Buddhavaṁsa

Chronicle of the Buddhas

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 1373

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT24. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT25. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT26. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
Pali BJT27. තස්සා’පි වචනං සුත්වා භිය්යො චිත්තං පසාදයිං උත්තරිං වතමධිට්ඨාසිං දසපාරමි පූරියා.
Sinhala BJT27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT28. චම්පකං නාම නගරං අසමො නාම ඛත්තියො අස්මා නාම ජනිකා පදුමස්ස මහෙසිනො.
Sinhala BJT28. මහර්ෂි වූ පදුම බුදුන්ට චම්පක නම් නගරය විය අසම නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය මව් තොමෝ අසමා නම් වූ.
Pali BJT29. දසවස්සසහස්සානි අගාරමජ්ඣසො වසි උත්තරවසුයසුත්තරා{1}. තයො පාසාදමුත්තමා.
Sinhala BJT29. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර යැ වසුත්තර යැ යසුත්තර යැ යි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT30. තෙත්තිංස සතසහස්සානි නාරියො සමලඞ්කතා උත්තරා නාම සා නාරි රම්මො නාමා’සි අත්රජො.
Sinhala BJT30. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ උත්තරා නම් වූ පුත්‍ර තෙම රම්‍ය නම් වී.
Pali BJT31. නිමිත්තෙ චතුරො දිස්වා රථයානෙන නික්ඛමී අනූනඅට්ඨමාසානි{2} පධානං පදහී ජිනො.
Sinhala BJT31. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අට මසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT32. බ්රහ්මුනා යාචිතො’සන්තො පදුමො ලොකනායකො වත්ති චක්කං මහාවීරො ධනඤ්ජයුය්යානමුත්තමෙ.
Sinhala BJT32. මහත්වීර්‍ය්‍ය ඇති පදුම නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT33. සාලො ච උපසාලො ච අහෙසුං අග්ගසාවකා වරුණො නාමු’පට්ඨාකො පදුමස්ස මහෙසිනො.
Sinhala BJT33. පදුම බුදුන්ට සාල යැ උපසාල යැ යි අගසවු දෙදෙනෙක් වූහ. වරුණ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT34. රාධා චෙ’ව සුරාධා’ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහාසොණො’ති වුච්චති.
Sinhala BJT34. රාධා යැ සුරාධා යැ යි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහාසෝණ’ යැ යි කියනු ලැබෙයි.
Pali BJT35. භිය්යො චෙව අසමො ච අහෙසුං අග්ගු’පට්ඨකා රුචී ච නන්දරාමා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT35. භිය්‍ය යැ අසම යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. රුචි යැ නන්‍දරාමා යැ යි අගඋවට දෙනමක් වූහ.
Pali BJT36. අට්ඨපඤ්ඤාසරතනං අච්චුග්ගතො මහාමුනී පභා නිද්ධාවති තස්ස අස්මා සබ්බතො දිසා.
Sinhala BJT36. ඒ පදුම බුදුහු අටපනස්රියන් උස් වූහ. උන් වහන්සේගේ යම වූ කැලුම් හැම දෙස නික්ම යෙයි.
Pali BJT37. චන්දප්පභා සුරියප්පභා රතනග්ගි-මණිප්පභා{3} සබ්බා’පි තා හතා හොන්ති පත්වා ජිනපභුත්තමං.
Sinhala BJT37. සඳකැල්ම හිරුකැල්ම රුවන්ගිනි මිණිකැල්ම යන එහැම කැලුම්හු උතුම් වූ බුදුන්ගේ කැලුම් පැමිණ නටුවාහු වෙති.
Pali BJT38. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි, උන් වහන්සේ ඒතාක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
Pali BJT39. පරිපක්කමානසෙ සත්තෙ බොධයිත්වා අසෙසතො සෙස’ඤ්ඤෙ{4} අනුසාසිත්වා නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT39. පැසුණු ඉඳුරන් ඇති සත්ත්‍වයන් නිඃශේෂයෙන් අවබෝධ කරවා සෙස්සනට අනුශාසනා කොට ශ්‍රාවකයන් සහිත උන්වහන්සේ පිරිනිවියහ.
Pali BJT40. උරගොව තචං ජිණ්ණං වද්ධං{5} පත්තං’ව පාදපො ජහිත්වා සබ්බසඞ්ඛාරෙ නිබ්බුතො සො යථා සිඛී.
Sinhala BJT40. සර්‍පයෙක් දිරූ සැව සෙයින් වෘක්‍ෂයෙක් පුරාණපත්‍රයක් සෙයින් හැම සංස්කාරයන් හැරපියා ඒ බුදුහු ගින්නක් සෙයින් පිරිනිවියහ.
Pali BJT41. පදුමො ජිනවරො සත්ථා ධම්මාරාමම්හි නිබ්බුතො ධාතුවිත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො.
Sinhala BJT41. ජිනවර වූ පදුම බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්හි ධාතූහු පතළහ.
Pali BJTපදුමබුද්ධවංසො අට්ඨමො.
Sinhala BJTඅටවැනි වූ පදුම බුද්ධවංශ යි.
Pali BJT9. නාරද බුද්ධවංසො
Sinhala BJT9. නාරද බුද්ධවංශය
Pali BJT1. පදුමස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො නාරදො නාම නාමෙන අසමො අප්පටිපුග්ගලො.
Sinhala BJT1. පදුම බුදුන්ට මෑතභාගයෙහි නමින් නාරද නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
Pali BJT2. සො බුද්ධො චක්කවත්තිස්ස ජෙට්ඨො දයිතඔරසො ආමුත්තමාලාභරණො{1} උය්යානං උපසඞ්කමි.
Sinhala BJT2. සක්විතිරජහට ජ්‍යේෂ්ඨ ඖරසපුත්‍ර වූ ඒ බුදුහු පලන් මල්බරණ ඇත්තාහු උයනට එළැඹියහ.
Pali BJT3. තත්ථා’සි{2} රුක්ඛො යසවිපුලො අභිරූපො බ්රහා සුචී තමජ්ඣප්පත්වා උපනිසීදි මහාසොණස්ස හෙට්ඨතො,
Sinhala BJT3. එහි විපුල වූ යසස් ඇති මනහර වූ මහත් වූ පවිත්‍ර වූ වෘක්‍ෂයෙක් වී. එතැනට පැමිණ ඒ මහමුරුත{*} රුක්මුල්හි හුන්හ.
Pali BJT4. තත්ථ ඤාණවරුප්පජ්ජි අනන්තං වජිරූපමං තෙන විචිනි සඞ්ඛාරෙ උක්කුජ්ජම’වකුජ්ජකං.
Sinhala BJT4. එහි දී අප්‍රමේය වූ වජ්‍රෝපම (සියුම්) වූ උතුම් නුවණ පහළ වී. එ නැණින් සංස්කාර ධර්‍මයන්ගේ උදයව්‍යය (විදර්‍ශනායෙන්) විමසූහ.
Pali BJT5. තත්ථ සබ්බ කිලෙසානි අසෙසමභිවාහයී පාපුණි කෙවලං බොධිං බුද්ධඤාණො ච චුද්දස.
Sinhala BJT5. එහි දී හැම කෙලෙසුන් නිරවශේෂ කොට ප්‍රහාණය කළහ, පරිපූර්‍ණඅර්‍හන්මාර්‍ගඥානය ලදහ, තුදුස් බුදුනුවණ ද ලදහ.
Pali BJT6. පාපුණිත්වාන සම්බොධිං ධම්මචක්කං පවත්තයී කොටිසතසහස්සානං පඨමාභිසමයො අහූ.
Sinhala BJT6. සම්බෝධියට පැමිණ දම්සක් පැවැත්වූහ. කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
Pali BJT7. මහාදොණං නාගරාජං විනයන්තො මහාමුනි පාටිහෙරං තදාකාසි දස්සයන්තො සදෙවකෙ.
Sinhala BJT7. එකල්හි මහමුනිහු මහාද්‍රෝණ නම් නාරජ දමනය කෙරෙමින් දෙවියන් සහිත ලෝකයාට පැනෙමින් පෙළහර පෑහ.
Pali BJT8. තදා දෙවමනුස්සානං තම්හි ධම්මප්පකාසනෙ නවුතිකොටිසහස්සානි තරිංසු සබ්බසංසයං.
Sinhala BJT8. එකල්හි එ ධම්දෙසුන්හි දෙව්මිනිසුන් අතුරින් අනූකෙළදහසක් ප්‍රාණීහු හැම සංශය ඉක්ම ගියහ.
Pali BJT9. යම්හි කාලෙ මහාවීරො ඔවදි සකමත්රජං අසීතිකොටි සහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT9. මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු යම් කලෙක සිය පුතණුවන්ට ඔවා දුන්හු ද, එකල්හි අසූකෙළ දහසක් සත්නට තෘතීයාභිසමය වී.
Pali BJT10. සන්නිපාතා තයො ආසුං නාරදස්ස මහෙසිනො කොටිසතසස්සානං පඨමො ආසි සමාගමො.
Sinhala BJT10. මහර්ෂි වූ නාරද බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෝටිලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
Pali BJT11. යදා බුද්ධො බුද්ධගුණං සනිදානං පකාසයී නවුතිකොටිසහස්සානි සමිංසු විමලා තදා.
Sinhala BJT11. යම් කලෙක බුදුහු නිදාන සහිත කොට බුදුගුණ ප්‍රකාශ කළසේක් ද එකල්හි අනූකෙළදහසක් රහත්හු රැස්වූහ.
Pali BJT12. යදා වෙරොචනො නාගො දානං දදාති සත්ථුනො තදා සමිංසු ජිනපුත්තා අසීතිසතසහස්සියො{1}.
Sinhala BJT12. යම් කලෙක වෙරොචන නම් නාග තෙම දන් දුන්නේ ද එකල්හි අසූලක්‍ෂයක් ශ්‍රාවකයෝ රැස්වූහ.
Pali BJT13. අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො, අන්තලික්ඛචරො ආසිං පඤ්චාභිඤ්ඤාසු පාරගූ.
Sinhala BJT13. එකල්හි මම් උග්‍රතපස් ඇති ජටිල වූයෙම් පඤ්චඅභිඥාවන්හි පරතෙරට පැමිණියෙම් අහස්හි සරනුයෙම් වීමි.
Pali BJT14. තදා’ප’හං{2} අසමසමං සසඞ්ඝං සපරිජ්ජනං අන්නපානෙන තප්පෙත්වා චන්දනෙනා’භිපූජයිං.
Sinhala BJT14. එකල්හිදු මම් සඟුන් සහිත වූ පරිජනයා (උපාසක ජනයා) සහිත වූ අසමසම වූ බුදුන් ආහාරපානයෙන් සතප්වා සඳුනෙන් පිදීමි.
Pali BJT15. සො’පි මං බුද්ධො{3} ව්යාකාසි, නාරදො ලොක නායකො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT15. ලෝකනායක වූ ඒ නාරද බුදුහු ද ‘මේ තෙම මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
Pali BJT16. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT16. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT17. අජපාලරුක්ඛමූලස්මි නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT17. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
Pali BJT18. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
Pali BJT19. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT19. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යි.
Pali BJT20. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT21. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අශ්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT22. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT22. ඛේමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන් ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබෙයි.
Pali BJT23. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරානන්දමාතා ච අග්ගා හෙස්සන්තුපට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ, උත්තරා යැ නන්‍ද මාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
Pali BJT24. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ යි දෙව්මිනිස්සු සතුටු වූවාහු–
Pali BJT25. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT26. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං. අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT27. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT27. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
Pali BJT28. එවමෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
Pali BJT29. තස්සා’පි වචනං සුත්වා භිය්යො භාවෙත්ව{1} මානසං අධිට්ඨහිං වතං උග්ගං දසපාරමිපූරියා.
Sinhala BJT29. මම් ඒ බුදුනුගේ බස් අසා මත්තෙහි සිත් වඩා දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT30. නගරං ධඤ්ඤවතී නාම සුදෙවො නාම ඛත්තියො අනොමා නාම ජනිකා නාරදස්ස මහෙසිනො.
Sinhala BJT30. මහර්ෂි වූ නාරද බුදුන්ගේ නගරය ධන්‍යවතී නම, සුදේව නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වීය, මව් තොමෝ අනෝමා නම් වූ.
Pali BJT31. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී ජිතො විජිතො විජිතා’භිරාමො{2} තයො පාසාද මුත්තමා.
Sinhala BJT31. උන් වහන්සේ නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ජිත යැ විජිත යැ විජිතාභිරාම යැ යි උතුම් වූ තුන්පහයෙක් වී.
Pali BJT32. තිචත්තාරීසසහස්සානි නාරියො සමලඞ්කතා විජිතසෙනා.{3} නාම නාරී නන්දුත්තරො නාම අත්රජො.
Sinhala BJT32. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පිරිවර ස්ත්‍රීහු වූහ, මෙහෙසි තොමෝ විජිතසේනා නමු, පුත්‍ර තෙම නන්‍දොත්තර නම් වී.
Pali BJT33. නිමිත්තෙ චතුරො දිස්වා ප සා{4} ගමනෙන නික්ඛමී සත්තාහං පධනචරියං{5}. අචරී ලොකනායකො.
Sinhala BJT33. ලෝකනායක වූ නාරද මුනිහු සතර පෙරනිමිති දැක පියගමනින් මහබිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT34. බ්රහ්මුනා යාචිතො සන්තො නාරදො ලොකනායකො වත්ති චක්කං මහාවීරො ධනඤ්ජයු’ය්යාන මුත්තමෙ.
Sinhala BJT34. මහත්වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ නාරදමුනිඳුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජ ය නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
Pali BJT35. භද්දසාලො ජිතමිත්තො අහෙසුං අග්ගසාවකා වාසෙට්ඨො නාමු’පට්ඨාකො නාරදස්ස මහෙසිනො.
Sinhala BJT35. මහර්ෂි වූ නාරදමුනිඳුනට භද්දසාල යැ ජිතමිත්‍ර යැ යි අගසවු දෙනමක් වූහ. වාසෙට්ඨ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
Pali BJT36. උත්තරා ඵග්ගුනී චෙ’ව අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො මහාසොනො’ති වුච්චති.
Sinhala BJT36. උත්තරා යැ ඵග්ගුනී යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය මහාසෝණ (මහමුරුත) යයි කියනුලැබෙයි.
Pali BJT37. උග්ගරින්දො ච වසභො ච අහෙසුං අග්ගුපට්ඨකා ඉන්දීවරී ච උන්දී ච{1} අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT37. උග්ගරින්‍ද යැ වසභ යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. ඉන්‍දීවරියැ උන්‍දී යැ යි අගඋවට දෙදෙනෙක් වූහ.
Pali BJT38. අට්ඨාසීතිරතනානි අච්චුග්ගතො මහාමුනි කඤ්චනග්ඝියසංකාසො දසසහස්සී විරොචති{2}.
Sinhala BJT38. අට අසූරියන් උස්වූ සම්බුදුහු රන්ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළ වූහ.
Pali BJT39. තස්ස ව්යාමප්පභා කායා නිද්ධාවති දිසොදිසං නිරන්තරං දිවාරත්තිං යොජනං ඵරතෙ තදා{3}.
Sinhala BJT39. එකල්හි උන් වහන්සේගේ සිරුරින් නික්මුණු ව්‍යාමප්‍රභාව දිශානුදිශාවන්හි යොදුනක් මුළුල්ලෙහි දිවරැය නිරතුරු පැතිරෙයි.
Pali BJT40. න කෙචි තෙන සමයෙන සමන්තා යොජනෙ ජනා උක්කා පදීපෙ උජ්ජාලෙන්ති{4} බුද්ධරංසෙන ඔත්ථටා.
Sinhala BJT40. එසමයෙහි හාත්පසැ යොදුනෙක්හි බුදුරැසින් වතළ කිසි ජන කෙනෙක් පහන් නො දල්වත්.
Pali BJT41. නවුතිවස්සසහස්සානි අයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT41. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් සිටුනාහු බොහෝ ජනසමූහයා (සසරකතරින්) තරණය කරවූහ.
Pali BJT42. යථා උළුහි ගගනං විචිත්තං උපසොභති තථෙ’ව සාසනං තස්ස අරහන්තෙහි සොභති.
Sinhala BJT42. යම්සේ ගුවන්තලය තාරකාවන් කරණකොට හොබනේ ද, එසෙයින් මැ උන් වහන්සේගේ සස්න රහතුන් කරණ කොට ගෙන හොබී.
Pali BJT43. සංසාරසොතං තරණාය සෙසකෙ පටිපන්තකෙ ධම්මසෙතුං දළ්හං කත්වා නිබ්බුතො සො නරාසභො.
Sinhala BJT43. නරෝත්තතම වූ ඒ බුදුහු සෙසු ප්‍රතිපන්නයන් සංසාරශ්‍රෝතස තරණය කරණ පිණිස දහම්හෙය දැඩි කොට පිරිනිවියහ.
Pali BJT44. සො’පි බුද්ධො අසමසමො තෙ’පි ඛීණාසවා අතුලතෙජා සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT44. අසමසම වූ ඒ බුදුහු ද අතුල්‍ය වූ තේජස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද යන එහැම අතුරුදහන් විය හැම සකරහු සිස්වූවාහු නො ද?
Pali BJT45. නාරදො ජිනවසභො නිබ්බුතො සුදස්සනෙ පුරෙ තත්ථෙ’ව ජිනථූපවරො චතුයොජන’මුග්ගතො’ති.
Sinhala BJT45. ජිනෝත්තම වූ නාරදමුනිහු සුදර්‍ශන පුරයෙහි පිරිනිවියහ. එහි මැ උතුම් වූ ජිනස්තූපය සිව්යොත්නෙක් උස් වූයේ යි.
Pali BJTනාරද බුද්ධවංසො නවමො.
Sinhala BJTනවවැනි නාරද බුද්ධවංශ යි.
Pali BJT10. පදුමුත්තර බුද්ධවංසො
Sinhala BJT10. පදුමුත්තර බුද්ධවංශය
Pali BJT1. නාරදස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො{1} පදුමුත්තරො නාම ජිනො අක්ඛොභො{2} සාගරූපමො.
Sinhala BJT1. නාරද නම් සම්මාසම්බුදුනට මෑතභාගයෙහි අකම්ප්‍ය වූ සාගරයට බඳු උපමා ඇති පියුමතුරා නම් ද්විපදෝත්තම සම්මාසම්බුදුහු (ලොව පහළ වූහ.)
Pali BJT2. මණ්ඩකප්පො’ව සො ආසි යම්හි බුද්ධො{3} අජායථ උස්සන්තකුසලා ජනතා තම්හි කප්පෙ{4} අජායථ.
Sinhala BJT2. යම් කපෙක පියුමතුරා සම්මාසම්බුදුහු උපන්සේක් ද, හේ මණ්ඩකලපය බඳු වී යැ. එකප්හි උත්සන්න වූ කුසල් ඇති ජනසමූහය උපන.
Pali BJT3. පදුමුත්තරස්ස භගවතො පඨමෙ ධම්මදෙසනෙ කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහු.
Sinhala BJT3. පියුමතුරා බුදුන්ගේ ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමය වීය.
Pali BJT4. තතො පරම්පි වස්සන්තෙ තප්පයන්තෙ ච පාණිනො සත්තතිංසසතසහස්සානං දුතියා’භිසමයො අහූ.
Sinhala BJT4. එයින් මෑතභාගයෙහිදු ප්‍රාණීන් පිණවන වර්‍ෂාඍතුහුගේ අන්තයෙහි සත්තිස් ලක්‍ෂයක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
Pali BJT5. යම්හි කාලෙ මහාවීරො ආනන්දං උපසඞ්කමි පිතුසන්තිකමුපාගන්ත්වා අහනි{5} අමතදුන්දුභිං.
Sinhala BJT5. යම් කලෙක මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු ආනන්‍ද නම් වූ පියමඟරජුන් කරා එළැඹිසේක් ද, එකල්හි පියරජුන් කරා පැමිණ අමා බෙර පහළහ.
Pali BJT6. ආහතෙ{6} අමතභෙරිම්හි{7} වස්සන්තෙ ධම්මවුට්ඨියා{8} පඤ්ඤාසසතසහස්සානං තතියා’භිසමයො අහු.
Sinhala BJT6. අමාබෙර පහළ කල්හි දහම්වැසි වස්නා කල්හි පනස්ලක්‍ෂයක් ප්‍රාණීන්ට තෘතීයාභිසමය වී.
Pali BJT7. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT7. හැම සත්නට සරණශීලාදීන් අවවාද කරන සිව්සස් අවබෝධ කරන චතුරෝඝ තරණය කරවන දේශනායෙහි නිපුණ වූ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තරණය කරවූසේක.
Pali BJT8. සන්නිපාතා තයො ආසුං පදුමුත්තරස්ස සත්ථුනො කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො.
Sinhala BJT8. පියුමතුරා බුදුන්ට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
Pali BJT9. යදා බුද්ධො අසමසමො වසී වෙහාරපබ්බතෙ නවුතිකොටිසහස්සානං දුතියො ආසි සමාගමො.
Sinhala BJT9. යම් කලෙකැ අසමසම වූ බුදුහු වේභාරපර්‍වතයෙහි වස්වුසූසේක් ද එකල්හි අනූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
Pali BJT10. පුන චාරිකං පක්කන්තෙ ගාමනිගමරට්ඨතො අසීතිකොටිසහස්සානං තතියො ආසි සමාගමො.
Sinhala BJT10. නැවත චාරිකායෙහි නික්මුණු කල්හි ගම්නියම්ගම්දනවියෙන් නික්ම පැවිදි වූ අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
Pali BJT11. අහං තෙන සමයෙන ජටිලො නාම රට්ඨිකො සම්බුද්ධපමුඛං සඞ්ඝං සහත්තං දුස්සම’දාස’හං.
Sinhala BJT11. එසමයෙහි මම් ජටිල නම් මහරැටි වූයෙම් බුදුපාමොක්සඟනට සිවුරු සහිත උතුම් දනක් දිනිමි.
Pali BJT12. සො’පි මං බුද්ධො{1} ව්යාකාසි සඞ්ඝමජ්ඣෙ නිසීදිය සතසහස්සෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT12. ඒ පියුමතුරා සර්‍වඥයන් වහන්සේ ද සඟමැද වැඩහිඳ මේ තෙම මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
Pali BJT13. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො. පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT13. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන්, නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT14. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT14. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
Pali BJT15. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
Pali BJT16. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT16. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක් මුල්හි හිඳ බුදු වන්නේ යි.
Pali BJT17. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT18. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT19. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගාහෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථොති පවුච්චති.
Sinhala BJT19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබෙයි.
Pali BJT20. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
Pali BJT21. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
Pali BJT22. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT23. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT24. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
Pali BJT25. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
Pali BJT26. තස්සා’පි වචනං සුත්වා උත්තරිං වතමධිට්ඨහිං අකාසි’මුග්ගං දළ්හධීතිං දසපාරමිපූරියා.
Sinhala BJT26. මම් ඒ බුදුනුදුගේ බස් අසා මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි, දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
Pali BJT27. ව්යාහතා{1} තිත්ථියා සබ්බෙ විමනා දුම්මනා තදා න තෙසං කෙචි පරිචරන්ති රට්ඨතො නිච්ඡුභන්ති තෙ.
Sinhala BJT27. එකල්හි හැම තීර්‍ත්‍ථකයෝ නසනලද මානදර්‍ප ඇත්තාහු විරූපසිත් ඇත්තාහු නො සතුටු සිත් ඇති වූහ, ඔවුනට කිසි කෙනෙක් සත්කාරාදි පිරියම් නො කෙරෙති, ඔවුන් සිය රටින් නෙරත්.
Pali BJT28. සබ්බෙ තත්ථ සමාගන්ත්වා උපගඤ්ඡුං{2} බුද්ධසන්තිකෙ තුවං නාථො මහාවීර සරණං හොහි චක්ඛුම{3}.
Sinhala BJT28. ඔහු හැම දෙන රැස් වැ ඒ බුදුන් වෙත එළැඹියාහ. පසැස්ඇති මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ ශාස්තෘ වූවහ, සරණ වුව මැනැවැ’යි. (සරණ ගියහ.)
Pali BJT29. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨහි.
Sinhala BJT29. හැම සත්නට අනුකම්පා ඇති කාරුණික වූ හිතෛෂී වූ සර්‍වඥයන් වහන්සේ පැමිණි හැම තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටි වූහ.
Pali BJT30. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි තං විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT30. මෙසේ ඒ බුදුන්ගේ සස්න තීර්‍ත්‍ථකයන් විසින් අනාකූල වූයේ සිස් වූයේ විය, වශී බවට පැමිණි තාදීගුණ ඇති රහතුන් විසින් අතිශයින් විසිතුරු වී.
Pali BJT31. නගරං හංසවතීනාම{4} ආනන්දො නාම ඛත්තියො සුජාතා නාම ජනිකා පදුමුත්තරස්ස මහෙසිනො.
Sinhala BJT31. මහර්ෂි වූ පියුමතුරා බුදුන්ගේ නගරය හංසවතී නම, ආනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ, මව් තොමෝ සුජාතා නම් වූ.
Pali BJT32. දස{5}වස්සසහස්සානි අගාරමජ්ඣසො වසී නරවාහනො යසො වසවත්තී තයො පාසාදමුත්තමා.
Sinhala BJT32. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට නරවාහන යැ යස යැ වසවත්ති යැ යි උතුම් තුන්පහයෙක් වී.
Pali BJT33. තිචත්තාරීසසහස්සානි නාරියො සමලඞ්කතා වසුදත්තා නාම නාරී උත්තරො නාම අත්රජො.
Sinhala BJT33. මොනවට සරහනලද පරිවාරස්ත්‍රීහු තෙසාළිස්දහසක් වූහ, මෙහෙසි තොමෝ වසුදත්තා නම් වූ, පුත්‍ර තෙම උත්තර නම් වී.