Cariyāpiṭaka

Basket of Conduct

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 466

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTචරියාපිටකපාළි
Sinhala BJTචරියාපිටක පාළි
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
Pali BJT1. දානපාරමිතා
Sinhala BJT1. දාන පාරමිතාව
Pali BJT1. අකිත්ති චරියං
Sinhala BJT1. අකීර්ති චරියාව
Pali BJT1. කප්පෙ ච සතසහස්සෙ චතුරො ච අසඞ්ඛියෙ{1} එත්ථන්තරෙ යං චරිතං සබ්බං තං බොධිපාචනං.
Sinhala BJT1. සාරා සඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ (අප මහ බෝසතුන්ගේ) යම් චරියාවක් වූ නම් ඒ සියල්ල සම්‍යක් සම්බෝධිය හෙවත් සර්‍වඥතාඥානය මුහුකුරු වනු විය.
Pali BJT2. අතීතකප්පෙ චරිතං ඨපයිත්වා භවාභවෙ ඉමම්හි කප්පෙ චරිතං පවක්ඛිස්සං සුණොහි මෙ.
Sinhala BJT2. ඉකුත්වූ (සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂ සඞ්ඛ්‍යාත) කල්පයෙහි කුදු මහත් භවයෙහි පුරුදු කරන ලද දානාදි ප්‍රතිපත්තිය හැර පියා මේ භද්‍රකල්පයෙහි චරිතය කියමි. (ශාරීපුත්‍රය) මාගේ වචනය අසව,
Pali BJT3. යදා අහං බ්රහාරඤ්ඤෙ සුඤ්ඤෙ විපින කානනෙ{2} අජ්ඣොගහෙත්වා{3} විහාරාමි අකිත්ති නාම තාපසො.
Sinhala BJT3. යම් කලෙක මම අකිත්ති නම් තවුස් ව ඉපිද ජනසඤ්චාර රහිත වූ කරගසින් ගහන වූ මහවනයෙහි පිවිස වාසය කෙළෙම් ද,
Pali BJT4. තදා මං තපතෙජෙන සන්තත්තො තිදිවාධිභූ{4} ධාරෙන්තො බ්රාහ්මණවණ්ණං භික්ඛාය මංඋපාගමි.
Sinhala BJT4. එකල මාගේ තවුස් තෙදින් තැවුණු සක්දෙව් රජතෙම බමුණු වෙස් ධරමින් පිඬු පිණිස මා වෙත එළඹ සිටියේ ය.
Pali BJT5. පවනා ආභතං{5} පණ්ණං අතෙලඤ්ච අලොණිකං මම ද්වාරෙ ඨිතං දිස්වා සකටාහෙන ආකිරිං.
Sinhala BJT5. පවනින් අඹළ තෙල් ලුණු නැති (පිසූ) කරකොළ මාගේ දොර සිටියහු දැක භාජනයෙන් ගෙන (තමහට ඉතිරි නොකොට) ඔහට දිනිමි.
Pali BJT6. තස්ස දත්වානහං පණ්ණං නික්කුජ්ජිත්වාන භාජනං පුනෙසනං ජහිත්වාන පාවිසිං පණ්ණසාලකං.
Sinhala BJT6. මම් සක්දෙව් රජහට කරකොළ දී භාජනය යටිකුරු කොට තබා නැවත (එදවස) අහර නොසොයා පන්සලට පිවිසියෙමි.
Pali BJT7. දුතියම්පි තතියම්පි උපගඤ්ඡි මමන්තිකං අකම්පිතො අනොලග්ගො එවමෙවමදාසහං.
Sinhala BJT7. දෙවන තෙවන දවස්හි දු හේ මා වෙත එළැඹියේ ය. මම් මසුරු බැවින් නො සැලුණෙම් ලෝභයෙන් නොලැගුණෙම් එසෙයින් මැ දිනිමි.
Pali BJT8. න මෙ තප්පච්චයා අත්ථි සරීරස්මිං විවණ්ණියං පීතිසුඛෙන රතියා වීතිනාමෙමි තං දිවං.
Sinhala BJT8. ඒ දානහේතුයෙන් මාගේ ශරීරයෙහි විරූප බවෙක් නැති. දන්දීමෙන් ඇති වූ ප්‍රීති සුඛයෙන් හා අභිරතියෙන් එ තුන් දවස ඉක්මවීමි.
Pali BJT9. යදි මාසම්පි ද්වෙ මාසං දක්ඛිණෙය්යං වරං ලභෙ අකම්පිතො අනොලීනො දදෙය්යං දානමුත්තමං.
Sinhala BJT9. ඉදින් යම් හෙයෙකින් (ගුණයෙන්) උතුම් වූ දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් මසකුදු දෙමසකුදු නො සැලෙනුයෙම් නො පසුබස්නෙම් උතුම් වූ දානය දෙමි.
Pali BJT10. න තස්ස දානං දදමානො යසං ලාභඤ්ච පත්ථයිං සබ්බඤ්ඤුතං පත්ථයානො තානි කම්මානි ආචරින්ති.
Sinhala BJT10. එ සක්දෙව් රජුට දන් දෙනුයෙම් යස පිරිවර සම්පත් හෝ (චක්‍රවර්ති සම්පත් ආදි වූ) ලාභයක් හෝ නො පැතීමි. වැළි, බුදුබව පතනුයෙම් ඒ දානමය පින්කම් කෙළෙමි යි.
Pali BJTඅකිත්ති චරියං පඨමං.
Sinhala BJTපළමුවන අකීර්ති චර්‍ය්‍යාව යි.
Pali BJT2. සඞ්ඛ චරියං
Sinhala BJT2. සඞ්ඛ චරියාව
Pali BJT11. පුනාපරං යදා හොමි බ්රාහ්මණො සඞ්ඛසව්හයො මහාසමුද්දං තරිතුකාමො උපගච්ඡාමි පට්ටනං{1}
Sinhala BJT11. තවද අනිකුදු චරිතයක් කියමි. (එද අසව) යම් කලෙක (මම) සඞ්ඛ නම් බ්‍රාහ්මණ වීම් ද එකල (ස්වර්‍ණභූමිය කරා යන්නට) මහමුහුදෙන් එතරවනු කැමැත්තෙම් පටුන බලා ගියෙමි.
Pali BJT12. තත්ථද්දසාමි පටිපථෙ සයම්භුං අපරාජිතං කන්තාරද්ධාන{1} පටිපන්නං තත්තාය කඨිනභූමීයා.
Sinhala BJT12. එ පෙරමඟ ගිමින් තැවුණු රළු බිම්හි වූ කතර අදන්මගට පිළිපන් ස්වයම්භූ අපරාජිත වූ පසේ බුදු කෙනකුන් වහන්සේ දිටිමි.
Pali BJT13. තමහං පටිපථෙ දිස්වා ඉමමත්ථං විචින්තයිං ඉදං{2} ඛෙත්තං අනුප්පත්තං පුඤ්ඤකාමස්ස ජන්තුනො.
Sinhala BJT13. මම එසේ පෙරමඟ එන එ පසේබුදුන් දැක, මෙකරුණ සිතු වෙමි. පින් කැමතියාහට පින් කෙතක් ලැබුණේ යි කියා යි.
Pali BJT14. යථාපි{3} කස්සකො පුරිසො ඛෙත්තං දිස්වා මහාගමං.{4} තත්ථ බීජං න රොපෙති න සො ධඤ්ඤෙන අත්ථිකො.
Sinhala BJT14. යම් සේ ගොවිපුරුෂයෙක් මහත් වූ අස්වනු ලැබෙන විපුල වූ ශෂ්‍යඵලදායක කෙතක් දැක එහි බිජුවට නො වපුරා නම් ඒ ගොවියා ධාන්‍ය කැමැතියෙක් නො වේ ද.
Pali BJT15. එවමෙවාහං පුඤ්ඤකාමො දිස්වා ඛෙත්ත{5} වරුත්තමං යදි තත්ථ කාරං න කරොමි නාහං පුඤ්ඤෙන අත්ථිකො.
Sinhala BJT15. එ පරිද්දෙන් ම පින් කැමැති වූ මම පින් කෙත් අතුරින් අතිශයින් උතුම් වූ (ආර්‍ය්‍යශ්‍රාවකයන්ගෙන්) අග්‍ර වූ පසේබුදු කෙනකුන් වන පින්කෙතක් දැක උන් වහන්සේට පූජාසත්කාර නො කෙරෙම් නම් මම පින් කැමැතියෙම් නො වෙමි.
Pali BJT16. යථා අමච්චො මුද්දිකාමො රඤ්ඤො අන්තෙ පුරෙ ජනෙ න දෙති තෙසං ධනධඤ්ඤං මුද්දිතො පරිහායති.
Sinhala BJT16. යම් සේ රාජමුද්‍රාධිකාර පදවිධර අමාත්‍යයෙක් හෝ සේනාපතියෙක් හෝ ඇතොවුරෙහි ද ඉන් පිටත බලකායාදීන් කෙරෙහි ද රාජානුශාසනය පරිද්දෙන් නො පිළිපදී ද ඔවුනට ධන ධාන්‍ය නොදේ ද හෙතෙම එම මුද්‍රාධිකාර ධූරයෙන් පිරිහේ.
Pali BJT17. එවමෙවාහං පුඤ්ඤකාමො විපුලං දිස්වාන දක්ඛිණං යදි තස්ස දානං න දදාමි පරිහායිස්සාමි පුඤ්ඤතො
Sinhala BJT17. එපරිද්දෙන් මම ද පින් කැමැතියෙම් උදාර වූ දක්‍ෂිණාර්‍හයකු දැක ඉදින් ඔබට දන් නොදෙම් නම් පුණ්‍යඵලයෙන් ද පිරිහෙමි.
Pali BJT18. එවාහං චින්තයිත්වාන ඔරොහිත්වා උපාහනා තස්ස පාදානි වන්දිත්වා අදාසිං ඡත්තුපාහනං
Sinhala BJT18. මම මෙසේ සිතා (දුරදීම) වහන්සඟළ මුදාගෙන ඒ පසේබුදුන් වහන්සේ ගේ පා වැඳ (උන්වහන්සේට) පත්කුඩය සහ වහන්සඟළ ද දිනිමී.
Pali BJT19. තෙනෙවාහං සතගුණතො සුඛුමාලො සුඛෙධිතො අපිච දානං පරිපූරෙන්තො එවං තස්ස අදාසහන්ති.
Sinhala BJT19. සඞ්ඛ බ්‍රාහ්මණ වූ මම (ඒ පසේබුදුන්ට වඩා එකල) සියුමැලි ව සුවසේ වැඩී සිටියෙමි. එසේ වුව ද මාගේ දානපාරමිතාව පුරනුයෙම් මෙසේ උන්වහන්සේට ජත්‍රෝපාහනය දිනිමියි.
Pali BJTසඞ්ඛචරියං දුතියං.
Sinhala BJTදෙවන සඞ්ඛ බ්‍රාහ්මණචර්‍ය්‍යා යි.
Pali BJT3. කුරුධම්මචරියං
Sinhala BJT3. කුරුධම්ම චරියාව
Pali BJT20. පුනාපරං යදා හොමි ඉන්දපත්ථෙ{1} පුරුත්තමෙ රාජා ධනඤ්ජයො නාම කුසලෙ{2} දස හුපාගතො.
Sinhala BJT20. තවද අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක (මම කුරුරට) උතුම් වූ ඉඳිපත් නුවර දානාදි වූ දස පින් කිරිය වතින් හෙවත් දශ කුශල කර්‍මපථයෙන් යුක්ත වූ ධනඤ්ජය නම් රජ වූයෙම් ද.
Pali BJT21. කාලිඞ්ග{3} රට්ඨවිසයා බ්රාහ්මණා උපගඤ්ජු මං ආයාචුං මං හත්ථිනාගං ධඤ්ඤං මඞ්ගලසම්මතං.
Sinhala BJT21-22. එකල බමුණෝ (අට දෙනෙක්) කලිඟු රටින් මා වෙත පැමිණියාහු ය. ධන්‍ය ලක්‍ෂණ සම්පන්න වූ මඞ්ගල සම්මත හස්තිරාජයා මාගෙන් ඉල්ලූහ. කලිඟු ජනපදය වැසි නැත්තේ ය, දුර්භික්‍ෂ ඇත්තේ ය, සාදුක් ඇත්තේ ය. එ හෙයින් උතුම් වූ නීලවර්‍ණ වූ අඤ්ජන හස්තිරාජයා අපට දුන මැනවයි අයැද සිටියහ.
Pali BJT22. අවුට්ඨිකො ජනපදො දුබ්භික්ඛො ජාතකො මහා දදාහි පවරං නාගං නීලං අඤ්ජනසව්හයං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT23. න මෙ යාචකමනුප්පත්තෙ පටික්ඛෙපො අනුච්ඡවො මා මෙ භිජ්ජි සමාදානං දස්සාමි විපුලං ගජං.
Sinhala BJT23. යාචක ජනයා මා කරා පැමිණ යමක් ඉල්ලූ කල ඒ ප්‍රතික්‍ෂේප කිරීම මට නො නිසි වෙයි. මාගේ පාරමිතාසමාදානය නො බිඳේව යි මහත් වූ මේ මඞ්ගල හස්තිරාජයා දෙමි.
Pali BJT24. නාගං ගහෙත්වා සොණ්ඩාය භිඞ්කාරෙ රතනාමයෙ ජලං හත්ථෙ ආකිරිත්වා බ්රාහ්මණානං අදං ගජං.
Sinhala BJT24. ඇත්රජු සොඬින් ගෙන රන් මුවා කෙණ්ඩියෙන් අතපැන් එව ඇත් රජු බමුණන්ට දිනිමි.
Pali BJT25. තස්ස නාගෙ පදින්නම්හි අමච්චා එතදබ්රුවුං කින්නු තුය්හං වරං නාගං යාචකානං පදස්සසි.
Sinhala BJT25-26. ඒ හස්ති රාජයා දුන් කල්හි ඇමැතියෝ මෙසේ කීහු. ධන්‍ය වූ මඞ්ගල ලක්‍ෂණ සම්පන්න වූ සඞ්ග්‍රාම විජයෙහි ප්‍රධාන වූ තොපගේ උතුම් ඇත්රජු කවර හෙයින් දුන්නහු ද, ඒ ඇතු දුන් කල්හි තොපගේ රාජ්‍යය කුමක් කරන්නේ ද.
Pali BJT26. ධඤ්ඤං මඞ්ගලසම්පන්නං සඞ්ගාමවිජයුත්තමං තස්මිං නාගෙ පදින්නම්හි කින්තෙ රජ්ජං{4} කරිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT27. රජ්ජම්පි මෙ දදෙ සබ්බං සරීරං දජ්ජමත්තනො සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා නාගං අදාසහන්ති
Sinhala BJT27. මා ගේ මේ සිය ශරීරය ද දෙමි, සියලු ශරීරය ද දෙමි. සර්‍වඥතාඥානය මට ප්‍රියවෙයි. එ බැවින් මම හස්තිරාජයා දිනිමි යි.
Pali BJTකුරුධම්මචරියං තතියං.
Sinhala BJTතෙවන කුරුධර්‍ම චරිත යි.
Pali BJT4. මහාසුදස්සනචරියං
Sinhala BJT4. මහාසුදස්සන චරියාව
Pali BJT28. කුසාවතිම්හි නගරෙ යදා ආසිං මහීපති මහාසුදස්සනො නාම චක්කවත්ති මහබ්බලො.
Sinhala BJT28. යම් කලෙක (මම) කුසාවතී නුවර මහත් වූ බල ඇති මහාසුදර්‍ශන නම් සක්විති රජ වූ යෙම් ද,
Pali BJT29. තත්ථාහං{5} දිවසෙ තික්ඛත්තුං ඝොසාපෙමි තහිං තහිං කො කිං ඉච්ඡති පත්ථෙති කස්ස කිං දීයතු ධනං.
Sinhala BJT29. ඒ නුවරදී මම් ඒ ඒ තැන්හි දවසට තුන් වරක් බෙර පියවි කර වීමි. එකල්හි (බ්‍රාහ්මණාදීන් අතුරෙන්) කවරෙක් කුමක් කැමැති වේ ද, කුමක් පතා ද, කවරක්හට කවර ධනයක් මා විසින් දෙනු ලැබේ ද,
Pali BJT30. කො ඡාතකො කො තසිතො කො මාලං කො විලෙපනං නානාරත්තානි වත්ථානි කො නග්ගො පරිදහිස්සති.
Sinhala BJT30. කවරෙක් සා දුක් ඇත්තේ ද කවරෙක් පවස් ඇත්තේ ද, කවරෙක් මල්දම් කැමැත්තේ ද, නග්න වූ කවරෙක් නානා වර්‍ණයෙන් රඳනා ලද වස්ත්‍රයන් හඳිනු කැමැති වේ ද.
Pali BJT31. කො පථෙ ඡත්තමාදෙති කො පාහනා මුදූ සුභා ඉති සායඤ්ච පාතො ච ඝොසාපෙමි තහිං තහිං.
Sinhala BJT31. කවර මගියෙක් මගදී (වැසි සුළං අව්වෙන් වැළකීම පිණිස) ඡත්‍රයක් රිසි වේ ද, කවරෙක් හොබනා වූ මොළොක් වූ පාවහන් රිසි වේ දැයි උදය දවල් සවස ඒ ඒ තැන මෙසේ ඝෝෂණය කරවීමි.
Pali BJT32. න තං දසසු ඨානෙසු න පි{1} ඨානසතෙසු වා අනෙකසතඨානෙසු පටියත්තං යාචකෙ ධනං.
Sinhala BJT32. (එසේ) ඒ දානය දස තැනක සියක් තැනක හෝ නො වෙයි. වැළිදු නොයෙක් සිය ගණන් තන්හි යාචකයන් උදෙසා ධනය පිළියෙළ කරන ලදුයේ යි.
Pali BJT33. දිවා වා යදි වා රත්තිං යදි එති වණිබ්බකො ලද්ධා යදිච්ඡකං භොගං පූරහත්ථොව ගච්ඡති.
Sinhala BJT33. ඉදින් දහවල වේවයි රාත්‍රියෙහි වේවයි යාචක ජනයා පැමිණේ නම් කැමති පරිද්දෙන් වස්තුව ලැබ ගෙන (පිරුණු) අත් ඇතිව මැ යෙයි.
Pali BJT34. එවරූපං මහාදානං අදාසිං යාවජීවිකං නපාහං දෙස්සං ධනං දම්මි නපි නත්ථි නිචයො මයි.
Sinhala BJT34. දිවි ඇති තාක් ම මෙබඳු මහදන් දිනිමි. මට අප්‍රිය වූ අමනාප වූ වස්තුවක් මම නො දෙමි. මා සමීපයෙහි වස්තු රැස්කිරීමෙක් නැත්තේ ද නො වේ.
Pali BJT35. යථා’පි ආතුරො නාම රොගතො පරිමුත්තියා ධනෙන වෙජ්ජං තප්පෙත්වා රොගතො පරිමුච්චති.
Sinhala BJT35. යම්සේ රෝගී වූ පුරුෂයෙක් එම රෝදුකින් මිදෙනු පිණිස ධනයෙන් වෙදහු සතුටු කොට විධි වූ පරිද්දෙන් (පිළිපැදීමෙන්) රෝගයෙන් මිදේ ද,
Pali BJT36. තථෙවාහං ජානමානො පරිපූරෙතුමසෙසතො ඌනමනං පූරයිතුං දෙමි දානං වණිබ්බකෙ නිරාලයො අපච්චාසො සම්බොධිමනුපත්තියාති.
Sinhala BJT36. එ පරිද්දෙන් ම මම ඒ දන්නෙම් නිරවශේෂ වශයෙන් (සත්‍වයන්ගේ අදහස්) සපුරන පිණිස අඩුසිත පිරීමට යාචකජනයාට දන් දෙමි. එ ද අපේක්‍ෂා රහිතව කිසිවකුදු නො පතමින් හුදෙක් සර්‍වඥතාඥානය අවබෝධ කරගැනීමට දෙමි.
Pali BJTමහාසුදස්සනචරියං චතුත්ථං.
Sinhala BJTසතරවන මහා සුදර්‍ශන චරියා යි.
Pali BJT5. මහාගොවින්ද චරියං.
Sinhala BJT5. මහාගෝවින්‍ද චරියාව
Pali BJT37 පුනාපරං යදා හොමි සත්ත රාජපුරොහිතො පූජිතො නරදෙවෙහි මහාගොවින්දබ්රාහ්මණො.
Sinhala BJT37. තවද අනික් චරියාවක් කියමි: යම් කලෙක මම සත් රජුන්ට පුරෝහිත වූ සියලු රජුන් විසින් පුදනු ලැබූ මහාගෝවින්‍ද නම් බ්‍රාහ්මණ වූයෙම් ද,
Pali BJT38. තදාහං සත්තරජ්ජෙසු යං මෙ ආසි උපායනං තෙන දෙමි මහාදානං අක්ඛොභං{2} සාගරූපමං.
Sinhala BJT38. එකල සත්රජයෙහි (රජුන්) මට එළවන ලද යම් පඬුරෙක් වී ද, එයින් මම (කිසිවකු විසින්) ඇළලිය නො හැකි සාගරය වැනි වූ මහා දානයක් දිනිමි.
Pali BJT39. න මෙ දෙස්සං ධනං ධඤ්ඤං නපි නත්ථි නිවයො මයි සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා දෙමි වරං ධනන්ති.
Sinhala BJT39. මට ධන ධාන්‍යය ද අප්‍රිය නො වෙයි. මා ගේ වස්තු රැස් කිරීමෙක් නැත්තේ ද නො වෙයි. සර්‍වඥතාඥානය (එ ධනධාන්‍යයට) වඩා මට ප්‍රිය වෙයි. එහෙයින් උතුම් වූ ධනය දෙමි.
Pali BJTමහාගොවින්ද චරියං පඤ්චමං.
Sinhala BJTපස්වන මහාගෝවින්‍ද චරියා යි.
Pali BJT6. නිමිරාජ චරියං
Sinhala BJT6. නිමිරාජ චරියාව
Pali BJT40. පුනාපරං යදා හොමි මිථිලායං පුරුත්තමෙ නිමි නාම මහාරාජා පණ්ඩිතො කුසලත්ථිකො.
Sinhala BJT40. තවද අනික් චරියාවක් කියමි: යම් කලෙක මම මිථිලා නම් උතුම් නගරයෙහි පණ්ඩිත වූ පින් කැමති වූ නිමි නම් මහරජ වූයෙම් ද,
Pali BJT41. තදාහං මාපයිත්වාන චතුස්සාලං{1} චතුම්මුඛං තත්ථ දානං පවත්තෙසිං මිගපක්ඛිනරාදිනං.
Sinhala BJT41. එකල මම සතර දිශාවට දොර ඇති චතුශ්ශාලාවක් කරවා මෘග පක්‍ෂි මනුෂ්‍යාදීන්ට ද එහි මහදන් පැවැත් වීමි.
Pali BJT42. අච්ඡාදනඤ්ච සයනඤ්ච අන්නං පානඤ්ච භොජනං අබ්බොච්ඡින්නං කරිත්වාන මහාදානං පවත්තයිං.
Sinhala BJT42. හඳනා පොරෝනා වතුදු යහනුදු ආහාරපානදු සෙසු නොයෙක් බොදුනුදු නිරතුරු කොට තබා මහදන් පැවැත්වීමි.
Pali BJT43. යථාපි සෙවකො සාමිං ධනහෙතුමුපාගතො කායෙන වාචා මනසා ආරාධනියමෙසති.
Sinhala BJT43. යම්සේ සේවක පුරුෂයෙක් ධනහේතුයෙන් ස්වාමියාගේ සමීපයට පැමිණියේ කයින් වචනයෙන් සිතින් සතුටු කළ යුතු උපාය සොයා ද,
Pali BJT44. තථෙවාහං සබ්බභවෙ පරියෙසිස්සාමි බොධිජං දානෙන සත්තෙ තප්පෙත්වා ඉච්ඡාමි බොධිමුත්තමන්ති.
Sinhala BJT44. එපරිද්දෙන් මම ද උපනුපන් සියලු භවයෙහි ධනයෙන් සියලු සත්ත්‍වයන් සතප්පා සර්‍වඥතාඥානය (සියලු උත්සාහයෙන්) සොයන්නෙමි. ඒ උතුම් සම්‍යක් සම්බෝධිය විශේෂයෙන් ප්‍රාර්‍ත්‍ථනා කෙළෙමි යි.
Pali BJTනිමිරාජචරියං ඡට්ඨමං.
Sinhala BJTසවන නිමිරාජ චරියා යි.
Pali BJT7. චන්දකුමාර චරියං
Sinhala BJT7. චන්‍දකුමාර චරියාව
Pali BJT45. පුනාපරං යදා හොමි එකරාජස්ස අත්රජො නගරෙ පුප්ඵවතියා කුමාරො චන්දසව්හයො.
Sinhala BJT45. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක (මම) පුෂ්පවතී නුවර ඒකරාජ නම් කසී රජහුගේ ඖරස පුත්‍ර වූ චන්‍ද්‍ර නම් කුමාර වූයෙම් ද,
Pali BJT46. තදාහං යජනා මුත්තො නික්ඛන්තො යඤ්ඤවාටතො{2} සංවෙගං ජනයිත්වාන මහාදානං පවත්තයිං.
Sinhala BJT46. එකල මම (ඛණ්ඩහාලයා කළ) යාග විධානයෙන් මිදුණෙම් යාගාවාටයෙන් නික්ම ගියෙම් අතිශයින් සංවේග උපදවා (වෙස්සන්තර රජුගේ දානය වැනි වූ) මහ දන් පැවැත්වීමි.
Pali BJT47. නාහං පිවාමි ඛාදාමි නපි භුඤ්ජාමි භොජනං දක්ඛිණෙය්යෙ අදත්වාන{3} අපි ඡප්පඤ්ච රත්තියො.
Sinhala BJT47. මම දක්‍ෂිණාර්‍හයන්හට ස පස්රැයක් පමණකුදු පවා නො දී නො පීමි. නො කෑයෙමි. නො බිදීමි.
Pali BJT48. යථාපි වාණිජො නාම කත්වාන භණ්ඩසඤ්චයං යත්ථ ලාභො මහා හොති තත්ථ තං හරති භණ්ඩකං.
Sinhala BJT48. යම් සේ වෙළඳෙක් (මඳ මිලයෙන් විකිණිගෙන) බඩු රැස් කොට යම් තැනෙක ලාභ මහත් වේ ද එතැන්හි ඒ බඩු ගෙන යේ ද,
Pali BJT49. තථෙව සකභුත්තාපි{4} පරෙ දින්නං මහප්ඵලං තස්මා පරස්ස දාතබ්බං සතභාගො භවිස්සති.
Sinhala BJT49. එසේම ස්වකීය පරිභෝගයට වඩා අනෙක් ප්‍රතිග්‍රාහක කෙනකුන්ට දෙන ලද්ද මහත් ඵලවිපාක ඇත්තේ ය. එහෙයින් (තමන් අනුභව නො කොට) අනුන්ට දියයුතු ය. මත්තෙහි විපාකවාර සිය කොටසින් වන්නේ ය.
Pali BJT50. එතමත්ථවසං ඤත්වා දෙමි දානං භවාභවෙ න පටික්කමාමි දානතො සම්බොධිමනුපත්තියාති.
Sinhala BJT50. මේ කාරණය දැනගෙන කුදු මහත් භවයෙහි දන් දිනිමි. බුද්ධත්‍වයට පැමිණීම පිණිස දාන පාරමිතායෙන් මඳකුදු නො නැවැත්තෙමි යි.
Pali BJTචන්දකුමාරචරියං සත්තමං.
Sinhala BJTසත්වන චන්‍ද්‍රකුමාර චරියා යි.
Pali BJT8. සිවිරාජ චරියං
Sinhala BJT8. සිවිරාජ චරියාව
Pali BJT51. අරිට්ඨසව්හයෙ නගරෙ සිවි නාමාසිං{1} ඛත්තියො නිසජ්ජ පාසාදවරෙ එවං චින්තෙසහං තදා.
Sinhala BJT51. (යම් කලෙක මම) අරිට්ඨ නම් නුවර (ගෝත්‍රයෙන්) සිවි නම් වූ ක්‍ෂත්‍රිය රජ වූයෙම් ද, එකල මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතූයෙමි:
Pali BJT52. යං කිඤ්චි මානුසං දානං අදින්නං මෙ න විජ්ජති යොපි වාචෙය්ය මං චක්ඛුං දදෙය්යං අවිකම්පිතො.
Sinhala BJT52. ම විසින් නො දෙන ලද යම් කිසි මානුසක දානවස්තුවෙක් නැත. යමෙක් මාගෙන් ඇස ඉල්ලා නම් නො සැලුණු සිත් ඇතිව එය දෙන්නෙමි යි,
Pali BJT53. මම සඞ්කප්පමඤ්ඤාය සක්කො දෙවානමිස්සරො නිසින්නො දෙවපරිසාය ඉදං වචනමබ්රුවි.
Sinhala BJT53. මා ගේ අදහස දැනගෙන දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජ දෙව් පිරිස්හි හුන්නේ මෙ වදන් කී:
Pali BJT54. නිසජ්ජපාසාදවරෙ සිවිරාජා මහිද්ධිකො චින්තෙන්තො විවිධං දානං අදෙය්යං සො න පස්සති,
Sinhala BJT54. මහත් රාජර්ද්ධී ඇති ඒ සිවිරජ තෙම උතුම් පහයෙහි හිඳ තමා දුන් විවිධ (බාහිර) දානය සිතන්නේ නො දිය හැකි ආධ්‍යාත්මික වස්තුවකුදු නො දකී.
Pali BJT55. තථන්නු විතථන්තෙතං හන්ද වීමංසයාමි{2} තං මුහුත්තං ආගමෙය්යාථ යාව ජානාමි තං මනං.
Sinhala BJT55. එබැවින් තෙල දානාධ්‍යාසය සත්‍යයෙක් දෝ හෝ අසත්‍යයෙක් දෝ හොයි ඒ සිවිරජුහු විමසමි යි ඔහුගේ සිත යම් තාක් දැන ගනිම් ද ඒ තාක් මොහොතක් බලව.
Pali BJT56. පවෙධමානො පලිතසිරො වලිතගත්තො ජරාතුරො අන්ධවණ්ණොව හුත්වාන රාජානං උපසඞ්කමි.
Sinhala BJT56. පැසුණු හිස ඇත්තේ රැළි වැටුණු ශරීර ඇත්තේ, මෙකී ජරා යෙන් පීඩිතවූයේ වෙවුළමින් අඳ වෙස් ඇති වැ රජු කරා එළඹියේ ය.
Pali BJT57. සො තදා පග්ගහෙත්වාන වාමං දක්ඛිණබාහු ච සිරස්මිං අඤ්ජලිං කත්වා ඉදං වචනමබ්රුවි.
Sinhala BJT57. එ කල ඒ බමුණු වෙස් ගත් සක් දෙව් රජ වමත ද දකුණත ද ඔසවා හිස මතුයෙහි ඇඳිලි කොට ගෙන මෙවදන් කී:
Pali BJT58. යාචාමි තං මහාරාජ ධම්මිකරට්ඨවඩ්ඪන තව දානරතා කිත්ති උග්ගතා දෙවමානුසෙ.
Sinhala BJT58. ධාර්මික වූ රට වඩන්නා වූ මහරජාණෙනි, තොප අයැද සිටිමි. තොපගේ දානාභිරතියෙන් ඇති වූ කීර්තිය දෙව් මිනිසුන් කෙරෙහි උස් වැ පැන නැඟිණ.
Pali BJT59. උභොපි නෙත්තා නයනා අන්ධා උපහතා මම එකං මෙ නයනං දෙහි ත්වම්පි එකෙන යාපය.
Sinhala BJT59. මා ගේ නේත්‍ර සඞ්ඛ්‍යාත වූ දෙනුවන අන්‍ධව ගියේ ය, නැසිණ. එහෙයින් මට එක් ඇසක් දෙනු මැනව. තෙපිදු එක් ඇසෙකින් යැපෙනු මැනවැයි කීයේ ය.
Pali BJT60. තස්සාහං වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො කතඤ්ජලී වෙදජාතො ඉදං වචනමබ්රූවිං.
Sinhala BJT60. මම ඔහු ගේ වචනය අසා සතුටු වූයෙම්, සංවේගයට පැමිණි සිත් ඇතියෙම්, කරන ලද ඇඳිලි ඇතිවැ උපන් සොම්නස් ඇති වැ මෙවදන් කීමි.
Pali BJT61. ඉදානාහං චින්තයිත්වා{3} පාසාදතො ඉධාගතො ත්වං මම චිත්තමඤ්ඤාය නෙත්තං යාචිතුමාගතො.
Sinhala BJT61. මම දැන් (ආධ්‍යාත්මික වස්තු පරිත්‍යාග කෙරෙමැයි) සිතා පහයෙන් නික්ම මෙහි ආයෙමි. තෙපි මා ගේ සිත දැනගෙන මෙන් ඇසක් ඉල්ලන්ට ආවහු ද?
Pali BJT62. අහො මෙ මානසං සිද්ධං සඞ්කප්පො පරිපූරිතො අදින්නපුබ්බං දානවරං අජ්ජ දස්සාමි යාචකෙ.
Sinhala BJT62. (අහෝ) විස්මයෙක (ඇස් දෙමැයි) මා සිත තුළ උපන් දානාධ්‍යාසය නිපන. මා මනදොළ පිරිණි. නුදුන් විරූ උතුම් දානය අද යාචකයාට දෙමි.
Pali BJT63. එහි සීවක උට්ඨෙහි මා දන්ධයි මා පවෙධයි උභොපි නයනෙ දෙහි උප්පාටෙත්වා වණිබ්බකෙ.
Sinhala BJT63. මෙහි එව සීවකය, (නො පසුබට වෙව) වීර්‍ය්‍ය කරව, මාගේ මේ ඇස් දීමෙහි ලා සහාය වෙව, පමා නො වෙව, කම්පා නො වෙව, දෑසම උපුටා යාචකයාට දෙව.
Pali BJT64. තතො සො චොදිතො මය්හං සීවකො වචනඞ්කරො උද්ධරිත්වාන පාදාසි තාලමිඤ්ජංව යාචකෙ.
Sinhala BJT64. ඉක්බිති මා විසින් මෙසේ මෙහෙයන ලද කීකරු වූ සීවක වෙද තෙම (මා) ඇස තල් ලොඳක් සේ උදුරාගෙන යාචකයාට දුන්නේ ය.
Pali BJT65. දදමානස්ස දෙන්තස්ස දින්නදානස්ස මෙ සතො චිත්තස්ස අඤ්ඤථා නත්ථි බොධියා යෙව කාරණා.
Sinhala BJT65. සම්‍යක් සම්බෝධිය ම කරුණු කොට ඇස් දෙන්නට වෙදහු ලවා ඇස් උපුටන්නා වූ ද, එම උපුටා පියන ලද ඇස් ශක්‍ර බ්‍රාහ්මණයා අත තබන්නා වූ ද, දෙන ලද ඇස් ඇත්තා වූ ද, මාගේ දානාධ්‍යාසය පිළිබඳ වෙනසෙක් නැති.
Pali BJT66. න මෙ දෙස්සා උභො චක්ඛු අත්තා න මෙ න දෙස්සියො{1} සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා චක්ඛුං අදාසහන්ති.{2}
Sinhala BJT66. (මා) දෙ ඇස මට අප්‍රිය නො වෙයි. මා විසින් ආත්මය තෙමේ ද්වේෂ කටයුතු ද නො වෙයි. නොහොත් මාගේ ආත්මය මට අප්‍රිය නො වේ. මට බුදු බව ප්‍රිය වේ එ බැවින් ඇස් දුනිමි යි.
Pali BJTසිවිරාජචරියං අට්ඨමං.
Sinhala BJTඅටවැනි සිවිරාජ චරියා යි.
Pali BJT9. වෙස්සන්තර චරියං
Sinhala BJT9. වෙස්සන්තර චරියාව
Pali BJT67. යා මෙ අහොසි ජනිකා ඵුසතී නාම{3} ඛත්තියා සා අතීතාසු ජාතිසු සක්කස්ස මහෙසි පියා.{4}
Sinhala BJT67. ඵුසතී නම් වූ යම් කැත්දුවක් වෙස්සන්තර වූ මට මවු වූ ද ඕ තොමෝ අතීත ජාතියෙහි සක්දෙව් රජහට ප්‍රිය මෙහෙසි වූ ය.
Pali BJT68. තස්සා ආයුක්ඛයං දිස්වා දෙවින්දො එතදබ්රුවි දදාමි තෙ දසවරෙ වර{5} භද්දෙ යදිච්ඡසි.
Sinhala BJT68. සක් දෙව් රජතෙම ඒ ඵුසතී දේවියගේ (දිව්‍යගතික වූ) ආයුඃක්‍ෂය (මරණය) දැක, “සොඳුර, ඵුසතී දේවිය තිට වර දසයක් දෙමි. යමක් තිට කැමැත්තේ ද එය ගනුව”
Pali BJT69. එවං වුත්තා ච සා දෙවී සක්කං පුනිද මබ්රුවි කින්නු මෙ අපරාධත්ථි කින්නු දෙස්සා අහං තව රම්මා චාවෙසි මං ඨානා වාතොව ධරණීරුහං.
Sinhala BJT69. යළි මෙසේ කියනු ලැබූ ඒ දේවී තොමෝ ශක්‍ර දේවේන්‍ද්‍රයාහට මේ වචනය කියූ. “කිමැ මා කළ අපරාධයෙක් ඇත් ද කිමැ ඔබ විසින් මම අප්‍රිය කරනු ලබම් ද. ගසක් උදුරා දමන මහ පවනක් මෙන් සිත්කලු වූ මෙම දෙව්ලොවින් මා ච්‍යුත කරවුදැ” යි.
Pali BJT70. එවං වුත්තො ච සො සක්කො පුන තස්සීද{6}මබ්රුවි න චෙව තෙ කතං පාපං න ච මෙ ත්වමසි අප්පියා.
Sinhala BJT70. මෙසේ කියනු ලැබූ සක්දෙවිරජ ද යළි ඒ මෙහෙසියට මෙවදන් කී; තී විසින් පව් නොකරන ලද ම ය – තෝ මට අප්‍රිය නො ද වෙයි.
Pali BJT71. එත්තකං යෙව තෙ ආයු{1} වචනකාලො භවිස්සති පටිග්ගණ්හ මයා දින්නෙ වරෙ දස වරුත්තමෙ.
Sinhala BJT71. තීගේ ආයුෂ මෙපමණෙක් ම ය– ච්‍යුතවන කාලය වන්නේ ය. මා දෙන ලද අතිශයින් උතුම් වූ දශවරය ගනුව.
Pali BJT72. සක්කෙන සා දින්නවරා තුට්ඨහට්ඨා පමොදිතා මමං අබ්භන්තරං කත්වා ඵුසතී දසවරෙ වරී.
Sinhala BJT72. සක්දෙව් රජු විසින් දෙන ලද වර ඇති ඒ ඵුසතී දේවී තොමෝ තුටුපහටු වූවා ප්‍රමුදිත ව මා ඇතුළත් කොට දශවරය ඉල්ලූ ය.
Pali BJT73. තතො චුතා සා ඵුසතී ඛත්තියෙ උපපජ්ජථ ජෙතුත්තරම්හි නගරෙ සඤ්ජයෙන සමාගමී.
Sinhala BJT73. ඒ ඵුසතී තොමෝ තව්තිසා දෙව් ලොවින් ච්‍යුත ව අවුත් රාජවංශයෙහි ඉපිද ජේතුත්තර රාජධානියෙහි සඤ්ජය නම් කුමාරයා සමඟ එක් වූ ය.
Pali BJT74. තදාහං ඵූසතියා කුච්ඡිං ඔක්කන්තො පියමාතුයා මම තෙජෙන මෙ මාතා සදා දානරතා අහු.
Sinhala BJT74. යම් කලෙක මම ප්‍රිය මාතෘ වූ ඵුසතී දෙවියගේ කුස තුළ පිළිසඳ ගතිම් ද, එකල මාගේ දානාධ්‍යාසබලයෙන් මාගේ මව දන් දීමෙහි හැම කල්හි ඇලුණී වුව.
Pali BJT75. අධනෙ ආතුරෙ ජිණ්ණෙ යාචකෙ අද්ධිකෙ ජනෙ{2} සමණෙ බ්රාහ්මණෙ{3} ඛීණෙ දෙති දානං අකිඤ්චනෙ.
Sinhala BJT75. ඕතොමෝ නිර්ධන වූ ආතුර වූ ජරායෙන් ජීර්‍ණ වූ යාචක වූ මාර්ගික වූ ජනයා විෂයෙහි ද මහණ බමුණන් විෂයෙහි ද ධනහීනයන් විෂයෙහි ද අයැති නැතියන් විෂයෙහි ද දන් දෙයි.
Pali BJT76. දසමාසෙ ධාරයිත්වාන කරොන්තෙ{4} පුරපදක්ඛිණං වෙස්සානං වීථියා මජ්ඣෙ ජනෙසි ඵුසතී මමං.
Sinhala BJT76. (සඤ්ජයරජු දේවිය ගෙන) නුවර පැදකුණු කරන කල්හි ඵුසතී දේවී තොමෝ දසමසක් මුළුල්ලෙහි ධරා වෙළෙඳුන්ගේ වීථිමැද මා ප්‍රසව කළා.
Pali BJT77. න මය්හං මත්තිකං{5} නාමං නපි පෙත්තිකසම්භවං ජාතොම්හි වෙස්සවීථියා තස්මා වෙස්සන්තරො අහු.
Sinhala BJT77. මාගේ නම මවගෙන් ආයේ නො වෙයි. පියාගෙන් ආයේ ද නො වෙයි. මම වෛශ්‍යවීථියෙහි උපන්මි. එහෙයින් මම වෙස්සන්තර නම් වීමි.
Pali BJT78. යදාහං දාරකො හොමි ජාතියා අට්ඨවස්සිකො තදා නිසජ්ජ පාසාදෙ දානං දාතුං විචින්තයිං.
Sinhala BJT78. යම් කලෙක මම උපතින් අටහැවිරිදි ළදරු වූයෙම් ද එකල්හි පහයෙහි හිඳගෙන දන් දෙන්නට සිතුවෙමි.
Pali BJT79. හදයං දදෙය්යං චක්ඛුං මංසම්පි රුධිරම්පි ච දදෙය්යං කායං සාවෙත්වා යදි කොචි යාචයෙ මමං.
Sinhala BJT79. ඉදින් කිසිවෙක් මාගෙන් ඉල්ලා නම් හදවත ද ඇස ද ඇඟමස ද ලේ ද දෙන්නෙමි. දස්බව අස්වා ශරීරය ද දෙන්නෙමි.
Pali BJT80. සාභවං චින්තයන්තස්ස අකම්පිතමසණධිතං අකම්පි තත්ථ පඨවී සිනෙරුවනවටංසකා.
Sinhala BJT80. නො සැලුණු නො හැකුළුණු යථාස්වභාව වූ දානාධ්‍යාසය සිතන කල්හි සිනේරුමහාවනයන් මුදුන්මල් කොට ඇති පෘථිවී තොමෝ කම්පා වූ ය.