Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 501-600 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:94.2
12. එසමයෙහි මම් සුජාත නම් බ්‍රාහ්මණ වීමි. එකල්හි සභුන් සහිත බුදුන් ආහාරපානයෙන් සැතැපීමි.
kn-bv:94.3
13. ලෝකනායක වූ ඒ සෝභිත නම් සම්මාසම්බුදුහු ද, ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්සේක.
kn-bv:94.4
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:94.5
15. තථාගත තෙමේ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
kn-bv:94.6
16. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
kn-bv:94.7
17. ඉක්බිති ඒ මහායශස් ඇති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
kn-bv:94.8
18. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
kn-bv:94.9
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කෙරෙයි.
kn-bv:94.10
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබේ.
kn-bv:94.11
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුනට වර්‍ෂ සියයෙක් ආයු වෙයි.
kn-bv:94.12
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.
kn-bv:96.1
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
kn-bv:96.2
24. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:96.3
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද –
kn-bv:96.4
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
kn-bv:96.5
27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුටු වූයෙම් සංවේගයට පත් සිත් ඇතියෙම් එ මැ අර්‍ත්‍ථයට පැමිණෙනු පිණිස දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
kn-bv:96.6
28. මහර්ෂි වූ සෝභිත නම් බුදුන්ගේ නගරය සුධර්‍ම නම, පිය වූ ක්‍ෂත්‍රිය තෙම සුධර්‍ම නම, මව් තොමෝ සුධර්‍මා නමු.
kn-bv:96.7
29. ඒ සෝභිත නම් බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට කුමුද යැ කලීර යැ පදුම යැ යි උතුම් තුන් පහයෙක් වී.
kn-bv:96.8
30. මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු සැත්තෑදහසක් වූහ. ඒ මඛිලා නම් ස්ත්‍රිය අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සීහ නම් වී.
kn-bv:96.9
31. පුරුෂෝත්තම වූ සෝභිත බෝසත් සතර පෙරනිමිති දැක පහයෙන් අභිනිෂ්ක්‍රමණය කෙළේ යැ. ප්‍රධානචාරය සතියෙකි. ඒ බුදුහු සත්‍යාවබෝධ කරන්නාහු නාගවෘක්‍ෂමූලයෙහි බුදු වූහ.
kn-bv:96.10
32. මහත් වූ වීර්‍ය්‍යය ඇති සෝභිත නම් සම්මාසම්බුදුහු බඹහු විසින් අයදනාලදහු උතුම් වූ සුධර්‍ම නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:96.11
33. මහර්ෂි වූ සෝභිත බුදුනට අසම යැ සුනෙත්ත යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. අනෝම නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ. නකුලා යැ සුජාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ.
kn-bv:98.1
34. රම්ම යැ සුදත්ත යැ යන දෙදෙන අගඋවටු වූහ. නකුලා යැ චිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
kn-bv:98.2
35. අටපනස්රියන් උස්වූ සෝභිත මහමුනිහු උදා වූ දිවයුරු සෙයින් හැම දික් බැබැළවූහ.
kn-bv:98.3
36. යම්සේ සුපිපි මහවනය නොයෙක් සුවඳින් සුවඳ කරන ලද ද එසෙයින් මැ උන් වහන්සේගේ සස්න සිල්සුවඳින් සුවඳ කරනලද.
kn-bv:98.4
37. යම්සේ සාගරය නම් දර්‍ශනයෙන් අතෘප්තිජනක වේ ද, එසෙයින් මැ ඔබගේ සස්න ශ්‍රවණයෙන් අතෘප්තිජනක වී.
kn-bv:98.5
38. එකල්හි අනූදහසක් හවුරුද්දට ආයු විය. එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනතාව සසරකතරින් එතෙර කරවූහ.
kn-bv:98.6
39. ඒ බුදුහු සෙසු ජනයන්ට අවවාද අනුශාසනා කොට ගින්නක් සෙයින් තෙද ගන්වා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
kn-bv:98.7
40. අසමසම වූ ඒ බුදුහු ද බලප්‍රාප්ත වූ ඒ ශ්‍රාවකයෝ ද යන එ හැම අතුරුදහන් වූහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
kn-bv:98.8
41. සෝභිත නම් වූ උතුම් සම්බුද්ධයන් වහන්සේ සිංහාරාමයෙහි පිරිනිවිසේක. ඒ ඒ පෙදෙස්හි උන් වහන්සේගේ ධාතුහු විසුරුණහ.
kn-bv:98.9
සවැනි සෝභිත බුද්ධවංශ යි.
kn-bv:100.1
7. අනෝමදස්සී බුද්ධවංශය
kn-bv:100.2
1. සෝභිත නම් බුදුන්ට මෑතභාගයෙහි අපමණ වූ යසපිරිවර ඇති ශීලසමාධිප්‍රඥාතේජස් ඇති, කිසිවක්හු විසින් ඉක්මවිය නොහැකි ද්විපදෝත්තම වූ අනෝමදස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වූ සේක.
kn-bv:100.3
2. ඒ බුදුහු සියලු සංයෝජනයන් සිඳ තුන් භවය වනසා දෙවිමිනිසුන්ට නිවනට යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය දෙසූහ.
kn-bv:100.4
3. ඒ අනෝමදස්සී බුදුහු මහසයුර සෙයින් නො කළඹාලියහැකි වූහ. පර්‍වතයක්හු සෙයින් නො ගැටියහැකි වූහ. ආකාශය සෙයින් අනන්තයහ. සුපිපි සල්රුකක් සෙයින් සෝභමාන වූහ.
kn-bv:100.5
4. ප්‍රාණීහු ඒ බුදුන් දර්‍ශනයෙන් මැ සතුටු වෙති. ඔව්හු දේශනා කරන දහම් අසා නිවණට පැමිණෙති.
kn-bv:100.6
5. එකල්හි ඔබගේ ධර්‍මාභිසමය සමෘද්ධ වූයේ බොහෝ ජනයාට හිත විසින් පරිපූර්‍ණ වී. ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළසියක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
kn-bv:100.7
6. එයින් මෑතභාගයෙහි දෙවැනි ධර්‍මදේශනායෙහි (බුද්ධමහාමේඝය) දහම්වැසි වස්නා කල්හි අසූකෙළක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
kn-bv:100.8
7. එයින් මෑතභාගයෙහිදු (දහම්වැසිදහර) වස්නා කල්හි (දහම්අමාවැස්සෙන්) සත්ත්‍වයන් පිනවන කල්හි අටසැත්තැකෙළක් ප්‍රාණීන්ට තෘතීයධර්‍මාභිසමය වී.
kn-bv:100.9
8. මහර්ෂි වූ ඒ අනෝමදස්සී බුදුන්ට ද ෂඩභිඥා බලයට පැමිණි අර්‍හත්ඵලවිමුක්තියෙන් සුපුෂ්පිත (ශෝභාවට පැමිණි) වූ ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
kn-bv:100.10
9. එකල්හි ප්‍රහීණ වූ මදමොහ ඇති ශාන්ත වූ සිත් ඇති තාදී ගුණ ඇති අට ලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී.
kn-bv:100.11
10. කෙලෙස් අඞ්ගණ රහිත වූ විගත වූ කෙලෙස්රජස් ඇති උපශාන්ත වූ තාදීගුණ ඇති සත් ලක්‍ෂයක් රහතුන්ගේ දෙවැනි සන්නිපාතය වී.
kn-bv:102.1
11. ෂඩභිඥාබලයට පැමිණි ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත තපස් ඇති ස ලක්‍ෂයක් ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් වැනි ශ්‍රාවකසන්නිපාතය වී.
kn-bv:102.2
12. එසමයෙහි මම් නොයෙක් කෙළගණන් යක්‍ෂයන් වසයෙහි පවත්වන මහේශ්වර වූ මහත් ඍද්ධි ඇති යක්‍ෂසෙනාධිපති වීමි.
kn-bv:102.3
13. එකල්හි දු මහර්ෂි වූ ඒ උත්තම සම්බුද්ධයන් කරා එළැඹ සඟුන් සහිත, ලෝකනායකයන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
kn-bv:102.4
14. එකල්හි ඒ විශුද්ධ වූ ඇස් ඇති බුදුහු ‘මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
kn-bv:102.5
15. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:102.6
16. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
kn-bv:102.7
17. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතුබෝරුක වෙත එළැඹෙයි.
kn-bv:102.8
18. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතු බෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
kn-bv:102.9
19. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:102.10
20. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන (අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ පස්මරුන් දිනූ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
kn-bv:102.11
21. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
kn-bv:104.1
22. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:104.2
23. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
kn-bv:104.3
24. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:104.4
25. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:104.5
26. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟතරණය කෙරෙත් ද–
kn-bv:104.6
27. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
kn-bv:104.7
28. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:104.8
29. අනෝමදස්සී බුදුන්ගේ නගරය චන්‍ද්‍රවතී නම් වී යැ. යසවත් නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය. මව් තොමෝ යශෝධරා නමු.
kn-bv:104.9
30. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සිරි යැ උපසිරි යැ සිරිවඩ්ඪ යැ යි උතුම් ප්‍රාසාද තුනෙක් වී.
kn-bv:104.10
31. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සිරිමා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම උපවාන නම් වී.
kn-bv:104.11
32. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක සිවිගෙයෙකින් මහබිනික්මන් කළහ. පුරා දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:104.12
33. ඒ මහත්වීර්‍ය්‍ය ඇති අනෝමදස්සී නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු සුදර්‍ශන නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:106.1
34. අනෝමදස්සී නම් බුදුන්ට නිසභ යැ අනෝම යැ යන දෙදෙන අගසවු වූහ. වරුණ නම් තෙර කෙනෙක් අග උවටු වූහ.
kn-bv:106.2
35. සුන්‍දරී යැ සුමනා යැ යන අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය අර්ජුන (කුඹුක්) යයි කියනුලැබෙයි.
kn-bv:106.3
36. නන්‍දිවඩ්ඨ යැ සිරිවඩ්ඨ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. උත්පලා යැ පද්මා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
kn-bv:106.4
37. ඒ සම්මාසම්බුදුහු අටපනස්රියන් උස වූවහ, උදාවූ සූර්‍ය්‍යයා සෙයින් උන් වහන්සේගේ කැලුම් නික්ම යෙයි.
kn-bv:106.5
38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ අනෝමදස්සී බුදුහු එතෙක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
kn-bv:106.6
39. පහවූ රාග ඇති විගත රාගාදි මල ඇති තාදීගුණ ඇති රහතුන් කරණ කොට ගෙන සුපුෂ්පිත ප්‍රවචන ඇති බුදුසස්න බැබැළී.
kn-bv:106.7
40. අප්‍රමාණ යසස් ඇති ඒ ශාස්තෲහු ද ඒ අතුල්‍ය වූ ශ්‍රාවකයුගලයෝ ද යන සියල්ල අතුරුදහන් විය හැම සංස්කාරයෝ සිස් වූවාහු නො?
kn-bv:106.8
41. පස්මරුන් දිනූ අනෝමදස්සී බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. එහි මැ ඒ බුදුන්ගේ ස්තූපය පස්විසියොත්නෙක් උස් වූයේ යි.
kn-bv:106.9
සත් වැනි අනෝමදස්සී බුද්ධවංශ යි.
kn-bv:108.1
8. පදුම බුද්ධවංශය
kn-bv:108.2
1. ඒ අනෝමදස්සී බුදුන්ට මෑතභාගයෙහි නමින් ‘පදුම’ නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
kn-bv:108.3
2. ඒ බුදුන්ගේ ද ශීලය අසම යැ සමාධිය ද අනන්ත යැ උතුම් වූ (අසාධාරණ) ඥානය ද අප්‍රමේය යැ අර්‍හත්ඵලවිමුත්තිය ද අනුපම වේ.
kn-bv:108.4
3. අතුල්‍ය වූ තේජස් ඇති ඒ පදුම බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි මහත් වූ මොහඳුරු වනසන අභිසමයයෝ තිදෙනෙක් වූහ.
kn-bv:108.5
4. ධීර වූ සම්බුදුහු ප්‍රථමාභිසමයයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කළහ. ද්විතීයාභිසමයයෙහි අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කළහ.
kn-bv:108.6
5. යම් කලෙක පදුම බුදුහු ස්වකීය පුතණුවන්ට ඔවා දුන්සේක් ද එකල්හි අසූකෙළක් සත්නට තෘතීයාභිසමය වී.
kn-bv:108.7
6. මහර්ෂි වූ පදුම බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෙළසුවහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
kn-bv:108.8
7. කෙළින්සිවුරු (කඨින) අතුරන සමයෙහි කෙළින්සිවුරක් උපන් කල්හි දම්සෙනෙවි සාල තෙරුන් පිණිස මහණහු සිවුර මැසූහ.
kn-bv:108.9
8. එකල්හි ඒ විගත රාගාදි මල ඇති ෂඩ්භිඥා ඇති මහත් ඍද්ධි ඇති අපරාජිත වූ තුන් ලක්‍ෂයක් මහණහු රැස්වූහ.
kn-bv:108.10
9. යළි මෑතභාගයෙහි ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුහු මහවනයෙහි වාසයට පැමිණියහ. එකල්හි දෙලක්‍ෂයක් රහතුන්ගේ සමාගමය වී.
kn-bv:108.11
10. එසමයෙහි මම් මෘගාධිපති සිංහරාජයෙක් වූයෙමි. මහවෙනෙහි නිරොධසමාපත්තියට සමවන් බුදුන් දුටුයෙමි.
kn-bv:108.12
11. (උන් වහන්සේගේ) පාසඟළ මුදුනින් වැඳ ඒ බුදුන් පැදකුණු කොට තුන් යලක් සිංහනාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කෙළෙමි.
kn-bv:108.13
12. තථාගතයන් වහන්සේ සත්දින උතුම් සමවතින් නැඟී (මෙහි පැමිණෙත්වයි) සිතින් සිතා කෝටියක් භික්‍ෂූන් රැස්කළහ.
kn-bv:110.1
13. එකල්හිදු ඒ මහත්වීර්‍ය්‍ය ඇති සම්බුදුහු ඒ භික්‍ෂූන් මධ්‍යයෙහි ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’යි ප්‍රකාශ කළසේක.
kn-bv:110.2
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:110.3
15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
kn-bv:110.4
16. ඒ පස්මරුන් දිනූ මහසත් නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
kn-bv:110.5
17. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඬ පැදකුණු කොට ඇසතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
kn-bv:110.6
18. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ’ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:110.7
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
kn-bv:110.8
20. බෙමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
kn-bv:110.9
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:110.10
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
kn-bv:110.11
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:110.12
24. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:110.13
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–