Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:144.11
46. සයුරුහි තරඟවැළ යම්සේ ද අහස්හි තරුකැළ යම්සේ ද එසෙයින් එකල්හි ප්‍රවචනය රහතුන් විසින් විසිතුරු විය.
kn-bv:144.12
47. ඒ බුදුහු ද අසමසම වෙති, ඒ ගුණයෝද අතුල්‍ය වෙති, එ හැම අතුරුදහන් විය, හැම සංස්කාරයෝ සිස් වූවාහු නොද?
kn-bv:144.13
48. ජිනෝත්තම වූ සුජාත බුදුහු ශීලාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ සැය තුන් යොත්නක් උස් වී යයි.
kn-bv:144.14
දොළොස්වැනි සුජාත බුද්ධවංශ යි.
kn-bv:146.1
13. ප්‍රියදර්ශී බුද්ධවංශය
kn-bv:146.2
1. සුජාත නම් බුදුන්ට මෑතභාගයෙහි ස්වයම්ඟු (පරෝපදේශ රහිත වැ සියල්ල දත්තා) වූ ලෝකනායක වූ නො ගැටියහැකි වූ අසමසම වූ මහා යසස් ඇති ප්‍රියදර්ශී බුදුහු ලොව පහළ වූහ.
kn-bv:146.3
2. අප්‍රමාණ වූ යසස් ඇති ඒ බුදුහු ද සූර්‍ය්‍යයා සෙයින් බබළති, ඔබ සියලු මොහඳුරු නසා දම්සක් පැවැත්වූහ.
kn-bv:146.4
3. අතුල්‍ය වූ තේජස් ඇති උන්වහන්සේට ද අභිසමය තුනෙක් වී කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාහීසමය වී.
kn-bv:146.5
4. සුදර්‍ශන නම් දෙව්රජ මිථ්‍යාදෘෂ්ටිය රුචි කෙළේ යැ, බුදුහු ඔහු ගේ දෘෂ්ටිය දුරු කෙරෙමින් දහම් දෙසූහ.
kn-bv:146.6
5. යම් කලෙකැ අතුල වූ මහාජනසන්නිපාතයෙක් වී ද එකල්හි අනු කෙළදහසක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:146.7
6. යම් කලෙකැ පුරුෂදම්‍යසාරථිහු ද්‍රෝණමුඛ නම් ඇත්රජ දමනය කළ සේක් ද, එකල්හි අසූ කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:146.8
7. ඒ පියදස්සී බුදුනට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී, කෙළ ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
kn-bv:146.9
8. එයින් මතු අනූ කෙළක් මුනිහු එකට රැස්වූහ, තුන් වැනි සන්නිපාතයෙහි අසූ කෙළක් ශ්‍රාවකයෝ වූහ.
kn-bv:146.10
9. එසමයෙහි මම් වේද හදාරවනුයෙම් වේද මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරයට ගිය කාශ්‍යප නම් බ්‍රාහ්මණ වීමි.
kn-bv:146.11
10. මම් ඒ බුදුන්ගේ දහම් අසා ප්‍රසාද දැනවීමි, කෙළලක්‍ෂයක් කහවුණුයෙන් සඞ්ඝාරාමයක් නිර්‍මාණය කෙළෙමි.
kn-bv:146.12
11. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් අරම උන්වහන්සේට පුදා සරණ ද පන්සිල් ද දැඩි කොට සමාදන් වීමි.
kn-bv:146.13
12. ඒ සම්බුදුහු දු සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මෙයින් අටළොස් කප්සියක්හු ගේ ඇවෑමෙහි බුදුවන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
kn-bv:148.1
13. එකල්හි තථාගතයන් වහන්සේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:148.2
14. තථාගතයෝ අජපල් නුගරුක්මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙති.
kn-bv:148.3
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මගින් බෝමුල් කරා එළැඹෙති.
kn-bv:148.4
16. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි බුදු වන්නාහ.
kn-bv:148.5
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:148.6
18. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ ජිතපඤ්චමාරයනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
kn-bv:148.7
19. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
kn-bv:148.8
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:148.9
21. අසම වූ මහර්ෂීන්ගේ මේ වදන් අසා ‘මේ බුද්ධ බීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙව්මිනිස්සු–
kn-bv:148.10
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙත්. දසදහසක් සක්වළ සදේවක ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
kn-bv:148.11
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාල යෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:148.12
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද් ද.
kn-bv:148.13
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:150.1
26. මම් ඒ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැද වීමි, මත්තෙහි දසපාරමීන් පුරන පිණිස ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:150.2
27. පියදස්සී නම් ශාස්තෲන් වහන්සේට ‘සුධඤ්ඤ’ නම් නුවරෙක්වීයැ, ‘සුදත්ත’ නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ. මව් තොමෝ ‘සුචන්‍දා’ නම් වූ.
kn-bv:150.3
28. උන් වහන්සේ නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට සුනිම්මල යැ විමල යැ ගිරිබ්‍රහා යැ යි උතුම් තුන් පහයෙක් වී.
kn-bv:150.4
29. මොනොවට සරසන ලද තෙතිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, ‘විමලා’ නම් අගමෙහෙසියක් වූ, කඤ්චනාවේල නම් පුත්‍රයෙක් වී.
kn-bv:150.5
30. පුරුෂෝත්තම තෙමේ සතර පෙර නිමිති දැක රථ යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ, සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.
kn-bv:150.6
31. මහත් වීර්‍ය්‍ය ඇති පියදස්සී මහමුනිහු මහබඹහු විසින් අයදනාලදහු මනරම් වූ උසභ නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:150.7
32. ශාස්තෘ වූ පියදස්සී බුදුන්ට පාලිත යැ සබ්බදස්සී යැ යි අගසවු දෙනමක් වූහ, සෝභිත නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
kn-bv:150.8
33. සුජාතා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කකුධ (කුඹුක්) යයි කියනු ලැබෙයි.
kn-bv:150.9
34. සන්‍ධක යැ ධම්මක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. විසාඛා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහු.
kn-bv:150.10
35. අප්‍රමාණ යසස් ඇති දෙතිස් මහපුරිස් ලකුණු ඇති ඒ බුදුහු ද අසූ රියන් උස් වූවා සුපිපි සල්රුකක් සෙයින් පැනෙති.
kn-bv:150.11
36. ඒ අසම වූ මහර්ෂි වූ පියදස්සී බුදුන්ට යම්බඳු ප්‍රභාවක් වූ නම් එබඳු ප්‍රභාවක් අග්නි චන්‍ද්‍ර සූර්‍ය්‍ය යන මොවුන්ට නැති.
kn-bv:150.12
37. දෙවියනට දෙවි වූ ඒ පියදස්සී බුදුන්ට ද එතෙක් ආයු විය, චක්‍ෂුස්මත්හු අනූදහසක් හවුරුදු ලොවැ වැඩ සිටියහ.
kn-bv:150.13
38. ඒ ප්‍රියදර්ශී බුදුහු ද අසමසම වූහ, ඒ ශ්‍රාවක යුග්මය ද අතුල්‍ය වී. එ හැම අතුරුදහන් වී, හැම සංස්කාරයෝ සිස් වූවාහු නො ද?
kn-bv:150.14
39. ඒ පියදස්සී නම් බුදුහු ඇසැතු අරම්හි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ ස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවන ලදි.
kn-bv:150.15
තෙළෙස් වැනි ප්‍රියදර්ශී බුද්ධවංසය යි.
kn-bv:152.1
14. අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශය
kn-bv:152.2
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි නරශ්‍රේෂ්ඨ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්‍ධකාරය නසා උතුම් සම්බෝධියට පැමිණියාහු.
kn-bv:152.3
2. මහබඹහු විසින් අයදනාලදහු දම්සක් පැවැත්වූහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා අමායෙන් සැතැප්වූ සේක.
kn-bv:152.4
3. ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද ධර්‍මාවබෝධත්‍රයෙක් වී. කෙළලක්‍ෂයක් සත්නට පළමු වැනි ධර්‍මාවබෝධය වී.
kn-bv:152.5
4. යම් කලෙකැ අර්‍ත්‍ථදර්ශී බුදුහු දෙව්ලොවැ චාරිකා කළසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට දෙවැනි ධර්‍මාවබෝධය වී.
kn-bv:152.6
5. යළි යම් කලෙකැ බුදුහු පියරජ සමීපයෙහි දහම් දෙසූසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය විය.
kn-bv:152.7
6. මහර්ෂී වූ ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ට ද විගත රාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී,
kn-bv:152.8
7. අටානූදහසක් රහතුන්ගේ ප්‍රථම සමාගමය වී, අටාසූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසමාගමය වී.
kn-bv:152.9
8. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහවූ රාගාදි මල ඇති මහර්ෂි වූ අට සැත්තෑදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වී.
kn-bv:152.10
9. එසමයෙහි මම් උග්‍ර වූ තපස් ඇති පෘථිවියෙහි ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමී.
kn-bv:152.11
10. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි.
kn-bv:152.12
11. මහාමුනි වූ ඒ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු ද ‘මේ තෙම මෙයින් අටළොස්සියක් වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
kn-bv:154.1
12. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:154.2
13. තථාගතයෝ අජපාල නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
kn-bv:154.3
14. පස්මරුන් දිනූ ඒ බුදුහු නිල්දලාහෝතෙර වැඩහිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මඟින් බෝමුල වෙත එළැඹෙන්නාහ.
kn-bv:154.4
15. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක්මුල්හි බුදු වන්නේ යි.
kn-bv:154.5
16. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:154.6
17. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුනට උපස්ථාන කරන්නාහ.
kn-bv:154.7
18. ඛේමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
kn-bv:154.8
19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ යසස් ඇති ගොයුම් සම්බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:154.9
20. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුද්ධබීජාංකුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
kn-bv:154.10
21. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ සදේවක ලෝකයා කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරේ.
kn-bv:154.11
22. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
kn-bv:154.12
23. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:154.13
24. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:156.1
25. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ ද බස් අසා සතුටු වූයෙම් සංවේ පත් සිත් ඇතියෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:156.2
26. ශාස්තෘ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුන්ට ශෝභන නම් නුවරෙක් වී යැ’ පිය තෙම සාගර නම් ක්‍ෂත්‍රිය විය, මව් තොමෝ සුදස්සනනම් වූ.
kn-bv:156.3
27. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) අමරගිරි යැ සුරගිරි යැ ගිරිවාහන යැ යි උතුම් තුන් පහා කෙනෙක් වූහ.
kn-bv:156.4
28. මොනොවට සරහනලද තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. විශාඛා නම් ස්ත්‍රියක් අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සෙල නම් වී.
kn-bv:156.5
29. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:156.6
30. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ මහත් යසස් ඇති අර්‍ත්‍ථදර්ශී බුදුහු මහබඹහු විසින් අයදනාලදහු අනෝම නම් උයන්හි දී දම්සක් පැවැත් වූහ.
kn-bv:156.7
31. අර්‍ත්‍ථදර්ශී සම්බුදුනට ශාන්ත යැ උපශාන්ත යැ යන දෙදෙන අගසවු වූහ. අභය නම් තෙර කෙනෙක් උපස්ථායක වූහු.
kn-bv:156.8
32. ධර්‍මා යැ සුධර්‍මා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුනට බෝධිය ‘සපු’ යයි කියනු ලැබේ.
kn-bv:156.9
33. නකුල යැ නිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. මකිලා යැ සුනන්‍දා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
kn-bv:156.10
34. අසමසම වූ අසූරියනක් උස් වූ ඒ බුදුහු ද සුපිපි සල්රුකක් සෙයින් ද පුන්සඳ සෙයින් ද බබළයි.
kn-bv:156.11
35. එකල්හි ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ නොයෙක් කෙළසියගණන් පියවිරැස් උඩ යට දසදිග්හි හාත්පස්හි යොදනක් තැන් පැතිරෙයි.
kn-bv:156.12
36. නරශ්‍රේෂ්ඨ වූ හැම සත්නට උතුම් වූ මුනි වූ පසස් ඇති ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද ලක්‍ෂයක් හවුරුදු ලොවැ වැඩ විසූහ.
kn-bv:156.13
37. අතුල්‍ය වූ අවභාස දක්වා සදේවක ලෝකයෙහි බැබැළී ඉන්‍ධනක්‍ෂයෙන් අග්නිය සෙයින් ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද අනිත්‍යතාවට පැමිණිසේක.
kn-bv:156.14
38. ජිනෝත්තම වූ අර්‍ත්‍ථදර්ශී බුදුහු අනෝමාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ පෙදෙස්හි පතළාහ යි.
kn-bv:156.15
තුදුස් වැනි අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශ යි.
kn-bv:158.1
15. ධර්‍මදර්ශී බුද්ධවංශය
kn-bv:158.2
1. එ මැ මණ්ඩ නම් කප්හි මහත් වූ යසස් ඇති ධර්‍මදර්ශී නම් බුදුහු මොහඳුරු නසා සදේවක ලෝකයෙහි අධික වැ බැබැළුණාහ.
kn-bv:158.3
2. අපමණ තේජස් ඇති ඒ ධර්‍මදර්ශී බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි දී කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
kn-bv:158.4
3. යම් කලෙකැ ධර්‍මදර්ශී බුදුහු සඤ්ජය නම් රුසිහු දමනය කළ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට දෙ වැනි අභිසමය වී.
kn-bv:158.5
4. යම් කලෙකැ සක්දෙව්රජ පිරිස් සහිත වැ බුදුන් කරා එළඹියේ ද, එකල්හි අසූ කෙළක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:158.6
5. දෙවියනට දෙවි වූ ඒ ධර්‍මදර්ශී බුදුනට ද පහවූ රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී.
kn-bv:158.7
6. යම් කලෙකැ ධම්මදස්සී බුදුහු සරණ නම් නගරයෙහි වස් එළැඹිසේක් ද, එකල්හි කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
kn-bv:158.8
7. යළි යම් කලෙකැ ධර්‍මදර්ශී බුදුහු දෙව්ලොවින් මිනිස්ලොවට වැඩිසේක් ද, එකල්හි දු කෙළසියක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
kn-bv:158.9
8. යළි යම් කලෙකැ බුදුහු (සුදර්‍ශනාරාමයෙහි දී හාරිත නම් තෙරණුවන් අගසවු තැන්හි තබමින්) තෙළෙස් ධුතගුණයන් ප්‍රකාශ කළ සේක් ද එකල්හි අසූ කෙළක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
kn-bv:158.10
9. එසමයෙහි මම් පුරින්‍දද වූ සක්දෙව් රජ වීම්, දිව ගඳින් මලින් පසඟතුරුරැවින් බුදුන් පිදීමි.
kn-bv:158.11
10. ඒ ධර්‍මදර්ශී නම් බුදුහු ද දෙව්පිරිස් මැද වැඩහිඳ මේ තෙම මෙයින් අටළොස් වන කප්සියෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන් සේක.
kn-bv:158.12
11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:158.13
12. තථාගතයෝ අජපල් නම් රුක්මුල්හි හිඳ එහිදී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
kn-bv:160.1
13. පස්මරුන් දිනූ ඒ ධර්‍මදර්ශී බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු, වළඳා දෙවියන් පිළියෙල කළ උතුම්මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
kn-bv:160.2
14. ඉක්බිති මහත් යසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක්මුල්හි බුදුවන්නේ යි.