Pali BJT34. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භිනික්ඛමි සත්තාහං පධානචාරං අචරී පුරිසුත්තමො.
Sinhala BJT34. පුරුෂෝත්තම වූ පියුමතුරා බුදුහු සතර පෙර නිමිති දැක ප්‍රාසාදය හා සමග මහභිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහු–
Pali BJT35. බ්රහ්මුනා යාචිතො සන්තො පදුමුත්තරො විනායකො{1} වත්ති චක්කං මහාවීරො මීථිලුය්යානමුත්තමෙ.
Sinhala BJT35. මහත්වීර්‍ය්‍ය ඇති පදුමුත්තර සර්‍වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ මිථිලා නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT36. දෙවලො ච සුජාතො ච අහෙසුං අග්ගසාවකා සුමනො නාමුපට්ඨාකො පදුමුත්තරස්ස සත්ථුනො{2}.
Sinhala BJT36. ශාස්තෘ වූ පියුමතුරා බුදුන්ට දේවල යැ සුජාත යැ යි අගසවු දෙනමක් වූහ, සුමන නම් උපස්ථායක තෙර කෙනෙක් වූහු.
Pali BJT37. අමිතා අස්මා චෙව අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො සලලො’ති පවුච්චති.
Sinhala BJT37. අමිතා යැ අසමා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘සලල’ යයි කියනු ලැබෙයි.
Pali BJT38. විතිණ්ණො චෙව තිස්සො ච අහෙසුං අග්ගු’පට්ඨකා හත්ථා චෙව විචිත්තා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT38. විතිණණ යැ තිස්ස යැ යන දෙදෙන අගඋවටු වූහ. හත්‍ථා යැ විචිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
Pali BJT39. අට්ඨපඤ්ඤාසරතනං{3} අච්චුග්ගතො මහාමුනි කඤ්චනග්ඝිය{4} සංකාසො ද්වත්තිංසවරලක්ඛණො.
Sinhala BJT39. අටපනස්රියන් උස් වූ මහමුනිහු උතුම් වූ දෙතිස්මහපුරිස්ලකුණු ඇතියාහු කසුන්ඇගෑයක් බඳු වූහ.
Pali BJT40. කුඩ්ඩා කවාටා භිත්තී ච රුක්ඛා නගසිලුච්චයා න තස්සා’වරණං අත්ථි සමන්තා ද්වාදසයොජනෙ.
Sinhala BJT40. ඒ පියුමතුරා බුදුන්ට හාත්පසැ දොළොස් යොදුන් තැන්හි කොඬවරපවුරු යැ කවුළු යැ බිත්ති යැ රුක් යැ ගල්පවු යැ යන මොහු ආවරණ නැති.
Pali BJT41. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT41. එකල්හි සියදහසක් හවුරුදු ආයු වී, එතෙක් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැ වූහ.
Pali BJT42. සන්තාරෙත්වා බහුජනං ඡින්දිත්වා සබ්බසංසයං ජලිත්වා අග්ගික්ඛන්ධො’ව නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT42. බොහෝ ජනයා සසරින් තරවා සියලු සැක සිඳ ගිනිකඳ සෙයින් දිලිහි ශ්‍රාවකයන් සහිත වූ ඒ පියුමතුරා බුදුහු පිරිනිවිසේක.
Pali BJT43. පදුමුත්තරො ජිනො බුද්ධො නන්දාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස{5} ථූපවරො ද්වාදසුබ්බෙධ යොජනො’ති.
Sinhala BJT43. පස්මරුන් දිනූ පියුමතුරා බුදුහු නන්‍දාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ උතුම් ස්තූපය දොළොස්යොදුන් උස්කොට බඳවනලදි.
Pali BJTපදුමුත්තරබුද්ධවංසො දසමො.
Sinhala BJTදස වැනි පදුමුත්තර බුද්ධවංශ යි.
Pali BJT11. සුමෙධ බුද්ධවංසො
Sinhala BJT11. සුමේධ බුද්ධවංශය
Pali BJT1. පදුමුත්තරස්ස අපරෙන සුමෙධො නාම නායකො දුරාසදො උග්ගතෙජො සබ්බලොකුත්තමො{1} මුනි.
Sinhala BJT1. පියුමතුරා නම් බුදුන්ට මෑතභාගයෙහි ලෝකනායක වූ නො ගැටියහැකි වූ උග්‍රතේජස් ඇති මුළුලොවට උතුම් වූ සුමේධ නම් බුදුහු (ලොව පහළ වූ සේක.)
Pali BJT2. පසන්නනෙත්තො සුමුඛො බ්රහා උජු පතාපවා හිතෙසී සබ්බසත්තානං බහූ මොචෙසි බන්ධනා.
Sinhala BJT2. පහන් නුවන් ඇති මනා මුව ඇති සිරුරු පමණින් මහත් වූ ඍජුගාත්‍ර ඇති බබළන සිරුරු ඇති හැම සත්නට හිතකර වූ උන් වහන්සේ බොහෝ සත්ත්‍වයන් සංසාරබන්‍ධනයෙන් මුදලූ සේක.
Pali BJT3. යදා බුද්ධො පාපුණිත්වා කෙවලං බොධිමුත්තමං සුදස්සනම්හි නගරෙ ධම්මචක්කං පවත්තයි,
Sinhala BJT3. යම් කලෙකැ සුමේධ බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුදර්‍ශන නගරයෙහි දම්සක් පැවැත් වූ සේක් ද,
Pali BJT4. තස්සාභිසමයා තීණි අහෙසුං ධම්මදෙසනෙ කොටිසතසහස්සානං පඨමා’භිසමයො අහු.
Sinhala BJT4. එකල්හි උන්වහන්සේ ගේ ධර්‍ම දේශනායෙහි ධර්‍මාභිසමය තුනෙක් වී යැ. කෙළ සුවහසක් සත්නට ප්‍රථමාභිසමය වී.
Pali BJT5. පුනාපරං කුම්භකණ්ණං යක්ඛං සො දමයී ජිනො නවුති කොටිසහස්සානං දුතියාභි සමයො අහු.
Sinhala BJT5. යළි පස්මරුන් දිනූ ඒ සුමේධ බුදුහු කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක. (එකල්හි) අනූ කෙළ දහසක් සත්නට ද්වීතීයාභිසමය වී.
Pali BJT6. පුනාපරං අමිතයසො චතුසච්චං පකාසයි අසීති කොටිසහස්සානං තතියාභිසමයො අහු.
Sinhala BJT6. යළි අපමණ යසස් ඇති බුදුහු චතුස්සත්‍යය ප්‍රකාශ කළහ, (එකල්හි) අසූ කෙළ දහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
Pali BJT7. සන්නිපාතා තයො ආසුං සුමෙධස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තාන’තාදිනං{2}.
Sinhala BJT7. මහර්ෂි වූ සුමේධ සර්‍වඥයන් වහන්සේට විගතරගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
Pali BJT8. සුදස්සනං නගරවරං උපගඤ්ඡි ජිනො යදා තදා ඛීණාසවා භික්ඛු සමිංසු සතකොටියො.
Sinhala BJT8. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු සුදර්‍ශන නම් නගරවරය කරා එළඹි සේක් ද, එකල්හි ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.
Pali BJT9. පුනාපරං දෙවකූටෙ භික්ඛූනං කඨිනත්ථතෙ තදා නවුති කොටීනං දුතියො ආසි සමාගමො.
Sinhala BJT9. යළි දේවකූටයෙහි භික්‍ෂූන්ට කෙළින් සිවුරු අතුළ කල්හි අනූ කෙළක් ශ්‍රාවකයන් ගේ ද්විතීය සමාගමය වී.
Pali BJT10. පුනාපරං දසබලො යදා චරති චාරිකං තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමො.
Sinhala BJT10. යළි යම් කලෙක දසබල බුදුහු චාරිකායෙහි වැඩිසේක් ද එකල්හි අසූ කෝටියක් ශ්‍රාවකයන් ගේ තෘතීය සමාගමය වී.
Pali BJT11. අහං තෙන සමයෙන උත්තරො නාම මාණවො අසීතිකොටියො මය්හං ඝරෙ සන්නිචිතං ධනං.
Sinhala BJT11. එසමයෙහි මම් උත්තර නම් මාණවයෙක් වීමි, මාගේ ගෙහි අසූ කෙළක් ධනය රැස් කරන ලද වී.
Pali BJT12. කෙවලං සබ්බං දත්වාන සසඞ්ඝෙ ලොකනායකෙ{1} සරණං තස්සු’පාගඤ්ජිං පබ්බජ්ජඤ්චා’භිරොචයි{2}.
Sinhala BJT12. සියලු ධනය නිරවශේෂයෙන් සඟුන් සහිත ලෝකනායකයන් විෂයයෙහි පුදා උන් වහන්සේ ගේ සරණයට පැමිණියෙමි, පැවිද්ද ද රුචි කෙළෙමි.
Pali BJT13. සො’පි මං බුද්ධො{3} ව්යාකාසි කරොන්තො අනුමොදනං තිංසකප්පසහස්සම්හි අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT13. ඒ සුමේධ බුදුහු ද අනුමෝදනා කරන්නාහු ‘මේ තෙම මෙයින් තිස්දහසක් වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
Pali BJT14. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT15. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථපායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
Pali BJT16. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT16. පස්මරුන් දිනූ මුනිහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතු බෝරුක් වෙත එළැඹෙයි.
Pali BJT17. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝ මැඬ පැදකුණු කොට ඇසැතු බෝ රුක මුල්හි හිඳ බුදු වන්නේ යි.
Pali BJT18. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT18. මොවුන් ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT19. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ; ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුනට උපස්ථාන කරන්නාහ.
Pali BJT20. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT20. බෙමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
Pali BJT21. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
Pali BJT22. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT22. අසම වූ මහර්ෂීන් ගේ මෙ බස් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
Pali BJT23. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්තී ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ බදැඳිළි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT24. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT25. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද, යට තොටැහි ගෙන මහානදිය තරණය කෙරෙත් ද,
Pali BJT26. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ පස්මරුන් දිනූ සම්බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම් හ.
Pali BJT27. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා.
Sinhala BJT27. ඒ බුදුනුදු ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි, දස පාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
Pali BJT28. සුත්තන්තං විනයඤ්චාපි නවඞ්ගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං.
Sinhala BJT28. සූත්‍රාන්තය ද විනය දැ යි නවඞ්ගශාස්තෘ ශාසනය සියල්ල පිරිවහා සර්‍වඥශාසනය හෙබැ වීමි.
Pali BJT29. තත්ථ’ප්පමත්තො විහරන්තො නිසජ්ජට්ඨානචඞ්කමෙ අභිඤ්ඤාසු පාරමිං ගන්ත්වා බ්රහ්මලොකමගඤ්ඡ’හං.{1}
Sinhala BJT29. එහි මම් හිඳුම් සිටුම් සක්මන්හි අප්‍රමත්ත වැ වාස කරන්නෙම් අභිඥාවන්හි පරතෙරට ගොස් බඹලොවට ගියෙමි.
Pali BJT30. සුදස්සනං නාම නගරං සුදත්තො නාම ඛත්තියො සුදත්තා නාම ජනිකා සුමෙධස්ස මහෙසිනො.
Sinhala BJT30. මහර්ෂි වූ සුමේධ බුදුන් ගේ නගරය සුදර්‍ශන නම් වී යැ. සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා වී යැ, මව් තොමෝ සුදත්ත නම් වූ.
Pali BJT31. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී සුචන්දනක කොඤ්ච සිරිවඩ්ඪා{2} තයො පාසාද මුත්තමා.
Sinhala BJT31. ඒ සුමේධ සම්මාසම්බුදුහු නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට සුචන්‍දනක යැ කොඤ්ච යැ සිරිවඩ්ඪ යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.
Pali BJT32. ති සොළසසහස්සානි නාරියො සමලඞ්කතා සුමනා නාම සා නාරීපුනබ්බ සුමිත්තෙ{3} නාම අත්රජො.
Sinhala BJT32. මොනොවට සරසන ලද අටසාළිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ සුමනා නමු. පුත්‍ර තෙම පුනබ්බ සුමිත්ත නම් වී.
Pali BJT33. නිමිත්තෙ චතුරො දිස්වා හත්ථියානෙන නික්ඛමි අනූනකං අට්ඨමාසං{4} පධානං පදහී ජිනො.
Sinhala BJT33. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙකින් මහබිනික්මන් කළහ, පුරා අට මසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
Pali BJT34. බ්රහ්මුනා යාචිතො සන්තො සුමෙධො ලොකනායකො වත්ති චක්කං මහාවීරො සුදස්සනුය්යානමුත්තමෙ.
Sinhala BJT34. මහත් වීර්‍ය්‍ය ඇති සුමේධ නම් ලෝක නායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ සුදර්‍ශන උයන්හිදී දම්සක් පැවැත්වූහ.
Pali BJT35. සරණො සබ්බකාමො ච අහෙසුං අග්ගසාවකා සාගරො නාමුපට්ඨාකො සුමෙධස්ස මහෙසිනො.
Sinhala BJT35. මහර්ෂි වූ සුමේධ බුදුන්ට සරණ යැ සබ්බකාම යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සාගර නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
Pali BJT36. රාමා චෙව සුරාමා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහානීපොති{1} වුච්චති.
Sinhala BJT36. රාමා යැ සුරාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ‘කොළොම්රුක’ යයි කියනු ලැබේ.
Pali BJT37. උරුවෙලො ච යසවො ච අහෙසුං අග්ගු’පට්ඨකා යසොධරා සිරිමා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT37. උරුවේල යැ යසව යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. යසෝධරා යැ සිරිමා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
Pali BJT38. අට්ඨාසීති රතනානි අච්චුග්ගතො මහාමුනි ඔභාසෙසි{2} දිසා සබ්බා චන්දො තාරාගණෙ{3} යථා.
Sinhala BJT38. අට අසූරියන් උස්වූ මහමුනිහු තරුගණ මැද පුන්සඳ සෙයින් හැම දික් බැබැළ වූහ.
Pali BJT39. චක්කවත්තිමණි නාම යථා තපති යොජනං තථෙ’ව තස්ස රතනං සමන්තා ඵරති යොජනං.
Sinhala BJT39. යම් සේ සක්විති රජක්හු ගේ මිණිරුවන යොදුනක් තැන් බබළා ද, එසෙයින් මැ උන් වහන්සේ ගේ ආභාරත්නය හාත්පසැ යොදුනක් තැන් පැතිරෙයි.
Pali BJT40. නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT40. එකල්හි අනූ දහසක් හවුරුදු ආයු පැනෙයි, එතෙක් වැඩසිටි උන් වහන්සේ බොහෝ ජන සමූහය සසර කතරින් තරණය කර වූහ.
Pali BJT41. තෙවිජ්ජඡළභිඤ්ඤෙහි බලප්පත්තෙහි තාදිහි සමාකුලමිදං ආසි අරහන්තෙහි සාධුහි{4}.
Sinhala BJT41. ත්‍රිවිද්‍යා ඇති ෂඩභිඥා ඇති ඍද්ධිබල ප්‍රාප්ත වූ තාදී ගුණ ඇති රහතුන් ගෙන් මෙ සස්න (මිහිතලය හෝ) ගැවැසීගත්තේ යි.
Pali BJT42. තෙ’පි සබ්බෙ අමිතයසා විප්පමුත්තා නිරූපධී ඤාණාලොකං දස්සයිත්වා නිබ්බුතා තෙ මහායසා.
Sinhala BJT42. අපමණ පිරිවර ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ මහායසස් ඇති එ හැම රහත්හු ද ඥානාලෝකය දක්වා පිරිනිවියහ.
Pali BJT43. සුමෙධො ජිනවරො බුද්ධො මෙධාරාමම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
Sinhala BJT43. ජිනෝත්තම වූ සුමේධ නම් බුදුහු මේධාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ ප්‍රදේශයෙහි පතළාහ යි.
Pali BJTසුමෙධ බුද්ධවංසො.
Sinhala BJTඑකොළොස් වැනි සුමේධ බුද්ධවංශය යි.
Pali BJT12. සුජාත බුද්ධවංසො
Sinhala BJT12. සුජාත බුද්ධවංශය
Pali BJT1. තත්ථෙ’ව මණ්ඩකප්පම්හි සුජාතො නාම නායකො සීහහනු’සභක්ඛන්ධො අප්පමෙය්යා දුරාසදො.
Sinhala BJT1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ.
Pali BJT2. චන්දො’ව විමලො සුද්ධො සතරංසී’ච පතාපවා{1} එවං සොභති සම්බුද්ධො ජලන්තො සිරියා සදා{2}.
Sinhala BJT2. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති.
Pali BJT3. පාපුණිත්වාන සම්බුද්ධො කෙවලං බොධිමුත්තමං සුමඞ්ගලම්හි නගරෙ ධම්මචක්කං පවත්තයී.
Sinhala BJT3. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ.
Pali BJT4. දෙසෙන්තෙ පවරං ධම්මං සුජාතෙ ලොකනායකෙ අසීතිකොටි අභිසමිංසු පඨමෙ ධම්මදෙසනෙ.
Sinhala BJT4. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ.
Pali BJT5. යදා සුජාතො අමිතයසො දෙවෙ වස්සං උපාගමී සත්තතිංසසහස්සානං දුතියාභිසමයො අහු.
Sinhala BJT5. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී.
Pali BJT6. යදා සුජාතො අසමසමො උපගඤ්ඡි{3} පිතුසන්තිකං සට්ඨිසතසහස්සානං තතියාභිසමයො අහු.
Sinhala BJT6. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී.
Pali BJT7. සන්නිපාතා තයො ආසුං සුජාතස්ස මහෙසිනො ඛීණාසවානං විමලානං සන්තචිත්තානතාදිනං.
Sinhala BJT7. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
Pali BJT8. අභිඤ්ඤාබලත්තානං අප්පත්තානං{4} භවාභවෙ සට්ඨිසතසහස්සානි{5} පඨමං සන්නිපතිංසු තෙ.
Sinhala BJT8. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ.
Pali BJT9. පුනාපරං සන්නිපාතෙ තිදීවොරොහනෙ ජිනෙ පඤ්ඤාසසතසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT9. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී.
Pali BJT10. උපසඞ්කමන්තො නරවසභං{6} තස්ස යො අග්ගසාවකො චතුහි සත සහස්සෙහි සම්බුද්ධං උපසඞ්කමි.
Sinhala BJT10. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ.
Pali BJT11. අහං තෙන සමයෙන චතුදීපම්හි ඉස්සරො අන්තලික්ඛචරො ආසිං චක්කවත්ති මහබ්බලො
Sinhala BJT11. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමි.
Pali BJT12. ලොකෙ අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං උපගන්ත්වාන වන්දිං සො සුජාතං ලොකනායකං.
Sinhala BJT12. ඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි.
Pali BJT13. චතුදීපෙ මහාරජ්ජං රතනෙ සත්ත උත්තමෙ බුද්ධෙ නිය්යාදයිත්වාන පබ්බජිං තස්ස සන්තිකෙ.
Sinhala BJT13. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
Pali BJT14. අරාමිකා ජානපදා{1} උට්ඨානං පටිපිණ්ඩිය{2} උපනෙන්ති භික්ඛුසඞ්ඝස්ස පච්චයං සයනාසනං.
Sinhala BJT14. ආරාමික වූ දනව්වැස්සෝ කරවූවර පුඬු කොට බික්සඟනට චීවරාදි ප්‍රත්‍යය හා සෙනසුන් එළවත්.
Pali BJT15. සො’පි මං බුද්ධො{3} ව්යාකාසි දසසහස්සිම්හි ඉස්සරො ති සකප්පසහස්සම්හි අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT15. දස දහසක් සක්වළට ඉසුරු වූ ඒ සුජාත බුදුහු දු ‘මේ තෙම මෙයින් තිස්දහස් වන කප්හි බුදු වන්නේ ය’යි මට විවරණ දුන් සේක.
Pali BJT16. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT16. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT17. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො. තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජමුපෙහිති.
Sinhala BJT17. තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
Pali BJT18. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො. පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝධි මූලය වෙත එළැඹෙන්නාහ.
Pali BJT19. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT19. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හිදී බුදුවන්නේ ය.
Pali BJT20. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT20. මොවුන් ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT21. කොලිතො උපතිස්සො ච, අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ බුදුනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
Pali BJT22. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
Pali BJT23. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT24. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT24. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුදධබීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
Pali BJT25. උක්කුට්ඨි සද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
Pali BJT26. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
Pali BJT27. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන. උත්තරන්ති මහානදිං.
Sinhala BJT27. යම් සේ මිනිස්සු ගංහෝ තරණය, කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT28. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාර සර්‍වඥයන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT29. තස්සා’පි වචනං සුත්වා භිය්යො හාසං ජනෙස’හං අධිට්ඨාහිං වතං උග්ගං දසපාරමිපූරියා.
Sinhala BJT29. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සන්තෝෂය දැනැවීමි. දසපාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT30. සුත්තන්තං විනයඤ්චා’පි නවඞ්ගං සත්ථුසාසනං සබ්බං පරියාපුණිත්වාන සොභයිං ජිනසාසනං.
Sinhala BJT30. සූත්‍රාන්තය ද විනය දැ යි නවාඞ්ග ශාස්තෘශාසනය සියල්ල පිරිවහා බුදු සසුන් හෙබැ වීමි.
Pali BJT31. තත්ථ’ප්පමත්තො විහරන්තො බ්රහ්මං භාවෙත්ව භාවනං අභිඤ්ඤාපාරමිං ගන්ත්වා බ්රහ්මලොකමගච්ඡහං.
Sinhala BJT31. මම් එ සසුන්හි නො පමා වැ වාසය කරනුයෙම් බ්‍රහ්මවිහාරභාවනා වඩා අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.
Pali BJT32. සුමඞ්ගලං නාම නගරං උග්ගතො නාම ඛත්තියො මාතා පභාවතී නාම සුජාතස්ස මහෙසිනො.
Sinhala BJT32. මහර්ෂි වූ සුජාත බුදුන්ගේ නගරය සුමඞ්ගල නම, පිය තෙමේ උග්ගත නම් ක්‍ෂත්‍රිය විය, මව්තොමෝ පභාවතී නමු.
Pali BJT33. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී සිරී උපසිරී නන්දා තයො පාසාදමුත්තමා.
Sinhala BJT33. ඒ සුජාත බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ශ්‍රී යැ උපශ්‍රී යැ ශ්‍රී නන්‍දා යැ යි උතුම් තුන්පහයෙක් වී.
Pali BJT34. තෙවිසතිසහස්සානි නාරියො සමලඞ්කතා සිරිනන්දා නාම නාරී උපසෙනො නාම අත්රජො.
Sinhala BJT34. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ, මෙහෙසිය සිරිනන්‍දා නමු, පුත්‍ර තෙම උපසේන නම් වී.
Pali BJT35. නිමිත්තෙ චතුරො දිස්වා අස්සයානෙන නික්ඛමි අනූනනවමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT35. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ, පුරා නවමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT36. බ්රහ්මුනා යාචිතො සන්තො සුජාතො ලොක නායකො වත්ති චක්කං මහාවීරො සුමඞ්ගලූ’ය්යානමුත්තමෙ.
Sinhala BJT36. මහත් වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ සුජාත බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වු සුමඞ්ගල උයන්හිදී දම්සක් පැවැත්වූහ.
Pali BJT37. සුදස්සනො ච දෙවො{1} ච අහෙසුං අග්ගසාවකා නාරදො නාමුපට්ඨාකො සුජාතස්ස මහෙසිනො.
Sinhala BJT37. මහර්ෂි වූ සුජාත බුදුන්ට සුදර්‍ශන යැ දේව යැයි අගසවු දෙනමක් වූහ, නාරද නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
Pali BJT38. නාගා ච නාගසමාලා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහාවෙලූ’ති වුච්චති.
Sinhala BJT38. නාගා යැ නාගසමාලා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහහුණ’ යයි කියනු ලැබේ.
Pali BJT39. සො ච රුක්ඛො ජාතරුචිරො{2} අච්ඡිද්දො හොති පත්තකො{3} උජුවංසො බ්රහා හොති දස්සනීයො මනොරමො.
Sinhala BJT39. එරුක ද හටගත් රුසිරු ඇතියේ අල්පච්ජිද්‍ර ඇතියේ බොහෝ පත්‍ර ඇත්තේ වෙයි. ඍජු වූ හුණරුක අවටින් මහත් වූයේ දැකුම්කලු වූයේ මනරම් වේ.
Pali BJT40. එකක්ඛන්ධො පවට්ඨිත්වා{4} තතො සාඛා පභිජ්ජථ{5} යථා සුබද්ධො මොරහත්ථො එවං සොභති සො දුමො.
Sinhala BJT40. එක් කඳ වැ වැඩී එයින් ශාඛා බෙදිණ, එරුක මොනොවට බඳනාලද මයූරහස්තයෙන් (මොනරපිළින් කළ හිරවරණක්) සෙයින් හොබී.
Pali BJT41. න තස්ස කණ්ටකා{6} හොන්ති නා’පි ඡිද්දං මහා අහු විත්ථිණ්ණසාඛො අවිරලො සන්දච්ඡායො මනොරමො.
Sinhala BJT41. එරුක්හි කටු නැති, සිදුර ද මහත් නොවී, විසුළ අතු ඇත්තේ අවිරල වූ ගන සෙවන ඇත්තේ මනරම් වී.
Pali BJT42. සුදත්තො චෙව චිත්තො ච අහෙසුං අග්ගු’පට්ඨකා සුභද්දා චෙව පදුමා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT42. ඔබට සුදත්ත යැ චිත්ත යැ යන දෙදෙන අග උවටු වූහ, සුභද්‍රා යැ පද්මා යැ යන දෙදෙන අග උවට වූහ.
Pali BJT43. පඤ්ඤාස රතනො ආසි උච්චත්තනෙන{7} සො ජිනො සබ්බාකාරවරූපෙතො සබ්බගුණමුපාගතො.
Sinhala BJT43. සියලු ආකාරවරයෙන් යුත් වූ හැම ගුණයෙන් සමන්‍විත වූ ඒ බුදුහු උසින් පනස් රියන් වූහු.