Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 701-800 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:128.2
36. ශාස්තෘ වූ පියුමතුරා බුදුන්ට දේවල යැ සුජාත යැ යි අගසවු දෙනමක් වූහ, සුමන නම් උපස්ථායක තෙර කෙනෙක් වූහු.
kn-bv:128.3
37. අමිතා යැ අසමා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘සලල’ යයි කියනු ලැබෙයි.
kn-bv:128.4
38. විතිණණ යැ තිස්ස යැ යන දෙදෙන අගඋවටු වූහ. හත්‍ථා යැ විචිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
kn-bv:128.5
39. අටපනස්රියන් උස් වූ මහමුනිහු උතුම් වූ දෙතිස්මහපුරිස්ලකුණු ඇතියාහු කසුන්ඇගෑයක් බඳු වූහ.
kn-bv:128.6
40. ඒ පියුමතුරා බුදුන්ට හාත්පසැ දොළොස් යොදුන් තැන්හි කොඬවරපවුරු යැ කවුළු යැ බිත්ති යැ රුක් යැ ගල්පවු යැ යන මොහු ආවරණ නැති.
kn-bv:128.7
41. එකල්හි සියදහසක් හවුරුදු ආයු වී, එතෙක් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැ වූහ.
kn-bv:128.8
42. බොහෝ ජනයා සසරින් තරවා සියලු සැක සිඳ ගිනිකඳ සෙයින් දිලිහි ශ්‍රාවකයන් සහිත වූ ඒ පියුමතුරා බුදුහු පිරිනිවිසේක.
kn-bv:128.9
43. පස්මරුන් දිනූ පියුමතුරා බුදුහු නන්‍දාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ උතුම් ස්තූපය දොළොස්යොදුන් උස්කොට බඳවනලදි.
kn-bv:128.10
දස වැනි පදුමුත්තර බුද්ධවංශ යි.
kn-bv:130.1
11. සුමේධ බුද්ධවංශය
kn-bv:130.2
1. පියුමතුරා නම් බුදුන්ට මෑතභාගයෙහි ලෝකනායක වූ නො ගැටියහැකි වූ උග්‍රතේජස් ඇති මුළුලොවට උතුම් වූ සුමේධ නම් බුදුහු (ලොව පහළ වූ සේක.)
kn-bv:130.3
2. පහන් නුවන් ඇති මනා මුව ඇති සිරුරු පමණින් මහත් වූ ඍජුගාත්‍ර ඇති බබළන සිරුරු ඇති හැම සත්නට හිතකර වූ උන් වහන්සේ බොහෝ සත්ත්‍වයන් සංසාරබන්‍ධනයෙන් මුදලූ සේක.
kn-bv:130.4
3. යම් කලෙකැ සුමේධ බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුදර්‍ශන නගරයෙහි දම්සක් පැවැත් වූ සේක් ද,
kn-bv:130.5
4. එකල්හි උන්වහන්සේ ගේ ධර්‍ම දේශනායෙහි ධර්‍මාභිසමය තුනෙක් වී යැ. කෙළ සුවහසක් සත්නට ප්‍රථමාභිසමය වී.
kn-bv:130.6
5. යළි පස්මරුන් දිනූ ඒ සුමේධ බුදුහු කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක. (එකල්හි) අනූ කෙළ දහසක් සත්නට ද්වීතීයාභිසමය වී.
kn-bv:130.7
6. යළි අපමණ යසස් ඇති බුදුහු චතුස්සත්‍යය ප්‍රකාශ කළහ, (එකල්හි) අසූ කෙළ දහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
kn-bv:130.8
7. මහර්ෂි වූ සුමේධ සර්‍වඥයන් වහන්සේට විගතරගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
kn-bv:130.9
8. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු සුදර්‍ශන නම් නගරවරය කරා එළඹි සේක් ද, එකල්හි ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.
kn-bv:130.10
9. යළි දේවකූටයෙහි භික්‍ෂූන්ට කෙළින් සිවුරු අතුළ කල්හි අනූ කෙළක් ශ්‍රාවකයන් ගේ ද්විතීය සමාගමය වී.
kn-bv:130.11
10. යළි යම් කලෙක දසබල බුදුහු චාරිකායෙහි වැඩිසේක් ද එකල්හි අසූ කෝටියක් ශ්‍රාවකයන් ගේ තෘතීය සමාගමය වී.
kn-bv:130.12
11. එසමයෙහි මම් උත්තර නම් මාණවයෙක් වීමි, මාගේ ගෙහි අසූ කෙළක් ධනය රැස් කරන ලද වී.
kn-bv:132.1
12. සියලු ධනය නිරවශේෂයෙන් සඟුන් සහිත ලෝකනායකයන් විෂයයෙහි පුදා උන් වහන්සේ ගේ සරණයට පැමිණියෙමි, පැවිද්ද ද රුචි කෙළෙමි.
kn-bv:132.2
13. ඒ සුමේධ බුදුහු ද අනුමෝදනා කරන්නාහු ‘මේ තෙම මෙයින් තිස්දහසක් වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
kn-bv:132.3
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:132.4
15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
kn-bv:132.5
16. පස්මරුන් දිනූ මුනිහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතු බෝරුක් වෙත එළැඹෙයි.
kn-bv:132.6
17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝ මැඬ පැදකුණු කොට ඇසැතු බෝ රුක මුල්හි හිඳ බුදු වන්නේ යි.
kn-bv:132.7
18. මොවුන් ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:132.8
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ; ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුනට උපස්ථාන කරන්නාහ.
kn-bv:132.9
20. බෙමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
kn-bv:132.10
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
kn-bv:132.11
22. අසම වූ මහර්ෂීන් ගේ මෙ බස් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
kn-bv:132.12
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ බදැඳිළි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:134.1
24. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:134.2
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද, යට තොටැහි ගෙන මහානදිය තරණය කෙරෙත් ද,
kn-bv:134.3
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ පස්මරුන් දිනූ සම්බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම් හ.
kn-bv:134.4
27. ඒ බුදුනුදු ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි, දස පාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
kn-bv:134.5
28. සූත්‍රාන්තය ද විනය දැ යි නවඞ්ගශාස්තෘ ශාසනය සියල්ල පිරිවහා සර්‍වඥශාසනය හෙබැ වීමි.
kn-bv:134.6
29. එහි මම් හිඳුම් සිටුම් සක්මන්හි අප්‍රමත්ත වැ වාස කරන්නෙම් අභිඥාවන්හි පරතෙරට ගොස් බඹලොවට ගියෙමි.
kn-bv:134.7
30. මහර්ෂි වූ සුමේධ බුදුන් ගේ නගරය සුදර්‍ශන නම් වී යැ. සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා වී යැ, මව් තොමෝ සුදත්ත නම් වූ.
kn-bv:134.8
31. ඒ සුමේධ සම්මාසම්බුදුහු නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට සුචන්‍දනක යැ කොඤ්ච යැ සිරිවඩ්ඪ යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.
kn-bv:134.9
32. මොනොවට සරසන ලද අටසාළිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ සුමනා නමු. පුත්‍ර තෙම පුනබ්බ සුමිත්ත නම් වී.
kn-bv:134.10
33. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙකින් මහබිනික්මන් කළහ, පුරා අට මසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
kn-bv:134.11
34. මහත් වීර්‍ය්‍ය ඇති සුමේධ නම් ලෝක නායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ සුදර්‍ශන උයන්හිදී දම්සක් පැවැත්වූහ.
kn-bv:134.12
35. මහර්ෂි වූ සුමේධ බුදුන්ට සරණ යැ සබ්බකාම යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සාගර නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
kn-bv:136.1
36. රාමා යැ සුරාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ‘කොළොම්රුක’ යයි කියනු ලැබේ.
kn-bv:136.2
37. උරුවේල යැ යසව යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. යසෝධරා යැ සිරිමා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
kn-bv:136.3
38. අට අසූරියන් උස්වූ මහමුනිහු තරුගණ මැද පුන්සඳ සෙයින් හැම දික් බැබැළ වූහ.
kn-bv:136.4
39. යම් සේ සක්විති රජක්හු ගේ මිණිරුවන යොදුනක් තැන් බබළා ද, එසෙයින් මැ උන් වහන්සේ ගේ ආභාරත්නය හාත්පසැ යොදුනක් තැන් පැතිරෙයි.
kn-bv:136.5
40. එකල්හි අනූ දහසක් හවුරුදු ආයු පැනෙයි, එතෙක් වැඩසිටි උන් වහන්සේ බොහෝ ජන සමූහය සසර කතරින් තරණය කර වූහ.
kn-bv:136.6
41. ත්‍රිවිද්‍යා ඇති ෂඩභිඥා ඇති ඍද්ධිබල ප්‍රාප්ත වූ තාදී ගුණ ඇති රහතුන් ගෙන් මෙ සස්න (මිහිතලය හෝ) ගැවැසීගත්තේ යි.
kn-bv:136.7
42. අපමණ පිරිවර ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ මහායසස් ඇති එ හැම රහත්හු ද ඥානාලෝකය දක්වා පිරිනිවියහ.
kn-bv:136.8
43. ජිනෝත්තම වූ සුමේධ නම් බුදුහු මේධාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ ප්‍රදේශයෙහි පතළාහ යි.
kn-bv:136.9
එකොළොස් වැනි සුමේධ බුද්ධවංශය යි.
kn-bv:138.1
12. සුජාත බුද්ධවංශය
kn-bv:138.2
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ.
kn-bv:138.3
2. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති.
kn-bv:138.4
3. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ.
kn-bv:138.5
4. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ.
kn-bv:138.6
5. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී.
kn-bv:138.7
6. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී.
kn-bv:138.8
7. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
kn-bv:138.9
8. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ.
kn-bv:138.10
9. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී.
kn-bv:138.11
10. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ.
kn-bv:140.1
11. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමි.
kn-bv:140.2
12. ඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි.
kn-bv:140.3
13. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
kn-bv:140.4
14. ආරාමික වූ දනව්වැස්සෝ කරවූවර පුඬු කොට බික්සඟනට චීවරාදි ප්‍රත්‍යය හා සෙනසුන් එළවත්.
kn-bv:140.5
15. දස දහසක් සක්වළට ඉසුරු වූ ඒ සුජාත බුදුහු දු ‘මේ තෙම මෙයින් තිස්දහස් වන කප්හි බුදු වන්නේ ය’යි මට විවරණ දුන් සේක.
kn-bv:140.6
16. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:140.7
17. තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
kn-bv:140.8
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝධි මූලය වෙත එළැඹෙන්නාහ.
kn-bv:140.9
19. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හිදී බුදුවන්නේ ය.
kn-bv:140.10
20. මොවුන් ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:140.11
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ බුදුනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
kn-bv:140.12
22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
kn-bv:140.13
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
kn-bv:142.1
24. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුදධබීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
kn-bv:142.2
25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
kn-bv:142.3
26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
kn-bv:142.4
27. යම් සේ මිනිස්සු ගංහෝ තරණය, කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:142.5
28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාර සර්‍වඥයන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:142.6
29. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සන්තෝෂය දැනැවීමි. දසපාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:142.7
30. සූත්‍රාන්තය ද විනය දැ යි නවාඞ්ග ශාස්තෘශාසනය සියල්ල පිරිවහා බුදු සසුන් හෙබැ වීමි.
kn-bv:142.8
31. මම් එ සසුන්හි නො පමා වැ වාසය කරනුයෙම් බ්‍රහ්මවිහාරභාවනා වඩා අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.
kn-bv:142.9
32. මහර්ෂි වූ සුජාත බුදුන්ගේ නගරය සුමඞ්ගල නම, පිය තෙමේ උග්ගත නම් ක්‍ෂත්‍රිය විය, මව්තොමෝ පභාවතී නමු.
kn-bv:142.10
33. ඒ සුජාත බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ශ්‍රී යැ උපශ්‍රී යැ ශ්‍රී නන්‍දා යැ යි උතුම් තුන්පහයෙක් වී.
kn-bv:142.11
34. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ, මෙහෙසිය සිරිනන්‍දා නමු, පුත්‍ර තෙම උපසේන නම් වී.
kn-bv:142.12
35. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ, පුරා නවමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:144.1
36. මහත් වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ සුජාත බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වු සුමඞ්ගල උයන්හිදී දම්සක් පැවැත්වූහ.
kn-bv:144.2
37. මහර්ෂි වූ සුජාත බුදුන්ට සුදර්‍ශන යැ දේව යැයි අගසවු දෙනමක් වූහ, නාරද නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
kn-bv:144.3
38. නාගා යැ නාගසමාලා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහහුණ’ යයි කියනු ලැබේ.
kn-bv:144.4
39. එරුක ද හටගත් රුසිරු ඇතියේ අල්පච්ජිද්‍ර ඇතියේ බොහෝ පත්‍ර ඇත්තේ වෙයි. ඍජු වූ හුණරුක අවටින් මහත් වූයේ දැකුම්කලු වූයේ මනරම් වේ.
kn-bv:144.5
40. එක් කඳ වැ වැඩී එයින් ශාඛා බෙදිණ, එරුක මොනොවට බඳනාලද මයූරහස්තයෙන් (මොනරපිළින් කළ හිරවරණක්) සෙයින් හොබී.
kn-bv:144.6
41. එරුක්හි කටු නැති, සිදුර ද මහත් නොවී, විසුළ අතු ඇත්තේ අවිරල වූ ගන සෙවන ඇත්තේ මනරම් වී.
kn-bv:144.7
42. ඔබට සුදත්ත යැ චිත්ත යැ යන දෙදෙන අග උවටු වූහ, සුභද්‍රා යැ පද්මා යැ යන දෙදෙන අග උවට වූහ.
kn-bv:144.8
43. සියලු ආකාරවරයෙන් යුත් වූ හැම ගුණයෙන් සමන්‍විත වූ ඒ බුදුහු උසින් පනස් රියන් වූහු.
kn-bv:144.9
44. උන් වහන්සේගේ අසමසම වූ ප්‍රභාව හාත්පසින්ම නික්ම යෙයි. ඔබ ප්‍රමාණ රහිත වූවාහු අතුල්‍ය වූවාහු උපමායෙන් අනුපම වෙත්.
kn-bv:144.10
45. එකල්හි අනූදහසක් හවුරුදු ආයු වෙයි, එතෙක් සිටිමින් උන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරකතරින් තැරැ වූහ.