෙහි සේසත් දරා රිවිමඬුලු උදාවූ ඇසිල්ලෙහි රියදුරු තෙමේ රියෙකින් මා බැහැර කොට මහවනයට එළැඹියේ ය.
Pali BJT303. එකොකාසෙ රථං කත්වා සජ්ජස්සං{9} හත්ථමුඤ්චිතො{10} සාරථී ඛණතී කාසුං නිඛාතුං පඨවියා{11} මමං{12}
Sinhala BJT303. යෙදූ අසුන් ඇති රිය එක්පසෙකැ නවතා අතින් (මා) මුදා ලූ රියදුරු තෙම පාථිවියෙහි (මා) වළලන්නට වළක් කනී.
Pali BJT304. අධිට්ඨිතමධිට්ඨානං තජ්ජෙන්තො{13} විවිධකරණා නාභින්දිං{14} වතමධිට්ඨානං බොධියා යෙව කාරණා.
Sinhala BJT304. විවිධ වූ කාරණයෙන් තර්‍ජනය කරනු ලබනුයෙම් සම්‍යක් සම්බෝධිය මැ කරුණු කොට ඉටාගත් අධිෂ්ඨාන සඞ්ඛ්‍යාත ව්‍රතාධිෂ්ඨානය නො බින්දෙමි.
Pali BJT305. මාතා පිතා න මෙ දෙස්සා අත්තා මෙ න ච{15} දෙස්සියො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා වතමධිට්ඨහිං.
Sinhala BJT305. මට මවුපිය දෙදෙන ද්වේෂ්‍ය නො වෙති. මට ආත්මය අප්‍රිය වූයේ නො ද වෙයි. යම් හෙයකින් මට සර්‍වඥතාඥානය ප්‍රිය වී ද එහෙයින් ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT306. එතෙ අඞ්ගෙ අධිට්ඨාය වස්සානි සොළසිං{16} වසිං{17} අධිට්ඨානෙන සමො නත්ථි එසා මෙ අධිට්ඨානපාරමීති.
Sinhala BJT306. තෙල මූගභාවාදි අඞ්ගයන් ඉටාගෙන සොළොස් වසක් විසීමි. අධිෂ්ඨානයෙන් මා හා සම වූයෙක් නැති. තෙල මාගේ අධිෂ්ඨාන පාරමිතාව යි.
Pali BJTතෙමිය{18} චරියං ඡට්ඨමං.
Sinhala BJTසවැනි වූ තේමිය පණ්ඩිත චරියා යි.
Pali BJTඅධිට්ඨානපාරමිතා නිට්ඨිතා.
Sinhala BJTඅධිෂ්ඨාන පාරමිතා නිමි.
Pali BJT5. සච්ච පාරමිතා
Sinhala BJT5. සත්‍ය පාරමිතාව
Pali BJT7. කපිරාජ චරියං
Sinhala BJT7. කපිරාජ චරියාව
Pali BJT307. යදා අහං කපි ආසිං නදී කූලෙ දරීසයෙ පීළිතො සුංසුමාරෙන{1} ගමනං නලභාමිහං{2}
Sinhala BJT307. යම් කලෙකැ මම් කපිරජ වැ උපනිම් ද එකල්හි ගංතෙරෙකැ පිහිටි ගල්ගුහායෙකැ වාසය කෙළෙම් කිඹුලකු විසින් පීඩිත වූයෙම් මම ඔබිනොබ ගමන නො ලද්මි.
Pali BJT308. යම්හොකාසෙ අහං ඨත්වා ඔර{3} පාරං පතාමහං තත්ථච්ඡි සත්තු{4} වධකො කුම්හීලො ලුද්ද{5} දස්සනො.
Sinhala BJT308. මම් යම් පෙදෙසෙක් (ගඟ මැද පිටිපහණෙක්) හි සිට මෙතෙරින් එතෙරට පනිම්ද ඒ පිටිගල්හි සතුරු වූ වධක වූ රෞද්‍ර දර්‍ශන ඇති කිඹුලෙක් හුන්නේ ය.
Pali BJT309. සොමං අසංසි{6} එහීති අහමෙමීති{7} තං වදිං{8} තස්ස මත්ථකමක්කම්ම පරකුලෙ පතිට්ඨහිං.
Sinhala BJT309. හෙතෙම ‘එව’යි මට කී යැ. මම් ‘එමි’යි ඔහුට කීයෙම්. (මම්) ඔහුගේ හිස ඇක්ම එතෙර ඉවුරෙහි පිහිටියෙමි.
Pali BJT310. න තස්ස අලිකං භණිතං යථා වාචං අකාසහං සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්ච පාරමීති.
Sinhala BJT310. ඔහට (මවිසින්) බොරු නොකියන ලද. මම් වචනය පරිදි කෙළෙමි. සබවසින් මා හා සමයෙක් නැති. මේ මාගේ සත්‍යපාරමිතා යි.
Pali BJTකපිරාජ චරියං සත්තමං.
Sinhala BJTසත්වැනි කපිරජචරියාව යි.
Pali BJT8. සච්ච තාපස චරියං
Sinhala BJT8. සත්‍යතාපස චරියාව
Pali BJT311. පුනා පරං යදා හොමි තාපසො සච්චසව්හයො සච්චෙන ලොකං පාලෙසිං{9} සමග්ගං ජනමකාසහන්ති.
Sinhala BJT311. තවද අනෙක් චරියාවක් කියමි. යම් කලෙක මම් සත්‍ය නම් වූ තාපස වීම් ද එකල්හි මම් සත්‍යයෙන් ලොවැ පාලනය කෙළෙමි. ජනයා සමගි කෙළෙමි.
Pali BJTසච්ච පණ්ඩිත චරියං අට්ඨමං.
Sinhala BJTඅටවැනි සත්‍යතාපස චරියාව යි.
Pali BJT9. වට්ටපොතක චරියං.
Sinhala BJT9. වට්ටපෝතක චරියාව
Pali BJT312. පුනාපරං යදා හොමි මගධෙ වට්ට පොතකො අජාතපක්ඛො තරුණො මංසපෙසී කුලාවකෙ.
Sinhala BJT312. නැවත අනෙක් චරියාවක් කියමි. යම් කලෙකැ මම් මගධ රටැ නූපන් පියාපත් ඇති තරුණ මාංශපේශියක් වූ වටුපොව් වැ කසල්ලෙහි විසීම් ද (එකල්හි)
Pali BJT313. මුඛතුණ්ඩකෙ{10} නාහරිත්වා මාතා පොසයතී මමං තස්සා ඵස්සෙන ජීවාමි නත්ථි මෙ කායිකං බලං.
Sinhala BJT313. මව මුවතුඩින් අහර ගෙනවුත් මා පෝෂණය කෙරෙයි. ඇගේ පහසින් (උණුසුම් වැ) දිවි රක්මි. මට කායිකබලයෙක් නැති.
Pali BJT314. සංවච්ඡරෙ ගිම්හසමයෙ දවඩාහො{1} පදිප්පති උපගච්ඡති අම්හාකං පාවකො කණ්හවත්තනී.
Sinhala BJT314. හවුරුදු පතා ගිම් කල්හි ළැව්ගිනි ඇවිළෙයි. (අශුද්ධයන් ශුද්ධ කරන බැවින්) පාවක නම් වූ (ගිය මඟ හළු කරන බැවින්) කණ්හවත්තනී නම් වූ ගින්න අප කරා එළැඹෙයි.
Pali BJT315. ධූමං ධූමං ජනිත්වෙවං{2} සද්දායන්තො මහාසිඛී අනුපුබ්බෙන ඣාපෙන්තො අග්ගී මම මුපාගමි.
Sinhala BJT315. මෙසෙයින් මහසිළු ඇති ගින්න ‘ධම ධම’ අනුකරණ උපදවා හඬ නඟමින් අනුක්‍රමයෙන් දවමින් මා කරා එළැඹියේ යැ.
Pali BJT316. අග්ගිවෙගභයා භීතා තසිතා මාතා පිතා මම කුලාවකෙ මං ඡඩ්ඩෙත්වා අත්තානං පරිමොචයුං.
Sinhala BJT316. මාගේ මවුපිය දෙදෙන වේගයෙන් එන ගින්නට බියෙන් බියපත් වැ තැතිගත්තාහු කැදැල්ලෙහි මා හැරපියා තමා මුදා ගත්හ.
Pali BJT317. පාදෙ පක්ඛෙ පජහාමි නත්ථි මෙ කායිකං බලං සො, හං අගතිකො තත්ථ එවං චින්තෙසහං තදා.
Sinhala BJT317. මම් පාද පක්‍ෂයන් ගමනට හළිමි (සෑදීමි) මට කායිකබලයෙක් නැති. එකල ඒ මම් ගමනබල නැතියෙම් එහිදී මෙසේ සිතීමි.
Pali BJT318. යෙසාහං උපධාවෙය්යං භීතො තසිතවෙධිතො තෙමං ඔහාය පක්ඛන්තා කථං මෙ අජ්ජ කාතවෙ.
Sinhala BJT318. මම් (මරණින්) බියපත් වූයෙම් තැති ගන්නා ලදුයෙම් වෙවුළනුයෙම් යම් කෙනකුන් කරා දිව ගියෙම් නම් ඒ මාපිය දෙදෙන මා හැර පියා පැන ගියහ. අද මා කෙසේ කළ යුතුද!
Pali BJT319. අත්ථි ලොකෙ සීලගුණො සච්චං සොචෙය්ය නුද්දයා තෙන සච්චෙන කාහාමි සච්චකිරියමුත්තමං.
Sinhala BJT319. ලෝකයෙහි ශීලගුණය ඇත. සත්‍යය ඇත. ශුවි භාවය ඇත. දයාව ඇති. ඒ සත්‍යයෙන් උතුම් වූ සත්‍යක්‍රියාව කරන්නෙමි.
Pali BJT320. ආවජ්ජෙත්වා ධම්ම බලං සරිත්වා පුබ්බකො ජිනෙ සච්චබලමවස්සාය සච්ච කිරියමකාසහං.
Sinhala BJT320. මම් අතීතයෙහි වූ බුදුවරුන් සිහි කොට (ශීලාදි) ධර්‍මබලය ආවර්‍ජනා කොට සත්‍යබලය අරබයා සත්‍යක්‍රියා කෙළෙමි.
Pali BJT321. සන්ති පක්ඛා අපතනා සන්ති පාදා අවඤ්චනා{3} මාතා පිතා ච නික්ඛන්තා ජාතවෙද පටික්කම.
Sinhala BJT321. මට පියාඹනු නොහැකි පියාපත් ඇත. පියනඟනු නොහැකි පාද ඇති මවුපිය දෙදෙන ද පලාගියහ. අග්නිය නවතුව.
Pali BJT322. සහ සච්චෙ කතං මය්හං මහා පජ්ජලිතො සිඛී වජ්ජෙසි සොළස කරීසානි උදකම්පත්වා{4} යථා සිඛී සච්චෙන මෙ සමො නත්ථි එසා මෙ සච්චපාරමීති.
Sinhala BJT322. මා සත්‍යක්‍රියා කළ කල්හි (සත්‍යක්‍රියාව) සමඟ මහත් වූ ඇවිළගත් ගින්න ජලයට පැමිණ සෙයින් සොළොස්කිරියක් පමණ තැන් හැරපීය. සත්‍යයෙන් මා හා සමයෙක් නැති. මේ මා ගේ සත්‍ය පාරමිතාව යි.
Pali BJTවට්ටපොතක{5} චරියං නවමං.
Sinhala BJTනවවැනි වට්ටපෝතක චරියා යි.
Pali BJT10. මච්ඡරාජ චරියං
Sinhala BJT10. මත්ස්‍යරාජ චරියාව
Pali BJT323. පුනාපරං යදා හොමි මච්ඡරාජා මහාසරෙ උණ්හෙ සුරියසන්තාපෙ සරෙ උදකං ඛීයථ{6}.
Sinhala BJT323. නැවත අන් චරියාවක් කියමි. යම් කලෙකැ (කොසොල් රට) මහවිලෙක්හි මස්රජ වැ උපනිම් ද, එකල්හි ගිම් කල, හිරු රැසින් එ විල්හි දිය සිඳීගියේ යැ.
Pali BJT324. තතො කාකා ච ගිජ්ඣා ච බකා{7} කුළල සෙනකා භක්ඛයන්තී දිවා රත්තිං මච්ඡෙ උපනිසීදිය.
Sinhala BJT324. එකල්හි කවුඩුවෝ ද ගිජුලිහිණීහු ද කොක්කු ද කබරුස්සන් හා උකුස්සෝ ද දවරෑ දෙක්හි කලල් මතුයෙහි හිඳ මසුන් කති.
Pali BJT325. එවං චින්තෙසහං තත්ථ සහ ඤාතීහි පීළිතො කෙන නුඛො උපායෙන ඤාති දුක්ඛා පමොචයෙ.
Sinhala BJT325. එ විල්හි නෑයන් සමග පීඩිත වූ මම් මෙසේ සිතීමි. කවර උපායෙකින් ඥාතීන් දුකින් මුදාලම්දෝ හෝ’යි.
Pali BJT326. විචින්තයිත්වා ධම්මත්ථං සච්චං අද්දස පස්සයං සච්චෙ ඨත්වා පමොචෙසිං ඤාතීනං තං අතික්ඛයං.
Sinhala BJT326. ධර්‍මයෙන් අනපේත වූ අර්‍ත්‍ථය හෙවත් සත්‍යය සලකා (නෑයනට) වහල් වූ සත්‍යක්‍රියාව දිටිමි. සත්‍යයෙහි පිහිටා නෑයන්ගේ ඒ මහාවිනාශය මුදාලීමි.