Cariyāpiṭaka

Basket of Conduct

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 466

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT169. යං{3} සො වණ්ණං චින්තයති නීලං පීතඤ්ච{4} ලොහිතං තස්ස චිත්තානුවත්තෙන්තො හොමි චින්තීත සන්තිභො.
Sinhala BJT169. එ අහිතුණ්ඩික තෙමේ නිල්වන් හෝ රන්වන් හෝ ලේවන් හෝ යම් පැහැයක් සිතා ද, ඔහු ගේ සිතට අනුව පවත්නෙමි. සිතූ ආකාර ඇත්තෙම් වෙමි.
Pali BJT170. ථලං කරෙය්යං{5} උදකං උදකම්පි ථලං කරෙ යදිහං තස්ස පකුප්පෙය්යං ඛණෙන ඡාරිකං කරෙ.
Sinhala BJT170. මම් පොළොව ජලය කෙරෙමි. ජලය ද පොළොව කෙරෙමි. ඉදින් ඔහුට කිපුණෙම් නම් ඇසිල්ලෙකින් ඔහු හළු කොට පියමි.
Pali BJT171. යදි චිත්තවසී හෙස්සං පරිහායිස්සාමි සීලතො සීලෙන පරිහීණස්ස උත්තමත්ථො න සිජ්ඣති.
Sinhala BJT171. ඉදින් මම් සිතට වසඟ වීම් නම් ශීලයෙන් පිරිහී යන්නෙමි. ශීලයෙන් පිරිහුණහට උත්තමාර්‍ත්‍ථය සිද්ධ නො වේ.
Pali BJT172. කාමං භිජ්ජතු යං කායො ඉධෙව විකිරීයතු නෙව සීලං පභින්දෙය්යං විකිරන්තෙ භුසං වියාති.
Sinhala BJT172. මේ ශරීරය ඒකාන්තයෙන් බිඳීයේවා! මෙහි මැ විසිරයේවා! බොල්මිටක් සෙයින් මාගේ සිරුර විසිර යන කල්හි දු ශීලය නො බිඳින්නෙමි.
Pali BJTචම්පෙය්ය නාගචරියං තතියං.
Sinhala BJTතුන් වැනි චම්පෙය්‍යනාග චරියා යි.
Pali BJT4. චුල්ලබොධි චරියං
Sinhala BJT4. චූළබෝධි චරියාව
Pali BJT173. පුනාපරං යදා හොමි චුල්ලබොධි{6} සුසීලවා භවං දිස්වාන භයතො නෙක්ඛම්මං අභිනික්ඛමිං{7}
Sinhala BJT173. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් ශීලසම්පන්න වූ චුල්ලබොධි නම් පරිව්‍රාජක වීම් ද, එකල සියලු භවය භය වශයෙන් දැක නෛෂ්ක්‍රම්‍යය තත්ප්‍රතිපක්‍ෂ හෙයින් දැක පැවිදි වීමි.
Pali BJT174. යාමෙ දුතියිකා ආසි බ්රාහ්මණී කනකසන්තිභා සාපි වට්ටෙ අනපෙක්ඛා නෙක්ඛම්මං අභිනික්ඛමී.
Sinhala BJT174. මට රන් බඳු සිවිපැහැ ඇති යම් බමුණු බිරිඳක් වූ නම් ඕ තොමෝ ද සසරෙහි අපේක්‍ෂා රහිත වැ අභිනිෂ්ක්‍රමණ කළා යැ.
Pali BJT175. නිරාලයා ජින්න බන්ධු අනපෙක්ඛා කුලෙ ගණෙ චරන්තාගාමනිගමං බාරාණසි මුපාගමුං.
Sinhala BJT175. ඇපි නිරාලය වැ සිඳුනාලද තෘෂ්ණාබන්‍ධන ඇති වැ කුලයෙහි ගණයෙහි අපේක්‍ෂා නැති වැ ගම්නියම්ගම්හි හැසිරෙමින් බරණැස කරා පැමිණියම්හ.
Pali BJT176. තත්ථ වසාම නිපකා අසංසට්ඨා කුලෙ ගණෙ නිරාකුලෙ අප්පසද්දෙ රාජුය්යානෙ වසාමුභො.
Sinhala BJT176. එහි නුවණැති ඇපි දෙදෙන කුලයෙහි ගණයෙහි නො ඇලුණමෝ (ජනසඤ්චාර රහිත බැවින්) නිරාකුල වූ නිශ්ශබ්ද වූ රාජෝද්‍යානයෙහි වුසූම්හ.
Pali BJT177. උය්යාන දස්සනං ගන්ත්වා රාජා අද්දස බ්රාහ්මණිං උපගම්ම මමං පුච්ඡි තුය්හෙසා කස්ස භාරියා{1}.
Sinhala BJT177. බරණැස්රජ උයන දැක්මට ගොස් බැමිණිය දිටී. (හේ) මා කරා පැමිණ ‘මෝ තොමෝ තොපට කවරැ යැ, කවරක්හුගේ භාර්‍ය්‍යාවකැ’යි (මා) විචාළේ යැ.
Pali BJT178. එවං වුත්තෙ අහං තස්ස ඉදං වචනමබ්රවිං න මය්හං භරියා එසා සහධම්මා{2} එකසාසනී
Sinhala BJT178. මෙසේ කී කල්හි මම් ඔහුට මෙවදන් කීමි: මෝ තොමෝ මා ගේ භාර්‍ය්‍යා නො වෙයි. සහධාර්මික වූ සමානශික්‍ෂා ඇත්තකැ’යි කීයෙමි.
Pali BJT179. තස්සා{3}සාරත්තාධිගතො{4} ගාහාපෙත්වාන චෙටකෙ{5} නිප්පීළයන්තො බලසා අන්තෙපුරං පවෙසයී.
Sinhala BJT179. ඇය පිළිබඳ වැ බලවත් රාගයෙන් බැඳුණේ දසුන් (රාජපුරුෂයන්) ලවා ගන්වා ගෙන බලාත්කාරයෙන් පෙළමින් ඇතොවුරට ඇතුළු කරවී.
Pali BJT180. ඔදපත්තකියා{6} මය්හං සහජා එකසාසනී ආකඩ්ඪිත්වා නයන්තියා{7} කොපො මෙ උප්පජ්ජථ.
Sinhala BJT180. (ප්‍රව්‍රජ්‍යා ජාති වශයෙන්) මාගේ සහජාව වූ සමාන ශික්‍ෂා ඇති (උදකපාත්‍ර සාක්‍ෂි කොට ගත් බැවින්) ඔදපත්තිකී වූ භාර්‍ය්‍යාව ඇදගෙන යන කල්හි මට කෝප උපන.
Pali BJT181. සහ කොපෙ සමුප්පන්නෙ සීලබ්බතමනුස්සරිං තත්ථෙව කොපං නිග්ගණ්හිං නාදාසිං වඩ්ඪිතූපරි{8}
Sinhala BJT181. කෝපය උපන් කල්හි ඒ හා සමග ශීලව්‍රතය සිහි කෙළෙමි. එහි මැ ඒ කෝපය නිග්‍රහ කෙළෙමි. මත්තෙහි වැඩෙන්නට නුදුන්මි.
Pali BJT182. යදිහං{9} බ්රාහ්මණිං කොචි කොට්ටෙය්ය තිණ්හසත්තියා නෙව සීලං පභින්දෙය්යං බොධියායෙව කාරණා
Sinhala BJT182. ඉදින් කිසිවෙක් එ බැමිණිය තියුණු සැතින් කොටා නම් සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට සිල් නො මැ බිඳෙන්නෙමි.
Pali BJT183. නමෙ සා බ්රාහ්මණී දෙස්සා න පි මෙ බලං න විජ්ජති සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා සීලානුරක්ඛිස්සන්ති.
Sinhala BJT183. එ බැමිණි මට අප්‍රිය නො වෙයි, මට බල නැත්තේ නො ද වෙයි, මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි, එහෙයින් ශීලය රක්‍ෂා කෙළෙමි’යි.
Pali BJTචුල්ලබොධිචරියං චතුත්ථං.
Sinhala BJTසතර වැනි චූළබෝධිචරියා යි
Pali BJT5. මහිසරාජ චරියං
Sinhala BJT5. මහිසරාජ චරියාව
Pali BJT184. පුනාපරං යදා හොමි මහිසො{10} පවනචාරිකො{11} පවඩ්ඪකායො බලවා මහන්තො භීම දස්සනො.
Sinhala BJT184. තවද අනික් චර්‍ය්‍යාවක් කියමි. යම් කලෙක මම් වෙසෙසින් වැඩුණු කය ඇති ශක්ති ඇති මහත් වූ සිරුරු ඇති බිහිසුණු දැකුම් ඇති මහවෙනෙහි හැසිරෙනසුලු මිහි වැ උපනිම් ද– (එකල්හි)
Pali BJT185. පබ්භාරෙ ගිරි දුග්ගෙ ච රුක්ඛමූලෙ දකාසයෙ හොතෙත්ථ ඨානං මහිසානං{12} කොචි කොචි තහිං තහිං.
Sinhala BJT185-186. තෙල මහවෙනෙහි ප්‍රාග්භාරයෙහි ද ගිරිදුර්‍ගයෙහි ද වෘක්‍ෂමූලයෙහි ද ජලාශය සමීපයෙහි ද කිසි පෙදෙසෙක් මිහිවුන්ට සිටුනාතැන් වෙ ද ඒ ඒ තැන්හි සරනුයෙම් සොඳුරු තැනක් දිටිමි. එතැනට එළඹැ සිටුනෙම් ද හෝනෙම් ද වෙමි.
Pali BJT186. විචරන්තො බ්රහාරඤ්ඤෙ ඨානං අද්දස භද්දකං තං ඨානං උපගන්ත්වාන තිට්ඨාමි ච සයාමි ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT187. අථෙත්ථ කපිමාගන්ත්වා පාපො අනරියො ලහු ඛන්ධෙ නලාටෙ භමුකෙ මුත්තෙති ඔහණෙති මං.
Sinhala BJT187. එකල්හි ලාමක වූ නිහීන ආචාර ඇති ලෝල වූ වඳුරෙක් එහි පැමිණ (මාගේ) කඳටෙහි ද නළලෙහි ද බැමෙහි ද සුලුදිය කෙරෙයි වසුරු කෙරෙයි–
Pali BJT188. සකිම්පි දිවසං දුතියං තතියං චතුත්ථම්පි ච දූසෙති මං සබ්බකාලං තෙන හොමි උපද්දුතො.
Sinhala BJT188. එක් දවසකුදු දෙවැනි දවස්හි දු තෙවැනි දවස්හි දු සිව්වැනි දවස්හි දු හැම කල්හි දු එ මා දූෂණය කෙරෙයි. එ වඳුරු විසින් උපද්‍රැතයෙම් වෙමි.
Pali BJT189. මමං උපද්දුතං දිස්වා යක්ඛො මං ඉදමබ්රවි නාසෙහෙතං{1} ඡවං පාපං සිඞ්ගෙහි ච ඛුරෙහි ච.
Sinhala BJT189. එ රුක්හි (අධිපති වැ වෙසෙන) දෙවි (ඔහු විසින්) පෙළනලද මා දැක මට මෙවදන් කී : හීන වූ ලාමක වූ තෙල වඳුරු හඟිනුදු ඇන කුරයෙනුදු මැඩ නසව’යි කී.
Pali BJT190. එවං වුත්තෙ තදා යක්ඛෙ අහං තං ඉදමබ්රවිං කිංත්වං මක්ඛෙසි කුණපෙන පාපෙන අනරියෙන මං{2}.
Sinhala BJT190. එසඳ එ දෙවියා එසේ කී කල්හි මම් ඔහුට මෙ වදන් කීමි: කුමක් හෙයින් තෙපි (කුණප සදෘශ හෙයින්) කුණප වූ ලාමක වූ අනාර්‍ය්‍ය වූවහු සමග මා තවරා දැ’යි.
Pali BJT191. යදිහං තස්ස කුප්පෙය්යං තතො හීනතරො භවෙ සීලඤ්ච මෙ පභිජ්ජෙය්ය විඤ්ඤූ ච ගරහෙය්යු මං.
Sinhala BJT191. ඉදින් මම් ඔහුට කිපෙම් නම් ඔහුට ද වඩා හීනතරයෙම් වෙමි. මා ගේ සිලුදු බිඳෙන්නේ යැ. නුවණැති දෙවිමිනිස්හු ද මට ගරහන්නාහ’යි.
Pali BJT192. හීළිතා ජීවිතා චාපි පරිසුද්ධෙන මතං වරං ක්යාහං ජීවිතහෙතුපි කාහාමි පරහෙඨනං.
Sinhala BJT192. (නුවණැතියන් විසින්) ගර්හිත වූ ජීවිතයට ද වඩා පවිත්‍ර වූ ශීලයෙන් යුක්ත වැ මරණය මැ උතුමැ, කිම මම් ජීවිතය නිමිති කොට ද මෙරමා වෙහෙසනු කරන්නෙම් ද?
Pali BJT193. මමෙ වාය{3} මඤ්ඤමානො අඤ්ඤෙපෙවං කරිස්සති තෙව තත්ථ වධිස්සන්ති සා මෙ මුත්ති භවිස්සති.
Sinhala BJT193. මේ තෙම මා මෙන් හඟිනේ අන් මිහිවුන්ට ද මෙසේ කරන්නේ යැ එහිලා ඔහු මැ (හඟින් ඇන මොහු) නසන්නාහ, ඒ නැසීම මට මිදීම වන්නේ යි.
Pali BJT194. හීනමජ්ඣිමඋක්කට්ඨෙ සහන්තො අවමානිතං එවං ලභති සප්පඤ්ඤො මනසා යථාපත්ථිතන්ති.
Sinhala BJT194. හීන මධ්‍යම උත්කෘෂ්ටයන් නිමිති කොට ඔවුන් විසින් කළ අවමානය ඉවසනුයේ සප්‍රාඥ තෙමේ මෙසේ සිතින් ප්‍රාර්‍ත්‍ථනා කළ පරිදි (සර්‍වඥතාඥානය) ප්‍රතිවේධ කෙරේ යයි.
Pali BJTමහිස{4} රාජචරියං පඤ්චමං.
Sinhala BJTපස් වැනි මහිසරාජචරියා යි.
Pali BJT6. රුරුමිගරාජ චරියං
Sinhala BJT6. රුරුමිගරාජ චරියාව
Pali BJT195. පුනාපරං යදා හොමි සුතත්ත කනකසන්නීභො මිගරාජා රූරුනාම පරමසීල සමාහිතො.
Sinhala BJT195. නැවත ද අනෙක් චර්‍ය්‍යාවක් කියමි. යම් කලෙකැ මම මොනොවට තැවූ රන් බඳු පැහැ ඇති විශුද්ධ වූ සිල් හා එකඟ වූ සිත් ඇති රුරු නම් මෘගරාජ වීම් ද,
Pali BJT196. රම්මෙ පදෙසෙ රමණීයෙ විවිත්තෙ අමනුස්සකෙ තත්ථ වාසං උපගඤ්ඡිං ගංගාකූලෙ මනොරමෙ.
Sinhala BJT196. එකල්හි පුෂ්පඵලාදීන් රමණීය වූ ජනවාස රහිත වූ මිනිසුන්ගේ හැසිරීම් නැති රම්‍ය ප්‍රදේශයෙක්හි වූ, එහි සිත්කලු ගං ඉවුරෙකැ වාසයට පැමිණියෙමි.
Pali BJT197. අථො උපරිගංගාය ධනිකෙහි පරිපීළිතො පුරිසො ගංගාය පපති{1} ජීවාමි වා මරාමි වා.
Sinhala BJT197. එකල්හි උඩුහොයැ ධනහිමියන් විසින් (ණය නො දෙනුයෙන්) පෙළනලද පුරුෂයෙක් (මෙයින්) රැකෙම්වා හෝ මියෙම්වා හො’යි ගඟෙහි පැන්නේ යැ.
Pali BJT198. රත්තින්දිවං සො ගඞ්ගාය වුය්හමානො මහොදකෙ රවන්තො කරුණං රාවං{2} මජ්ඣෙ ගඞ්ගාය ගච්ඡති.
Sinhala BJT198. හෙතෙම රෑදාවල් ගඟ මහවතුරෙහි ඉල්පෙනුයේ බැගෑ හඬින් හඬමින් ගඟමැද යෙයි.
Pali BJT199. තස්සාහං සද්දං සුත්වාන කරුණං පරිදෙවතො ගඞ්ගාය තීරෙ ඨත්වාන අපුච්ඡිං කොසි ත්වං නරො.
Sinhala BJT199. මම් බැගෑපත් වැ හඬන්නා වූ ඔහුගේ හඬ අසා ගංඉවුරෙහි සිට තෝ කවර මිනිසෙක්හි දැ යි විචාළෙමි.
Pali BJT200. සො මෙ පුට්ඨො ච ව්යාකාසි අත්තනො කාරණං තදා ධනිකෙහි භීතො තසිතො පක්ඛන්නොහං මහානදිං.
Sinhala BJT200. එකල්හි හෙ ද මා විසින් පුළුවුස්නාලද්දේ ‘මම් ණයහිමි ධනිකයන් කෙරෙන් බියපත් වූයෙම් තැතිගත්තෙම් මහානදියට පැනපීමි’යි තමාගේ ක්‍රියාව ප්‍රකාශ කෙළේ යැ.
Pali BJT201. තස්ස කත්වාන කාරුඤ්ඤං චජිත්වා මම ජීවිතං පවිසිත්වා නීහරිං තස්ස අන්ධකාරම්හි රත්තියා.
Sinhala BJT201. ඔහුට කරුණා උපදවා මාගේ දිවි පුදා රැය අඳුරෙහි ගඟට පිවිස ඔහු (පිට හිඳුවා එයින්) බැහැර කෙළෙමි.
Pali BJT202. අස්සත්ථ{3} කාලමඤ්ඤාය තස්සාහං ඉදමබ්රුවිං එකං තං වරං යාචාමි මා මං කස්සචි පාවද.
Sinhala BJT202. (විඩා හැරපියා) අස්වැසුණුකල් දැන මම් ඔහුට මෙ වදන් කීමි: තොප අතින් එක්වරයක් ඉල්වමි. ‘නහමක් මා කිසිවක්හට කියව’යි.
Pali BJT203. නගරං ගන්ත්වාන ආචික්ඛි පුච්ඡිතො ධන හෙතුකො රාජානං සො ගහෙත්වාන උපගඤ්ඡි මමන්තිකං.
Sinhala BJT203. හෙ නුවරට ගොස් (රන්මුවකු) පුළුවුස්නාලදුයේ ධනය නිමිති කොට ඇතියේ (රජුට මා) දැන්විය. හෙතෙම රජු ගෙන මා වෙත එළැඹියේ යැ.
Pali BJT204. යාවතා කාරණං සබ්බං රඤ්ඤො ආරොචිතං මයා රාජා සුත්වාන වචනං උසුං{4} තස්ස පකප්පයී ඉධෙව ඝාතයිස්සාමි මිත්ත දුබ්භිං{5} අනාරියං.
Sinhala BJT204. (මා විසින් ඔහුට කළ) යම් පමණ උපකාරයෙක් වී ද, එහැම මා විසින් රජුට දන්වන ලද. රජ එබස් අසා මිත්‍රද්‍රෝහි වූ අනාර්‍ය්‍ය වූ මොහු මෙතැන්හි මැ නසාපියමි’යි ඒ පුරුෂයාහට හීය දුන්නෙහි සැදී යැ.
Pali BJT205. තමහං අනුරක්ඛන්තො නිම්මිනිං මම අත්තනො තිට්ඨතෙ සො මහාරාජ කාමඞ්කාරො{6} භවාමි තෙ.
Sinhala BJT205. මම් ඔහු රක්නෙම් ‘මහරජ තෙල පුරුෂයා සිටීවා. මම් තොපට රීසිදෑ කරනුයෙම් වෙමි’යි මාගේ ආත්මයෙන් ඔහු පරිවර්‍තන කෙළෙමි. (මරණයෙන් මුදවාලීමි)
Pali BJT206. අනුරක්ඛිං මම සීලං නාරක්ඛිං මම ජීවිතං සීලවා හි තදා ආසිං බොධියා එව කාරණාති.
Sinhala BJT206. මාගේ ශීලය මැ රැකපීමි. මාගේ දිවි නො රැක්කෙමි. එකල්හි සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට මම් සිල්වත් වීමී.
Pali BJTරුරුරාජ චරියං ඡට්ඨමං.
Sinhala BJTසවැනි රුරුමිගරාජ චරියා යි.
Pali BJT7. මාතඞ්ග චරියං
Sinhala BJT7. මාතඞ්ග චරියාව
Pali BJT207. පුනාපරං යදා හොමි ජටිලො උග්ගතාපනො මාතඞ්ගො නාම නාමෙන සීලවා සුපමාහිතො.
Sinhala BJT207. තවද අන් චරියාවක් කියමි: යම් කලෙක මම් ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති ශීල සම්පන්න වූ සමාහිත වූ සිත් ඇති නමින් මාතඞ්ග නම් තාපස වැ උපනිම් ද,
Pali BJT208. අහඤ්ච බ්රාහ්මණො එකො ගඞ්ගාකූලෙ වසාමුභො අහං වසාමි උපරි හෙට්ඨා වසති බ්රාහ්මණො.
Sinhala BJT208. (එකල ජාතිමත්ත නම්) බමුණු ද මමද (පැවිදි වැ) අපි දෙදෙන ගං ඉවුරෙකැ වාසය කළම්හ. මම් උඩුගඟ වසමි, එ බමුණු යටිගඟ වෙසෙයි.
Pali BJT209. විචරන්තො අනුකූලම්හි උද්ධං මෙ අස්සමද්දස තත්ථ මං පරිභාසෙත්වා{1} අභිසපි මුද්ධඵාලනං.
Sinhala BJT209. හෙතෙම ගංතෙර හැසිරෙනුයේ උඩුගඟැ පිහිටි මා ගේ අසපුව දිටී. එහි දී මට පරිභව බැණ මා මුදුන් පැළේව’යි ශාප කෙළේ යැ.
Pali BJT210. යදිහං තස්ස පකුප්පෙය්යං යදි සීලං න ගොපයෙ ඔලොකෙත්වාන ‘හං තස්ස කරෙය්යං ඡාරිකං විය.
Sinhala BJT210. ඉදින් මම ජටිලයාහට කිපියෙම් නම්, ඉදින් මම සිල් නො රැකියෙම් නම් මම ඔහු දෙස බලා ඔහු හළු මෙන් කරන්නට සමර්‍ත්‍ථයෙමි.
Pali BJT211. යං සො තදා මං අභිසපි කුපිතො දුට්ඨමානසො තස්සෙව මත්ථකෙ නිපති යොගෙන තං පමොචයිං.
Sinhala BJT211. කුපිත වූ දූෂිත සිත් ඇති ඒ ජටිල තෙම මට යම් ශාපයක් කෙළේ ද, ඒ ශාපය ඔහු මත්තෙහි මැ වැටිණ. ඒ ශාපය උපායෙන් මුදාලීමි.
Pali BJT212. අනුරක්ඛිං මම සීලං නාරක්ඛිං මම ජීවිතං සීලවා හි තදා ආසිං බොධියා යෙව කාරණාති.
Sinhala BJT212. මා ගේ ශීලපාරමිතාව මැ ආරක්‍ෂා කෙළෙමි. ජීවිතය ආරක්‍ෂා නො කෙළෙමි. සර්‍වඥතාඥානය මැ සඳහා එකල්හි සිල්වත් වූයෙමි යි.
Pali BJTමාතඞ්ගචරියං සත්තමං.
Sinhala BJTසත් වැනි මාතඞ්ග චරියා යි.
Pali BJT8. ධම්මදෙවපුත්ත චරියං
Sinhala BJT8. ධම්මදේවපුත්ත චරියාව
Pali BJT213. පුනාපරං යදා හොමි මහෙසක්ඛො{2} මහිද්ධිකො ධම්මො නාම මහායක්ඛො සබ්බලොකානුකම්පකො.
Sinhala BJT213. තවද අන් චරියාවක් කියමි: යම් කලෙකැ මම් මහායශස්ක වූ මහත්ඍද්ධි ඇති සියලු ලොවට අනුකම්පා කරන ධර්‍ම නම් දිව්‍ය පුත්‍ර වැ උපනිම් ද,
Pali BJT214. දස කුසලකම්මපථෙ සමාදපෙන්තො මහාජනං චරාමි ගාමනිගමං සමිත්තො සපරිජ්ජනො.
Sinhala BJT214. එකල්හි මම මහාජනයා දශකුශල කර්‍මපථයෙහි සමාදන් කරවමින් මිත්‍රයන් සහිත වූයෙම් පරිවාරජනයා සහිත වූයෙම් ගම්නියම්ගම්හි හැසිරෙමි.
Pali BJT215. පාපො කදරියො යක්ඛො දීපෙන්තො දස පාපකෙ සොපෙත්ථ{3} මහියා චරති සමිත්තො සපරිජ්ජනො.
Sinhala BJT215. පාපිෂ්ඨ වූ තද මසුරු වූ දිව්‍ය පුත්‍රයෙක් ද දශඅකුශලධර්‍මයන් ප්‍රකාශ කෙරෙමින් මිත්‍රයන් සහිත වූයේ පරිවාර ජනයා සහිත වැ පෘථිවිය ආසන්නයෙහි හැසිරෙයි.
Pali BJT216. ධම්මවාදී අධම්මො ච උභො පච්චනිකා මයං ධුරෙ ධුරං ඝට්ටයන්තා සමිම්හා පටිපථෙ උභො.
Sinhala BJT216. ධර්‍මවාදී වූ මම ද අධර්‍මවාදී වූ දිව්‍යපුත්‍ර ද යන අපි දෙදෙන ඔවුනොවුන්ට ඉඳුරා විරුද්ධ වූවමෝ එක් දවසක් ප්‍රතිපථයෙහි තමා රියහිසින් මෙරමා රියහිස ගටමින් හමු වූම්හ.
Pali BJT217. කලහො වත්තතී භෙස්මා කල්යාණපාපකස්ස ච මග්ගා ඔක්කමනත්ථාය{1} මහායුද්ධො උපට්ඨිතො.
Sinhala BJT217. එවිට ඒ ධාර්මික අධාර්මික දෙදෙනා ගේ මඟීන් ඉවත්වීම නිමිති කොට භය ජනක වූ කලහයෙක් විය. මහාසඞ්ග්‍රාමයෙක් එළඹ සිටියේ යැ.
Pali BJT218. යදිහං තස්ස පකුප්පෙය්යං යදි භින්දෙ තපොගුණං සහ පරිජනං තස්ස රජභූතං කරෙය්යහං.
Sinhala BJT218. ඉදින් මම් ඒ අධාර්මිකදේවතාවාට කිපුණෙම් නම් (එයින් මාගේ) තපෝගුණ බිඳී යන්නේ යැ. ඉදින් මම කිපියෙම් නම් පරිවාර සහිත වූ ඔහු ධූලි කරන්නට පොහොසත්මි.
Pali BJT219. අපිචා’හං සීලරක්ඛාය නිබ්බාපෙත්වාන මානසං සහ ජනෙනොක්කමිත්වා පථං පාපස්ස ‘දාසහං.
Sinhala BJT219. වැළිදු මම ශීලසංරක්‍ෂණය පිණිස සිත සන්හිඳුවාගෙන මාගේ පරිවාරජනයා හා සමඟ ඉවත් වැ ඒ පාපී වූ දේවතාවාට මාර්‍ගය දිනිමි.
Pali BJT220. සහ පථතො ඔක්කන්තෙ කත්වා චිත්තස්ස නිබ්බුතිං විවරං අදාසි පඨවී පාපයක්ඛස්ස තාවදෙති.
Sinhala BJT220. යථෝක්ත නයින් සිත සන්හිඳුවා ගෙන මාර්‍ගයෙන් ඉවත්වනු හා සමඟ එකෙණෙහි පාපී වූ දෙවියාට පෘථිවි තොමෝ විවර දුන.
Pali BJTධම්ම{2}දෙවපුත්ත චරියං අට්ඨමං.
Sinhala BJTඅටවැනි ධම්මදේවපුත්ත චරියා යි.
Pali BJT9. අලීනසත්ත චරියං
Sinhala BJT9. අලීනසත්ත චරියාව
Pali BJT221. පඤ්චාලරට්ඨෙ නගරවරෙ{3} කම්පිල්ලායං{4} පුරුත්තමෙ රාජා ජයද්දිසො නාම සීලගුණමුපාගතො.
Sinhala BJT221. පඤ්චාල රටැ පිහිටි, දඹදිව අගනුවර වූ කම්පිල්ල නම් නගර වරයෙහි ආචාරශීලයෙන් හා රාජගුණයෙන් ද යුක්ත වූ ජයද්දිස නම් රජෙක් වී.
Pali BJT222. තස්ස රඤ්ඤො අහං පුත්තො සුතධම්මො සුසීලවා අලීනසත්තො ගුණවා අනුරත්තපරිජනො{5} සදා.
Sinhala BJT222. මම් එරජහට බහුශ්‍රුත වූ සිල්වත් වූ ගුණසම්පන්න වූ හැම කල්හි අනුරක්ත වූ පරිවාර ජනයා ඇති අලීනසත්ත, නම් පුත්‍ර වැ උපන්මි.
Pali BJT223. පිතා මෙ මිගවං ගන්ත්වා පොරිසාදං උපාගමි සො මෙ පිතුමග්ගහෙසි භක්ඛොසි මම මා චලි.
Sinhala BJT223. (එක් දවසක්) මා ගේ පියරජ මුවදඩ ගොස් පෝරිසාදයා වෙත එළැඹියේ යැ. ඒ පෝරිසාද තෙම ‘තෝ මට ගොදුරු වූයෙහි, නහමක් සැලෙව යි මපියාණන් (අත) අල්ලාගත්තේ යැ.
Pali BJT224. තස්ස තං වචනං සුත්වා භීතො තසිතවෙධිතො ඌරුක්ඛම්භො අහූ තස්ස දිස්වාන පොරිසාදකං.
Sinhala BJT224. ඒ පෝරිසාදයා ගේ වචනය අසා බියපත් වූයේ ත්‍රස්ත වැ කම්පා වූයේ යැ, පෝරිසාදයා දැක රජහුගේ ඌරුස්තම්භය විය.
Pali BJT225. මිගවං ගහෙත්වා මුඤ්චස්සු කත්වා ආගමනං පුන බ්රාහ්මණස්ස ධනං දත්වා පිතා ආමන්තයී මමං.
Sinhala BJT225. (රජ) මේ මුවමස ගෙන මා මුදාහරුව’යි කී. පෙරළා ඊමට ප්‍රතිඥා දී අවුත් ඒ නන්‍ද බමුණුට ධනය දී (ඉක්බිති) පිය රජ තෙම මා කැඳවී.
Pali BJT226. රජ්ජං පුත්ත, පටිපජ්ජ මා පමජ්ජී පුරං ඉදං කතං මෙ පොරිසාදෙන මම ආගමනං පුන.
Sinhala BJT226. පුත, රජය පිළිගනුව, මේ පුරය රක්නෙහි, නහමක් පමා වෙව, නැවත මා ගේ ඊමට මවිසින් පෝරිසාදයාහට ප්‍රතිඥා දෙනලද.
Pali BJT227. මාතු පිතු ච වන්දිත්වා නිස්සජිත්වාන අත්තානං{1} නික්ඛිපිත්වා ධනුං{2} ඛග්ගං පොරිසාද මුපාගමිං.
Sinhala BJT227. මම් මාපියන් වැඳ පියා සඳහා ආත්මය පරිත්‍යාග කොට දුන්න හා කඩුව බහා තබා පෝරිසාදයා වෙත එළඹියෙමි.
Pali BJT228. සසත්ථහත්ථූපගතං කදාචි සො තසිස්සතී තෙන භිජ්ජිස්සතී සීලං පරිත්තාසං කතෙ{3} මයි.
Sinhala BJT228. ආයුධ ගත් අත් ඇති වැ පැමිණි මා දැක හේ ත්‍රස්ත වී නම් මා ඔහු තැතිගැන්වූ කල්හි ඒ හේතුවින් මාගේ ශීලය බිඳෙන්නේ යැ.
Pali BJT229. සීල ඛණ්ඩභයා, මය්හං තස්ස දෙස්සං න බ්යාහරීං මෙත්තචිත්තො හිතවාදී ඉදං වචනමබ්රවිං.
Sinhala BJT229. ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ඔහුට අප්‍රිය වූ බසක් නො කීමි. මෙත්සිත් ඇතියෙම් හිතවාදී වැ මෙවදන් කීමි.
Pali BJT230. උජ්ජාලෙහි මහාඅග්ගිං පපතිස්සාමි රුක්ඛතො සම්පක්ක කාලමඤ්ඤාය භක්ඛය ත්වං{4} පිතාමහ,
Sinhala BJT230. මහපියාණෙනි, මහගිනි දල්වාලව. මම් රුකට නැඟී පනින්නෙමි. තෙපි පැලැහුණු කල් දැන මා (මස්) කව.
Pali BJT231. ඉති සීලවතං හෙතු නාරක්ඛිං මම ජීවිතං පබ්බාජෙසිං චහං{5} තස්ස සදා පාණාතිපාතිකන්ති.
Sinhala BJT231. මෙසෙයින් ශීලව්‍රත හේතුයෙන් මාගේ දිවි නො රැක්කෙමි මම හැම කල්හි ප්‍රාණවධ කරන ඔහු පැවිදි කරවීමි.
Pali BJTඅලීනසත්ත චරියං නවමං.
Sinhala BJTනව වැනි අලීනසත්ත චරියා යි.
Pali BJT10. සඞ්ඛපාල චරියං
Sinhala BJT10. සඞ්ඛපාල චරියාව
Pali BJT232. පුනාපරං යදා හොමි සඞ්ඛපාලො මහිද්ධිකො දාඨාවුධො ඝොරවිසො ද්විජිව්හො උරගාධිභූ{6}.
Sinhala BJT232. තවද අනෙකක් කියමි. යම් කලෙක මම් නාගර්ද්ධි ඇති, දළ මැ අවි කොට ඇති උග්‍ර වූ විෂ ඇති දෙදිව් ඇති නාගයන්ට අධිපති වූ සඞ්ඛපාල නම් නාරජ වීම් ද.
Pali BJT233. චතුප්පථෙ මහාමග්ගෙ නානා ජනසමාකුලෙ චතුරො අඞ්ගෙ අධිට්ඨාය තත්ථ වාසමකප්පයිං.
Sinhala BJT233. ඔබිනොබ යන මහාජනයා විසින් ගැවැසිගත් මාවතෙකැ සතර මංසන්‍ධියක් සමීපයෙහි වූ (තුඹසක් මතුයෙහි) සතර අඞ්ගයන් ඉටා එහි වාස කෙළෙමි.
Pali BJT234. ඡවියා චම්මෙන මංසෙන නහාරු අට්ඨිකෙහි වා යස්ස එතෙන කරණීයං දින්නං යෙව හරාතු සො.
Sinhala BJT234. ‘සිවියෙන් හෝ සමින් හෝ මසින් හෝ ඇටනහරින් හෝ යමක්හට මෙයින් කටයුතු වී නම් (ඔහුට) එ දෙනලද මැ යැ, හෙතෙම ගෙන යේව’යි.
Pali BJT235. අද්දසංසු භොජපුත්තා ඛරා ලුද්දා අකාරුණා උපගඤ්ඡුං මමං තත්ථ දණ්ඩමුග්ගරපාණිනො.
Sinhala BJT235. රළු වූ දරුණු වූ නිෂ්කාරුණික වූ වැදිපුත්තු (සොළොස් දෙනෙක්) මා දුටුවාහු යැ (ඔහු) දඬුමුගුරු ගත් අත් ඇත්තාහු මා කරා එළඹියාහු යැ.
Pali BJT236. නාසාය විනිවිජ්ඣිත්වා නඞ්ගුට්ඨෙ පිට්ඨිකණ්ටකෙ කාජෙ ආරොපයිත්වාන භොජපුත්තා හරිංසු මං.
Sinhala BJT236. ඒ භෝජපුත්‍රයෝ (මාගේ) නැහැයෙහි ද නඟූටු පෙදෙසෙහි ද පිටකටු සමීපයෙහි ද (හුලින්) විද කදෙහි නඟා මා ගෙන ගියාහු යැ.
Pali BJT237. සපාගරන්තං පඨවිං සකානනං සපබ්බතං ඉච්ඡමානො චහං{1} තත්ථ නාසාවාතෙන{2} ඣාපයෙ.
Sinhala BJT237. එකල්හි මම් රිසි වූයෙම් නම්, සයුරු කෙළවර කොට ඇති වන සහිත වූ ගල් සහිත වූ පොළොව නාසා වාතයෙන් දවන්නෙමි.
Pali BJT238. සූලෙහි විජ්ඣියන්තෙපි කොට්ටයන්තෙපි සත්තිහි භොජපූත්තෙ න කුප්පාමි එසා මෙ සීලපාරමීති.
Sinhala BJT238. හුලින් විදුනා කල්හි දු අඩයටියෙන් කොටනා කල්හි දූ ඒ වැදිපුත්නට නො කිපියෙමි. තෙල මාගේ ශීලපාරමිතාව යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJTසඞ්ඛපාල චරියං දසමං.
Sinhala BJTදස වැනි සඞ්ඛපාලචරියා යි.
Pali BJTහත්ථි නාගො භූරිදත්තො චම්පෙය්යො බොධි මාහිසො රුරාමාතඞ්ගො ධම්මො ච අත්රජො ච ජයද්දිසො.
Sinhala BJTශීලව නම් හස්තිරාජ යැ භූරිදත්ත නාගරාජ යැ චම්පෙය්‍ය නාගරාජ යැ චූළබෝධි පරිව්‍රාජක යැ මහිසරාජ යැ රුරු මෘගරාජ යැ මාතඞ්ග පණ්ඩිත යැ ජයද්දිසපුත්‍ර වූ අලීනසත්ත කුමාර යැ යන–
Pali BJTඑතෙ සබ්බෙ සීලබලා පරික්ඛාරා පදෙසිකා ජීවිතං පරිරක්ඛීත්වා සීලානි අනුරක්ඛිස්සං.
Sinhala BJTමෙ හැම චරියාවෙන් ශීලය ම බල කොට ඇත්තාහ. (පරමාර්‍ත්‍ථපාරමී සඞ්ඛ්‍යාත) ශීලයට පරිෂ්කාර වූවාහු යැ (ශීලපරමාර්‍ත්‍ථපාරමිතා අසම්පූර්‍ණ හෙයින්) සප්‍රදේශ වූවාහු යැ (එහි දී) ජීවිතය රක්‍ෂා කෙරෙමින් ශීලය හාත්පසින් රක්‍ෂා කෙළෙමි.
Pali BJTසඞ්ඛපාලස්ස මෙ සතො සබ්බකාලම්පි ජීවිතං යස්ස කස්සචි නීයන්තං තස්මා සා සීලපාරමීති.
Sinhala BJTසඞ්ඛපාලනාගරාජ වූ මා විසින් හැම කල්හි මැ යම් කිසිවක්හට ජීවිතය පරිත්‍යාග කරනලද, එහෙයින් ඕ තොමෝ (මාගේ) ශීලපරමාර්‍ත්‍ථපාරමී නම් වූ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTදෙ වැනි හස්තිනාගවර්‍ගය යි.
Pali BJTසීල පාරමීනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTශීලපාරමිතා නිමි.
Pali BJT3. නෙක්ඛම්ම පාරමිතා
Sinhala BJT3. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව
Pali BJT1. යුධඤ්ජය චරියං
Sinhala BJT1. යුධඤ්ජය චරියාව
Pali BJT239. යදා අහං අමිතයසො රාජපුත්තො යුධඤ්ජයො උස්සාවබින්දුං සුරියාතපෙ පතිතං දිස්වාන සංවිජිං{1}.
Sinhala BJT239. යම් කලෙක මම අපරිමිත වු (භෝගපරිවාර) යසස් ඇති යුධඤ්ජය නම් රාජපුත්‍ර වූයෙම් ද හිරුරැස් වැටෙන කල්හි නැසීගිය පිනිබිඳු දැක (අනිත්‍යතාමනසිකාර විසින්) සංවේගයට පැමිණියෙමි.
Pali BJT240. තඤ්ඤෙවාධිපතිං කත්වා සංවෙගමනුබ්රූහයිං මාතාපිතු{2} ච වන්දිත්වා පබ්බජ්ජමනුයාචහං.
Sinhala BJT240. එ පිනිබිඳුවලැ අනිත්‍යතාව මැ පෙරදැරි කොට සංවේගය නැවත නැවත වැඩීමි. මම් මවු ද පියා ද වැඳ පැවිද්දට (අවසර) ඉල්වීමි.
Pali BJT241. යාචන්තිමං පඤ්ජලිකා සනෙගමා සරට්ඨකා අජ්ජෙව පුත්ත පටිපජ්ජ ඉද්ධං ඵීතං මහාමහිං.
Sinhala BJT241. නියම්ගම්වැසියන් සහිත වූ රටවැසියන් සහිත වූ රාජපුරුෂයෝ බදැඳිලි වූවාහු (‘නහමක් පැවිදි වෙව’යි) මා අයදිති. (මවුපිය දෙදෙන වැළිත්) පුත, සමෘද්ධ වූ ධනධාන්‍යයෙන් පිරුණු මහපොළොව අද මැ පිළිගනුව.
Pali BJT242. සරාජකෙ සහොරොධෙ සනෙගමෙ සරට්ඨකෙ කරුණං පරිදෙවන්තෙ අනෙපෙක්ඛො හි පබ්බජිං{3}.
Sinhala BJT242. රජු සහිත වු ඇතොවුරු සහිත වූ නියම්ගම් වැසියන් සහිත වු රටවැසියන් සහිත වු මහජනයා බැගෑපත් වැ පරිදේවනා කරන කල්හි අපේක්‍ෂා රහිත වැ පැවිදි වීමි.
Pali BJT243. කෙවලං පඨවිං රජ්ජං ඤාති පරිජන{4} යසං චජමානො න චින්තෙසිං බොධියායෙව කාරණා.
Sinhala BJT243. සියලු පෘථිවියෙහි රාජ්‍යය ද ඥාතිපරිවාර ජනයා ද ඓශ්වර්‍ය්‍යය ද හරනෙම් සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට නො සිතුයෙමි.
Pali BJT244. මාතා පිතා න මෙ දෙස්සා නපි{5} දෙස්සං මහායසං සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා රජ්ජං පරිච්චජින්ති.
Sinhala BJT244. මව්පිය දෙදෙන මට ද්වේෂ්‍ය නො වෙති. මහත් ඓශ්වර්‍ය්‍ය ද ද්වේෂ්‍ය නො වෙයි. සර්‍වඥතාඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හැරපීමි.
Pali BJTයුධඤ්ජය චරියං පඨමං.
Sinhala BJTපළමුවැනි යුධඤ්ජය චරියා යි.