Pali BJT44. තස්සප්පභා අසමසමා නිද්ධාවති සමන්තතො අප්පමාණො අතුලියො ච ඔපන්තෙහි අනූපමො.
Sinhala BJT44. උන් වහන්සේගේ අසමසම වූ ප්‍රභාව හාත්පසින්ම නික්ම යෙයි. ඔබ ප්‍රමාණ රහිත වූවාහු අතුල්‍ය වූවාහු උපමායෙන් අනුපම වෙත්.
Pali BJT45. නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT45. එකල්හි අනූදහසක් හවුරුදු ආයු වෙයි, එතෙක් සිටිමින් උන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරකතරින් තැරැ වූහ.
Pali BJT46. යථාපි සාගරෙ ඌමී ගගනෙ තාරකා යථා එවං තදා පාවචනං අරහන්තෙහි චිත්තිතං{8}
Sinhala BJT46. සයුරුහි තරඟවැළ යම්සේ ද අහස්හි තරුකැළ යම්සේ ද එසෙයින් එකල්හි ප්‍රවචනය රහතුන් විසින් විසිතුරු විය.
Pali BJT47. සො ච බුද්ධො අසමසමො ගුණානි ච තානි අතුලියානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT47. ඒ බුදුහු ද අසමසම වෙති, ඒ ගුණයෝද අතුල්‍ය වෙති, එ හැම අතුරුදහන් විය, හැම සංස්කාරයෝ සිස් වූවාහු නොද?
Pali BJT48. සුජාතො ජිනවරො බුද්ධො සීලාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස චෙතියො තීණි ගාවුත මුග්ගතො’ති.
Sinhala BJT48. ජිනෝත්තම වූ සුජාත බුදුහු ශීලාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ සැය තුන් යොත්නක් උස් වී යයි.
Pali BJTසුජාත බුද්ධවංසො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වැනි සුජාත බුද්ධවංශ යි.
Pali BJT13. පියදස්සී බුද්ධවංසො
Sinhala BJT13. ප්‍රියදර්ශී බුද්ධවංශය
Pali BJT1. සුජාතස්ස අපරෙන සයම්භූ{1} ලොක නායකො දුරාසදො අසමස පියදස්සී මහායසො.
Sinhala BJT1. සුජාත නම් බුදුන්ට මෑතභාගයෙහි ස්වයම්ඟු (පරෝපදේශ රහිත වැ සියල්ල දත්තා) වූ ලෝකනායක වූ නො ගැටියහැකි වූ අසමසම වූ මහා යසස් ඇති ප්‍රියදර්ශී බුදුහු ලොව පහළ වූහ.
Pali BJT2. සො’පි බුද්ධො අමිතයසො ආදිච්චො’ව විරොචති නිහන්ත්වාන තමං සබ්බං{2} ධම්මචක්කං පවත්තයී.
Sinhala BJT2. අප්‍රමාණ වූ යසස් ඇති ඒ බුදුහු ද සූර්‍ය්‍යයා සෙයින් බබළති, ඔබ සියලු මොහඳුරු නසා දම්සක් පැවැත්වූහ.
Pali BJT3. තස්සා’පි අතුලතෙජස්ස අහෙසුං අභිසමයා තයො කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT3. අතුල්‍ය වූ තේජස් ඇති උන්වහන්සේට ද අභිසමය තුනෙක් වී කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාහීසමය වී.
Pali BJT4. සුදස්සනො දෙවරාජා මිච්ඡාදිට්ඨිම’ රොචයී තස්ස දිට්ඨිං විනොදෙන්තො සත්ථා ධම්මම’දෙසයී.
Sinhala BJT4. සුදර්‍ශන නම් දෙව්රජ මිථ්‍යාදෘෂ්ටිය රුචි කෙළේ යැ, බුදුහු ඔහු ගේ දෘෂ්ටිය දුරු කෙරෙමින් දහම් දෙසූහ.
Pali BJT5. ජනසන්නිපාතො අතුලො මහාසන්නිපතී තදා නවුතිකොටිසහස්සානං දුතියාභිසමයො අහු.
Sinhala BJT5. යම් කලෙකැ අතුල වූ මහාජනසන්නිපාතයෙක් වී ද එකල්හි අනු කෙළදහසක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT6. යදා දොණමුඛං හත්ථිං විනෙසි නරසාරථි අසීතිකොටිසහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT6. යම් කලෙකැ පුරුෂදම්‍යසාරථිහු ද්‍රෝණමුඛ නම් ඇත්රජ දමනය කළ සේක් ද, එකල්හි අසූ කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT7. සන්නිපාතා තයො ආසුං තස්සා’පි පියදස්සිනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො.
Sinhala BJT7. ඒ පියදස්සී බුදුනට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී, කෙළ ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
Pali BJT8. තතො පරං නවුතිකොටී සමිංසු එකතො මුනී තතියෙ සන්නිපාතම්හි අසීතිකොටියො අහු.
Sinhala BJT8. එයින් මතු අනූ කෙළක් මුනිහු එකට රැස්වූහ, තුන් වැනි සන්නිපාතයෙහි අසූ කෙළක් ශ්‍රාවකයෝ වූහ.
Pali BJT9. අහං තෙන සමයෙන කස්සපො නාම බ්රාහ්මණො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ.
Sinhala BJT9. එසමයෙහි මම් වේද හදාරවනුයෙම් වේද මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරයට ගිය කාශ්‍යප නම් බ්‍රාහ්මණ වීමි.
Pali BJT10. තස්ස ධම්මං සුණිත්වාන පසාදං ජනයිං අහං කොටිසතසහස්සෙහි සඞ්ඝාරාමං අමාපයිං.
Sinhala BJT10. මම් ඒ බුදුන්ගේ දහම් අසා ප්‍රසාද දැනවීමි, කෙළලක්‍ෂයක් කහවුණුයෙන් සඞ්ඝාරාමයක් නිර්‍මාණය කෙළෙමි.
Pali BJT11. තස්ස දත්වාන ආරාමං හට්ඨො සංවිග්ගමානසො සරණෙ පඤ්චසීලෙ ච{3} දළ්හං කත්වා සමාදියිං{4}
Sinhala BJT11. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් අරම උන්වහන්සේට පුදා සරණ ද පන්සිල් ද දැඩි කොට සමාදන් වීමි.
Pali BJT12. සො’පි මං බුද්ධො ව්යාකාසි සඞ්ඝමජ්ඣෙ නිසීදිය අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT12. ඒ සම්බුදුහු දු සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මෙයින් අටළොස් කප්සියක්හු ගේ ඇවෑමෙහි බුදුවන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
Pali BJT13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT13. එකල්හි තථාගතයන් වහන්සේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT14. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT14. තථාගතයෝ අජපල් නුගරුක්මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙති.
Pali BJT15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලං හි එහිති.
Sinhala BJT15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මගින් බෝමුල් කරා එළැඹෙති.
Pali BJT16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT16. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි බුදු වන්නාහ.
Pali BJT17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT18. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT18. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ ජිතපඤ්චමාරයනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා. බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT19. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
Pali BJT20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT21. අසම වූ මහර්ෂීන්ගේ මේ වදන් අසා ‘මේ බුද්ධ බීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙව්මිනිස්සු–
Pali BJT22. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙත්. දසදහසක් සක්වළ සදේවක ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
Pali BJT23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාල යෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨාතිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද් ද.
Pali BJT25. එවමෙ’ව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT26. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසි දසපාරමිපූරියා.
Sinhala BJT26. මම් ඒ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැද වීමි, මත්තෙහි දසපාරමීන් පුරන පිණිස ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT27. සුධඤ්ඤං නාම නගරං සුදත්තො නාම ඛත්තියො සුචන්දා නාම{1} ජනිකා පියදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT27. පියදස්සී නම් ශාස්තෲන් වහන්සේට ‘සුධඤ්ඤ’ නම් නුවරෙක්වීයැ, ‘සුදත්ත’ නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ. මව් තොමෝ ‘සුචන්‍දා’ නම් වූ.
Pali BJT28. නව වස්ස සහස්සානි අගාරමජ්ඣසො වසී සුනිම්මලවිමලගිරිබ්රහා{2} තයො පාසාදමුත්තමා.
Sinhala BJT28. උන් වහන්සේ නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට සුනිම්මල යැ විමල යැ ගිරිබ්‍රහා යැ යි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT29. තෙත්තිංසතිසහස්සානි නාරියො සමලඞ්කතා විමලා නාම නාරී ච කඤ්චනාවෙලො{3} නාම අත්රජො.
Sinhala BJT29. මොනොවට සරසන ලද තෙතිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, ‘විමලා’ නම් අගමෙහෙසියක් වූ, කඤ්චනාවේල නම් පුත්‍රයෙක් වී.
Pali BJT30. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමි ඡමාසං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT30. පුරුෂෝත්තම තෙමේ සතර පෙර නිමිති දැක රථ යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ, සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.
Pali BJT31. බ්රහ්මුනා යාචිතො සන්තො පියදස්සී මහාමුනි වත්ති චක්කං මහාවීරො උසභුය්යානෙ මනොරමෙ
Sinhala BJT31. මහත් වීර්‍ය්‍ය ඇති පියදස්සී මහමුනිහු මහබඹහු විසින් අයදනාලදහු මනරම් වූ උසභ නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT32. පාලිතො සබ්බදස්සී{4} ච අහෙසුං අග්ගසාවකා සොභිතො නාමුපට්ඨාකො පියදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT32. ශාස්තෘ වූ පියදස්සී බුදුන්ට පාලිත යැ සබ්බදස්සී යැ යි අගසවු දෙනමක් වූහ, සෝභිත නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
Pali BJT33. සුජාතා ධම්මදින්නා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො කකුධො’ති පවුච්චති.
Sinhala BJT33. සුජාතා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කකුධ (කුඹුක්) යයි කියනු ලැබෙයි.
Pali BJT34. සන්ධකො{5} ධම්මකො{6} චෙව අහෙසුං අග්ගු’පට්ඨකා විසාඛා{7} ධම්මදින්නා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT34. සන්‍ධක යැ ධම්මක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. විසාඛා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහු.
Pali BJT35. සො’පි බුද්ධො අමිතයසො ද්වත්තිංසවරලක්ඛණො අසීතිහත්ථමුබ්බෙධො සාලරාජා’ව දිස්සති.
Sinhala BJT35. අප්‍රමාණ යසස් ඇති දෙතිස් මහපුරිස් ලකුණු ඇති ඒ බුදුහු ද අසූ රියන් උස් වූවා සුපිපි සල්රුකක් සෙයින් පැනෙති.
Pali BJT36. අග්ගීචන්ද සුරියානං නත්ථි තාදිසිකා පභා යථා අහු{8} පභා තස්ස අසමස්ස මහෙසිනො.
Sinhala BJT36. ඒ අසම වූ මහර්ෂි වූ පියදස්සී බුදුන්ට යම්බඳු ප්‍රභාවක් වූ නම් එබඳු ප්‍රභාවක් අග්නි චන්‍ද්‍ර සූර්‍ය්‍ය යන මොවුන්ට නැති.
Pali BJT37. තස්සා’පි දෙවදෙවස්ස ආයු තාවතකං අහු නවුතිවස්සසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
Sinhala BJT37. දෙවියනට දෙවි වූ ඒ පියදස්සී බුදුන්ට ද එතෙක් ආයු විය, චක්‍ෂුස්මත්හු අනූදහසක් හවුරුදු ලොවැ වැඩ සිටියහ.
Pali BJT38. සො’පි බුද්ධො අසමසමො යුගානි’පි තානි අතුලියානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT38. ඒ ප්‍රියදර්ශී බුදුහු ද අසමසම වූහ, ඒ ශ්‍රාවක යුග්මය ද අතුල්‍ය වී. එ හැම අතුරුදහන් වී, හැම සංස්කාරයෝ සිස් වූවාහු නො ද?
Pali BJT39. සො පියදස්සී මුනිවරො අස්සත්ථාරාමම්හි නිබ්බුතො තත්ථෙව තස්ස ජිනථූපො තීණි යොජන මුග්ගතො’ති.
Sinhala BJT39. ඒ පියදස්සී නම් බුදුහු ඇසැතු අරම්හි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ ස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවන ලදි.
Pali BJTපියදස්සී බුද්ධවංසො තෙරසමො.
Sinhala BJTතෙළෙස් වැනි ප්‍රියදර්ශී බුද්ධවංසය යි.
Pali BJT14. අත්ථදස්සී බුද්ධවංසො
Sinhala BJT14. අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශය
Pali BJT1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි අත්ථදස්සී නරාසභො{1} මහා තමං නිහන්ත්වාන පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි නරශ්‍රේෂ්ඨ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්‍ධකාරය නසා උතුම් සම්බෝධියට පැමිණියාහු.
Pali BJT2. බ්රහ්මුනා යාචිතො සන්තො ධම්මචක්කං පවත්තයී අමතෙන තප්පයී ලොකං දසසහස්සී සදෙවකං.
Sinhala BJT2. මහබඹහු විසින් අයදනාලදහු දම්සක් පැවැත්වූහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා අමායෙන් සැතැප්වූ සේක.
Pali BJT3. තස්සා’පි ලොකනාථස්ස අහෙසුං අභිසමයා තයො කොටිසතසහස්සානං පඨමාභිසමයො අහු.
Sinhala BJT3. ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද ධර්‍මාවබෝධත්‍රයෙක් වී. කෙළලක්‍ෂයක් සත්නට පළමු වැනි ධර්‍මාවබෝධය වී.
Pali BJT4. යදා බුද්ධො අත්ථදස්සී චරති දෙවචාරිකං කොටිසතසහස්සානං දුතියා’භිසමයො අහු.
Sinhala BJT4. යම් කලෙකැ අර්‍ත්‍ථදර්ශී බුදුහු දෙව්ලොවැ චාරිකා කළසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට දෙවැනි ධර්‍මාවබෝධය වී.
Pali BJT5. පුනාපරං යදා බුද්ධො දෙසෙසි පිතුසන්තිකෙ කොටිසතසහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT5. යළි යම් කලෙකැ බුදුහු පියරජ සමීපයෙහි දහම් දෙසූසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය විය.
Pali BJT6. සන්නිපාතා තයො ආසුං තස්සා’පි ච මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT6. මහර්ෂී වූ ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ට ද විගත රාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී,
Pali BJT7. අට්ඨනවුතිසහස්සානං පඨමො ආසි සමාගමො අට්ඨාසීතිසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT7. අටානූදහසක් රහතුන්ගේ ප්‍රථම සමාගමය වී, අටාසූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසමාගමය වී.
Pali BJT8. අට්ඨසත්තතිසහස්සානං තතියො ආසි සමාගමො අනුපාදාවිමුත්තානං විමලානං මහෙසිනං.
Sinhala BJT8. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහවූ රාගාදි මල ඇති මහර්ෂි වූ අට සැත්තෑදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වී.
Pali BJT9. අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො සුසීමො{2} නාම නාමෙන මහියා සෙට්ඨසම්මතො
Sinhala BJT9. එසමයෙහි මම් උග්‍ර වූ තපස් ඇති පෘථිවියෙහි ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමී.
Pali BJT10. දිබ්බං මන්දාරවං පුප්ඵං පදුමං පාරිච්ඡත්තකං දෙවලොකා හරිත්වාන{3} සම්බුද්ධං අභිපූජයිං.
Sinhala BJT10. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි.
Pali BJT11. සොපි මං බුද්ධො{4} ව්යාකාසි අත්ථදස්සී මහාමුනි අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT11. මහාමුනි වූ ඒ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු ද ‘මේ තෙම මෙයින් අටළොස්සියක් වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
Pali BJT12. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT12. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT13. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT13. තථාගතයෝ අජපාල නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
Pali BJT14. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT14. පස්මරුන් දිනූ ඒ බුදුහු නිල්දලාහෝතෙර වැඩහිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මඟින් බෝමුල වෙත එළැඹෙන්නාහ.
Pali BJT15. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT15. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක්මුල්හි බුදු වන්නේ යි.
Pali BJT16. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT16. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT17. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නා’මුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT17. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුනට උපස්ථාන කරන්නාහ.
Pali BJT18. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT18. ඛේමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT19. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ යසස් ඇති ගොයුම් සම්බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT20. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT20. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුද්ධබීජාංකුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
Pali BJT21. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT21. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ සදේවක ලෝකයා කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරේ.
Pali BJT22. යදිමස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT22. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
Pali BJT23. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨාතිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT23. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT24. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT25. තස්සා’පි වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමිපූරියා.
Sinhala BJT25. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ ද බස් අසා සතුටු වූයෙම් සංවේ පත් සිත් ඇතියෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT26. සොභනං නාම නගරං සාගරො නාම ඛත්තියො සුදස්සනා නාම ජනිතා අත්ථදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT26. ශාස්තෘ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුන්ට ශෝභන නම් නුවරෙක් වී යැ’ පිය තෙම සාගර නම් ක්‍ෂත්‍රිය විය, මව් තොමෝ සුදස්සනනම් වූ.
Pali BJT27. දසවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී අමරගිරිසුරගිරිගිරිවාහනා{1} තයො පාසාදමුත්තමා.
Sinhala BJT27. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) අමරගිරි යැ සුරගිරි යැ ගිරිවාහන යැ යි උතුම් තුන් පහා කෙනෙක් වූහ.
Pali BJT28. තෙත්තිංසතිසහස්සානි{2} නාරියො සමලඞ්කතා විසාඛා නාම සා නාරී සෙලො{3} නාමා’සි අත්රජො.
Sinhala BJT28. මොනොවට සරහනලද තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. විශාඛා නම් ස්ත්‍රියක් අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සෙල නම් වී.
Pali BJT29. නිමිත්තෙ චතුරො දිස්වා අස්සයානෙන නික්ඛමී අනූනඅට්ඨමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT29. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT30. බ්රහ්මුනා යාචිතො සන්තො අත්ථදස්සී මහායසො වත්ති චක්කං මහාවීරො අනොමුය්යානෙ නරාසභො.
Sinhala BJT30. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ මහත් යසස් ඇති අර්‍ත්‍ථදර්ශී බුදුහු මහබඹහු විසින් අයදනාලදහු අනෝම නම් උයන්හි දී දම්සක් පැවැත් වූහ.
Pali BJT31. සන්තො ච උපසන්තො ච අහෙසුං අග්ගසාවකා අභයො නාමු’පට්ඨාකො අත්ථදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT31. අර්‍ත්‍ථදර්ශී සම්බුදුනට ශාන්ත යැ උපශාන්ත යැ යන දෙදෙන අගසවු වූහ. අභය නම් තෙර කෙනෙක් උපස්ථායක වූහු.
Pali BJT32. ධම්මා චෙ’ව සුධම්මා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො චම්පකො’ති පවුච්චති.
Sinhala BJT32. ධර්‍මා යැ සුධර්‍මා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුනට බෝධිය ‘සපු’ යයි කියනු ලැබේ.
Pali BJT33. නකුලො ච නිසභො ච අහෙසුං අග්ගු’පට්ඨකා මකිලා ච සුනන්දා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT33. නකුල යැ නිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. මකිලා යැ සුනන්‍දා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
Pali BJT34. සො’පි බුද්ධො අසමසමො අසීති රතනුග්ගතො{4} සොභති සාලරාජා’ව උළුරාජා’ව පූරිතො.
Sinhala BJT34. අසමසම වූ අසූරියනක් උස් වූ ඒ බුදුහු ද සුපිපි සල්රුකක් සෙයින් ද පුන්සඳ සෙයින් ද බබළයි.
Pali BJT35. තස්ස පාකතිකා රංසී{5} අනෙකසතකොටියො උද්ධං අධො දසදිසා ඵරන්ති යොජනං තදා{6}.
Sinhala BJT35. එකල්හි ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ නොයෙක් කෙළසියගණන් පියවිරැස් උඩ යට දසදිග්හි හාත්පස්හි යොදනක් තැන් පැතිරෙයි.
Pali BJT36. සො’පි බුද්ධො නරාසභො සබ්බසත්තු’ත්තමො මුනි වස්සසතසහස්සානි ලොකෙ අට්ඨාසි චක්ඛුමා.
Sinhala BJT36. නරශ්‍රේෂ්ඨ වූ හැම සත්නට උතුම් වූ මුනි වූ පසස් ඇති ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද ලක්‍ෂයක් හවුරුදු ලොවැ වැඩ විසූහ.
Pali BJT37. අතුලං දස්සෙත්වා ඔභාසං විරොචෙත්වා සදෙවකෙ සො’පි අනිච්චතං පත්තො යථ’ග්ගු’පාදානසඞ්ඛයා.
Sinhala BJT37. අතුල්‍ය වූ අවභාස දක්වා සදේවක ලෝකයෙහි බැබැළී ඉන්‍ධනක්‍ෂයෙන් අග්නිය සෙයින් ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද අනිත්‍යතාවට පැමිණිසේක.
Pali BJT38. අත්ථදස්සී ජිනවරො අනොමාරාමම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
Sinhala BJT38. ජිනෝත්තම වූ අර්‍ත්‍ථදර්ශී බුදුහු අනෝමාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ පෙදෙස්හි පතළාහ යි.
Pali BJTඅත්ථදස්සී බුද්ධවංසො චුද්දසමො.
Sinhala BJTතුදුස් වැනි අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශ යි.
Pali BJT15. ධම්මදස්සී බුද්ධවංසො
Sinhala BJT15. ධර්‍මදර්ශී බුද්ධවංශය
Pali BJT1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි ධම්මදස්සී මහායසො තම’න්ධකාරං විධමෙත්වා අතිරොචති සදෙවකෙ.
Sinhala BJT1. එ මැ මණ්ඩ නම් කප්හි මහත් වූ යසස් ඇති ධර්‍මදර්ශී නම් බුදුහු මොහඳුරු නසා සදේවක ලෝකයෙහි අධික වැ බැබැළුණාහ.
Pali BJT2. තස්සා’පි අතුලතෙජස්ස ධම්මචක්කප්පවත්තනෙ කොටිසතසහස්සානං පඨමා’භි සමයො අහු.
Sinhala BJT2. අපමණ තේජස් ඇති ඒ ධර්‍මදර්ශී බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි දී කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
Pali BJT3. යදා බුද්ධො ධම්මදස්සී විනෙසි සඤ්ජයං ඉසිං තදා නවුතිකොටීනං දුතියා’භිසමයො අහු.
Sinhala BJT3. යම් කලෙකැ ධර්‍මදර්ශී බුදුහු සඤ්ජය නම් රුසිහු දමනය කළ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට දෙ වැනි අභිසමය වී.
Pali BJT4. යදා සක්කො උපගඤ්ඡි සහපරිසො{1} විනායකං තදා අසීති කොටීනං තතියා’භිසමයො අහු.
Sinhala BJT4. යම් කලෙකැ සක්දෙව්රජ පිරිස් සහිත වැ බුදුන් කරා එළඹියේ ද, එකල්හි අසූ කෙළක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT5. තස්සා’පි දෙවදෙවස්ස සන්නිපාතා තයො අහු{2} ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං.
Sinhala BJT5. දෙවියනට දෙවි වූ ඒ ධර්‍මදර්ශී බුදුනට ද පහවූ රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී.
Pali BJT6. යදා බුද්ධො ධම්මදස්සී සරණෙ වස්සං උපාගමී තදා කොටිසහස්සානං{3} පඨමො ආසි සමාගමො.
Sinhala BJT6. යම් කලෙකැ ධම්මදස්සී බුදුහු සරණ නම් නගරයෙහි වස් එළැඹිසේක් ද, එකල්හි කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
Pali BJT7. පුනා’පරං යදා බුද්ධො දෙවතො එති මානුසං{4} තදා’පි සතකොටීනං දුතියො ආසි සමාගමො.
Sinhala BJT7. යළි යම් කලෙකැ ධර්‍මදර්ශී බුදුහු දෙව්ලොවින් මිනිස්ලොවට වැඩිසේක් ද, එකල්හි දු කෙළසියක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
Pali BJT8. පුනා’පරං යදා බුද්ධො පකාසෙසි ධුතෙ ගුණෙ තදා අසීති කොටීනං තතියො ආසි සමාගමො.
Sinhala BJT8. යළි යම් කලෙකැ බුදුහු (සුදර්‍ශනාරාමයෙහි දී හාරිත නම් තෙරණුවන් අගසවු තැන්හි තබමින්) තෙළෙස් ධුතගුණයන් ප්‍රකාශ කළ සේක් ද එකල්හි අසූ කෙළක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
Pali BJT9. අහං තෙන සමයෙන සක්කො ආසිං පුරින්දදො දිබ්බෙන ගන්ධමාලෙන{5} තුරියෙන අභිපූජයිං.
Sinhala BJT9. එසමයෙහි මම් පුරින්‍දද වූ සක්දෙව් රජ වීම්, දිව ගඳින් මලින් පසඟතුරුරැවින් බුදුන් පිදීමි.
Pali BJT10. සො’පි මං බුද්ධො ව්යාකාසි දෙවමජ්ඣෙ නිසීදිය අට්ඨාරසෙ කප්පසතෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT10. ඒ ධර්‍මදර්ශී නම් බුදුහු ද දෙව්පිරිස් මැද වැඩහිඳ මේ තෙම මෙයින් අටළොස් වන කප්සියෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන් සේක.
Pali BJT11. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT12. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT12. තථාගතයෝ අජපල් නම් රුක්මුල්හි හිඳ එහිදී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.