Buddhavaṁsa

Chronicle of the Buddhas

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 601-700 න් 1370

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-bv:110.14
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
kn-bv:112.1
27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:112.2
28. මහර්ෂි වූ පදුම බුදුන්ට චම්පක නම් නගරය විය අසම නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය මව් තොමෝ අසමා නම් වූ.
kn-bv:112.3
29. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර යැ වසුත්තර යැ යසුත්තර යැ යි උතුම් තුන් පහයෙක් වී.
kn-bv:112.4
30. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ උත්තරා නම් වූ පුත්‍ර තෙම රම්‍ය නම් වී.
kn-bv:112.5
31. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අට මසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:112.6
32. මහත්වීර්‍ය්‍ය ඇති පදුම නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
kn-bv:112.7
33. පදුම බුදුන්ට සාල යැ උපසාල යැ යි අගසවු දෙදෙනෙක් වූහ. වරුණ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
kn-bv:112.8
34. රාධා යැ සුරාධා යැ යි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහාසෝණ’ යැ යි කියනු ලැබෙයි.
kn-bv:112.9
35. භිය්‍ය යැ අසම යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. රුචි යැ නන්‍දරාමා යැ යි අගඋවට දෙනමක් වූහ.
kn-bv:112.10
36. ඒ පදුම බුදුහු අටපනස්රියන් උස් වූහ. උන් වහන්සේගේ යම වූ කැලුම් හැම දෙස නික්ම යෙයි.
kn-bv:112.11
37. සඳකැල්ම හිරුකැල්ම රුවන්ගිනි මිණිකැල්ම යන එහැම කැලුම්හු උතුම් වූ බුදුන්ගේ කැලුම් පැමිණ නටුවාහු වෙති.
kn-bv:112.12
38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි, උන් වහන්සේ ඒතාක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
kn-bv:112.13
39. පැසුණු ඉඳුරන් ඇති සත්ත්‍වයන් නිඃශේෂයෙන් අවබෝධ කරවා සෙස්සනට අනුශාසනා කොට ශ්‍රාවකයන් සහිත උන්වහන්සේ පිරිනිවියහ.
kn-bv:112.14
40. සර්‍පයෙක් දිරූ සැව සෙයින් වෘක්‍ෂයෙක් පුරාණපත්‍රයක් සෙයින් හැම සංස්කාරයන් හැරපියා ඒ බුදුහු ගින්නක් සෙයින් පිරිනිවියහ.
kn-bv:112.15
41. ජිනවර වූ පදුම බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්හි ධාතූහු පතළහ.
kn-bv:112.16
අටවැනි වූ පදුම බුද්ධවංශ යි.
kn-bv:114.1
9. නාරද බුද්ධවංශය
kn-bv:114.2
1. පදුම බුදුන්ට මෑතභාගයෙහි නමින් නාරද නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
kn-bv:114.3
2. සක්විතිරජහට ජ්‍යේෂ්ඨ ඖරසපුත්‍ර වූ ඒ බුදුහු පලන් මල්බරණ ඇත්තාහු උයනට එළැඹියහ.
kn-bv:114.4
3. එහි විපුල වූ යසස් ඇති මනහර වූ මහත් වූ පවිත්‍ර වූ වෘක්‍ෂයෙක් වී. එතැනට පැමිණ ඒ මහමුරුත{*} රුක්මුල්හි හුන්හ.
kn-bv:114.5
4. එහි දී අප්‍රමේය වූ වජ්‍රෝපම (සියුම්) වූ උතුම් නුවණ පහළ වී. එ නැණින් සංස්කාර ධර්‍මයන්ගේ උදයව්‍යය (විදර්‍ශනායෙන්) විමසූහ.
kn-bv:114.6
5. එහි දී හැම කෙලෙසුන් නිරවශේෂ කොට ප්‍රහාණය කළහ, පරිපූර්‍ණඅර්‍හන්මාර්‍ගඥානය ලදහ, තුදුස් බුදුනුවණ ද ලදහ.
kn-bv:114.7
6. සම්බෝධියට පැමිණ දම්සක් පැවැත්වූහ. කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
kn-bv:114.8
7. එකල්හි මහමුනිහු මහාද්‍රෝණ නම් නාරජ දමනය කෙරෙමින් දෙවියන් සහිත ලෝකයාට පැනෙමින් පෙළහර පෑහ.
kn-bv:114.9
8. එකල්හි එ ධම්දෙසුන්හි දෙව්මිනිසුන් අතුරින් අනූකෙළදහසක් ප්‍රාණීහු හැම සංශය ඉක්ම ගියහ.
kn-bv:114.10
9. මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු යම් කලෙක සිය පුතණුවන්ට ඔවා දුන්හු ද, එකල්හි අසූකෙළ දහසක් සත්නට තෘතීයාභිසමය වී.
kn-bv:114.11
10. මහර්ෂි වූ නාරද බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෝටිලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
kn-bv:114.12
11. යම් කලෙක බුදුහු නිදාන සහිත කොට බුදුගුණ ප්‍රකාශ කළසේක් ද එකල්හි අනූකෙළදහසක් රහත්හු රැස්වූහ.
kn-bv:116.1
12. යම් කලෙක වෙරොචන නම් නාග තෙම දන් දුන්නේ ද එකල්හි අසූලක්‍ෂයක් ශ්‍රාවකයෝ රැස්වූහ.
kn-bv:116.2
13. එකල්හි මම් උග්‍රතපස් ඇති ජටිල වූයෙම් පඤ්චඅභිඥාවන්හි පරතෙරට පැමිණියෙම් අහස්හි සරනුයෙම් වීමි.
kn-bv:116.3
14. එකල්හිදු මම් සඟුන් සහිත වූ පරිජනයා (උපාසක ජනයා) සහිත වූ අසමසම වූ බුදුන් ආහාරපානයෙන් සතප්වා සඳුනෙන් පිදීමි.
kn-bv:116.4
15. ලෝකනායක වූ ඒ නාරද බුදුහු ද ‘මේ තෙම මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
kn-bv:116.5
16. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:116.6
17. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
kn-bv:116.7
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
kn-bv:116.8
19. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යි.
kn-bv:116.9
20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:116.10
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අශ්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
kn-bv:116.11
22. ඛේමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන් ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබෙයි.
kn-bv:116.12
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ, උත්තරා යැ නන්‍ද මාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
kn-bv:118.1
24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ යි දෙව්මිනිස්සු සතුටු වූවාහු–
kn-bv:118.2
25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:118.3
26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:118.4
27. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
kn-bv:118.5
28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
kn-bv:118.6
29. මම් ඒ බුදුනුගේ බස් අසා මත්තෙහි සිත් වඩා දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
kn-bv:118.7
30. මහර්ෂි වූ නාරද බුදුන්ගේ නගරය ධන්‍යවතී නම, සුදේව නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වීය, මව් තොමෝ අනෝමා නම් වූ.
kn-bv:118.8
31. උන් වහන්සේ නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ජිත යැ විජිත යැ විජිතාභිරාම යැ යි උතුම් වූ තුන්පහයෙක් වී.
kn-bv:118.9
32. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පිරිවර ස්ත්‍රීහු වූහ, මෙහෙසි තොමෝ විජිතසේනා නමු, පුත්‍ර තෙම නන්‍දොත්තර නම් වී.
kn-bv:118.10
33. ලෝකනායක වූ නාරද මුනිහු සතර පෙරනිමිති දැක පියගමනින් මහබිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
kn-bv:120.1
34. මහත්වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ නාරදමුනිඳුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජ ය නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
kn-bv:120.2
35. මහර්ෂි වූ නාරදමුනිඳුනට භද්දසාල යැ ජිතමිත්‍ර යැ යි අගසවු දෙනමක් වූහ. වාසෙට්ඨ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
kn-bv:120.3
36. උත්තරා යැ ඵග්ගුනී යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය මහාසෝණ (මහමුරුත) යයි කියනුලැබෙයි.
kn-bv:120.4
37. උග්ගරින්‍ද යැ වසභ යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. ඉන්‍දීවරියැ උන්‍දී යැ යි අගඋවට දෙදෙනෙක් වූහ.
kn-bv:120.5
38. අට අසූරියන් උස්වූ සම්බුදුහු රන්ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළ වූහ.
kn-bv:120.6
39. එකල්හි උන් වහන්සේගේ සිරුරින් නික්මුණු ව්‍යාමප්‍රභාව දිශානුදිශාවන්හි යොදුනක් මුළුල්ලෙහි දිවරැය නිරතුරු පැතිරෙයි.
kn-bv:120.7
40. එසමයෙහි හාත්පසැ යොදුනෙක්හි බුදුරැසින් වතළ කිසි ජන කෙනෙක් පහන් නො දල්වත්.
kn-bv:120.8
41. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් සිටුනාහු බොහෝ ජනසමූහයා (සසරකතරින්) තරණය කරවූහ.
kn-bv:120.9
42. යම්සේ ගුවන්තලය තාරකාවන් කරණකොට හොබනේ ද, එසෙයින් මැ උන් වහන්සේගේ සස්න රහතුන් කරණ කොට ගෙන හොබී.
kn-bv:120.10
43. නරෝත්තතම වූ ඒ බුදුහු සෙසු ප්‍රතිපන්නයන් සංසාරශ්‍රෝතස තරණය කරණ පිණිස දහම්හෙය දැඩි කොට පිරිනිවියහ.
kn-bv:120.11
44. අසමසම වූ ඒ බුදුහු ද අතුල්‍ය වූ තේජස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද යන එහැම අතුරුදහන් විය හැම සකරහු සිස්වූවාහු නො ද?
kn-bv:120.12
45. ජිනෝත්තම වූ නාරදමුනිහු සුදර්‍ශන පුරයෙහි පිරිනිවියහ. එහි මැ උතුම් වූ ජිනස්තූපය සිව්යොත්නෙක් උස් වූයේ යි.
kn-bv:120.13
නවවැනි නාරද බුද්ධවංශ යි.
kn-bv:122.1
10. පදුමුත්තර බුද්ධවංශය
kn-bv:122.2
1. නාරද නම් සම්මාසම්බුදුනට මෑතභාගයෙහි අකම්ප්‍ය වූ සාගරයට බඳු උපමා ඇති පියුමතුරා නම් ද්විපදෝත්තම සම්මාසම්බුදුහු (ලොව පහළ වූහ.)
kn-bv:122.3
2. යම් කපෙක පියුමතුරා සම්මාසම්බුදුහු උපන්සේක් ද, හේ මණ්ඩකලපය බඳු වී යැ. එකප්හි උත්සන්න වූ කුසල් ඇති ජනසමූහය උපන.
kn-bv:122.4
3. පියුමතුරා බුදුන්ගේ ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමය වීය.
kn-bv:122.5
4. එයින් මෑතභාගයෙහිදු ප්‍රාණීන් පිණවන වර්‍ෂාඍතුහුගේ අන්තයෙහි සත්තිස් ලක්‍ෂයක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
kn-bv:122.6
5. යම් කලෙක මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු ආනන්‍ද නම් වූ පියමඟරජුන් කරා එළැඹිසේක් ද, එකල්හි පියරජුන් කරා පැමිණ අමා බෙර පහළහ.
kn-bv:122.7
6. අමාබෙර පහළ කල්හි දහම්වැසි වස්නා කල්හි පනස්ලක්‍ෂයක් ප්‍රාණීන්ට තෘතීයාභිසමය වී.
kn-bv:122.8
7. හැම සත්නට සරණශීලාදීන් අවවාද කරන සිව්සස් අවබෝධ කරන චතුරෝඝ තරණය කරවන දේශනායෙහි නිපුණ වූ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තරණය කරවූසේක.
kn-bv:122.9
8. පියුමතුරා බුදුන්ට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
kn-bv:122.10
9. යම් කලෙකැ අසමසම වූ බුදුහු වේභාරපර්‍වතයෙහි වස්වුසූසේක් ද එකල්හි අනූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
kn-bv:122.11
10. නැවත චාරිකායෙහි නික්මුණු කල්හි ගම්නියම්ගම්දනවියෙන් නික්ම පැවිදි වූ අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
kn-bv:122.12
11. එසමයෙහි මම් ජටිල නම් මහරැටි වූයෙම් බුදුපාමොක්සඟනට සිවුරු සහිත උතුම් දනක් දිනිමි.
kn-bv:124.1
12. ඒ පියුමතුරා සර්‍වඥයන් වහන්සේ ද සඟමැද වැඩහිඳ මේ තෙම මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
kn-bv:124.2
13. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන්, නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
kn-bv:124.3
14. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
kn-bv:124.4
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
kn-bv:124.5
16. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක් මුල්හි හිඳ බුදු වන්නේ යි.
kn-bv:124.6
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
kn-bv:124.7
18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
kn-bv:124.8
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබෙයි.
kn-bv:124.9
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
kn-bv:124.10
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
kn-bv:124.11
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
kn-bv:126.1
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
kn-bv:126.2
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
kn-bv:126.3
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
kn-bv:126.4
26. මම් ඒ බුදුනුදුගේ බස් අසා මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි, දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
kn-bv:126.5
27. එකල්හි හැම තීර්‍ත්‍ථකයෝ නසනලද මානදර්‍ප ඇත්තාහු විරූපසිත් ඇත්තාහු නො සතුටු සිත් ඇති වූහ, ඔවුනට කිසි කෙනෙක් සත්කාරාදි පිරියම් නො කෙරෙති, ඔවුන් සිය රටින් නෙරත්.
kn-bv:126.6
28. ඔහු හැම දෙන රැස් වැ ඒ බුදුන් වෙත එළැඹියාහ. පසැස්ඇති මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ ශාස්තෘ වූවහ, සරණ වුව මැනැවැ’යි. (සරණ ගියහ.)
kn-bv:126.7
29. හැම සත්නට අනුකම්පා ඇති කාරුණික වූ හිතෛෂී වූ සර්‍වඥයන් වහන්සේ පැමිණි හැම තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටි වූහ.
kn-bv:126.8
30. මෙසේ ඒ බුදුන්ගේ සස්න තීර්‍ත්‍ථකයන් විසින් අනාකූල වූයේ සිස් වූයේ විය, වශී බවට පැමිණි තාදීගුණ ඇති රහතුන් විසින් අතිශයින් විසිතුරු වී.
kn-bv:126.9
31. මහර්ෂි වූ පියුමතුරා බුදුන්ගේ නගරය හංසවතී නම, ආනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ, මව් තොමෝ සුජාතා නම් වූ.
kn-bv:126.10
32. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට නරවාහන යැ යස යැ වසවත්ති යැ යි උතුම් තුන්පහයෙක් වී.
kn-bv:126.11
33. මොනවට සරහනලද පරිවාරස්ත්‍රීහු තෙසාළිස්දහසක් වූහ, මෙහෙසි තොමෝ වසුදත්තා නම් වූ, පුත්‍ර තෙම උත්තර නම් වී.
kn-bv:126.12
34. පුරුෂෝත්තම වූ පියුමතුරා බුදුහු සතර පෙර නිමිති දැක ප්‍රාසාදය හා සමග මහභිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහු–
kn-bv:128.1
35. මහත්වීර්‍ය්‍ය ඇති පදුමුත්තර සර්‍වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ මිථිලා නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.