Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1201-1300 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:212.7
29. ඒ බෝසත්හට මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු තිස්දහසක් වූහ. විරෝචමානා නම් බිරිඳක් වූ යැ. පුත්‍ර තෙමේ උත්තර නම් වී.
kn-bv:212.8
30. ඒ ජිතමාර තෙමේ සතර පෙරනිමිති දැක රියයානයෙකින් මහබිනික්මන් කෙළේ යැ. නො අඩු අටමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේයි.
kn-bv:212.9
31. මහාවීර වූ නරෝත්තම වූ කකුසඳ ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මිගදාය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:212.10
32. කකුසඳ ශාස්තෲන් වහන්සේට විධුර යැ සඤ්ජීව යැ යන නම් ඇති අගසවුදෙදෙනෙක් වූහ. බුද්ධිජ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
kn-bv:212.11
33. සාමා යැ චම්පා යැ යන නම් ඇති අගසැවි දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය මහරි නමැයි කියනු ලැබේ.
kn-bv:212.12
34. ඔබට අච්චුත යැ සුමන යැ යි අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. නන්‍දා යැ සුනන්‍දා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
kn-bv:214.1
35. ඒ මහාමුනිහු සතලිස්රියන් උස්වූහ. හාත්පස දසයොදුන් තැන (සිරුරින්) රන්වන්පැහැ නික්මිණ.
kn-bv:214.2
36. ඒ මහර්ෂී වූ බුදුන්ට සතලිස්දහසක් හවුරුදු ආයු විය. එතෙක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
kn-bv:214.3
37. ඒ බුදුහු දෙවියන් සහිත ලොවැ ස්ත්‍රීපුරුෂයනට දහම් නමැති අවුණු විදහා සිංහනාද මෙන් අභයනාද කොට ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවිසේක.
kn-bv:214.4
38. ඒ බුදුහු අෂ්ටාඞ්ගසමුපේත ස්වර ඇතියහ, නිරතුරු අච්ඡිද්‍ර (සිදුරු නැති) වූ ශීලාදිය හෝ ශ්‍රාවකයුගලාදිය උන්වහන්සේට විය, ඒ සියල්ල අතුරුදහන් වී, හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
kn-bv:214.5
39. ජිනවර වූ කකුසඳ බුදුහු ඛේමාරාමයෙහි පිරිනිවිසේක, ඔබගේ ස්තූපවරය එහි මැ ගව්වක් උස් කොට බඳවනලද්දේ වී යයි.
kn-bv:214.6
දෙවිසිවන කකුසඳ බුද්ධවංශ යි.
kn-bv:216.1
23. කෝණාගමන බුද්ධවංශය
kn-bv:216.2
1. කකුසඳ බුදුන්ට මැත භාගයෙහි සම්බුද්ධ වූ ද්වීපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ කෝණාගමන නම් වූ බුදුහු–
kn-bv:216.3
2. දසපෙරුම්දම් පුරා සසර කතර ඉක්ම වූහ. හැම කෙලෙස් මල සෝධා හැර උතුම් වූ සම්‍යක් සම්බෝධියට පැමිණිය හ.
kn-bv:216.4
3. කෝණාගමන බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි තිස් කෙළ දහසක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
kn-bv:216.5
4. ඒ පරවාදමථනය කරන බුදුන් යමාමහ පෙළහර කරන කල්හි විසි කෙළදහසක් සත්නට දෙවන ධර්‍මාභිසමය වී.
kn-bv:216.6
5. ඉක්බිති බුදුහු විකුර්‍වණ ඍද්ධි පවත්වා දිව්‍යභවයනට වැඩිසේක් එහි පඬු ඇඹුල් සලයෙහි විසූ සේක.
kn-bv:216.7
6. ඒ බුදුහු සප්තප්‍රකරණයන් දේශනා කෙරෙමින් වස් විසූහ. (එහි දී) දස කෙළදහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:216.8
7. ඒ දේවාතිදේව වූ බුදුන්ට ද විගතමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් ගේ එක් මැ ශ්‍රාවක සන්නිපාතයෙක් වී.
kn-bv:216.9
8. එකල්හි චතුරෝඝයන් ඉක්ම වූ පස්මරුන් බිඳහළ තිස්දහසක් භික්‍ෂූන් ගේ සමාගමය වී.
kn-bv:216.10
9. මම් එසමයෙහි මිත්‍රාමාත්‍යයන් ගෙන් යුක්ත වූ පබ්බත නම් ක්‍ෂත්‍රිය වීමි. මට අනල්ප වූ බලවාහන විය.
kn-bv:216.11
10. බුදුන් දක්නට ගොස් අනුත්තර වූ දහම් අසා බුදුන් සහිත වූ සඞ්ඝයා පවරා කැමැති සේ දන් දී–
kn-bv:216.12
11. බුදුන්ට ද ශ්‍රාවකයන්ට ද පත්තුණ්ණ දේශයෙහි වස්ත්‍ර ද චීනපට ද කෝසෙය්‍ය වස්ත්‍ර ද කම්බල ද රන්මිරිවැඩි ද දින්මි,
kn-bv:218.1
12. ඒ බුදුහු ද සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මේ භද්‍ර කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
kn-bv:218.2
13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:218.3
14. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නා හ.
kn-bv:218.4
15. ඒ ජිතපඤ්චමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬුවළඳා දෙවියන් සැරසූ මඟින් බෝමුල කරා පැමිණෙන්නාහ.
kn-bv:218.5
16. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝ මැඩ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතුරුක් මුල්හි වැඩ හිඳ සත්‍යාවබෝධය කරන්නා හ.
kn-bv:218.6
17. මොවුන් ගේ ජනිකාමවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
kn-bv:218.7
18. අනාස්‍රව වූ වීතරාග වූ ශාන්ත සිත් ඇති අර්‍හත් ඵල සමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍ර ශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
kn-bv:218.8
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍ර ශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ‘ඇසතු’ යයි කියනු ලැබේ.
kn-bv:218.9
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස් වී වූ ඒ ගෞතම බුදුන්ට සියක් හවුරුද්දෙක් ආයු වෙයි.
kn-bv:218.10
21. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ ‘මේ තෙමේ බුද්බීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූවා හු–
kn-bv:218.11
22. ඔල්වරසන් පවත්වති. අපොළති. සිනහසෙති. දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:220.1
23. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
kn-bv:220.2
24. යම් සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:220.3
25. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
kn-bv:220.4
26. මම් ඔබ ගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදැවීමි දස පැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:220.5
27. මම් සර්‍වඥතාඥානය සොයන්නෙම් නරෝත්තම වූ බුදුන් කෙරෙහි දනක් දී මහරජය හැරපියා ඒ කෝණාගමන බුදුන් වෙත පැවිදි වීමි.
kn-bv:220.6
28. ඒ කෝණාගමන බුදුන් ගේ නගරය සෝභවතී නම් විය එහි සොභ නම් රජ කෙනෙක් වූහ. සම්බුදුන් ගේ මහත් වූ ඥාතිකුලය එනුවර විසී.
kn-bv:220.7
29. ප්‍රසිද්ධ වූ යඤ්ඤදත්ත නම් බමුණු බුදුන් ගේ පියා විය. කෝණාගමන ශාස්තෲන් වහන්සේ මවු තොමෝ උත්තරා නම් වූ යැ.
kn-bv:220.8
30. ඒ බුදුහු තුන් දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට තුෂිත යැ සන්තුෂිත යැ සන්තුෂ්ට යැයි උතුම් තුන් පහයෙක් වී.
kn-bv:220.9
31. මොනොවට සැරැසුණු නො අඩු සොළොස් දහසක් පරිවාර ස්ත්‍රීහු වූහ. රුචිගත්තා නම් බිරිඳක් වූ යැ. සත්‍ථවාහ නම් පුත්‍රයෙක් වී.
kn-bv:220.10
32. පුරුෂෝත්තම වූ ඒ මහසත් සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ. සමසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.
kn-bv:220.11
33. මහාවීර වූ නරෝත්තම කෝණාගමන බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු මූව ළැව්හි දම්සක් පැවැත් වූහ.
kn-bv:220.12
34. කෝණාගමන නම් ශාස්තෲන් වහන්සේට භිය්‍යස යැ උත්තර යැ යන නම් ඇති අගසවු දෙදෙනෙක් වූහ. සොත්‍ථිජ නම්, උපස්ථායක තෙර කෙනෙක් වූහ.
kn-bv:220.13
35. සමුද්දා යැ උත්තරා යැ යි අගසැවි දෙදෙනෙක් වූහ. ඒ බුදුන් ගේ බෝධිය ‘දිඹුල්’ යයි කියනු ලැබේ.
kn-bv:222.1
36. උග්‍ර යැ සෝමදේව යැ යි අග්‍රෝපස්ථායක යෝ දෙදෙනෙක් වූහ. සීවලා යැ සාමා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
kn-bv:222.2
37. ඒ කෝණාගමන බුදුහු උසින් තිස්රියන් උස්වූවාහු කඹුරු උදුනෙහි රන්නිකක් යම් සේ ද එසෙයින් රසින් සමලඞ්කෘත වූහ.
kn-bv:222.3
38. එකල්හි (සත්නට) තිස් දහසක් හවුරුදු ආයු විය. ඒ බුදුහු එතෙක් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර කතරින් තැරැ වූහ.
kn-bv:222.4
39. සිව්සස් දහම් නැමැති පතාකායෙන් සැරැසුණු සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍ම නැමැති සෑය පිහිටුවා දහම් නමැති මල් ගුල කොට ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු පිරිනිවිය හ.
kn-bv:222.5
40. ඒ කෝණාගමන බුදුරදුන් ගේ මහත් වූ ඍද්ධිවිලාසයට පැමිණි ශ්‍රාවකජන තෙමේ ද ලොවුතුරු දහම් පැවැසූ ඒ බුදුහු ද යන සියල්ල අතුරු දහන් වී හැම සංස්කාර ධර්‍මයෝ තුව්ජ වූවාහු නො ද?
kn-bv:222.6
41. කෝණාගමන සම්බුදුරජාණන් වහන්සේ පර්‍වතාරාමයෙහි පිරිනිවි සේක. ඒ බුදුන් ගේ ධාතු ඒ ඒ පෙදෙස්හි විසිරුණේ වී යයි.
kn-bv:222.7
තෙවිසිවන කෝණාගමන බුද්ධවංශ යි.
kn-bv:224.1
24. කාශ්‍යප බුද්ධවංශය
kn-bv:224.2
1. කෝණාගමන බුදුන්ට මෑත භාගයෙහි චතුස්සත්‍යාවබෝධය කළ ද්වීපදෝත්තම වූ ප්‍රභාකර වූ නාමයෙන් කාශ්‍යප නම් ධර්‍මරාජයන් වහන්සේ–
kn-bv:224.3
2. හැරපියන ලද කුලගෙය ද බොහෝ ආහාරපාන ද යාචකයන්ට දන් දී සිත් පුරා ගොවු ද සිඳ වෘෂභයකු සෙයින් (ගෘහබන්‍ධන සිඳ) උතුම් වූ සම්බෝධියට පැමිණියහ.
kn-bv:224.4
3. කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි විසි කෙළදහසක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.
kn-bv:224.5
4. යම් කලෙකැ බුදුහු සිව්මසක් මුළුල්ලෙහි ලොවැ චාරිකායෙහි, හැසුරුණු සේක් ද එකල්හි දස කෙළදහසක් සත්නට දෙවැනි අභිසමය වී.
kn-bv:224.6
5. යම් කලෙක යමක ප්‍රාතිහාර්‍ය්‍යය කොට සර්‍වඥතාඥානයා ගේ ස්වභාවය පැවැසූ සේක් ද එකල්හි පස් කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:224.7
6. රම්‍ය වූ තාවතිංසභවනයෙහි සුධර්‍මා නම් දිව්‍යසභායෙහි වැඩහිඳ අභිධර්‍මය ප්‍රකාශ කළ සේක් ද එකල්හි බුදුහු තුන්කෙළ දහසක් දෙවියනට ධර්‍මාවබෝධය කර වූහ.
kn-bv:224.8
7. නරදේව නම් යක්හට අන්‍ය වූ ධර්‍ම දේශනායෙක්හි තෙල දෙවි මිනිසුන් ගේ අභිසමය ගණනින් අසඞ්ඛ්‍ය වී.
kn-bv:224.9
8. ඒ දේවාතිදේව වූ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේට ද විගත රාගාදිමල ඇති ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ එක් සමාගමයෙක් වී.
kn-bv:224.10
9. එකල්හි ඉක්ම වූ රාගසහිතයන් ඇති හිරියෙන් හා සීලයෙන් හා සමාන වූ විසිදහසක් භික්‍ෂූන් ගේ සන්නිපාතය වී.
kn-bv:224.11
10. මම් එසමයෙහි ‘ජෝතිපාල’ යයි ප්‍රසිද්ධ වූ වේද හදාරන වේද මන්ත්‍ර ධරන්නා වූ ත්‍රිවේදයන් ගේ පරතෙරට පැමිණි–
kn-bv:226.1
11. ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහිද ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට පැමිණි භූමි පරීක්‍ෂායෙහි හා ජ්‍යොතිශාස්ත්‍රයෙහි දක්‍ෂ වූ අභ්‍යාස කළ විද්‍යා ඇති අනූනවිද්‍යා ඇති මාණවක වීමි.
kn-bv:226.2
12. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට ගෞරව සහිත වූ යටත් පැවැතුම් ඇති තුන්වැනි (අනාගාමි) ඵලය නිමිති කොට ක්ලේශපරිනිර්‍වාණය කළ ඝටීකාර නම් උපස්ථායකයෙක් වී.
kn-bv:226.3
13. ඒ ඝටීකාර තෙම මා ගෙන කාශ්‍යප බුදුන් කරා එළඹියේ යැ, ඔබ ගේ දහම් අසා ඔබ සමීපයෙහි පැවිදි වීමි.
kn-bv:226.4
14. පටන් ගන්නා ලද වෙර ඇති වැ වතාවත්හි දක්‍ෂ වූයෙමි. ශීලසමාධ්‍යාදි කිසි තැනෙක්හි නො පිරිහිණිමි බුදු සසුන පිරීමි.
kn-bv:226.5
15. නවාඞ්ග ශාස්තෘශාසන සඞ්ඛ්‍යාත වූ යම් පමණ බුද්ධභාෂිතයෙක් වෙයි ද එ හැම පුහුණු කොට බුදුසසුන හෙබැ වීමි.
kn-bv:226.6
16. ඒ කාශ්‍යප බුදුහු ද මාගේ ආශ්චර්‍ය්‍යය දැක ‘මේ තෙම මේ භද්‍රකල්පයෙහි බුදු වන්නේ යැ’ යි විවරණ දුන් සේක.
kn-bv:226.7
17. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:226.8
18. ඒ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නා හ.
kn-bv:226.9
19. ඒ ජිතමාර වූ බෝසත්හු නිල්දලා ගංතෙර හිඳ කිරිපිඬු වළඳා දෙවියන් සැරසූ උතුම් මඟින් බෝමුල කරා පැමිණෙන්නා හ.
kn-bv:226.10
20. ඉක්බිති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇත්තාහු ඇසතු රුක්මුල්හි වැඩහිඳ සත්‍යාවබෝධය කරන්නාහ.
kn-bv:226.11
21. මොවුන් ගේ ජනික මවු තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගොතම නම් වන්නේ යි.
kn-bv:226.12
22. අනාස්‍රව වූ වීතරාග වූ සන්හුන් සිත් ඇති අර්‍හත්ඵලසමාධියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන මොහු අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
kn-bv:228.1
23. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
kn-bv:228.2
24. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට සියක් හවුරුදු ආයු වන්නේ යි.
kn-bv:228.3
25. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා දේව මනුෂ්‍යයෝ ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුට වූවාහු,
kn-bv:228.4
26. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දෙවියන් සහිත වූ දසදහස් ලෝධා වැසියෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:228.5
27. ඉදින් ඇපි මේ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
kn-bv:228.6
28. යම්සේ ගඟ තරණය කරන මිනිස්සු හමුයෙහි වූ තොට වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:228.7
29. එසෙයින් මැ ඇපි සියලු දෙනමෝ මෙ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
kn-bv:228.8
30. මම් ඔබගේ බස් අසා වැඩි තරම් කොට සිත පැහැදවීම් දසපැරුම් පුරනු සඳහා මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:228.9
31. මෙසේ මම් නො කටයුතු දුරුකෙරෙමින් සසර සැරිසරා (ඇවිද්දෙමි.) මා විසින් සම්‍යක් සම්බෝධිය මැ හේතු කොට ගෙන දුෂ්කරක්‍රියා ද කරනලද.
kn-bv:228.10
32. එ බුදුන්ගේ නුවර බරණැස් නමැ. එහි කිකී නම් ක්‍ෂත්‍රියරජෙක් විය. එනුවර කාශ්‍යප සම්‍යක්සම්බුද්ධයන්ගේ මහා ඥාතිකුලය වාසය කෙළේ යි.
kn-bv:228.11
33. මහර්ෂි වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රසිද්ධ වූ බ්‍රහ්මදත්ත නම් බමුණු තෙමේ පියා විය. ධනවතී නම් බැමිණිය මාතෘ වූවා යැ.
kn-bv:228.12
34. ඒ බුදුහු දෙවාදහසක් ගිහිගෙයි විසූහ. හංස යැ යස යැ සිරිනන්‍ද යැ යන උතුම් වූ තුන් පහයෙක් වී.
kn-bv:230.1
35. මොනොවට සැරහුණු අටසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සුනන්‍දා නම් ප්‍රසිද්ධ ස්ත්‍රිය බිරිඳ වූ යැ, පුත්‍ර තෙමේ විජිතසේන නම්වී.
kn-bv:230.2
36. ඒ පුරුෂෝත්තමයෝ සතර පෙරනිමිති දැක ප්‍රාසාදයෙන් මහබිනික්මන් කළහ. සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:230.3
37. මහාවීර වූ නරෝත්තම වූ කාශ්‍යප ලෝකනායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු මිගදායෙහි වැඩහිඳ දම්සක් පැවැත්වූහ.
kn-bv:230.4
38. මහර්ෂි වූ කාශ්‍යපබුදුන්ට තිස්ස යැ භාරද්වාජ යැයි අගසවු දෙදෙනෙක් වූහ. සබ්බමිත්ත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
kn-bv:230.5
39. අනුලා යැ උරුවේලා යැ යන අගසැවි දෙදෙනෙක් වූහ. ඒ බුදුන්ගේ බෝධිය ‘නුගරුකැ’යි කියනුලැබේ.
kn-bv:230.6
40. සුමඞ්ගල යැ ඝටීකාර යැ යන අග්‍රෝපස්ථායක දෙදෙනෙක් වූහ. විජිතසේනා යැ භද්දා යැ යන මොහු අග්‍රෝපස්ථායිකා වූහු,
kn-bv:230.7
41. ඒ බුදුහු උසින් විසිරියන් උස්වූහ. අහස්හි විදුලියක් සෙයින් ද ග්‍රහතාරකාවන් පිරිවැරූ සඳු මෙන් ද බැබැළුණාහ.
kn-bv:230.8
42. ඒ මහර්ෂීන්ට විසිවාදහසක් ආයු විය. ඒ බුදුහු එතෙක් කල් වැඩසිටිමින් බොහෝ ජනතාව සසරින් තැරැවූහ.
kn-bv:230.9
43. දහම් නමැති විල් මවා සිල් මැ විලෙවුන් දී (හිරිඔතප්) දහම් මැ සළු හඳවා (සත්තිස්බෝධිපාක්‍ෂික) දහම් මැ මල්දම් රචනා කොට–
kn-bv:230.10
44. ‘නිවන් පතන කිසි කෙනෙක් මා විසින් දක්වනලද අලඞ්කාරය දකිත්ව’යි මහජනයාට දහම්මුවා කැටපත පිහිටුවා–