Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1101-1200 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:194.4
15. එ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
kn-bv:194.5
16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට, මහායශස් ඇත්තාහු ඇසැතුරුක් මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
kn-bv:194.6
17. මොවුන් ගේ ජනිකමවු තොමෝ මායා නම් වන්නී ය. පියතෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
kn-bv:194.7
18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත්ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
kn-bv:194.8
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
kn-bv:194.9
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස්වී වූ ඒ ගෞතම බුදුන්ට ආයු සියක් හවුරුදු වෙයි.
kn-bv:194.10
21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැයි සතුටු වූවාහු–
kn-bv:194.11
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි ව නමස්කාර කෙරෙත්.
kn-bv:196.1
23. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:196.2
24. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
kn-bv:196.3
25. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මේ බුදුන් හරමෝ නම්, අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
kn-bv:196.4
26. මම් ඔබ ගේ බස් අසා වැඩිතරම් කොට සිත පැහැදැවීමි. දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:196.5
27. මහර්ෂි වූ සිඛී බුදුන් ගේ නගරය අරණවතී නම් විය. අරුණවත් නම් ක්‍ෂත්‍රිය තෙමේ පිතෘ විය. මව් තොමෝ ප්‍රභාවතී නම් වූ.
kn-bv:196.6
28. ඒ බුදුහු සත්දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සුවන්‍ද යැ ගිරි යැ වසභ යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
kn-bv:196.7
29. ඔබට මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු සූවිසිදහසක් වූහ. අගමෙහෙසුන් බිසව සබ්බකාමා නම් වූ පුත්‍ර තෙමේ අතුල නම් වී.
kn-bv:196.8
30. සතර පෙරනිමිති දැක ඒ පුරුෂෝත්තම වූ සිඛී මහසත්හු හස්තියානයෙකින් මහාභිනිෂ්ක්‍රමණය කළහ. අටමසෙක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:196.9
31. මහාවීර වූ නරෝත්තම වූ සිඛී නම් ලෝකාග්‍රනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලද්දාහු මිගාචීර නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
kn-bv:196.10
32. අභිභූ යැ සම්භව යැ යන නම් ඇති අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. ඒ සිඛී නම් මහර්ෂීන් වහන්සේට ඛේමඞ්කර නම් උපස්ථායක යෙක් වී.
kn-bv:196.11
33. මඛිලා යැ පදුමා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය හෙළඹ රුකැයි කියනු ලැබේ.
kn-bv:196.12
34. සිරිවඩ්ඪ යැ නන්‍ද යැ යන අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. චිත්තා යැ සුගුත්තා යැ යන අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ,
kn-bv:198.1
35. කසුන් ඇගෑයක් බඳු වූ දෙතිස් වරමහාපුරුෂ ලක්‍ෂණයෙන් යුක්ත වූ ඒ සිඛී නම් බුදුහු උසින් සැත්තෑරියන් වූහ.
kn-bv:198.2
36. ඒ බුදුන් ගේ කයින් ව්‍යාමප්‍රභාව රෑ දවල් නිරතුරු විය, රශ්මීහු තුන් යොදුන් පමණින් දිශානුදිශායෙහි නික්මෙත්.
kn-bv:198.3
37. ඒ මහර්ෂි වූ බුදුන්ට සැත්තෑදහසක් හවුරුදු ආයු විය, එපමණ කල් වැඩ සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසරින්) තැරැ වූහ.
kn-bv:198.4
38. දහම් මහමේ වස්වා දෙවියන් සහිත ලෝ වැසියන් තෙමා ක්‍ෂේම වූ නිවනට පමුණුවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවි සේක:
kn-bv:198.5
39. අසූ අනුව්‍යඤ්ජනයෙන් සමෘද්ධ වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණය හැම අතුරුදහන් වී. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
kn-bv:198.6
40. මුනිවර වූ සිඛී බුදුරජාණන් වහන්සේ දුස්සාරාමයෙහි පිරිනිවි සේක, එහි මැ ඔබ ගේ ස්තූපවරය තුන් යොදුන් උස්ව පිහිටියේ යි.
kn-bv:198.7
විසිවැනි සිඛී බුද්ධවංශ යි.
kn-bv:200.1
21. වෙස්සභූ බුද්ධවංශය
kn-bv:200.2
1. ඒ මණ්ඩකල්පයෙහි මැ අසම වූ අප්‍රතිපුද්ගල වූ නාමයෙන් වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
kn-bv:200.3
2. එකල්හි රාගගින්නෙන් (මෙ හැම තුන් ලොව) ආදීප්ත වී යයි ද, තෘෂ්ණාවන් ගේ විජිතයෙකැයි ද දැන කිඳිලියබැඳුම් සිඳ ඇත්රජක්හු සෙයින් (කෙලෙස් බැඳුම් සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණි සේක.
kn-bv:200.4
3. වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි අසූකෙළදහසක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
kn-bv:200.5
4. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥයන් වහන්සේ ජනපදචාරිකායේහි නික්මැ ගිය කල්හි සැත්තෑකෙළදහසක් සත්නට දෙවැනි ධර්‍මාභිසමය වී.
kn-bv:200.6
5. ඒ බුදුහු මහත් වූ දෘෂ්ටිජාලය දුරු කෙරෙමින් යමාමහපෙළහර කළහ. එකල්හි දශසහස්‍රසදේවලෝකයෙහි දෙවිමිනිස්සු රැස්වූහ.
kn-bv:200.7
6. අද්භූත වූ ලොමුදහන මහත් වූ ආශ්චර්‍ය්‍යය දැක සැටකෙළක් දෙවියෝ ද මනුෂ්‍යයෝ ද ධර්‍මාවබෝධය කළහ.
kn-bv:200.8
7. වෙස්සභූ මහර්ෂීන් වහන්සේට විගත වූ රාගාදිමල ඇති ශාන්ත වූ සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධ වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
kn-bv:200.9
8. අසූදහසක් භික්‍ෂූන්ගේ ප්‍රථමශ්‍රාවකසන්නිපාතය විය. සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ ද්විතීය ශ්‍රාවකසන්නිපාතය වී.
kn-bv:200.10
9. ජරාදි සසරබිය ඉක්ම වූ මහර්ෂීන් පුත්‍ර වූ සැටදහසක් භික්‍ෂූන්ගේ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී.
kn-bv:200.11
10. එසමයෙහි මම් සුදර්‍ශන නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහාවීර වූ බුදුන් පවරා මහාර්‍හ වූ දනක් දී ආහාරපානයෙන් ද වස්ත්‍රයෙන් ද සඞ්ඝයා සහිත වූ බුදුන් පිදීමි.
kn-bv:202.1
11. අසම වූ ඒ බුදුන් විසින් උතුම් වූ දම්සක් පවත්වනලද. ප්‍රණීත වූ ඒ දහම් අසා පැවිද්ද රුචි කෙළෙමි.
kn-bv:202.2
12. රෑදෙවෙහි අනලස් වූයෙම් මහදන් පවත්වා පැවිද්ද ගුණසම්පන්න යැ යි දැන බුදුන් සමීපයෙහි පැවිදි වීමි.
kn-bv:202.3
13. ආචාරයෙන් හා ගුණයෙන් යුක්ත වූයෙම් වතින් හා ශීලයෙන් යුක්ත වූයෙම් සර්‍වඥතාඥානය සොයමින් බුදුසසුන්හි සිත් අලවා විසීමි.
kn-bv:202.4
14. ශ්‍රද්ධාවට ද ප්‍රීතියට ද පැමිණ ශාස්තෲන් වහන්සේගේ පාසඟුළුවන් වැන්දෙමි. සම්‍යක්සම්බෝධිය මැ හේතු කොට ගෙන මට ප්‍රීතිය උපන.
kn-bv:202.5
15. සම්මාසම්බුදුහු (මා) නො පසුබස්නා සිත් ඇත්තහු දැන ‘මේ තෙම මෙයින් එක්තිස් වන කපැ බුදු වන්නේ ය’යි මෙවදන් වදාළහ.
kn-bv:202.6
16. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:202.7
17. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
kn-bv:202.8
18. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
kn-bv:202.9
19. ඉක්බිති අනුත්තර වූ මහසත්හු මහායශස් ඇත්තාහු ඇසැතුරුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
kn-bv:202.10
20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ මේ තෙමේ ගොතම නම් වන්නේ යි.
kn-bv:202.11
21. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ඒ බුදුන්ට ආනන්‍ද නම් උපස්ථායකයෙක් උපස්ථාන කරන්නේ යි.
kn-bv:204.1
22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
kn-bv:204.2
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතමබුදුන්ට ආයු සියක්හවුරුදු වෙයි.
kn-bv:204.3
24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධවීරාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.
kn-bv:204.4
25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දෙවියන් සහිත වූ දසදහසක් සක්වළවැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:204.5
26. ඉදින් ඇපි මේ ලෝහිමියන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:204.6
27. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
kn-bv:204.7
28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:204.8
29. මම් ඔබගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදවීමි දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:204.9
30. මහර්ෂී වූ වෙස්සභූ බුදුන්ගේ නගරය අනුපම නම් විය. සුප්පතීත නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය. මව් තොමෝ යසවතී නම් වූ දේවිය යි.
kn-bv:204.10
31. ඒ බුදුහු සදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට රුචි යැ සුරුචි යැ රතිවඩ්ඪන යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
kn-bv:204.11
32. මොනොවට සැරසුණු නො අඩු වූ තිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුචිත්තා නම් ප්‍රසිද්ධ වූ ස්ත්‍රිය අගමෙහෙසි වූ යැ පුත්‍ර තෙමේ සුප්පබුද්ධ නම් වී.
kn-bv:206.1
33. සතර පෙරනිමිති දැක සිවිකායෙකින් මහබිනික්මන් කළහ. ඒ පුරුෂෝත්තමයෝ සමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:206.2
34. මහාවීර වූ නරෝත්තම වූ වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලද්දාහු අරුණාරාමයෙහි වැඩහිඳ දම්සක් පැවැත්වූහ.
kn-bv:206.3
35. ඒ වෙස්සභූ සර්‍වඥයන් වහන්සේට සෝණ යැ උත්තර යැ යි අගසවු දෙදෙනෙක් වූහ. උපසන්ත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
kn-bv:206.4
36. දාමා යැ සමාලා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ‘සල්රුකැ’යි කියනු ලැබේ.
kn-bv:206.5
37. සොත්‍ථික යැ රම්ම යැ යි අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. ගෝතමී යැ සිරිමා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
kn-bv:206.6
38. රන්ටැඹක් බඳු වූ ඒ බුදුහු සැටරියන් උස් වූහ. රාත්‍රියෙහි කඳුමුදුනෙක ගින්නක් සෙයින් (ඔබගේ) සිරිරින් රැස් නික්මිණි.
kn-bv:206.7
39. එකල්හි සැටදහසක් හවුරුදු ආයු විය. එතෙක්කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
kn-bv:206.8
40. දහම් පතුරුවා මහාජනයා (උද්ඝටිතාදි විසින් ශ්‍රෝතාපන්නාදි විසින්) විභාග කොට (අෂ්ටාඞ්ගමාර්‍ග සඞ්ඛ්‍යාත) දහම්නැවැ පිහිටුවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවිසේක.
kn-bv:206.9
41. දර්‍ශනීය ඒ සියලු ශ්‍රාවකයන් සහිත ඒ බුදුහු ද විහරණය ද ඊර්‍ය්‍යාපථය ද යන සියල්ල අතුරුදහන් වී. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
kn-bv:206.10
42. ජිනවර වූ වෙස්සභූ ශාස්තෲන් වහන්සේ ඛේමාරාමයෙහි පිරිනිවි සේක. ඔබගේ ධාතූහු ඒ ඒ පෙදෙස්හි පැතුරුණාහ’යි.
kn-bv:206.11
එක්විසිවැනි වෙස්සභූ බුද්ධවංශ යි.
kn-bv:208.1
22. කකුසඳ බුද්ධවංශය
kn-bv:208.2
1. වෙස්සභූ බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ අප්‍රමේයගුණ ඇති ළං විය නො හැකි නාමයෙන් කකුසඳ නම් වූ සම්බුද්ධයන් වහන්සේ–
kn-bv:208.3
2. සියලු පාරමිතාවන්ගේ කෙළවරට පැමිණියාහු සියලු (නවවිධ) භවය නසා මැඳිරිය බිඳ සිංහරාජයකු සෙයින් භවපඤ්ජරය නසා උතුම් වූ සම්බෝධියට පැමිණියහ.
kn-bv:208.4
3. කකුසඳ ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි සතලිස්කෙළදහසක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
kn-bv:208.5
4. අන්තරීක්‍ෂ ආකාශයෙහි යමාමහපෙළහර කොට තිස්කෙළදහසක් දෙවිමිනිසුනට ධර්‍මාවබෝධය කරවී.
kn-bv:208.6
5. නරදේව නම් යක්‍ෂයාහට සිව්සස්දහම් දෙසීමෙහි දී උන් වහන්සේ ගේ (තුන් වැනි) ධර්‍මාභිසමය ගණනින් අසඞ්ඛෙය වී.
kn-bv:208.7
6. කකුසඳ භාග්‍යවතුන් වහන්සේට විගතමල වූ සන්හුන්සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ එක් මැ ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
kn-bv:208.8
7. එකල්හි ආස්‍රව නමැති සතුරුගණයා ක්‍ෂය කිරීමෙන් නිවනට පැමිණි සතලිස්දහසක් රහතුන්ගේ සමාගමය වී.
kn-bv:208.9
8. මම් එසමයෙහි ඛේම නම් වූ ක්‍ෂත්‍රිය වීමි. තථාගතයන් කෙරෙහි ද බුද්ධපුත්‍රයන් කෙරෙහි ද අනල්ප වූ දන් දී–
kn-bv:208.10
9. පාසිවුරු දී අඳුන් යැ වැල්මීකඬ යැ යන උතුම් උතුම් වූ මේ රිසියුණු සියල්ල පිළියෙළ කොට දිනිමි.
kn-bv:208.11
10. ලෝකනායක වූ ඒ කකුසඳ බුදුහු ද ‘මේ තෙම මේ භද්‍රකල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්හ.
kn-bv:210.1
11. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:210.2
12. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුකමුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාගංතෙරට පැමිණෙන්නාහ.
kn-bv:210.3
13. ඒ ජිතමාරපඤ්ච වූ බෝසත්හු නිල්දලාගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
kn-bv:210.4
14. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඬ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතුරුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
kn-bv:210.5
15. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
kn-bv:210.6
16. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්තසිත් ඇති අර්‍හත් ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් එබුදුන්ට උපස්ථාන කරන්නේ යි.
kn-bv:210.7
17. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
kn-bv:210.8
18. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතමබුදුන්ට ආයු සියක්හවුරුදු වෙයි.
kn-bv:210.9
19. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දේවමනුෂ්‍යයෝ ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–
kn-bv:210.10
20. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දෙවියන් සහිත වූ දසදහස්ලෝධාහි වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:210.11
21. ඉදින් ඇපි මේ ලෝහිමියන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:210.12
22. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:212.1
23. එසෙයින් මැ ඇපි සියල්ලමෝ මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:212.2
24. මම් ඔබගේ බස් අසා වැඩිතරම් කොට සිත පැහැදවීමි. දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:212.3
25. එ කකුසඳබුදුන්ගේ නගරය ඛේමවතී නම් විය. එකල්හි මම් බෙම නම් වූයෙමි. සර්‍වඥතාඥානය සොයන්නෙම් එ කකුසඳබුදුන් වෙත පැවිදි වීමි.
kn-bv:212.4
26. මහර්ෂී වූ කකුසඳ නම් බුදුන්ට ඒ අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියා විය. මවු තොමෝ විශාඛා නම් වූ.
kn-bv:212.5
27. මිනිසුන් කෙරෙහි උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ උත්තමජාතී ඇති මහත් වූ, යශස් ඇති ඒ බුදුන්ගේ මහාඥාතිකුලය ඒ බෙම පුරයෙහි විසී.
kn-bv:212.6
28. ඒ බුදුහු සාරදහසක් හවුරුදු ගිහිගෙයි වාසය කළහ. ඔබට රුචි යැ සුරුචි යැ රතිවර්ධන යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.