Pali BJT10. පුනාපරං පුරගණො{6} දෙති දානං නරුත්තමෙ තදා නවුතිකොටීනං දුතියො ආසි සමාගමො.
Sinhala BJT10. යළි පුරගණයා නරෝත්තම වූ බුදුනට දන් දින. එකල්හි අනූකෙළක් ප්‍රාණීන්ට ද්විතීය ධර්‍මාභිසමය වී.
Pali BJT11. දෙවලොකෙ වසිත්වාන යදා ඔරොහතී ජිනො තදා අසීතිකොටීනං තතියො ආසි සමාගමො.
Sinhala BJT11. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු දෙව්ලොව්හි වැස අවතීර්‍ණ වූහු ද එකල්හි අසූකෙළක් ප්‍රාණීන්ට තෘතීය ධර්‍මාභිසමය වී.
Pali BJT12. අහං තෙන සමයෙන සුජාතො නාම බ්රාහ්මණො තදා සසාවකං බුද්ධං අන්නපානෙන තප්පයිං.
Sinhala BJT12. එසමයෙහි මම් සුජාත නම් බ්‍රාහ්මණ වීමි. එකල්හි සභුන් සහිත බුදුන් ආහාරපානයෙන් සැතැපීමි.
Pali BJT13. සො’පි මං බුද්ධො ව්යාකාසි{1} සොභිතො ලොකනායකො අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT13. ලෝකනායක වූ ඒ සෝභිත නම් සම්මාසම්බුදුහු ද, ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්සේක.
Pali BJT14. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT15. අජපාරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT15. තථාගත තෙමේ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
Pali BJT16. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT16. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
Pali BJT17. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT17. ඉක්බිති ඒ මහායශස් ඇති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
Pali BJT18. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති, පිතා සුද්ධොදනො නාම, අයං හෙස්සති ගොතමො.
Sinhala BJT18. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
Pali BJT19. කොලිතො උපතිස්සො ච, අග්ගා හෙස්සන්ති සාවකා, ආනන්දො නාමු’ පට්ඨාකො, උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කෙරෙයි.
Pali BJT20. ඛෙමා උප්පලවණ්ණා ච, අග්ගා හෙස්සන්ති සාවිකා, බොධි තස්ස භගවතො, අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබේ.
Pali BJT21. චිත්තො ච හත්ථාළවකො, අග්ගා හෙස්සන්තු’ පට්ඨකා, උත්තරා නන්දමාතා ච, අග්ගා හෙස්සන්තු’ පට්ඨිකා, ආයු වස්ස සතං තස්ස, ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුනට වර්‍ෂ සියයෙක් ආයු වෙයි.
Pali BJT22. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.
Pali BJT23. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දස සහස්සී සදෙවකා.
Sinhala BJT23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
Pali BJT24. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT24. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT25. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද –
Pali BJT26. එව’මෙව මයං සබ්බෙ යදිමුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
Pali BJT27. තස්සා’පි වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො තමෙවත්ථමනුප්පත්තියා උග්ගං ධිතිමකාසහං.
Sinhala BJT27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුටු වූයෙම් සංවේගයට පත් සිත් ඇතියෙම් එ මැ අර්‍ත්‍ථයට පැමිණෙනු පිණිස දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
Pali BJT28. සුධම්මං නාම නගරං සුධම්මො නාම ඛත්තියො සුධම්මා නාම ජනිකා සොභිතස්ස මහෙසිනො.
Sinhala BJT28. මහර්ෂි වූ සෝභිත නම් බුදුන්ගේ නගරය සුධර්‍ම නම, පිය වූ ක්‍ෂත්‍රිය තෙම සුධර්‍ම නම, මව් තොමෝ සුධර්‍මා නමු.
Pali BJT29. නවවස්සසහස්සානි අගාරමජ්ඣසො වසී කුමුදො කලීරො{1} පදුමො තයො පාසාදමුත්තමා.
Sinhala BJT29. ඒ සෝභිත නම් බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට කුමුද යැ කලීර යැ පදුම යැ යි උතුම් තුන් පහයෙක් වී.
Pali BJT30. සත්තති සහස්සානි{2} නාරියො සමලඞ්කතා මඛීලා{3} නාම සා නාරී සීහො නාමා’සි අත්රජො.
Sinhala BJT30. මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු සැත්තෑදහසක් වූහ. ඒ මඛිලා නම් ස්ත්‍රිය අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සීහ නම් වී.
Pali BJT31. නිමිත්තෙ චතුරො දිස්වා පාසාදෙනා’භි නික්ඛමි සත්තා’හං පධානාචාරං චරිත්වා පුරිසුත්තමො බුජ්ඣමානො ච සො බුද්ධො නාගමූලෙ අබුජ්ඣථ.
Sinhala BJT31. පුරුෂෝත්තම වූ සෝභිත බෝසත් සතර පෙරනිමිති දැක පහයෙන් අභිනිෂ්ක්‍රමණය කෙළේ යැ. ප්‍රධානචාරය සතියෙකි. ඒ බුදුහු සත්‍යාවබෝධ කරන්නාහු නාගවෘක්‍ෂමූලයෙහි බුදු වූහ.
Pali BJT32. බ්රහ්මුනා යාචිතො සන්තො සොභිතො ලොකනායකො වත්ති චක්කං මහාවීරො සුධමමුය්යානමුත්තමෙ.
Sinhala BJT32. මහත් වූ වීර්‍ය්‍යය ඇති සෝභිත නම් සම්මාසම්බුදුහු බඹහු විසින් අයදනාලදහු උතුම් වූ සුධර්‍ම නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT33. අසමො ච සුනෙත්තො ච අහෙසුං අග්ගසාවකා අනොමො{4} නාමු පට්ඨාකො සොභිතස්ස මහෙසිනො නකුලා ච සුජාතා ච අහෙසුං අග්ගසාවිකා.
Sinhala BJT33. මහර්ෂි වූ සෝභිත බුදුනට අසම යැ සුනෙත්ත යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. අනෝම නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ. නකුලා යැ සුජාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ.
Pali BJT34. රම්මො චෙව සුදත්තො ච අහෙසුං අග්ගුපට්ඨකා නකුලා චෙව චිත්තා ච අහෙසුං අග්ගුපට්ඨිකා.
Sinhala BJT34. රම්ම යැ සුදත්ත යැ යන දෙදෙන අගඋවටු වූහ. නකුලා යැ චිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
Pali BJT35. අට්ඨපඤ්ඤාස රතනං අච්චුග්ගතො මහාමුනි ඔභාසෙති දිසා සබ්බා සතරංසී’ව උග්ගතො.
Sinhala BJT35. අටපනස්රියන් උස්වූ සෝභිත මහමුනිහු උදා වූ දිවයුරු සෙයින් හැම දික් බැබැළවූහ.
Pali BJT36. යථා සුඵුල්ලං පවනං නානා ගන්ධෙහි ධූපිතං තථෙව තස්ස පාවචනං සීලගන්ධෙහි ධූපිතං.
Sinhala BJT36. යම්සේ සුපිපි මහවනය නොයෙක් සුවඳින් සුවඳ කරන ලද ද එසෙයින් මැ උන් වහන්සේගේ සස්න සිල්සුවඳින් සුවඳ කරනලද.
Pali BJT37. යථාපි සාගරො නාම දස්සනෙන අතප්පියො තථෙ’ව තස්ස පාවචනං සවණෙන අතප්පියං.
Sinhala BJT37. යම්සේ සාගරය නම් දර්‍ශනයෙන් අතෘප්තිජනක වේ ද, එසෙයින් මැ ඔබගේ සස්න ශ්‍රවණයෙන් අතෘප්තිජනක වී.
Pali BJT38. නවුතිවස්සසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT38. එකල්හි අනූදහසක් හවුරුද්දට ආයු විය. එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනතාව සසරකතරින් එතෙර කරවූහ.
Pali BJT39. ඔවාදං අනුසිට්ඨිඤ්ච දත්වාන සෙසකෙ ජනෙ හූතාසනොව තාපෙත්වා නිබ්බුතො සො ස සාවකො.
Sinhala BJT39. ඒ බුදුහු සෙසු ජනයන්ට අවවාද අනුශාසනා කොට ගින්නක් සෙයින් තෙද ගන්වා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
Pali BJT40. සො ච බුද්ධො අසමසමො තෙ’ච{1} සාවකා බලප්පත්තා සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT40. අසමසම වූ ඒ බුදුහු ද බලප්‍රාප්ත වූ ඒ ශ්‍රාවකයෝ ද යන එ හැම අතුරුදහන් වූහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
Pali BJT41. සොභිතො වරසම්බුද්ධො සීහාරාමම්හි නිබ්බුතො ධාතු විත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො’ති.
Sinhala BJT41. සෝභිත නම් වූ උතුම් සම්බුද්ධයන් වහන්සේ සිංහාරාමයෙහි පිරිනිවිසේක. ඒ ඒ පෙදෙස්හි උන් වහන්සේගේ ධාතුහු විසුරුණහ.
Pali BJTසොභිත බුද්ධවංසො ඡට්ඨො.
Sinhala BJTසවැනි සෝභිත බුද්ධවංශ යි.
Pali BJT7. අනොමදස්සී බුද්ධවංසො
Sinhala BJT7. අනෝමදස්සී බුද්ධවංශය
Pali BJT1. සොභිතස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො අනොමදස්සී අමිතයසො තෙජස්සී{1} දුරතික්කමො.
Sinhala BJT1. සෝභිත නම් බුදුන්ට මෑතභාගයෙහි අපමණ වූ යසපිරිවර ඇති ශීලසමාධිප්‍රඥාතේජස් ඇති, කිසිවක්හු විසින් ඉක්මවිය නොහැකි ද්විපදෝත්තම වූ අනෝමදස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වූ සේක.
Pali BJT2. සො ඡෙත්වා බන්ධනං සබ්බං විද්ධංසෙත්වා තයො භවෙ අනිවත්ති ගමනං මග්ගං දෙසෙසි දෙවමානුසෙ.
Sinhala BJT2. ඒ බුදුහු සියලු සංයෝජනයන් සිඳ තුන් භවය වනසා දෙවිමිනිසුන්ට නිවනට යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය දෙසූහ.
Pali BJT3. සාගරො’ව අසඞ්ඛොභො{2} පබ්බතො’ව දුරාසදො ආකාසො’ව අනන්තො සො සාලරාජාව ඵුල්ලිතො.
Sinhala BJT3. ඒ අනෝමදස්සී බුදුහු මහසයුර සෙයින් නො කළඹාලියහැකි වූහ. පර්‍වතයක්හු සෙයින් නො ගැටියහැකි වූහ. ආකාශය සෙයින් අනන්තයහ. සුපිපි සල්රුකක් සෙයින් සෝභමාන වූහ.
Pali BJT4. දස්සනෙන’පි තං බුද්ධං තොසිතා හොන්ති පාණිනො ව්යාහරන්තං ගිරං සුත්වා අමතං පාපුණන්ති තෙ.
Sinhala BJT4. ප්‍රාණීහු ඒ බුදුන් දර්‍ශනයෙන් මැ සතුටු වෙති. ඔව්හු දේශනා කරන දහම් අසා නිවණට පැමිණෙති.
Pali BJT5. ධම්මාභිසමයො තස්ස ඉද්ධො ඵීතො තදා අහු කොටිසතානි අභිසමිංසු පඨමෙ ධම්මදෙසනෙ.
Sinhala BJT5. එකල්හි ඔබගේ ධර්‍මාභිසමය සමෘද්ධ වූයේ බොහෝ ජනයාට හිත විසින් පරිපූර්‍ණ වී. ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළසියක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
Pali BJT6. තතො පරම්හි සමයෙ{3} වස්සන්තෙ ධම්මවුට්ඨියො අසීතිකොටියො අභිසමිංසු දුතියෙ ධම්මදෙසනෙ.
Sinhala BJT6. එයින් මෑතභාගයෙහි දෙවැනි ධර්‍මදේශනායෙහි (බුද්ධමහාමේඝය) දහම්වැසි වස්නා කල්හි අසූකෙළක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
Pali BJT7. තතො පරම්පි වස්සන්තෙ තප්පයන්තෙ ච පාණිනං අට්ඨසත්තතිකොටීනං තතියා’භිසමයො අහු.
Sinhala BJT7. එයින් මෑතභාගයෙහිදු (දහම්වැසිදහර) වස්නා කල්හි (දහම්අමාවැස්සෙන්) සත්ත්‍වයන් පිනවන කල්හි අටසැත්තැකෙළක් ප්‍රාණීන්ට තෘතීයධර්‍මාභිසමය වී.
Pali BJT8. සන්නිපාතා තයො ආසුං තස්සාපි ච මහෙසිනො අභිඤ්ඤා බලප්පත්තානං පුප්ඵිතානං විමුත්තියා.
Sinhala BJT8. මහර්ෂි වූ ඒ අනෝමදස්සී බුදුන්ට ද ෂඩභිඥා බලයට පැමිණි අර්‍හත්ඵලවිමුක්තියෙන් සුපුෂ්පිත (ශෝභාවට පැමිණි) වූ ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
Pali BJT9. අට්ඨසතසහස්සානං සන්නිපාතො තදා අහු පහීනමදමොහානං සන්තචිත්තාන{4} තාදිනං.
Sinhala BJT9. එකල්හි ප්‍රහීණ වූ මදමොහ ඇති ශාන්ත වූ සිත් ඇති තාදී ගුණ ඇති අට ලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී.
Pali BJT10. සත්තසතසහස්සානං දුතියො ආසි සමාගමො අනඞ්ගණානං විරජානං උපසන්තාන තාදිනං.
Sinhala BJT10. කෙලෙස් අඞ්ගණ රහිත වූ විගත වූ කෙලෙස්රජස් ඇති උපශාන්ත වූ තාදීගුණ ඇති සත් ලක්‍ෂයක් රහතුන්ගේ දෙවැනි සන්නිපාතය වී.
Pali BJT11. ඡන්නං සතසහස්සානං තතියො ආසි සමාගමො අභිඤ්ඤාබලප්පත්තානං{1} නිබ්බුතානං තපස්සිනං.
Sinhala BJT11. ෂඩභිඥාබලයට පැමිණි ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත තපස් ඇති ස ලක්‍ෂයක් ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් වැනි ශ්‍රාවකසන්නිපාතය වී.
Pali BJT12. අහං තෙන සමයෙන යක්ඛො ආසිං මහිද්ධිකො නෙකානං යක්ඛකොටීනං වසවතතීමහිස්සරො.{2}
Sinhala BJT12. එසමයෙහි මම් නොයෙක් කෙළගණන් යක්‍ෂයන් වසයෙහි පවත්වන මහේශ්වර වූ මහත් ඍද්ධි ඇති යක්‍ෂසෙනාධිපති වීමි.
Pali BJT13. තදා’පි තං බුද්ධවරං උපගන්ත්වා මහෙසිනං අන්නපානෙන තප්පෙසිං සසඞ්ඝං ලොකනායකං.
Sinhala BJT13. එකල්හි දු මහර්ෂි වූ ඒ උත්තම සම්බුද්ධයන් කරා එළැඹ සඟුන් සහිත, ලෝකනායකයන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
Pali BJT14. සො’පි මං තදා ව්යාකාසි{3} විසුද්ධනයනො මුනි අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො{4} භවිස්සති.
Sinhala BJT14. එකල්හි ඒ විශුද්ධ වූ ඇස් ඇති බුදුහු ‘මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
Pali BJT15. අහු කපිලව්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT15. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT16. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT16. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
Pali BJT17. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT17. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතුබෝරුක වෙත එළැඹෙයි.
Pali BJT18. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT18. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතු බෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
Pali BJT19. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT19. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT20. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමු’පට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT20. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන (අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ පස්මරුන් දිනූ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
Pali BJT21. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT21. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
Pali BJT22. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා. ආයු වස්සසතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT22. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT23. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT23. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
Pali BJT24. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොටෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT24. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
Pali BJT25. යදි’මස්ස ලොකනාථස්ස විරජ්ඣිස්සාම සාසනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT25. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
Pali BJT26. යථා මනුස්සා නදිං තරන්තා පටිතිත්ථං විරජ්ඣිය හෙට්ඨා තිත්ථෙ ගහෙත්වාන උත්තරන්ති මහානදිං.
Sinhala BJT26. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟතරණය කෙරෙත් ද–
Pali BJT27. එව’මෙව මයං සබ්බෙ යදි මුඤ්චාමි’මං ජිනං අනාගතම්හි අද්ධානෙ හෙස්සාම සම්මුඛා ඉමං.
Sinhala BJT27. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
Pali BJT28. තස්සා’පි වචනං සුත්වා හට්ඨො සංවිග්ගමානසො උත්තරිං වත මධිට්ඨාසිං දස පාරමිපූරියා.
Sinhala BJT28. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
Pali BJT29. නගරං චන්දවතී{1} නාම යසවා නාම ඛත්තියො මාතා යසොධරා නාම අනොමදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT29. අනෝමදස්සී බුදුන්ගේ නගරය චන්‍ද්‍රවතී නම් වී යැ. යසවත් නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය. මව් තොමෝ යශෝධරා නමු.
Pali BJT30. දස වස්සසහස්සානි අගාරමජ්ඣසො වසී සිරි උපසිරිසිරිවඩ්ඪො තයො පාසාද මුත්තමා.
Sinhala BJT30. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සිරි යැ උපසිරි යැ සිරිවඩ්ඪ යැ යි උතුම් ප්‍රාසාද තුනෙක් වී.
Pali BJT31. තෙවීසතිසහස්සානි නාරියො සමලඞ්කතා සිරිමා නාම නාරී ච උපවානො{2} නාම අත්රජො.
Sinhala BJT31. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සිරිමා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම උපවාන නම් වී.
Pali BJT32. නිමිත්තෙ චතුරො දිස්වා සිවිකායා’භිනික්ඛමි අනූනදසමාසානි පධානං පදහී ජිනො.
Sinhala BJT32. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක සිවිගෙයෙකින් මහබිනික්මන් කළහ. පුරා දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
Pali BJT33. බ්රහ්මුනා යාචිතො සන්තො අනොමදස්සී මහාමුනි වත්තිවක්කං මහාවීරො උය්යානෙ සො සුදස්සනෙ.
Sinhala BJT33. ඒ මහත්වීර්‍ය්‍ය ඇති අනෝමදස්සී නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු සුදර්‍ශන නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
Pali BJT34. නිසභො ච{1} අනොමො{2} ච අහෙසුං අග්ගසාවකා වරුණො නාමු’පට්ඨාකො අනොමදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT34. අනෝමදස්සී නම් බුදුන්ට නිසභ යැ අනෝම යැ යන දෙදෙන අගසවු වූහ. වරුණ නම් තෙර කෙනෙක් අග උවටු වූහ.
Pali BJT35. සුන්දරී{3} ච සුමනා ච අහෙසුං අග්ගසාවිකා බොධි තස්ස භගවතො අජ්ජුනො’ති පවුච්චති.
Sinhala BJT35. සුන්‍දරී යැ සුමනා යැ යන අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය අර්ජුන (කුඹුක්) යයි කියනුලැබෙයි.
Pali BJT36. නන්දිවඩ්ඪො සිරිවඩ්ඪො අහෙසුං අග්ගු’පට්ඨකා උප්පලා චෙව පදුමා ච අහෙසුං අග්ගු’පට්ඨිකා.
Sinhala BJT36. නන්‍දිවඩ්ඨ යැ සිරිවඩ්ඨ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. උත්පලා යැ පද්මා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
Pali BJT37. අට්ඨපඤ්ඤාස රතනං අච්චුග්ගතො මහාමුනි පභා නිද්ධාවති තස්ස සතරංසී’ව උග්ගතො.
Sinhala BJT37. ඒ සම්මාසම්බුදුහු අටපනස්රියන් උස වූවහ, උදාවූ සූර්‍ය්‍යයා සෙයින් උන් වහන්සේගේ කැලුම් නික්ම යෙයි.
Pali BJT38. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ අනෝමදස්සී බුදුහු එතෙක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
Pali BJT39. සුපුප්ඵිතං පාවචනං අරහන්තෙහි තාදිහි වීතරාගෙහි විමලෙහි සොභිත්ථ ජිනසාසනං.
Sinhala BJT39. පහවූ රාග ඇති විගත රාගාදි මල ඇති තාදීගුණ ඇති රහතුන් කරණ කොට ගෙන සුපුෂ්පිත ප්‍රවචන ඇති බුදුසස්න බැබැළී.
Pali BJT40. සො ච සත්ථා අමිතයසො යුගානි තානි{4} අතුලියානි සබ්බං සමන්තරහිතං නනු රිත්තා සබ්බසඞ්ඛාරා.
Sinhala BJT40. අප්‍රමාණ යසස් ඇති ඒ ශාස්තෲහු ද ඒ අතුල්‍ය වූ ශ්‍රාවකයුගලයෝ ද යන සියල්ල අතුරුදහන් විය හැම සංස්කාරයෝ සිස් වූවාහු නො?
Pali BJT41. අනොමදස්සී ජිනො සත්ථා ධම්මාරාමම්හි නිබ්බුතො තත්ථෙ’ව තස්ස ජිනථූපො උබ්බෙධො පඤ්චවීසතී’ති.
Sinhala BJT41. පස්මරුන් දිනූ අනෝමදස්සී බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. එහි මැ ඒ බුදුන්ගේ ස්තූපය පස්විසියොත්නෙක් උස් වූයේ යි.
Pali BJTඅනොමදස්සී බුද්ධවංසො සත්තමො.
Sinhala BJTසත් වැනි අනෝමදස්සී බුද්ධවංශ යි.
Pali BJT8. පදුම බුද්ධවංසො
Sinhala BJT8. පදුම බුද්ධවංශය
Pali BJT1. අනොම දස්සිස්ස අපරෙන සම්බුද්ධො දිපදුත්තමො පදුමො නාම නාමෙන අසමො අප්පටිපුග්ගලො.
Sinhala BJT1. ඒ අනෝමදස්සී බුදුන්ට මෑතභාගයෙහි නමින් ‘පදුම’ නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
Pali BJT2. තස්සා’පි අසමං සීලං සමාධි’පි අනන්තකො අසඞ්ඛෙය්යං ඤාණවරං විමුත්ති ච අනූපමා.
Sinhala BJT2. ඒ බුදුන්ගේ ද ශීලය අසම යැ සමාධිය ද අනන්ත යැ උතුම් වූ (අසාධාරණ) ඥානය ද අප්‍රමේය යැ අර්‍හත්ඵලවිමුත්තිය ද අනුපම වේ.
Pali BJT3. තස්සා’පි අතුලතෙජස්ස ධම්මචක්කප්පවත්තනෙ අභිසමයා තයො ආසුං මහාතමපවාහනා.
Sinhala BJT3. අතුල්‍ය වූ තේජස් ඇති ඒ පදුම බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි මහත් වූ මොහඳුරු වනසන අභිසමයයෝ තිදෙනෙක් වූහ.
Pali BJT4. පඨමාභිසමයෙ බුද්ධො කොටිසතමබොධයී දුතියාභිසමයෙ ධීරො නවුතිකොටිමබොධයී.
Sinhala BJT4. ධීර වූ සම්බුදුහු ප්‍රථමාභිසමයයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කළහ. ද්විතීයාභිසමයයෙහි අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කළහ.
Pali BJT5. යදා ච පදුමො බුද්ධො ඔවදී සකම’ත්රජං තදා අසීතිකොටීනං තතියා’භිසමයො අහු.
Sinhala BJT5. යම් කලෙක පදුම බුදුහු ස්වකීය පුතණුවන්ට ඔවා දුන්සේක් ද එකල්හි අසූකෙළක් සත්නට තෘතීයාභිසමය වී.
Pali BJT6. සන්නිපාතා තයො ආසුං පදුමස්ස මහෙසිනො, කොටිසතසහස්සානං පඨමො ආසි සමාගමො.
Sinhala BJT6. මහර්ෂි වූ පදුම බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෙළසුවහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
Pali BJT7. කඨින{1}ත්ථාරසමයෙ උප්පන්නෙ කඨින{1}චීවරෙ ධම්මසෙනාපත’ත්ථාය{2} භික්ඛු සිබ්බිංසු චීවරං.{3}
Sinhala BJT7. කෙළින්සිවුරු (කඨින) අතුරන සමයෙහි කෙළින්සිවුරක් උපන් කල්හි දම්සෙනෙවි සාල තෙරුන් පිණිස මහණහු සිවුර මැසූහ.
Pali BJT8. තදා තෙ විමලා භික්ඛු ඡළභිඤ්ඤා මහිද්ධිකා තීණි සතසහස්සානි සමිංසු අපරාජිතා.
Sinhala BJT8. එකල්හි ඒ විගත රාගාදි මල ඇති ෂඩ්භිඥා ඇති මහත් ඍද්ධි ඇති අපරාජිත වූ තුන් ලක්‍ෂයක් මහණහු රැස්වූහ.
Pali BJT9. පුනාපරං සො නරාසභො{4} පවනෙ වාසං උපාගතො{5} තදා සමාගමො ආසා ද්වින්නං සතසහස්සානං{6}.
Sinhala BJT9. යළි මෑතභාගයෙහි ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුහු මහවනයෙහි වාසයට පැමිණියහ. එකල්හි දෙලක්‍ෂයක් රහතුන්ගේ සමාගමය වී.
Pali BJT10. අහං තෙන සමයෙන සීහො ආසිං මිගාධිභූ{7} පවිවෙකමනුබ්රූහන්තං පවනෙ අද්දසං ජිනං{8}.
Sinhala BJT10. එසමයෙහි මම් මෘගාධිපති සිංහරාජයෙක් වූයෙමි. මහවෙනෙහි නිරොධසමාපත්තියට සමවන් බුදුන් දුටුයෙමි.
Pali BJT11. වන්දිත්වා සිරසා පාදෙ කත්වාන තං පදක්ඛිණං තික්ඛත්තුං අභිනාදිත්වා. සත්තාහං ජිනමුපට්ඨහිං{9}.
Sinhala BJT11. (උන් වහන්සේගේ) පාසඟළ මුදුනින් වැඳ ඒ බුදුන් පැදකුණු කොට තුන් යලක් සිංහනාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කෙළෙමි.
Pali BJT12. සත්තාහං වරසමාපත්තියා උට්ඨහිත්වා තථාගතො මනසා චින්තයිත්වාන කොටිභික්ඛු සමානයී.
Sinhala BJT12. තථාගතයන් වහන්සේ සත්දින උතුම් සමවතින් නැඟී (මෙහි පැමිණෙත්වයි) සිතින් සිතා කෝටියක් භික්‍ෂූන් රැස්කළහ.
Pali BJT13. තදාපි සො මහාවීරො තෙසං මජ්ඣෙ වියාකරී අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT13. එකල්හිදු ඒ මහත්වීර්‍ය්‍ය ඇති සම්බුදුහු ඒ භික්‍ෂූන් මධ්‍යයෙහි ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’යි ප්‍රකාශ කළසේක.
Pali BJT14. අහු කපිලම්හයා රම්මා නික්ඛමිත්වා තථාගතො පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං.
Sinhala BJT14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
Pali BJT15. අජපාලරුක්ඛමූලස්මිං නිසීදිත්වා තථාගතො තත්ථ පායාසමග්ගය්හ නෙරඤ්ජරමුපෙහිති.
Sinhala BJT15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
Pali BJT16. නෙරඤ්ජරාය තීරම්හි පායාසං ආදාය සො ජිනො පටියත්තවරමග්ගෙන බොධිමූලම්හි එහිති.
Sinhala BJT16. ඒ පස්මරුන් දිනූ මහසත් නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
Pali BJT17. තතො පදක්ඛිණං කත්වා බොධිමණ්ඩං අනුත්තරො අස්සත්ථරුක්ඛමූලම්හි බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT17. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඬ පැදකුණු කොට ඇසතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
Pali BJT18. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT18. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ’ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
Pali BJT19. කොලිතො උපතිස්සො ච අග්ගා හෙස්සන්ති සාවකා ආනන්දො නාමුපට්ඨාකො උපට්ඨිස්සති තං ජිනං.
Sinhala BJT19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
Pali BJT20. ඛෙමා උප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා බොධි තස්ස භගවතො අස්සත්ථො’ති පවුච්චති.
Sinhala BJT20. බෙමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
Pali BJT21. චිත්තො ච හත්ථාළවකො අග්ගා හෙස්සන්තු’පට්ඨකා උත්තරා නන්දමාතා ච අග්ගා හෙස්සන්තු’පට්ඨිකා ආයු වස්ස සතං තස්ස ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
Pali BJT22. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො ආමොදිතා නරමරූ බුද්ධබීජඞ්කුරො අයං.
Sinhala BJT22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
Pali BJT23. උක්කුට්ඨිසද්දං වත්තෙන්ති අප්ඵොඨෙන්ති හසන්ති ච කතඤ්ජලී නමස්සන්ති දසසහස්සී සදෙවකා.
Sinhala BJT23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.